අපි පොරවල් ද? – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

අපි පොරවල් ද?

බොහෝ කලකට පෙර පාසලේ දී විශ්වවිද්‍යාලයේ දී බොහෝ දෙනාට අනුව මා දක්‍ෂ ශිෂ්‍යයෙක් වුණා. අද යොදා ගන්න චචන අනුව නම් පොරක් වුණා. මාත් එහෙම සිතුවේ නැහැ කියන්න බැහැ. මටත් අවශ්‍ය වුණේ විද්‍යාඥයෙක් වෙන්න. ඒ මා පොරක් කියා සිතූ නිසාත් වෙන්න පුළුවන්. මට යම් යම් දේ ගැන හැකියාවකුත් තිබුණා. ප්‍රවාදාත්මක භෞතික විද්‍යාවට මගේ කැමැත්තකුත් තිබුණා.

එහෙත් එංගලන්තයට ගොස් නොබෝ කලකින් මා පොරක් නොවන බවත් මට විද්‍යාඥයකු වීමට නොහැකි බවත් වැටහුණා. පොර කියන සංකල්පයත් සාපේක්‍ෂයි. එක් ක්‍ෂෙත්‍රයක එහෙමත් නැත්නම් චින්තනයකට සාපේක්‍ෂ ව පොරක් වන අයකු වෙනත් චින්තනයක වෙනත් ක්‍ෂෙත්‍රයක අදක්‍ෂයකු වන්න පුළුවන්. අප බොහෝ දෙනකු කැලෑවක අතරමං වුණොත් අපට සිදුවන්නේ මං අතර කැරකෙන්නයි. මා බටහිර විද්‍යා ක්‍ෂෙත්‍රයෙහි නම් පොරකු නොවන බව පැහැදිලියි.

පොරක් අනෙක් අය විසින් පිළිගැනෙන්න ඕන. බොහෝ ශාස්ත්‍රීය සංගම්වල සාමාජිකයකු අධිසාමාජිකයකු විය හැක්කේ එකී සංගමයෙහි දෙදෙනකු නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ කමිටුවක් විසින් අනුමත කරනු ලැබීමෙන්. ඒ කියන්නේ ඒ සංගමයේ ඉන්න පොරවල් යම් තැනැත්තකු අදාළ ක්‍ෂෙත්‍රයෙහි පොරක් බව පිළිගැනීමෙන්. ගමක නගරයක චණ්ඩියකු ලෙස පිළිගැනෙන්නේත් නාම යෝජනා ඉදිරිපත් නොකෙරුණත් මෙයට සමීප ක්‍රමයකින්. මෙහි වැදගත් වන්නේ පිළිගැනීම. මෙරට උගත් පොරවලුත් මා පොරක් ලෙස පිළිගන්නේ නැහැ.

අපි බොහෝ වෙලාවට උදම් අනන කරුණු දෙකක් තියෙනවා. ඒකක් අපේ අතීතය ගැන. අප ථෙරවාදය රැකගත් ජාතිය. සීගිරිය ඉතා විශිෂ්ට නිර්මාණයක්. වැව් ශිල්පය අපට ම ආවෙණික වූවක්. පැරණි ලෝකය ඒ කෙසේ පිළිගත්තා ද යන්න කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අද අප අපේ අතීතය ගැන උදම් ඇනීමෙන් පමණක් අපට ඒ ගැන පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ.

ථෙරවාද රටවල අපට අදත් පිළිගැනීමක් ලැබෙනවා. මියන්මාහි දී මට එය අත්දැක ගන්න පුළුවන්. මියන්මා බෞද්ධයන් ලංකාවට ගරු කරනවා. ධීවරයන් නිදහස් කර ගැනීමේ දී ඒ පිළිගැනීම හා ගෞරවය උපකාරයක් වුණා. ඇතැම් ජනමාධ්‍යයට අනුව තානාපති නිදා සිටිය දී ධීවරයන් නිදහස් වෙලා. ඒ කුමක් වුණත් මියන්මා වැසියන් මහනුවර හා සීගිරිය ගැනත් දන්නවා. අදටත් වඩා පැරණි ලෝකයෙහි ථෙරවාදී රටවල ලංකාවට හා සිංහලයන්ට පිළිගැනීමක් ලැබී තියෙන බව පැහැදිලියි. ලංකාවෙන් වැඩම වූ බුදු පිළිම වහන්සේ මියන්මා හා වෙනත් ථෙරවාදී රටවල දකින්න පුළුවන්. මියන්මාහි එක් පන්සලක මහාවංසය චිත්‍රයට නගා ඇතැයි කියනවා. මා තවම එය දුටුවේ නැහැ.

පුරාණයේ ආසියාවේ වෙනත් රටවලින් ලංකාවට පිරිස් පැමිණ පදිංචි වී ඇති බව පැහැදිලියි. මා කියන්නේ විජය රජුගේ සිට මෙරටට පැමිණ රජ කල අය හා පරම්පරා ගැන නො වෙයි. විජයට කලින් ද සාමාන්‍ය මිනිසුන් ලංකාවට පැමිණ පදිංචි වෙන්න ඇතැයි හිතන්න පුළුවන්. අඩුම තරමින් මිනිසුන් වෙළඳාමට මෙරටට පැමිණ තියෙනවා. විජය මෙරටට පැමිණෙන්න ඇත්තේ අප රට ගැන ඔහුට යම් අවබෝධයක් තිබූ නිසා වෙන්න ඕන. මට හිතෙන හැටියට භාරතයෙන් මෙරටට මිනිසුන් පැමිණීම වැළැක්වීම සඳහා බමුණන් අර අමනුෂ්‍ය කතා ගොතා තියෙනවා. මෙරට අමනුෂ්‍යයන් වාසය කළ රටක් ලෙස මහාවංසය පවා කියන්නේ ඒ කතා ඇසුරෙන් වෙන්න ඕන. මහාවංසය අනුව වුවත් විජය අමනුෂ්‍ය අඟනකට දරුවන් දෙදෙනකු ලබා දී තිබෙනවා. අමනුෂ්‍යයන් අතර දෙවියන් අතර දරු උපත් සිදු වෙනවා ද? පුරාණයේ මිනිසුන් පැමිණ ඇත්තේ මෙරට පතිරූප දේශයක් නිසා වෙන්න ඕන. පැරණි ලෝකයට සාපේක්‍ෂව මෙරට පතිරූප දේශයක් වී තියෙන්නේ වත්මන් ලෝකයට අනුව බටහිර රටවල් පතිරූප දේශ බවට පත් වී ඇති ආකාරයට කියා හිතන්න පුළුවන්.

එහෙත් වත්මන් ලෝකයේ අපි පොරවල් ද? අප සාක්‍ෂරතාව ගැන කියනවා. අපේ අධ්‍යාපනය ගැන සෞඛ්‍යය ගැන කියනවා. අපි පොරවල් කියල කියා ගන්නවා. අප වත්මන් සංදර්භයේ පොරවල් බව අප හැරෙන්න පිළිගන්නේ කවුද? ථෙරවාද රටවල් අපට ගරු කරන්නේ පැරණි සංදර්භයක මිස වත්මන් සංදර්භයේ නො වෙයි. අප පොරවල් කිවුවට කොවිඩ් දත්ත තබා ගන්න දන්නෙ නැහැ. රට වහනව කියන එක දන්නෙ නැහැ. කඩන්න පුළුවන් හැම අයකු ම සංචරණ නීති කඩනවා. සංචරණ නීති කියන්නෙ හොඳින් චරණය කරන්න තියෙන නීති ද කියල හිතෙනවා. හමුදාපති හරි රජයේ වෛද්‍ය නිලධාරීනේගේ සංගමයේ සභාපති පාදෙණිය හරි කවුරු හරි කියනව ද සංචරණ නීති නැත්නම් සීමා ඉවත් කර ගන්න සපුරාලිය යුතු කොන්දේසි මොනවා ද කියා. පීසීආර් + වීම පරීක්‍ෂා කරන්නන්ගෙන් සියයට කීයකට අඩු වෙන්න ඕන ද? මා නැවතත් අහන්නෙ නැහැ පීසීආර්+ වීම රෝගී වීමක් ද කියා. පාදෙණිය කාබනික පොහොර ගැන කතා කරනවා. එන්නත ගැන කොවිඩ් ගැන කතා කිරීම වෙන අයට භාර දීල ද? ජනමාධ්‍ය පාදෙණියගෙන් කොවිඩ් ගැන අහන්නෙ නැත්තෙ ඇයි? දොරක් අරින්නෙ වහන්නෙත් යම් යම් කොන්දේසිවලට යටත් ව. රටක් අරින වහන එක දොරක් අරින වහන එකට වඩා බරපතළ වැඩක්. රටක් අරින්නෙ වහන්නෙ මොන කොන්දේසිවලට යටත් ව ද? මා ඒ ප්‍රශ්නය අහන්නෙ දේශපාලනඥයන්ගෙන් නො වෙයි. ඊනියා පොරවලින්.

රට අවුල් වෙන්නෙ දේශපාලනඥයන් නිසා ම නො වෙයි. ඊනියා උගතුන් අතර ඉන්න ඊනියා පොරවල් ද නිසා. දේශපාලනඥයන් තීරණ ගැනීමේ දී මීළඟ මැතිවරණය ගැන බලනවා. ඊනියා පොරවල් බලන්නෙ කුමක් ගැන ද? පහුගිය අවුරුදු එකසිය පනහක පමණ කාලයක බටහිරයන් පිළිගත් මෙරට පොරවල් කවු ද? මා අහන්නෙ බටහිරයන් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට යොදා ගන්නා නිවටයන් ගැන නො වෙයි.

මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

දිලිප් කුමාර් හා කළුකුමා – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

දිලිප් කුමාර් හා කළුකුමා

ඉංගිරිසි ඉගෙනීමේ කිසි වරදක් නැහැ. මා කලින් ලිපිවල සඳහන් කරුණු ඉංගිරිසි ඉගැන්වීමට හා ඉගෙනීමට හේතුවෙයි. එහෙත් අවධාරණය කළ යුත්තක් නම් අප රටේ ඉංගිරිසි උගන්වන්නේ ඉංගිරිසින් ආරම්භ කළ නිසා බවත් ඔවුන් අපට ඉංගිරිසි ඉගැන්වූයේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම සඳහාත් ඔවුන්ගේ ඇතැම් රැකියාවන්ට මෙරටින් පිරිසක් පුහුණු කිරීම සඳහාත් බවයි. ඉංගිරිසින් මැකෝලිගෙන් පසුව බලාපොරොත්තු වූ ඉංගිරිසින් මෙන් හිතන පිරිසක් බිහි කිරීමේ අරමුණ නම් සාර්ථක වී නැහැ. ඒ ඇතැම් විෂය විශ්වවිද්‍යාලයේ දී ඉංගිරිසියෙන් ඉගැන්වීමෙන් පසුවත්. ඉංගිරිසි ඉගෙන ගත්තත් ඉංගිරිසියෙන් ඉගෙන ගත්තත් ඉංගිරිසින් මෙන් හිතන්න බැහැ. එය චින්තනය හා සංස්කෘතිය හා සම්බන්ධ ප්‍රශ්නයක්.

කෙසේ වුවත් අද ලෝකය ගමන් කරන දිශාව අනුව නම් චීන භාෂාව ඉගෙනීමත් වැදගත් වෙනවා. චීන භාෂාවෙන් වත්මන් දැනුම ලබා ගන්නවාට වඩා ඉංගිරිසියෙන් ලබා ගන්න පුළුවන්. චීන භාෂාවෙන් අලුත් දැනුමක් ලබා දෙනවාට වඩා තවමත් ඉංගිරිසියෙන් ලබා දෙන්න පුළුවන්. තව කලක් යන තුරු ගණුදෙනු කෙරෙන්නේ යුවාන්වලට වඩා ඩොලර්වලින්. ඒත් ගණුදෙනු කිරීමේ භාෂාච චීන වීමට ලොකු ඉඩ කඩක් තියෙනවා.

චීනයට අවශ්‍ය ලෝක වෙළෙඳාම තමන්ට අවශ්‍ය වන විධියට කිරීමටයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ වෙළෙඳ ආධිපත්‍යයක් ඇති කර ගැනීමට. එය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට වඩා වෙනස්. අතීතයේත් චීනුන් උනන්දුවක් දක්වා ඇත්තේ වෙළෙඳාමට. පැරණි සේද මාර්ගයත් ඒ සඳහා යොදා ගත් එකක්. නව සේද මාර්ගයත් ඔවුන් ඒ සඳහා යොදා ගනීවි. ඔවුන්ට අවශ්‍ය වනවා ඩොලර් වෙනුවට යුවාන් ආදේශ කිරීමට. එහෙත් එයට තරමක කාලයක් යාවි. ඒ කෙසේ වෙතත් ඉදිරියේ දී චීන භාෂාව ලෝක වෙළෙඳ භාෂාව වෙනවා. ව්‍යාපාරිකයන් හා වෙනත් අය චීන බස ඉගෙනීම වැදහත් වේවි. අධ්‍යාපන ඇමතිතුමා ඒ ගැන සැලකිල්ලක් දක්වනවා නම් හොඳයි.

අපේ රටේ මා හිතන්නේ සෑම පාසලක ම පාහේ අඩු තරමෙන් තුන්වැනි ශ්‍රේණියේ සිට ඉංගිරිසි ඉගැන්වෙනවා. එහෙත් එය සාර්ථක නැහැ. එය අධ්‍යාපන මාධ්‍යය සමග සම්බන්ධ නැහැ. සිංහලෙන් උසස් පෙළ දක්වා ඉගෙන ගත් සමහරුන්ට හොඳින් ඉංගිරිසි පුළුවන්. ඈත ගම්වල පාසල්වලින් සිංහලෙන් අධ්‍යාපනය ලැබූ පිරිසක් ඇතැම් කාර්යාලවල ඉංගිරිසියෙන් කටයුතු කරනවා. ඇතැම් ඉංගිරසි පුවත්පතක කතෘ මණ්ඩලයේ එලෙස ගම්වල සිිංහලෙන් අධ්‍යාපනය ලැබූ අය කටයුතු කරනවා.

ඇතැම් විශ්වවිද්‍යාලයීය පීඨවල ඉගැන්වීමේ මාධ්‍යය ඉංගිරිසි. මා හිතන්නේ ශාස්ත්‍ර පීඨවල හැරෙන්න අනෙක් පීඨවල අවුරුදු හතරේ හෝ පහේ හෝ පාඨමාලාවල ඉගැන්වීම කෙරෙන්නේ ඉංගිරිසියෙන්. ඒත් එසේ ඉංගිරිසියෙන් ඉගෙන ගත් පමණින් ඔවුන්ට ඉංගිරිසි බස හැසිරවීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉංගිරිසියෙන් කියවා තේරුම් ගැනීම, ඉංගිරිසියෙන් ලිවීම හා ඉංගිරිසියෙන් කතා කිරීම කියන්නේ කුසලතා තුනක්. ඉංගිරිසි ඉගෙනීම හා ඉංගිරිසියෙන් ඉගෙනීම කියන්නේ දෙකක් බව ඇතැමුනට තේරෙන්නේ නැහැ.

පාසලේ තුන්වැනි ශ්‍රේණියේ සිට ඉංගිරිසි ඉගැන්නුවත් ඇතැමුනට විශ්වවිද්‍යාලවලට ඇතුල්වීමෙන් පසුව ඉංගිරිසි ඉගැන්නුවත් ඉංගිරිසි බැහැ. එයට හේතු ගණනාවක් තියෙනවා. ඉංගිරිසි දැනුම මෙරට හුදු දැනුමක් නො වෙයි. සිංහල දන්නා තැනැත්තාට නැති වැදගත්කමක් නැත්නම් තැනක් ඉංගිරිසි දන්නා අයට සමාජයේ තියෙනවා. ඉංගිරිසියට සමාජයේ ඇත්තේ අධිකාරී බලයක්. අප ඉංගිරිසියට බයයි. එහි අධිකාරී බලයෙන් අප පීඩාවට පත් කරන්න පුළුවන්. ඉංගිරිසියට කඩුව කියන්නේ ඒ අධිකාරි බලය සංකේතවත් කිරීමටයි.

ඉංගිරිසිය තවමත් අපේ ස්වාමිවරුන්ගේ භාෂාව. තවමත් අපට ස්වාමිවරුන් ඉන්නවා. සිංහලයන් තරම් අනුකාරකයන් පිරිසක් ලෝකයේ තවත් නැහැ. අප ඉංගිරිසි කතා කරන්න, උචචාරණය කරන්න උත්සාහ ගන්නේ ඉංගිරිසින් කතා කරන විධියට. එහෙත් එංගලන්තයේත් ඒ ඒ කෝරළවල ඉංගිරිසි උච්චාරණය වෙනස්. යෝක්ෂයරය නැත්නම් යෝක් කෝරළය එයට කදිම උදාහරණයක්. බසයට බුස් කියන කෝරළ එංගලන්තයේ තියෙනවා. එහෙත් අප ඔන්න බුස් එක එනවා කියා ඊනියා සිංහලෙන්වත් කියන්නේ නැහැ.

අපට අවශ්‍ය ඔක්ස්බ්‍රිජ් උච්චාරණය. ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල සමග සම්බන්ධ යැයි කියන උච්චාරණය. අපට ඕන ඉංගිරිසින්ටත් වඩා හොඳින් ඔක්ස්බ්‍රිජ් උච්ාරණය. මේ දීනකම අපට ලැබෙන්න ඇත්තේ ඉංගිරිසින්ගෙන්මයි. එකල සමහරුන් අමාරුවෙන් හරි ඒ උච්චාරණයට හුරු වෙන්න ඇති. ඒ සිංහලයන් ඉංගිරිසි කතාකරන දෙමළ ජනයාට හිනහවුණා. සාමාන්‍යයෙන් එකලත් ඉංගිරිසි උගත් දෙමළ ජනයා ඉංගිරිසි උගත් සිිංහලයන් මෙන් ඔක්ස්බ්‍රිජ් උච්චාරණය පසුපස ගියේ නැහැ. සිංහලයන්ගේ ගතියක් තියෙනවා හරයට වඩා මතුපිට දේට සැලකීම. දෙමළ ජනයාගේ ඉංගිරිසි උච්චාරණය හාස්‍යයට ලක්කරමින් නාට්‍ය පවා නිපදවා තියෙනවා.

ඉන්දීයයන්ගේ ඉංගිරිසි උච්චාරණයත් ඔවුන්ට අවශ්‍ය අන්දමට මිස ඉංගිරිසින්ට අවශ්‍ය අන්දමට නො වෙයි. දෙමළ ජනයා හා ඉන්දීයයන් සමහරුන් ඔක්ස්බ්‍රිජ් උච්චාරණය අනුකරණය නොකරනවා නො වෙයි. එහෙත් ඔවුන් පොදුවේ සිංහල අප මෙන් ඒ පස්සේ යන්නේ නැහැ. ඉන්දියයන් ආර් ශබ්දය හොඳින් රෝල් කරනවා කියනවා. ඔවුන්ට ඇත්තේ මදර් ඉන්ඩියා මිස මද ඉන්ඩියා නොවෙයි. දිලිප් කුමාර් මිස දිලිප් කුමා කෙනකු ඔවුන්ට නැහැ. අපට නම් ඇත්තේ කුමාර්ලා නොව කුමාලා. කළුකුමාලා ද දන්නෙ නැහැ. සිංහල භාෂාවේ අර උගුරෙන් ශබ්ද කරන ඔ ශබ්දය නැහැ. අප කොලේජ් හි කො ශබ්ද කරන්නේ කොලේ වහල හි කො කියන ආකාරයට. ඒ විධියට කොලේජ් කිවුව ම ඇතැමුන් හිනහවෙනවා.

ඉංගිරිසියෙහි ව්‍යවහාරය ද වෙනස්. වාක්‍ය තැනීම වෙනස්. ක්‍රියා පදය වාක්‍යයෙහි මැද තියෙනවා. මා පාසල් ගියා කියන එක අයි වෙන්ට් ටු ස්කූල් කියා මිස අයි ස්කූල් වෙන්ට් හරි අයි වෙන්ට් ස්කූල් හරි කියා කියන්නේ නැහැ. කඩුව අතින් කටින් ගත් අය වැරදි උච්චාරණයට වැරදි ව්‍යාකරණයට හිනහ වෙනවා. අප කැමති නැහැ අපට කිසිවකු හිනහ වෙනවට. ඉංගිරිසි ඉගෙනීම අත්හරිනවා. අපට ඉංගිරිසි ඉගෙනීම එපා කරන්නේ බොහෝ විට ඉංගිරිසි දන්නා අය.

අනෙක් අතට ඉංගිරිසි ඉගැන්වීමේ ක්‍රමයේත් මොකක් හරි වැරැද්දක් තියෙනවා. විශ්වවිිද්‍යාලයට පැමිණීමෙන් පසු විවිධ භාෂා ඉගෙන ගන්නා අය ඉන්නවා. ඔවුන්ට ඒ ඒ භාෂා කතා කරන්නත් පුළුවන්. ඒත් තුනේ පංතියේ සිට ඉංගිරිසි ඉගෙන ගත්තත් ඇතැමකුට ඉංගිරිසි බැහැ. අපි තාමත් ඉංගිරිසියට බයයි. ඉංගිරිසියට ගරු කරනවා. සිංහල වරද්දන්න බය නැහැ. ඒත් ඉංගිරිසි වරද්දන්න බයයි. ඉංගිරිසි ඉගෙන ගන්න මේ බය නැති කර ගන්න ඕන.

බලවත් බවලත්තු – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

බලවත් බවලත්තු

ඉංගිරිසියෙන් උගන්වනවා ද ඉංගිරිසි උගන්වනවා ද කියන දෙකේ වෙනස හඳුනාගන්න බැරි පිරිසකුත් මෙරට අධ්‍යාපනයෙන් බිහි වෙලා තියෙනවා. ඔවුන් එතරම් පිරිසක් නැතැයි කියමු. ඒත් ආසාදිතයා හා රෝගියා අතර වෙනස දන්නේ නැති කොපමණ පිරිසක් මෙරට ඉන්නවා ද? කොවිඩ් 19 වයිරසය ආසාදිත වූවන් රෝහල්ගත කරන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගෙන් වෙනත් අයට රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් වෙන් කරන්න ඕන. ඒක වෙන ම කාරණයක්. ඒත් අප බටහිර වෙදමහතුන්ගේ ද වෙද හාමිනේලාගේ ද අනුමැතිය ඇතුව මුල සිට ම කෙළේ ඕනෑම ආසාදිතයකු රෝහල්ගත කිරීමයි. ඔවුන් බොහෝ දෙනා කිසිම ප්‍රතිකාරයක් නැතිව ටික දවසක් රෝහලේ සිට ආපසු ගෙදර ගියා ම ඔවුන් සුව වී ගිය බව ප්‍රචාරය කළා. ඔවුන්ට සුව වෙන්න ලෙඩක් තිබුණේ නැහැ. ඒ තමයි අපේ අධ්‍යාපනයේ රඟ.

ඒ අතර ඊයේ ගාල්ලේ පිරිසක් අර නැතැයි කියන එන්නතේ දෙවැනි මාත්‍රාව ද ලබා ගෙන. ආරංචියේ හැටියට ඒ එන්නත ගාල්ලෙ හරි වෙන කොහෙ හරි තිබිලා. ඒ එන්නත රටේ ඕනෑම කෙනකු වෙනුවෙන් නිසා ගාල්ලන් පිට අයත් පැමිණ එන්නත විදගෙන. ඒ අයගෙන් වැඩි පිරිසක් බටහිර වෙද මහතුනට හා වෙද හාමිනේලාට සම්බන්ධ අය කියා තමයි කියැවෙන්නෙ. මීට කලින් වාර්තා වෙලා තිබුණා එක් එන්නත්කරණ වැඩපොළක දී බටහිර වෙද හාමිනේලාගේ ස්වාමිපුරුෂයන් දෙතුන් දෙනා එන්නත විදලා කියලා. අනේ වාසනාවන්.

ඒ අතර බටහිර වෙද මහත්තුරුන්ට හා හාමිනේලාට දීමනාවක් දෙන්න යනව කියල ආරංචියක් තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පැවැත්වෙන්න යන කාලයක එහෙම දීමනාවක් ලැබෙන එක මොන තරම් වටිනවා ද? සමහර බටහිර වෙද මහත්වරු හා හාමිනේලා ප්‍රතිකාරයක් නැතත් ඉතා කැපවීමෙන් කොවිඩ් වසංගතයේ දී ක්‍රියා කරන බව පේනවා. ඒත් ඒ වගේම සමරවිට එයටත් වඩා කැපවීමෙන් බටහිර සෞඛ්‍ය අංශයේ වෙනත් අය ද ක්‍රියා කරනවා. මා කියන්නේ නැහැ ආණ්ඩුව අපහසුවට පත් කරමින් ඒ අයත් දීමනාවක් ඉල්ලන්න ඕන කියා.

කවුරු හරි කියන්න බැරි නැහැ මා ආණ්ඩුවට කඩේ යනවා කියල, එහෙම නැත්නම් පොහොට්ටු දේශපාලනය කරනව කියල. මා පොහොට්ටු පක්‍ෂයේ නම් නො වෙයි. ඒත් විපක්‍ෂය වගේ ආණ්ඩුවට තලන්න මා සූදානම් නැහැ. අද ආණ්ඩුව මුහුණ පාල තියෙන කොවිඩ් අර්බුදය හමුවේ ආණ්ඩුව අපහසුතාවට ලක් කිරීම වැරදියි. කොවිඩ් අර්බුදයට වඩාත් ම වග කියන්න ඕනෙ මේ අධ්‍යාපනය විසින් බිහි කෙරිලා තියෙන නිලධාරීන්. කිසිම නිර්මාණශීලීත්වයක් නැති පිරිසක් තමයි මේ අධ්‍යාපනයෙන් බිහි කෙරෙන්නෙ. මා ඊයේ සඳහන් කළ අඹ ප්‍රශ්නයට උත්තර ලැබුණා ද? ඒ ගැන අඩු තරමෙන් කල්පනා කෙරුව ද?

අවුරුදු තිහකටත් එහා පැත්තෙ මිහිඳු මහරහතන් වහන්සේගේ අඹ ප්‍රශ්නය ගැන මා පිළිතුරක් දුන්න. ඒත් කිසිම හාමුදුරුනමක් මගේ පිළිතුර සත පහකටවත් ගණන් ගත්තෙ නැහැ. අපේ භික්‍ෂු අධ්‍යාපනයත් දුර්වලයි. දැන් කවුරු හරි පඬි නැට්ටකු අහන්න පුළුවන් හාමුදුරුවරුන් මගේ පිළිතුර පිළිගන්න ඕන ද කියල. අපොයි නැහැ. මා කිවුවෙ සත පහකටවත් ගණන් ගත්තෙ නැති එක විතරයි. ඒ පිළිතුරේ වරද පෙන්නුව නම් ඒකත් එකක්. ඒක නිකම් ම පැත්තකට විසි කරල දැම්ම.

නිර්මාණය (සංස්කරණය) පැත්තකින් තියමු. ඊනියා අවබෝධයත් දුර්වලයි. නැත්නම් ඉංගිරිසියෙන් උගන්වනවා ද ඉංගිරිසි උගන්වනවා ද යන්න පටලවා ගනීවියැ. ආසාදිතයා රෝගියා වෙන් කරන්න බැරි වේවියැ. මේ අනවබෝධයට හේතුව ඉංගිරිසියෙන් නූගැන්වීම කියල කෙනකුට කියන්න පුළුවන්. ඒත් ඉතින් ඔය බටහිර වෙද මහත්තුරු වෙද හාමිනේලා උසස් පෙළෙන් පස්සෙ ඉංගිරිසියෙන් නොවැ ඉගෙන ගන්න ඇත්තෙ. කනින්ග්හම්ගෙ පොත සිංහලට පරිවර්තනය කරල නැහැ කියලයි මා හිතන්නෙ. මේ කනින්ග්හම් කියන්නෙ අර ප්‍රසිද්ධ පුරා විද්‍යාඥයන් නම් නොවෙයි. මේ අර ව්‍යච්ඡෙද (Anatomy) පොත ලිවුව හාදයා. ඒ කවුරු වුනත් කනින්ග්හම් කියන එකේ තේරුම මොකක් ද? කනින් යන්නෙන් ඉංගිරිසියෙන් ප්‍රයෝගකාරි කපටි කියන අදහස් දෙනවා. හම් කියන්නෙ ගම කියන තේරුම දෙන පරණ සැක්සන් වචනයක්. නොටින්හම්, බර්මින්හම්, බකින්හම් ආදිය සලකා බලන්න. ඒත් හම් කියන එක හේම් යන්නත් එක්ක කියනවා. හේම් කියන එක ගෙය හෙවත්ත හා සමග සම්බන්ධයි. කනින් කියන චචනෙ සමභවය ස්කොට්ලන්තයෙ. ස්කොටිෂ් භාෂාවෙන් කනින් කියන්නෙ හාවටළු. එතකොට කනින්ග්හම් කියන්නෙ හාවාගෙ ගෙදර. එහෙම නැත්නම් හාගම, හාවාඑළිය කිවුවත් කමක් නැහැ. බකින්හම් කියන්නෙ මුවෝ හිටිය කැලෑවක ගෙවත්තක්. මුවන්පැලැස්ස කියමු ද? හැරී මුවන්පැලැස්ස හැර ගිහින්. ඉංගිරිසි ඉතිහාසයට පාසල් වියේ සිට ම මගේ සිත් ගත් විෂයයක්. ඉංගිරිසි රාජ්‍යය නැත්නම් රජවරු හා අපේ රජවරු අතර යම් සමානත්වයක් තියෙනවා. පස්සෙ කියන්නම්.

ඊයේ අපි ඉංගිරිසින් මෙරට ඇති කළ අධ්‍යාපනය ගැන ටිකක් කිවුව. ඉංගිරිසි මිෂනාරින් මුලින් පාසල් පිහිටෙව්වෙ ආගම ප්‍රචාරය කරන්න. ඉන් පස්සෙ ආණ්ඩුවේ සුළු තනතුරු සඳහා ඉංගිරිසි දත් අය ලබා ගන්න. පසුව ඉංගිරිසින් මෙන් හිතන පිරිසක් ඇති කරන්න. ඉංගිරිසින් ඉංගිරිසි පාසල් කියා පාසල් වර්ගයක් මුල ඉඳන් ම ඇති කළා. ඒ වගේ ම ඉංගිරිසි ස්වභාෂා කියා පාසල් වර්ගයක් ඇති කළා. ඔවුන් ඒවට කිවුවෙ ඇංග්ලො වර්නක්‍යුලර් පාසල් කියල. වර්නක්‍යුලර් යන්නෙහි තේරුම නම් ස්වදේශික කියන එක. ඒත් ඉංගිරිසින් එය යොදාගෙන තියෙන්නෙ පහත් කියන අර්ථය දෙන විධියට. තුන්වැනි පාසල් වර්ගයක් වුණෙ ස්වභාෂා පාසල්.

ඉංගිරිසි පාසල්වල මාධ්‍යය වුණෙ ඉංගිරිසි. පසු කලෙක ඉංගිරිසින් ඉහළ තනතුරු සඳහාත් ස්වදේශිකයන් පත්කළා. එහි දී ඔවුන් වඩාත් සැලකිල්ලක් දැක්වූයෙ මලබාර් නමින් හැඳින්වුණු වෙල්ලාලයන්ට. ඉනුත් කුමාරස්වාමි පොන්නම්බලම් පවුලට. අපි කියන්න පුරුදු වෙලා ඉන්නෙ පළමුවැනි ලාංකික නීිතිපති , පළමුවැනි ලාංකික නයිට්වරයා, පළමුවැනි ලාංකික විනිසුරුවා පමණක් නොව පළමුවැනි ලාංකික විදුහල්පතිවරයා කියාත්. ඉහළ තනතුරු ලැබුණෙ ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්නපු ඉහළ යැයි කියන පාසල්වල ආදි සිසුන්ට.

ඉංගිරිසින් තමන් මෙන් හිතන පිරිසක් ද ඇති කරන්න අදහස් කළත් එය යම්තමින් හරි සාර්ථක වුණෙ ඉන්දියාවෙ පමණයි. ඒ බ්‍රාහ්මණ සම්ප්‍රදාය නිසා. ආසියාවෙ හා අප්‍රිකාවෙ අනෙක් රටවල එය අසාර්ථක වුණා. අපි උදම් ඇණුවට ලංකාවෙත් එය අසාර්ථක වුණා. ඉංගිරිසින්ගෙ කිසිම දෙයක් අපේ රටවල හරියන්නෙ නැහැ. පැළවෙන්නෙ නැහැ. පරිපාලනයත් දේශපාලනයත් එහෙමයි. අපට තියෙන්නෙ ඉංගිරිසිකාරයා මෙන් ලොක්කකු ඊනියා වැදගතකු වීමේ වුවමනාවයි. ප්‍රජාතන්ත්‍රවාදය අපේ රටවල ඵලදායි නැහැ. අපට ඉන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී ලොක්කන්. බටහිර වෙද මහත්තුරු තම තනතුරු ලොකු තනතුරු ලෙස සලකනවා. නිලධාරීන්ටත් අවශ්‍ය ලොකුකම පෙන්වන්න. විශ්වවිද්‍යාලවලත් එය තියෙනවා. ඊනියා නවක වධය එහි කොටසක් පමණයි. බලපුළුවන්කාරකම ලබා ගන්න පුළුවන් මන්ත්‍රී කෙනකු වීමෙන් හරි ඊනියා උගතකු වීමෙන් හරි. බටහිර වෙද හාමිනේලා බහුස්වාමික වන්නේ බවලතුන් නොව බලවතුන් වීම නිසා.

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අත පෙවූ ගෞරවනීය තල්ගමුවේ සුධීරානන්ද හිමියන්ට අපගේ ස්තුති පූර්වක පාද නමස්කාරය වේවා🙏🙏🙏

අධර්මවාදීන් විසින් ශ්‍රී සම්බුද්ධ දේශනාව මෙලොවින් අතුරුදන් කිරීමට අතිධාවනයෙන් පතුරුවන මෙවන් සාපරාධී විකෘතීන් වල වල හිස් බව ඔබවහන්සේ වැනි ව්‍යක්ත විශාරද ත්‍රිපිටකධාරී සාසනහිතකාමී මහ තෙරුන් වහන්සේලා ඉදිරිපත් වී පෙන්වා දී සමාජ කතිකාවතක් දක්වා ගෙන ආ යුතුම කාලයකි.

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අත පෙවූ ගෞරවනීය තල්ගමුවේ සුධීරානන්ද හිමියන්ට අපගේ ස්තුති පූර්වක පාද නමස්කාරය වේවා
🙏🙏🙏

ත්‍රිපිටකය විකෘති කරන මෙම උදවිය නම් මරණින් මතු ඒකාන්ත වශයෙන් මහ නිරයට ගියත් අමූලිකා ශ්‍රද්ධාවෙන් මොවුන්ට රැවටී පාපයන්ට අනුබල දෙමින් නිරයට යන්නට සිටින සෙසු අනුගාමිකයින් පිරිස අතරින් අතලොස්සක් හෝ දැනුවත් කර ඒ අය මිත්‍යාදුෂ්ඨියෙන් මුදවා ගැනීම උතුම් සත් ක්‍රියාවක්.🙏

බුදුන් දෙසූ බණ (තුන් පිටකය) ප්‍රතික්ෂේප කරන බුදු දහමට එරෙහි දෙපිටකාට්ටු සිවුරු කරුවන් සහමුලින් ප්‍රතික්ෂේප කිරීම තිසරණය සරණ ගිය බෞද්ධයන්ගේ යුතුකමයි,පුද්ගල සරණ ගොස්,පුද්ගල රුචිකත්වයව මත එය කිරීමට බෞද්ධයා පැකිලේ නම් අනාගතයට සසුනක් ඉතිරි නොවනු ඇත. තවද එම පසුබෑම නම් බුදු වදනට එරෙහි වීමයි.

සුග තථාගතයාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට වසර 2500 කට වඩා ලංකාද්වීපයේ බුදු සමය සැදැහැවත් බෞද්ධයාගේ ආරක්ෂාවේ පැවතුනද, වර්තමානයේ අති සියුම් උපක්‍රම යොදමින්, සිංහල
බෞද්ධයා ගේම ශ්‍රද්ධාව ප්‍රයොජනයට ගෙන Ngo මුදල් හරහා බුද්ධ⁣ භාෂිත වචනය විනාශ කරන,ඉතිහාසය විකෘති කරන සංස්කෘතිය කනපිට පෙරලන චීවර ධාරීන්ද, ගිහි කෝලමුන්ද දිනෙන් දින බලවත් වේ.

සාසනයට බාහිරින් සිට සසුනට හානි පමුණුවන පුද්ගලයින් හඳුණා ගැනීම ඉතා පහසු නමුත් සැඟවී බිලයෙහි නිදන විසකුරු සර්පයකු වැනි මෘදු වචන ඇති, නපුරු සිත් ඇති ගම් නියම්ගම් හි සත්පුරුෂයකැයි සම්මතව ධර්මය කොඩියක් කොටගෙන හැසිරෙන කෛරාටිකයන්ගෙන් සාසනය ඇතුලින්ම බිහිවන පුද්ගලයින්ගෙන් සසුනට සිදු වන අනතුර හඳුනා ගැනීමටත්, එම අනතුරෙන් බේරීමත් සාමාන්‍ය බොදු ජනයාට ඉතා අපහසුය.
“සාසනය විනාශ කරන විනාශකාරී පුද්ගලයින් මේ සසුනෙහිම බිහි වන්නේ යැයි “අනාගත දිවැසින් දැක අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළේත් එම නිසාමයි.බුදුදහම බාහිරයෙන් ඉදන් විනාස කරන්න හදපු බටහිර ක්‍රිස්තියානි/කතෝලික මූලධර්මවාදීන් ,ඉස්ලාම් අන්තවාදීන් සහ ⁣හින්දු මිත්‍යාදුෂ්ඨික ඇදහිලි කරුවන් හා මේ රටේ බෙදුම්වාදයට ඇද දමන්න මාන බලන දෙමල ඩයස්පෝරාව සහ වර්ථමානයේ බිහිවෙලා ඉන්න අදේවවාදීන් යැයි කියාගන්නා පිරිස් දැන් අන්ත අසරණ වෙලා ඉන්නවා බුදුදහමත් සිංහල ජාතියත් කියන ශක්තිමත් පවුර හමුවේ.

රටේ ඉතිහාසය හා සම්බුද්ධ සාසනය විනාශ කිරීමෙහි ලා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාත්මක වන ද්‍රවිඩ ඊලාම් ඩයස්පෝරාවට සහය දෙන අති දැවැන්ත රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන සියලු යටිතල පහසුකම් මේවාට සහය සපයනවා …👆මේ සියල්ලට වඩා වසවර්ති මාර අනසක පෙරමුණේ ඉන්නව. සෑම දෙනාම එකට සම්බන්ධීකරණය වී සෘජුවම හෝ වක්‍රාකාරව සහය දක්වන අතර සිංහල බෞද්ධ ජනතාව අති සියුම් අයුරින් මුලා කොට බුදු දහම මෙලොවින් තුරන් කිරීමට කුමන්ත්‍රණ සිදු කරන කාලෙන් කාලෙට කරළියට එන කිරිබත්ගොඩ මහාමේඝ අසපු රැල්ල,පිටිදූවේ සිරිධම්ම උමතු උමන්දා ආශ්‍රම රැල්ල ,
මීවනපලානේ සිරි ධම්මාලංකාර ජංබුදීප රැල්ල. වහරක අභයරතනාලංකාර කවි කොලකරුවාගේ විකට පද නිරුක්ති ,කට්ටඩි කම් කරමින් සිට සිවුරු පොරවාගත් වලස්මුල්ලේ අභයගේ නාමරෑප බඩ බුරුලට යවන භාවනා ,පච්ච නිකායික තිත්තගල්ලේ ආනන්දසිරි ,ධර්මයයි ඔබයි,අරිය අසංඛත,ගොඩකන්ද ,
වඳුරඹ සිරිවර්ධන,රාජගිරියේ අරියඥාන වගේ ආපු රැලි වලම කැපී පෙනෙන සහ බරපතලව ම බුද්ධ⁣ දේශනාවට අවැඩක් කරන සංවිධානාත්මක කූට උපක්‍රමශීලී කල්ලිය මේ මහමෙව්නා අසපු රැල්ල. හැබැයි මේ කුරුස අදෝනාව බොහෝ කල් පවතිනව. අන් හැමටම වඩා භයානකයි .හේතුව කුට බුද්ධිය, තර්කානුකුල බව,අන් අධර්මවාදීන්ට විරුද්ධව ක්‍රියාත්මක වීම,ක්‍රිස්තියානි මිෂනාරි සහය රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සහය සහ අන් සියල්ලට වඩා වසවර්ති මාර අනසක යන සියල්ල එකට සම්බන්ධීකරණය වී සෘජුවම හෝ වක්‍රාකාරව සහය දක්වන අතර කපන්න බැරි අත ඉඹින්නා සේ අන් අධර්මවාදීන්ට විරුද්ධවත් ක්‍රියාත්මක වෙමින් බෞද්ධ ජනතාව අති සියුම් අයුරින් මුලා කරමින් මෙකල මනුලොව චතුරාර්‍යය සත්‍ය අවබෝධයට ඉඩ නැති බවත් මෙකල මාර්ගඵළ ලාභීන් නැතිබවත් පවසමින් අභිධර්මය ඉවත හලමින් මෙකලත් ඉදිරි අනාගතයේත් බුද්ධ භාෂිතය අති සූක්ෂ්මව විනාශ කරන පුද්ගලයා (කිරිබත්ගොඩ පිංවත් ලොකු නම) ඉන්නේ බුදුන් වැඳගෙනය, බුදු ගුණ කියාගෙනමය මේ නිසා ප්‍රශ්ණය ඉතාමත් බරපතලය..මතුපිටින් බැලූ බැල්මට කිසිවක් නොපෙනේ…

බටහිර බලවේග මගින් හසුරුවන ජූඩ් කබ්රාල් සහ මැල්කම් රංජිත් සහ චාර්ල්ස් ඇන්ටන් ආදීන් කරන්නේ සිංහල බෞද්ධ ගැලරියට අමතා වැල යන අත බලා මැස්ස ගැහීමයි.
නමුත් සිංහල බෞද්ධයා මේ ක්ෂණසම්පත්තිය ඇති කාලෙක ධර්මද්වීපයක ඉපදිලා මාර බලවේග වලට අහු වෙලා අපාගත වෙන්නෙ නැතුව ආත්ම විමුක්තිය සලසා ගැනීම තම තමන්ගෙ පුද්ගලික වගකීමකි. ඒ වගේම අපේම පිරිස ඒ මාර බලවේග වලින් මුදවා යහමගට ගැනීමත් අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් වන සියලු දෙනාගේ වගකීමක හා යුතුකමයි.

  • සම්පත් චමින්ද මහතාගෙ ලිපියකි

ථෙරවාදී බුදු දහමට මෙකල තරම් පීඩාකාරී ස්වභාවයක් අතීතයේ කිසිදිනෙක තිබී නැත. අතීතයේ මහායාන බුදු දහම නිර්මාණය වන්නට ගත වූ ශත වර්ෂ කිහිපය තුළදී වත්, ලංකාවට සිදු වූ විවිධාකාර ආක්‍රමණ වලදීවත් අඩුම තරමේ කාලිංග මාඝ ආක්‍රමණයේ දී වත් මෙතරම් හානියක් සිදු වූයේ නැත.

ථෙරවාදී බුදු දහමට මෙකල තරම් පීඩාකාරී ස්වභාවයක් අතීතයේ කිසිදිනෙක තිබී නැත. අතීතයේ මහායාන බුදු දහම නිර්මාණය වන්නට ගත වූ ශත වර්ෂ කිහිපය තුළදී වත්, ලංකාවට සිදු වූ විවිධාකාර ආක්‍රමණ වලදීවත් අඩුම තරමේ කාලිංග මාඝ ආක්‍රමණයේ දී වත් මෙතරම් හානියක් සිදු වූයේ නැත.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරියත්ති ශාසනය නම් ත්‍රිපිටක බුද්ධ වචනය බාහිර උපද්‍රව, කොපමණ පැමිණියත් විකෘති වන්නේ නැත. නමුත් එය අභ්‍යන්තරයෙන්ම පැමිණියහොත් විකෘති වේ. මෙකල හතු පිපෙන්නාක් මෙන් ඇති වී තිබෙන්නේ එම අභ්‍යන්තර කුමන්ත්‍රණයි. ඒවා සාර්ථක වුවහොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මෙන් ඒ ඒ අය නිර්මාණය කරගත් මහායානය වැනි වෙනත් දහමක් බිහි වේ. එය මහා අපරාධයකි. එය වළක්වා ගන්නට ත්‍රිපිටකය ගැන දන්නා පින්වතුන් කටයුතු කළ යුතු ය.

බාහිර කුමන්ත්‍රණ වලින් ත්‍රිපිටක බුද්ධ වචනය විකෘති කර සද්ධර්ම ප්‍රතිරූපක නිර්මාණය වන්නට ඉඩ නොදී, ත්‍රිපිටකය සුරක්ෂිත කර ගන්නට නීතියේ සහය අවශ්‍යම වී තිබේ. මේ මොහොත වන විටත් ගරුතර මහා සංඝරත්නය ඒ සඳහා ත්‍රිපිටක ධර්ම සංරක්ෂණ පනතක් සම්මත කර ගන්නට උත්සාහ කරමින් තිබේ. එය අතිශයින්ම වටිනා කාලෝචිත දූරදර්ශි වැඩපිළිවෙළක් බව, එම ත්‍රිපිටක සංරක්ෂණ පනත කියවා බැලූ අපට වැටහුණි.

පළමුවෙන්ම සියලුම දෙනා එම සංරක්ෂණ පනත ගෙන කියවා බැලිය යුතු ය. කියවා බැලුවහොත් එහි වටිනාකම ඉතා මැනවින් පෙනේ. එවිට එහි අත්‍යාවශ්‍යතාවය ඔබට මැනැවින් වැටහේවි. මේ මොහොතේ ත්‍රිපිටක බුද්ධ වචනය දැන දැනම විකෘතී කරමින් සද්ධර්ම ප්‍රතිරූපක නිර්මාණය කරන එක වලක්වා ගන්නට තිබෙන හොඳම ක්‍රමෝපාය වන්නේ ත්‍රිපිටක සං‍රක්ෂණ පනත සම්මත කරගැනීමත්, ගිහි පැවිදි පින්වතුනට ත්‍රිපිටක ධර්මය දැන ඉගෙන ගන්නට කටයුතු සැලැස්වීමෙනුත් පමණී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට “ථෙරවාදී බුදුදහම ආරක්ෂා කර පෝෂණය කරනවා” යැයි වගන්තියක් ඇතුළු වූවත්, එය කිසිදු නීතිමය බලයක් නැති, එකල සිටි බෞද්ධයින් රවටන්නට යෙදූ හිස් වගන්තියක් පමණි. එයට නීතිමය බලය මෙම පනත නිසා අනිවාර්‍ය්‍යයෙන්ම ලැබේ.

මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී, පැවිදි පින්වත් මහා සංඝරත්නය සහ සියලු ගිහි පින්වතුන් ත්‍රිපිටක සංරක්ෂණ පනත කියවා බලන ලෙසත්, එහි ඇති වටිනාකම අවබෝධ කරගන්නා ලෙසත්, අපි ඔබෙන් ඉල්ලා සිටිමු. ඉදිරියට අපද ඒ වෙනුවෙන් දිගටම පෙනී සිටින්නෙමු. ඒ එතරම්ම එහි වටිනාකම පෙනෙන නිසා ය. ඔබද ඔබගේ ශක්ති පමණින් වචනයකින් හෝ ඒ සඳහා සහයෝගය ලබා දෙන්න යැයි අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

ත්‍රිපිටක බුද්ධ වචනය විස්තර කළ යුතු ථෙරවාදී සම්ප්‍රදායක් තිබේ. එය ඉක්මවා ශ්‍රී සද්ධර්මය විකෘති කරමින්, සිතැඟි ලෙස එයට අර්ථ දක්වමින්, ධනය බලය වෙනුවෙන් කටයුතු කළ පිරිස් මේ මොහොතේ ත්‍රිපිටක සංරක්ෂණ පනතට විරුද්ධව හඬ නගමින් සිටී. ඔවුන් ඒ සඳහා විවිධ උපක්‍රම කරන බවද පෙනේ. ඒ සඳහා බලවත් මැති ඇමතිවරුන්ද පාවිච්චි කරමින් තිබේ. ඔවුන්ගෙන් මෙය වළක්වන්නට සිදුවන බලපෑම් ද සුළුපටු නොවේ. මුදල් ද මේ මොහොතේ අත දිගහැර වියදම් වෙමින් තිබේ. ධනවතුන්ගේ බලවතුන්ගේ බලයද මෙයට විරුද්ධව තදින්ම ක්‍රියාත්මක වේ..etc

මෙම ලින්ක් එක ඔස්සෙ මෙම ලිපිය සම්පූර්ණයෙන් කියවන්න.
https://www.facebook.com/minipuraamashanthithapowanaya/photos/1104139280096704

ඉංගිරිසි හා ඉංගිරිසි – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

ඊයේ ලිපිය ගැන ප්‍රතිචාර රාශියක් ලැබී ඇති බව වාර්තා වෙනවා. අවුරුදු තිස්පහක පමණ කාලයක එකම චෝදනාවක් විවිධ ස්වරූපවලින් එල්ල වෙනවා. ඒ මා ඉංගිරිසි ඉගැන්වීමට විරුද්ධ බවත් එහෙත් මගේ දරුවන්ට පිටරට යවා උගන්වන බවත්. කොළඹ විශ්වවිද්‍යාලයේදීත් මේ චෝදනාව අසූවේ දශකයේ අගභාගයේ එල්ල වුණා. අසූවේ දශකයේ මුල ඒ චෝදනාව ඉදිරිපත වූයේ මා අනෙක් ළමයින්ට ඉංගිරිසි ඉගෙන ගන්න එපා කියමින් මගේ දරුවන්ට ඉංගිරිසි උගන්වන බව කියමින්.

මා ඊයේ ලිපියෙන්වත් එයට පෙරවත් ඉංගිරිසි ඉගෙනීමට විරුද්ධ වෙලා නැහැ. ඉංගිරිසි ඉගෙන ගත යුත්තේ ලෝකයේ ඇති විවිධ දැනුම් ලබා ගැනීමටත්, අපෙන් ලෝකයට නව දැනුමක් දීමටත්, ඉංගිරිසි පමණක් දන්නේ ය කියන සිංහලයන්ට බැණ වැදීමටත් බව මා දේශනවලදීත් කියා තිබෙනවා. ඒ එකක්වත් අවශ්‍ය නැති අය ඉංගිරිසි ඉගෙන ගත යුත්තේ ඇතැම් රැකියාවන්ට යෑමට අවශ්‍ය නම්.

රජයේ සේවයේත් විදේශ අමාත්‍යාංශයේ විවිධ තනතුරු සඳහා ඉංගිරිසි අවශ්‍ය වෙනවා. තවත් එවැනි අංශ රජයේ සේවයේත් ඇති. පෞද්ගලික අංශයේත් ඇතැම් රැකියා සඳහා ඉංගිරිසි අවශ්‍යයයි. එවැනි රැකියාවලට යෑමට බලාපොරොත්තු වන අය ඉංගිරිසි ඉගෙන ගන්න ඕන. එහෙත් එක් කාරණයක් කියන්න ඕන. ඔය ඇතැම් රැකියාවලට ඉංගිරිසි අවශ්‍ය ද යන්න ප්‍රශ්නයක්.

ඉංගිරිසි අවශ්‍ය රැකියාවල වුවත් ඒ රැකියාවල නිරතවූවන් එකිනෙකා සමග කතාබහ කරන්නේ සිංහලෙන්. අවුරුදු අසූවට පමණ අඩු අයට මනා සිංහල දැනුමක් තියෙනවා. ඉංගිරිසියෙන් ම අධ්‍යාපනය ලබා ගෙදර ඉංගිරිසි කතා කළ අවුරුදු අසූවට වැඩි අයට නම් සමහර විට සිංහල ගැන එතරම් පරිචයක් නැති ව ඇති. ප්‍රභූ පෙළැන්තියේ ගෙවල්වල පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසු කතාබහ කර ඇත්තේ පහත් පෘතුගීසි යැයි කියන උපභාෂාවකින්. ලන්දේසීන් පැමිණීමෙන් පසුවත් තත්වයේ වෙනසක් සිදු වී නැහැ. ඉංගිරිසින් පැමිණීමෙන් පසුවත් කලක යන තුරු අර පෘතුගීසිය ඇතැම් නිවෙස්වල භාෂාව වුණා. ඔස්මන්ඩ් ජයරත්න මා සමග කියා තියෙනවා ඔහුගේ දෙමව්පියන්ට පෘතුගීසි කතා කිරීමට හැකි වූ බව.

ලන්දේසීන් මෙන් ම ඉංගිරිසින් ද මුල දී පාසල් ඇති කෙළේ තම ආගම ප්‍රචාරය කිරීම සඳහා. ඉංගිරිසි සමයේත් 1830 පමණ වන තුරු පාසල් ඇති කෙළේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි, මෙතෝදිස්ත ආගම් ප්‍රචාරය කිරීම සඳහා. එහෙත් ඒ සාර්ථක වූයේ නැහැ. පෘතුගීසීන්ගේ කතෝලික ආගම වැළඳගත් ප්‍රමාණයවත් රෙපරමාදු ඇංග්ලිකන් මෙතෝදිස්ත ආගම් වැළඳ ගත්තේ නැහැ. කෝල්බෘක් කැමරන් කොමිසමේ නිර්දේශවලින් පසුවයි ඉංගිරිසින්ගේ සුළු තනතුරු සඳහා පුහුණු කිරීමට ඉංගිරිසි ඉගැන්වීම පටන් ගත්තේ. එවැනි සුළු තනතුරු සඳහා එංගලන්තයේ සිට ඉංගිරිසින් ගෙන්වනවාට වඩා ලංකාවේ පිරිසක් ඒ සඳහා පුහුණු කිරීම ලාබදායක බව කොමිසම තේරුම් ගත්තා.

මැකෝලිගෙන් පසුව තමයි ඉංගිරිසින්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවුණේ. ඔහු 1835 දී එකල ඉංගිරිසින්ගේ ඉන්දීය ප්‍රධාන නගරය වූ කොල්කතාවේ ඉංගිරිසි නිලධාරියකු ලෙස සේවය කර තියෙනවා. එකල තමයි ඔහු කියා ඇත්තේ හමෙන් දුඹුරු වුවත් ඉංගිරිසින් මෙන් හිතන පිරිසක් ඉන්දියාවේ බිහි කළ යුතු ය කියා. ඉංගිරිසි අධ්‍යාපන ප්‍රතිපත්තියට එය තවත් මානයක් එකතු කර තියෙනවා. ඉංගිරිසින් මෙන් හිතන පිරිසක් මෙන් ම ඉංගිරිසින් ගේ ආවතේව කරන නිලධාරි පිරිසක් බිහි කිරීම ඉංගිරිසි අධ්‍යාපනයේ අරමුණ වුණා. මේ අධ්‍යාපනය ඉංගිරිසි මාධ්‍යයෙන් ලබා දීම අනිවාර්ය වුණා.

ඉංගිරිසින් මේ කරුණු දෙකේ දී ම අසාර්ථක වුණා. ඉංගිරිසින් මෙන් හිතන පතන පිරිසක් ආසියාවේ හරි අප්‍රිකාවේ හරි බිහිකරන්න බැහැ. එය සංස්කෘතික ප්‍රශ්නයක්. චින්තනයේ ප්‍රශ්නයක්. ඉංගිරිසි චින්තනයට ටිකක් හරි ළඟාවෙන්න පුළුවන් තරමක වියුක්ත චින්තනයක් බ්‍රාහ්මණයන්ගෙන් උරුම කරගත් ඉන්දියාවට පමණයි. අපට ඉංගිරිසින්ගේ මෙන් නිලධාරි පෙළැන්තියක් ද බිහි කර ගැනීමට නොහැකි වුණා. ඉංගිරිසින් ඉන්න විට හා ගොස් ටික කලක් යන තුරු සිවිල් සේවයක් (සීසීඑස්) ක්‍රියාත්මක වූ නමුත් අද වන විට ශ්‍රී ලංකා පරිපාලන සේවය කඩා වැටිලා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරාගේ ඊයේ උපුටා දැක් වූ අතාර්කික ප්‍රකාශයෙන් මෙන් ම කොවිඩ් 19 සම්බන්ධයෙන් දිනපතා වෙනස් කරන නිරෝධායන නීති රීිතිවලින් ද පෙන්නුම් කරන්නේ එයයි. බටහිර චින්තනය කඩා වැටෙන විට එහි දුරවල පිටපත් වූ රටවල නිලධාරීන් අන්ත අසරණ වෙනවා. දේශපාලනඥයන් ගන්නා තීරණ ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ට පුළුවන් අතීතයේ එවැනි ප්‍රශ්නයක් ඇති වූ විට ඉංගිරිසින් ක්‍රියා කර ඇත්තේ කෙසේ දැයි සොයා බලා ඒ අනුව ක්‍රියාත්මක වීමටයි. එහෙත් අලුත් ප්‍රශ්නයක් ඇති වූ විට ඔවුන් අමාරුවේ වැටෙනවා.

මෙරට ශිෂ්‍යයන් ගණිත ගැටළු විසඳීමේ දී ද ඒ ක්‍රමය අනුගමනය කරනවා. මූලධර්ම වෙනුවට ඔවුන් හදාරන්නේ පසුගිය වසරවල ගණන් හදල තියෙන අන්දම. ඒ වගේ ගණනක් ආවොත් හදා ගන්න පුළුවන්. පොඩි වෙනසක් කළොත් ඉවරයි. අඹ ගෙඩි දහහතරක් අට දෙනකු අතර බෙදීමට ඇති ක්‍රම හා පදනම් කර ගත හැකි මූලධර්ම වේ ද? අඹ ගෙඩි පිටින් බෙදිය යුතු බව සැලකිල්ලට ගන්න.

අපේ දරුවන් මූලික උපාධියට ඉගෙන ගත්තේ ලංකාවේ බව මගේ විරුද්ධවාදීන් කිසි දිනෙක පිළිගන්නා එකක් නැහැ. අපේ ගෙදර භාවිතාවන එකම භාෂාව සිංහලයි. අප හා දරුවන් කිසි දිනෙක එකිනෙකා සමග ඉංගිරිසියෙන් කතා කර නැහැ. දරුවන් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. ඔවුන් දැනට උතුරු අමෙරිකාවේ පදිංචියට ගොස් තිබෙන බව නම් ඇත්ත. එහෙත් මුණුබුරන් ද ගෙදර කතා කරන්නේ සිංහලෙන්. ඔවුන් සිංහලෙන් අසන ප්‍රශ්න හා ඔවුන් ලබන අධ්‍යාපනය ගැන පසුව විස්තර කරන්නම්.

මෙරට අධ්‍යාපනයේ ප්‍රතිඵල තමයි මගේ ලිපියට ඊයේ ලැබී ඇති ඇතැම් ප්‍රතිචාර. ඒ අයට සිංහල ලිපියක් කියවා තේරුම් ගන්න බැහැ. ඊයේ මා කතා කෙළේ ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙනීම ගැන. එහෙත් පඬි නැට්ටන් කතා කරන්නේ ඉංගිරිසි ඉගෙනීම ගැන. මේ දෙක දෙකක් බව තේරෙන විධියට ලියන්න බැරි වීමට හේතුව මා ලබා ඇති අධ්‍යාපනය කියා කියන්නත් බැරි නැහැ.

පාපයට නොබිය මිසදිටුවෝ

සරණකිත්ති හිමියන් නැවත සේරුවිලට පැමිණ මාස 04 ක් තුළ නැවත දැඩිව අසනීප විය. විහාරස්ථානයේ උපස්ථායකයකු ලෙස නතරවී සිටි සරත් (මෙය අන්වර්ථ නාමයකි) මෙවර වස දීමේ කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කර තිබුණි.

වැඩිවිස්තර :–https://facebook.com/story.php?story_fbid=316274546696555&id=104300144560664&sfnsn=mo

සත්‍ය කතාකරන්න බිය වෙන්න එපා. අපි දහම සරණ ගිය අය මිස අසපු,ආරණ,පන්සල් සරණ හෝ පුද්ගල සරණගිය අය නෙවි.

සත්‍ය කතාකරන්න බිය වෙන්න එපා. අපි දහම සරණ ගිය අය මිස අසපු,ආරණ,පන්සල් සරණ හෝ පුද්ගල සරණගිය අය නෙවි.

මහමෙව්නාව යනු මෑත ඉතිහාසයේ ” මේ ජිවිතයෙදි දහම අවබෝධ කරගන්න බැ යන බැරිබැරි රෝගය හැදුන පිරිසක් වැඩවසන තැනකි. තථාගත වචනය නම් යම් කලෙක යමෙක් සතිපට්ටානය තුල වසනවා නම් නිවන ප්‍රත්‍යක්ෂ කිරිමට ඔබට හැකි බවයි. එහෙනම් මෙ අසපුවට අනුව වසර පන්සීයෙන් පසුව රහතන්වහන්සලා ශුන්‍ය උනා විතරක් නෙවි, අනුරපුර ,පොලොන්නරු යුගයවල ලක්දිව බිහිවූ රහතන්වහන්සලත් බොරු වෙන්න ඔනි.

දහම් ගුණ බොරු වෙන්න ඔනි. බුද්ධ වචනය බොරු වෙන්න ඔනි.
දහම් ගුණ 6 කි

  1. ස්වාක්ඛාත – අංග සම්පූර්ණ ලෙස මැනවින් දෙසන ලද බව
  2. සන්දිට්ඨික – තමාම පිළිපැද තමාට මෙලොවදීම ප්‍රථිපල ලැබිය හැකි බව
  3. අකාලික – කල් නොයවා ඒ මොහොතේම ප්‍රථිපල
  4. ඒහිපස්සිකෝ – එව බලව හෙවත් තමා විසින් පරීක්ෂා කර බලා තහවුරු කරගත හැකි බව
  5. ඕපනයික – සිත තබා ගැනීමට සුදුසු බව
  6. පච්චත්තං – වේදිතබ්බ – නවණැතියන් තමා විසින් ම පිළිපැද අවබෝධ කළ යුතු බව

ලක්ෂ ගණනින් මිනිසුන් අද, නිවන් දකින්න බැ, නිවන් දකින්න නම් දිව්‍ය ලොකෙ යන්න ඔනි කියන මුලාව මත ජිවත් වේ. ඉතින් මොන දිව්‍ය ලොකෙද මේ පෘතග්ජන පිරිස තෘෂ්ණාව බදාගෙන ,මසුරු,ලෝභ ද්වේශය අල්ලගෙන ඉදලා අවසානෙ දිව්‍ය ලොකෙට කෙළහලලා පෘතග්ජන ලෙසම අපාගත වෙනවා.

මෙක මහා සාසනික අපරාදයක්. ලක්ෂ ගණනින් මිනිසුන් ගෙ සතිපට්ටාන මග සන්දිට්ටික දහම් මග වසා දැමීමක්.

නිවන කියන්නෙ හෙට ලබාගන්න දෙයක් නෙවි. පෘතග්ජන මනසෙන් යුතු අසපු වාසීන් හෙටක් විස්වාස කලාට යන්තම් හෝ දහම දන්න කෙනෙක් මේ මොහොතෙන් එහාට කිසිවක් පත පත, දුංඅල්ල අල්ල, කන්නලවු කර කර නොපැමිනි නොපැමිනෙන අනාගතය නම් වු මුලාවක දිව්‍ය ලෝක මවන්නෙ නැ.

පෘතග්ජන මිනිසුන් සරණ යාම භයානකයි .අහිංසක අංගුලිමාල උනෙත් පෘතග්ජන සරණ නිසයි. ඒ නිසා මේ අද බැ හෙට කියන බැරි බැරි රෝගය හැදුන සහ හදාගන්න බලා ඉන්න පිරිසට කියන්නෙ අප්‍රමාණ දයාවෙන් අහුවෙන්න එපා. තමන්ට මෙක කරන්න බැ කියලා ඒකට ලොකෙ මිනිසුන් පලි නැ . මහපොළොව වගේ පදපරමයන් තමා ඉන්නෙ , ඒත් ඒ අය අතරෙන් ඉන්නව නිය සිලක් මෙ දහම දැකගන්න මෙලොව ආපු.

අදත් මගඵල නිවන් මග එලෙසම ආරක්ෂිතව පවතිනවා🙏 සතිපට්ටානය තුලට එන්න. ඔබට මගවරදින්නෙ නැ . අහුවෙන්න එපා මුසාබස්වලට.මිනිසුන් ගෙ අමුලිකා ශ්‍රද්ධාව උගසට අරන් , ඒ ශ්‍රද්ධාවෙන් මිනිසුන් බය කරලා තම බඩ ,නම රැකගන්න දතකන මිනිසුන් එමටයි.

යමෙක් උපරිමයෙන් සත්වසක්,හයවසක්….ආදී ලෙස අවමයෙන් සත් දිනක් සතිපට්ටානය තුල වසයි නම් මෙලොව අරිහත්වය හෝ අනාගාමි බවට කැමති වියයුතුය.

මහණෙනි, රාගාදි කෙලෙස් නැතිව සත්වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක පරිදෙව දුඃඛයන්ගේ දුරුකිරීම පිණිසද දුක් දොම්නස් නැතිකිරීම පිණිසද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයාගේ ලැබීම පිණිසද, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසද යම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙක් ඇද්ද එය එකම මාර්ගය වන්නේයයි මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්මය ඒ කාරණ පිණිස වදාරණ ලද්දේය.
-සතිපට්ටානය සුත්‍රය –

එහෙනම් සතිපට්ටානය අපි ඉදිරියේ, මෙතන මිස හෙට මැරිල දිව්‍ය ලොකෙ නෙවි තිබෙන්නෙ.

තෙරුවන් සරණයි ( නොගැටෙන්න, ප්‍රඥාවෙන් දකින්නම මේ සටහන තබන ලදී) -copied-

බෝර්න් අගේන් ලා

බෝන් අගේන් උපායමාර්ගයේ මූලික පියවරක් වන්නේ ඔවුන්ගේ භාෂිතය සහ බලය යම් රටක පැතිරීම සදහා එරට රජයට උපදෙස් දෙන කණ්ඩායම් ලෙස ” කමිටුව, ” මග” ආදී නම් දමාගෙන රාජ්‍ය බලය,වක්‍රාකාරයෙන් අතට ගෙන ජනතාව පීඩනයකට පත් කිරීමයි.

ඉනික්බිතිව, දෙවැනි පියවර ලෙස හිදින පඹයාට එරෙහිව ඔවුන්ගේ රූකඩයක් බලයට පත් කිරීමට විකල්ප ඉදිරිපත් කිරීමයි.

සෘජු මිලිටරි හෝ දේශපාලන මැදිහත් වීමක් නොකර ජනතාවගේ ඇස් වසා බලය ගැනීමය.

ඒක දේව වාදීන් නොහොත් අබ්රහමික ” නව රටාව” ( new order) අදහන මූලධර්මික පිරිසක් සිටිති. මොවුන් මූල්‍ය තාක්ෂණික සහ විද්‍යාත්මක ක්ෂේත්‍රයන් තුල බලවත්ය. වර්ෂ 1505 සිට මෙරට තුල බලය ලබා ගැනීමට කරන ඔවුනගේ අනවරත උත්සාහයේ ජය ඉමට ඔවුන් දැන් ලගා වෙමින් සිටිති..

ලංකාවේ බහුතරයක් ලිං ගෙම්බන් බවට පත් කොට ඇති නිසා මෙවන් සංයුක්ත කරුණු වටහා ගැනීම ඔවුනට අපහසුය..

කීර්ති හේවාගොඩ

ඉංග්‍රීසියෙන් ඉගැන්නුවට සුද්දෙක් වෙන්න හරි, ඒ වගේ හිතන්න හරි නම් අමාරු වෙයි. – නිරෝධ රණසිංහ

ආයෙත් අර ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන දියුණු වෙන සාස්තරේ කවුරු හරි හඳුන්වලා දෙන්න යනවා නේද? උගත් බුද්ධිමත් ජනතාව මල් වට්ටිය කරේ තියං යනවා පේනවා සෑහෙන්න. කරලම බලන්න දෙන එක තමයි හොඳ. ඉංග්‍රීසියෙන් ඉගැන්නුවට සුද්දෙක් වෙන්න හරි, ඒ වගේ හිතන්න හරි නම් අමාරු වෙයි.

ලංකාවෙ අධ්‍යාපනයේ අවුල තියෙන්නෙ ඒකෙ ආකල්පමය සංවර්ධනයක් නැති එක. භාෂාව වෙනස් කරපු පළියට ඒක වෙනස් වෙන්නෙ නම් නෑ. ප්‍රාථමික පන්ති වලට අනිවාර්යයෙන්ම මව් භාෂාවෙන් උගන්වන්න ඕනෙ කියන එක මේ උගත් මහත්තුරු උදේ හවා පූජා තියලා විශ්වාස කරන බටහිර මනෝවිද්‍යාවෙම කොටසක්.

එකම දේ, ඉස්කෝල වල ද්විතීයික මට්ටමෙන් ඉහළට ඉංග්‍රීසි විතරක් නෙමෙයි අනෙකුත් භාෂාත් ඉගෙනගන්න ප්‍රමාණවත් සහ “දක්ෂ” ගුරුවරු හඳුන්වලා දෙන එක. තියෙන ටික සිංහලෙන් හරි දෙමලෙන් හරි වත්, හරියකට උගන්නගන්න බැරුව ඉද්දි ඒවා මෝස් කෝඩ් වලින් ඉගැන්නුවත් කරන්න පුළුවන් මහ ලොකු විප්ලවයක් නෑ.

අනික ප්‍රාථමික පන්ති වලදි අවධානය යොමු කරන්න ඕනෙ ළමයින්ට භාෂාව ඉගැන්වීම ගැන නෙමෙයි. ඔය වයසෙදි ළමයි භාෂා ඉගෙනගන්නෙ භාවිතය සහ ස්වයං සන්නිවේදනයෙන්. ඔය වයසෙදි කරන්න ඕනෙ හොඳ ආකල්ප තියෙන, ප්‍රශ්න කරන්න පුළුවන් දරුවෙක් හදන එක.

භාෂාවක් කියන්නෙ මෙවලමක්. හිතූ පැතූ සම්පත් දෙන කප් රුකක් නෙමෙයි.


ප. ලි.: මේ කතාවට යොදාගන්න පැහැදිලි කිරීමට ඉංග්‍රීසි එකක්ම යොදාගන්න වෙලා තියෙන එක එක්තරා අයිරනි එකක් උනාට, එහෙම කරන්නෙ, මේ බුද්ධිමත් නූතන ජනතාව දැනුම්වත් කරන්න මං වගේ ගොඩේ ලිංමැඬියෙක්ට බලයක් නැති නිසා.

අනික මේ ලිපිය ඉංග්‍රීසි දෙවෙනි භාෂාව වෙච්ච රටක එකක් එහෙම නෙමෙයි. මේක ඉංග්‍රීසි මහගෙදර වෙච්ච එංගලන්තෙ පළ වෙන එකක්. එහෙට සංක්‍රමණිකයන් විදියට එන මිනිස්සුන්ගෙ දරුවන්ටත්, ඉංග්‍රීසියෙන් නැතුව ඒ ඒ මව්භාෂා වලින් ඉගෙනගන්න දෙන එකේ වැදගත්කම ගැන තමයි මේ ලිපියෙ සාකච්ඡා කරලා තියෙන්නෙ.