රාජ් සෝමදේවට පිළිතුරු – 4

රාජ් සෝමදේවට පිළිතුරු – 4 කොටස

4 කොටස :රාජ් සෝමදේව දීපවංස කතුවරයා ලවා චෛත්‍යයක් නිර්මාණය කරවයි.

රාජ් සෝමදේවගේ මිථ්‍යාවන්ට ආචාර්ය අරුණ කීිර්ති ගමගේ සූරීන්ගේ පිළිතුරු දේශනයේ සිවුවන කොටස: ලංකාවේ සිටි යක්කු ජෛනයෝ ද? සැබෑ ජෛන යක්ෂයා සහ ලංකාවේ යක්ෂයින් ගැන ඉගනගමු.

(දර්ශන අනුග්‍රහය Our Plight)
https://www.facebook.com/171650076778011/videos/1109765499478631

රාජ් සෝමදේවට පිළිතුරු – 3

රාජ් සෝමදේවට පිළිතුරු – 3 කොටස

3 කොටස : මහින්දාගමනය අනතුරක්!; ව්‍යසනයක්!

රාජ් සෝමදේවගේ මිථ්‍යාවන්ට ආචාර්ය අරුණ කීිර්ති ගමගේ සූරීන්ගේ පිළිතුරු දේශනයේ තෙවන කොටස: භාෂාඥානය දුර්වල පුරාවිද්‍යාඥයාගෙන් ථෙරවාද බුදුදහමට සිදු වන හානිය
(දර්ශන අනුග්‍රහය Our Plight)
https://www.facebook.com/171650076778011/videos/646379596053628

සෝමදේවගේ මිථ්‍යාවට පිළිතුරු 02

ආචාර්ය අරුණ කීර්ති ගමගේ සූරීන්ගේ දේශනයේ දෙවන කොටස:
තම්බපණ්ණි විනය පිටකය පිළිබඳ සෝමදේවගේ විකාරය
යෝනකධම්මරක්ඛිත හිමියන් පිළිබඳ සෝමදේවගේ ගල් පැලෙන බොරුව

https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3D0ys4h0GYi0g%26fbclid%3DIwAR0SxelusrtAU86uPUSvnDj5eS9j1eTeB_GPXcoKawei0z2SMmYx2_A7kA0&h=AT0oFTEkeQuZ08kTbRTBM_q8V5NMfqHUM2TM-XlAdtiSDBYLp4spib7UckkuEw-vZAHk-uIhESANvHz0wuU-AjMgbp7fGdwspIFPpKkW3mH52Em-zpnJtasIpJZOf3RfJqD3

සෝමදේවගේ මිථ්‍යාවට පිළිතුරු 02

ආචාර්ය අරුණ කීර්ති ගමගේ සූරීන්ගේ දේශනයේ දෙවන කොටස:
තම්බපණ්ණි විනය පිටකය පිළිබඳ සෝමදේවගේ විකාරය
යෝනකධම්මරක්ඛිත හිමියන් පිළිබඳ සෝමදේවගේ ගල් පැලෙන බොරුව

https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3D0ys4h0GYi0g%26fbclid%3DIwAR0SxelusrtAU86uPUSvnDj5eS9j1eTeB_GPXcoKawei0z2SMmYx2_A7kA0&h=AT0oFTEkeQuZ08kTbRTBM_q8V5NMfqHUM2TM-XlAdtiSDBYLp4spib7UckkuEw-vZAHk-uIhESANvHz0wuU-AjMgbp7fGdwspIFPpKkW3mH52Em-zpnJtasIpJZOf3RfJqD3

රාජ් සෝමදේවට පිළිතුරු – 1 කොටස

රාජ් සෝමදේවගේ මිථ්‍යාවන්ට ආචාර්ය අරුණ කීිර්ති ගමගේ සූරීන්ගේ පිළිතුරු දේශනයේ පළමු කොටස.

මූලග්‍රන්ථයක් කියවීමේ මූලික ශික්ෂණය: අර්ථවිවරණය සහ අර්ථ ආරෝපණය තේරුම් ගැනීම
(දර්ශන අනුග්‍රහය Our Plight)
https://www.facebook.com/171650076778011/videos/637441516927617

මේ කැලේ නිවනක් නෑ ☺️මේක මුලු ලෝකෙටම තියන හොදම ඖෂධ උයන කිව්වොත් නිවැරදී.

මේ වගේම පිරිසක් සිරීපාදයේ අවට මිනිස්සු වැඩිය යන්නේ නැති පැත්තක හොරගල් අහුලමින් සිටිනවා මගේ යාලුවන්ට හම්බ වුනා.

අනිත් හොදම දේ නිවන හොයන කෙනෙක් ට මේ ඝන කැලේ කියන්නෙ මාරයාගෙ ගුහාවක්. මෙහෙම කැලේක ජීවත් වෙන්න ලොකූ පුහුණුවක් වගේම ලොකූ අරමුණක් ඕන.

ලෝකෙ ලොකුවටම යන දෙයක් ජාන මංකොල්ලය. ඒකෙ උඩින් ම ඉන්න රටක් ශ්‍රී ලංකාව. ඒ මේ රටේ වැවෙන ගස් වැල් ගොඩාක් මේ රටට විතරක් ආවේණික දේවල් නිසා.

නිවන කැලේ ගියාට හම්බුවෙන්නේ නැත. නිවන ඔබ සිටිනා තැන දැනුත් පවතී 🙏🙂

-copied-

නිවන සෙවීම ජාන මගින් කෙලවර විය හැක…

ලංකාවෙ පුරවැසියෙකුට, පර්‍යේෂකයෙකුට පවා අවසරයකින් තොරව ඇතුල් වෙන්න බැරි ස්වභාවික රක්ෂිත ප්‍රදේශයක සිවුරක් දාගත්ත පලියට විදේශිකයන්ට අමුතු නීති පහල වෙනවද?යූ ටියුබ් චැනල් හදාගෙන ෆොටෝ ශූට් කරන් නටන නාඩගම මොකක්ද? මේක ගැන කීප වතාවක්ම බොහෝ දෙනා කරුණු එලි කලත් නිසි ක්‍රියාමාර්ගයක් ගන්න පාටක් නෑ..
‘අම්නේ අම්පේ ජාන මොකටඤ’ වගේ ගො.බ්.බ කතා නම් කියාගෙන එන්නෙපා මැතකදි ප්‍රසිද්ධ වුණු එක්තරා සිද්ධියකදි අතඩංගුවට ගත්ත ශාක කොටස් බැලූ බැල්මට සුලභ වුණාට ඒ හැම එකක්ම දේශීය ඖෂධීය යෙදීම් තියෙන ඒවා සහ අහුවෙච්ච තැනින් විතරක් නෙවේ එකතු කරලා තිබ්බෙ ලංකාව පුරාම.වෙරලාශ්‍රිත ශාක පවා.

තව දෙයක් විදේශීය විතරක් නෙවේ ගොඩක් ස්වාමීන් වහන්සේලාටත් කැලයක් කන්දක් මුදුනක් පේන්න බෑ …

මේ කියන දේ එහෙමම නොවෙන්න පුළුවන් පෙන්වලා දුන්නෙ අඩුමගානෙ හොයලා බලන්න .දෙයක් වුණාට පස්සෙ කරන්න දෙයක් නැති නිසා

  • Bathiya Gopallawa –

මියන්මාහි ලංකා වෙසක් මහ අඇදුරු නලින් ද සිල්වා මහතා

මියන්මාහි ලංකා වෙසක්

ඊයේ රාත්‍රී මියන්මාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වෙසක් (මියන්මා බසින් කසොන්) සැරසිල්ලෙහි (පහන් පූජාවෙහි) දර්ශන දෙකක් මෙහි ඇති ඡායාරූප දෙකකින් දැක්වෙනවා. තුන්වැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ සැරසිල්ලට (පහන් පූජාවට) සහභාගි වූ පරිශ්‍රයෙහි වාසය කරන තානාපති කාර්යාල සේවක පිරිස හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කිහිප දෙනෙක්. ඒ සරල මිනිසුන්. පහන් පූජාවට කියා හෝ ඡායාරූපයට පෙනී සිටීමට කියා හෝ විශේෂ ඇඳුමක් ඇන්දේ නැහැ.

සාමාන්‍ය මිනිසුන්ගෙ හා වැදගත් බටහිර වෙද මහතුන්ගෙ සුද්ද – මහ අඇදුරු නලින් ද සිල්වා මහතා

සාමාන්‍ය මිනිසුන්ගෙ හා වැදගත් බටහිර වෙද මහතුන්ගෙ සුද්දෙ

උස්වැටකෙයියාව හා මීගමුව අතර වෙරළ තීරයට ගිනිගත් නැවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය පාවෙලා ඇවිල්ලා. මිනිසුන් සංචරණ නීති බල්ලට දමා (බල්ල කීයටවත් සංචරණ නීති පිළිපදින්නෙ නැති වුවත්) ඒ ද්‍රව්‍ය අහුලන්න ගිහින්. ඇතැමුන්ට ඒක සාමාන්‍ය මිනිසුන්ගෙ සිද්ධියක් වෙන්න පුළුවන්. අද සිංහල මිනිසුන් වැඩ කරන විධිය ගැන එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් ටික කලකට පෙර ප්‍රකාශ කෙළේ නොමිළේ දෙනව නම් සිංහල මිනිසුන් තමන්ට නොතේරෙන දෙමළ පත්තරයක් ගැනීමට වුණත් හැතැප්ම ගණනක් පයින් යාවි කියා. ඒ හාමුදුරුවන් එක්තරා ආකාරයකට නූතන ධර්මසේන හිමි නමක්.

ඒත් ඉංගිරිසින්ගෙ මුල් කාලෙ හා මැද කාලෙ සිංහල මිනිසුන් එහෙම නො වෙයි. ඉංගිරිසි ඒජන්ත ම කියනව පොසොන් දාට අනුරාධපුරේට එක්වෙන සෙනග ආපහු යන්න ඉස්සෙල්ල හිටපු තැන් අතුගාල සුද්ද කරල යන්නෙ කියල. ඒ විතරක් නොවෙයි ජය ශ්‍රී මහා බෝධියෙ පිං පෙට්ටිය ආරක්‍ෂා කරන්න කිසිවකු නොහිටියත් එයට කිසිවකු අත නොතියන බවත් ඔහුගෙ වාර්තාවෙ සඳහන් වෙනවා. දැන් ඒ වාර්තාවට මූලාශ්‍ර ඉල්ලන්න එපා. මූලාශ්‍ර ගැන දන්න අය අදාළ වාර්තාව ගැන කියාවි.

එකල සිංහල මිනිසුන් තමන් හිටි තැන සුද්ද කරල ගියෙ. අද ඉන්න සිංහල මිනිසුන් අවස්ථාවක් ලැබුණොත් පිං පෙට්ටිය සුද්ද කරාවි. දෙක ම සුද්ද කිරීම්. එකක් සුද්ද එන්න ඉස්සර, අනෙක සුද්ද ආවට පස්සෙ. අපේ ප්‍රශ්නය සුද්ද සුද්ද කිරීමට නොහැකි වීම. ඒ වෙනුවට සුද්ද අප සුද්ද කරගෙන ගිහින්. තවමත් සුද්ද කරනවා. අපත් සුද්ද අනුව හැකි අවස්ථාවල සුද්ද කරනවා.

මේක සාමාන්‍ය මිනිසුන්ගෙ ගතියක් නොවෙයි. සාමාන්‍ය මිනිසුන් යමක් ඉගෙන ගන්නෙ ඉහළ අයගෙන්. ඉහළ අය අනුකරණය කිරීම අවශ්‍ය නම් අනුගමනය කිරීම සාමාන්‍ය සිරිත. කාට හරි පුළුවන් ඊනියා සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් කරල ඒකෙ තුන්හුලස් ඇර ගන්න. සුද්ද අප සුද්ද කරන හැටි බලන් ඉඳලා ඔවුන් ළඟින් ඇසුරු කළ ඊනියා ප්‍රභූන් සුද්දන්ගෙ සුද්ද කිරීම් ඉගෙන ගන්න ඇති. සුද්දන් අපෙන් වැඩ ගත්තෙත් අපේ දේ ලබා ගත්තෙත් කුණු කොල්ලයට. අපේ පුස්කොළ පොත් වටින ප්‍රතිමා එංගලන්තෙට අරන් ගියෙ අප සුද්ද කරල නෙවෙයි ද?

කවුරු හරි කියන්න බැරි නැහැ ඒ දේ එංගලන්තෙ කෞතුකාගාරවල සහ වෙනත් ආයතනවල තියෙන එක හොඳයි කියල. සුද්දගෙන් අප ඉගෙන ගත් සුද්ද කිරිල්ල අනුව ඒව ආපහු ගෙනාවොත් හොඳ සුද්දයක් දාවි කියල කියන්න ඉඩ තියෙනවා. සුද්ද කිරිල්ල ශුද්ධොදන රජුගෙ නමින් දැන් කියවෙන්නෙ කාගෙ වුවමනාවට ද කියලත් හොයල බලන්න ඕන. ඊයෙ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවො මහාමායා දේවිය නැති වන විට එහෙමත් නැත්නම් සිදුහත් කුමරු උපදින විට එතුමියගෙ වයස ගැන සඳහන් කළා. ඒ කියන විධියට ශුද්ධෝදන රජුටත් ඒ කාලෙ අවුරුදු හතළිස් පහක් පනහක් පමණ වෙන්න ඇති. එතුමා ඔය සුද්දන් වගේ සුද්ද කරපු අයෙක් නො වෙයි. එතුමාට අවසානයේ දී කිසිවකු නැති වුණා. එතුමා සුද්ද වුණා. එහෙත් අවසානයේ දී එතුමා කෙළෙස්වලින් සුද්ද වී පිරිනිවන් පෑවා.

සුද්දන්ගෙන් ඊනියා ප්‍රභූන්ටත් ඔවුන්ගෙන් සමාජ ධුරාවලියේ පහතට පහතට ඇවිත් අද වන විට සිංහලයන් නොමිළේ දෙන ඕන දෙයක් ලබා ගන්න පුරුදු වෙලා. අර මුහුදු වෙරළට ගසා ගෙන ආ ද්‍රව්‍ය මොනවද කියලවත් ඒ සුද්ද කරපු සමහරු දන්නෙ නැතිව ඇති. සමහරු හිතනව ඇති ඒ විකුණගන්න. කවුරු හරි පඬියකු කියන්න පුළුවන් අද සියලු දෙනා මුදල් පස්සෙ යනව කියල. ඒක වැරදියි. මිනිසුන්ට ඕන ඊනියා ලස්සන ජීවිත ගත කරන්න. හොඳ ගෙයක්, හොඳ පාසලක්, හොඳ නගරයක්, ආදී වශයෙන් ගිහිල්ල හොඳ අවමංගල්‍යයක් අර රෙස්පෙක්ටබල් එකක්, අවශ්‍ය වෙන්නෙ. හොඳ පුනබ්බයක් අවශ්‍ය නැහැ. පඬියන් කියල තියෙනව නොවැ පුනබ්බවයක් නැහැ කියලා.

හොඳ කියන එක වැදගත් කියන එකත් එක්ක සම්බන්ධයි. ඉංගිරිසින් වෙන්න ඇති, සමහරවිට ලන්දේසීන් වෙන්නත් පුළුවන්, ඔය වැදගත් සංකල්පයෙ නිර්මාතෘවරුන්. මා කිවුවෙ සංකල්පය වැදගත් කියන එක නොවෙයි. වැදගත් කියන සංකල්පය ගැනයි කිවුවෙ. අර චරිත සහතිකවල ඒ දවස්වල වැදගත් පවුලක සාමාජිකයෙක් කියල ලිවුව. ඉංගිරිසියෙන් රෙස්පෙක්ටබල්. දැනුත් ඒ වචනෙ ඇහෙනවා. අද නම් බිෂොප්, දොස්තර, නීතිඥ, ව්‍යාපාරික අය වැදගත්. කම්කරුවන් ද ඒ සංස්කෘතියෙ වුණත් ඔවුන් වැදගත් නැහැ.

ගිනිගත් නැවේ බඩු අහුලන්න ගිය අය වැදගත් ද නැද්ද යන්න අපි දන්නෙ නැහැ. ගිනිගත්හේනෙ නම් මොනවක්වත් අහුල ගන්න එකල ඒකෙ වැඩ නොකරපු අය යන්නෙ නැතිව ඇති. අද එහෙම නොවෙයි. අද මේ කොවිඩ් 19 එක්ක ගිනිගත් හිසින් වැඩ කරන අය ඉන්නවා. ඒ අස්සෙ එන්නත් පන්නපු අයත් ඉන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය තම පවුල්පල සාමාජිකයන්ට කියල එන්නත් අරගෙන. මේ පවුල් සාමාජියන් කවුද කියල හොයන්න කොමිසමක් පත් කරන්න කියල මා කියන්නෙ නැහැ. ඒත් පවුල් අවුල් තියෙනව කියල දන්න අය කියනවා.

මේ වැදගත් ය කියන පිරිසක් වැඩ කරල තියෙන හැටි. ඒ අයගෙ වැදගත්කම සභාපතිතුමාගෙන් පේනවා. ඔහු මහනුවර පැවති සජිත් ජනාධිපති අපේක්‍ෂකත්වයට යෝජනා කරපු රැස්වීමෙත් හිටියා. මේ සාමාන්‍ය මිනිසුන් නො වෙයි. ඔවුන් කරන්නේ තම බල පුලුවන්කාරකම් යොදා ගෙන සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය් ම වෙනත් අත්‍යවශ්‍ය පුද්ගලයන්ට ලැබෙන්න තියෙන එත්නත් තමන්ට ලබා ගැනීම. අනෙක් අතට එම සංගමයේ සියල්ලන්ට ම ඔය බලපුලුවන්කාර පහසුකම ලැබෙනව කියල හිතන්නත් බැහැ. ඕක ලැබෙන්නෙ ඒ සංගමයෙත් ටික දෙනකුට හා ඔවුන්ගේ ඊනියා පවුල් සාමාජිකයන්ට. මේකත් අහුලා ගැනීමක්. උස්වැටකෙයියාවෙ ම වගේ අහුලා ගැනීමක්. අහුලා ගත් දේ ඒක රෝද, ද්වි රෝද, ත්‍රිරෝද රියවල ගෙනි යන්න අවශ්‍ය නැහැ.

මේකත් සුද්දයක්. ඊනියා වැදගතුන්ගේ සුද්දයක්. ඔය මහත්තුරු කොවිඩ් 19 වෙනුවෙන් කරල තියෙන්නෙ මොනවා ද? මිනිසුන් බය කිරීම හැර වෙනත් දෙයක් කරල තියෙනවා ද? අහුලන් කන අය සාමාන්‍ය මිනිසුන් අතරත් ඊනියා වැදගතුනුත් අතර ඉන්නවා. පනුවන් (අහුලන්) කන සාම පරෙවියන් වැදගත් ද සාමාන්‍ය ද කියා පඬි නැට්ටකුගෙන් අහන්න ඕන.

හරිත විප්ලවය තුළදේශිය ඔසු නැසෙන හැටි

හරිත විප්ලවය තුළදේශිය ඔසු නැසෙන හැටි

බ්‍රිතාන්‍යයන්ට යටත් වී සිටීම නිසා බටහිර වෙදකමේ ආධිපත්‍යයට ලංකාව යට විය. නිදහස ලැබීමෙන් පසු, එහි ප්‍රධාන වෙනසකට සිදුවූයේ සුදු හම වෙනුවට පාට හම ඇති පිරිසකට වෛද්‍ය කටයුතු මෙහෙයවීමේ බලය ලැබීමයි. ඔවුන’තරින් සමහරු බටහිර වෙදකමේ පියෙකු (හිපොක්‍රටිස්) ගැන කියති. යුදෙව් බයිබලයට අනුව ලෝකය දෙව් ‘පියා’ගේ නිර්මාණයකි. එතුමා පුරුෂයා මවා ඔහුගේ ඉළ ඇටයකින් ස්ත්‍රිය මැව්වේය. මේ නිර්මාණවාදයට අනුව සිතූවෝ, නූනන විද්‍යාවේ හැම සොයාගැනීමකටම පියෙකු නම් කරති. ලංකාවේ පළමුවෙනි අගමැති ඩී. එස්. සේනානායක, ජාතියේ පියා වශයෙන් හැඳින්වීම බයිබල් ඉගැන්වීමට අනුව කළ ක්‍රියාවකි. මහානාම හිමියන් ලියු මහාවංශයේ හැටියට සිංහල ජාතියේ පියා සිංහයෙකි. ඔහුගේ පුත්‍රයා සිංහබාහු පියා ජීවත් වූ වනාන්තරයේ නගරයක් ඉදිකළේය. ලංකාවේ ජාතික ධජයේ අඩංගු චිත්‍රය බාහුවකින් කඩුවක් ඔසවාගන සිටින සිංහයෙකි. ඇතැම්හු මෙය නොරුස්සති. ගුණදාස කපුගේ කොටි සමග යුද්ධය පවතින කාලයේ කඩුව බිම දමව් කියා සින්දුවක් කීම නිදසුනයි.
“කැලෑමල් පිපී රතුතොල් වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි
වෑ කන්ද කඩා බිම කටු කම්බියෙන් බෙදා දුන්
රණබිමේ හිස ගසා දමනා කඩුව බිම දමව්
කඩුව බිම දමව්. කඩුව බිම දමව්” .
බටහිර වෙදකම හැරන විට තවත් වෛද්‍යක්‍රම ගණනාවක් ලොව පවතී. චීන වෙදකම උදාහරණයකි. වර්තමානයේ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ උසස්ම පර්යේෂණ ලිපි විශාල සංඛ්‍යාවක් චීන වෛද්‍ය සඟරාවන්හි චීන භාෂාවෙන් පළවේ. ඇතැම් විට මේවායේ ඉංග්‍රීසි පරිවර්තන බටහිර වෛද්‍ය සඟරකින්නට පුළුවන. ඉන්දියානුවන්ගේ ආයුර්වේදයේ ඉතිහාසය සඳහන් වන්නේ කල්පවලිනි. නමුත් රට තුළ බටහිර වෙදකමට ඇති බලය ආයුර්වේදයට නැත. ඉන්දියාවේ බටහිර වෛද්‍යවරුන් බහුතරයක් දෙනා කළු සුද්දෝ වෙති. බටහිර වෙදකම විසින් ඉන්දියාවට නරක සිරිත්ද බෝකර තිබේ. කෝවිඩ් වසංගතයෙන් රෝහල්වල මියයන පුද්ගලයින්ගේ අවයව ගැලවීම නිදසුනකි.
සිංහලයන්ට සිංහල වෙදකමක් තිබුණ බවට සාක්ෂ්‍ය තිබේ. බොහෝමයක් සිංහලයෝ ඒ වගක් නොදනිති. ඔවුහු ආයුර්වේදයට සිංහල වෙදකම කියා කියති. ඊට හේතුව මේ වෛද්‍ය ක්‍රම දෙකම ශාඛ ඖෂධ භාවිත කිරීමයි. වෙදකම් අතර සමානකම්වලට වඩා අසමානකම් ද ඇත. මේ ඊට නිදසුනකි. ‘කුල ක්‍රමයේ හැරවුම් බිම තනිවැල්ලේ රජ පරපුර’ ග්‍රන්ථයට තොරතුරු රැස්කරමින් සිටි කාලයේ වෙන්නප්පුව නයිනමඩමේ විසූ ජෝන් පීරිස් නමැති කීර්තිමත් වෛද්‍යවරයා වෙදකමේ යද්දී භාවිත කළ අත් බෑගය අපට හමුවිය. ඔහු භාවිත කළ දිනපොත් දහයකට වැඩි සංඛ්‍යාවක් එහි තිබුණි. ඒ සියල්ලකම ඔහු ලෙඩුන් හමුවීමට ගිය ගමන් සහ ඔවුන්ට නියම කළ බෙහෙත් වට්ටෝරු ලියා තිබේ. ඒ හැම වට්ටෝරුවකම ඇත්තේ රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා රෝගය නිවාරණයට සුදුසු යයි සිතා නියම කළ අලුත් බෙහෙත් වට්ටෝරුවකි.
ලංකාවට පැමිණි සියලු බටහිර ජාතීහු සිංහල වෙදකම ගැන ලොකු උනන්දුවක් දැක්වූහ. මේ හේතුවෙන් ඒ කාලයේ විසූ ඇතැම් යුරෝපීය වෛද්‍ය පර්යේෂකයෝ සිංහල වෙදකම ගැන සෙවූහ. සමහරු ලංකාවට පැමිණ සිංහල වෙදකම උගත්හ. තවත් සමහරු බෙහෙත් පැළෑටි නාමාවලි සකස් කළහ. ඕලන්ද නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගමේ සේවය කළ වෛද්‍යවරයකු වූ හෙන්රික් අද්රින් රීද් Adrin Rheede පැළෑටි නාමාවලි පිළියෙල කිරීමේ පියා ලෙස සැලකේ. ඉන්දියාවේ සහ ලංකාවේ වෛද්‍ය ක්‍රම සඳහා භාවිත කෙරෙන පැළෑටි වර්ග පිළිබඳව සෙවූ ඔහු, මලබාරයේ සහ ලංකාවේ බෙහෙත් පැළෑටි පිළිබඳ උද්භිද නාමාවලියක් පිළියෙල කළේය. (Hortus Malabaricas) එහි උද්භිද වර්ග සිය ගණනක නම් සහ රූප සටහන් තිබී ඇත.
පෝල් හර්මාන් නම් වෛද්‍යවරයා රිද්ගේ පොත සංස්කරණය කළේ යයි සමහරු සඳහන් කරති. අදිරින් රිද්ගේ උද්භිද නාමාවලියෙන් ප්‍රයෝජන ගත් යුරෝපා ජාතිකයන් විශාල පිරිසක් සිටිති. එයින් සමහරු සිංහල රජවරුන් පිහිටු වූ ඖෂධ උයන් ගැන තොරතුරු සොයා උද්භිද උද්‍යාන තැනීමට වෙහෙසුනහ. ස්විස් ජාතික මහාචාර්යවරයකු වූ කාල් ලිනස් (Carl Linnaeus 1707- 1778) නිදසුනකි. සිංහල ඖෂධ ශාක ගැන සෙවීමට ලංකාවට පැමිණි හෙතෙම, ‘ලංකාවේ ශාක’ (Flora Zeylanca) නමින් උද්භිද නාමාවලියක් සැකසුවේය.
ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන කාලයන්හි පැමිණි හැම ශාක පර්යේෂකයකුටම වඩා ඉහළින් පෘතුගීසි පර්යේෂකයෝ කැපී පෙනෙති. නමුත් ඔවුන් අතරින් දෙතුන් දෙනෙකුට වඩා ප්‍රසිද්ධ වී නැත. ගාර්සියා ද ඔර්තා, මෑතකදී ප්‍රසිද්ධවූ ගෝව නුවර විසූ වෛද්‍යවරයෙකි. ඔහු ස්වදේශික වෛද්‍යවරුන් පිරිසකගේ ආධාරය ඇතිව ආයුර්වේද බෙහෙත් පැළෑටි ගැන විශේෂ සෙවීමක් කළේය. ඖෂධ ශාක යුරෝපයට අලෙවි කිරීම පෘතුගීසින් ධනය සෙවූ එක් මාර්ගයකි. රෝග පාලනය කිරීමට වුවමනා ඖෂධ වර්ග ගණනාවක් පෘතුගීසින් නිසා යුරෝපයට ලැබුණි.
උඩරට නිදහස් සටන මර්දනය කරන බ්‍රිතාන්‍යයෝ වසංගත රෝග, යුද්ධ අවියක් ලෙස භාවිත කළහ. පිළිමතලාවේ ඇතුළු සිංහල නායකයන් වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ අතීසාර රෝගයෙනි. මෙය සිංහලයන් දැන සිටි වසංගතයක් නොවේ. මෙය ස්පාඤ්ඤයන් ඇස්ටෙක් රාජධානියේ පැපොල බෝකිරීමට සමාන ක්‍රියාවකි. සිංහලයන්ගේ ශක්තිය රඳා පැවති සිංහල වෙදකම ගැන නිදහස් සටන මර්දනය කළ බ්‍රිතාන්‍යයෝ සොයා බැලූහ. එතැන් සිට ඔව්හු සිංහල වෙදකම විනාශ කිරීම ඇරඹූහ.
ආණ්ඩුවේ මර්දනය හමුවේත් සිංහල වෙදකමේ යම් යම් කොටස් රැක ගැනීමට ඇතැම් වෙද පරපුරුවල සාමාජිකයන්ට හැකි විය. කාන්තාවන් අත් බෙහෙත් පිළිබඳ දැනුම රැකගෙන ඊළඟ පරම්පරාවට දීම නිදසුනකි. රටවැසියන් අතර සුරැකුන ඒ පාරම්පරික දැනුම පදනම් කරගෙන සිංහල වෙදකම යළි පිහිටුවීමට හැකි නායකයෙක් රට පාලනය කළ කිසිම රජයක නොසිටියේය. හැම ආණ්ඩුවකම ප්‍රතිපත්තිය වූයේ බටහිර වෙදකමේ ආධිපත්‍ය තව තවත් තහවුරු කිරීමයි.
බ්‍රිතාන්‍යයෝ ‘හිරු නොබසින අධිරාජ්‍යයක්’ ගොඩනැගූහ. ඇමරිකාව, බ්‍රිතානයයන්ගෙන් නිදහස ලැබීමෙන් පසු ලෝක බලවතා වූයේය. එය පවත්වාගෙන යෑමට අලුත් උපක්‍රම භාවිත කිරීමට ඇමරිකාවට සිදු වේ. සෝවියට් සංගමයට විරුද්ධව ‘නැටෝ’ සංවිධානය ගොඩනැගීම එවැන්නකි. චීනය අධිරාජ්‍යයක් ගොඩනංවන නිසා ඔව්හු ඊට මුහුණ දීමට ඉන්දියානු සාගරයේ බලය පතුරුවති. කොවිඩ්, ඇමරිකානුවන්ගේ වැඩපිළිවෙළට විරුද්ධව පැනනැගි අභියෝගයකි. ඔස්ට්‍රේලියාවේ ‘වීක්එන්ඩ්’ පුවත්පත, 2015 වසරේ චීන හමුදා නායකයන් කොවිඩ් රෝගය නිපදවීමට සාකච්ඡා කළ බව සඳහන් කළාය. ඇමරිකාව හා ඊට හිතවත් රටවල් මේ කියන්නේ, චීනය යුද අවියක් ලෙස කොවිඩ් නිපදවූ බවයි. චීනය සමග තරග කළ ඉන්දියාව කොවිඩ් නිසා බෙලහීනවීමත්, ඔවුන් දකින්නේ, යුදමය සිදුවීමක් පරිද්දෙනි. කොවිඩ් නිසා ලංකාව චීනයට වඩාත් සමීප වී සිටියි.
රුසියාව ලෝක බලවතෙකු වීමට ප්‍රධාන හේතුව එරටේ ඇති වූ කොමියුනිස්ට් විප්ලවයයි. මාඕ සේතුං යටතේ සිදුවූ විප්ලවය නිසා බ්‍රිතාන්‍යයන් චීන වැසියන් මත පටවා තිබූ හැම ජරාවකින්ම නිදහස් වීමට චීනයට හැකිවිය. මා ඕ රට වසාගෙන සිටි බටහිර වෙදකමේ ආධිපත්‍යය බිඳ චීන වෙදකම රටේ ජාතික වෙදකම බවට පත් කළේය. නිදහස ලැබූ මුත්, බටහිර ආධිපත්‍යයෙන් නිදහස් වීමට ඉන්දියාවට නොහැකි විය. ලංකාවේ පළමුවෙනි මාක්ස්වාදී පක්ෂය ගොඩනගන ලද්දේ, ඉංග්‍රීසිය පිදූ අනුකාරක තරුණයන් පිරිසක් විසිනි. ඒ පරගැති බව ජවිපෙ දක්වා ලංකාවේ බිහිවූ හැම වමේ පක්ෂයකින්ම ප්‍රදර්ශනය වේ. ජවිපෙ නායකයෝ බටහිර වෛද්‍ය ආධිපත්‍යයට තර්ජනයක් වෙතැයි බියෙන් ධම්මික පැණියට පහර ගසන්නට ගත්හ.
කොවිඩ් පිළියමට ඉදිරිපත් වූ ආයුර්වේද රෝහල් කිහිපය බටහිර වෙදකම යටතට පත්විය. මෙවැනි විවෘත ක්‍රියාවලට බාහිරව අදෘශ්‍යමාන ක්‍රියා මගින්ද ආයුර්වේද සහ පාරම්පරික වෙදකම විනාශ කිරීම සිදුකෙරෙයි. හරිත විප්ලවය, ශාක වනසන ආයුධයක් වශයෙන් යොදාගැනීම නිදසුනකි. මේ නිසා සිංහල බෙහෙත් ශාක වර්ග රාශියක් තර්ජනයට ලක්වී තිබේ. නිදසුනක් දක්වතොත් ඉඟුරු සිංහල වෙදුන් භාවිතයට ගත් ඖෂධයකි. වැඩි අස්වැන්න ලබාදෙන චීන සහ රැන්ගුන් ඉඟුරුවල සිංහල ඉඟුරුවල ඇති ඖෂධීය ගුණය නැත. දැන් ලංකාවේ සිංහල ඉඟුරු වගාකරන්නේ ද රසායනික පොහොර සහ නාශක භාවිත කරමිනි.
පැළෑටිවලට සපයනු ලබන රසායනික ආහාර පානවලින් ඒවා සාරෙට හැදී ඉහළ පලදාව ලැබෙන බව ඇත්තකි. කෘෂි විද්‍යා පර්යේෂණ වාර්තා සියල්ලකම පාහේ වැඩි අස්වැන්න ගැන සඳහන් වේ. මහාචාර්ය ඩී. එන්. සිරිසේනගේ නායකත්වයෙන් වී පිළිබඳ පර්යේෂණක් පවත්වා ඉදිරිපත්කර ඇති වාර්තාව නිදසුනකි. මේ වාර්තා ආයුධ වශයෙන් භාවිත කරමින් ජනාධිපතිවරයාගේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර ලංකාවක් පිළිබඳ වැඩපිළිවෙළට හීන්සැරේ පහර ගසන්නෝ සිටිති. ඔවුහු රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඖෂධ පැළෑටිවලට සිදුවෙන විපත ගැන නොකියති. පොළොවට වන හානිය ගැන නොකියති. රසායනික ද්‍රව්‍ය යොදා වවනු ලබන භෝග ආහාරයට ගන්නා රටවැසියන්ට මුහුණ දීමට සිදුවන සෞඛ්‍ය විපත් නොදන්නා සේ හැසිරෙති.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

සතිඅග අරුණ

සසර බය නැති කිරීම හෙවත් අර්යෂ්ඨාංගික මාර්ගය කාපට් කිරීම- මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

සසර බය නැති කිරීම හෙවත් අර්යෂ්ඨාංගික මාර්ගය කාපට් කිරීම

මා මේ ලිපිය ලියන්නෙත් බයෙන්. මා පිටස්තරයෙක් නිසා. ඒ මා මියන්මාහි ජීවත්වන නිසා නොවෙයි. ජාතිකත්ව කඳවුරෙත් මා පිටස්තරයෙක්. ජනමාධ්‍යයටත් පිටස්තරයෙක්. ඉඳහිට ඔවුන් මා පාවිච්චි කරනවා. අද සිට මා ඉනුත් ඉවත් වෙනවා. අර විවිධ පෞද්ගලික කැමරාකරුවන්ගෙනුත් ඉවත් වෙනවා. එඩ්මන්ඩ් රණසිංහගෙන් පසු හරි හමන් ජාතිකත්ව ජනමාධ්‍යයක් නැහැ. මා හිතන හැටි වෙනස්. බුදුදහම ගැනත් මගේ වෙනස් අදහස් තියෙනවා. මා දන්නේ ඔබ දන්නා බුදුහාමුදුරුවන් නොවෙයි. ඉතිහාසය ගැනත් මගේ වෙනස් අදහස් තියෙනවා. මා බහුශ්‍රැතයෙක් නො වෙයි. ඒ නිසා මගෙන් සසුනට හරි ජාතියට හරි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියා හිතනවා.

අප කුඩා කල සමාජයේ කතාවක් තිබුණා. නෑ කතිකාවතක් නො වෙයි. අද වල්පල් කතාත් කතිකාවත් ලෙස හැඳින්වෙනවා. ඒ කතාවෙන් කියැවුණේ අපි කාට ද බය, අපිට කවුද බය යන්නයි. බය කියන එකත් සාපේක්‍ෂයි. මගේ බය ඔබේ බය වෙන්න ඕන නැහැ. අද සමාජයේ කතාවක් තියෙනවා ලජ්ජා බය නැහැ කියල. මේ මොකකට තියෙන බය ද? ආණ්ඩුවට තියෙන බය ද? අපොයි නැහැ. ආණ්ඩුවට බය කවු ද? රාජ්‍යයට තියෙන බය ද? හමුදාවට පොලීසියට තියෙන බය ද? එන්නත කොහොම හරි තමන්ගෙ අයට දෙන්න තියෙන බය ද? මේ එකකටවත් බය නැති බව ප්‍රවෘත්ති අහන බලන විට පේන්න තියෙනවා.

මා කතා කරන දේ අර ගිනි ගත් නැවට වෙන්න යන්නෙ මොකක් ද කියන එක සමගත් සම්බන්ධයි. ඒකත් බයක් තමයි. නැත්නම් ප්‍රවෘත්ති ප්‍රචාරයේ වැදගත් තැනක් දේවි යැයි. ප්‍රවෘත්ති ප්‍රචාර කියන්නෙ බය ඇති කරන දේ සමාජගත කිරීම. අද අප බය වෙන්නෙ අපේ ජීවිතය නැති වේවි ද කියන එකට. ජීිවිත බය. ලජ්ජා බය නැහැ කියන එක ජීවිත බයත් සමග බැඳිලා නැහැ. ඒක පැහැදිලි වෙන්න ඕන. ජීවිත බය තියෙනවා. වෙනත් මොහොකට හරි ලජ්ජා බය නැහැ.

අප බය වෙන්නෙ අපේ ජීවිත ගැන. අපේ දරුවන්ගෙ සහකරුගෙ සහකාරියගෙ දෙමවුපියන්ගෙ සහෝදර සහෝදරියන්ගෙ හිතවතුන්ගෙ ජීවිත ගැන. යම් සීමාවකින් පිට අයගෙ ජීවිත ගැන අපි බය නැහැ. අර සීමාව ඇතුළෙත් ප්‍රමූඛතා තියෙනවා. බුදු හාමුදුරුවොත් දේශනා කර තියෙනවා සත්වයන්ට ජීවිත බය තියෙන බව. ජීවිත බය ප්‍රශ්නයක් නො වෙයි. ප්‍රශ්නය අපට අනෙක් අයගෙ ජීවිත ගැන බයක් නැති වීම. අර නැව ලංකා මුහුදු සීමාවෙන් එහාට ඇදල දාන්න පුළුවන් නම් අපට බයක් නැහැ. අඩු තරමෙන් බය අඩු වෙනවා.

අප සතුන් මරන්නෙ ඔවුන්ගෙ ජීවිත ගැන බයක් නැති නිසා. මේ වෙසක් දවසෙත් පඬි නැට්ටන් ගැන නොකියා ඉන්න බැහැ. ඔවුන් අහයි දෙමළුන්ගෙ ජීවිත ගැන බයක් නැද්ද කියල. අපොයි බයයි. එක් එක් දෙමළ ජීවිත ගත්තොත් බයයි. ගැමුණු රජුත් දෙමළ නූණත් යුද්දෙන් හානි වූ ජිවිත ගැන බය වුණා. අපට මෙහි දී තියෙන්නෙ වෙන බයක්. රට ගැන බය නැති අයට, කුල ප්‍රශ්න හා වෙනත් විවිධ හේතු නිසා ඊනියා ධනපති පංතිය වෙනුවට සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වෙන අයට ජාතිය ගැන බයක් ඇති වෙන්න විධියක් නැහැ.

අපට ජීවිත බය තිබුණට අප සසරට බය නැහැ. අපට සසර බිය නැහැ. අඩු තරමෙන් වයසට යන විටවත් සසර බය දැනෙන්නෙ නැහැ. ජීවිතය අපට පේන්න තියෙනවා. අපි ජීවත් වෙනවා. අපට ඉපදීම පේනවා. මරණය පේනවා. ඒ අතර ජීවිතය පේනවා. අද පාවිච්චි කරන කසිකබල් වචනයක් යොදා ගත්තොත් අපි ලස්සනට ජීවත් වෙන්න කැමතියි. ලස්සනට ජීවත් වෙනවා කියන්නෙ මොකක් ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ.

අපට සසර පේන්නෙ නැහැ. පේන්නෙ නැති පුනබ්භවයක් විශ්වාස කරන්නෙ අහවල් දේකට ද? ජාතික කඳවුරේ දැවැන්තයන් ඉන්නවා පුනබ්භවය විශ්වාස නොකරන. පේන්නෙ නැති ඉඹලා බලන්න බැරි සසරක් විශ්වාස කරන්නෙ මිථ්‍යා මතධාරීන් වෙන්න ඕන. අපි පංචෙන්ද්‍රිය ගෝචර දේ පමණයි විශ්වාස කරන්නෙ. එතකොට ගුරුත්වාකර්ෂණය, කළු කුහර, බහුවිශ්ව ආදිය. ඒවා විද්‍යාත්මක ව ඔප්පු කර තියෙනවා. කොහේ ද? අපි දන්නෙ නැහැ. එහෙම නැත්තන් ඔය විද්‍යාඥයො ඒවා ගැන කියාවි ද? අපි විද්‍යාඥයන් විශ්වාස කරනවා. බුදු හාමුදුරුවන් විශ්වාස කරන්නෙ නැහැ. සසර කියන එක බුදු හාමුදුරුවන්ගෙ භ්‍රාන්තියක් වෙන්න පුළුවන්.

නැති සසරකට බය වෙන්න ඕන නැහැ. සසරට බිය නැති වුණා ම පවු කරන්නත් බය නැහැ. අර කලින් කිවුවෙ ලජ්ජා බයක් ගැන. ඒ බය අපට නැහැ. අපි විද්‍යාවට නම් බයයි. පුළුවන් නම් බුදුදහමත් විද්‍යාව ඇතුළට ගනිමු. බැරි නම් වෙසක් දාට දන්සැල් වන්දනා කරමු. දික් වෙන්න සසරක් නැහැ. මරණයෙන් සියල්ල ඉවරයි. මේවා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ප්‍රතිඵල. එහි පෞද්ගලිකත්වය සීමාවක් නැතිව වර්ධනය කරලා. අසීමිත පෞද්ගලිකත්වය නිසා ජීවිතය ගොඩ ගන්න අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගත්ත ම සසර බය නැති වෙනවා. සසරක් නැති බව නිශ්චිතව ම බටහිර විද්‍යාවෙන් පෙන්නල තියෙනවා ද? අපි එන්නත ගෙදර ගෙනියනවා. අනෙකාට හෙණ ගැහුවත් මාත් මගේ පවුලත් ජීවත් වෙන්න ඕන.

අල්පේච්ඡතාව එක්ක අර ලස්සනට ජීවත් වෙන්න බැහැ. අල්පේච්ඡතාවත් ඒ ඒ සමාජයට සාපේක්‍ෂයි. බටහිරින් තමයි සමාජයේ ජීවන පැවැත්ම තීරණය කෙරෙන්නෙ. අප යන්නේ කොයි පාරේ. ඒ පාර අනුව තමයි බොහෝ දේ තීරණය වෙන්නෙ. අපි නිවන් මග ගැන කතා කරනවා. ඒත් නිවන් මගේ නැත්නම් නිවන් පාරේ යන්නෙ නැහැ. මාක්ස් ලෙනින් ගිය පාරෙ ගිහින් හති වැටිල ඉන්න අපි බයිඩන්ගෙ පාරෙ යමු. බයිඩන් කියන්නෙ බයියෙක් නො වෙයි. මේ මිනිසුන්ට කොහොම මේ වගේ නම් ලැබුණ ද දන්නෙ නැහැ. මොන පාරෙ ගියත් නිවන් පාරෙ නම් යන්නෙ නැහැ. ආර්යෂ්ඨාංගික මාර්ගය කාපට් කරල ද අධි වේගී ද නැත්නම් වෙන පාරක යමු.

අද ඔය එක එක පාරවල එක එකා පස්සෙ බය නැතිව ගිහින් අපි ලෙඩ වෙලා. අපි එන්නත් හොයනවා. මුළු ලෝකයට ම දෙන්න තරම් එන්නත් නිපදවන්නෙ නැහැ. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඒ වගේ මෝඩ වැඩ කරන්නෙ නැහැ. අපට ලබන අවුරුද්දෙත් එන්නත් හොයන්න වේවි. අපට විතරක් නොවෙයි ආසියා අප්‍රිකා රටවල් සියල්ලට ම එන්නත් හොයන්න වෙලා. ද්වේෂය ඇති වෙන්න ඉස්සෙල්ල ලිපිය නවත්තන්න ඕන. ඒත් අවසාන වශයෙන් එකක් කියන්න ඕන. අවුරුදු පන්සීයක පමණ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ගත්තම අර පඬියන් කියන ශේෂ පත්‍රයේ ඇත්තේ කොවිඩ් 2019. දැන් 2021.

සියල්ලන් කෙසේ වෙතත් ටික දෙනකුවත් නිවන් මග ගනිත්වා!