දෙවියන්ට සහ නාගයන්ට පින් අනුමෝදන් කළ ද, යක්ෂයන්ට පින් අනුමෝදන් නොකිරීම ගැන පසුගියදා අදහසක් පල කළෙමි…ඇතමුන් ඒ සම්බන්ධයෙන් වෙනත් ස්ථානවල අදහස් පලකර තිබෙනු දුටුවෙමි…එමෙන්ම මින් පෙර ද ඒ පිළිබඳ සාකච්ඡා කෙරී ඇත…

නුවර යුගයේදී නිර්මාණය කළා යැයි ඇතමුන් විසින් සැලකෙන “ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා…” ගාථාවේ යක්ෂයන් පිළිබඳව සඳහන් නොවන්නේ කුමක් නිසාදැයි ඇතමුන් ප්‍රශ්නකර තිබිණි…එයට පැහැදිලි පිළිතුරක් ඇති මුත්, මේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සුදුසුම අවස්ථාව නොවන බැවින් පසුවට කල් තබමි…

ඇතමුන් තර්ක කරන පරිදි උක්ත ගාථාවේ යක්ෂයන් පිළිබඳව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නොවෙයි. එයට හේතුව වශයෙන් එක් අයෙක් සඳහන්කර තිබුනේ බුදුරදුන් දෙවියන්ව යක්ඛ ලෙස ඇතැම් අවස්ථාවක හඳුන්වා ඇති බැවින් මෙම ගාථාවෙහි යක්ෂයන් පිළිබඳව අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍ය බවයි. එය එසේනම් ගාථාවෙහි “දේවා” වෙනුවට “යක්ඛා” යනුවෙන් යෙදීමට ද හැකි බව එම තර්ක නගන්නවුන්හට නොසිතීම පුදුමසහගත ය…

නමුත් මහා සමය සූත්‍රයෙහි පැහැදිලිවම යක්ෂ, දේව, නාග, බ්‍රහ්ම ආදීහු වෙන වෙනම කොට්ඨාශ ලෙස සඳහන්කර ඇති බව ඉහත සඳහන් තර්ක නගන භූමාටු පඬියන්ට නොපෙනීම ඔවුන්ගේ පඬි භාවයේම ලක්ෂණයක් විය හැක…

භූමාටු පඬියන්ගේ තවත් තර්කයක් වන්නේ වෛශ්‍රවණ වැනි යක්ෂයන් ද දෙවියන්ම වන බැවින් අමුතුවෙන් යක්ෂයන් පිළිබඳව සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, “දේවා” යන්නෙහි යක්ෂයන් පිළිබඳව ද කියැවෙන බවත් ය… එසේනම් විරූපාක්ෂ යනු නාගයන්ගේ අධිපති දෙවියෙක් බැවින්, නාග යන්න ද “දේවා” යන්නෙහි අඩංගු විය යුතු ය. ඉදින්, අමුතුවෙන් “නාගා” යන්නක් සඳහන් කරන්නේ අහවල් කෙංගෙඩියකටද ?

භූමාටු පඬියන්ට යකුන්ගේම පිහිටයි….

Leave a comment