සිංහලයෙක්ගෙ ඉංග්‍රිසි දැනුමේ අඩුපාඩුවක් හේතුවෙන් ඒ පුද්ගලයාව අපහසුතාවයට පත් කිරීම අන්තිම නිහීන අසමජ්ජාති ක්‍රියාවක් – තෙශාන් ප්‍රියදර්ශන මහතා

ඉංග්‍රීසි ගුරුවරියක් ආහසුතාවයට පත්කරපු සිද්ධියක් ගැන මේ දිනවල බොහෝ අය කතාවෙනව. සිංහලයෙක්ගෙ ඉංග්‍රීසි දැනුමේ අඩුපාඩුවක් හේතුවෙන් ඒ පුද්ගලයාව අපහසුතාවයට පත්කිරීම අන්තිම නිහීන අසමජ්ජාති ක්‍රියාවක්. ඒ ගැන කතා දෙකක් නෑ. මේ විදියට අන් අයව අපහසුතාවයට ලක්කරන මිනිස්සු බොහෝ දෙනෙක් තමන්ට සිංහල වැරදීම ගැන ලැජ්ජා වෙන මිනිස්සුත් නෙවෙයි. සමහරු සිංහල බැරිවීම ගැන ආඩම්බරත් වෙනව. ඒ තමන්ගෙ තුප්පහිකම පෙන්වමින්.

මේ වෙලාවෙ මගේ මතකයට එනව අතීතයේ නිතර දකින්න තිබුනු විශේෂ සිද්ධියක්. බොහෝ දෙනෙකුට මතක ඇති ජ.වි.පෙ. මහින්දලත් එක්ක එකට සිටි කාලයත්, ඊට පෙර කාලයත්. ඒ කාලයේ රූපවාහිනී දේශපාලන සංවාදවලදි ජ.වි.පෙ. බොහෝවිට එ.ජා.පයට විරුද්ධ මතයක් දැරුවෙ. ඒ බොහෝ සංවාදවලදි නිරන්තරයෙන්ම දකින්න තිබුන දෙයක් තමය ජ.වි.පෙ. නියෝජනය කරමින් රූපවාහිනී සංවාදවලට එන සාමාජිකයන්ගෙ ඉංග්‍රීසි භාෂාවේ දුර්වලතා. ඒ දුර්වලතා එ.ජා.පය නියෝජනය කරමින් සංවාදවලට එන පුද්ගලයන් විසින් නිර්දය ලෙස සහ අපහාසාත්මකව විවේචනයට ලක් වුනා. ජ.වි.පෙ. සාමාජිකයින්ව සජීවීව රූපවාහිනී නාළිකා හරහා සතිපතා ප්‍රසිද්ධියේ නිග්‍රගයට ලක් කළා…

නමුත් අද ඒ සිද්ධි සියල්ලම අමතක කරල හරි, අමතක වෙලා හරි ඉංග්‍රීසි භාෂාව ගැන එ.ජා.ප සහ ජ.වි.පෙ. සාමාජිකයින්ට එකාවන්ව එකම මතයක් දරමින් අර ගුරුවරිය වෙනුවෙන් පෙනී හිටින්න වුන එකනම් අපූරු සිද්ධියක්…
Theshan Priyadarshana

බෞද්ධ සිද්ධස්තාන ආකර්ශනීය සංචාරක මධ්‍යස්ථාන කරමින් බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව ගලවා බුදු සසුන උන්ගේ අතට ගන්නා හැටි

ඔවුන් හැම තිස්සෙම පාවිච්චි කරන්නේ උපායන් පමණයි.උන් යොදවා ගන්නෙත් තුන්වැනි පාර්ශ්වයක්.බලල් අතක් ලෙස මොකද ඔවුන්ට සිංහල බලවේගය තුළ ඒ කුලකය තුළ රැඳී ඉන්න ඕන.ඔවුන්ගේ න්‍යාය මෙහෙයවන අය විසින් තමයි ඔය සිද්ධිය අත යටින් මෙහෙය වන්නේ.කතෝලික බහුතර සිංහලයන් මධ්‍යස්ථ වයි සිටින්නේ.කතෝලික න්‍යායාචාරීන් අන්තවාදීන්ට ලොකු බලපෑමක් ඔවුන්ගෙනුත් එල්ල වෙනවා.කාදිනල්තුමා කියන්නේ න්‍යායාචාර්ය වරයෙක්.ඔහු එහෙම ලේසියෙන් අත පුච්ච ගන්නෙ නෑ.යුද්ධය ඔන්න මෙන්න දිනයි කියලා ඔව් හිතාගෙන හිටපු නිසා තමයි .ඔහු හමුදාවට විරුද්ධව එකල ප්‍රකාශ දිගින් දිගට නිකුත් කළේ.කෙලින්ම ඔහු .වතිකානු රාජ්‍යයේ නියෝජිතයාය. ඔවුන්ගේ නියාය වන්නේ බටහිරෙන් ඉවත් වන කතෝලික ජනයාගේ අඩුව ආසියාවෙන් පුරවන්නයි.ඒකට අපේ පට්ට මෝඩයන් නිරන්තරයෙන්ම වරදාන වලට ගන්න පුළුවන් කියලා ඔවුන් දන්නවා.ආසියාවේ බලය ගන්නවනං ජාතිකත්වය නැති කරන්න ඕන.එසේ නැත්නම් ජාතිකත්වය ඔවුන්ගේ අතට ගන්න ඕන.දෙවැනි වතිකානු කතිකාවතින් .තීරණය කරනු ලැබුවේ ජාතිකත්වය ඔවුන්ගේ අතට ගන්නයි.ලංකාවේ වගේ බෞද්ධ රටවල් ,වලට අලුත් නියායක් හඳුන්වා දීලා තියෙනවා වගේ ,ඒ තමයි ඔවුන් බෞද්ධකමක් අතට ගන්න එක.ඒක මම හිතන විදියට.පළමුවෙන් ලංකාවෙි දියි ක්‍රියාත්මක වන්නේ.

එක පැත්තකින් සිංහල සංස්කෘතිය විනාශ කරනවා අනිත් පැත්තෙන් සිංහල සංස්කෘතිය ගන්නවා.එක පැත්තකින් ථේරවාදී බුදු දහම විනාස කරනවා. අනිත් පැත්තෙන් මහායාන ලක්ෂණ ඇති කර බුදු දහම අතට ගන්නවා.

මුන්ව හඳුනා ගන්න ලේසියි.ඔවුන්ගේ නියාය තුළ සිටින ඔවුන් .අන්තවාදී උන් .සිංහල වෙස් මූණ දාගෙන සමාජ ක්‍රියාකාරකම් වලට රිංගලා අත යටින්අන්තවාදී ලෙස හැසිරෙනවා.ඔවුන් නිතර මං සමාජ ක්‍රියාකාරකම් වලදී බෞද්ධයන් තල්ලු කරමින් ඉදිරියට එනවා.ඔවුන් සාමාන්‍ය බෞද්ධයන්ට වඩා ආකර්ෂණීය ලෙස ක්‍රියාත්මක වෙලා බහුතරයේ කැමැත්ත දිනා ගන්නවා.මේ යාන්ත්‍රණය දීර්ඝව දිගටම මෙහෙයවනවා.මහමෙව්නා වූ වගේ ආයතන බිහි වෙන්නේ මේ යාන්ත්‍රණය තුළයි.

ගමේ පන්සලේ යාන්ත්‍රණය නිතර නිතර බිඳිනවා.දේශපාලන බලයත් මේ සඳහා යොදාගන්නවා.ඔවුන් නීති කිසි එකක් පාස් එන්න දෙන්නෙත් නෑ.

ප්‍රසිද්ධ විහාරය එකක්වත් ඩෝසර කරන්නෙවත් මොකක්වත් සිද්ධ වෙන්නෙ නෑ.එච්චර අන්තවාදී ලෙස කොහොමත් එන්ඩ බෑ .ඒ සඳහා ඔවුන් මුස්ලිම්වරුන් යොදවා ගන්නවා නිතර නිතර .කෙසේ වෙතත් දකුණු කොරියාවේ වුන දෙය ඔවුන් මෙහි අත්හදා බලන්න පවතිනවා දැනට .බෞද්ධ සිද්ධස්ථාන සියල්ලම පූජනීයත්වයෙන් ගලවා සංචාරක ආකර්ෂණීය මධ්‍යස්ථාන ලෙස ඔවුන් නඩත්තු කරනවා.ඇත්ත වශයෙන්ම පුරාවිද්‍යාව කියන්නෙත් ඔවුන්ගේම මෙවලමක්.පුරාවිද්‍යාවෙන් පූජනීයත්වයක් දෙන්නේ නෑ.මේක අපේ හාමුදුරුවරු දැනගන්න ඕන දේශපාලකයො දැනගන්න ඕන.අපි පුරාවිද්‍යාවෙන් බලාපොරොත්තු වෙන්න ඕන පූජනීයත්වයක් එක්ක කරන සංරක්ෂණය ක්‍ පුරා විද්‍යාවේ මතය,සංකල්පය සම්පූර්ණයෙන්ම වැරදියි.

රුවන්වැලි සෑය හැදුවේ පුරාවිද්‍යාවෙන් නෙවෙයි.ජේතවනාරා අභයගිරිය පුරාවිද්‍යාවෙන් හදන්නේ..ඒක පූජනීයත්වයට ගන්ඩ දෙන්නෙ නෑ ඒක කුමන්ත්‍රණයක්.මේක අපි වෙනස් කරන්න ඕන පූජනීයත්වය තමයි අවශ්‍ය වෙන්නේ.බුදු දහම රැකගන්න සාසනයේ රැකගන්න.සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ පූජනීයත්වය මිසක් ධර්මය නොවේ.සාමාන්‍ය ජනතාව රඳවා තබාගන්නේ පූජනීයත්වයෙන් සහ අභිමානයෙන්.එය නිතර නිතර අවශ්‍යයි.

ඒ දෙකම උන් නැති කරනවා.

සාමන්ත ඒකනායක

ලංකාව හසුරුවන මාපිල්ලා වරු – කොලට් නාරද මහතුන්

ලංකාව හසුරුවන මපිල්ලාවරු

ලංකාවේ නැගෙනහිර පළාතේ සිංහල උරුමය නැතිකර එය ඉස්ලාම් ආගමිකයන්ගේ පළාතක් කිරීම අතිශය අමානුෂික ක්‍රියාවකි. කලක සිට රටේ පාලකයන් දැනුවත්වම එවැනි සැලැස්මක් ක්‍රියාවට නැංවේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇස් ඉදිරිපිට, නැගෙනහිර පළාතේ ඇති සිංහල උරුමය ප්‍රකාශ වන ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන වෙහෙර දාගැබ් සෙල්ලිපි බුදුපිළිම විනාශ කිරීම, ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යනු ලබන ඉස්ලාම් පුරාවිද්‍යා කෞතුකාගාරයෙන් සිංහල ඉතිහාසය මකා ඉස්ලාම් ඉතිහාසයක් නිර්මාණය කිරීම, පළාත් සභාවල සහාය ඇතිව පළාතේ සියලු ගම් නගර වලින් සිංහල පෙනුම නැතිකර දැමීම, ප්‍රධාන මහා මාර්ග දෙපස සිටුවනු ලබන ගස්වලින් පවා ලංකාව අරාබි කොලනියක් බව ඉස්ලාමිකයන්ට ඒත්තු ගැන්වීම ඊට නිදසුන් කිහිපයකි. මේ හැම ක්‍රියාවකින්ම පෙනෙන්නේ එල්ටීටීඊ බෙදුම්වාදයට වඩා සංවිධානාත්මක ඉස්ලාම් බෙදුම්වාදයක් රටේ ක්‍රියාත්මක වන බවයි.

ඉන්දියාව ලෝකයේ වැඩිම ඉස්ලාම් ජනගහනයක් ඇති රටවල් අතුරින් තුන්වෙනි ස්ථානය හිමිකරගෙන සිටියි. පසුගිය කාලයේ ඉන්දියාවේ මුස්ලිම්වරුන් හින්දුන්ට විරුද්ධ ජාතියක් වශයෙන් සංවිධාන කිරීමට වෙහෙසුන, ෂකීර් අබ්දුල් නායික් නමැති ඉන්දියානුවා, “ගම් බිම් ගෙවල් දොරවල් හැර දමා අල්ලා දෙවියන් වෙනුවෙන් කේරලයට ගොස් පදිංචි වෙයල්ලා” යි රටේ මුස්ලිම් ජාතිකයන්ගෙන් ඉල්ලීමක් කළේය. එය ඉන්දියාව කඩා ස්වාධීන ඉස්ලාම් රටක් හදන අපූරු උපායකි. නැගෙනහිර මුස්ලිම් පළාතක් කිරීමද එවැනිම උපායකි. ඉස්ලාම් ආගමික කණ්ඩායම් කිහිපයක්ම උත්සාහ දරන්නේ කේරලය කඩා මලබාරය නමින් ඉස්ලාම් දේශයක් බිහිකිරීමටය. ඊට මූලික වන කේරල ‘තව්හිද් ජමාත්’ සංවිධානය ලංකාවේද ක්‍රියාත්මක වේ.

කේරලය අතීතයේ පටන් චෝල රටට නොදෙවෙනි අයුරින් ලංකාවට බලපෑම් කළ රටකි. කේරල හමුදාවෝ කිහිප වාරයක්ම ලංකාව ආක්‍රමණය කළහ. ජයවර්ධනපුර රාජධානි සමයේ කේරලයේ හින්දු රාජධානියකින් පිටත් වූ මුස්ලිම් හමුදාවක් ලංකාව ආක්‍රමණය කිරීම විශේෂ සිද්ධියකි. ‘රාජාවලියේ’ ඒ විස්තරය මෙසේ ලියැවී තිබේ.

“ධර්මපරාක්‍රමබාහු රජකරන අවධියට කායල පට්ටමෙන් කදිරා යන නම් ඇති සොර යොනෙක් සලාවත මුතු කිමිදින්ටත් බලාත්කාරයෙන් ඇතුන් ගන්ටත් බොහෝ යොන් ගොල්ලක් රැගෙන වුත් ගොඩබැස උන්නේය. ඒ බව ධර්මපරාක්‍රමබාහු රජ අසා වදාරා සකලකලාවල්ලභ රජු ගෙන්වා මහ සේනාව භාරකරදී යුද්ධයට යන ලෙසට අවසර දුන්නේය. මහ සෙනඟ පිරිවරා සකල කලාවල්ලභ රජ මාදම්පෙට ගොස් තමාගේ මල් වූ තනියවල්ල රජු හා කථාකරගන ඇත් වාහනයට පැන නැගී තනියවල්ලභ රජ අශ්වයාට පැන නැගී දෙමුනෙන් ගොස් යොන් සේනාව මැදට පැන බොහෝ යොනුන් මරා කදිරා යන මුදලියාටත් ඇන මරා මුතුකිමිදින්ට ආ යොන් ගොල්ලත් අල්ලාගෙන සම්බාන් ඇතුන් ලවා පොඩි කරවා දමා අසූනව දෙනෙකු අල්ලාගෙන ජයවර්ධන පුර නුවරට අවුත් පරාක්‍රමබාහු රජු දැක බොහෝ තාන්න මාන්න ලැබගෙන රජ දෙකට්ටුව තම තමන්ගේ නුවරට ගියහ.”

සිංහලයෝ, කේරල මුස්ලිම් ආක්‍රමණයෙන් ලංකාව බේරාගත් තනියවල්ලභ සහ සකලකලාවල්ලභ යුවරජුන් දෙදෙනාම දෙවිවරුන් වශයෙන් පිදුම් ලබති. සිංහල බෞද්ධ දෙවිවරුන් දේවාත්ම ලබා ඇත්තේ කුසල් බලයෙනි.

අතීතයේ කේරලයේ විසූ ඇතැම් හින්දු රජවරු බලය වැඩිකර ගැනීමට ඉස්ලාම් රජවරුන්ගේ සහාය පැතූහ. කැලිකට්හි හින්දු රජු නාවික හමුදාවක් පිළියෙල කිරීමට ඊජිප්තුවේ පාලකයාගේ සහාය සෙවීම නිදසුනකි. ඔහුගේ උපකාරයට පැමිණි මිසර ජාතිකයන් සමග දහස් ගණනක් ඉස්ලාමිකයෝ කැලිකට් රාජධානියේ පදිංචි වූහ. කේරල වැසියෝ මේ සංක්‍රමණිකයන්ට ‘මපිල්ලා’යි කීහ. ඔවුහු නාවික හමුදාවේ සහ රටේ වෙළෙඳ බලය අත්පත්කර ගෙන හින්දුන් ඉස්ලාම් කිරීමේ සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූහ. කැලිකට් රජු, ඉස්ලාමිකයන්ට ජනතාව බිලි දෙමින් මුහුදේ අධිපතියා යැයි ප්‍රකාශ වන ‘සැමොරින්’ යන විරූද නාමයක් භාවිත කරන්නට ගත්තේය. ධර්මපරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ හලාවතට කඩා වැදී ලංකාවේ මුතු කර්මාන්තය අල්ලාගත්තේ සැමොරින්ගේ රටින් පැමිණි යෝනක හමුදාවකි.

පෘතුගීසින් ලංකාවට කඩාවැද ජයවර්ධනපුර රාජධානියේ අවුලක් ඇති කළ පසු කැලිකට්හි මුස්ලිම් නායකයන්ට ලංකාවේ දේශපාලනයට මැදිමත්වීමට මග පෑදුණි. සීතාවක රජතුමා ජයවර්ධනපුර රාජධානිය සමග යුද්ධ කිරීමට කැලිකට්හි සැමොරින්ගේ සහාය ඉල්ලා සිටියේය. ලංකාවට පැමිණි ඉස්ලාම් හමුදාව විනාශ කිරීමට පෘතුගීසින්ට හැකිවිය. සැමොරින් පරදා ඔහුගේ පුතා දොන් ජුආන් කෙනකු කිරීමටත් ඔවුන්ට හැකිවිය. කැලිකට් රාජධානිය වැටුණු පසු ‘මපිල්ලාවරු’ පෘතුගීසින්ට පක්ෂව කටයුතු කළහ.

පළමුවෙනි ලෝක සංග්‍රාමය අතරතුර, උතුරු කේරලයේ ඉස්ලාමිකයෝ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව සටනක් ඇරඹූහ. මේ හැඳුනුම් ලබන්නේ ‘මලබාර් විප්ලවය’ (‘මලබාර් රිබේලියන්’) යනුවෙනි. ‘කාලිෆ්’ සහ ඔටෝමොන් තුර්කි අධිරාජ්‍යය ආරක්ෂා කිරීම මේ සටනේ අරමුණ වූයේය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව සිදුකරන ලද්දක් බැවින් මෙම සටනට සම්බන්ධ ඉස්ලාමිකයන් අධිරාජ්‍ය විරෝධීන් වශයෙන් පෙන්වීමට ඇතැමුන් උත්සාහ දරා තිබේ.

කිතුනුවෝ, යේසුස් වහන්සේ ගැලවුම්කරුවා (‘සේවියර්’) වශයෙන් සලකති. ඔවුහු දේවස්ථානවලට ගොස්, ‘ස්වාමීනි අප ගලවා ගන්නැ’යි කියමින් යාඥා කරති. ස්පාඤ්ඤයෝ දකුණු ඇමරිකාව ක්‍රිස්තියානි භූමි කලාපයක් කළහ. කියුබානු විප්ලවයෙන් පසු මේ කලාපය තුළ ‘ලිබරේෂන් තියලොජි’ නමින් දේශපාලන දර්ශනයක් පැතිරුණි. එය පිළිගත් බොහෝ දෙනකුට, ‘චේ ගුවේරා’, ගැලවුම්කාරයකු ලෙස පෙනුණි. කලක් ලංකාවේ ඇතැම් කොමියුනිස්ට්කාරයෝ, චේ ගුවේරා වෙස් ගෙන ජීවත් වූහ. 1971 සමයේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ ‘චේගුවේරාකාරයින්’ හැටියට ප්‍රසිද්ධ වී සිටියහ.

කතෝලික දේවගැතිවරු පිරිසක් ගලවාගැනීමේ දේශපාලන දර්ශනය කේරලයේ කොමියුනිස්ට් පක්ෂය තුළ පැතිර වූහ. ඇන්. ෂන්මුගදාසන් මාර්ගයෙන් ලංකා කොමියුනිස්ට් පක්ෂයට රිංගූ මෙම දර්ශනය, පසුව ඔහු ඇරඹූ ‘චීන කොමියුනිස්ට් කණ්ඩායමේ’ දර්ශනය වූයේය. ෂන්මුගදාසන්ගේ ගෝලයකුව සිටි රෝහණ විජේවීර, අලුත් දේශපාලන පක්ෂයක් හදා එය ජනතා විමුක්ති පෙරමුණ යයි නම් කළේය. ඔහු ‘ලිබරේෂන්’ යන ඉංග්‍රීසි වචනය සිංහලයට පෙරළාගත්තේ ‘විමුක්ති’ යනුවෙනි.

‘විමුක්තිය’ බෞද්ධයන් අතර භාවිත වූ ඉතා ජනප්‍රිය ආගමික වචනයකි. ඔවුහු සංසාරයෙන් ගැලවී විමුක්තිය ලබා ගැනීමට පින් දහම් ක්‍රියාවන්හි යෙදෙමින් කුසල් රැස්කළහ. ආණ්ඩු පෙරළියකින් රටේ සියලුම ජනතාවට එකවර විමුක්තිය අත්කර ගැනීමට හැකි බව රෝහණ විජේවීර කීවේය. තරුණ භික්ෂුන් වහන්සේ පිරිසක් පවා ඔහුගේ කතාවට මුළා වූහ.

කේරල රටේ හින්දු බෞද්ධ සහ ජෛන යන ආගම් තුනම පැවතුණි. එහි ‘කන්නගි’ වන්දනාව ආරම්භ වු හැටි ‘සිලප්පාදිකාරම්’ දෙමළ බෞද්ධ කාව්‍යයෙන් කියැවේ. ඊට අනුව පාණ්ඩ්‍ය රටේ රජතුමාගේ නීතියේ වරදක් නිසා ‘කෝවලන්’ නමැති චෝල රටේ තරුණයකු රාජපුරුෂයන් අතින් මරණයට පත්වූයේය. වේදනාවට පත් ඔහුගේ අඹුව ‘කන්නගී’, පාණ්ඩ්‍ය රජතුමාට ශාප කළාය. තම පියයරක් ඇද කඩා දමා ගසා නුවර ගිනිබත් කළාය. රජු මිය ගොස් පාණ්ඩ්‍ය අගනුවර මධුරා නගරය විනාශ වූයේය. මියගිය කන්නගී අසල්වාසී කේරල රටේ වනාන්තරයක දෘශ්‍යමාන වන්නට වූවාය. වනවාසින්ගෙන් ඒ පුවත දැනගත් ‘සෙංගුවාටුට්වන්’ රජතුමා, එතුමිය වෙනුවෙන් දේවාලයක් පිහිටුවීය.

යුද්ධ ජයග්‍රහණ සමරමින් ‘සෙංගුවාට්ටුවන්’ රජතුමා පැවැත් වූ උත්සවයකට ලංකාවේ ගජබාහු රජතුමා සහභාගි වීමට හේතුවක් තිබුණි. ගජබාහු රජුගේ පියාගේ කාලයේ සිංහල රට ආක්‍රමණය කළ චෝලයෝ බොහෝ වස්තුව කොල්ලකා සිංහලයන් විශාල පිරිසක් කේරලයට ගෙන ගියහ. සෙංගුවාට්ටුවන් රජතුමා යුද කර ඉන්දියාව තුළ චෝලයන් පරාජය කළේය. කේරලයට ගිය ගජබාහු රජතුමා කන්නගී දේවාලය වැඳ දේවතාවියගේ සලඹේ අනුරුවක් ගෙනැවිත් අනුරාධපුරයේ දේවාලයක් පිහිටුවා කන්නගී වන්දනාව ඇරඹුවේය. කන්නගී බෞද්ධ දේවතාවියකි. එතුමිය වසංගත රෝගවලින් ජනතාව ආරක්ෂා කරන්නියක සේ ප්‍රසිද්ධව සිටියාය. කේරලයෙන් බුදුසසුන අතුරුදන් වූ පසු කන්නගී වන්දනාවත් එරටින් අතුරුදන් වූයේය. ඒ වෙනුවට ‘පත්තිනි’ නමින් හින්දු දේවතාවියක වන්දනා කිරීම ඇරඹුණි. ඇමරිකාවේ වාසය කරමින් සිංහල බෞද්ධයන් ගැන කතාන්දර ඉදිරිපත් කරන ගනනාථ ඔබේසේකර ප්‍රකාශයට පත්කළ ‘පත්තිනි ඇදහීම’ පොතේ කවරයට ‘පියයුරක් නැති කන්නගී’ගේ චිත්‍රයක් යොදා තිබේ.

දෙමළ සංස්කෘතියට ගොදුරු වූ සිංහල උරුමයන් රාශියකි. ඔවුන්ගේ ග්‍රාම නාමවලට සිදුවී ඇති විපත උදාහරණයකි. සමහරු ඊට හේතු දක්වමින් එය යටත් විජිත කාලයේ මිනුම් දෙපාර්තමේන්තුවේ සිටි දෙමළ මිනුම්දෝරුවන්ගේ ක්‍රියාවක් හැටියට පෙන්වා දෙති. සිංහලයන් දෙමළ ග්‍රාම නාම ඉතිරි කර භූමිය කොල්ලකා ඇති බව දෙමළ බෙදුම්වාදීන්ගේ අදහසයි. වර්තමානයේ සිංහල ගම්වල පදිංචි වන ඉස්ලාම් ආගමිකයෝ මාවත් වලට ඉස්ලාම් නම් දමති.

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ පුද්ගලයා යැයි සැකකෙරෙන ‘සහරාන් හසීම්’ ලංකාවට රිංගාගත් කේරල ජාතිකයකු බවට තොරතුරු තිබේ. ‘රියාස් අබුබකර්’ නමින් කේරලයේ පලක්කාඩ්හි ජීවත් වූ ඔහු තව්හිද් ජමාද් සංවිධානය හැදීමට මුල් වූයේය. ඔහු මෙන් ව්‍යාජ හැඳුනුම් පත් ලබාගත් ඉස්ලාමිකයන් අති විශාල සංඛ්‍යාවක් ලංකාවේ සිටින බවට සැක නැත.

කේරල බෙදුම්වාදී ඉස්ලාම් සංවිධානවලට මැද පෙරදිගින් මුදල් ලැබේ. ඊට එක් හේතුවක් මැදපෙරදිග ‘මපිල්ලාවරුන්’ගේ මුල් බිම වීමයි. කේරලය ලංකාවේ ඉස්ලාම් ත්‍රස්තවාදී ව්‍යාපාරයේ තිඹිරිගෙයයි. කේරලයේ ‘මපිල්ලාවරු’ ලංකාවේ ඉස්ලාම් බෙදුම්වාදයේ ක්‍රියාකාරිහු වෙති.

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ පුද්ගලයා යැයි සැකකෙරෙන ‘සහරාන් හසීම්’ ලංකාවට රිංගාගත් කේරල ජාතිකයකු බවට තොරතුරු තිබේ. ‘රියාස් අබුබකර්’ නමින් කේරලයේ පලක්කාඩ්හි ජීවත් වූ ඔහු තව්හිද් ජමාද් සංවිධානය හැදීමට මුල් වූයේය. ඔහු මෙන් ව්‍යාජ හැඳුනුම් පත් ලබාගත් ඉස්ලාමිකයන් අති විශාල සංඛ්‍යාවක් ලංකාවේ සිටින බවට සැක නැත.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

සතිඅග අරුණ

බුදු දහම විකෘති කරනා තවත් අච්චුවක් ගැන

බෞද්ධ මනෝවිද්‍යාව සහ ධර්ම විකෘති 1
===≠==========≠====================

බුඩිස්ට් ෆැමිලි තෙරපි. මේ කුමන පිටකයක කුමන නිකායක එන ඉගැන්වීම්ද? බෞද්ධ මනෝවිද්‍යාව යනු මෙය නම්, මේ කිනම් මූලාශ්‍රය පදනම් කරගත් ඒවාද? කතුවරයකුගේ මනෝ විකාර බෞද්ධ මනෝවිද්‍යාව යැයි අප පිළිගත යුතු ද? මෙය පැහැදිලි ලෙසම ධර්මය විකෘති කිරීමකි. එසේත් නැත්නම් මනෝවිද්‍යාව විකෘති කිරීමකි.

  • ආචාර්‍ය විජිත කුමාර
    මට මතක් වෙනවා නලින් ද සිල්වා මහාත්මාගේ අදහසක්. එතුමා පවසන පරිදි (මගේ මතකයේ හැටියට) මේ වෙන්නේ බටහිර දැනුම් ආකෘතිවලට බුදුදහම එබ්බවීමට උත්සාහ කිරීමයි. එක එක ජාතියේ කොකිස් අච්චුවලින් විවිධාකාරයේ කොකිස් සාදා ගන්නවා වගේ විවිධාකාරයේ බටහිර දැනුම් අච්චුවලින් විවිධාකරායේ බුඩිසම් නිර්මාණය කරගන්නවා. බෞද්ධ දර්ශනය කියන විකෘතියේ ඉදන් සිද්ධ වන්නේ එයයි. මේ විකෘති විෂයන් මත නො යැපීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස මම අදටත් කල්පනා කරනවා.
  • උපුල්වෙහෙරේ ධම්මාවාස හිමි

සීහළයන් යනු ථේරවාද බෞද්ධයෝමැයි.එය සසුන රකිනා සංසාරගතව වග කියනා ජාතියයි ඊනියා ශ්‍රී ලංකන් කියා ජාතියක් නැත

බුදු සසුනත් සීහළ ජාතියත් රටත් රැක ගැනීමට වැටුපක් නැත කාලයක් නැත එය පැය 24ත් දින 365ත් පෞද්ගලිකත්වය අමතක කර භූමිකාවකි උත්තුංග පුණ්‍ය ක්‍රියාවකි. එය වෙනුවෙන් කැප වෙන සියල්ලන්ටම රතන්ත්‍රයේ සරණත් සම්‍යක් දෙවු බඹුන්ගේ පිහිට ආරක්ශාවත් ලැබෙනවා සත්තයි.
තව තවත් දිරිමත් වේවා!
ඉඳුරාගාරේ හිමියන්ගෙ දෙසුමක් හරියටම ගැලපේ ඔය වැඩේට. වෘත්තීයක් නොවේ එය භුමිකාවකි.
නිකම්ම ඉපදී ඉගෙන නිලතල නම්බු නාම රැගෙන පවුලම නඩත්තු කරගෙන ලෞකික සැප විඳ වසර 60-70ක් කෙටි සුඛ ලබා කල්පයක් නිරයගාමී වනවාට වඩා කල්ප කාලාන්තරේකින් පසුව හෝ නිවන් සම්මාවබෝධය වෙනුවෙන් ඒ කුසල් එකතුවේවි.
සීහළයෝ යනු ථෙරවාද බෞද්ධයෝ මැයි. මේ බුද්ධන්තරයේ අපගේ ජාතියේ නම එයයි පෙර බුදුවරුන්ගේ කලත් එය රැකි ජාතියත් මාතෘභූමියත් අපමයි. එය සංසාරගත වගකීමකි. එය ඉටු කරමු.
ශෙනාලි වඩුගේ, තමාරා ගුනනායගම්, කාන්තා බාලනාදන්, ඩයනා පරමාර් ලාගෙ සූක්ශම ව්‍යාපෘතියට උඩ ගෙඩි දෙන සියල්ලෝම ජාතිද්‍රෝහී ශාසන භක්ශක පවුකාරයෝ ය.
ධර්මවිකෘතිකරුවන්ගේ ඒකායන අරමුණ බුද්ධ භාෂිතය සර්වබලධාරියාගේ කරගැනීමයි. එයට උඩ ගෙඩි දෙන භික්ශුවෙස්ධාරීන් ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදීන් පුරාවිජ්ජා කාරයින් කඳ පණුවන්මය.

බුද්ධ භාෂිතය බයිබලයට භාර දෙන කඳ පණුවෝ

බුදු දහම ත්‍රිපිටකය විකෘති කිරීමට උඩ ගෙඩි දෙන සාදුලා තමා බටහිරේ භාවනා මධ්‍යස්තාන අටවාගෙන පැවිදි කෙසේ වෙතත් ගිහි සුඛ විහරණත් ලබමින් වැඩ ඉන්නෙ බහුතරය.
අපේ ත්‍රිපිටකය විකෘති කරමින් බුද්ධ භාෂිතය උන්ගේ බයිබලයට දෙන අය තමා ඒ.
ලංකාවෙ අසපු කාරයා උමන්දා කාරයා ඇතුලු නඩත් ඇමෙරිකන් සුදු ඔත්තුකාර චීවරත් බෞද්ධයො වෙනුවෙන් දුක් ගන්නා රාල වී වෙබ්සයිට් හදන ශෙනාලි වඩුගෙ තුප්පහි කත ඇතුලු වයරයත් කරන්නෙ ඕවා.
රාජ් සෝමදේවට චමිල ලියනගේට ෆන්ඩ් කරන අබෞද්ධ ශෙනාලි බෞද්ධයන්ගෙ දුක් ගන්නා රාල වී ත්‍රිපිටකයම ඔවුන්ගේ කරගන්න දඟලන්නෙ ශ්‍රද්ධාවට නොවේ බයිබලට බුද්ධ භාශිතය දාගෙන බුදු සසුන වැනසීමටත් ඊනියා ශ්‍රී ලංකන්ස් කියාගෙන සිංහල ජාතියම ඒ කිව්වෙ බෞද්ධයො සමතලා කිරීමටත් ය. ඇය දැන් බෞද්ධ ජාතිකවාදීන්ගේ කරේ එල්ලී කාලය සඟරාවටත් රිංගා ඇති අතර ආරණ්‍ය සේනාසනවලටත් දායිකාවක් වී ඇත. සමලිංගික සුද්දෙක් වන ඊනියා තේරවාද භික්කු කියාගන්නා ශ්‍රී දේවමිත්ත හොලන්ඩ් යනු ඇගේ හොර චීවර සුද්දෙකි. ඔහු ලවා සාමනේරයන් වහන්සේලාවත් අපයෝජනය කරමින් ඇති.
අනික ඔහු සහ ඇය අරාබි වසන්තය යැවීමටද කෙලින්ම දායක බව මුහුණුපොතේ ඔවුන්ව නිරීක්ශණය කලොත් වටහා ගත හැකිවේවි.
මීවන දායකයෙක් වන හිරිවඩුන්න වඳින ශ්‍රී මහා බෝධීන් වහන්සේ නොවඳින සරත් වීරසේකර නම් වූ ශාසන භක්ශක සිංහ වෙස් ගත් හයීනාට ද විශාල ලෙස දායිකාවක් වන වඩුගේ ගැන නොතේරෙන ජාතිකවාදී බබ්බුන් ගැන කණගාටුයි.

ඇමතිවරු කලින් කලට මාරුවෙති ක්ෂේත්‍රයේ සැබෑ අවශ්‍යතාව අත්දැකීම් ඇතියවුන් ඒ වෙනුවෙන් පෙනීසිටීමජාතියේ අවශ්‍යතාවයයි

පුරාවිද්‍යා අංශයේ ලොකු වෙනසක් වෙන්න යනවා පේනවා. අනුර මනතුංග ජෙනරාල් තුමා එක අන්තයක වගේ. විදුර ඇමති තුමා තව අන්තයක බවත් පේනවා. තරාදියේ මේ දෙපැත්තෙන් විදුර ඇමතිතුමාගේ දැක්ම වෙනුවෙන් බර දාන්න ඕන තරම් ඉන්නවා. අනිත් අන්තයේ අය නිහඬයි. බොරු අලුත් වැඩ නැතිව පරණ අවශ්‍යතාවයන් සකස් වෙනවානම් ඒ ඇති. පුරාවිද්‍යා ස්ථාන වල වැසිකිලි කැසිකිලි පහසුකම් ටිකවත් දෙස් විදෙස් නරඹන්නන්ට හදලා දෙන්නවත් පුලුවන් උනොත් මේ ඇමති තුමාට ලොකු ලොකු සීන් නැතිව.

ඇමතිවරු කලින් කලට මාරුවෙති…නමුත් ⁣ක්ෂේත්රයේ අත්දැකීම් ඇතියවුන් එම ක්ෂේත්රයේ සැබෑ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම රටේ අවශ්‍යතාවයයි. රටක් ලෙස අවශ්‍යතා පසෙක තිබියදී සන්දර්ශන පසුපස මිනිසුන් එල්ලීම අපේ රට සුලබය. ජාතික ප්රතිපත්ති ඇතිවීම සිහිනයකි. සල්ලි ගහ සෙලවෙන්නේ නව ව්‍යාපෘති නැමති නාමයටයි. එවැනි අවසන් නොවූ ව්‍යාපෘති ඉතිහාස,පුරාවිද්‍යා උරුම කළමනාකරණ අංශවල හිගයක් නොමැතිව ඇතිවාට සැක නැත. එම සුලබතාවයෙන් අත්දැකීම් ලැබීමට පුරාවිද්‍යාවේ හෝ ඉතිහාසයේ විෂය දැනුම අවශ්‍යයි මා නොසිතමි. මගේ රටේ උරුමයන් පිළිබඳ මා සතු අයිතිය වචනයෙන් ගසා හෝ වෙනයම් ආකාරයකින් කිසිවෙකුට උදුරාගත නොහැක. නව ප්රවණතා ගැන වෛරයක් හෝ අස්ථානයේ බියක් නැත. ප්රවණතා නාමයෙන් පැමිණෙන ආක්රමණිකයා හෝ පිල්ලි වෙන්කර ගැණීමේ ඤාණයක් නැති හෙයින් සැකය ටූල් එකක් ලෙස භාවිතා කරමි. මේ කටයුතු බේදයට තුඩු නොදී හා අපේ උරුමය නිර්මලත්වයෙන් නව්‍යකරණයට ලක්කරගැනීම⁣ට අවස්තාවක් ⁣ලෙස සිතා උපේක්ෂා සහගත වෙමි.

  • ගරු ලුණුවිල සුමණසිරි හිමි

මතවාදයේ ජයග්‍රහණය – මහඇදුරු නලින් ද සිල්වා මහතා

මතවාදයේ ජයග්‍රහණය

මංගල සමරවීරට අනුව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කිරීම පසු පස සිටි මතවාදය අසමත් වෙලා. ඔහු අනුව යන පඬියන් පඬි නැට්ටන් ආදීන් මාතොට කාලයේ සිට ම හිටියා. විවිධ කාලවල දී ඔවුන් අතර වෙනස්කම් තියෙන්න ඇති. ඒත් පොදුවේ ගත්තම ඔවුන් සියල්ලන්ට ම තියෙන්නෙ ජාතිකත්ව විරුද්ධ මතවාදයක්. ඒක තමයි මහා පොදු සාධකය. එය සිංහල බෞද්ධ විරෝධී මතවාදයක්. ඔවුන්ට විඳ දරාගන්න බැරි දේ තමයි ජාතිකත්ව මතවාදය රටේ තහවුරු වීම.

ඒ තහවුරු වීම විඳ දරා ගන්න බැරි ව ඔවුන් ජාතිකත්ව මතවාදයේ පරාජය ප්‍රාර්ථනා කරනවා. ඔවුන් ඒ ගැන සිහින දකිනවා. සිහිනෙන් දොඩවනවා ජාතිකත්ව මතවාදය ඉවරයි පරාදයි කියල. මංගල සමරවීර අවුරුදු තිහකට පමණ පෙර රතන හිමියන් හා චම්පක සමග රටවැසි පෙරමුණ නමින් සංවිධානයක් අටවා ගත්තා. මේ සංවිධානයේ අරමුණ වුණෙ රට බෙදීම. එකල හරි ඒ ආසන්නයේ හරි චම්පකලා කොටින්ට විරුද්ධ ව හමුදා මෙහෙයුම් එපා යන තේරුම දෙන පෝසටර ඇලෙවුවා. අනූහතරෙ මැතිවරණයෙ දි චම්පකලා මාතර ගිහින් පැල් බැඳගෙන මංගලට වැඩ කළා.

ඔවුන්ටත් වික්ටර් අයිවන් රාජිත සෙනෙවිරත්න ආදී ජාතිකත්ව මතවාදයකට විරුද්ධ අයට අවශ්‍ය වුණෙ චන්ද්‍රිකාගමනයක්. ඔවුන්ට වඩා, ලංඩනයේ රස්තියාදු වෙමින් සිටි චන්ද්‍රිකා ලංකාවට එවීමට, බටහිරයන්ට විශේෂයෙන් ම එංගලන්තයට අවශ්‍ය වී තිබුණා. ඒ අනූවේ දශකයේ මුල. එකල ජනාධිපති ආර් ප්‍රේමදාස. දෙමළ ජාතිවාදය කියන්නෙ සම්පූර්ණයෙන් ම වගේ ඉංගිරිසින්ගෙ නිර්මාණයක්. ඉතිරි ටික ලන්දේසින්ගෙ. රට බෙදීම තමයි ඔවුන්ගෙ අරමුණ. ඔවුන් ක්‍රමයෙන් තේරුම් ගත් දෙයක් වුණෙ එ ජා පක්‍ෂය ප්‍රමුඛ ආණ්ඩුවකින් රට බෙදන්න මූලික පියවරක් ලෙස සංධීය හරි සහසංධීය හරි රාජ්‍යයක් පිහිටුවීමට නොහැකි බව. එවැන්නක් උත්සාහ කළ විගස මෙරට ජාතික බලවේග ශ්‍රී ල නි පක්‍ෂය වටා රොක් වී විරුද්ධ වෙනවා.

බටහිරයන්ගේ උපාය වුණෙ බණ්ඩාරනායක මහතාගෙ දුව චන්ද්‍රිකා ශ්‍රී ල නි ප නායිකාව බවට පත්කර ශ්‍රී ල නි පක්‍ෂය මගින් සංධීය රාජ්‍යයක් බිහි කිරීම. චන්ද්‍රිකා මෙරටට පිටත් කර එවුවෙ ඒ සඳහා. ශ්‍රී ල නි පක්‍ෂය ම සංධීය රාජ්‍යයක් ඇති කරන්න යන විට එයට විරුද්ධ ව ක්‍රියා කරන්න පිරිසක් නැති වේවි ය යන්න බටහිරයන් සිතූ දේ. එහෙත් මේ උපාය අප කල් තියා දුටුවා. අප චන්ද්‍රිකාට විරුද්ධ ව සංවිධානය වුණා. අප ම එ පෙරමුණ සමග එකතු වී 1994 මැතිවරණයට වෙන ම ඉදිරිපත් වුණා.

ඒ වුණත් ජනතාවට තිබුණෙ එ ජා ප ශාපය පැරදවීමේ වුවමනාව. ඔවුන් චන්ද්‍රිකා කවුද කියන එක අනූවෙ දශකයෙ මුල දැන ගත්තෙ නැහැ. චන්ද්‍රිකා සිංහල බෞද්ධ විරෝධියකු බව දැන ගන්නට බොහෝ සිංහල ජාතිකත්ව මතවාදීනට අවුරුදු පහළොවක් පමණ ගියා. ඒ කාලයෙහි චන්ද්‍රිකාල මංගලලා පමණක් නොවෙයි ජී එල්ලාත් සුදු නෙළුම් අරගෙන අවලම් තවලම් ගියා.

බටහිරයන්ට තමන්ගෙ සැලසුම් වරදින බව මුල දි තේරුම් ගන්න බැරි වුණා. එ ජා පක්‍ෂයට විතරක් නොවෙයි බොහෝ පක්‍ෂවලට තියෙන්නෙ බලයට පත් වීමේ වුවමනාව. බටහිරයන් නොහිතූ ආකාරයකට චන්ද්‍රිකා – මංගල – ජී එල් පැකේජයට එ ජා ප විරුද්ධ වුණා! ජාතික බලවේග හැටියට එදා දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණ, රුහුණු රට භික්‍ෂු පෙරමීණ, චින්තන පර්ෂදය සංවිධානය කළ පා ගමන් රිය පෙරහැර මුහුදු යාත්‍රා ආදියට එ ජා ප හිතවතුන් සහභාගි වුණා. ඔවුන්ට අවශ්‍ය වුණෙ චන්ද්‍රිකා පැරදවීම.

අප සංවිධාන මූලික ව ඇති කළ ජාතික ඒකාබද්ධ කමිටුවටත් එ ජා පාක්‍ෂිකයන් ආවා. අපට රැස්වීම් තැබීමට බොරුල්ලෙ තරුණ බෞද්ධ සංගම් මූලස්ථානය ලබා දුන්න. ඒකාබද්ධ කමිටුව මුල් වී සිංහල කොමිසමක් පත් කළා. එහි සභාපති වුණෙ හිටපු විනිසුරු රාජා වනසුන්දර. ඒ කොමිසමේත් එ ජා පාක්‍ෂිකයන් හිටියා. අප රට වටේ ගියා. කොමිසම එදා ත්‍රිකුණාමලයට යන්න බය වුණා. මා කොමිසමේ නැතත් තවත් අයකු සමග එහි ගොස් සාක්‍ෂි පටිගත කරගෙන ආවා. එහෙත් ඒ සියල්ල මැද කොමිසම සිංහල ජාතිකත්වය පාවා දුන්න.

කොමිසමේ වාර්තාව පිට කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙ රැස්වීමක් සංවිධානය කරල තිබුණා. කෝකටත් කියල මා උදේ එහි ගිය වෙලේ වාර්තාව කියෙවුව. වාර්තාවෙ සන්ධීය රාජ්‍යයක් යෝජනා කරල තිබුණ! අර සංවිධාන තුන හවස රැස්වීමේ දී ම වාර්තාවට විරෝධය පළ කළා. වාර්තාව පුස්සක් වුණා. සිංහල කොමිසම එතැනින් ඉවරයි. ඒත් ඒකාබද්ධ කමිටුවෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් හා මා නෙරපනු ලැබුවා. ඒ දිනවල ජාතික ඒකාබද්ධ කමිටු රැස්වීම්වල මුලසුන දැරුවෙ මාදුළුවාවෙ සෝභිත හිමියන්!

ජනතාවට ක්‍රමයෙන් චන්ද්‍රිකා හා ශ්‍රී ල නි ප එපා වුණා. ඔවුන් 2001 මැතිවරණයෙන් රනිල් බලයට පත් කළා. ඒත් චන්ද්‍රිකා ජනාධිපති. කොටි සමග සාම සාකච්චා තිබුණා පමණක් නොව සටන් විරාමයකුත් තිබුණා. ඒත් ජාතික බලවේගවල ශක්තියත් රනිල් චන්ද්‍රිකා ගැටුමත් හේතු කොටගෙන අතීරණ අවධියක් තිබුණා. චන්ද්‍රිකා 2004 දි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ ජයගත්තා. ජ වි පෙරමුණට මන්ත්‍රී ධුර 39ක් හිමි වුණා. ඒ පොදු ජන පෙරමුණෙන් තරග කළ නිසා. ජ වි පෙ සමග එදා පඬි නැට්ටන් හිටියෙත් නැහ ජ වි පෙ හිතුවෙ තමන්ට ම මන්ත්‍රී ධුර 39ක් ලැබුණා කියාත් පොදු පෙරමුණ ජයගත්තෙ තමන් නිසාත් කියල. අර නයි නටවන්නට මුදල් ලැබෙන්නෙ තමන් නිසා යැයි හිතපු නයාට සිද්ධ වෙච්ච දේ ඕනම නයකුට වෙන්න පුළුවන්. අපි කවුරුත් ඒ ගැන හිතන්න ඕන. 2004 දි මහින්ද අගමැති වුණා. ජාතිකත්වය ක්‍රමයෙන් තහවුරු වුණා. 2005 ජනාධිපතිවරණයට මහින්ද ඉදිරිපත් වී ජයගත්තා. කොටි පැරදවිය හැකිය හා පැරදවීය යුතු ය කියන මතය ක්‍රමයෙන් තහවුරු වුණා. 2009 මැයි නන්දිකඩාල් හි කොටි පරාජය වුණා. 2010 දි මහින්දටත් පොදු ජන පෙරමුණටත් විශිෂ්ට ජයක් ලැබුණා.

එහෙත් පොදු ජන පෙරමුණ ජාතිකත්වයෙන් ඈත් වුණා. ඥාති සංග්‍රහ තිබුණා. මෛත්‍රිපාල සිරිසේන හා පිරිසක් පක්‍ෂයෙන් ඉවත් ව යන තැනට කටයුතු කළා. බටහිරයන් ඒ සියල්ලෙන් ප්‍රයෝජනය ගත්තා. කලින් චන්ද්‍රිකා ඉදිරිපත් කළාක් මෙන් 2014 වන විට මෛත්‍රිපාල යොදා ගත්තා. ඊනියා යහපාලන ආණ්ඩුව බිහි කෙරුණා. රනිල් අගමැති. මෛත්‍රිපාල ජනාධිපති. යා දෙක නොරත රත කතාව සක්සුදක් සේ පෙනී ගියා. ව්‍යවස්ථාව අනුව රනිල් බලයෙන් පහකරන්න පුළුවන් බව පෙනී ගියා. 2018 ඔක්තෝම්බරයෙ දින 52 ආණ්ඩුව පිහිටෙවුව. එහෙත් පොදු ජන පෙරමුණ එය රැක ගන්න ක්‍රියා කෙළේ නැහැ. ඒ වුණත් ජනතාව ජාතිකත්වය වටා සංවිධානය වුණා. 2019 නොවැම්බරයෙ නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපති වුණා.

වැඩි කල් යන්න ඉස්සලේල කොවිඩ් 19 ආවා. කොවිඩ් 19 කියන්නෙ සෙම කිපීමෙන් හැදෙන ලෙඩක්. ඒක ටික දෙනකුට පමණක් අසාධ්‍ය වෙනවා. දුස්සාධ්‍ය අයට බටහිර වෙදකමේ නැතිවාට සිංහල බෙහෙත් තියෙනවා. ඒත් බටහිර වෙද මහත්තුරු තම ආධිපත්‍යය පතුරවලා සුද්දන්ගෙ 1898 නිරෝධායන රෙගුලාසි උපයෝගි කරගෙන ලෙඩුන්ට සිංහල බෙහෙත් දෙන්න දෙන්නෙ නැහැ. ඔය රෙගුලාසිය සංශෝධනය කළොත් ජීවිත ගණනාවක් බේරා ගන්න පුළුවන්.

සිසිර ජයකොඩි හා චන්න ජයසුමන මේ ගැන මීට වඩා උනන්දු වෙන්න ඕන. ජනාධිපති වටා බටහිර විශේෂඥයන් ඉන්නවා. සෞඛ්‍ය ප්‍රශ්නයේ දී ඔහු තරමක් අසරණ වෙනවා. ඒත් අනෙක් ප්‍රශ්නවල දී ජාතික මතවාදත් සමග ඉන්නවා. එම්සීසී ගිවිසුම අත්සන් නොකිරීම පිළිබඳ ව දෙන ගෞරවය හොඳට ම මදි. කොහොම හරි නැගෙනහිර පර්යන්තයත් රැක ගත්තා. පාස්කු ප්‍රහාරයට හා මහා බැංකු මංකොල්ලයට විරුද්ධ ව වරදකරුවන් ට දඬුවම් දෙන්න ඕන. මා හිතනවා ඉන්දියාව කුමක් කීවත් 13 හා පළාත් සභා අහෝසි කරන්න ඕන කියා. නැගෙනහිර වෙරළේ බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට තවත් මහන්සි වෙන්න ඕන.

අපට ජාතිකත්වය මත පදනම් වූ ආර්ථිකයක් තියෙන්න ඕන. අප ජාතිකත්වය මත පදනම් ව ලෝක වෙළෙඳපොළට නිෂ්පාදනය කරන්න ඕන. ණය නොගෙන ආයෝජකයන් ගෙන්වා ගැනීමට ගෙන ඇති තීරණය වැදගත්. මියන්මාරයේ මෝටර් රථ එකළස් කරනවා. අප ආනයනය කරනවා. ඉදිරි අවුරුදු හතර වැදගත්. අප තව තවත් ජාතිකත්වය මත එකතු වෙන්න ඕන. ජාතිකත්වය අගයන්නන්ට තියෙන විකල්පය කුමක් ද? සජිත් ද, චම්පක ද, හරින් ද, හර්ෂ ද වෙනත් කවුරුන්වත් ද? ජාතිකත්වයෙ ඉන්න දේශපාලනඥයන්ට කිව යුතු දෙයක් තියෙනවා. මෙරට සිංහලයන් හුදු ජාතිකත්වයට පමණක් ඡන්දය දෙන්නෙ නැහැ. ජාතිකත්වය ශක්තිමත් දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තියක් සමග බැඳෙන්න ඕන. එසේ නූණොත් ඉන් වාසිය අත් වන්නෙ විජාතිකත්වයට. ජනතාවත් දේශපාලනඥයනුත් පහුගිය අවුරුදු හැත්තෑතුනේ ඉතිහාසය සලකා බලන්න ඕන. මතවාදය තවමත් ජයග්‍රහණය කරල තියෙන්නෙ. අහෝ මංගල නොදිටි මොක් පුර.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

නිදහස ගැන වචනයක් – මහඇදුරු නලින් ද සිල්වා මහතා

නිදහස ගැන වචනයක්

අද අපේ නිදහස් දවස. එ වුනාට තාමත් මේ රටේ තියෙන්නෙ බටහිර අධ්‍යාපනය, බටහිර නීතිය, බටහිර ජනමාධ්‍ය හා තවත් එවැනි දේ. අලි මදිවට හරක් කීව වගේ ඊනියා රාජ්‍ය නොවන ආයතනත් තියෙනවා. සමහරු කියනවා පෙබරවාරි 4 වැනිදා කියන්නෙ අයිවෝර් ජෙනිංග්ස්ගෙ භාර්යාවගෙ උපන් දිනය කියල. මට ඒක නිච්චියට ම හොයා ගන්න බැරි වුණා. කොහොමටත් ජෙනිංග්ස් ඉංගිරිසින් වෙනුවෙන් මහා සේවයක් කළ අයෙක්. ඔහු පසු කලෙක කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි ත්‍රිත්ව විිද්‍යාලයෙහි අධිපති ලෙසත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙසත් සේවය කර තියෙනවා. ඉංගිරිසි රජු ඔහු තමන්ට කළ සේවය වෙනුවෙන් නයිට් පදවියකින් පුදල තියෙනවා.

ඔහු හතළිස්අටේ ව්‍යවස්ථාව සකස් කළ තැනැත්ත. ඔහු නේපාලයේ හා මලයාවේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලවලත් උපදේශකවරයකු ව ඉඳලා තියෙනවා. නේරුගේ අදහස වෙලා තිබුණා ඉන්දීය ව්‍යවස්ථාවත් ඔහු ලවා සම්පාදනය කරවන්න. එහෙත් මහත්මා ගාන්ධිගේ විරෝධත්වය නිසා ඒ වැඩේ අම්බෙඩ්කාර්ට පවරලා. කොයි හැටි වෙතත් විශ්වවිද්‍යාල ආයතනයෙ අවසාන විදුහල්පති ලෙසත් ලංකා විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපති ලෙසත් විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙන යෑමේ පුරෝගාමියකු ලෙසත් ජෙනිංග්ස් මෙරටට කර ඇති අනර්ථය අධිකයි. අදත් අපි ඔහුගෙ වැඩ නිසා බැට කනවා. ඔහු කොළඹ කාන්තා විද්‍යාලයෙහි උත්සවයක දි ලංකාව සංස්කෘතික කාන්තාරයක් බවට කී කතාවකුත් තියෙනවා. ඒකත් මට තහවුරු කර ගන්න බැරි වුණා.

අපට නිදහස තියෙන්නෙ බොහෝ විට බටහිරට අවශ්‍ය ප්‍රමාණයට කටයුතු කරන්න. අප කොහොමත් යම් යම් සම්මුතීන්වලින් බැඳිල ඉන්නවා. උදාහරණයක් හැටියට තානාපතිවරුන් බැඳිල ඉන්නවා වියනා සම්මුතියෙන්. ඒ අනුව තානාපතිවරුන්ට තමන් ගිහින් ඉන්න රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න බැහැ. එහෙත් අපේ රටවල ඉන්න බටහිර තානාපතිවරු අපේ රටවල කටයුතුවලට සෘජු ව ම මැදිහත් වෙනවා. අර රජ්ජුරුවන්ගෙ අඹ ගහේ අඹ අනෙක් අයට කඩන්න බැරි වුණාට රජ්ජුරුවන්ට බැරි නැහැ කියන කතාව මෙහි දී මතක් වෙනවා.

ඊයේ මා දැක්කා මුහුණු පොතේ මව්රට කියල වෙබ් අඩවියක මියන්මාරයේ පෙළපාලි යන හාමුදුරුවරුන්ට හමුදාව පහර දෙන වීඩියේ පළ කරල තිබුණා. පසුගිය සඳුදා සිට අද වන තුරුත් මියන්මාරයේ එහෙම දෙයක් වෙලා නැහැ. ඒ විඩියෝව 2007ට පෙර හමුදා ආණ්ඩුව කාලෙ ගිය පෙළපාලියක් ගැන. මා දන්නේ නැහැ අල්ජසීරා පුවත්පතේ ඊයේ පෙරේදා ඒ පුවත පළ වුණා ද කියා. එහෙත් මෙරට වෙබ් අඩවිවල ඒ වීඩියෝව පළ කරන අය බෞද්ධ ද කියා මා දන්නේ නැහැ. බෞද්ධයන්ට හිතවත් කම පෙන්වමින් මුසා පළ කරන්නේ ඇයි ද කියන එක ලංකාණ්ඩුව සොයා බලන්න ඕන. මේ වෙබ් අඩවිවලට මුසා පළ කිරීමේ නිදහස තියෙනවා.

එහෙත් අපට කොරෝනා හැදුනොත් අපට වුවමනා බෙගෙහතක් ගන්න බැහැ. අප තවමත් පාලනය වන්නෙ ඉංගිරිසින්ගෙ 1898 හෝ ඒ ආසන්න කාලයක හෝ නිරෝධායන රෙගුලාසිවලින්. අපට කොරෝනා හැදුණොත් ඒ රෙගුලාසි අනුව බටහිර වෙදකම් කර ගන්නවාට වඩා දෙයක් කරන්න බැහැ. ඒත් බටහිර වෙදකමට කොරෝනාවට බෙහෙත් නැහැ. පාරම්පරික හරි ආයුර්වේද හරි වෙදකමේ ප්‍රතිකාර තියෙනවා. එහෙත් අපට කොරෝනා හැදුණොත් ඒ ප්‍රතිකාර ගන්න බැහැ. මේක තමයි නිදහස. අද පාරම්පරික වෙදමහතුනට තමන්ගේම වෛද්‍ය සභාවක ලියා පදිංචි වීමේ නිදහස නැහැ. ඔවුන් ද ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියා පදිංචි වෙන්න ඕන.

මා පසුගිය දිනවල ධම්මික වෙද මහතාගේ පැණිය මියන්මාරයට ගෙන්වා ගැනීමට උත්සාහ කළා. එහෙත් රේගුව එයට ඉඩ දෙන්නේ නැති බව විදේශ අමාත්‍යාංශයෙන් දැන ගන්න ලැබුණා. රේගුවේ රෙගුලාසිය මොකක් ද කියන්න මා දන්නේ නැහැ. බටහිරයන්ගෙ නීති රීති රෙගුලාසි වැඩ කරන්නෙ ඔවුන්ගෙ පද්ධතිය තියා ගන්න මිසක් වෙන දේකට නො වෙයි. කංසා වැවීම පිළිබඳ නීතිය සලකන්න. කංසා පාරම්පරික වෙදකමට අවශ්‍යයි. ඉංගිරිසින් ඒ වැවීම තහනම් කළා. අදත් ඒ තහනම ඒ ආකාරයෙන් ම පවතිනවා. අපට ඉංගිරිසි නීතිය වෙනස් කිරීමට තබා අපට වුවමනා ආකාරයකට සංශෝධනය කිරීමටවත් නොහැකි වී තිබෙනවා.

මා කියන්නේ 1948 දී අපට කිසිම නිදහසක් නොලැබුණු බව නො වෙයි. අප 1972 දී ඒ නිදහස තවත් වැඩි කර ගෙන බිරිතානි රාජ්‍යත්වයෙන් මිදුණා. එහෙත් අපට දිනාගැනීමට තවත් බොහෝ දේ තියෙනවා. විශේෂයෙන් ම සංස්කෘතික හා දැනුම් ක්‍ෂෙත්‍රයෙහි නිදහස. අප ඒ නිදහස දිනාගත යුතුයි. එහෙත් එය එක් රැයකින් දිනාගන්න පුළුවන් දෙයක් නොවෙයි. එය දේශපාලන නිදහස දිනාගැනීමට වඩා අමාරුයි.

දේශපාලන නිදහස ආර්ථික නිදහස ආදිය නැති වුණා ම තේරුම් ගන්න අපහසුවක් නැහැ. එහෙත් සංස්කෘතික හා දැනුම පිළිබඳ නිදහස නැති වූ විට එය තේරුම් ගැනීමටත් කල් යනවා. බටහිරයන් ලෝකයට දී ඇති ප්‍රධාන ම දැනුම ලෝකයේ තියෙන්නේ එක ම දැනුම් පද්ධතියක් පමණක් බව. පෙරදිග සංගීතය අපරදිග සංගීතය අතර ඇති වෙනස හඳුනාගන්නා අයටත් පෙරදිග දැනුම හා බටහිර දැනුම අතර ඇති වෙනස හඳුනාගන්න බැහැ. බටහිරයන් අපට කියන්නේ දැනුම ක්‍රමයෙන් දියුණු වන බවක්. ඇහුවොත් කියාවි පෙරදිග වෙදකම දියුණු වීමෙන් තමයි බටහිර වෙදකම ඇති වී තියෙන්නෙ කියා. එහෙම එකක් නැහැ. පෙරදිග සමහර දැනුම් බටහිරයන් තම චින්තනයට අවශෝෂණය කරගෙන තියෙනවා. එය වෙන ම කරුණක්. අපි අපේ චින්තනය මත අපේ දැනුම සකස් කර ගන්න ඕන. ඒකට ජෙනිංග්ස්ගෙ නිදහසෙන් හරි විශ්වවිද්‍යාලයෙන් හරි කෙරෙන්නෙ බාධාවක් පමණයි.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

අන්තවාදී ‘බෝන් අගේන්’ කල්ලිය ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කරන හැටි

අන්තවාදී ‘බෝන් අගේන්’ කල්ලිය ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කරන හැටි

January 26, 2021

ශ‍්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක‍්‍රීඩාව ක‍්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ‍්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ක‍්‍රීඩා තලයේ සලකුණක් තැබුවේ අර්ජුන රණතුංගලා, අරවින්ද සිල්වාලා 1996 ක‍්‍රිකට් ලෝක කුසලානය ජය ගත් පසුවය.

වර්තමානයේ නොමැති වූවද මේ රටේ ජනතාව ක‍්‍රිකට් හුස්ම ගන්නා ජනතාවකි. ඔවුන්ගේ ලේ වලටම ක‍්‍රිකට් ක‍්‍රීඩාව බද්ධ වී තිබේ. එතරම් වැදගත් ජාතියේ ක‍්‍රීඩාව ඉතා පරිස්සමින් රැකබලා ගත යුතුය. එතරම් වැදගත් ජාතික කණ්ඩායමේ අවස්ථාව කිසිදු භේදයක් නොසලකා සුදුස්සන්ට සහ දක්ෂයන්ට පමණක් හිමි විය යුතුය.

මෙලෙසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව කඩාවැටීම පසුපස ඇත්තේ රසිකයන් නොදන්නා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙලාගත් මහා රාක්ෂයෙකි.

ඒ කලක පටන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පාලනය කරනා ”බෝර්න් අගේන්” (Born Again) ආගමික අන්තවාදයයි. දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක‍්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්ථාව හිමි වන බෝර්න් අගේන් අන්තවාදයයි.

”බෝර්න් අගේන්” යනු ක‍්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක‍්‍රියාත්මක වේ. මොවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩි කර ගැනීමයි.

මේ වනවිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙම බෝර්න් අගේන් (Born Again) කල්ලියයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක (හිටපු) ඈෂ්ලි ද සිල්වා, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න ආදී ඉහළම නිලධාරීන් සියලූම දෙනා මේ බෝර්න් අගේන් නිකායේ පිරිස් ය.

මේ වනවිට මෙම පිරිස ක‍්‍රිකට් ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියි. 2007 වසරේදි සිය බිරිඳගේ බලපෑමට බුද්ධාගම අතහැර බෝර්න් අගේන් ආගම වැළඳගත් හිටපු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප‍්‍රධානම පෙරගමන්කරුවෙක් වී සිටියේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලනය කරනා ශම්මි ද සිල්වා, සමන්ත අල්ගම, ජෙරම් ජයරත්න, ඈෂ්ලි ද සිල්වා, අසන්ත ද මෙල් ආදි පිරිස කල්ලියේ ප‍්‍රධානම සාමාජිකයන්ය. මෙම කල්ලියේ න්‍යායාචාර්යවරයා බෝර්න් අගේන් (Born Again) පල්ලියේ පාදිලියෙකි. රාගම ක‍්‍රීඩා සමාජයට සම්බන්ධ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ප‍්‍රබලයෙක් වන ‘පාස්ටර් ජෙරම්’ ලෙස ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ තක්කඩියා (ජෙරම් ප‍්‍රනාන්දු) ක‍්‍රිකට් බෝර්න් අගේන් කල්ලියේ න්‍යායාචාර්යවරයාය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් (Born Again) කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියි. අද වන විට සිංහල බෞද්ධ ක‍්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප‍්‍රබලය.

ක‍්‍රීඩකයන්ට බෝර්න් අගේන් නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වන්නේ ප‍්‍රධාන තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ගෙනි. ඔහුගේ ඉල්ලීම අවස්ථා කිහිපයකදී ප‍්‍රතික්ෂේප කළ සැණින් එම ක‍්‍රීඩකයා එළියේය. නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් වැනි බෝර්න් අගේන් නිකායේ ක‍්‍රිස්තියානි ක‍්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමිවීමේද රහස එයයි.

කුසල් මෙන්ඩිස් දෙවියන්ගේම පිහිටින් ගහන්නෙම නැත…

born2මෙම කල්ලියේ ජෙරම් ජයරත්නගේ අණින් ක‍්‍රිකට් දූෂණ විරෝධී ඒකකයේ ප‍්‍රධානි අයුෂ් වීරක්කොඩි සහ ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන කළමනාකරු චරිත් සේනානායක ඉවත් කළේය.

මෙම දෙදෙනාම බෝර්න් අගේන් නිකාය වැළඳගැනීම ප‍්‍රතික්ෂේප කළ නිළධාරීන් ය.

චරිත් වෙනුවට පත් කළ කළමනාකරු ජෙරිල් වවුටර්ස් බෝර්න් අගේන් නිකායේ භක්තිකයෙකි.

සහාය පුහුණුකරුවකු වන මනෝජ් අබේවික‍්‍රම පසුගිය සමයේ ඉවත් කළේය. ඔහු වෙනුවට එක්වන්නේ රුවන්

කල්පගේය. මනෝජ් බෞද්ධයෙකි. රුවන් කල්පගේ බෝර්න් අගේන් නිකාය වැළඳ ගත්තෙකි.

ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කළ, ජාතික කාන්තා කණ්ඩායමක පුහුණුකාරීත්වය දැරීමට කිසිසේත් සුදුසුකම් සපුරා නැති හර්ෂ ද සිල්වාද බෝර්න් අගේන් නිකායේ පුද්ගලයෙකි.

මෑතකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පස්දෙනකුගෙන් යුතු උපදේශක සභාවක් පත් කළේය. ඉන් මයිකල් සොයිසා, ජෙරම් ජයරත්න, චන්දික හතුරුසිංහ සහ ඈෂ්ලි ද සිල්වා බෝර්න් අගේන් පල්ලි කල්ලියේය. ඉතිරි එකම සාමාජිකයා කෙන් එල්විස් ක‍්‍රිස්තියානි භක්තිකයෙකි.

එපමණක් නොව කපිල විජේවර්ධන වැනි අතිශය දක්ෂ, දර්ශනයක් දැක්මක් සහිත තේරීම් නිලධාරීන් සිටියදී තේරීම් කමිටු සභාපති ලෙස පත් කළ අසන්ත ද මෙල්ද බෝර්න් අගේන් පල්ලියේ අන්ධ සාමාජිකයෙක් වීම හාස්‍යයට කරුණකි.

ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීවාදය පසුපස ඇති බෝර්න් අගේන් අන්තවාදය මෙන්ම ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේද තත්ත්වය වෙනස් නැත.

කණ්ඩායමෙන් ඉවත් කළ නොහැකිම සිංහල බෞද්ධ ක‍්‍රීඩකයන්ට අසන්ත ද මෙල්ගෙන් මේ වන විට එල්ල වී තිබෙන්නේ දැඩි පීඩනයකි. ඒ කණ්ඩායමේ රැඳී සිටීමට නම් බෝර්න් අගේන් නිකාය වැළඳගැනීමට යැයි කියමින්ය. හෘද සාක්ෂියක් සහිතව අසන්ත ද මෙල්ගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ ක‍්‍රීඩකයන් එළියේය. උපුල් තරංග පසුගිය සමයේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ආගම වෙනස් කිරීමේ යෝජනාව කිහිප වරක් ප‍්‍රතික්ෂේප කළ නිසා ඉවතට විසි වූ ජ්‍යෙෂ්ඨයෙකි.

තේරීම් කමිටුවක් නමට සිටියදී කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු වන්නේ ජෙරම් පාදිලි, ශම්මි ද සිල්වා සහ සමන්ත අල්ගමලා වැනි ආගමික අන්තවාදීන් විසින් ය.

මෙම තත්ත්වය දරුණු වන්නේ ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට මානසික සුවතාවට යැයි කියා ජෙරම් පාදිලියාගෙන් යාඥා පූජා සංවිධානය කර තිබීමෙනි. එය ඉතාම පැහැදිලිව අන්‍යාගමීකරණයට උත්සාහ කිරීමකි.

වර්තමානයේ සිදුවන්නේ ආගමික ගෝත‍්‍රික කල්ලියක් ශ‍්‍රී ලංකාවේ නිල නොවන ජාතික ක‍්‍රීඩාව ප‍්‍රාණ ඇපයට ගෙන සිය ආගම පැතිරවීමයි. මෙය අයිසීස්, අල්කයිඩා තරම්ම දරුණු ආගමික ත‍්‍රස්තවාදයකි.

වහාම මෙම බෝර්න් අගේන් ත‍්‍රස්තවාදය පාලනය නොකළහොත් අනාගත සනත්ලාට, අර්ජුනලාට, අරවින්දලාට, මුරලිලාට, දිල්ෂාන්ලාට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථාන හිමි වන්නේ නැත.

ඒ වෙනුවට නුසුදුසු දික්වැල්ලලාගෙන්, පෙරේරාලාගෙන්, මෙන්ඩිස්ලාගෙන් කණ්ඩායම පිරී යනු ඇති. පාලකයන් මෙම ගැටලූව ඉක්මනින් විසඳීමට මැදිහත් නොවන්නේ නම් ක‍්‍රිකට් ආගමක් තරමටම අදහනා මෙරට රසිකයන්ට ඉතිරිව ඇත්තේ එකම විකල්පයකි.

එනම් ඉන්දියානු රසිකයන් මෙන් මහ මගට බැස ක‍්‍රීඩාවේ මුල් බැස ගෙන විනාශ කරනා ආගමික අන්තවාදීන් ක‍්‍රිකට් ආයතනයෙන් පහර දී එලවා දැමීමය.

එම cricket Management Company ගිවිසුමට අනුව සමාගම හසුරුවන හැම ක‍්‍රීඩකයෙකුගේම Match Fee එකෙන් බාගයක් මේ ආයතනයට දීම අනිවාර්යය.

මේ සුද්දා ”මයික්” නම් මයික් එක්ක ගිවිසුම් අත්සන් නොකරන කිසිම නවක ක‍්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායමේ ඉඩ නොලැබෙන අතර ගිවිසුම් අත්සන් කර Born Again කල්ලිය හා එක්වන හැම ක‍්‍රීඩකයෙකුගේම ජාතික කණ්ඩායමේ තැන ස්ථීර වන අතර ඔහුන්ගේ ප‍්‍රධාන රාජකාරිය ලෙස කරන්න ඇත්තේ ක‍්‍රිකට් ගසනවාට වඩා උඩ බැලීමත් හැමදේකටම කුරුස ප‍්‍රදර්ශනය කිරීම පමණිය. අවසන් වශයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බෝර්න් අගේන් අන්තවාදයට හසු වී කැපී ගිය හිටපු කළමනාකරු චරිත් සේනානායකගේ වචනයෙන්ම මෙම සටහන අවසන් කිරීමට සිත් විය.

”තමන්ගේ පුද්ගලික විශ්වාසය අනුව ඕන දෙයක් කරගෙන ඉන්න. ගස් ගල් බැරි නම් වඳුරො බැරිනම් මීයො වුණත් ඕන නම් අදහන්න. හැබැයි ඒ මීයො අනිත් අයගේ කටේ ඔබන්න හදන්න එපා. මම ඒකට පෞද්ගලිකව විරුද්ධයි.”