බුද්ධඝෝස මහාස්වාමිපාදයන් වහන්සේ යනු කවුද?

අට්ඨකථා යන වචනය කීමේදී නිතැතින්ම සිහිවන නාමයකි බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්ගේ නාමය. අටුවා ග්‍රන්ථ පිළිබඳ වැරදි මත පලවෙන්නාක් මෙන්ම එම ග්‍රන්ථ පාළි භාෂාවට පරිවර්තනය කළ බුදුගොස් මාහිමියන් ගැන ද වැරදි මත බොහෝවක් පැතිරෙමින් පවතී. එය එසේ වීම පුදුමයට කරුණක් නොවේ. බුදු දහමට විරුද්ධව එය වනසන අදහසින් කරුණු දක්වන යමෙක් වේ නම් ඔහු බුදු දහමේ උන්නතිය, දියුණුව උදෙසා කටයුතු කළ උතුමන් සියලු දෙනාටම දොස් නගනු ඇත. බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ පිළිබඳ සැබෑ තොරතුරු දැනගනු කැමති අය මහාවංසය, බුරුමසාසනවංශය, බුරුමයේ පැවති ඡට්ඨ (හයවැනි) සංගායනාවේදී එහි භාරනත්ථාරක සංඝ සමිතිය විසින් ප්‍රකාශිත විශුද්ධිමාර්ග නිදාන කථාව ද, ටීකා ග්‍රන්ථ හා විශුද්ධි මාර්ග සන්න ආදී ග්‍රන්ථ කියවා බැලීම වටී. දැනගැනීම පිණිස ඉන් කරුණු ස්වල්පයක් මෙසේ දක්වමු.

ලක්දිවට වැඩම කිරීමට පෙර අවදිය

බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේගේ උත්පත්තිය ආදී කරුණු මහාවංශ, සාසනවංශ ආදී ග්‍රන්ථයන්හි දැක්වේ. එම කරුණු වල සාරාංශයක් අපි මෙසේ දක්වමු.

Continue reading “බුද්ධඝෝස මහාස්වාමිපාදයන් වහන්සේ යනු කවුද?”