ණයක් වූ ණය ආර්ථිකය – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

ණයක් වූ ණය ආර්ථිකය

ආර්ථික අර්බුදයක් තියෙන බව ඇතැම් ඇමතිවරු පිළිගැනීම සුබ ලකුණක්. විවිධ සංස්ථා ණය බරින් මිරිකිලා. ඇතැම් සංස්ථා වෙනත් සංස්ථාවලට ණයයි. සියලු සංස්ථා රාජ්‍ය බැංකුවලට ණයයි. විපක්‍ෂයේ පඬියන් පඬි නැට්ටන් කියන්න පුළුවන් මේ සියල්ල වත්මන් ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිය නිසා වූවක් කියල. ඒත් ඔය ණය ගැනීම අද ඊයේ ආරම්භ වුණු එකක් නො වෙයි. යහපාලන කාලෙ කිසිම සංස්ථාවක් වෙනත් සංස්ථාවකට හරි රාජ්‍ය බැංකුවකට හරි ණය වෙලා තිබුණෙ නැද්ද?

මේ ධනේශ්වර ක්‍රමය යටතේ ව්‍යාපාර ආරම්භ කරන්නෙ ණය අරගෙන. ණය ගන්න කොට පොලියක් ගෙවන්න වෙනවා. බැංකුවල හිමිකරුවන් වෙස්සන්තර රජවරු නො වෙයි. පොලී අය නොකරන බැංකුවලට ලාබය ගෙවන්න ණය ගන්නන්ට සිද්ධ වෙනවා. බැංකුවත් ව්‍යාපාරයේ හිමිකරුවකු වෙනවා. සාමාන්‍ය අයකු ගෙයක් හදන කොට ණයක් ගන්නවා. ඒවාට බැඳුම්කර තියෙනවා. වාහන ගන්නත් ණය ගන්නවා. බදු ගෙවන්න වෙනවා. ඒ බදු ගෙවන්න බැරි වුණොත් සීසර්ලා එනවා. ජුලියස් හා ඔගස්ටස් නො වෙයි. මේ සීසර්ලා යන්නෙ මොන ක්ලියොපැට්රා ළඟට ද කියල දන්නෙ නැහැ. ඒත් සීසර් කියන වචනය නිර්මාණශීලී වචනයක්.

සංස්ථාවලට ණය ගෙවා ගන්න බෑරි වුණා ම සීසර්ලා එන්නෙ නැහැ. කරන එක ම දේ තව තවත් ණය ගන්න එක. සංස්ථාවලට ණය ගන්න බැඳුම්කර අත්සන් කරන්න ඕන නැද්ද? පොරෝන්දු නැද්ද? පොරොන්දුවලට මොක ද වෙන්නෙ. සමහර සංස්ථා පාඩු ලබන්නෙ නැහැ කියල පොතේ පෙන්නනවා. පොතේ මොනව ද කරන්න බැරි?

සංස්ථා පාඩු වින්දත් සේවකයන්ගෙ පඩි වැඩි කර ගන්නවා. ඒ සංස්ථා ප්‍රධානීන්ගෙත් එක්ක. සංස්ථා ප්‍රධානීන් බොහෝ විට දේශපාලන හිතවතුන්. සමහර විට පැරදුණු අපේක්‍ෂකයන් වෙන්නත් පුළුවන්. පඩි වැඩි කර ගන්නත් ණය ගන්නවා. යම් සංස්ථාවක හරි රජයේ ආයතනයක හරි ශුද්ධ ණය කියා සංකල්පයක් හදා ගන්න පුළුවන් ද? ශුද්ධ ලාබය කියන එක රජයේ ආයතනවලට හා සංස්ථාවලට ආගන්තුකයි.

යම් ආයතනයකට අනෙක් ආයතනවලින් ලැබිය යුතු ණය ඒ ආයතනය වෙනත් ආයතනවලට ගෙවිය යුතු ණයෙන් අඩු කළාම ශුද්ධ ණය ගණනය කරන්න පුළුවන්. මෙරට රාජ්‍ය ආයතනවල හා සංස්ථාවල ශුද්ධ ණය එකතු කළොත් ලැබෙන මුළු ශුද්ධ ණය කොපමණ ද?

රජයේ ආයතන විශේෂයෙන් ම සංස්ථා රැකීරක්‍ෂා සපයන්නන් බවට පත් වෙලා. දේශපාලනඥයන්ට තම හිතවතුන්ට රැකියා ලබා දෙන්න ඕන. රැකියා ඇබැර්තු නැතත් ඇබෑර්තු මවන්න ඕන. එහෙම නැත්නම් දේශපාලනඥයා ඊළඟ මැතිවරණෙ පරාදයි. ණය ගන්නෙ නැතිව රැකියාවලට ගත්ත අයට පඩි දෙන්නෙ කොහොමද?

අද කාලෙ හැමෝම වගේ ණයයි. කඩේ මුදලාලිට ණය අය ඉන්නවා. ඊනියා සමාජ තත්වය ඊට ටිකක් ඉහළට ගියා ම නිවාස ණය වාහන ණය ආදිය තියෙනවා. එ නැතත් දැන් බැංකුවල ණය පත් තියෙනවා. යම් සීමාවකට යටත් ව ඒ ණය පත් යොදා ගෙන භාණ්ඩ මිල දී ගන්න පුළුවන්. බොහෝ රටවල විශ්වවිද්‍යාලයට යන්න ණයක් ගන්න වෙනවා. අපේ රටේ එහෙම නැහැ. සමහරුනට මහපොළ ලැබෙනවා. විශ්වවිිද්‍යාලය දක්වා අධ්‍යාපනය වෙනුවෙන් ගෙවීමක් නොකරන රටවල් ස්වල්පයට ලංකාවත් අයිතියි.

1969ට පෙර වසරකට විශ්වවිද්‍යාල උපාධිධාරීන් හය දෙනකුට රජයේ ශිෂ්‍යත්ව ලැබුණා පිටරට විශේෂයෙන් ම එංගලන්තයට ගොස් පශ්චාත් උපාධි ලබා ගැනීමට. ඔවුන්ට අධ්‍යාපනයට පමණක් නොව ඉඳුම් හිටුම් ඇඳුම් පැලඳුම්, ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රය සඳහා ද රජය ගෙවුවා. මටත් 1967 දී ඉන් එක් ශිෂ්‍යත්වයක් ලැබුණා. මා මේ රටට ණයයි. මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් රජය ජනතාවගේ බදු මුදල් වියදම් කළේ. එය විදේශීය මුදලින් (පවුම්) ගෙවුණෙ. මෙරට බොහෝ උගතුන් හිතන්නෙ ඒ මුදලින් ජනතාවට පරිප්පු අරන් දුන්න නම් ඊට වඩා හොඳයි කියා. ඔවුන් හිතන්නෙ මා විශ්වවිද්‍යාල රැකියාවවත් හරියට කළේ නැහැ කියල. ලක්‍ෂමන්ගෙන් හා ලක්‍ෂමන්ගෙන් අහන්න.

ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අද අප බොහෝ දෙනා පෞද්ගලික ව ණයයි. රටක් හැටියටත් අප ණයයි. අපේ ආනයන වියදම අපනයන වියදමට වඩා වැඩියි. අපේ නිෂ්පාදන වියදම් අධිකයි. අපට මේ කලාපයේ බොහෝ රටවල් සමග තරග කරන්න බැහැ. ඒ අපේ නිෂ්පාදන වියදම අධික නිසා. චීනය අපට හිතවත් වෙන්න පුළුවන්. එහෙත් නිෂ්පාදනයේ දී අපට චීනය සමග තරග කරන්න පුළුවන් ද? චීනයේ නිෂ්පාදන වියදම අප නිෂ්පාදන වියදම සමග සසඳන්න පුළුවන් ද? චීනයේ කම්කරු නීති අපේ කම්කරු නීති සමග එකට ගන්න පුළුවන් ද? අපට වෙසක් කුඩුවත් ඉටි පන්දමත් බෞද්ධ කොඩියත් ජාතික කොඩියත් ගෙන්වන්න සිදු වන්නෙ චීනයෙන් නම් අපේ ඉරණම මොකක් ද? අපට චීනය එක්ක තබා බංග්ලාදේශය එක්කවත් මියන්මා එක්කවත් තරග කරන්න බැහැ.

අප විදේශීය සංචාරකයන් මත යැපුණා. අද ඔවුන් එන්නෙ නැහැ. මොන බුබුළු ක්‍රියාත්මක කළත් ඔවුන් දැන් ම එන්නෙ නැහැ. අපට ඩොලර් හොයා ගන්න ක්‍රමයක් අවශ්‍යයයි. විපක්‍ෂය විවිධ වාහනවල ගියාට ඩොලර් හොයන්න බැහැ. තෙල්වලට යන වියදම ටිකක් අඩු කර ගන්න පුළුවන්. ඔවුන් හැමදාමත් ඒ වාහනවල එනව නම් හොඳයි.

ණය ගන්න වෙන්නේ ව්‍යාපාරිකයන් නො වෙයි නම් තමන්ගෙ ආදායමට වඩා වියදම් කරන විට. නිවාස ණයක් වුණත් පොඩියට හදනව නම් ඒ තරම් වෙන්නෙ නැහැ. ඒත් අල්ලපු ගෙදරට වඩා ලොකු ගෙයක් හදන්න ඕන නම් ජීවිත කාලයක් ගෙවන්න ණයක් ගන්න පුළුවන්. අප ආනයනය කරන ප්‍රමාණය අපනයනය කරන ප්‍රමාණයට වඩා වටිනාකමින් ඉහළයි. වැඩි වෙන මධ්‍යම පංතියේ අවශ්‍යතාවන් සපුරාලන්නයි අප වෙහෙසෙන්නෙ. එයින් මධ්‍යම පංතියත් ඊටත් වඩා අසරණ අහිසක ජනතාවත් තැලෙනවා. වාහන ගෙන්වීම තහනම හොඳයි. ඒත් මන්ත්‍රීල ආදර්ශයක් වෙන්නෙ නැත්නම් ඒකෙන් වැඩක් නැහැ.

ණය ආර්ථිකය වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ණයක්. අපි විරුද්ධ පක්‍ෂය ආදර්ශයට ගනිමු. තෙල් පරිභෝජනය අඩු රියවල ගමන් කරමු. එක් පුද්ගලයකුට එක් කිලෝමීටරයක් ගමන් කිරීමට තෙල් සඳහා යන වියදම අවමයක් කර ගැනීමට වෙහෙසෙමු. හදිසියේ අපනයන වැඩි කරන්න බැහැ. එහෙත් ආනයන අඩු කරන්න හිතා බලන්න පුළුවන්.

රට දැය සමය පාවා දෙන සිංහළ සහ බොදුනුවීම හීනමාන කරගත් ඊනියා උගත් ගස් ගෙම්බෝ

කොළඹ පරණ මිනිස්සු කියන දෙයක් ගස් ගෙම්බන් කොළඹ ආවම තමා රට ජාතිය සසුන පාවා දෙන්නෙ කියා.
අපට නිදහස් අධ්‍යාපනය දුන් කොළඹ හාදයා නිහතමානී කන්නන්ගර මහතාට සම්බන්ධ පවුලේ අයම මට එසේ කියා ඇත.
ගමේ ගොඩේ මම ඉස්සර එයට විරෝධීය.
දැන් නම් හොඳටම එකඟයි අපේම සිංහළයෝ හීනමාන ඕල් කොට උගතුන් වී තමා සිංහළ බොදු සංස්කෘතිය ම බුදු සසුන පාවා දෙමින් බටහිර පල්ලියට ආක්‍රමණය පහසු කරන්නේම. ගොඩහේවා නුවරින් ආනන්දෙට ගොස් හීනමාන නිසා බෝර්න් අගේන් වෙලා, කපිල පෙරේරා පානදුර ශ්‍රී සුමංගල විදුහල න් ගොස් සිංහළ බසට ගහනවා කලුසුද්දො ගමට ගෙනවිත් දැණූම නැති පුස්සෝ හදන්න පාර කපනවා. කුරුණෑගල රනිල් මැ. ර. රදගුරු අත්තනගල්ල චන්දරිකා ගැන කුමට කියමුද? මැදමුලන නඩේම සිංහළය බුදු සසුන පාවා දෙන බයියෝ වෙනකොට.
ගමේ ගොඩයෝ දැන් වැලන්ටයින් සමරති නත්තල් සමරති පාරුවේ නැග ඉංගිරිසි කතා කරන ලෙස යෙහෝවා දෙයියාට වඳිති. ටියුෂන්
මුතුගල බාලයෝ අසපු නිඝන්ට සීඅයිඒ පූජකයා බුදු රජාණන් වහන්සේ ලෙස සළකති.
චන්දන ගුණවර්ධනලා ඔවුන්ට සහායට බුදුරදුන් ලංකාවේ කියති කලුතර රාජ් මලබාර් සෝමදේව සමග.

යන්නෙ කොහෙද මල්ලෙ පොල් හා කිඹුල්වත

යන්නෙ කොහෙද මල්ලෙ පොල් හා කිඹුල්වත

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ ඉතා වැදගත් ප්‍රකාශයක් කර තිබුණා. මා එය දැක්කේ එක්තරා වෙබ් අඩවියක. ඒ ප්‍රකාශයේ අදහස මගේ වචනවලින් නොකියා අදාළ කොටස වෙබ් අඩඩවියෙන් ම උපුටා දක්වන්නේ මහාචාර්යතුමාට අසාධාරණයක් නොවීම සඳහා. මා හිතනවා වෙබ් අඩවිය මහාචාර්යතුමාට අසාධාරණයක් කර නැහැ කියා. අදාළ කොටස මෙසේයි.

“මේ වනවිට ලොව පුරා ම සීඝ්‍රයෙන් පැතිරීගෙන යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බලපෑම් එලලවී තිබෙනවා. ඒ අනුව තම දරුවන් ජාත්‍යන්තර පාසල්වලට යවන දෙමාපියන්ගෙන් දිගින් දිගට ම ඉල්ලීම් ගලාගෙන එනවා මතුව තිබෙන ආර්ථික ගැටලු මත පාසල්වල මාසික ගාස්තු ගෙවාගැනීමට අපහසු නිසා රාජ්‍ය පාසල් පද්ධතියට එම දරුවන් ඇතුළත්කර ගැනීමට අවස්ථාව ලබා දෙන්නට කියා. මෙහිදී මතුවන ගැටලුව තමයි ඒ දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ම උසස් පෙළ දක්වා හදාරනු ලබන්නේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්. නමුත් රජයේ පාසල්වල ඉංග්‍රිසි මාධ්‍ය පාසල් තිබෙන්නේ ඉතා ම සුළු ප්‍රමාණයක්. ඒවායිනුත් ‘හර’ විෂයයන් පමණයි උගන්වන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙයට ස්ථිරසාර විසඳුමක් ලබාදිය යුතු බව. ඒ අනුව අධ්‍යාපන විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කරලා තිබෙනවා මෙම ගැටලුව විසඳීම සම්බන්ධ ව නිර්දේශ ඉදිරිපත් කිරීමට. ඒ අනුව කොළඹ ආශ්‍රිත කරගෙන මෙන් ම සෑම පළාතක ම එවැනි පාසලක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. එම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම එවැනි ඉංග්‍රිසි මාධ්‍ය පාසල් ලබා දිමට කටයුතු කරන්නට පුළුවන් වේවි.ජාතික පාසල් 1,000 වැඩසටහන, ත්‍රෛභාෂා පාසල් වැඩසටහනට සමගාමී ව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබේවි.” යනුවෙන් පවසා සිටියේය.”

මා මහාචාර්ය කපිල පෙරේරා මෙන් උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. ඒ නිසා ද කෙහෙ ද ඉහත සඳහන් පාඨය මට තේරුණේ නැහැ. කපිල පෙරේරා මොරටුව විශ්වවිද්‍යාලයේ කාර්මික ඉංජිනේරු අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්, හිටපු පීඨාධිපතිවරයෙක්, හිටපු උපකුලපතිවරයෙක්. ඔහුගේ ජීවදත්ත අනුව ඔහු පාණදුරේ ශ්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙක්.ඔහු මොරටුවෙන් උපාධි ලබාගෙන ඇත්තේ 1986 දී. ඔහු උපාධිය ලබා ගෙන තියෙන්නෙ මට වඩා අවුරුදු දහනවයකට පසුව. දළ වශයෙන් ඔහු මට වඩා අවුරුදු විස්සක් පමණ වයසින් බාල ඇති. ඔහුගේ දේශපාලනය ගැනත් තොරතුරු තියෙනවා. අවශ්‍ය වුවහොත් ඒ ඉදිරිපත් කරන්නම්. කපිල පෙරේරා පාසලේ දී ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් බවයි මා හිතන්නෙ. වැරදි නම් නිවැරදි කරන්න. මට කපිල පෙරේරා හමු වී නැහැ. ඔහුගේ ගරු ඇමතිතුමා නම් හමු වී තියෙනව.

ඉහත කී පාඨයෙන් කියන්නේ මෙවැන්නක්. කොවිඩ් නිසා ආර්ථික ගැටළු ඇති වී තියෙනවා. එය ජාත්‍යන්තර පාසල්වලට තම දරුවන් යවන දෙමව්පියන්ටත් බලපාල. ඔවුන්ට පාසල් ගාස්තු ගෙවන්න අපහසු වෙලා. ඒ නිසා ඔවුන් ඉල්ලා තිබෙනවා තම දරුවන් රජයේ පාසල්වලට ඇතුල් කරන්න අවස්ථාව දෙන්න කියා. නමුත් රජයේ පාසල්වල ඉංගිරිසි මාධ්‍ය පාසල් ඇත්තේ සුළු සංඛ්‍යාවක්. එහිත් ඊනියා හර විෂය පමණයි උගන්වන්නේ. මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන්න ඕන. ඒ පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන විශේෂඥයන්ගේ කමිටුවක් පත් කර තියෙනවා. ඒ වන තෙක් මගේ මහළු වියේ දී වුවත් තේරුම් ගන්න පුළුවන් වුණා. ජ වි පෙ හා වෙනත් මාක්ස්වාදී පශ්චාත් මාක්ස්වාදී තරුණයන් කියන අන්දමට මැන්ටලයක් වූ මටත් තේරුම් ගන්න පුළුවන් වුණා. එහෙත් එතනින් එහාට නම් තේරුණේ නැහැ.

විශේෂඥයන්ගේ කමිටුව තවම කිසිවක් නිර්දේශ කර නැති බවයි පෙනෙන්නෙ. එහෙත් මට තේරෙණ විධියට කමිටුවේ අවධානය යොමු වෙලා තියෙනවා දිවයිනේ සෑම පළාතක ම එවැනි පාසලක් නියමු ව්‍යාපෘතියක් ලෙස ඇති කිරීමේ හැකියාව ගැන. මේ එවැනි පාසලක් කියන්නෙ මොකක් ද කියල නම් මට තේරුම් ගන්න බැරි වුණා. එහෙත් ඊළඟ වාක්‍යයෙන් එවැනි පාසල් හඳුන්වල තිබුණ. ව්‍යාපෘතිය සාර්ථක වුණොත් එවැනි ඉංග්‍රීසි මාධ්‍ය පාසල් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම ලබා දෙන්න පුළුවන් වේවි කියා තිබුණා.

ප්‍රශ්නය ජාත්‍යන්තර පාසල්වලට දරුවන් යවන දෙමවුපියන්ට පාසල් ගාස්තු ගෙවීමට අපහසු වීම. දෙමවුපියන්ගෙ විසඳුම තම දරුවන් රජයේ පාසල්වලට ඇතුල් කිරීමට අවස්ථාව ලබා දීම. අමාත්‍යාංශයේ “බලාපොරොත්තුව” විශේෂඥයන් තවම නිර්දේශයක් කර නැතත් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම ඉංගිරිසි මාධ්‍ය පාසල් ලබා දීම. මට නම් මේ තර්කය තේරෙන්නෙ නැහැ. ජාත්‍යන්තර පාසල්වලට දරුවන් යවන දෙමවුපියන්ට පාසල් ගාස්තු ගෙවීමට අපහසු බැවින් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම ඉංගිරිසි මාධ්‍ය පාසල් ලබා දෙන්නෙ අහවල් දේකට ද? ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙන නොගත් ගැමියන් නම් මෙවැනි දේට කියා ඇත්තෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියල.

කාට හරි අවශ්‍යතාවක් තියෙනව නම් ඉංගිරිසි මාධ්‍ය පාසල් ලංකාවෙ හැම ප්‍රදේශයක ම ඇති කරන්න ඒක යුක්ති යුක්ත කරන්න වෙන විධියකට තර්ක කරන්න. ප්‍රස්තුතය වෙනස් කරල තර්ක කරන්න. එහෙම තර්ක ඉදිරිපත් කළොත් අපි ඒව සලකා බලමු. දැනට අර දෙමවුපියන්ට සහනයක් දෙන ක්‍රමයක් ගැන කල්පනා කරන්න. රජයේත් නොවන ජාත්‍යන්තරත් නොවන පාසලුත් ලංකාවෙ තියෙන බවත් කල්පනාවට ගන්න. ඒ සමහර පාසල්වලත් ඉංගිරිසි මාධ්‍යයෙනුත් ඉගැන්වෙනවා. අර දෙමවුපියන්ට ජාත්‍යන්තර පාසල්වලට දරුවන් ඇතුල් කරන්න සිදු වුණේ ඇයි ද කියාත් කල්පනා කරන්න. ලේකම්තුමා පුළුවන් නම් කල්පනා කරන්න පුළුවන් අය බිහි කර ගත හැකි අධ්‍යාපන ක්‍රමයක් ගැන කල්පනා කරන්න. අර විශේෂඥ කමිටුවට කල්පනා කරන්න පුළුවන් ද කියල අහන්නෙ නිකමට ම නො වෙයි.

මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

කල්පිටියේ සහජීවන ගම්මානය එක රැයින් “ක්‍රිස්තුරාජපුර” වූයේ කාගේ අනුහසින් ද?

කල්පිටියේ සහජීවන ගම්මානය එක රැයින් “ක්‍රිස්තුරාජපුර” වූයේ කාගේ අනුහසින් ද?

කල්පිටියේ “සහජීවන ගම්මානය (ග්‍රා.ව.605බී)” යනු නොරොච්චෝලෙ ලක්විජය බලාගාරය තනන විට එහි සිටි පවුල් අසූවක පමණ ජනතාව පදිංචි කරවූ ගම්මානය යි. එබැවින් එම ගම්මානයට “ගෙවල් අසූව” යයි ද කියති. මෙයට සහජීවන ගම්මානය යන නම වැටුණේ සියලු ආගම්වල ජනතාව එහි පදිංචි ව සිටින හෙයිනි. නමුත්, ගම්මානයේ පදිංචි ව සිටින බෞද්ධ පවුල් ගණන හතරක් පමණි. ඊයේ එනම් 2021.20.19 වන දින උදෑසන වන විට මේ ගම්මානය ඉදිරිපිට “ක්‍රිස්තුරාජපුර” නමින් නාමපුවරුවක් සවි කිරීමට ක්‍රියා කර තිබේ. සහජීවන ගම්මානය මෙසේ හිටි අඩියේ ම ක්‍රිස්තුරාජපුර බවට පත්වූයේ කෙසේ ද? කාගේ අනුහසින් ද? කාගේ අනුදැනුමකින් ද? මේ අන්තවාදී ක්‍රියාව පිටුපස මාම්පුරිය මීසම සිටින බවට තොරතුරු අනාවරණය වේ. සහජීවන ගම්මානයේ සහජීවනය බිඳ දැමීමට කතෝලික පල්ලිය කළ මේ ක්‍රියාව කෙසේ අනුමත කරමු ද? කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බුදි ද?

සහජීවන ගම්මානය ඉදි කරන විට සියලු ම ආගම්වල ජනතාව සඳහා සිද්ධස්ථාන ඉදිකරගැනීමට අක්කර භාගය බැඟින් අක්කර දෙකක භූමිභාගයක් වෙන් කර දී තිබේ. බෞද්ධයන්ට අයත් කොටසේ මේ වන විට කුඩා බුදුමැදුරක් තනා බෝධීන්වහන්සේනමක් රෝපණය කිරීමට කටයුතු කර තිබේ. නමුත්, ඒ බුදුමැදුර තුළත් වරින්වර සුරුවම් ගෙනැවිත් තැබීමට පල්ලිය ක්‍රියා කර තිබේ. හින්දු ජනයාට අයත් කෝවිල පිහිටි භූමියෙන් ද කොටසක් බලහත්කාරයෙන් අල්ලාගත් කතෝලික පල්ලිය ඉතා අසාධාරණ අන්දමින් අන්‍යාගමික ජනයා පෙළමින් සිය ආධිපත්‍යය පතුරුවමින් සිටී.

කතෝලික සභාවේ අයථා අන්‍යාගම්කරණය ඇතුළු අන්තවාදී ක්‍රියාකාරකම් හමුවේ බෞද්ධ හින්දු ජනයා බැට කන පළමු අවස්ථාව මෙය නො වේ. කුර්සිල්යෝ පෙරමුණ හරහා සිදුවන කතෝලික ආක්‍රමණය පිළිබඳ ව මීට පෙර ද අපි ඔබ ව දැනුම්වත් කළෙමු. අන්තර් ආගමික සංවාදය, සහජීවනය, සර්වාගමික සංකල්ප ආදි ඊනියා තේමාපාඨයන්ට මුවා වී සිදු කරන කතෝලික පල්ලියේ සූක්ෂ්ම ආගමික යාන්ත්‍රණය වහවහා පරාජය කළ යුත්තෙමු. ඒ පිළිබඳ ව ජනතාවගේත්, බලධාරීන්ගේත් ඇස් ඇරවිය යුත්තෙමු. කශේරුකාවක් නැති පාලකයෝ මේවා ඉදිරියේ සැම දා නිහඬ ය. මහ සෑ මළුවේ දිවුරුම් දී කාදිනල් මැල්කම්ගේ සහජීවන බෙට්ට තලු මරන නිවට පාලකයෝ කොයි? ක්‍රිස්තුරාජපුර වතිකානුව වී ලංකාද්වීපය ක්‍රිස්තු දේශය වන තෙක් බලා සිටිමු ද?

sorry.com ලියුම්කරු විසිනි.

ඕල්කොටා ලා එංගලන්තය සමග ම පහළ යාවි චීන මැන්ඩරින් උගතොත් සුද්දන්ගේ කෙරුම් ලොවටම හෙලිවේවි

යුරෝපා ජාතීන් අප්‍රිකානු මහාද්වීපය පිළිබඳව දැන ගැනීමට බොහෝ කාලයකට පෙර චීන සමුද්‍ර යාත්‍රිකයන් අප්‍රිකාව දැන සිටි බවට සාක්ෂ්‍ය ගැවින් මෙන්සිස් ගවේෂකයාගේ ‘1429 – චීනය ඇමරිකාව සොයාගත් වර්ෂය’ පොතේ අඩංගුවේ. එහි සඳහන් ලෙසට චීන අධිරාජයාගේ ඇරයුම් ලැබූ අප්‍රිකානු රටවල වෙළෙඳ දූතයෝ එතුමා බැහැදැකීමට චීනයේ අගනගරයට ගියහ. එංගලන්තය ප්‍රංශය ස්පාඤ්ඤය පෘතුගාලය ආදී යුරෝපා රටවලට චීන අධිරාජයාගෙන් එවැනි ආරාධනා ලැබී නැත. යටත් විජිත සමයේ ලාංකිකයන් යුරෝපා ජාතිකයන් ලියූ පොත පතේ අප්‍රිකාව සහ අප්‍රිකානුවන් ගැන සඳහන් වන්නේ මීට වෙනස් තොරතුරු සමූහයකි. ඒ පොත් බොහෝමයක අප්‍රිකාව අඳුරු මහාද්වීපයක් යැයි සඳහන් වේ.
අප්‍රිකාවේ කෙන්යාව, උගන්ඩාව ඇතුළු රටවල් ගණනාවක පාලකයන්, පාසල් දරුවන්ට ‘මැන්ඩරින්’ භාෂාව ඉගැන්වීමට පහසුකම් සලසා තිබේ. අනාගත ලෝකයේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සියල්ලකම ප්‍රමුඛත්වය චීනය විසින් හිමිකරගනු ඇතැයි ඔවුන් සිතීම ඊට හේතුවකි. එය ඇමරිකාවද දන්නා කාරණයකි. එනිසා චීනය සමග තරග කිරීමට පුරුදු වන ඇමරිකාවේ ළමයින්ට දෙවැනි බසක් වශයෙන් ‘මැන්ඩරින්’ ඉගෙනීමට අනිවාර්යයෙන්ම සිදුවේ. මුළු ලෝකයටම විශාල බලපෑමක් කිරීමට සමත් ‘ෆේස්බුක්’ (මුහුණුපොත) නිර්මාතෘ මාක් සකර්බර්ග්, පසුගිය වසරක චීනයට ගොස් ඉතා ව්‍යක්ත ලෙසින් පැය භාගයකට වැඩි කාලයක් ‘මැන්ඩරින්’ භාෂාවෙන් කතාවක් පැවැත්වූ බව බොහෝ ඇමරිකානුවෝ දනිති.
අප්‍රිකා ආසියා සහ දකුණු ඇමරිකානු රටවල් බාල පරපුරට මැන්ඩරින් ඉගැන්වීමට උනන්දුවීමට ප්‍රධාන හේතුව චීනය අධිරාජ්‍යයක් වශයෙන් ගොඩනැගීම පිළිබඳ පැහැදිලි වැටහීමක් ඔවුන්ට තිබීමයි. ඔවුන් දෙවැනි භාෂාව වශයෙන් ඉංග්‍රීසි ඉගෙනීම, ‘හිරු නොබසින අධිරාජ්‍යය’යැයි පුරසාරම් දෙඩූ බ්‍රිතාන්‍යය තවත් පහළට වැටීමකි. බ්‍රිතාන්‍යයන්ගේ වර්තමාන බලය සහ කීර්තිය, ඉංග්‍රීසි භාෂාව මත රැඳී පවතින්නකි. එය ඔවුන්ගේ හපන්කමක් නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කරගත් ඇමරිකාව ලෝක බලවතාවීමේ ප්‍රතිඵලයකි. ඉංග්‍රීසියේ තැන අනාගතයේ මැන්ඩරින් භාෂාවට හිමිවුවහොත්, බ්‍රිතාන්‍යයන්ගේ පෛරාති ක්‍රියා සහ මනුෂ්‍ය සංහාර පිළිබඳ සැඟවුණ තොරතුරු රාශියක් මැන්ඩරින් බසින් ලොවට ඉදිරිපත් වීම සිදු වේ. මේ සියලු කාරණා දන්නා බ්‍රිතාන්‍යයෝ ඉංග්‍රීසි භාෂා ආධිපත්‍යය ආරක්ෂා කරගැනීමට නොයෙක් උපක්‍රම භාවිත කරති.
‘මැන්ඩරින් භාෂාවට කවරදාකවත් ඉංග්‍රීසි භාෂාවේ තත්ත්වයට සමීපවන්නට නොහැකි බව’ කියන්නෝ ලංකාවේත් සිටිති. ඒ අතරින් සමහරු වෙනත් භාෂා ගැන දැනුමක් නැතිව, ඉංග්‍රීසි ව්‍යංජන ශක්තියෙන් අනූන අනෙක් භාෂාවලට වඩා විශේෂ සුකොමළ භාෂාවක් යැයි කියති. ඉංග්‍රීසි වනාහි කොල්ලකෑමෙන් හැදී වැඩී පොහොසත් වූ භාෂාවක් බව ඔවුහු නොකියති.
ඇමරිකානු ජාතික හෙන්රි ඕල්කොට් කොළඹ පරම විඥානාර්ථ සමාගම පිහිටුවා සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ගේ ළමයින්ට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබදීම උදෙසා කොළඹ කොටුවේ ඉංග්‍රීසි භාෂා පාසලක් පිහිටු වූයේය. මෙය, බ්‍රිතාන්‍යයන්ගේ වුවමනාවට සිදුවූ දෙයක් බව සිංහලයන්ට අවබෝධවීම වැළැක්වීමට බ්‍රිතාන්‍ය පාලකයන් නොයෙක් උපක්‍රම භාවිත කර තිබේ. ඇතැම් ලියන්නන් බොරු කතාන්දර ඉදිරිපත් කරමින් ඕල්කොට් බුදුසසුන බේරාගැනීමට ලංකාවට පැමිණියේ යැයි සඳහන් කරමින් පොතපත ලිවීම නිදසුනකි. සම්මාන පිට සම්මාන ලැබුණු, ‘යුරෝපීය චින්තනය බෞද්ධ පුනරුදය හා ඕල්කොට්’ එවැනි පොතකි. ඕල්කොට් වර්ණනා කෙරෙන පොතපත අගයන්නන් පිරිසක් ද ලංකාවේ සිටිති.
ඇමරිකාව වෙළෙඳ ආර්ථික ක්‍රමයක් ඇති රටකි. එහි වැසියකු වූ ඕල්කොට්ගේ බෞද්ධ පාසල් වැඩපිළිවෙළද වෙළෙඳ ව්‍යාපාරයක් සේ සැලකීමට සිදු වේ. ඔහු මෙම ව්‍යාපාරයෙන් කොතරම් මුදලක් ඉපයූවේ දැයි කිසිවෙක් නොදනිති. ඔහු ව්‍යාපාරයේ ආදායම් තොරතුරු පරමවිඥානාර්ථ සමාගමෙන් වසං කළේය. එනිසා මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාලතුමා වැනි බෞද්ධ නායකයන් පවා ඕල්කොට් ගැන සැක ඇතිකර ගත්හ. සමාගමේ ගනුදෙනු පෙන්වන්නැයි ගුණානන්ද හිමියන් ප්‍රශ්න කළ විට, පසු දිනෙක පිළිතුරු දෙන්නට පොරොන්දු වූ ඕල්කොට් රට හැර ගියේය.
ඕල්කොට්ගේ මග පෙන්වීම යටතේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් පිරිසක් කොළඹ කොටුවේ පිහිටුවූ ඉංග්‍රීසි බෞද්ධ පාසල පරණවාඩියට ගෙන ගිය පසු එහි නම ආනන්ද විදුහල වූයේය. මෙහි පළමුවැනි විදුහල්පති ලෙඩ් බිටර්, පූජක වේෂය සිංහල බෞද්ධයන්ට සැඟවූ එංගලන්තයේ බිෂොප් කෙනෙකි. ආනන්දයෙන් විශ්‍රාමගෙන පෙරළා එංගලන්තයට ගිය ඔහු නැවත බිෂොප්වරයකු වූයේය. අදටත් නිව්යෝක්හි ‘තියෝසොෆිකල්’ සමාගම තිබේ. ඊට ගොඩවන්නකුට, පරමවිඥානවාදය යනු බුද්ධාගම නොවන බව ස්වල්ප වේලාවකින් වටහා ගැනීමට පුළුවන.
ආනන්දය අනුකරණය කරමින් රටේ වෙනත් පළාත්වලත් ඉංග්‍රීසි උගන්වන බෞද්ධ පාසල් ඇරඹීමට ඇතැම් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ කටයුතු කළහ. භික්ෂුන් වහන්සේ කිහිප නමක් සමාජ සේවාවක් හැටියට පෙන්වමින් ආණ්ඩුවේ ආධාර ලබන සිංහල බෞද්ධ පාසල් ඇරඹූහ. ‘ක්‍රිස්තියන් මිෂන් පාසල්’ (සීඑම්එස්) අනුකරණය කරමින් මේ පාසල් හඳුන්වා ඇත්තේ බීඑම්එස් (බෞද්ධ මිශ්‍ර) පාසල් නමිනි. මේ ඉංග්‍රීසි සහ සිංහල බෞද්ධ පාසල් වලින් දහස් ගණනින් සිංහල කළු සුද්දෝ බිහි වූහ.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පරපුර ගැන ලියවුණ පොත් කිහිපයකම, සිංහල වනාහි, බණ්ඩාරනායක පවුල්වල මුළුතැන්ගෙවල හෙමිහිට කතා කළ භාෂාවක් බව සඳහන් කර තිබේ. අගමැති බණ්ඩාරනායක, සිංහල, ලංකාවේ රාජ්‍ය භාෂාව බවට පත්කිරීම මහා වීර ක්‍රියාවකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් කළු සුද්දන් යටකරගෙන ජාතික ඇඳුම් අඳින සිංහල පරපුරක් බිහිවිය. ඒ අවස්ථාවේ තාවකාලිකව යටගිය බටහිර බලවේගය සිංහල දරුවන්ට සිදු කළ විපත පැහැදිලි කරදෙන හොඳම සාක්ෂිය, ටයි පටියක් එල්ලාගන්නේ නැතිව රූපවාහිනී නාළිකා ඉදිරියට ඒමට ශක්තිය නැති ලංකාවේ නිලධර පරපුරයි. මොවුන්ගෙන් බහුතරයක් දෙනෙක් මහා විද්‍යාල හෝ මධ්‍ය මහා විද්‍යාලවලින් ඉගෙනුම ලැබූ ගොවි කම්කරුවන්ගේ දරුවෝ වෙති.
පානදුරේ සිරි සුමංගලයට ද ඉතිහාසයක් තිබේ. එය සිංහල බෞද්ධ පාසලකි. ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහැදුරු කපිල පෙරේරා එහි අධ්‍යාපනය ලැබූවෙකැයි අප දැන ගත්තේ මහාචාර්ය නලින් සිල්වා ‘කාලය’ වෙබ් අඩවියට ලියූ ලිපියකිනි.
“ජීවදත්ත අනුව ඔහු පාණදුරේ ශ්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. ඔහු මොරටුවෙන් උපාධි ලබාගෙන ඇත්තේ 1986 දී. ඔහු උපාධිය ලබාගෙන තියෙන්නෙ මට වඩා අවුරුදු දහ නවයකට පසුව. දළ වශයෙන් ඔහු මට වඩා අවුරුදු විස්සක් පමණ වයසින් බාල ඇති. ඔහුගේ දේශපාලනය ගැනත් තොරතුරු තියෙනව. අවශ්‍ය වුවොත් ඉදිරිපත් කරන්නම්. කපිල පෙරේරා පාසලේ දී ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් බවයි මා හිතන්නෙ. වැරදි නම් නිවැරැදි කරන්න.” යනුවෙන් ඔහු සඳහන් කරයි. (යන්නෙ කොහෙද මල්ලෙ පොල් සහා කිඹුල්වත. 2021 ජුනි 06)

සිංගප්පූරුව මලයාසියාව ආදි ආසියානු රටවල වැඩිහිටියන් ළමයින්ට මැන්ඩරින් ඉගැන්වීමට දක්වන කැමැත්ත දුර්වල කිරීමේ ප්‍රයත්නයන් ඇත. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන පෞද්ගලික පාසල්වලට යන ළමයින්ට සාධාරණයක් ඉටුකිරීමේ මුවාවෙන් රට පුරා ඉංග්‍රීසි පාසල් ඇරඹීමට කපිල පෙරේරාට වුවමනා වී තිබේ. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා සඳහන් කරන ලෙසට ළමයින්ට පළමුවෙනි ශ්‍රේණියේ සිට ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබාදීම කපිල පෙරේරාගේ පෞද්ගලික අදහසක් විය යුතුය. (දිවයින ජුනි 11) එය එසේ නම් ඔහු ගෝඨාභය රජයට කරන්නේ ලොකු හානියකි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ගොඩනැංවූ පිළිවෙළ ලංකාවේ ඉතිහාස පොත්වල නිවැරැදිව සඳහන් කර නැත. සිංහල භාෂාවෙන් පහළ පන්තිවලදී ඉතිහාසය උගත් ලංකාවේ උගතුන් වැඩි දෙනෙකුට ඉතිහාසය පිළිබඳ ඇත්තේ අහුලාගත් දැනුමකි. බ්‍රිතාන්‍යයන් මෙවැනි උගතුන් තනන අධ්‍යාපන ක්‍රමයකට සිංහලයන් කොටු කළේ අධිරාජ්‍යයේ යහපත වෙනුවෙනි.

බ්‍රිතාන්‍යයන් සාගරයේ ආධිපත්‍යය පතුරුවන්නේ ස්පාඤ්ඤයේ ‘ආමේඩාව’ විනාශ කිරීමෙන් පසුවය. ඒ ක්‍රියාවට නායකත්වය දුන් ප්‍රැන්සිස් ඩ්‍රේක්, ‘මුහුදු බල්ලෙකි’ (සී ඩෝග්).
රට වෙනුවෙන් කළ සේවය වෙනුවෙන්, එංගලන්තයේ රැජින, ‘මුහුදු බල්ලා’, නයිට්වරයකු කළාය. එතැන් සිට ඔහු සර් ප්‍රැන්සිස් ඩ්රේක් වූයේය.
ඉන්දියානු සාගරයේ පෛරාතින් සහ සාගර මංකොල්ල ගැන බොහෝ තොරතුරු මේ වන විට හෙළිවී තිබේ. අරාබීන් මේ ක්‍රියාවන් දෙකේම ආරම්භකයෝ වෙති. දිල්ලි සුල්තාන් රාජ්‍යය බිහිකළ පසු ඔවුහු දකුණු ඉන්දියාවේ හින්දු රජවරුන් රූකඩ කරගෙන මුහුදේ බලය පැතිර වූහ. කැලිකට්හි ‘සැමොරින්’ යනු පිරාති හමුදාවකට නායකත්වය දුන් හින්දු රජෙකි. සැමොරින් ප්‍රධාන ඉස්ලාම් පිරාති හමුදාව පරාජය කිරීමට පෘතුගීසින්ට හැකි විය. මලබාර් සාගරයේ බලධරයන් වූ ඔවුහු එහි ගමන් කරන යාත්‍රාවලට බලපත්‍ර නිකුත් කිරීම ඇරඹූහ. පෘතුගීසි ලේඛනවල මෙවැනි බලපත්‍ර හැඳිනුම් ලබන්නේ ‘කර්ටාස්’ (cartaz) නමිනි. පෘතුගීසින්, අරාබි ‘කිර්ටාස්’ (Qirtaz) තම භාෂාවට පෙරළාගෙන ඇත්තේ ‘කර්ටාස්’ යනුවෙන් බව මලබාර් වෙරළේ පිරාතින් ගැන විස්තර ඉදිරිපත් කරන එෆ්.එෆ්.ආර්. තෝමස් සඳහන් කරයි.
වහල් වෙළෙඳාම ද අරාබින්ගේ වෙළෙඳාමකි. පාප්තුමා වෙනුවෙන් රටවල් ඇල්ලීම ඇරඹූ කතෝලික රටවල්, වහල් වෙළෙඳාම පැහැර ගත්හ. ඔවුහු ඒ සඳහා අරාබින්ට වඩා අලුත් උපක්‍රම භාවිත කළහ. අප්‍රිකානුවන් යොදවා අප්‍රිකානුවන් ඇල්ලීම ඔවුන්ගේ උපක්‍රමයකි.
කඳවුරුවලට රැස්කරන ලද යුදෙව්වන්, යුදෙව්වන් යොදවා මැරවීම නාසි ජර්මානුවන් අනුගමනය කළ අලුත් ඝාතන ක්‍රියාවකි. ‘කැලේ ගහක් නසන්නට කැලේ ගහක් යොදා ගන්නවා’ යැයි කියන්නේ මෙවැනි උපක්‍රමවලටය.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

සතිඅග අරුණ

නාඩම්කාරයෝ හරහා එළිබහින භික්ෂු නාඩගම

නාඩම්කාරයෝ හරහා එළිබහින භික්ෂු නාඩගම

නාඩගම්කාරයෝ නාටකය මේ දිනවල ජනප්‍රිය මාතෘකාවකි. විශේෂයෙන් ජාතිය හා ශාසනය සම්බන්ධයෙන් නාඩගම්කාරයෝ හරහා එළිදක්වන ප්‍රකාශ පිළිබඳ විරෝධයක් ද එල්ල වෙමින් තිබේ. අපි ද ඒ කෙරෙහි සාවධාන වීමු. එල්ලවන විරෝධතාවන්ගේ සත්‍යතාවක් නැතිවා ම නො වේ. ඒ පිළිබඳ ව පසු ව කතා කරමු. මේ ලියමන නාඩගම්කාරයෝ හි භික්ෂු නාඩගම පිළිබඳ ව ය.

මහණකම, චීවරය හා භික්ෂු චරිතය මෑතභාගයේ ටෙලිනාට්‍යවල අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ. ඒ පිළිබඳ ව විචක්ෂණශීලී වීම අවශ්‍යය ම ය. මන්දයත්, ඒ චරිත හරහා එළිදක්වන ‘ව්‍යාජ පැවිද්ද’ ජන විඤ්ඤාණය කෙරෙහි සූක්ෂ්ම හා ප්‍රබල බලපෑමක් කරමින් පැවැතීම යි.

නාඩගම්කාරයෝ හි “භික්ෂු නාඩගම” හරහා අද වන විට මහණකම ද නාඩගමක් බවට පත් කොට තිබේ. තාලපුට සූත්‍රයට අනුව රඟ මැද, නෘත්‍ය මැද රාගය, ද්වේෂය, මෝහය වැපිරීම පහාස නිරයෙහි වැටීමට හේතුවකි. සබ මැද රැඟීම භික්ෂුවට කොහෙත් ම කැප නො වන අතර, භික්ෂූත්වය රඟ මැදට ගෙන ඒම ද කොහෙත් ම නො කළ යුත්තකි. ඕනෑ ම අයෙකුට කඩෙන් මිල දී ගෙන හෝ ඉල්වා ගෙන චීවරයක් දැරිය හැකි නම්, එසේ ම සිවුර දරාගෙන මහණකම පිළිබඳ රංගනයක යෙදිය හැකි නම් මහණකමක් හා ශාසන සම්ප්‍රදායයක් අවශ්‍යය නො වේ. මේවා පිළිබඳ ව ශාසනභාරධාරීන් මුනිවත රැකීම උභතෝකෝටිකයකි.

මේ භික්ෂු චරිතවලට පණ පොවන්නන්ට හා රඟන නලුවන්ට පැවිද්ද, මහණකම තබා සරණාගමනයවත් තිබේ දැ යි යන්න ගැටලුවකි. එවන් වාතාවරණයක් මත අර්හත් ධජය දරාගෙන රඟපෑමට මේ නලුබට්ටන්ට අවසර දුන්නේ කවුද? බුද්ධප්‍රඥප්තියවත් නො දැන රඟපෑමට චීවරය දරමින් රැස් කරගන්නා අකුශලයට ඔවුනට පහාස නිරය ප්‍රමාණවත් වේ ද?

මෙවැනි විසූකදස්සනයන්ගේ ඇලීම සාමණේර දසසීලයෙන් පවා ප්‍රතික්ෂේප කර ඇති විනය කරුණකි. භික්ෂුව තමන්වහන්සේගේ ගෝචර සීමාව අවබෝධ කරගත යුතු ය. චතුසම්පජඤ්ඤය නැති නිසා දෝ භික්ෂූන් වහන්සේලා ද නාඩගම්කාරයෝ බලා හුරේ දමනු පෙනේ. එහි භික්ෂු නාඩගම බලා මහණකම නම් ඒ යයි කියති. නමුත්, බුදුරජාණන් වහන්සේගේ විනය ශික්ෂාවක් පෙන්වා දුන් විට ඊට විරෝධය පාති. භික්ෂුවකගේ ශාසනානුලෝමික නො වන වරදක දී සැදැහැති ගිහියෙකු ඒ වරද පෙන්වා දුන් විට “තෝ බුදුහාමුදුරුවෝ ද…? තෝ මහානායක හාමුදුරුවෝ ද….? තෝ අපේ ලොකු හාමුදුරුවෝ ද….? ගිහියෝ ගිහිකම නො කර එනවා හාමුදුරුවො හදන්න….! අපිට බණකියන්නේ, තෝ සිවුරක් දාගනින්කෝ; තෝ ම මේ මහණකම කරපියකෝ; අපි යන්නම්….!” යනාදීන් කියමින් සිවුරු උස්සාගෙන ගිහීන්ට ආක්‍රෝෂ පරිභව කරන දුසිල්වත් මහණුන් කොතෙකුත් දැක ඇත්තෙමු. එබඳු සිද්ධි සමාජය විසින් මහාසඞ්ඝයා වහන්සේගේ උජුපටිපන්නභාවය යයි අර්ථ දක්වනු ද පෙනේ. අඳෝ මැ යි! අද ඒ උජුපටිපන්න ය කියන මහාසඞ්ඝයා ම පැවිද්දක් තියා තිසරණයවත් නැති තක්කඩි රැළක් අර්හත් ධජය දරාගෙන නටන මෙවැනි නාඩගම් අවිවාදිත ව පැවිද්දේ පරමාදර්ශය කොටගැනීම අතිශය අපුල දනවන්නකි. එබැවින් නාඩගම්කාරයෝ මහණකම් කරනවා ද; නැත්නම් මහණකම් කරන්නෝ නාඩගම් නටනවා ද යන්න නුවණින් කල්පනා කළ යුත්තකි.

sorry.com ලියුම්කරු විසිනි.

දේශපාලන වසංගතය හා වසංගත දේශපාලනය

දේශපාලන වසංගතය හා වසංගත දේශපාලනය

කොවිඩ් 19 වසංගතය හමුවේත් විපක්‍ෂය කරන දේශපාලනය වසංගතයක් වෙලා. සජිත් නායකයා වුණත් රනිල් නායකයා වුණත් වෙනසක් නැහැ. අනුර ධනදාසලා යටත්විජිතලා සම්ම ජාතියේ විපක්‍ෂ නායකයන් නොවන නිසා ඔවුන් ගැන කතා කිරීමෙන් වැඩක් නැහැ. විපක්‍ෂ නායකයන් නොවන බව කීමෙන් අදහස් කෙරෙන්නේ ඔවුන් ජනාධිපති අගමැති වන බවක් නො වෙයි. ඔවුන්ට ඊළඟ පාර්ලිමේන්තුවට එන්න වෙන්නේ ඒ සඳහා විශේෂ අවසර පත්‍රයක් ලබා ගැනීමෙන් පමණයි. ඒ රැස්වීම් බලන්න.

විපක්‍ෂ දේශපාලනඥයන්ගේ දේශපාලනය වසංගතයක් වීම පුදුමයක් නොවෙයි. ඔවුන්ට වෙනත් දෙයක් කරන්න බැහැ. මට නිතර ම කල්පනා වෙන දෙයක් තමයි බැරිවෙලාවත් සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණා නම් අද රටේ තත්ත්වය කෙබඳු වෙන්න තිබුණ ද කියන එක. මේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ වෙන්ඩ උපාධිධාරියා අර සුවපතිලා හා අනෙක් අය සමග එකතු වී මෙරට විසාලා මහනුවරක් කරලා බොහෝ කල්.

අපට ප්‍රශ්නයක් වී ඇත්තේ නිලධාරීන්ගේ වසංගත දේශපාලනය. අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කඹ ඇදිල්ලක් තියෙන බව පැහැදිලියි. ඇතැම් නිලධාරීන් වසංගතය දේශපාලනයක් කර ගෙන. ඔවුන් ඊනියා අපක්‍ෂපාත නිලධාරීන් නො වෙයි. මේ ඇතැමුන් සුවපතිලා වෙනුවෙන් වැඩ කරන අය. ඔවුන්ට දේශපාලනයක් තියෙනවා. මා කතා කරන්නේ බටහිර වෙද මහතුන් ගැන පමණක් නො වෙයි.

අද ඇතැම් රජයේ සේවකයන් කොවිඩ් අස්සේ වැටුප් වැඩි කරන්න ඉල්ලනවා. මේ ඇතැමුන් මහත් කැපවීමකින් තම රාජකාරිය කරන බව පේනවා. එහෙත් කැපවීමක් සඳහා ඊනියා දිරි දීමනාවක් හරි වැටුප් වැඩි කිරීමක් හරි ඉල්ලුවොත් එය තවදුරටත් කැපවීමක් වන්නේ නැහැ. මේ අතර බටහිර වෙද මහත්තුරු තම වැටුප වැඩි කරගෙන. එය ක්‍රියාත්මක ද නැද්ද යන්න මා දන්නේ නැහැ. එහෙත් අඩුම තරමින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තියෙනවා.

ආණ්ඩු පක්‍ෂයේ ඇතැම් දේශපාලනඥයන් මොන පම්පෝරි ගැහුවත් අද ආණ්ඩුවට මුදල් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. එය මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා ඇති වූවක් නො වෙයි. එය 1977 ජේ ආර් ජයවර්ධනගේ විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක්. 1970 බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවට ලෝක පරිමාණයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ ආණ්ඩුව දේශීය නිෂ්පාදනයට අත දීම සඳහා යම් යම් පියවර ගත්තා. ඒ සමහර පියවර ප්‍රායෝගික ව ජනතාවට ප්‍රශ්න ඇති කළා. පාන් පෝලිම් හාල් පොලු එකල දැක ගන්න පුළුවන් වුණා. මට මතකයි මහනුවර වටපුළුවේ පාන් පෝලිමේ සිටි ආකාරය.

කෙසේ නමුත් සමහරු වගා කරන්න පටන් ගත්තා. එහෙත් ජනතාවට ප්‍රශ්න ඇති වූ නිසා ඔවුන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට කැමති වුණේ නැහැ. සුබසාදන ආර්ථිකයකට පුරුදු වී සිටි ජනතාව දුර නොබලා ආණ්ඩුව විවේචනය කරන්න පටන් ගත්තා. ජේ ආර් කපටි හිවළුකු මෙන් ඒ බලා සිටියා. ඔහු ජනතාවට ඇට අටක් දෙන්න පොරොන්දු වුණා. 1977 දී ජේ ආර් සහ සමාගම බලයට පත් වුණා. එහි ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, රොනී ද මැල් මෙන් ම ආර් ප්‍රේමාදාස ද හිටියා. ඔවුන් ඊනියා විවෘත ආර්ථිකයකට රට විවෘත කළා. නිෂ්පාදනය නැති කළා. ආනයනය මත යැපුණා. අලුත් ව්‍යවස්ථාවක් ඇති කළා. මැතිවරණයක් පැවැත්තුවේ නැහැ. 1994 වන තුරු රට වන කෙරුවා. රට ඉන්දියාවට පාවා දුන්නා. එකල ඉන්දීය මහා කොමසාරිස් ඩික්සිත් අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලට පවා සහභාගි වුණා. බටහිර රටවල හා ඉන්දීය තානාපතිවරු රටේ දේශපාලනයට සෘජු ව මැදිහත් වුණා. අද රට පත් වී ඇති අර්බුදයට මූලික ව ම වග කියන්න ඕනෙ ජේ ආර් වගේ ම ජේ ආර්ට රැවටී මැතිණිය පැරද වූ ජනතාව. මැතිණියගේ ආර්ථික ප්‍රතිපත්ති හා විදේශ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට හැකි වුණා නම් මේ රටට මෙහෙම දෙයක් වෙන්නෙ නැහැ.

මා මේ කරුණු කියන්නේ මේ ආණ්ඩුවට පාඩමක් ලෙසත්. මෙරට ජනතාව පොදුවේ තමන්ට වඩා රට ගැන ජාතිය ගැන හිතන පිරිසක් නො වෙයි. ආණ්ඩුව මොන හොඳ ප්‍රතිපත්තියක් වුණත් ජනතාවට ප්‍රශ්න වන ආකාරයෙන් ක්‍රියාත්මක කළොත් ඉන් ප්‍රයෝජන ගන්න හිවළුන් බලන් ඉන්න බව අමතක කරන්න එපා. අද පවතින මුදල් අර්බුදයට හෝතුව ජේ ආර් වුණත් ජනතාව එහෙම කල්පනා කරන්නේ නැහැ. ආණ්ඩුව තෙල්වලට බද්දක් අය කරනවා. එය ලාබයක් නො වෙයි. ආණ්ඩුව මුදල් හොයන්නේ එවැනි බදු පැනවීමෙන්. බදු නැතිව ආණ්ඩුව වියදම් කරන්නේ යහපාලනය ඉතිරි කර ගිය මුදලක් ද? අද කොවිඩ් නිසා අපනයන අඩු වෙලා. අපට ඩොලර් නැහැ. ආණ්ඩුවට ඩොලර් වෙනුවට සමහර රටවල් සමග රුපියල් හුවමාරු කරන්න සිදු වෙලා. ඒ සියල්ල අතර අප කළ යුත්තේ ඊනියා දිරි දීමනා ඉල්ලීම නො වෙයි.

රට වහන්න කියන්නේ බොහෝ විට මාසික වැටුපක් ලබන්නවුන්. දෛනික ව කීයක් හරි හම්බ කරන අයට දෙන දිරි දීමනාව මොකක් ද? මා යෝජනා කරන්නේ නැහැ මාසික වැටුපෙන් කීයක් හරි කපන්න කියා. දෛනික ව හම්බ කරන අයගේ නම් වැටුප සියයට සියකින් ම කපලා. මියන්මාහි ලංකා තානාපති කාර්යාලයේ වැඩ කරන ලාංකිකයන් පොදුවේ තම මැයි හා ජූනි වැටුප්වල එකතුවෙන් 5%ක් පමණ ලබා දුන්නා. එය එතරම් මුදලක් නොවන බව මා දන්නවා. ඒත් ලූණු බිකත් බඩටයි කිවුවලු.

රට වහන්නත් ඕන. නිෂ්පාදනය කරන්නත් ඕන. විශාල ඩොලර් සංචිතයක් නැති රටකට එය තරමක ප්‍රශ්නයක්. අනවශ්‍ය වියදම් පෞද්ගලික ව මෙන් ම රටක් හැටියටත් කපා දාන්න ඕන. අපේ තරමට අපි වියදම් කරමු. මේ අතර දත්ත පිළිබඳ ප්‍රශ්නයක් ඇවිත්. බටහිර වෙද මහතුන්ට ගණිතය තරමක් අමාරු බව අප දන්නවා. ඒත් දත්ත අවුල් කරන්නේ ගණිතය අමාරු නිසා ද ආණ්ඩුව අමාරුවේ දැමීමට ද යන ප්‍රශ්නය අහන්න ඕන. දේශපාලනය වසංගතයක් බව ඇත්ත. ඒත් වසංගතය දේශපාලනයක් බවට පත් කළ යුතු ද?

මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

ගෝපාල් ලංකාපාල් ද? – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

ගෝපාල් ලංකාපාල් ද?

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩුගේ වාර්තාවකට අනුව සම්බන්ධන්ගේ නායකත්වයෙන් දෙමළ ජාතික සංධානයේ නියෝජිත පිරිසක් ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවෙලා. දෙමළ ජාතික සංධානයේ නියෝජිත පිරිසට මාවෙයි සේනාධිරාජා, ඒබ්‍රහම් සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්තන් හා සෙල්වම් අඩෙයික්කලනාදන් අයත් වෙලා. ඉන්දීය මහා කොමසාර්ස් සමග නියෝජ්‍ය මහා කොමසාර්ස් විනෝද් ජේකබ් හා දේශපාලන උපදේශිකා බානු ප්‍රකාශ් සාකච්ඡාවට සහභාගි වෙලා.

මේ සාකච්ඡාව වියනා සම්මුතියේ 41(1) වගන්තියට පටහැණියි. ඒ වගන්තිය අනුව තානාපති නිලධාරීන් තමන් යන රටේ නීති හා රෙගුලාසිවලට ගරු කරන්න ඕන. ඒ වගේ ම ඔවුන් ඒ යන රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගෑසිය යුතුයි. මා ඒ බව විදේශ ඇමතිතුමාටත් ජනාධිපතිතුමාටත් මතක් කරන්න ඕන. මට අවශ්‍ය වුණත් මියන්මාහි කටයුතු ගැන මට ප්‍රකාශ නිකුත් කරන්න අදාළ පුද්ගලයන් සමග සාකච්ඡා කරන්න බැහැ.

එහෙත් ලංකාවේ තත්වය එසේ නො වෙයි. බටහිර රටවල හා ඉන්දියාවේ තානාපතිවරු මහා කොමසාරිස්වරු මෙරට දේශපාලන පක්‍ෂ නියෝජිතයන් හමුවෙනවා. රටේ දේශපාලනය ගැන තම අදහස් ප්‍රකාශ කරනවා. රජය මෙයට ඉඩ දී බලා සිටින්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. මින් පෙර ද මෙරට තිබූ ආණ්ඩු විදේශීය තානාපතිවරුන්ට අප රටේ දේශපාලනයට ඇඟිලි ගැසීමට ඉඩ දුන්නා. ආර් ප්‍රේමදාස පමණක් වරක් එංගලන්ත තානාපති රටේ දේශපාලනයට ඇඟිලි ගැසීම නිසා රටින් පිට කළා. මහින්ද රාජපක්‍ෂ තමන්ට දෙමළ ත්‍රස්තවාදීන්ට විරුද්ධ ව කළ මෙහෙයුම් නවත්වන්න කියන්න පැමිණි එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ ඇමතිවරුන්ට තදින් කතා කර ආපසු යැවුවා.

ගෝපාල් බග්ලේ තරමක ඩොයිලි කෙනෙක්. ඔහුට සිංහල පුළුවන්. බුදුදහම ගැනත් යමක් දන්නවා. පන්සල්වලටත් යනවා. ඒ කරන අතර දෙමළ ජාතිවාදීන් මුණ ගැහෙනවා. ඔවුන් ධෛර්යමත් කරනවා. මෙවර බග්ලේ දෙමළ ජාතික සංධානයට මතක් කර ඇත්තේ ඉන්දියාව උතුරු හා නැගෙනහිර පළාත්වල නිවාස සෑදීම ඇතුළු යටිතල පහසුකම් ඇති කිරීම සඳහා ආධාර කර ඇති ආකාරය. ඔහු ලංකාවේ අනෙක් පළාත්වල නිවාස කීයක් සෑදීමට ඉන්දියාව ආධාර කර ඇත් ද යන්නත් කියනවා නම් හොඳයි.

ඉන්දියාව උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන වැසියන්ට පමණක් සැලකීම අනෙක් ජනයාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ද කියා අහන්න වෙන්නෙ ජෙනීවා පඬියන්ගෙන්. මහාවංසයේ කියන හැටියට නම් සිංහලයන් ද පැමිණ ඇත්තේ දඹදිවින්. ප්‍රධාන වශයෙන් වංගයෙන් හා කාලිංගයෙන්. එහෙත් ඉනදියාව මහාවංසය ගැන සැලකිලිමත් වන්නේ නැහැ. ඉන්දීය ඉතිහාසය දැන ගැනීමට ජේම්ස් ප්‍රින්සෙප්ට ආධාර වුණේ සිංහලයකු බව අමතක කිරීමට ඉංගිරිසින් කටයුතු කර තියෙනවා. ඒ කෙසේ නමුත් ප්‍රින්සෙප්ට ඉන්දීය ඉතිහාසය දැන ගැනීමට මහාවංසය ආධාර වුණු බවට ජෝර්ජ් ටර්නර් සාක්‍ෂි දරා තියෙනවා. මහාවංසය නොතිබෙන්නට ඉන්දියාවට තියෙන්නේ මුස්ලිම් ඉතිහාසයක් පමණයි.

සමහර විට බග්ලේ දන්නවා ඇති සිංහලයන්ගෙන් ඉතා වැඩි පිරිස මෙරට ම වැසියන් බව. දඹදිවින් විටින් විට පැමිණි අය කර ඇත්තේ සිංහල රාජ්‍යයේ රජ වීම බව ද ඔහු දන්නවා ඇති. ඒ කෙසේ වෙතත් ලන්දේසීන් වෙල්ලාලයන් ගෙනෙන තුරු මෙරටට දඹදිවින් පැමිණි අය (රජවරු ද අනෙක් අය ද) සිංහල සමාජයට අවශෝෂණය වී මෙහි ස්ථිර පදිංචි කරුවන් වුණා. මෙරටට දහහතරවැනි සියවසේ පමණ මලබාරයෙන් පැමිණි මුස්ලිමුන් ද සිංහල නූණත් මෙරට ස්ථිර පදිංචි කරුවන් වුණා. ඉංගිරිසින් පැමිණෙන තෙක් මුස්ලිමුන් සිංහලයන් සමග සමගියෙන් ජීවත් වුණා.

එහෙත් වෙල්ලාලයන් මෙරට ස්ථිර පදිංචිකරුවන් වුණේ නැහැ. ඔවුන් තම නිජබිම ලෙස සැලකුවේ ඉන්දියාවයි. ලන්දේසි කාලයේත් ඉන් පසුවත් ඔවුන්ට අවශ්‍ය වූයේ නිජබීමට යෑමටයි. ඉන්දියාවත් ඔවුන් සලකන්නේ තම ඥාතීන් ලෙස. ඉන්දියාව හිතන්නේ තමන් වෙල්ලාලයන් වෙනුවෙන් මැදිහත් වෙන්න ඕන කියලයි. වෙල්ලාලයන් මෙරට සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට ඉන්දියාව ඉඩ දෙන්නේ නැහැ. ඉන්දියාව දන්නවා වෙල්ලාලයන් එසේ තබා ගැනීම මගින් තමන්ට මෙරටට ඇඟිලි ගැසීමට හැකි බව. ඉන්දියාවට අවශ්‍ය යම් දිනෙක ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කර ගැනීමට. ඇසෑමයට කළ දේ අපටත් කරන්න. ඇසෑමය යන්න අසම යන්නෙන් බිඳී ඇති බව කියනවා. අසම කියන්නේ සමානයකු නැති බව. එහෙත් දැන් නම් අසම මට්ටම් කෙරිලා.

ඉන්දීය මහා කොමසාරිස් දෙමළ ජාතික සංධානයට අවධාරණයෙන් කියා ඇත්තේ තමන් දහතුන සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමේ පදනම මත බලය බෙදා හැරීමට ආධාර කරන බවයි. ඒ දෙමළ අභිලාෂ මුදුන්පත් කිරීම සඳහා බවත් මහා කොමසාරිස් කියා තියෙනවා. ඉන්දියාවේ අණසකට යටත් වූ ජේ ආර් දහතුන සම්මත කළේ අධිකරණ තීන්දුවකට ද පිටින් ගොස්. ඉන්දියාව තමයි දහතුනේ කෙටුම්පත් නිලධාරියා. දහතුනෙන් ඉන්දියාවේ ප්‍රාන්තවලටත් නැති බලතල පළාත් සභාවලට ලබා දෙනවා. පළාත් සභා දැන් අක්‍රීයයි. පළාත් සභා නැතිව රට කරවන්න පුළුවන් බව ප්‍රායෝගික ව ඔප්පු කර තියෙනවා. කොවිඩ් 19 නිසා ජනහඬ වෙනතකට යොමු වී ඇති බැවින් ඉන්දියාව තැත් කරන්නෙ කල දුටු කල වල ඉහ ගැනීමට.

බොග්ලේ මෙරට ඉන්දීය මහා කොමසාරිස් ද වෙනත් කවුරුන්වත් ද

මහ ඇදුරු නලින් ද සිල්වා මහතා