⚡ අනාගත ලංකාව පිළිබඳවයි ⚡
2019 ක් වූ නොවැම්බර් 15 දින අප ගුරුදේවයාණන් වහන්සේගේ අනාගත වාක්‍යයක් ඇසුරින් අප විසින් තැබූ සටහනකි…..
👆පූජ්‍යපාද සිරිමත් සිරිගුණාලංකාර සමිඳුන් හෙළිදරව් කල අන් සියල්ලක් ම දිනෙන් දින සත්‍ය වෙමින් පවතී…..
සාක්ෂි ඔබ ඉදිරියේම විද්‍යාමානයි….. විමසිල්ලෙන් බලන්නන්ට වටහාගැනීමට අපහසු නැත…
✨❇️“නමාමි බුද්ධං ගුණ සාගරන්තං…
නමාමි ධම්මං සුගතේන දේසිතං…
නමාමි සංඝං මුණිරාජ සාවකං…
සත්ථා සදාහොන්තු සුඛී අවේරා” ✨❇️
ශ්‍රද්ධා සම්පන්න සිවුවනක් වූ බුද්ධ ශ්‍රාවකයිනි….
ප්‍රග්ඤාාසම්පන්න බුද්ධි ගෝචර සිංහලයනි…..
තුසිත දෙවුලොව වැඩවසන මත්තට බුදුවන්නා වූ ආර්‍යමෛත්‍රීනාථ මෙත්බෝසතුන් පලමුකොට වැඳනමස්කාර කර දෙදෙවු ලොවට අධිපති සක්‍රදේවේන්‍ඳ්‍රයානන් ප්‍රමුඛ වෛශ්‍රවන,දෲතරාෂ්ඨ,විරුඩ විරෑපාක්ශ සතරවරම් දෙවුරජුන් සිහිකොට…
ශුද්ධාවාසී බ්‍රහ්මාසහම්පති මහා බ්‍රහ්මරාජානෝ ප්‍රමුඛ සනත්කුමාර, ඝටීකාර,තිස්ස බ්‍රහ්මරාජයින් සිහිකොට…
මේ හෙලදිව සිරි සම්බුදු සසුන සුරකින සිරි උපුල්වන් සුරිඳුන් ප්‍රමුඛ
ඉන්ඳ්‍ර,උපේන්ද්‍ර,සමිද්ධිසුමන,සුමනසමන්,
මහාසේන,අටවිසි දෙවි සෙනවි සිද්ධරාජ දැඩිමුනි සුරිදු ආදී සදෙවුලෝක වාසී සුද්ධාවාසී වූ මහේශාක්‍ය බෞද්ධ දේව මංඩලය මෙනෙහි කොට….දීපේන්ද්‍ර මහ දෙව් රජුගේ අණ මුදුන්පත් කර මෙසේ පවසමි.
අප මුතුන් මිත්තන් ලේ දහඩිය වගුරුවා රැක ගත් මෙ හෙලදිව හා සිරි සම්බුද්ධ සාසනය නැවතත් අනතුරේය..⚡⚡⚡⚡⚡⚡
💥රට මේ අවුරුද්දේ අවසන් භාගයේ සිට ඉදිරියට අන්ත අරාජික තත්වයකට පත් වෙනවා ඒක වලක්වන්න කිසි ජගතෙක් නැත…බල තල අල්ලාගත් සුළුතර පිරිසකගේ අත්තනෝමතික තීන්දු ක්‍රියාකාරකම් නිසා පොදුවේ සියල්ලන්ටම එහි අනිසි විපාක විසීමට සිදුවනු ඇත.
⚡දේශපාලන මඩ ගොහොරුවෙන් මෙතෙක් අහන්නට දකින්නට නොලැබූ නොඅැසු තරම් අති භයංකර, කනගාටුදායක,අප්‍රසන්න, වික්ෂිප්ත දෑ අහන්න දකින්න සිදුවනු ඇත. ඉදිරියට රටේ නොයෙක් ප්‍රදේශ අධි ආරක්ෂක කලාප බවට පත්වීම,ජල ගැලුම් නිසා කඳු හෙල් නාය ගොස් ගිලාබැසීම්.ගිණි ගැනීම් ,ගිනි තැබීම් ඇතිවෙයි. ඉතා බහුලව මාරාන්තික රථවාහන අනතුරු ඉහල නගී. තැන තැන පොලු මුගුරු අතින්ගත් පිරිස් නිසා බිහිසුණු කැරලි කෝලාහල ඇතිවෙයි.ඒ අතර බුදු රුවට නිගාදෙන සියළු පිරිස් වලටද නොසිතූ ලෙස සිය ජීවිත වලින් සමුගෙන යන්න වේවි.ආගමික සිද්ධස්ථාන වලටත් තව විපත් ඇතිවේ. මිසදිටුවන් අරක් ගත් උතුරු නැගෙනහිර දෙපලාතට ඉතා විපත්තිදායකයි.
නව නිපැයුම් කරන කම්හල් ආදිය ගිණිගෙන විනාශ වී යයි.
පංචශී ප්‍රතිපදාවෙන් තොර බොහෝ අයවලුන්ට හතර රියන අයිති වේවි.
ඒ සඳහා ස්වභාවධර්මය වරින් වර බොහෝ ඉඟි දී ඇතත් ආතක් පාතක් නොමැතිව උන්මත්තකයන් සේ රැල්ලට හැල්මේ දුවන මනුෂ්‍යයාගේ පරිසරයට ඇති සංවේදී බව මඳ නිසා ඒවා වටහා ගැනීමට කාලයක් හෝ උවමනාවක් නොමැති සෙයකි..
කීවද පලක් නැත.සිදුවන්නට නියමිත සියල්ල යම් ක්‍රියාපටිපාටියකට අනුකූලව සිදුවනු ඇත .
💥⚡2019 නොවැම්බර් 17 වනදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර පත්වන නායකයා කවුරු වූවත් රටට බටහිර රටවලින් නොයෙක් තර්ජන ගර්ජන එල්ලවීම සිදුවේවි.රට කඩා ගැනීමේ අති සූක්ෂම උපක්‍රමශීලී වැඩ කටයුතු ඔවුන් සිදුකරයි.මේ සූක්ෂම වැඩපිළිවෙල මඟින් සිංහල ජාතියට බුදු දහමට මරු පහරක් එල්ලවිය හැක.
මනුෂ්‍ය නොවන ඇත්තන්ගේ පාලනයට යටත්වූ මහා බලවතෙකුගේ අනුමැතියෙන් සිදුවන මෙවැනි දෑ මනුෂ්‍යය වූ අපට තොපට විසඳා ගැනීමට අසීරු වනු ඇත.
⚡අනාගතයේ සිංහල බෞද්ධයන් ඇතුළු ලෝකවාසීන් එකසිය පනහේ කොටස් වලට ගත්තම ඉන් සතලිස් පහක් පමනක් ඉතිරිවන බවට ,උතුරු නැගෙනහිර දෙපලාත ජනශුන්‍ය වන බවට පෙර අතීතයේ රුහුණු රට මාගම් පුරවරයේ සිටි තුන්කල් දකින නුවණින් යුතුව වැඩසිටි යතිවරයන් වහන්සේලා පලකල අනාවැකි ඇත.
සියල්ලටම හේතුව දුස්ශීල කම පරිහානීය ධර්ම ,බෞද්ධ ප්‍රතිපදාවෙන් තොර වීම හා පංච ඉන්ඳ්‍රියට ගොචර නොවන ප්‍රතිවිරුද්ධ කඳවුරු දෙකක් අතර සිදුවන ලංකාභිශාපය මෙහෙයවන මහා බලසම්පන්න මාර පාක්ෂික ඇත්තන්ගේ ක්‍රියාකාරකම්ය…..
වසවර්ති මාර බල පරාක්‍රමය දස බල ආකාරයකින් බූත පෙලේ ඇත්තන්ට වරම් දී සිංහල බෞද්ධ භූමියට, ප්‍රාණයට එරෙහිව ක්‍රියාත්මකයි.
මේ සියළු විනාශයන්ගෙන් පණකෙන්ද රැකගැනීමට ඇති එකම පිහිට තිසරණ සරණයි, පංචශීල ප්‍රතිපදාවයි පමණයි එනම් දහමට අනුව ජීවත් වීමයි.
අන්‍යාගමික ඇත්තෝද සිතා බලත්වා…
කුසල් දහම් වඩවා පන්සිල් පොහොය අටසිල් දසසිල් සමාදන්ව ප්‍රතිපදාවෙන් කුසලයෙන් සන්නද්ධ පිරිසක් බිහිකර මේ හෙලදිව සුරකින මහේශාක්‍ය බෞද්ධ දේව මංඩලයටත් පිංපෙත් අනුමෝදන් කර රට ජාතිය ආගම බේරාගැනීමට සුදුසු ගිහි උතුමෙකු දේශපාලන මඩ ගොහොරුවෙන් එපිටින් බිහිකර ගැනීමට මැදිහත් වන ලෙස සියල්ලෝම සාමූහිකත්වයෙන් බලවත් අධිෂ්ඨානයක් කර ධර්මයේ අසිපත අතට ගැන්මෙන් තොරව නම් නුදුරු අනාගතයේ ඇරඹීමට නියමිත ව්‍යසනයන් ගෙන් අත් මිදීම උගහටය…මරුගේ යෝග සහිත අනාගත ව්‍යසන කාලයෙන් අත් මිදීම උගහටය….
“මේ කාලය ගැන මනුෂ්‍යාට තෙරුම්කලාට තේරුම් ගන්න බැහැ ඊට හේතු බොහොම තියනවා”
“මහත්මයෝ කොපමණ කීවත් මේ විනාශය සිදුවන එක ගණනකට ගන්නෙ නැහැ, අපි පුළුවන් තරමක් නිදහස් කරගන්න බලමු.”
☝මේ අපගේ ගුරුදේවයාණන් වහන්සේ වන 1970 දශකයේදී අප රටේ
අනාගතය ගැන අනාවැකි රාශියක් ප්‍රකාශකළ මාතර කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාම අධිදිපතිව වැඩ සිටි බෝධිසත්ව ගුනෝපේත පරම පූජනීය කපුදූවේ සිරිගුණාලංකාර ස්වාමීන්ඳ්‍රයන් වහන්සේ එකල පැවසූ අදහස් කිහිපයකි.උන්වහන්සේ පලකලඅනාගත වාක්‍ය බොහොමයක් වර්ථමානයේ සැබෑ වෙමින් පවතී ඉදිරියට සිදුවීමට නියමිත දෑ ගැනත් උන්වහන්සේ සඳහන් කර ඇත.
⚡වෛද්‍ය විද්‍යාවට අසුනොවන රෝගපීඩා බොහොම ඇතිවෙයි.
දුස්සීල සංඝයාටත් හොද නැහැ.
මනුෂයා සීලගුණධර්ම අතින් පිරිහිලා,ගහේ කොලේ ඵලදාවටඅඩුවෙයි ලෙඩ රෝග වසංගත පැතිරෙයි,
රට රටවල් වල අය අපේ රටට අයිතිය කියන්න ඒවි”
මේ 1970 දශකයේදී පමණ සිරි ගුණාලංකාර ස්වාමීන්වහන්සේ පැවසූ අද වන විට සෑබෑ වෙමින් පවතින කරුණු කීපයකි..
එකල දායක මහතෙකු විසින් උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදය ගැන කල විමසීමකදී උන්වහන්සේ මෙසේ පවසා අැත
“අපේ හාමුදුරුවනේ මේ කොටි ත්‍රස්තයන් රට දෙකඩ කරයිද..?”
“රටෙන් පංගුවක් කොහොම වෙතත් පංචශීල ප්‍රතිපත්තිය නැත්නම් හතර රියන අයිතිවෙයි.”
එම අනාවැකියත් අද සෑබෑ වී ඇත.
මනුෂ්‍යයාට ඇතිවන විපත් අතර මිල මුදල් හානිය, දූ දරුවන් නොලැබීම, උපත ලබා සිටින දරුවන්ගෙන් දසවිධ ආක්‍රොස පරිභව නින්දා අපහාස, දුර රටවල වාසයට බැහැරව යාම, වාතකෝප, අත් පා අවසඟවීම, හිරි, විෂවාතගතිය, හතිය, කෝපය, දැවිල්ල, මළමූත්‍ර පීඩා, ඇස් ලෙඩ, මනාපවූවන් නොලැබීම, සිත් තැවුල්, සන්තානගත නොඉවසිලිමත්කම, බේබදු සල්ලාල ජීවිතයට පෙළඹීම, අංශභාග රෝග, අපස්මාර, විසිවීම, එකතැන ඉඳුම බැරිකම, කෑම අරුචිය, ඇඟ දිරායෑම, ආහාර අපත්‍ය වීම, ශරීරය ලෙඩ මැෂිමක් වීම, සිතේ එක එක ලෙඩ, දෙඩවීම, සිහිමුලාව, ක්ෂය, පීනස, කැසිල්ල, වන තුවාල, ඔඩුයාම, මූත්‍රාගල්වීම, ඉවසීම නැතිකම, නුවණ නැතිවීම සහ හානිය, උන් උන් අතරේම වාද විවාද, භේද අසමඟිය, විනාසය යනාදී රෝග දෝෂයන්ගේ උත්සන්න වීමක් ව්‍යාප්තවීමක් ඇතිවේ.
බුදු දහමට එකඟ නොවූ සමාජය ගැන මෙසේ කියයි. මිනිස් යක් රකුස් වෙස් ගනී. අනුන් තලාපෙලන හිරිහැර කරන අධර්මවාදී පිරිස් බිහිසුණු විපත්තිදායක ක්‍රියාවන්ට ගොදුරුවේ.
අදමිටු ලෙස සිය බලතල පාවිච්චි කරන ධනය සූරාකන නායක කාරකාදීන්ටත් නොසිතූ විරූ දුක් කරදර ඇතිවේ. අමනුෂ උන්නැහෙලාගේ මාර්ගයෙන් සිත් සතන් පාලනය කොට මහ පොළොව නොඋසුලන අපරාධ සිදුවේ. ඛේදජනක සිදුවීම් දසතින් ඇසේ. මවු-පියන් නොහඳුනන දරුවන් ඇතිවේ. පංචශීල ප්‍රතිපත්තිය නැති මිනිස් සිත අමනුෂ්‍යය පාලනයට යටත් වේ. දුක් ගන්නා රාළලා ඇතත් සිත් සුවපත් කරන්නෝ විරලය.
⚡පැවිදි සමාජය ගැනද මෙසේ සඳහන් වේ.
භික්ෂු නමින් පෙනී සිටින අය අතර වාද විවාද හට ගැනෙනු ඇත. ඒවා ධර්මය පිණිස නොව බලය වැඩි දියුණුව පිණිසත්, තත්වය සඟවා උත්තම ගුණවතුන් සේ පෙනී සිටින්ටත් නොලැබූ තාන්න මාන්න ලබනු පිණිසත් මිස ධර්මය පිණිස නොවේ.
⚡කොටසක් අධර්මය, අවිනය නගනු පිණිස කෑ කෝ ගසනු ඇත. ධර්ම විනය නැතිවම යයි. ලී පොලු හුවමාරු, ගුටි බැට කෑම ඇතිවේ. ලැබීම ඉවර වේ. මෙවැනි සඟන පෙල සිඟන පෙලට ඇද හැලේ.
⚡රටේ සශ්‍රීකත්වය දුර්වල වේ. ගහකොල වියැලෙයි. කලට වැසි නොලැබේ. පලතුරු වියැලෙයි. ශෂ්‍යයෝ බොල්වෙති. වපුල බිජු නොපැලවේ. පැලවූ රෝපණය වූ බීජයෝ ඉරටු බවට පත්වේ. වී පැලවුනත් ගස මැරෙයි, පීදුනත් කරල සුදුයි, සරුවී ඇට තිබුණත් නියඟයෙන් වියැලෙයි. වැස්සෙන් සේදෙයි. කලට නොව අකලට වැසි වසී.පැසුණු ගොයම කුණුවෙයි. කුඹුරු හෑමට කෙටීමට ජලය නැතිවෙයි. එකම රටේ එක් පසෙක ජලයෙන් යටවී විපත් පැමිණෙන විට තවත් පැත්තක ජලය නැතිව විපත් සිදුවේ.
🙏 අද සිරිගුණාලංකාර සමිඳාණෝ මේ මනුලොව අප අතර නැති නමුත්
වර්තමානයත් සමඟ මේ කරුණු කොතෙක් සත්‍යදැයි නුවනැත්තෝ සිතා බලත්වා.🙏
“මහත්මයෝ කොපමණ කීවත් මේ විනාශය සිදුවන එක ගණනකට ගන්නෙ නැහැ, අපි පුළුවන් තරමක් නිදහස් කරගන්න බලමු.”
“පිපි මල් සුවඳ සිල් සුවඳට එක් වෙද්දෙන්…….
කුපිතව නටන කඩි රැළ ඔහ ඉහි රෙද්දෙන්…….
කැපි කැපි වැටෙන මරු කැල බොල් හඩ දෙද්දෙන්…….
අපි යන ගමන අපි යමු බැරි අය නවතිද්දෙන්…….”
☝අදහස් මඟින් උන්වහන්සේ මෙසේ ප්‍රකාශකර ඇතත් උන්වහන්සේ පෙර පැතුමකට අනුව මනුලොව පැමිණ සිංහලයන් ට දායාද කර දුන් දියසෙන් ප්‍රදීපාලෝකයෙන් විවර කල බොදු මග නිහඩව යන අප අපගේ උත්සාහය අත් නොහරිමු.
කියවා බලා ඇහුම්කන් දෙන්නේ අතලොස්සක් විය හැක නමුත් යටත් පිරිසෙන් එක් අයෙක් හෝ බේරා ගැනීම පරම අභිලාෂය හා අභිප්‍රායයි.
දිනෙන් දින මේ ශ්‍රී ලංකාද්වීපයට හා සම්බුදු සසුනට සිදුවන අවාසනාවන්ත දෑ අසනමින් දකිමින් පස්චත්තාප වෙමුද…?
සැබෑ සිංහල බෞද්ධයන් ලෙස පිළිවෙත් පුරා පිළියම් සොයමුද….?
💥⚡ඔබ නොදැන සිටියත් ඈත අතීතයේ පටන්ම තරු,බලි රාවන,පරපුරේ සිටම සෑම වසර දෙදහස් පන්සියයකට වරක් මේ සිංහල දේශය පිරීහී වැනසේ මෙතෙන් කල් එය මිත්‍යාදුෂ්ඨික දේවාල බලි බිලි පුදන හින්දු දමිළ අසුර කොටස ඉටුකලත් මෙවර එයට හින්දූන්ට අමතරව මේ අපේම රටේ කොටසකුත් බටහිර කුරුස බලවේගත් එක්රොක් වී ඇත.
⚡මෙය කියවන නමට පමනක් සිංහල වන සහ මිත්‍යාදුෂ්ඨික විෂ්ණුට බුද්ධ සාසනය ආරක්ෂා පැවරී ඇතැයි සිතමින් අපි රාවන වංශයේ යැයි කියාගන්නා විජය කුමරුන් තිරිසන් සතෙකුට ජාතක වූ පරපුරක පුරුකක් ,සල්ලාල මං පහරන්නෙක් උපන් රටින් පවා පිටුවහල්කල ත්‍රස්තවාදීයෙක් යැයි බැනවදිමින් “අප සිංහලයන් පැවත එන්නේ රාවන පරපුරෙන්, මහාරවණයන් ගෙන් යැයි ” කියා පාරම් බාමින් අපි රාවන වංශයේ යැයි පවසන මනුලොව දෙවුලොව යා කරන සාසනාරක්ෂක දියසෙන් ක්‍රියාපටිපාටිය නොරුස්සන ජාතියේ අභාග්‍යට මෙලොව ජාතක වුන අසිංහල යමෙකු තුල සංවේගයක්, කණස්සල්ලක්,ක්‍රෝධයක් හටගත්තේ නම් එය යටපත් කරගන්නා මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිමි.
එමෙන්ම මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ තිසරණ සරණ එකම සරණ ලෙස සලකන රටට ජාතියට ආගමට ආදරය කරන සැබෑ සිංහල බෞද්ධයන් ප්‍රධාන වශයෙන් අරමුණු කරගෙනය.
එනිසා ඔබ අන්‍ය ලබ්ධියක් හෝ නමට සිංහල බෞද්ධ වී මිසදුටු කල්ලි ඇදහිලි අනුගමනය දේශඳ්‍රෝහී දේශපාලුවන්ගේ අනුගාමිකයන් ලෙස කටයුතු කරමින් මෙහි අපහාස කරන්නට කටයුතු කරන්නේ නම් එසේ සිදුකොට බොහෝ දෙනෙකුට යහපත සැලසෙන යහපත් කතිකාවතක් අඩපණ කොට පව් පුරා නොගැනීම කටයුතු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු .
⚜️ දියසෙන් කාහළ නාඳය ⚜️