කතෝලික පාත් ෆයින්ඩර් ලා ගෙන ආ ත්‍රිපිටක ඊනියා සංරක්ෂණ පනතට පක්ෂ අයවලුන්ගේ චීවර අතර අධර්මවාදී ලබුනොරුව කොත්මලේ හිමි අරියඥාන හිමි අසපු පූජක ජූඩ් කබ්රාල් සහ රාධ හිමි සිටින අතර සැබෑ ධර්මධර සුධීරානන්ද නායක හිමිපාණන් ඔවුන්ට ත්‍රස්තවාදියෙකි.
මොවුන් ඇත්තටම නම් මැල්කම් රංජිත් සහ එවන්ජලික පල්ලි නඩයම වේ
සසුනේ පැවැත්ම පර්යාප්ති මූලකද, නැතහොත් ප්‍රතිපත්ති මුලිකද ?
☑️සසුනේ පැවැත්ම පර්යාප්ති මූලකද, නැතහොත් ප්‍රතිපත්ති මූලකදයන්න පිළිබඳව එදා මහාවිහාරික භික්ෂුන් වහන්සේලා අතර මතභේදයක් හට ගැනුණි.
මනෝරථ පුරණි අටුවාවට අනුව මෙම සාකච්ඡාව ඇතිවූයේ “පාංශුකූලික” හා “ධර්ම කථික” යන භික්ෂුන් වහන්සේල්ලා දෙපක්ෂය අතය. එහිදී පාංශුකූලිකයෝ ශාසනය ප්‍රතිපත්ති මූලක යයිද, ධර්මකථිකයින් පර්යාප්ති මූලක යැයිද තර්ක කළහ .
☑️භික්ෂුන්ගේ මනා පැවැත්ම ඇතිතාක් කල් ලෝකය රහතුන්ගෙන් නොනැසි වන්නේයැයි “ප්‍රතිපත්තිවාදී පාංශුකූලිකයන්” තර්ක කළ අතර,
☑️”සූත්‍රාන්තය (පර්යාප්තිය) රැකෙන කල්හි ප්‍රතිපත්තිය ආරක්ෂවේ” යෑයි පර්යාප්තවාදී ධර්ම කථිකයෝ පෙන්වා දුන්හ.
☑️මේ වාදයෙන් පර්යාප්තිවාදීහු ජය ගත්හ. විදර්ශකයන් දහස් ගණනක් සිටියත්, පර්යාප්තිය නැති වුවහොත් කිසිවෙකුටත් නියම ප්‍රතිෂ්ඨාවක් ඇතිවිය නොහැකි බව අවසානයේ ප්‍රතිපත්තිවාදීහු ද පිළිගත්හ.
☑️ඒ බැවින්ම පර්යාප්ති වාදීහු වැඩි වශයෙන් ග්‍රන්ථධූරදාරිනයෝ වූහ. උන්වහන්සේලා ග්‍රාම වාසයට පුරුදු වූ ධර්ම කථිකයෝ වූහ.
ඔවුන් ත්‍රිපිටකය, හා අටුවා ආදිය කටපාඩම් කිරීමට නිතර වෙහසුනහ. උන්වහන්සේලා පර්යාප්තිය අගය කළා පමණක් නොව, එහි ආරක්ෂාව හා දියුණුව ගැනද අවධානය යොමු කළහ.
☑️මේ නිසාම බැමිණිටියාසාය පැවති වකවානුවේදී, පර්යාප්තියේ අනාගතය ගැන භාරදුර ලෙස සිතන්නට චූහ.මේ අනුව ත්‍රිපිටකය කට පාඩමින් රැකගෙන ආ භික්ෂුන් නැතිව ගියහොත් බුද්ධ ශාසනයට මහත් පාඩුවක් වන බව කල්පනා කළ පරියාප්තිවාදී භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටකය පොත්වල ලියා තැබීම ද කළේය .
පරංගි මහ හටන

ලංකා ඉතිහාසයේ හිටපු අග්‍රගණ්‍ය යුධ ශිල්පියා පළවෙනි විමලධර්මසූරිය රජතුමා. මේක ටිකක් විවාදාත්මක කතාවක් වෙන්න පුළුවන්. නමුත් අඩු ගානෙ බටහිර යටත් විජිතවාදීන් ගේ ආගමනයෙන් පස්සෙ ලංකාවෙ හිටපු අංක එකේ යුධ ශිල්පියා ඔහු බව අවිවාදාත්මකයි.
බටහිර යටත් විජිතවාදීන් ගේ (පෘතුගීසි, ඕලන්ද සහ ඉංග්‍රීසි) පැත්තෙන් බැලුවොත් අංක එකේ යුධ ශිල්පියා වුනේ කපිතන්-ජනරාල් දොන් ජෙරොනිමෝ ද අසවේදෝ.
වාසනාවට හෝ කරුමෙකට මේ දෙන්න සමකාලීනයෝ. 1594 අසවේදෝ ලංකාවේ කපිතන්-ජනරාල් ධූරයේ වැඩ බාර ගත්ත දවසේ ඉඳලා 1604 විමලධර්මසූරිය රජතුමා මිය යන දවස දක්වා මේ විශිෂ්ඨ යුධ ශිල්පියො දෙන්නා ලංකාව තමාගෙ යුධ පිටිය බවට පත් කරගෙන හිටියා.
මේ දෙන්නගෙ බල අරගලය ලංකාවෙ අනාගතය තීරනය කරන ප්‍රධාන සාධකයක් වුනා. උඩරට රාජ්‍යයේ සහ සිංහලයාගේ නිදහසේ අනාගතය රඳා පැවතුනේ මේ සටනේ ප්‍රතිඵලය මත.
ඒ නිසා මේ හටන පරංගි මහ හටන කියල හැඳින්වුනාට වරදක් නෑ.
ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතම සංග්‍රාමෝපායන් වලින් යුක්ත කාල පරිච්ඡේදයක් මේක. හරියට විශිෂ්ඨ චෙස් ක්‍රීඩකයො දෙන්නෙක් ගෙ චෙස් තරගයක් වගේ.
පසුබිම
අසවේදෝ ලංකාවෙ කපිතන්-ජනරාල් ධූරයට පත්වෙන්නෙ 1594 දෙසැම්බර් 24 වෙනිදා. ඒ වෙනකොට විමලධර්මසූරිය රජතුමා උඩරට රජ වෙලා අවුරුදු දෙකක්. උඩරට ආක්‍රමනය කරපු පෘතුගීසි හමුදාවක් සමූල ඝාතනය කරල ඔහු පෘතුගීසීන් අතරේ යම් බියජනක නමක් දිනාගෙන හිටියා.
අසවේදෝ ගේ පාලනය පටන් ගන්නෙ පහතරට ප්‍රදේශයේ ඇතිවෙන සිංහල කැරළි දෙකකින්. පළවෙනි එක අකරගනේ අප්පුහාමි ගෙ. දෙවෙනි එක ඩොමින්ගෝස් කොරෙයා හෙවත් එදිරිල්ලේ රාළ ගේ. අකරගනේ අප්පුහාමි ගෙ කැරැල්ල එතරම් දරුණු එකක් නොවුනත්, එදිරිල්ලේ රාළ ගේ කැරැල්ල කොයිතරම් දරුණු වුනාද කියනව නම්, පෘතුගීසීන් කොළඹ අතහැර දැමීම ගැන පවා සලකලා බැලුව කියවෙනවා. ඇත්තෙන්ම මේ කැරැල්ලට ලංකා ඉතිහාසයේ අඩු තැනක් ලැබීම කණගාටුදායකයි.
කොහොම වුනත් 1596 වෙද්දි මේ කැරලි දෙකම මැඩපවත්වන්න අසවේදෝ සමත් වෙනවා.
මේ කාලයේදී හත් කෝරළය (කුරුණෑගල ප්‍රදේශය) සහ හතර කෝරළය (කෑගල්ල) ප්‍රදේශය) තිබ්බෙ උඩරට සහ ඍතුගීසීන් අතර දෝලනය වෙමින්. මේ ප්‍රදේශවල වැසියන් ගෙ කැමැත්ත තිබුනේ උඩරට සිංහල රජතුමාට. නමුත් උඩරට හමුදාවට මේ ප්‍රදේශ වල ස්ථිර බලයක් තිබුනේ නෑ. ඒ නිසා පෘතුගීසින් බලවත් වෙද්දි මේ ප්‍රදේශ ඔවුන්ටත්, පෘතුගීසීන් දුබල වෙද්දි මේ ප්‍රදේශ උඩරටටත් නැඹුරු වුනා.
අසවේදෝ මේ සෙල්ලමට කැමති වුනේ නෑ. ඔහු වටහා ගන්නවා ලංකාවෙ පෘතුගීසි පාලනය පවතින්න නම් හතර කෝරළය සහ හත් කෝරළය ස්ථිර ලෙස ඔවුන් යටතට පත්වෙන්න ඕනෙ කියල.
පරංගි මහ හටන ඇරඹෙන්නෙ එතනින්.
පළවෙනි අදියර
අසවේදෝ මුළු ලංකාවම යටත් කරගන්න හදනව මහා සැලසුමක්. ඒකෙ අඩිතාලම වෙන්නෙ හත් කෝරළය සහ හතර කෝරළය යටත් කිරීම. පරංගි මහ හටනෙ පළවෙනි අදියර වෙන්නෙ ඒක.
අසවේදෝ ගෙ සැලසුම වෙන්නෙ හතර කෝරළය සහ හත් කෝරළය පුරා තැන තැන මුරපොළවල් ඉඳි කිරීම සහ කැරලිකාර ගම්මාන වලට මේ මුර පොළවල් මගින් දැඩි දඬුවම් ලබාදීම. අසවේදෝ ඔහුගේ මුර පොළවල් තැනින් තැන ඉඳි කරනවා. මේ මුර පොළ වල ඔහු පෘතුගීසි සහ ලැස්කොරින් බල ඇණි රඳවලා එමගින් දැඩි මර්ධනයක් දියත් කරනවා.
විමලධර්මසූරිය රජතුමා ඉතා නිවැරදිව අසවේදෝ ගේ සැලැස්ම වටහා ගන්නවා. ඔහු තේරුම් ගන්නවා යටත් කළ පහතරටක් කියන්නෙ උඩරට ආක්‍රමනයේ අඩිතාලම කියලා. ඒ නිසා ඔහු ඊට කලින් පහතරට ආක්‍රමනය කරනවා.
විමලධර්මසූරිය රජතුමා ගේ උපාය වෙන්නෙ ජංගම යුද්ධයක්. උඩරට හමුදා සැරින් සැරේ විවිධ ප්‍රදේශ වලට පහර දෙනවා. පෘතුගීසි හමුදාව ඔවුන් හඹා එනකොට උඩරැටියෝ පැනල යනවා. නැවතත් වෙනත් තැනකට පහර දෙනවා. මේ ආකාරයට ඌව, සබරගමුව, මාතර, හත් කෝරළේ, හතර කෝරළේ යනාදී හැම ප්‍රදේශයම යුධ පිටියක් බවට පත් වෙනවා.
අන්තිමේ දී පෘතුගීසීන් හති වැටෙනවා. උඩරැටියා කියන්නෙ අල්ලගන්න බැරි ප්‍රතිවාදියෙක් කියල අසවේදො වටහා ගන්නවා. ඔහු තේරුම් ගන්නවා ඔහුගේ මුර පොළ පිහිටුවීමේ උපක්‍රමය අසාර්ථක වූ බවත්, පළවෙනි රවුමේ ජය විමලධර්මසූරිය රජතුමාට ලැබුණ බවත්.
දෙවෙනි අදියර
නමුත් අසවේදෝ කියන්නෙ “එක උපායේ අශ්වයෙක්” නෙවෙයි. ඔහු තමාට වැරදුන තැන හදාගෙන වෙනත් උපක්‍රමයක් යොදනවා.
පෘතුගීසින්ට තිබ්බ ලොකුම අවාසිය තමයි පිරිස් බලය හීන වීම. මේ කාලය වෙද්දි අසවේදෝ යටතේ හිටපු සම්පූර්ණ පෘතුගීසි සොල්දාදුවන් ගණන 900. මේ පිරිස මුරපොළ ගණනාවක් අතරේ බෙදා හැරීමෙන් උඩරැටියන්ට සංඛ්‍යාත්මක වාසියක් අත් වුනා.
දෙවෙනි අවාසිය පෘතුගීසින් ගෙ මූලස්ථානය වුන කොලඹ සටන් පැවතුන ප්‍රදේශ වලින් දුර බැහැර පැවතීම.
තුන්වෙනි අවාසිය උඩරැටියන් නැවත කඳුකරයට පළා ගිය විට ඔවුන් ලුහුබැඳ යාමට නොහැකි වීම.
අසවේදෝ මේ අවාසි නැති කරගන්න හදනවා ඉතාමත් නිර්භීත සහ අවදානම් සහගත සැලසුමක්.
ඒකෙ පළවෙනි අදියර තමයි ඔහුගේ යුධ මූලස්ථානය කොළඹින් මැණික්කඩවරට ගෙන ඒම. මැණික්කඩවර තියෙන්නෙ වර්තමාන කෑගල්ල දිස්ත්‍රික්කයේ. මුහුදෙන් බොහොම ඈත. වටලා පහරදීමකට ලක් වුනොත් කොළඹදි වගේ ගෝවෙන් මුහුදු මාර්ගය ඔස්සේ ආධාර ගන්න බෑ. නමුත් අසවේදෝ ඒ අවදානම අරගනෙ මැණික්කඩවර දැවැන්ත බලකොටුවක් හදනවා.
මැණික්කඩවර ඔහුගේ මූලස්ථානය පිහිටවූවාට පස්සෙ අසවේදෝ ඊළඟ පියරව තියනවා. උඩරැටියා ලුහු බඳින්න බැරි නිසා ඔහු කරන්නෙ උඩරැටියා කඳුකරයෙන් පහතට බහින එක වැළැක්වීම.
ඔහු හඳුනගන්නවා උඩරට හමුදාව පහතරටට එන ප්‍රධාන මාර්ග තුනක්. බලන දුර්ගය, ගලගෙදර දුර්ගය සහ ඉදල්ගස්හින්න දුර්ගය. ඊළඟට ඔහු මේ මාර්ග අවහිර වන විදිහට බලකොටු හදනවා. මේවා කළින් හදපු මුරපොළ වලට වඩා බොහොම ශක්තිමත්ව හදපු ස්ථිර ඉඳි කිරීම්.
බලන දුර්ගය අවහිර වන විදිහට අට්ටාපිටිය, ඇත්ගාලේතොට, දමුණුගස්හින්න සහ හතළිස්පව්ව යන තැන් වලත්, ගලගෙදර දුර්ගය අවහිර වෙන විදිහට අලව්ව සහ මොට්ටප්පුලිය යන තැන් වලත්, ඉදල්ගස්හින්න දුර්ගය අවහිර වෙන විදිහට බටුගෙදරත් බලකොටි හතක් ඉඳි කෙරෙනවා.
විමලධර්මසූරිය රජතුමා අසවේදෝ ගේ උපක්‍රමය කලින්ම වටහා ගන්නවා. ඔහු මේ බලකොටු ඉඳිකිරීමේ කර්මාන්තය අවහිර කරන්න පුළුවන් හැම ප්‍රයත්නයම ගන්නවා. පෘතුගීසින් බලකොටු හදන්නෙ උඩරැටියන් ගේ ප්‍රහාර මැද.
නමුත් පෘතුගීසි හමුදාව කලින් වගේ කුඩා කොටස් වලට බෙදිල නැති නිසා ඔවුන් ගේ ප්‍රධාන අවාසිය මෙවර නැති වෙනවා. ඒ නිසා කොයිතරම් දරුණු ප්‍රහාරයන් එල්ල කරත් බලකොටු හැදෙන එක නවත්වන්න උඩරැටියන්ට බැරි වෙනවා. අසවේදෝ සාර්ථකව විමලධර්මසූරිය රජතුමා ව කඳුකරයේ හිර කරනවා.
නමුත් විමලධර්මසූරිය රජතුමාත් මෝඩයෙක් නෙවෙයි. ඔහු තේරුම් ගන්නවා දෙවෙනි රවුමේ ජය අසවේදෝට ලැබුණ බව. තවදුරටත් පෘතුගීසින් ගෙ ශක්තිමත් බලකොටු වලට පහර දීල තමාගේ හමුදාව විනාශ කරගන්නෙ නැතුව ඔහු වෙනත් උපක්‍රමයක් භාවිතා කරනවා. ඒ ඔහුත් බලකොටු ඉඳි කිරීමෙන්.
විමලධර්මසූරිය රජතුමා අනුමාන කරනවා අසවේදෝ උඩරට ආක්‍රමනය කරොත් එන්නෙ බලන දුර්ගය හරහා කියල. ඒ තමයි මහනුවරට තියෙන කෙටිම පාර. ඒ නිසා ඔහු බලන දුර්ගයේ ආරක්‍ෂක උපක්‍රම තර කරනවා.
ඒ අනුව බලන සහ ඉහළ කෝට්ටේ යන ස්ථාන වල බලකොටු දෙකකුත්, බුද්ධස්සගොඩ ඉදිරි ආරක්‍ෂක මුරපොළකුත් හදනවා. නමුත් ලොකුම සහ ශක්තිමත්ම කොටුව හදන්නෙ ගනේතැන්නෙ. ගනේතැන්න කියන්නෙ මධ්‍යම කඳුකරයේ පාමුල. එතැනින් තමයි කඳුකරය පටන් ගන්නෙ.
ඊට අමතරව පෘතුගීසි බලකොටු වලට සමාන්තරව තවත් කුඩා බලකොටු පෙළකුත් හැදෙනවා.
කොහොම නමුත් විමලධර්මසූරිය රජතුමා සහ උඩරට හමුදාව කඳු කරයේ කොටු වෙනවා. දෙවෙනි අදියරේ ජය අසවේදෝ ට.
තුන්වෙනි අදියර
උඩරට හමුදාව කොටු කරාට පස්සෙ අසවේදෝ හතර කෝරළේ සහ හත් කෝරළේ යටත් කිරීම නැවත අරඹනවා. මේ සැරේ කලින් වගේ බාධා කිරීම් එන්නෙ නැති නිසා “නිදහසේ” තමාගෙ වැඩේ කරගන්න අසවේදෝ ට පුළුවන් වෙනවා.
දොන් ජෙරොනිමෝ ද අසවේදෝ කියන නම සිංහල ගැමියන් අතරේ යක්‍ෂයාට කියන තවත් නමක් විදිහට ප්‍රචලිත වෙන්නෙ මේ කාලෙ. අසවේදෝ ගෙ පෘතුගීසි හමුදාව හත් කෝරළේ සහ හතර කෝරළේ යකා නැටුව කිව්වොත් නිවැරදියි.
කැරළිකාර ගම්මාන සහමුලින්ම ගිනි බත් කෙරනවා. මිනිස්සු මරනවා. ගෑණු දූෂනය කරනවා. හරක-බාන මරල කෑමට ගන්නවා. සමහර ගම්මාන වල පළතුරු ගහක් වත් ඉතුරු කරේ නෑ කියල ඍතුගීසි ඉතිහාසඥයන් ගෙ වාර්තාවලම කියැවෙනවා. සිංහල කිරි දරුවන් උඩ විසි කරලා හෙළි තුඩ වල ඇමිණූ බවත්, ඔවුන් මර හඬ දෙද්දි “කොහොමද කුකුළන් ගෙ හැඬලීම?” කියා අසමින් අසවේදෝ විහිළු කරමින් උදම් ඇනූ බවත් කියැවෙනවා.
1600 දෙසැම්බරය වෙද්දි හත් කෝරළේ සහ හතර කෝරළේ ගැමියෝ මර්ධනයෙන් හෙම්බත් වෙලා. සිංහල ප්‍රධානීන් අසවේදෝ හමුවට ගිහිල්ලා නැවත කැරළි නොගසන බවට පොරොන්දු වීමෙන් යුද්ධයේ තුන් වෙනි අදියර නිමාවට පත් වෙනවා.
අසවේදෝ සාර්ථකව පහතරට යටත් කරනවා. විමලධර්මසූරිය රජතුමාට පුළුවන් වෙන්නෙ තමාගේ “කඳුකරයේ හිරගෙදරට” වෙලා ඒ දිහා බලාගෙන ඉන්න විතරයි.
දැන් උඩරට ආක්‍රමනය කියන්නෙ කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.
හතරවෙනි අදියර
අසවේදෝ කලබල වෙන්නෙ නෑ. ඔහු පුරා අවුරුද්දක් තිස්සේ ආක්‍රමනයට සූදානම් වෙනවා. 1602 දී පෘතුගීසි හමුදාව මැණික්කඩවරෙන් මහනුවර බලා ගමන් අරඹනවා. ඔවුන් ඉදිරි ප්‍රධාන කඳවුරක් (forward base camp) හදනවා අට්ටාපිටියේ.
මෙතැනදි මතක තියාගන්න ඕනෙ කාරනය තමයි පෘතුගීසින් උඩරට ආක්‍රමනය කරපු මාර්ගය වැටිල තිබ්බෙ වර්තමාන කොළඹ-මහනුවර මහාමාර්ගය ඔස්සේ නෙවෙයි කියල එක. ඒක තිබ්බෙ වර්තමාන කොළඹ-මහනුවර දුම්.රිය මාර්ගය ඔස්සේ කිව්වොත් වඩා නිවැරදියි.
අට්ටාපිටිය ප්‍රධාන කඳවුරේ ඉඳල ලැස්කොරින් හමුදාවක් අළුත්නුවරට යවලා ආක්‍රමනයට කටයුතු සූදානම් කරන්න අණ දෙන ගමන්, අසවේදෝ ඔහුගේ හමුදාවේ රෝගාතුර සහ තුවාල ලැබූ සොල්දාදුවන් සියළුම දෙනා බලකොටු වල රඳවලා, සියළුම නිරෝගී සෙබළු ප්‍රධාන කඳවුරට රැස් කරගන්න අණ දෙනවා.
පෘතුගීසි හමුදාව අළුත්නුවරට ළඟා වුනාට පස්සෙ ඔවුන් ට පළවෙනි බාධකය හමු වෙන්නෙ බුද්ධස්සගොඩ ඉදිරි ආරක්‍ෂක මුරපොළෙන්. අසවේදෝ ප්‍රධාන හමුදාව එක්ක අළුත්නුවර නැවතිලා කපිතන්-මේජර් සැල්වදෝර් පෙරෙයිරා ඩා සිල්වා සහ ලැස්කොරින් නායකයෙක් වන සිමාඕ පිඤ්ඤෝ යටතේ බල ඇණි දෙකක් බුද්ධස්සගොඩ මුරපොළ දෙපැත්තෙන් යවනවා. මේ වටලා කරන ප්‍රහාරයෙන් මුරපොළ පෘතුගීසින් ට යටත් වෙනවා.
මේ අතරෙ විමලධර්මසූරිය රජතුමා තමාගේ ප්‍රධාන හමුදාව ගනේතැන්න බලකොටුව ආරක්‍ෂා කරන්න යොදවනවා. ගනේතැන්න බලකොටුව තුන්පැත්තකින් ගල් ප්‍රාකාර වලිනුත්, අනිත් පැත්තෙන් කඳුකරයෙනුත් වට වෙලා තිබ්බ නිසා කලින් වගේ වටලා පහර දීමක් කරන්න පුළුවන් වෙන්නෙ නෑ. ඒ වගේම පෘතුගීසින් තමාගේ බර කාලතුවක්කු මේ ආක්‍රමනය සඳහා යොදාගත්තේත් නැති නිසා ඔවුන්ට ඉතුරු වුන එකම විකල්පය වුනේ “ෆැල්කන්” නමින් හැඳින් වුන සැහැල්ලු පිත්තල කාලතුවක්කු වලින් බලකොටුවට පහර දෙන එක.
දවස් විස්සක් පුරාවට ඍතුගීසින් ගනේතැන්න බලකොටුවට පහර දුන්නත්, බලකොටුව වැටෙන්නෙ නෑ. පෘතුගීසි හමුදාවට සෑහෙන තරම් අලාභානි සිද්ධ වෙනවා.
විසි එක් වෙනි දවසෙ, 1602 පෙබරවාරි 22 වෙනිදා ඍතුගීසින් මවිත වෙන දෙයක් සිද්ධ වෙනවා. සිංහල හමුදාව ගනේතැන්න බලකොටුව අතහැරල පසුබැහැල ගිහින්.
දැන් පෘතුගීසින්ට තියෙන්නෙ බලන දුර්ගය ඔස්සේ ඉදිරියට යන්න. ඔවුන්ට තිබ්බ ප්‍රධාන බාධාව ඉවත් වෙලා. නමුත් අසවේදෝ කලබල වෙන්නෙ නෑ. ඔහු කල්පනා කරනවා දවස් විස්සක් තිස්සේ බිඳ නොවැටුන බලකොටුව හදිසියේම අත් හරින්න උඩරැටියන් පෙළඹුනේ ඇයි කියල.
විමලධර්මසූරිය රජතුමා ට ඕන වෙන්නෙ දවස් විස්සක සටනකින් අබල-දුබල වුන පෘතුගීසි හමුදාව බලන දුර්ගය ඔස්සේ ඉදිරියට ගෙන්න ගන්න. නමුත් අසවේදෝ ඒ උගුලට අහුවෙන්නෙ නෑ. ඔහු ගනේතැන්න බලකොටුවේ කඳවුරු ලාගෙන හමුදාව නැවත සංවිධානය කරනවා.
මේ සැරේ ඔහු එක් රැස් කරන්නෙ ලංකා ඉතිහාසයේ එක් රැස් වුන විශාලතම පෘතුගීසි හමුදාව. ඒකට ඔහුට ගෝවෙනුත් සහය ලැබෙනවා. ඒ හමුදාව සමන්විත වෙන්න පෘතුගීසි සොල්දාදුවන් 1100, ඉන්දියානු ක්‍රිස්තියානින් 300 සහ ලැස්කොරින් සෙබළු 12,000 කින්. නමුත් මේ හමුදාව එකතු කර ගන්න 1602 නොවැම්බර් මාසය වෙනකං කල් මරන්න අසවේදෝ ට සිද්ධ වෙනවා.
මේ අතරතුරේ තවත් අපූරු දෙයක් සිද්ධ වෙනවා. ලැස්කොරින් නායකයෙක් වන සිමාඕ පිඤ්ඤෝ ට විමලධර්මසූරිය රජතුමාගෙන් රහසිගත ලිපියක් ලැබෙනවා. ඒකෙන් කියැවෙන්නේ අසවේදෝට එරෙහිව කුමන්ත්‍රනය කරලා හමුදාවෙන් කොටසක් එක්ක උඩරට පිළට එකතු වෙන ලෙස කරපු යෝජනාවක්. නමුත් පිඤ්ඤෝ අසවේදෝට මේක හෙළි කරනවා. අසවේදෝ උපායක් යොදනවා රජු ගේ උගුලෙ ඔහුවම පටලවන්න. ඔහු පිඤ්ඤෝ ට කියනවා මේ ගැන වැඩි දුර සාකච්ඡා කරන්න රහසිගත හමුවක් පවත්වන්න රජතුමාට ආරාධනා කරල පිළිතුරක් ලියන්න. මේ රහසිගත හමුවේදී රජතුමාව මරා දාන්නත්, එතැනදි උඩරැටියන් අතර ඇතිවෙන කලබලයෙන් ප්‍රයෝජන අරගෙන මහනුවරට කඩා වදින්නත් අසවේදෝ සැලසුම් කරනවා.
සැලසුමේ විදිහටම රහසිගත හමුව සංවිධානය කෙරෙනවා. නමුත් රජතුමා මරන්න සූදානමෙන් යන පෘතුගීසි ඝාතකයන්ට රජතුමා වෙනුවට හමුවෙන්නෙ උඩරැටියන් ගේ ඝාතක කණ්ඩායමක්. පෘතුගීසි කණ්ඩායමේ සියළුම දෙනා උඩරැටියන් අතින් මරනයට පත් වෙනවා. විමලධර්මසූරිය රජතුමා ඉඳල තියෙන්නෙ අසවේදෝ ට පියවරක් ඉදිරියෙන්.
1603 ජනවාරි මාසයේදී දැවැන්ත පෘතුගීසි හමුදාව නැවතත් ගමන් අරඹනවා.
ඔවුන්ට බලන දුර්ගයේදී හමුවෙන්නෙ උඩරට හමුදාවේ සම්පූර්න යුධ ශක්තිය. බලන සහ ඉහළ කෝට්ටේ බලකොටු දෙකට අමතරව දුර්ගය දෙපස කඳු වලත් සකස් කරපු ආරක්‍ෂක උපක්‍රම වලට මුවා වෙලා ඉඳගෙන උඩරැටියන් දුනු හී හෙල්ල කඩු වගේම අත් තුවක්කු සහ “පළඟැටියෝ” නමින් හැඳින් වුන සැහැල්ලු කාලතුවක්කු වලින් පෘතුගීසින්ට පහර දෙනවා.

පෘතුගීසින් ඉදිරියට යන්නේ හැම අඩියකටම ලේ වලින් මිල ගෙවමින්. අසවේදෝ එක සැරයක් සැල්වදෝර් පෙරෙයිරා ඩා සිල්වා යටතේ හමුදාවක් ළඟ තියෙන කඳු ගැටයකට යවනවා එතැන ඉඳන් උඩරැටියන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන්න. නමුත් ඒක සාර්ථක වෙන්නේ නෑ. තව සැරයක් සිමාඕ පිඤ්ඤෝ යටතේ හමුදාවක් සත්තු ගමන් කරන පාරක් ඔස්සේ යවනවා උඩරැටියන් ට පසුපසින් පහර දෙන්න. නමුත් ඔවුන්ටත් උඩරැටියන් ගේ ප්‍රහාර හමුවේ ආපහු එන්න සිදු වෙනවා.
මාසයක් තිස්සේ කෙරුන ඉතාමත් බිහිසුනු සටනකින් පස්සෙ පෘතුගීසින් බලන කොටුව පේන මානයට එනවා. ඔවුන් දින තුනක් තිස්සේ ෆැල්කන් කාලතුවක්කු වලින් බලන කොටුවට පහර දෙනවා. නමුත් ප්‍රතිඵලයක් අත්වෙන්නේ නෑ. මෙතැනින් ඉදිරියට යන ක්‍රමයක් අසවේදෝ ට පේන්නෙ නෑ.
මේ මොහොතේදී සිංහල ද්‍රෝහියෙක් පෘතුගීසින්ට රහසිගත මාර්ගයක් පෙන්නනවා බලන කොටුවට පසුපසින් පහර දෙන්න. අසවේදෝ ට යන්තම් පොටක් පෑදෙනවා. ඔහු සැල්වදෝර් පෙරෙයිරා යටතේ හමුදාවක් යවනවා. පසුපසෙන් එල්ල වෙන ප්‍රහාරය හමුවේ සිංහලයන් බලන කොටුව අතහැරල පසු බසිනවා.
පෘතුගීසින් ඉමහත් ප්‍රීතියට පත්වෙනවා. මාසයක ඉතාමත් අසීරු සටනකට පසුව බලන කොටුව අන්තිමේදී ඔවුන් යටතේ. මෙතැන ඉඳල මහනුවරට දුර කිලෝමීටර විසිපහක් විතරයි.

නමුත් අසවේදෝ ආයෙත් මොහොතක් කල් මරනවා. එකපාරටම අවට කඳු වල හිටපු උඩරැටියන් අතුරුදහන් වීම ගැන ඔහුට සැකයි.
ඒ මොහොතේදී තමයි විමලධර්මසූරිය රජතුමා ගෙ යුධ ශිල්පය කියන්නෙ මොන වගේ එකක් ද කියල පෘතුගීසින්ට හරියටම වැටහෙන සිදුවීම් මාලාව පටන් ගන්නෙ.
අසවේදෝ ට පණිවුඩයක් ලැබෙනවා සිංහල හමුදාවක් තමලපිටියේ පෘතුගීසි බලකොටුවට පහර දෙනව කියල. ඔහු වහාම සිමාඕ පිඤ්ඤෝ යටතේ ලැස්කොරින් බලඇණියක් තමලපිටියට පිටත් කරනවා.
පෘතුගීසි හමුදාව දෙකට බෙදුනට පස්සෙ, විමලධර්මසූරිය රජතුමා ඔහුගෙ තුරුම්පුව අදිනවා. ඉතුරු වෙලා හිටපු සියළුම ලැස්කොරින් සෙබළු කාංගර ආරච්චි මුදලි යටතේ උඩරැටියන්ට එකතු වෙනවා. රජතුමා ගේ ඔත්තු කාරයෝ විසින් දින ගණනාවක් තිස්සේ ලැස්කොරින් සෙබළු පෘතුගීසින් ගෙන් බිඳවන්න කටයුතු කරලා.
තමන්ට පාර පෙන්නපු සිංහල “ද්‍රෝහියා” විමලධර්මසූරිය රජතුමාගෙ ඔත්තු කාරයෙක් කියල අසවේදෝ ට වැටහෙන්නෙ බලන කොටුව අස්සෙ තනි වුන පෘතුගීසි හමුදාව වටකරමින් දහස් ගානක උඩරට හමුදාවක් අවට කඳු වලින් මතු වුනාට පස්සෙ.
අවුරුදු දහයකට කලින් පේඩ්‍රෝ ලෝපේස් ද සූසා ගේ හමුදාවට දන්තුරේ දි අත්වුන ඉරණම අසවේදෝ ට මැවිල පේන්න ඇති. බලන කොටුවේ මොහොතක් කල් මරන්නේ නැතුව මහනුවර බලා ගමන් ඇරඹුවා නම් ඔවුන්ටත් අත් වෙන්නෙ ඒ ඉරණමම බව සැකයක් නෑ. නමුත් අසවේදෝ ගෙ ඉව විසින් ඔවුන්ට තව එක අවස්ථාවක් ලබා දීල තියෙනවා.
තමාගේ උඩරට අල්ලන අවුරුදු නවයක මහා සැලසුම බොඳ වෙලා ඉවර බවත්, විමලධර්මසූරිය ඉතාමත් දක්‍ෂ විදිහට තමාව පරාජය කරපු බවත් අසවේදෝ තේරුම් ගත්තා. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ ඔහුගේ හමුදාව විනාශ නොකරගෙන ආපසු කොළඹට පැමිණිම.
උඩරැටියන්ව රඳවා තබා ගන්න කැප්ටන් අන්තෝනියෝ ඩි පිඤ්ඤෝ යටතේ කුඩා බල ඇණියක් බලන කොටුවේ රඳවලා අසවේදෝ ප්‍රධාන හමුදාවත් එක්ක ආපහු ගනේතැන්නට පසු බසිනවා. අන්තෝනියෝ ඩි පිඤ්ඤෝ ගේ සෙබළු ඉතාමත් නිර්භීත විදිහට සටන් කරමින් හවස් වන තුරු උඩරැටියන්ව රඳවා ගෙන ඉන්නවා. ඉන් පස්සෙ ඔවුනුත් ගනේතැන්නට පසු බසිනවා.
ගනේතැන්නෙදි අසවේදෝ ට හමුවෙන්නෙ සිමාඕ පිඤ්ඤෝ ව. මුළු පහත රටම එකම කැරැල්ලක් බව ඔහු අසවේදෝ ට කියනවා. පෘතුගීසින්ට කොළඹ බලා පසුබසින්න වෙන්නෙ කැරලි කාර ගම් බිම් මැද්දෙන්, උඩරැටියන් ගෙ ලුහුබැඳීම මධ්‍යයේ.
ගනේතැන්නෙන් අළුත්නුවරටත්, එතැනින් අට්ටාපිටියටත්, එතැතින් මැණික්කඩවරටත් ඔවුන් පසුබසිනවා. පසු බසිද්දී උඩරැටියෝ දිගින් දිගටම ඔවුන්ව ලුහු බඳිමින් පහර දෙනවා. මැණික්කඩවරට එද්දි ඔවුන් දින හතරකින් කෑම කාල නෑ.
මැණික්කඩවර මහ බලකොටුවත් අත හැරලා රුවන්වැල්ල සහ සීතාවක කරහා පෘතුගීසින් හංවැල්ලට එනවා. හංවැල්ලෙදි තමයි උඩරැටියෝ ඔවුන්ව ලුහු බැඳීම නවත්වන්නෙ.
අසවේදෝ ගේ උඩරට ආක්‍රමනය කෙලවර වෙන්නෙ ඒ වගේ.

විහාරාධිපතිගේ බිල්ලට නතු වන අභයගිරි ලෝක උරුමය.
අභයගිරි විහාරය තනන ලද්දේ වලගම්බා රජු විසින් ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේය. දාගැබ සෑදූ භූමියේ එවකට වූයේ නිගණ්ඨාරාමයක් වන අතර වලගම්බා රජු අනුරාධපූරය හැරයන නිමේසයේ ගිරි නිඝන්ටයා "මහ කලු සිංහයා පලා යතැ" යි හඬගා කීය. වලගම්බා රජ දෙවන වර රාජ්‍යත්වයට පත්වූ අවස්ථාවෙහි ගිරි නිඝන්ඨාරාමය විද්වංශනය කළ හෙතෙම එතැන අභයගිරි දාගැබ ඉදි කළේය. එම දාගැබත් ඊට අයත් සංඝාරාමයත් නම් කරන ලද්දේ තමාගේත් ගිරි නිඝණ්ඨයාගේත් දෙනම් එක් කොටය. මෙම දාගැබෙහි ධාතුඝරයෙහි තැන්පත් කළ යමක් ගැන වංශකතාවන්හි කිසිවක් සඳහන් නොවෙයි. එහි බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කළේ නම් ඒ බව වංශකථාවන්හි හෝ සෙල් ලිපිවල සඳහන් නොවී තිබීමට කිසිදු හේතුවක් නැත. මේ හේතුව මතම ද්‍රෝණයක් ධාතූන් තැන්පත් කරන ලද රුවන්වැලි සෑයට මෙය කිසිදු ලෙසකින් සැසඳිය හැකි නොවේ. රුවන් වැලි සෑය බෞද්ධ සැදැහැවතුන්ගේ අප්‍රමිත ගෞරවාදරයට පාත්‍රව ඇත්තේ එම හේතුව නිසාය. ඊට ලැබෙන ගෞරවය අභයගිරිය දාගැබට දිනාගැනීමට නොහැකි වන්නේ එකී හේතුව නිසාය.
තවත් අතෙකින් ගත් කල අභයගිරිය යනු ධර්මරුචි භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථානයයි. ධර්මරුචි නිකාය යනු මහායාන අදහස් දැරූ භික්ෂූන්ගේ මූලස්ථානයයි . සාමාන්‍යයෙන් එම නිකායට අයත් විහාරයන්හි දාගැබ්භි තැන්පත් කරන්නට ඇත්තේ ප්‍රඟා පාරමිතාව ලියැවුනු ධර්ම ග්‍රන්ථ වීමට ඉඩ තිබේ යැයි සිතිය හැක්කේ එම පාරමිතාව ලියැවුනු රන් පත්තිරු හතක් කැණීම්වලින් සොයා ගැනීම නිසාය. මහායානිකයන් ක්‍රිස්තු වර්ෂ පහ සියවසේදී චේතිය ගිරි හෙවත් මිහින්තලේ බලය අත්පත් කර ගත් පසු තැනූ බැව් නිසැක ඉදිකටුසෑයේ මහායාන ධර්ම පාඨ අඩංගු තඹ පත්තිරු රාශියක් සොයා ගැනීම් මගින්ද මහායානික දාගැබ්හි මහායාන සූත්‍රයන් තැන්පත් කිරීමේ පුරුද්ද කැපී පෙනෙයි.
අභයගිරිය යනු අනුරාධපුර ලෝක උරුම නගරයේ කැපී පෙනෙන ස්මාරකයකි. තවද එය පැරණි ලෝකයේ දෙවන උසැතිම ගඩොල් නිර්මාණයද වන්නේය. ලොව උසැතිම ගඩොල් ගොඩනැගිල්ල වන්නේද ජේතවනය දාගැබය. එය එකල අඩි 400ක් උසැති විය. මේ අනුව ලොව උසැතිම ගොඩනැගිලි දෙකෙහිම උරුමක්කාරයන් වන්නේ අපය; හෙට උපදින දරුවන් ය.
එහෙත් අවාසනාවට මෙම ලෝක උරුම ස්මාරක ලෝක උරුම ලැයිස්තුවෙන් ගිලිහී යාමේ අවධානමක් දැන් දැන් උදාවමින් තිබෙන්නේය. එම අහිමිවීමට මුහුණ දෙන්නේ අභයගිරියේ නව විහාරයෙහි වත්මන් භික්ෂුව හෝ අමාත්‍යවරයා නොවේ; රටමය; උපනූපන් පරපුරය. අගනුවරට නුදුරු කෝට්ටේ පැරණි නගරයේ කබොක් ගල් ගනිමින් ඇවිදිනවාට වඩා වගකීමක් අමාත්‍යවරයාගේ කර මත ඇත්තේය. එම වගකීම ඔහු අතින් ඉටු වන්නේද යන්න බලා සිටීම ජනතාවගේ වගකීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන්නේය.
අබයගිරිය විහාරයේ පෞරාණිකත්වය මේ වනවිට බරපතල අවධානමකට හා අර්බුදයකට මුහුණපා ඇත්තේය. එහි සුදු හුණු තවරන ලෙස මුලින්ම යෝජනා කරන ලද්දේ වත්මන් විහාරාධිපතිය. ඊට නිසි අවසරය පුරාවිද්‍යා උපදේශක සභාව විසින් ලබා නොදුන් අතර ඔවුන් අග්‍රාමාත්‍යතුමන්ට පෙන්වාදෙන ලද්දේ එය හුණු පිරියම් කලහොත් අනුරාධපුර නගරය ලෝක උරුම ලැයිස්තුවෙන් ගිලිහීයාමේ අවධානමක් උද්ගත ව්ය හැකි බවය. තවද එවැනි තීරණයක් ගතහොත් දාගැබ යට පටන් ඉහල දක්වාම ගඩොල් ගලවා ඉවත් කිරීමට සිදුවන්නේ අභයගිරි දාගැබ බුබ්බුලාකාරව තනා නොමැති වීම නිසාය. සිදු කරන ලද්දේ එවකට තිබූ ගර්භයට ආධාරක ගඩොල් ස්ථර කිහිපයක් යොදා දාගැබ සවිමත් කිරීමය. එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදේශක සභාවට නම්‍යශීලීව ඇහුම්කන්දීම සම්බන්දයෙන් ස්තූතිවන්ත විය යුතුය.
අභයගිරි දාගැබට වින කටින හස්තයන් දැන් නැවත ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙහි පළමු පියවර ලෙස අනුරාධපුරයේ පුරාවස්තු වැනසීමේ සෑම ව්‍යායාමයකදීම ඊට එරෙහිව හඬ නැගූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරිය ව්‍යාපෘති අධ්‍යක්ෂ සම්මානිත මහාචාර්‍ය ටී. ජී. කුලතුංගයන් මේ වන විට ඉවත් කර අවසානය. පුරාවස්තු වැනසුමට එරෙහිව නිති හඬ නැගූ ප්‍රධාන බලවේගයට අනුරාධපුරයේ භික්ෂු බලවේග අනලස්ව ක්‍රියාකර ඔවුහු ජයග්‍රහනය අත් කරගෙන සිටී. දැන් රිසි සේ උන්වහන්සේලාට කටයුතු කිරීමේ මග විවරව ඇත. එතුමා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම විද්වතා වනු මතු නොව ක්ෂේත්‍ර කටයුතු පිලිබඳ දීර්ඝතම අත්දැකීම් ඇති විද්වතාද වන්නේය.
අභයගිරි දාගැබේ පෞරාණිකත්වය නැසෙන පරිදි එහි දොරටුවක් අරා අශෝභන මකර තොරණක් තැනීමේ කාර්‍ය භාරය මේ වනවිට ලහි ලහියේ සිදුකෙරෙමින් පවතී. වාර්ථාවන ආකාරයට දෙපාර්තමේන්තුව විසින් අවසර දී ඇත්තේ බල්ලන් ඇතුලුවීම වැලැක්වීමට ගේට්ටුවක් තැණීම සඳහාය. තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව පුරාවිද්‍යා ඉඩමක අනවසර ඉදිකිරීමක් සිදු කිරීමට කිසිවෙකුට නොපිළිවන. එය 1998 අංක 24 දරන පුරාවස්තු ආඟාපනතේ අංක 15 ඈ වගන්තිය යටතේ ඇප නොදෙන බරපතල වරදකි. නිලධාරීන්ට දෙස් දෙවොල් තැබීම නිමේශයකට නවතා වහාම මේ සම්බන්දයෙන් ක්‍රියා කර ආඟාපනතේ විධිවිධාන ක්‍රියාවට නැගීම අමාත්‍යවරයාගේ වගකීම වන්නේය. අපි එසේ වන්නේදැයි උපේක්ෂාවෙන් බලා සිටින්නෙමු.
දාගැබේ සිවුපස අසෝභන බුද්ධ ප්‍රතිමා සතරක් තැබීමේ ව්‍යායාමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත අත් හිටවුනි. ලෝක උරුමය වලපල්ලට ගියද සම්මාදම් මඩිය තරකර ගැනීම මෙහි එකම අරමුණ බව දැන් පැහැදිලිය.මීලඟ නිසැක කාර්‍ය වන්නේ සම්මාදම් වැඩි කර ගැනීමේ එම ජුගුප්සාජනක පියවරට විහාරාධිපති විසින් පිඹුරුපත් සැකසීමය. එය රජ කලදී මෙන් නැවතත් නිගණ්ඨාරාමයක් බවට පත්වීම මෙහි අවසන් ප්‍රතිපලය විය හැකිය. මේ සම්බන්ධයෙන් ලෝක උරුම මධ්‍යස්ථානය දැනුවත් කොට සංදේශයක් ඉදිරිපත් කිරීමට මා ඇතුලු උරුම මිතුරෝ සංවිධානය මේ වනවිට කටයුතු කරමින් සිටින බවද මෙහිලා සිහිපත් කළ යුතුය.
මේ පිළිබඳ පුවත් පත් සාකච්චාවක් එළඹෙන අඟහරුවාදා පැවැත්මට කටයුතු යොදා ඇත.
ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්
කැඳවුම් කරු,
උරුම මිතුරෝ සංවිධානය
අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නා වූ භික්ෂුවට උත්ක්ෂේපනීය ආදී දඬුවම් විනය කර්ම කළයුතු ය.
අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නා වූ යම් භික්ෂුවක් පිළිබඳව පිළිපැදිය යුතු ආකාරය ධර්මය තුළ සඳහන් ව තිබේ. විශේෂයෙන් ම විනය පිටකයෙ සහ අට්ඨකතාවේ පැමිණෙන විස්තර අනුව එය විනිශ්චය කටයුතු ය. එය දක්වන්නට පෙරාතුව අභිධර්ම ප්‍රතික්ෂේප කිරීමේ විපත්ති දායක බව පිළිබඳව යමක් දැක්වීම යුතු යැයි සිතමි.
ශාක්‍යසිංහ, දසබලධාරී වූ ඥෙය පාරගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කළ මුළු මහත් ධර්ම විනයෙහි අමාකිර බඳු වූ අභිධර්ම දේශණාව පරමාර්ථ සංඛ්‍යාත ස්කන්ධ, ආයතන, ධාතු, චතුරායර්‍යසත්‍යය, ප්‍රතීත්‍යසමුත්පාදය ආදී සකලවිධ ධර්ම කොට්ඨාසයන් විස්තර විභාග කොට දක්වන්නා වූ ගාම්භීර දේශණාව ය. මෙහි දී එම අභිධර්ම පිළිබඳව විස්තර විභාග නො කොට එහි යෙදෙන සහ එරෙහි වන භික්ෂුවගේ තත්වය ගෙන හැර දක්වමි.
“…ආභිධම්‌මිකභික්‌ඛූයෙව කිර ධම්‌මකථිකා නාම, අවසෙසා ධම්‌මකථං කථෙන්‌තාපි න ධම්‌මකථිකා. කස්‌මා? තෙ හි ධම්‌මකථං කථෙන්‌තා කම්‌මන්‌තරං විපාකන්‌තරං රූපාරූපපරිච්‌ඡෙදං ධම්‌මන්‌තරං ආලොළෙත්‌වා කථෙන්‌ති. ආභිධම්‌මිකා පන ධම්‌මන්‌තරං න ආලොළෙන්‌ති. තස්‌මා ආභිධම්‌මිකො භික්‌ඛු ධම්‌මං කථෙතු වා මා වා, පුච්‌ඡිතකාලෙ පන පඤ්‌හං කථෙස්‌සතීති. අයමෙව එකන්‌තධම්‌මකථිකො නාම හොති….” යි
ආභිධම්මික භික්ෂුව ම ධර්මකථික නම් වේ. අවශේෂ භික්ෂූන් ධර්ම දේශණා කරන්නේ නමුත් ධර්මකථික නොවේ. කුමක් නිසා ද? ඔවුන් ධර්ම දේශණා කරන්නේ එක කර්මයක් තවත් කර්මයක් හා අවුල් කොට ද එක විපාකයක් තවත් විපාකයක් හා අවුල් කොට ද රූපාරූප තවත් රූපාරූපයන් හා අවුල් කොට ද එක් ධර්මයක් තවත් ධර්මයක් හා අවුල් කොට ද දේශණා කරති. ආභිධම්මික භික්ෂූහු වනාහි ධර්මාන්තර අවුල් නො කරති. එහෙයින් ආභිධම්මික භික්ෂුව ධර්මය දේශණා කරාවා හෝ නො වේවා, විචාළ කල්හි නො වරදවා ධර්මය දේශණා කරයි. මෙ තෙමේ ම ඒකාන්තයෙන් ධර්මකථිකයා නම් වෙයි. යනු එහි අදහස යි. ඒ අනුව කිවයුත්තේ නියම ධර්මධරයා නම් ආභිධම්මික භික්ෂුව ම බව යි. ආභිධම්මික භික්ෂුව ධර්මය යථාස්භාවයෙන් තමා දන්නේත්, අනුන්ට සකසා ධර්මය දේශණා කරන්නේත් වේ. ඒ කාරණය ම සම්බුද්ධ ශාසනයේ මෙන් ම සසරත් අනාථ නො වී වාසය කරන්නට හේතුවක් බව නාථකරණ සූත්‍රයේ දී වදාරා තිබේ.
‘….යම් භික්ෂුවක් තෙවළා දහමට අතිශයින් ම ප්‍රිය වේ. දහම් අසනු කැමැති දෙවි මිනිසුන්ට සකසා ධර්ම විනය දේශණා කරන්නේ ද වෙයි. එසේ ම අභිධර්මයෙහි ද අභිවිනයෙහි ද දැඩි ප්‍රමෝදයක් ඇතිව වාසය කරයි. මේ කාරණය නාථකරණ ධර්මයකි…’
“…අභිධම්‌මං පටිබාහෙන්‌තො ඉමස්‌මිං ජිනචක්‌කෙ පහාරං දෙති, සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං පටිබාහති, සත්‌ථු වෙසාරජ්‌ජඤ්‌ඤාණං පටිනිවත්‌තෙති, සොතුකාමං පරිසං විසංවාදෙති, අරියමග්‌ගෙ ආවරණං බන්‌ධති, අට්‌ඨාරසසු භෙදකරවත්‌ථූසු එකස්‌මිං සන්‌දිස්‌සති උක්‌ඛෙපනීයකම්‌මතජ්‌ජනීයකම්‌මාරහො හොති. තං තං කම්‌මං කත්‌වා උය්‍යොජෙතබ්‌බො ‘ගච්‌ඡ විඝාසාදො හුත්‌වා ජීවිස්‌සසී’ති…” යි
ධම්මසඞ්ගණී-අට්ඨකතාවේ දක්වා ඇති පරිදි අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම බරපතල අකුසල් රැස්වන්නටත්, නො හික්මුණු තැනැත්තන් හික්මවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් පැණ වූ දඬුවම් විනය කර්ම වලට යටත් වන්නටත් වන බරපතල ගණයේ වරදක් බව කියයුතු ය. ‘…අභිධර්ම ප්‍රතික්ෂේප කරන්නේ දසබලධාරී භාග්‍යවතුන් වහන්සේගේ ජිනචක්‍රයට පහර දෙන්නේ වෙයි. සර්වඥයන් වහන්සේගේ සර්වඥතාඥානය වළක්වයි. වෛශාරද්‍යයඤාණය ආපසු හරවයි. දහම් අසනු කැමැති පිරින මුළා කරයි. ආර්‍ය්‍ය මාර්ගයේ වැටක් බඳියි. දහ අටක් වූ භෙදකර වස්තූන්ගෙන් එකක පෙනී සිටින්නේ ය. උක්ඛෙපනීය කර්මයට සුදුසු වූයේ වෙයි. ඒ ඒ උත්ක්ෂේපනීය, තජ්ජනීය, නියස්ස, කර්ම කොට ‘යව සිඟන්නෙක් ව ජීවත්වෙව’ යි පිටත්කර හැරිය යුතු ය. යනු එහි අදහස යි. එබැවින් එහි බැරෑරුම් බව තවත් දේශණා නොමැතිව ම වුව ද පැහැදිලි වනු ඇත.
දැන් කතා කළයුත්තේ, “..අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නා වූ භික්ෂුවට කුමක් කළ යුතු ද.? යන්න යි. එයට දියයුතු පිළිතුර නම් ‘…උක්‌ඛෙපනීයකම්‌මතජ්‌ජනීයකම්‌මාරහො හොති. තං තං කම්‌මං කත්‌වා උය්‍යොජෙතබ්‌බො ‘ගච්‌ඡ විඝාසාදො හුත්‌වා ජීවිස්‌සසී’ති (-ධම්මධම්මසඞ්ගණී-අට්ඨකතා) දැක්වූ විනය ක්‍රමය පරිදි දඬුවම් විනය කර්ම කළයුතු බව යි. විනය පිටකයේ ඛන්ධක විනයෙහි කම්මක්ඛන්ධකයේ පැමිණෙන මේ දඬුවම් ක්‍රම සත අතුරෙන් මෙහි දී එයින් කර්ම තුනක් ගත හැකි වේ. එනම් උක්ඛෙපනීය – තජ්ජනීය – නියස්ස යන කර්මයෝ යි. මේවායෙන් කරණු ලබන්නේ ශාසනය නො ගැලපෙන කටයුතු කරන්නා වූ භික්ෂූන් වහන්සේලාට විනයානුකූල ව දඬුවම් ලබා දී වත් පිළිවෙත් සිදුකොට නැවත ප්‍රකෘති වූ ශාසන හිතෛෂී භික්ෂුවක් ඇතිකර ගැනීම ය. දඬුවම් විඳ එසේ නැවත ආයති සංවරයට පැමිණි භික්ෂූන් මෙන් ම සිවුරු හැර උපැවිදි වූ අවස්ථා ද ඇතුලත් ව තිබීමෙන් තව බොහෝ කාරණා මේ හරහා විමසා බැලිය හැකි වේ.
තජ්ජනීය කර්මය
සවග භික්ෂූන් වහන්සේලා වූ අස්සජි – පුනබ්බසුඛ, මෙත්තිය – බුම්මජක, පණ්ඩුක – ලෝහිතක යන සය දෙනා වහන්සේගෙන් පණ්ඩුක – ලෝහිතක යන භික්ෂූන් දෙනමගේ නුසුදුසු හැසිරීම නිසාවෙන් මෙම තඬුවම් ක්‍රමය භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ සේක. “… තෙන ඛො පන සමයෙන පණ්ඩුකලොහිතකා භික්ඛූ අත්තනා භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞඝෙ අධිකරණකාරකා, යෙපි චඤ්ඤෙ භික්ඛූ භණ්ඩනකාරකා -පෙ-….” යි මේ භික්ෂූන් වහන්සේලා දෙනම තමන් දබර කරමින්, කළහා කරමින්, විරුද්ධ වාද සහ වාක් කලහ කරමින් සඟ මැද අධිකරණ උපදවති. එවැනි කලහ කරන වෙනත් භික්ෂූන් සිටිත් නම් ඒ භික්ෂූන් ලඟට ද ගොස් “…ආයුෂ්මත්වරුනි, මේ භික්ෂුව නුඹලා නො පරදවාවා. නුඹලා ඔවුන්ට වඩා පණ්ඩිත ද වඩා ව්‍යක්ත ද වඩාත් බහුශ්‍රැත ද වඩත් සමර්ථ ද වේ. ඔවුන්ට බිය නොවව්. අපිත් නුඹලාට පක්ෂ වෙමු. යි කියයි. මෙසේ එයින් නූපන් කලහා ද උපදියි. උපන්නා වූ කලහවිවාද බොහෝ වීම පිණිස හේතු වේ. මේ කාරණය දත් ප්‍රියශීලී වූ භික්ෂූන් වහන්සේලා . “..කෙසේ පණ්ඩුක ලෝහිතක මේ දෙනම මෙසේ කලහවිවාද කරන්නේ දැ යි අවඥා කළහ. දොස් කීහ. නුගුණ පතුරුවා හැරියහ.
භික්ෂූන් වෙතින් මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වෙත ද පැමිණියහ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කාරණය දැන, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුනවුන්ගේ වඩාත් පැහැදීම පිණිස හෝ නොවේ යැයි පණ්ඩුකලොහිතක දෙනම ද ගෙන්වා අසා විමසා දැන ගැරහූ සේක. ගරහා ගුණ ධර්ම වැඩීමේ ගුණ දේශණා ද මේ කාරණය පිළිබඳව දැහැමි කතාව ද කොට භික්ෂූන් ඇමතූ සේක. “….තෙන හි භික්ඛවෙ සඞඝො පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං කරොතු…” යි ‘..මහණෙනි, එසේ නම් සංඝයා (ඇසුරු කරන්නන් සහිත) පණ්ඩුකලොහිතක දෙමහණට තර්ජනීය කර්මය කරේවා..” යි අනුදැන වදාළ සේක. මේ කර්මය චතුවාර්ගික කර්මයන් අයත් ඤත්තිචතුර්ථ කර්මයෙන් කළයුතු වූ කර්මයක් බව දතයුතු ය. එනම් භික්ෂූන් සීමාවකට රැස් ව මේ වරද කරන් භික්ෂුවට අත්පස දී චෝදනාව කළ යුතු ය. චෝදනා කොට වරද සිහි කරවිය යුතු ය. සිහිකරවා ආපත්තියට නැන්විය යුතු ය. නන්වා ව්‍යක්ත ප්‍රතිබල භික්ෂුවක විසින් ඤප්තිය තබා කර්ම වාක්‍ය ශ්‍රාවණය කළ යුතු වේ. එය කළ පසු වත් දහ අටක අනිවාර්යයෙන් ම හික්මිය යුතු වේ. එහි සංවර නො වන්නේ නම් දඬුවම ඉවත් නො කළ යුතු ද වේ.
අට්ඨාරසවත්,
- තමන් උපාධ්‍යාය ව උපසම්පදා නො කළ යුතු යි.
- නිස නොදිය යුතු යි.
- සාමණෙර පැවිදි කිරීම් නොකළ යුතු යි.
- භික්ෂුණින්ට අවවාද දීමේ සම්මුතිය නො පිළිගත යුතු යි.
- ඒ සම්මතය ලබා තිබේ නම් මෙහෙණන්ට අවවාද නොදිය යුතු යි.
- යම් ඇවැතක් නිසා තර්ජනීය කර්මය කළා ද එම ඇවැතට නැවත පත් නො විය යුතු යි.
- එවැනි වෙනත් ඇවැතකට ද පත් නොවිය යුතු යි.
- එයට වඩා බරපතල ඇවැතකට ද පත් නොවිය යුතු යි.
- තමන්ට දඩුවම් කළ තර්ජනීය විනය කර්මයට නො ගැරහිය යුතු යි.
- එම කර්මය කළ භික්ෂූන්ට ද නො ගැරහිය යුතු යි.
- ප්‍රකෘති භික්ෂූන්ගේ පොහොය නො තැබිය යුතු යි.
- පවාරණය නො තැබිය යුතු යි.
- සවචනීය කර්මය නො කළ යුතු යි.
- විහාරයෙහි අධිපති තනතුරෙහි නො පිහිටිය යුතු යි.
- තවත් භික්ෂුවකට චෝදනා කරන්නට අවසර නොගත යුතු යි.
- චෝදනා නො කළ යුතු යි.
- ඇවැත් සිහිපත් නො කරවිය යුතු යි.
- භික්ෂූන් ඔවුනොවුන් හා කළහ පණිස නො යෙදවිය යුතු යි.
මේ කියන ලද වත් දහඅට නියස්ස කර්මයට භාජනය වූ භික්ෂුව විසින් නොකඩවා කළ යුතු වේ. කඩ නොකරන්නේ නම් ප්‍රමාණවත් කාලයක් විමසා දඩුවම ඉවත් කළ හැකි වේ.
නියස්ස කර්මය.
ඊලඟට විස්තර කරගත යුත්තේ නියස්ස කර්මය යි.. ඒ පිළිබඳව අප විසින් සැපයූ සටහනක් ඇති බැවින් නැවත නො දක්වමි. එම ලිපිය –
https://mahavihariyatheravadadharma-vinaya.blogspot.com/2019/10/blog-post.html?fbclid=IwAR2KvoCIdrsuqhfdgPP8d4n2odgWwCFP8ObQT3HDyg1s1hSyP68v2q6K4o4
උත්ක්ෂේපනීය කර්මය.
උක්ඛෙපනීය කර්මය කොටස් තුනකට ඒ ඒ වරද අනුව බෙදෙයි.
ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං
ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං
පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං
“..ආපත්තියා අදස්සනෙ.. උත්ක්ෂේපනීය කර්මය මහබෝසතුන් වහන්සේගේ ගිහිකළ මිතුරා වූ ඡන්න භික්ෂුව අරභයා පැණවූවකි. එනම් තමන් වහන්සේ පැමිණි ඇවැත නො පිළිගැනීම හේතු කොට ගෙන ය.
“…ආපත්තියා අප්පටිකම්මෙ… උත්ක්ෂේපනීය කර්මය ද ඡන්න භික්ෂුව පැමිණි ඇවැතින් පිරිසිදු නො වීම සම්බන්ධයෙන් පැණවූවකි. මේ සියල්ලට භාග්‍යවතුන් වහන්සේ පැණ වූ දඬුවම් ක්‍රමත්, භික්ෂූන් ඒ සඳහා කටයුතු කළ ආකාරයත්, දඬුවම් විඳ ඡන්න භික්ෂුව ආයති සංවරයේ පිහිටි සැටිත් ඛන්ධක විනයේ සඳහන් ව තිබේ. ඒ උත්ක්ෂේපනීය කර්මයන් දෙක පිළිබඳව මෙහි දී වැඩි විස්තර නො කරන්නේ මෙතැනට අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම සමඟ තවත් ශාසන විරෝධී ක්‍රියා සඳහා දඬුවම් පිණිස අවශ්‍ය වන්නේ අනිත් උත්ක්ෂේපනීය කර්මය බැවිනි.
“…පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං..”
‘..පාපී දෘෂ්ටි අත් නො හැරීමේ උත්ක්ෂේපනීය කර්මය යැයි මෙයට අර්ථය දීමට හැකි ය. මෙහි දී මෙම කර්මය අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නා වූ භික්ෂුවට ගැළපෙන බව සිතිය හැකි ය. එයින් කියැවෙන්නේ මෙයින් ම කළයුතු බව නොව ඉහත දැක්වූ දඬුවම් කර්ම සතරින් ද කළහැකි බව සහ මෙය වඩාත් ආසන්න බව පමණකි. එයට හේතුව නම් මේ කර්මයන්හී දී භාග්‍යවතුන් වහන්සේ එහි නිදාන කාරණයට පමණක් නොව කැමැති නම් වෙනත් ශ්‍රමණසාරුප්‍ය නො වන කටයුතු සඳහා ද ඒ ඒ කර්ම සුදුසු පරිදි යොදා ඤත්තිචතුර්ථ කර්මයෙන් කරන්නට අනුදැන වදාරා තිබීම යි. ඒවා ආකඞ්ඛමානඡක්ක යටතේ කාරණා සයක් අනුව දක්වා තිබේ එයින් “අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති / ධම්මස්ස අවණ්ණං භාසති” දෙක මෙහි දී යෙදීම කළයුතු වේ. එනම්, දෘෂ්ටි විපන්න භාවයත්, සද්ධර්මයේ අගුණ කීමත් යන කාරණා ය.
මේ උත්ක්ෂේපනීය කර්මයට අනුදැන වදාරා ඇත්තේ ( පෙර ගිජුලිහිනියන් නැසූ කුලයෙහි උපන්) ගන්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂූන් වහන්සේ සඳහා ය. අරිට්ඨ භික්ෂුවගේ මිත්‍යාදෘෂ්ටිය පිළිබඳව අලගද්දූපම සූත්‍රයේ ද මෙය පැමිණෙයි. නමුත් එහි මේ දඬුවම පැණවීම සඳහන් නො වේ. එය විනය පිටකයේ අදාළ තැන සඳහන් වන බව දත යුතු යි.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම මහාවිහාරයේ වැඩ වාසය කරන කාලයක අරිට්ඨ නම් භික්ෂූන් වහන්සේට මෙබඳු දෘෂ්ටියක් ඇති විය. “…තථාහං භගවතා ධම්ම දෙසිතං ආජානාමි යථා යෙ’මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායා’ති…” යි ‘..යම් මේ අන්තරායකර ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු ද, ඒ ධර්ම සේවනය කරන්නාට අන්තරාය පිණිස ප්‍රමාණ නො වෙති යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශණා කළ දහමක් මම දනිමි..’ මෙබඳු ලාමක වූ දෘෂ්ටියක් උපන් බව බොහෝ භික්ෂූන් වහන්සේලා ද අරිට්ඨ භික්ෂුවගෙන් දැනගත්හ. දැන එයින් මුදවන්නට කතා කළහ. එනමුත් කාමයන් හි ආදීනව දැක්වුව ද එම දෘෂ්ටිය ම දැඩි ව ගත් අරිට්ඨ භික්ෂුව එහි ම ගිලී සිටියේ ය.
බුදුරජාණන් වහන්සේ මෙය දැන, අරිට්ඨ මහණ විචාරා “…හිස් පුරුෂය ම විසින් කවරෙකුට එසේ දේශණා කළ ධර්මයක් නුඹ දන්නෙහි ද? හිස් පුරුෂය, ම විසින් නොයෙක් අයුරින් අන්තරායකර ධර්මයෝ අන්තරායකරහ යි ප්‍රකාශ කරන් ලද්දාහු නො වෙත් ද? සේවනය කරන්නාට සඟමොක් වළකනු පිණිස ඒ දහම් සමත් නො වෙත් ද?…” යි කාමයේ අැති නපුරු ආදීනවයන් ද පෙන්වා දී “…එසේ ඇති කල්හිත් හිස් පුරුෂය, නුඹ තමන් වරදවා ගත් අදහසින් අපට ද බොරුවෙන් චෝදනා කරන්නෙහි ය. තමන් ගුණ සාරාලන්නෙහි ය. බොහෝ අකුසල් රැස් කරන්නෙහි ය. හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ… නො වෙයි…” යි අරිට්ඨ භික්ෂුවට ගරහා දැහැමි කතා කොට භික්ෂූන් ඇමතූ සේක.
“….තෙන හි භික්ඛවෙ සඞඝො අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරොතු අසම්භොගං සඞඝෙන…” යි ‘…මහණෙනි, එසේ නම් සංඝ තෙම ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුහට ලාමක දෘෂ්ටි නො දුරලීමෙහි සංඝයා සමඟ සම්භොග නැති උක්ඛෙපනීය කර්මය කෙරේවා…’ යි අනුදැන වදාළ සේක. මෙහි දී ද සීමාවට රැස් වූ සංඝයා විසින් චෝදිත මහණට අත්පස දී චෝදනාව කළ යුතු ය. චෝදනා කොට වරද සිහි කරවිය යුතු ය. සිහිකරවා ආපත්තියට නැන්විය යුතු ය. නන්වා ව්‍යක්ත ප්‍රතිබල භික්ෂුවක විසින් ඤප්තිය තබා කර්ම වාක්‍ය ශ්‍රාවණය කළ යුතු වේ. එසේ කොට භාග්‍යවතුන් වහන්සේගේ අනුදැනුම අනුව ඒ බව ආවාසයක් ආවාසයක් පාසා දැන්විය යුතු ද වේ. භික්ෂූන් වහන්සේ විසින් මෙසේ උත්ක්ෂේපනීය කර්මය කළ කල්හි අරිට්ඨ භික්ෂුව සිවුරු හැර උපැවිදි ව යන්නට ගිය බව දක්වා තිබේ. මිත්‍යාදෘෂ්ටියක ඇති ලාමක බව කොතරම් දැ යි එයින් ම වටහා ගත හැකි වේ.
විනය කර්ම අතුරෙන් මේ උත්ක්ෂේපනීය කර්ම තුන බැරෑරුම් වූ කර්ම තුනක් බව කිවයුතු ය. යම් භික්ෂුවකට මෙම උත්ක්ෂේපනීය කර්ම තුන අතුරෙන් යමක් කළ හොත් එම භික්ෂුවට අනෙක් ප්‍රකෘති උපසපන් භික්ෂූන් වහන්සේලා සමඟ ධර්මාමිස සම්භොගය සහ ආමිස සම්භොගය කළ නො හැකි වේ. උත්ක්ෂේපනීය කර්මය කරනු ලැබූ භික්ෂූන් පමණක් වසන ආවාසය වුව ද ‘අභික්ඛුක ආවාසයක්’ බව කියා තිබේ. ඒ භික්ෂූන් සමඟ ඇවැත් දේශණා කළ ද ඇවැතින් පිරිසිදු වීමක් නො වේ. පිරිවෙස් – මානත් – දීම් ද සිද්ධියට නො පැමිණෙන බව කියා තිබේ. උපෝසථාදියට ඡන්දය සහ පාරිශුද්ධිය ද නො පැමිණෙයි. ඔවුහු නානාසංවාකයෝ ය. ඔවුන්ගේ දෘෂ්ටිය ව ගන්නා වූ අනෙක් ප්‍රකෘති භික්ෂූන් ද ලබ්ධි නානාසංවාසක භාවයට පැමිණෙයි. මේ දක්වන ලද විනය කර්මය කිරීමෙන් උත්ක්ෂේපනීය කර්මයට යටත් වූවන් විසින් වත් හතළිස් තුනක් නො කඩ කොට මනාව පිරිය යුතු වේ. එහි දඬුවම එය ය.එම දඬුවම් වත් නියමිත කාලයක් පුරා ප්‍රකෘති තත්ත්වයට පටිප්පස්සම්භනයෙන් හෙවත් දඬුවම සංසිඳවීමෙන් පැමිණිය හැකි වේ.
කාරණා කාරණා මෙසේ හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශණා කළ ත්‍රිපිටකය පර්යාප්තියත්, අර්ථකතා විනිශ්චයනුත් ප්‍රතික්ෂේප කරන්නා වූ භික්ෂුව බරපතල අකුසල් රැස්කර ගන්නවා පමණක් නොව දෙවි මිනිසුන් සහිත ලෝකය අපාමඟට ගෙන යනබවත් කිවයුතු වේ. ඔවුන් උත්ක්ෂේපනීයා දී කර්මයට සුදුස්සන් ද වේ. වත්මන් ශාසනයේ මේ දඬුවම් ක්‍රම පිළිබඳව තැකීමක් නැත්තට ම නැති බැවින් මේවා අද පිළිගන්නා භික්ෂූන් ද ස්වල්ප බව තබා මේවා දන්නේ කොතරම් අල්ප දෙනා වහන්සේ ද යැයි සිතීමේ දී අද සසුනේ ඇති ගැටලු තවත් අවුලෙන් අවුලට යෑමට මේ ධර්ම විනය නො දැන අධර්මයෙන් අවිනයෙන් කටයුතු කිරීම හේතු වී ඇති බව පැහැදිලි ය. ධර්මය ම විනය ම මතු ව එයට අනුව ම කටයුතු කොට සම්බුද්ධ ශාසනය රැකගන්නට සැම දෙනා ම උත්සහවත් වීම තම තමන්ට ශාස්තෘ ශාසනය රැක ගැනීමේ මහා කුසලයෙන් පාරාමිතා සපිරෙන්නටත්, අසරණ ලෝකයට පිහිට පිණිස සසුන රැකෙන්නටත් ඒකාන්ත හේතුව බව ශාසන හිතෛෂීන් සිහි කොට ශාසනානුලෝමී ව කටයුතු කරන්නට අධිෂ්ඨාන ඇතිකරගත යුතු ය.
තෙරුවන් සරණ යි.!
© ඤාණරුචි හිමි.
මරුගේ යෝග සහිතව උදාවන අනාගත යුගයට මුහුණ දීමට දහම් අසිපත ශීල සන්නායකය සූදානම් කළ මිසදුටු මාර සේනාවෙන් රට දැය සසුන සුරකින්නට පෙරට ආ මහා යතිවරයාණෝ…!🙏ලංකාධි ලංකා මහා නායක,සිංහල සිංහ,කේෂර සිංහ ,විජය සිංහ බෝසත් සිරිගුනාලංකාර සමිඳුනේ වඩිනු මැන සුසිරිඹර තුසිත විමනින් තව එකම එක වරක් වත් අපේ මේ හෙළ දෙරණට..!🙏
🌟මේ අද දිනට වසර 108 පෙර මාතර කපුදූව සුන්දර ගම් පියසේ කේ. පී. එළියස් හා බී. හින්නිහාමි මව්පියන්ට දාව 1913 ජුනි මස 28 දින මහා ලාභී වූ සීවලී මහරහතුන්වහන්සේට සමකලහැකි යෝග පල අතින් අනූන මහේශාක්‍ය යෝගය උදාව පැවති සමයක බඹ මොහොතකට සමීප බ්‍රහ්ම මන්ඩලයේ කිරණ විහිදෙන සුබ නැකතක තුසිත දෙවු ලොවින් බැස මේ මනුලොව උපත ලද පින්වත් පුත් රුවනකි.
කල් යත්ම පෙර සසර කළ මහ පින් ඇතිව සිටි ඒ බෝසත් කුමරා පෙර පැතුම් බලයෙන් හා නොයෙක් ආත්ම වල මුලු රටේත් පලාත් වලත් රජ කිරුළ දරමින් ඉදිකල වෙහෙර විහාර,වැවු අමුණු,ලිවුව පත පොත ආදී පින් දහම් වල බලයෙන් පුරාකෘත බුදු සසුන් වලත් සම්මාසම්බුදුරජානන් වහන්සේලාගෙන් විවරණ ලබමින් බුදු සසුන වෙනුවෙන් කළ පැතුම් ඇති නිසාවෙන් හෙතෙම දොළොස් වස් ළමා වියෙහිදීම 1925 මාර්තු 12 දින එකල කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාමාධිපති ගැටමාන්නේ පඤ්ඤාජෝති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවිදි දිවියට පත්ව කපුදූවේ සිරිගුණාලංකාර නමින් සසුනට එක් විණ.
මනුලොවට පෙර පැතුමකට පැමිණ දියසේන නොව “දියසෙන්” ලෙස අප්‍රකටව නමුදු සිරිගුනාලංකාර ලෙස සුපතල පැවිදි ජිවිතයක් ගතකල අධ්‍යාත්මික ගුණ වගාවෙන්,ශීලයේ බලයෙන් හෙබි චින්තන ශක්තියෙන් “සිතේ” බලයෙන් දියසෙන් බලය විසුරුවා හැර මහා පිරිසක් මිසදුටු කමින් මුදවා සමිඳුටු කමට මාර්ගෝපදේශකත්වය දී රට, ජාතිය, ආගම සුරක්ෂිත කිරීමේ අති සූක්ෂම මිසදුටු බල නිවාරන ක්‍රමවේදයක් නිර්මාණයට 1959 සැප්තැම්බර් 20 වන දින සිට උන්වහන්සේ අනුබල දුන් සේක.🙏
රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ධර්මය කියන්නේ මෙයයි, විනය කියන්නේ මෙයයි මිසදුටු බව කියන්නේ මෙයයි මාරපාක්‍ෂික බලය මෙයයි කියා උතුම් සම්බුදු දහමම ගෞරව සත්කාර කරගෙන කියා දෙමින් ඒ අනුව ජීවිත හුරුකරවා ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තිය දියුණු කර පවුලේ යහපත උදාකර දුන් සේක..🙏
උන්වහන්සේ ආරම්භ කල ප්‍රදීපාලෝකය තුලින් මිථ්‍යා දෘෂ්ටිය බිඳහෙළ සම්‍යටික් දෘෂ්ටිය කරා ශ්‍රී ලාංකික බෞද්ධයා ගෙන යාමට සමත් වූහ.තුන්සරණ පංචශිල ප්‍රතිපත්ති බලය රට තුල පැතිරීමෙන් බෞද්ධ බලය ගොඩ නැගීම තුලින් නිතිපතා, බොදු දහමින්, පංචශීල ප්‍රතිපත්තියත් අනුගමනය කිරීමෙන් මනසේ ගොඩනැගෙන නිවැරදි අධ්‍යාත්මික ශක්තිය තුළ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි බව විශ්වාස කළ සිරිගුණාලංකාර නාහිමියන් ඒ අනුව යමින් ධාර්මිකව දෛනික කටයුතු සිදුකිරීමෙන් පවුල තුළත් සමාජයේත් එමගින් රටටත් යහපත උදාකරගත හැකි බව පසක් කරමින් පංචශීල ප්‍රතිපත්ති ක්‍රමය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට දැඩිවෙහෙසක් ගත්හ. මේ වන විට දිවයින පුරා මෙලෙස සැබවින්ම පන්සිල් රකින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිරිගුනාලංකාර මිණිපහන් ආලෝකයෙන් එළිපෙහෙළි කල පිළිවෙත අනුව යමින් සිය ජීවිත ආලෝකවත් කර ගෙන දෙලොව දියුණුව ලැබ සිටිති.
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
උන්වහන්සේ එකල ප්‍රකාශ කල හැටියට පෙර ඈත සසර කල පැතුමක් අනුව
🌟ද්වීප ඉන්ද්‍ර ,
🌟දිව්‍යනාග,
🌟හතරවන රාවණ,
🌟විජය කුමරු,
🌟පන්ඬුකාභය,
🌟කාවන්තිස්ස,
🌟වලගම් අබා වට්ඨ ගාමිණී නොහොත් වළගම්බා,
🌟දෙවෙනි දෙටුතිස්,
🌟දෙවෙනි අග්‍රබෝධි,
🌟දෙවෙනි පැරකුම්බා ,
🌟හතරවැනි පැරකුම්බා ,
🌟හයවෙනි පැරකුම්බා ,
🌟කීර්ති ශ්‍රී මේග වර්ණ,
🌟සිරිසඟබෝ,
🌟ධාතුසේන,
🌟කීර්ති කුමාර නොහොත් බෝසත් විජයබාහු,
🌟වෛද්‍ය බුද්ධදාස වැනි ආත්ම වලත් තවද නොයෙක් වර පැවිදි දිවියක් ගතකල ආත්ම ලබමින් මේ ලංකා ද්වීපයටත් උතුම් වූ ගෞතම බුද්ධ ශාසනයට අමිල සේවයක් කල පෙර සසරේ කල මහා පුන්‍යකර්මයන්ගේ බලය හා පැතුම් ඇති අනාගතයේ පහලවන මෛත්‍රී බුදුරදුන්ට පිය පදවියට පාරමිතා සම්පූර්ණ කල බෝධිසත්වයන් වහන්සේ නමකි.
අදට බුද්ධාංතර බොහෝ කලකට එපිට රජවරු දොලොස් දෙනෙකුගෙන් හෙබි පෙර මෙසිරිලක රජකම් කල රාවන රාජ වංශයේ පහලවුන පලවන රාවනයන්ව සිට පෙරුම්දම් සම්පූර්ණ කර මේ මහාබද්‍රකල්පයේ මතු අනාගතයෙහි මෛත්‍රිය නම් සර්වඥතා ඥානය ලබන්නාවූ දිව්‍යරාජයානන් වහන්සේ නමක් තුසිත දෙවුලොව වැඩවසන්නේය ඒ දිව්‍යරාජයානන්ගේ දෙටු සොහොයුරු කණිටු සොයුරු වශයෙන්ද පෙර එම රාවණ රාජවංශයේ හතරවන රාවණව ඉපිද සිටි ද්විපඉන්ඳ්‍ර තෙමේ එනම් අප(සිරිගුනාලංකාර යතීන්ඳ්‍රයන් වහන්සේ )ආත්මභාව තුන් සියයක් පමණ උපතලැබීය.
පැරණි දෑ විචාරණය කරන්නන් ඒවා අනුමත කරන්නන් හා විවේචනය කරන්නෝ කුමක් කීවද “යමක සාලානං අන්තරස්මිං තතාගතස්ස නිබ්බාතුං සයිත ථිරමති විජය නාමකෝ කුමාරෝ ලංකායං තම්බපණ්ණිදීපෙ ඔතිණ්ණො “
“මා සසුන මෙහි සුරැකෙන්නේ ය”
යැයි ලෝකශිවංකර දසබලධාරී සර්වඥරාජෝත්තම ශ්‍රීමත් සුගත තථාගත සිද්ධාර්ථ ගෞතම සම්බුද්ධ වීර භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේ පැතපී හොවා සිට අධිශ්ඨාන කරන ලද එදින මේ සිරිලක සම්බුදු සසුන සවිමත් කරනු වස්,මෙසිරිලක පෙර සිට පැවති රාවන රාජවංශය අභාවයට යාමෙන් තැනින් තැන අවශේෂව කුටි ගෙවල් තනාගෙන රජුන් නොමැතිව අරාජිකව උන් උන් විරසකව කල් ගෙවූ ජනයා විසූ ලක් මව රජුන් සහිතව විජය ලද්දියක් කිරීමට පෙර සසර කල පෙරුම් දම් පිරි ඒ මහා යුග පුරුෂයෝ එදා ජන්බුද්දීපයෙන් නැවු නැගී තම්බපණ්ණි ද්වීපයට ගොඩ බට විජය කුමරුගේ සිට පන්ඬුකාභය,කාවන්තිස්ස ,
වලගම්බා,පැරකුම්බා වැනි ආත්ම වාර විසිගනනක් මේ මුලු සිරිලකටත් වරින්වර ප්‍රදේශ වලටත් අධිපතිව රාජ කිරුළු පැලැඳ අවසන් වරට රට ජාතිය ආගම වෙනුවෙන් අතට ගත් අසිපත බිම තබා දෙවුලොව මහේශාක්‍ය බෞද්ධ දිව්‍යදේවථාවන්ගේ ආරාධනා ලැබ යතීන්ඳ්‍ර වෙස් ගෙන කපුදුවේ සිරිගුනාලංකාර නමින් යලි ලක් පොලොවේ පා තබා වැදගත් සාසනික සිදුවීම් රැසකට පසුබිම නිර්මාණය කල ඒ ජෝතිමත් මිණි පහන 1986 ජුනි 28 අද වැනි දිනක 73න් වසරක් ආයු වළඳා දිවංගත සයනයේදී සියලු කථා සලලප නිමවා “මම යම්හ නැවත එම්හ යි තෙපලා” නිවී නික්මී පෙර සිටි තුසිත භවනටම වැඩි සේක.🙏
අනාගතයේ පහලවන මරුගේ යෝග සහිත අදුරු යුගයේ සියළු බාධක ජයගෙත හැකි පන්සිල් රකින දැහැමි පිරිසක් බිහිකිරීම උන්වහන්සේගේ පරම පැතුම විය.පංච ශීල ප්‍රතිපදාවත් සමගම අභීතව බුදු වත් පිළිවෙත් කරනු විනා ඉන් ඔබ්බට නොගොස් නොයැද හා කන්නලව් නොකර සදෙවුලොව මහේශාක්‍ය දිව්‍ය දේව පෙළට පමණක්ම පින් අනුමෝදන් කරන්නට දායක කාරකාදීන් පෙළඹවූ උන්වහන්සේ කෙටි කාල සීමාවක් තුල කර්ම විපාක ආබාධ හැර සුවපත් නොකල හැකි යැයි වෛද්‍යවරුන් ඉවතලූ ලෙඩුන් බුදු පිළිවෙතින් සුවපත් කළේය, බොහෝ නිවාස හා පුද්ගලයන්ට තිබූ අමනුෂ්‍ය දොාස් දුරුකලේය.රට ජාතිය ආගම වනසන මිසදුටු වසවත් මාර පාක්ෂික බලයට එරෙහිව දේව,බ්‍රහ්ම ,නාග,මහිද්ධික සමිදිටු සේනාව සමග සිය දිවියම කැප කරමින දියසෙන් සටනට වීර උදානයට ආර්‍යය සක්සේනා සුර සංග්‍රාමයකට මාර්ගය පාදා දුන් සේක.🙏
ගරු ස්වාමින් වහන්සේගේ ප්‍රදිපාලෝක ක්‍රමයෙන් දෙවු,මිනිසුන් ,බඹුන් සහිත වූ ලෝක ධාතුවට සිදුවූයේ මහඟු සේවයකි. මිසදුටු මාරපාක්ෂික බලවේගයන්ගෙන් පිඩා විඳි ඇත්තවුන් උන්වහන්සේ සොයාගෙන අවුත් පිහිට පිළිසරණ ලබා ගත්තෝය පංචශීලයේ පිහිටා තිසරණ සරණ එකම පිහිට බැවු පසක් කොට ගත්තෝය.අදටත් අපද ඒ ප්‍රතිපත්ති ක්‍රමයෙන් දොලොව දියුණුව කෙරවල සසර ගමන නිමාවට වැඩ සලසා ගන්නෙමු.
✨මේ ලංකා ද්වීපයටත් උතුම් වූ ගෞතම බුද්ධ ශාසනයට අමිල සේවයක් කිරීමට පෙර සසරේ කල මහා පුන්‍යකර්මයන්ගේ බලය හා පැතුම් ඇතිව බුදු සසුනේ ඉදිරි චිරස්ථිතියට වැඩ පිණිස දෙවු ලොවින් බැස මනුලොව පහල වූ
බුද්ධාංකූර වූ සීලාදි ගුණයන්ට ආකරයක් වෙමින් ලෝකසාසනික සේවයක් කරමින් බෝධිසත්ව පාරමි පූර්ණය කරමින් වැඩ සිටි මහෝත්තමයන් වහන්ස.. ඔබවහන්සේ මේ ගෞතම බුදුසසුනත් තව වසර දෙදහස් පන්සීයයක් සුරක්ෂා කිරීමට හිතෛෂීව අනාගත මෛත්‍රී බුද්ධ රාජ්‍යත් ඒකාලෝක කර මතු පහලවන බුද්ධෝත්පාදයක තුන්ලොවට පිහිටවන්නට අති උතුම් ලොව්තුරා සම්මා සම්බුදු බවම ලබත්වා..!!!🙏
අද දිනට යෙදෙන උන්වහන්සේගේ 35 වන ගුනසමරුවට දෙස් විදෙස් සියලුතැන්වල සිදුකෙරෙන පිංකම් පුන්‍යාණුමෝදනා උන්වහන්සේ පතන්නාවූ ආකාරයට පස්වාන්දහසකට ගෞතම බුදුසසුන මෙසිරිලක සුරැකීමටත් අනාගත බුද්ධ රාජ්‍යකදී මතු ලොවුතුරා බුදුබවට හේතුවාසනා වේවා……!!
මිසදුටු බලය පරදවා තිසරන පංචශීල බලයෙන් ත්‍රිවිධරත්නයේ පහන ඒකාලෝක කල ඒ උතුම් බුද්ධ පුත්‍රයාණන්ට මාගේ නමස්කාර වේවා….!
ලෝකශිවංකර දසබලධාරී සර්වඥරාජෝත්තම ශ්‍රීමත් සුගත තථාගත සිද්ධාර්ථ ගෞතම සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ අති උත්තම ශ්‍රී සත්ධර්මය පරිනිර්වාණ මංචකයේ පටන් මෙසිරිලක ස්ථාපිත කිරීමට විජයාවතරණයේ සිට අප්‍රමාණ දුක් කම්කටොලු විදිමින් පර සතුරන් මෙල්ලකරමින් දිවි පරදුවට තබමින් නැවත නැවත සම්බුදු සසුන වෙනුවෙන් ඉපිද අප නිවා සනසමින් මෙකල ගෞතම සම්බුදු ශාසනය සුරක්ෂිතව ශෝභමාන කලාවූ ද ඒ පාරිශුද්ධ ආර්‍ය මාර්ග ප්‍රතිපදා ඤාණ දර්ශන විශුද්ධි ආලෝකයෙන් අප චිත්ත සන්තාන හේතු ඵල පාරමී මාවත මහේශාක්‍ය කලා වූද ඒ වීරෝදාර අප ගුරැදේවෝත්තම යුග පුරැෂයන් වහන්සේගේ පායුග වැද නමස්කාර කරමි..ඒ ශ්‍රී පා කමල් අභියස උන්වහන්සේගේ ඒ පෙර පැතුම් ඉටු කරදීමට සහය පිණිසම පෙර උරුමයට,පෙර පැතුමට මාගේ ජීවිතය පූජා වේවා…!!! 🙏🙏🙏
මේ නාම රෑපී හේතුඵලය මෙතේ බුදුන්ගේ බුද්ධ රාජ්‍යයේදී නැවත ලෝකය සමග එක් නොවන අවස්ථාව දක්වාම අසහාය අනුත්තර විජය සංග්‍රාම විජය ධම්සක උදෙසාම පූජාවේවා…
එය නිර්වාණය තෙක් ඇත්තාවූ එකම පරම සත්‍ය පාරමිතාව වේවා…!!!🙏🙏🙏
මේ සටහන තැබීමෙන් මා තුල ජනිත වූ කුසලානිසංස බලයෙනුත් අප සියළු දෙනා අනන්ත සසර පටන් ජනිත කරගන්නා ලද කුසලානිසංස බලයෙනුත් අපගේ ගුරුදේව උත්තමයන් වහන්සේ වන සිරිගුනාලංකාර මහනාහිමිපාණන් වහන්සේට අප වැනි අසරණ සත්වයින්ට අමාපැන් පොවමින් නිවන් පුර රුවන් දොරටු වීවෘත කරදීමට හැකිවන ලොව්තුරා බුද්ධ රාජ්ජයම අවබෝධ කර ගැනීමට සියළු කුසල් හේතු වාසනා වේවායි මෛත්‍රී සිතින් ආශිංසනය කරමු…
සාධූ සාධූ සාධූ….!!!🙏🙏🙏
චිරාත් කාලයක් මේ ලෝතලය මත සිරිගුනාලංකාර දියසෙන් ප්‍රදීපාලෝක පිලිවෙත ඒකාලෝක වේවා…!!
රට ජාතිය පිණිසයි.
ජාතිය ආගම පිණිසයි.
ආගම ප්‍රතිපත්තිය පිණිසයි.
ප්‍රතිපත්තිය රට පිණිසයි.
සංස්කාරක :
⚜️ දියසෙන් කාහළ නාදය ⚜️
ඔබ සැමට නිවන් සැප ලැබේවා!
🌸ඔබ සැමට නිවන් සැප ලැබේවා!🙏🏻
🍃ලෙස සුභ පැතිය නොහැකිද❓
🔵මේ ලෝකයේ විවිධාකාර සැප තිබේ. සියලුම සත්වයෝ ඒ සැප සම්පත් විඳින්නට දැඩි සේ කැමැත්ත දක්වයි. ඒ සියලුම සැප දෙයාකාරයකට බෙදිය හැකි ය.
🔰ඒ කාම සැපය සහ විමුක්ති සැපය ලෙසයි. කාම සැපය ලෞකික සැප වන අතර, විමුක්ති සැපය ලෝකෝත්තර සැපය වේ. ඉන් ඉහළම සැපය වන්නේ උතුම් ලෝකෝත්තර විමුක්ති සැපය යි. ඒ තරම් සැපයක් කොහේවත් නැත. ඒ සැපයට “නිවන” යැයි කියනු ලැබේ.
🔰මේ සියළුම සැප විවිධාකාරයෙන් විස්තර කළ හැකි ය. – ධම්මපදයේ නාග වර්ගයේ මෙසේ සඳහන් වේ.
“අත්ථම්හි ජාතම්හි සුඛා සහායා, තුට්ඨී සුඛා යා ඉතරීතරෙන;පුඤ්ඤං සුඛං ජීවිතසඞ්ඛයම්හි, සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං.”
“කිසියම් කටයුත්තක් ඇති විට යහළුවෝ සැපගෙන දේ, තමන් සන්තක සුළු දෙයින් හෝ සතුටුවීම සැපය යි, මරණාසන්නයේ දී පින සැපය යි. රහත් බව ඒකාන්ත සැපය යි.”
🌸සියලු සත්වයන් ගේ ඒකායන අරමුණ විය යුත්තේ සියලු සසර දුක් නසා නිවන් දැකීමයි. ඒ සුන්දර නිර්වාණ සුවය දකින්නට නුවණැති පින්වතුන් කටයුතු කර ගත යුතුමයි. එහෙත් වර්තමානයේ දී මිනිසුන් සිතන පතන දෘෂ්ඨියේ තිබෙන බොහෝ වැරදි අදහස් නිසා, නිවන් දැකීම පිළිබඳවද ඇති කරගෙන ඇත්තේ මිත්‍යා මත වේ.
🔴ඔබ ඉදිරියට ඔබේ හිතවතෙකු පැමිණෙන විට, ඔබේ හිතවතාට ඔබ ‘නිවන් සුව ලැබේවා!’ යැයි කිව හොත් කුමක් වේදැයි සිතන්න.
වර්තමානයේ මේ කාල සීමාවේදී නම්, ඔහු ඔබත් සමග ජීවිත කාලයටම අමනාප වනවා නො අනුමානයි. එයට හේතුව ඔහු ‘නිවන් සැප ලැබේවා!’ යැයි සිතා සිටින්නේ මිය යෑම නිසා ලැබෙන කාරණාවක් හෝ, මිය යෑමට අදාළ කුමන ආකාරයක ආශිර්වාදයක් හෝ, සුභ පැතීමක් හෝ, මරණයට අදාළ යම්කිසි කාාරණාවක් ලෙස සිතීමයි.
🛑මෙය සම්පූර්ණයෙන්ම වැරදි මිථ්‍යා අදහසකි.
මෙවැනි මිත්‍යා දෘෂ්ටියක් නිර්මාණය කරගෙන ඇත්තේ බෞද්ධ සමාජය තුළින්මයි. මේ මිථ්‍යා දෘෂ්ටිය වෙනස් කරගන්නට නුවණැති බෞද්ධ පින්වතුන් කටයුතු කරගත යුතුමයි. එය මහනීය පින්කමක් ද වේ.
🌸මේ ලෝකයේ යම්කිසි කෙනෙක් තවත් කෙනෙකුට සුබ පතනවා නම් “ඔබට නිවන් සැප ලැබේවා!” ලෙස සුබ පතන සුබ පැතීම හා සමාන උතුම් සුභ පැතීමක් තවත් නැත.🍃🙏🏻
🔴මේ ලෝකයේ කවුරුහරි මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම සතර අපා ආදී සත්වයෙක් උතුම් සැපයක් ලබන්නට කටයුතු කරනවානම් ඒ උතුම් සැපය නිවන් සැපයම වේ. ඒ හා සමාන සැපයක් තුන් ලෝකයේ කිසිම තැනක නැත.
නමුත් අවාසනාවකට නිවන් දැකීම ගැන බහුතරයක් දෙනා දන්නේ නැත. නමුත් ඔවුන් තමන් සිව්වනක් පිරිසට අයත් “බෞද්ධයෝ” යැයි හඬනගා කියයි. නමුත් ඔවුන් විසින්ම උතුම් වටිනා වචන අවභාවිතා කර ඇත.
නිවන් සුව ලබන්නේ ජීවත්ව සිටින මනුස්සයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, ආදී ජීවත්ව ඉන්න කෙනෙක් හැර මිය ගිය කෙනෙකුට නොවේ. මිය ගිය පසුව එසේ කීමෙන්, පැතීමෙන් ලැබෙන නිවනක් නැත. නිවන ප්‍රාර්ථනාවකින් ලැබෙන දෙයක් නොවේ.🍃
🛑”නිවන් සුව ලැබේවා!” යන්න පමණක් නොව, උතුම් බුදු දහමේ තවත් එවැනි උතුම් වචන රාශියක්ම බෞද්ධයින් විසින් ම අවභාවිතා කර ඇත.🔥
උතුම් “අරහං” බුදු ගුණය ද එවැනි වචනයකි.
බොහෝ දෙනා අද එය භාවිතා කරන්නේ “මට ඔය මනුස්සයා අරහං” ආදී ලෙස කෙනෙක් පෙන්වන්නට නොහැකි බව ඇඟවීමට යි.🔥
🛑”හයහතර නොදත් අය” ලෙස අද බොහෝ දෙනා හඳුන්වන්නේ දරුවන් සම්බන්ධව කතා කිරීමට ය. නමුත් එයින් කියවෙන්නේ දිව්‍යලෝක හය සහ සතර අපාය ගැනයි.
🛑”උපාසක මහතා, උපාසක අම්මා” යන මේ වචන අද භාවිතා කරන්නේ සිල් ගත් අය සඳහා පමණයි. නමුත් සිල් ගත් විටදී ද වැඩි වශයෙන් බොහෝ දෙනා කැමති, මැතිතුමා මැතිණිය කියන එකටයි. සිව්වනක් පිරිසට අයත් භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා හැර ඉතිරි සියලු දෙනාම අයත් වන්නේ උපාසක උපාසිකාවන් ටයි. වර්තමානයේ දී බෞද්ධ පින් පින්වතෙකු ට “උපාසක මහතා, උපාසක අම්මා” යැයි කීවිට ඇතමුන්ට ඉතා තදබල ලෙස කේන්ති යයි. සමහර විට එසේ කී ස්වාමින්වහන්සේ සමඟ ජීවිත කාලයටම කතා කරන්නේ ද නැත.🔥
🛑තවත් මේ ආකාරයට බෞද්ධයින් විසින් ම උතුම් ධර්මයේ අවභාවිතා කරන වචන රාශියක් පෙන්විය හැකි ය. ඒ සියලු අවභාවිතාවන් අතර ඉහළින්ම තිබෙන්නේ “නිවන් සුව ලැබේවා!” යන්නයි. සසර සැරි සරනා සත්වයින්, සසරින් එතෙර වන්නට “නිවන් සුව” දැකිය යුතුම ය.
🔵රහතන් වහන්සේලා හැර අන් සියලු දෙනා මිය යාමේදී වෙන්නේ මරණයත් සමගම නැවත පුනර්භවයට පැමිණීමයි. ඉපදීමයි. සෝවාන් ආදී අනෙක් උතුමන්ද රහත් නොවී සිටියහොත් මාර්ගඵලයට අනුරූප තැනක උපදී. රහත් වූ පසු එහි ආයු අනුව ආයුෂ විඳ අනුපාදිසේස පරිනිර්වාණයත් සමගම පිරිනිවන් පායි.
🌸”නිවන”
“නිවන” යැයි කියන්නේ මේ ලොව ඇති උසස්ම ප්‍රණීතම සැපය යි.🍃
🌸නිවන් දකින්නට කටයුතු කරන උත්තමයන් වහන්සේලා හඳුන්වන්නේ බෝධි බෝධිසත්වත්වයෝ කියා යි. “බෝධි” යන වචනයෙන් කියවෙන්නේ ලෝකෝත්තර වූ ආර්ය මාර්ගයත්, සර්වඥතා ඥානයත් වේ. බෝධි තුනක් තිබේ.
🌺1. සම්මා සම්බෝධිය
🌺2. පච්චේක සම්බෝධිය
🌺3. ශ්‍රාවක බෝධිය
මේවාට තුන්තරා බෝධිය යැයි කියනු ලැබේ.
🔵මේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිනෙන්නට, පිරිය යුතු ධර්ම වන්නේ පාරමිතා යි. පාරමිතා පිරූ බෝධිසත්වයන් වහන්සේලා, ලෝකෝත්තර ආර්ය මාර්ගය ඥානයෙන් කෙලෙසුන් නසා නිවන් දකී.
🔵 නිවන කියන්නේ…. මේ ලෝකයේ ඇති අති ප්‍රණීතම, වටිනාකම කිව නොහැකි, කවර කලෙකවත් නැති නොවන හැම කල්හි පවත්නා සැපයටයි. මේ නිවන දුක මිශ්‍ර නැති ශුද්ධ වූ සුඛය වේ.
🔵නිවන පඤ්චේන්ද්‍රියයන්ට හා මන්දබුද්ධිකයින්ගේ මනින්ද්‍රියට ද විෂය නොවන පරම සූක්ෂ්ම ධර්මයක් වේ.
🔵නිවන් දැකීම නිසා නැතිව යන දුක් ලෙස සලකන විට අති විශාල ධර්මයක් වේ. ලෝකෝත්තර ධර්මයක් වේ. මහානුභාව සම්පන්න ධර්මයක් වේ. පිහිටි තැනක් නැතිව ඇති ධර්මයක් වේ. එක ද සත්ත්වයකුත් එහි නැත, එහෙත් සත්ත්වයින්ට පරම පිහිටක් වූ ධර්මයක් වේ.
නිවනට පැමිණීම අවස්ථා පහකින් ද, ඉතිරි වී ඇති ස්කන්ධ සහ ඉතිරි ස්කන්ධ කිසිවක් නැති බව දැක්වීම් ලෙස අවස්ථා දෙකකින් ද නිවන ගැන කිව හැකි වේ.
නිවනෙහි ස්කන්ධයන්ට අයත් දේවලින් කිසිවකුත් නැත. ඒ නිවනෙහි ඇති උතුම් ගුණය යි.
ලෝකයෙහි සැප වර්ග දෙකක් තිබේ.
🟢ඒ කාම සුඛය සහ විමුක්ති සුඛය යි. මෙයින් කාමනීය වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ෂ, ධර්ම නිසා උපදින සුඛය “කාම සුඛ” වේ.
🟢පැමිණ තිබෙන්නා වූ හෝ මතු පැමිණෙන්නට තිබෙන්නා වූ හෝ විපතකින් දුකකින් බේරීම වූ නිදහස “විමුක්ති සුඛ” වේ.
✅මේ සැප දෙකින් කාම සුඛය විඳින සැපයකි. එම නිසා එයට “වේදයිත සුඛය” කියා කියනු ලැබේ. විමුක්ති සුඛය නො විඳින සැපයකි. එයට “අවේදයිත සුඛය” කියා කියානු ලැබේ.
🌺”නිවනට පැමිණෙන ආකාරය
එක් පුද්ගලයකුට නිවනට පැමිණිය හැකි වනුයේ එක් වරක දී නො ව පස්වරක දී ය. නිවන් සොයා ක්‍රියා කරන්නා වූ යෝගාවචරයා සෝවාන් වන විට ඔහුට මතු සතර උපායෙහි උපදින්නට තිබෙන ස්කන්ධයන් හා ජාති සතකින් මතු සුගතියෙහි ද, උපදින්නට තිබෙන ස්කන්ධයෝ ද නිරුද්ධ වේ. ඉන් පසු ඔහු අපායෙහි නූපදී. සුගතියෙහි ද සත් වරකින් මතු නූපදී. සෝවාන් පුද්ගලයාට වන්නා වූ මේ දුඃඛ නිරෝධය පළමු වරට නිවනට පැමිණීම වේ.
🌺සෝවාන් ඵලයට පැමිණ සිටින ආර්‍ය්‍ය ශ්‍රාවකයා සකෘදාගාමි වන විට ඔහුට ඉතිරිව තුබූ ජාති සතකට අයත් ස්කන්ධයන්ගෙන් ජාති සයකට අයත් ස්කන්ධයෝ නිරුද්ධ වේ. ඉන් පසු ඔහු සසර උපදිතත් උපදින්නේ එක් වරක් පමණී. සකෘදාගාමි පුද්ගලයාගේ මේ ජාති සයකට අයත් දුඃඛයෙන් මිදීම දෙවෙනි වර නිවන් ලැබීම වේ.
🌺සකෘදාගාමි පුද්ගලයා අනාගාමි වන විට ඔහුට කාම භවයෙහි එක් වරක් ලබන්නට තුබූ ස්කන්ධ දුඃඛය ද නිරුද්ධ වේ. ඉන්පසු ඔහු කාම භවයෙහි නූපදී. අනාගාමි පුද්ගලයා ලබන මේ දුඃඛ නිරෝධය තුන්වෙනි වර නිවන් ලැබීම වේ.
🌺අනාගාමි පුද්ගලයා රහත් වන විට රූපාරූප භවයන්හි උපදින්නට තුබූ ස්කන්ධයෝ ද නිරුද්ධ වේ. ඉන්පසු ඒ රහතන් වහන්සේ කිසි කලෙක කොතැනක වත් නූපදී. රහතන් වහන්සේ ගේ ඒ දුඃඛ නිරෝධය සතරවැනි වරට නිවනට පැමිණීම වේ.
සතර වැනි වරටත් නිවනට පැමිණීමෙන් පසු රහතන් වහන්සේට ශේෂව ඇත්තේ අතීත හේතුවෙන් හටගන්නා වූ වර්තමාන ස්කන්ධ දුඃඛය පමණකි. පිරිනිවීමෙන් එය කෙළවර වන්නේ ය. එය පස්වෙනි වරට නිවනට පැමිණීම වේ.
🔵සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් පුද්ගලයන් හැම ආකාරයකින්ම දුකින් මිදී නැති නිසා, පිරිනිවීම තෙක් ස්කන්ධ පවතින නිසා ඔවුන්ගේ නිවනට ඉතිරිව තිබෙන ස්කන්ධයන් නිමිත්ත කොට “සෝපාදීශේෂ නිර්වාණය” කියා කියනු ලැබේ. පරිනිර්වාණයෙන් පසු ලබන නිවනට ඉතිරි ස්කන්ධ කිසිවක් නැති බව නිමිත්ත කොට “අනුපාදිශේෂ නිර්වාණය” යි ද කියනු ලැබේ.”
🔵ප්‍රාර්ථනා කළාට, ආශිර්වාද කළාට නිවන් දැකිය නොහැක. එසේ කිරීමෙන් කළ හැකි වන්නේ කල්‍යාණ මිතුරකු වී නිවන් දකින්නට අනිත් අයව උනන්දු කරවීම කි. එය මහනීය පිංකමකි.
නිවන් දකින්නට නම්, දුක්ඛ සත්‍යය යි, සමුදය සත්‍යය යයි යන දෙක නැති කළ යුතු ය. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදිය යුතු ය.
කරුණු මෙසේ හෙයින් නුවණැති පිංවතුන් දැන්වත් මේ සිදු කරන වරද නිවැරැදි කරගත යුතු ය. මියගිය පසු කියන වචනයක් ලෙස “නිවන් සුව ලැබේවා!” යැයි සමාජගත වී තිබෙන මතය වෙනස් කර, ඒ සඳහා සුදුසු ලෙස කටයුතු කිරීමට පෙළ ගැසිය යුතුය.
එය ඔබටද කළ හැකිය. “නිවන් සැප ලැබේවා”කියන වචනයම කිව නොහැකි නම්, පෙරළා ලැබෙන ප්‍රතිචාරයට ඔබ බය නම්, එය සමාජයට හුරුවන තෙක් ඔබට මෙසේ කිව හැකි ය.
🌸”මේ පින සසර දුක් නසා නිවන් දකින්නට හේතු වේවා! “🍃
🌸”ඔබට චතුරාර්ය සත්‍ය සත්‍යාවබෝධ ඤාණයෙන් නිවන් දකින්නට හැකි වේවා!”🍃
ආදී ලෙස කැමති ආකාරයකට ඔබගේ හිතවතාට සුදුසු ලෙස සුබ පැතිය හැකිය. ඒ කල්‍යාණ මිත්‍රත්වයෙන් ලැබෙන මගපෙන්වීම, ඔබටද මහානීය පුණ්‍යකර්මයක් වේ.
ඉතින් ඔබත් මේ පවතින මිථ්‍යා මතය වෙනස්කර, නුවණැත්තන්ට නිවන් දකින්නට මග පෙන්වන කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. එන්න අපි හැමෝම එකම අරමුණකට යන කල්‍යාණි මිතුරන් ලෙස ආශිර්වාද කරමු හැමෝටම
🌸”ඔබ සැමට නිවන් සුව ලැබේවා!🍃
උපුටා ගැනීම:
රත්නපුර දිශාවෙ ප්‍රධාන සංඝනායක,
සද්ධර්ම ශිරෝමණී,
ත්‍රිපිටක වාගීෂ්වර,
විපස්සනා කම්මට්ඨානාචාර්ය,
අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමීන්වහන්සේගෙ ලිපියකිනි
💫 තෙරුවන් සරණයි
මූලාශ්‍ර විකුර්ති කිරීම
මුල් මූලාශ්‍රය විකෘති කිරීම හෝ අවභාවිතා කිරීම නොකළ යුත්තක් යැයි අප ආචාර්යවරු නිරන්තරව සිහිකැදවූවෝ ය. හේතුව එයින් වන අගතිය හා හානිය මෙතෙක් යැයි කියා නිමකළ නොහැකි නිසා ය.
මුල් මූලාශ්‍රය වෙනස් වීම අප පැරණි ශ්‍රේෂ්ඨ යතිවරු ඉවසුවේ ම නැත. එවිට ඔවුන් එම අවස්ථාවන්ට සැරෙන් පිළිතුරු දී වැරෙන් පහර දුන් අවස්ථා අප අසා ඇත. බුදුහාමුදුරුවෝ ද තමන් වහන්සේ නොදෙසූ දෙයක් සිය ගෝලයන් කියා ඇති විටෙක ඔවුන්ට දෙසුවේ සැර භාෂාවකිනි. එව්වා විනය පිටකයෙන් දත හැකිය.
ත්‍රිපිටක සාහිත්‍යයට බුදුන්ට මෙන් සැලකූ යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවෝ ද උගත් කිරිඇල්ලේ ඥානවිමල පණ්ඩිත හාමුදුරුවන්ගේ ත්‍රිපිටක ශෝධක වැඩේට විරුද්ධව අවි අමෝරන්නේ ද මුලින් මං කිව්ව හේතුව නිසාය
මං විශ්වාස කරන්නේ විද්‍යාලංකාර මජ්ඣිමනිකාය සංස්කරණයක් එන්නේ ම ඒ යක්කඩුවේ හාමුදුරුවෝ මුල් මූලාශ්‍රය අවභාවිතා කිරීමට එරෛහි අවි එසවීමේ ප්‍රථිපලයක් ලෙසට ය. කිරිඇල්ලේ ඥානවිමල පණ්ඩිත හාමුදුරුවෝ ද දැන උගත් රාජකීය පණ්ඩිත මහතෙරනමකි. නමුත් උන්වහන්සේ කළ වැඩේ වැරදි ය. මජ්ඣිමනිකාය සංස්කරණයේ දී අමු අමුවේ වැරදි ක්‍රියා සිදුකළ බැවින් ත්‍රිපිටකයට ද බුදුන්ට මෙන් සැලකූ යක්කඩුවේ පණ්ඩිත හාමුදුරුවන්ට යකා නැග්ගේ ය. දීර් ඝ සමන්නේසනාවන් සහිතව අමු අමුවේ දොස් නගමින් යක්කඩුවේ හාමුදුරුවෝ මජ්ඣිමනිකාය යළි සංස්කරණය කරමින් කිරිඇල්ලේ පණ්ඩිත හාමුදුරුවන්ට තඩිබෑවේ ය. ඒ සංඝභේදයක් ඇතිකරනු පිණිස හෝ තවකෙකුට දෝෂාරෝපණය කරනු පිණිස නොවේ. බුදුන්ට මෙන් ආදරය කළ ගෞරවය කළ පණ වගේ රැක්ක ත්‍රිපිටක මූලාශ්‍රය ට කරන හානිය දරාගන්න බැරිව ය.
ඒ විතරක් නම් මැදෑ! හෙළයේ මහගත්කරු වූ මාර් ටින් වික්‍රමසිංහයන්ටත් ඔහුගේ භවතරණය අනුමත කළ ගුණදාස අමරසේකර, සරත්චන්ද්‍ර ආදීන්ටත් එළව එළවා පහර දුන්නේ ද මුල් මූලාශ්‍රයවල එන බුද්ධචරිතය අමු අමුවේ විකෘති කිරීම නිසා ය. යක්කඩුවේ හාමුදුරුවෝ යකා වෙන්නේ වෙන වෙන හේතු නිසාමත් නොවේ, මේ හැරෙන තැපෑලෙන් මුල් මූලාශ්‍රයන් විකෘති කරන්නවුන්ට බැටදුන් නිසාම වෙන්නත් හැකි ය.
යක්කඩුවේ හාමුදුරුවෝ පමණක් නෙවෙයි ඔය පංචමහාවාදය ම කරන්නේ මොහොට්ටිවත්තේ ආදී හාමුදුරුවරු මූලධර් මවාදීන්ගේ අර මං කිව්ව මුල් මූලාශ්‍රයන්ට අපහාස කිරීම නිසයි. ඒක මේ ශාසන වැටේ ලක්ෂණයක්. අපේ ලාංකික පරපුර මේ ත්‍රිපිටක සාහිත්‍ය රැක්කේ අපමණ ගෞරවයකින්. ඒ නිසා එයට අත තියන්න ඉඩ දුන්නේ ම නෑ. මෑතකාලීනව සැරෙන් පිළිතුරු දී වැරෙන් පහර දුන් එවැනි බුද්ධ පුත්‍රයෙක් ගැන මා අසා තියෙනවා. ඒ බත්තරමුල්ලේ සුභූති හාමුදුරුවෝ. උන්වහන්සේටත් අපගේ ත්‍රිපිටක මූලාශ්‍රයන්ට අත තිබ්බ මූලධර් මවාදීන්ගේ වැඩ ඉවසුවේ නෑ. ශාස්ත්‍රීය බවත් එක්ක කටවාචාල කමත් එමට ම පාවිච්චි කළා.
කොච්චර සම්භාවනාවට පාත්‍ර වුනත් කොච්චර වැදගත් පූජනීය චරිතයක් වුනත් ලෝවැඩසගරාව ලියූ වීදාගම මෛත්‍රී හාමුදුරුවන්ගේ ඇතැම් කවි මුල් බුද්ධවචනයට පටහැනි වූ තැන්වල ඒවා පෙන්වාදීමට මෑතකාලීන අපගේ පණ්ඩිත හාමුදුරුවෝ නමක් වෙච්ච රේරුකානේ චන්දවිමල මහතෙරුන් පෙළඹුනා. ඒ අර මුල් මූලාශ්‍රය විකෘති වුනාම වෙන හානියෙන් වලක්ව ගන්න. ඒවා බලන්න ඕන නම් කට්ටිය ධර් ම විනිශ්චය පොත බලන්න.
එහෙම විවේචන එල්ලකරපු ඕනතරම් තවත් අය හිටියා. බද්දේගම විමලවංස හාමුදුරුවොත් එහෙම කෙනෙක්. මක්ක කියනව ද? අච්චර සේවාවක් කරපු හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාට රටින් පැන දුවන්න තරම් ප්‍රහාරයක් එල්ල කලේ අපේ මොහොට්ටිවත්තේ හාමුදුරුවොත් ධර් මපාලතුමත් එකතු වෙලා දළදාව සම්බන්ධයෙන් කරපු කතාවක් නිසාලුනේ.
මූල් මූලාශ්‍රය විකෘති කරන්නවුන්ට මහාවිහාරය ටිකක් තදින් හිටියා. මෝඩ උද්දච්ඡ විදියට නෙවෙයි. හැබැයි කන හරහා ඔලුවට දැනෙන්න තමයි ඔවුහු උත්තර දුන්නේ. වැරදි මත දරන්නවුන්ට ඇතැම් වෙලාවට බුදු හාමුදුරුවොත් දුන්නේ රෙද්ද ගැලවෙන උත්තර. ඒවා පොලොව පලාගෙන අපායේ යන්න හිතෙන උත්තර. ඒක කලාවක්.
මේ මුල් මූලාශ්‍රය විකෘති කරන්නවුන්ට විරුද්ධව පිළිතුරු දෙන අය අදත් හෙටත් බිහිවේවි. මං නම් යක්කඩුවේ හාමුදුරුවෝ නමක් ප්‍රාර් ථනා කරන හිමිනමක්.
මෙහි දෙවැනි ලිපිය යක්කඩුවේ හාමුදුරුවෝ විසින් ලියා තැබූ ප්‍රාථමික මූලාශ්‍රය විකෘති කිරීමට එරෙහිව සටහන් ඉදිරිපත් කිරීමට වෙන් කරමි.
2009 වර්ෂයේ සිට මා දන්නා ආචාර් ය අරුණ ගමගේ ගුරුතුමා ද ත්‍රිපිටක සාහිත්‍ය විකෘති කරන්නවුන්ට එලව එලවා පහර දෙන්නෙකි. එය එතුමා විතරක් නෙවෙයි තවත් අය කරයි. නමුත් අරුණ ගමගේ ඇදුරුතුමන්ගේ පිලිතුරු රටාව අනෙක් අයට වඩා සැර ය. එය යක්කඩුවේ හිමි, බත්රමුල්ලේ සුභූති හිමි, මොහොට්ටිවත්තේ හිමි තරම් නම් නොවන බව නම් පැහැදිලි ය. නමුත් සැර ය. ආකර්ශනශීලිය. වැරදිකරුගේ රෙද්ද නම් ගැලවෙන්නේ ය. එය මට ද වැඩි ඈතක නොවන්නට මා වග බලා ගන්නට තීරණය කළෙමි.
මතු සම්බන්ධයි!
සූරියවැව සුමේධ හිමි
අපේ හාමුදුරුවන් වෙතටයි
අපේ හාමුදුරුවන් වෙතටයි
ඔබ වහන්සේ මා කියන දේ සතපහකටවත් ගණන් නොගන්නා බව මා දන්නවා. මා සමහර විට මහාවංසය සමග එහෙමත් නැත්නම් අටුවා ව සමග එකඟ නොවන දේ කියනවා වෙන්න පුළුවන්. එසේත් නැත්නම් මෙරට බොහෝ උගතුන් බුද්ධිමතුන් වියතුන් මෙන් ම ඔබ වහන්සේත් මා නූගතකු ලෙස සලකනවා වෙන්න පුළුවන්. මා ත්‍රිපිටකයේ දන්නේ සූත්‍ර දහයකටත් අඩු සංඛ්‍යාවක්. ත්‍රිපිටකය වනපොත් කළ අය සිය ගණනක් ඉන්න රටක මට බුදුදහම ගැන කියන්න තියෙන්නේ මොනවා ද කියා ඔබ වහන්සේ හිතනවා ඇති.
ඒත් අද පොසොන් පෝදා මට තේරෙන කරුණක් දෙකක් ඔබ වහන්සේගේ අවධානය පිණිස යොමු කිරීමට කැමතියි. එහෙත් එයට අත්වන ඉරණම මා නොදන්නවා නො වෙයි. දැනට අවුරුදු තිහකටත් එහා සුප්‍රසිද්ධ අඹ පැනය ගැන මා ලිපියක් ලිවුවා. ඔබ වහන්සේ ඒ ලිපිය කුණු කූඩයට දැම්මා. මා හිතන්නේ ඒ ලිපියෙහි කිසිම වැදගත්කමක් නොතිබෙන්න ඇති.
බුදුහාමුදුරුවන් දෙසූ ධර්මය ගැන අපට විවිධ අර්ථකථන තියෙනවා. ඒ අර්ථකථන විවිධයි. සංකාර ගැන පොදුවේ පටිච්චසමුප්පදාය ගැන මගේ අර්ථකථනයක් තියෙනවා. එහෙමත් නැත්තන් මට තේරෙන විධියක් තියෙනවා. මනස ගැන මගේ මනසින් හදාගත් අර්ථකථනයක් තියෙනවා. නැති මනස නැති මනසක් බව නැති මනසින් කෙරෙන සම්මාබෝධය නිවන කියා කිවුවෙත් ඔබ වහන්සේ පිළි ගන්නේ නැහැ. ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පා කරත්වා!
මා දැන් මියන්මාහි ලංකා තානාපති. ඔබ වහන්සේ එයට අකමැති බව මා දන්නවා. ඔබ වහන්සේ ජනාධිපතිතුමාට පවසා තිබුණේ බුදුදහම දන්නා ශාසන හිතකාමී අයකු මියන්මාහි තානාපති ලෙස පත් කරන ලෙසයි. මා බලාපොරතේතු වූ කිසිවක් මට තානාපති ලෙස කරන්න බැරි වුණා. ඒ සම්බන්ධයෙනුත් මා අසමත්. එහෙත් මා මියන්මාහි දී යම් යම් දේ ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා කියන්නේ මගේ අර්ථකථන සපයා ගත්තා කියන එකයි.
ලංකාවේ මෙන් බුදුදහම හරි බුදුසසුන හරි මුල් අල්ලාගත් එහෙමත් නැත්තන් හඳුන්වා දුන් දිනයක් මියන්මාහි නැහැ. ඔවුන්ට පොසොන් පෝය වැනි දිනයක් නැහැ. අශෝක රජු සෝණ හා උත්තර මහ රහතන් වහන්සේට ධර්මප්‍රචාරය සඳහා මියන්මා (ස්වර්ණභූමියට – – දකුණු මියන්මා තායිලන්තය ඔබ්බට විහිදෙන ප්‍රදේශයක්) වඩින ලෙස ආරාධනා කර ඇතත් ඒ පිළිබඳ ව මියන්මා ඉතිහාසයේ කියන්නේ කුමක් දැයි පැහැදලි නැහැ. මියන්මාහි බෞද්ධ ඉතිහාසය ඒක රේඛීය නැහැ. අඛණ්ඩත් නැහැ. උතුරට පැමිණි තන්ත්‍රයානයක් ගැන මෙන් ම දකුණට දකුණු ඉන්දියාවෙන් (ආන්ද්‍රයෙන්) පැමිණි බුද්ධාගමක් ගැනත් කියැවෙනවා. සිංහල දීපයෙන් බූද්ධාගම පැමිණ ඇත්තේ එකළොස්වැනි සියවසේ අපේ විජයබා ඔවුන්ගේ අනව්රත රජවරුන්ගේ කාලවල. එහෙත් එදා සිට අද දක්වා ම කැඩි කැඩී වුවත් දෙරට අතර සම්බන්ධකම් තියෙනවා.
මියන්මා දේශයට අපෙන් පොත්පත් රැගෙන ගොස් තියෙනවා. එමෙන් ම විජයබා රජු උපසම්පදාව මියන්මා දේශයෙන් (බුරුමයෙන්) ගෙනැවිත් තියෙනවා. ඒ පොතේ සඳහන් දේ. එහෙත් මට තේරෙන විධියට බුරුමයට ලංකාවෙන් බෞද්ධ සංස්කෘතියක් හා එයටත් වඩා බෞද්ධ රාජ්‍යය ලැබී තියෙනවා. අනව්රත රජු මියන්මා බෞද්ධ රාජ්‍යය පිහිටුවල තියෙනවා. මිහිඳු මහ රහතන් වහනසේ වඩින්නට පෙර මෙරට යම් බුදුදහමක් තිබුණු බවට සාක්‍ෂි තියෙනවා. මිහිඳු මහා රහතන් වහන්සේ අපට ලබා දුන්නේ බෞද්ධ ශාසනයක් බෞද්ධ සංස්කෘතියක් හා බෞද්ධ රාජ්‍යයක්.
උන්වහන්සේ අපට දේශනා කළ ප්‍රථම සූත්‍රය වූයේ චුල්ලහත්ථිපදොපම සූත්‍රයයි. ඒ සූත්‍රයෙන් ද අඹ පැනයෙන් ද පැහැදිලි වනනේ එදා රජු හා රාජසභාවේ අය බුදුදහම තේරුම් ගැනීමට තරම් මට්ටමක සිටි බව. ඔවුන් මා මෙන් නොව බුද්ධිමත් අය වෙන්න ඇති. අඹ පැනය ගැන මෙන් ම එකී සූත්‍රය ගැනත් මා ලියා තියෙනවා. ඔබ වහන්සේ එයත් කුණු කූඩයට දැම්මා. ඒ සියල්ල මා කොළඹ විශ්වවිද්‍යාලයේ දී ඉගැන්නුවා. ඒ අසා ලක්‍ෂමන් හා ලක්‍ෂමන් මා කුණු කූඩයටවත් නුසුදුසු ය කියා විශ්වවිද්‍යාලයෙන් ම පිට කෙරුවා. චුල්ලහත්ථිපදොපම සූත්‍රය බටහිර විද්‍යාවේ විධික්‍රමයට විරුද්ධ අතර අඹ පැනය බටහිර ගණිතයට විරුද්ධ බව පමණක් මා මෙහි සඳහන් කරනවා. එහෙත් ඔබ වහන්සේට අනුව බුදුදහම විද්‍යාත්මක තාර්කික වෙන්න පුළුවන්. ඔබ වහන්සේ මා කියන කිසිවක් පිළිගනීවි කියා හිතන්න බැහැ. එහෙත් මා හිතන විධියට මෙන් ම මට හිතෙන විධියට බුදුහාමුදුරුවන් අද වැඩ සිටියා නම් බටහිර විද්‍යාවත් ගණිතයත් බ්‍රහ්මජාල සූත්‍රයට ඇතුල් කරනවා.
බෞද්ධ රාජ්‍යය ගැන ටේරවෝ ලිං ලියා තියෙනවා. ඔහුට අනුව බෞද්ධ රාජ්‍යය සංඝයා වහන්සේ රජු හා ජනතාව යන ගල් තුන මත රැඳී තියෙනවා. මාත් ඔහු අනුව මියන්මා එන තුරු එසේ සිතුවා. එහෙත් එය වැරදිය කියා මා දැන් හිතනවා. බෞද්ධ රාජ්‍යය සමන්විත වෙන්නෙ සංඝයා වහන්සේගෙන් හා රජුගෙන් (රාජ සභාවෙන්). ජනතාව වෙනුවෙන් සංඝයා වහන්සේ පෙනී සිටිනවා. රජු හා ජනතාව සංඝයා වහන්සේට සිවුපසයෙන් සංග්‍රහ කරනවා. අදත් මියන්මාහි ඒ බෞද්ධ රාජ්‍යය යම් පමණකට හරි ක්‍රියාත්මක වෙනවා. පඬි නැට්ටන් ඊනියා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරමින් හමුදා ආණ්ඩුව ගැන අහන මැටි ප්‍රශ්නවලට උත්තර දෙන්න අවශ්‍ය නැහැ.
මියන්මා දේශයට බෞද්ධ රාජ්‍යය ලැබුණේ අපෙන් වුවත් අවාසනාවකට අද අප රටේ බෞද්ධ රාජ්‍යය නැහැ. මා මෙහි දී බෞද්ධ රාජ්‍යය යනුවෙන් කියන්නේ එහි ව්‍යුහය ගැනයි. මියන්මා මෙන් නොව අප අවුරුදු හාරසිය පනහක සෘජු යටත්විජිතවාදයකටත් ඉන් පසු වක්‍ර යටත්විජිතවාදයකටත් හසු වෙලා. අද අපේ බෞද්ධ රාජ්‍යය නැත්තේ ඔබ වහන්සේ රාජ්‍යයට සම්බන්ධ නැති නිසා.
1762 සිට රජු සංඝයා වහන්සේ පාලනය කරනවා. රජවරු සංඝයා වහන්සේ සමග එක් වී ශාසන සංශෝධන කර තියෙනවා. එහෙත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු 1762 දී සියම් නිකායේ උපසම්පදාව ගැන රාජාඥාවක් නිකුත් කළේ කොහොම ද? ඔහුට ඒ සඳහා තිබූ අයිතිය කුමක් ද? ඒ ආඥාව පරිච්ඡින්න කරන්නේ කොහොමද? අද සේරුවිල රජ මහා විහාරයේ නායක පදවිය ගැන තීරණය කිරීම අදාළ පාර්ශ්වයෙන් රෝම ලන්දේසි නීතිය ඩැහැගෙන. නායක පදවි ඇති කෙළෙත් ඉංගිරිසින්ට ඕන විධියට බව අමතක කරන්න බැහැ.
මට ඔබ වහන්සේට දැනමුතුකම් කියන්න බැහැ. ඔබ වහන්සේත් හිතන පරිදි මා බුද්ධිමතකුවත් උගතකුවත් වියතකුවත් නො වෙයි. එහෙත් රුවන්වැලි සෑ මළුවේ හාමුදුරු නමක් රුපවාහීනී කැමරාවට බණ කියන විට හිතෙන්නේ මොකක් ද? අර උපාසක උපාසිකාවන් කෝ? අද රට ආධ්‍යාත්මික ව පිරිහිලා. ලෝකය ම පිරිහුණත් අප පිරිහුණේ ඇයි? කොවිඩ් ගැන කවුරු කාගෙන් ඇහුවත් ඔබ වහන්සේගෙන් අහන්නෙ නැහැ. හැමෝ ම හිතනවා ඇති ඔබ වහන්සේට ඒ ගැන කියන්න දෙයක් නැහැ කියා. කොවිඩ් වයිරසය වඩ වඩා භයානක විකෘතීන් (ප්‍රභේද) හදනවා නම් එන්නතට වයිරසය සමග තරග කිරීමට නොහැකි නම් කළ යුත්තේ කුමක් ද? රට ආධ්‍යාත්මික ව නගා සිටු වන්නේ කෙසේ ද?
අද ජනතාව නියෝජනය කිරීම බටහිර ප්‍රජාතන්ත්‍රවාදය යටතේ දේශපාලනඥයන් ඔබ වහන්සේගෙන් පැහැර ගෙන. ඔබ වහන්සේත් දේශපාලනඥයන් පසුපස වඩිනවා. අප අද නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගැන කතා කරන දවස. උන්වහන්සේ අසුන් ගත්තේ සිංහාසනේ. අශෝක රජුට සිංහාසනයක් තිබුණ ද කියා මා දන්නේ නැහැ. සිංහාසනය සිංහල රජුගෙ අසුන. සිංහාසනය සාධාරණීකරණයට ලක් කරන්න අවශ්‍ය නැහැ. අශෝක රජුට තිබුණෙ මයුරාසනයක් ද? රාජාසනය කියමු. ඒකෙන් කමක් නැහැ. බෞද්ධ රාජ්‍යයේ ඔබ වහන්සේ පාංශුකූලයට හා වොයිස් කට් දේශපාලනයට සීමා විය යුතු නැහැ.
මහ ඇදුරු නලින් ද සිල්වා මහතා
කතෝලික රසික ලියනගේ පාතාලයා අසපුවා වෙනුවෙන් කහින්න ඇවිත් මට පිස්සු ලේබලේ ගහලා යූ ටියුබ් වලත්. එනිසා මෙසෙ ලිවා.
. කතෝලික නඩේම වැස්සට වත් ගොඩ නොවෙන තැන පන්සල්. ඔවුන් දැමූ කහලෝගු තමා ජූඩ් කබ්රාල් කිරිබත්ගොඩ. කමක් නෑ ඔහුගෙ අසපු පල්ලියට යන පාතාලය අඩු ගානේ ඔහු කිව්ව හින්දා නිසා වත් පංච ශීලය මොකක්ද කියා තේරුම් අරගෙන ඒවා රකින්නකො. තිසරණ සරණ බුදුරදුන් සරණ අය නොවේනෙ නියත මිසදිටුවෝ. ඒත් පංචශීලය රැකීම ලෝකේටම හොඳ දෙයක්. අවවාදයට වඩා ආදර්ශය උතුම් එනිසා ජූඩ් කබ්රාල් ට කියන ප්රාණ ඝාතයේ ආනිශංස මතක් කරගන්න කියා ඔහු දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිතකින් ගලිගමුව ඥානදීප හිමිපාණන් වහන්සෙට වස දීපු එක සේරුවාවිල හිමිපාණන් සහ තරුණ කාලෙ කාන්තාවක් මැරුව ඒවා ට රෝම ලන්දේසි නීතියෙන් බේරුණා ට කර්මයෙන් බේරෙන්න නොහැකි බව ඔහුට මතක් කර දෙන්න. පාතාල තුප්පහින්ට බොදුනුවන්ව පේන්නෙ පිස්සො ලෙස තමා. ඔය නඩේම තමයි අනගාරික ධර්මපාල තුමාට නලින් මහ ඇදුරුතූමාට සිංහළ වෙද මහතුන් පවා පිස්සො කියන්නේ මඩ ගහන්නේත්

