කතෝලික ඹත්තු කරුවෙක් ද?
ගෞතම බුද්ධ ශාසනයේ පැවිදිව සිටිමින් ථෙරවාදී බුද්ධ ශාසනය අතුගා දැමීමේ විදේශීය ඔත්තු සේවාවන් හි අදිසි හස්තයක් ලෙස ක‍්‍රියාකරන අකෘතඥතාවයේ ප‍්‍රතිමූර්තිය වූ කිරිබත්ගොඩ ඤාණානන්ද නම් භික්‍ෂූන් වහන්සේ ගේ අශ්ශීල ක‍්‍රියා පිළිවෙත අපි මෙසේ ලෝකවාසී ජනයාට ඉතා සංවේගයෙන් යුතුව හෙළිදරව් කරන්නෙමු.
කිරිබත්ගොඩ ඤණානන්ද හිමිගේ තිරය පිටුපස අඳුරු පැටිකිරිය (පළමු කොටස)
කිරිබත්ගොඩ ඤණානන්ද හිමිගේ තිරය පිටුපස අඳුරු පැටිකිරිය (පළමු කොටස)
ලොව්තුරා බුද්ධත්වයට පත්වූ සිදුහත් බෝධිසත්වයන් බුද්ධත්වයට පත්ව තමන්වහන්සේට බුද්ධත්වයට පත්වීමට පිටදුන් බෝධි රුක්ෂයට කළගුණ සලකනු වස් දෙවන සතියේ දී අනිමිසලෝචනයෙන් බෝධි රුක්ෂය දෙස බලා සිටි සේක. බුදුරාජාණන් වහන්සේ සමස්ත විශ්වයටම පෙන්වා දුන් පළමු ආදර්ශය මෙය ලෙස සැලකිය හැකි අතර ඒ උතුම් ආදර්ශය වන්නේ කළගුණ සැලකීමයි.
ඔබට ක‍්‍රියාවෙන් හෝ වචනයෙන් යමෙක් උදවු උපකාර කළේ ද ඔබ සාර්ථකත්වයට පත් වූ පසු එම උපකාරය අමතක නොකළ යුතුය. ඔබ එසේ කරන්නේ නම් ඔබ අයත් වන්නේ ස්වආත්මාර්ථය පමණක් සලකන දුර්ජනයෙකු ලෙස ය.
මින් ඉදිරියට ඔබ කියවීමට යන්නේ ලොමු දැහැගන්වන වන ත‍්‍රාසජනක ක‍්‍රියාවලින් යුත් සිත් කම්පා කරන ම්ලේචත්වයෙන් පිරි මේ උතුම් වූ පොළොවේ සිද්ධ වූ ක‍්‍රියාදාමයක සැබෑ කතා පුවතක පළමු කොටසයි. ගෞතම බුද්ධ ශාසනයේ පැවිදිව සිටිමින් ථෙරවාදී බුද්ධ ශාසනය අතුගා දැමීමේ විදේශීය ඔත්තු සේවාවන් හි අදිසි හස්තයක් ලෙස ක‍්‍රියාකරන අකෘතඥතාවයේ ප‍්‍රතිමූර්තිය වූ කිරිබත්ගොඩ ඤාණානන්ද නම් භික්‍ෂූන් වහන්සේ ගේ අශ්ශීල ක‍්‍රියා පිළිවෙත අපි මෙසේ ලෝකවාසී ජනයාට ඉතා සංවේගයෙන් යුතුව හෙළිදරව් කරන්නෙමු.
1961 ජූලි මස 01 වෙනි දින කතෝලික පියෙකුට දාව මෙලොව එළිය දුටු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සිය සොහොයුරා සමගින් පැවිදි දිවියට ඇතුළු වනුයේ පූජ්‍ය දික්වැල්ලේ පඤ්ඤාණන්ද හිමියන්ගෙ ගෝල හිමිවරුන් ලෙස ය. ඒ 1979 වර්ෂයේ මාර්තු මාසයේ දී ය. පූජ්‍ය දික්වැල්ලේ පඤ්ඤාණන්ද හිමියන් එකල වැඩවාසය කළේ කන්තලේ පිහිටි මැටියෙන් තනන ලද පැලක් බඳු කුටියකය. පසුව උන්වහන්සේ මෙම ගෝලයන් දෙදෙනා සමග කන්තලේ පන්සල් ගොඩැල්ල නම් රජයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් කුඩා පන්සලක් සිය වාසස්ථානය බවට පත්කර ගන්නා ලදී.
පූජ්‍ය දික්වැල්ලේ පඤ්ඤාණන්ද හිමියන් සිය ගෝල කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සහ සහෝදර හිමි සමග සතියකට වරක් දෙවරක් වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන යාම සඳහා සේරුවිල මංගල මහා විහාරස්ථානයට නිරන්තරයෙන්ම ආව ගියහ. නටඹුන්ව ගිය සේරුවිල පන්සල 1922 දී සොයාගන්නා ලද පූජ්‍ය දඹගස්ආරේ ශ‍්‍රී සුමේධංකර නාහිමියන් ඒ වන විටත් එහි විහාරාධිපති හිමියන් ලෙස එහි කටයුතු කරමින් සිටියහ.
නිරන්තරයෙන්ම සේරුවිල විහාරස්ථානයට පැමිණෙන යොවුන් වියේ විසූ කිරිබත්ගොඩ ඤාණානන්ද සාමණේර හිමියන් දුටු පූජ්‍ය දඹගස්ආරේ ශ‍්‍රී සුමේධංකර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු වූ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් ඤාණානන්ද හිමිට ආරාධනා කර සිටිනුයේ ඔවුන්ට ද සේරුවිල මංගල මහා විහාරස්ථානය සමග එකතු වන ලෙසයි.
ඉන් අනතුරුව පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් විසින් නායක හාමුදුරුවන්ගේ දැනුවත් කර අවසරය ලබාගැනීමෙන් අනතරුව සහෝදර භික්‍ෂුවක් ලෙස කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සේරුවිල මංගල මහා විහාරය සමග එකතු විය. සේරුවිල මංගල රජමහා විහාරයට එකතු වූ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සියවාස භවන බවට පත්කර ගත්තේ කන්තලේ අනූදෙකේ පන්සල ය. තරුණ ඤාණානන්ද හිමිගේ අධ්‍යාපන කටයුතු සඳහා පිරිවෙණ් අධ්‍යාපනයට යොමු කළ අතර එහි දී භාරකාර හිමිලෙස කටයුතු කරන ලද්දේ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන්ය.
කතෝලික ළදරුව බෞද්ධ දරුවෙකු වීමේ කතාව.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ප‍්‍රකාශ කරන අයුරින් හෙතෙම බෞද්ධයකු කිරීමට බලපෑම් කර ඇත්තේ කතරගම දිව්‍යරාජෝත්තමයා ය. ඒය උන්වහන්සේගේම වචනවලින් මෙලෙස ලියා තබමි.
‘‘මේ පිංවතුන් දන්නා ප‍්‍රකට කාරණයක් තියෙනවා. ඒ තමයි මම උපතින් බෞද්ධාගමේ නොවේ කියන එක. අප‍්‍රකට කාරණය තමයි මම කොහොමද බෞද්ධ වුනේ කියන එක. මම බෞද්ධ වෙනකොට මට වයස මාස 06 යි. මං මාස 06 දි තමයි තිසරණයේ පිහිටියේ. ඒ සිදුවීම මෙහෙමයි වුනේ. අපේ දෙමවුපියන්ට ඕන වුනා පුතෙක් ලබා ගන්න. ඔන්න ඊට පස්සේ මම ඉපදුනා. ඒ අපේ තාත්තා කතරගම කිරිවෙහෙරට ගිය වෙලාවේ අපේ තාත්තට දේවආකර්ෂණය වගේ එකක් ආවා. ඇවිල්ලා කිව්වා මේ ළමයා ඉපදුනේ මේ පවුලට බෞද්ධ වීම පිණිසයි. ඉතින් ඒ අනුව මාවත් වඩාගෙන මට මාස හයයි. අපේ දෙමවුපියන් තිසරණයේ පිහිට ලැබුවා.’’
(උපුටා ගැනීමකි. වීඩියෝ පටය https://www.youtube.com/watch?v=9kzRxucFeD0 ලින්ක් එක මගින් පිවිසී නරඹන්න)
අපගේ ගවේෂණයේ දී එළිදරව් වූයේ ඤාණානන්ද හිමියන් සහෝදරයකු මේ වන විටත් ස්විස්ටර්ලන්තයේ ජීවත් වන බවත් ඔහු තවමත් කතෝලික භක්තිකයෙකු වන බවත් ඤාණානන්ද හිමියන්ට සිය සහෝදරයාට විමුක්තිය අත්කර දීමට නොහැකි වී ඇති බවත් ය.
ඉන්දියාවේ ගිජ්ජකූට පර්වතය නගින අවස්ථාවේ දී පියගැට පෙළේ දී සිය අතීත ඡුන්මය ස්මරණය වූ බවත් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග‍්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ ලග පෙර භවයක දී මහණදම් පිරූ බව මතකයට පැමිණි බවත් පවසන හෙතෙම තවමත් නිර්වාණ අවබෝධ කර ගැනීමට නොහැකි වීම නිසා මහත් විස්සෝපයට පත්ව ‘‘එක්කෝ මම ධර්මය සොයාගෙන ජීවත් වෙනවා නැත්නම් මා මරණයට පත්වෙනවා’’ යන අධිෂ්ඨානය ඇතිකර ගත් බවත් ඒ අනුව තමන් විසින්ම විමුක්ති මාර්ගය සොයා යෑමේ ගමන ඇරඹූ බවත් ආත්ම ප‍්‍රකාශයක් සිදුකරයි. (ඉහත වීඩියෝ පටය නරඹන්න)
දේව අණින් බෞද්ධ වූ තරුණ ඤාණානන්ද හිමි බාල වයස්කාර දැරියක් ගැබ්බර කරයි.
බෞද්ධයකු වීමට පෙරුම්පුරා දේව අණින් බෞද්ධයකු බවට පත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි කන්තලේ අනූදෙකේ පන්සලේ වැඩසිටි සමයේ දී වයස අවුරුදු 15 ක් පමණ වන දියණියක සමග විටින් විට ලිංගික සබඳතා පවත්වා ඇති අතර එම දැරියට ඤාණානන්ද හිමිට දාව දරුවෙක් පිළිසිඳ ගත්සේක.
ඇය කන්තලේ වෙන්ඩාසන්පුර ධනකොල වත්තේ ආච්චි ගේ නිවස යයි හඳුන්වනු ලබන නිවසේ සිටි දියණියක වූ දමයන්ති නම් වූ වයස අවුරුදු 15 ක බලාවයස්කාර දියණියකි. තමාව විවාහ කරගන්නා ලෙස එම දියණිය විසින් විටින් විට ඤාණානන්ද හිමිගෙන් ඉල්ලා සිටිය ද ඔහු ඇයව මගහරින ලදී. මේ හේතුවෙන් මහත් සිත්තැවුලට පත් දමයන්ති දියණිය සියදිවි නසාගත් බව සංවේගයෙන් යුතුව අපි මෙහි සටහන් කර තබන්නෙමු.
මෙම සිදුවීම වන කාල වකවානුව වන විට දණ්ඩ නීති සංග‍්‍රහයේ 363 වගන්තිය මගින් ව්‍යවස්ථාපිත ස්ත‍්‍රී දූෂණය ලෙස අර්ථ දක්වා තිබුනේ වයස අවුරුදු 12 ට අඩු ස්ත‍්‍රීයක් සමග කැමැත්ත ඇතිව හෝ නැතිව සිදුකරන ලිංගික සංසර්ගය ඇති කිරීමට ප‍්‍රවේශය යන්න සහ 364 අ. වගන්තිය මගින් දක්වා තිබුණේ වයස අවුරුදු 12 ත් 14 ත් අතර ගැහැණු ළමයින් බාල වයස්කාර ගැහැණු ළමයින් ලෙස අර්ථදක්වා තිබූ අතර ඔවුන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම වරදක් වන බවයි. මේ නීතිමය හිඩස නිසා එකල මෙම සිදුවීම සම්බන්ධනේ අපරාධ වරදක් ලෙස කටයුතු කර නැත. මන්ද ඒ වන විට ඇගේ වයස අවුරුදු 14 ඉක්මවා තිබීම හේතුවෙනි.
එසේ වුවද වර්තමාන නීතිමය පසුබිම වනුයේ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග‍්‍රහය (සංශෝධන) පනතේ 363 (ඉ) වගන්තිය අනුව වයස අවුරුදු 16 ට අඩු එම පුරුෂයාගේ භාර්යාව නොවන ස්ත‍්‍රීයක් සමග කැමැත්ත ඇතිව හෝ නැතිව මෛථුනයෙහි යෙදේ නම් එය ව්‍යස්ථාපිත ස්ත‍්‍රී දූෂණය වන බව පාඨක ඔබගේ වැඩි දැනුම සඳහා සටහන් කර තබමු.
මෙම සිදුවීම නිසා මහත් සිත්තැවුලට පත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කරයි. වස පානය කරන ලද ඤාණානන්ද හිමියන් රෝහල වෙත රැගෙන යන්නේ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් විසිනි.
උපවැදි වූ ඤාණානන්ද ජවිපේ සන්නද්ධ බලකාය සමග සටන් පෙරමුණට.
මෙම සිදුවීම් වන විට විද්‍යෝදය විශ්වවිද්‍යාලය හෙවත් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථිකයකු ලෙස තෘතීක අධ්‍යාපන කටයුතු හදාරමින් සිටි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි දැඩි මානසික ව්‍යාධියකට ලක්වී සිටි සේක. ඒ හෙතුවෙන් සිය උසස් අධ්‍යාපන කටයුතු ද අතර මඟ අතහරින ලදී. ඉන් ටික කලකට පසුව හෙතෙම නොසන්සුන් මනසකින් යුතුව ඉබාගාතේ යමින් ජීවිතය ගත කරන්න විය.
1988 – 89 ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ සමය අරඹන යුගයේ දී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සහ සහෝදර හිමිනමක් වූ පසුගිය දා ඉන්දියාවේ දී අපවත් කරන ලද සේරුවිල මංගල මහා විහාරයේ හිටපු විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරම හිමි සමගින් එකතු වී භික්‍ෂු ජීවිතයට සමුදෙමින් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ සාමාජිකයන් ලෙස රාජ්‍ය විරෝධී කැරැල්ලට එකතු විය.
පොලිස් නිලධාරීන් ඝාතනය කරමින් ත‍්‍රිකුණාමලයේ පොලිස් මුරපොළට එල්ල කරන ලද මේලේච්ඡ ප‍්‍රහාරය පිටුපස හිටියේ ඤාණානන්ද සහ මෙත්තාරම යන කැරළිකරුවන් ය. ඔවුන්ගේ විසින් සංවිධානයේ උපදෙස් පරිදි පොලීසය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පමණක් නොව පොලිස් නිලධාරීන්ගේ දෙමව්පියන් ද බිරින්දෑවරුන් ද ඝාතනය කර ඇත.
මෙම ප‍්‍රහාරයටන්ට සම්බන්ධ ජෙවිපේ සාමාජිකයකු යුධ හමුදා අත්අඩංගුවට පත්වීමත් ඔහු ගෝනි බිල්ලෙකු බවට පත්වීමත් සමග ඤාණානන්දට සහ මෙත්තාරාමට ජීවිත බය දැනී කොළඹට පලා ආහ. ඒ 1989 අවුරුද්දේ අග භාගයේ දී ය. පලා ආ ඤාණානන්ද නැවතත් චීවරයක් දරා ගනිමින් කෙලින්ම පැමිණියේ පූජ්‍ය කොටපොල අමරකිත්ති නාහිමියන්ගේ කොළඹ ශාන්ති පදනම විහාරස්ථානයට ය.
1990 වර්ෂයේ දී ශාන්ති පදනමේ සිය වාස භවන කරගත් ඤාණානන්ද හිමියන් රටින් පැනයාමට අවශ්‍ය විය. ජවිපේ ක‍්‍රියාකාරියකු වූ හෙතෙම සිය ජීවිතය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් රටින් පැන යාමට අවශ්‍ය සහයෝගය ද බෞද්ධ කටයුතු කොමසාරිස්ට ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛනද සකසා රටින් පැන යාමට උදව් කරන ලද්දේ කොටපොල අමරකිත්ති නාහිමියන් ය.
නැවත ලංකාවට පැමිණි ඤාණානන්ද හිමි විවිධ භාවනා මධ්‍යාස්ථාන හා තැන් තැන්වල ඇවිදයමින් ඉබාගාතේ යන්නට විය. තමා අතින් ගැබ්ගත් ගෙන සියදිවි නසා ගත් දමයන්ති සහ කැරළි කරුවෙකු ලෙස තමා විසින් මරා දමන ලද පොලිස් නිලධාරීන්ගේ ඇතුළු මිනිසුන්ගේ විලාපය ඔහුගේ සිතට දැඩි බලපෑමක් එල්ල කර තිබුනි. ඒ නිසා භාවනා කිරීමට ඔහුට අපහසු විය.
මේ පිළිබඳව තොරතුරු දැනගත් පූජ්‍ය කොටපොල අමරකිත්ති නාමියන් ඤාණානන්ද හිමි කැඳවා ඔහුට නතර වීම සඳහා මොරටුව ලක්ෂපතියේ පිහිටි ක්‍ෂේත‍්‍රාරාම විහාරස්ථානයේ නරතවීම සඳහා අවස්ථාව සකසා ලබාදුනි.
පසුව සිය හිත හදාගැනීම සඳහා ඤාණානන්ද හිමියන්ට භාවනා කිරීමට අවශ්‍ය බව කොටපොල අමරකිත්ති නාහිමයන්ට දැනුම් දීමෙන් පසුව විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරවාසී ගම්පහ පේ‍්‍රමසිරි හිමියන් සම්බන්ධකර දෙනු ලබන්නේ කොටපොල අමරකිත්ති නාහිමියන් විසිනි. ඒ අනුව ඤාණානන්ද හිමි සිය නවතම වාසභාවන බවට විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරවාසී වන ලදී.
මේ අතරතුර දී බෞද්ධ ධානපතියකු වූ අනුර මහතාගෙන් පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන්ට පොල්ගහවෙල පිහිටි අක්කර 10 ක ඉඩමක් විහාරයක් ඉදිකිරීම සඳහා පරිත්‍යාගයක් ලෙස ලැබුණි. මෙම ඉඩමේ විහාරස්ථානයට මුල්ගල තැබීමේ පූජෝත්සවය සිදුකරන දින එවකට විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විසූ ඤාණානන්ද හිමියන් ද එක්ව සිටියේය.
මුල් ගල අතට ගත් පූජ්‍ය කොටපොල අමරකිත්ති නාහිමියන් දුටුවේ එම ස්ථානයට වැඩමව සිටි තරුණ ඤාණානන්ද හිමියන්ය. තමා විසින්ම සේරුවිල පන්සලට එකතු කරගත් ඤාණානන්ද හිමියන්ට ස්ථීර විහාරස්ථානයක් ලබා දිය යුතුයැයි සිතුවිල්ලක් පූජ්‍ය අමරකිත්ති නාහිමයන්ට පහල විය. ඒ අනුව ඤාණානන්ද හිමියන්ට කතා කරමින් ඔබ වහන්සේ මේ පන්සල බාරගෙන කරගෙන යා හැකි දැයි විමසා එවෙලේම මුල්ගල තැබීම ඤාණානන්ද හිමියන්ට භාරදුනි. නිස්සරණාධ්‍යාසය ප‍්‍රගුණ කළ හිමියකු වූ කොටපොල අමරකිත්ති නාහිමියන් ඉන් නොනැවතී අක්කර 10 ක ඉඩම ඤාණානන්දගේ නමට ඔප්පුවකින් ලියා භාර කළ අතර එම ඔප්පුවේ අත්සන් තබා ඇත්තේ අමරකිත්ති හිමියන් සහ අනුර මහතා ය. ඒ අනුව පොල්ගහවෙල මහමෙව්නා අසපුව බිහිවිය.
ඤාණානන්ද හිමි විදේශීයන්හි ගතකරන කාලයන් හි ඇමරිකානු CIA සංවිධානය සමග ක‍්‍රියාත්මක වූ විවිධ මූලධර්ම සංවිධාන ඔහු සමග මිතුරුකමක් ගොඩනගා ගන්නා ලදී. නව පන්සලක් හිමි වූ සිය ශ‍්‍රී ලංකික මිතුරා ඤාණානන්ද හිමියන් සමග ඔවුන් සිය බෞද්ධ ශාසනය විනාශ කරන වැඩපිළිවෙල ආරම්භ කරන ලදී. එම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් කෝටි ප‍්‍රකෝටි ගණින් ඤාණානන්ද හිමියන්ට ගලා ආයේය. එම ශක්තියෙන් හෙතෙම ඉතා කෙටි කලක් තුළ ලංකාවේ වෙනම අසපු සංස්කෘතියක් නිර්මාණය කළේය. තම පරණ උපසම්පදාව අත්හැර එංගලන්තයේ අමරාවතී විහාස්ථානයෙන් ගෙන්වා ගන්නා ලද භික්‍ෂූන් වහන්සේලා ඉදිරියේ කලපළුවාව තපෝවන විහාරස්ථානයේ දී නව උපසම්පදාවක් ද හෙතෙම ලබා ගන්නා ලදී.
ඉන්පසු ඇරඹේන්නේ ඤාණානන්දගේ දිගු කාලීන සැලැස්මක් වූ පන්සල් කොල්ලයයි. සිය ජවිපේ කැරළිකාර මිත‍්‍ර යළිත් පැවිදි දිවියට පිවිසි මුංහේනේ මෙත්තාරාම සහ ඤාණානන්ද හිමිවරු එක්ව පළමු ප‍්‍රහාරය එල්ල කරනු ලබන්නේ ඤාණන්ද හිමිගේ භික්‍ෂු ජීවිතයේ ආරම්භයේ සිටම පිටුපස සිටිමින් මහත් ශක්තියක් වූ කොටොපොල අමරකිත්ති නාහිමියන්ටය. ඒ මංගල මහා චෛත්‍ය වර්ධන සමිතිය යයි පැරණි නමකින් අටවා ගත් සංවිධානයක් මගින් අමරකිත්ති නාහිමියන් ඇතුළු සේරුවිල චෛත්‍යයට අයිතිවාසිකම් ඇති භික්‍ෂූන් වහන්සේලාට විරුද්ධව නඩු පවරමිනි.
දැඩි කුමන්ත‍්‍රණයක් සිදුකර සිය සිවිල් බලය සහ විදේශීය සංවිධානවලින් ලැබුණු මුදල් යොදා ගනිමින් පූජ්‍ය කොටපොල අමරකිත්ති නාහිමියන්ට උරුම අයිතිවාසිකම තිබූ සේරුවිල මංගල මහා විහාරස්ථානයේ විහාරාධීපතිත්වය උන්වහන්සේගෙන් උදුරා ගනිමින් සිය කැරළිකාර සගයා වූ මුංහේනේ මෙත්තාරාමට ලබාදුනි.
තමන්ගේ භික්‍ෂු ජීවිතයේ සාර්ථකත්වයට නිබඳවම උදවු උපකාර කරමින් ද, සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ භික්‍ෂුවක් ලෙස සංඝ පරම්පරාවට සම්බන්ධ කරගනිමින් ද, බාල වයස්කාර දැරියක් බඩදරු කිරීමෙන් සහ ඇය සියදිවි නසා ගැනීමෙන් අනතුරුව ඤාණානන්ද හිමි වස පානය කර සිය දිවි නසා ගැනීටම උත්සාහ කළ අවස්ථාවේ සිය ජීවිතය බේරාදුන් ද, ජවිපේ කැරළිකාරයන් සමග එක්ව සිය ජීවිතය රැකගැනීමට පලායාමේ දී විදේශ රටකට යවා නැවත වරක් ජීවිතය බේරා දුන් ද,
ලංකාවට ආපසු පැමිණි පසු වැඩවිසීමට විහාරස්ථාන පහසුකම් සපයා දෙමින් ද සහ ඉන් නොනැවතී තමන්ට ත්‍යාග්‍යයක් ලෙස ලැබුණු අක්කර 10 ක ඉඩම පන්සල් සදා ගැනීම සඳහා ඔප්පුවකින්ම පවරා දෙමින් ද කටයුතු කළ පූජ්‍ය කොටපොල අමරකිත්ති නාහිමියන්ට විරුද්ධව වර්තමාන අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි ඇතුළු නැගෙනහිර මුස්ලිම් අන්තවාදීන් සමග එකතු වී කුමන්ත‍්‍රණය කරමින් සේරුවිල මංගල මහා චෛත්‍යයේ විහාරාධිපතිත්වය හිමි පූජ්‍ය කොටපොල අමරකිත්ති නාහිමියන්ගේ අයිතිය උදුරාගැනීමට කටයුතු කලේ අකෘතඥතාවයේ ප‍්‍රතිමූර්තිය බඳු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි නමින් භික්‍ෂු වේශයෙන් පෙනී සිටින තුච්ඡ ක‍්‍රියාවන් හි කෙල පැමිණි නාමික භික්‍ෂුව බව ඉතා සංවේගයෙන් යුතුව සඳහන් කරමු.
(කිරිබත්ගොඩ ඤාණාන්ද හිමිගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක වියදම ගෝඨාභය අලි සබ්රි සමග එක්ව සේරුවිල මංගල රජමහා විහාරයෙන් ගෙවයි ! ගෝඨාභය ආනන්තරීය පාපකර්මයකට අත ගසයි ! – https://cmedianet.net/blog/archives/13055) ඉහත කුමන්ත‍්‍රණය පිළිබඳ වැඩි තොරතුරු සඳහා ලිපිය කියවන්න.
ගෞතම බුදුරාජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිදුකළ පළමු ක‍්‍රියාව නම් කළගුණ සැලකීම බව මේ ලිපියේ ආරම්භයේ දී සඳහන් කර ඇති බව ඔබට සිහිපත් කරමු. සේරුවිල මංගල මහා චෛත්‍යය කූට උපක‍්‍රමයක් මගින් අල්ලා ගන්නා ලද මෙම අසපු කල්ලිය විසින් කුමන්ත‍්‍රණය කර මරා දමන ලද භික්‍ෂුන් වහන්සේලාගේ ඝාතන, බලහත්කාරය යොදා ගනිමින් අල්ලා ගන්නා ලද ථෙරවාදී බෞද්ධ පන්සල් සහ එම කුමන්ත‍්‍රණ ද ථෙරවාදී බෞද්ධ ශාසනය විනාශ කිරීමට ගෙන යන කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙල පිළිබඳව අපගේ ඉදිරි ලිපි මගින් ලෝකවාසී ජනයාගේ දැන ගැනීම පිණිස අපි ජනගත කරන්නෙමු