හොඩ පර ඇඹුල

හෙළයන්ගේ ආහාර අතරින් ඇඹුල සුවිශේශී තැනක් ගන්නා බැවු මීට ඉහතදීද කතාකර ඇත මා හෙළයන්ගේ අවුළු බොහොමයක්ම අදවනවිට අනවබොදය හා පර සිරිත් විරිත් පරයන් විසින් කූට ලෙස ජාතියට පුරුදු කෙරවූ ආහාර,රටාවන් නිසා ගිලිහී ගොසින් එහෙත් තවමත් මෙ අවුළු අප වටපිටාවේ බොහෝ අපූරුවට හොදින් යහමින් වැඩෙමින් ඇත මෙවැනිම සොභාවික පරිසරයෙන් අපට සපයාගත හැකි ඉහල ඔසුගුණයක් මෙන්ම ඉහල පොෂණ ගුණයක් ඇති ආහාර 3000 කට අධික ප්‍රමාණයක් දැනට මා හදුනාගෙන ඇත ඒවා ඉදිරියේදී එකිනෙක ඔබ අතරට ගෙනඑන්නෙමි

හොඩපර යනු බොහෝ ඉහල ඔසු ගුණයක් ඇති දිය පහරවල් ගංගා ඇල දොල ආශ්‍රිතව වියළි කලාපයේ සහ තෙත්බ්කලාපයේ දෙකෙහිම වැඩෙන අපේ රටට ආවේනික පර විශේශයකි 
මෙහි යුශවලට හැකියාවඇත අස්ථි වර්දනය හා කාටිලේජ වර්ධනයට,හා ශිරුරේ අහිතකර තෙල් මේදය ඉවත් කිරීමට ඒ සදහා පුරානයේ දි මේ යුෂ මී පැණියෙන් පාණය කල බවට මා ජීවත්වන ගමෙන්ද බොහෝ සාදක හමුවිය මෙය ගොඩ පර ගෙඩියට බොහෝ විශලවන අතර නෙලාගත්පසු දිනක් ඇතුලත ඔසු සදහා ගැනීමයි සුදුසුම ඒ කෙමෙන් කෙමෙන් මෙය අභ්‍යන්තර තරලය නරක්වන බැවින් ජලයේ දමා අවැසිනම් දින දෙක තුනක් පහසුවෙන් කල්තබාගත හැක
ආතරයිටීස් රොගීන්ට මේ ආහාරය ඉතාමත් ගුණදායකයි

පිළියෙල කරනා ආකාරය ~

වැඩුනු මැංගුස් ගෙඩියක තරම් ප්‍රමාණයේ ගෙඩි කිහිපයක් ගෙන සෝදා දෙපළු වනසේ කපාගන්න පසුව එහි මැද ඇති කොටස හා නටුව ආසන්න කොටස කපා ඉවත්කර ගන්න පසුව කහ දියකරගත් ජලය බාජනයක් ගෙන පෙරදී පළු කපාගත් ගෙඩි කුඩා කොටස්වලට කපා දමාගන්න කහට පිපීම වැලකීම සදහායි මෙසේ කහ දියට,දමනුයෙ පසුව උනුදිය බාජනයකට කපාගත් සියල්ල දමා විනාඩියක් පමණ තබා එයින් ගොඩගෙන එයට කහ තුනපහ ලුණු කුරුදු ,ගම්මිරිස් කොච්චි දමා බාජනයක් ගෙන ලිපතබා කරපිංචා අඹ සුදුළූණු තෙම්පරාදුකොට එහි තෙම්පරාදුකොට මිටිකිරි දමා පිස බාගන්න මෙය අඹ ,ඇඹරැල්ලා ඇඹුල මෙන්ම ඇඹුල් ආහාරයකි

බොහෝ දෙනෙකු ඉදිආප්ප වැනිදෑ කෑමේදී පරිප්පු හෝ අල හොද්දක් සමග කැමට හුරුවී සිටියත් ඇත්තෙන්ම ඊට බොහෝ ගුණදායකයි වෑංජන දෙකක්වත් සමග කෑමට ගන්නේනම්

අප නිරන්තරයෙන් හෙළ ආහාර භුක්තිවිද නීරෝගීවෙමු 
එකල හෙළයා තුන්වේලට භුක්තිවිදි හෙළ සහල් අද සුඛෝපභෝගී ජීවිත ගත කරන්නන්ට පමණක් කෑ හැකි ආහාරයක් වී හමාරයි හොදින් සිතා බලන්න කොතනද අපට වැරදුනේ කියා

නිරන්තරයෙන් හෙළයන්ගේ නීරෝගී කම වෙනුවෙන් කැපවෙනමා 
හේනේ පැලේ අප්පුහාමි 
ඔබ සැමට තෙරුවන්සරණයි ….!

ත්‍රිරිපෝෂ මල්ලෙත් වස !

වර්ෂ 1973 දී ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය , ගැබිනි මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලනු පිණිස ඔවුන්ට ත්‍රිපෝෂ ලබා දීම අරඹන ලද්දේ ‘කෙයාර්’ නැමති ඇමෙරිකානු ස්වේච්ඡා සංවිධානයේ අනුග්‍රහයෙනි. මෑත කාලයේ දී දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් වැඩිහිටියන්ගේ වැඩි අවධානයක් යොමු වන විට ත්‍රිපෝෂ වලට සමාන නොයෙකුත් ආහාර මිශ්‍රණ වෙළෙඳපොළට එක් විය . රජයේ මෙන්ම එම ව්‍යාපාරිකයන්ගේ ද අරමුණ යහපත් වුවද පෝෂණයේ නාමයෙන් මව්වරුන්ට සහ දරුවන්ට ලබාදී ඇත්තේත්, මේ වනවිට ලබාදෙමින් සිටින්නේත් ශරීර සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය පිරි පැකට් සහ පෙට්ටි බව කණගාටුවෙන් වුවද සදහන් කළ යුතුව තිබේ. ඉහින් බහින රෝගයක් නැති අත්තලා මුත්තලා සිටි පරපුරු වල වත්මන් පුරුක් උදේ පටන් හැන්දෑ වන තෙක් රජයේ සහ පෞද්ගලික රෝහල් වල පෝලිම් ගැහෙන්නට මෙබදු නව “ආහාර”ප්‍රබල හේතුවක් වී ඇති බවට සැකයක් නැත.

Continue reading “ත්‍රිරිපෝෂ මල්ලෙත් වස !”

පොදු ජනතාවගේ බත් ගස බවට පත් වූ කොස්‌ ගස

වැල, වරකා යන ජනප්‍රිය වචන වලින් හැදින්වෙන ඉදුණු කොස්‌ රස ගුණ පලතුරක්‌ වුව ද පැසුණු කොස්‌ තැම්බුම ආහාරයට ගැනීම සදහා පොල් අවශ්‍යවේ. කොස්‌ ආහාරයට ගැනීමේ දී සුදු පොල් හැටියටත්, සම්බල හැටියටත් පොල් මූලික අවශ්‍යතාවක්‌ වේ. කොස්‌ මැල්ලුමට මෙන්ම කිරිකොස්‌ මාළුවටත්, කොස්‌ ඇට වලින් හදා ගන්නා කළු පොල් මාළුවටත් පොල් අනිවාර්ය අවශ්‍යතාවක්‌වේ. ගැට පොළොස්‌ මාලුව සදහා ද පොල් කිරි නැතිවම බැරි බව රහසක්‌ නොවේ. කොස්‌ රස ගුණ ආහාරයක්‌ මෙන්ම ඖෂධයක්‌ ද වන අතර මේරූ කොස්‌ ලී ගෙවල් සෑදීමේ දී අවශ්‍ය වන යටලී, බාල්ක, පරාල, රීප්ප, උළුවහු, දොර ජනෙල් ආදිය සැකසීම සදහා ද යොදා ගැනේ. ලක්‌ වැසියන් හොදින් දන්නා දිගු කල් පවතින දැව වර්ගය මේරූ කොස්‌ ලීයයි. කොස්‌ ලී ගෙවල් වල භාවිතයට ගන්නා ඇද, පුටු, මේස, අල්මාරි, පෙට්‌ටගම් සදහා ද යොදා ගැනේ. හොදින් මේරූ පොල් ගසේ ලීය ද විශේෂයෙන් පරාල සදහා යොදා ගනිති. පොල් ලෙල්ලේ කොහු වලින් ලණු, ලණු පැදුරු, පාපිසි හා නිවාස අතු ගාන මුස්‌න ද සකසා ගන්නා බව නොදන්නා කෙනෙක්‌ නැත. කොහු කෙදි ලබා ගැනීමෙන් පසු ඉවත් කරන කොහුබත් පවා පසේ තෙතමනය රැක ගැනීම සදහාත් පස සරු කිරීම සදහාත් යොදා ගැනේ. පොල් අතු වියා වහළ සෙවිළි කිරීම සදහා යොදා ගන්නා අතර ගොක්‌ කොළ සැරසිලි සදහාත්, තොවිල් – පවිල් තටු ආදිය සදහාත් යොදා ගන්නා බව නොදන්නා කෙනෙක්‌ නැත. පුන්කලස්‌ සදහා නැතිවම බැරි පොල් මල සුන්දර දසුනක්‌ ලබා දෙන්නකි. කොස්‌ කොළ එළුවන් ඇති කිරීම සදහා නැතිවම බැරි සත්ත්ව ආහාරයක්‌ වී තිබේ. මදුළු ගෙන ඉවත දමන කොස්‌ ඉරි සහිත කොටස්‌ ගවයන්ගේ ප්‍රියතම ආහාරයක්‌ වේ. දකුණේ දෙවුන්දර පටන් යාපනේ පේදුරු තුඩුව දක්‌වා මුළු ලංකාවේ හැම ගෙවත්තක්‌ම සරු කරන පොල් ගසත්, කොස්‌ ගසත් සිංහල දෙමළ මුස්‌ලිම් භේදයකින් තොරව හැමටම එකසේ පිහිටවේ. වැඩදායකවේ. ඉදුණු කොස්‌ පලතුරක්‌ වන අතර ලපටි පොල් ගෙඩි වෑවර හා කුරුම්බා වශයෙන් පානයක්‌ ලෙසත්, ආහාරයක්‌ ලෙසත් ප්‍රයෝජනයට ගන්නා බව නොදන්නා කෙනෙක්‌ නැත. සිංහල, දෙමළ, මුස්‌ලිම් ලක්‌වැසි සියල්ලන්ගේ ජීවිතයේ නැතිවම බැරි ගස්‌ වන්නේ කොස්‌, පොල් ගස්‌ය.

Continue reading “පොදු ජනතාවගේ බත් ගස බවට පත් වූ කොස්‌ ගස”