මුල්ලේරියාව සංග්‍රාමය( 4 වන පරිච්ඡේදය. “සටන”) The Battle

මුල්ලේරියාව සංග්‍රාමය( 4 වන පරිච්ඡේදය. “සටන”)

The Battle ————————————————————

පෙර ප්රවේශයන් හිදී සටනේ අවි ආයුධ, උපක්‍රම සහ සේනා සංවිධානය ගැන සාකච්ඡා කලෙමු. මෙවර සෘජුවම අප සටනට ප්රවේශ වන අතර “සංග්‍රාම සැලසුම “(battle plan ) ඊට සමාන්තරව විමසන්නේ සටනේ සිද්ධි වින්‍යාසය සමග යමින් වඩා පහසු තේරුම් ගැනීමක් සදහාය. මෙය මුල්ලේරියාව සටන ගැන සර්ව සම්පූර්ණ සටහනක් නොවේ. එහෙත් එය ගැන මූලික පදනම් සටහනක් වෙයි. පාඨකයන් මෙය කියවීමට පෙර ධාරණය කර ගත යුතු කරුණූ කීපයකි. අ) යුධයක උපක්‍රම ( tactics )සහ උපායමාර්ගය (strategy )අතර වෙනස සහ සහසම්බන්ධනය. ආ) මුල්ලේරියාව වෙල් යායේදී සිදු වූ සටන ඒ ආශ්‍රිතව සහ සමස්ත මෙහෙයුම තුල වූ යුධ ක්‍රියාදාමය තුල එක් සටනකි. ඇ) විවිධ මූලාශ්‍ර සහ තර්කවේද මත අපට ලැබුන දත්ත සහ බලකොටු ස්ථාන දැනට විවිධය. එහෙත් මිලිටරි කෝණයෙන් මුල්ලේරියාවේ ස්ථානීයව වූ සටන අපට පැහැදිලිය.මුල්ලේරියාව සටන ආරම්භ වන්නේ පරංගි හෙවත් ප්රතිකාලුන් ඇතුලු කෝට්ටේ සේනාව සීතාවක දක්වා ආක්‍රමණය කිරීමට උත්සාහ ගත් අවස්ථාවකයමායාදුන්නේ සහ ටිකිරි කුමරු ගේ සීතාවක පාලනය තිබෙන තාක් සිංහලය හෙවත් ඔවුන්ට Ceilão යටත් කරගැනීමට නොහැකි වනවා පමණක් නොව තම පැවැත්මත් නැති වනු ඇතැයි තේරුම් ගත් පරංගිහූ සීතාවක ආක්‍රමණය කිරීමට තීරණය කරන ලද්දේ. ” ආරක්ෂාවට හොදම දෙය පහරදීම යි”යන ප්‍රත්‍යය ට අනුවය . එය ප්‍රහාරක ප්රවේශයකි (an offensive approach ). එවකට මෙරට පෘතුගීසි කපිතන් ජෙනරල් වූ ජෝර්ජ් දි මෙනේසස් ගේ සැලසුමකි.මුල්ලේරියාව සටන සිදුවූ දිනය 1562 අගෝස්තු 23 හෝ ඊට ට පසු දිනයක් ලෙස පිලිගැනේ. එහෙත් රාජාවලියට අනුව 1581 වසරේ ද ,පෘතුගීසි වාර්තා අනුව 1559 මැයි මසට පසු එම වසරේම බවත් සටහන් වේ. උක්ත ප්‍රදේශය නිරිත දිග මෝසම් සමයේ දැඩි වර්ෂාපතනය ට හසුවන නිසා මෙය නිරිතදිග මෝසමට පසු අගෝස්තු වැනි කැලණි ගංගාවේ ජල ප්‍රවාහය සැඩ පහරින් අඩු කාලයක සිදු වූ බව පැහැදිලිය. එවන් නිගමනයකට මා එන්නේ මන්දැයි ඉදිරියට ඔබට වැටහෙනු ඇත.

මෙහෙයුම ——————–



කොලඹ කොටුවෙන් ඇරඹෙන මෙහෙයුම කෝට්ටේ සහ ලස්කිරිඤඤ බලඇණි සමග එකතු වෙමින් වරාගොඩ ඔස්සේ නැගෙනහිර දෙසට ඉදිරියට ඇදෙයි. මේ හමුදාව කැලණි ගංගාව ට අනුරූපව ගග ඉහත්තාව ට ඇදෙන්නේ මෙහෙයුමේ පලවන පියවර ලෙස මාපිටිගම බලකොටුව යටත් කරගෙන,දෙවැනුව එතැන් සිට සීතාවක මධ්‍යයේ ඇති ගුරුබැවුල හෙවත් පසුව හංවැල්ල වූ බලකොටුව ඉලක්ක කරගනිමින් බව පෙනේ. දෙවන අදියර සදහා පරංගි සේනාව ගග දිගේ සහ ගොඩබිමින් මෙහෙය විය යුතු නම් මාපිටිගමෙන් එන ප්‍රතිරෝධය නිෂ්ක්‍රීය කල යුතුය. ඉනික්බිති ව දෙවන පියවර අසාර්ථක වුවත් පලවෙනි පියවරේදී මාපිටිගම අල්ලා ගත හොත් අනාගතයේදී එය සිතාවක ට නැවත නැවතත් පහර දීමට ඉදිරි පෙල බලකොටුවක් සහ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කල හැකිය. (A forward Base and a launching pad for future offensives ) . මෙය උපායමාර්ගිකව නිරවද්‍ය සැලසුමකි. මේ සදහා පරංගි හමුදාව කැලණි ගග දිගේ යාත්‍රා වලින්ද, ගගේ දකුණු ඉවුරට සමාන්තරව ගොඩ බිමින්ද මෙහෙය විය. මෙය කෙටි කලක් තුල වේගයෙන් කල යුතු මෙහෙයුමක් ලෙස සැලසුම් කරන්නට ඇත. කෙසේ මුත් මාපිටිගම ඉලක්කය ට ලගා වීමට පෙර අඹතලේ සහ කඩුවෙල ආදී සීතාවක ප්‍රධාන බලකොටු කීපයක් සහ මාඒදණ්ඩ වැනි මුරපොලවල් අතට ගත යුතු විය.පරංගී සේනාව නිත්‍ය සෙබලුන් සහ Casados සහ Topazes ස්වේච්ඡා සෙබලුන් 1000 -1600. අතර වූ බව පෙනේ. ලස්කිරිඤඤ සේනාව 2000 – 3000 අතර වූ බව පෙනේ. එමෙන් කාපිරි ජාවක සහ පරංගිකරණය වූ ඉන්දියානු වැනි වහලුන් හෝ කුලී භටයින් ද ඇතුලත්ව 4000 පමණ හමුදාවක් සමස්ත මෙහෙයුමට එක්ව සිටියහ. මෙතසස් ට අනුව 7000 ක් පමණ විය.පරංගි සේනාව ජෝර්ජ් දි මෙනේසස් යටතේ වූ අතර කපිතන් බල්තසාර් ගේඩ්ස් දි සූසා, දියෝගු දි මෙලෝ,දොන් ෆ්රැන්සිස්කො දි මෙලෝ, සිමාඕ දි බ්රීටෝ,අයිරස් දි සල්දානා ,සිමන් දි මෙලෝ ,නූනෝ පෙරෙයිරා, ලසාදෝ අන්තෝනියෝ,ඩයස් දි ලොම්බා, අන්දෝ දි ෆොන්සේකා,මැනුඑලෝ ලොරෙන්සෝ සහ ගැස්පාර්රෝ ගුවේටස් ආදී සෙනෙවියන් ද ඒ ඒ සේනාංක බාරව සිටියෝය. කෝට්ටේ සේනාව දොන් ජුවන් ධර්මපාල රජුගේ ඥාති සහ සෙනෙවි සෙබ්බපෙරුමාල් හෙවත් තම්මිට සූරිය බණ්ඩාර යටතේ විය.මීට පෙර අවස්ථාවකදී මායාදුන්නේ ට එරෙහිව පෘතුගීසි + කෝට්ටේ ප්‍රහාරයෙන් සීතාවක අල්ලා ගත් අතර මායාදුන්නේ ට කලුගගේ දකුණු ඉවුරේ වූ බටුගෙදර තම මුලස්ථානය කරගෙන වසර 3 ක් සිටීමට සිදු විය. එවැනිම ප්‍රහාරයක් කිරීම පරංගීන් ගේ අදහස වන්නට ඇත. මෝදර සිට දියත් කල බෝට්ටු භටයින්, සහ ද්‍රව්‍ය (logistics ) පටවා ගෙන රක්ගහවත්ත මුර පොල පසුකරමින් ඉදිරියට එන ලද අතර මෙම සමහරක් යාත්‍රා සන්නාහ සන්නද්ධ වූ අතර ඒවායේ Berco සැහැල්ලු ක්ෂේත්‍ර කාලතුවක්කු සවිකර තිබුණි. රට තුලට ගංගා ඔස්සේ ගමන් ගත් මෙවන් යාත්‍රා හබල් ගෑම මගින් සහ සමහර අවස්ථාවල රුවල් මගින් ක්‍රියාත්මක විය.මෙහෙයුමේ මුල් අවස්ථාවේ සීතාවක දේශසීමාව උල්ලංඝනය කර පරංගි හමුදාව පහර දෙමින් වේගයෙන් ඉදිරියට එන අතර සීතාවක භටයෝ සීතාවක තුල ට පසු බසිති.

පලවෙනි සටන ————————-

පසුව දා පරංගී ඉලක්කය වන්නේ සීතාවක සහ පරංගි කෝට්ටේ (කොලඹ) අතර දේශසීමාවේ වූ ක්ෂේත්‍ර බලකා මුලස්ථානයකි. මෙය දැව කදන් පවුරක් යුතු stockade ආකාරයේ බලකොටුවක් බව පෙනේ .අලුයම ජාමයේම පරංගීන් මෙයට හදිසියේ raid එකක් කර එහි සිටී සීතාවක සෙබලුන් 300 මරා දමයි . (Sitawakan were taken by the surprise ) ඉතිරි සෙබලුන් හේවාගම දෙසට පසු බසී. ඉනික්බිතිව සිදු වෙමින් යන්නේ ඉදිරියට එන පරංගීන් සහ පසුබසින සීතාවක භටයින් අතර ජංගම යුද්ධයකි. (Mobile war )සීතාවක සේනාවක් මෙහෙයුම වලකනු පිණිස හේවාගම ආශ්‍රිතව අඹතලේ බලකොටුව ඇතුලු ආරක්ෂක තීරූවක සිටින බවට පරංගීන් ට තොරතුරු ලැබෙන අතර උදෑසනම ඔවුනට පහර දීම සඳහා රැයෙහිම එදෙසට සේනාව ගමනේ යොදවයි. ඉදිරියට ඇදෙන පරංගීන් ගැන රාජසිංහ ට තොරතුරු ලැබෙන අතර වික්‍රමසිංහ මුදලි යටතේ සේනාවක් හේවාගම අඹතලේ රැකවල් ලා සිටින භටයන්ගේ සහයට යවයි. එහෙත් පරංගි ගිනි බලය සහ උපක්‍රම හමුවේ එම හේවාගම ආරක්ෂක තීරුව (defence line ) හෝ බලකොටුව බිදී යන අතර සීතාවක භටයෝ 200 ක් පමණ මිය යති. මෙහිදී වික්‍රමසිංහ ඒකනායක මුදලි තුවාල ලබයි. (අඹතලේ බලකොටුව සහ ආරක්ෂක තීරුවේ සීතාවක භටයින් 4000 ක පමණ පිරිසක් සිටී බව සමහර සටහන් වල දැක්වේ. )මේ අන්තර්කාලය රාජසිංහ රජුට තම සේනාවන් රැස් කර ගැනීමට සහ පරංගීන් පරාජය කිරීමට අවශ්‍ය සැලසුමකට අවස්ථාව සපයයි. එහිදි රාජසිංහයෝ ” තම සතුරා තමාට සටන් කිරීමට වඩා සුදුසු භූමියකට එන තෙක් සිට පහර දී පරාජය කිරීම “යන උපාය මාර්ගය භාවිතා කිරීමට තීරණය කල බව පෙනේ..
සීතාවක රාජසිංහයන්ගේ යුධ විශේෂඥ බව එයයි.

දෙවන හෙවත් මහා සටන ——————————————

හේවාගම -මුල්ලේරියාව යුධ ක්ෂේත්‍රය ට එන තෙක් භූමියේ අණ දීම සීතාවක සේනාධිපති වික්‍රමසිංහ මුදලි යටතේ විය. (මුදලි හෙවත් Mudlier according to Europeans. යනු මහනුවර රාජධානියේ දිසාවේ තනතුරට සමාන වේ ). ඒ තීරණාත්මක අවස්ථාවේ සිට සීතාවක රාජසිංහ අණදීම බාර ගනී. මුල්ලේරියාව ක්ෂේත්‍රයේදී සීතාවක හමුදාව, විශේෂ බලකා පලිහක්කාරයන් 1000 ට වැඩි පිරිසක් ඇතුලුව වික්‍රමසිංහ විජේසුන්දර සහ ජයසුන්දර සේනාංකයන්ද , ස්වේච්ඡා සිවිල් භටයින් ද (people’s militia ) සහිතව 3000 – 4000 අතර පිරිසක් වන්නට ඇත. පසුපසින් පහර දුන් (a decoy tactic ) පිරිසද පලිහක්කාරයෝ සේනාංකයට අයත් වූ බලඝණයක්ද, එසේ නැත්නම් වෙනම ඉලංගම් විශේෂ බලකායක් ද යන්න පැහැදිලි නැතත් එය කොරතොට කුරුප්පු ආරච්චිගේ විශේෂ සෙබල කණ්ඩායම ක් (a special unit )බව පැහැදිලිය . එසේම ප්‍රධාන සටන මුල්ලේරියාවේ සිදු වුවත් එයට ආශ්‍රිත මෙහෙයුම් සමස්තය තුල සක්‍රීය සෙබලුන් 6000 කට ආසන්න පිරිසක් සිටියා විය හැකිය. මන්ද, මුල්ලේරියාවේදී සීතාවක හමුදාව ආරච්චි වරුන් 18 දෙනෙකුද ඇතුළත් අණ දෙන නිලධාරීන් 40 දෙනෙකු යටතේ විය .සියලු සේනාංක තුල ගොනුව සිටී ස්වේච්ඡා සිවිල් භටයින් මුල්ලේරියාව අවට කඩුවෙල, කොරතොට හෝකන්දර ආදී ගම්වල ජනයා විය. මුල්ලේරියාව ජයග්‍රහණයට පසු “අභීතව හේවා කම් කල හෙයින් ” මේ ගම්මාන සියල්ල හේවාගම් කෝරලය ලෙස රාජසිංහයෝ නම් කරන ලදි. මෙම සේනාව ආරච්චිවරුන් යටතේ විය. එමෙන්ම සමස්ථ සේනාව තුල සබරගමුව, හත්, තුන් සහ හතර කෝරල, සහ ඌව ආදී සෙසු දිසා වල සොල්දාදුවන් සිටිය බව පෙනී යයි.. රාජසිංහයෝ ආකර්ෂණීය නායකයෙක් විය (charismatic leader ) .තම සෙබලුන් සමගම සිටීම, තමනුත් යුධ බිමටම ගොස් සටන් කිරීම, සොල්දාදුවන්ට සහ නිලධාරීන්ට අවශ්‍ය සම්පත් ආම්පන්න අප්‍රමාදව ලබා දීම සහ දක්ෂයන් ට තෑගි බෝග ඇතුලු තනතුරු දීම නොවලහා කරන ලදි. දෙවනුව යුද්ධයක් රජෙකුට තනියම කල හැක්කක් නොව එය නිලධාරීන් සහ සොල්දාදුවන් ගේද දක්ෂතාව සහ කැපවීමකි. එහෙත් යුද්ධයක් දිග් විජය කල හැක්කේ බලය සහ උපායමාර්ගය, ධූරාවලියේ ඉහලම සිටින තනි නායකයෙකු වටා ධ්‍රැවීයකරණය වුවහොත් පමණකි. හැනිබල්, ස්පාටකස් සහ නැපෝලියන් ට සේ තමාව කිසි විටක අතැර නොයන සහ විනයෙන්ද මොරාලයෙන්ද අත්‍යන්ත හමුදාවක් රාජසිංහයෝ වටා විය. ඉහත කී පරිදි සීතාවක ඉදිරි පෙල බලකොටු යටත් කරගත් පරංගි සහ කොට්ටේ සේනාවෝ මුල්ලේරියා වෙල ආශ්‍රිතව කදවුරු බැද ගෙන පසු දින සටනට ලැස්ති වෙති. නමුත්, උදෑසන හිරු එලිය වැටෙන්නට හෝරාවකට පෙර අදුර සහ වෙල පුරා වැතිර ඇති මීදුම ආවරණයට ගෙන් රාජසිංහ සමග මැද කණ්ඩායම ඔවුන්ට ප්‍රබල ප්‍රහාරය ක් කරමින් සටනට මුල පුරයි. රාජාවලිය මෙසේ පවසයි. .” වික්‍රමසිංහ මුදලින් බිදී ගිය හැටි රාජසිංහ රජු දැකලා වම – දකුණු පලිහක්කාරයන් හා දෙබාගේ ඇතුන් හා කොරතොට ආරච්චිවරුන් ලගට කැදවා හෝකන්දර රදා -දොලහ හේවායින් ගෙන්වා ඉලංගම් වල පලිහක්කාරයන් දහසකුත් දී පස්ස පොරතුවට පැන කොටන් ද ඇරලා රාජසිංහ පෙරමුණ ඉස්සර පාරෙන් ගොස් මුල්ලේරියා වෙල මැද හිටිනා කල ප්‍රතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ.” එනම් වික්‍රමසිංහ මුදලි යටතේ ඉතිරිව සිටි හමුදා පිරිසට පලිහක්කාරයන් සහ ඇතුන් ද දී පරංගී සේනාවේ පසුපස භාගය ට යවා, ගස් කදන් වලින් හිරකර පරංගීන් ට පසු බැසීමට හෝ flanking කිරීමට ඇති වාසිය නැති කර දැමීමේ flanking maneuver එකකි. මේ සේනාවට හෝකන්දර ගම් වලින් සිවිල් සේනාව (militiamen )ද යවා ඇත. ඉන්පසු සිදුවූ දෙය එහිම . “පස්ස පොරත්තුවෙන් ගිය හමුදාවක් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දර බාගෙන් වීර හස්ති කියන ඇතා කොඩියක් ගතීය, වීරසුන්දර බාගෙන් එරාවණයා පලිසකුත් දම්වැලකුත් ගතීය. රාජසිංහ අසු පිටට නැගී මහා සේනාව පස්සට වෙන්ඩ නෑර ප්රතිකාලුන් මැදට පැනලා.. පලිහක්කාරයෝ ප්රතිකානොන් ට ඇතුන්ගේ වල්ගා වල එල්ලී කෙටුවාහ. තුවක්කු වලින් ගසා ප්රතිකානෝ පලිහක්කාරයන් මැරුවාහ.පස්ස පොරත්තුවෙන් ගිය හමුදාවක් ඇවිත් පැනලා යුද්ධ කරන විට. ..”ලෙස හදුන්වන කොරතොට කුරුප්පු ආරච්චිගේ කණ්ඩායම ඉරු නැගෙන්නට පෙර කලුවරේම සතුරා කදවුරු ලා සිටින භූමියට පසු පසින් කා වැදුනාද ?එසේ නැත්නම් අලුයම බිම් මට්ටමින් ඇති මීදුමට මුවා වී කා වැදුනාද ?එම කාවැදීම (infiltration ) වගුරු ඔස්සේ කලාද එසේ නැත්නම් ගග හරහා amphibious ලෙස කරාද යන්න නොදනිමු. කෙසේ හෝ ඔවුන් කරන කොමාන්ඩෝ ආකාරයේ හදිසි ප්‍රහාරය පරංගීන් මහත් අපහසුතාවයට පත් කරන අතර තුර රාජසිංහ රජු ප්‍රමුඛ යුධ ඇතුන් සහ පලිහක්කාරයෝ හදිසි ප්‍රහාරයක් මගින් සතුරු ඉදිරි පෙල කඩාගෙන පරංගි සේනාව මැදට පහර දීමයි.ඉහත විස්තරය අනුව පරංගීන් ට පලවෙනි (සහ සමහර විටදෙවැනි) වෙඩි වැට තබා නැවත තුවක්කු පුරවා ගැනීමටත් පෙර සීතාවක පෙරමුණු බල ඇණිය සතුරාට ආසන්නව උරෙනුර ගැටෙන සටනක් (melee ) කල බවයි. පරංගීන් කොතෙක් තුෂ්ණිභූතව සහ අසංවිධානාත්මක වී ගියේද යත් රාජාවලිය ට අමතරව ක්වේරෝස් සහ දී කූතෝ ගේ සටහන් වලින්ද පෙනෙයි . .ඉදිරිපස පරංගි පෙරමුණ කඩාගෙන සතුරු සේනාංකය සිටි භූමියට මෙහෙය වූ යුධ ඇතුන් බලඝණයේ සංයුතිය ගැන පැහැදිලි සටහනක් දැනට නැතත් සිංහල සේනාවල පුරාණ සම්ප්‍රදායක් වූ 1: 6: 80 භාවිතා කලේද හෝ වෙනත් සංයුතියක් භාවිතා කලේද යන්න ට වඩා මෙහිදී යුධ ඇතුන් , අශ්වාරෝහකයෝ සහ පලිහක්කාරයෝ ඒකාබද්ධ කර විශේෂ සංයුතිය ක් භාවිතා කල බව උපකල්පනය කල හැක . එය නූතනයේ Armered personal carrier (APC) භාවිතා කර සතුරු පෙරමුණක් බිදීම (breaching ) මගින් සෙසු සේනාවට සතුරා වෙතට වේගවත් විහිදුමක් ( rapid deployment )කිරීමට සමානය. ඉන්පසු රාජාවලිය මෙසේ කියයි. “රාජසිංහ රජු අසුට නැගි විහිදුවා සේනාව වටකර දුවමින් රණ යුධ ගිනි කෙල කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සද , මුල්ලේරියා වෙල මැද ලේ වතුර කොට ප්‍රතිකාල් සේනාවට අඩියක් වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දහස් හයසීයක් ප්‍රතිකානුන් හා කෝට්ටේ සේනාවෙන් කීප දෙනෙකුත් කොටා වැටුනාහ..”!රාජසිංහ “ගෝපාල ” නම් තම යුධ අසු පිට අසිපත ලෙලවමින් සටන් භූමිය තුලම ගැවසෙන්නේ ස්වකීය සේනාවට පසු බැසීමට නොදී ඔවුන් මෙහෙයවමින් සහ උද්යෝගිමත් කරමිනි. මේ අතර ඔහු සතුරන්ට කෙටීම කලත් එක තැනක නැවතී සටන් කිරීමට නොහැකි වන්නේ සේනාවිධායක ලෙස සටන් බිමේ තුනින් තැනට යාමට සහ අණ දීමට සිදු වන බැවිනි. යුධ කෙලිය අතර එය කෙතරම් අනතුරුදායක දැයි අමුතුවෙන් කිව යුතු නැත.


දක්ෂ අශ්වාරෝහකයෙකු වු එතුමන් රණ පිටිය තුල අසු මෙහෙයවන්නේ විදුලිය මෙන් යයි වංශ කතා කරුවෝ සහ ජනප්‍රවාදයේ පවසති.රාජසිංහ ට වම් පසින් වූ සහායක සේනාව (ජයසුන්දර හෝ වීරසුන්දර රෙජිමේන්තුව ) ,ඒතෙක් බටහිර දෙසින් හූමිය අල්ලා ගෙන සිටින (hold on ) වික්‍රමසිංහ මුදලි ගේ සේනාව දෙසට යවන්නේ flanking maneuver මගින් සතුරු සේනාවට එදෙසින්ද පසු බැසීමට නොහැකි වන පරිදි සිර කරමිනි. මෙය සේනා අතර සන්ධාරණය සහ සතුරු ප්‍රතිප්‍රහාරයක් ප්රේරණයට තීරණාත්මක විය. ( link up and buffer )දැන් දකුණින් රාජසිංහ සහ ජයසුන්දර හෝ වීරසුන්දර සේනාංකයන්ද , බටහිරින් වික්‍රමසිංහ සේනාංකය සහ එකතු වූ සේනාංකය+ පලිහක්කාරයන් ද, උතුරින් කැලණි ගංගාවෙන්ද මායිම් වූ සීමිත බිම් කඩක පරංගි සේනාව සිර වී සිටි. කිසිදු දෙසකට ඔවුන්ට පසු බැසීමට නොහැක. අන්තිමයා දක්වා සටන් කරන සමූලඝාතනය වීමේ උගුලට ඔවුන් හසුවී ඇත. (Enviloped and driven into a so- called total annihilation scenario ) මේ සටනේදී සීතාවක හමුදාව ද ගිනි අවි භාවිතා කර තිබේ. “සීතාවක යුධ උපාය වූයේ සතුරා ගේ භූමියටම පැන ඉතා සුලු වේලාවක් තුල සතුරා විනාශ කිරීමය “..අද මෙන් ස්වයංක්‍රීය ගිනි අවි හෝ පතුරම් අවි නොතිබුණු එකල එවන් ලග ලගම කරන වේගවත් ප්‍රහාරයකදී කැපෙන සහ අනින අවි භාවිතා කිරීමට සිදුවේ. (A close quarters battle ). එවකට වූ matchlock කොටන තුවක්කු නැවත නැවත පුරවා භාවිතයට වෙලා ගතවේ. එහෙත් ක්ෂේත්‍ර පහර දීම් සදහා ස්ථානීයව හෝ ජංගමව කොඩිතුවක්කු සහ අත් තුවක්කු භාවිත කල බව පෙනේ. රාජාවලියේ “මීදුම වැනි වෙඩි දුම”යන්නෙන් දෙපාර්ශ්වය විසින් බහුලව ගිනි අවි භාවිතා කර ඇති බල ප්‍රත්‍යක්ෂ වෙයි. සීතාවක හමුදාව ට කොටුවූ පරංගීන් ට සහයට වෙඩි ප්‍රහාර (support fire ) සහ සැපයුම් (logistics ) කැලණි ගගේ තිබූ පෘතුගීසි යාත්‍රා වලින් ලැබුණද රාජසිංහ ඒවාටද පහර දුනි. කඩු පොරෝ පහරින් කැපී සහ ආකිබස් සහ කාලතුවක්කු ප්‍රහාරවලට ලක්ව මියෙන හෝ තුවාල ලබන දෙපාර්ශ්වයේ ම පිරිස අතර අති බහුතරය පරංගීන් විය. ලේ වැගිරීම කෙතරම් දරුණු වූවාද යත් මුල්ලේරියාව වගුරු බීමේ වතුර ලෙයින් රතු පාටට හැරුනු බව පැවසේ. එය සැබෑවක් යයි අමුතුවෙන් පැවසීය යුත්තක් නොවේ. “යුධ ඇතුන් භාවිතා කිරීම නිසා තමන් පැරදුන බව ” කූතෝ සහ ක්වේරෝස් සටහන් කරයි. බලාපොරොත්තු සුන් වූ පරංගින් කොඩි ගස් වලින් පවා ඇතුන්ගේ නලලට ඇන්න බවත් ඔවුන් සටහන් කරති. මුල්ලේරියාවේ දී රාජසිංහයන්ට ජයග්‍රහණය ලැබීමට යුධ ඇතුන් වැදගත් විය.සටනේ පරාජය සමග තම්මිට සූරිය බණ්ඩාර තම කෝට්ටේ සේනාව සමග පලා යති. සටන අවසානයේ පරංගීන් කීප දෙනෙකු (ඩයස් සහ පිරිස) අතැර දමා තිබූ පොකුරු මුණිස්සම් කාලතුවක්කුවක් පත්තු කර බේරී පැනගොස් තිබේ. තවත් තැනක සටහන් වන්නේ ගගේ නවතා තිබූ බෝට්ටු වලට නැගී පණ බේරාගෙන යාමට ඉතිරි වූ පරංගි සහ කෝට්ටේ පිරිසට සහ තුවාලකරුවන් ට සීතාවක සේනාව මානුෂිකව ඉඩ දුන් බවයි. මෙම සටනේදී පරංගි නිලධාරීන් බොහෝ දෙනෙකු මිය යයි. මෙනේසස් පණ බේරාගෙන තිබේ. රාජාවලියට අනුව පරංගීන්ම පමණක් 1600 කී. කොට්ටේ සහ ලස්කිරිඤඤයන් ද ඇතුලුව 2000 විය හැක. සීතාවක සොල්දාදුවන් කොතෙක් මිය ගියාද යන්න ගැන දැනට කිසිදු මූලාශ්‍රයක් නැති සෙයකි.

ජයග්‍රහණය ———————–

යුධ ජයග්‍රහණය ඉහලින් සැමරුණි. පරංගීන් කදවුරු ලා සිටි තැනක සීතාවක සේනාවෝ තම කොඩි සිටවූ අතර එය කොඩිගහවත්ත විය. අද කොටිකාවත්ත ලෙස හදුන්වන්නේ එම ප්රදේශයයි. සීතාවක බල සීමාව කොලඹට 12 km ආසන්නයේ ඇති බියගම දක්වා ගෙන එන්නේ බියගම ආශ්‍රිතව බලකොටුව තව ශක්තිමත් කරමිනි. . මුල්ලේරියාව මිලිටරි ජයග්‍රහණයක් පමණක් නොව දේශපාලන ජයග්‍රහණයක් ද විය. මුල්ලේරියාවේ බිහිසුණු පරාජයෙන් පසු පරංගීන් 1565 දී කොට්ටේ අතහැර දමා කොලඹට පසු බසින අතර මිලිටරි සහ දේශපාලන බලය වර්ධනය කරගන්නා සීතාවක තම එතිහාසික මහා යුධ මෙහෙයුම පරංගී හදවත තුලට ම යවන යවුල් පහරක් සේ වර්ෂ 1587 ජුනි සිට 1588 පෙබරවාරි අතර කොලඹ කොටුව ට එල්ල කරන්නේ ලංකා භූමියෙන් පරංගි උවදුර සදහටම අතුගා දැමීමට පෙරමුණට එමිනි.. පරංගී, කෝට්ටේ සහ මහනුවර එකට එකතු වී පහර දුන්නත් ඒ සියල්ලම එක මිටකට ගෙන පරාජය කිරීමට තරම් රාජසිංහයෝ ගේ මිලිටරි විශේෂඥ බව අනභිභවනීය විය.අමාවක රැයක කැලණි මිටියාවතේ සරණ ඔබ, ගගට බර කුඹුක් සෙවනක ගෝපාල අසුට දිය පොවමින් සිටින දිදුලන සන්නාහයෙන් සැරසුන ප්‍රෝඞ පුරුෂයෙකු දුටුව හොත් සටන ගැන ඔහුගෙන් අසන්න.

කීර්ති හේවාගොඩ 25 -05- 2020

ආශ්‍රිත ග්‍රන්ථ. (Bibliography )
1- .Fatalida de Historias”.Ribeiro joao (1685). The historic tragedy of the island of Ceilao. Translated by P.E. Pieris.
2- ලංකාවේ පෘතුගීසි යුගය. පෝල් පීරිස්. පරිවර්තනය අභය හේවාවසම්. 20083- රාජාවලිය. ඒ ටී සුරවීර. 1997.
4- සීතාවක සටන- පරණවිතාන රෝහිණී. 1999.5- සැවුල් සන්දේශය. අලගියවන්න මුකවෙටි.
6- කොන්ස්තන්තීනු හටන.
7- සීතාවක රාජධානියේ උන්නතියේ ද අවනතතියේද සමහර අංශ පිළිබඳව විමර්ශනය ක්. .රිසීමන් අමරසිංහ. ( 1998)
8- Kandy fights the Portuguese. C.Gaston Perera.
9- Historia da India. Decada xiii .Antonio Bocarro.
10- මන්දාරම් පුවත. සංස්කරණය. ලබුගම ලංකානන්ද හිමි.
11- The Temporal and Spiritual Conquest of Ceylon. Queiros Fernan. Also the works of Wimalananda Thennakoon, Fr. Perniola, P E P Deraniyagala were used in this article.

සැලකිය යුතුයි. .–චිත්‍ර සහ අනන්‍ය සටහන් නෛතිකව කතෘ අයිතිය ට යටත්ය. සටහන share කිරීම ගැටලුවක් නැත. Free to share in social media as the original post . However, for other uses, the keynotes and sketches are strictly protected by copyright
උපුටාගත්තේ >> Keerthi.Hewagoda ගේ මුහුණු පොතෙන්ය. https://www.facebook.com/Keerthi.Hewagoda

සමනොළ ගිර මත සිරිපද ලස කෙටවූ නිශ්ශංක මල්ල රජතුමා

මහා පරාක්‍රමබාහු හට දරුවන් නොවීය. එහෙත් ඔහු ජීවත්ව සිටියදීම සිය සොහොයුරියගේ පුත් කුමරෙකු රජකම සඳහා පුරුදු පුහුණු කරන ලදී. පරාක්‍රමබාහුගේ බිසව වූ පාණ්ඩ්‍ය වංශික ජයරාම් ලීලාවතීගේ සොහොයුරියගේ පුතෙකු වූ ඔහු “මදුරප්පෙරුමාල්” විය. මහා පරාක්‍රමබාහුගෙන් පසු ඔහු රාජ්‍යත්වයට පත්වූයේ දෙවැනි විජයබාහු යන නමිනි.   
මහා පරාක්‍රමබාහුට පසුව ද්‍රවිඩ බලවේග විසින් ඔහු සිහසුනට පත් කළද රට පුරා කලබල ඇතිවිය. ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසකරු සඳහන් කරන්නේ ඇතැම් රාජද්‍රෝහී ඇමැතිවරු රටෙහි කලබල ඇති කරවන ලද නමුත් විජයා- යාන් – තැන් – නාවක් නමැත්තෙක් එම කලහකාරීන් මැඩපවත්වා රජුට තම සිංහාසනය ආරක්ෂා කර දෙන ලද බවය. එහෙත් මදුරප්පෙරුමාල්ගේ රාජ්‍ය කාලය එක් වසරකට සීමා කරමින් මහින්ද නම් සෙනවියෙකු රජු මරාදමා සිහසුන ලබාගනී.   

දිවා ගුහාව තුළ ඇති නිශ්ශංක මල්ල රජුගේ රුව හා සෙල්ලිපිය


මෙම මහින්ද සෙනවියා අන් කවරෙකුවත් නොව මහා පරාක්‍රමබාහු රජුගේ හිටපු සෙන්පතියා වූ කොහොම්බල්කුළු මඤ්ජු වේ. පැරකුම් යුගයේදී රුහුණේ වැසියන් දහස් ගණනක් උල් සිටුවා මරා දමා පුලුස්සන ලද්දේ මෙම සෙනවියාය. ගාල්ලේ වලල්ලාවිට කෝරළයේ බෙම්තොට ග්‍රාමයේ ගලපාත විහාරයේ පර්වත ලිපියට අනුව මහා පරාක්‍රමබාහුගේ රාජ්‍ය අධිපති වූ කොහොම්බල්කුළු මිහිඳු විසින් කරන ලද ඉඩම් සහ වහලුන් ප්‍රදානය කිරීමක් සඳහන් වෙයි. ඒ මෙම සෙන්පතියාය.   


ඇතැම් වංසකතාකරුවන් මොහු හඳුන්වා ඇත්තේ “කුලිංගකුල මිහිඳු” වශයෙනි. එය සපුරා වැරදිසහගතය. “කුලිංග කුලය” සිංහල කුලයකි. ශ්‍රී මහා බෝධිය සමග එහි ආරක්ෂකයින් වූ මහ දුරයින් කුලිංග කුලීකයෝ වෙත්. අනුරාධපුර විහාරගම් නවයේ පදිංචි කරවන ලද පවුල් 225 ක පිරිස ඔවුහුය. සිංහල බෝධි වංශයට අනුව බෝධියට වතාවක් කිරීම සඳහා බ්‍රාහ්මණ කුල අටක් මෙරටට පැමිණියහ. එයින් එක කොටසක් කුලිංගයෝය. මොවුන්ගේ වංශ වින්නතිය වන්නේ නීල කොබෙයියාය. එහෙත් සුළු බෝධි වංශික ලියුවන් කුලිංග යන්න විල්ලි දුරා ලෙසට වෙනස් කර ඇත. විල්ලි යන්න වල්ලුවන් යන ද්‍රවිඩ වචනය සිංහලට විල්ලි ලෙස යොදාගෙන ඇත. 

 
කෙසේ වුවද කොහොම්බල්කුළු මිහිඳුගේ රාජ්‍යත්වය පස් දිනකට සීමා කරමින් සිංහල බලවේගය ඔහු මරා දමා කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රාජ්‍යත්වයට පත් කරන ලදී. මහා විජේබාහු රජුගේ බෑනණුවන් වූද, දෙවැනි ගජබා රජුගේ යුවරජු වශයෙන් මාතුල දනව්ව නොහොත් මාතලේ පාලකයා වූද කාලිංග පරාක්‍රමබාහු හෙවත් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රාජ්‍යත්වයට පත්විය. මහා පරාක්‍රමබාහුගේ දෙමළ සේනා විසින් දේපොළ කොල්ල කෑම නිසා සිංහලයෝ අන්ත අසරණ තත්ත්වයට පත්වී සිටියහ. නිශ්ශංකමල්ල රජු ඔවුනට සහන සලසන ලද ආකාරය රුවන්වැලි මහසෑ අසළ මාර්ගයෙහි ඔහු විසින් පිහිටුවන ලද සෙල්ලිපියක මෙසේ සඳහන් කර ඇත.   


“……… ඔකාවස් රාජ පරපුරෙන් ආ කාලිංග චක්‍රවර්ති රාජ වංශයට තිලකායමානවැ සිංහපුරයෙහි සංජාත වූ නිශ්ශංකමල්ල කාලිංග පරාක්‍රමබාහු රජ්පා වහන්සේ ස්ව වංශයට පරම්පරායාන ලංකාද්වීපයෙහි එක්සේසත් කොට මහා පරාක්‍රමබාහු වහන්සේ පූර්ව රාජ චාරිත්‍ර ඉක්මැ කළ අති දඩ අවිනයෙන් පීඩිතව දිළිඳුන්ව ගොස් සොරකම් කොට ජීවත්වන බොහෝ ජනයා ජීවිතාශා හැර සොරකම් කරන්නේ ධනාශාවෙන් වේදැයි රන් රිදී මසුරන් මුතු මැණික් වස්ත්‍රාභරණ වූ උන් උන් කැමති වස්තු හා සර ගම්බිම්දී අභය දී සොරකම් හරවා සෙසු බොහෝ ජනයාද ඒ ඒ දුක්ඛයෙන් ගලවා…”   


මෙහි සඳහන් වන්නේ තමා ඔකාවස් පරපුරට අයත් බවයි. එසේම ලංකාව තම වංශයට ප්‍රවේණි බවයි. එනම් කපිලවස්තු පුර ශුද්ධෝදන පරපුරට මෙරට අයත් බවය. කාලිංග චක්‍රවර්ති යනු කාලිංග දේශය ජයගෙන එහි පාලකයන් වූ පරපුර යන්නය. උත්තර භාරතයේ බිංදුසාර යුගයේදී කාලිංගය ඔහුට යටත් රාජ්‍යයක් විය. එහෙත් අශෝක යුගයේදී කාලිංග මෞර්ය පාලනයෙන් නිදහස් වීමට උත්සාහ දැරීම නිසා ධර්මාශෝක රජුට නැවත සටන් කොට එය යටත් කරගැනීමට සිදුවිය. ශුද්ධෝදන රජුගේ රාජ්‍ය ලාංඡනය නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපිවල සඳහන් කරන්නේ ඔහුගේ ඥාති සබඳතාව තහවුරු කිරීමක් වශයෙනි.   


නිශ්ශංකමල්ල රජු සිය සතුරන් වූ චෝල සහ පාණ්ඩ්‍ය දේශයන්වලට සිය චතුරංගනී සේනාව සමඟ ගොස් යුද නොකරම එම රටවල් යටත් කර ගනිමින් එම රටවල්වලින් කප්පම් ලබා ගනිමින් ඒවා මෙරට වැසියන්ගේ සුබසිද්ධිය සඳහා යොදවන ලදී. දඹුලු සෙල්ලිපියේ සඳහන් කර ඇත්තේ පාණ්ඩ්‍ය දේශය දෙවරක් ආක්‍රමණය කරන ලද බවය. එසේම මෙම රජු රාමේශ්වරම්හි සිය නමින් දේවාලයක් ඉදිකර දී ඇත. ලංකාවේ තුන් නිකායේ භික්‍ෂූන් සමගි කරවන ලද අතර අලජ්ජි භික්‍ෂුහු ශාසනයෙන් නෙරපා හරින ලදහ. මහා පරාක්‍රමබාහු රජු විසින් සිය පාලන කාලයේදී අභයගිරිය විශාල ලෙස පීඩනයට පත් කර තිබුණි. නිශ්ශංකමල්ල රජු විසින් එම වෙහෙර නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.   


රාජ කුලය වර්ධනය කර ශක්තිමත් කිරීම සඳහා නිශ්සංකමල්ල රජතුමා සිය පුත් වීරබාහු කුමරුට කාලිංග දේශයෙන් සමකුල රාජ කුමාරියක් ගෙන්වා විවාහ කර දීමද සූර්ය වංශික සහ චන්ද්‍ර වංශික කන්‍යාවන් මෙරටට ගෙන්වා දීමද සිදු කළ බව පොළොන්නරුව සෙල්ලිපියෙහි සඳහන් කර ඇත. බෝධිය වඩා මෙරටට පැමිණි පිරිස් සූර්ය වංශය ලෙසද, දළදාව මෙරටට දෙනා පිරිස් චන්ද්‍ර වංශය ලෙසද වංශ කතාවල සඳහන් වෙයි.   


පොළොන්නරුව හැටදාගේ සෙල්ලිපිය මගින් ඔහු චෝල හා පාණ්ඩ්‍ය දේශ ජයග්‍රහණය සැමරීම සඳහා නිශ්ශංක ලතා මණ්ඩපය, හැටදාගෙ සහ නිශ්ශංක දළදා මැදුර කරවන ලද බව සඳහන් කරයි. මෙම සෙල්ලිපිය මගින් රජුගේ මව්පියන් පිළිබඳ විස්තර කර ඇත්තේ මෙසේය.   


“වීර නිශ්ශංකමල්ල ශ්‍රීමත් අනන් උතුම් ගුණ ගණෙන් හිමි ඔකාවස් රජ පරපුරරෙහි වූ ආකාශචාරී කාලිංග චක්‍රවර්තීන් වහන්සේ කුලේනා ශ්‍රී ජයශෝපස රාජයාණන් වහන්සේ නිසා පාබ්බතී මහා දේවීන් වහන්සෙ කුසෙන් කාලිංග රට සිංහපුරයෙහි ජාත වූ සිරිසඟබෝ වීර රාජ නිශ්ශංකමල්ල කාලිංග චක්‍රවර්තීන් වහන්සේ…”   


සිය හමුදා බලය ශක්තිමත් කිරීම සඳහා දෙමළ අගම්පඩි හමුදා වෙනුවට කාම්බෝජ භටයන් මෙරටට ගෙන්වා බඳවාගෙන සිය හමුදා ශක්තීන් වැඩිකරන ලදී. දිවයිනේ සරත දිග් භාගයෙහි සංචාරය කරමින් සතුරු බලවේග මෙල්ල කරමින් මහජනයා සඳහා දාන ශාලා ඇති කරන ලද අතර මෞර්ය අධිරාජ්‍යයේ රජවරුන් මෙන් ශක්තිමත් චරපුරුෂ සේවයක්ද ඇතිකරන ලදී. රටේ ආර්ථික සුබසිද්ධිය සඳහා වැව් අමුණු ඉදි කිරීම හා ඒවා ප්‍රතිසංස්කරණය කිරීමද වාරි ජලමාර්ග මෙන්ම ප්‍රවාහන ජලමාර්ග ඇති කිරීමද සිදුකෙළේය.   
පාණ්ඩ්‍ය ආක්‍රමණය ජයගැනීම සමරනු වස් ඔහු විසින් “පාණ්ඩි විජයකුලම්” වැව සාදවන ලදී. වර්තමානයේදී එම වැවේ නම ගල්මැටියාන වැව වේ. මහා පරාක්‍රමබාහු යුගයේදී විනාශ වී ගිය පොළොන්නරුව රජ මාළිගය නැවත ඉදි කිරීම, කාලිංග පුරවරය මෙන්ම කාලිංග ඇළ මොහුගේ විස්මිත නිර්මාණයක් වෙත්. අනුරාධපුරයේ රුවන්වැලි මහ සෑයට නොදෙවැනි ලෙසට පොළොන්නරුවේ රන්කොත් වෙහෙර ඉදිකොට ඒ වටා සංඝාරාමයක්ද ඉදිකරන ලදී.   


මෙම රජුගේ ඉතාම වැදගත් කාර්යයක් ලෙස සැළකිය හැක්කේ ශ්‍රීපාදය කඳු මත බුදු සිරිපතුළ සහ ඒ හා බැඳි සියළු ධන නිධන් සොළීන් ඇතුළු විදේශී්‍ය ආක්‍රමණිකයින්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඔහු විසින් සිදුකරන ලද කාර්යභාරයයි. මැණික් ගලක් මත බුදු සිරිපතුල තැබූ අතර එය මිල කළ නොහැකි තරම් වූ නිල් මැණිකක්විය. එම පූජ්‍ය වස්තුව අරබයා රජවරු විසින් පූජා කරන ලද වස්තු සම්භාරයක් ආවරණය කොට වසා දමා නව සිරිපතුල් යුගලක් ගලෙහි කෙටවීම එතුමා විසින් සිදු කරන ලදී.   


ආර්.එල්. බ්‍රෝහියර් මහතා සිය Seeing Ceylon කෘතියේ සිං/ප බ්‍රෝහියර් දුටු ලංකාව (අභය හේවාවසම්) මෙසේ සඳහන් කර ඇත.   


“වඩා ප්‍රචලිත පුරාවෘත්තියකට අනුව නියම සිරිපදලස තබා ඇත්තේ මැණික් ගලක් මතය… අද අපට පෙනෙන්නට තිබෙන සිරිපා ලාංඡනය මළුවට වන්දනා ගමනක යෙදුණු කීර්ති ශ්‍රී නිශ්ශංක රජු විසින් ගලේ කොටවන ලද්දක් බව විශ්වාස කරනු ලැබේ.   


“….. ලංකාවේ පැරණි ඉතිහාසය පිළිබඳ වංශ කතාව වූ මහා වංශයේ කීර්ති ශ්‍රී නිශ්ශංක රජු පිළිබඳ සඳහන් කරමින් සැදැහැයෙන් පිරුණු රජු තම සිව්රඟ සෙනඟ සමග සමනොළ නැග වන්දනාමාන කළේය.” යනුවෙන් සඳහන් වෙයි.   


ජනප්‍රවාදයේ එන අන්දමට මේ වන්දනා ගමන සිහිවීම සඳහා රජු තම ඔටුන්න ඇතුළු රාජ්‍ය භාණ්ඩ මේ කඳු බෑවුමේ පිහිටි විසල් ගල් ගුහාවක නිදන් කළ බව කියැවේ. ඇතැමුන්ගේ ඇදහීම අනුව රජතුමා තම රාජකීය භාණ්ඩ නිදන් කළ නිශ්ශංකගල ලෙන මෙයයි. තවත් සමහරු අදහස් කරනු​යේ නිශ්ශංගල ලෙන පිහිටා ඇත්තේ සමන්ත කූඨ පර්වතය මුදුනට ආසන්නව බවයි.”   


රාජාවලිය කතුවරයාද මෙම පුවත සඳහන් කර ඇත. ඒ මෙසේය.   


“……. දළදා ගෙන කාලිංගයෙන් ආ කීර්ති ශ්‍රී නිශ්ශංක රජු පොළොන්නරුව වෙහෙර කරවා දළදා ගෙය සැට පයින් කරවා එහි වටදාගෙය කරවා සෙනඟ සමගින් සමනළට ගොස් බුදුන් සිරිපා වැඳ ලක්දිවට තමා නමින් ලකුණු ආරම්භ කරවා…”   


භගවා ලෙන හෙවත් දිවා ගුහාව බුදුරජුන් සහ පන්සියයක් රහතන් වහන්සේලා වැඩ සිටි ලෙනය. එය සිරිපා මළුවට මීටර් 300 ක් පහළට වන්නට පිහිටා ඇත. නිශ්ශංකමල්ල රජු සිය සිව්රඟ සෙනඟ සමඟ ගොස් සෑහෙන කාලයක් ගතකොට සිරිපා මළුව ප්‍රතිසංස්කරණය කරන ලද්දේ මෙම ලෙනෙහි සිටිමින් බව පැහැදිලි වෙයි.   


රජු විසින් එහි සෙල්ලිපියක් මෙන්ම තම පිළිරුවද කොටවා ඇත. ඉන්පසු එය “නිශ්සංගල ලෙන” ලෙස හඳුන්වන ලද බව පැහැදිලි වෙයි. මෙම ලෙනද සෙල්ලිපිය මෙන්ම රජුගේ රූපයද මෑතකදී සොයාගෙන ඇත. (අංක 1 රූපය බලන්න) එම නිසා සැබෑ නිර්මාණකරුවා කවරෙක්ද යන්න පැහැදිලි වී ඇත.   

අඩි 4 අඟල් 6 ක් දික් වූද අඩි 2 අඟල් 4 ක් පළල් වූද ශෛලමය සිරිපතුල් යුගලකි. බුදුරදුන් සිය වම් සිරිපතුළ තබන ලද සහ එම යුගයේ කැටයම්කරුවන් විසින් නිරූපණය කරන ලද මාණික්‍යමය සිරිපතුල සංරක්ෂණය වී ඇත. බුදුන්ගේ එක් පාදයක පාද ලාංඡනය පමණක් තබන ලද්දේ මැණික් ගලේ ප්‍රමාණය මත එය කැටයම් කරනලද නිසා බව පැහැදිලිය.   
නිශ්ශංකමල්ල රජතුමා සහ සිරිපා රත්නපුර – එරන්ත මාර්ගයේ ශ්‍රීපාද කන්දට නැගි බවත් ආපසු පැමිණීම අඹගමුව – ගම්පොළ හරහා සැළව හා අරනායක පැරණි මාර්ගයෙන් පැමිණි බවටත් සාධක ඇත. නිශ්ශංකමල්ල රජු සමනොළ වෙත ගොස් ආපසු එන ගමනේදී මායා රට දුර්ගය ඔස්සේ රම විාහරයට අවුත් එහි දෙමහල් පිළිම ගෙයක් කරවා එයට කෙත්වතු ආදිය පුදන ලද බව අරම තුඩපතේ සඳහන් වේයැයි විද්වත්හු පවසති.   


සතර කෝරළයේ වර්තමාන අරනායක නගරයට ආසන්නව අරම රජමහා විහාරය පිහිටා ඇත. පුරාණයේදී මෙම විහාරය හඳුන්වා ඇත්තේ “මලිවා අරම” යනුවෙනි. අනුරාධපුර යුගයේදී “සැල්හෝගම” ලෙස හඳුන්වා ඇත්තේ සැඩ හොය හෙවත් සැළහොය අසළ ඇති “සැළව” ග්‍රාමයයි. පැරණි ශ්‍රීපාද ගමන් මඟ යෙදී තිබුණේ මෙම ගම හරහාය. අරම විහාරයේ වැඩසිටි එම විහාරයේ විහාරාධිපති හිමියන් විසින් මෙම ලියුම්කරුට පිටපත් කර දෙන ලද අරම තුඩපතේ විස්තරවලට අනුව වළගම්බා රජු විසින් මෙම විහාරයෙහි තුන්බෝ පිළිමගෙයක් කරවන ලද බව සඳහන් කර ඇත්තේ මෙසේය.   


“බු.ව. 1132 ශාක්‍ය කුල කමනීය රාජහංසයාය මාන වූ ශ්‍රී සංඝබෝ ශ්‍රී වළගම්බාහු මහ රජ්ජුරුවන් රාජ්‍යයට පැමිණි දෙවැන්නෙහි උදයගිරි උම්මිල්ල ලංකාධිපති අධිකාරි සේනාධිපති අමාත්‍යයන් සමග ශ්‍රී පාදයට ගොස් පැමිණ අරම තුන්බෝ පිළිම ගෙයක් කරවා….”   


නිශ්ශංකමල්ල රජතුමා සමනොල වැඳ අපසු එන ගමනේදී අරම විහාරයෙහි දෙමහල් පිළිම ගෙයක් සාදවන ලද බව මෙහි සඳහන් නොවේ. පිටපත් කිරීමේදී එය අත්හැරී හෝ අත්හැර ඇතැයි සිතිය හැක. නිශ්ශංකමල්ල රජතුමා සිය ගල්පොත සෙල්ලිපිය මගින් අවධාරණයෙන් ප්‍රකාශ කර සිටින්නේ ලංකා රාජ්‍යය බුදු සසුනට හිමි බවත් එය කිසිවිටෙකත් අබෞද්ධ චෝල, පාණ්ඩ්‍ය සහ කේරළ ආදී රජවරුන්ට නොදිය යුතු බවත්ය. ලංකා රාජ්‍යය සෑම විටම ක්‍ෂ්ත්‍රීය පවුල්වල රජදරුවන්ට පමණක් ලබාදිය යුතු අතර එවැන්නෙද නොසිටි විටකදී එවැනි රජෙකු මියගිය විටෙක ඔහු පැළඳි පාවහන් යුගල එනම් මිරිවැඩි සඟළ හෝ සිහසුනෙහි තබා ඇමැතිවරු විසින් රාජ්‍යය ගෙනයා යුතු බවය. ගල්පොත සෙල්ලිපියේ කොටසක් මෙසේය;   


“……. අරාජකව නොවිසිය යුත්තේය. එහෙයින් මහරජතන්පත්වැ සිටියවුන් නැති තැනෙක. යුවරජව සිටියවුන් හෝ උනුදු නැතහොත් රාජ කුමාරවරුන් හෝ උනුදු නැතහොත් බිසෝවරුන්ගේ ආඥායෙහි පැවත රක්ෂා කටයුතු. උනුදු නැතහොත් මහරජුන් පයැලු වහන් මාත්‍රයකුදු (මිරිවැඩි සඟලක්) රජතන්හි (සිහසුන්) තබා රාජ්‍ය රැක්කයුතු….”   
නිශ්ශංකමල්ල රජුගෙන් පසු ඔහුගේ පුත් වීරබාහු රාජ්‍යත්වයට පත්විය. එහෙත් රාජ්‍යත්වය එක් දිනකට සීමා විය. ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසකරු එය විස්තර කරන්නේ මෙසේය;   


“වීරබාහු රජ වූ වහාම ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධියෙන් අතිශයින් භයානක වූත් උණුසුම්වූත් දේශපාලන වාතාවරණයක ලකුණු පහළ වෙයි…”   


මහා පරාක්‍රමබාහුගේ කින්නි නම් සෙනවියෙකු විසින් එක රැයින් වීරබාහු මරණයට පත්කර වික්‍රමබාහු නම් කුමාරයෙකු රාජ්‍යත්වයට පත් කරන ලදී. ඔහුගේ රාජ්‍ය කාලයද මාස තුනකට සීමා කරමින් නිශ්ශංකමල්ල රජු සොහොයුරියගේ පුතෙකු වූ “වෝඩගංගදේව” කුමරු රාජ්‍යත්වයට පත් කරන ලද්දේ සිංහල බලවේගය විසිනි.   


නැවත වරක් කින්නි සෙනවියා විසින් ඔහු මරා මහ පැරකුම්බා රජුගේ බිසව වූ ජයරාම් ලීලාවතී රාජ්‍යත්වයට පත් කරන ලදී. ඒ අනුව වෝඩගංඟ දේවගේ රාජ්‍ය කාලය නව මසකට සීමා විය. ලීලාවතීයගේ රාජ්‍ය කාලය වසර තුනක් බව රාජාවලිය සනාථ කරයි. මෙයින් පසු සිංහල බලවේගය විසින් ඔක්කාක පරපුරේ කෙනෙකු රාජ්‍යත්වයට පත් කළ බව රාජාවලිය සඳහන් කරන්නේ මෙසේය.   


“පසුව ඔක්කාක වංශයෙන් ආ රජෙක් නව අවුරුද්දක් රාජ්‍යය කළේය.”   


මොහු අනෙකෙකු නොව නිශ්ශංකමල්ල රජුගේ බාල සොයුරු සහස්සමල්ලයන්ය. සිංහලයින් විසින් කිත්ති සෙනවියා බලයෙන් පහ කරන ලද නිසා ජයරාම් ලීලාවතියගේ පාලනයද අර්බුදයට පත් වූ ආකාරය ලංකා විශ්වවිද්‍යාල ඉතිහාස ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේය;   


“…….සිහසුනට ඈ ඉදිරිපත් කළ හිමිකම් මුල සිටම මතභේදයට ලක්වී තිබිණ. ලීලාවතී බිසවට අනතුරුව රජ පැමිණි සහස්සමල්ලගේ ලේඛනයක දැක්වෙන අන්දමට දිවයිනේ පැවති අරාජක තත්ත්වය ගැන අප්‍රසාදයට පත්වූ ඇමැතිවරු ලංකාවේ රජකම බාරගන්නා ලෙස කාලිංගයේ සහස්සමල්ලට ආරාධනය කළහ. සහස්සමල්ල දිවයිනට ගොඩ බසින්නට පෙර එවකට බලයේ සිටි කණ්ඩායම නෙරපා හැරීම සඳහා යථෝක්ත ඇමැතිවරුන් දෙවසරක කාලයක් තියුණු අරගලයක යෙදී සිටි බව දැක්වෙයි. නිසැකවම මෙකී දෙවසරක අරගලය පැවතුණේ ඇතැමුන් ස්වකීය පාලකයා ලෙස නොපිළිගත් ලීලාවතී බිසව​ගේ රාජ්‍ය කාලයේදීය….”   


සහස්සමල්ල මෙරටට ගෙන්වා ගැනීමට මූලිකයන් වූ ඇමැතිවරුන් දෙදෙනෙකු හට ගෞරව නාමයන් පිරිනමන ලද ආකාරය සඳහන් මෙම රජුගේ සෙල්ලිපියක් පොළොන්නරුව රන්කොත් වෙහෙර අසළ පිහිටුවා ඇත. එහි සඳහන පහත සඳහන් පරිදි වේ.   


“ශ්‍රීමත් සහස්සමල්ල සිංහලපති… සිරිමත් ඔකාවස් පරපුරෙහි මුළු සක්වල එක්සත් කළ කාලිංග චක්‍රවර්ති පරම්පරායාත ශ්‍රී ගෝප රාජ්‍යයන් වහන්සේ උරෙහිදා ලෝක මහා දේවීන් වහන්සේ කුසින් සිංහපුරයෙහි ප්‍රසූත වූ අසමසහායෙන් සහාස්සමල් යැයි විරිඳු ලද සිරිසඟබෝ කාලිංග විජයබාහු රජ්‍යා වහන්සේ පළමු ලංකායෙහි රජසිරි පැමිණ සිටි නිශ්ශංකමල්ල නම් බැනුන් වහන්සේ ස්වර්ගස්ථ වූ පසු…. ලොලුපැලෑකුළු දූන්තැටි අබෝනාවන්… තමන්ට සර්වමිත්‍ර ලොලුපැලෑකුළු බූදල්නාවන් හා එක්ව… තම තමාගේ ආධිපත්‍ය පතා විස්නකරන දුර්මන්ත්‍රීන් දෙහවුරුද්දකින් සාධා බුද්ධ වර්ෂ එක්දහස් සත්සිය තෙසාළිස් හවුරුදු තුන්මස් සත්විසි දවසක් ගිය තැන බිනෙරපුර දොළොස් මස් ලත් බදාදා අභිෂේක කරවූ මේ අනන්‍ය සාධාරණ දස්කමට තමන් වහන්සේට පළමුවැන්නෙහි සෙනවි රන්පට බන්දවා අග්‍ර මන්ත්‍රී කොට සිටුවා මෙවැනි දරුවන් ලද ඔවුන්ට වැඩි සත්කාර කළමනාවේ දැයි මොවුන් මෑණියන්ට ලංකාතිලක මහාදේව යැයි නම් දී බඩැ රන්පට බන්දවා….”

   
මෙහි සඳහන් ලොලුපැලෑකුළු දුන්තැටි ආබෝතාවන් යනු නිශ්ශංකමල්ල රජුගේ සේනාපති වූ දේව සෙනවි හෙවත් අයෙස්මන්ත සෙනවියා වේ. පරාක්‍රමබාහු කාලයේදී සිදුවූ කුල දූෂණය නිසා මිශ්‍ර වූ පවුල් නැවත අමිශ්‍ර කොට රාජ කුලය වර්ධනය කිරීම සඳහා නිශ්ශංකමල්ල රජු විසින් “රාජකුල වඩ්ඩන” නම් තනතුරක් ඔහු වෙත ප්‍රදානය කරන ලදී. මෙම සෙනවියා විසින් රාජකුල වඩ්ඩන නමින් විහාරයක්ද කරවන ලද බව වංශ කතාකරුවන් සඳහන් කරයි. “ධර්මාධිකරණ ශාස්ත්‍රය” නමින් ග්‍රන්ථයක් රචනා කරන ලද්දේද මොහු විසිනි. මෙම සෙනවියා කඳවුරු කුලයට අයත් බව වංශ කතාකරුවන් සඳහන් කරයි.   


සිංහල රජවරු විසින් උසස් නිලධරයන් හට ගෞරව නාම පිරිනැමීමේදී අදාළ විරුද නාමය ලියන ලද රනින් කළ නළල් පටයක් හිසෙහි පැලඳවීම සිරිත විය. කාන්තා පක්‍ෂය සඳහා එම පටිය බඩෙහි බැඳීම කරන ලදී. මෙසේ රන් නළල් පටියෙන් පිදුම් ලද අයෙස්මන්ත සෙනවියාගේ පරම්පරාවෙන් පැවත එන්නෝ “රන්පටි දේවගේ” යන පෙළපත් නාමය භාවිතා කරත්. ලංකාතිලක මහාදේවිගේ පරපුරෙන් පැවත එන්නන් “තිලක දේවගේ” යන පෙළපත් නාමය භාවිත කරත්. ලොලුපැලෑකුළු යන්න ග්‍රාම නාමයකි.   


“ආබෝනාවන්” යන්න බෝධිය වඩා ආ යන අර්ථ ගැන්වේ. අළුත්නුවර උපුල්වන් දේවාලය කරවීමේදී දෙවි අරුව නෙලීම සඳහා අබෝනාවන් කෙනෙකු සහභාගී වූ ආකාරය මෙසේ සඳහන් වෙයි.   


“දෙව් රජ රූප යටතේ බලා සිටි ගිරි වසා ආබෝ අරක්මේනාව යයි යන තැනැත්තා ඉස්සෝධා නාවා පිරිවට හඳවා මඟුල් වෙස් ගන්වා රන් පොරවක් අතට දී….”   


ගිරි වංශයේ ආබෝනා නම්වූ ආරක්ෂක හමුදා ප්‍රධානියා යන්න එහි අර්ථයයි. ගිරි වංශය, කඳවුරු කුලය සහ කන්දයෝ යන්න එකම කුලයකි. සහාසමල්ලයන්ට පසු “එළලූ ආබෝ” නම් සෙනවි විසින් රාජ්‍යය ගෙන නිශ්ශංකමල්ලයන්ගේ බිසව වූ කළ්‍යාණවතී රාජ්‍යයත්වයට පත් කළ බව රාජාවලිය සඳහන් කරයි. සෙල්ලිපිවල සඳහන් වන්නේ “අබාසලමෙවන් කල්‍යාණවතී” යනුවෙනි. ඇය මහා විජේබාහුගේ දියණියයි.   


රාජාවලිය මෙන්ම පූජාවලිය කතුවරයා සඳහන් කරන්නේ කල්‍යාණවතිය වසර හයක් රාජ්‍ය කළ බවය. එහෙත් ඇය විසින් පිහිටුවන ලද මිණිපේ පුවරු ලිපියට අනුව ඇය කුදුස් වසරක් රාජ්‍ය කළ බව පැහැදිලි වෙයි. එසේම එහි සඳහන් ඓතිහාසික තොරතුරුවලට අනුව ඇගේ අටවැනි රාජ්‍ය වර්ෂයෙහි දෙමළ සේනාව අවුත් අයේෂ්මන්ත සෙනවියා මරා දමන ලද බව සඳහන් කර ඇත.   


“…… සිරිලක්හි අගතැන්පත් අබාසලමෙවන් කල්‍යාණවතී ස්වාමීන් වහන්සේට අටවැන්නේ දෙමළ මහසෙන් මෙලකට බැස ආති නැමති ඇමැතියන් නසා මුළු ලක්හි පැළඹෙන සන්ද සිරිකතට උවින්දුවන් විසිකනට බඩනුවන් පළකෙදට හිරුනුවන් සොමිලෙසට සිසුනුවන් මලෙහි කුල තිලකායමාන මහ පින්සර භාම සේනාධිරාජයෝ තමන්ට යුධයට ආ නොයෙක් දෙමළ, සිංහල මාරහට පුවූ සිංහල යොබළන්ගේ අසි සංඝට්ටණයෙන් ජනිත වූ ගිනිපුපුරු නිකරයෙන් නිතර වූ නොයෙක් සිය ගණන් යුධයෙහි ජය ලදින්….”   


බුදුරදුන් මහියංගනයට වැඩ කපිලවස්තුපුර සිය ඥාතීන් පදිංචි කළ මුල්ම පෙදෙස මිණිපේ විය. මිණිපේ හෙවත් මණිමේඛලා රටෙහි අග නගරය ගංදෙණිය ලෙසට හැඳින්වේ. මෙහි පාලකයා භාම සෙනවි විය. අනිකංග ප්‍රමුඛ දෙමළ සේනාවන් සමග සටන් සිය ගණනක් කර ජයග්‍රහණය කරන ලද අතර අයෙස්මන්ත හෙවත් ආති සෙනවි මෙවැනි සටනකදී ද්‍රවිඩයන් අතින් ජීවිතක්ෂයට පත්විය.   


“මලෙවිකුල” යනු “මණිමේඛලා රටෙහි සිටි” යන අර්ථ ගනී. මෙම පෙදෙස දැඩි ආරක්ෂිත කලාපයක් විය. පොළොන්නරුව සතුරන් අතට පත් වුවද මෙම පෙදෙස සරුසාර මෙන්ම සිංහලයාට ආරක්ෂිත පෙදෙසක් විය. බුදුන්ගේ ඥාතීන් මෙහි පදිංචි කරවන ලද අතර ඔවුන් විසින් කෘෂිකාර්මික අතින් සශ්‍රීක කරන ලද අතර මහසෙන් යුගයේදී මිණිපේ ඇළ කප්පවන ලද ලෙස සැලකේ. එය වැදගත් වාරි ව්‍යාපාරයක් විය. ඌව – වෙල්ලස්ස ඉංග්‍රීසීන් අතින් විනාශයට පත්වන තෙක්ම මෙම පෙදෙස සශ්‍රීකව පැවති බව පැහැදිලිය.   
මින්පසු රාජ්‍යයත්වයට පත්වූයේ කල්‍යාණවතී බිසවගේ පුත් “ධර්මාශෝක දේව” කුමරුය. වංසකතාකරුවන් පවසන්නේ තුන්මස් වයසැති කුමරු සිංහාසනයෙහි තබා වසර හයක් රාජ්‍යය පවත්වාගෙන ගිය බවය. රාජාවලිය කතුවරයා සඳහන් කරන්නේ කුමරුගේ වයස පස් මසක් බවය. එහි සඳහන් මෙසේය;   


“….පසුව ධර්මාශෝක නම් දරු වූ කුමරුවක් පස් මස පිරි උන් රට තබා සාවුරුද්දක් රාජ්‍යය කෙළේය. පසුව ඇනියඟ නම් රජ දඹදිවින් බලසෙන් ගෙන අවුත් ලක්දිවට ගොඩබැස පොළොන්නරුව ගෙන තමාගේ පුතුන් ලවා ධර්මාශෝක කුමාරයා එල්ලවා සෙනවි රජු මරා තමා පහළොස් දවසක් රාජ්‍යය කෙළේය. පසුව මනකම් සෙනවි ඔහු මරා පෙර රජ කළ ලීලාවතී බිසව ලවා සාවුරුද්දක් රාජ්‍යය කෙළේය….”   


නිශ්ශංකමල්ල රජු මියගොස් වසර 23 කට පසුව ඔහුගේ බිස වූ කල්‍යාණවතී හට තුන්මසක දරුවකු සිටීමත් ඔහු සිහසුනේ තබා රාජ්‍යත්වයට පත් කළ බවත් වසර හයක් කුඩා දරුවෙකු රාජ්‍ය කළ බවත් වංසකතාකරුවන් සහ රාජාවලිය සඳහන් කිරීම හාස්‍යජනක මෙන්ම පාඨකයා අතිශයින්ම නොමඟ යැවීමකි. වංස කතාකරුවන් තුන්මසක් ලෙසටද රාජාවලිය කතුවරයා පස් මසක් ලෙසටද මෙම කුමරු හැඳින්වුවද රාජාවලියේ (ර) පිටපතේ සඳහන් කර ඇත්තේ “උන් රට ලබවා” යනුවෙනි. එනම් ධර්මාශෝක කුමරු රට ලබාගෙන සාවුරුද්දක් රජ කළ බවය.   


මෙයින් පැහැදිලි වන්නේ නිශ්ශංකමල්ලයන්ගේ පුත් වීරබාහු රාජ්‍යත්වයට පත්ව එක් දිනකින් ඝාතනය කරන ලද නිසා රජුගේ දෙවැනි බිසවු කල්‍යාණවතීගේ දරු ධර්මාශෝක ළදරුවා රහසිගතව ඇති දැඩි කොට නියම වයසේදී රාජ්‍යත්වයට පත් කරන ලද බවය. වංසකතාකරුවන් ධර්මාශෝක කුමරු තුන්මස් වයසැති බිලිඳෙකු සිහසුනට පත්කොට රාජ්‍යත්යට ගෙන ගිය බව සඳහන් කළද මෙම රජු විසින් නිකුත් කරන ලද කාසි වර්ග කීපයක්ම පසු කාලයේදී හමුව ඇත. තුන් මස් බිලි​ඳෙක් තමන්ගේ නමින් කාසි නිකුත් කරන ලද්දේ කෙසේද යන වග උගත් පාඨකයින් විචාරශීලීව කල්පනා කළ යුතුව ඇත.   

කෑගල්ලේ ඒජන්තවරයා වශයෙන් අයිවර්ස් මහතා කටයුතු කරන කාලයේදී බෙලිගල කැණීම් කටයුතු සිදුකරන ලදී. එහිදී සහාස්සමල්ල, ලීලාවතී සහ ධර්මාශෝක දේවගේ යන රජවරුන්ට අයත් කාසි 37 ක් හමුවී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පඬුවස්නුවර මාළිගයට දකුණින් පිහිටි පිළිම ගෙයක් හෑරීමේදී පැරණි කාසි විශාල තොගයක් හමුවී ඇත. එම කාසි අතර ධර්මාශෝක දේව රජුට අයත් අළුක්කාලේ මසු 108 ක් හමුවී ඇත. මෙතෙක් මේ වර්ගයේ කාසි ඉතා දුර්ලභ විය.   


මෙයට පෙර ධර්මාශෝක කුමරුගේ කාසි හමුව ඇත්තේ එකක් පමණි. එය දැනට අභයගිරි කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ධර්මාශෝක කුමරුගේ කාසිවල ඔහුගේ නම සඳහන් කර ඇත්තේ “ධර්මාශෝක දේවගේ” යන නමිනි. වෝඩගංග රජු විසින් ගෝකණ්ණයෙහි පිහිටුවා ඇති සෙල්ලිපියක ඔහුගේ නම සඳහන් කර ඇත්තේ “වෝඩගංග දේව” යන නමිනි.   


එම සෙල්ලිපියෙහි ලංකාව හඳුන්වා ඇත්තේ “අජෛයියාම් ලංකා” වශයෙනි. එනම් කිසිවෙකුට සටන් කර යටත් කරගත නොහැකි ලංකාව යනුවෙනි. පෘතුගීසීන් හා ලන්දේසීන්ට යටත් කරගත නොහැකි වූ ලංකාව ඉංග්‍රීසීන් යටත් කරගත්තේ ලන්දේසීන් උඩරටට ගෙන හා වහලුන් වූ මලබාර්වරු සහ ඉංග්‍රීසි හමුදාව සහ පහත රට මුදලිවරුන්ගේ ලැස්කිරිඤ්ඤ හේවායින් විසින් සිංහලයාගේ ගේ දොර ගින්නෙන් හා බයිනෙත්තුවෙන් විනාශ කර දැමීමෙනි. එය සටනක් නොවේ.   


රාජාවලිය සඳහන් කරන පරිදි ධර්මාශෝක කුමරු එල්ලවා; සෙනවි රජු මරා පොළොන්නරුවේ රජ වූ අනිකංග රජ මරා දමන ලද්දේ මනකම් නමැති සෙනවියෙකි. රාජාවලිය කතුවරයා උත්සාහ දරා ඇත්තේ ධර්මාශෝක ළදරුවෙකු බවත් රාජ්‍යය විචාලේ සේනාධිපතිවරයා බවත් හුවා දැක්වීමටය. “සෙනවි රජු” ලෙස ඔහු සඳහන් කරන ලද්දේ එබැවිනි. මනකම් නමින් හඳුන්වන ලද ද්‍රවිඩ සෙනවියා පූජාවලියෙහි සඳහන් කර ඇත්තේ “මානැක්කා” යන නමිනි. මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් මෙම ඇමැතියා පිළිබඳව කරන සඳහන මෙසේය;   


“ලීලාවතිය නමට තබාගෙන චමුනක්ක එක් වර්ෂයක් රට ආණ්ඩු කෙළේය. ලෝකිස්සර රාජ්‍යය පැහැර ගත්තේ ඔහු අතිනි.”   


(ලංකාශිලාලේඛන සංග්‍රහය – 2502 උඳුවප් 15. පි – 59)   


ජයරාම් ලීලාවතිය දෙවැනි වරට රජකම් කෙළේ එක් වසරකි. පූජාවලිය එය එක් වසරක් බව සඳහන් කර ඇත. රාජාවලියේද (ග) සහ (ව) පිටපත්වල සඳහන් වන්නේද එක් වසරක් බවය. එහෙත් රාජාවලියේ සෙසු පිටපත්වල “හවුරුද්ද” යන්න “හාවුරුද්දක්”’ ලෙස සඳහන් කර ඇත.   


මනකම් හෙවත් මානැක්කා රාජ්‍යත්වයෙන් පහකර “ලෝකේශ්වර” නමැති ද්‍රවිඩයෙකු පස් මසක් රාජ්‍යය කළ බව රාජාවලිය කතුවරයා සඳහන් කරන්නේ මෙසේය;   


“ලෝකේශ්වර රජ පරදෙසින් දෙමළ පිරිස් ගෙන කඳවුරු බැඳ පස් මසක් රාජ්‍යය කෙළේය. පසුව ලීලාවතී බිසව සාර මසක් රාජ්ජය කෙළේය.”   


රාජාවලිය කතුවරයා උත්සාහ දරා ඇත්තේ ජයරාම් ලීලාවතිය තුන් වැනි වරටත් රජකළ බව හුවා දැක්වීමටය. එහෙත් රාජාවලියේ සෙසු පිටපත්වල සඳහන් වන්නේ ලීලාවතී නොව “කල්‍යාණවතී” යන්නය. රාජාවලියේ (ස), (හ), (ර) යන පිටපත්වල “කල්‍යාණවර්තතී” ලෙසද, (බ) පිටපතේ “කැලණිවර්තක” ලෙසද, (ක) පිටපතේ “කල්‍යාණවර්තතී” යනුවෙන්ද සඳහන් වෙයි.   


මිණිපේ පුවරු ලිපියට අනුව කල්‍යාණවතිය තුදුස් අවුරුද්දක් රජකම් කර ඇත. එසේනම් එම පුවරු ලිපිය ඇයගේ නව වන වර්ෂයෙහි පිහිටුවන ලද්දේ වෙයි. ඉන් ඉක්බිති සතර වසරක් ඇය රාජ්‍යය කළ යුතුය. එම නිසා මෙහි සඳහන් “හාර මසක්” යන්න හාර අවුරුද්දක් සේ ගණන් ගත යුතුය.   


මෙයින් පසු පාණ්ඩ්‍ය ආක්‍රමණයක් සිදුවන අතර “පරාක්‍රම පණ්ඩු” රාජ්‍යත්වයට පත්විය. ඉන්පසු මලල සෙනඟ විසි දහසක් සමඟ මෙරට ආක්‍රමණය කළ කාලිංග මාඝයන්ට මෙරට යටත් කරගැනීමට හැකිවිය. මෙම ආක්‍රමණිකයා කාලිංග වංශිකයැයි වංශ කතාකරුවන් සඳහන් කළද ඔහු මලලයෙකු හෝ ජාවකයෙකු යැයි ඇතැම් විචාරකයින් අනුමාන කරයි. බොහෝ විට සොළියෙකු වීමටද ඉඩ ඇත. රාජාවලිය කරන සඳහන මෙසේය;   


“කලිඟු රජ විසිදහසක් මල්ලව සෙනඟ ගෙන ලක්දිවට ගොඩ බැස කඳයුරු බැඳ පොළොන්නරු නුවර ගෙන පඬි රජු අල්ලා ඇස් උදුරා ලෝක ශාසනය නසා රුවන්වැලි දාගොබ බිඳුවා සෙසු දාගොප් බිඳුවා… ලක්දිව කුලවාසීන් උතුන් කරවා කීර්ති පවත්වා ජාතිභේද කරවා කුලදරුවන් දිළිඳු කරවා සිරිලක මිථ්‍යාදෘෂ්ටි කරවා සිල්වත් අය අල්වා ධන විකාරයට පමුණුවා ලංකාව ගිනිගත් ගෙයක් සේ පමුණුවා ගම ගම දෙමළුන් බඳුවා බලහත්කාරයෙන් එකුන් විසි අවුරුද්දක් රාජ්‍යය කෙළේය…”   


එම්.කේ. ජයසේන   
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය   

සිංහල භාෂාව ගැන ඔබ නොදත් පුදුම දේ .

✅ජර්මානු සහ ප්රංශ භාෂාවට අකුරු නොමැත. ඉංග්‍රීසි භාෂාවේ අකුරු නොමැති බව ඔබත් පිළිගන්නවාද? ඔව් ඒක ඇත්ත. ඉංග්‍රීසි, ජර්මන් සහ ප්‍රංශ භාෂාවන් රෝමානු අකුරු භාවිතා කරයි, නමුත් පුදුමය නම් රෝමන් නමින් භාෂාවක් නොමැත.

✅ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ, ඔස්ට්‍රියාව ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක් පමණ ඔවුන්ගේ හෝඩිය ලෙස ලතින් හෝඩිය භාවිතා කරයි. නමුත් අද ලතින් භාෂාව භාවිතා කරන්නේ නැති තරම්.

✅සංස්කෘත නමින් භාෂාවක් ඇතත් අකුරු නැත. සංස්කෘත ලියා ඇත්තේ දේවනාගර අක්ෂර වලින්. මෙන්න හින්දි කියලා භාෂාවක්. ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා මරාති කියලා භාෂාවක් තියෙනවා නමුත් මේ එකකටවත් අකුරු නැහැ. ඔවුන් සියල්ලෝම ලියන්නේ දේවනාගරි අකුරෙනි. නමුත් පුදුමය නම් දේවනාගරි කියලා භාෂාවක් නැහැ.
✅සිංහල කියලා භාෂාවක් තියෙනවා. සිංහල කියලා අකුරු තියෙනවා. සිංහල භාෂාව ලියා ඇත්තේ සිංහල නමැති අකුරු වලින්ය. ලෝකයේ වෙන කොහේවත් එහෙම දෙයක් නැහැ. ලෝකයේ සිංහල අකුරු භාවිතා කරන එකම භාෂාව සිංහලය. අකාරාදී සංකේත හරහා පුළුල් ශබ්ද පරාසයක් නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාවට ඇත. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂා වල අකුරු සහ ශබ්ද අතර පැහැදිලි තාර්කික සම්බන්ධයක් නොමැත. මේ අනුව, සිංහල භාෂාව ලෝකයේ වඩාත්ම උච්චාරණ භාෂාවකි.
අකුරු වලින් ලියන දේ කටින් කියන්නත් පුළුවන් කටින් කියන දේ ඒ විදියටම ලියන්න. ලෝකයේ ඇත්තේ එකම භාෂාවකි. ඒ සිංහල භාෂාවයි. “ඈ” අකුර ඇති ලෝකයේ එකම භාෂාවද සිංහලය.සිංහල භාෂාව චීන, හෙබ්‍රෙව්, දෙමළ, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී භාෂා මෙන්ම ලෝකයේ පැරණිතම භාෂාවකි. පැරණි වීම පමණක් නොවේ. එය දිගටම පරිණාමය වන ජීවමාන භාෂාවකි. අද දක්වා තම පැවැත්ම ජයග්‍රාහී ලෙස ප්‍රකාශ කළ භාෂාවකි. ලෝකයේ සමහර පැරැණි භාෂා අද සම්පූර්ණයෙන් අභාවයට ගොස් ඇතත් සිංහල භාෂාවට එම ඉරණම අත්වී නැත.

✅සිංහල භාෂාව පරිගණක කරනය කිරීමේ විකාශනයේ ඉතිහාසය .
==============================
🔘1989 අවුරුද්දේ පමණ “වදන්තරුව ” නමින් කොළඹ විශ්ව විද්‍යාලය විසින් සංවර්ධනය කරන ලදී. එය ප්‍රථම වාණිජ සිංහල වචන සැකසුම් මෘදුකාංග නිෂ්පාදන වලින් එකකි. මෙම ක්ෂේත්‍රයේ තවත් නව්‍යකරණයන් කරා යාමට නව පරපුරේ සංවර්ධකයින්ට ආශ්වාදයක් ලබා දුන්නේය. කෙසේ නමුත් මීට පෙර ,එනම් 1987 වසරේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර Springvale Buddhist temple බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති ගංගොඩවිල සෝම හිමියෝ විහාරස්ථානයේ “බොදු පුවත්” නමින් මාසික පුවත් පත්‍රිකාවක් සිංහලෙන් ඉදිරිපත් කරන ලෙස විහාරස්ථානයේ ගිහි පින්වතුන්ගෙන් ඉල්ලා සිටියහ. ජයන්ත ද සිල්වා නම් ගිහි මහත්මයෙක් ලිහිල් නම් HP PCL සිංහල අකුරු ශබ්ද යතුරු පුවරුවක් නිර්මාණය කළේය. යතුරුපුවරුව සහ මුද්‍රණ ධාවක නිර්මාණය කිරීමට අවශ්‍ය උපයෝගිතා එකල ජනප්‍රියව පවතී WordPerfect ( වචන සැකසුම් යෙදුම සමඟ සපයා ඇති නිසා මේ සියල්ල කළ හැකි විය. එය භාවිතා කිරීමට පහසු වූ අතර ගිහි සාමාජිකයින්ට අයත් බොහෝ පරිගණකවල සහ ලිපි ටයිප් කිරීම සඳහා පන්සලේ පරිගණකයේ ස්ථාපනය කර තිබී ඇත.
වර්ඩ්පර්ෆෙක්ට් WordPerfect මැක්‍රෝ යතුරුපුවරුවට සහය නොදැක්වූ බැවින් 1990 දී වින්ඩෝස් අන්තර්ජාලයට පැමිණීමෙන් පසු වැඩසටහන භාවිතයෙන් ඉවත් විය.

🔘1988 වසරේදී ප්‍රථම ත්‍රෛභාෂා වචන සකසනය DOS පාදක” කරගෙන බිහිවිය .THIBUS Trilingual Software System” (Windows based) ලෙස පසුව නම් කරන ලදී.

🔘පරිගණක සඳහා සිංහල භාෂා මෘදුකාංග 1980 දශකයේ අගභාගයේ සිට සිට ආරම්භ වී ඇත . නමුත් හිමිකාර අක්ෂර නිරූපණ පද්ධති සහ අකුරු සඳහා සම්මත අක්ෂර නිරූපණ ක්‍රමයක් ක්‍රියාත්මක් නොවීය.ඉන්පසුව CINTEC (ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණ කවුන්සිලය) විසින් UNICODE (16-bit අක්ෂර තාක්‍ෂණය) ප්‍රමිතිය තුළ සිංහල මුලින්ම හඳුන්වා දෙන ලදී.

🔘1998 වනවිට Niranjan Meegamanna මහතා විසින් සකස් කරන ලද සිංහල වචන අන්තර්ජාල භාවිතා කරන්නන් අතර ජනප්‍රිය වන අතර KandyNew අකුරු වෙබ් සම්මත අකුරු බවට පත් වේ. මෙම මෘදුකාංගය Phonetic සහ Wijesekara යතුරුපුවරු දෙකටම සහය දැක්වීම හේතුවකි.

🔘වසර 2000 වන විට KandyNew අකුරු විස්ථාපනය කරමින් e fusion pvt ltd නමැති ආයතනය Kaputa true type font භාවිතා කිරීම kaputa.com විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙය එකල සිංහල අන්තර්ගතයේ නව යුගයක් විවර කළේය.

🔘වසර 2002 වන විට මධුර කුලතුංග විසින් නිර්මාණය කරන ලද මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය නිකුත් කෙරේ. ශබ්ද කෝෂ මෘදුකාංගය නොමිලේ බෙදා හරිනු ලැබීම සිංහල භාෂාව ලැබූ තාක්ෂණික පෙරළියකි. මේ සමගම දිනෙත් චතුරංග විසින් නිර්මාණය කරන ලද “සියබස” සිංහල ටයිපින් මෘදුකාංගය නිකුත් කෙරේ. මෙය Windows 98 සිට Windows 7 මෙහෙයුම් පද්ධති සමඟ තනිව ක්‍රියා කල හැකිවීය.
🔘වසර 2004 පමණ සිට ශ්‍රී ලංකාවේ සිංහල යුනිකෝඩ් අනුමත කිරීම සහ ප්‍රමිතිකරණය කිරීම සඳහා CINTEC විසින් ආරම්භ කරන ලද කාර්යය ICTA විසින් පසුව අවසන් කරන ලදී. අද ලොව පුරා මිලියන 17 ක් පමණ ජීවත් වන අතර ඔවුන්ගේ මව් භාෂාව වන සිංහල භාෂාව භාෂාව ලෙස කතා කරයි. වෙනත් භාෂා කතා කරන ජනගහනය හා සසඳන විට, ගූගල් පරිවර්තන සේවා සපයන්නේ ලොව භාෂා 7,000 න් 109 කට පමණි. ඒ 109 ට සිංහල භාෂාව ද ඇතුළත් වේ. යුනිකෝඩ් ප්‍රමිතියේ 4.0 සංස්කරණයේ සිට සිංහල භාෂාව ද ඇතුළත් වේ. මේ නිසා ඕනෑම කෙනෙකුට කියවිය හැකි වෙබ් පිටුවක් පවත්වාගෙන යාම හෝ සිංහලෙන් යමක් පළ කිරීම සිහිනයක් නොවේ. සිංහල හෝඩිය Unicode Range 0D80 – 0DFF හි දක්නට ලැබේ කෙසේ වෙතත් adobe යෙදුම් වැනි ඇතැම් මෘදුකාංග සඳහා සිංහල නිවැරදිව හැසිරවීමට නොහැකි වීමෙන් සිංහල නිර්මාණ ශීලිත්වය දුර්වලවී ඇත එයට යම් කාලයක් ගතවනු ඇත. එය මෑතකදී සිංහල භාෂාව සදහා ජාතික ආයතන වගකිවයුතු ආයතන දැක්වූ මන්දගාමේ ස්වභාවයේ ප්‍රතිපලයකි.

✅භාෂාව යනු රටක මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ ලේඛකයන්ගේ අත්දැකීම් සහ හැඟීම් සඳහා වන වාහකයයි. බුද්ධ කාලයේ සිටම ලැබුණු ඉගැන්වීම අනුව වැඩුණු භාෂා සංස්කෘතියක් අපට තිබෙනවා. සිංහල යනු සැබෑ භාෂාවකි. සිංහල භාෂාව ආරක්ෂා විය යුත්තේ එය ලෝකයේ අද්විතීය නිර්මාණයක් වන බැවිනි. යටත්විජිතවාදයේ බලපෑම සහ තර්ජන හේතුවෙන් ලෝකයේ සමහර රටවල දේශීය භාෂා මේ වන විට සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ඇත. තුර්කි, පිලිපීනයේ ටගාලොග්, වියට්නාමයේ චුනොම් සහ ඉන්දියාවේ මුන්ඩා වැනි බොහෝ භාෂා දැන් ඔවුන්ගේ හෝඩිය වෙනුවට ලතින් හෝඩිය භාවිතා කරයි. එහෙත් ලංකාවේ බොහෝ බලපෑම් තර්ජන මධ්‍යයේ තවමත් සිංහලය සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීමට සමත් වී ඇත. සිංහල භාෂාව ලස්සන පමණක් නොව සිංහල අකුරු ලෝකයේ වටකුරුම අකුරු වේ. සිංහල අකුරු මෙතරම් අලංකාර වී ඇත්තේ භාෂාව මනාව ශිෂ්ඨ සම්පන්න සහ සංවිධානාත්මක බැවින් ව්‍යාකූලත්වයකින් තොරව අදහස් ප්‍රකාශ කළ හැකි අර්ථවත් භාෂාවකි. එසේම එය ඉතා මෘදු හා සිනිඳු ශ
බ්දයක් වන අතර එමඟින් සිංහලයන් අතර සුන්දර වාතාවරණයක් නිර්මාණය වේ. සංස්කෘත භාෂාව මා දන්නා පරිදි ලෝකයේ පොහොසත්ම හා දියුණුම භාෂාවයි. කෙසේ වෙතත්, සිංහල භාෂාවේ සංස්කෘත, පාලි වලින් ව්‍යුත්පන්න වූ වචන කිහිපයක් ඇති බැවින් එම වචන මෙම භාෂාවට වර්ණය, ශබ්දය සහ අර්ථය එක් කර ඇතැයි සිතමි. ලෝකයේ හොඳම භාෂාවලින් එකක් බවට පත් කළා. පළමුව, හෝඩිය ඉතා හොඳින් නිර්මාණය කර ඇත. සෑම ශබ්දයක්ම පාහේ විවිධ තනි අකුරකින් නිරූපණය කළ හැක. එබැවින් උච්චාරණයේ පාහේ ව්යාකූලත්වය ශුන්ය වේ. දෙවනුව, වචන සුන්දර කවි සහ ගීත සඳහා සංගීතමය සහ ගලා යන ගුණයක් ඇත. තෙවනුව, වචන කෙතරම් බලවත්ද යත්, ඔබ ඒවා නිවැරදිව උච්චාරණය කරන විට, ඔබට එය සැබවින්ම දැනේ. ස්වදේශිකයෙකු ලෙස මම මගේ මව් භාෂාව ගැන ඉතා ආඩම්බර වන අතර වැඩි පිරිසක් එය ඉගෙන ගැනීමටත් එහි වටිනාකම සහ අලංකාරය අගය කිරීමටත් උත්සාහ කල යුතුය .

✅සිංහල හෝඩිය ගැන කෙටියෙන් .
====================
සිංහල හෝඩිය කොටස් හතරකට බෙදිය හැකිය.

☑️වේදේහ අනෝමදස්සී හිමියන් විසින් මුලිකව නිර්මාණය කලයි විශ්වාශ කරන සිදත්සගරා හෝඩිය.පැරණිම සිංහල අක්ෂර මාලාව.අක්ෂර 30 .ස්වර 10 .
☑️ශුද්ධ සිංහල හෝඩිය/ අමිශ්‍ර සිංහල හෝඩිය / එළු හෝඩිය (අකුරු 30) මෙයට අනෙකුත් භාෂා වල අකුරු මිශ්‍ර නොවූ පිරිසිදු සිංහල අකුරු ඇතුළත් වේ.

☑️මිශ්‍ර සිංහල හෝඩිය (අකුරු 54) මිශ්‍ර සිංහල හෝඩිය ව්‍යුත්පන්න වී ඇත්තේ වෙනත් භාෂාවලින් (පාලි සහ සංස්කෘත භාෂාවෙන් එකතු කරන ලද අකුරු) අකුරු එකතු කිරීමෙනි.

☑️නූතන සිංහල හෝඩිය ලෙස. (අකුරු 60) ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් ඉහත හෝඩිතුනට අයත් නොවූ සිංහල භාෂාවට මෑතකදී එක් වූ අකුරු ඉවත් කර මෙම හෝඩිය සකස් කර ඇත.

සිංහල භාෂාව අද තත්වය .
==============
ජාතික හා ලෝක වටිනාකමක් ඇති මේ සුන්දර භාෂාව අද අවදානම් තත්ත්වයකට පත්වීම කනගාටුවට කරුණකි. ඇත්තටම ලස්සන භාෂාවක්. ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයි. වර්තමානයේ සිදුවන සීග්‍ර බටහිර බලපෑම නිසා සිංහල භාෂාව විනාශ වී යන ආකාරය නිරීක්ෂණය වේ . මේ ලස්සන භාෂාවේ හිමිකාරයන් අද සිංහල භාෂාව අතහැර ඉංග්‍රීසි භාෂාව පසුපස දුවන අකාරය පෙනේ.මේ අතර ප්‍රභූ සහ මධ්‍යම පාන්තිකයින් සිංහල භෂාව අතහැර තම දරුවන්ට ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දීමට උත්සාහ කිරීම කනගාටුවට කාරණයකි. . බොහෝ මුද්‍රිත අනුවාද වල මුල් භාෂා රටාව නිතර භාවිතා නොවේ.භාෂාව වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. කෙසේ වෙතත්, කෙටි පණිවිඩ යැවීමට උපකාර වන යතුරුපුවරු සහ යෙදුම් ද මේ අතර සංවර්ධනය කර තිබීම සුභවාදී ලක්ෂණයකි.

සටහන :-අන්තර්ජාලය ,පොත පත උදවුවෙන් නිර්මාණය කරන ලදී .

  සිංහල වීම නිසා නන්නත්තාරවූයාපනයේ සරණාගතයෝ

යාපනය යන නම ඇසූ පමණින් එම දිස්‌ත්‍රික්‌කයේ සිංහලයෙකු ලබා සිංහල නමක්‌ හෝ ඇසෙනු යෑයිට අපට සිතෙන්නේ නැත. ජාතිවාදී වූත් ගෝත්‍රික වූත් උතුරේ දෙමළ දේශපාලනය ලෝකයට එහෙම සිතන්නට පවා ඉඩ තබා නැත. නමුත් සැබෑව එය නොවේ. මේ ගෝත්‍රික දේශපාලකයන් කතා කරන්නේ කොලේ වසාය. අතීතයේ යාපනය අදට වඩා බෙහෙවින් වෙනස්‌ වූ යාපනයක්‌ විය. වසර 30ට එපිට එදා යාපනයේ ජීවත්වූ සිංහල මිනිසුන්ගෙන් කීප දෙනකුද අද වන විට යුද්ධය නිම වීම හේතුවෙන් යාපනයේ සිය උරුමය සොයා යාපනයට ගොස්‌ තිබේ. මේ මිනිස්‌සු අද වන විට යාපනය නාවක්‌කුලි ගම්මානයේ පදිංචිව සිටිති.

අතීතයේ තමන් ජීවත්වූ යාපනයේ ස්‌වභාවය පිළිබ`දව ඔවුහු ආදරයෙන් කතා කරති. ඒ සො`දුරු අතීත ස්‌මරණයන් තෘප්තියෙන් සිහි කරති. එදා තරුණයන්ව සිටි ඔවුහු අද ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටින්නෝය. තමන්ට හුරු පුරුදු වාස භූමියට ජීවිතයේ අවසන් සමයේ හෝ එන්න ලැබීම පිළිබ`ද ඔවුහු සතුටින් පිනා ගොස්‌ සිටිති. සිය අතීතය ආවර්ජනය කිරීම ස`දහා මුලින්ම අප හා එක්‌වූයේ හේවාකෙටෙබගේ සිරිසේනය. ඔහු දැන් හැත්තෑ හය වන වියේ පසුවන්නේය. ඔහු සිය අතීත කතාව මෙසේ දිග හරින්නට වූයේය.

“මා ඉස්‌සරවෙලාම යාපනේට අවේ 1949 අවුරුද්දේ. මම මෙහේ එනකොට පොඩි කොල්ලෙක්‌. එතකොට මගේ වයස අවුරුදු 10 ක්‌ විතර ඇති. මගෙ මාමල කාලයක්‌ තිස්‌සේ පදිංචිව උන්නේ යාපනේ. මං ආවේ මෙහේ හිටපු අපේ මාමලාගෙ ගෙදර. එයාලා මෙහේ ලොකු බේකරියක්‌ කළා. ඒකේ නම චන්ද්‍රd බේකරිය. මාමලා යාපනේ පදිංචියට ඇවිල්ලා තියෙන්නේ 1920 විතර. මම එන දවස්‌ වල සිංහල අය තමයි මෙහේ බේකරි සම්පූර්ණයෙන්ම වාගේ කළේ.”

“මම ඉතින් මෙහේ එනකොට පොඩි කොල්ලනේ. මමත් බේකරියේ වැඩට උදව් කරගෙන හිටියා. ඒ දවස්‌ වල ඉතින් සිංහල දෙමළ කියලා බේදයක්‌ තිබුනේ නෑ. සිංහල අය තමයි යාපනේ බේකරි, තේ කඩ, රත්තරන් බඩු කඩ, වඩු මඩු කරගෙන උන්නේ. ඒ දවස්‌ නම් හරිම ලස්‌සනයි.”

“ඔහොම ටික කාලයක්‌ යනකොට, මගෙ මතකේ හැටියට 1958 විතර, ශ්‍රී කොලොප්පම ඇති වුණා. ඒ කියන්නේ ශ්‍රී අකුරට විරුද්ධව දෙමළ මිනිස්‌සු වැඩ කරන්න පටන් ගත්තා. ඒ දවස්‌ වල අපි ඒ තරම් හිතුවෙ නෑ මෙච්චර ලොකු කලබලයක්‌ වෙයි කියලා.”

“මම ඒ වෙනකොට නුවරින් බැ`දලා නෝනවත් අරගෙන යාපනේ ඇවිල්ලයි හිටියේ. අපි ශ්‍රී කොලොප්පම වුණාට පස්‌aසෙත් යාපනේ හිටියා. ඊට පස්‌සේ අපිට 1977 කලබල නිසා යාපනෙන් යන්න වුණා. අපි අනුරාධපුරේ ගිහින් හිටියේ. අපි ඊට පස්‌සේ ආයෙත් යාපනේට ආවා. 1983 අවුරුද්දෙදි ඉන්නම බැරි තත්ත්වයක්‌ අපිට උදා වුණා. 83 දවසක්‌ අපිට එක පාරටම හමුදාවෙන් කිව්වා නාග විහාරේට එන්න කියලා. අපි ඇ`දන් උන්නු ඇඳුම් පිටින් පන්සලට ගියා. පස්‌සේ හමුදාව කිව්ව දේ අදහා ගන්න බැරි වුණා. අපිට කිව්වා බස්‌ වල නැගලා පුළුවන් තරම් ඉක්‌මනින් අනුරාධපුරෙන් එහාට යන්න කියලා.”

“මහත්තයෝ… එදා දැනුන හැ`ගීම කියන්න බෑ. අපි හරි හම්බ කරපු සේසතම දාලා ඇ`දිවත පිටින් අපිට යන්න වුණා. මගේ ජීවිතේ අමතක නොවෙනම දවස එදා. අපි අපේ තරුණ කාලේ ගෙව්වේ යාපනේ. ඒ දවස්‌ වල යාපනේ සිංහල මිනිස්‌සු 15,000 ට එහා හිටියා. මම දැනුවත්ව බේකරි හාරසිය අසූ ගාණක්‌ තිබුණා. සිංහල මහා විද්‍යාලයේ තමයි යාපනේ තිබුණ ලොකුම විද්‍යාගාරය තිබුනේ. 1983 අවුරුද්දෙ ඉස්‌සරවෙලාම දෙමළ මිනිස්‌සු පන්සල් වලට ගැහුවා. හැබැයි හැමෝම නෙමෙයි. අපි අනාථ වෙලා. අපිව ඉස්‌සරලම අනුරාධපුර රත්නමාලී එකට අරන් ගියා. ඊට පස්‌සේ වවුනියාව මාමඩුව ප්‍රදේශයේ පදිංචි කළා. එහෙත් ඉන්න බැරිවුණා. පස්‌සේ ආයේ මිහින්තලේ හිටියා. පස්‌සෙ තමයි යුද්දේ ඉවර වුණාම යාපනේට ආවේ.” 83 ජූලියේ දී යාපනයේ ඇවිලුණු මේ දෙමළ ජාතිවාදී ගින්න ගැන කවුරුත් කතා කරන්නේ නැත. එය මුළුමනින්ම සිංහල ජාතිවාදීන් දකුණේ ඉපිදවූ කළු ජුලියේ දුමෙන් වැසී ගොස්‌ය.

යුද සමයේ පවා යාපනයේ සිංහල මිනිස්‌සු ජීවත් වූහ. ඔවුන් තම අඳුරු අතීතය මතක්‌ කර සිටියේ හැ`ඩූ කඳුළිනි. යාපනය නාවක්‌කුලි ගම්මානයෙන් අපට හමු වන ඒ රූපවතීගේ කතාව හැ`ගීම් බරය. ඇය ඇගේ කතාව අප හමුවේ මුදා හරින්නේ මෙසේය.

“මගේ උපන් ගම යාපනේ. අපේ අම්මගේ සහෝදරයෝ ඔක්‌කොම මෙහේ රත්තරන් බඩු කඩ කරගෙන හිටියේ. අපි යාපනේ හිටියේ ගොඩක්‌ සතුටින්. ඒත් කළබල ඇති වුණා. ඒ දවස්‌ වල අපේ රත්තරං කඩ ඔක්‌කොම කොල්ල කෑවා. ගිනි තිබ්බා. පංසලට බෝම්බ ගැහුවා. යාපනේ සිංහල ඉස්‌කොලෙත් කැඩුවා. ඊට පස්‌සේ අපි 1977 යාපනේ දාලා ගියා. ගිහින් ආයෙත් ආවා. 1983 ලොකුවටම කළබල වුණ නිසා දවසක්‌ ආමි එකෙන් කිව්වා අපිට අනුරාධපුරෙන් එහාට යන්න කියලා. එත් අපිට යන්න බැරි වුණා. මොකද ඒ වෙනකොට කොටි අපේ මල්ලිලා දෙන්නව අල්ලන් ගිහිල්ලා තිබුණෙ. අපේ මල්ලිලා සමුපකාරෙට ගිහිල්ලා එනකොට තමයි කොටි අල්ලගෙන තියෙන්නේ. කොහොම හරි උදේ 10 ට විතර මල්ලිලා දෙන්නා කොටි අල්ලගෙන ගියා කියලා අ`දුනන කෙනෙක්‌ කිව්වා. ඊට පස්‌සේ අම්මයි තාත්තයි මමයි මල්ලිලා එනකම් හිටියා. කොටි මල්ලිලාව එව්වෙ නෑ. ඊට පස්‌සේ අපිට යන්න බැරි වුණා.”

“කොටි අපිව යාපනේට කොටු කර ගත්තා. අපි ඒ විදියට ටික කාලයක්‌ ඉන්නකොට ආරංචි වුණා මල්ලිලා වන්නිවල හිර කරන් ඉන්නවා කියලා. පස්‌සේ අපි වන්නියට ගියා මල්ලිලා හොයන්න. අපි උන්ගෙන් මල්ලිලා ගැන අහනකොට කිව්වා ඒ අයව නිදහස්‌ කරනවා. හැබැයි දැන්මම නෙමෙයි කියලා. ඊට පස්‌සේ හමුදාව යාපනේ අල්ලන්න ආවා. මගේ මතකේ හැටියට ඒ 1996 අවුරුද්ද. එදා දෙපැත්තෙන්ම හො`දටම ගහ ගත්තා. හිතා ගන්න බැරි තරම් තත්ත්වය භයානක වුණා. එදා අපි දුවලා ඇවිල්ලා හැංගුනේ නාවක්‌කුලි වල. මටත් තුවාල වුණා. මගේ මල්ලිලා උන්ගෙ හිරකාරයො විදිහට මැරුණා”. ඇය කතාව හමාර කළාය.

එවකට යාපනයේ සිටි සිංහලයන් 15,000 ක්‌ දෙමළ ජාතිවාදීන් විසින් පන්නා දැමනු ලැබීය. අනෙක්‌ පිරිස කොටි සිරකරුවෝ වූහ. සමහර අසරණ සිංහලයෝ මේ දෙමළ ජාතිවාදීන්ගේ සිරකරුවන් ලෙස අන්ත දුක්‌ වි`ද මිය ගියහ. ඔවුන් කළ එකම වරද සිංහල වීමය.

සිංහල වූ හේතුව මතම පමණක්‌ සිංහල කඩ සිය ගණනක්‌ ගිනි තැබිණි. යාපනයේ සිංහල මහා විද්‍යාලය විනාශ කර දැමිණි. එවකට අධ්‍යාපනය එහි අධ්‍යාපනය ලබමින් සිටි දරුපැටවු තුන්දාහකගේ අධ්‍යාපනය විනාශ විය. යාපනයේ පන්සලට බෝම්බ ගසා කුඩු කෙරිණි. මේ තුච්ඡ අපරාධය කළේ සාමාන්‍ය දෙමළ වැසියන් නොවේ. කොටි විසින් වියරු වට්‌ටවන ලද දෙමළ ජාතිවාදීන් විසිනි.

මේ අවතැන් වූ සිංහල සරණාගතයන් ගැන කතා කරන එකෙක්‌ නැත. මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබ`දව හ`ඩ නගන එකෙක්‌ නැත. සාර සුබාවට ජීවත්වෙමින් සිටියදී ස්‌වකීය සබ්බ සකලමනාවම පැහැරගෙන ඇ`දිවත පිටින් පාරට ඇද දැමූ මනුෂ්‍යයන්ට අහිමි වූ දේපළ ගැන කතා කරන්නට එකෙක්‌ නැත. කොටින් විසින් පැහැරගෙන ගොස්‌ සිරකරුවන් ලෙස වධ බන්ධනයට ලක්‌ කර මරා දැමූ සිය ගණනක්‌ වූ යාපනයේ සිංහලයන් ගැන කතා කරන්නට මානව හිමිකම් සංවිධාන නැත. තැන් තැන්වල සරණාගතයන් ලෙස දුක්‌ වි`දිමින් ජීවත්වූ, එසේ දුක්‌ වි`දිමින්ම සිට මියගිය, යළිත් යාපනයට ගියත් අන්ත දිළින්දන් ලෙස ජීවිතය අරඹන්නට සිද්ධ වී ඇති මේ මිනිසුන්ගෙන් කොල්ල කෑ ජීවිතය ගැන කතා කරන්නට පපුකැණති උණුවන උන් නැත.
ඛේදවාචකය මෙයය. ජාතිවාදයේ ම්ලේච්ඡත්වයට ජාතිභේදයක්‌ නොවේ. දකුණේ කළු ජූලියේ තිරිසන්කම ගැන කොන්දේසි විරහිතව දකුණේ සිංහල සමාජය පශ්චාත්තාප වී තිබේ. ඒ ම්ලේච්ඡත්වයේ ප්‍රමාණය පිළිබ`ද ස්‌වයං විවේචනයක්‌ තිබේ. දකුණේ නැවත කළු ජූලි උපදින්නේ නැත. එහෙත් උතුරේ එදා සිදුවූ නින්දිත අපරාධ පිළිබ`දවත් ඒ අපරාධයන්හි වින්දිතයන් පිළිබ`දවත් කිසිවෙකුගේ පශ්චාත්තාපයක්‌ නැත. අදත් උතුරේ ක්‍රියාත්මක දෙමළ ජාතිවාදයේ නින්දා සහගත නිරුවතට විවේචනයක්‌ නැත. උතුර මේ මොහොතේත් ගිලී ඇත්තේ ගෝත්‍රික ජාතිවාදය තුළය. උතුරේ දෙමළ දේශපාලනය විසින් කුළුගත්වමින් සිටින්නේ දෙමළ ජාතිවාදයේ තිරිසන් කමය. යුද්දයෙන් පෑරුණු සිත් වල උපන් තුවාල මේ උන්මන්තකයන් විසින් සුව වන්නට ඉඩක්‌ දෙන්නේ නැත. සංහි`දියාව ස`දහා ඉඩක්‌ ලැබෙන්නේ නැත.

සාධාරණය ඉෂ්ටවිය යුත්තේ වාර්ගික අවශ්‍යතා අනුව නොව, යුක්‌ති ධර්මය අනුවය. අප බලා සිටින්නේ යාපනයෙන් පලවා හළ පහළොස්‌ දහසකට අධික සිංහලයන්ගේ ජීවිත අවනඩුව පසි`දන ආකාරය දෙසය.

මුලතිව්
ප්‍රසන්න ප්‍රදීප්

http://www.divaina.com/2014/09/28/feature01.html

තුන් හෙළය පළාත්වලට බෙදුනේ මෙහෙමයි!

ශ්‍රී ලංකාව පුරාණයේ පාලනයේ පහසුව සඳහා බෙදී තිබුණේ රුහුණු, මායා, පිහිටි වශයෙනි. ශ්‍රී ලංකාවේ දකුණු මැද පෙදෙසේ කඳු රාශියක්‌ පිහිටා තිබුණ අතර අඩි 8292 ක්‌ උසැති පිදුරුතලාගල ඒවායින් උසම කන්ද විය. මේ වන විට උඩරට නමින් හඳුන්වනු ලබන මේ අති විශාල කඳුකර ප්‍රදේශය, සුවදායක, ශීතල දේශගුණයකින් ද යුක්‌ත විය. ස්‌වභාවයෙන්ම හැම කල්හිම දිය පිරුණු ගංගා හා ඇළ ,දොළ, නිසා මේ ප්‍රදේශයේ ජලය සුලබය. මේ ගංගා තැන් තැන් වල විසිතුරු දිය ඇලි ලෙසින් පහළට ගලනු දැකීම උඩරට ප්‍රදේශයටම ආවේනික දසුනක්‌ විය. මුළුමහත් කඳුකර ප්‍රදේශයම සරුවට වැඩුණු වෘක්‍ෂලතාවන්ගෙන්ද, ස්‌වාභාවික සුන්දරත්වයෙන් ද, අනූනය. මේ සෞන්දර්ය උඩරට පිහිටි කඳුවල ද මැනවින් දැකගත හැකිය. කඳුකර පෙදෙසේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 80 සිට 125 දක්‌වා ද වෙයි. රම්බොඩ හා නකල්ස්‌ පෙදෙස අවට මහවැලි ගඟේ ඉහළ නිම්නයේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 140 සිට 200 දක්‌වා වෙයි. අනෙක්‌ ප්‍රදේශවලට වඩා විශාල ස්‌වභාවයකින් යුක්‌ත ඌව කඳුකරයේ හා නැගෙනහිර කඳුකරයේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 65 සිට 100 දක්‌වා පවතී. මේ පුරාණ කන්ද උඩරට අසිරියෙන් බිඳකි. සිංහල රජවරුන්ගේ අන්තිම බලකොටුව වූයේ කඳුවලින් වටවූ උඩරට රාජ්‍යයයි. යුරෝපීය සතුරන් පහත රට අල්ලාගෙන සිටියදී නිදහස ආරක්‍ෂා වී තිබුණේ මේ කන්ද උඩරට රාජ්‍යයේ ය.

මහවැලි ගඟට නැගෙනහිරින් පිහිටි මුළු පෙදෙස ද, පහළ ඌව ද, හම්බන්තොට, ගාලු, මාතර, දිස්‌ත්‍රික්‌කද ඇතුළත් වූ රුහුණු රටේ අගනුවර වූයේ මහගම හෙවත් මාගමය. දැන් මාගම හඳුන්වන්නේ තිස්‌සමහරාමය ලෙසය.

රජරට ගැන සඳහනක්‌ 9 වැනි සියවස දක්‌වාම වංශකතාවල සඳහන් නොවන නමුත් ක්‍රි. පූ. 161 වැන්නේදී දුටුගැමුණු මහ රජතුමා ලංකාව එක්‌සේසත් කිරීමට පෙරාතුව විසූ රජවරුන් අනුරාධපුරය රාජධානිය කරගෙන රජකම් කළ රජරට ප්‍රධාන දිසා හතරකට අනුව නම් කරනු ලැබූ ප්‍රදේශ හතරකට බෙදා තිබුණේය. මෙයින් ඉහළ වැදගත්කමක්‌ ලැබී තිබුණේ 66 වැනි සියවසේ අවසානයේ පටන් දකුණු දේශයටය. දකුණු දේaශය පාලනය කරන ලද්දේ උප රාජයකු විසින්ය. දොළොස්‌ වැනි සියවසේ අගභාගය වන විට මේ නම් වල වෙනසක්‌ ඇති වී රජරට පිහිටි රට යනුවෙන් හැඳින්වීම ඇරඹිණි. දකුණු දේශය හා මලය දේශය එක්‌කොට මහයා රට යනුවෙන් හැඳින්වීම ඇරැඹිණි. මායා රට යනුවෙන් හැඳින්වූයේ එය මායා හෙවත් මායාගේ ප්‍රදේශය යන අර්ථයෙනි.

වෙනසකට භාජන නොවූ රුහුණු රට හෙවත් රෝහණ දේශයත් මායා රටත් එක්‌කොට ත්‍රිසිංහල රාජ්‍ය හෝ තුන් රාජ්‍ය වශයෙන් හැඳින්විය.

රජරටත් රුහුණත් එකිනෙකින් වෙන් කරන ලද්දේ මහවැලි (මහවැලි) ගඟෙනි. මහවැලි ගඟ යටකී රාජ්‍ය දෙකට රැකවරණ ලබාදුන් බාධක ගංඟාවක්‌ විය. ක්‍රි. පූ. දෙවැනි සියවසේදී දුටුගැමුණු කුමරු විසින් මෙහෙයවූ යුද්ධයේදීත්, දොළොස්‌වැනි සියවසේදී පරාක්‍රමබාහු රජු සහ මානාභරණ රජු අතර පැවැති අභ්‍යන්තර යුද්ධයේදීත් මහවැලි ගඟ අසල බොහෝ සටන් පැවති බව සඳහන් වේ. ගඟදිගේ පිහිටි තොටුපොළවලට රැකවරණය පතා පිහිටුවන ලද බළ කොටු රාශියකට විජිත නගර නමැති මහබළ කොටුවෙන් උදව් ලැබී ඇත. දොළොස්‌වැනි සියවසේ පොළොන්නරුව යනුවෙන් හැඳින්වෙන්නේ මේ බල කොටුවයි. පොළොන්නරුව යුද්ධෝපක්‍රමික අතින් වැදගත් විය. රුහුණෙන් සිදුවන ආක්‍රමණවලින් රජරට රැකුණේ පොළොන්නරුවෙන් ලැබුණ ආරක්‍ෂාව නිසාය. එසේම ආක්‍රමිණිකයන්ගෙන් තර්ජන එල්ලවූ හැම විටම එයට එරෙහිව ලහි ලහියේ ආරක්‍ෂාව සංවිධාන කිරීමට හා අවශ්‍ය වූ විටෙක රුහුණු පාලකයන්ට පලායැමට සුදුසු තැනක්‌ වූයේද පොළොන්නරුවයි.

පුරාණ යුගයේ රට බෙදා තිබුණු පිළිවෙළ ගැන හෝ එබඳු කොටස්‌ පාලනය කළ ආකාරය ගැන හෝ මෙතෙක්‌ ලැබී ඇත්තේ තොරතුරු ස්‌වල්පයක්‌ පමණකි. එසේ වුවද 8 වැනි සියවසේ සිට 12 වැනි සියවස දක්‌වා කාලය එනම් මධ්‍යතන යුගයේ පාලනය කරන ලද ආකාරය පිළිබඳ තොරතුරු රාශියක්‌ (ක්‍රි. ව. 1187 – 1196 ) කාලයේ රජකළ නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද ටැම් ලිපියක “තුන් හෙළය” (රුහුණු, පිහිටි, මායා) ගැන සඳහන් වේ.

පහතරට වියළි ප්‍රදේශය සිංහල සභ්‍යත්වයේ මුල් බිමය. ඒ හේතුවෙන් එම ප්‍රදේශය ඉතිහාසයේ වැදගත්ම ප්‍රදේශයයි. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක්‌ පමණ වන මේ ප්‍රදේශයට වයඹ, උතුර, ඊසාන, උතුරු මැද, නැගෙනහිර, ගිණිකොණ යන මේ කොටස්‌ ඇතුළත්ය. ඔක්‌තෝබරයේ සිට අප්‍රේල් දක්‌වා පමණක්‌ වැසි ලැබෙන නිසාත් (ඊසාන මෝසම්) මැයි සිට සැප්තැම්බර් දක්‌වා නියඟ ඇතිවන නිසාත්, (නිරිත මෝසම්) මේ ප්‍රදේශ වියළි කලාපය යනුවෙන් හැඳින්වෙයි.

ප්‍රධාන වශයෙන් යුරෝපීය ජාතීන් තුනක්‌ සමග නිරන්තරයෙන් පැවති අරගල අවසානයේ 1815 මාර්තු 02 දින උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව රටේ පාලනයට ඉංග්‍රීසීන් අවතීර්ණ වීමත් සමගම, එතෙක්‌ පැවති පාලන ක්‍රමය ද වෙනස්‌වීම ඇරැඹිණි. ඒ අනුව ලංකාවේ පාලනතන්ත්‍රය පරීක්‍ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය විලියම් කෝල්බෘක්‌ සාමිවරයා පත්කරනු ලැබ 1824 අප්‍රේල් මාසයේදී අවශ්‍ය කටයුතු සඳහා ලංකාවට පැමිණියේය. දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් විවිධ පුද්ගලයන්, සමිති සමාගම් හමුවෙමින් එක්‌ රැස්‌කර ගත් කරුණු පදනම් කොටගෙන පරිපාලනය පිළිබඳ විශාල වෙනස්‌කම් සිදුවිය යුතු බවට නිර්දේශ ඉදිරිපත් කරමින් 1832 මාර්තු මාසයේ දී ඔහු සිය වාර්තාව බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කළේය.

මේ වනවිට උඩරට පහතරට යනුවෙන් ක්‍රියාත්මක වූ පාලන ක්‍රමය එක්‌කරමින් එකම පාලනයක්‌ බවට පත්කළ යුතු බව කෝල්බෘක්‌ හා කැමරන් නිර්දේශයන් වූ අතර දිවයිනම පරිපාලන පළාත් පහකට වෙන් කිරීම තවත් එක්‌ නිර්දේශයක්‌ විය.

යාපනය අගනගරය කරමින් උතුරු පළාත ගාල්ල අගනුවර කරමින් දකුණු පළාත, ත්‍රිකුණාමලය අගනුවර කරමින් නැගෙනහිර පළාත, කොළඹ අගනුවර වශයෙන් බස්‌නාහිර පළාත හා මහනුවර අගනගරය මධ්‍යම පළාත ඉහත කී නිර්දේශය අනුව පිහිටුවන ලැබූ පළාත් පහයි. එක්‌ පළාතක ප්‍රධාන රටකරවන නිලධාරියා ආණ්‌ඩුවේ ඒජන්ත වශයෙන් හැඳින් විය. ආණ්‌ඩුවේ ඒජන්තවරු පස්‌ දෙනකුට සීමාවීම අනුව ආණ්‌ඩුවේ මුදල් විශාල ප්‍රමාණයක්‌ අඩුකර ගැනීමට හැකි වීම ඉහතකී නිර්දේශයේ එක්‌ වැදගත් අංගයක්‌ විය. මේ පළාත් බෙදීයැමේ කිසිදු ඓතිහාසික හෝ ස්‌වාභාවික හෝ දේශපාලන සම්බන්ධකම් ගැන සැලකිල්ලක්‌ දක්‌වා කරන ලද්දක්‌ නොවන බව සඳහන් වේ. මුළු රටෙන් 1/5 ක්‌ පමණ විශාල වූ කොටසක්‌ එක්‌ පළාතකට වෙන්වීම, මේ පළාත් බෙදීමේ ප්‍රධාන දුර්වලකමක්‌ වශයෙන් හැඳින්වෙන අතර ගමනාගමන දුෂ්කරතා බෙහෙවින් බලපැවැත් වූ එකල තම පාලනය අදාළ පළාතේ බොහෝ කොටස්‌ ආණ්‌ඩුවේ ඒජන්තවරයාගේ අවධානයෙන් ගිලිහීයැම හේතුකොට ගෙන ජනතාවට මහත්වූ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවිය.

ආරම්භයේ 1834 දී පළාත් පහක්‌ වශයෙන් පැවතිය ද , ශ්‍රීමත් කොලීන් කැම්බල් ආණ්‌ඩුකාරයා (1841 – 1847) 1845 දී හලාවත, පුත්තලම හා සත්කෝරළය එක්‌කොට, පුත්තලම අගනුවර ලෙස පවත්වමින්, වයඹ පළාත බිහිකළේය. 1856 දී නැවත වරක්‌ වයඹ පළාතේ අගනුවර කුරුණෑගල බවට පත්කරන ලදී. 1870 දී නැගෙනහිර පළාතේ අගනුවර වශයෙන් පැවති ත්‍රිකුණාමලය වෙනුවට මඩකලපුව තෝරා ගන්නා ලදී.

1872 සිට 1877 දක්‌වා වසර පහක්‌ ආණ්‌ඩුකාරධූරය දැරූ ශ්‍රීමන් විලියම් හෙන්ද්‍රිතුමාට, නුවර කලාපයේ හා තමන්කඩුවේ කළ සංචාරයකදී වැටහී ගිය පරිදි යාපනය දිසාපතිවරයාට ඈත සිංහල ගම් දනව් වෙනුවෙන් කටයුතු කිරීමේ දුෂ්කරතාවය පෙනී ගියෙන් 1873 දී අනුරාධපුරය අගනගරය කරමින් උතුරු පළාතට අයත්කොට තිබූ නුවර කළාපයත්, නැගෙනහිර පළාතට එක්‌කොට තිබූ තමන්කඩුවත් එක්‌කොට උතුරු මැද පළාත පිහිටුවීය.

එක්‌දාස්‌ අටසීය අනූව පමණ වන විට මොණරාගල, වැලිමඩ හා බදුල්ල ප්‍රදේශවල වතු වගාව සීග්‍රයෙන් වර්ධනය වන්නට විය. මේ වනවිටත් මෙකී ප්‍රදේශ ද මහනුවර අගනුවර කොට ගෙන පිහිටුවා තිබුණත් මහනුවර ඒජන්තගේ අවධානය යොමු වීම අපහසු කටයුත්තක්‌ විය.

මේ දුර බැහැර ප්‍රදේශ තනි පළාතක්‌ යටතට ගැනීම පාලන කටයුතු වලටද පහසුවක්‌ විය හැකි බව සලකා ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් ආණ්‌ඩුකාර තුමා මධ්‍ය පළාතට අයත්ව තිබූ බින්තැන්න, වියලුව, වෙල්ලස්‌ස, උඩුකිඳ, යටිකිඳ, කොටස්‌ ද දකුණු පළාතට අයත්ව තිබූ වැල්ලවාය, බුත්තල යන පෙදෙස්‌ ද එක්‌කොට බදුල්ල අගනුවර කරමින් ඌව පළාත බිහි කළේය.

එසේම කුකුළු කෝරළය, කොළොන්න කෝරළය, වැනි ප්‍රදේශවල දියුණුවට කටයුතු කිරීම අපහසු බව පෙනී ගියෙන් 1889 දී ගෝර්ඩන් ආණ්‌ඩුකාරතුමා විසින් එතෙක්‌ පිහිටුවා තිබුණු පළාත් අට තවදුරටත් පුළුල් කරමින් රත්නපුරය අගනුවර කරමින්, සබරගමුව ශ්‍රී ලංකාවේ නවවෙනි පළාත ලෙස නම් කළේය.

රුහුණු, මායා, පිහිටි වශයෙන් ක්‍රියාත්මක වූ තුන් හෙළය රටට සුදු අලියෙක්‌ වෙමින් දැනට ක්‍රියාත්මක වන පළාත් නවයක්‌ ලෙස බිහි වූයේ ඔය ආකාරයටය.

මෙයින් කෙටි කළකින්ම පරිපාලන කටයුතු ශීඝ්‍රයෙන් පුළුල් වන්නට විය. පළාත පාලනය කළ ඒජන්ත තැනට රාජකාරි කටයුතු බහුල වන්නට වූයෙන් , පළාත් දිස්‌ත්‍රික්‌ක වලට බෙදිණි. බස්‌නාහිර පළාත කොළඹ, කළුතර, ගම්පහ වශයෙන් ද, දකුණු පළාත ගාල්ල, මාතර, හම්බන්තොට වශයෙන් ද, මධ්‍යම පළාත මහනුවර හා මාතලේ ලෙස ද, ඌව පළාත බදුල්ල හා මොනරාගල යනුවෙන් හා අනෙකුත් සියලුම පළාත් ද දිස්‌ත්‍රික්‌ක වශයෙන් කොටස්‌ දෙක තුන වනසේ බෙදී වෙන්විණි.

පරිපාලනයේ පහසුව අරමුණ කොටගෙන බෙදුණු පළාත් අද වන විට සුදු අලියෙක්‌ බවට පත්වී ඇතිවා පමණක්‌ නොව උතුරු හා නැගෙනහිර පළාත් ජනවර්ගයන්ගේ නිජබිම වශයෙන් සලකමින් වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමේ පදනම වශයෙන් ඒත්තු ගැන්වීමේ වෑයමක්‌ දක්‌වා ගමන්කොට ඇත.

එච්. එම්. කල්දේරා


 http://www.divaina.com/2010/03/24/badada03.html

යාපනේ දෙමළ රාජ්‍යය හා නිජබිමක සංකල්ප සම්ප්‍රදායික දෙමළ නිජබිම ඇත්තක්‌ද? බොරුවක්‌ද?

ඊළම පිළිබඳව උතුරේ සිහිනය සඳහා පදනම වැටෙන්නේ, උතුරු පළාත සහ නැඟෙනහිර පළාත සම්ප්‍රදායික දෙමළ නිජභූමි යන සංකල්පය දෙමළ නායකයන් විසින් ප්‍රකාශ කිරීමත් සමඟය. සිංහල ජනතාව විශ්වාස නොකරන සහ දෙමළ ජනතාව විශ්වාස කරන මෙම ප්‍රවාදය එයින් ලේ විලක්‌ බවට රට පත්ව තිබිණි. සංහිඳියාවේ නාමයෙන් හෝ ත්‍රස්‌තවාදය විනාශ කළ පමණින් ඊළාම් සිහිනය බොඳ නොවී රැඳී පවතින්නේ මෙම සංකල්ප ගතවීම නිසාය. විපක්‍ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයා වන ආර්. සම්බන්ධන් මහතා විසින් පසුගිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කරන ලද්දේ තමන් ඉල්ලා සිටින්නේ ඓතිහාසිකව පැවැතෙන දෙමළ නිජ භූමිය බවය. මේ සඳහා වන ප්‍රතිඋත්තර බැඳීම් කිහිපයක්‌ ලැබී ඇති බැවින් මෙම මාතෘකාව සඳහා සංවාදයක්‌ ඇරඹීමට ‘දිවයින’ ඉඩ වෙන් කිරීමට තීරණය කළෙමු. මේ එහි පළමු වටයයි.
පසුගිය පෙබරවාරි 14 දින ඉරිදා දිවයින පුවත්පතේ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් දෙමළ රාජ්‍යයක්‌ ගැන අදහස්‌ දක්‌වා තිබිණි. එම කරුණු ඓතිහාසික මූලාශ්‍ර ඇසුරින් ගොඩනැංවුණ තොරතුරු නොව ඊළාම් සාහිත්‍යය අයත් මෑත කාලයේ ප්‍රබන්ධ කළ ඒවා වෙති. පුරාණ යාපනය (Ancient Jaffna) නමැති කෘතිය 1919 දී සම්පාදනය කළ රාසනාගයම් මුදලි විසින් ප්‍රකාශ කරන්නේ යාල්පානම් වයිපවමාලෙයි, පරරාජසේකරන් උලෙයි, වයියා පඩාල්, කයිල්‍ය මාලෙයි වැනි පොත්වල ඇති උක්‌ත කතා ගැහැනුන් තම දරුවන්ට නින්ද යනතුරු කියන ලද කතා බවය. මෙම කතා උපයෝගී කරගෙන පේරාදෙණියේ ඉතිහාස කථිකාචාර්ය කේ. ඉන්ද්‍රපාලන් විසින් ලන්ඩන් විශ්වවිද්‍යාලයට 1967 දී ඉදිරිපත් කළ ආචාර්ය උපාධිය සඳහා වන නිබන්ධනය වූ Early
Tamil Settlements in Jaffna කෘතිය සඳහා පී. එච්. ඩී. (ආචාර්ය) උපාධිය ලැබුණි. එහි කියෑවෙන්නේ 1215 කාලිංග මාඝ ආක්‍රමණයේ පටන් යාපනේ වෙනම දෙමළ රාජ්‍යයක්‌ ඇතිවූ බවය. ෙ-. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා විශ්‍රාම සුවයෙන් පසුවන 1996 දී කීවේ මහාචාර්ය කේ. එම්. ද සිල්වා විසින් තමාට විස්‌තර කළ පරිදි උතුර – නැඟෙනහිර වෙනම දෙමළ රාජ්‍යයක්‌ තිබූ නිසා 1987 ඉන්දු – ලංකා ගිවිසුමෙන් එම භූමිය දෙමළ නිජබිම ලෙස පිළිගෙන අත්සන් කළ බවය. දැන් සම්බන්ධන් මහතා ද එම කේ. එම්. ද සිල්වාගේ ඉතිහාසය පොත බලන ලෙස අපට කියයි. එහි ඇත්තේ ඉන්ද්‍රපාලන්ගේ පී. එච්. ඩී. නිබන්ධනයේ ඇති කතන්දර ඉතිහාසයයි.

1. උතුරේ දෙමළ රාජ්‍යයක්‌ පැවතුණි නම් චෝල දේශයේ (තමිල්නාඩුවේ) බදු ගොඩනැඟිලි හා මාලිගා නටබුන්, දේවාල හා කෝවිල්, ගල් කණු, සෙල්ලිපි, මූර්ති හා කැටයම් ආදී පුරාවස්‌තු ද සාහිත්‍ය කෘති ද තිබිය යුතුය. එබඳු කිසිවක්‌ යාපනේ නැත. මන්ත්‍රී මාලිගය සපුමල් කුමරුගේය. නල්ලූර් කෝවිල ඉදිකර වූයේ හයවැනි පැරකුම්බා රජුය.

2. ජැප්නා කිංඩම් යනු පෘතුගීසීන්ට සිදුවූ වැරැද්දක්‌ පමණි. ලංකාවේ සිතියමක්‌ නැති නිසා හා රටේ අභ්‍යන්තරයේ විශාලත්වය හෝ තත්ත්වය නොදත් නිසා ලංකාව විශාල අධිරාජ්‍යයක්‌ ලෙස පරංගීහු සැලකූහ. එම්පරර් ඔෆ් කෝට්‌ටේ, කිං ඔෆ් සීතාවක, කිං ඔෆ් රයිගම, කිං ඔෆ් ගම්පල, කිං ඔෆ් ජැෆ්නා ආදී නම් භාවිතා කළේ එම කිංලාගේ කිංඩම්ස්‌ ද සඳහන් කරමිනි. ඉංග්‍රීසීන් ගෙනවුත් පදිංචි කරවූ දෙමළ කතාකරන්නන් (දෙමළ හා මුස්‌ලිම්) බලාකියා ගැනීම ඔවුන්ගේ යුතුකමක්‌ විය. ඉතිහාසය ලිවූ ඉංග්‍රීසීහු සීතාවක, රයිගම, ගම්පල හලා දමා ජැෆ්නා කිංඩම් හා කිං ඔෆ් ජැෆ්නා පමණක්‌ ඉතිරි කළහ. µ්‍රeන්සිස්‌කෝ නිගරෝ පියතුමා විසින් සම්පාදනය කරන ලදුව ක්‌වේරෝස්‌ පියතුමා විසින් ප්‍රසිද්ධ කළ Temporal and Spiritual Conquest of Ceylon කෘතියේ කියවෙන්නේ කිංඩම් 14 ක්‌ තිබූ බවය. ඒ ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි.

3. යාපනය පාලනය කළේ ජැෆ්නාපටම් හි සිටි මුදලි විසිනි. යාපනය වන ලැහැබ් සහිත කැලෑවක්‌ මිස රාජධානියක්‌ නොවේ. උතුරේ වැදිආරච්චි (වඩමරච්චි) නැඟෙනහිර පස්‌හෙලපාලි (පච්චලිප්පලෙයි), දකුණෙහි තෙන් ආරච්චි (තෙන්මරච්චි) හා බටහිර වැලිගම (යාපනය) යන ආරච්චි වසම් හතර වෙරළ ආසන්නයේ තිබූ කුඩා ජනාවාස හතරයි. මුදලි යනු “මුදල්” යන අර්ථයයි. යාපාපටුනේ රේගු බදු හා වරාය බදු මුදල් අය කළ නිසා ඔහු මුදලි ලෙස හැඳින් වුණ බව ක්‌වේරෝස්‌ ග්‍රන්ථය පවසයි. මාතොටද මුදලිවරයෙක්‌ විය.

4. 1619 දී සන්කිලිගෙන් පෘතුගීසීන් යාපනය අල්ලාගත් විට ගිවිසුමක්‌ අත්සන් කරන ලදී. එය සිංහල හා පෘතුගීසි දෙබසින් සැකසිණ. සංකිලිගේ බිසව බෞද්ධ කාන්තාවකි. ඔහුගේ ඇමැතිවරු දසදෙනාම සිංහලය. අගමැති ආනන්ද අමරකෝන්ය. (ක්‌වේරෝස්‌ ග්‍රන්ථයා

5. යාපනය පාලනය කළ පෘතුගීසි කැප්ටන්ට වැඩි පැමිණිලි ගණනක්‌ ලැබුණේ පරංගි සෙබළුන් විසින් භික්‍ෂූන්ට හා විහාරස්‌ථානවලට අගෞරව හා හානි කරන බවටය. මේ බෞද්ධයන්ගේ පැමිණිලිය. (ලිස්‌බන් කෞතුකාගාර ලේඛන)

6. යාපනය මුස්‌ලිම් වෙළෙඳ නගරයක්‌ බව ක්‌aවේරෝස්‌ පවසයි. සිංහල හා දකුණු ඉන්දියානු වෙළෙඳුන්ද ඔවුන්ට සේවා සපයන්නවුන්ද මලබාර් (දෙමළ) ධීවරයන්aද, තැනින් තැන වූ ජනාවාසවල විසූහ. (ක්‌වේරෝස්‌) ගොවිතැන් ගැන සඳහන් නැත. සිංහලයන් හැරුණු විට ඉතිරි ජනගහනය වූයේ ඉඩම් අහිමි කලින් කලට එන සංක්‍රමණිකයන්ය. (ක්‌වේරෝස්‌)

7. අලිමංකඩින් දකුණෙහි සිංහල රජුගේ නිලධාරීහු පාලනය කළහ. උතුරට ගෙනගිය භාණ්‌ඩවලට බදු අයකිරීම අලිමංකඩදී සිදුවිය. යාපාපටුනින් එන දකුණු ඉන්දීය ආක්‍රමණවලට මුහුණදී පරාජය කිරීමට කිලිනොච්චි අසල රණමඩුව වැව (ඉරණමඩු) ආශ්‍රිත එම යුද ජනපදය අනුරාධපුර යුගයෙහි සිට පැවතුණි. වඩාත් උතුරේ පිහිටි සිංහලයාගේ විශාල වැව හා විශාල ජනපදය එය විය. (ක්‌වේරෝස්‌)

8. ඕලන්ද පාලනය යටතේ යාපනයේදී වෙළෙඳ බෝගයක්‌ වන දුම්කොළ වගාව අරඹන ලදී. මුලදී මේ සඳහා ඉඩම් බද්දට ලබාගත් අතර වැඩිම බදු මුදල වූ රික්‌ස්‌ ඩොලර් 4000 ගෙවන ලද්දේ රත්නසිංහ නම් අයකුටය. (හේග් කෞතුකාගාර ලිපි ලේඛන) පසුව වගාකරුවන්ට ඉඩම්වල අඛණ්‌ඩ අයිතිය ලබාදීම සඳහා 1707 දී “තේසවලමෙයි” නීතිය ඇතිකෙරිණි.

9. ඕලන්ද පාලන සමයේ නැඟෙනහිර පළාත පූර්ණ සිංහල පළාතකි. ෂෂ රාජසිංහ විසින් ත්‍රිකුණාමලයේ ත්‍රිකෝණ කොටුව (ගලේ කොටුව) බඳින ලදී. මේ අසල කොට්‌ටියාරයට ගොඩබැසි රොබට්‌ නොක්‌ස්‌ පියපුතුන් කැඳවාගෙන ගියේ මහනුවර රජු වෙතටය.

10. 1761 යාපනේ දක්‌වන ඕලන්ද සිතියමෙහි චාවාකච්ෙච්රිය අසල (තෙන් ආරච්චි ජනාවාසයේ) කුඩා වැව් 21 ක්‌ දක්‌වා ඇත. මේ තනි සිංහල ජනපදයකි. එමෙන්ම තම දේශසීමාව වූ අලිමංකඩ අසල ඕලන්ද බලකොටුව සිතියමෙහි දැක්‌වේ. ඉන් දකුණ රජුගේ පාලනයයි.

11. මහනුවරට විරුද්ධව ඕලන්දයන් කළ ආක්‍රමණ අසාර්ථකවීම නිසා ජාන් මක්‌කාර් ඕලන්ද නිලධාරියා කළේ දෙමළ අය ලවා වැරදි ඉතිහාසයක්‌ ලියවීමය. ඉල්ලීම පිළිගත් මයිල්වාතනම් පුලවර් විසින් යාල්පානම් වයිපව මාලෙයි ලියා තෑගිබෝග හා මුදලි තනතුරක්‌ද ඕලන්දයන්ගෙන් ලබාගනී. 18 සියවසේ යාපනවාසීන් දැන සිටි කරුණු විජය කුමරුගේ පටන් දක්‌වන්නට ගොස්‌ පුලවර් තම කෘතිය මහා පැටලුම් ජාලයක්‌ කරගෙන ඇත. සම්බන්ධන් මහතා ඇතුළු ඊළාම්වාදීන් ඊට “දෙමළ මහවංශය” යනුවෙන් කියති. එහි එන සෑම කරුණක්‌ම ගොතන ලද ව්‍යාජ ඒවා බව ඔප්පු කළ හැක.

12. උතුරු හා නැඟෙනහිර පළාත්වල (ඊනියා දෙමළ නිජබිමේ) මුහුදුබඩ දිගට ගව්වක්‌ පළල ඇති බිම්පටියක්‌ 1766 දී හඟුරන්කෙත ගිවිසුම මගින් ඕලන්දයන් විසින් ලබාගත්තේ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙනි.

13. බ්‍රිතාන්‍ය පෙරදිග වෙළෙඳ සමාගම 1796 දී ඕලන්දයන් සතු මුහුදුබඩ ප්‍රදේශ ලබා ගැනීමේදී යාපනය හඳුන්වන්නේ යාපනේ දිසාවනිය (Jaffna Disawani) යනුවෙනි. ඕලන්දයන් පෘතුගීසීන්ගෙන් ලබාගන්නේද යාපනේ දිසාවනියයි. මේ සිංහල රජුගේ “දිසාව” නමැති යාපනය දිසාවනිය බව පැහැදිලිය.

14. 1818 ඇතිවූ වෙල්ලස්‌ස නිදහස්‌ අරගලය යාපනයටත් මුළු ලංකාවටත් තීරණාත්මක විය. තමනට අවිශ්වාසී වූ උඩරට රදල ප්‍රභූවරුන් සම්පූර්ණයෙන් වාෂ්පකර ඔවුන් තනතුරුවලින් ඉවත් කිරීම බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාර තැන විසින් කරන ලදී, ඉදිරියට පරිපාලනයට සහභාගි කරගන්නා අලුත් පංතිය උතුරේ දෙමළ කතාකරන අය අතුරින් බිහිකර ගැනීමට (Elite
class) ඇමෙරිකන් චර්ච් මිෂනාරින්ව ඉංග්‍රීසි ඉගැන්වීමට යාපනයට යෑවීය. අනාගතයේදී ලංකාවේ පාලක මධ්‍යම පන්තිය උතුරේ දෙමළ උගතුන්ගෙන් ඇති කිරීමේ එම ක්‍රියාවලිය අද ඊළාම් සටන යනුවෙන් හැඳින්වේ. 1818 අරගලය නිසා සිංහලයන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලිය එදා සිට අද දක්‌වා ක්‍රියාත්මකය.

දෙවැනි කොටස

15. 1640 ක්‌වේරෝස්‌ සඳහන් කළ යාපනේ කැලෑව 1830 ජන. 25 දිනත් එසේමය. යාපනේ කලෙක්‌ටර් (දිසාපති) කෝල්බෲක්‌ට මෙදින එය පැවසීය. ස්‌ථිර ජනගහනයක්‌ නැති රජයේ හෝ පුද්ගලික ඉඩම් නැති ගොවිතැන් නැති කැලෑවෙන් වැසුණු වාරිමාර්ග ක්‍රම නැති යාපන අර්ධද්වීපයක්‌ ගැන කලෙක්‌ට සාක්‍ෂි දී ඇත. එනිසා කෝල්බෲක්‌ යෝජනා කළේ යාපනය දෙමළ කතා කරන්නන්ගෙන් ජනාවාස කිරීම ගැනය. පාරවල් සෑදීමට දකුණු ඉන්දියාවෙන් ගෙනා දෙමළ කතාකරන අය තම 15 අවුරුදු කොන්ත්‍රාත්තුව අවසන් වූ පසු ඔවුන්ගේ රටට නොයවා යාපනේ පදිංචිකරවා ඉඩම් හිමිකම ලබාදී ගොවි උපකරණ, සතුන් හා ගොවිතැන් කිරීමේ දැනුම ලබාදීම නිර්දේශ කළේය.

ඉඩම් අයිතිය සදාකාලිකව ස්‌ථිරකර දීමට තේසවලමෙයි සම්ප්‍රදාය මෙරට නීති පද්ධතිවලට ඇතුළත් කළේ කොමිසමේ දෙවැනි කොමසාරිස්‌ කැමරන්ය. සිංහලයාගේ හිස්‌ මුදුනට මෙසේ ඇණය ගසා ඉන් නොනැවතී ලංකාව පළාත් 5 ට බෙදීය. 1833 දී ඉන් බෙදුණු උතුරු හා නැගෙනහිර පළාත් අවුරුදු 3000 ක්‌ පැරණි දෙමළ නිජබිම විය. පුදුමය නම් ජයවර්ධන ජනාධිපති එය පිළිගෙන 1987 ජුලි 29 ගිවිසුමට අත්සන් කිරීමය. ජනාධිපතිවරයකුට රට ගැන දැනුමක්‌ තිබිය යුතු බව මින් පෙනේ. ලංකාවේ මුස්‌ලිමුන් දෙමළ කතාකරන්නේ ඔවුන් පාරේ වැඩට ආ අය නිසා බවත් ඔවුන්ද පාරේ භාෂාව  කතාකිරීමට පටන්ගත් බවත් කැප්ටන් ස්‌නයිඩර් පවසයි.

16. උතුරේ බිහිවන නව උගත් මධ්‍යම පන්තියට දේශපාලන බලතලද ලබාදිය යුතු බව කෝල්බෲක්‌ දිටී. එබැවින් ආසියාවේ ප්‍රථම වරට ලංකාවේ ව්‍යවස්‌ථාදායක සභාවක්‌ ඇතිකිරීමට යෝජනා කළේය. 96% වූ සිංහලයන්ට හා 3% වූ දෙමළ කතාකරන අයට දේශපාලන සම තත්ත්වය ලබාදීම ඉන් අදහස්‌ කළේය. ඉංග්‍රීසි උගතුන් දෙමළ නිසා පරිපාලනයේ පහළ මට්‌ටමේ දෙමළ අයට ආනිවාර්යයෙන් හිමි විය.

17. 1880 දී පමණ ඉංග්‍රීසි උගත් සිංහල මධ්‍යම පන්තියක්‌ බිහිවන විට දෙමළ අය දේශපාලනයේ හා පරිපාලනයේ වැජඹුණි. 1874 පී. අරුණාචලම් කේම්බ්‍රි- එම්. ඒ. සමර්ථවී ලංකාවට ආ විට කොළඹ වරාය ජැටියේ සිට ඔහුගේ නිවසට රික්‌ෂෝව ඇදගෙන ගියේ සිංහල ප්‍රභූවරුන්ය. ඉංග්‍රීසි උපාය සාර්ථකව තිබිණි.

18. 1914 දී උගත් ලාංකිකයන්ට තම ඡන්දයෙන් මන්ත්‍රීවරයකු පත්කර ගැනීමට මැකලම් ප්‍රතිසංස්‌කරණ ඉඩදුන් විට සිංහල ප්‍රභූහු තම දොස්‌තර මාකස්‌ ප්‍රනාන්දු පරදවා පී. රාමනාදන්ව ජයග්‍රහණය කරවූහ.

19. දෙමළ නායකත්වය පිළිගැනීම හේතුවෙන් සිංහල, දෙමළ, මුසිල්ම හැම දෙනාම පී. අරුණාචලම් විසින් නායකත්වය සපයමින් 1918 දී ලංකා ජාතික සංගමය පිහිටුවා සභාපතිද විය.

20. අනපේක්‍ෂිත සිදුවීමක්‌ නිසා 1920 මැනිං ප්‍රතිසංස්‌කරණ වලින් දෙමළ දේශපාලන ප්‍රමුඛත්වය බිඳවැටුණි. උගත් ලාංකිකයන්ගේ ඡන්දයෙන් මන්ත්‍රීන් 16 ක්‌ ව්‍යවස්‌ථාදායකයට පත්කර ගැනීමට ඉඩ දුන් විට සිංහල 13 ක්‌ හා දෙමළ 03 ක්‌ තේරුණි. එවිට රාමනාදන් හා අරුණාචලම් සහෝදරවරු ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී දෙමළ මහජන සභාව ඇරඹූහ.

21. 1931 සිට ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය යටතට සර්වජන ඡන්ද බලය නිසා දෙමළ දේශපාලන බලය තවත් පිරිහී ගියේය. නමුත් දෙමළ පරිපාලන බලය එසේම විය. 1931 දී සර්ව සිංහල කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ද බිහිවුණි. දැන් දෙමළ ඉල්ලීම වූයේ ලංකාවේ පාලන බලය නොව පනහට පනහේ සිංහල – දෙමළ සමතැන් බලයයි.

22. සෝල්බරී කොමිසම මගින් ලංකාවට පාර්ලිමේන්තු ආණ්‌ඩුවක්‌ නිර්දේශ කරන ලදී. එවිට 1946 ජුනිවලදී ආණ්‌ඩුකාර මේසන් මුවර් විසින් සිංහල මහ සභාව, දෙමළ කොංග්‍රසය හා මුස්‌ලිම් ලීගය කැඳවා විමසුවේ “පාර්ලිමේන්තු ආණ්‌ඩුවක්‌ දීමට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්‍ෂ කෝ” යනුවෙනි. මෙම සිංහල, දෙමළ හා මුස්‌ලිම් සංවිධාන තුන එකතු වීමෙන් වුවද පක්‍ෂයක්‌ සෑදිය හැකි බවට ආණ්‌ඩුකාරයා පොඩි “අයිඩියාවක්‌” දුණි. එය පිළිගත් සිංහල මහ සභාව, ලංකා දෙමළ කොංග්‍රසය හා මුස්‌ලිම් ලීගය එකතුවී තුන්ගොල්ලට 1/3 + 1/3 + 2/3 බල ව්‍යqහයක්‌ ඇති වඅබෝධය පිට 1946.09.06 දින සංවිධාන තුන එකතුකර යුනයිටඩ් නැෂනල් පාටි ලෙස ඉංග්‍රීසීන්ගේ වුමනවාට පක්‍ෂයක්‌ සෑදූහ.

23. දෙමළ මුස්‌ලිම් (1/3 + 1/3 + 2/3) බලය නිසා සෝල්බරි ව්‍යවස්‌ථාවේ 29 වගන්තිය මගින් ලංකාව ගැන සිංහලයාට ඇති අයිතිය වක්‍ර ලෙස නැතිකර දැමිණ. දෙමළ හා මුස්‌ලිම් අයට නැති අයිතියක්‌ සිංහලයාට නැති බව ඉන් කියවුණි.

24. මෙම සිංහල, දෙමළ, මුස්‌ලිම් සම අයිතිය සහතික වීමට සංකේතයක්‌ ලෙස 1951 දී ජාතික සිංහල කොඩිය තුළට මුස්‌ලිම් හා දෙමළ වර්ගයා ද ඇතුළත් කෙරිණි.

25. 1956 දී බණ්‌ඩාරනායක විසින් Sසබය්කැse sය්කක ඉe එයෑ දබැ දසෛජස්‌ක ක්‌බටම්ටැ සබ Ceහකදබ ලෙස සිංහල එක්‌ රාජ්‍ය භාෂාවක්‌ පමණක්‌ කරන ලදී.

26. 1972 දී මැතිනියගේ ආණ්‌ඩුව විසින් රටේ නම ශ්‍රී ලංකා ලෙස වෙනස්‌ කර ජාතිය ශ්‍රී ලාංකික ලෙස වෙනස්‌ කළාය. දැන් 1/3 + 1/3 + 1/3 } 3/3 එවිට ස්‌ථිරය සිංහලයා තවදුරටත් ජාතිය නොව ජන වර්ගයකි. ශ්‍රී ලාංකික ජාතිය තුළ ඔහු 1/3 ක ජන වර්ගයක්‌ වන්නේය. එදා 1833 දී 96% හා 3% පිරිස්‌වලට ව්‍යවස්‌ථාදායකයේ සමාන නියෝජනය ලැබීමට එය සමානය. එමෙන්ම ලංකාව 19 සියවසේ යුරෝපියන් විසින් ශිෂ්ටාචාර කළ රටක්‌ නොවේ.

27. සියල්ල සැකසුණ විට 1976 වඩුක්‌කොඩේ සම්මේලනයේ සිට ඊළාම් සටන ඇරැඹුණි. දේශපාලන පෙරමුණ, සන්නද්ධ පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ (ඩයස්‌ පෝරාව) ලෙස පෙරමුණු 3 ක්‌ සටන සඳහා විය.

28. 1978 ව්‍යවස්‌ථාවෙන් බහුජාතික කොඩිය ව්‍යවස්‌ථා ගත කරන ලදී. ශ්‍රී ලාංකික ජාතියක්‌ මිස සිංහල ජාතිය හෝ සිංහල කොඩිය කතාකළ විට දඩයමට ලක්‌වේ.

29. 1987 ජුලි 29 දින එල්. ටී. ටී. ඊ. සංවිධානයට ත්‍රස්‌තවාදයෙන් බැහැර වී දේශපාලනයට අවතීර්ණ වීම සඳහා පළාත් සභා විසඳුම ලබා දුණි. ඉන්දු – ලංකා ගිවිසුම මගින් ජනාධිපති හා රජය විසින් සම්බන්ධන් මහතා පවසන බොරුව වන උතුරු – නැඟෙනහිර දෙමළ නිජබිම පිළිගෙන අත්සන් කෙරිණි. 2009 මැයි මස LTTE පරාජය වූ පසු දැන් දේශපාලන පෙරමුණ ක්‍රියාත්මකය. ඊට අර්ධ ස්‌වාධීන පාලන ක්‍රමයක්‌ උතුරේ ලබාදී ඇත. දැන් සටන වී ඇත්තේ රටේ බලය උතුරට හා නැඟෙනහිරට බෙදා ගැනීමටය.

1818 සිට 1948 දක්‌වා ඉංග්‍රීසීන් ඉටුකළ කොටස 1948 සිට මේ දක්‌වා වඩාත් හොඳින් ඉටුකිරීමට පසුගිය 68 වසර තුළ මෙරට බලයට පත්වූ එ.ජා.ප. සහ ශ්‍රීලනිප රජයන් විසින් වගබලාගෙන ඇත. 1948 දී නිදහස ලැබුණේ රටට හා ජාතියට ගැළපෙන අන්දමින් රට වෙනස්‌ කර ගැනීමට බව මේ අඳබාලයෝ නොදනිති.

ආචාර්ය සූරිය ගුණසේකර  Courtesy ඉරිදා දිවයින

“උපන්දින සමරන ලාමක පැවිද්දන් “සිදුහත් මහබෝසතානන්වහන්සේ බුද්ධත්වය ලබා ලොවට ප්‍රකාශිත මුල්ම වචනවලින් පැහැදිලි වන්නේ, තමන් වහන්සේ විසින් බුද්ධත්වය සාක්‌ෂාත්කොට ගනිමින් යළි තම ඉපදීම නතර කළ බවයි. එහෙයින් ඒ බුද්ධ දේශිතයට අනුව සෑම පුද්ගලයකු විසින්මක කරනු ලැබිය යුත්තේ තම උපත නතර කොට ගැනීමට උත්සුක වීමය.නිරන්තර ප්‍රාර්ථනාව විය යුත්තේ ‘නහිජාතු ගබ්භසෙය්‍යං පුනරේතීති..යන්නය.එමෙන්ම බුද්ධ දේශනාව අනුව ‘ජාතිපි දුක්‌ඛා’ ඉපදීම දුකකි. ඒ අනුවද අවශ්‍ය කරුණ සම්පාදනය කර ගනිමින් නතර කිරීමට උත්සාහ කරනු ලබන දුකක්‌ වූ උපත ප්‍රීතියට, සැමරුමට නැවත නැවත සිහිපත්කොට එල්බ ගැනීමට කරුණක්‌ නොවන බව පැහැදිලිය.එහෙයින් උපන් දින සැමරුම ⁣බටහිර අන්‍යාගමික සිරිතක් මිස බෞද්ධ ප්‍රතිපදාවක්‌ නම් නොවේ.ගෞතම බුදුන්වහන්සේ ධරමාන සමයෙහි හෝ උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු හෝ උන්වහන්සේගේ උපත මුල්කොට ගෙන සැමරීමක්‌ කිරීමට උන්වහන්සේ කිසිදු විට අනුශාසනා නොකළහ. එලෙසම, උන්වහන්සේගේ දැසව් වහන්සේලා හෝ කිසිදු මහරහතන් වහන්සේ නමකගේ මේ උපත විෂයෙහි එය මුල්කෙටගෙන, පදනම් කොටගෙන කිසිදු සැමරුමක්‌ උත්සවයක්‌ බෞද්ධ සමාජයෙහි එදා සිදු නොවිණි. අදද සිදු නොවෙයි.ඒ මග යමින් ඉතිහාසයේ කිසිදු ථෙර නමක, බෞද්ධ රජ කෙනකු, යුව රජකු, රාජකීයකු, මහාමාත්‍යවර, ප්‍රභූවරයකු, රාජ්‍ය නිලධාරියකු උදෙසා හෝ එවැන්නකු විසින් පවත්වනු ලැබූ උපන් දින සැමරුමක්‌ පිළිබඳ සඳහනක්‌ නොවෙයි.එසේ නැතහොත් තම උපන් දිනය සමරා නොමැති බව අපගේ වැටහීමයි. එතෙකුදු නොව එකල උපන්දිනයක්‌ වෙනුවෙන් හෝ එය හුවා දක්‌වමින් හෝ කරන ලද මහා දාන මාන ආදී පින්කම්, වෙහෙර විහාර ප්‍රතිස්‌ඨාපන ආදියද අපගේ ඉතිහාසයේ සඳහන් නෙවෙයි.උපත නතරකොට සසරින් එතෙව නිවීම තම අභිමතාර්ථ සාධනය කොට ගැනීම මැනවි යන බුදුදහමේ වන දැක්‌මෙන් සුපෝෂිත පෙර අප බෞද්ධ සමාජයෙහි පූජ්‍ය, පාලක, පාලිත කිසිවකු හෝ එලෙස ඉන් බැහැර නොවූයේ එය සදහම් මග නොවන බව දැනසිටි බැවිනි. මමායනය, ආත්මවාදී පෝෂණය බැහැර කරමින් කළයුතු කවර හෝ පිංකමක්‌ සඳහා තම උපත, උපන් දින යන සංකල්පයම උපයෝගී කොට ගැනීම බුදුදහමට පටහැනි වීමක්‌ වේ.… නහිජාතු ගබ්භසෙය්‍යං පුනරේතීති.’ මම නැවත මවු කුසක්‌ (ගැබක) පිළිසිඳ ගැනීමක්‌ ප්‍රාර්ථනා නොකරමි’, එනම්, මගේ යළිදු උපතක්‌ සිදු නොවේවා මම නිවන් ලබම්වා ……ජරාවට පතවීම,මරණයට පත්වීම,ලෙඩරෝග වලට පත්වීම, දුක් දෝමනස්සයන්ට පත්වීම සිද්ද වෙන්නෙ මේ ඉපදීම නිසා ඉතින් කුමටද ඉපදුනු දවස කේක් කපා,සාද පවත්වා,සුභ පැතීම් කරලා සමරන්න මුල්තැන දෙන්නේ…?තම ජන්ම දිනයේ කුසල් දහම් රැස් කරගෙන නැවත ඉපදීම නතර කරගන්න සීල සමාධි ප්‍රඤ්ඤා වඩන්න උත්සහ දරන එක නේද කරන්න ඕනේ..?පන්චඋපාදානස්කන්ධයා ගෙ පහළ වීම යම් තැනකද එතන ජරා ව්‍යාධි මරණාදී සියළුම දුක්ඛයො ද ඇති වෙනව..ඉඳින් අවිද්‍යාවෙන් වැසිල තෘශ්ණාවෙන් බැදිල කර්ම නිසා ජරා මරණාදි දුක් සහිත පන්ච උපාදානස්ඛන්ධයාගෙ නැවත නැවත පහළ වීම නැති කරන්නමයි වීර්යය වඩන්න ඕනේ..ජරා ව්‍යාධි ආදී වූ අනේක දුක්ඛයන්ට පත්වෙමින් ක්ෂණයක් පාසා ගෙවී යන මේ ස්ඛන්ධ ලෝකයෙන් මිදීමමයි වටින්නෙ..ස්ඛන්ධයාගෙ පහළ වීමම දුක වන්නේ..නිර්මල වූ උතුම් වූ පරම සත්‍ය වූ බුදු දහමට අනුගත පරමාර්තය වටහා ගත් වර්ථමාන මොහොතේ සිහිය පවත්වමින්සිත නිවන් මගටම යොමු කරගත් කෙනෙකුගෙන් මෙවැනි ලාමක ක්‍රියාවන් කිසිසේත් පිළිඹිබු නොවන බව බුද්ධිමත් පිරිස ක්ෂණිකව වටහා ගනිත්වා .සම්පත් චමින්ද මහතා