දෙවියන්ට සහ නාගයන්ට පින් අනුමෝදන් කළ ද, යක්ෂයන්ට පින් අනුමෝදන් නොකිරීම ගැන පසුගියදා අදහසක් පල කළෙමි…ඇතමුන් ඒ සම්බන්ධයෙන් වෙනත් ස්ථානවල අදහස් පලකර තිබෙනු දුටුවෙමි…එමෙන්ම මින් පෙර ද ඒ පිළිබඳ සාකච්ඡා කෙරී ඇත…

නුවර යුගයේදී නිර්මාණය කළා යැයි ඇතමුන් විසින් සැලකෙන “ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා…” ගාථාවේ යක්ෂයන් පිළිබඳව සඳහන් නොවන්නේ කුමක් නිසාදැයි ඇතමුන් ප්‍රශ්නකර තිබිණි…එයට පැහැදිලි පිළිතුරක් ඇති මුත්, මේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සුදුසුම අවස්ථාව නොවන බැවින් පසුවට කල් තබමි…

ඇතමුන් තර්ක කරන පරිදි උක්ත ගාථාවේ යක්ෂයන් පිළිබඳව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නොවෙයි. එයට හේතුව වශයෙන් එක් අයෙක් සඳහන්කර තිබුනේ බුදුරදුන් දෙවියන්ව යක්ඛ ලෙස ඇතැම් අවස්ථාවක හඳුන්වා ඇති බැවින් මෙම ගාථාවෙහි යක්ෂයන් පිළිබඳව අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍ය බවයි. එය එසේනම් ගාථාවෙහි “දේවා” වෙනුවට “යක්ඛා” යනුවෙන් යෙදීමට ද හැකි බව එම තර්ක නගන්නවුන්හට නොසිතීම පුදුමසහගත ය…

නමුත් මහා සමය සූත්‍රයෙහි පැහැදිලිවම යක්ෂ, දේව, නාග, බ්‍රහ්ම ආදීහු වෙන වෙනම කොට්ඨාශ ලෙස සඳහන්කර ඇති බව ඉහත සඳහන් තර්ක නගන භූමාටු පඬියන්ට නොපෙනීම ඔවුන්ගේ පඬි භාවයේම ලක්ෂණයක් විය හැක…

භූමාටු පඬියන්ගේ තවත් තර්කයක් වන්නේ වෛශ්‍රවණ වැනි යක්ෂයන් ද දෙවියන්ම වන බැවින් අමුතුවෙන් යක්ෂයන් පිළිබඳව සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, “දේවා” යන්නෙහි යක්ෂයන් පිළිබඳව ද කියැවෙන බවත් ය… එසේනම් විරූපාක්ෂ යනු නාගයන්ගේ අධිපති දෙවියෙක් බැවින්, නාග යන්න ද “දේවා” යන්නෙහි අඩංගු විය යුතු ය. ඉදින්, අමුතුවෙන් “නාගා” යන්නක් සඳහන් කරන්නේ අහවල් කෙංගෙඩියකටද ?

භූමාටු පඬියන්ට යකුන්ගේම පිහිටයි….

කාර්ඩිනල් මැල්කම් ගහන්නේ ඩබල් ගේමක්

පාස්කු ප්‍රහාරය ඇති වෙන්න වග කියන්න ඕනේ කාදිනල් කියලයි කියන්න ඕන. මොකද එදා ඥානසාර හාමුදුරුවරු වගේ ජාතික බලවේග මුස්ලිම්වරුන්ට විරුද්ධව කතා කරනකොට .එයට ්‍රධාන වශයෙන් විරුද්ධ වුණේ කාදිනල්තුමායි. මුස්ලිම්වරුන්ට විරුද්ධව කතා කිරීම ජාතිවාදයක් ලෙසයි දැක්කේ. ඔහු එහෙම කලේ බෞද්ධයන්ට එරෙහිව මුස්ලිම්වරුන් තමන්ට යොදවා ගන්න පුළුවන් වන නිසයි. කාදිනල් ගහන්නේ ඩබල් ගේමක් එක පැත්තකින් මුස්ලිම්වරුන් යොදවා බෞද්ධ බලය ජාතිකත්වය දුර්වල කරනවා.අනිත් පැත්තෙන් ජාතිකත්වය අතට ගන්නවා.මෝඩ සාමාන්‍ය ජනයා මේක දන්නේ නෑ.මාධ්‍යයට මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ.මාධ්‍ය බලන්නේ උඩින් පේන පොත්ත පමණයි. පාස්කු ප්‍රහාරයේ ප්‍රධානම වැරදිකරුවා කාදිනල්තුමා.මුස්ලිම්වරුන්ට එහෙම තත්ත්වයක් ඇති කරලා ඉඩ ප්‍රස්තා .යටිතල පහසුකම් ඔක්කොම සැපයුවේ කාදිනල් තුමා විසිනි. කාදිනල්තුමාගේ ඩබල් ගේම මිනිස්සුන්ට පැටලිලා තියෙන්නෙ. කාදිනල් මේ නොකියා කියන්නේජිනීවා මානව හිමිකම් වලට යනවා කියලායි. කියන්නෙත්.තර්ජනය කිරීමක්.
කොටින්ම කිව්වොත් ලැබෙන දුර්වලම අවස්ථාවෙන් රැගෙන කාදිනල් මේ රටේ බලය අල්ලා ගෙන තම දේව රාජධානිය පිහිටුවනවා.
ජාතිකත්වය අතට ගන්නේ ඒ නිසයි.දැන් බෞද්ධකමත් අතට ගනිමින් පවතිනවා.මූලික වශයෙන් මේ මූල ධර්මය අවබෝධ කරගන්න ඕන සිංහල බහුතර බෞද්ධයන් විසින්.

සාමන්ත ඒකනායක මහතා

ජී එල් සිය දිවි නසා ගැනීම- මහඇදුරු නලින් ද සිල්වා මහතා

ජී එල් සිය දිවි නසා ගැනීම

පහුගිය දා ගාමිණී ලක්‍ෂමන් පීරිස් හෙවත් ජී එල් පීරිස් හොඳ කතාවක් කියා තිබුණා. ඔහු කියා තිබුණා දැන් තියෙන අධ්‍යාපන ක්‍රමය විභාග මූලික හරි විභාග කේන්ද්‍රීය හරි බවත් ඉන් කටපාඩම් කරන සිසුන් පිරිසක් බිහිවන බවත්. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලත් ඔහු කියා තිබුණා. මෙය හොඳ කතාවක් වුණත් අප පළමුවරට අහන කතාවක් නො වෙයි. මට මතක හැටියට පහුගිය අවුරුදු පනහ හැටක කාලයක සමහර විට ඊටත් වඩා කාලයක අප මේ කතාව අහල ඇති. ඒත් අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා නැහැ.

ජී එල් පීරිස් අමතක කරන කාරණය තමයි මේ අධ්‍යාපන ක්‍රමය නොවන්නට ඔහුට ඊනියා උගතකු ලෙස රටේ තැනක් නොලැබෙන බව. ඔහුගේ පරම්පරාවේ හා විවාහයේ ආනුභාවයෙන් ඔහුට ධනවතකු ලෙස වැදගතකු ලෙස රටේ තැනක් ලැබේවි. එහෙත් ඔහුට ඊනියා උගතකු ලෙස රටේ තැනක් ලැබෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමය නිසයි. ඔහු මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වූවෙක්. මේ අධ්‍යාපන ක්‍රමය නැති කිරීමෙන් ඔහු වැන්නන් බිහි කිරීම වළක්වන්න පුළුවන්. එය කෙරේවි යැයි හිතන්න බැහැ. ජී එල් සිය දිවි නසා ගන්න එකක් නැහැ. අඩු තරමෙන් සිය ක්‍රමය නසන එකක් නැහැ.

ඔහු පමණක් නොව විභාග සමත් වීම නිසා සමාජයේ වැදගතුන් ලෙස තැනක් ලැබී ඇති බටහිර වෙද මහතුන්, ඉංජිනේරුවන්, පරිපාලන නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුනුත් මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වූවන්. මේ අධ්‍යාපන ක්‍රමයේ මූලික කටයුතු නම් කරුණු දත්ත එක් රැස් කිරීම, ඒ එක් රැස කරගත් දේ විභාගවල දී වැමෑරීම, ඉදිරිපත් කිරීම හා එතරම් වැදගත් කමක් නැති පරිධියේ ප්‍රශ්නයක් විසඳීම ආදියයි. මේ ටික ඒ ඒ ප්‍රමාණයට කිරීමට හැකි අය සමාජයේ ඒ ඒ ප්‍රමාණයට උගතුන් ලෙස සැලකෙනවා. සමහරව විට ඊනියා ප්‍රාමාණික උගතුන් ලෙසත් සැලකෙනවා. මේ අයගෙන් නිර්මාණයක් කෙරෙන්නේ නැහැ. දැනුමට වැදගත් දෙයක් එකතු වන්නේ නැහැ. ඔවුන් අනුකරණය හැරෙන්න වෙනත් යමක් දන්නේ නැහැ.

සමාජයේ වැදගත්කම යන්නත් සමාජය විසින් ම සංස්කරණය කෙරුණු දෙයක්. වැදගතා යන්න ඒ ඒ සමාජයට සාපේක්‍ෂයි. අද මෙරට වැදගත් යැයි සම්මත අයකු නුවර යුගයේ දී වැදගත් වීමට ඉඩක් නැති ව තියෙන්න පුළුවන්. එමෙන් ම නුවර යුගයේ වැදගත් ලෙස සැලකුණු අයකු වත්මන් සමාජයේ වැදගත් නොවන්න පුළුවන්. අද සමාජයේ බටහිර උගත්කමට ඒ ඒ මට්ටම අනුව ඒ ඒ වැදගත්කම් ලැබෙනවා.

කවුරු හරි කියන්න පුළුවන් මටත් සමාජයේ තැනක් ඇත්තේ අධ්‍යාපනය නිසා බව. මා එසේ නො වේ යැයි කියන්නේ නැහැ. එහෙත් මා ඒ අධ්‍යාපනයෙහි ඉත්තකු වීම නවතා අවුරුදු තිස්පහකට වැඩියි.

අපේ අධ්‍යාපනයේ වැරදි රාශියක් තියෙනවා. පළමුවෙන් ම එය අපේ අධ්‍යාපනයක් නො වෙයි. ඒ අප මත පැටවූ එකක්. අපට අවස්ථාවක් ලැබුණේ නැහැ බටහිර අධ්‍යාපනයත් දැනුමත් අපේ සංස්කෘතියට අවශෝෂණය කරගෙන ඒ අපේ බවට පත් කර ගැනීමට. අපට බටහිර අධ්‍යාපනය, බටහිර දැනුම විතරක් නොවෙයි බටහිර දේශපාලනයත් පටවල තියෙනවා. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයත් අප මත පැට වූ එකක්. මෙරට මේ එකක්වත් බටහිරට ඕන විධියටවත් අපට ඕන විධියකටවත් ක්‍රියාත්මක වන්නේ නැහැ.

අපි අධ්‍යාපනය ගැන සිත යොමු කරමු. අපේ පාසල්වල ඒ දවස්වල භාෂාව යටතේ අවබෝධය සඳහා පාඨයක් නියම කෙරුණා. එහෙත් ඉන් එතරම් වැඩක් වුණා ද කියන එක සැකයි. අද බොහෝ උගතුන්ට ලිපියක් කියවා තේරුම් ගැනීමට බැහැ. අප ලිපියක් කියවන්නේ කතාවක් අහන්නේ අපට සාපේක්‍ෂ ව. අපට ඇතැම් විට ලේඛකයා ගැනත් යම් පූර්ව නිගමනයක් තියෙනවා. ඒ නිගමනය අනුව ලේඛකයා කියන්නේ මේක කියා අප හිතා ගන්නවා. පාසල්වල ඊනියා අවබෝධයක් ලබා ගන්නේ කෙසේ ද කියා උගන්වන්නේ නැහැ. පාසලේ දී අපට පාඨයක් ලැබෙන්නේ ඊනියා වාස්තවික එකක් ලෙස.

අපට සංකල්ප ගැන නිසි අවබෝධයක් ලැබෙන්නෙත් නැහැ. බටහිර රටවල සංකල්ප ඉගැන්වීමේ දී ප්‍රවේසම් වෙනවා. ඒ සංකල්ප අප උගන්වන්නේ එතරම් ප්‍රවේසමක් නැතිව. සරල රේඛාවක් යනු මෙරට බොහෝ දෙනාට සරල රේඛා ඛණ්ඩයක් පමණයි. මා ඒ ගැන කිහිප වතාවක් ම කියා ඇති. සරල රේඛාවක් හිතෙන්වත් මවා ගන්න බැරි බවත් බොහෝ දෙනා දන්නේ නැහැ. ඔවුන් සරල රේඛා කියා මොනවාදෝ මෝල්ගස් වගේ ජාතියක් හිතෙන් මවා ගන්නවා.

අප විසඳන්නේ පරිධියේ ප්‍රශ්න. එයට හේතුව අප අසන්නේ පරිධියේ ප්‍රශ්න වීම. අප කේන්ද්‍රීය ප්‍රශ්නයක් අහන්නේ නැහැ. බටහිරයන් අප මත පටවන දැනුම මතක තබා ගෙන වැමෑරීමට අමතර ව අප කරන්නේ ඒ දුනුම අප ලබා ගන්නා ආකාරය අනුව පඬි ප්‍රශ්නයක් ඇසීම පමණයි. අප ලබා ගෙන ඇති පශ්චාත් උපාධි සඳහා ඉදිරිපත් කරන කෙටි හෝ දීර්ඝ හෝ නිබන්ධනවලින්, අලුත් දැනුමක් එකතු වන්නෙත් නැහැ.

ඒ අතර පඬි නැට්ටන් තවත් පඬි ප්‍රශ්න අහනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව. එය සමාජයේ වැදගතකු වීමට ඊනියා වීරයකු වීමට පහසු මගක්. යශෝධරා දේවිය ගැන අහන ප්‍රශ්න මරිය තුමිය ගැන අහන්නේ නැහැ. නිකමට අල්ලා දෙවියන්ට යමක් කියල බලන්න. මෙයට හේතුව බටහිරයන් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ප්‍රශ්න ඇසීමට දක්වන අනුග්‍රහය. බටහිරයන් හා ඔවුන්ගේ ක්‍රමය විසින් එසේ සිංහල බෞද්ධ විරෝධී ප්‍රශ්න අසන්නන් වීරයන් බවට පත් කෙරෙනවා. අද සියලු ඒක දේවවාදීන්ට, බටහිර විද්‍යාඥයන් ද අවසාන විග්‍රහයේ දී ඒක දේවවාදීන්, අවශ්‍ය ඒක දේවවාදයක්, නිර්මාණවාදයක්, තබා ඊනියා පැවැත්මක් ගැනවත් නොකියන බුදුදහම නැති කිරීම. ඔවුන්ට බුදුදහම පොත්පත්වල තිබීම ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් බුදුදහම මත පදනම් වූ සංස්කෘතීන් ආගම් පැවතීම බටහිරයන් නුරුස්සන දෙයක්.

සිංහල බුද්ධාගම ගැන ප්‍රශ්න ඇසීමට එයට පහර දීමට බටහිරයන් පඬියන් පඬි නැට්ටන් හා පඬි පෝතකයන් යොදා ගන්නවා. සිංහල බෞද්ධ සංස්කෘතියේ ඊනියා මිථ්‍යාවලට පහර දෙනවා. ඇතැම් පඬි නැට්ටන් බටහිර විවේචනවලින් බේරෙන්න බුදුදහම තාර්කික කරන්න හදනවා. ඒ අතක්කාවචර දහමක් බවත් අමතක කරමින්.

ජී එල් පීරිස්වත් අධ්‍යාපන නිලධාරීන්වත් මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන එකක් නැහැ. එසේ කිරීම එක් අර්ථයකින් සිය දිවි නසා ගැනීමක්. ඔවුන් වැඩිම වුණොත් බටහිර තියෙන තවත් යම් අංගයක් මෙරට අධ්‍යාපනයට හඳුන්වා දේවි. අනුකාරකයන්ට කළ හැකි වෙනත් යමක් නැහැ.
මහඇදුරු නලින් ද සිල්වා මහතා

ඉතිහාසය මයිස්ටරයෝ සිංහලයාට පත බාති

ඉතිහාසය මයිස්ටරයෝ සිංහලයට පතබාති

බ්‍රිතාන්‍යයන්ට ඉන්දියාව යටත් වන තෙක්ම ‘බ්‍රාහ්මී’ නමින් අකුරු වර්ගයක් දඹදිව භාවිත වූ බවට සාක්ෂ්‍ය නැත. ඉන්දියාවේ කටයුතු සොයා බැලූ යුරෝපීය පඬියෝ, බ්‍රාහ්මණයන් ඉන්දියානුවන්ට අධ්‍යාපනය සැපයූ ආචාර්යවරුන් වශයෙන් සලකා, ඉන්දියාවේ ශිලාලිපි ලියවුණ අක්ෂර සඳහා බ්‍රාහ්මී යයි නමක් තැබූහ. ඔවුන්ගේ හපන්කම් කියවෙන ලිපි අන්තර්ජාලයේ පවා දක්නා ලැබේ. හින්දුන්ටත් වඩා ඉහළින් ඒ හපන්කම් ලංකාවේ සිංහල බෞද්ධ පඬියෝ පිළිගනිති. ‘බ්‍රාහ්මී අක්ෂර’ නම යොදා ඇත්තේ ‘බෞද්ධ අක්ෂර’ වලට බව ඔවුන්ට නොසිතේ.
සෙල්ලිපි පිහිටුවීම බ්‍රාහ්මණයන්ගේ ක්‍රියාවක් විය නොහැකිය. ඉන්දු සරස්වතී ශිෂ්ටාචාරයෙන් සෙල්ලිපි හමුවී නැත. සෙල්ලිපි පිහිටුවීම ධර්මාශෝක අධිරාජයා ඇරඹූ වැඩපිළිවෙළකි. එතුමා එමගින් කරන්නේ බෞද්ධ චින්තනය රට වැසියාට වටහාදීමයි. ලංකාවේ ඇතැම් ඉතිහාස ‘මයිස්ටරයන්’ ‘අශෝක බෞද්ධයකුදැ’යි ප්‍රශ්න කරමින් පත්තර සඟරාදියට ලිපි සපයා තිබේ. බුදුදහමේ මූලික ඉගැන්වීම් කිසිවක් අශෝක ලිපිවල අඩංගුව නැත යන්න ඔවුන්ගේ තර්කයකි. මොවුන් කියන්නේ අශෝක රජු බෞද්ධයකු නොවන බවයි. මෙයද ඇතැම් යුරෝපා ඉන්දු ශාස්ත්‍රයන්ගේ අදහසකි.
ඉංග්‍රීසින්ගේ අධ්‍යාපන භාෂාව ඉංග්‍රීසි වූවාසේම, ‘සංස්කෘත’ බ්‍රාහ්මණයන්ගේ අධ්‍යාපන භාෂාව වූයේය. අශෝක සෙල්ලිපි ලියැවී ඇත්තේ සංස්කෘත භාෂාවෙන් නොවේ. ගාන්ධාර ප්‍රදේශයෙන් භාෂා තුනකින් ලියවුණ සෙල්ලිපියක් ලැබී තිබේ. ‘ඇරමයික්’ එහි අඩංගු එක් භාෂාවක් වීමෙන් ඔප්පු වන්නේ මෙම ප්‍රදේශයේ ඇරමයික් භාෂාව ජනප්‍රිය වී පැවති බවයි. මෙය ඉතාම වැදගත් කාරණයකි. ‘අපරගෝයානය’ට සම්බන්ධ වෙළෙන්දන් සහ සංචාරකයන් පැමිණීම මෙම සෙල්ලිපියෙහි ඇරමයික් භාෂාවෙන් අශෝක ධර්මය ඉදිරිපත් කිරීමට හේතුවකි. යේසුස් වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ ඇරමයික් භාෂාවෙන් බවට විශ්වාසයක් පවතී. අශෝක ලිපිවල අඩංගු ධර්මය බ්‍රාහ්මණයන්ගේ ධර්ම ශාස්ත්‍රය යැයි ඇතැම් හින්දු ආචාර්යවරුන් තර්ක කරන නමුදු, අශෝක සෙල්ලිපිවල සඳහන් වන්නේ බුද්ධ ධර්මය විනා බ්‍රාහ්මණ ධර්මයක් නොවේ.
නැගෙනහිර පළාතේ තිරියාය විහාරයේ සංස්කෘත භාෂාවෙන් ලියවුණ ඉතා පැරණි සෙල්ලිපියක් තිබේ. මෙය තපස්සු භල්ලුක වෙළෙඳුන් විසින් පිහිටුවන ලද්දකි. මෙම සෙල්ලිපිය මුල්කරගෙන, ලංකාවේ පැරණි සෙල්ලිපි භාෂාව සංස්කෘත යැයි ප්‍රකාශ කළ නොහැක. ලංකාවේ සෙල්ලිපි බොහෝමයක් ලියැවී ඇත්තේ සිංහල භාෂාවෙනි. ඒ වර්තමානයේ ව්‍යවහාර වන සිංහලයෙන් නොවේ. පැරණි සෙල්ලිපි අකුරුවලට ‘බ්‍රාහ්මී’ යන නම භාවිත කිරීම වැරදිය. ලංකාවේ සෙල්ලිපි පිහිටුවීම මහින්ද හිමියන් බුදුසසුන පිහිටුවීමෙන් පසු සිදුවූ ක්‍රියාවකි. මහින්ද හිමියන් ප්‍රධාන අශෝක ධර්මදූත පිරිස ලංකාවට පැමිණ බුදු සසුන පිහිටුවීමට පෙර පිහිටුවූ පැරණි සෙල්ලිපි ලංකාවේ ඇතැයි කියන්නෝ සිටිති. ඔවුන්ගේ කතා අඩංගු වීඩියෝ චිත්‍රපටි ‘යූටියුබ්’හි තිබේ. මේ කතා අදහන්නෝ සිටිති. මේ යට ඇත්තේ, මහින්දාගමනයෙන් ලංකා සමාජයේ ලොකු වෙනසක් සිදු නොවූ බව කියමින් බුද්ධාගමට එරෙහිව මඩ කතා පැතිරවීම බව සමහරුන්ට නොවැටහේ. මඩ කතා කියන්නෝ ලංකාවේ යකුන් පුදුම හපන්කම් කළ බව කියමින් බොරු දේශප්‍රේමයක් පෙන්වති. ඔවුන් පවසන ආකාරයට, ‘යක්කු ගුවන් යානා හදාගෙන ලෝකයේ එහා මෙහා සංචාරය කිරීමට තරම් දියුණු තාක්ෂණයක් සහිතව ජීවත්වූහ.
සිංහල භාෂාව, පාලි සහ සංස්කාත භාෂාවන්හි උපකාරය ලබමින් දියුණුවූ බව ඇත්තකි. දෙමළ භාෂාවේ දියුණුවටත් මාගධි සහ සංස්කෘත භාෂාවන් ආධාර වී තිබේ. ‘සිලප්පාදිකාරම්’ සහ ‘මණිමේඛලායි’ කාව්‍ය දෙක ඊට හොඳ නිදසුන්ය. බෙදුම්වාදී දෙමළ චින්තනයට ගොදුරු වූවන්ට ඒ ඇත්ත පිළිගැනීමට නොහැක. සංස්කෘත භාෂාව ද්‍රවිඩ භාෂාවෙන් පෝෂණය වූ භාෂාවක් යැයි ඔවුහු සිතති. මේ කරන්නේත් ඇත්ත විකෘත කිරීමකි.
ඇතැමුන්, ‘ඉන්දියාවේ දක්ෂිණා පථයේ ප්‍රධාන රාජධානි හතරේ (චෝල, පාණ්ඩ්‍ය, සත්‍යපුත්‍ර, කේරලපුත්‍ර) ම භාෂාව දෙමළ ය’යි කියන්නේ, ඉංග්‍රීසි කාලයේ ඉදිරිපත් වූ ‘බ්‍රාහ්මී කතාන්දරය’ පදනම් කර ගනිමිනි. දහවැනි සමස්ත ඉන්දියා පෙරදිග සම්මේලනයට ලිපියක් ඉදිරිපත් කරන නාරායන් රාඕ, මේ පිළිබඳ මනා පැහැදිලි කිරීමක් කළේය. පාණ්ඩ්‍ය රාජ්‍යයේ රාජ්‍ය භාෂාව වූයේ පාණ්ඩ්‍ය භාෂාව මිස චෝල රටේ භාෂාව වූ දෙමළ නොවන බව ඔහු පෙන්වා දුන්නේය. පාණ්ඩ්‍යයන් ද්‍රවිඩයන් නොවන බව පැහැදිලි කරන ඉතිහාස සාක්ෂ්‍ය බොහෝමයකි. ලංකාවේ ඉතිහාසය පැහැදිලි කරන ‘මයිස්ටරයන්’ වැඩි පිරිසක් විජය රජු කිරුළු පැලඳීම සඳහා මධුරා පුරයෙන් බිසවක ගෙන්වූ බවට මහාවංශයේ සඳහන් පුවත ඉදිරිපත් කරන්නේ, ‘මදු රට පාණ්ඩ්‍ය දේශයේ මධුරා නුවර ය’යි සිතමිනි. මෙයත් සිංහල විරෝධයකි. මහාවංශ සංස්කරණවලදී සිදුවූ වරදක් මේ මදුරා කතාවට මුල් වී තිබේ.
දඹදිව ප්‍රකට මදු කුමරියෝ දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රටේ විසූවෝ නොවූහ. මෙය උතුරේ පැවති රටකි. මදු කුමරියක පාවා ගැනීම දඹදිව රාජධානි බොහෝමයක ක්ෂත්‍රීය කුමාරවරුන්ගේ සිහිනයක් වූයේය. නමුත් ඔවුන් පාවා ගැනීම පහසු කාරණයක් නොවිණි. ක්ෂත්‍රීය රාජ කුමාරවරුන්ට ඒ සඳහා විශාල තරගයකට මුහුණදීමට සිදුවිය. කුස ජාතක කාව්‍යයේ සඳහන් වන පබාවතී කුමරිය මදු කුමාරිකාවකි. විජය රජු කුමාරිකාවක ගෙන්වා ගෙන ඇත්තේ සිංහ රාජ්‍යය සමීපයේ පිහිටි මදු රටිනි.
කිතුනු දේවගැතිවරුන් තමිල්නාඩුවේ දෙමළ ජාතිවාදී බීජ වැපිරූ නිසා නාරායන් රාඕගේ ඉදිරිපත් කිරීම යට ගියේය. පසුගිය කාලයේ දෙමළ භාෂාව වැඩි දියුණු වී ඇත්තේ සංස්කෘත භාෂාවේ ආධාරයෙනැයි පැවසූ ශාස්ත්‍රඥයෝ තමිල්නාඩු දේශපාලනඥයන්ගේ උදහසට ලක් වූහ. එය අදටත් සිදුවේ. තමිල්නාඩු දේශපාලනඥයෝ එහි සාමාන්‍ය ජනයා රැවටීම සඳහා නොයෙක් ප්‍රයෝග භාවිත කරති. ඔවුහු බොරු කතාන්දර වපුරති. ඔවුන්ගේ අනුග්‍රහය ලබන ලංකාවේ බෙදුම්වාදියෝ ඔවුන් පරිද්දෙන්ම හැසිරෙති.
සිංහල භාෂාව සහ සංස්කෘතිය දෙමළ භාෂාවෙන් සහ සංස්කෘතියෙන් පෝෂණ වී ඇතැයි යන මතය ද යටත් විජිත යුගයේ යුරෝපීය ඉන්දු ශාස්ත්‍රඥයන්ගේ කතාන්දරයකි. මෙය එක පැත්තකට පමණක් භාවිත කළ යුතු දෙයක් නොවේ. දක්ෂිණාපථයේ රාජධානි සිංහල රටින් නොයෙක් සංස්කෘතික මෙවලම් ලබාගෙන තිබේ. දෙමළ බුදු සසුන පිහිටුවීමට පවා සිංහල භික්ෂුන් වහන්සේ උපකාර වූහ. දකුණු ඉන්දියාවේ ඇතැම් සෙල්ලිපිවල සිංහල රට සහ සිංහලයන් ගැන සඳහන් වේ. චෝල රටේ දස දහස් සංඛ්‍යාත සිංහල ජනකායක් විසූහ. පාණ්ඩ්‍ය රටේ අරට්ඨාපට්ටි පර්වත නාමය එහි ධර්ම ප්‍රචාරයට වැඩි අරිට්ඨ ස්ථවිරයන් සිහිගන්වතැයි දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ලියූ හිස්සැල්ලේ ධම්මරතන හිමියෝ සඳහන් කරති. ඒ පොත ගැන මහත් කීර්ති පැසසුම් ලැබූ උන්වහන්සේ පසු කලෙක ‘සිංහලයේ ද්‍රවිඩ බලපෑම්’ මැයෙන් පොතක් පළ කළහ. දක්ෂකම් පෙන්වන සිංහලයන් විජාතික බලවේගවලට ගොදුරුවීම ලංකාව මුහුණ දෙන විපතකි.
දෙමළට පෙරළාගෙන භාවිත කරන දහස් සංඛ්‍යාත සිංහල ග්‍රාම නාම ලංකාවේ දෙමළ භාෂාව පෝෂණය කිරීමට සිංහල භාෂාව ආධාර වී ඇති හැටි පැහැදිලි කරදෙන ජීවමාන සාක්ෂ්‍යයකි. මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුන්ද වාපිය සහ කුරුන්දි මලෙයි නිදසුනකට ගතහොත් එය දෙමළ කරගත් සිංහල උරුමයකි. කුරුඳු වැව සහ විහාරය ගැන සඳහන් වන සෙල්ලිපි තිබේ. අටුවාවන්හි මෙම මහඟු විහාරය ගැන තොරතුරු සඳහන්ව ඇත. කුරුන්දට්ඨ කතාව මෙම විහාරයේ භික්ෂුන් වහන්සේලා ලියූ අටුවාවක් සේ සැලකේ.
කුරුන්ද විහාර භූමිය බ්‍රිතාන්‍ය පාලන කාලයේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට පවරාගන්නා ලද්දකි. බෙදුම්වාදීන් පිරිසක් එම ස්ථානයේ අනවසර ඉදිකිරීමක් කිරීම පුරාවිද්‍යා නීතියට අනුව වරදකි. ඒ වරද කළ පිරිස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වර්තමානයේ එම ස්ථානයේ සිදුකරන කැණීම් වැළැක්වීමට වෙහෙසෙති. ඔවුන් දකින්නේ කුරුන්දක ස්තූපයේ යුප ගල ශිව ලිංගයක් සේය. මේ ආකාරයෙන්ම බෞද්ධ ස්මාරක කඩා හදාගත් ශිව ලිංග දකුණු ඉන්දියාවේ ස්ථාන ගණනාවක තිබේ. තිරුපති කෝවිලේ ශිව ලිංගය අශෝක කුලුනක් කඩා සකස්කර ගන්නා ලද්දකි. ලංකාවේ ප්‍රසිද්ධ සිංහල දේශපාලනඥයන් අතර වසරක් පාසා තිරුපති ශිව ලිංගය වන්දනාවට යන්නෝ සිටිති.
සිංහල භාෂාව උසස් සාහිත්‍ය පොත පත ලිවීමට තරම් දියුණු භාෂාවක් බවට පත්වී ඇත්තේ මාගධි සහ සංස්කෘත භාෂාවන්ගේ උපකාරයෙනි. ද්‍රවිඩ භාෂාව දියුණුවී ඇත්තේද එම භාෂාධාරයෙනි. මිෂනාරි දේවගැතිවරු ඒ ඇත්තට විරුද්ධ මතයක් ඉදිරිපත් කළහ. ඔවුන් දෙමළ ජනයාට බොරුව පිළිගන්වා ඇත්තේ පැරණි දෙමළ පොත පත ආධාර කරගනිමිනි. බ්‍රිතාන්‍ය යුගයේ ‘තිරුක්කුරල්’ කාව්‍ය සංග්‍රහයෙන් පවා කෙරන්නේ දෙමළ ජනයා නොමගයැවීමයි. මේ නිසා බොරු දේශප්‍රේමයක් පිළිගන්නා මනුෂ්‍යයෝ බොරු ඉතිහාසයක පැටලෙති.
කුරුන්ද විහාරය ප්‍රතිසංස්කරණය කරන පරිද්දෙන්ම සිංහල ග්‍රාම නාම යළි පිහිටුවීමද වැදගත් කටයුත්තකි. එය ලංකාවේ සැබෑ ඉතිහාසය එළි කිරීමේ මගකි. දෙමළ ඩයස්පෝරාව මූලිකත්වයෙන් ලෝකයට ලංකාව ගැන වැරදි අදහස් පතුරුවන්නන්ගේ එක් ප්‍රධාන තර්කයක් වන්නේ සිංහලයන් දෙමළ ගම් ආක්‍රමණය කර ඇති බවයි. බොහෝමයක් සිංහලයෝ දෙමළ නම් ඇති සිංහල ගම්වල ජීවත් වෙති. මෙය සහජීවනයක් සේ සැලකිය යුතු දෙයක් නොවේ.

කොලට් සේනානායක,
නාරද කරුණාතිලක
සති අග අරුණ

නිදහස දිනා ගැනීම – මහඇදුරු නලින් ද සිල්වා මහතා

“කාර්මීකරණය පමණක් නොව කෘෂිකර්මය ද කෙරෙන්නේ අපට අවශ්‍ය අන්දමට නොවෙි. වැව් ආර්ථිකයක් ගොඩ නඟා සහළින් හා වෙනත් ධ්‍යන්‍ය වලින්රට ස්වයංපෝෂිත කීරීමට හැකි කම තිබිය දී අපි ඒසේ නොකෙළෙමු. ඉංගිරිසිහු වැව් පද්ධතිය හැකිතාක් කඩා දැමුහ. ඉතිරි ටික අපි අද නැති කරන්නෙමු.

අපේ දියුණුව ලෙස අප දකින්නේ කාර්මීකරණය ,බහුභාණ්ඩිකත්වය ආදි දෑය අද ඇමෙරිකාවේ ජීවන තත්ත්වය හෙට ලබා ගැනීමට අපි උත්සාහ කරමු.ඒ සදහා අපේ උගත්තු මතවාද සකස් කරති.ඇත්ත වශයෙන් කිවහොත් ඔවුහු බටහිර වීශ්ව විද්‍යාලවල දී උගත් දෑ තම මත ලෙස ප්‍රකාශ කරති. අප රටෙි වීශ්ව විද්‍යාල හා පාසල්වල පුධාන කාර්යයක් වනුවෙි මෙි මතවාද සමාජය තුළ තහවුරු කීරීමය එනමි බටහිර මතවාද ආධිපත්‍යය තහවුරු කීරීමය. එහෙත්එය බටහිර දැනුම යැයි නොකීමට ඔවුහු ප්‍රවෙිශමි වෙති. ඒ වෙනුවට බටහිර දැනුම් වාස්තවික දැනුම ලෙස හදුන්වා දෙනු ලැබෙි එවිට එය මිනිසාගේ, එනමි අපේද දැනුම් බවට පත්වෙි.”

නලින් ද සිල්වා ඇදුරුතුමා.
නිදහස දිනා ගැනීම
1999 දුරුතු මස.දීය

ථේරවාදී බුදු දහම සහ මහා විහාරය රකිමු. ගරු සුමන හිමි

පසුගිය කාල වකවානුව පුරා මහුණූ පොතේ සිදුවූ ථෙරවාදී බුදු දහම /මහාවිහාර
සම්ප්‍රදාය හා බැඳුණූ උණුසුම් සංවාද /මත/මත ගැටුම්/අපහාස උපහාසවලින් ගහණ නමුත් යම් ශාස්ත්‍රීය ප්‍රබෝදයක් සහිත සාකච්ඡාවන් ගැන කිසිදු කණඩායමක බැතිමතෙක් නොවන නමුත් මා ද ඇතැම් පෝස්ටුවකට මගේ පෞද්ගලික වැටහීම් ප්‍රකාර සටහන් තබන ලද හෙයි ද , සිංහල බෞද්ධ භික්ෂූවක වන හෙයින් ද,පෙරකී සංවාද ගැන අදහසක් පළ කිරීම යෝග්‍ය යැයි හැඟුම් ඇති හෙයින් කරුණූ වශයෙන් කිහිපයක් පමණක් ලඝුකොට දක්වමි.සංවාදය සඳහා විවෘත නමුත් අපහාස උපහාස සඳහා භාවිතා නොකරනු මැනැවි.

1.පසුබිම

1.ඉහත කී වාද සංවාද කරුවන්ගේ (සෑම පාර්ශවයක ම) සංවාදයෙහි ලා වන භාෂා භාවිතාව මා ඉඳුරා අකැමැති සහ බොහෝ පිරිසක් සංවාදයෙන් ඉවත්කොට තබන ලද හේතුවක් වීම කණගාටුවකි.

2 නමුත් මෙම සංවාදයන් මුහුණූපොත තුළ හරවත් විෂය මූලික හැදෑරීම් සඳහා ප්‍රබෝධය ඇතිකරවන්නක් විය.මෙහිලා විෂය ප්‍රවීණයන් පළ කරන අදහස් මගින් තම හැදෑරීම් පුළුල් කරගන්නා බොහෝ පිරිසක් ඇතැයි සිතමි.

3.මෙහි සංවාද කළ සෑම දෙනාම පාහේ (පාර්ශවීය භේදයකින් තොරව) බොහෝ දුරට දේශීයත්වය,සිංහලකම/ජාතිකත්වය අගයන හා ඒ වෙනුවෙන් විවිධ හැඩතල මගින් පෙනී සිටි සහ සිටින අය බව මගේ පෞද්ගලික විශ්වාසයයි. (ඇතැම් කෙනෙකුට පෞද්ගලික අරමුණූ පැවතිය හැකි වුව ද මා සලකන්නේ ජාතික ආගමික සංස්කෘතික අරමුණූ හා ප්‍රතිබද්ධ උපයෝගීතාවයි.) භාෂා භාවිතාවේ / සන්නිවේදනයේ/ සංවාදයෙහි උචිත ශික්ෂණයේ ගැටළු මගින් එකිනෙකා පිළිමළුන් වී ඇතැයි හඟිමි.

2.මහාවිහාරය ======

1.මහා විහාරය යන්න විවිධආකාරයෙන්විවරණ සැපයිය හැකි පදයක් නමුත් මා මේ සංවාදයේ දී අදහස් කරණ ලද්දේ සියම,බුරුමය,ලාඕස ,කාම්බෝජ .කාම්බෝජ ආදී ථෙරවාදී බෞද්ධ සෑම රටකම ස්වකීය සම්ප්‍රදායික මූලය ලෙස සැලකෙන මහාවිහාරය යන්නයි.මෙහි මහා විහාරය යන්න ථෙරීය භික්ෂූන් හැඳින්වීමෙහිලා පර්යාය පදයක් වූ බව මගේ අදසෙකි.අද ථෙරවාදීන් සතු පිටකයක්,අටුවා සාහිත්‍ය්‍යක්, වේනම් ඒ මහාවිහාර සම්ප්‍රදාය මගින් සුරක්ෂාකොට පෝෂණය කළ දෑය.

2.අධ්‍යතන ලංකාවේ සෑම බෞද්ධ භික්ෂූ නිකායක් ම පාහේ තමන් මහා විහාරවංශිකයන් බව පවසති.(උදා.මහාවිහාර වංශික සියම් මහා නිකාය)කොටින් කියතොත් මා මහා විහාරය ලෙස (අදාළ සංවාදයේ දී)සලකනු ලැබුවේ ඉගැන්වීම්/අර්ථකථන/සහිත ආගමික සම්ප්‍රදායයි.දුකට කරුණ නම් එයට පහර පිට පහර දෙන්නේ ලංකාවේම උගතුන් යැයි සම්මත පිරිසක් විසින් වීමය.මෙය සියම /බුරුමයේ හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බව මගේ නිරීක්ෂණයයි.

3 .ථෙරීය විභජ්ජවාදයට පිළීමල්ව අභ්‍යන්තරයෙන් මෙන්ම පිටතින් ද මතුවූ
වෛතුල්‍යවාදාදියට මුහුණදෙමින් බුදු සමයේ මූලික රූපය ආරක්ෂා කරගැනීමටදරණ ලද ප්‍රයත්නයෝ,සපයන ලද අර්ථ කථනයෝ, සහ මහා යාන වජ්‍රරයාන හෝ වෙනත් බෞද්ධ නිකායක මතයෙකින් වෙනස්වන ථෙරීය සම්ප්‍රදායයට අනන්‍ය අර්ථකථනයෝ සහ ඒ පිළීබඳ සම්ප්‍රදාය ද මහා විහාර නය ලෙස මා සලකමි.(බොහෝ සාකච්ඡාවක දී මහා විහාරය යන්න මෙම පසුබිමෙන් තොරව භෟතික හැඩයකින් ගැනීම නිසා ගැටළු ඇති විය.

3.මගේ විරෝධය…

මගේ විරෝධය විශේෂයෙන් එල්ල වූයේ පුරා විද්‍යා හෝ වෙනයම් ක්ෂ්ත්‍රයක දී පාලි හෝ මහාවිහාරායත්ත මූලාශ්‍ර විකුර්තිලෙස අර්ථකථනය කිරීම පිළීබඳවය.උදාහරණයක් ලෙස මහාචර්ය රාජ් සොමදේවයන් විසින් තම්බපණණි පිටකයක් ගැන අදහසක් පළ කළ අවස්ථාවේ මූලික විරෝධය පළකරන ලද්දේ මා විසින් යැයි සිතමි.එහිලා පාලි උගතුන් රාශියක් ටැග් කොට පළ කළ ද සාවදාන වූයේ කිහිප දෙනෙක් පමණක් බව කණගාටුවෙන් සඳහන් කරමි.

4.මා වල්පොල රාහුල හිමි ,අදිකාරම් මහතා,කුමරතුඟු මුනිදසුන් ප්‍රාමාණිකත්වයෙන් සලකන නමුදු ඔවුන් කී සෑම බසක්ම එලෙසින් ගැනීමට එනම් අවිචාරයෙන් ගැනීමට රිසි නොවෙමි.මගේ පෞද්ගලික වටහා ගැනීම් ප්‍රකාරව වල්පොල රාහුල හිමියන් පිළීබඳව මාහට ඇගයීමක් මෙන්ම විවේචනයක් ද තිබේ.මා සිටින ස්ථාවරය නම් වර්තමාන ශාස්ත්‍රීය ලෝකයේ පුරෝගාමීන්ගේ හුදු අනුගාමිකයන් වනවා වෙනුවට ඔවුන් ද විමසීමට භාජනය කළ යුතුය යන ස්ථාවරයයි.එහෙත් පොදුවේ දක්නා ලැබෙන්නේ ඇතැම් මතවාදයක් අධීපතිත්වයෙන් ගෙන සම්ප්‍රදායට / පහරදීමෙන් සිංහල බෞද්ධයා දුරුවල කිරීමට වෑයම් කිරීමක් බව මගේ නිරීක්ෂණයයි.

5.ඉතිහාස හා පුරාවිද්‍යා ඇදුරුතුමන්ලා හමුවේ මට කීමට ඇති දැයක් නම් ලංකාවේ සංවිධිත ජාතිකත්වය විවිධ අයුරින් මුලින් උදුරා දැමීමේ හෝ එබඳු අයට අනුබල දීමේ ව්‍යාපෘතියක්/කිහිපයක් පවතින බවයි.පාලි මූලාශ්‍රවලට විකුර්ති අර්ථකථන එක් කිරීම ඒ අතර ප්‍රධානය.බුදුන් ලංකාවේ උපන්නේ යැයි කීම ද,රාවණා හා සම්බන්ධ ප්‍රවාදයන් ද එහිම අනුහසින් වැඩෙති.ශාස්ත්‍රීය මතවාද ප්‍රවාද ඉදිරිපත් කිරීම ශාස්ත්‍රීය වශයෙන් කවර අරුතක් ගත්ත ද ප්‍රායෝගික අර්ථයෙන් දැන හෝ නොදැන වෙනයම් ව්‍යාපෘතියකට සේවා සපයයි නම් එය වළක්වාලීම සාසනමාමක කාගේවුව යුතුකම බව මගේ අදහසයි.ඇතැම් සංවාද අප තේරුම් ගතයුත්තේ මෙම පසුබිම තුළ ය.

මගේ ආරාධනාව.

මාහට හැඟීයන කරුණක් නම් භාවිතය අතින් විවිධ වුව ද අරමුණ අතින් මේ සියළු දෙනාටම නැතහොත් අතිමහත් බහුතරය ඒකීය වන බවයි.එමනිසා මා යෝජනා කරන්නේ පෞද්ගලික අපවාද හැරදමා මුහුණූ පොතට ආලෝකයක් වූ ශාස්ත්‍රීය සංවාදයන් දෑ සසුන් නංවනු පිණීස වඩා පළ දායි ලෙස තව දුරටත් සිදු කළ යුතු බව ය.ශාස්ත්‍රීය ශික්ෂණය සදාචාරාත්මක බව සහිත මෙන්ම ලෝක ශාසනාභිවෘද්ධීය අරමුණූකොටගත් එබඳු සංවාදයකින් සුධීහු ලෝසතට අනුග්‍රහකොට පිං ද රැස්කෙරෙත්වා.

ලංකා ලංකා පෙම්බර ලංකා නොහඬනු ඔබ ලංකා ඔබට බඩු තමයි! ඉන්දියානු සක්කිලි පෙරහැර එනවා. හැංගීයන් ලංකා// සාමන්ත ඒකනායක මහතා

ලංකා ලංකා පෙම්බර ලංකා නොහඬනු ඔබ ලංකා ඔබ දිනවන පෙරහැර මග එනවා සැනසීයන් ලංකා//

තක්කඩි, කට්ටඩි ,පක්කලි ,සක්කිලි, ඔබට කෙළිති ලංකා
කෙළින ගමන් කොල බොක්ක අතට ගෙන ඔබට පුදති ලංකා!
දෙකට නැමී ඔබ ලය සිප ගනිමින් හඬන එවුන් ලංකා!
ඔබ වෙනුවෙන් මිය යමි කිය කිය, ලොකු ගෙවල් හදති ලංකා ! //

ලංකා ලංකා පෙම්බර ලංකා නොහඬනු ඔබ ලංකා
ඔබ සුරකින ඉන්දීයානු සක්කිලි පෙරහැර මග එනවා හැන්ගීයන් ලංකා//

වලිතරු සිහතරු විරුතරු පල්හොරු සැප ගන්නා ලංකා
ගෙදර ගියත් බඩු මග හිටියත් බඩු- බනිස් අපට ලංකා
තරෙඟට බොරු කිය කිය හුරතල් වෙන පඬුවන් ලද ලංකා!
සංඛ්‍යා ලේඛන සංදර්ශන යට ගිලී මියෙමු ලංකා !

ලංකා ලංකා පෙම්බර ලංකා නොහඬනු ඔබ ලංකා
ඔබට බඩු තමයි! ඉන්දියානු සක්කිලි පෙරහැර එනවා. හැංගීයන් ලංකා//
සාමන්ත ඒකනායක මහතාගෙන් ගත්තෙ😭😭😭

ඩග්ලස් දේවානන්දගෙ උදාන වාක්‍යය – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ඩග්ලස් දේවානන්දගෙ උදාන වාක්‍යය

පසුගිය දහහත්වැනි දා ඩග්ලස් දේවානන්ද තරමක අමුතු කතාවක් කියල. ඔහු දේශපාලනඥයෙක් නිසා මූලික ව ඔහු කියන දෙය ඒ හැටියෙන් ම විශ්වාස කරන්න බැහැ. අර කතාවක් තියෙන්නෙ තාර බර ඇරල ගන්න ඕන කියල. දේවානන්දගෙ ප්‍රකාශයෙ කොටස් දෙකක් තියෙනවා. මේ ගැන යම් ප්‍රකාශයක් ආණ්ඩුව කරන්න ඕන. දේවානන්ද කියන්නෙ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. ඇමතිවරුන් වන්නෙත් දේශපාලනඥයන් වුණත් ඇමතිවරුන්ගෙ ප්‍රකාශවලට වැඩි බරක් තියෙනවා.

දේවානන්ද මේ ප්‍රකාශය කරන්නෙ දෙමළ ජනයාට වෙන්න පුළුවන්. ඔහුට අවසාන වශයෙන් දෙමළ ජාතික සංධානයත් සමග තරගයක් තියෙන්නෙ. දේශපාලනඥයන් තම තමන් අතර තියෙන තරගවල දි ජනතාවට ඇඟවෙන්න, ඒත්තු ගන්නන්න ම නොවෙයි, විවිධ කතා කියනවා. දේවානන්දගෙ ප්‍රකාශය ඊයේ (දහනවවැනි දා) දි අය්‍රිලන්ඩ් පුවත්පතේ සඳහන් වෙලා තිබුණා. ඒ ප්‍රකාශයෙ මුල් කොටසෙ මෙහෙම දෙයක් තිබුණෙ.

“Fisheries Minister Douglas Devananda on Wednesday (17) claimed that the Northern Province had been granted land powers in terms of the 13th Amendment to the Constitution.
The NP consists of administrative districts of Jaffna, Kilinochchi, Mullaitivu, Mannar and Vavuniya.
Devananda said that in spite of the absence of consensus among SLPP constituents as regards devolution of power, the government was committed to the Provincial Council system.”
මෙයින් කියැවෙන්නෙ දහතුන්වැනි සංශෝධනයෙ ප්‍රකාර ව උතුරු පළාතට ඉඩම් බලතල දීල කියන එක. ඒ වගේ ම ඔහු කියනවා ශ්‍රී ල පොදු ජන පෙරමුණ සෑදුම්ලත් කොටස්වල බලය බෙදීම ගැන පොදු එකඟත්වයක් නැති වුවත් ආණ්ඩුව පළාත්සභාවලට කැපවෙලා කියල. දේවානන්ද ශ්‍රී ල පොදු ජන පෙරමුණ කියල හිතන් ඉන්නෙ අර ජී එල් පීරිස් සභාපති වුණු සාගර කාරියවසම් ලේකම් වුණු පක්‍ෂය නොව ගෝඨාභය රාජපක්‍ෂ නායකත්වය ඇති සංධානය බවයි මේ ප්‍රකාශයෙන් කියැවෙන්නෙ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ නායකයා මහින්ද රාජපක්‍ෂ, සංධානයෙ නායකයා ගෝඨාභය රාජපක්‍ෂ. සංධානය තම නායකයාගෙ ප්‍රධානත්වයෙන් සති දෙකකට වරක් රැස්වෙන්න තීරණයක් අරගෙන. එය තමයි කළ යුතු ව තිබුණෙ. පහුවෙලා හරි එහෙම රැස්වෙන එක හොඳයි.

අද ආණ්ඩු කරන්නෙ සංධානය මිසක් පොදු ජන පෙරමුණ නො වෙයි. ඒ බව බොහෝ දෙනා තේරුම් ගෙන නැහැ. දේවානන්ද ඒක තේරුම් ගෙන තියෙනවා. ඒත් සංධානයට ඔහු කියන්නෙ ශ්‍රී ල පොදු ජන පෙරමුණ කියල. දැන් මීට පස්සෙ සංධානය සති දෙකකට වරක් රැස්වෙන නිසා දේවානන්දට මේ පළාත්සභා ප්‍රශ්නය හා ඉඩම් බලතල එහි දී දීර්ඝ ව සාකච්ඡා කරන්න පුළුවන්. දේවානන්ද උතුරු පළාතට දීල තියෙන ඉඩම් බලතල කියන්නෙ මොනව ද කියල හරියට ම අපි දැන ගන්න ඕන.

දේවානන්ද තම ප්‍රකාශයෙ දෙවැනි කොටසෙ මෙහෙම දෙයක් කියනවා. The NP Land Commissioner had received powers enjoyed by his counterparts serving in other provinces, Minister Devananda said emphasizing that the latest development proved the post-war reconciliation process was a success. The Tamil public would positively respond to the government stand. The NP Land Commissioner was now authorized to issue an entire range of permits pertaining to land matters, he said.
Devananda, who is the General Secretary of the Jaffna-based Eelam People’s Democratic Party (EPDP) pointed out that the likes of Public Security Minister retired Rear Admiral Sarath Weerasekera publicly opposed the devolution of power.
මෙතැන දි දේවානන්ද කියන්නෙ උතුරු පළාතෙ ඉඩම් කොමසාරිස්ට දිවයිනේ අනෙක් පළාත්වල ඉඩම් කොමසාර්ස්වරුන් සතු බලතල ලැබී ඇති බව. ඔහු තව දුරටත් කියන්නෙ උතුරු පළාතෙ ඉඩම් කොමසාරිස්ට ඉඩම් සම්බන්ධ කරුණු ගැන බලපත්‍ර පූර්ණ පරාසයක නිකුත් කිරීමට බලය පැවරී ඇති බවයි. සරත් වීරසේකර බලය විමධ්‍යගත කිරීමට ප්‍රසිද්ධියේ විරුද්ධ බව කීමටත් දේවානන්ද අමතක කරන්නෙ නැහැ. වීරසේකර විතරක් නොවෙයි සිංහල ජනතාවගෙන් ඉතා විශාල බහුතරයක් ඊනියා බලය විමධ්‍යගත කිරීමට විරුද්ධයි. අවශ්‍ය නම් ජනමතවිචාරණයක් පවත්වමු.

ඒ කුමක් වුණත් ඩග්ලස් දේවානන්දගෙ ප්‍රකාශය ගැන ආණ්ඩුව දරන මතය ප්‍රකාශ කරන්න ඕන. දේවානන්දත් පැහැදිලි ව යමක් කියන්නෙ නැහැ. ඔහුට අනුව මේ වන තුරු උතුරු පළාත හැරෙන්න අනෙක් පළාත්වලට මෙතෙක් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ව ඉඩම් බලතල ලැබිල තියෙනවා. දැන් උතුරටත් ඒ බලතල හිමි වෙලා. මෙහි දී පැහැදිලි කර ගන්න ඕන ප්‍රධාන කාරණය මෙතෙක් අනෙක් පළාත්වල දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ව ඉඩම් බලතල ක්‍රියාත්මක වුණා ද කියන එක. අප දන්නේ නම් දහතුනේ සඳහන් ඉඩම් හා පොලිස් බලතල කිසිම පළාතක ක්‍රියාත්මක නො වූ බවයි. ඉඩම් බලතල සම්බන්ධ නඩු තීන්දුවක් තියෙනව දහතුන ප්‍රකාර ව ක්‍රියාත්මක කිරීමට බැහැ කියල.

දෙවනුව දැන ගන්න ඕන කාරණය තමයි මේ උතුරට දීල තියෙනව කියන ඉඩම් බලතල මොනව ද කියන එක. එ දහතුන ප්‍රකාරව ද? දහතුන නැතත් මෙරට ඒ ඒ පළාත්වල ඉඩම් කොමසාරිස්වරු ඉන්නව. ඔවුන්ට දහතුන නැතත් යම් බලතල තියෙනවා. අපට දැන ගන්න ඕන දැන් ඉඩම් කොමසාරිස්වරුන්ට දහතුන්වැනි සංශෝධනය ප්‍රකාර ව බලතල දීල තියෙනවා ද? ඒ මොනවා ද? එසේ බලතල දී ඇත්නම් ඒ කවර දිනක ද?

මෝදිගෙ කරුණාව – මහඇදුරු නලින් ද සිල්වා මහතා

මෝදිගෙ කරුණාව

ඉන්දියාවෙ අගමැති මෝදි පහුගිය දහහතරවැනි දා චෙන්නායි ගිහින් ලංකාවෙ තම සහෝදර දෙමළ ජනතාව ගැන කතා කරල. ඒ ගැන පහළොස්වැනි දා හින්දු පත්තරේ සටහනක් තිබුණ. ඒකෙ පරිවර්තනයක් කියල හිතන්න පුළුවන් නිවේදනයක් ලංකාවෙ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කරල තිබුණ. ඒ ප්‍රකාශය මෙහෙමයි.

‘යාපනයේ සංචාරය කළ එකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වීමට ලැබීම භාග්‍යය ක්. සංවර්ධනය තුළින් අපි ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ අභිලාෂ ඉටු කරනවා. දෙමළ ජනතාවට අතීතයට වඩා වැඩි වශයෙන් අපි සම්පත් ලබා දී තිබෙනවාග ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාතේ අවතැන් දෙමළ ජනතාවට නිවාස 50,000 ක ව්‍යාපෘතිය, නොමිලේ ලබාදෙන ගිලන් රථ සේවය, වතුකරයේ නිවාස 4,000 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය, දික්ඔය රෝහල, යාපනය සහ මන්නාරම අතර නැවත ඉදි කෙරෙන දුම්රිය මාර්ගය, චෙන්නායි සිට යාපනයට ගුවන් ගමන් ආරම්භ කිරීම යනාදිය සිය රජය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති බව සඳහන් කරන්න අවශ්‍යයි.”

“යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉක්මනින් ම විවෘත කරනවා.”

මේ වාර්තා වී ඇති කොටස. තව මොනව කිව්ව ද කියල අපි දන්නෙ නැහැ. කාට හරි හිතෙන්න පුළුවන් ප්‍රකාශ කර ඇති දෙයෙහි වරදක් නැහැ කියල. ඒත් මොකක් ද මේ සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ අභිලාෂ ඉටු කරනව කියන්නෙ. ඔය අභිලාෂ කතාව ටික කලකට ඉස්සර කුමාර් පොන්නම්බලම් පාර්ලිමේන්තුවෙ නිතර කිව්ව දෙයක්. මෙරට දෙමළ ප්‍රජාවගේ අභිලාෂය හැටියට පොන්නම්බලම් කිව්වෙ යම් ආකාරයක ඊනියා ස්වයං පාලනයක්. ඉන්දියාව සංවර්ධනය තුළින් හරි වෙන විධියකට හරි දෙමළ ප්‍රජාවගේ අභිලාෂය ඉටු කරන්න යන්නෙ අහවල් දේකට ද? කාගෙ සංවර්ධනයටත් මෙරට ආණ්ඩුව හරහා දායක වුණා නම් මදි ද?

මෝදිගෙ චෙන්නායි ප්‍රකාශය හුදු දේශපාලනඥයකුගෙ දේශපාලන කතාවක් ලෙස සලකල අමතක කරන්න බැහැ. මෙරට දෙමළ ජනතාව ගැන ඒ වගේ ප්‍රකාශ තමිල්නාඩුවෙ අගනුවර දි ප්‍රකාශ කරන්නෙ නිකම් ම නො වෙයි. ඉන්දියාවෙ නායකයන් තමයි මෙරට දෙමළ ජාතිවාදය පවත්වා ගෙන යන ප්‍රධාන කොටසක්. අනෙක් කොටස එංගලන්තෙ දේශපාලන නායකයන්. එංගලන්තය ටික කලක් අප යටත් කරගෙන හිටියා. ඉන්දියාවෙ චෝළයන් අපේ රටෙන් කොටසක් ඒත් ටික කාලෙකට යටත් කරන් හිටිය.

ඒ වුණත් සොළින්ගෙ දවසෙ ඉඳන් මෙරට පදිංචි වෙලා ඉන්න දෙමළ ජනතාවක් නැහැ. යාපනය විශ්වවිද්‍යාලයෙ පළමු ඉතිහාස මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල කොටින්ට අවශ්‍ය විධියට පොතපත ලියන්න ඉස්සර පළ කරපු තම ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධනයෙ ඉතා පැහැදිලි ව සඳහන් කරනවා දොළොස්වැනි සියවසට පෙර මෙරට දෙමළ ස්ථිර වාසස්ථාන නොතිබූණ බව.

ආර්යචක්‍රවර්ති යුගයෙවත් මෙරට දෙමළ ස්ථිර වාසස්ථාන ඇති වුණෙ නැහැ. ස්ථිර වාසස්ථාන ඇති කරන්න උත්සාහ ගත්තෙ ලන්දේසි කාලෙ. අලි සබ්‍රි ඊනියා උඩරට නීතිය නමින් හඳුන්වන සිංහල නීතිය හා තේසවලාමේ නීතිය පෞද්ගලික නීති ලෙස හැඳින්වුවත් ඒ දෙකේ වෙනසක් තියෙනවා. අලි සබ්‍රි පෞද්ගලික නීති ලෙස හඳුන්වන්නෙ යම් ජනකොටසකට පමණක් සීමා වූ නීති. ඒ කුමක් වුවත් ඊනියා උඩරට නීතිය කියන්නෙ උඩරටට සීමා වූ නීතියක් නො වෙයි. උඩරට කියා එකක් ඇති කෙළෙ ම ඉංගිරිසින්. ඔවුන් රටේ ම නීතිය වූ සිංහල නීතිය උඩරට නීතිය ලෙස පසුව හැඳින්වුවා. කාලය සඟරාවෙ මෙවර (පෙබරවාරි) කලාපයෙ ලිපියකින් විවෘත විශ්වවිිිද්‍යාලයෙ නීති අධ්‍යනංශ ප්‍රධාන රාජා ගුණරත්න ඒ ගැන වැඩි විස්තර සපයනවා.

තේසවලාමෙ නීතිය එහෙම එකක් නො වෙයි. ලන්දේසින් තම දුම්කොළ වගාව සඳහා දෙමළ වෙල්ලාලයන් ගෙනාවට පස්සෙ ඔවුන් (වෙල්ලාලයන්) අස්වැන්න නෙළා ගෙන ආපහු තම නිජභූමිය වූ ඉන්දියාවට ගියා. එසේ යෑම නැවැත්වීමටයි ලන්දේසින් තේසවලාමෙ නීතිය වෙල්ලාලයන්ට පැනෙව්වෙ. එය 1707 දි සංගෘහිත නීිතියක්. තේසවලාමෙ කියන්නෙ ඉන්දියාවෙ මුස්ලිම් නීතියක් බව සබ්‍රි දන්නෙ නැතිව ඇති. මේ කාරණෙන් ම වුණත් පේනවා දහහත්වැනි සියවසේදීත් දෙමළ වෙල්ලාලයන්ගෙ ස්ථිර පදිංචියක් මෙරට නොතිබූ බව. කොහොමටත් ලන්දේසින්ගෙ උත්සාහය සාර්ථක වුණෙ නැහැ. වෙල්ලාලයන් ආපසු තම නිජ භූමියට ගියා. සබ්‍රිට මේ ගැන වැටහීමක් නැහැ. ඔහුට පනතක් හා නීති ප්‍රභේදයක් අතර වෙනස තේරෙන්නෙත් නැහැ. විහාර දේවාලගම් පනතත් ඔහු තේසවලාමෙ නීතිය වගේ යැයි කියනවා.

පසු කාලෙක 1806 දි ඉංගිරිසින් තමයි තේසවලාමෙ දෙවැනි වරටත් පැනෙව්වෙ. ඒ කියන්නෙ මේ නීතිය ක්‍රියාත්මක වුණෙ දහනවවැනි සියවසේ මුල කියන එක. ඉන් පැහැදිලි වෙන කරුණ තමයි දහනවවැනි සියවස වෙන තෙක් ලංකාවෙ දෙමළ වෙල්ලාල ස්ථිර වාසස්ථාන නොතිබූ බව. මෙරට දෙමළ වෙල්ලාල ජනයාගෙ නිජභූමිය තමිල්නාඩුව. අප කියන්නෙ නැහැ එය හැමදාමත් එසේ ම විය යුතු බව. ඒත් මෝදිල හා මෙරට වෙල්ලාල නායකයනුත් තමිල්නාඩු නායකයනුත් වැඩ කරන්නෙ එහෙම හිතා ගෙන. එසේ නැත්නම් මෝදිට ලංකාවෙ දෙමළ ජනයා ගැන ප්‍රකාශ, ඔවුන්ගෙ අභිලාෂ ගැන ප්‍රකාශ, චෙන්නායිහි කරන්න තියෙන වුවමනාව මොකක් ද?

මෝදි හරි වෙන ඉන්දීය නායකයකු හරි බෙංගාලයට (වංගය) හරි ඔරිස්සාවට (කාලිංගය) හරි ගිහින් සිංහලයන් ගැන එවැනි ප්‍රකාශයක් කරනවා ද? සිංහබාහුල විජයල ඒ පැත්තෙ අය නොවැ. අඩු ගානෙ සිංහලයන්ට සිංහබාහු කෙනකු ගැන කියන්න පුළුවන්. මෙරට දෙමළ ජනයාට කොටිබාහු කෙනෙක් ඉන්නවා ද? ඒකෙනුත් කියන්නෙ දෙමළ ජනයා මෙරටට තම නායකයකු යටතෙ පැමිණ නැති බවයි. ප්‍රභාකරන්ල චෝළයන්ගෙ කොටි ලකුණ ගත්තෙ ව්‍යාජ ඉතිහාසයක් මවන්න විතරයි. මෙරටට ලන්දේසීන් ආනයනය කළ වෙල්ලාලයන් ඉංගිරිසින් යටතෙ ස්ථිර වාසස්ථාන හදා ගෙන යාපන අර්ධද්වීපයෙ ජීවත් වෙන්න පටන් ගත්ත. පසුව ආනයනය කෙරුණු කොටසක් නැගෙනහිර පළාතෙත් තවත් කොටසක් කඳුකරයෙත් පදිංචි කෙරුණ.

යාපනයට ආනයනය කෙරුණු වෙල්ලාලයන් එහි සිටි බහුතරයක් වූ සිංහලයන් තම සංස්කෘතියට අවශෝෂණය කර ගත්තා. ඒ සිංහලයන් දෙමළ සමාජයෙ ඊනියා අඩු කුල බවට පත් කෙරුණ. සිංහල රජවරුන්ට සේවය සඳහා පැමිණි වේලක්කාරයන් ද ඊනියා අඩු කුල බවට පත් කෙරුණ. යාපන වෙල්ලාලයන් ඉංගිරිසි ආණ්ඩුව යටතෙ ඉංගිරිසි අධ්‍යාපනයක් ලබා රැකියා සඳහා කොළඹ පැමිණියා. එහෙත් ඔවුන් වෙනත් හේතුවකට අර්ධද්වීපයෙන් දකුණට ඒමට හිතුවෙ නැහැ. පනස් ගණන්වල ඉරණමඩු අවට ඉඩම් බෙදා දීමේ දී දෙමළ ජනයා ඒ ඉඩම් ලබා ගැනීමටවත් ඉල්ලුම් කෙළෙ නැහැ. ඔවුන්ට තිබුණෙ යාපනයටත් ඉන් උතුරට වූ තමිල්නාඩුවටත් සම්බන්ධ වූ ජීවිතයක්.

මෙරට දෙමළ ප්‍රශ්නය වෙල්ලාල නායකයන් වවාගෙන කන එකක්. එය ඉංගිරිසින්ගෙ නිර්මාණයක්. පියසිරි අමරකෝන් පෙන්වා දී ඇති පරිදි දහනවවැනි සියවස මුල ගාල්ලට ගිය ක්‍රිස්තියානි පූජකවරුන් තමයි රට බෙදීමේ අදහස මුලින් ම ඇති කෙළෙ. එදා ඉඳන් ඉංගිරිසින් තම බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව දෙමළ වෙල්ලාලයන් සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට විරුද්ධ ව මෙහෙයවනවා. දෙමළ වෙල්ලාලයන් සිංහල සමාජයට එකතු වීමට අකමැතියි. ඔවුන් රාමනාදන්ලාගේ කාලයේ සිට ම බැලුවේ ලංකාවේ ම නායකයන් වීමට. එහෙත් එය නොහැකි බව තේරුම් ගත් ක්‍රිස්තියානි චෙල්වනායගම් නාගනාදන් ඇතුළු පිරිස අර මුල් ඉංගිරිසි ක්‍රිස්තියානි ප්‍රතිපත්තිය අනුව යමින් රට බෙදීමට කටයුතු කළා. රාමනාදන්ලා ද ක්‍රිස්තියානි සම්භවයක් ඇති අය.

වෙල්ලාලයන් දෙමළ සමාජයේ තම ආධිපත්‍යය රැක ගැනීමට සිංහල බෞද්ධ ආණ්ඩු බිල්ලකු මවනවා. ඒ අතර ඔවුන් කොළඹ ජීවත් වෙනවා. වෙල්ලාලයන්ගෙන් දෙමළ සමාජයට වන යහපතක් නැහැ. ඔවුන් සිංහල බෞද්ධ බිල්ලා මවන්නේ යාපනයේ තම බලය රැක ගැනීමට පමණයි. ඔවුන් බලයේ සිටි කාලයේ උතුරේ පළාත් සභාව කර ඇති කාර්යය කුමක් ද? ඉන්දියාව 1947 සිට බලන්නේ ලංකාව තම ප්‍රාන්තයක් කර ගැනීමටයි. ඔවුන් දෙමළ ජාතිවාදය ඒ සඳහා යොදා ගන්නවා. දෙමළ වෙල්ලාලයන්ට තමිල්නාඩුව සමග ඇති ඥාතී්ත්වය තමිල්නාඩුවේ නායකයන් එහි බලය තමන් අත රඳවා ගැනීමට යොදා ගන්නවා. දිල්ලි නායකයන් ද තමිල්නාඩු දේශපාලනයෙහි දී එහි සිටින දෙමළ වැසියන් ලංකාවට විරුද්ධ ව යොදා ගන්නවා.

ඉන්දියාව දකුණු ආසියා කලාපය ගිල ගනිමින් ඉන්නවා. අද ඇසෑමය කියා රටක් නැහැ. භූතානය නමට තියෙනවා. ඉන්දියාව දැන් බලන්නේ ලංකාව හා නේපාලය දිහා. පසුගිය දා භාරතීය ජනතා පක්‍ෂයේ ස්වදේශ ඇමති අමිත් ෂා ලංකාවේ හා නේපාලයේ භාරතීය ජනතා පක්‍ෂ ඇති කිරීමට සැලසුම් කර ඇතැයි කියා තිබූ බවක් වාර්තා වුණා. එය ඇත්තක් ද දන්නේ නැහැ. එහෙත් එය නොවිය හැක්කක් නො වෙයි. මෙරට භාරතීය ජනතා පක්‍ෂයක් එනමින් ම ලියා පදිංචි කරන එකක් නැහැ. ඉන්දීය කෞටිල්‍යයන් එතරම් මෝඩ වැඩ කරන්නේ නැහැ. අප සෙවිල්ලෙන් ඉන්න ඕන.

තමිල්නාඩුව හා වෙල්ලාලයන් අතර ඇති පෙකෙණිවැල කඩන්න ඕන. මෙරට වෙල්ලාලයන් ඕන එකකට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයට දුවනවා. ඉන්දියාවේ විදේශ ඇමති හා නිලධාරීන් මෙරටට දුව ගෙන එනවා. අප මෝදිගෙන් ඉල්ලුවා කියා ඒ කිසිවක් නතර වන්නේ නැහැ. වෙල්ලාලයන්ට හා ඉන්දියාවට බලය ඇත්තේ මෙරට දෙමළ ජනයා සිංහලයන්ගෙන් වෙන් වී ඉන්නකම් පමණයි. වෙල්ලාලයන් ද ඉන්දියාව ද කටයුතු කරන්නේ ඒ වෙන් කිරීම දිගට ම පවත්වාගෙන යෑමටයි. අපට එය නැවැත්විය හැකියි. අප දෙමළ ජනයා අතර සෘජු දේශපාලනයක නිරත විය යුතුයි. අද නැගෙනහිර පළාත හා කඳුකරය වෙල්ලාලයන්ගෙන් කැඩිලා. උතුරත් වෙල්ලාලයන්ගෙන් කඩන්න ඕන. අප ඊනියා අඩු කුල දෙමළ ජනතාව අතර සෘජු දේශපාලනය අරඹන්න ඕන. ඔවුන්ගේ ආර්ථික සංස්කෘතික කටයුතු සඳහා මැදිහත් වෙන්න ඕන. යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය කවුරු විවෘත කළත් එය ඉන්දියාවෙන් මුදා ගන්න ඕන.

ධම්මික වෙද මහතා හා පඬි නැට්ටන්

ධම්මික වෙද මහතා හා පඬි නැට්ටන්

ධම්මික වෙද මහතා මොන ක්‍රමයකින් හරි කොවිඩ් 19 සඳහා ප්‍රතිකාරයක් හඳුන්වා දුන්න. දැන් මෙතන ප්‍රශ්නයක් ඇති වෙයි ප්‍රතිකාරයක් කියන්නෙ මොකට ද කියන එක ගැන. ප්‍රතිකාරයක් දෙන්නෙ ලෙඩුන්ට. කොවිඩ් 19 රෝගය කියන්නෙ මොකක් ද? බටහිර වෙද කමේ කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාරයක් නැහැ. ප්‍රතිකාරයක් තබා රෝගය මොකක් ද කියන්නෙවත් නැහැ. ජනමාධ්‍යවේදීන් හැමදා ම කෑ ගහනවා මෙපමණ ආසාදිතයන් හමු වුණා කියල. මෙතරම් ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්නවා කියල. ඒත් ඒ කියන්නෙ පීසීආර් ධන අය ගැන.

මට තේරෙන විධියට, පඬි නැට්ටන් වූ ඇතැම් බටහිර වෙද මහතුනට අනුව මගේ මෝඩ ඝෝෂාවට අනුව, පීසීආර් ධන කියන්නෙ යමකුට රෝගය වැළඳිලා කියන එක නො වෙයි. යමකුගෙ ඇඟේ කොවිඩ් 19 වයිරසය තියෙන කියන එක. බටහිර වෙද මහතුන්ගෙ ශරීරවල කොතරම් වයිරස තියෙනව ද කියල අපවත් ඒ බුද්ධිමතුන්වත් දන්නෙ නැහැ. පීසීආර් මගින් කොවිඩ් 19 වයිරසය ශරීරයෙ තියෙනව ද කියල දැන ගන්න පුළුවන්.

හැමදාමත් අපේ ප්‍රශ්නය වුණෙ වයිරසය ඇඟට ගියා ම අනිවාර්යයෙන් ම රෝගය හැදෙනව ද කියන එක. වයිරසය ඇති එහෙත් රෝගය නැති අය කී දෙනකු ඉන්නවා ද? ධම්මික වෙද මහතාගෙ ප්‍රතිකාරය නැත්තන් පැනිය ඇඟේ තියෙන කොවිඩ් 19 වයිරසය නැති කරන එකකුත් කියල මට හිතෙන්නෙ. ඒ කියන්නෙ පීසීආර් ධන තියෙන අයකු පීසීආර් සෘණ කරනවා. එය රෝගයටත් ප්‍රතිකාරයක් වෙන්න ඕන.

පාරම්පරික වෙදකම අනුව මේ රෝගය සෙම් රෝගයක්. ඒ කියන්නෙ සෙම කිපීමෙන් ඇති වෙන රෝගයක්. අපි හිතමු රෝගය වැළඳුනු අයකුට ධම්මික වෙද මහතාගේ පැනිය දුන්නා කියා. පැනියෙන් කරන්නෙ වයිරසය නැති කිරීම නම් අදාළ සෙම් රෝගයත් සුව වෙන්න ඕන. ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එහෙත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් සෙම කිපීමෙන් ඇති වෙන රෝගය නිසා යම් සංකූලතාවන් ඇති වුණොත්.

එහෙම සංකූලතා ඇති වී තිබුණොත් පැනිය බිව් පමණින් ඒ සියල්ල සුව වෙන්නෙ නැහැ. අපි මෙහෙම ලැයිස්තුවක් පිළියෙළ කරමු. (1) කොවිඩ් 19 වයිරසය ඇඟට ඇතුල් වීම, (2) ඒ නිසා අදාළ රෝගය, අපි එයට කොවිඩ් 19 රෝගය යැයි කියමු, වැලඳීම, (3) සංකුලතා ඇති වීම. මෙහි (1) නිසා (2) ඇති වීම අනිවාර්ය නැහැ. (2) නිසා (3) ඇති වීමත් අනිවාර්ය නැහැ. ධම්මික වෙද මහතාගේ පැනිය (1) වැළැක්වීමට හා ඇතුල් වූ වයිරස නැති කිරීම සඳහා. රෝගය වැළඳී ඇති අයකු ඉන් සුව වෙනවා, එහෙත් ඒ සංකූලතා ඇති වී නැත්නම්. ඒ කියන්නෙ පැනිය මට තේරෙන අන්දමට (3) සඳහා වලංගු වෙන්නෙ නැහැ.

රෝගීන් මිය යන්නෙ නැවතත් මට තේරෙන විධියට සංකූලත් ඇති වීමෙන්. කොවිඩ් 19 රෝගය පමණක් නිසා රෝගීන් මිය නොවන බවයි මගේ අදහස. මා වැරදි වෙන්න පුළුවන්. එක්සත් රාජ්‍ය හා යුරෝපීය රටවල වැසියන්ට සංකූලතා ඇති වීම වැඩි වෙන්න පුළුවන්. එ ගැන හොයල බලනව නම් හොඳයි. ඒ කියන්නෙ ඒකට හේතුව කුමක් ද කියන එක දැන ගන්න පුළුවන් ද? හේතු ව කිව්ව ම මා මෙතන දි අදහස් කරන්නෙ බටහිර විද්‍යාවෙ හේතුව කියල කියන එක. එය හේතුඵල සමග පටලව ගන්න එපා. බෞද්ධකමයි බටහිර විද්‍යාවයි එකක් නොව දෙකක්.

ධම්මික වෙද මහතාගෙ පැනිය පරීක්‍ෂා කිරීමට ඇතැම් බටහිර වෙද මහතුන් ඉදිරිපත් වුණා. එහෙත් පරීක්‍ෂාව නිසි අයුරෙන් කෙරුණෙ නැහැ. දැන් කියන අන්දමට පරීක්‍ෂාව කිරීමට අවශ්‍ය තරම් රෝගීන් ඉඳලා නැහැ. මෙතන තියෙන්නෙ රෝගීන් නොසිටි ප්‍රශ්නයක් ද නැත්නම් රෝගීන් ලවා පරීක්‍ෂාව ප්‍රතික්‍ෂෙප කිරීමක් ද? ඔය අනුරාධපුර ආයතනයට පැමිණි රෝගීන්ගෙ ලැයිස්තුවක් අප ඉල්ලන්නේ නැහැ. එහෙත් එ රෝගීන් අතර එක්තරා ජනවර්ගයකට අයත් රෝගීන් අසාමාන්‍ය ව හිටියා ද?

පැනිය සාර්ථක බව ඔප්පු වුණා නම් බටහිර වෙද මහත්තුරුන්ගෙ පුරාජේරුවට ප්‍රශ්නයක් වෙන්න තිබුණ. රෝගීන් ලවා පරීක්‍ෂාව ප්‍රතික්‍ෂෙප කෙරෙව්වෙ කවු ද? පැනිය අසාර්ථක බවක් පෙනී ගියා නම් රෝගී්න් ලවා පැනිය ප්‍රතික්‍ෂෙ කරවාවි ද? පැනිය පරීක්‍ෂාවට ලක් කිරීම වැළැක්වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ පැනිය සාර්ථක බව ද? මේ පරීක්‍ෂාවට අප මුල සිට ම විරුද්ධ වුණා. එක් වෙදකමක ප්‍රතිකර්මයක් තවත් වෙදකමක් මගින් පරීක්‍ෂාවට ලක් කිරීමෙන් ම පෙන්නුම් කෙරෙන්නේ ආධිපත්‍යයක්

අප පහර දෙන්නේ මේ ආධිපත්‍යයටයි. බටහිර වෙදකමේ කොවිඩ් 19 ට ප්‍රතිකාරයක් නොමැතිව තිබිය දී අනුන්ගේ වෙදකමක් පරීක්‍ෂාවට ලක් කිරීමෙන් ම පෙන්නුම් කරන්නේ කුමක් ද? අද ඇතැම් පඬි නැටි බටහිර වෙද මහතුන් කියනව ඕනෑ අයකුට ඕනෑ ප්‍රතිකාරයක් ගන්න පුළුවන් තමන්ගෙන් එයට බාධාවක් නැති බවත්. පොඩ්ඩකට කියනවා ද අර පරීක්‍ෂාව කෙළේ මොහොකට ද කියල. බටහිර වෙදකමෙත් ඒ ප්‍රතිකාරය නියම කිරීමට ද?

බටහිර වෙද මහතුන් දන්නෙ නැත් ද ඊනියා නිරෝධායන පනත අනුව කොවිඩ් 19 සඳහා බටහිර හැරෙන්න වෙනත් ප්‍රතිකර කිරීමට නොහැකි බව. ඉංගිරිසින් නිරෝධායන පනත සකස් කරද්දි අනෙක් වෙදකම්වලට සාධාරණයක් ඉටු කළා ද? බටහිර වෙදකමේ කොවිඩ් 19 සඳහා ප්‍රතිකාරයක් නැතිව තිබියදීත් අනෙක් වෙදකම්වලට අහිතකර බලපෑම් කරන්නේ ඉංගිරිසි නීතිය ම කර පින්නා ගෙන නො වේ ද?

මා නිකම් දැන ගන්න අහන්නෙ. මෙරට ඉන්න බටහිර වෙද මහතුන් පහුගිය අවුරුදු එකසිය පනහෙ දි හඳුන්වා දී ඇති ප්‍රතිකාරවල ලැයිස්තුවක් සපයන්න කාට හරි පඬි නැට්ටකුට පුළුවන් ද? ඔවුන්ගෙ ඊනියා පරයේෂණ ගැන අප නොදන්නවා නො වෙයි. ඒ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස හඳුන්වාදුන් ප්‍රතිකාර තියෙනවා ද?