ජෛව මංකොල්ලය ( bio piracy) , ඡාන කොල්ලය ( gene piracy) ගැන විමසීමේදී අපේ මනසට එන්නේ ඖෂධ වටිනාකමක් ඇති ශාක විශේෂ වල ජාන සහ ඇල්කොලොයිඩ සාර ඇති ශාක කොටස් හෝ මුලු ශාකය පිටින්ම ඒ ශාකයේ මුල් බිමෙන් ( native area) ඉවතට ගෙනයෑම , එයින් විවිධ ඖෂධ හෝ රසායනික නිපදවීම, පේටන්ට් ලබා ගැනීම, එවා අධික මිලකට විකිණීම ආදිය ගැනය.
එහෙත් අද මෙහි සටහන් කිරිමට යන්නේ ඊට වඩා භයානක ජෛව කොල්ලයක් මුසු අපරාධයක් ගැනය. ඒ මානව ඡාන කොල්ලයයි ..
නූතන තාක්ෂණික ප්‍රවර්ධනය GNR Concept මත පදනම්ව ඈති බව මා කලින් ලියා ඇත. එනම් Genetics, Nanotechnology and Robotics හෙවත් ඡාන ඉංජිනේරු, නැනෝ තාක්ෂණය සහ රෝබෝ තාක්ෂණය යි.
මේ GNR ප්‍රථම අධියර හෙවත් උපස්ථරය වූ NBC සහ E- AI ( Nuclear, biological and chemical) සහ Electronics / Artificial intelligence මත GNR ප්‍රවර්ධනය කරයි.
මානව විශේෂයේ ජාන එනම් මානව ගෙනෝමය ( human genome) පර්යේෂකයන් පූර්ණව අධ්යනය කර ඇත. ඒ ඒ ප්‍රවේණික රෝග හෝ Covid වැනි වෛරස හෝ බැක්ටීරියා වලට මනුෂ්‍ය ශරීරය දක්වන ප්‍රතික්‍රියාව මත තැනෙන ප්‍රති දේහ සහ සෙසු ජෛව රසායනික සංයෝග මොවුන් ගේ පර්යේෂණයට ලක්වේ.
නූතන මානවයා හෙවත් හෝමෝ සාපියන්ස් ( විද්‍යාත්මක නාමකරණයේ යුතු ලතින් උච්චාරණය අනූව) පරිණාමය වී ඇත්තේ තම ශරීර සමස්ථිතිය නීවර්තන දේශගුණියකට ( tropical climate) අනුකූලව ය. උදාහරණයක් ලෙස ඔහු ගේ පරිවෘතීය ක්‍රියා වඩා හොදින් යාමනය වන්නේ නීවර්තන උණුසුම් පරිසරය තුලය. තම පුර්වජයන් වූ හොමිනිනයන් මෙන් රෝම වලින් ශරීරය වැසී නැත. (1) . දෙවනුව, අද බටහිර රටවල සහ බොහෝ රටවල ජනතාව තම පරම්පරා ගණනාවක් තූල වසූරිය, පෝලියෝ, ලාදුරු ආදියට එරෙහිව එන්නත්කරණය ( vaccination) කරගෙන ඈති බැවින් ඔවුන්ගෙන් මානව ව්ශේෂයේ නොඉඳුල් ඡාන හෙවත් නොහික්ත ඡාන ලබා ගැනීමට නොහැකිය .(2) . යටත් විජිත කරණය නිසා සහ සංක්‍රමණික රටා අනුව අද ලෝකයේ නොමුහුන් ජන කොටසක් සොයා ගැනීම ද උගහටය. නමුත් ඇත.(3)
ඉහත (1) සහ (2) සහ ( 3) සාධක දෙස බැලූ විට අපට පෙනී යන්නේ නොහික්ත ජාන ලබා ගැනීමට නම් ” නිවර්තන කලාපීය දේශයන්හි නූතන මානවයාගෙන් දුරස්ථව මහා වනාන්තර හෝ කාන්තාර තුල හෝ හුදකලා දුපත් වල සිටින මුල් වැසියන් ( indigenous people) හෙවත් හුදකලා ගෝත්‍රික වැසියන් ( isolated tribes) ගේ ශරිර වලින් ලබා ගත යුතුය.
අවශ්‍ය හෝ අනවශ්‍ය මානව කාණ්ඩ තෝරා ගැනීම, අභිජනනය හෝ වද කර දැමීම සියවස් ගණනාවක සිට පැවැත එන කණගාටුදායක යථාර්ථයකි. උදාහරණයක් ලෙස ඉංගිරිසි සුද්දා යටත් වැසියන් ව සැලකුවේ පශු සම්පතක් ලෙසිනි. 1505 මෙරටට බැසි පරංගියා කීවේ තම යටත් විජිත තුල රෝමානු කතෝලික ආගම මෙන්ම පෘතුගීසි ලෙය ද තහවරු කල යුතු බවයි. එය පරංගි භාෂිතයේ ( Portuguese doctrine) කොටසක් විය. එනිසා යටත් විජිත වල ගැහැණු ( මල්වර දැරිවියන් ද ඇතුළුව) පරංගීන්ට විවාහ කොටැ බෞතීස්ම කොට Topazes පරපුරක් සාදන ලදි. ඒ ඩාවීන් සහ වොලස්ගේ පරිණාමවාදය සහ මෙන්ඩල් ගේ ප්රවේණිවාදය ඒමට බොහෝ කලකට පෙරය.
යළිත් අපි මුල් මාතෘකාව ට එමු.. අර කී නොහික්ත හෙවත් නොමුහුන් හෝ විකරණයට ලක් නොවූ මානව ජාන සෝයා බටහිර විද්‍යාඥයෝ නීවර්තන රටවල් පිරීමට පටන් ගත්තේ දශක ගණනාවකට ප්‍රථමව ය.
වෛද්‍ය කණ්ඩායම්, පරිසරවේදීන් , ජෛව පර්යේෂකයන් , කිතුණු පාදිලියන් ,NGO කාරයන් ලෙස සහ කොටින්ම බෞද්ධ චීවරය දමා භික්ෂූන් ලෙසද සංවේදී භූමි තුලට කා වැදුනි. එසේ කරන්නේ ආවරණයක් හෙවත් coverup නොමැතිව ආවොත් බලධරයන් සහ ජනයාගේ සැකයට හසු වන බැවිනි.
දෙවනුව මේ සදහා ඔවුන් කාන්තාවන් ( තරුණ සුද්දියන්) භාවිතා කලේ වඩා මිත්‍ර ලීලාවෙන් වැඩේට බැසීමටත් , ඊටත් වඩා මුල් වැසි ගම්මානයේ සරු පිරිමින්, විශේෂයෙන්ම ගෝත්‍රික නායකයා සමග ලිංගිකව එක් වී ශුක්‍ර තරල එකතු කරගෙන සහ දරු ගැබක් ඇති කරගෙන එම පටක හෝ ජෛව සාම්පලය ඉවතට ගෙන යෑමට වේ . මෙවැනි සිද්ධි බොහෝමයක් වාර්ථා වී ඇත.
වර්ෂ 1991 දී උතුරු ඇමරිකානු සහ යුරෝපීය විද්‍යාඥයෝ ජාලයක් ලෝකය පුරා විසිරී ඇති ජන කොටස් වල රුධිරය, පටක සහ හිසකෙස් එකතු කිරීමේ වැඩ පිලිවෙලක් ක්රියාවේ යෙදවූ අතර එය HGDP හෙවත් Human genome diversity project නම් විය.
මොවුන්ගේ මේ ක්‍රියාවලිය වර්ෂ 1995 පෙබරවාරි මස තුලදී කැනඩාවේ ඇමරිකාවේ සහ බ්‍රසීලය පෙරු ආදී රටවල මුල් වැසියන්ගේ විරෝධයට ලක්විය. එහෙත් අප්‍රිකාවේ ඉන්දියාවේ හෝ ඉන්දුනීසියාවේ ආදී රටවල එයට විරුද්ධව කිසිවක් නොවීය. කෙසේවෙතත් 80 දශකය අග හෝ ඊට පසු සුදු කාන්තාවක් ලංකාවේ වැදි ගම්මානයක ජීවත් වූ බවත් ඇය පසුව ගැබ් දරා රටින් පිටව ගිය බවත් පුවතක් කලකට පෙර අසන්නට ලුබුනකි . HGDP ට මුල් වැසියන් එරෙහි වූයේ එය” opens the door for potential widespread abuse of human genetic material for scientific, commercial or military purposes ” ලෙස පවසමිනි.
Out of Africa හෙවත් අප්‍රිකාවෙන් පිටතට සංක්‍රමණය වූ නූතන මානව හෙවත් හෝමෝ සාපියන්ස් කාණ්ඩ වලින් දැනට ඉතිරිව සිටින නොහික්ත පිරිසක් ඉන්දියානු සාගරයේ අන්දමන් සහ නිකෝබාර් දූපත් ආශ්‍රිතව ජිවත් වේ. එම ජනයා රකිනු සදහා ඉන්දියානු රජය විසින් එම දූපත් කීපයක් සහ සාගර කලාපය කිසිවෙකුට ඇතුලු වීමට නොහැකි තහනම් කලාපයක් කර ඇත.
ඕනෑම පුද්ගලයකුගේ භෞතික මානව විද්‍යා පසුබිම ඇතුලු ප්‍රවේණික කිටුව බොහෝ දුරට ඔහු හෝ ඇයගේ රුධිර පටකය සහ එහි Rh සාධක වලින්ද , මයිටකොන්ඩ්රීය ප්‍රවේණික ද්‍රව්‍ය අධ්‍යනය සහ පෙලවැල සටහන් ( genealogical lineage) සෙසු සාධක කීපයකින්ද දැන ගත හැකිය. දෙවනුව එම පුද්ගලයාගේ වෛද්‍ය ඉතිහාසය ( medical history)වලින් බොහෝ දේ කිව හැකිය. වර්තමානයේ මේ දත්ත සියල්ල කොම්පියුටර හරහා ජාල ගතව පවති. කොටින්ම ඔබ ලදරුවෙකු ලෙස ලංකාවේ දී ලබා ගත් එන්නත් මොනවාද? එන්නත් කලේ කවදාද ? යන්න දියුණු රටක ඔබේ පෞද්ගලික වෛද්‍යවරයා ට ඔබෙන් නොඅසා දැනගත හැකිය.
( මතු සම්බන්ධයි.)
කීර්ති හේවාගොඩ
2021/05

