ගයාන් සමරසිංහ
වර්තමානය වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නැත්තටම නැති වී ගොසින්ය. ඔහුන් ක‍්‍රීඩා කළ ටෙස්ට් තරගාවලි දොළහෙන් 8 ක්ම පරාජය වී ඇත. එක්දින තරග 24න් ජයගෙන ඇත්තේ 10කි. පන්දුවාර 20 තරග 18න් ජයගෙන ඇත්තේ තරග 4කි.
දිගින් දිගටම ලබන මෙම පරාජයන් හේතුවෙන් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් කණ්ඩායම් අතර 6 වන ස්ථානයත්, එක්දින කණ්ඩායම් අතර 8 වන ස්ථානයත්, විස්සයි විස්ස කණ්ඩායම් අතර 7 වන ස්ථානයත් හිමිකරගෙන තිබේ. මින් පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම කිසිම දිනෙක මෙම අංශ තුනෙන් මෙවැනි ස්ථානවලට පත්ව නොමැත.
ලෝක ශුරතාවය පවා දිනූ අපේ ක‍්‍රිකට් කණ්ඩායමට අත්වූ මේ ඉරණම සම්බන්ධයෙන් අපේ රටේ බොහෝ ක‍්‍රීඩා ලෝලීන් සිටින්නේ ඉතාම කනස්සල්ලෙනි.
මෙලෙස ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව බිඳ වැටීමට අදාළ බලධාරීන් මෙන්ම ක‍්‍රීඩකයන්ද වගකිව යුතු යැයි බොහෝ අය පවසති.
ඉහළ ආදායම් හා වරප‍්‍රසාද හේතුවෙන් කැපවීම ගිලිහී යෑම, දුර්වල ශාරීරික පුහුණුව හා දරාගත නොහැකි මට්ටමේ අන්තර් සමාජ තරග හේතුවෙන් ක‍්‍රීඩකයන්ගේ ගුණාත්මක භාවය පිරිහී යෑම, පරිපාලනයේ දූෂණ, දේශපාලන මැදිහත්වීම්, තරග පාවාදීමේ චෝදනා, ක‍්‍රීඩක කළමනාකරණ මාෆියාව, ක‍්‍රීඩකයන් අල්ලස් ලබා ගැනීම, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ, ක‍්‍රීඩකයන් තුළ එක්සත්කම හා කණ්ඩායම් හැඟීම නොමැති වීම සහ ආගම්වාදය ඇතිවීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව බිඳ වැටීමට හේතුවී ඇති ප‍්‍රධාන කාරණා වේ.
මෙම තත්ත්වයන් නිසා අවස්ථා කිහිපයකදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉතාමත් දූෂිත බවට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය පවා පැවසුවේය.
හිටපු ක‍්‍රීඩකයන්ගේ චෝදනාව වී තිබෙන්නේ එකළ ක‍්‍රීඩකයන් ක‍්‍රීඩාවට ආදරය නිසා ක‍්‍රීඩාවේ නියැලූණ බවත් වර්තමානය වන විට ක‍්‍රිකට් ක‍්‍රීඩාව හුදු ව්‍යාපාරයක් බවට පත්වී ඇති බවත්ය. එම නිසා වර්තමාන ක‍්‍රීඩකයන් රට ගැන හැඟීමකින් තොරව තමන් ගැන පමණක් සිතමින් කි‍්‍රකට් ක‍්‍රීඩාවේ නියැළෙන බවයි.
වත්මන් ක‍්‍රීඩකයෝ රැකියාවක් ලෙස ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යෙදෙනවා විනා ක‍්‍රීඩාවට ඇල්මක් නොදක්වති. අතීතයේදී සිටි ක‍්‍රීඩකයන් වෙනත් රැකියාවල නියැළෙන අතරතුර ක‍්‍රීඩාවේ යෙදුණ ද ඔවුහු ඉතාම මහන්සියෙන් රට වෙනුවෙන් ක‍්‍රීඩා කළ අය වෙති.
එකළ පැරණි ක‍්‍රීඩකයන් තරග සඳහා මාස ගණන් පුහුණු වෙද්දී වර්තමාන ක‍්‍රීඩකයන් පුහුණු වන්නේ දින දෙක තුනක් පමණි. හිටපු තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසා තිබුණේ දකුණු අපිකානු සංචාරය සඳහා පුහුණු වූයේ එක් දිනක් පමණක් බවයි.
එලෙසම වර්තමාන බොහෝ ක‍්‍රීඩකයන්ගේ විනය පිළිබඳ එල්ලවන චෝදනා ද ඉතා බරපතළ ඒවා වේ. පසුගිය අවුරුදු කිහිපය දෙස බැලූ කල එය මනාව පැහැදිලි වේ.
පසුගිය මස පැවැත්වූ දකුණු අප‍්‍රිකානු සංචාරයේදී විනය කඩකිරීම පිළිබඳව ශ‍්‍රී ලංකා කණ්ඩායමට චෝදනා එල්ල විය. ඇතැම් ක‍්‍රීඩකයන් තරග අතරතුරදී දුම්පානය සහ මත්පැන් පානය කිරීම සඳහා යොමු වී සිටි බවට ද චෝදනා එල්ල විණි. ඒ අතර තවත් ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක් කණ්ඩායමේ වෛද්‍යවරිය සමඟ ලිංගිකවද හැසිරී තිබේ.
එංගලන්ත සංචාරයේදී ද නවක තුන් ඉරියව් ක‍්‍රීඩකයෙක් එම වෛද්‍යවරිය සමඟ ලිංගික සම්බන්ධතා පැවැත් වූ බවට චෝදනා එල්ල විය. ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුවන අතර දැනට වෛද්‍යවරිය එම තනතුරෙන් ඉවත් කර තිබේ. මේ අයුරින් සමහර ක‍්‍රීඩකයෝ කිසිදු බියක් සැකක් නොමැතිව තරග පවතින කාලය අතරතුර ද මෙවැනි ආකාරයේ විනය විරෝධී වැඩ සිදු කරති. එයට ප‍්‍රධානම හේතුව වන්නේ පරිපාලනයේ දුර්වලතාවයන්ය.
ක‍්‍රීඩකයන් එලෙස පිස්සු නටද්දී පරිපාලනය අතින්ද විවිධ වැරදි සිදු වුණි. ඒ මෙලෙසින්ය.
රට පුරා දක්ෂතා ඇති ක‍්‍රීඩකයන් සිටිද්දී ඔවුන්ට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැත. සෑම විටම අසාර්ථක වන ක‍්‍රීඩකයන් යොදා ගනිමින් ක‍්‍රීඩා කරන්නට අපේ තේරීම් කමිටුව ක‍්‍රියා කළේය. එලෙස දිගටම සිදු කරද්දී ආණ්ඩු වෙනස් වුණත් තේරීම් කමිටුව වෙනස් වූයේ නැත.
කලක් ඥාති සම්බන්ධතා ගැන කියවුණු තේරීම් කමිටු ලොක්කන්ගේ අන්තවාදී ආගමික සම්බන්ධතා ගැනද මේ වන විට චෝදනා නැෙ`ගමින් තිබේ. ඒ කලක පටන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පාලනය කරනා ”බෝර්න් අගේන්” (Born Again) ආගමික අන්තවාදයයි.
දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක‍්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්ථාව හිමි වන බෝර්න් අගේන් අන්තවාදයයි.
”බෝර්න් අගේන්” යනු ක‍්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක‍්‍රියාත්මක වේ. මොවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩිකර ගැනීමයි.
මේ වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙම බෝර්න් අගේන් (Born Again) කල්ලියයි. මෙම පිරිස ක‍්‍රිකට් ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියි.
සිය බිරිඳගේ බලපෑමට 2007 වසරේදී බුද්ධාගම අතහැර බෝර්න් අගේන් ආගම වැළඳගත් හිටපු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප‍්‍රධානම පෙරගමන්කරුවෙක් වී සිටියේය.
අද වන විට සිංහල බෞද්ධ ක‍්‍රීඩකයකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප‍්‍රබලය.
ක‍්‍රීඩකයන්ට බෝර්න් අගේන් නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වූයේ හිටපු ප‍්‍රධාන තේරීම් කමිටු සභාපති අසන්තද මෙල්ගෙනි. ඔහුගේ ඉල්ලීම අවස්ථා කිහිපයකදී ප‍්‍රතික්ෂේප කළ සැණින් එම ක‍්‍රීඩකයා එළියේය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් (Born Again) කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සිය ඒකාධිපත්‍යය ගොඩන`ගා ගත්තේ එලෙසින්ය.
කණ්ඩායම අතර ආගම්වාදය එසේ පතුරුවද්දී තෝරා ගන්නා ලද කණ්ඩායම් අසාර්ථක වීම දිගින් දිගටම සිදුවන්නේ නම් තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතුව තිබේ. ඒහෙත් මෙම තේරීම් කමිටුව කිසි දිනක ඉල්ලා අස් වූයේ නැත.
අවසානයේ දිගින් දිගටම ලද පරාජයන් හමුවේ අසන්ත ද මෙල් කණ්ඩායම් කළමනාකාර ධුරයෙන් ඉල්ලා අස්විය. එලෙසම තේරීම් කමිටුවේ වෙනසක්ද අත්‍යවශ්‍යවී තිබේ.
අනෙක් ප‍්‍රධාන ප‍්‍රශ්නය ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට ගෙවන ගෙවීම්ය. මාසිකව මොවුන්ගේ දීමනාව රුපියල් ලක්ෂ ගණනකි. දීමනා සහ වෙනත් දැන්වීම් ආදියෙන් තවත් ලක්ෂ ගණනක මුදලක් උපයා ගනියි. එම නිසා හොඳින් ක‍්‍රීඩා කළත් නොකළත් ලක්ෂ ගණනින් වැටුප් ලැබෙන නිසා ක‍්‍රීඩකයන්ට ක‍්‍රිකට් ගැන වගකීමක් නොමැත. එම නිසා සමහර ක‍්‍රීඩකයන් කෙසේ හෝ කණ්ඩායමට රිංගා ගෙන කවර හෝ ක‍්‍රමයකින් ස්ථානය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරයි.
මෙම තත්ත්වය මත මාසික වැටුප් ක‍්‍රමය වෙනුවට සාමාන්‍ය වැටුප් ක‍්‍රමයක් සකස් කර දක්ෂතා මත අදාළ ගෙවීම් වැඩිවන ආකාරයේ ක‍්‍රමවේදයක් ඇති කළ යුතුය. එවිට ක‍්‍රීඩකයන් වගකීමකින් යුතුව කටයුතු කරනු ඇත.
සමහර ක‍්‍රීඩකයන් දිගින් දිගටම අසාර්ථක වෙද්දී කණ්ඩායමේ ස්ථානය ඔහුනට දිගටම හිමිවීම ගැටලූවකි. එසේම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් පවා දක්ෂතා නැති නම් තාවකාලිකව හෝ කණ්ඩායමෙන් ඉවත් කළ යුතුය.
මෙවැනි ආකාරයේ ක‍්‍රමවේදයක් අනුගමනය කළ විට ක‍්‍රීඩකයන් ලකුණු අතරට ඒමට හෝ කඩුලූ අතරට ඒමට වැඩි උත්සාහයක් ගනු ඇත. එසේම සෑම අසාර්ථක තරගාවලියක් අවසානයේම තේරීම් කමිටුවෙන් නිදහසට කරුණු විමසීමේ ක‍්‍රමවේදයක් ඇති කළ යුතුය.
තවත් එක් ගැටලූවක් වන්නේ ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ගේ ක‍්‍රියා කලාපයයි. මේ වන විට සමාජ ජාලා ඔස්සේ එම ප‍්‍රශ්නය එළියට පැමිණ තිබේ. ඒ ප‍්‍රශ්නය එළියට ආවේ ඇමෙරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසූරිය හෙළිකළ සිද්ධීයත් සමගයි.
මේ සමග වසර ගණනාවක් තිස්සේ මේ බිරින්දෑවරු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට කර ඇති බලපෑම ඇති විශාලය. මේ නිසා වහාම කළ යුත්තේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරු ක‍්‍රිකට් සංචාරවලට රැගෙන යෑම හා මෙරට තරගවලදී පවා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ කාමරවලට යෑමට ඇති අවස්ථා තහනම් කිරීමය.
විදේශ සංචාරවලදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරු කල්ලි ගැසී කණ්ඩායම් තෝරා ගැනීමට පවා බලපෑම් කළ බව කියවේ. මේ නිසා දක්ෂ ක‍්‍රීඩකයන්ට ඇතැම් විට සිදුවූයේ කණ්ඩායමට වතුර අදින්නටය.
එසේ ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ගේ සම්බන්ධය මත ගැටුම් ඇතිවූ තරගාවලියක් වන්නේ 2018 වසරේ ආසියානු කුසලාන තරගාවලියයි. එහිදී බිරින්දෑවරුන්ගේ ගැටුම් නිසා ඇතිවූ ක‍්‍රීඩක ආරවුල් නිසා ශ‍්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයටද පරාජය වී පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. සමහර ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ගේ මෙම නොමනා හැසිරීම් ද වහාම නැවැත්විය යුතුය.
එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් පසුගියදා පවත්වනු ලැබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු විවිධ බලපෑම් මගින් සිය වාර්තාව වෙනස්කර ඇතැයි ද චෝදනා එල්ල වේ. ඒ අනුව මෙම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයා අදාළ වාර්තාවේ ප‍්‍රධාන කොටස් දෙකක් සම්බන්ධ අවසාන ලකුණු අගයන් එසේ තමාට වාසි වන අයුරින් වෙනස් කරගෙන ඇති බවයි පැවසෙන්නේ.
තවත් සමහර ක‍්‍රීඩකයන් තමාගේ ශරීර යෝග්‍යතා වාර්තා අදාළ පාර්ශ්ව වෙත විවිධ අල්ලස් ලබා දීමෙන් වෙනස් කරගනී. එලෙස වෙනස් කිරීමේ ක‍්‍රියාවලිය දීර්ඝ කාලයක් පුරා සිදුකරගෙන ගොස් තිබේ.
එලෙස බලන කල සමහර ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ක‍්‍රීඩා කර ඇත්තේ නියමිත ශරීර යෝග්‍යතාව නොමැතිවයි.
ලබන මස පැවැත්වෙන බටහිර ඉන්දීය සංචාරය වෙනුවෙන් ක‍්‍රීඩකයන් 20 දෙනකු පසුගියදා යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිට ඇති අතර ඉන් 8 දෙනකු එහිදී අසමත් විය. එසේ අසමත්වූ ක‍්‍රීඩකයන් හට එළැඹෙන පෙබරවාරි 3 දා නැවත වරක් එකී පරීක්ෂණය සඳහා පෙනී සිටීමේ අවස්ථාව උදාවනු ඇත. එම පරීක්ෂණයෙන්ද ඔවුන් අසමත් වුවහොත් එකී සංචාරයට ඔවුන්ව සහභාගි කර නොගනී. එහෙත් ප‍්‍රශ්නය ඇත්තේ මේ පරීක්ෂණ නිසි පරිදි සිදුවේද යන්නයි.
මේ අතර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් රැසකගේ පුද්ගලික කළමනාකරු ලෙස කටයුතු කරමින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව පාලනය කරන පිටස්තර කළමනාකරුවකු සම්බන්ධයෙන්ද බරපතළ ප‍්‍රශ්න පවතී. ක‍්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානය ආරක්ෂා කර ගන්නට මේ කළමනාකරුට අයත් සමාගමට අදාළ සංචාර සඳහා ලැබෙන මුදලින් විශාල කොටසක් ගෙවිය යුතුව තිබේ.
හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර ස්කයි රූපවාහිනිය සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡුාවකට එක් වෙමින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වැටී ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ ‘‘අර්බුදය ගැඹුරටම ගිලා බැහැලා. සහතික වශයෙන්ම මේක අහම්බයක් නෙමේ. මම කියන්නේ මේකට හේතුව වඩාත් උසස් තත්ත්වයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවක් ශ‍්‍රී ලංකාවේ නොමැති වීමයි. අපි කාලයක් තිස්සේ ඉතාමත් දක්ෂ ක‍්‍රීඩකයන් රැසක්ම බිහි කළා. ඒත් හිටි හැටියේම ඒ වගේ අය නිර්මාණය වෙන්නේ නැත්නම්, මේ තියෙන ක‍්‍රමවේදයේ ගැටලූවක් දක්නට ලැබෙනවා. සෑහෙන කාලයක් අපි දක්ෂතා නිර්මාණය වන දිහා බලාගෙන හිටියා. ඒත් ඒවා වඩාත් දියුණු තත්ත්වයට පත් කළේ නෑ.” යනුවෙනි.
ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ.
‘‘ක‍්‍රීඩකයන්, වසරකට ආසන්න කාලයක් ටෙස්ට් ක‍්‍රිකට් හෝ එක්දින හෝ විස්සයි 20 ක‍්‍රීඩා කර නැත. එල්.පී.එල්. විස්සයි විස්ස ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ආරම්භය විය. එතැන් සිට ඔවුන් කෙලින්ම ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ගියා. ඒ නිසා ඔවුන් එයට හැඩගැසිය යුතුයි. නමුත් එය වෘත්තීය ක‍්‍රීඩකයන්ට නිදහසට කරුණක් නොවේ.”
‘‘කෙසේ වෙතත්, අපි ඉදිරියේදී ක‍්‍රිකට් සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා.”
වළපල්ලට ගොස් තියෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යළි ගොඩනැ`ගීමට වගකිව යුතු නිලධාරීන් දැන්වත් නිසි ක‍්‍රියාමාර්ග ගත යුතුය. එසේ නොවුණොත් නොබෝ දිනක දීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නැත්තටම නැති වී යනු ඇත.
වික්ටර්ට මොකද වුණේ… පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව
..
* දෙවෙනි කසාදයට අත්සන් තැබුවෙත් ඔහුයි
වික්ටර්ගේ සමදුක මිත‍්‍ර, දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව පැතිර පවත්නා, කතාව සහ ඒ වන විටත් සමාජ මාධ්‍ය ජාලා හි ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝවේ ඇත්ත නැත්ත පිළිබඳව, ඔහු දන්නේ කුමක්දැයි අසා දැන ගන්නටය. ඒ කතාව දික් ගැස්සී, වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපි ඔහුගේ නිවසට ගියෙමු. මාධ්‍යවේදියෙකු ලෙස දවස පුවත්පතේ සේවය කරන ලද ඔහු, අමාත්‍යංශ ගණනාවක රජයේ ජ්‍යෙෂ්ඨ පුවත් නිලධාරියෙකු ලෙස සේවය කළේය. පසුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකු, අමාත්‍යාංශ උපදේශකවරයෙකු ලෙස ද සේවය කරන ලද ඔහු, වික්ටර් සමග ලෙන්ගතු දයාවකින්, දශක ගණනාවක් අඛණ්ඩව කටයුතු කළේය. වික්ටර් දෙවැනි වරට, විවාහය සඳහා පිවිසෙන විට, ඒ සඳහා පිටත් වූයේ, ඔහුගේ දියණියගේ නිවසේ සිටය. එම කසාදයට වික්ටර් වෙනුවෙන් අත්සන් තැබුවේ දයාය. ඒ තරමට වික්ටර් – දයා මිත‍්‍ර සන්ථවය ප‍්‍රබලය. සිය මිතුරාට සිදු වූයේ කුමක්ද…? ඒ ප‍්‍රශ්නය සඳහා දයා විජේසේකර මහතා දුන් පිළිතුර මෙසේය.
ප‍්‍රශ්නය – ඔබට මුලින්ම වික්ටර් රත්නායක මහතා හමුවන්නේ කොහොමද…?
පිළිතුර – වික්ටර් රත්නායක මහතාව මම මුලින්ම දැක්කේ 1970 වසරේදී. එදා පත්වූ නව ආණ්ඩුව වෙනුවෙන් ‘ජනතා ජයග‍්‍රහණය’ කියලා, නිදහස් චතුරශ‍්‍රයේ උත්සවයක් පැවැත්වුණා. ඒ සඳහා ‘අරුණු රැසක්…
රැසක්…රැසක්…’ කියන ගීතය ඔහු ගායනා කළා. එදා තමයි, මම මුලින්ම ඔහුව දැක්කේ. හැබැයි මම ඔහුව හඳුනාගන්නේ, පේ‍්‍රමකීර්තිගේ මාර්ගයෙන්… පේ‍්‍රමකීර්ති ද අල්විස් සහ මම දවස පත්තරයේ එකට වැඩ කළා. දවසක් මම, පේ‍්‍රමකීර්ති හමුවීම සඳහා ඔහුගේ නිවසට ගියා. ඔහු එතකොට හිටියේ නුගේගොඩ, පාගොඩ පාරේ… පේ‍්‍රමකීර්ති ඒ වෙලාවේ වික්ටර්ගේ ගෙදර ගිහින්… ඊට ගෙවල් හතරක් එහායින් තමයි වික්ටර් හිටියේ. මම, පේ‍්‍රමකීර්ති හොයාගෙන එහෙට ගිහින් තමයි, මුලින්ම වික්ටර් හඳුනා ගන්නේ… ඒ, 1971 වසරේ විතර…
ප‍්‍රශ්නය – ඊට පසුව ඔබ සහ වික්ටර්, කුළුපග මිත‍්‍රයන් වෙනවා..,.
පිළිතුර – ඔව්… අපි දෙන්නා සහ පවුල් දෙක එකට ගමන් බිමන් යන තරමට මිත‍්‍ර වෙනවා, ඒ ගැන කියන්න දෙයක් නැහැ. අපි එක පවුලක් වගේ තමයි ජීවත් වෙන්නේ…
ප‍්‍රශ්නය – වික්ටර් රත්නායක මහතා දෙවැනි වරට විවාහ වෙන්න යන අවස්ථාවේ දී ඒ සඳහා ඔහුගේ දරුවන් විරුද්ධ වෙනවා. එහිදී ඔබ දරන්නේ කිනම් ස්ථාවරයක් ද…?
පිළිතුර – මේ කතාව මට ආරංචි වෙනවා. ඒ වුණාට මම ඔය ගැන වික්ටර්ගෙන් අහන්න ගියේ නැහැ. එයා මට කිව්වෙත් නැහැ. අපි දෙන්නා වෙනදා වගේ ආශ‍්‍රය කළා. කතා කළා. එක දවසක් ජයන්ත මට කතා කරලා
”දයා මාමා… හරි වැඬේ… ඊයේ ඉඳන් තාත්තා ආයෙත් බොනවා …’’ කියලා කිව්වා…
”ඒ මොකද කියලා’’ මම ඇහව්වා
” පොඩි අවුලක් වුණා ඊයේ… අපි ගිහිල්ලා, ඊයේ තාත්තාට අවවාදයක් දුන්නා. තාත්තා අපි සේරම එලෙව්වා. මරණයටවත් එන්න එපා කිව්වා…’’
මම ඒ පාර, වික්ටර් බලන්න ගියා.
”මොකද වුණේ…ජයන්ත මට විස්තරයක් කිව්වා’’
” ඔව් මචං… මම දන්න ළමයෙක් මෙහෙ ඇවිල්ලා හිටියා… මුන් කට්ටිය එකතුවෙලා, ඒ ළමයට ගහලා එලෙව්වා…’’
”කවුද ගැහැව්වේ…’’
”ලෙලූම්ගේ වයිෆ් තමයි ගැහැව්වේ… මම මචං, මුන් ඔක්කොම ගෙදරින් එලෙව්වා…’’
” දැන් මොකක්ද උඹ කරන්න හදන්නේ’’
”බෝතලයක් ගෙනහල්ලා බොමු…’’
” දැන් බොන්න බැහැ… මුලින්ම මේක කතා කරලා ඉවරයක් කරගමු… උඹ මේ ගැන හරියට තීන්දුවක් ගනින්…’’
” ඒක තමයි මචං, මම මේ ඒ ගැන හිත හිත දෙගිඩියාවෙන් ඉන්නේ…’’
” මේ වැඬේ සීරියස් ද…’’
”ඔව් මචං දැන් අවුරුදු ගාණක් අපි මේ ආශ‍්‍රය කරගෙන ගියා… ඒ ළමයත් කැමතියි… දැන් මේක නවත්වන්න බැහැ.’’
” එයා කැමති නම් උඹව බඳින්න, උඹ කැමති නම් එයාව බඳින්න, ඇයි යකෝ මේ හොරට ඉන්නේ… නීත්‍යනුකූලව කරන දෙයක් කරපන්… නැත්නම් මේක නවත්වපන්… උඹලා දෙන්නා ස්වාධීන මිනිස්සුනේ…’’
මෙහෙම කතා කරලා, මම එන්න ආවා. පහුවදා වික්ටර් ඇවිල්ලා, මාව හමු වුණා.
”මචං වැඬේ බරපතළයි. මට මොකක් හරි තීන්දුවක් ගන්න ඕනේ… උඹ මොකක්ද මේ ගැන කියන්නේ…’’
”මුලින්ම උඹේ තීන්දුව කියපන්…’’
”ඒ ළමයා බඳින්න කැමතියි. මාත් කැමතියි…’’
”එහෙනම් මේ වැඬේ කරපන්…’’
”කොහොමද මචං මේක කරන්නේ’’ කියලා වික්ටර් මගෙන් ඇහැව්වා…
මේ වෙනකොටත් මම මේ ගැහැනු ළමයාව හඳුනන්නේ නැහැ… ඒත් වික්ටර් වෙනුවෙන් මම ඔහුගේ විවාහය සඳහා කටයුතු, ඉතා රහසේම, රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලයේ සූදානම් කළා. මමයි, මගේ වයිෆ් වික්ටර් එක්ක, එක කාර් එකේ එතැනට ගියා. ළමයත් අපිත් එක්ක, අපේ ගෙදර ඉඳලා වෙන කාර් එකක ආවා. වික්ටර්ගේ පැත්තෙන් මම අත්සන් කළා. අර ළමයාගේ පැත්තෙන්, හොංකොං විශ්වවිද්‍යාලයේ ඉංග‍්‍රීසි කථිකාචාර්යවරයකු වෙන ජෝර්ජ් අත්සන් කළා. ඔහුත් වික්ටර්ගේ මිත‍්‍රයෙක්… එතකොට වික්ටර්ට හැත්තෑ පහයි… ඒ ළමයාට අවුරුදු තිස් දෙකයි…
ප‍්‍රශ්නය – මේක නොගැළපෙන කසාදයක් කියලා ඔබට හිතුණේ නැද්ද…?
පිළිතුර – පළවෙනි දේ තමයි, ඒ දෙන්නාගේ කැමැත්ත… ඒ වෙනකොට වික්ටර්ගේ දරුවෝ ඔක්කොම බැඳලා හිටියේ… බිරිය මැරිලා අවුරුදු දහතුනක් වෙනවා… මේ මනුස්සයාට කාත් කවුරුත් නැතුව ඔහේ ඉන්න බැහැනේ… මේ නිසා, ඒ පැත්තෙන් තමයි මම බැලූවේ… අනිත් එක දරුවෝ එපා කියපු එක, මම එපා කිව්වට නවතින්නේ නැහැනේ…
ප‍්‍රශ්නය – මේ භාර්යාව නිසා ඒ මහා කලා පෞරුෂය වෙනස් වුණා කියන එක හැමෝම කිව්වා…
පිළිතුර – ඔය ඊයේ පෙරේදා ආපු වීඩියෝ එක එනකම්, මම එහෙම හිතුවේ නැහැ. මොකද වික්ටර් කියන්නේ, ප‍්‍රතිපත්තිගරුක, කොන්ද කෙළින් තියාගෙන ඉන්න, නම්බුකාර, ආගමානුකූල කෙනෙක්… ඔහුව මෙතැනට වෙනස් කිරීම ලෙහෙසි දෙයක් නෙමෙයි. එදා මම හිටියේ, මේ දෙන්නාගේ කැමැත්තට සහ වික්ටර්ගේ යහපතට මේ විවාහය හේතුවක් කියන මතයේ… එහෙම වුණාට අද මම ඒ මතය දරන්නේ නැහැ. මම ඒ මතය දැන් වෙනස් කරලා, මේ මිනිහව, විනාශ කළේ මේ ගැහැනිය කියලා, මම කියනවා.
ප‍්‍රශ්නය – අසරණව වැටී සිටි, වික්ටර් රතනායකයන්, මේ විවාහයෙන් පස්සේ, යළි ප‍්‍රමුදිත වුණා කියලා කියන්න පුළුවන්…?
පිළිතුර – වික්ටර්ගේ නව නිර්මාණ එළි දැක්කේ නැහැ. ඒත් ඔහුට ගොඩක්, සංදර්ශන සඳහා සහභාගි වෙන්න පුළුවන් වුණා. ඒවායෙන් හොඳ ආදායමක් ලැබුණා. මේ බිරින්දෑට ලොකු ආර්ථික ප‍්‍රශ්න ගණනාවක් තිබුණා. උන්දැ, බැංකුවේ වැඩ කරන කොට කරපු වංචාවක් නිසා, ලොකු නඩුවකට පැටලිලා හිටියා. ඒ නඩුවෙන් ඇය රිමාන්ඞ් වෙලා හිටියා. අඟුණකොලපැලැස්සේ බන්ධනාගාරයේ තමයි හිටියේ… මාත් බලන්න ගියා. වික්ටර් එක්කමයි ගියේ… තාම ඒ නඩුව තියෙනවා. මෙයාට වික්ටර්ගේ සල්ලි ලොකු වුණා.
ප්රශ්නය – මේ කාන්තාව මොන ආගමේද…?
පිළිතුර – මුල් වෙලාවේ එහෙම ආගමක් ගැන මම නම් දැනගෙන හිටියේ නැහැ…
ප‍්‍රශ්නය – වික්ටර්ගේ සහ ඇයගේ නිවසේ, ආගමික පසුබිම කොහොමද තිබුණේ…?
පිළිතුර – වික්ටර්ගේ ගෙදර මෙයින් හෝල් එකෙන් එළියේ, තාප්පය අයිනේ, ලස්සන, ලොකු බුදු පිළිමයක් තිබ්බා. තාප්පයට අල්ලලා, ගල් ගුහාවක් වගේ හදලා, අඩි තුනක විතර ලස්සන බුදු පිළිමයක් තියලා තිබ්බා. එතැන ඉස්සරහ පොන්ඞ් එකක් හදලා, මල් වවලා, තිබ්බා. වික්ටර් උදේ හවා, ඒ පිළිම වහන්සේට මල් පූජා කරනවා. එහෙම තමයි ඒ ගෙදර පරිසරය තිබුණේ… වික්ටර් බෞද්ධාගම ගැන හොඳ දැනීමක් තිබ්බ කෙනෙක්… ඔහුගේ නිවසේ බෞද්ධාගම ගැන මහා පොත් ගොඩක් තියෙනවා. ඒ වගේම ටී. එන්. එල්. නාලිකාවේ, ස්වාධීන රූපවාහිනියේ බෞද්ධාගමික වැඩසටහන් සඳහා ඔහු සහභාගි වුණා.
ප්රශ්නය – මේ අතරේ වික්ටර් අසනීප වෙනවා…
පිළිතුර – ඔව්… දිගටම එයාට උණ ගන්නවා… අර මනුස්සයා මට කතා කරලා ”බලන්නකෝ දයා අංකල්, උදේටත් උණ, හැන්දෑවටත් උණ… මොකද කරන්නේ කියලා, මගෙන් ඇහැව්වා… ඒ පාර පරීක්ෂණ ගණනාවක් කළා. ගිය අවුරුද්දේ, පෙබරවාරි අග වගේ වෙනකොට, වික්ටර්ගේ කකුල් දෙක ඉදිමුණා… මෙයාට ඇවිද ගන්න බැරිවෙන ගාණට ආවා… මෙහෙම යනකොට අපිට වෛද්‍යවරු කිව්වා, අක්මාවේ ආබාධයක් තියෙනවා කියලා. ඒ සඳහා ශල්‍යකර්මයක් කරන්න තිබ්බා. ඒක නොපමාව කරන්න කියලා වෛද්‍යවරු උපදෙස් දීලා තිබ්බා. එහෙම තියෙද්දී පෙබරවාරි මාසයේ ගෙදර ආවා. ආයෙත් අසනීප වුණා. ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරු මාර්තු මාසයට දින දීලා තිබ්බා. ” මාර්තු මාසයේ මට ෂෝස් ගාණක් තියෙනවා. ලක්ෂ විසි අටක් විතර මට එන්න තියෙනවා. මම දැනටමත් ලක්ෂ අටක් විතර, ඇඞ්වාන්ස් අරගෙනයි, තියෙන්නේ… ඒ නිසා මේක අපි අපේ‍්‍රල් වල කරමු.’’ කියලා, වික්ටර් මට කිව්වා. මාර්තු අගවෙනකොට කොරෝනා ආවා. ෂෝස් එහෙම්ම නතර වුණා. ලෙඬේ වැඩි වුණා. පස්සේ, ශල්‍යකර්මය, බාහිරින්, අලූත් ක‍්‍රමයට කළා. ශල්‍යකර්මය සාර්ථක වුණා… ටිකට් කපන් එන්න හදන කොටම, හාර්ට් ඇටෑක් එකක් ආවා.
ඒ වෙලාවේ එයාට හුඟක් අමාරු වුණා… මළ මිනියක් දාලා වගේ තමයි ඇඳේ හිටියේ…
ඔහුට දොස්තරලා ප‍්‍රතිකාර කළේ නොමිලේ… මහාචාර්ය සමන් කේ. ගුණතිලක, විශේෂඥ වෛද්‍ය ප‍්‍රියංකර ජයවර්ධන වගේ අය පුදුම කැපවීමකින් වික්ටර් බලා ගත්තා. දොස්තරලා, වික්ටර්ට කතා කළේ ”සර්’’ කියලා. එතරම් ගෞරවයකින් තමයි, ඔවුන් කටයුතු කළේ…
වික්ටර්ට සිහිය ආවාට පස්සේ, වෛද්‍යවරු උපදෙස් දුන්නේ, හිතවත්ම අයට ඔහුත් එක්ක කතා කරන්න, එන්න යන්න ඉඩ දෙන්න කියලයි. ඒත් පැමිණෙන පිරිස සීමා කරන්නත් ඕනේ. මොකද විෂබීජ යන්න ඉඩ තියෙන නිසා… ඒ අනුව වික්ටර්ගෙන් එන්න, කතා කරන්න කැමති අයගේ නම් කියලා අහලා තියෙනවා. එයා කැමති වුණේ, මායි කුලයයි (කුලරත්න ආරියවංශ) එනවට… සිහිය ආවාම ඔක්කොම හොඳට මතකයි… ඊට පස්සේ මාස දෙකක් තුනක් පිශියෝ තෙරපි කළා. මම ඒ හැමදාම ගියා. මේ වෙනකොට ලොකු බිලක්, රෝහල් ගාස්තු විදිහට ගෙවන්න තිබ්බා. ලක්ෂ විසි අටක් විතර බිල තිබුණා. ඒ වෙනකොට සල්ලි ඉවරවෙලයි තිබ්බේ. මම මුල් වෙලා අරගෙන දුන්න, ප‍්‍රිමියෝ කාර් එක, මම ලක්ෂ අසූ දෙකකට විකුණලා දුන්නා. ඊට පස්සේ, එයාගේ වයිෆ්ගේ අක්කලාගේ ගෙදර තමයි ඇවිල්ලා හිටියේ… මම ඉතින් හැමදාම බලන්න යනවා. මගේ කාර් එකේ ඇවිදින්න එක්කගෙන යනවා.
මේ වෙනකොට මම දේවල් කිහිපයක් නිරීක්ෂණය කළා. වික්ටර් රෝහලේ ඉන්නකොට, එයාගේ රූම් එක ඇතුළේ, යේසුස් වහන්සේගේ පින්තූරයක් තියලා, ලාම්පුවක් පත්තු කරලා තිබ්බා. මම හිතුවේ එයාගේ වයිෆ්ගේ ආගම තමයි මේක. ඒ නිසා මෙහෙම කරනවා ඇති කියලා. මම දවසක් වික්ටර්ගේ අතුරුගිරියේ ගෙදරට ගියා. එතකොට අර, මනරම් බුදුපිළිමය තිබ්බේ නැහැ. ඒ වෙනුවට එතැන, බයිබල් පාඨයක් ගහලා තිබ්බා. ගෙදර උළුවස්සේ තිබ්බ, බුදු සරණයි කියන බෝඞ් එක ගලවලා, එතැනත් බයිබල් වාක්‍යයක් ගහලා තිබ්බා. වික්ටර්ගේ ගෙදර තිබ්බ, බෞද්ධ පොත් පත් ටිකත් පල්ලියෙන් ඇවිල්ලා, ලොරියක දාගෙන විනාශ කරන්න අරගෙන ගියා කියලා, මට ආරංචියක් පස්සේ කාලෙක අහන්න ලැබෙනවා. ඊට පස්සේ තමයි මේ වීඩියෝ එක දැක්කේ…
ප‍්‍රශ්නය – මොකද මෙහෙම වුණේ…?
පිළිතුර – වික්ටර්ට සිහිය නැතිවනේ හිටියේ… අර මනුස්සයා, මෙයාට කියලා තියෙන්නේ ”ඔයාව බේරාගත්තේ දෙවියන් වහන්සේ…’’ කියලයි. එතකොට දොස්තරලා කරන්න තියෙන ඔක්කොම කරලයි තිබ්බේ. ඒ අය එහෙම කිව්වා… ඒක ඇත්ත… ඒ වුණාට දොස්තරලා අතහැරියේ නැහැ. පුදුම කැපවීමකින්, වික්ටර් වෙනුවෙන් ඔවුන් සේවය කළා. දිගින් දිගටම ප‍්‍රතිකාර කළා. පැයෙන් පැයට, දොස්තරලා මෙයා ගැන හොයලා බැලූවා.
ප‍්‍රශ්නය – මේ සාකච්ඡා වට පෙර වික්ටර් රත්නායක මහතාව හමුවුණේ කවදාද…?
පිළිතුර – ගිය සතියේ අපේ ගෙදර ආවා. එදා කුලයත් ආවා. උදේ ඇවිල්ලා, කාලා බීලා හවස තමයි, වික්ටර් ගියේ… වික්ටර්ගේ උපන් දිනය පෙබරවාරි දහ අටවෙනිදා… ඒ නිසා මොකක් හරි වැඩක් කරමු කියලා, කුලයත් එදා කිව්වා. එංගලන්තයේ පිරිසකුත් විශාල මුදලක් උපන් දිනේට වියදම් කරලා, ඒ වෙනුවෙන් රූප රචනා දාලා, වීඩියෝ වගයක් හදන්න පටන් ගෙන තිබුණේ…
ප‍්‍රශ්නය – ඔය අතරේ, අර වීඩියෝව ඔබ දකිනවා…
පිළිතුර – ඔව්… මම ඉතින් දවස් දෙකකට තුනකට පාරක් එයාට කතා කරනවනේ… ඒ වගේ මම කතා කළා…
”කොහොමද මචං’’
”දැන් නම් හොඳයි මචං… මම උඹට හෙට උදේ කෝල් එකක් දෙන්නම්…’’ කියලා වික්ටර් ඒ වෙලාවේ ෆෝන් එක තිබ්බා. පහුවදා උදේ එයා කතා කළේ නැහැ. මම අඟහරුවාදා උදේ කතා කළා. එතකොට මට අර වීඩියෝ එක ගැන ආරංචිය ඇවිල්ලා, ඒක බලලයි තිබ්බේ… මම ඒක දැක්ක ගමන් දෙන්නගේ ෆෝන් වලට ගත්තා. දෙකෙන් එකක්වත් ආන්සර් කළේ නැහැ. හැන්දෑවේ හයාමාරට විතර වික්ටර් මට කතා කළා…
” උඹ ඊයේ කතා කරනකම් මම බලාගෙන හිටියා…’’
”ඔව් බං මට කතා කරන්න බැරි වුණානේ…’’
”මොකක්ද බං, මේ උඹේ වීඩියෝ එකක් හෝ ගාලා යන්නේ…’’
”ඔව්නේ මචං… අර මගේ උගුරේ තිබ්බ අමාරුව අයින් කළානේ…’’
”කවුද මචං ඒ උගුරේ එක අයින් කළේ… කොහෙද හොස්පිටල් එක…’’
”නැහැ මචං… දෙවියන් වහන්සේ අයින් කළානේ…’’
”දෙවියන් වහන්සේ උගුරේ අමාරුව අයින් කළා…?’’
”ඔව් මචං, දෙවියන් වහන්සේ මගේ උගුරේ අමාරුව අයින් කළා… මගේ කිඞ්නි එකේ අමාරුව සනීප කළා… මගේ ලිවර් එකේ ආබාධය සනීප කළා. මගේ ලංග්ස් වල අමාරුව සනීප කළා. හාට් එක සනීප කළා. ඔක්කොම දෙවියන් වහන්සේ කළේ…’’
” දෙවියන් වහන්සේ කොහොමද මචං ඒක කරන්නේ… උඹ හොස්පිටල් එකේ නතර කරලා, නහයෙන් බට දාලා, මාස තුනහමාරක් ඉඳලනේ සනීප කර ගත්තේ…’’
”නැහැ මචං… දොස්තරලා බැහැ කියලා, මාව අත ඇරියනේ මචං… ඊට පස්සේ මාව භාර දුන්නේ දෙවියන් වහන්සේට… දෙවියන් වහන්සේ තමයි, මාව බේර ගත්තේ…’’
”උඹ විශ්වාස කරනවාද ඕක…’’
”ඔව් මචං…’’
”උඹ විශ්වාස කරනවා නම් විශ්වාස කරපන්… දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දෙයක් නැහැ…එයාට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් නම්, අර ඉතාලියේ ලක්ෂ ගාණක් මැරිලා, එයාට කියපන්, ඒ මිනිස්සුන්ට උදව් කරන්න කියලා… ඇයි බං, ඔය වගේ බොරුවලට රැවටෙන්නේ…’’
”මම රැවටිලා නැහැ… මම උන් වහන්සේගේ බලය විශ්වාස කරනවා… උන් වහන්සේ තමයි මාව බේරා ගත්තේ…’’
”උඹ ඔහොම රැවටුනාට, අපිට ප‍්‍රශ්නයක් තියෙනවා… උඹ හෂිනි අමේන්ද්‍රගේ දෙවැනි මිනිහා වුණාට, උඹ මේ රටේ ජාතික වස්තුවක්… උඹට මේ රටේ මිනිස්සු ආදරෙයි… උඹ ඒ ඔක්කොම බල්ලට දාලා මේ වගේ වැඩ කරන එක හරිද…?’’
”එහෙම කතා කරන්න එපා මචං… මගේ විස්වාසය මට ලොකුයි…මේක මගේ කැමැත්ත…’’
”මට මේ වීඩියෝ එක දැකපු අය කිහිප දෙනෙක් කිව්වේ, උඹ ඒ වෙලාවේ මළා නම්, ගෞරවාන්විතව මළේ කියනවා… දැන් උඹ බල්ලෙක් වෙලා මැරෙන්නේ කියලා…’’
”එහෙම කියන්න එපා…’’
”උඹේ ජීවිතය බේර ගන්න හෂිනි කැපවුණා. ඒ ගෞරවය, ඒ මනුස්සයාට අයිතියි… ඒ වගේම උඹේ ගෞරවය විනාශ කිරීමේ සාපයත් ඒ මනුස්සයාට අයිතියි…’’
මේ කෝල් එක දෙනකොට හෂිනිත් ළඟ හිටියා කියන එක මට තේරුණා…
”කොහෙන්ද මේ දෙවියන් වහන්සේ උඹට හම්ඹු වුණේ…’’ කියලා මම ඇහැව්වා…
එතකොට හෂිනි කියනවා, ”ජාඇල කියන්න… ජාඇල කියන්න…’’ කියලා.
”ජාඇල දී මචං…’’
”උඹ ආයෙත් සැරයක් අසනීප වුණොත් යන්න වෙන්නේ දෙවියන් වහන්සේ ගාවට… මේ සැරේ ගියොත් ආයෙත් ගෙදර එන්න වෙන්නේ නැහැ…’’ කියලා මම කිව්වා.
ඒ එක්කම එයා කෝල් එක කට් කළා…
ඕක තමයි කතාව…
මේ ඔක්කොම වුණේ, මෙයාව බේරා ගත්තේ දෙවියන් වහන්සේ කියන එක හෂිනි මෙයාගේ ඔළුවට දැමීමෙන්….
‘‘දෙවියන් වහන්සේ හරි මහසෝනා හරි කමක් නැහැ, උඹේ ජීවිතය බේරාගත්තා නම්… හැබැයි මේ දේවල්, උඹ මීට වඩා මොළය ඇතුව, කල්පනාවෙන් කරන්න තිබුණා.’’ කියලා මම කිව්වා. වික්ටර්ට සියලූ දේවල් මතකයි, එක දෙයක් හැර… ඒ තමයි, එයාට හාර්ට් ඇටෑක් එක ඇවිල්ලා, ඒ දවස් ගාන යනකං වෙච්ච දේවල් ඔහුට අමතකයි.
හෂිනි ඒ ගැන වික්ටර්ට කිව්වේ ”අරගොල්ලෝ අත ඇරියාම, මම ඔයාව දෙවියන් වහන්සේට බාර දුන්නා’’ කියන එකයි. ”දෙවියන් වහන්සේ තමයි, ඔයාව බේරා ගත්තේ….’’ කියන එක හෂිනි වික්ටර්ට කිව්වා…. අර දේවල් අමතක නිසා, මෙයා දැන් පිළිගන්නේ අර මිථ්‍යාව…
මෙච්චර කල් ජේසුස් වහන්සේට පවා අපහාස කරමින්, එක එක කල්ලි දුප්පත් මිනිස්සුන්ව, අසරණයන්ව බිලිබා ගත්තා… ඒ අල්ල ගත්තේ හාල් මැස්සන්, කූනිස්සන්… මේ පාර ඒ අය අල්ල ගත්තේ, ලොකුම මෝරෙක්… මේ වගේ වන් ඇන්ඞ් ඔන්ලි කෙනෙක්ව ඒ අය අල්ල ගත්තේ. ෆස්ට් ටයිම්…
ප‍්‍රශ්නය – එසේ නමුත් අර පාස්ටර් වරයා, උගුර පිරිමැද, වික්ටර් රත්නායකයන් වෙත ආශිර්වාද කළාට පසු ඔහුට ගීත ගායනා කිරීමේ හැකියාව එවෙලේම ලැබුණා…
පිළිතුර – කළු සූට්කාරයා මෙයාගේ උගුර අතගාලා, ඔය සියල්ලට කිරීමට සති කිහිපයකට පෙර, හෂිනිගේ ලොකු අක්කාගේ හස්බන්ඞ්ගේ උපන් දිනය පැලවත්තේ, ගෙදර තිබ්බා. මස්සිනා ඒ වෙලාවේ කිව්වා, ”අද මගේ බර්ත් ඬේ එකනේ… සර්… අද සින්දුවක් කියන්නකෝ’’ කියලා, ඉල්ලා සිටියා. ඒ වෙලාවේ වික්ටර් ඉතාම හොඳට ගීත කිහිපයක් ගායනා කළා. ”පෙම්බර මධු…’’ කියන ගීතය තමයි මුලින්ම ඔහු ගායනා කළේ…. ඔය කළු කෝට්කාරයා කරපු දෙයක් නැති වග, ඒකෙන්ම පේනවා… මේ වික්ටර් කියන වටිනා, මහා චරිතය බිලිගන්න, ගායිකාවක් සහ ගායකයෙක් වන අඹු සැමි යුවළක් සම්බන්ධව සිටින බව මට ආරංචියි. ඒ අයගේ දරුවෝ පවා මේ පල්ලියේ සල්ලිවලින් ඉගෙන ගන්න රට යවලා තියෙන බව අපිට ආරංචියි… මේ දේවල් තවදුරටත් වෙන්න ඉඩ තියන්න එපා… මම මහා නායක හාමුදුරුවරු ප‍්‍රමුඛ මහා සංඝරත්නයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, මේ දේවල් දැන්ම නවත්ත ගන්න කියලා….,
ප‍්‍රශ්නය – ඔබ දැන් මිත‍්‍රද්‍රෝහියෙක්…
පිළිතුර – නැහැ… මම ඔහුට තවම ආදරෙයි… ඔහු මේ කළ අමනෝඥ ක‍්‍රියාව මට දරා ගන්න බැහැ… මේ රටේ සිටින ඉහළම, සම්මානනීය කලා පෞරුෂය ඔහුයි. එවැනි කෙනෙක් තව සියවසකට මේ රටේ ඉපදෙන්නේ නැහැ. ඔහු මේ උගුලට හසු වුණා නම්, මේ ජාතියේ, ආගමේ අනාගතය වෙනුවෙන් මට තව ඉවසාගෙන ඉන්න බැහැ… ජාතිය, ආගම වෙනුවෙන් සහ මගේ සදාදරණීය මිත‍්‍රයාට වෙච්ච දේ පිළිබඳව සත්‍ය හෙළිකර ඔහු බේරාගැනීම සඳහා තවත් ඉඩක් තියෙනවා නම්, ඒ සඳහා තමයි මම මේ දේ කළේ…
මනෝජ් අබයදීර
බෝන් එගේන්
ශ‍්‍රී ලංකාවේ ජාතික කි‍්‍රකට් කර්මාන්තය Born Again නමැති ආගමික නිකායක් විසින් අත්පත් කරගනු ලැබ ඇතැයි කියන පුවතක් නිසා සමාජය කැළඹී ඇත. ඒ පිළිබඳව පුවතක් පසුගිය සතියේදී මේ පුවත්පතේ පළ වූ අතර Born Again නමැති ආගමික නිකායට අයත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ මෙන්ම එයට අයත් නැති ක‍්‍රීඩකයෝ ද අප අමතා සාප කරන්නටත් හොඳ කියන්නටත් පටන් ගත්හ. කැමැති ආගමක් ඇදහීම සඳහා කෙනෙකු තුළ ඇති අයිතිය මේ පුවත්පත විසින් ඉතා ඉහළින් පිළිගනු ලබන බව මුලින්ම සඳහන් කළ යුතුය. කුසට ආහාර බත්, මාළු, එළවළු, මස්, පාන් ඇතුළු දේවල් ය. ඇතැම් පුද්ගලයකුගේ මනසට ආහාරය ආගමය. ඒ අනුව බත්, මාලූ, මස් කෑමට ඇති නිදහස හා සමානවම ආගම ඇදහීමට ඇති නිදහස ද මූලික අයිතිවාසිකමකි. මේ අතර අවබෝධය තුළින් ආගම පැතිරවීමට ඇති නිදහස Positive නිදහසක් හෙවත් ‘ධන’ නිදහසක් ලෙස හඳුන්වනු ලැබේ. බලාත්කාරයෙන් ආගම පැතිරවීමට ඇති නිදහස Negative නිදහසක් ලෙස හැඳින්වීමට පුළුවන. 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසි ආක‍්‍රමණිකයෝ පෘතුගීසි යුද සෙබළුන්ට ලෝගු අන්දවා ඔවුන් අතට බයිනෙත්තු සහ කිනිසි ලබා දී ඔවුන්ගේ ආගම වූ රෝමානු කතෝලික ආගම ලංකාවේ මුහුදුකරයේ පතුරුවනු පිණිස පිටත්කර හැරියාහ. කතෝලික සමය වැළඳ ගැනීම කැමැති වූ සිංහල බෞද්ධයන් සනීප ටොක්කක් ඇන ආගමට බඳවා ගන්නා ලදි. බෞතිස්ම කර, නම ද මාරු කර, සබයට ගන්නා ලදි. බ‍්‍රැන්ඩිද, සුරුට්ටුද පුරුදු කරන ලදි. ඒ අතර ආගම මාරු කිරීමට අකැමැති වූ සිංහල බෞද්ධයාට බයිනෙත්තුවෙන් එකක් ද, කිනිස්සෙන් එකක් ද දී වළපල්ලට යවන ලදි. මේ ආරංචිය පැතිර යන විට මැරුම්කෑමට බිය වූ සිංහල බෞද්ධයෝ නිකම්ම කතෝලික ආගම වැළඳ ගත්හ. අප මේ බව කියන්නේ කතෝලික ආගම කෙරෙහි ඇති විරෝධයක් නිසා නොව එය පතුරුවන ලද ආකාරය පැහැදිලි කර දෙනු පිණිස ය. කතෝලික ආගම ඉතා උසස් දර්ශනයකි. එහි මූලික හරය වූ කලි ආදරය හා කරුණාව ය. ජේසුතුමා තරම් දුක්වි`දි වෙනත් ආගමික නායකයෙක් ලොව නැත.
පෘතුගීසි යුගයෙන් පසු මේ රටේ මුහුදුකරය අල්ලා ගත්තෝ ලන්දේසීහු ය. ඔවුහු ප්‍රොතෙස්තන්ත වරුය. කතෝලික සමයේ සහ ප්‍රොතෙස්තන්ත සමයේ මූලික වෙනස්කම් තිබේ. එය ඵ්රඑසබ ඛ්එයමර නමැති ජර්මන් ජාතික දේවධර්ම මහාචාර්යවරයාගේ අදහස් පදනම් කරගත් කි‍්‍රස්තියානි නිකායකි. 1690 දී ලංකාවේ මුහුදුකරය ආක‍්‍රමණය කළ ලන්දේසීහු ඒ වන විට, පෘතුගීසීන් වෙතින් රෝමානු කතෝලික වී සිටි සියලූ සිංහලයන් අල්ලා ඔවුන් ප්‍රොතෙස්තන්ත ආගමට හරවන්නට වූහ. එසේ හැරවීමට අකැමැති වූ කතෝලිකයන් පණපිටින් උල තබන ලදි. යකඩ කණුවල බැඳ පුළුස්සා මරණ ලදි. මෙය ආගම පැතිරවීමක් නොව ආගමික ත‍්‍රස්තවාදයකි. අල්කයිඩා සහ ISIS ඉස්ලාම් අන්තවාදීන් ආගම පතුරවන්නේ ද මෙලෙසම ය. අපේ ක‍්‍රිකට් කර්මාන්තය තුළ Born Again ආගමික හැසිරීම ද යම් ආකාරයක ත‍්‍රස්තවාදී ස්වරූපයක් ගන්නා බව පෙනෙයි. දැනට තිබෙන ප‍්‍රමුඛ චෝදනාව වන්නේ Born Again නිකායට ඇතුළත් නොවන ක‍්‍රීඩකයන් ඉතා ක‍්‍රමානුකූල ලෙස ක‍්‍රීඩා කණ්ඩායමෙන් කපා හරින බව ය. එය පෘතුගීසි සහ ලන්දේසි ක‍්‍රමයේ Negative ආගමික නිදහසක් බව අපගේ හැඟීමය. ආගම යනු සිත මුලික කරගත් ශුද්ධ වූ වස්තුවකි. එය ක‍්‍රිකට් කණ්ඩායමට, වෘත්තීය සමිතියට, කර්මාන්ත ශාලාවට හෝ කාර්යාලයට ගෙන ඒමෙන් සියලූ දෙනා වැළකිය යුතු ය. Born Again ආගමික නිකායේද කිසියම් හර පද්ධතියක් තිබීමට ඉඩ ඇත. එම හර පද්ධතිය වැරදියට පාවිච්චි කළොත්, එසේ කරන අය Dead For Ever තත්ත්වයට පත්වනවා ඇත.
දේව බලෙන් යළි ගයන වික්ටර්…
මනෝජ් අබයදීර

ජීවත්ව සිටියදීම මියයෑම පිළිබඳව සාක්ෂියක් බවට වික්ටර් රත්නායකයන් මේ වන විට පත්ව තිබේ. මිථ්‍යාවේ උල්පත වූ යාඥා ශාලාවක, වික්ටර් රත්නායක නම් අද්විතීය පෞරුෂය, සිය ගෙල පිරි මැදගත් ආකාරය නොව, ගෙල සිඳගත් ආකාරය, සමාජ මාධ්‍ය ජාල මාර්ගයෙන්, පසුගිය දින කිහිපයේදී මුළු රටම දැන කියා ගත්තේය. මේ වික්ටර් රත්නායක මහතා පිළිබඳව ඛේදවාචකයක් පමණක් නොවේ. ආගමික ආක‍්‍රමණය පිළිබඳව නව ආකෘතියක් එළි දැක්වීමකි. ඇත්ත වශයෙන්ම මෙය සිංහල කලා කෙතේ, ආක‍්‍රමණික කුරුස පැළ කිරීමේ එක් සන්ධිස්ථානයක් පමණක් විය හැකිය.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් පුහුණුකරු ලෙස, චන්දික හතුරුසිංහ පැමිණෙන විට, කුරුස යුද්ධයක් සඳහා එම ආගමනය හේතු වනු ඇතැයි කවුරුත් සිතුවේ නැත. චන්දික හතුරුසිංහ ක‍්‍රිකට් කණ්ඩායමෙන් නික්ම ගොස් දැන් වසර ගණනකි. දේව උමතුවෙන් පසු, ලැබූ ජයග‍්‍රහණයක් නැතත්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම, දැන් ක‍්‍රිකට් වලට වඩා ගසන්නේ කුරුසය.
මෙයට දශක ගණනාවකට පෙර සිට රටේ ප‍්‍රභූ පිරිස් අන්‍යාගමිකකරණය සඳහා අතිශය සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත්ව තිබුණි. එම වැඩපිළිවෙළ හේතුවෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ භාර්යාවන් සහ දරුවන් ඇතුළු ප‍්‍රභූ තන්ත‍්‍රයේ සහ දේශපාලනයේ ඉහළ පුටු ගණනාවක් දැන් අදහන්නේ, අමුතු තාලයේ කුරුස ආගමකි.
බෝනගේන් යන නාමයෙන් යුක්ත මේ ආගම සඳහා, 1985 වසරේ ලෝක විවාහක රූ රැජන කිරුළ හිමිකරගත් රෝසි සේනානායක ද බඳවා ගත්තේය. ඉන් පසු ඇය දිගටම කටයුතු කරන ලද්දේ, එම ආගමේ තානාපතිනියක් ලෙසය. නීති, බැංකු, පරිපාලන ආදී ක්‍ෂේත‍්‍ර ගණනාවක් සඳහා මෙම කුරුස කල්ලි සිය ආක‍්‍රමණය මේ වන විට දියත් කර තිබේ. අතිශය අවදානම් කාරණාව වන්නේ, සාමනේර භික්ෂුන් වහන්සේ සිවුරේ තබාගෙනම, සිය කුරුස කල්ලිය සඳහා බදවා ගැනීම, මොවුන්ගේ නවතම ව්‍යාපෘතිය වීමය.
මේ ආගමික නිදහස හෝ හදවතේ සාක්ෂිය සඳහා අවනත වීමේ ප‍්‍රශ්නයක් නොවේ. ”සුදු ජාතිකයන් අප‍්‍රිකාවට එන විට අපේ අතේ ඉඩම් තිබුණා. ඔවුන්ගේ අතේ බයිබලය තිබුණා. ඔවුන් අපිට ඇස් වසා යාඥා කරන්න කිව්වා. අප ඇස් හැර බලන විට, අපේ අතේ බයිබලය තිබුණා. අපේ ඉඩම් ඔවුන්ගේ අතේ තිබුණා.’’ යැයි දකුණු අප‍්‍රිකාවේ හිටපු අගරදගුරු ඩෙස්මන්ඞ් ටුටූ පියතුමා සඳහන් කළේය. මේ ආක‍්‍රමණය එවැනි පන්නයේ, ක‍්‍රියාවකි. එය බලහත්කාර ප‍්‍රයත්නයකි. උපාය මාර්ගික ප‍්‍රවේශයකි.
ලොව විශාලතම කතෝලික රාජ්‍යය වූ බ‍්‍රසීලය මේ කුරුස කල්ලි ආක‍්‍රමණය බිලිවිය. 1970 දී එරට ජනගහනයෙන් 90% ක් ප‍්‍රකාශ කළේ තමන් කතෝලික ආගමිකයන් බවය. 2000 වසර වනවිට එරට කතෝලිකයන්ගේ ප‍්‍රතිශතය 73.9% දක්වා පහළ බැස ගියේය. 2009 දී එම ප‍්‍රමාණය 68.4 දක්වාත් පහළ බැස්සේය. බ‍්‍රසීලයේ අගරදගුරු කාදිනල් පෙඞ්රෝ ෂෙරර් විසින් මෙම කුරුස කල්ලි, සිය කතෝලික ජනග‍්‍රහණය ආක‍්‍රමණය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කළේය.
මේ ලෙසම කුරුස කල්ලි පිළිබඳව විරෝධය පාන්නේ, කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමාය. 2011 වසරේ නොවැම්බර් මස ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට ප‍්‍රකාශයක් කරමින්, කදිනල්තුමා සඳහන් කරන ලද්දේ, ඇමරිකාවෙන් කැඞී බිඳී ගිය ඊනියා ක‍්‍රිස්තියානි සංවිධාන ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කිරීමට පටන් ගැනීම නිසා එම සංවිධාන දීප ව්‍යාප්ත කිරීමට ඉඩ නොදී, වහාම පාලනය කරදෙන ලෙසය. ඊනියා ක‍්‍රිස්තියානි සංවිධාන බෞද්ධ ජනතාවට මෙන්ම රෝමානු කතෝලික සභාවට ද විශාල ප‍්‍රශ්නයක් වී ඇති බවත්, මෙම සංවිධාන රට පුරා නියෝජිතයන් පත් කරමින් විශාල වශයෙන් මුදල් වියදම් කර, බෞද්ධ බැතිමතුන් මෙන්ම කතෝලික බැතිමතුන් පවා ඔවුන්ගේ ඊනියා ක‍්‍රිස්තියානි දහමට හුරු කරගෙන ඇති බවද කාදිනල්තුමා එහිදී ප‍්‍රකාශ කළේය.
කාදිනල්තුමා ප‍්‍රකාශ කළ පරිදි, ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කළ ඊනියා ක‍්‍රිස්තියානි සංවිධාන දෙව්මැඳුරු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ලියාපදිංචිය ලබාගැනීමට ක‍්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට එවන ලද දේවස්ථාන ඉදිකිරීමේ ලැයිස්තුවක් ශ‍්‍රී ලංකා රාජගුරු මණ්ලය මැදිහත්වී වරක් අවලංගු කළේය. එසේ වුවද වික්ටර් රත්නායක වැනි ජාතියට හිමි මහා කලා පෞරුෂයක්, බිමට පාත් කර, ඒ මත කුරුසය සිටවන්නට තරම් මේ කල්ලි සුක්ෂමව සිටිති.
වික්ටර් රත්නායකයන්ගේ උරුමය සහ ඔහුගේ සදාතනිකභාවය රැඳුනේ මේ පොළොවේ උරුමය මතය. ඔහු සැබෑ දේශපේ‍්‍රමියෙක් විය. අකලංක බෞද්ධයෙක් විය. ඔහුගේ තත් ස්වර, සහ හඬ ස්වර කුළු ගන්වන ලද්දේ, සිංහල ජාතියේ උදානය සහ ආනන්දය වෙනුවෙනි. බුදු සිරිත, ගියෙන් ගැයීම සඳහා ඔහු දැක්වූ සමර්ථභාවය අසම සමය. සිය කලා ජීවිතයේදී, ගීයෙන් ඔහු බුදුන් පිදු වාර ප‍්‍රමාණය විශාලය. එසේ බුදුන් වෙනුවෙන් කම්පිත වූ, ඔහුගේ ස්වර නල, මෙදා පාස්ටර් ගඩුවෙකුගේ, අතකට යටවූයේ කෙසේද…?
මෙය අමුතු කතාවකි. ඒ නොගැළපෙන පේ‍්‍රමය ඔහු වෙත පැමිණියේ, අමුතු ආකාරයකටය. ඇය සේවය කරන බැංකුවට, ඔහු පැමිණි විට, තමන් ඒ පෞරුෂය, කෙසේ හෝ දැලේ දාගන්නා බව ඇය සිය වටපිටාවට කියා සිටියාය. විවාහ වී මෙන්ම හතර අතේ ණය වී, වංචාවන් සඳහා සැකකාරිනියක් වී සිටි ඇයට වික්ටර් ‘රස මසුළුවක්’ විය. වික්ටර් ‘තැනට’ ගෙන්වා ගත් පසු, සිය සැමියා සමග ඇය නිතර ඔහු හමුවට ගියෝය. සැමියා කොළඹින් පිටට යන්නේ නම්, දින කිහිපයකට ඇය නවතා යන්නේ, තනිකඩ වික්ටර්ගේ නිවසේය.
‘විවාහ වෙන්න අදහස ආවේ බොහොම පස්සේ. අපේ සම්බන්ධය හරිම ශක්තිමත්. විවාහය කියන්නේ එක කොන්දේසියක් මත පමණයි කියන සංකල්පයේ තමයි අපි දෙන්නම හිටියේ. නමුත් අර විවිධ විවිධ ප‍්‍රශ්න සමාජයෙන්, වික්ටර්ගේ ඥාතීන්ගෙන් එල්ලවීමෙන් පස්සේ අපි තීරණය කළා විවාහ වෙන්න. අපි දෙන්නාම කැමැත්තෙන් තමයි විවාහ වුණේ. එතකම් අපි ‘ලිවිං ටු ගෙදර්’ ලෙස තමයි ජීවත් වුණේ.’’ යනුවෙන් ඇය විසින් වරක් පුවත් පතකට ප‍්‍රකාශ කර තිබුණාය.
මේ ‘ලිවිං ටු ගෙදර්’ කාලය හමාර වන්නේ වික්ටර්ගේ දරුවන් විසින් රටටම, මේ සිද්ධිය හෙළිකිරීමෙන් පසුවය. එහිදී වික්ටර්ගේ බාල පුත් ලෙලූම් රත්නායක සිය පියාව, අසීමිත ආකාරයට විවේචනය කළේය. පිය – දරු උරුමය කටු ගා, සිය දියණියට වඩා බාල ගැහැනියක් සමග වික්ටර් නව ජීවිතයකට පිවිසුණේය.
නොගැළපෙන ඒ විවාහයේදී වික්ටර්ගේ රසික කලාපය ද සලිත විය. මුලදී මේ රසික ගණයා වික්ටර් සම්බන්ධයෙන් දෙකට බෙදී සිටියහ. පසුව ඔවුහු සිය ආදරණීය කලා පෞරුෂය ඉදිරියේ, සියල්ල ඉවසා සිටියහ. වික්ටර් වෙත විවේචන එල්ල කළ, පුත් ලෙලූම් වෙත, රසිකයෝ විවේචන කරන තරමට, ඔවුන් වික්ටර් වෙනුවෙන්, නොගැළපීම දැන දැනම පෙනී සිටියහ. වික්ටර් ගර්හාවට ලක් කරමින් ඉරාජ් වීරරත්න විසින් මියුසික් වීඩියෝ නිපදවා ප‍්‍රසිද්ධ කළ විට, රසිකයෝ ඉරාජ්ට බැන වැදී, වික්ටර්ගේ පැත්ත ගත්හ.
වික්ටර්ගේ දෙවැනි බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා රිමාන්ඞ් ගත කරන ලෙස තංගල්ල මහෙස්ත‍්‍රාත් මහීල් විජේවීර 2018 ජනවාරි නම වැනිදා නියෝග කළේය.
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට තංගල්ල පොලිසියට බාරවූ ඇය තංගල්ල ප‍්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී 2012 වසරේ නොවැම්බර් 14 සිට 2016 වසරේ අපේ‍්‍රල් 22 දක්වා වූ කාලයේ බැංකුව තුළ සිදුවූ රුපියල් දොළොස් ලක්ෂ අසූදාහක් වටිනා රන් භාණ්ඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාරිය රුපියල් ලක්ෂ හයක මුදලක් නැවත රාජ්‍ය බැංකුව වෙත ගෙවා ඇතත්, වංචාවේ ඉතිරි කොටස එසේම පවත්වාගෙන ගොස් තිබුණි. මේ සම්බන්ධයෙන් වසරකට අධික කාලයක් තංගල්ල පොලිස් ස්ථානයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු නොවීම නිසා වහාම ක‍්‍රියාක්මක වූ තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ විශේෂ නියෝගයක් මත විශේෂ වංචා විමර්ශන ඒකකය වෙත භාර දී එමගින් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමෙන් පසු, හෂිනි, මෙසේ අත්අඩංගුවට පත්විය. ඇය දෙමසක කාලයක් රිමාන්ඞ් ගත වී සිටියාය. මේ කාරණා ද, රටක් වටිනා, වික්ටර්ගේ ස්වර නාල පද්ධතිය, පාස්ටර් ගඞ්ඬේකු පිරිමදින තත්ත්වයට කරා ළඟා කළ බව සිතිය හැකිය.
වික්ටර්ගේ වැඩිමහල් පුත් ජයන්ත පිළිකා රෝගියෙකු බවට පත් වන්නේ මේ අතරේය. ජයන්ත වෙනුවෙන් සියලූ ගායක ගායිකාවෝ වාද්‍ය ශිල්පීහු එක්ව, පිළිකා අරමුදලක් ආරම්භ කළහ. ඒ වෙනුවෙන් පැවති ප‍්‍රසංගයට සියලූ ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන් නොමිලේ එක්වෙද්දී වික්ටර් පැමිණියේ නැත. වසරකට ආසන්න කාලයේ ජයන්ත සිටියේ මහරගම අපේක්ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබමින්ය. ‘මට උඹලා ඕන නෑ’ යැයි දැඩිව ප‍්‍රකාශ කර තිබූ වික්ටර්, සිය ලෙයින් උපන් පුතුගේ රෝගී තත්ත්වය බලන්නට, දුක සැප අසන්නට පැමිණියේ නැත. අවසානයේ ජයන්ත මියැදුනේය. වික්ටර් ඒ මළගමට ද පැමිණියේ නැත. ඒ ගැහැනියක විසින් මහා පෞරුෂයක් හීලෑ කර සිටි තරමය.
පළමු පද කිහිපය නිමාවී අන්තරා කොටස පැමිණ තිබුණි. රසිකයෝ ඒ වන විට වික්ටර්ගේ විවාහය පිළිබඳ මතබේදය සහමුලින්ම ඉවතලා, ජයන්තගේ අසනීපය සහ මළ ගෙදර සිද්ධිය ද අමතක කර, ඔහුගේ ගීතය සහ සංගීතය දෙසට තවදුරටත් හැරී සිටියහ. ‘අන්තරා කොටස නිමාවී’ වික්ටර් යළි මතු වන්නේ මොරටුව ප‍්‍රදේශයේ මඩුවක, පාස්ටර් කට්ටඬියෙකු ළගය. ‘ඊළඟ කොටස’ වික්ටර් යළි ගයනවා සමගම, ඔහුගේ පෞද්ගලික ජීවිතය ලෙස සියල්ල ඉවසා සිටින්නට රසික සහ ප‍්‍රබුද්ධ ජනයා සූදානම් නැත. යාඥාවෙන් ලෙඩ සුව කරනවා යන විකාරය පිළිබඳව පොත් පිටින් පළවී තිබේ. ඒවා දොළුකන්දේ වුවද, මොරටුවේදී සිදු කළ ද මිථ්‍යාවන් මිස ආගම් නොවේ. වික්ටර් රත්නායක දැන් ඒ අසම සම ගාන්ධර්වයා නොවේ. පාස්ටර් ගඞ්ඩෙකුගේ තාලයට නටන රූකඩ පැංචෙකි. වික්ටර් මේ උගුල කරා ගෙන ගියේ, ඔහුගේ නොගැළපෙන කසාදයය.
මොරටුව පැත්තේ මඩුවකදී වික්ටර් රත්නායකයන් සිය දෙවැනි බිරිය සමග යාඥා මඩුවක සිටිනාකාරය, හොර රහසේ නිකුත් කරන ලද වීඩියෝවක් නොවේ. එය එම පල්ලිය විසින් සිය හපන්කම් රටට පෙන්වීම සඳහා නිපදවා ප‍්‍රසිද්ධ කරන ලද්දකි.
වීඩියෝවේ සැකෙවින් ඇත්තේ මෙයය. වික්ටර් රත්නායක යම් ශාලාවක් බඳු ස්ථානයක සිටගෙන සිටියි. ඔහුගේ භාර්යාව ද ඒ අසල සිටගෙනය. පාස්ටර්වරයා වික්ටර්ගේ බෙල්ල ප‍්‍රදේශය අත ගාමින් ” මාගේ පුත‍්‍රය, නැවත වතාවක් ඔබ, අද සිට ලෝකයට ඇහෙන්නට
ගයන්නේය. මෙතැන් පටන් නුඹ වර්ෂ තුනක් එක දිගට නැවත ගයනවා. මෙතැන් පටන් නුඹ, නුඹගේ ශක්තියෙන් නොව මාගේ ශක්තියෙන් ගයනා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්, ඔබට එරෙහිව කර තිබෙන ශාපය, ඔබට කටු ගසා කර තිබෙන වද බන්ධනය, නුඹ විනාශ වෙන්නට කර තිබෙන හූනියම, නුඹට එරෙහිව ක‍්‍රියාත්මක කර තිබෙන, සියලූ ශක්ති… පෑව්ව්ව්ව්ව්ව්ව්ව්ව්….(මේ ලෙස මහා හඬින් පාස්ටර්වරයා කෑ ගසන්නේය.)
නිදහස්…. ඔබ මෙතැන් සිට සුවයි…(තවත් යමක් කියයි) විශ්වසයිද…?’’ පාස්ටර් ගඞ්ඩා එසේ අසනවාත් සමගම වික්ටර් ඔළුනමා ”විශ්වාසයි’’ යනුවෙන් ප‍්‍රකාශ කර, පසුව වේදිකාවට නැග ‘ආදරයේ උල්පත වූ අම්මා… යන ගීතය ගායනා කළේය. ඒ සඳහා ගිටාරයෙන් සංගීතය සපයන ලද්දේ, කපිල පූගලආරච්චි විසිනි. ඔහුගේ භාර්යාව වූ, නෙලූ අධිකාරි ඒ අවස්ථාවේ වේදිකාවේ සිට දෑත් ඔසවමින් අමුතුම මෙහෙයක නිරත වූවාය. දැනට ලැබී ඇති ආරංචි අනුව වික්ටර්ගේ දෙවැනි බිරිය සමග වික්ටර් මෙම ද්‍රෝහී මිථ්‍යාව කරා රැගෙන ගොස් ඇත්තේ, නෙලූ අධිකාරි සහ කපිල පූගලආරච්චි යුවළය. නෙලූ සහ කපිල, මේ ආගමික කල්ලිය සමග එක්ව ජයටම වැඩ කරගෙන ගොස් තිබේ. ඔවුන් විසින් සිය උගුලට අල්ලා ගත් ලොකුම සහ හොඳම මෝරා වික්ටර්ය. කපිල – නෙලූ යුවළ, දරුවන් සඳහා සංගීත පන්ති පවත්වන බැවින් තම දරුවන් ගැන සිතන, මිථ්‍යාවට එරෙහි දෙමව්පියන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම ද අත්‍යවශ්‍ය බව මෙහිදී අතුරු කතාවක් ලෙස සඳහන් කළ යුතුය.
වික්ටර්ගේ රසික ජනයා සලිත වී සිටින්නේ, ජාතිය, ආගම වෙනුවෙන් ගැයූ වික්ටර් මේ උගුලට වැටුණේ කෙසේද යන්න තවමත් අදහා ගත නොහැකිවය. ඔහු තවමත් පමා වී නැත, තමා ජාතිය සතු වස්තුවක් බව තේරුම් ගෙන දැන් වුවද ඔහුට මේ පිළිබඳව ජාතියට ඇත්ත කියා, එදා සිටි අදින වික්ටර් බවට පත්විය හැකිය. රසික ජනයා ඒ මොහොතේ සිට යළිත්, ඔහු සමග වනු ඇත.
2017 මාර්තු මස පළමු වෙනිදා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින්, වික්ටර් රත්නායකගේ බාල පුත්, ලෙලූම් පවසා තිබුණේ ”මගේ පියා මිය ගියා’’ කියාය. එසේ වුවත් වික්ටර්ගේ රසික ජනයාට ඔහු එදා මිය ගියේ නැත. මෙදා නම් ඒ රසික ජනයා, සිය හද ගී පොතේ, ඒ සටහන තබා ඇති බව කිව හැකිය.
නිදහස ගැන වචනයක්- මහඇදුරු නලින් ද සිල්වා මහතා
නිදහස ගැන වචනයක්
අද අපේ නිදහස් දවස. එ වුනාට තාමත් මේ රටේ තියෙන්නෙ බටහිර අධ්‍යාපනය, බටහිර නීතිය, බටහිර ජනමාධ්‍ය හා තවත් එවැනි දේ. අලි මදිවට හරක් කීව වගේ ඊනියා රාජ්‍ය නොවන ආයතනත් තියෙනවා. සමහරු කියනවා පෙබරවාරි 4 වැනිදා කියන්නෙ අයිවෝර් ජෙනිංග්ස්ගෙ භාර්යාවගෙ උපන් දිනය කියල. මට ඒක නිච්චියට ම හොයා ගන්න බැරි වුණා. කොහොමටත් ජෙනිංග්ස් ඉංගිරිසින් වෙනුවෙන් මහා සේවයක් කළ අයෙක්. ඔහු පසු කලෙක කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි ත්‍රිත්ව විිද්‍යාලයෙහි අධිපති ලෙසත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙසත් සේවය කර තියෙනවා. ඉංගිරිසි රජු ඔහු තමන්ට කළ සේවය වෙනුවෙන් නයිට් පදවියකින් පුදල තියෙනවා.
ඔහු හතළිස්අටේ ව්‍යවස්ථාව සකස් කළ තැනැත්ත. ඔහු නේපාලයේ හා මලයාවේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලවලත් උපදේශකවරයකු ව ඉඳලා තියෙනවා. නේරුගේ අදහස වෙලා තිබුණා ඉන්දීය ව්‍යවස්ථාවත් ඔහු ලවා සම්පාදනය කරවන්න. එහෙත් මහත්මා ගාන්ධිගේ විරෝධත්වය නිසා ඒ වැඩේ අම්බෙඩ්කාර්ට පවරලා. කොයි හැටි වෙතත් විශ්වවිද්‍යාල ආයතනයෙ අවසාන විදුහල්පති ලෙසත් ලංකා විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපති ලෙසත් විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙන යෑමේ පුරෝගාමියකු ලෙසත් ජෙනිංග්ස් මෙරටට කර ඇති අනර්ථය අධිකයි. අදත් අපි ඔහුගෙ වැඩ නිසා බැට කනවා. ඔහු කොළඹ කාන්තා විද්‍යාලයෙහි උත්සවයක දි ලංකාව සංස්කෘතික කාන්තාරයක් බවට කී කතාවකුත් තියෙනවා. ඒකත් මට තහවුරු කර ගන්න බැරි වුණා.
අපට නිදහස තියෙන්නෙ බොහෝ විට බටහිරට අවශ්‍ය ප්‍රමාණයට කටයුතු කරන්න. අප කොහොමත් යම් යම් සම්මුතීන්වලින් බැඳිල ඉන්නවා. උදාහරණයක් හැටියට තානාපතිවරුන් බැඳිල ඉන්නවා වියනා සම්මුතියෙන්. ඒ අනුව තානාපතිවරුන්ට තමන් ගිහින් ඉන්න රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න බැහැ. එහෙත් අපේ රටවල ඉන්න බටහිර තානාපතිවරු අපේ රටවල කටයුතුවලට සෘජු ව ම මැදිහත් වෙනවා. අර රජ්ජුරුවන්ගෙ අඹ ගහේ අඹ අනෙක් අයට කඩන්න බැරි වුණාට රජ්ජුරුවන්ට බැරි නැහැ කියන කතාව මෙහි දී මතක් වෙනවා.
ඊයේ මා දැක්කා මුහුණු පොතේ මව්රට කියල වෙබ් අඩවියක මියන්මාරයේ පෙළපාලි යන හාමුදුරුවරුන්ට හමුදාව පහර දෙන වීඩියේ පළ කරල තිබුණා. පසුගිය සඳුදා සිට අද වන තුරුත් මියන්මාරයේ එහෙම දෙයක් වෙලා නැහැ. ඒ විඩියෝව 2007ට පෙර හමුදා ආණ්ඩුව කාලෙ ගිය පෙළපාලියක් ගැන. මා දන්නේ නැහැ අල්ජසීරා පුවත්පතේ ඊයේ පෙරේදා ඒ පුවත පළ වුණා ද කියා. එහෙත් මෙරට වෙබ් අඩවිවල ඒ වීඩියෝව පළ කරන අය බෞද්ධ ද කියා මා දන්නේ නැහැ. බෞද්ධයන්ට හිතවත් කම පෙන්වමින් මුසා පළ කරන්නේ ඇයි ද කියන එක ලංකාණ්ඩුව සොයා බලන්න ඕන. මේ වෙබ් අඩවිවලට මුසා පළ කිරීමේ නිදහස තියෙනවා.
එහෙත් අපට කොරෝනා හැදුනොත් අපට වුවමනා බෙගෙහතක් ගන්න බැහැ. අප තවමත් පාලනය වන්නෙ ඉංගිරිසින්ගෙ 1898 හෝ ඒ ආසන්න කාලයක හෝ නිරෝධායන රෙගුලාසිවලින්. අපට කොරෝනා හැදුණොත් ඒ රෙගුලාසි අනුව බටහිර වෙදකම් කර ගන්නවාට වඩා දෙයක් කරන්න බැහැ. ඒත් බටහිර වෙදකමට කොරෝනාවට බෙහෙත් නැහැ. පාරම්පරික හරි ආයුර්වේද හරි වෙදකමේ ප්‍රතිකාර තියෙනවා. එහෙත් අපට කොරෝනා හැදුණොත් ඒ ප්‍රතිකාර ගන්න බැහැ. මේක තමයි නිදහස. අද පාරම්පරික වෙදමහතුනට තමන්ගේම වෛද්‍ය සභාවක ලියා පදිංචි වීමේ නිදහස නැහැ. ඔවුන් ද ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියා පදිංචි වෙන්න ඕන.
මා පසුගිය දිනවල ධම්මික වෙද මහතාගේ පැණිය මියන්මාරයට ගෙන්වා ගැනීමට උත්සාහ කළා. එහෙත් රේගුව එයට ඉඩ දෙන්නේ නැති බව විදේශ අමාත්‍යාංශයෙන් දැන ගන්න ලැබුණා. රේගුවේ රෙගුලාසිය මොකක් ද කියන්න මා දන්නේ නැහැ. බටහිරයන්ගෙ නීති රීති රෙගුලාසි වැඩ කරන්නෙ ඔවුන්ගෙ පද්ධතිය තියා ගන්න මිසක් වෙන දේකට නො වෙයි. කංසා වැවීම පිළිබඳ නීතිය සලකන්න. කංසා පාරම්පරික වෙදකමට අවශ්‍යයි. ඉංගිරිසින් ඒ වැවීම තහනම් කළා. අදත් ඒ තහනම ඒ ආකාරයෙන් ම පවතිනවා. අපට ඉංගිරිසි නීතිය වෙනස් කිරීමට තබා අපට වුවමනා ආකාරයකට සංශෝධනය කිරීමටවත් නොහැකි වී තිබෙනවා.
මා කියන්නේ 1948 දී අපට කිසිම නිදහසක් නොලැබුණු බව නො වෙයි. අප 1972 දී ඒ නිදහස තවත් වැඩි කර ගෙන බිරිතානි රාජ්‍යත්වයෙන් මිදුණා. එහෙත් අපට දිනාගැනීමට තවත් බොහෝ දේ තියෙනවා. විශේෂයෙන් ම සංස්කෘතික හා දැනුම් ක්‍ෂෙත්‍රයෙහි නිදහස. අප ඒ නිදහස දිනාගත යුතුයි. එහෙත් එය එක් රැයකින් දිනාගන්න පුළුවන් දෙයක් නොවෙයි. එය දේශපාලන නිදහස දිනාගැනීමට වඩා අමාරුයි.
දේශපාලන නිදහස ආර්ථික නිදහස ආදිය නැති වුණා ම තේරුම් ගන්න අපහසුවක් නැහැ. එහෙත් සංස්කෘතික හා දැනුම පිළිබඳ නිදහස නැති වූ විට එය තේරුම් ගැනීමටත් කල් යනවා. බටහිරයන් ලෝකයට දී ඇති ප්‍රධාන ම දැනුම ලෝකයේ තියෙන්නේ එක ම දැනුම් පද්ධතියක් පමණක් බව. පෙරදිග සංගීතය අපරදිග සංගීතය අතර ඇති වෙනස හඳුනාගන්නා අයටත් පෙරදිග දැනුම හා බටහිර දැනුම අතර ඇති වෙනස හඳුනාගන්න බැහැ. බටහිරයන් අපට කියන්නේ දැනුම ක්‍රමයෙන් දියුණු වන බවක්. ඇහුවොත් කියාවි පෙරදිග වෙදකම දියුණු වීමෙන් තමයි බටහිර වෙදකම ඇති වී තියෙන්නෙ කියා. එහෙම එකක් නැහැ. පෙරදිග සමහර දැනුම් බටහිරයන් තම චින්තනයට අවශෝෂණය කරගෙන තියෙනවා. එය වෙන ම කරුණක්. අපි අපේ චින්තනය මත අපේ දැනුම සකස් කර ගන්න ඕන. ඒකට ජෙනිංග්ස්ගෙ නිදහසෙන් හරි විශ්වවිද්‍යාලයෙන් හරි කෙරෙන්නෙ බාධාවක් පමණයි.
මහඇදුරු නලින් ද සිල්වා මහතා
ලෝකයාගේ හිත සුව පිණිස සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා!
ශ්‍රී ලංකාව වසර දහස් ගණනක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රටකි.බුදු රජාණන්වහන්සේ ජීවමාන අවධියේ ම උන්වහන්සේගේ වැඩම වීමෙන් සම්බුද්ධ ශාසනය ස්ථාපිත වූ මෙරටෙහි නැවත බෞද්ධ පුනර්ජීවයක් ඇති වන්නේ දේවානම්පියතිස්ස රජ දවස මහා මහින්ද ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස වැඩම වීමත් සමඟ ය.එතැන් පටන් වසට දෙදහස් පන්සියයකටත් අධික කාලයක් පුරාවට බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් මෙරටට උරුමව පැවතුණි.වර්ෂ 1505 දී පෘතුගීසීන් මෙරටට පැමිණීමත් සමඟ ම එම අභිමානවත් සංස්කෘතියට කණ කොකා හැඩලීමට පටන් ගත්තේ ය. පෘතුගීසීන්ගෙන් අනතුරුව ලංදේසීන් ද ලංදේසීන්ගෙන් අනතුරුව ඉංග්‍රිසීන් ද මෙරට සිංහල බෞද්ධ විරෝධී මිලේච්ඡ ප්‍රතිපත්තියක් ගෙන ගියහ.බුදු දහම ඇදහූවන් තුච්ඡ ලෙස මරණයට ලක් කළ අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අත් පය කපා ගිනි තබා අපවත් කළහ. එලෙස මෙරට තුළ අසිපතින් සහ රුධිරයෙන් තම ආගම බලෙන් ව්‍යාප්ත කරලීමට විජාතිකයින් උත්සුක විය.ඇතැම් බෞද්ධයින් ප්‍රාණබියෙන් බුදු දහම අත් හැර කිතුණු ලබ්ධිය වැළද ගත් අතර ඇතමුන් විජාතිකයන්ගේ මුදලට වහල්ව නිලතලවලට වහල්ව ඔවුන්ගේ අසූචි ලෙවකන්නන් මෙන් කටයුතු කර බුදු දහම අත හැර කිතුණු ලබ්ධිය වැළද ගෙන තිබෙන බව ඉතිහාසය අධ්‍යයනයේ දී පෙනී යයි.
වර්තමානය වන විට එම කිතුණුවන් ද මුසල්මානුවන් ද හිංදූන් ද මෙරට ඉතිහාසය විකෘති කරමින් තමන්ට අනන්‍ය වූ මිත්‍යා ඉතිහාසයක් ගොඩ නැගීමට වෙර දරනු අපට දක්නට ලැබුණි.මුසල්මානුවන් තම ජාතියට වෙන ම කෞතුකාගාරයක් නැගෙනහිර පළාතේ ඉදිකිරීම එයට නිදසුනකි.තේවත්තේ පල්ලිය මුල් කරගනිමින් මැල්කම් රංජිත් කාදිනල් පූජකවරයා විසින් ද ලංකා ඉතිහාසය විකෘති කරමින් ඉතා නින්දිත ක්‍රියාවක් කරගෙන යන බව අපගේ අධ්‍යයනයට හසු වුණි.
මේ සදහා රටෙහි සිංහල බෞද්ධ ප්‍රධානියා වූ ජනාධිපතිවරයාට ඍජු ක්‍රියාමාර්ග ගත නොහැකි ය.ඒ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම්වලින් ඔහුව බැද ඇති බැවිනි.මහානායක,අනුනායක,සංඝනායක ආදී ශාසනභාරධාරී මහතෙරවරුන් ද මෙයට ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පෙනුණි.එලෙස උන්වහන්සේලා ක්‍රියාමාර්ග ගත්තානම් ලක්දිව භික්ෂූන් අන්තවාදීන් ආගම්වාදීන් ලෙස හංවඩු ගැසීමට මෝඩ කිතුණුවන් සහ මුසල්මානුවන් පෙළඹෙනවා නොඅනුමානය.එම නිසා ජාතිහිතෛෂි සම්බුද්ධශාසනමාමක සිංහල බෞද්ධ තරුණ ප්‍රජාව තමා රටෙහි ජාතියෙහි සහ සම්බුද්ධ ශාසනයෙහි චිරපැවැත්ම වෙනුවෙන් එක් කිරීම මෙම මුහුණුපොතේ අරමුණයි. මේ කර්තව්‍යය අප විසින් කරගෙන යන විට අන්තවාදී බලපෑම් ඇති විය හැකි ය.එහෙත් ඒ සෑම විටක ම පසු නො බසින්න.අප රට ජාතිය සහ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් රුධිරය පිදූ ජීවිතය පරිත්‍යාග කළ අභිමානවත් ප්‍රාණපරිත්‍යාගීවරුන්ගෙන් පැවත එන නිවහල් ජාතියක් බව මෙනෙහි කරන්න.කුඩාපොළ හිමියන් රට වෙනුවෙන් දිවි පිදූ සේක කතෝලික සුද්දන් උන්වහන්සේ මරා දැමූබව අපි දනිමු.ථේරපුත්තාභය තෙරුන් වහන්සේ සිවුරු හැර සම්බුද්ධ ශාසනය සුරැකීමට යුද්ධ කර නැවත කසාවත් දරා මහරහතන් වහන්සේ නමක් වූ සේක.වාරියපොළ සුමංගල තෙරුන් පර සුද්දාට අභියෝග කළ සේක.සිය දිවි දෙවැනි කොට බුදුසසුන රැකි අභිමානවත් ජාතියක පුරුක් අපි වෙමු. අභියෝග මැදින් පෙරට☸️🙏 ..
“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධ සාසනං”
☸️ලෝකයාගේ හිතසුව පිණිස සම්බුද්ධ ශාසනය බොහෝ කල් ලොව පවතීවා!!!
(BBC සිංහල කියා තිබූ කපටි පේජය කින් ගත්තෙමි. Biased broadcasting corporation නම් කිසිසේත් සිංහලයට බෞද්ධයාට හිතැති අය නොවේ.)
ධර්මය අදහාගෙන විතරක් ශාසනය රැකගන්න බෑ. – සාමන්ත ඒකනායක මහතා
සිංහලය මුල් කරගෙන යන මතවාදය තමයි පෙරදැරි වෙන්න ඕන කියන මතයෙයි මම ඉන්නේ. ඒක කියලා ආගම ධර්මය අදහන කට්ටියට හිරිහැර කරන්න නොවෙයි ඒක ගේන්නේ.
ආගම ධර්මය අදහන ඔය මතවාද ගැන කට්ටියට ඒක කරගෙන යන්න ඉඩ දෙනවා. ශාසනය ධර්මය ලකුණ වැඩේ දී සිංහලෙන් වෙන්න සිංහල ක්‍රම ගන්න ඕන.
සිංහලකම විදි ශාසනයේ පැවැත්මට තියෙන ක්‍රම. සමහරවිට අර්ථකථනය කරනවා සමහරු විසින් බුදු දහමට පටහැනියි කියලාත්. ඔන්න ඔතන තමයි පටලවා ගන්නේ අපේ සිංහල බෞද්ධ යන්.
ඔය සම්බන්ධව මට දීර්ඝව කතා කරන්න හොඳට පුළුවන්.
ධර්මය අදහාගෙන විතරක් ශාසනය රැක ගන්න රකින්න බෑ.
පළමුවත් සිංහලය රකින්න ඕන. සිංහලය කියන්නේ මුස්ලිම් වගේ ම සටන් ක්‍රමයක්. එය සිංහල ජාතියයි.
පොඩිම පොඩි ප්‍රශ්න අහන්න තියෙන්නෙ. නාලන්දාවේ භික්ෂූන් වහන්සේලාට රහතුන්වහන්සේලාට එදා ඉන්දියාවේ දී බුදු දහම රැක ගන්න බැරි වුණේ ඇයි ?
ඇයි එදා යෝනක දේශයේ දි අද ඇෆ්ගනිස්ථානයේදී බුදු දහම රැක ගන්න බැරි වුනේ.?
එදා නාලන්දාවේ රහතුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාටත් ඔය මතවාද අරන් ගියා කියලා දිනන්න බැරි වුණා නේද?
මේක ලංකාවේ පෙර කරපු මතවාදය ඔප්පු කරලා ඉවරයි මේක. මේක තමයි සිංහලයන්ගෙන් නැති කරලා දාන්නත් අද ක්‍රියාත්මක වෙන්නේ ත්.
ඒකයි අපි නවත්ත ගන්නවා ගන්න ඕන. ඒකෙ අයිතිය ඔවුන් ගන්නවා .එක තමයි ප්‍රශ්නය අද .
සාමන්ත ඒකනායක
Please Safeguard vulnerable Adult ; the national asset Victor
ඕක තමයි තුප්පහිකාලකන්නි කරන්නෙ බිලී බාගන්නෙ නොහිතන ලෙසට😭😭😭 අපි ගරු කර ගාන්ධර්වයාණන් වික්ටර් වෙනුවෙන් කඳුලු බිඳක්
වික්ටර්ට මොකද වුණේ… පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව.
දෙවෙනි කසාදයට අත්සන් තැබුවෙත් ඔහුයි
වික්ටර්ගේ සමදුක මිත‍්‍ර, දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව පැතිර පවත්නා, කතාව සහ ඒ වන විටත් සමාජ මාධ්‍ය ජාලා හි ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝවේ ඇත්ත නැත්ත පිළිබඳව, ඔහු දන්නේ කුමක්දැයි අසා දැන ගන්නටය. ඒ කතාව දික් ගැස්සී, වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපි ඔහුගේ නිවසට ගියෙමු. මාධ්‍යවේදියෙකු ලෙස දවස පුවත්පතේ සේවය කරන ලද ඔහු, අමාත්‍යංශ ගණනාවක රජයේ ජ්‍යෙෂ්ඨ පුවත් නිලධාරියෙකු ලෙස සේවය කළේය. පසුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකු, අමාත්‍යාංශ උපදේශකවරයෙකු ලෙස ද සේවය කරන ලද ඔහු, වික්ටර් සමග ලෙන්ගතු දයාවකින්, දශක ගණනාවක් අඛණ්ඩව කටයුතු කළේය. වික්ටර් දෙවැනි වරට, විවාහය සඳහා පිවිසෙන විට, ඒ සඳහා පිටත් වූයේ, ඔහුගේ දියණියගේ නිවසේ සිටය. එම කසාදයට වික්ටර් වෙනුවෙන් අත්සන් තැබුවේ ද දයාය. ඒ තරමට වික්ටර් – දයා මිත‍්‍ර සන්ථවය ප‍්‍රබලය. සිය මිතුරාට සිදු වූයේ කුමක්ද…? ඒ ප‍්‍රශ්නය සඳහා දයා විජේසේකර මහතා දුන් පිළිතුරු මෙසේය.
Q .ප‍්‍රශ්නය – ඔබට මුලින්ම වික්ටර් රත්නායක මහතා හමුවන්නේ කොහොමද…?
පිළිතුර – වික්ටර් රත්නායක මහතාව මම මුලින්ම දැක්කේ 1970 වසරේදී. එදා පත්වූ නව ආණ්ඩුව වෙනුවෙන් ‘ජනතා ජයග‍්‍රහණය’ කියලා, නිදහස් චතුරශ‍්‍රයේ උත්සවයක් පැවැත්වුණා. ඒ සඳහා ‘අරුණු රැසක්…රැසක්…රැසක්…’ කියන ගීතය ඔහු ගායනා කළා. එදා තමයි, මම මුලින්ම ඔහුව දැක්කේ. හැබැයි මම ඔහුව හඳුනා ගන්නේ, පේ‍්‍රමකීර්තිගේ මාර්ගයෙන්… පේ‍්‍රමකීර්ති ද අල්විස් සහ මම දවස පත්තරයේ එකට වැඩ කළා. දවසක් මම පේ‍්‍රමකීර්ති හමුවීම සඳහා ඔහුගේ නිවසට ගියා. ඔහු එතකොට හිටියේ නුගේගොඩ, පාගොඩ පාරේ. පේ‍්‍රමකීර්ති ඒ වෙලාවේ වික්ටර්ගේ ගෙදර ගිහින්… ඊට ගෙවල් හතරක් එහායින් තමයි වික්ටර් හිටියේ. මම, පේ‍්‍රමකීර්ති හොයාගෙන එහෙට ගිහින් තමයි, මුලින්ම වික්ටර් හඳුනා ගන්නේ… ඒ, 1971 වසරේ විතර…
Q .ප‍්‍රශ්නය – ඊට පසුව ඔබ සහ වික්ටර්, කුළුපග මිත‍්‍රයන් වෙනවා..,.
පිළිතුර – ඔව්… අපි දෙන්නා සහ පවුල් දෙක එකට ගමන් බිමන් යන තරමට මිත‍්‍ර වෙනවා, ඒ ගැන කියන්න දෙයක් නැහැ. අපි එක පවුලක් වගේ තමයි ජීවත් වෙන්නේ…
Q .ප‍්‍රශ්නය – වික්ටර් රත්නායක මහතා දෙවැනි වරට විවාහ වෙන්න යන අවස්ථාවේ දී ඒ සඳහා ඔහුගේ දරුවන් විරුද්ධ වෙනවා. එහිදී ඔබ දරන්නේ කිනම් ස්ථාවරයක් ද…?
පිළිතුර – මේ කතාව මට ආරංචි වෙනවා. ඒ වුණාට මම ඔය ගැන වික්ටර්ගෙන් අහන්න ගියේ නැහැ. එයා මට කිව්වෙත් නැහැ. අපි දෙන්නා වෙනදා වගේ ආශ‍්‍රය කළා. කතා කළා. එක දවසක් ජයන්ත මට කතා කරලා
“දයා මාමා… හරි වැඩේ … ඊයේ ඉඳන් තාත්තා ආයෙත් බොනවා..” කියලා කිව්වා.
“ඒ මොකද කියලා” මම ඇහව්වා
“පොඩි අවුලක් වුණා ඊයේ… අපි ගිහිල්ලා, ඊයේ තාත්තාට අවවාදයක් දුන්නා. තාත්තා අපි සේරම එලෙව්වා. මරණයටවත් එන්න එපා කිව්වා…”
මම ඒ පාර, වික්ටර් බලන්න ගියා.
“මොකද වුණේ…ජයන්ත මට විස්තරයක් කිව්වා”
ඔව් මචං… “මම දන්න ළමයෙක් මෙහෙ ඇවිල්ලා හිටියා… මුන් කට්ටිය එකතුවෙලා, ඒ ළමයට ගහලා එලෙව්වා.”
කවුද ගැහැව්වේ…
“ලෙලූම්ගේ වයිෆ් තමයි ගැහැව්වේ… මම මචං, මුන් ඔක්කොම ගෙදරින් එලෙව්වා.’’
“දැන් මොකක්ද උඹ කරන්න හදන්නේ”
“බෝතලයක් ගෙනහල්ලා බොමු…”
“දැන් බොන්න බැහැ… මුලින්ම මේක කතා කරලා ඉවරයක් කරගමු… උඹ මේ ගැන හරියට තීන්දුවක් ගනින්…”
”ඒක තමයි මචං, මම මේ ඒ ගැන හිත හිත දෙගිඩියාවෙන් ඉන්නේ…’’
” මේ වැඩේ සීරියස් ද…’’
“ඔව් මචං දැන් අවුරුදු ගාණක් අපි මේ ආශ‍්‍රය කරගෙන ගියා… ඒ ළමයත් කැමතියි… දැන් මේක නවත්වන්න බැහැ.”
“එයා කැමති නම් උඹව බඳින්න, උඹ කැමති නම් එයාව බඳින්න, ඇයි යකෝ මේ හොරට ඉන්නේ… නීත්‍යනුකූලව කරන දෙයක් කරපන්… නැත්නම් මේක නවත්වපන්… උඹලා දෙන්නා ස්වාධීන මිනිස්සුනේ…’’
මෙහෙම කතා කරලා, මම එන්න ආවා. පහුවදා වික්ටර් ඇවිල්ලා, මාව හමු වුණා.
“මචං වැඬේ බරපතළයි. මට මොකක් හරි තීන්දුවක් ගන්න ඕනේ… උඹ මොකක්ද මේ ගැන කියන්නේ…”
“මුලින්ම උඹේ තීන්දුව කියපන්…”
“ඒ ළමයා බඳින්න කැමතියි. මාත් කැමතියි…’’
”එහෙනම් මේ වැඩේ කරපන්…’’
“කොහොමද මචං මේක කරන්නේ’’ කියලා වික්ටර් මගෙන් ඇහැව්වා…
මේ වෙනකොටත් මම මේ ගැහැනු ළමයාව හඳුනන්නේ නැහැ… ඒත් වික්ටර් වෙනුවෙන් මම ඔහුගේ විවාහය සඳහා කටයුතු, ඉතා රහසේම, රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලයේ සූදානම් කළා. මමයි, මගේ වයිෆ් වික්ටර් එක්ක, එක කාර් එකේ එතැනට ගියා. ළමයත් අපිත් එක්ක, අපේ ගෙදර ඉඳලා වෙන කාර් එකක ආවා. වික්ටර්ගේ පැත්තෙන් මම අත්සන් කළා. අර ළමයාගේ පැත්තෙන්, හොංකොං විශ්වවිද්‍යාලයේ ඉංග‍්‍රීසි කථිකාචාර්යවරයකු වෙන ජෝර්ජ් අත්සන් කළා. ඔහුත් වික්ටර්ගේ මිත‍්‍රයෙක්… එතකොට වික්ටර්ට හැත්තෑ පහයි… ඒ ළමයාට අවුරුදු තිස් දෙකයි…
Q .ප‍්‍රශ්නය – මේක නොගැළපෙන කසාදයක් කියලා ඔබට හිතුණේ නැද්ද…?
පිළිතුර – පළවෙනි දේ තමයි, ඒ දෙන්නාගේ කැමැත්ත… ඒ වෙනකොට වික්ටර්ගේ දරුවෝ ඔක්කොම බැඳලා හිටියේ… බිරිය මැරිලා අවුරුදු දහතුනක් වෙනවා… මේ මනුස්සයාට කාත් කවුරුත් නැතුව ඔහේ ඉන්න බැහැනේ… මේ නිසා, ඒ පැත්තෙන් තමයි මම බැලූවේ… අනිත් එක දරුවෝ එපා කියපු එක, ඇහුවේ නැති එක මම එපා කිව්වට නවතින්නේ නැහැනේ..
Q .ප‍්‍රශ්නය – මේ භාර්යාව නිසා ඒ මහා කලා පෞරුෂය වෙනස් වුණා කියන එක හැමෝම කිව්වා…
පිළිතුර – ඔය ඊයේ පෙරේදා ආපු වීඩියෝ එක එනකම්, මම එහෙම හිතුවේ නැහැ. මොකද වික්ටර් කියන්නේ, ප‍්‍රතිපත්තිගරුක, කොන්ද කෙළින් තියාගෙන ඉන්න, නම්බුකාර, ආගමානුකූල කෙනෙක්. ඔහුව මෙතැනට වෙනස් කිරීම ලෙහෙසි දෙයක් නෙමෙයි. එදා මම හිටියේ, මේ දෙන්නාගේ කැමැත්තට සහ වික්ටර්ගේ යහපතට මේ විවාහය හේතුවක් කියන මතයේ… එහෙම වුණාට අද මම ඒ මතය දරන්නේ නැහැ. මම ඒ මතය දැන් වෙනස් කරලා, මේ මිනිහව, විනාශ කළේ මේ ගැහැනිය කියලා, මම කියනවා.
Q .ප‍්‍රශ්නය – අසරණව වැටී සිටි, වික්ටර් රතනායකයන්, මේ විවාහයෙන් පස්සේ, යළි ප‍්‍රමුදිත වුණා කියලා කියන්න පුළුවන්…?
පිළිතුර – වික්ටර්ගේ නව නිර්මාණ එළි දැක්කේ නැහැ. ඒත් ඔහුට ගොඩක්, සංදර්ශන සඳහා සහභාගි වෙන්න පුළුවන් වුණා. ඒවායෙන් හොඳ ආදායමක් ලැබුණා. මේ බිරින්දෑට ලොකු ආර්ථික ප‍්‍රශ්න ගණනාවක් තිබුණා. උන්දැ, බැංකුවේ වැඩ කරන කොට කරපු වංචාවක් නිසා, ලොකු නඩුවකට පැටලිලා හිටියා. ඒ නඩුවෙන් ඇය රිමාන්ඞ් වෙලා හිටියා. අඟුණකොලපැලැස්සේ බන්ධනාගාරයේ තමයි හිටියේ… මාත් බලන්න ගියා. වික්ටර් එක්කමයි ගියේ… තාම ඒ නඩුව තියෙනවා. මෙයාට වික්ටර්ගේ සල්ලි ලොකු වුණා.
Q .ප්රශ්නය – මේ කාන්තාව මොන ආගමේද…?
පිළිතුර – මුල් වෙලාවේ එහෙම ආගමක් ගැන මම නම් දැනගෙන හිටියේ නැහැ…
Q .ප‍්‍රශ්නය – වික්ටර්ගේ සහ ඇයගේ නිවසේ, ආගමික පසුබිම කොහොමද තිබුණේ…?
පිළිතුර – වික්ටර්ගේ ගෙදර මෙයින් හෝල් එකෙන් එළියේ, තාප්පය අයිනේ, ලස්සන, ලොකු බුදු පිළිමයක් තිබ්බා. තාප්පයට අල්ලලා, ගල් ගුහාවක් වගේ හදලා, අඩි තුනක විතර ලස්සන බුදු පිළිමයක් තියලා තිබ්බා. එතැන ඉස්සරහ පොන්ඞ් එකක් හදලා, මල් වවලා, තිබ්බා. වික්ටර් උදේ හවා, ඒ පිළිම වහන්සේට මල් පූජා කරනවා. එහෙම තමයි ඒ ගෙදර පරිසරය තිබුණේ… වික්ටර් බෞද්ධාගම ගැන හොඳ දැනීමක් තිබ්බ කෙනෙක්… ඔහුගේ නිවසේ බෞද්ධාගම ගැන මහා පොත් ගොඩක් තියෙනවා. ඒ වගේම ටී. එන්. එල්. නාලිකාවේ, ස්වාධීන රූපවාහිනියේ බෞද්ධාගමික වැඩසටහන් සඳහා ඔහු සහභාගි වුණා.
Q . ප්රශ්නය – මේ අතරේ වික්ටර් අසනීප වෙනවා…
පිළිතුර – ඔව්… දිගටම එයාට උණ ගන්නවා… අර මනුස්සයා මට කතා කරලා ”බලන්නකෝ දයා අංකල්, උදේටත් උණ, හැන්දෑවටත් උණ… මොකද කරන්නේ කියලා, මගෙන් ඇහැව්වා… ඒ පාර පරීක්ෂණ ගණනාවක් කළා. ගිය අවුරුද්දේ, පෙබරවාරි අග වගේ වෙනකොට, වික්ටර්ගේ කකුල් දෙක ඉදිමුණා… මෙයාට ඇවිද ගන්න බැරිවෙන ගාණට ආවා… මෙහෙම යනකොට අපිට වෛද්‍යවරු කිව්වා, අක්මාවේ ආබාධයක් තියෙනවා කියලා. ඒ සඳහා ශල්‍යකර්මයක් කරන්න තිබ්බා. ඒක නොපමාව කරන්න කියලා වෛද්‍යවරු උපදෙස් දීලා තිබ්බා. එහෙම තියෙද්දී පෙබරවාරි මාසයේ ගෙදර ආවා. ආයෙත් අසනීප වුණා. ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරු මාර්තු මාසයට දින දීලා තිබ්බා. “මාර්තු මාසයේ මට ෂෝස් ගාණක් තියෙනවා. ලක්ෂ විසි අටක් විතර මට එන්න තියෙනවා. මම දැනටමත් ලක්ෂ අටක් විතර, ඇඞ්වාන්ස් අරගෙනයි, තියෙන්නේ… ඒ නිසා මේක අපි අපේ‍්‍රල් වල කරමු.’’ කියලා, වික්ටර් මට කිව්වා. මාර්තු අගවෙනකොට කොරෝනා ආවා. ෂෝස් එහෙම්ම නතර වුණා. ලෙඬේ වැඩි වුණා. පස්සේ, ශල්‍යකර්මය, බාහිරින්, අලූත් ක‍්‍රමයට කළා. ශල්‍යකර්මය සාර්ථක වුණා… ටිකට් කපන් එන්න හදන කොටම, හාර්ට් ඇටෑක් එකක් ආවා.
ඒ වෙලාවේ එයාට හුඟක් අමාරු වුණා… මළ මිනියක් දාලා වගේ තමයි ඇඳේ හිටියේ…
ඔහුට දොස්තරලා ප‍්‍රතිකාර කළේ නොමිලේ… මහාචාර්ය සමන් කේ. ගුණතිලක, විශේෂඥ වෛද්‍ය ප‍්‍රියංකර ජයවර්ධන වගේ අය පුදුම කැපවීමකින් වික්ටර් බලා ගත්තා. දොස්තරලා, වික්ටර්ට කතා කළේ ”සර්’’ කියලා. එතරම් ගෞරවයකින් තමයි, ඔවුන් කටයුතු කළේ…
වික්ටර්ට සිහිය ආවාට පස්සේ, වෛද්‍යවරු උපදෙස් දුන්නේ, හිතවත්ම අයට ඔහුත් එක්ක කතා කරන්න, එන්න යන්න ඉඩ දෙන්න කියලයි. ඒත් පැමිණෙන පිරිස සීමා කරන්නත් ඕනේ. මොකද විෂබීජ යන්න ඉඩ තියෙන නිසා… ඒ අනුව වික්ටර්ගෙන් එන්න, කතා කරන්න කැමති අයගේ නම් කියලා අහලා තියෙනවා. එයා කැමති වුණේ, මායි කුලයයි (කුලරත්න ආරියවංශ) එනවට… සිහිය ආවාම ඔක්කොම හොඳට මතකයි… ඊට පස්සේ මාස දෙකක් තුනක් පිශියෝ තෙරපි කළා. මම ඒ හැමදාම ගියා. මේ වෙනකොට ලොකු බිලක්, රෝහල් ගාස්තු විදිහට ගෙවන්න තිබ්බා. ලක්ෂ විසි අටක් විතර බිල තිබුණා. ඒ වෙනකොට සල්ලි ඉවරවෙලයි තිබ්බේ. මම මුල් වෙලා අරගෙන දුන්න, ප‍්‍රිමියෝ කාර් එක, මම ලක්ෂ අසූ දෙකකට විකුණලා දුන්නා. ඊට පස්සේ, එයාගේ වයිෆ්ගේ අක්කලාගේ ගෙදර තමයි ඇවිල්ලා හිටියේ… මම ඉතින් හැමදාම බලන්න යනවා. මගේ කාර් එකේ ඇවිදින්න එක්කගෙන යනවා.
මේ වෙනකොට මම දේවල් කිහිපයක් නිරීක්ෂණය කළා. වික්ටර් රෝහලේ ඉන්නකොට, එයාගේ රූම් එක ඇතුළේ, යේසුස් වහන්සේගේ පින්තූරයක් තියලා, ලාම්පුවක් පත්තු කරලා තිබ්බා. මම හිතුවේ එයාගේ වයිෆ්ගේ ආගම තමයි මේක. ඒ නිසා මෙහෙම කරනවා ඇති කියලා. මම දවසක් වික්ටර්ගේ අතුරුගිරියේ ගෙදරට ගියා. එතකොට අර, මනරම් බුදුපිළිමය තිබ්බේ නැහැ. ඒ වෙනුවට එතැන, බයිබල් පාඨයක් ගහලා තිබ්බා. ගෙදර උළුවස්සේ තිබ්බ, බුදු සරණයි කියන බෝඞ් එක ගලවලා, එතැනත් බයිබල් වාක්‍යයක් ගහලා තිබ්බා. වික්ටර්ගේ ගෙදර තිබ්බ, බෞද්ධ පොත් පත් ටිකත් පල්ලියෙන් ඇවිල්ලා, ලොරියක දාගෙන විනාශ කරන්න අරගෙන ගියා කියලා මට ආරංචියක් පස්සේ කාලෙක අහන්න ලැබෙනවා. ඊට පස්සේ තමයි මේ වීඩියෝ එක දැක්කේ.
Q .ප‍්‍රශ්නය – මොකද මෙහෙම වුණේ…?
පිළිතුර – වික්ටර්ට සිහිය නැතිවනේ හිටියේ… අර මනුස්සයා, මෙයාට කියලා තියෙන්නේ “ඔයාව බේරාගත්තේ දෙවියන් වහන්සේ…’’ කියලයි. එතකොට දොස්තරලා කරන්න තියෙන ඔක්කොම කරලයි තිබ්බේ. ඒ අය එහෙම කිව්වා… ඒක ඇත්ත… ඒ වුණාට දොස්තරලා අතහැරියේ නැහැ. පුදුම කැපවීමකින්, වික්ටර් වෙනුවෙන් ඔවුන් සේවය කළා. දිගින් දිගටම ප‍්‍රතිකාර කළා. පැයෙන් පැයට, දොස්තරලා මෙයා ගැන හොයලා බැලූවා.
Q .ප‍්‍රශ්නය – මේ සාකච්ඡාවට පෙර වික්ටර් රත්නායක මහතාව හමුවුණේ කවදාද…?
පිළිතුර – ගිය සතියේ අපේ ගෙදර ආවා. එදා කුලයත් ආවා. උදේ ඇවිල්ලා, කාලා බීලා හවස තමයි, වික්ටර් ගියේ… වික්ටර්ගේ උපන් දිනය පෙබරවාරි දහ අටවෙනිදා… ඒ නිසා මොකක් හරි වැඩක් කරමු කියලා, කුලයත් එදා කිව්වා. එංගලන්තයේ පිරිසකුත් විශාල මුදලක් උපන් දිනේට වියදම් කරලා, ඒ වෙනුවෙන් රූප රචනා දාලා, වීඩියෝ වගයක් හදන්න පටන් ගෙන තිබුණේ…
Q .ප‍්‍රශ්නය – ඔය අතරේ, අර වීඩියෝව ඔබ දකිනවා…
පිළිතුර – ඔව්… මම ඉතින් දවස් දෙකකට තුනකට පාරක් එයාට කතා කරනවනේ… ඒ වගේ මම කතා කළා…
“කොහොමද මචං”
“දැන් නම් හොඳයි මචං… මම උඹට හෙට උදේ කෝල් එකක් දෙන්නම්…’’ කියලා වික්ටර් ඒ වෙලාවේ ෆෝන් එක තිබ්බා. පහුවදා උදේ එයා කතා කළේ නැහැ. මම අඟහරුවාදා උදේ කතා කළා. එතකොට මට අර වීඩියෝ එක ගැන ආරංචිය ඇවිල්ලා, ඒක බලලයි තිබ්බේ… මම ඒක දැක්ක ගමන් දෙන්නගේ ෆෝන් වලට ගත්තා. දෙකෙන් එකක්වත් ආන්සර් කළේ නැහැ. හැන්දෑවේ හය හමාරට විතර වික්ටර් මට කතා කළා…
“උඹ ඊයේ කතා කරනකම් මම බලාගෙන හිටියා…”
“ඔව් බං මට කතා කරන්න බැරි වුණානේ…”
“මොකක්ද බං, මේ උඹේ වීඩියෝ එකක් හෝ ගාලා යන්නේ…”
“ඔව්නේ මචං… අර මගේ උගුරේ තිබ්බ අමාරුව අයින් කළානේ…”
“කවුද මචං ඒ උගුරේ එක අයින් කළේ… කොහෙද හොස්පිටල් එක…”
“නැහැ මචං… දෙවියන් වහන්සේ අයින් කළානේ…”
“දෙවියන් වහන්සේ උගුරේ අමාරුව අයින් කළා…? ’’
“ඔව් මචං, දෙවියන් වහන්සේ මගේ උගුරේ අමාරුව අයින් කළා… මගේ කිඞ්නි එකේ අමාරුව සනීප කළා… මගේ ලිවර් එකේ ආබාධය සනීප කළා. මගේ ලංග්ස් වල අමාරුව සනීප කළා. හාට් එක සනීප කළා. ඔක්කොම දෙවියන් වහන්සේ කළේ…’’
“දෙවියන් වහන්සේ කොහොමද මචං ඒක කරන්නේ… උඹ හොස්පිටල් එකේ නතර කරලා, නහයෙන් බට දාලා, මාස තුනහමාරක් ඉඳලනේ සනීප කර ගත්තේ…”
“නැහැ මචං… දොස්තරලා බැහැ කියලා, මාව අත ඇරියනේ මචං… ඊට පස්සේ මාව භාර දුන්නේ දෙවියන් වහන්සේට… දෙවියන් වහන්සේ තමයි, මාව බේර ගත්තේ…”
“උඹ විශ්වාස කරනවාද ඕක…”
“ඔව් මචං…”
“උඹ විශ්වාස කරනවා නම් විශ්වාස කරපන්… දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දෙයක් නැහැ…එයාට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් නම්, අර ඉතාලියේ ලක්ෂ ගාණක් මැරිලා, එයාට කියපන්, ඒ මිනිස්සුන්ට උදව් කරන්න කියලා… ඇයි බං, ඔය වගේ බොරුවලට රැවටෙන්නේ…”
“මම රැවටිලා නැහැ… මම උන් වහන්සේගේ බලය විශ්වාස කරනවා… උන් වහන්සේ තමයි මාව බේරා ගත්තේ…”
“උඹ ඔහොම රැවටුනාට, අපිට ප‍්‍රශ්නයක් තියෙනවා… උඹ හෂිනි අමේන්ද්‍රගේ දෙවැනි මිනිහා වුණාට, උඹ මේ රටේ ජාතික වස්තුවක්… උඹට මේ රටේ මිනිස්සු ආදරෙයි… උඹ ඒ ඔක්කොම බල්ලට දාලා මේ වගේ වැඩ කරන එක හරිද…?’’
“එහෙම කතා කරන්න එපා මචං… මගේ විස්වාසය මට ලොකුයි…මේක මගේ කැමැත්ත…”
“මට මේ වීඩියෝ එක දැකපු අය කිහිප දෙනෙක් කිව්වේ, උඹ ඒ වෙලාවේ මළා නම්, ගෞරවාන්විතව මළේ කියනවා… දැන් උඹ බල්ලෙක් වෙලා මැරෙන්නේ කියලා..”
“එහෙම කියන්න එපා…”
“උඹේ ජීවිතය බේර ගන්න හෂිනි කැපවුණා. ඒ ගෞරවය, ඒ මනුස්සයාට අයිතියි… ඒ වගේම උඹේ ගෞරවය විනාශ කිරීමේ සාපයත් ඒ මනුස්සයාට අයිතියි…”
මේ කෝල් එක දෙනකොට හෂිනිත් ළඟ හිටියා කියන එක මට තේරුණා…
“කොහෙන්ද මේ දෙවියන් වහන්සේ උඹට හම්ඹු වුණේ…” කියලා මම ඇහැව්වා…
එතකොට හෂිනි කියනවා, “ජාඇල කියන්න… ජා ඇල කියන්න…’’ කියලා.
“ජාඇල දී මචං…”
“උඹ ආයෙත් සැරයක් අසනීප වුණොත් යන්න වෙන්නේ දෙවියන් වහන්සේ ගාවට… මේ සැරේ ගියොත් ආයෙත් ගෙදර එන්න වෙන්නේ නැහැ.. කියලා මම කිව්වා.
ඒ එක්කම එයා කෝල් එක කට් කළා…
ඕක තමයි කතාව…
මේ ඔක්කොම වුණේ, මෙයාව බේරා ගත්තේ දෙවියන් වහන්සේ කියන එක හෂිනි මෙයාගේ ඔළුවට දැමීමෙන්….
‘‘දෙවියන් වහන්සේ හරි මහසෝනා හරි කමක් නැහැ, උඹේ ජීවිතය බේරාගත්තා නම්… හැබැයි මේ දේවල්, උඹ මීට වඩා මොළය ඇතුව, කල්පනාවෙන් කරන්න තිබුණා.’’ කියලා මම කිව්වා. වික්ටර්ට සියලූ දේවල් මතකයි, එක දෙයක් හැර… ඒ තමයි, එයාට හාර්ට් ඇටෑක් එක ඇවිල්ලා, ඒ දවස් ගාන යනකං වෙච්ච දේවල් ඔහුට අමතකයි.
හෂිනි ඒ ගැන වික්ටර්ට කිව්වේ “අරගොල්ලෝ අත ඇරියාම, මම ඔයාව දෙවියන් වහන්සේට බාර දුන්නා’’ කියන එකයි. “දෙවියන් වහන්සේ තමයි, ඔයාව බේරා ගත්තේ….’’ කියන එක හෂිනි වික්ටර්ට කිව්වා…. අර දේවල් අමතක නිසා, මෙයා දැන් පිළිගන්නේ අර මිථ්‍යාව…
මෙච්චර කල් ජේසුස් වහන්සේට පවා අපහාස කරමින්, එක එක කල්ලි දුප්පත් මිනිස්සුන්ව, අසරණයන්ව බිලිබා ගත්තා.. ඒ අල්ල ගත්තේ හාල් මැස්සන්, කූනිස්සන්… මේ පාර ඒ අය අල්ල ගත්තේ, ලොකුම මෝරෙක්… මේ වගේ වන් ඇන්ඞ් ඔන්ලි කෙනෙක්ව ඒ අය අල්ල ගත්තේ. ෆස්ට් ටයිම්…
Q . ප‍්‍රශ්නය – එසේ නමුත් අර පාස්ටර් වරයා, උගුර පිරිමැද, වික්ටර් රත්නායකයන් වෙත ආශිර්වාද කළාට පසු ඔහුට ගීත ගායනා කිරීමේ හැකියාව එවෙලේම ලැබුණා…
පිළිතුර – කළු සූට්කාරයා මෙයාගේ උගුර අතගාලා, ඔය සියල්ල කිරීමට සති කිහිපයකට පෙර, හෂිනිගේ ලොකු අක්කාගේ හස්බන්ඞ්ගේ උපන් දිනය පැලවත්තේ, ගෙදර තිබ්බා. මස්සිනා ඒ වෙලාවේ කිව්වා, “අද මගේ බර්ත් ඬේ එකනේ… සර්… අද සින්දුවක් කියන්නකෝ “‘ කියලා, ඉල්ලා සිටියා. ඒ වෙලාවේ වික්ටර් ඉතාම හොඳට ගීත කිහිපයක් ගායනා කළා. “පෙම්බර මධු…” කියන ගීතය තමයි මුලින්ම ඔහු ගායනා කළේ…. ඔය කළු කෝට්කාරයා කරපු දෙයක් නැති වග, ඒකෙන්ම පේනවා… මේ වික්ටර් කියන වටිනා, මහා චරිතය බිලිගන්න, ගායිකාවක් සහ ගායකයෙක් වන අඹු සැමි යුවළක් සම්බන්ධව සිටින බව මට ආරංචියි. ඒ අයගේ දරුවෝ පවා මේ පල්ලියේ සල්ලිවලින් ඉගෙන ගන්න රට යවලා තියෙන බව අපිට ආරංචියි… මේ දේවල් තවදුරටත් වෙන්න ඉඩ තියන්න එපා… මම මහා නායක හාමුදුරුවරු ප‍්‍රමුඛ මහා සංඝරත්නයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, මේ දේවල් දැන්ම නවත්ත ගන්න කියලා.
ප‍්‍රශ්නය – ඔබ දැන් මිත‍්‍රද්‍රෝහියෙක්…
පිළිතුර – නැහැ… මම ඔහුට තවම ආදරෙයි… ඔහු මේ කළ අමනෝඥ ක‍්‍රියාව මට දරා ගන්න බැහැ. මේ රටේ සිටින ඉහළම, සම්මානනීය කලා පෞරුෂය ඔහුයි. එවැනි කෙනෙක් තව සියවසකට මේ රටේ ඉපදෙන්නේ නැහැ. ඔහු මේ උගුලට හසු වුණා නම්, මේ ජාතියේ, ආගමේ අනාගතය වෙනුවෙන් මට තව ඉවසාගෙන ඉන්න බැහැ… ජාතිය, ආගම වෙනුවෙන් සහ මගේ සදාදරණීය මිත‍්‍රයාට වෙච්ච දේ පිළිබඳව සත්‍ය හෙළිකර ඔහු බේරාගැනීම සඳහා තවත් ඉඩක් තියෙනවා නම්, ඒ සඳහා තමයි මම මේ දේ කළේ…
සංවාදය| මනෝජ් අබයදීර
2021 ජනවාරි 31
Link-https://divaina.com/sunday/index.php/visheshanga2/16473-2021-01-23-06-17-96
අවම සදාචාරයවත් නැති මිසදිටු දොස් තර ලා වික්ටර් රත්නායකයන් ව මිසදිටු කලේ දුබල වයෝවෘධ අසරණයෙක් නිසා නේද?
කෝවිඩ් හැදුනයි කියා මහා අඬබෙරයක් ගහපු බටහිර වෙදා ප්‍රියංකර ජයවර්ධනත් කීර්ති පැස්කුවාල් ගෙ ගජයෙක් නම් හශිනි හරහා වික්ටර්ගෙ බූදලේත් අරන් ඔහුව මිසදිටුවෙක් කරාද හශිනි ද වාට්ටු දොස්තරද ලොක්කා ජේසුව තියන්න ඉඩ දුන්නෙ.
සිංහල වෙදකමටත් එසේ ඉඩ දෙයිද ලොකු දොස් තර?
වික්ටර්ට delirium කාලෙ (ඕන අමාරු රෝගයකදි කල්පනාව නැති වෙනවා) ඇන්දීම නම් අවම සදාචාරයක් වත් නැත.
Safegurading of vulnerable adults ලෙස බැලුවොත් ඔවුන් සම්පූර්ණ වැරදි කාරයෝ.
රජයේ අනුග්‍රහයෙන් වික්ටර් රත්නායකයන් බේරා ගෙන ඔහුගේ දරුවන්ට භාර දෙමු.
ජාතික වස්තුවක් නැති කරන්නෙ තුප්පහි නඩයක්ම නෙලූ අධිකාරි කිව්වට ඔක්කොම ඇති. පැස්කුවල් ලා එඩ්වර්ඩ්ලා දයාන් පතිරණලා කඳුල පාදිලියා විය හැකියි උන්ගේ මුතු ගමණට දේවරාජ්ජෙ ට.
වික්ටර්ගෙ සම්‍යක් දෘශ්ටිය නැවත ඇති කරගමු.
වික්ටර් රත්නායකයනි අපි ඔබතුමාට ඉතා ගරු කලෙමු.
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ//
සිංහලයෙක් නම් බෞද්ධයෙකි ඔබතුමා එය දන්නවා.
මාතෘභූමි වන්දනා ස්වර්ණ භූමියේ
ලංකා භූමි වන්දනා පුණ්‍ය භූමියේ //
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයො
අපි ඔක්කොම මවුවරු ඔක්කොම මවුවරු තුන් සිංහලයම දූ දරුවෝ//
වික්ටර් රත්නායකයන්ට රත්නත්‍රයේ සරණයි සම්‍යක් දෙව් බඹුන් පිහිටයි. සිංහල බෞද්ධයන්ට අබිමන් ලෙස දේශාභිමානය කැන්දූ බුද්ධාලම්භන ප්‍රීතිය කැන්දූ ඔබතුමාට සම්මා සම්බුදු සරණයි!
මිසදිටු කාලකන්නි තුප්පහින්ගෙන් වහාම ඉවත් වී දරුවන් ලඟට යන්න.
ඒකයි ඕන
ඔබට හරකෙකු මුණගැහුනු පසු ඔහු ලවා ඇනනොගන්න. ඔහු මෙල්ල කර ඔබගේ කරත්තය ඔහු ලවා ඇද ගන්න – සම්පත් චමින්ද
ඔය වැඩේ තිතටම කරනවා බෙල්ලන්තර සමන්ත බඩ්ඩ…
කටට එන එන කෙබර කෙලියත් අර අඃ කපනව කියල කිවුවේ නම් හේතුවක් ඇතුව කියල හිතෙන්නේ නැද්ද…?
අඃ තට්ටුව ඔලුවේ තියාගත්ත ගොං සංඝයෝ ලස්සනට උමංදාවේ ප්ලෑන් එකට ලෑන්ඩ් කරල තියෙන කරත්ත බලෙන්ම කරේ තියන් හපුතලෙ කන්ද නගිනවා.
කෙරෙන්න ඕනේ තුන් නිකායෙම මහ පුටුවල උන්දල එකතුවෙලා සමන්ත මට්ටු කරන එකනේ ඒත් ඒක වෙන්නෙත් නෑ රටේ ශික්ෂාකාමී සිල්වත් මහ සඟ රුවන මේ ඌරු වලේ ඉන්න වල් ඌරා එක්ක වාදෙට යන්නේ නෑ මොකද උන්වහන්සේල දන්නව කුණු වල් ඌරෙක් එක්ක පොර බදන්න ගියොත් මඩ නාගන්න වෙනව කියල.
අනුගාමිකයෝ ටිකක් හිට්කරල උඩතියපු පොඩි පොඩි super stars ලා අත්දැකීම් නැතිකමටද කොහෙද ගිහින් ඇන ගන්නව.සමන්තගේ මේ උප්පරවැට්ටිය පිටිදුවේ සිරිධම්ම කාලේ තමාට වුන නින්දාවට වාඩුව ගන්න සමස්ථ ශාසන සම්ප්‍රදායට හා භික්ෂූන්ට පහර දීමටයි. අද සිරිධම්ම ගේ ගෝලයෝ අන් භික්ෂූන්ට
ආමාන්ත්‍රණය කරන්නේ නිගන්ටයෝ කියල එයින්ම ඔහු බෞද්ධයන් නූතන භික්ෂූන් කෙරේ බිදවීමට ගහපු සැලසුම කොපමණ සාර්ථකද කියල පේනවනේ.
සිරිධම්ම උමංදාවේ මැති ඇමතිල කලා ලෝකේ තරු කියාගත්ත එවුන් එක්ක මහා ලොකු උපන්දින සාද ,දන්සල් ,
උත්සව පවත්වන්නේ අරමුණු තුනක් නිසා. ප්‍රසිද්ධිය ලැබීමත්, රැඩිකල් බව පෙන්වීමත්, සාම්ප්‍රදායික භික්ෂූන්ට සරදම් කර තමන් කෙරේ ඊර්ෂ්‍යාව ඇති කිරීමේ අරමුණකින් ඒ හරහා ථෙරවාද සාසනය නියෝජනය කරන සමස්ත භික්ෂුන් කෙරේ සමාජයම කලකිරවන්න .
ඔය ටික තේරුම් ගන්න බැරි ලපටි ලපයි සිපයි අර කිවුව අං කපල නැති කට්ටිය ඉල්ලං කන්න ගිහින් දැන හෝ නොදැන සමන්තගේ සාසන භක්ෂක ව්‍යාපාරයටම උදවු කරනව.දැන් සමන්ත අඩිය උස්සල පියවරින් පියවර තියල ලොකු ගමනක් ගිහින් ඉවරයි.
👆(ගොං සංඝ = ගොං සමූහය යන අරුත් දෙයි. නැට්ට උස්සං එන්න එපා ආර්‍යය අපවාද කථා කියං ඇහ් )
Ritigala Jayasena
