“උපන්දින සමරන ලාමක පැවිද්දන් “සිදුහත් මහබෝසතානන්වහන්සේ බුද්ධත්වය ලබා ලොවට ප්‍රකාශිත මුල්ම වචනවලින් පැහැදිලි වන්නේ, තමන් වහන්සේ විසින් බුද්ධත්වය සාක්‌ෂාත්කොට ගනිමින් යළි තම ඉපදීම නතර කළ බවයි. එහෙයින් ඒ බුද්ධ දේශිතයට අනුව සෑම පුද්ගලයකු විසින්මක කරනු ලැබිය යුත්තේ තම උපත නතර කොට ගැනීමට උත්සුක වීමය.නිරන්තර ප්‍රාර්ථනාව විය යුත්තේ ‘නහිජාතු ගබ්භසෙය්‍යං පුනරේතීති..යන්නය.එමෙන්ම බුද්ධ දේශනාව අනුව ‘ජාතිපි දුක්‌ඛා’ ඉපදීම දුකකි. ඒ අනුවද අවශ්‍ය කරුණ සම්පාදනය කර ගනිමින් නතර කිරීමට උත්සාහ කරනු ලබන දුකක්‌ වූ උපත ප්‍රීතියට, සැමරුමට නැවත නැවත සිහිපත්කොට එල්බ ගැනීමට කරුණක්‌ නොවන බව පැහැදිලිය.එහෙයින් උපන් දින සැමරුම ⁣බටහිර අන්‍යාගමික සිරිතක් මිස බෞද්ධ ප්‍රතිපදාවක්‌ නම් නොවේ.ගෞතම බුදුන්වහන්සේ ධරමාන සමයෙහි හෝ උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු හෝ උන්වහන්සේගේ උපත මුල්කොට ගෙන සැමරීමක්‌ කිරීමට උන්වහන්සේ කිසිදු විට අනුශාසනා නොකළහ. එලෙසම, උන්වහන්සේගේ දැසව් වහන්සේලා හෝ කිසිදු මහරහතන් වහන්සේ නමකගේ මේ උපත විෂයෙහි එය මුල්කෙටගෙන, පදනම් කොටගෙන කිසිදු සැමරුමක්‌ උත්සවයක්‌ බෞද්ධ සමාජයෙහි එදා සිදු නොවිණි. අදද සිදු නොවෙයි.ඒ මග යමින් ඉතිහාසයේ කිසිදු ථෙර නමක, බෞද්ධ රජ කෙනකු, යුව රජකු, රාජකීයකු, මහාමාත්‍යවර, ප්‍රභූවරයකු, රාජ්‍ය නිලධාරියකු උදෙසා හෝ එවැන්නකු විසින් පවත්වනු ලැබූ උපන් දින සැමරුමක්‌ පිළිබඳ සඳහනක්‌ නොවෙයි.එසේ නැතහොත් තම උපන් දිනය සමරා නොමැති බව අපගේ වැටහීමයි. එතෙකුදු නොව එකල උපන්දිනයක්‌ වෙනුවෙන් හෝ එය හුවා දක්‌වමින් හෝ කරන ලද මහා දාන මාන ආදී පින්කම්, වෙහෙර විහාර ප්‍රතිස්‌ඨාපන ආදියද අපගේ ඉතිහාසයේ සඳහන් නෙවෙයි.උපත නතරකොට සසරින් එතෙව නිවීම තම අභිමතාර්ථ සාධනය කොට ගැනීම මැනවි යන බුදුදහමේ වන දැක්‌මෙන් සුපෝෂිත පෙර අප බෞද්ධ සමාජයෙහි පූජ්‍ය, පාලක, පාලිත කිසිවකු හෝ එලෙස ඉන් බැහැර නොවූයේ එය සදහම් මග නොවන බව දැනසිටි බැවිනි. මමායනය, ආත්මවාදී පෝෂණය බැහැර කරමින් කළයුතු කවර හෝ පිංකමක්‌ සඳහා තම උපත, උපන් දින යන සංකල්පයම උපයෝගී කොට ගැනීම බුදුදහමට පටහැනි වීමක්‌ වේ.… නහිජාතු ගබ්භසෙය්‍යං පුනරේතීති.’ මම නැවත මවු කුසක්‌ (ගැබක) පිළිසිඳ ගැනීමක්‌ ප්‍රාර්ථනා නොකරමි’, එනම්, මගේ යළිදු උපතක්‌ සිදු නොවේවා මම නිවන් ලබම්වා ……ජරාවට පතවීම,මරණයට පත්වීම,ලෙඩරෝග වලට පත්වීම, දුක් දෝමනස්සයන්ට පත්වීම සිද්ද වෙන්නෙ මේ ඉපදීම නිසා ඉතින් කුමටද ඉපදුනු දවස කේක් කපා,සාද පවත්වා,සුභ පැතීම් කරලා සමරන්න මුල්තැන දෙන්නේ…?තම ජන්ම දිනයේ කුසල් දහම් රැස් කරගෙන නැවත ඉපදීම නතර කරගන්න සීල සමාධි ප්‍රඤ්ඤා වඩන්න උත්සහ දරන එක නේද කරන්න ඕනේ..?පන්චඋපාදානස්කන්ධයා ගෙ පහළ වීම යම් තැනකද එතන ජරා ව්‍යාධි මරණාදී සියළුම දුක්ඛයො ද ඇති වෙනව..ඉඳින් අවිද්‍යාවෙන් වැසිල තෘශ්ණාවෙන් බැදිල කර්ම නිසා ජරා මරණාදි දුක් සහිත පන්ච උපාදානස්ඛන්ධයාගෙ නැවත නැවත පහළ වීම නැති කරන්නමයි වීර්යය වඩන්න ඕනේ..ජරා ව්‍යාධි ආදී වූ අනේක දුක්ඛයන්ට පත්වෙමින් ක්ෂණයක් පාසා ගෙවී යන මේ ස්ඛන්ධ ලෝකයෙන් මිදීමමයි වටින්නෙ..ස්ඛන්ධයාගෙ පහළ වීමම දුක වන්නේ..නිර්මල වූ උතුම් වූ පරම සත්‍ය වූ බුදු දහමට අනුගත පරමාර්තය වටහා ගත් වර්ථමාන මොහොතේ සිහිය පවත්වමින්සිත නිවන් මගටම යොමු කරගත් කෙනෙකුගෙන් මෙවැනි ලාමක ක්‍රියාවන් කිසිසේත් පිළිඹිබු නොවන බව බුද්ධිමත් පිරිස ක්ෂණිකව වටහා ගනිත්වා .සම්පත් චමින්ද මහතා

කණගාටුව නම් දැන් ආරණ්‍ය වලටත් එය බෝ කරලා.බටහිරේ පොඩි උන්ගෙ උපන්දින පාටිවල ගුඩී බෑග් දෙනවා ආපු පොඩි උන්ට.ඒ වගේ හාමුදුරුවන්ගෙ උපන්දිනේ ට ගමේ දුප්පතුන් ගෙන්වලා ආරණ්‍ය ආක්‍රමණය කරන කතෝලික එවැන්ජලික නඩය විසින්ම මිෂනාරි ආක්‍රමණය ලස්සනට කරනවා දුප්පත් ගම්මුන්ට ගුඩී බෑග් හාමුදුරුවෝ අතින්ම දීලා.අසපුවන් ලෙස ආ කතෝලික යෝ පන්සල් වලින් ගමේ උපාසක උපාසිකාව විස්ථාපනය කර පන්සල් තනි කලා.ආරණ්‍ය වලට පල්ලි ක්‍රමය දී දෙස් විදෙස් මිසදිටුවෝ ගෙ දුක් ගන්නා රාල මුදල් වලට ඒ හිමිවරු වශි කෙරෙව්වා. අන්තිමේ ගමේ උපාසක උපාසිකාවෝට කුහක බවක් පටබැඳලා, කතෝලික සහ ක්‍රිස්තියානීන් ඊනියා කලණ මිතුරෝ සහ විශ්ව පාරමී නම් වූ පාප් මිතුරෝ දෙන පඬුරු පාක්කුඩම් වලට රැවටුණා. ශාසනය යනු ගොඩනැගිලි ලෙස රැවටී ඒවා හදවා ගත්තා මිසදිටු සහ කොටි මුදල් විසිවෙද්දි.මුලු ලෝකෙම මිසදිටුවන් ට ඇහෙන්න ට බුදු දහම ත්‍රිපිටකය ත් අභිධර්මය ත් දැන් කෑම පන්ති වගේ යූ ටියුබ් වලට මුදා හැර නිකම්ම ලෝක උරුමයක් කලා.අලුත්ම අදියර ගමේ දුප්පතුන් අන්‍ය ආගමික කිරීමට පහසුවෙන්ම ඩැහැ ගැනීමට මිෂනාරි ගුඩීස් හාමුදුරුවෝ ලවා ම දෙනවා. උමන්දා විකාරය ම ආරණ්‍ය වලටත් බෝ කලා ලොකූ හාමුදුරුවන්ගේ උපන්දින සැමරීම ලෙස. අහෝ සුධීරානන්ද හාමුදුරුවෝ පවා ඒ ගැටේට හසු කරගත් හැටි

ප්‍රේමදාස හා ගෝඨාභය නායකත්ව – ආචාර්ය නලින් ද සිල්වා මහතා

ප්‍රේමදාස හා ගෝඨාභය නායකත්ව

මෙම ලිපිය ඊයේ ලිපිය සමග පමණක් නොව පෙබරවාරි දෙවැනි දා හා ජනවාරි තිස්එක්වැනි දා ලිපි සමගත් සම්බන්ධයි. ආර් ප්‍රේමදාස කිසිම ප්‍රභූ සම්බන්ධතාවක් නැතිව රටේ විධායක ජනාධිපති පදවියට පත් වූ බවත් ඔහුට තම අදහස් ක්‍රියාවට නැංවීමට අදාළ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ම තම අතට ගැනීමට හැකි වූ බවත් අප ඊයේ සඳහන් කළා. අවාසනාවකට වත්මන් ජනාධිපතිතුමාට එසේ කිරීමට නොහැකි වී තිබෙනවා.

සිංහලයන්ට පසුගිය ජනාධිපතිවරණයේ දී අවශ්‍ය වූයේ ඒ පරිපාලන ක්‍රියාත්මක යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ම තම අතට ගත හැකි අයකු ජනාධිපති කිරීමට. ඒ බව අප කලින් ම දුටුවා. සිංහල ඡන්දවලින් පමණක් ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපති විය හැකි බව අප කීවේ ඒ මත පදනම් වී. අද කාදිනල්තුමා කුමක් කීවත් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමටත් දෙමළ ජාතිවාදය පරාජය කිරීම තහවුරු කිරීමටත් හැකි නායකයකු සිංහලයන්ට අවශ්‍ය වුණා. මෛත්‍රිපාල සිරිසේනට ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කරවීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔහුට සහ ඇතැම් රාජපක්‍ෂවරුන්ට අවශ්‍ය වූයේ දින පනස් දෙකේ ආණ්ඩුව ඉදිරියට ගෙන ගොස් සිරිසේන විධායක අගමැති වූ ආණ්ඩුවක් පිහිටුවීමට. අඩු තරමෙන් සිරිසේනට එවැනි බලාපොරොත්තුවක් දී තිබුණා. එට ඉටුවෙන්න තිබුණ ද නැද්ද යන්න වෙන ම කරුණක්.

රාජපක්‍ෂවරුන්ට දින පනස් දෙකේ ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට අවශ්‍යතාවක් තිබුණු බව දැන් අනාවරණය වෙනවා. එහෙත් ඔවුන්ට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය පාර්ලිමේන්තුවේ දී ලබා ගැනීමට නො හැකි වුණා. එ ජා පක්‍ෂය සකස් කළ විශ්වාසභංග යෝජනාව යටත්විජිත පාර්ලිමේන්තු වාර්තා බිඳ දමමින් දුව ගොස් භාර දුන්නා. රාජපක්‍ෂලා හා මෛත්‍රිපාල ගෝඨාභය කෙනකු ගැන හිතලා තිබුණෙ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා විය යුතු බවට පොහොට්ටුවේ අදහසක් තිබුණේ නැහැ. එය ජාතිකවාදීන්ගේ මතයක්. ජාතිකවාදීන්ට අවශ්‍ය වූයේ පරිපාලන ක්‍රියාත්මක යාන්ත්‍රණය මුළුමනින් ම තම අතට ගත හැකි යැයි සිතූ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා බවට පත් කිරීමට. පසු කලෙක ප්‍රධාන භික්‍ෂුන් වහන්සේ නමක් ජනාධිපති හිට්ලර් කෙනකු විය යුතු යැයි කියා ඇත්තේ ඒ අර්ථයෙන්.

එහෙත් පඬි නැට්ටන් ජඩමාධ්‍යවේදීන්ගේ ද සහායෙන් ඒ ප්‍රකාශයට විකෘති අර්ථවිවරණයක් සැපයුවා. ඒ පඬිනැට්ටන්ගේ දේශපාලනය. ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂ ඇඩොල්ෆ් හිට්ලර් කෙනකු බවට පත් කළා. එහෙත් ගෝඨාභය රාජපක්‍ෂට අර යාන්ත්‍රණය මෙහෙයවීමට තබා දායකත්වයක් දීමටවත් නො හැකි වුණා. මෙහි දී කිවයුතු කරුණක් තියෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා බවට පත් කළ යුතු යැයි සිතූ අය දින පනස් දෙකේ ආණ්ඩුව සම්බන්ධයෙන් මත දෙකක් දරා තියෙනවා. එක් පිරිසකට අවශ්‍ය වූයේ දින පනස් දෙකේ ආණ්ඩුව පෙරළා දමා මෛත්‍රිපාල විධායක අගමැති වීමට දකිමින් සිටි සිහිනය බොඳ කර ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා කිරීම. අනෙක් පිරිසට අවශ්‍ය වූයේ දින පනස් දෙකේ ආණ්ඩුව තහවුරු කර ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා කිරීම. ඔවුන්ට සිරිසේන අගමැති කිරීමේ වුවමනාවක් තිබිණි යැයි ඉන් කියැවෙන්නේ නැහැ.

ඒ කුමක් වුවත් මෛත්‍රිපාල සිරිසේනට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක බවට පත් කිරීමට අවශ්‍යතාවක් නොතිබූ බව පැහැදිලියි. එබැවින් පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කිරීමට මෛත්‍රිපාල සිිරිසේන ගත් ක්‍රියා දාමයක පුරුකක් යැයි කියන අයකු වේ නම් ඔහු දේශපාලනය ගැන අබමල් රේණුවක හරි දැනුමක් නැත්තකු විය යුතුයි. කෙසේ වෙතත් අර පරිපාලන ක්‍රියාත්මක යාන්ත්‍රණය සම්පූර්ණයෙන් මෙහෙයවීමට හැකි පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ වේය යන හැඟීම බෞද්ධ වේවා කතෝලික වේවා සිංහලයන් බහුතරය අතර තිබූ මතය වුණා.

එහෙත් තවමත් ගෝඨාභය රාජපක්‍ෂ එසේ කිරීමට සමත් වී නැහැ. ප්‍රේමදාස කළ දේ ගෝඨාභය රාජපක්‍ෂට තවමත් කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි? ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අතර ඇති වෙනස කුමක් නිසා ඇති වූවක් ද?

මා හිතන්නේ ප්‍රේමදාස සාමාන්‍ය සිංහල බෞද්ධ සම්ප්‍රදායෙන් ඉවතට ගිය අයකු බවයි. ඉතිහාසයේ එසේ ඉවතට ගිය පළමු තැනැත්තා ඔහු නො වෙයි. ගැමුණු විජයබා පළමුවැනි හා හයවැන් පරාක්‍රමබාහු රජවරු තවත් කිහිප දෙනෙක්. මා ප්‍රේමදාස ඒ රජවරුන්ගේ ගණයේ අයකු යැයි කිසිසේත් කියන්නේ නැහැ. එහෙත් ඔහු අර යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ම තම අතට ගැනීමට සමත් වුණා.

ලෝකයේ ඉහළ ම නිදහස ඇත්තේ බෞද්ධ සමාජයේ. එය ප්‍රජාතන්ත්‍රවාදය යැයි මා කියන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බටහිර ව්‍යාජ සංකල්පයක්. පුද්ගල නායකත්වයක් ගැන කියා නොමැති සමාජයීය ව්‍යුහයක් ඇත්තේ බෞද්ධ සමාජයෙහි. බුදුන් වහන්සේ දේශනා කෙළේ තමන් වහන්සේගෙන් පසු ධර්මය නායකත්වයෙහි ලා සලකන ලෙසයි. මිහිඳූ මහා රහතන් වහන්සේ දේවානම්පිය තිස්ස රජුට කීවේ රජු රටේ භාරකාරයා මිස පාලකයා නොවන බවයි. සංඝ සමාජය ක්‍රියා කිරීමේ දී අනුගමනය කරන නීති රීති අතිවිශ්ෂටයි. පඬී නැට්ටකු අහන්න බැරි නැහැ හාමුදුරුවරුන් අහවල් අහවල් වැරදි කරන්නෙ ඇයි කියා. මොන සමාජයේත් වැරදි කරන අය ඉන්නවා.

මෙරට ප්‍රශ්නය වී ඇත්තේ මේ ධර්මයට නායකත්වය දෙනවා යන්න දෙයාකාරයකින් බිඳ වැටෙන්න පුළුවන් වීමයි. අපි එය පසුව සාකචඡා කරමු.

විහාර හා දේවාලගම් පණත ගෙනවිත් සිංහළ භික්ෂූන් වහන්සේලාට තණ්හාව ඇති කර ශාසන පරිහානියට පාර කැපූ සුද්දෝ

සිංහල ථෙරවාදී බෞද්ධ ශාසනය රැකෙන්නේ පලමුව උපාසක අම්මලාගේ ශ්‍රද්ධාව නිසාත්. සිංහලයන්ගේ සටන්කාමිත්වය නිසාත්. ඒ භික්ෂූන් වහන්සේලා ගේ මග පෙන්වීම අනුශාසකත්වය මගින් ය.

මේ ත්‍රිත්වය හොඳට දැනගෙන සුද්දො විහාර හා දේවාලගම් පනතක් ගෙනවා 1931 වගේ ?

මේ පනත ඇතුලේ පොඩි වැරැද්දක් තියෙනවා. සිංහල ක්‍රමය තුළ එතෙක් පැවති පන්සල් වල සාංඝික සංකල්පය විහාරාධිපති කියන සංකල්පයක් බවට පත් කලා.

ඕකෙන් පුණ්‍ය භූමිය බලනා පන්සල් වල අයිතිය කෙලින්ම විහාරාධිපති ට පැවරෙනවා. මේ තුළ දායක සභාව අකර්මණ්‍ය වනවා. නිෂ්ක්‍රිය වෙනවා. බල රහිත වෙනවා. අද දෘශ්‍ය යථාර්ථයක් තුළ දායක සභා කියා තිබුණත් එය අද බල බලරහිත ආයතනයක් වෙලා.

විහාරාධිපති කියන නාමයට නෛතික නීරීමය භාවයක් ලැබීම තුළ.මේ තුළ පන්සල් විකිණීම. ඇවිත් යන්ට පැවරීම. මුස්ලිම්වරුන්ට පැවරීම. අවි ආදී විවිධ කටයුතු සිද්ධ වෙනවා.
උදාහරණයක් ලෙස ගත්තොත්.
එදා අනගාරික ධර්මපාල තුමා ඇති කළ

තරුණ බෞද්ධ සමිති අද බිස්නස් කරන ආයතන බවට පත්වෙලා. සෑම නගරයකම තියෙන ඒවා භික්ෂූන් වහන්සේලාගේ තම අභිමතය පරිදි පරිහරණය කරනවා. .මේකට හේතුව තමයි දායක සභා අක්‍රිය වීම. එය ඇවිල්ල තියෙන්නෙ අර පනතින් .

ආරණ්‍ය යනු ථේරවාද යට පහර එල්ල කිරීමටම බොරු ශීලයක් සමග පෙනී සිටින පල්ලියෙන් සපයන සියළු සැප වලට ගිජු සිංහළ විරෝධීන්ය. අවසන ශාසන විරෝධීන්ය

සිංහල බෞද්ධ ථේරවාදයට ප්‍රහාරය කරන්නේ දෙපැත්තකින්ය.

භික්ෂූන් දුස්සීලයි කියා පචාරය කිරීම එක පෙරමුණක් අනිත් පැත්තෙන් ඊනියා සීලයක් පෙන්වමින් ආරණ්‍ය නිර්මාණය කිරීමයි.

ආරණ්‍ය නිර්මාණය කරන්නේත් සිංහල ථේරවාදී භික්ෂූන් දුස්සීලයි කියන්නෙත් එකම පෙරමුණකින් ය. එකම අරමුණක් කරා එකම අරමුණක් කරා යෑමට ය.

අද ආරණ්‍ය කියන්නේ උපාසක අම්මලා රවට්ටන මෙහෙයුමකි. ඔච්චර ආරණ්‍ය වල ඔච්චර කියන සීලයක් තියෙනවා නම් මාර්ගඵල ලාභීන් නැත්තේ ඇයි ?

ආරන්‍ය කියන්නේ සෝබනයද?

අල්පෙච්චතාවය කියන්නේ ගිජුකමද ?

අල්පේච්ඡතාවය නැතුව මාර්ගඵල ලැබිය නොහැක.

මෙය සිංහල බෞද්ධ සමාජයේ උපාසක අම්මලාගේ ශ්‍රද්ධාව මංකොල්ල කෑමේ මෙහෙයුමකි.

බිත්තර ගැසීම සහ බෝම්බ ගැසීම

බිත්තර ගැසීම සහ බෝම්බ ගැසීම
යොහාවා නමැති දෙවියන් ඊජිප්තු වැසියන්ගේ වහලුන් වශයෙන් සිටි ඊශ්‍රායල් නමැති ජනවර්ගය ගලවාගත් ගත් විස්තරය, යුදෙව් බයිබලයේ අඩංගු වේ. පසු කලෙක පැසිපික් සාගරයේ සිදුවූ වහල් වෙළෙදාමේ ප්‍රධානීන්, ඊශ්‍රායල් වෙළෙන්දෝ වූහ. ක්‍රිස්තියානි රෝම අධිරාජ්‍යය ගොඩනැංවීමටත් වහලුන්ගෙන් විශාල සේවයක් සිදුවුණි. මේ වහලුන් නිදහස් වූයේ ස්පාටකස් වැන්නන් නිසාය යන්න අලි බොරුවකි. ස්පාටකස් කතාන්දරය ලෝකයේ ප්‍රචාරය කිරීමට මූලික වූයේ කාල් මාක්ස්ය. කාර්මික විප්ලවය සිදුවූ එංගලන්තයේ විසූ කාල් මාක්ස්, පංති අරගලයකින් වහල් සමාජය වෙනස්වී ධනපති සමාජය බිහිවූ බව කීමට ස්පාටකස් කතාව ආධාර කරගත්තේය. මෙවැනි කතා තවත් තිබේ. ඊසොප් ග්‍රීසියේ රාජ සභාවේ කතාන්දර කියමින් විසූ වහලෙකු යැයි ලංකාවේ එක්තරා මහාචාර්යවරයෙකු සඳහන් කර තිබේ. පංති අරගලය නිසා වහලුන් ශ්‍රමය අලෙවි කරන නිර්ධනයින් බවට පත්වූයේය යන්න මාක්ස් ගෙතූ කතාවකි. මාක්ස්වාදය අදහන්ට වූ හැම දෙනාම ඒ ප්‍රබන්ධය අදහන්නෝ වූහ. ‘නිර්ධනයින්, තමන්ව සූරාකන ධනපති පංතිය පෙරළා ලෝකය පාලනය කිරීමේ බලය අල්ලා ගනු ඇත’ යන්න මාක්ස්ගේ අදහසකි.
මාක්ස්, පංති සමාජ ඉතිහාසය පැහැදිලි කරමින් ‘අධිරාජ්‍යය’ නමැති ප්‍රසිද්ධ පොත රචනා කළේය. ඔහුගේ කාලයේ ඔහු ජීවත්වූ බි්‍රතාන්‍යය, හිරු නොබසින අධිරාජ්‍යය නමින් ලෝකයේ ප්‍රසිද්ධ වී තිබුණි. ඒ කාලයේ ලංකාවේ වාමාංශිකයෝ ‘අධිරාජ්‍යය භංගවේවා කියමින් පෙළපාළි ගියහ. ‘අදිරදේ බිඳ හෙලව්’ යන සටන් පාඨය ‘සමසමාජ ගීයේ’ අන්තර්ගතව තිබුණි. ‘අධිරාජ්‍යයට මරණය ජනතාවට විමුක්තිය’ යන්න මුල් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සටන් පාඨයකි.
දැන් හිරු නොබසින අධිරාජ්‍යයක් නැත. එහි වැටීම සිදුවූයේ නිර්ධනයින් නිසා නොවේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව ලෝක බලවතා වූයේය. ඇමරිකානු අධිරාජ්‍යය ගැන නිරතුරුව කතාකරන පිරිසක් ලංකාවේ සිටිති. ඔවුන් අතර මාක්ස්වාදින් කැපී පෙනේ. ලංකාව ඇමරිකාවට ගොදුරුවන බව ඔවුහු කාලයක සිට කියති. ලංකාව ගිලගන්නා චීන අධිරාජ්‍යයක් ගැන කියන්නන් පිරිසක්ද සිටිති. මෙවැනි කතා කියන සියල්ලෝම ඩිජිටල් සංස්කෘතියට ගොදුරුවී සිටිති. ඇමරිකානු ඩිජිටල් සමාගම් ඩිජිටල් සංස්කෘතියේ පුරෝගාමියෝ වෙති. දැන් චීන ඩිජිටල් සමාගම් ඇමරිකානු සමාගම් සමග තරග කරමින් ලෝකය ඔවුන්ගේ ග්‍රහණයට පත්කර ගැනීමට වෙහෙසෙති. ඇමරිකාවේ පේස්බුක් වටස්අප් සමඟ, චීන ටික්ටොක් තරග කිරීම සුළු නිදසුනකි. ඩිජිටල් බලවතුන්ට මනුෂ්‍යයින්ගේ මොළය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමේ හැකියාව තිබේ. එනිසා ඔවුන්ගෙන් රටවැසියන් සහ සංස්කෘතිය රැක ගැනීමට ඇතැම් රටවල පාලකයෝ වෙහෙසෙති. ඉන්දියාව නිදසුනකි. ලංකාවේ පාලකයින් ඔවුන්ට උපදෙස් දෙන පුරෝහිතයන්ගෙන් ඩිජිටල් සංස්කෘතියෙන් රටවැසියන් සහ සංස්කෘතිය බේරා ගැනීමට උපකාර පැතුවහොත් සිදුවන විනාශය වචනයෙන් පැහැදිලි කළ නොහැක. අවුරුදු දහස් ගණනක් තිස්සේ සිංහලයින් පොහොර නිපදවාගත් පිළිවෙල ගැන නොසොයා කාබනික පොහොර ප්‍රශ්නයක් ඇතිකිරීම නිදසුනකි. නිර්ධනයින් කවුරුන්දැයි 1971 අප්‍රේල් කැරැල්ලට සහභාගි වී සිරගෙවල සිටි සමහර තරුණයින් ප්‍රශ්න කරන්නට ගත් හැටි අපි හොඳකාරව දනිමු. අප්‍රේල් කැරැල්ලේ නායකයින් අතර නිර්ධන පංතිය නියෝජනය කරන එකම පුද්ගලයෙක් හෝ නොසිටියේය. හලාවත බස් නැවතුම් පොළේ ටොපි විකුණා දරු පවුල නඩත්තු කළ, සිරගතව සිටි කමල්ගේ කතාව ඊට නිදසුනකි. ඔහු නිර්ධන පංතිය සම්බන්ධයෙන් නායකයින්ට සිරගෙදරදී අභියෝග කළේය. “සහෝදරවරු බොරු නිර්ධන පංති කතා කියන්ඩ එපා. මං ඔය සහෝදරවරු සේරටම වඩා දිළින්දෙක්. ඒත් මට කිසියම් ධනයක් තියෙනව. මට දරුපවුලක් ඉන්නව. ඔවුන්ව ගොඩනැගීමේ අනාගත බලාපොරොත්තු මට තියෙනව” ඔහු කීවේය. එකම දිනයක එකම වේලාවක ලංකාවේ සියලුම පොලිස් ස්ථානවලට පහරදීම රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා ජවිපෙ භාවිත කළ එක් උපක්‍රමයකි. ඔවුහු, මේ සඳහා අත් බෝම්බ නිපදවීමට සහෝදරවරුන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙළක් දියත් කළහ. පක්ෂයේ හා නායකයන්ගේ බලය සඳහා ඔව්හු නොයෙක් උපක්‍රම භාවිතා කළහ. සිවුරු පොරවන්නට පුරුදුවීම නිදසුනකි. ඒ ඉතිහාසය ගැන සිතන විට, පසුගිය දිනක ජවිපෙ නායක අනුර දිසානායක නොසිටි ඔහුගේ වාහනයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම ඉතාම සුළු සිද්ධියකි. නමුත් ජවිපෙ නායකයෝ එය බරපතල සිද්ධියක් වශයෙන් සංවාදයට ලක් කළහ. බිත්තර ගැසීම, ක්‍රිස්තියානි ආගම පැතිරීමට පෙර එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකම සශ්‍රීකත්වය උදෙසා සිදුකළ උත්සවයක අංගයකි. ක්‍රිස්තියානින්, එයද සලකා ඇත්තේ පැගන් (මිසදිටු) සිරිතක් වශයෙනි. කල්ගතවීමේදී ඇතැම් බිස්කුවරු බිත්තර ගැසීමේ ‘පැගන්’ සිරිත ක්‍රිස්තියානි ආගමට අවශෝෂණය කරගනිමින් ‘ඊස්ටර්’ කාලයට බිත්තර විසිකිරීමේ සිරිතක් ඇරඹූහ. එංගලන්තයේ බිත්තර විසිකරන්නන්ගේ (එග් ත්‍රෝවින්) සංගම් පවතී. ප්‍රසිද්ධ පුද්ගලයින්ට කුණු බිත්තර ගැසීම දේශපාලන සිරිතක් බවට පත්වීමත් යුරෝපයෙන් ඇරඹි සිරිතකි
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

නිදහස් සටන කියන්නේ සිංහළයන් විසින් ඉංග්‍රීසි න්ට විරුද්ධව කළ සටනයි

නිදහස් සටන කියන්නේ සිංහලයන් විසින් ඉංග්‍රීසීන්ට විරුද්ධව කළ සටනයි.

එම සටන කළේ සින්හලයන් විසින් 1815 දි ඉංග්‍රීසීන්ට රට පාලනය කිරීමටපමණක් උඩරට ගිවිසුමෙන් පවරපු සිංහලයන්ගේ බලය අයුතු ලෙස පරිහරණය කිරීම හේතුවෙන්ය.

ඒක තමයි නිදහස් සටනේ මුල. ඒක කැරලි කියලා සමහර සිංහල ප්‍රාඥයෝ ත්, හඳුන්වනවා. බටහිරයන්ට කැරලි උනාට සිංහලයන්ට එය නිදහස් සටනයි.කතෝලිකයන්ට ක්‍රිස්තියානීන්ට කැරලි උනාට සිංහලයන්ට එය නිදහස් සටනයි.

උඩරට ගිවිසුමේ ගිවිසගත් වගන්ති කඩ කිරීම නිසයි සටන් ඇති උනේ. 1815 නිදහස් සටනට තුඩුදුන් මූලිකම හේතුව උනේ ඉංග්‍රීසින් විසින් මුස්ලිම්වරුන්ට පාලන බලයක් ලබා දීමයි.

නිදහස් සටන කළේ සිංහලයන් පමණයි.

මුස්ලිම් අය කළේ ඉංග්‍රීසීන්ට ජයග්‍රහණය අත් වෙයි කියා සිතා සිංහලයන්ට පාවා දීමයි.

දෙමල අය කරේ ඉංග්‍රීසීන්ට බැලමෙහෙවර කිරීමයි. ඉංග්‍රීසීන්ට බැලමෙහෙවර කිරීම තුළ ඔවුන්ට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවත් සමගම බල තල තාන්න මාන්න ලැබුණා. කතෝලික ක්‍රිස්තියානින් කියන්නේ පූර්ණ සිංහල කරන විට ලක් නොවූ පිරිසක්. ඔවුන් ගේ දෙමළ ආභාෂයක් ද බලෙන් හරවපු සිංහල ආභාෂයක් ද තියෙනවා.

ඔවුන් අද නොකියා කියන්නේ ඉංග්‍රීසින් අතහැර ගිය කොටස ඔවුන්ට අයිති කියායි. මේක එන්නේ ලන්දේසීන් එක්ක ගහපු ගිවිසුම්වලින් ය. ලන්දේසීන් එක්ක ගහපු ගිවිසුම් වලින් එන කොටස් කතෝලික ක්‍රිස්තියානි ඉංග්‍රීසීන්ගේ අයිතීන් ද සමඟ තමන්ට ලැබෙන්න ඕන කියලා යටි හිතින් හිතනවා.

එක පැත්තකින් දෙමළ අයගේ බැල මෙහෙවර කර ලබාගත් දේත් කතෝලික / ක්‍රිස්තියානින් මංකොල්ලකෑවා. තවත් කනවා. එල්ටීටීඊ එක කියන්නේ කතෝලික පල්ලියේ බළල් අතක් . සිංහලයන්ට වඩා හින්දූන් මේ සිහින දේව රාජ්‍යය වෙනුවෙන් බිල්ලට ගියා.

කතෝලික ක්‍රිස්තියානි කියන්නේ ත් ඉංග්‍රීසි ලන්දේසි පරංගින් ට මය..

ඔය නිදහස් සටන කියන එකේදී

සිංහලයන්ට තනියම යි සටන් කරන්න වුනේ ඒ ඔවුන් සියල්ලන්ටම විරුද්ධවයි.

මෙතන ලංකාවේ වැරදි මතයක් පැළ කරලා තියෙනවා නිදහස සටන් කර ලබා ගත්තා කියලා. කොහොමත් එහෙම එකක් නෙවෙයි එතන උනේ. දෙවන ලෝක යුද්දෙන් පස්සේ තීරණයක් අරගෙන තිබුණා අල්ලාගත් සියලුම රටවල් නැවත බාරදෙන්න.

උඩරට ගිවිසුමෙන් සිංහලයන් විසින් ඉංග්‍රීසීන්ට පවරපු ආණ්ඩු බලය නැවත නිදහස ලෙස 1948 දී සිංහලයන්ට ලබා දුන්නා .

ඔය ඊනියා නිදහස ලබා දෙන අවස්ථාවේ 1948 උඩරට පහත රට භේදයක් තිබුණා.
පහත රට තමයි ලන්දේසීන් විසින් සිංහලයන්ගෙන් ගිවිසගත් ලබාගත් කොටස පසුව ඉංග්‍රීසි පාලනය කළේත් අධිකාරියක් පතුරවලා ඒ කොටසයි.
ඔය ඉංග්‍රීසීන්ගේ කොටස පාලනය කළ කොටස කතෝලිකයන් අයිතිවාසිකම් කියනවා වගේ එකක් තියෙනවා.
ඒ අවස්ථාවේ රට “සිංහලේ” කරන්න නියමිතව තිබුණත් ඒක ලංකා කියලා වෙනස් කලේ ඔය උඩරට පහත රට බේදය තුල ඒ නිසයි.

පසුව රටේ නම ලංකා කියලා වෙනස් කරලා ශ්‍රී ලංකා ත් කලා. ceylon කියන්නේ සිංහලේ කියන අර්ථය යි.

ඒ කාලය තුළ කතෝලික ආයෙ ගීත ක්ෂේත්‍රය කලා ක්‍ෂේත්‍රය ආක්‍රමණය කරලා තිබුණේ. ලංකා කියලා ගීත තනු ආවේ ඔය මතය වෙනස් කරන්නයි. සිංහලේ කියන නම නොයොදා ලංකා කියලා යොදාගන්නා හුගක් ප්‍රයත් තයක් දැරුවා.

අද ඉන්න අයට මේ කතාව හරියට තේරෙන්නෙ නෑ මෙහෙම කිවුවට.

අදත් තාමත් නිදහස් සටන තියෙනවා. අද

තියෙන්නෙ ඒ ලැබුණු බලය කතෝලික ක්‍රිස්තියානි අය ගන්නවාද සිංහලයන් ගන්නවද කියන ප්‍රශ්නයයි. ඔය ප්‍රශ්නය හරියට ේරුම් නොගැනීම නිසා රටේ දරිද්‍රතාවය දිගින් දිගට වැඩි වෙනවා. ලංකාවේ විධායක බලය ශක්තිමත් වෙන්න ඕන අනිවාර්යෙන්ම. ප්‍රජාතන්ත්‍රවාදය කියන බොරුව තියෙන්නේ තියෙන මේ ප්‍රශ්නය උඩු දුවනවා දරිද්‍රතාවය වැඩි වෙනවා. හොඳට හෝ නරකට විධායක බලය තව තවත් ශක්තිමත් කළ යුතුමයි. ඒක රාජාණ්ඩු ක්‍රමයට පොඩ්ඩක් සමානයි. අද ඒ විධායක බලය මොට්ට කිරීම හේතුවෙන් විධායක පූස්සෙක් බවට පත්වෙලා.

අද සිංහලයන්ට තියෙන නිදහස් සටන යනු කලුයි පියන්ගෙන් රට ගලවා ගැනීමේ මෙහෙයුමයි.

අද සිංහලයන්ට විරුද්ධව ඒ සටන සඳහා කතෝලික ක්‍රිස්තියානි යොදවන්නේ proxy යන්ය. එනම් බළල් අත් ය.
ලංකාවේ ඉන්න කතෝලික ක්‍රිස්තියානි .බ්‍රිතාන්‍ය ඇමරිකා ඊශ්‍රායල් සම්බන්ධතා ඇතිව බලගැන්වී ලා . මෑතකදී ඉන්දියාවත් එකතු වෙලා.
NGO , path finder වැනි බලල් නඩ මෙහෙයවලා ඔවුන් අද රට අරාජික කරනවා.

අද සිංහලයන්ට නිදහස් සටන තියෙන්නෙ මෙතනයි.

ඒ එන්නේ ථෙරවාද බෞද්ධයන් ටත් එරෙහිවයි. අද බුද්ධාගම බේරගන්නත් වෙලා තියෙන්නේ ඔවුන්ගෙන් .

ලංකාවේ බුද්ධාගම පවතින්නේ උපාසක අම්මලාගේ ශ්‍රද්ධාව නිසායි. ඉන් ශ්‍රද්ධාව උපාසක අම්මලාට එන්නේ භික්ෂූන්වහන්සේලාගේ සීලය පදනම් කරගෙනයි. නමුත් සිල් රැකීම ට වඩා සාසනික සේවයක් කිරීම සිංහලයේ ක්‍රමයයි.
මේක කතෝලිකයන් දන්න නිසා ඔවුන් අලුත් උපක්‍රමයක් යොදලා තියෙනවා. ඔවුන් ලොකු ප්‍රචාරයක් ගෙන යනවා ථේරවාදී පන්සල් වල ඉන්න භික්ෂූන් වහන්සේලා දුස්සීලයි කියන්න. අනිත් පැත්තෙන් බොරු සීලයක් පෙන්නා ආරන්‍ය මන් ග්‍රහණයට හස්ත ට ගනිමින් පවතිනවා. උතුරු නැගෙනහිර පළාත්වලයි පිටිසර පළාත්වලයි කැලෑවල බොරුවට තමා හස්තය න්ත්‍රණය විමධ්‍යගත කරවනවා. මේ තුළින් වසර දහයක් පහළොවක් තුළ ඔවුන් බෞද්ධ බලයද අල්ලනවා කියලා හිතන්න පුලුවන්. මේක හොඳටම සාර්ථකව මෙය පු කෙනෙක් තමයි මහමෙව්නාවේ අසපු කිරිබත්ගොඩ ඤාණානන්ද කියන හිමි. මේ කතාව එළි වුණා. මහමෙව්නාව විසින් දිගවාපියන් අල්ලන්න ගිය වැඩෙන් . සමහරුන්ට ඒ කතාවත් තේරෙන්නේ නැත. ඔතන එලි බැස්සේ ඔය කතාව විතරක් උනාට අනිත් භූමිය හුඟක් අල්ලලා ඉවරයි දැනටම.

ආරණ්‍ය යනුවෙන් ඒ තුළට ලොකු මුදලක් ඔවුන් බලය අල්ලන්න ලබාගන්න යොදවනවා.

මේ ප්‍රශ්නය හාමුදුරුවරුන්ට එකපාරටම තේරෙන්නෙත් නැත.

උන්වහන්සේලා ඉන්නේ ප්‍රශ්නෙ ඇතුලේ නිසා අලියාගේ කන් දෙක, නකුට, කකුල් විතරයි පෙනෙන්නේ . ප්‍රශ්නය දකින්න අලියව දකින්න ඕන. අලියව දකින්න කවදක් වත් බැරිය.

ඒකත් ප්‍රශ්නයක්…

ලංකා ඉතිහාසයේ නින්දිතම පාවාදීම

සම්පුර්ණ ලිපියම කියවන්න එසේ නොහැකි නම් මෙම හඩ පටය අහන්න >>https://soundcloud.com/user-741571400-924960442/3wolkav44vno
ඉoග්‍රීසින් විසින් ලංකාව සමිපුර්ණයෙන්ම යටත් කර ගන්නා ලද්දේ 1815දී උඩරට රදලයින් විසින් අත්සන් කරදන ලද උඩරට ගිවිසුම මගින් යයි බොහෝ ඉතිහාසකරුවන් සඳහන් කරති. එහෙත් එම ගිවිසුම අත්සන් කරන ලද්දේ 1815 මාර්තු 2 දින සිට එම මාසය අවසන් සතිය වන තෙක් විටින් විට උඩරට රදලයින් විසින් අත්සන් තැබීම
මගිනි, රජතුමා අල්ලා දෙන ලද්දේ 1815 පෙබරවාරි 18 දින සවස් භාගයේ අඳුරු වැටීමට පැයක් පමණ තිබියදීය.
රජතුමා අල්ලා දීමෙන් පසුව ඊට සහයෝගය දුන් උඩරට රදලයින් සඳහා තනතුරු හා ගම්බිම් පවරාදීම අවසන් වූ පසු එසේ ඉංග්‍රීසින් විසින් පත් කරන ලද උඩරට රදල නෑයකයින් විසින් එය සිදු කරන ලදී. ඉතිහාසයේ ඇත්ත කතාව වන්නේ පෘතුගීසින්, ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසින් ද උඩරට සිංහලයින් විසින් පරාජය කර පළවා හරින ලද බවයි.
නමුත් අපි කුඩා කාලයේ අසා තිබුණේ සුද්දාගේ අවි බලය හමුවේ සිංහලයාට සටන් කිරීමට නොහැකි වූ හෙයින් 1815 වසරේ දී ගිවිසුමක් මගින් සුද්දන්ට රට භාරදුන් බවයි. මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයකි.
පෘතුගීසි හෝ ලන්දේසිකාරයන්ට වඩා දරුණු ලෙස ප්‍රහාරය කර ඇත්තේ ඉංග්‍රීසි කාරයාටය. එහෙත් ඔවුනට සිංහලයන් සමග සටන් කරන්නට නොහැකි විය. අපි සටන් වදින්නේ ඉංග්‍රීසි ජාතියේ ආත්ම ගවුරවය වෙනුවෙන්ය යනුවෙන් ඔවුන් තම මවුබිමට ලියා යැව්වේ එබැවිනි. උඩරට දී ඉංග්‍රීසින්ට විරුද්ධව කළ සටන්වලින් සිංහලයා සිය යුද ජග්‍රහණය සම්පුර්ණ කරන ලද්දේ 1803 ජුනි 26 දින දීය. මෙම වසරේ දී මහනුවර පිහිටි ඉංග්‍රීසි කඳවුර සම්පුර්ණයෙන්ම වට කරන ලද්දේ උඩරට සිංහල ගැමියන් විසිනි. ඔවුන් මාවිල්මඩු ,නිත්තවෙල, වාගොල්ල, සියඹලාගස්තැන්න හා වටපුළුව යන ගම්වල සිටි ගම්වැසියෝ වුහ. ඉංග්‍රීසි කඳවුර වටකළ මොවුන් කඳවුරට සිව් දිගින් ප්‍රහාර එල්ල කළහ. ඒ අතරතුර ඔවුන්ගෙන් පිරිසක් කඳවුරේ පිටුපස තාප්පය බිඳ දමා කඳවුර තුළට ගොස් කාලතුවක්කු නිහඩ කොට ඒවා අල්ලාගත්හ. තවත් පිරිසක් කඳවුරේ ආයුධ ගබඩාව අත්පත් කර ගති. තවත් පිරිසක් ඉංග්‍රීසි හමුදාව යටතේ සටන් වදිමින් සිටි සිපොයි, මැලේ සහ ජා හමුදා භටයින් ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගෙන රජතුමා වෙත භාර දුන්හ.
මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් ඇත. එනම් සිංහලයින් මෙම සටන්වල නියුක්ත වූයේ ද්‍රවිඩ රජෙකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේය. සිංහල සොල්දාදුවන්ගේ එකම පරමාර්ථය වූයේ රට නායකයෙක් හා රජෙක් මිස ඔහුගේ ආගම හෝ ජාතිය සෙවීම නොවේ.
ජාතිවාදය ආගම්වාදය සහ වර්ගවාදය මෙරට සමාජය තුළ ඇති කරන ලද්දේ ඉංග්‍රීසින් විසිනි. ඒ ඔවුන්ගේ බෙදා වෙන්කොට පාලනය පවත්වා ගැනීමේ උපාය මාර්ගය නිසාය.
සටන පරාජය වන බව වටහාගත් ඉංග්‍රීසිහු සුදු කොඩි පෙරටු කොටගෙන කඳවුරෙන් එළියට අවුත් දෑත් ඔසවා ඔවුන් මරා නොදමන ලෙස ආයාචනය කළහ. ඔවුන් ඉල්ලා සිටියේ තමන්ට යාපනයට යාමට ඉඩ සලසා දෙන ලෙසටය. ඔවුන්ට කටුගස්තොට තොටුපොළ වෙත යාමට ඉඩ ලබාදෙන ලද්දේ ඉන් අනතුරුවය. මහනුවරින් ඉංග්‍රීසින් පළවා හැරි පසු රජතුමා විසින් යුද නීතිය ප්‍රකාශකොට ඉංග්‍රීසින් මෙරටින් එලවා දැමීමට කටයුතු යොදන ලදී.
ඒ අනුව ගලගෙදර ගිරිහාගම ඉංග්‍රීසින් සතු බලකොටුව ද අල්ලා ගන්නා ලදී. ඉන්පසු උඩරටට අයත්ව තිබූ එකම බළකොටුව වූයේ හත් කෝරළයේ දඹදෙණීය බළකොටුව පමණි. එහි සිටියේ ඉංග්‍රීසි සෙබළු දහනව දෙනකු සහ රෝගි මැලේ භටයින් විසි දෙදෙනකු පමණි, සිංහල සෙබළු 4000ක් එය වටකොට සිටි අතර එහි නායකත්වය දරන ලද්දේ මිගහැන්න අදිකාරම්භය. ඔහු කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යකඩ දෝළියක් වූ මාම්පිටිය දුක්ගන්නා උන්නාගේ පුතකු බව ඩොයිලි සඳහන් කරයි. මොහු ඉංග්‍රීසින් සමග කුමන්ත්‍රණයක් සිදුකොට තිබූ බව පසුව පැහැදිලි විය. දින හතරක් තිස්සේ බළකොටුව වටලා සිටිය ද එය යටත් කර ගැනීමට ඔහු අසමත් විය. ඉංග්‍රීසි කුඩා බළඇණි දෙකක් රැගෙන පැමිණ උඩරැටියන් සමග සටන් කරමින් බළකොටුව බේරාගති. එහෙත් අණ ලැබී ඇති පරිදි ඔවුහු රාත්‍රී කාලයේ දී සියලු භටපිරිස් රහසින් පළාගියහ. එන්සේ පළා ගියේ කඳවුර තුළ තිබූ ද්‍රව්‍යයන් ද විනාශ කර දැමීමෙනි.
මේ අනුව දින දහයක් ඇතුළත උඩරැටියෝ විසින් අන්තිම ඉංග්‍රීසි සෙබළාද පන්නා දැමීමට සමත්වී සිටියහ. ඉංග්‍රීසින්ම සඳහන් කරන පරිදි එය නැගෙනහිර ඉන්දියා දූපන්හි සිටි බ්‍රිතාන්‍යයන් ඉතාම කලාතුරකින් පමණක් අන්දුටු අන්දමේ විනාශයක් විය. මේ වනවිට ඉංග්‍රීසින් සතු හමුදා ශක්තිය දුර්වලව පැවති ආකාරය ඔවුන් සඳහන් කර ඇත්තේ මෙසේය. අවුරුද්ද ආරම්භයේ දී බ්‍රිතාන්‍ය බළඇණිය භටයින් පන්දහසක් පණ වන තෙක් වර්ධනය වී තිබිණි. එහෙත් ජුනි අවසාන වන විට ඉන් දෙදහසක්ම පමණ පිරිසක් මියගොස් හෝ සිරකරුවන් බවට පත්ව හෝ සිටියහ. කොළඹ රෝහල රෝගී හා මරණාසන්න
සෙබළුන්ගෙන් පිරී ගියේය. හමුදා නිවහන්හි ආබාධිතයෝ ද සුවය ලබනෝ සුළු පිරිසක් ද සිටියහ. පනස් එවැනි පාබල සේනාංකයත් හැටපස් වැනි සේනාංකයෙන් විශේෂ කාර්ය සඳහා වෙන් කෙරුණු කොටසක් සහමුලින්ම පාහේ වැනසී ගොස් තිබුණු අතර දකුණේ සහ බටහිර විසු බ්‍රිතාන්‍යයන්ගේ ආරක්ෂාවට එතෙක් සටන්වල නොයෙදී සිටි සෙබළුන්ගෙන් යුත් ලංකා ජාතික සේනාංකය මහග හා අලුතෙන් බඳවා ගනු ලැබ හදිසියේ පුහුණු කැරුණු නිදහස් මැලේ බළඇණි කීපයක් මත ද රැඳී තිබිණි. වෙරළ දිගට විසිරී තිබුණු බලකොටුවලට සීමා වී සිටි දුබල සේනා සහමුලින්ම වනසා දමන්නට කඳු ඉස්මත්තේ කුමන මොහොතක හෝ සිය දහස් ගණනින් නැගී එන උඩරැටියනට පිළිවන්කම තිබිණි.
Geoffrey Powell-Kandyan wars සිං/ප ප්‍රේමචන්ද්‍ අල්විස්ගේ කන්ද උඩරට සටන් – පිට 174‍
නෝර්ත් ආණ්ඩුකරු විසින් 1803 ජුලි 08 දින යන ලද ලිපියක් මගින් බෙංගාලයෙන් මදුරාසියෙන් සහ බොම්බායෙන් අමතර සේනා එවන මෙන් ඉල්ලීම් කරන ලදී. කන්ද උඩරට වැසියෝ පෙරහර කාලය අවසන්වන්ම ආයුධ සන්නද්ධව වෙරළබඩ පෙදෙස්වල පිහිටි ඉංග්‍රීසි බළකොටුවලට පහරදීම ආරම්භ කළහ. පහතරට සෑම පෙදෙසකම වැසියෝ උඩරැටියනට පක්ෂපාතීව කටයුතු කළහ.
උඩරැටියන් පළමුවෙන්ම පහර දෙන ලද්දේ මාතර පිහිටි ඉංග්‍රීසි බලකොටුවටය. ඉංග්‍රීසි භටයෝ ප්‍රතිප්‍රහාර එල්ල නොකොට සිටි අතර සිංහලයෝ පහසුවෙන්ම එම බල කොටුව අල්ලා ගත්හ. ඉන්පසු තංගල්ල බලකොටුවට පහර දුන් අතර එහි සිටි ඉංග්‍රීසි භටයෝ කොටුව අතහැර මාතරට පළා ගියහ. තත්වය බරපතළ බව වටහා ගත් නෝත් ආන්ඩුකාරයා ඔහුගේ සහායකයාව සිටි බීවර් සේනාවක් සහිතව මාතරට යැවීය. මෙම ගමනේ දී
සිංහලයින් බහුලව පදිංචි ප්‍රදේශ ඔවුන්ගෙන් ප්‍රහාර එල්ල විය හැකි තැන් එම ස්ථාන මගහරවා ගෙන යා හැකි ගමන් මාර්ග පසුබැසීමට සිදු වුවහොත් ඒ සඳහා සුදුසු කැලෑ ප්‍රදේශ උදව් සහ උපකාර ලබා ගැනීමට හැකි පුද්ගලයින් හා ගම් ප්‍රධානීන් පිළිබඳ විස්තර ආදිය ඉංග්‍රීසි හමුදාවට ලබාදෙන ලද්දේ තම්බි මුදියන්සේ විසිනි.
මොවුන් පැය හැටක් ගතකොට කොළඹ සිට සැතපුම් එකසිය තුනක මගක් ගෙවා පැමිණි නමුත් සිංහලයින්ගේ අවහිර කිරීම් නිසා ගමන්නේ අවසන් සැතපුම් 13 යාමට සිදුවූයේ කුඩා බෝට්ටු මගින් මුහුදු මාර්ගයෙනි. අතිරේක හමුදාවල සහාය ලබාගත් ඔවුන්ට දකුණු පළාත සන්සුන් කිරීමට සති ගණනාවක් ගත කිරීමට සිදුවිය. පවෙල් සඳහන් කරන පරිදි, බීවර් ඔහුගේ සේප්නව වෙරළ ඔස්සේ මාතර දෙසට මෙහෙයවද්දී කොළඹ නගරය දරුණු අවදානමකට ලක්වූයේය.
එහි සිට සැතපුම් විස්සක් දුරින් කැලණි ගඟට මුහුණලා හැබැල්ලෙහි වූ කුඩා බළකොටුව වෙත අගෝස්තු 20දා රාත්‍රියේ කඩාවැදුණු උඩරැටියෝ විශාල පිරිසක් එය අල්ලා ගත්හ. පසුදා ඔවුහු තවත් සැතපුම් පහක් ඉදිරියට ගියහ, මෙසේ වුවද මැක්ඩොවල් විසින් සපයා දෙන ලද අමතර සෙස්නාවන් සමග ලුතිනන් මර්ෂසර් හංවැල්ලට යවා බළකොටුව නැවත අල්ලා ගන්නා ලදී. සිංහලයින් විශාල පිරිසක් මරා දමන ලද අතර 40 දෙනකු සිරකරුවන් ලෙස අල්ලාගෙන තිබුණි.
මේ අතර හලාවත පුත්තලම සහ මිගමුවේ ඉංග්‍රීසින්ගේ යුද කඳවුරුවලට සිංහලයෝ එකවර පහර දුන්හ. මෙහිදී ද විශේෂ යමක් කිව යුතුය. උඩරැටියන් දොළොස් දහසක ස්නාවක් ද රජුගේ ආරක්ෂකයින් සහ මැලේ භටයින් ද මහනුවර දී ඉංග්‍රීසින්ගෙන් අල්ලාගත් කාලතුවක්කු දෙකක් හා අවි ආයුධ ද සහිතව කොළඹ සිටි ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් ආරම්භ කළහ. කොළඹ බලා යන සිංහල හමුදාවන්ට බාධාවක් වූයේ නගරය කරා යාමට පෙර හමුවන හංවැල්ල බළකොටුව විය. පැවැති සටන්වලින් අඩක් අබලන්ව තිබූ බළකොටුව තුළ සිටි සෙබළුන් ප්‍රමාණය සියයකට ද වඩා අඩුය. දින ගණනක් තිස්සේ උණ රෝගයෙන් පෙළෙමින් සිටි ඔවුන් අතර රෝගයේ බරපතළකම නිසා දණහිස් අමාරුවලින් පෙළෙනෝ ද වූහ. කඳවුරේ නායකත්වය දැරූ ලුතිනන් කර්සර් ඔහු යටත්තේ සිටි සෙබළුන් ප්‍රදේශයේ මුදලි කෙනෙකුගේ වලව්වක් තුළට රැගෙන ගොස් එහි රඳවන ලදී. එම වලව්ව තම්බි මුදියන්සේගේ හංවැල්ල වලව්ව විය.
ඉංග්‍රීසීන් කොළඹින් පළවා හැරීම සඳහා උඩරට හමුදාවේ 12,000ක් කොළඹ බලා ආවෝය. කොළඹ ජය ගැනීමට පෙර හංවැල්ල කොටුව යටත් කරගත යුතු විය. මසර් විසින් අතිරේක වශයෙන් රඳවන. ලද කුඩා භට කණ්ඩායම තම්බි මුදියන්සේ වලව්ව තුළ රඳවා තැබූ නිසා වලවේ තාපයෙන් ඔවුන් ආවරණය වී සිටියහ. බළකොටුව තුළ සිටි භටයින් අතුරින් තිස් දෙනෙකු රෝගීව දණහිස් අමාරුවලින් පෙළෙනෝ වූහ. රජුන්ගේ හමුදාවේ හමුදාපතිවරයා වූයේ සතර කෝරළයේ දිසාව වූ ලෙක්ය. ඔහුගේ සහායකයා පළිපාන නිලමේ විය.
සිංහල හමුදාව බලවේලා මුහුදට ද දහසකටම,
දින දෙකක් තිස්සේ ප්‍රහාර එල්ල කළහ. වලවේ තාප්පයට ආවරණය වෙමින් ඉංග්‍රීසි භටයින් ප්‍රහාර එල්ල කළ ද වැඩි දෙනෙකු තුවාල ලැබූහ.
යුද්ධයේ ජයග්‍රහණය අත ළඟවිය. ලංකාව තුළ ඉතිරිවී සිටි ඉංග්‍රීසින් ප්‍රමාණය දෙදහසකටත් වඩා අඩුවිය. ඔවුන් අල්ලා මුහුදට විසි කර දැමීමට තරම් සිංහල බලවේගයක් ගොඩනැගී තිබුණි. හංවැල්ල නාගරයේ අලංකාර ගමන් මාළිගාවක් ඉදි කර තිබුණි. එය ඉදිරිපිට යකඩ උල් සිටුවා තිබුණේ අල්ලා ගනු ලබන ඉංග්‍රීසි භටයින් උල තැබීමටය. ඉංග්‍රීසි භටයින් සුළු පිරිසක් සමග පැමිණි පොලොක්
හොර රහසින්ම බළකොටුවට ඇතුළු වී කඳවුරේ නායකත්වය භාරගත්, ඔහු පැමිණියේ දෙවැනි දින රාත්‍රියේය. මෙම වේවටම වාගේ උඩරට රජුද දහසක සේනාවක් සමග යුද භූමියට පැමිණියේය. ඉංග්‍රීසින් මෙරටින් තුරන් කර ලංකාව එක්සේසත් කර ගැනීමේ මහා ජයග්‍රහණය අත ළටගම පැමිණ තිබුණි.
එහෙත් එය කණපිට පෙරලුණේය. තම්බි මුදලි සහ දොන් සොලමන් ළඟටම පැමිණි ඔහුගේ පහතරට සේනාවෝ ජයග්‍රහණය සිංහලේ අවමගුලක් බවට පත් කළහ.
දේශද්‍රෝහී මෙම කුමන්ත්‍රණය ලංකා ඉතිහාසයේ නින්දිතම පාවාදීම ලෙස සැලකිය හැකිය, සටන් පැවතෙමින් තිබෙන අතරවාරයේ දී රජුව විරුද්ධව සකස් වී තිබුණු කුමන්ත්‍රණය ක්‍රියාත්මක මවමින් තිබුණි. කුමන්ත්‍රණය වී තිබුණේ යුද භූමිය තුළ දී රජතුමා ජීවග්‍රහයන් අල්ලා ඉංග්‍රීසින්ට සභාරදීමටය.
මේ සඳහා මැලේ භටයින් 40 දෙනෙකුගේද සහාය ලබාගැනීමට නියමිතව තිබුණි. උඩරට දී ඉංග්‍රීසින් වෙතින් අල්ලා ගන්නාලද කාල තුවක්කු දෙක සවිකිරීමේ දී හංවැල්ල බලකොටුවේ තාප්පයට උඩින් උඩ යන ලෙස සවි කරන ලදී. මෙම තුවක්කු ක්‍රියාත්මක කරන ලද්දේ මහනුවර දී සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගත් මදුරාසි සහ බෙංගාල ලැස්කිරිඤ භයින් විසිනි. කුමන්ත්‍රණකරුවෝ මොවුන්ට උපදෙස් දී තිබුණේ විහිදී යන මුණිෂ්සම් වෙනුවට ෆවුන්ඩර් තුනේ සහ හයේ තනි උණ්ඩයක් භාවිත කරන ලෙසටය. එල්ලයට වඩා උසින් තිබූ එම තුවක්කු වලින් තබන ලද වෙඩි වලින් කොටු බැමීමට කිසිදු හානියක් සිදු නොවිය,
පොලොක්ගේ හමුදාවෙන් අඩක් ද සමග තම හමුදාව සමග හොර පාරකින් ගමන් කළ මසර් පිටුපස සිට සිංහල හමුදාවට වෙඩි තැබීය. ඒ සමගම ඉංග්‍රීසි සහ මුදලිවරුගේ ලැස්කිරිඤ්ඤ හමුදා සිංහල භටයින් වටකර වෙඩි තැබුහ. සිදුවන්නේ කුමක්ද? යන වග උඩරැටි හමුදාවට අවබෝධ කර ගැනීමට හැකි වුයේ පැයකට පමණ පසුවය. ඒ අනුව මෙය සටනක්
නොව හුදෙක්ම මිනිස් ඝාතනයක් බවට පත්විය. සටන අතරතුර රජුගේ හමුදාවේ සේවයේ යෙදී සිටි මැලේ හටයින් (කුලී හමුදාව) අවි බිම තබා හොර රහසේම ඉංග්‍රීසින් සමග එක්වූහ. රැය පහන්වී හිරු නැගී එද්දී දක්නට ලැබුණේ උඩරට භටයින් 270 දෙනෙකුගේ මළ සිරුරුය. ගං ඉවුර දිගට මළ කඳන් දහස් ගණනකි. හංවැල්ල නගරය තුළ ද මළ කඳන් දහස් ගණනක් වෙඩි වැදී දුව යාමේ දී ඔවුන් මරණයට පත්වී සිටි බව පැහැදිලි විය. උඩරට හමුදාවේ 80 දෙනකු ඉංග්‍රීසියේ අත්අඩංගුවට පත්වී තිබුණි, උඩරට දී සිංහලයින් විසින් අල්ලා ගන්නා ලද සහ ඉංග්‍රීසින් යටතේ සිටි මැලේ භටයින් 26 දෙනෙක් ද ඉන්දීය සිපොයි භටයින් 150ක් ද නැවත ඉංග්‍රීසි අත්අඩංගුවට පත්වී තිබුණ. සිංහල හමුදාව සතුව තිබූ අවි ආයුධ විශාල තොගයක් සහ උණ්ඩ රාශියකුත් ඉංග්‍රීසින් අතට පත්වී තිබුණි, එපමණක් නොව සිංහලයින්ගේ කොඩිය ද ඉංග්‍රීසින් අතට පත්වී තිබුණි. හවැල නගරය තුළ ඉදි කර තිබු අලංකාර ගමන් මාළිගය ඉංග්‍රීසින් විසින් ගිනි තබා විනාශ කළහ. මෙයින් අනතුරුව උඩරට හමුදාවේ හමුදාපති ලෙක් සහ ඔහුගේ දෙවැන්නා වූ පළිපාන නිලමේ කොහේදැයි සෙවීමට පටන් ගත්තා, ඔත්තුවක් ලැබුණි, ඩොයිලි සඳහන් කරන්නේ එම ඔත්තුකරුවා රත්වත්තේ බවයි. ඔවුන් දෙදෙනා පාළු කමතක වෑවර (කුරුම්බා) බොමින් සිටිය දී රජුගේ අත්අඩංගුවට පත්විය.එහිදී ලෙව්කේ දිසාව පවසා ඇත් තව අඩ හෝරාවකින් කඳවුර නැවත අත්පත් කරදෙන බවය.
රජතුමා ලෙව්කේ සහ පළිපාන නිලමේගේ හිස් ගසාදමන ලෙස සිය ආරක්ෂකයින්ට අණ කරන ලදී. රජුගේ ප්‍රධාන සේනාංකංයේ ආඥාපතිව සිටි ලෙව්කේ පිළිමතලාවගේ ප්‍රතිවාදියා බවත් බ්‍රිතාන්‍යයන් සමග එක්ව කුමන්ත්‍රවල
යෙදුණු බවත් දැන සිටි රජු ඔහුගේ සේනාවට අත්වුණු පරාජය ලෙව්කේ දිසාවගේ හිස කඳින් වෙන් කිරීමට හේතුවක් කොට ගත්තේය. “Geoffrey powell kandyan wars Bolo ජුවක්ලු අස් කන්ද උඩරට් සටන් 174′
ඉතිරිවූ උඩරට හමුදාව සමග රජතුමා මහනුවර බලා පිටත් විය. ඔවුන් පසුපස හඹත් රජු අල්ලා ගැනීමට තරම් ශක්තිමත් හමුදාවක් ඉංග්‍රීසි හමුදාව සතු නොවීය, උඩරට සෙබළු මහනුවර සීමාවට පැමිනීමත් සමග ක්‍රියාත්මක වූ ඉංග්‍රීසි හමුදාව රුවන්වැල්ල ට පැමිණ රජුගේ යුද මධ්‍යස්ථානය අත්පත් කරගෙන අනතුරුව එය ගිනි තබා විනාශ කළහ. “
ලංකා ඉතිහාසයේ නින්දිතම පාවාදීම
සම්පුර්ණ ලිපියම කියවන්න හෝ මෙම හඩ පටය අහන්න >>https://soundcloud.com/user-741571400-924960442/3wolkav44vno
මතු සම්බන්ධයි……………
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.කේ. ජයසේන