ජාත්‍යන්තර ජඩ මාධ්‍ය සහ බටහිර වෙදකම- මහඇදුරු නලින් ද සිල්වා මහතා

ජාත්‍යන්තර ජඩමාධ්‍ය හා බටහිර වෙදකම

දැනට අවුරුදු විස්සකට පමණ පෙර වෙසක් දිනයක බීබීසි ගුවන්විදුලිය (බීබීසියෙ අගුපිලේ තියෙන සංදේශය නොවේ) මගෙන් ඇහුවා ලංකාවෙ වෙසක් උත්සවය පවත්වන්නෙ කොහොමද කියල. මා කිවුවෙ මුතුන් මිත්තන් පවත්වපු ආකාරයට අපි වෙසක් සමරනව කියල. ඔහුට අවශ්‍ය වෙලා තිබුණෙ මේ ප්‍රාථමික ආගමක් අදහන මිනිස්සු ඒ ආගමානුකූල ව වැඩ කරන්නෙ කොහොම ද කියල එංගලන්තෙ මිනිසුන්ට කියල දෙන්න බව මට තේරුණා. ලංකාවෙ කිසිම මාධ්‍යවේදියකු එංගලන්තෙ කාගෙන් හරි අහනවා ද නත්තල පවත්වන්නෙ කොහොමද කියල. මේ තමයි දැනුම් ආධිපත්‍යය. දැනුම් යටත්විජිතවාදය. ලංකාවෙත් සමහර පඬි නැට්ටන් කියන්නෙ බුද්ධාගම ප්‍රාථමික ආගමක් කියල.

ඔය සංදේශයට බීබීසිය එතරම් සලකන්නෙ නැහැ. එංගලන්තෙට ඕන තම පැරණි යටත්විජිතවලට තම පණිවුඩය තම මතවාද දෙන්න. ඒ සඳහා ඔවුන් බීබීසියෙ අගුපිල්වල පොඩි පොඩි කාමරවල සංදේශය වගේ ඒ ඒ භාෂා සේවා පවතවගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය පුද්ගලයන් ඔවුන් සේවයට බඳවා ගන්නවා.

කලකට පෙර සංදේශයෙ ප්‍රධානියා වුණෙ හෙද සේවයෙ නිරත ව සිටි පිරිමියෙක්. සිංහලෙන් කියනව නම් මේල් නර්ස් කෙනෙක්. එහෙමත් නැත්තන් හෙද මහතෙක්. ඔහු මටත් දවසක් ඔහුගෙ වැඩ සටහනකට සහභාගි වීමට ආරාධනය කර තිබුණා. ඔහුගෙ සදාචාරය අනුව ඔහු මට නොකියා ම සාකච්ඡා පටිගත කරන්න පටන් ගත්ත. ටික වෙලාවක් ගියාට පස්සෙ මට ඔහුගෙ සදාචාරය තේරුණා. මා ඒ බව ඔහුට පවසා දිගට ම සාකච්චාව කර ගෙන ගියා. ඔහුගෙ සදාචාරය මට ප්‍රශ්නයක් වුණෙ නැහැ. ලංඩනයේ පදිංචි ඩග්ලස් වික්‍රමරත්න එයට සාක්‍ෂි.

ඒ කාලෙ ඔය සාම සාකච්ඡා යුගය. බීබීසියට ඕන වුණෙ මට මඩගහන්න. ඒ අප කොටි හමුදා මෙහෙයමුකින් පරාජය කරන්න ඕන කිවු නිසා. ඒ හෙද මහතාට අවශ්‍ය වුණෙ මගේ නමේ දේවාදිත්‍ය කොටස ලැබුණෙ කොහොමද, මා සිංහල නොවෙයි ඉන්දීය කියල කතාවක් ගොතන්න. හෙද මහතාට මගේ ජාතකේ මා කියල දුන්න. මට ඒ ඒ අයගෙ ජාතක කතා ලියන්න පුළුවන්. ඒවා බෝසත් ජාතක කතා නම් නො වෙයි.

අපට පුරුදු කරල තියෙන්නෙ බීබීසිය අපක්‍ෂපාත මාධ්‍යයක් කියල හිතන්න. අපි නොදන්න ජඩමාධ්‍ය කිවුවලු. මට මේ සියල්ල මතක් වුණෙ පහුගිය දා ජාත්‍යන්තර ජඩමාධ්‍ය පවිත්‍රා දේවිට දුන්න ප්‍රචාරය දැකල. ජාත්‍යන්තර ජඩමාධ්‍ය ලංකාවට සාමාන්‍යයෙන් ප්‍රචාරයක් දෙන්නෙ නැහැ. ජාත්‍යන්තර ජඩමාධ්‍යයට අවශ්‍ය වුණෙ පවිත්‍රා යකුදූරෙක්ගෙන් හරි මන්ත්‍රකාරයකුගෙන් හරි ඔහුට අනුව ගත්තොත් කොවිඩ් හැදෙන්නෙ නැති බව කී පැණියක් බීල කොවිඩ් හැදුණ කියල කියන්න. මේ ප්‍රචාරයට එංගලන්තෙ ඉන්න මෙහෙන් ගිය බටහිර වෙද මහතකු තැවෙනවා අපි මෝඩයන් ලෙස බටහිරයන් සලකන්න තිබුණ කියල. ඔහු යම්තම් හරි සතුටට පත්වෙලා මැඩගස්කරයෙ ජනාධිපතිත් පහුගිය වසරෙ රෝගය නැවැත්විය හැකි දේශීය ප්‍රතිකාරයක් ගැන බීබීසිය සඳහන් කළා කියල.

මෙයට වඩා දීන මනසක් පුද්ගලයකුට තිබිය හැකි ද? බටහිර ජඩමාධ්‍ය අපේ දැනුමට ගරහන විට මේ වෙද මහතා එයට ප්‍රතිචාර දක්වන්නෙ ඉතාමත් දීන විධියට. මේ බටහිර වෙද මහතා එංගලන්තෙ ඉඳන් අප දැනුවත් කිරීම සඳහා සතිපතා ඉංගිරිසියෙන් ලියනවා. මට කල්පනා වෙන්නෙ ඔහුට එංගලන්තයෙ පත්තරයකට, ටයිම්ස්, ගාඩියන්, ඉන්ඩිපෙන්ඩන්ට් නෙවෙයි වෙනත් පත්තරයකටවත් සතිපතා ලිපි පෙළක් ලිවීමට ඉඩ දේ ද කියල. ඔහු බටහිර වෙද මහතකු හැටියට බටහිර වෙදකමට එකතු කරල තියෙන අලුත් දැනුම මොකක් ද කියල.

ජාත්‍යන්තර ජඩමාධ්‍ය, කසිකබල් මාක්ස්වාදීන්ට අනුව නම් ධනපති මාධ්‍ය, වැඩ කරන්නෙ බටහිරයන්ගෙ මතය දැනුම දීමට පමණයි. ඔවුන්ට අනෙක් දැනුම් මිථ්‍යා. මේ කාරණේදි මාක්ස්වාදීන් ලිබරල්වාදීන් ඔක්කොම අත්වැල් බැඳ ගන්නවා. මාක්ස්වාදීනුත් දැනුම් යටත්විජිතවාදයෙ ඒජන්තයන්. ව්‍යාජ සමාජවාදීන්ට වමක් නැතිවත් ඉන්න පුළුවන් එක් පැත්තකින් බීබීසිය වැනි ආයතන ඔවුන්ට අනුග්‍රහ දක්වන නිසා. ව්‍යාජ සමාජවාදීන් කියන්නෙ ලෝකයේ කිසි දා නැති නොවන සමාජ අසාධාරණය ජාත්‍යන්තර ව ම විසඳන්න ඕන කියමින් බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර අධිපතිවාදී සංස්ථාපනය දිගට ම පවත්වාගෙන යෑමට උපකාර වන පිරිසක්. සමාජ අසාධාරණය නැති කිරීම ගැන පුටින් කියල දේවි.

බටහිර වෙද මහතුන්ගෙ ජාත්‍යන්තර ජඩමාධ්‍යයෙ සියලු අපහාස මැද පැණිය තවමත් තියෙනවා. තවමත් පැණිය අවශ්‍ය පිරිස ඉන්නවා. අවුරුදු එකසිය පනහක බටහිර වෙදකම ඉගැන්වීමෙන් පසුවත් ඊනියා මිථ්‍යා මත පළවා හරින්න බැහැ. ඒ සියල්ල පැත්තකින් තියල අර අනුරාධපුරේ පරික්‍ෂාවට ලක්වෙන රෝගීන්ට පැණිය දෙන්න ඉඩ හරින්න. ඒ රෝගීන් පැණිය වස කියා, ගන්නෙ නැත්තෙ තමන්ගෙ අවශ්‍යතාවකට වෙන්න බැහැ.

ලංකාවෙ කී දෙනෙක් පැණිය වස කියල හිතනවා ද? ඔය බටහිර විද්‍යාවට අනුව ම නේද පැණිය වස නෙවෙයි කියල කියන්නෙ. එහෙම තියෙද්දිත් බටහිර වෙද මහත්වරු හරි කවුරු හරි බටහිර යටත්විජිතවාදයේ නියෝජිතයන් පැණිය වස කියනව නම් එයින් කියන්නෙ තමන් ගැතිකම් කරන දැනුම් යටත්විජිතවාදයේ දැනුම ගැනවත් ඔවුන්ට විශ්වාසයක් නැති කම ද? සියලු දැනුම් අවසානයේ දී විශ්වාසය මත පදනම් වෙනවා.

පවිත්‍රා දේවිවත් පියල් නිශාන්තවත් මස්මාංශවලින් තොරව උදේ සවස එක දිගට දෙන දෙකක් පැණිය ගත්ත ද? ඔවුන් පාර්ලිමේන්තුවෙ හරි වෙනත් තැනක හරි පැණිය එක් වරක් පමණක් ගන්න ඇති. පාරම්පරික වෙදකම ආහාරපාන වත් පිළිවෙත් ගැනත් සැලකිලිමත් වෙනවා. ඒ එක්තරා ආකාරයකින් ගත්තම හෙදකම. නැහැ අර බීබීසියෙ හෙද මහතාගෙ හෙදකම නොවෙයි. පාරම්පරික වෙදකමේ වෙදකමයි හෙදකමයි එකට යන්න ඕන.

වතුපිටිවල දි පැණිය යම් පිරිසකට දීල සාර්ථකත්වයක් ලබල තියෙනවා. ඒක නිල නොවන පරීක්‍ෂාවක් වෙන්න පුළුවන්. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ නිල පරීක්‍ෂාවට අකුල් හෙළීම. පැණිය වස ය කියා රෝගීන් බිය කිරීම. තම දැනුම් ආධිපත්‍යය රැක ගැනීම සඳහා බටහිර දැනුම් ගැත්තන් නොකරන දෙයක් නැහැ. ධම්මික වෙදමහතා තම ක්‍ෂෙත්‍රයෙහි කර ඇති විධියට බටහිර වෙදකමේ අලුත් ප්‍රතිකාරයක් නියම කළ බටහිර වෙදමහතුන් කී දෙනකු ලංකාවෙ ඉන්නවා ද? ඒ සම්බන්ධ පත්‍රිකා The Lancet සඟරාවෙ හරි වෙනත් සඟරාවක හරි පළ කරල තියෙනවා ද? දි අයිලන්ඩ් පත්තරේටවත් එවැන්නක් ගැන ලියල තියෙනවා ද? කාලයට ලිවුවොත් අප පළ කරන්නම්. සිංහලෙන් බැරි නම් ඉංගිරිසියෙන් ලියන්න.

වෙලාවක් තියෙනවා නම් චීන වෙදකම ගැන ලියා ඇති පහත සබැඳියේ සඳහන් පත්‍රිකාව කියවන්න.
https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.ncbi.nlm.nih.gov%2Fpmc%2Farticles%2FPMC7439087%2F%3Ffbclid%3DIwAR2G-7lbqjGvIB75UIoJlFvL7YhF9XxRYoEYdexYS8HQB6eutjmZhe_y_6A&h=AT1owgOVGowD-IkyqRneqCTZCvw-b79UTcwMgGtYt0N-8CnxJAZOpdVb2xnl-MXxFTqzF1TuHYV8p2URvmbCLZ-CtAqFY3OIR9Lhzj7m5XodthYI7c8rC72o3ntRo78DY-7t&tn=R]-R&c[0]=AT1g3wJxkBdHlix1-v8Cbi9XJ09hUpVS9A9uTZcKpkFPaK-snpkOJFsaCM4xpObCkiWJ0MXW7vPKaLCwOPoOfBMa7guESfekYc990QFznGyl5fmW7n_1TXlQDDHPNJzSdVwY7UX6A26M5MQbWBtYIoe75xhKi63qcODTCsIEVvPcQgmlgg

සිංහලයාගෙ ඒ කිව්වෙ බෞද්ධයාගෙ වසර පන්සීයක දුක- සාමන්ත ඒකනායක මහතා

ගෝඨා වට කරල තියෙන්නෙ ඒ කාලේ ඉඳන්ම පොඩ්ඩ පොඩ්ඩ වට කරා. මුලින්ම ගෝඨා එන එක නවත්තගන්න බැලුවා දෙවැනි අදියරේ දී ඔවුන් කළේ ගෝඨා වට කරන එක.
ඕක තමයි වටේ ඉන්න සංස්කෘතික බලපෑමෙන් කිසිවෙකුට ගැලවෙන්න බෑ විශේෂිත පුද්ගලයකු හැරෙන්න. දැන් ගෝඨා පාලනය කරන්න ඔවුන්.

මේක තමයි දිගටම සිද්ධ වුණේ.ඔවුන්ට තම බලය ආධිපත්‍යය ජනතාවගේ පරමාධිපත්‍ය යෙන් ගන්න බැරි කොට පත්වෙන්න නියමිත නායකයා වටා සංස්කෘතියක් ගොඩ නගනවා. මෛත්‍රීපාල ටත් ගොඩනගන්න බැලුවා ඒත් ඒක සීයට සීයක්ම සාර්ථක උනේ නෑ.
ඉතාමත් සාර්ථක ලෙස මොවුන් දෙවෙනි අදියරේදී ගෝඨා වටා උප සංස්කෘතියක් ගොඩ නැගුව.

ඇත්තටම රට දියුණු කරන්න ගෝඨාට කැක්කුමක් තියෙනවා. ඔහු බලන්නෙත් ඇමරිකානු ක්‍රමයට රට දියුණු කරන්න. නමුත් ඒ පදනමෙන් රට පාවා දීමත් අනිත් පැත්තෙන් යන්නේ.

ගෝඨාට අභියෝගයක් තියෙන්නෙ රට දියුණු කරන්න.ඒක අස්සෙ මුං රිංගලා තියෙන්නෙ.

රට දියුණු කරනා ක්‍රමය සිංහලයේ ක්‍රමයත් එක්ක බෞද්ධ ක්‍රමයත් එක්ක පරස්පරව ගැටෙනවා. උන්ට දකින්න ඕන දේ නෙමේ බහුතර සිංහලයන් දකින්නේ. අද මේ ගැටුම එතනයි.

පිලිපීනය වගේ රටක් වෙනවට අපි කොහොමත් කැමති නෑ සිංහලයන් .

පිලිෆීනේ වගේ රටක් කරලා සංවර්ධනය කරන්නයි වටේ ඉන්න උන් බලන්නෙ ගොඩක් ඒ පාරේ යන්නේ ඉක්මනින්ම විසඳුමක් ගන්න.

සාමන්ත ඒකනායක මහතා

දෙවෙනි වතිකානු සභාවේ සර්වාගම් පූට්ටුව සහ සිංහල බෞද්ධ අක්මුල් උදුරා දමා දේවරාජ්ජ ව්‍යාපෘතිය

මතක තියාගනිල්ලා… සුද්දා කවද හරි මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් උඹලගෙ දරුවන්ට කියාව හැම ජාති,ආගම්, බේදයක් එපා කියල. හැම ආගමක්ම එකයි කියල උන් කියාවි. (අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේත් දෙනවා) ඊට පස්සේ උඹලගෙ කොල්ලන්ට කෙල්ලන්ට ඇඩි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න වේවි”

ජාතියේ පිනට පහළ වූ අනාගාරි ධර්මපාල උතුමාණන්ගේ මේ සිහ නාදය හිතක් පපුවක් ඇති සිංහලයෙකුට කිසිම දිනක අමතක නොවිය හැකිවාක් මෙන්ම එතුමන් එදා තුන්කල් දුටු ණුවනින් පැවසූ දේවල් අද අප ඇස් ඉදිරිපිටම ජීවමානවම ක්‍රියාත්මක වෙමින් පවතින අවාසනාවන්ත පසුබිමක ජාතියේ කරුමයට 1948 න් පසුව රටේ පාලනය බාර ගත් කලු සුද්දන්ගේ පැලැන්තිය සැමදා සිංහල ජාතියේ කොදු නාරටිය වූ අපේ හාමුදුරුවන්ටද ඉනා බෙහෙත් ගිල්ලවා ඓතිහාසිකව ජාතිය ගොඩ නගාගත් ශ්‍රෙෂ්ඨ හර පද්ධතියත්, අසමසම බෞද්ධ සංස්කෘතියත් වල පල්ලට දක්කමින් සිංහල බෞද්ධ දේශය බටහිර ක්‍රිස්තියානි නව යටත්විජිතවාදයට ගොදුරු කරමින් සිටී. එක අතකින් එසේ වෙත් දී අනිත් පසින් අති භයංකර අරාබි ඉස්ලාමීය අන්තවාදී ප්‍රවාහයකට ද මව් බිම ගොදුරු වී අවසානය.

වසර සිය ගණනක් තිස්සේ වරින් වර මතුවන බෞද්ධයන් අන්‍යාගම්කරණය (ක්‍රිස්තියානිකරණය) කීරිමේ කුමන්ත්‍රණ විවිධ වේශයෙන් අප වෙත පැමිණියද ඒ සෑම අවස්ථාවකදීම අපේ මහා සංඝරත්නයත් දෑ සසුන් හිතකාමී බෞද්ධ ජන නායකයිනුත් ඉදිරිපත් වී මැඩ පවත්වනු ලැබුවද මේ අවස්ථාවේ එය පැමිණ ඇත්තේ මිතුරු වේශයකිනි. එය නම් මේ අවස්ථාව වන විට සූක්ෂම සමාජගත කරවමින් පවතින සර්වාගමික සංකල්පයයි. නැත්නම් අන්තර් ආගමික සංවාදයයි. එසේත් නැත්නම් සර්වාගමික සහජීවනයයි.

“සර්වාගමික සංකල්පය හා අන්තර් ආගමික සංවාදය” යනු වතිකානුව මගින් කතෝලික නොවන අන්‍යාගමිකයන් කතෝලික කිරීම සදහා දියත් කර ඇති අදෘෂ්‍යමාන කුමන්ත්‍රණයේ සැලසුමයි. මෙතෙක් තම ආගම ප්‍රචාරය කිරීමේ ක්‍රමවේදයන් වූ බලහත්කාරකම් හා අල්ලස් (සහනාධාර, වරප්‍රසාද) ආදිය ලබාදීම් වෙනුවට වඩාත් මිත්‍රශීලී සවරූපයේ උපාය මාර්ගික ක්‍රමවේදක් අනුගමනය කිරීමේ ප්‍රවේශයයි. මේ එදා කඩුවේ බයිනෙත්තුවේ බලයෙන් පෙරදි ශිෂ්ඨාචාරය ආක්‍රමණය කළ බටහිර යටත්විජිතවාදය නව මුහුණුවර හෙවත් නව යටත්විජිතවාදයේ එක් ප්‍රවේශයක් ලෙස හැදින්විය හැකිය. ඒ සදහා පිඹුරුපත් සකස් කරනු ලැබුවේ 1962 – 1965 අතර පවත්වනු ලැබූ දෙවන වතිකානු සභාවයි. මෙම සභාවේ නිර්දේශ අනුව වතිකානුව මගින් 1964 දී ක්‍රිස්තියානි නොවන ආගම් සදහා වූ ලේකම් කාර්යාලය (Secretariat for Non Christians) පසුව “සර්වාගමික සංවාදය සදහා වන පාප් සම්මේලනය” (Pontifucal Council for Inter religious Dialog) නම් සංකල්පය පල්ලිය මගින් ක්‍රියාත්මක කරනුයේ ආගම් අතර සහජීවනය මුවාවෙන් ක්‍රිස්තියානිය පැතිරවීම සදහාය. ක්‍රිස්තියානිය හුදු ආගමක් පමණක් ලෙස සැළකිය නොහැකි වන අතර ඔද්දල් වූ බටහිර සංස්කෘතියේ බිහි දොර එයයි. එහෙයින් ක්‍රිස්තියානුකරණය යනු බටහිර සංස්කෘතික ආක්‍රමණයේ ප්‍රධානම අවිය ලෙස හැදින්වූවාට වරදක් නැත. වතිකානුවේ සැළසුම මත ලංකා කතෝලික සභාවේ ප්‍රධානියා හරහා සර්වාගමික සහජීවන සංකල්පයට මුවා වූ මේ ක්‍රිස්තියානි සංස්කෘතික ආක්‍රමණය මේ අවස්ථාව වන විට සිංහල බෞද්ධ දේශය තුළද අති සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ සම හවුල්කරුවන් ලෙස අපේම මහා සංඝරත්නය යොදා ගැනුමද එම සැලසුමේම කොටසකි. ඒ අනුව ඌරාගේ මාලු ඌරාගේම ඇගේ තබා කපන න්‍යායෙන් අපේම සංඝරත්නය මගින් සියළු ආගම් එකය, සෑම ආගමකින්ම කියවන්නේ යහපතක්මය යැයි කියවයි. ඒ සදහා උන් අපේ ඇතැම් හාමුදුරුවන්ට ධර්මපාල තුමා කියූ ලෙස “ඉනා බෙහෙත්” කවා ඇත. බුදු දහමේ නාමයෙන් සිවුරු දරාගෙන බුදු දහම හා අන්‍යාගම් එකට සංසන්දනය කරන මේ “පල්ලි නිකායේ” භීක්ෂූන්ට අනුව බුදු හිමියන්ද, අල්ලාහ්ද, යේසුස් තුමන්ද, ඊශ්වරද සමානය. බුදුන් වදාල ශ්‍රී සද්ධර්මයත් බයිබලයේ, කුරාණයේ සදහන් වන දේව නියෝගයනුත් අතර වෙනසක් නැත. (බුදු දහම වැනි විශ්වීය දර්ශනයක් ඉස්ලාමව වැනි ප්‍රාථමික දේශපාලන මොඩලයකට සම කිරීම තරම් තවත් තිරශ්චීන ක්‍රියාවක් තිබිය හැකිද?) මෙයට වසර 2600කට පෙර බුදු දහම හදුන්වා දුන්නේ එවකට පැවති විවිධ ලබ්ධීන් 62කට එරෙහිවයි. සියළු ආගම් එක නම් සෑම ආගමකින්ම කියන්නේ එකක් නම් සෑම ආගමක්ම එකක් විය යුතුය. එය එසේ නොවන බව අවබෝධ කර ගැනීමට මැදි පෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපය දෙස මදක් අවධානය යොමු කීරීම පමණක් සෑහේ. එසේ නම් සියළු ආගම් එකය කියන මේ පල්ලි නිකායේ හිමිවරුන්ගේ ක්‍රියා කලාපය නොදැනුවත්කමද, ‍එසේත් නොමැතිනම් වරදාන, පිටරට සවාරි, හීනමානය හෝ කප්පමක් ලෙස ග්‍රහණයට ගැනීමක්දැයි ප්‍රශ්නයකි.

ප්‍රශ්නය එතැනින් නවතින්නේ නැත. අතිශය භයානකම උපද්‍රවය මෙයයි. අධිරාජ්‍යවාදීන් කෙතරම් යුධමය ලෙස බලවත් වුවද ලෙහෙසියෙන් මේ රට යටත් කර ගත නොහැකි වූයේ වසර දහස් ගණනක් තිස්සේ කහ චීවරයේ සෙවණ යට ගොඩ නැගුණු සිංහල බෞද්ධයන්ට භික්ෂූන් වහන්සේගෙන් ලැබුණු අසමාන නායකත්වය හා ශක්තිය නිසායි. සිංහලයාත් බෞද්ධකමත් එකට බැද තබන ජීවමාන යදම බෞද්ධ භික්ෂුව බව තේරුම් ගත් එදා අධිරාජ්‍යවාදීන් ලෙයට ලෙය බැදුණු ඒ සම්බන්දය බිද දැමීම සදහා නොකළ දෙයක් නැති තරම්ය. මුල් යුගයේදී භික්ෂූන් වහන්සේලා බුරුතු පිටින් අමු අමුවේ ඝාතනය කළහ. වෙහෙර විහාර ගිනි තැබූහ. පන්සල මූලික කරගෙන ගොඩ නැගුණු අධ්‍යාපනය විනාශ කර බටහිර අධ්‍යාපනය ආදේශ කළහ. නමුත් සියවස් ගණනාවක් තිස්සේ කරන ලද අනේකවිධ සාහසික අපරාධ වලින් පවා භික්ෂුවත් සිංහල බෞද්ධයාත් අතර පවතින අධ්‍යාත්මික බන්ධනය බිද දැමීමට අධිරාජ්‍යවාදීන්ට නොහැකි වූයේ ‍බුදු දහමෙන් පෝෂණය වූ මෙරට සංස්කෘතිය සිංහලයා‍ගේ ලේ මසටම කා වැදී තිබුණු නිසායි. සිංහලකමත් බෞද්ධ කමත් වනසා දමා මේ රට ආධ්‍යාත්මිකව යටත් කර ගැනීමටනම් බෞද්ධ භික්ෂූව නම් වූ අසහාය චරිතය විනාශ කර දැමිම අනිවාර්ය සාධකයක් බැවින් ආක්‍රමණයේ මුහුණුවර එදාට වඩා අද තරමක් මිත්‍රශීලී වී තිබේ. සුද්දන් ඉතිරි කර ගිය කලු සුද්දන්, සර්වාගමික සංකල්පය නමින් කරලියට ගෙන තිබෙන්නේද සුද්දන්ගේ රුදුරු වැඩපිළිවෙලේම ඉදිරි පියවරයි. සියළු ආගම් එක යැයි සමාජගත කරන මතයට සමගාමීව එළි බහින්නේ භික්ෂූන් වහන්සේ හා අන්‍යාගමික පූජකයන් සමතැන් ගැන්වීමයි. සර්වාගමික පූට්ටුවේ පැටළුණු රටේ සම්භාවනාවට පාත්‍ර වූ ඇතැම් වියත් භික්ෂූන් වහන්සේ අන්‍යාගමික පූජකයන් සමග එකට රට සවාරි ගහන්නේත්, ඔවුන් සමග එක පතේ බුදිමින් එකට හිද මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේත් පල්ලියේ දනට වඩින්නේත්, පන්සලේ නොම්බි අරින්නෙත් ඒ අනුවයි. මේ හරහා ඔවුන් සූක්ෂමව රටට දෙන පණිවිඩය වන්නේ භික්ෂුව සතු වූ සමාජ නායකත්වය අන්‍යාගමික පූජකයන් අතර සමසේ බෙදාගෙන භික්ෂූන් වහන්සේට හිමවන සුවිශේෂී සමාජ භූමිකාව දිය කර හැරීම බව සියළුම බෞද්ධයන් කල් නොයවා වටහාගත යුතුව තිබේ. භික්ෂූන් වහන්සේගෙන් තොරව බෞද්ධයාගේත් බුදු දහමේත් අනාගතය කේසේ වෙයිදැයි සිතා බැලීමෙන් කුමන්ත්‍රණයේ අවසාන අරමුණ කුමක්දැයි දැන් ඔබට වැටහිය යුතුය.

සිංහල බෞද්ධ අනන්‍යතාවය නැත්තටම නැති කිරීම, අනාගතයේ නැති ආගමික යුද්ධ ඇතිකිරීම, රට අබල දුබල කිරීම හෙවත් සිංහලයාට ජාතියක්, ජන්මයක්, ආගමක් නැති කිරීම.

පන්සල් හා ඒ අවට ඉඩම් සමසේ බෙදාගැනීමට , බහු කෝලම්, බහු ගති, බහු පිස්සුව අපේ ළමුන්ට හා අපහට විවිධ ප්‍රචාරක වැඩසටහන් හරහා එබ්බවිමට ක්‍රියා කිරීම හා එමගින් අප සිත් දිනාගෙන අප හදවත් ඔවුන් කෙරෙහි නැබුරු කරවා අප අපට අයිති සම්පත් කෙරෙහි ඇති අවධානය අඩු කරවා තම සම්පත් වැඩි කරගැනීමට මාන බැලීම.

සිංහල ජනනායකයන් පසු පස ගොස් මිත්‍රකම් ගොඩනංවාගෙන ඔවුන්ව රවට්ටා මස් කෑමත් නොකැමත් එකයි, බුදුන් වැන්දත් දෙවියන් වැන්දත් එකයි, බයිබලයත්, කුරානයත් ,ත්‍රිපිටකයත් පැහැදිලිවම එකයි යන අමොනෝන්ඤ මත සිංහල බොදු ජනතාවට පැවසීමට හා සිංහලයගේ සිත් දිනාගත් ජන නායකයන් යොදා ගෙන එමගින් සිංහල බොදු අප සාරධර්ම කෙරෙහි ඇති විස්වාශය පලුදු කිරීම .

සර්වාගමික පිස්සුව හෝ නාඩගම ගැන කතිකා කරන සෑම වැඩසටහනකටම සිවුරු ඇදගත් දෙවදත්තයන් කිහිප දෙනෙකු හෝ සම්බන්ධ කරගැනීමට වෑයම් කිරීම හා එමගින් නිවැරදි සංඝයා වහන්සේලා ගැන බුදුදහම ගැන සැක කටයුතු වන ආකාරයේ වැරදි ප්‍රකාශන කෙසේ හෝ ලබා ගැනීම.

සංඝයා වහන්සේලාට මෙන් සමානව මේ නොපැවිදි පුජකයන්ටද සමජයේ ප්‍රමුකස්ථානය ලබාගැනීම හා එමගින් ආණ්ඩු මෙල්ල කිරීමට උත්සහා කිරීම.

නැති ඊළමක් ගොඩ නගාගෙන එහි මුලික ආගම පුජක ආගමක් කරගැනීමට වෙර දැරීම.
රට අස්ථාවර කිරීමට මාන බලන එන්.ජි.ඕ නඩයන් පෝෂණය කිරීමට හා එවන් සංවිධානවලට පිරිස් වැඩි කර ගැනීමට සර්වාගමික පිස්සුව, නාඩගම හරහා උදවු කිරීම.

බෞද්ධ මනෝ මුලික සාධකයන් ඉවත් කොට සර්වාගමික මනෝ මුලික සාධකයන් බොදුනුවන් හරාම සමාජ ගත කිරීම.

වෙනත් රටවල් වල බලය හරහා සිහළ බොදුනුවන්ගේ උරුමය පාලනය කිරීමට සමත් විවධ සංවිධානවලට නාගරික හා ග්‍රාම්‍ය වශයෙන් තොරතරු සැපයිමට සමත් තරුණ,තරුණියන් සර්වාගමික පිස්සුව හෝ නාඩගම නාමයෙන් නම්වා ගැනීම.

සතවර්ෂ පහකට වැඩි කාලයක් උත්සහා කෙරුවද තවමත් ගොඩනගා ගනීමට බැරිවුන දේව රාජ්ජ්‍ය නව මුහුණු වරකින් එලි දැක්වීම.

රටේ ප්‍රධාන පාලන පක්ෂය සිංහල බොදු චන්දයෙන් පත්වුවක් නම් එම මතය දීර්ඝ කාලීනව වෙනස් කිරීමට හා පාලනය අල්ලා නැවත අල්ලා ගැනීමට,වෙනත් ආගමික නැබුරුවක් ඇති ජනනායකයන් රට දිනු පක්ෂය තුල ඇතිබව සියුම්ව හුවා දැක්වීමට සාර පෝය දිනයන්හිදීද පවා වැලක්විය නොහැකි දේශීය හා විදේශීය සංචාරයන් නිර්මාණය කිරීමට ආරාධනා සියල්ල රටට පදුවන්සේ අන්තර් ජාතිකව කල්වේලා බලා සකස් කරදීම.

ප්‍රසිද්ධ බෞද්ධ ස්ථානවලට ගොස් සර්වාගමික වැඩසටහන් පැවැත්වීම. ආචාර්ය,මහාචාර්ය වරු මුදල් හදල් දී රවට්වාගෙන සර්වාගමික පෙරහැරවල්වල පෙරමුණේ රාළ කරගැනීම.

විවිධ සිහළ සංස්කෘතික නැටුම්, ගැයුම්,වැයුම් හා කලා පෙරටුකරගෙන තම දේව ආගමික උත්සව පැවැත්වීම හා එම අවස්ථා මගින් මුදල් දී පාරම්පරික නැටුම් කණ්ඩායම් ලවා පුජකයන්ටත් සිහළ උත්සවාකාරයෙන් බෙර වාදනය කරගැනීම හා එමගින් දේව ආගමට සිහළ සුවරුපයක් ඔබ්බවා ගැනීම.

බෞද්ධ යන් විසින් තෙරුවන් උදේශා පමණක් භාවිතා කරන වචන සර්වාගමික පිස්සුව හෝ නාඩගම (වැඩසටහන්) පවත්වන කාලය තුල දී පුන පුනා පුජකයන් ඇමතීම සදහා භාවිතා කිරීම.

සුදු පාට පුජක සිවුර ටිකෙන් ටික කහපාට වර්ණයෙන් වසාගැනීම හා සැරසිලි සියලක්ම සදහා බෞද්ධයන් විසින් තෝරාගත් වර්ණ භාවිතා කිරීම.

අවසාන වසයෙන් පුජකයා ලොක්කා(ලොකු මිනිසෙකු) වී මෙම සර්වාගමික වැඩසටහන් වලට සහභාගී වන සිවුරට මුවා වුනු සංඝයා වහන්සේලා සොක්කා(බාලයෙකු) කිරීම.
වැනි වූ විවිධාකාර මුහුණුවරයන්ගෙන් සමාජගත වන මේ සාහසික ක්‍රියාදාමය දියත් කිරීම සදහා පාලනතන්ත්‍රයේ මහතැන් ද සූක්ෂම ලෙස ඩැහැගැනීමට පල්ලියේ නි‍යෝජිතයෝ සමත්ව තිබේ. බුද්ධාගමේ පැවැත්මට වගකියන ඉහළම රාජ්‍ය ආයතනය වන බුද්ධ ශාසන අමාත්‍යාංශයත් ඇමතිවරයාගේත් සර්වාගමික උන්මත්තක ක්‍රියාකලාපයෙන්ම ඒ බව වටහා ගැනීමට අසීරු නොවනු ඇත. ඊට අමතර තමන්ගේ වාහකයන් යොදා ගනිමින් රාජ්‍ය රාජ්‍ය නොවන විද්‍යුත් මාධ්‍යද යොදාගෙන සූක්ෂම ලෙස සර්වාගමික සංකල්පයෙන් බෞද්ධ සමාජයේ මොළ ශෝධනය කිරීමේ මෙහෙයුම ද සාර්ථකව දියත් වෙමින් පවතී.

වහාම සංකල්පීයව මරා දැමිය යුතු සර්වාගමික උන්මත්තකයන් පිළිබද “කැළුම් ගමගේ” සොයුරාගේ පහත දැක්වෙන ලිපියේ පැදිලි කර තිබේ.

බුදු දහමේ පරමාර්ථය නිර්වණාවබෝධයයි. එහෙත් නිවන් අවබෝධය තෙක් ඇති මාර්ගයේ යනතාක් කල් බෞද්ධයන් විසින් හැසිරිය යුතු ආර්ය ගුණධර්ම බුදු දහමේ පැහැදිළිව දක්වා ඇත. “සබ්බ දානං ධම්ම දානං ජිනාති” ලෙස බුදු හිමියන් දෙසූ පරිදි උතුම්ම දානය ධර්ම දානය බව බෞද්ධ අප පිළිගනිමු. බුදුපියාණන් මේවා වහන්සේ දේශනා කර නිකන් සිටියේ නැත. උන්වහන්සේ සෑම විටම තුන්බෑ ජටිලයන් හා සර්වබලධාරී දෙවියකු පිළිගත් බබුණන් වැනි අය වෙත එළඹ ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටිය හෙළිකර දීමෙන් ඔවුන් නිවන් මගට යොමු කලහ. එහෙත් ඉන් හැර උන්වහන්සේ හෝ උන්වහන්සේගේ කිසිම ශ්‍රාවකයාණන් වහන්සේ කෙනෙකු මිත්‍යා දෘෂ්ටිකයන් සමග උරිනුර ගැටී කා බී සමාගම් පවත්වන්නට ගියේ නැත.

මෑතභාගයේ බුදු දහම සහ එහි උතුම් අරමුණ විකෘති කරමින් සර්වාගමික නමින් හැඳින්වෙන පිරිසක් කලඑළි බැස ඇත. ඔවුන්ට අනුව වෙනත් මිත්‍යා දෘෂ්ටික ආගමක ඇති දෑ වල වැරදි සැබෑ බෞද්ධයන්ට හෙළි කිරීම සහ දෙලොවටම අන්තරාදායක වන මිත්‍යා දෘෂ්ටික පිළිවෙත් වලින් සැබෑ බෞද්ධයන් ඈත් කිරීම වැරදි වැඩකි.

මෙවැනි සංස්කෘතික නපුංසකයන් බෞද්ධයන්ට පමණක් නොවේ සර්ව ලෝකයටම මහත් විෂබීජයකි. ඔවුන්ට කිසි දිනෙක මිත්‍යා දෘෂ්ටිකයකුට බුදු දහමට සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටිය හෙළිකර ඔවුන්ව නිවන් මගට ගැනීමට ක්‍රියා කර නැත. එසේම ඔවුන් තුම්බෑ ජටිලයන්, සච්චකයන්, අලවු යකුන් සහ සර්වබලධාරී බ්‍රහ්මයන් දමනය කල බුදු හිමියන් පවා වැරදි යයිද එසේ කිරීමෙන් අලවු යකාගේ මානව අයිතීන් බුදු හිමියන් උල්ලංඝණය කර ඇතැයි නොබෝ දිනකින් පවසනු ඇත. නිසැකවම මෙම නාමික බෞද්ධ සර්වාගමික උන්මන්තකයන් බුදු දහමට එරෙහිව යන අබෞද්ධ යයි කිවහැකි අමුතු ආජීවක පිරිසක් බව සංගතව හා කරුණු සහිතව මෙම ලිපියෙන් අප ඔප්පුකර සිටිමු.

බුදු හිමි මග යන බෞද්ධයා බුදු දහමට සාපේක්ෂව මිත්‍යාදෘෂ්ටික ආගම් විවේචනය කරන්නේත් සමහර පරලොව දුගතියට හේතුවන මිත්‍යාදෘෂ්ටික පුරුදු සමාජයෙන් ඈත් කරන්නේත් ඔවුන්ට නිවන් මගට හෙවත් නිවැරදි බෞද්ධ මගට කෙරෙන ආරාධනයත් සමගමය. එහෙත් මෙහිදී සර්වාගමිකයින් කටින් කෙල හලමින් බෞද්ධයට බුරනු අප දැක ඇත්තෙමු. සර්වාගමිකයින් සහ බෞද්ධයන්ගේ වෙනස බුදු දහමට සාපේක්ෂව තව දුරටත් විමසා බලමු.

අත්තූපනායික ධර්මයේ ත්‍රිකෝටික පාරිශුද්ධියට අනුව නිවැරදි බෞද්ධයෙක් පහත අකාරයේ හැසිරීම් දක්වයි

  1. වැරදි ක්‍රියාවෙන් වැළකෙයි
  2. අනුන් වැරදි ක්‍රියාවෙන් වලක්වයි
  3. වැරදි ක්‍රියා හඳුනා ගනිමින් ඒවායෙන් වෙන්වීමේ ගුණ වර්ණා කරයි

මිත්‍යා දෘෂ්ටික භාවය ඇතියන් සහ සත්ව හිංසනය කරන්නන් දෙලොවටම අන්තරාදායක වන වසලයන් බව බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයේ පැහැදිළිව දේශනා කර ඇත. බ්‍රහ්මජාල සුත්‍රයට අනුව තම සදාකාලිකයයි සිතා සිටින විධාකර දෙවිවරු මිත්‍යා දෘෂ්ටික ගණයට වැටෙන අතර නිසැකවම එවැනි දෙවියන් පිළිගන්නා හිංසාකටයුතු ක්‍රියාවල යෙදෙන අනුගාමිකයන්ද වසල ගණයට අයත් වෙති. යම් කිසි බෞද්ධයෙක් හෝ භික්ෂුවක් ඔවුන්ව අනුමත කරමින් ඔවුන් සමග සමාගම් පවත්වයි නම් බුදු දහමට අනුව උන් ඉතාම පහත් පවිටු සිත් ඇත්තන් වෙති. වසල ක්‍රියා අනුමත කරමින් ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටියට සහය දක්වමින් පිරිවර සහිතව වෙසෙන පවිටු භික්ෂුන් මෙලොව සිටින පහත්ම වසල සොරුන් බව බුදු හිමියන් සූත්‍රය අවසානයේදී පැහැදිලිව දක්වා ඇත.

සිංහලයන් ඉතා පැහැදිලිව මතක තබාගත යුතු කරුණ මෙයයි. බුදුන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිකයන් තබා කිසිවෙකුට හිංසා කිරීම සෑම විටම හෙළා දුටුවද කිසිම විටක එවැන්නන්ගේ මිත්‍යාදෘෂ්ටික මතවාද බිඳ හෙලීම හිංසාවක් ලෙස දුටුවේ නැත. එසේම බෞද්ධයන් සැමවිටම දෙලොවටම අන්තරාදායක මිසදිටු අදහස් හා පිළිවෙත් වලින් ඉවත් වී සිටිය යුතු බව දේශනා කලහ.

භික්ෂුවකගේ හෝ සිංහලයෙකුගේ නාමයෙන් පෙනී සිටියද, ඉතාම පැහැදිලිව බුදු දහමට මිසදිටුවන් හා, ඔවුන්ගේ මිසදිටු අදහස් පිළිවෙත් අනුමත කරන්නන් නින්දිත වසලයන්ම පමණක් වෙති. එවැනි බෞද්ධ ගිහියෙක් වේනම් ඔවුන් බෞද්ධ සමාජයෙන් ඉවත් කිරීමත් මහණෙක් වේ නම් ඔවුන් ගිහිකොට සසුනෙන් නෙරපීමත් සිංහලයාගේ පරම වගකීමක් වෙයි.

සටහන – TheSword-කඩුව ‍|facebook Magazine‍|‍2013.05.29

කරුමක්කාරයෝ නිර්වාණය විශ්වාස කරනතුරු සඤ්ඤා ප්‍රඥ්ඥා පින නැත්තෝ අතරමං වෙති. – ප්‍රියදර්ශිකා නවරත්න

අමරසේකර මහතා කලින් කලට වෙනස් වෙලා.
කරුමක්කාරයෝ කර්මය අවබෝධ කරගෙන නිර්වාණය ගැන විශ්වාසය ඇති වෙනතුරු ලියන ඒවායින් ඔලු සේදෙන්නෙ පවුකාරයින්ගෙ මයි.

පියදාස සිරිසේන මහතා ජනප්‍රියත්වෙට බටහිර ගැති මතවාද ලියනවා වෙනුවට සිංහල බෞද්ධ රාමුවේ සිට සැබෑ බෞද්ධයෙක් ලෙස ඒ කිව්වෙ සැබෑ නිවහල් සිංහලයෙක් ලෙස ලියූ දේවල් වලින් බුදු දහමට සිංහලයාට කිසිසේත් හානියක් කලේ නෑ පරගැත්තෙක් වුනෙත් නෑ.

අමරසේකර මහත්තයා, සරච්චන්ද්‍ර මහත්තයා , වික්‍රමසිංහ මහත්තයා, හෙන්‍ රි ජයසේන අමරදේවලා නන්දා මාලිනීලා සුනිල් ආරියරත්නලා කොයි කවුරුත් බටහිර ගැති අඩු වැඩියෙන් බෞද්ධ විරෝධීන්.

එයාලාගෙ ඊනියා නිරමාණශීලි බහුබූත වලම දිගුව තමා කිසිම නිර්මාණශීලිත්වයක් නැති, තනිකර ම සිංහල බෞද්ධ සංස්කෘතිය, බුදු දහම, බුදු සසුන සහ සිංහලයා කීතු කිරීමේ අරමුණෙන් මොන පඩංගු කුණුහරුප ලිව්වත් බුදු රජාණන් වහන්සේ ලංකාවෙ කියා පච ප්‍රබන්ධ ලිව්වත් ජාතික ජාතියන්තර පඬුරු පාක්කුඩම් ලබා ගැනීමේ වසළ ලියන්නො ලියන්නියො ව්‍යාපෘතිකාරයො බෝ වී සිටින්නෙත්, ඉරාජ් ලා අසපුලා උමන්දා ලත් සර්වාගම් නරි ප්‍රෝඩා ලෙස සිවුර අපහරණය කරන තරමට දිගු වුණෙත්.

එක එකාගෙ හිතලු නොකියවා අපේ බුදු පියාණන් දුන් නිර්මල පර්‍යාප්තියම ඇසෙන්නට ප්‍රෝඩාකාරයින්ගෙ කට ඇරෙනකොටම ඉවක් තියෙන්නත් අනන්ත සසර පුරා කල පාරමී මගින් සඤ්ඤාව ප්‍රඥාව තිබීමත් අති දුර්ලභ පිනක්.

මිසදිටුවො පසුපස යන ඊනියා උගත්තු දේශපාලුවො, ඒවටම ලියන කියන සර්වාගම් කාමී හිමිවරුන් තම තමන්ගේ මුතු ගමන් යද්දි සැබෑ බෞද්ධයොත් අල්ප ව හෝ ආරක්ශා වී සිංහල බෞද්ධයෝ ලෙස සරලව දිවි ගෙවමින් කොහේ හෝ සිටී. පවුකාරයො අමන උගත්තු බොහෝයි පින්වත් බෞද්ධයෝ ඉතා විරලයි පෘතුවියේ නම්. තිස් තුන් කෝටියක් දෙවු බඹුන් අතරේ පෘතුවියේ සුලු ජාතියකි. මාර්ග ඵල ලත් උතුමෝ නම් බුදු සසුන රකිනු ඇත.

https://m.facebook.com/story.php?story_fbid=1237267553011303&id=100001842100772 මේක දැකලයි මට පෝස්ට් එක ලියවුනේ. මම නම් ගමේ සිංහල බෞද්ධ සරලයෙක්මි ලෝකෙ කොහෙ හිටියත්

උපාධි කඩේට අවුරුදු සීයයි- මහඇදුරු නලින් ද සිල්වා මහතා

උපාධි කඩේට අවුරුදු සීයයි

1921 විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවනු ලැබුයේ එවකට රාජකීය විදුහල පිහිටා තිබූ ගොඩනැගිලිවල. අදත් කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යනංශයට ඇතුල් වන තැන සවි කර ඇති ඵලකයේ ඒ බව සඳහන් වෙනවා. විශ්වවිද්‍යාල ආයතනය පිළිබඳ අදහස ඉංගිරිසි ආණ්ඩුව අනුමත කිරීමෙන් පසු ඔවුන්ට අවශ්‍ය වුණේ රාජකීය විදුහල වසා දමා විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවීමටයි. එහෙත් පසුව ඩෝර්න්හොස්ට් ප්‍රමුඛ රාජකීය විදුහලේ ආදි සිසුන් එයට විරුද්ධ වීමෙන් පසු විදුහල එම ඉඩමේම උතුරට ගෙන ගොස් පැරණි ගොඩනැගිල්ලේ විශ්වවිද්‍යාල ආයතනය 1921 ජනවාරි විසි එක්වැනි දින ආරම්භ කර තියෙනවා. අදත් කොළඹ විශ්වවිිිද්‍යාලයේ සැම්සන් බංගලාව නමින් හැඳින්නේනේ එදා රාජකීය විදුහලේ වැඩ බලන විදුහල්පති වූ සැම්සන් මහතාගේ නිල නිවසයි.

මේ සිද්ධියෙන් කියැවෙන්නේ කුමක් දැයි පැහැදිලි නැහැ. ඉංගිරිසින් ලංකාවට දුන්නේ පාසලක් වැනි විශ්වවිිද්‍යාල ආයතනයක් ද? කෙසේ වෙතත් විශ්වවිිද්‍යාල ආයතනය අද වචනවලින් කියනවා නම් උපාධි කඩයක් පමණක් වුණා. එහි කෙරුණේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙහි බාහිර උපාධි සඳහා සිසුන්ට ඉගැන්වීමයි. අද බාහිර උපාධි කඩවලින් කෙරෙන කාර්යය එදා විශ්වවිිද්‍යාල ආයතනයෙන් සිද්ධ වුණා. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ප්‍රදානය කෙරුණේ නිල වශයෙන් බාහිර උපාධි ද යන්න මෙහි දී අදාළ නැහැ.

ඉංගිරිසින් ලංකාවට එවැනි ආයතනයක්, උපාධි කඩයක්, ප්‍රදානය කෙළේ ඇයි ද යන්න තරමක ප්‍රශ්නයක්. ලංකාව ඉංගිරිසින්ගේ පරමාදර්ශී යටත්විජිතය වුණා. 1814 පටන් මෙරට පාසල් පද්ධතිය විසින් බිහි කෙරී තිබුණේ හීනතාමානයෙන් පිරි පිරිසක්. පාසල් ඉංගිරිසි පාසල් වශයෙන් හා ස්වභාෂා පාසල් යනුවෙන් බෙදී තිබුණා. පාසල ඉංගිරිසින්ට අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කිරීමේ ආයතන පමණක් වුණා. ඉංගිරිසි පාසල්වල ඉගෙන ගත් අයට ඉහළ යැයි සම්මත රැකියා ලැබුණා. එහෙත් ඉහළ ම රැකියා ලැබුණේ නැහැ. ඒ ඉහළ ම රැකියා ඉංගිරිසින්ට පමණක් සීමා වුණා. 1833 කෝල්බෘක් – කැමරන් කොමිසමේ නිර්දේශ අනුව රාජකාරි ක්‍රමය අහෝසි කර රැකියා හා අධ්‍යාපනය අතර සම්බන්ධයක් ඇති කෙරුණා. ඉංගිරිසි ආර්ථික, අධිකරණ, පරිපාලන, මූල්‍ය ව්‍යුහයකට පදනම දැමුණා.

ඉංගිරිසි පාසල් ස්වභාෂා පාසල්වලට වඩා උසස් වුණා. ඉංගිරිසි පාසල් අතරත් වර්ගීකරණයක් ඇති වුණා. ඇංග්ලිකන් පාසල්වලට ඉහළ ම තැන හිමි වුණා. 1835 දී හිල් ස්ට්‍රීට් ඇකඩමිය (පසුව කොළඹ ඇකඩමිය, කොළඹ ඇකඩමිය හා රැජින විද්‍යාලය) නමින් ඇරඹුණු රාජකීය විදුහල ආණ්ඩුවේ පාසලක් වුණත් ආණ්ඩුව ඇංග්ලිකන් වුණා. ඉංගිරිසි පාසල් එංගලන්තයේ ප්‍රසිද්ධ පාසල් (Public Schools) නමින් හැඳින්වෙන පාසල් අනුකරණය කළා. රාජකීය විදුහල ලංකාවේ ඊටන් විදුහල ලෙස හැඳින්වුණා. රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය ලංකාවේ හැරෝ ඊටන් තරඟය වුණා. පාසල්වලින් උච්චතාමානය හා හීනතාමානය ඇති කෙරුණා. ඒ දෙක එක ම කාසියේ දෙපැත්ත. කාටත් ඉංගිරිසි ආයතන පාසල් සමග සංසන්දනයේ දී තිබුණේ හීනතාමානයක්. සිංහලයන් ඉංගිරිසින් මෙන් ඉංගිරිසිය උච්චාරණය කරන්න උත්සාහ ගත්තා. අප ඉන්දියයන්ගේ ඉංගිරිසි උච්චාරණයටත් හිනහවුණා. සිංහලයන් තරම් ඉංගිරිසින් අනුකරණය කිරීමට තැත් කළ අය නැහැ.

මේ සංකල්ප හා ආකල්ප අදත් තියෙනවා. අපට අවශ්‍ය ලංකාවේ අහවලා වෙන්න ලංකාවේ අහවල් ආයතනය කරන්න මිසක් ලංකාවේ ආයතන හදන්න නො වෙයි. ඉංගිරිසි පාසල් එංගලන්තයේ පාසල් අනුකරණය කළ අතර ස්වභාෂා පාසල් ඉංගිරිසි පාසල් අනුකරණය කළා. පාසල්වල විෂය නිර්දේෂ සකස්කෙරුණේ ඉංගිරිසින් විසින්. ඉංගිරිසි ප්‍රභූ පාසල්වල විදුහල්පතිවරුන් එංගලන්තයෙන් ආනයනය කෙරුණු අය. බෞද්ධ විද්‍යාලයක් යැයි කියන ආනන්ද විදුහලේ ප්‍රථම විදුහල්පති වුණෙ ලෙඩ්බීටර් නම් ඉංගිරිසි ජාතිකයෙක්. ඔහු ක්‍රිස්තියානි පූජකවරයකු ද වුණා.

විශ්වවිිද්‍යාල ආයතනයෙහි ප්‍රථම විිදුහල්පති වූයේ මාර්ස්. ඔහුට කීවේ විදුහල්පති මිස උපකුලපති නො වෙයි. අද මාර්ස් නමින් පේරාදෙණියේ ශාලාවක් තියෙනවා. විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවීමට පෙර 1870දී මෙරට බටහිර වෛද්‍ය විදුහල පිහිටුවනු ලැබුවා. අප අර සුපුරුදු අනුකාරක ආඩම්බරයෙන් එය ආසියාවේ දෙවැනියට පැරණි බටහිර වෛද්‍ය විදහල ලෙස හඳුන්වනවා. ඉන් පසු කාර්මික විිද්‍යාලයත් නීති විද්‍යාලයත් පිහිටුවනු ලැබුවා. විශ්වවිද්‍යාල ආයතනයට කලින් මේ වෘත්තීය විදුහල් පිහිටුවීමෙන් ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ කුමක් ද? ඔවුන් ශාස්ත්‍රවලට වඩා ශිල්පවලට ලංකාවේ තැනක් දුන්නා. එයට හේතුව ඔවුන්ට ශිල්පීන් වඩාත් අවශ්‍ය වීම ද එසේත් නැත්නම් සිංහලයන් ශිල්පවලට වඩා දක්‍ෂ වීම ද ඒ දෙකම ද යන්න පැහැදිලි නැහැ. පසුව 1942 දී වෛද්‍ය විදුහල ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කෙරුණා. නීති විද්‍යාලය එලෙස ම තිබිය දී ලංකා විශ්වවිද්‍යාලයෙහි නීති අධ්‍යනංශයක් පිහිටුවනු ලැබුවා. කාර්මික විදුහලත් එලෙස තිබිය දී ලංකා විශ්වවිද්‍යාලයෙහි වෙන ම ඉංජිනේරු පීඨයක් ඇති කෙරුණා.

අදත් මෙරට ප්‍රමුඛතාව ඇත්තේ වෛද්‍ය ඉංජිනේරු හා නීති වෘත්තීන්ට මිස ශාස්ත්‍රඥයන්ට හරි විද්‍යාඥයන්ට හරි නො වෙයි. උසස් පෙළ පරීක්‍ෂණයෙන් වැඩි ලකුණු ගන්නා ශිෂ්‍යයන් ඇතුළත් වන්නේ ඒ පීඨවලට. අඩු ලකුණු ඇති අය විද්‍යාව හා ශාස්ත්‍ර හැදෑරීමට යනවා. මේ ධුරාවලිය අද අන්තයට ගොස්. අඩුම ලකුණු ලබන අය දේශීය වෛද්‍ය පීඨවලට ඇතුළත් වෙනවා. මේ ධුරාවලිය නිසා අද ඇති වී තිබෙන සමාජයීය ප්‍රශ්න වෙන ම සාකච්ඡා කරන්න ඕන.

විශ්වවිිද්‍යාල ආයතනයහි විද්‍යා ශාස්ත්‍ර හා පෙරදිග අධ්‍යයන පීඨ තිබුණා. පරිපාලනය අදත් කොලේජ් හවුස් නම් වූ පැරණි රෙජිනා වලව්වේ සිට කෙරුණා. මේ වලව්ව සුප්‍රසිද්ධ චාල්ස් සොයිසාගේ පුත් හෙන්රි ආතර් සොයිසා විසින් 1912 දී තම භාර්යාව වූ රෙජිනා පෙරේරා නමින් පිහිටුවන ලද්දක්. ශාස්ත්‍ර හා විද්‍යා පීඨ තර්ස්ටන් පාරේ (කුමාරතුංග මුනිදාස මාවතේ) අනෙක් පැත්තේ පැරණි රාජකීය විදුහල් ගොඩනැගිලිවල පැවතුණා. පෙරදිග අධ්‍යයන පීඨය රැජන පාරේ නිවසක පවත්වාගෙන ගියා.

පෙරදිග අධ්‍යයන පීඨයේ ඉගැන් වූ විෂය ගැන තිබුණේ එතරම් සුහද හැඟීමක් නො වෙයි. මේ විෂය ඉගෙන ගත් සිසුන් හරමානිස්ලා වුණා. අනෙක් සිසුන් කුල්ටන් වුණා. කුල්ටා යන්න කුල්ටූර් යන්නෙන් බිඳුණු එකක්. එය සංස්කෘතියට ජර්මන් බසින් කියන නම කියා කියනවා. හරමානිස්ලාගේ ස්ත්‍රී ලිංගික පදය කුමක් ද කියා දන්නේ නැහැ. කෙසේ වුණත් එකල හරමානිස්ලා මෙන් ම කුල්ටන් ද පැමිණියේ එක ම පාසල්වලින්.

පෙරදිග අධ්‍යයනය හරමානිස් වූයේ නිකම් ම නො වෙයි. ප්‍රභූ පාසල්වල සිංහල ඉගැන්වූ ගුරුවරයා ගමයා වුණා. සිංහල පාලි සංස්කෘත වැනි විෂයන්ට පමණක් නොව බෞද්ධ සංස්කෘතියටත් හිමි වූයේ උසස් තැනක් නො වෙයි. අපට අපේ දේ ගැන අපේ දැනුම ගැන පහත් ව හිතන්න පාසල්වල පුරුදු කෙරුණා. කලක් කොළඹ නිවෙස්වල මෙහෙකාර සේවයට පැමිණි අය නම මොකක් වුණත් හැඳින්වුණේ බණ්ඩල හැටියට. හරමානිස් යන්න ද මේ ආකල්පය ම නිසා නිර්මාණය කරන ලද්දක්. හරමානිස් යන්න හර්මන් නම් ජර්මන් නමකින් බිඳී එන්නක්. එය ලන්දේසි හා ඉංගිරිසි භාෂාවලත් යෙදෙනවා. සිංහලට ලන්දේසි උච්චාරණය සමග ලන්දේසින්ගෙන් ලැබෙන්න ඇති කියා හිතනවා. එය හරමානිස් වෙලා. අඩු තරමෙන් සිංහල ගැමියන්ට ලන්දේසි නම සිංහල සංස්කෘතියට හරමානිස් ලෙස අවශෝෂණය කරන්න පුළුවන් වෙලා තියෙනවා.

පසු කලෙක හරමානිස් තත්වයෙන් තවත් පහත් කර හරා කළා. හරා යන්න පසුව විෂය සම්බන්ධව නොව ඉංගිරිසි අනුකරණය සම්බන්ධව තීරණය වුණා. ඉංගිරිසි ආකල්ප, සිරිත් විරිත්, උච්චාරණය නැති අය හරාලා වුණා. මෙය අපේ දේ පහත් කිරීම සමග සම්බන්ධයි. සේන තෝරදෙණිය කියනවා සරච්චන්ද්‍රගේ මනමේ පෙරදිග අධ්‍යයන පීඨයේ හරාලාට යම්කිසි ආකාරයකට හීනතාමානය අඩුකර ගැනීමට ආධාර වුණා කියලා. එහෙම වුණා කියා හිතන්න බැහැ. එයට හේතුව ඊනියා කුල්ටන් ද ඉංගිරිසි සංස්කෘතිය ඉදිරියේ හරාලා වීමයි.

ලංකා විශ්වවිද්‍යාලයෙන් මූලික වශයෙන් කෙරුණේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඉදිරියේ දණගැසීමයි. ඊනියා විද්‍යා හා තාක්‍ෂණ පීඨ ගැන කියන්න දෙයක් නැහැ. ඔවුන් බටහිර විද්‍යාව හා තාක්‍ෂණය ලංකාවේ ප්‍රචලිත කරන්නන්, ඒජන්තයන්. ඔවුන්ගෙන් බටහිර විද්‍යාවට එහි කේන්ද්‍රයට කිසිම එකතු කිරීමක් කෙරී නැහැ. පරිධියේ ඇති සුළු ප්‍රශ්න විසඳන එක හැරුණා ම ඔවුන්ගේ ඊනියා පර්යේෂණවලින් නිර්මාණාත්මක දෙයක් කෙරී නැහැ. ශාස්ත්‍ර පීඨවල තත්වයේත් වෙනසක් නැහැ. ඔවුන් මූලික වශයෙන් කරන්නේ ඊනියා කරුණු එකතු කිරීම්. ඔවුන් අතින් නිර්මාණය වී ඇති සංකල්පයක් ප්‍රවාදයක් නම් කරන්න. බටහිර ඇසින් කියන කතන්දර පුනරුච්චාරණය කිරීමක් පමණක් ඔවුන් අතින් සිදු වෙනවා. අපේ දැනුම් නූතනත්ව ආකෘතියකට අච්චුවකට දැමීමට නම් ඔවුන් කටයුතු කරනවා. බුදුදහම තාර්කික කරන්න හදන්නේ නිවන වචනයෙන් විස්තර කරන්න හදන්නේත් ක්‍රිස්තියානි නූතනත්වයට බුදුදහම යට කිරීමට.

විශ්වවිිද්‍යාල ආයතනයෙන් ඇරඹි අද විශ්වවිද්‍යාල නමින් හැඳින්වෙන ආයතන වැඩිම වුණොත් උගන්වන ආයතන පමණයි. ඒ උගන්වන්නේ බටහිර දැනුම. අපේ දැනුමත් ඉගැන්වෙන්නේ බටහිර අච්චුවට දාල. විද්‍යොදය විශ්වවිද්‍යාලය ආරම්භ කළ කාලයෙ ජ්‍යොතිෂය ඉගැන්නුවා. පස්සෙ ඒක අත්හැරල දැම්ම. විශ්වවිද්‍යාලයකට ජ්‍යොතිෂය උගන්වන එක හරි නැතිව ඇති. මා කොළඹ විශ්වවිිද්‍යාලෙ ඉන්න කාලෙ බටහිර තාරකා විද්‍යාව කියල පාඨමාලාවක් තිබුණ. පහුගිය දා ශිෂ්‍යයෙක් කතා කරල කිවුව මගේ දේශනවලට සහභාගි වීමෙන් ජ්‍යොතිෂය ඉගෙන ගන්න ආශාවක් ඇති වුණා කියල. ඒක එහෙම නම් මට සතුටු වෙන්න පුළුවන්. ඔය ඊනියා කළු කුහරයක් (black hole) ඇතුළට යන අංශුවකට මොකද වෙන්නෙ. ඒක පණු හිලකින් (worm hole) මතු වෙනවා ද? විකාර.

විශ්වවිිද්‍යාල ආයතනයෙන් හරි ලංකා විශ්වවිිද්‍යාලයෙන් හරි නිදහස් සටනට සේවයක් වෙලා තියෙනවා ද? 1921 සිට 1947 දක්වා ඔය ආයතනවලින් ඉගෙන ගත් අය නිදහස වෙනුවෙන් සටන් කරල තියෙනවා ද? අපේ පාසල් පද්ධතියෙන් බිහිවුණු අය නිදහස වෙනුවෙන් සටන් කරල තියෙනවා ද? ඔවුන් අර ඩොමීනියන් නිදහස ඇති කියපු අය. 1972 වන තුරු ඉංගිරිසි රජු අපෙත් රජු. අප ඒ ගැන ආඩම්බර වුණා. අප ජනරජයක් වුණෙ 1972 මැයි 22. ඒත් අප ඒ දිනය සමරන්නෙ නැහැ. තාමත් සමරන්නෙ අර ඩොමීනියන් නිදහස ලැබූ දවස. ඔය තමයි අපේ සමස්ත අධ්‍යාපනයෙ සංකේතය.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

දේශීය දැනුමටත් ඉඩ දෙන්න ඕන.- මහාචාර්‍ය අරුණ මුණසිංහ

(2020 දෙසැම්බර් 23 වැනි දා බදාදා) “අරුණ” පුවත්පතේ පළ වී තිබෙන සාකච්ඡාවක්


දේශීය දැනුමටත් ඉඩ දෙන්න ඕන

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ

ඉතා ඉක්මනින් කොවිඩ් – 19 වසංගතය අවසන් වන බවක් නො පෙනෙයි. මිනිසුන් එයින් මුදවා ගැනීම සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම ද යෝජනා කෙරෙයි. කෙසේ වුව ද, ඒ සම්බන්ධයෙන් පවතිනුයේ විශාල අවිනිශ්චිත බවකි. මෙම කරුණ සහ ආශ්‍රිත අනෙකුත් කරුණු ගැන විමසීමට අප මුණ ගැසුණේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතා ය. දැනට ගම්පහ මහ රෝහලේ කායික විශේෂඥ වෛද්‍යවරයා වශයෙන් ද හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරන ඔහු හදිසි වෛද්‍ය කර්ම පිළිබඳ ගෝලීය අධ්‍යයන සභාවේ මහ ලේකම් තනතුර ද හොබවයි. ඉන්දියාවේ පැට්නා නුවර පිහිටි ඉන්දිරා ගාන්ධි වෛද්‍ය අධ්‍යයන ආයතනයේ බාහිර මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කරන ඒ මහතා දැඩි සත්කාර පිළිබඳ ලෝක සහයෝගිතා මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සම්බන්ධිකාරක ලෙසින් ද ක්‍රියා කරයි. ශ්‍රී ලංකා අවදානම් සත්කාර සංසදයේ ආරම්භක සභාපති වශයෙන් ද කටයුතු කළ මහාචාර්ය මුණසිංහ මහතා හදිසි අනතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සැකැසීමේ දී ද මූලික දායකත්වයක් ලබා දෙයි.

කොරෝනාව කියන්නේ මොන වගේ ලෙඩක් ද?

අපේ බටහිර වෛද්‍ය ක්‍රමයෙන් කියන විදිහට මේක වයිරස් රෝගයක්. වයිරසයක් කියන්නේ අන්වීක්‍ෂයකින් බැලුවත් පේනේනේ නැති තරම් පුංචි රෝග කාරකයක්. මේවාට පුළුවන් ඕනෑ ම ජීවි දේහයකට ඇතුළු වෙලා වර්ධනය වෙන්න. මිනිස්සු, සත්තු, ගහ කොළ විතරක් නෙවෙයි බැක්ටීරියාවලට පවා ඇතුළුවෙන්න මේවාට පුළුවන්. වයිරස් කියන්නේ ඒ තරම් ම පුංචි රෝග කාරකයක්. දැන් පැතිරිලා තියෙන කෝවිඩ් – 19 රෝගයට අදාළ වයිරසයත් එහෙම එකක්. මේ වයිරසය ආසාදනය වීමෙන් ස්වශන පද්ධතිය ආශ්‍රිතව හැදෙන රෝගයක් විදිහට තමයි කෝවිඩ් – 19 හඳුන්වන්නේ.

මේ වයිරසයේ විශේෂත්වය මොකක්ද?

වයිරස් හින්දා හැදෙන ලෙඩ ගොඩක් තියෙනවා. මේක RNA වයිරසයක්. සාමාන්‍ය හෙම්බිරිස්සාව, ඉන්ෆ්ලුවන්සා, සාර්ස්, ඩෙංගු, ජලභීතිකාව වගේ අපි දන්න කියන ලෙඩ ගොඩක් RNA වයිරස් හින්දා හැදෙනවා. ඩෙංගු බෝවෙන්නේ මදුරුවෝ හරහා. ජලභීතිකාව බෝවෙන විදිහ අපි හැමෝ ම දන්නවා. දැන් තියෙන කෝවිඩ් – 19 ලෙඩේ බෝ වෙන්න ඒ වගේ වාහකයෙක්ගේ මැදිහත්වීමක් ඕන නෑ. මේක හැදිච්ච කෙනෙක්ගෙන් තව අයට පැතිරෙන්න පුළුවන්. ඒ වගේ ම, මේක ඉතාමත් වේගයෙන් පැතිරෙනවා. ලෝකය පුරාමත් පැතිරිලා තියෙනවා.

කෝවිඩ් – 19 හැදුණා කියලා හඳුනාගන්නේ කොහොම ද?

ඒක නම් එච්චර ලේසි නෑ. මේ වයිරසය ආසාදනය වෙච්ච බහුතරයක් කිසිම රෝග ලක්‍ෂණයක් පෙන්නන්නේ නෑ. ඉතිරි අයත් පෙන්නන්නේ සාමාන්‍ය ස්වශන ලෙඩ හැදුනාම මතුවෙන රෝග ලක්‍ෂණ. මේ වයිරසය ආසාදනය වෙලා ද කියලා තහවුරු කරගන්න දැන් PCR පරීක්‍ෂාව කරනවා. ඊට අමතරව Rapid antigen test කියලා පරීක්‍ෂාවකුත් කරනවා. ඒත් මේ සම්බන්ධ යම් යම් ගැටලු තියෙනවා.

ඒ මොනවා ද?

උගුරේ සහ ඒ ආසන්නයේ තියෙන සෙම ටිකක් ඇරගෙන තමයි PCR පරීක්‍ෂාව කරන්නේ. මේ විදිහට ගන්න නියැදියේ වයිරසයත් එක්ක බැඳිච්ච DNA ප්‍රමාණය ඉතාමත් වේගයෙන් පිටපත් කරන එක තමයි මේ පරීක්‍ෂාවේ දී වෙන්නේ. ඒ කියන්නේ ආශ්‍රිත සටහන් පොඩි ප්‍රමාණයක පිටපත් බිලියනයක් වුනත් මේ ක්‍රමයේ දී හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට වැඩි කරගත්ත නියැදියේ අපි මේ වයිරසයට අදාළ කරුණු නිරීක්‍ෂණය කරනවා. ශරීරයේ තියෙන සම්පූර්ණ වයිරස් ලෝඩ් එක (ප්‍රමාණය) ගැන අදහසක් ඒ හරහා ලැබෙන්නේ නෑ.

එතකොට ඇන්ටි-ජෙන් පරීක්‍ෂාව?

වයිරසය ආසාදනය වෙලා දවස් දෙක තුනක් ඇතුළත මේ පරීක්‍ෂාව කළාට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. ආසාදනයෙන් දවස් පහක් හයක් ගත වුනාම වයිසරය උපරිම මට්ටමට වර්ධනය වෙනවා. අන්න ඒ වෙලාවට ඇන්ටි-ජෙන් පරීක්‍ෂාව ප්‍රතිඵල පෙන්වනවා. තව දවස් දෙක තුනක් ගත වුනාම වයිරසයේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඉතින් මේ පරීක්‍ෂාවෙන් ප්‍රතිඵල ලැබෙන්නේ වයිරසයේ ක්‍රියාකාරීත්වය උපරිම වෙලා තියෙද්දි විතරයි.

මේ රෝගයට තියෙන ප්‍රතිකාර මොනවා ද?

කෝවිඩි – 19 රෝගයට කියලා නිශ්චිතව හඳුනාගත්ත ප්‍රතිකාරයක් තවමත් බටහිර වෙදකමේ නෑ. අපි දැනට කරන්නේ රෝගීන් ස්වශන ආබාධවලින් පෙළෙනවා නම් ඒවා මග ඇරවා ගන්න උදව් කරන එක. ඒ වගේ ම, උණ අඩු කරගන්න, කැස්ස සමනය කරගන්න ප්‍රතිකාර කරන එක.

එතකොට කෝවිඩ් එන්නත?

ඒක තවමත් පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. මේ වෙද්දි ලෝකය පුරාම ඖෂධ සමාගම් 57 ක් මේ වෙනුවෙන් එන්නත් හදන්න පර්යේෂණ කරනවා. සමාගම් කීපයක් දෙවැනි අදියර දක්වා ඒ පර්යේෂණ කරලා තියෙනවා. ජර්මන්, ඇමෙරිකන්, බ්‍රිතාන්‍යය සහ රුසියානු සමාගම් තුන්වැනි අදියරටත් ඇවිල්ලා. මේ එන්නත් ඉතා මිල අධික වෙන්න ඉඩ තියෙනවා. දැනට මේවා ඇනවුම් කරලා තියෙන රටවල්වලින් බහුතරයක් ඉතාමත් පොහොසත් ඒවා. සාමාන්‍යයෙන් අපි වගේ සංවර්ධනය වෙන රටවල්වලට මේ එන්නත් ලැබෙන්න තව අවුරුදු දෙක තුනක් ගත වෙන්න ඉඩ තියෙනවා.

ඒ දක්වා කරන්න පුළුවන් මොනවා ද?

ඒ දක්වා කියලා අපි හිතන්න ඕන නෑ. මේ වගේ ලෙඩවලින් ආරක්‍ෂා වෙන ක්‍රම අපේ රටේ ඕන තරම් තිබුණා. අපි කරන්න ඕන මූලික ම වැඩේ ආරක්‍ෂා වෙන එකනේ. ඒ කියන්නේ වයිරසය ආසාදනය කරගන්නේ නැතුව ඉන්න එක. අපිට කරන්න පුළුවන් දෙවැනි වැඩේ තමයි තමන්ට ආසාදනය වුනොත් අනිත් අයට බෝ කරන්නේ නැතුව ඉන්න එක. මේක කරන්න මහ වියදමක් දරන්න ඕන නෑ.

ඒ කොහොම ද?

අපි පුංචි කාලේ බෝවෙන රෝගවලින් ආරක්‍ෂා වුනේ කොහොම ද? අපි ඒවාට කිව්වේ දෙයියන්ගේ ලෙඩ කියලා. පොඩි කාලේ පැපොල හැදිච්ච වෙලාවේ කරපු දේවල් මට තාමත් මතකයි. මාව වෙන් කරලා තිබ්බා. අපේ ගෙදර ඉස්සරහා කොහොඹ අත්තක් එල්ලුවා. මට කෑම බීම දුන්නේ අම්මා. වැසිකිලයට යද්දි වුනත් මාව රෙද්දකින් පොරවලා ඇරගෙන ගියේ. ඉතින් ඒ දේවල් ඒ විදිහට ම මේකටත් කරන්න පුළුවන්. මේවාට වියදම් යන්නේ නෑ.

මේක කොච්චර කාලයක් කරන්න ඕන ද?

මම කලින් කිව්වා වගේ මේ වයිරසය ආසාදනය වෙලා දවස් දෙක තුනක් යන කල් ඒක පැතිරෙන්න තියෙන ඉඩ අඩුයි. දවස් පහක් හයක් ගත වුනාම තමයි මේක පැතිරීමේ හැකියාව උපරිමයට එන්නේ. ඊට පස්සේ ආයෙත් ඒ හැකියාව අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් වයිරසය ආසාදනය වෙච්ච කෙනා සති දෙකක් විතර වෙන් කරලා තිබුණාම හොඳට ම ඇති.

ඒ කාලය තුළ අසනීප තත්ත්වය උග්‍ර වුනොත්?

සාමාන්‍යයෙන් උග්‍ර දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන අයට, හෘද රෝගවලින් පීඩා විඳින අයට, වෙනත් ඒ වගේ අසනීප තියෙන අයට මේ රෝගයෙන් හානි සිද්ද වෙන්න පුළුවන්. එහෙම අය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒ අයගේ මූලික ලෙඩවලට අවශ්‍ය ප්‍රතිකාර අඩුවක් නැතුව කරන්න ඕන. ඒ වෙනුවෙන් රෝහල් ගත කරන්න වුනත් පුළුවන්.

එහෙම අය මේ ලෙඩේ හින්දා මරණයට පත් වෙන්නත් පුළුවන් නේ ද?

ඒ විදිහෙ මරණ සෑහෙන ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. කොහොම වුනත් මේ මරණවලට අදාළ පූර්ණ මරණ පරීක්‍ෂණ පැවැත්වීමක් දැන් කරන්නේ නෑ. දැන් කරන්නේ වාචික මරණ පරීක්‍ෂණ විතරයි. මේ මළ සිරුරු කපන්න ඕන නෑ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ මරණවලට අදාළ ඇත්ත හේතුව අපි දන්නේ නෑ. අපි අතර තියෙන්නේ යම් යම් අනුමාන විතරයි. හැබැයි ඉතාලියේ නම් මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණ ගණනාවක් කරලා තියෙනවා.

ඒ පරීක්‍ෂණවල ප්‍රතිඵල කොහොම ද?

ඉතාලියේ ඒ පරීක්‍ෂණ කරපු අය අපි මුලින් ම අගය කරන්න ඕන. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ඉක්මවලා ගිහිල්ලා තමයි ඒ අය අදාළ මරණ පරීක්‍ෂණ කළේ. මේ රෝගයෙන් මියගිය අයගේ ලේ කැටි ගැහිලා තියෙන බවක් ඒ පර්යේෂකයෝ හොයා ගත්තා. ඒක විශේෂ නිරීක්‍ෂණයක්. ඉතින් දැන් ඒ නිරීක්‍ෂණය මත පදනම් වෙලා අසාධ්‍ය රෝගීන්ට ඇස්පිරින් ලබාදීම කරනවා.

කෝවිඩ්වලට විකල්ප වෙදකම්වල ප්‍රතිකාර තියෙන්න පුළුවන් ද?

මේ “විකල්ප වෙදකම්” කියන කතාවට මම කැමැති නෑ. ලෝකයේ හැම රටක ම බටහිර වෙදකමට අමතරව ඒ අයගේ දේශීය වෙදකම් තියෙනවා. අපේ රටේ, ඉන්දියාවේ, චීනයේ, තායිලන්තයේ මේ හැම රටක ම තියෙනවා. මේවා “විකල්ප වෙදකම්” නෙවෙයි. ඒ රටවල්වල මිනිස්සු විසින් අවුරුදු දහස් ගණනක් තිස්සේ වර්ධනය කර ගත්ත දැනුම ඒ වෙදකම්වලට පදනම් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙදකම්වලින් මේ ලෙඩේ සනීප කරන්න පුළුවන් කියලා කියනවා නම් අපි ඒකට ඇහුම්කන් දෙන්න ඕන. ඉඩ දෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය හැම පහසුකමක් ම සළස්වලා දෙන්න ඕන.

ඒ ප්‍රතිකාරවල සාර්ථකත්වය මනින්නේ කොහොම ද?

අවසාන ප්‍රතිඵලය නම් බටහිර ක්‍රමවලින් වුනත් මනින්න පුළුවන්. ඒත් ඒ ප්‍රතිකාර ක්‍රම අපේ ක්‍රමවලින් පරීක්‍ෂා කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. ඒවාට අදාළ වෙනත් දැනුම් පද්ධති. වෙනත් මූලධර්ම. අපි කොහොම ද අපේ මූලධර්මවලින් ඒවා ගැන කියන්නේ? ඇත්තෙන්ම කරන්න ඕන ඒ අයට ඉඩ දෙන එක. ඒ වගේ ම අවශ්‍ය පහසුකම් සළස්වන එක. ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් අපිට නෑ.

මේ වෙනුවෙන් සායනික පරීක්‍ෂණ කරන්න බැරි ද?

අපි අපේ බටහිර වෙදකමේ සායනික පරීක්‍ෂණ කරනවා තමයි. ඒත් මේ ක්‍රම ගැනත් යම් යම් ගැටලු තියෙනවා. මිනිස්සු සමානයි කියන උපකල්පනයේ රැඳිලා තමයි අපි සායනික පරීක්‍ෂාවලට කණ්ඩායම් වෙන් කරන්නේ. ඒත් මිනිස්සු එහෙම සමාන නෑනේ. එක පුද්ගලයෙක් වුනත් මොහොතක් පාසා වෙනස් වෙනවා. ඉතින් මේවාට අදාළ උපකල්පනවල ම ගැටලු තියෙනවා. සත්තුන්ට බෙහෙත් දීලා පරීක්‍ෂා කරන එකත් එහෙම වැඩක්. මිනිස්සු සහ මීයෝ අතර කොච්චර නම් ලොකු වෙනසක් තියෙනවා ද? ඒ හින්දා දේශීය වෙදකමට තමන්ගේ ක්‍රම අනුගමනය කරන්න දෙන එක තමයි වඩා හොඳ.

හොරු, වංචාකාරයේ ඉස්සරහට එන්නත් පුළුවන් කොහොම ද?

නියම වෛද්‍යවරු ඉස්සරහට එන එක වැළැක්කුවාම තමයි හොරු, වංචාකාරයෝ ඉස්සරහට එන්නේ. කිසිම සුදුසුකමක් නැති අය ලව්වා අපේ රටේ දේශීය වෙදකම පාලනය කරන්න යනවා නම් නියම වෛද්‍යවරු ඉස්සරහට එන්නේ නෑ. දේශීය වෛද්‍යවරුන්ට තමන්ගේ පාලන සභාවක් හදා ගන්න ඉඩ දෙන්න ඕන. අපේ දේශීය වෙදකම සහ ආයුර්වේදය කියන්නේ දෙකක්. ඉතින් ආයුර්වේද වෛද්‍ය සභාවෙන් දේශීය වෙදකම පාලනය කරන්න හොඳ නෑ.

ලෙඩවලට පෙති එන්නත් ඇරෙන්න වෙන බෙහෙත් නැති ද?

ඕන තරම් තියෙනවා. සංගීත චිකිත්සාව කියලා කියන්නේ එහෙම එකක්. බටහිර රටවල්වල මේ චිකිත්සාව ක්‍රියාත්මක කරනවා. ඇමෙරිකානු සංගීත චිකිත්සා සම්මේලනය කියලා එකකුත් තියෙනවා. ඇත්තෙන්ම අපේ රටේ ඉස්සර බලි, තොවිල්, ගම්මඩු නටලා කළෙත් එක්තරා ආකාරයක් සංගීත චිකිත්සාවක් කියලා කියන්න පුළුවන්. අපි ඒ ගැන තව තව හොයන්න ඕන. එහෙම නැතුව ඒවාට ගරහලා එන්නත්, පෙති පස්සේ විතරක් ගිහිල්ලා ලෙඩවලින් අත් මිදෙන්න බෑ.

ඒ කියන්නේ අපි ඒ දේවල් හෙළා දකින්න හොඳ නෑ?

බටහිර වෙදකම භෞතිකවාදී ලෝක දෘෂ්ටියක් උඩ නිර්මාණය වෙච්ච එකක්නේ. ඒත් ලෝකය භෞතිකවාදී විදිහට විතරක් තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. මේ කාරණය හොඳින් තේරුම් ඇරගෙන අපි අපේ දේවල් ගැන නැවත හිතන්න ඕන. එහෙම නැතුව ඒ දේවල් දිහාත් භෞතිකවාදී ලෝක දෘෂ්ටියෙන් බලනවා නම් වැඩක් වෙන්නේ නෑ. එහෙම භෞතිකවාදී කණ්ණාඩියෙන් මේ දැනුම දිහා බලන අයට මේ දේවල්වල සැබෑ වටිනාකම පේන්නේ නෑ. එහෙම අය තමයි මේ දේවල්වලට ගරහන්නේ. ඒකත් එක්තරා ආකාරයක ලෙඩක්.

සාකච්ඡා කළේ: චමින්ද ඒකනායක

වරාය නැගෙනහිර පර්‍යන්තයේ දේශපාලනය – මහඇදුරු නලින් ද සිල්වා මහතා

වරාය නැගෙනහිර පර්යන්තයේ දේශපාලනය

මෙවර (2021 ජනවාරි) මුද්‍රිත කාලය සඟරාවේ පළ වූ ලිපියක සඳහන් කොටස් කිහිපයක් මෙසේයි.

“අප රටේ දේශපාලනය තීරණය කරන ප්‍රධාන සාධකයක් වනුයේ ඉන්දු චීන බල අරගලයයි. එය අපට වැඩිය ඇඟට නො දැනෙයි. එහෙත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද ඇති වී තිබෙන්නේ මෙරට දේපොළවලට මැදිහත් වීමට ඉන්දියාව හා චීනය අතර ඇති තරගයේ එක් අදියරක් බව පැහැදිලියි. අප අපේ සමහර දේපොළ මේ වන විටත් දීර්ඝ කාලීනව බදු දී ඇත. ඒ විකුණා නැති විය හැකියි. එහෙත් ඒ විකුණුවා වගේ කියා කිසිවකු කියනු අභියෝගයට ලක් කළ නො හැකි බව පැහැදිලි වෙයි.

ඉන්දියාවට වඩා චීනය ආර්ථික අතින් බලවත් වී ඇත. අද චීනය ලෝකයේ දෙවැනි විශාල ම ආර්ථිකයට හිමිකම් කියයි. චීන ආණ්ඩුව කොමියුනිස්ට් හරි සමාජවාදී හරි ආණ්ඩුවක් නො වෙයි. එහෙත් චීනය ආණ්ඩු කරන පක්‍ෂය හැඳින්වෙන්නේ කොමියුනිස්ට් පක්‍ෂය ලෙසයි. එහි කොමියුනිස්ට් අදහස් නැතිවා නො වෙයි. එහෙත් ඒ වගේ ම චීන සාම්ප්‍රදායික අදහසුත් බටහිර ලිබරල් අදහසුත් ගැබ් වී තිබෙනු දැකිය හැකියි.

චීනය දැනටමත් අග්නිදිග ආසියාවේ පමණක් නොව ඕස්ත්‍රේලියාව ජපානය නවසීලන්තය ද ඇතුළු කලාපයේ ම ආර්ථික බලවතා වෙයි. චීනයට ජපානය අභිබවා යැමට ගත වී ඇත්තේ ඉතා කෙටි කාලයක් බව අප තේරුම් ගත යුතුව ඇත. පසුගිය දා මේ රටවල් ද අග්නිදිග රටවල් ද සම්බන්ධ කර ගනිමින් කලාපීය පරිපූර්ණ ආර්ථික හවුල (RCEP) පිහිටුවා ගන්නා ලදී. ඉන්දියාවට සාක් රටවල් සමග එකතු වී මේ හවුලට මුහුණ දිය නො හැකි ය. මෙහි දී ඉන්දියාව පසුගිය කාලයෙහි සාක් රටවල් අමතක කර කටයුතු කර ඇති බව අමතක කළ නො හැකි ය.

වර්තමානයේ චීන ආයෝජන මගින් හා චීන ජන සංයුතියේ වර්ධනයත් මගින් අග්නිදිග ආසියාව චීන කලාපයක් වෙමින් පවතියි. අග්නිදිග ආසියාව මේ බලපෑම සතුටින් ඉවසන්නේ යැයි නොසිතිය යුතුයි. එහෙත් ඒ රටවලට අද විකල්පයක් නැති වෙමින් පවතියි. කලින් සඳහන් කළ පරිදි චීනය ආර්ථික බලපෑමෙන් පමණක් සැහීමකට පත් නොවනු ඇත. එයට හොඳ ම උදාහරණය දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනය දරණ ආක්‍රමණශීලි පිළිවෙත වෙයි. ඒ හේතුවෙන් වියට්නාමය කාම්බෝජය ලාඕසය ඇතුළු රටවල් ගණනාවක් චීනය සමහ හොඳ හිතක් පවත්වා ගෙන යන්නේ යැයි කිව නො හැකි ය.

ඉන්දියාවට ලෝක මට්ටමෙන් එතරම් දෙයක් කිරීමට නො හැකි වෙයි. ඉන්දියාවට වැඩිම වුවහොත් එක්සත් රාජ්‍යවල දකුණු ආසියාතික කලාපීය නියෝජිතයා බවට පත් වීමේ හැකියාව වෙයි. අප අයත්වන්නේ අග්නිදිග ආසියාවට නොව දකුණු ආසියාවට ය. ඉන්දියාව හා චීනය අතර දකුණු ආසියාතික කලාපයේ සිදු වන බල අරගලයේ විශාල බලපෑමකට අප හසු වනු ඇත. අප එය කළමනාකරණය කරන්නේ කෙසේ ද?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ප්‍රශ්නය පහසුවෙන් විසඳිය හැක්කක් නො වේ. මෙය හුදෙක් පර්යන්තය බදු දීමේ ප්‍රශ්නයක් නොවන බව පැහැදිලි ය. පර්යන්තය විකිණීමක් සිදු නොවන බව ආණ්ඩුව එකහෙළා ප්‍රකාශ කරයි. ඒ සම්බන්ධ සියලු ලියකියවිලි ප්‍රසිද්ධ කරන්නේ නම් ජනතාවට එය වැදගත් වනු ඇත.

මේ ක්‍රියාව සිදුවන්නේ චීන නව සේද මාර්ගය හා පෝට් සිටිය හෙවත් වරාය නගරය ද පසුබිම් කර ගෙන ය. වරාය නගරය යථා කාලයේ දී චීන නගරයක් වීමට ඉඩ ඇත. චීන නව සේද මාර්ගය කිසිසේත් පැරණි සේද මාර්ගය මෙන් නොවනු ඇත. නව සේද මාර්ගයට ඉන්දියාව හා එක්සත් රාජ්‍ය කැමති වේ යැයි සිතීම මුළාවක් වෙයි. අග්නිදිග ආසියාවේ රටවලට අද ඒ රටවල චීන ජන සංයුතිය ප්‍රශ්නයක් වී ඇත. චීන සේවකයන් ව්‍යාපාරිකයන් ඒ රටවල දකින්නට ඇත. ඒ ගැන ඒ රටවල ජනතාව ඉතා විමසිල්ලෙන් සිටිනු දැකිය හැකි ය. ලංකාවේ ද විවිධ චීන ව්‍යාපෘතිවල චීන කම්කරුවන් සේවය කරනු දැකි ය හැකි ය. චීන වරාය නගරය චීන නගරයක් වී කොළඹ වරාය නව සේද මාර්ගයේ මර්මස්ථානයක් වනු දැකීම ඉන්දියාව ඉවසා සිටින්නේ අප කිසිසේත් නොසිතිය යුතු ය.

අද ලොව නැවතත් කඳවුරු දෙකකට බෙදී ඇත. ඒ එක්සත් රාජ්‍ය හා චීනය ලෙස ය. බටහිර රටවල් හා ඉන්දියාව පොදුවේ ගත් කල චීන විරෝධී වෙයි. චීනය අග්නිදිග ආසියාවේ හා ශන්තිකරයේ රටවල් එකතු කිරීමට උත්සාහ දරයි. එහෙත් චීනය දේශපාලන වශයෙන් හා ආර්ථික වශයෙන් ඉතා නග්න ව ක්‍රියා කරයි. නව සේද මාර්ගයේ සේද රෙදි එලිමට බොහොා රටවල් සූදානම් නැත. දෙවැනි සීතල යුද්ධය පළමුවැනි සීීතල යුද්ධය මෙන් නො වූව ද කෙරී ගෙන යයි.

අග්නිදිග ආසියා කලාපයෙන් පිටත චීනයට වැදගත් ම රට ලංකාව වෙයි. ලංකාව බෙදා ගැනීමට චීනය හා ඉන්දියාව (එක්සත් රාජ්‍ය) අතර ඇත්තේ විශාල තරගයකි. අපි කල්පනාවෙන් වැඩ කරමු. අපට චීන කොලනියක්වත් බටහිර (ඉන්දීය) කොලනියක්වත් වීමේ අවශ්‍යතාවක නැත. එය කීමට පහසු ය. එහෙත් ක්‍රියාත්මක කිරීම අපහසු ය. නමුත් බැරි නැත. අපි අවුරුදු දහස් ගණනක් අපේ ස්වෛරීභාවය රැකගතිමු. අවසානයේ දී ගිවිසුම් නිසා පරාජයට පත් වීමු. එම්සීසී ගිවිසුම වේවා නගෙනහිර පර්යන්ත ගිවිසුම වේවා වරාය නගර ගිවිසුම වේවා ණය උගුල් විය හැකි ය. එහෙත් ඒවා එයට වඩා මරඋගුල් ය. ගිවිසුම් ඉතා පරීක්‍ෂාකාරීව අධ්‍යයනය කළ යුතු ය. “

මා ඉහත සඳහන් කොටස් උපුටා දක්වන්නේ නැගෙනහිර පර්යන්ත ප්‍රශ්නයේ දේශපාලනය සාකච්ඡා කිරීමටයි. සම්පූර්ණ ලිපිය කාලය මුද්‍රිත සමරාවේ පළ වී තියෙනවා. මේ ආණ්ඩුව කියන විධියට යහපාලන ආණ්ඩුව නැගෙනහිර වරාය පර්යන්තය ඉන්දියාවට විකිණීමටත් ජපානයෙන් ණයක් ගැනීමටත් යම් එකඟතාවක් ඇති කර ගෙන තිබුණ. එහෙත් මේ ආණ්ඩුව එය වෙනස් කර ජපානයේ ණය මුදල නොගැනීමටත් ඉන්දියාවට නැගෙනහිර වරාය පර්යන්තය නොවිකිණීමටත් කටයුතු කරල. දැන් කරන්න යන්නේ නැගෙනහිර පර්යන්තය සමාගමකට පැවරීමටත් එහි කොටස්වලින් 51%ක් වරාය අධිකාරියටත් 49%ක් ඉන්දියානු සමාගමකටත් ගැනීමට හැකි වන අයුරින් සැලසුම් කිරීමයි. මෙය ආයෝජන මණ්ඩලය යටතේ කෙරෙන්නක් ද කියන එක පැහැදිලි නැහැ.

සමාගමක කොටස්වලින් 51%ක් තිබෙන අය සමාගම හසුරුවනවා. මෙහි දී ඉන්දියානු සමාගමට ඇත්තේ 49%ක කොටස් ප්‍රමාණයක් වුණත් ඉන්දීය ආණ්ඩුව තීරණ ගැනීමේ දී බලපෑම් කරාවි යන සැකය ඇති වෙනවා. මා හිතන්නේ ගිවිසුමක් අත්සන් කරන විට පැහැදිලි ව සඳහන් කළ යුතු කරුණක් වන්නේ තීරණ ගැනීම කොටස්වලින් 51%ක් සතු වරාය අධිකාරියට සම්පූර්ණයෙන් හිමි වන බවටත් ඉන්දියානු සමාගමට ලාභයෙන් අදාළ ප්‍රතිශතය පමණක් ලැබෙන බවත් අවධාරණය කිරීමයි. එමෙන් ම ඉන්දියානු සමාගමට අයත් කොටස් යම් කාල සීමාවක දී ක්‍රමයෙන් වරාය අධිකාරියට මිළ දී ගැනීමටත් හැකි වන පරිදි ගිවිසුම සකස් කරන්න ඕන.

ඒ සමග චීනය හා වරාය සම්බන්ධ ගිවිසුම් ද නැවතත් සාකච්ඡා කරන්න ඕන. හම්බන්තොට වරාය අවුරුදු 99කට චීනයට බදු දීල. චීන වරාය නගරය කොළඹ වරාය අසළ ම තියෙන්නෙ. චීනය තම වෙළෙඳපොළ පුළුල් කරමින් ඉන්නවා. ඔවුන්ට විශාල ආර්ථීක ශක්තියක් තියෙනවා. ඉන්දියාව ඔවුන්ගේ ම වරාය නගරයක් ඉදිකරන්න යනවා. අපට දැනට සිදු වෙනවා ඉන්දියාව හා චීනය අතර අපේ ආර්ථික ගිවිසුම් දේශපාලනයත් සැලකිල්ලට ගනිමින් කළමනාකරණය කිරීමට.

අප දිවයිනක්. අපට වරාය ඉතා වැදගත්. කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය පමණක් නොව තවත් වරාය ඓතිහාසිකවත් අපට වැදගත් වෙලා තියෙනවා. වරාය සියල්ල අවසානයේ දී අපේ කළමනාකාරීත්වය යටතේ අපට පමණක් කටයුතු කිරීමට හැකි තැන් වෙන්න ඕන. නිදහසෙන් පසුවත් ත්‍රිකුණාමල වරාය කලක් යන තුරු ඉංගිරිසි පාලනය යටතෙ තිබුණෙ. අවුරුදු හැත්තැතුනකට පස්සෙ ඒ ඒ මෝරු ඒ ඒ වරායවලට එනවා. අපට දැනට මෝරුන් හසුරුවන්න වෙලා. ඒත් අපි හාල්මැස්සකු ලෙස හිතන්න ඕන නැහැ.

අපේ අවසාන ඉලක්කය වෙන්න ඕන ආර්ථික දේශපාලනික හා සංස්කෘතික (දැනුම ද ඇතුළත්) වශයෙන් ස්වාධීන වීම. අතරමග අපට බටහිර, ඉන්දියාව, චීනය, ජපානය සමග ගණුදෙනු කරන්න වෙනවා. ඒ ගණුදෙනු අපට වාසි සහගත අයුරින් කළමනාකරණය කිරීම අපේ වගකීමක්.

වැවයි දාගැබයි – මහඇදුරු නලින් ද සිල්වා මහතා

වැවයි දාගැබයි

මේ දවස්වල වැව් පිටාර ගලනවා. ඒ තරම් ලොකු වැස්සක් වැහැලත් නොවෙයි. ඊළඟට යම්තන් පායන කොට වැව් හිඳෙනවා. වැව් හැදුවෙ පොඩි වැස්සකට පිටාර ගලන්නවත් පොඩි පෑවිල්ලකට හිඳී යන්නවත් නො වෙයි. මේකට කරන පිළියම මොකක් ද? වැව් ප්‍රතිසංස්කරණය කිරීම තමයි විසඳුම. ඒත් ඒකෙන් කියන්නෙ මොකක් ද? ප්‍රතිසංස්කරණය කරන්නෙ කොහොමද? මොකක් ද අනුගමනය කරන ක්‍රමය.

කලකට පෙර මට මතක හැටියට චන්ද්‍රිකාගෙ ආණ්ඩුව කාලෙ ජ වි පෙ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙ පිටාර ගලද්දි ජ වි පෙ ඇමති කෙනකු වැව් සම්බන්ධ ව කටයුතු කළා. මගේ මතකය නිවැරදි නම් වැව් දාහක කතාවක් ඒ දවස්වල කියැවුණා. වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීම ලෙහෙසි වැඩක් නො වෙයි. සමහර විට ඒකට වෙලාවක් තියෙන්න නැතිව ඇති. ඒ වැව් දාහට මොකද වුණෙ කියල අහන එක වැඩකට නැති ප්‍රශ්නයක්. ඒවත් පිටාර ගලනව ඇති.

වැව් ගැන කතා කරන්න හිතුණෙ ජ වි පෙ නායක සහෝදරයෙක් පහුගිය දා වැව් හැදුවෙ පිටරට ආයෝජකයන් ඇවිල්ල නොවෙයි කියල කියා තිබුණ හින්ද. ඒක නම් ඇත්ත. වැව් හැදිල්ල අපේ මිනිස්සු ඉගෙන ගත්තෙ කාගෙන් ද? වැව් හැදුවෙ කවුද? ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියා ම තව තව ප්‍රශ්න ඇති වෙනවා. අපි දාගැබ් හදන්න ඉගෙන ගත්තෙ කාගෙන් ද? මා කලින් දවසක කිවුවා දාගැබ් පිරමිඩ් වර්ගයක් කියල. ඒ කතාවට අවශ්‍ය වන්නෙ පිරමිඩයක් කියන්නෙ මොකක් ද කියන එක වෙන විධියකට නිර්වචනය කරන එක විතරයි. මට එදා කියන්න අමතක වුණා. පිරමිඩයට මා දුන් නිර්වචනය අනුව කේතුවත් පිරමිඩයක් වෙනවා.

අපි වැවයි දාගැබයි ගැන කතා කරනවා. ඒත් වැව් දාගැබ් හැදුවෙ කොහොමද කියල දන්නෙ නැහැ. දැනගන්න වුවමනාවකුත් නැතිව වගෙයි. අද ඉන්න සිවිල් ඉංජිනේරු මහත්තුරු දන්නවා ද වැව් හදන්න. දාගැබ් නම් හදනව තමයි. ඒත් ඉස්සර විධියට නො වෙයි.

කොහොමත් ජ වි පෙ වැව් ගැන කතා කළත් වැව් දාහක් ප්‍රතිසංස්කරණය කරන්න කතා කළත් වැව් හදන හැටි දන්නෙ නැහැ. ලෙනින් හරි මාඕ හරි අඩු තරමෙන් විජේවීර හරි ඒ ගැන මොකුත් කියල නැතිව ඇති. පහුගියදා බෙල් බොටම් විහාර මහා දේවිලගෙ ඉඳන් බෙල් බොටම් වික්ටෝරියාලට පිම්මක් පැන්න චම්පක නම් කියන්නෙ ජ වි පෙරමුණ මනෝරාජික පක්‍ෂයක් කියල. චම්පකත් සිවිල් ඉංජිනේරුවෙක් නො වෙයි. ඔහුත් දන්නෙ නැතිව ඇති වැව් හැදුවෙ කොහොමද කියල.

වැව් හදන්න පිටින් ආයෝජකයොවත් ඉංජිනේරු මහතුන්වත් අවශ්‍ය නැහැ. ඒත් ප්‍රශ්නය තියෙන්නෙ අවශ්‍ය කාවද කියන එකේ හා ඒ අය ලංකාවෙ ඉන්නෙ කොහෙද කියන එකේ. ඉස්සර වැව් ගැන කතා කරපු තැනැත්තෙක් හිටිය මුදියන්සෙ තෙන්නකෝන් කියල. ඒ අර මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් වෙලා හිටපු තැනැත්තා නො වෙයි. ඒ වුණාට ඔහුට කිවුවෙ අගමැති අයිය කියල. එඩ්මන්ඩ් රණසිංහගෙ අධීක්‍ෂණය යටතෙ දිවයින ජාතික පුවත්පතක් ලෙස තිබුණ කාලෙ අගමැති අයිය වැව් ගැන ලිව්ව ලිපි පෙළක් දිවයිනේ පළ වුණා. කා ළඟ හරි ඒ ලිපි තියෙනව නම් පොතක් ලෙස පළ කරන එක හොඳය කියා හිතෙනවා.

අගමැති අයියා විජේවීර එක්කත් සම්බන්ධකම් පැවැත්තුවා. කඳුකරයේ තේ ගස් උගුල්ලන්න කියල විජේවීරට කිවුවෙ අගමැති අයියා. විජේවීරට ඒක කරන්න හම්බ වුණෙ නැහැ. අනුර දිසානායකට හම්බ වෙන්නෙත් නැහැ. අගමැති අයියා පොල්පොට් ගැනත් කිවුව. මට මතක හැටියට ඔහු ගවේෂකයන්ගෙ ආරාධනයෙන් කොළඹ විශ්වවිද්‍යාලයෙ නව කලාගාරයෙ දේශනයක් පැවැත්තුව. ඒ දේශනයට විශාල පිරිසක් සහභාගි වුණා කියල මගේ මතකයෙ තියෙන්නෙ. මගේ මතකය කවදත් එතරම් හොඳ නැහැ.

මා දැක්ක සිවිල් ඉංජිනේරුවකු වූ සංජීව විජේසිංහ වැව් ගැන ලියල තියෙනවා. අර ඖෂධහාමිත් වැව් ගැන ලියනවා. ඖෂධහාමිලගෙ පියාගෙ පරම්පරාවෙ අය වැව් ගැන යමක් දැන හිටියා. ඒ හතළිස්තුනේ බළකායෙ අය නොවෙයි. හතළිස්තුනේ බළකායෙ ඉන්නෙ වික්ටෝරියල මිස විහාරමහාදේවිල නො වෙයි. නිදහස් අධ්‍යාපනයෙන් අපට ලැබිච්ච දේට වැඩියි නැතිවෙච්ච දේ. අපි කියල කියන්නෙ සමස්තයක් හැටියට රටට. පෞද්ගලික ව නම් අර තනතුර මේ තනතුර ලැබෙන්න ඇති.

අවාසනාවකට අද වැව් ගැන ටිකක්වත් දන්න අය නැති තරම්. දැනගෙන හිටි පරම්පරාව දැන් නැහැ. දැන් මොකද කරන්නෙ. ඔය වැව් ටික යන්ත්‍රෝපකරණ යොදල හෑරුවොත් ඒ තමයි වැවේ අවසානය. වැව් හදන හැටි නඩත්තු කරන හැටි බටහිර තාක්‍ෂණයෙන් දැන ගන්න බැහැ. කාම්බෝජයේ වැව් තියෙනවා. කාම්බෝජයේවත් ඉන්නවද දන්නෙ නැහැ වැව් නඩත්තු කරන්න දන්න අය. කාම්බෝජයෙ වැව් අපේ වැව් තරම් පරණ නැහැ. බොහෝ විට අපෙන් එහාට වැව් හැදිල්ල යන්න ඇති කියල හිතෙනවා. කවුරු හරි ඒ ගැන අධ්‍යයනයක් කරනවද? ඒත් මා හිතන්නෙ නැහැ කරයි කියල. අපට ඒව ගැන උනන්දුවක් නැහැ. මා අත්දැකීමෙන් කියන්නෙ.

කාම්බෝජයෙ ජාතික කෞතුකාගාරයෙ තමයි දැනට දැකල තියෙන පරණ ම ශූන්‍යය සංකේතය (0) තියෙන්නෙ. ඒක හත්වැනි සියවසේ. ශූන්‍යය අද අපි හින්දුන්ට දීල. අපිට ථෙරවාද බෞද්ධයනට බිංදුව. ඒත් ශූන්‍යයට සංකේතයක් නිර්මාණය කරන්න බැහැ ශූන්‍ය සංකල්පය නැතිව. ඒක බෞද්ධයනට තිබුණ. සීගිරියෙ පස්වැනි සියවසට අයත් ශූන්‍ය සංකේත තියෙනවා. ඒත් ඒ සංකේතය බිංදුව (0) නො වෙයි. හල් කිරීම. මා ඒ ගැන කලකට පෙර ලිවුව. පුරාවිද්‍යාඥයන්ට කිවුව. කිසිවකු සතපහකට ගණන් ගත්තෙ නැහැ. හල් කිරීම ශූන්‍යය සඳහා යොදා ගැනීමටත් හේතුවක් මා කිවුව. හල් කිරීම බිංදුව (0) බවට පත් වූයේ කෙසේ ද යන්න ගැනත් මට කතාවක් තියෙනවා. ඒත් කාටවත් සීගිරි ගිහින් බලන්නවත් වුමනාවක් තිබුණෙ නැහැ.

කාම්බෝජයෙ වැව් ගැන දන්න අය නැත්තන් කරන්න තියෙන්නෙ ඒ දැනුම උඩින් ගන්න පුළුවන් ද කියල බලන එක. ඊනියා පශ්චාත් උපාධිධාරීන්ට ඒ දැනුම නැති වුණත් ඔය බාසුන්නැහැ කෙනකුට තියෙන්න පුළුවන්. අපට අවශ්‍ය හතළිස්තුනේ බළකායකට වඩා වෙනත් බළකායක්. ඔය අධ්‍යාපනයෙන් බිහිවෙච්ච අය අවශ්‍ය වන්නෙ අපට වඩා වෙනත් අයට.

රනිල් අනුර හවුලෙන් බැට කෑ මැරියට් හෝටලයේ අයිතිකරු නන්දන ලොකුවිතාන කියන කතාව

රනිල් – අනුර හවුලේ යහපාලන බොරුවෙන් බැට කෑ

හෝටලය පටන්ගත්තේ 2013 අවුරුද්දේ… මේ හෝටලය පිහිටා තියෙන්නේ ඩුබායි එයාපෝට් එක කිට්ටුව. කාමර 360ක් සහ අපාට්මන්ට් 130කින් සමන්විත අති නවීන තරු පන්තියේ හෝටලයක්.

2015න් පස්සේ මට ඉතාම අවාසනාවන්ත අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. හෝටලය හදන්න සීයට 75%ක් ණය ගත්තේ ඩුබායි එමිරේට්ස් බැංකුවෙන්. ඉඩම ගත්තේ 2007. ඉඩමට මම අවුරුදු තුනක්ම ගෙව්වා. ඩොලර් මිලියන 39ක්. ඒක අක්කර පහක ඉඩමක්. මෙහෙම හෝටලයක් හදනකොට ඩුබායි රජයෙන් ඉස්සෙල්ලාම මම කවුද කියලා හොයනවා. මගේ පසුබිම, අම්මා තාත්තා, මම කොහොමද ව්‍යාපාර පටන්ගත්තේ වගේ දේවල්… ඒ වගේම මගේ මුදල්වල ඉතිහාසය… ඉඩම ගන්න මට මුදල් කොහෙන්ද? මොන ගිණුමෙන්ද ගත්තේ? ගිණුමට මුදල් ලැබුණේ කොහෙන්ද? කොම්පැනිවල බැලන්ස් ශීට්… ඒ ඔක්කොම හොයනවා. ඒ ගැන සෑහීමට පත් වුණාට පස්සේ තමයි මම එක්ක ගිවිසුම් අත්සන් කරන්නේ… හෝටලය හැදුවට පස්සේ නැවතත් ඒ පරීක්ෂණය සොයා බැලීම් කරනවා. අවුරුද්දකට සැරයක් ඉන්ටපෝල් එකෙන් ඒ පරීක්ෂණය කරනවා. මගෙයි නෝනගෙයි පුතාගෙයි වර්ල්ඩ් වයිඩ් අපේ පාස්පෝට්, අපේ ඇස් මාක් කරලානේ තියෙන්නේ. ඒකත් එක්ක චෙක් කරනවා. අපි ලෝකේ කොහේ හරි තැනක වංචාවක්, මුදල් විශුද්ධිකරණයට අපි අහුවෙලා තියනවාද කියලා. එහෙම පරික්ෂා කරලා මැරියට් එකට ඉන්ටපෝල් එකෙන් රිපෝට් එකක් දෙනවා අපි පිරිසිදුයි නිවැරදියි කියලා. මේ ක්‍රියාදාමය අපේ රටේ ගොඩ දෙනෙක් දන්නේ නෑ.

යහපාලන ආණ්ඩුව කාලේ ඔය හෝටලය ගැන එෆ්සීඅයිඩී එකෙන්, අල්ලස් කොමිසමෙන් දවස ගාණේ පරීක්ෂණ කළා. මාව උසාවිත් ගෙනිච්චා. කඩුවෙල උසාවියේ තමයි නඩුව දාලා තිබුණේ. නමුත් නඩුව ගෙනියන්න සාක්ෂි නෑ. අන්තිමට එෆ්සීඅයිඩි එකෙනුත් මාව නිදහස් කළා. උසාවියෙනුත් මාව නිදහස් කළා. මාව උසාවියෙන් නිදහස් කළේ මේ ආණ්ඩුව ආවට පස්සේ නෙමෙයි. 2018දි යහපාලන ආණ්ඩුව කාලේමයි.

නිලධාරීන් අපක්ෂපාතීව රාජකාරිය කළත්, මාව මේකට පටලවන්න යටි අරමුණක් ඇතිවනේ කළේ. ඒ අයට ඕනා කළා මම බයට හරි ඔව් මහින්ද මහත්තයාගේ සල්ලි තමයි මේ කියයි කියලා. මහින්ද මහත්තයාගේ නම කියන්න. එතකොට අපි මේක ඉවරයක් කරලා දාන්නම් කියලා මට කිව්වා. මම නිදහස් වුණත් මට මේකෙන් වෙච්ච හානිය වචනයෙන් කියන්න බෑ.

ව්‍යාපාරික නන්දන ලොකුවිතාන

(2021 ජනවාරි 17 ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් සමග කළ සාකච්ඡාවකින් උපුටා ගත්තකි.)

ජනපතිතුමාට විවෘත ලිපියක් එරන්ද ගිනිගේ ගෙන්

වියත්මගේ නායකයා ඊයේ දින ජනාධිපතිවරයාට යවා , මුහුණුපොතේ පළකළ මෙම ලිපිය මා කම්පනයට ලක්කලා. එය සම්පූර්ණයෙන් කියවා ඔබගේ අදහස ලියන්න . ….., ගරු ගෝඨාභය ජනපතිතුමනි

ඔබතුමාගේ ජනපති ධූර කාලය තුළ සිදු වේ යැයි මා හීනෙන්වත් නොසිතූ දෑ දැන් සිදුවෙමින් තිබේ. ඒවා ලැයිස්තුවක් ඇති මුත් මේ ලිපිය ලියන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධවයි. ඔබතුමා පැහැදිලිවම ඉන්දියාවට බිය වී සිටී. ඔවුන්ගේ තර්ජන ගර්ජන හමුවේ ඔබතුමාගේ කොන්ද වකුටු වී තිබේ. ගමේ වැසියන් ඉදිරියේ වීරයෙකු මෙන් කතා කළත් ඉන්දියානුවන් ඉදිරියේ ඒ වීරකම් නැති බව පෙනේ. එය කණගාටුවට කරුණකි.

නමුත් ඔබතුමා මුහුණ දී සිටින තත්ත්වයද මට තේරුම් ගත හැකිය. ඔබතුමා බලයට ගෙන ඒමට ඇමරින්දියාව කිසියම් කාර්යයක් කළ බවත් ඉන්දියාවේ සහාය නොමැතිව ඔබතුමාට ඉදිරියට කටයුතු කළ නොහැකි යැයි පුන පුනා ඔබතුමාට කියා දෙන ඒජන්තයන් ඔබේ කර උඩ ලැගගෙන ඉන්නා බවත් පැහැදිලිය.

කිසිදු බාහිර පාර්ශවයකට යටත් නැති ජනරජයේ වැසියන්ට පමණක් වගවෙන වගකියන අයෙකු ජනරජයේ වැසියන් විසින්ම පමණක් සිය ජනපති කරගත්තා යැයි මා සිතුවත් තවත් මිලියන ගණනක වැසියන් තවම සිතා සිටියත් එය සත්‍යයක් නොවන ළාමක හිතළුවක්ම යැයි මා තේරුම් ගත්තේ ඔබ ජනපති වූ මුල් මාස කිහිපයේදීමය. ශ්‍රී ලංකාව පාලනය කරන්නේ එහි වැසියන් විසින් වැසියන්ට උවමනා ආකාරයට නොවන බව මනාව ඔප්පු කරන ආසන්නතම නිදසුන නැගෙනහිර ජැටිය පිළිබඳව ඔබතුමා සිදු කළ සසර කලකිරවන ප්‍රකාශයයි.

ලංකාවේ ජනපතිවරු සහ ආණ්ඩු හදවන්නේත් ඒ හදන ආණ්ඩු ක්‍රියා කරවන්නේත් ඒවා බිඳ දම්මවන්නේත් ප්‍රබල විදේශ සංවිධාන සහ ධනවත් පුඟුලන් විසින් බව මම දැන් ප්‍රත්‍යක්ෂයෙන් දනිමි. ලබන පෙබරවාරි හතර වැනිදා සමරන ඊනියා ස්වාධීනත්වය යනු අප අපවම රවටා ගන්නා හිස් කර්මයක් බව පැහැදිලිය. මන්ද ජනරජයේ සම්පතක් පිළිබඳව තීරණය ගන්නේ විදේශ රාජ්‍යයක උවමනාවට නම් ජනරජය ස්වාධීන විය නොහැක. ස්වෛරී විය නොහැක. නිදහස් විය නොහැක. ඒ අනුව බලන කල මේ රාජ්‍යය ජනරජයක්ද නොවේ. මන්ද රාජ්‍යයේ අයිතිය එහි වැසියන් නොවන අයටද තිබෙන බැවිනි. එහි ඇති ප්‍රජාතන්ත්‍රයකුත් නැත. මන්ද රාජ්‍යය තන්ත්‍රය සඳහා තීන්දු තීරණ ගන්නේ එහි වැසියන් විසින්ම නොවන බැවිනි.

මෙවැනි මූලධර්ම සහ ප්‍රතිපත්තිමය කාරණා ගැන මා වදවෙන බව ඔබතුමා දනී. නමුත් බහුතර ලක්වැසියන්ට මේවා ගැන අවබෝධයක් හෝ උනන්දුවක් හෝ නැති බවත් අප දෙදෙනාම දනී. අයිතියෙන් කොටස් විකිණීම “විකිණීමක්” නොව “ආයෝජනයක්” යැයි ඔබතුමා කියන්නේ එවැනි පරස්පර ප්‍රකාශ විනිවිද දැකීමට තරම් බුද්ධියක් බහුතර ලක්වැසියන්ට නොමැති බව ඔබතුමා දන්නා බැවිනි. මා බලාපොරොත්තු වූයේ ඔබතුමා ඒ ලක්වැසියන්ට බුද්ධියේ පහණ දල්වනු ඇත කියාය. නමුත් ඔබතුමා කරන්නේත් අන් සියලු නියෝජිතයන් කරන්නාක් මෙන් අන්ධකාරයම පවත්වා ගැනීමකි. එය ඔබතුමාගේ පෞද්ගලික උවමනාව මත වුවත් නැතත් කොහොමත් සිදු වෙන්නේ එය බව ඔබ පිළිගත යුතුය.

මා බලාපොරොත්තු වූයේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියකි. නමුත් ජනරජයේ ප්‍රධානයාම විදේශයන්ට බැඳී ඇත. මා බලාපොරොත්තු වූයේ ලංකාවේ වරාය විසින් දකුණු ආසියාවේ වෙනත් වරාය කළමනාකරණය කරන දිනක් ඉක්මනින් උදාවනු ඇත කියාය. නමුත් දැන් සිදුවන්නේ ලංකාවේ හැදෙන වරාය ටිකත් බාල පිටස්තර ව්‍යාපාරිකයන් විසින් කළමනාකරණය කරන තැනට වැටීමයි. මා බලාපොරොත්තු වූයේ ඔබතුමා ඒ දිනවල අපට කියූ මෙරිටෝක්‍රසී ක්‍රමයට රටේ දක්ෂයාටම සුදුසු තැන දෙනු ඇත කියාය. නමුත් ඔබතුමා වරායට පත් කිරීම් කර ඇත්තේ වෙනත් රටවල උවමනාවටය. මා බලාපොරොත්තු වූයේ සියලු විධායක කටයුතු විවෘතව සහ විනිවිදභාවයකින් සිදු කරනු ඇත කියාය. නමුත් නැගෙනහිර ජැටිය අරබයා ඇස්තමේන්තු වැසියන්ට දක්වා නැත, ව්‍යාපාර සැලැස්ම වැසියන්ට දක්වා නැත, වාසි-අවාසි විශ්ලේෂණ වැසියන්ට දක්වා නැත, විකල්ප සැසඳුම් වැසියන්ට දක්වා නැත, අවදානම් කළමනාකරණ සැලසුම් වැසියන්ට දක්වා නැත, විවෘත ටෙන්ඩර් පටිපාටි නැත…

මා බලාපොරොත්තු වූයේ කෙතරම් අපහසු වුවත් ඔබතුමා හරි දෙයම හරි විදිහට හරි තැන හරි වේලාවට කරනු ඇත කියාය. සියලු බාධක හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිනු ඇත කියාය. නමුත් ඔබතුමා පීඩනය ඉදිරියේ සැලී ඇත. ඉතා විශාල වන්දියක් ගෙවා උගත් වටිනා පාඩම් ඔබතුමාට අමතක වී ඇත. ඔබතුමා පසුපසින් අවංක දක්ෂ ශක්තිමත් කණ්ඩායමක් නැත. ඉන්නේ මිත්‍යාදෘෂ්ටික අවස්ථාවාදී අහංකාර බිස්නස්කාරයන් කිහිපදෙනෙකි. එවැනි තත්ත්වයක් හමුවේ ඉදිරියට යහපතක් වේ යැයි සිතන්නට බැහැ ජනපතිතුමනි. ඔබ විසින් ඔබවම අර්බුදයට පත් කරගෙන ඇත.

ඔබතුමා නිල වශයෙන් ජනපතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ දිනයේ හිටපු ජනපති ගරු මහින්ද රාජපක්ෂ මහතා සිය විශිෂ්ට කතාව අවසානයේ ඔබ දෙසට ඇඟිල්ල දිගු කරමින් කියූ ප්‍රකාශය මාගේ දෙසවනේ දෝංකාර දේ. “මට පළමුව වටින්නේ මගේ රට… දෙවනුවත්… තෙවනුවත් මට වටින්නේ මගේ රට… ගෝඨා! ඔබටත් එය එසේ විය යුතුයි!!!” යනුවෙන් ශාලාව ගුගුරවමින් ඒ කියූ වචන අද මහත් බරකින් දැනේ. ඔබතුමාට ඒවා මතකද?

ඔබේ විශ්වාසී

එරන්ද ගිනිගේ
වැසියා
2021 ජනවාරි 15