දැන් කාදිනල වහන්සේ විධායකයට තර්ජනය කරන්නේ ඇමරිකාවේ ඉන්දියාවේ හයිය අරගෙනද ?

🔸පාස්කු ප්‍රහාරය වාර්තාව හදලා තියෙන්නේ කාදිනල් වහන්සේට ට ඕන විදිහටයි..පාස්කු ප්‍රහාරය කළේ මුස්ලිම් වරුන් .නමුත් දැන් බෞධයන් කළා වගෙයි මේ වාර්තාවෙන් පෙනන්නේ .

🔸එහෙම මුස්ලිම්වරු පාස්කු ප්‍රහාරය කරන්න බලපෑවේ මුස්ලිම්වරුන්ව උඩ දැම්මෙ එදා කාදිනල් වහන්සේයි නිසයි.මුස්ලිම්වරුන්ට විරුද්ධව වචනයක්වත් ,කෙළ බිඳක්වත් හෙලන්න එදා කාදිනල් වහන්සේ ඉඩ දුන්නේ නෑ..ඒක එහෙම කරේ අත පුච්චා නොගෙන බෞද්ධයන්ව මෙල්ල කරන්න තියෙන හොදම මෙවලම මුස්ලිම්වරු නිසයි.

🔸 බෞද්ධයෝ කියන්නේ පට්ට මෝඩයෝ රැලක් .බෞද්ධයෝ මැට්ටන් වන නිසා උන් වහන්සේට මේ ද්විත්ව රංගනය ලස්ස්සනට කරන්න පුළුවන් . .කාදිනල් වහන්සේ මේක ලස්සනට කරනවා. එතුමා සිංහල නොවුනත් (උගත් පාඩම් කොමිසමේදී දෙමල කොටින්ට පක්ෂව සිංහලයන්ට විරුධව සාක්කි දුන්නා ) සිංහලකම තමන්ගේ අතට ගන්නවා . සිංහල කම අතට ගන්න උන් වහන්සේට වතිකානුවෙන් නිල දැනුම් දීමක් කරලායි තියෙන්නේ , ඒ දෙවැනි වතිකානු කතිකාවතින්ය .

🔸දැන් අලුත්ම එක තමයි බෞද්ධකමත් ,බෞද්ධ මරමස්ථාන පාලන යාන්ත්‍රනය තමන්ගේ අතට ගැනීම. කොටින්ම කිව්වොත්.පාස්කු ප්‍රහාර වාර්තාව කියන්නෙම.ශ්‍රී ලංකා විධායකට දාපු නාස් ලනුව යි. කාදිනල් උත්තම වහන්සේ කෙකර ගගා හිටියේ මේ බිත්තරය දාන්න තමා.

🔸යුද්දේ කොටි පරදෙගෙන එනකොට ,පිට රටට ගිහින් ගතු කීවා අපිට මතකයි , උගත් පාඩම් කොමිසමේදී කොටින්ට පක්ෂව සිංහලයන්ට විරුධව සාක්කි දුන්නා අපිට මතකයි. රත්මලානේ “ප්‍රේම ළමා නිවාසයේ” සිස්ටර් කෙනෙක් සිංහල ළමුන් ඉන්දියාවට ජාවාරම් කරලා ළමා අධිකාරියෙන් අත් අඩංගුවට ගෙන නඩුව අහගෙන යනකොට රජයට බල කරලා, තර්ජනය කරලා එම සිස්ටව නිදහස් කරගතා අපිට මතකයි. සිරකරුවොත් මනුසයෝ කියලා ලොකු ප්‍රචාරයක් ගෙන ගියා , පස්සේ රෝයල් පාරක් මිනීමරු ජුඩ් නිදහස් කරනු ලැබුවා. කුඩු කාරයෝ ස්ත්‍රී දුෂකයෝ මනුෂයෝද ? කුඩු කාරයෝ වෙනුවෙන් පෙනී සිටීම අපිට ගැටළුවක් .

🔸දැන් කාදිනල වහන්සේ විධායකයට තර්ජනය කරන්නේ ඇමරිකාවේ ඉන්දියාවේ හයිය අරගෙනද ?

යහපාලනයෙ වැරදිවලට මේ ආණ්ඩුව දොස් අහන්නෙ ඇයි? – මහඇදුරු නලින් ද සිල්වා මහතා

යහපාලනයෙ වැරදිවලට මේ ආණ්ඩුව දොස් අහන්නෙ ඇයි?

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම් වාර්තාවේ ගන්න කිසිම දෙයක් නැද්ද? අද ඒ ගැන විවිධ දේශපාලනඥයන් කරන ප්‍රකාශවලින් නම් කියැවෙන්නේ එය කුණු කූඩයට දැමිය යුතු බවක්. ඒ වාර්තාව අසම්පූර්ණයි. මා හිතන්නෙ නැහැ කිසිම වාර්තාවක්, ලියවිල්ලක් සම්පූර්ණය කියා. ඕනෑම දැනුමක් ගැන යමක් එක්කෝ එකතු කරන්න පුළුවන් නැත්නම් එයින් යමක් අඩු කරන්න පුළුවන්. බුදුදහම ගැන පමණයි එසේ කිරීමට බැරි. ඒ එහි දැනුම නොදැනුම කරන නිසා. එයට එකතු කරන කොටස් අඩු කරන කොටස් අර වාද මේ වාද ඇති වන්නේ බුදුදහම දැනුමක් කර ගත් බ්‍රාහ්මණයන් හා ඔවුන් අනුගමනය කරන පුන නූල නැති චූල බ්‍රාහ්ණයන් නිසා.

පාස්කු ප්‍රහාර කොමිසමෙන් එක් එක් අය එක් එක් දේ බලාපොරොත්තු වන්න ඇති. ඒ බලාපොරොත්තු දළ වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් මේ ප්‍රහාරය පිටුපස සිටියේ කවුද? ඒ සහාරාන් නොවන බව නම් බෝම්බ පුපුරවපු දවසෙ ඉඳල ම දැන හිටියා. සහාරාන් පිටුපස එක් පුද්ගලයකු සිටියා ද? රටක් සිටියා ද? රටවල් කිහිපයක් සිටියා ද? ව්‍යාපාරයක් තිබුණා ද? ආදී ප්‍රශ්න වැළක්. ඒ හා සම්බන්ධ වූ අනෙක් ප්‍රශ්න තමයි ඒ පිටුපස සිටියවුන්ගේ අරමුණ කුමක් ද? ඔවුන් කුමක් බලාපොරොත්තු වුණා ද ආදිය. මා හිතන්නේ නැහැ කොමිසම ඒ ප්‍රශ්නවලට අත ගැහුවා කියලා.

බලාපොරොත්තුවල දෙවැනි කොටස තමයි පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක වුණෙ කුමක් නිසා ද? ඒ වළක්වාගැනීමට නොහැකි වූයේ ඇයි ද? ආදී කරුණු සම්බන්ධ ප්‍රශ්න. බෝම්බ පිපිරෙව්වේ කවුද යන්නත් ඒ ගැන දැන සිටි අය කවුද යන්නත් මේ දෙවැනි කොටසේ උප කොටස් ලෙස සලකන්න පුළුවන්. මා එයින් අදහස් කරන්නේ බෝම්බ පිපිරවීමට චක්‍ර ව හෝ සෘජුව හෝ සම්බන්ධ වූ අය කවුද කියන එක. සහාරන්ට බෝම්බ පිපිරවීමට උදවු කළ අය කවු ද?

මා හිතන්නේ බලාපොරොත්තුවල මේ දෙවැනි කොටසට නම් යම් පිළිතුරක් පාස්කු කොමිසම් වාර්තාවෙන් ලැබී ඇති බවයි. පළමු කොටසට පිළිතුරු නැහැ කියා අප දෙවැනි කොටසත් විසි කර දානවා ද? මෙරට දේශපාලනඥයන් යම් පිරිසක් මේ දෙවැනි කොටසෙන් චෝදනා ලබනවා. පළමු කොටසට පිළිතුරු නැති නිසා වාර්තාව ප්‍රතික්‍ෂෙප කිරීමෙන් සිදු වන්නේ දෙවැනි කොටසේ චෝදනා ඉදිරිපත් කළ යුතු යැයි නිර්දේශ කෙරෙන්නන් කිසිම පරීක්‍ෂණයකින් තොර ව නිදහස් වීමයි.

කොමිසමකින් නිර්දේශ කළ පමණින් නීතිපති චෝදනා අමුණන්න ඕන නැති වෙන්න පුළුවන්. නීතිපති පොලීසිය මත රඳා පවතිනවා වෙන්න පුළුවන්. ඒ කුමක් වුණත් කොමිසමේ නිර්දේශ නොසලකා හරින්න බැහැ. කොමිසම් වාර්තාව මුළුමනින් ප්‍රතික්‍ෂෙප නොකර ඒ මත පදනම් ව කළ යුත්තේ කුමක් ද කියා හිතා බලන්න ඕන. මා හිතන්නෙ අර ඇමති අනුකමිටුවෙන් ඉටුවිය යුත්තේ එය කියායි. එසේ නොමැති ව වාර්තාව මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කිරීම අනුවණ කමක්. එමෙන් ම එම කමිටුවෙන් හොයල බලන්න ඕනෙ මුස්ලිම් දේශපාලනඥයන්ට චෝදනා නැත්තෙ මොකද කියන එකත් රනිල්ට බොහොම ලාවට චෝදනා තියෙන්නෙ මොකද කියන එකත්.

පාස්කු ප්‍රහාරය ගැන මුස්ලිම් දේශපාලනඥයන් කිසිම දෙයක් දැන සිටියෙ නැද්ද? මුස්ලිම් අන්තවාදයක් පැතිරෙනව කිවුවම රනිල් ඒ බව විශ්වාස කළෙ නැත්තෙ ඇයි? ඇමති අනු කමිටුව පත් කළ විගස එයට බොහෝ අය විරුද්ධ වුණත් එයට කළ හැකි වැඩ කොටසක් තියෙනවා. ඇමති අනු කමිටුව දැන් ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද?

දෙමළ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කිසිවකු ඇහුවෙ නැහැ ප්‍රභාකරන් පිටුපස හිටියෙ කවුද කියල. ඒ මොකද කියන එක ප්‍රශ්නයක්. දෙමළ ත්‍රස්තවාදය පමණක් නොව දෙමළ ජාතිවාදය පිටුපස ම එංගලන්තය හා ඉන්දියාව හිටි බව අප කාලයක ඉඳල ම කියනවා. අදත් දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලබන්නෙ ඒ රටවල් මගිනුයි. එයට අමතර ව මෙරට විවිධ ක්‍රිස්තියානි සභාත් දෙමළ ජාතිවාදයට ආධාර කළා. ඇතැම් කතෝලික පූජකවරු දෙමළ ජාතිවාදයට එළිපිට ම ආධාර කළා. අර ලංකා සභාවෙ ප්‍රධානියා වූ කෙනත් ප්‍රනාන්දු බිෂොප්තුමා ප්‍රභාකරන්ගේ මානුෂිකත්වය ගැන චරිත සහතික දුන්න. විවිධ පෞද්ගලික හේතු නිසා සිංහල බුද්ධාගමට විරුද්ධ පඬි නැට්ටන් ද දෙමළ ජාතිවාදය වෙනුවෙන් කතා කළා.

හැමෝම වගේ කතා කෙළෙ සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳ ගන්න. ඒත් ප්‍රශ්නය මොකක් ද කියල කවුරුන්වත් කිවුවෙ නැහැ. කොහොමත් එංගලන්තයෙන් ආධාර හා අනුග්‍රහ ලබපු කොටි නන්දිකඩාල් කලපුවේ දි පරාද වුණා. එංගලන්තෙට ඒක දරා ගන්න බැහැ. බටහිරයන් ඇුතැම් විට ත්‍රස්තවාද ඇති කරල ඒ පරාද කරන කොට ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතා කරනවා. එංගලන්තය ජෙනීවාහි අපට විරුද්ධ ව රටවල් කිහිපයක් අල්ල ගෙන ඊනියා මානව හිමිකම් කඩකිරීම් ගැන කියන්නෙ තමන් ආධාර කළ ප්‍රභාකරන් සුරතලා පරාජය කිරීම විඳ දරා ගන්න බැරුව. මෙරට බොහෝ දෙනා එක්කෝ ඉන්දියාවට නැත්නම් එංගලන්තයට පක්‍ෂපාතියි.

දෙමළ ජාතිවාදය පිටුපස හිටියෙ කවුද කියල ඇහුවෙ නැති අයත් පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නෙ කවුද කියල අහන එක හොඳයි. ඒක හොයා ගන්න ඕන. අප නම්් එය සාකච්ඡා කරල තියෙනව. ඒත් එංගලන්තෙට හරි ඉන්දියාවට හරි බය පක්‍ෂපාත අය ඒ පිළිගන්නෙ නැහැ.

පාස්කු ප්‍රහාරය ගැන දැන ගෙන හිටි අය ඒ බව කියන එකක් නැහැ. කොමිසමට සහාරාන් පිටුපස සිටි අය හොයා ගන්න බැරි වුණත් පාස්කු ප්‍රහාරය ගැන දැන සිටි අය ගැන දැන ගන්න තිබුණා. ප්‍රහාරය වළක්වාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් මෛත්‍රිපාලත් රනිලුත් වග කියන්න ඕන. ඊනියා යහපාලන ආණ්ඩුව පොදුවේ වග කියන්න ඕන. ඒත් අද කෙරෙන කතාවලින් පේන්නෙ මේ ආණ්ඩුව වග කියන්න ඕන වගේ දෙයක්. ප්‍රහාරය සිද්ධ වුණෙත් විවිධ සතපහකට වැඩක් නැති පරීක්‍ෂණ කෙළෙත් අවසානයෙ පාස්කු කමිටුව පත් කෙළෙත් ඊනියා යහපාලනෙන්. ඒත් දොස් අහන්නෙ මේ ආණ්ඩුව. ඒක නම් ප්‍රශ්නයක්. ඒකට වග කියන්න ඕනෙ කවුද? ජනාධිපති නම් වෙන්න බැහැ.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

පාස්කු වාර්තාව ගැන තවදුරටත් – මහඇදුරු නලින් ද සිල්වා මහතා

පාස්කු වාර්තාව ගැන තවදුරටත්

පාස්කු කොමිසම් වාර්තාව ගැන මෙතෙක් කිසිම දේශපාලන පක්‍ෂයක් හොඳක් කියල නැහැ. හැමෝම වගේ කියන්නෙ වාර්තාව අසම්පූර්ණයි කියන එක. පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවන් ගැන කියා නැති එක අඩුපාඩුවක් කියල තමයි කියන්නෙ. ඒ ගැන නම් මට ප්‍රශ්නයක් නැහැ. කොමිසමකට එවැන්නක් හොයා ගන්න පුළුවන් කියල මා හිතන්නෙ නැහැ. මෛත්‍රිපාල ජනාධිපති කොමිසම පත් කෙළෙ ඒ ගැන දැන ගැනීමට නම් ඒක ඔහුගෙ ප්‍රශ්නයක් මිස කොමිසමේ ප්‍රශ්නයක් නො වෙයි. ඔය ඉන්න හැම දෙයක් ම දන්න මාක්ස්වාදී යැයි කියා ගන්නා දේශපාලනඥයන් ටික දන්නෙ නැද්දෙ පාස්කු ප්‍රහාරය පිටුපස හරි ඉදිරියෙන් හරි ඉන්නෙ කවුද කියල.

පාස්කු ප්‍රහාරය සිද්ධ වුණෙ ඊනියා යහපාලන ආණ්ඩුව කාලෙ. ඒ ගැන කොමිසම පත් කෙළෙත් ජනාධිපති මෛත්‍රිපාල. අද එතුමාගෙ ම පක්‍ෂෙ අය කියනවා වාර්තාව මල්ලෙ පොල් වරගයෙ එකක් කියල. කොමිසම් හා වාර්තා ගැන මගේත් අත්දැකීම් තියෙනව. එවකට තිබුණු ජාතික ඒකාබද්ධ කමිටුවේ දි සිංහල කොමිසම පත් කළ යුතු ය කියා යෝජනා කෙළෙ මම. එහෙත් ඒකෙ වාර්තාවෙ ලියැවුණෙ සංධීය රාජ්‍යයක් පිහිටුවන්න ඕන කියල. වාර්තාව නිකුත් වෙන්න ඉස්සෙල්ල මට කියවන්න ලැබුණු නිසා වාර්තාව නිකුත් වෙන්න තිබුණු දිනයෙ ම එයට විරුද්ධ වෙන්න අපට හැකි වුණා. එහෙත් එහි ප්‍රතිඵලයක් ලෙස අප කිහිප දෙනකු ජාතික ඒකාබද්ධ කමිටුවෙන් පන්නනු ලැබුවා.

අර උගත් පාඩම් කමිටුවට මාත් සාක්‍ෂි දෙන්න කියා. කාදිනල්තුමාත් එයට සාක්‍ෂි දෙන්න ගියා. එතුමාගේ සාක්‍ෂිය මගේ සාක්‍ෂියට බෙහෙවින් වෙනස්. මා පෙන්නා දුන්නෙ දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම සිදුවන අසාධාරණයක් නැහැ කියල. මගේ සාක්‍ෂිය අවසානයේ කමිටු සාමාජිකයකු කිවුවේ ඒ වුණත් අප දෙමළ ජනයාට යම් කිසි දෙයක් දෙන්න ඕන කියල. කොමිසම්වල කමිටුවල වාර්තා ගැන මට ඇති විශ්වාසය බොහොම අඩුයි.

පාස්කු කොමිසම් වාර්තාව තවම කාදිනල්තුමාට දීල නැද්ද? එතුමා එය ඉල්ලා තියෙනවා. ඉල්ලන ඕන කෙනකුට වාර්තාව ලබා දෙනව ද? මා දන්නෙ නැහැ. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය ඉතා විශාල පිරිස කතෝලිකයන්. ඒ නිසා කාදිනල්තුමාට ඒ ගැන විශේෂ උනන්දුවක් ඇති. කොටි ප්‍රහාර නිසා පමණක් නොව ජ වි පෙ ප්‍රහාර නිසාත් වැඩියෙන් මිය ගියෙ බෞද්ධයන්. ජ වි පෙරමුණත් භික්‍ෂූන් වහන්සේ ඝාතනය කළා. අරන්තලාව ඝාතනය කොටින්ගෙ වැඩක්. ඒක කෙළෙ අහවල් පුද්ගලයා ද කියන එක නොවෙයි ප්‍රශ්නය. මොන සංවිධානයෙ වැඩක් ද කියන එකයි ප්‍රශ්නය.

බෞද්ධයන් බහුතරය ලෙස ඝාතනය වූ අවස්ථාවල ඒ ප්‍රහාර ගැන හොයන්න කොමිසම් පත් කළා ද කියල මට නිච්චියක් නැහැ. එසේ පත් කළත් ඒ ආදළ වාර්තා මහානායක හිමිවරුන් ඉල්ලූ බවක්වත් උන්වහන්සේට දුන් බවක්වත් මට මතක නැහැ. පාස්කු ප්‍රහාරය සාම්ප්‍රදායික පල්ලිවලත් හෝටල්වලත් කෙරුණා. මා දන්නේ නැහැ හෝටල් හිමියන් වාර්තාව ඉල්ලල තියෙනව ද කියා.

පාස්කු ප්‍රහාරයෙන් ඝාතනය වුණු බහුතරය කතෝලික බව ඇත්ත. බෞද්ධයකු ලෙසත් මා ඒ ගැන කණගාටු වෙනවා. මඩකලපුවේ ප්‍රහාරය කතෝලික පල්ලියක නො වෙයි. මා කියන දේ වැරදියට වටහා ගන්න බොහෝ ඉඩකඩ තියෙනවා. මා කියන්නේ පාස්කු ප්‍රහාරය හුදෙක් කතෝලිකයන්ට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකා කටයුතු නොකළ යුතු බවයි. පාස්කු කොමිසම ගැන කතෝලික සභාවත් ප්‍රකාශ නිකුත් කළා.

පාස්කු ප්‍රහාරය කතෝලිකයන්ට එරෙහි ව එල්ල වූ ප්‍රහාරයක් ලෙස පමණක් කියන මතයක් ඇති වෙලා තියෙනවා. එය වැරදියි. අර බටහිරයන් යොදා ගන්න ව්‍යාජ වචන යොදා ගනිමින් මා කියන්නෙ නැහැ ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකළ ප්‍රහාරයක් කියල. එය යොදා ගන්න ම ඕන නම් මා කියනවා පහුගිය අවුරුදු පන්සීයක පමණ කාලයෙහි බටහිරයන් මනුෂ්‍යත්වයට එරෙහි ව ප්‍ර්‍රහාර පමණයි එල්ල කරල තියෙන්නෙ කියල.

මා අර පඬි නැට්ටන් හා වෙනත් අය අනුව යමින් පාස්කු ප්‍රහාරයෙහි ඊනියා භූදේශපාලන හේතු හොයන්නෙත් නැහැ. මේ ලෝකයේ තියෙන්නෙ භූදේශපාලනයක් මිස ආකාශදේශපාලනයක් නො වෙයි. ඒක පොළොව මත තියෙන යථාර්ථය වගේ කතා කියන්නත් මා ඉදිරිපත් වෙන්නෙ නැහැ. සමහරු අහසෙ සිහින මවනව වෙන්න පුළුවන්. මා ආකාශවස්තු ගැනත් අවධානයෙන් පසු වෙනවා. බටහිර විද්‍යාවෙ ආකාශ වස්තු ගැන කියන ඇතැම් දේ මා ප්‍රතික්‍ෂෙප කරනවා.

පාස්කු ප්‍රහාරයට සිංහලයන් ප්‍රතිචාර දැක්වූවා නම් මොකක් ද වෙන්න තිබුණෙ කියල මා කල්පනා කරනවා. එය පඬියන් කියන්න වගේ උපන්‍යාසීය (hypothetical) නැත්නම් කල්පිත ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් ඒවත් වැදගත් ප්‍රශ්න. පාස්කු ප්‍රහාරයෙන් වාසියක් වුණෙ පොදු ජන පෙරමුණට ඒ නිසා එය පොදු ජන පෙරමුණේ වැඩක් කියල කවුරු හරි කිවුවොත් මා පුදුම වෙන්නෙත් නැහැ. මුස්ලිම් අන්තවාදය අතිසංකීර්ණයි. මුස්ලිම් අන්තවාදය පිටුපස තියෙන්නෙත් බටහිර නූතනත්ව ක්‍රිස්තියානි සංස්ථාපනය වීම ඊට හේතුවයි. අද වන විට වහාබ්වාදය පිටුපස ඉන්නෙත් බටහිරයන්. ඒ ගැන මා කලින් ලිපිවල කියා ඇති.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

නලින් ද සිල්වා මහතා සහ ” නලින්වාදීන්ට කළ අභියෝගයට පිළිතුරක් ආචාර්‍ය – නිම්සිරි ජයතිලක

නලින් ද සිල්වා මහතා සහ ” නලින්වාදීන්ට කළ අභියෝගයට පිළිතුරක්

  • ආචාර්ය නිම්සිරි ජයතිලක

නලින් ද සිල්වා මහතාගේ ජාතික චින්තන මතවාදය හා බටහිර රටවල් විසින් පවත්වාගෙන යනු ලබන දැනුම් ආධිපත්‍යය පිළිබඳව එතුමා ‘කාලය’ වෙබ් අඩවිය ඔස්සේ පළ කරන ලිපිවල ඇති අදහස් පිළිබඳ නිර්දය විවේචනයක් විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු විසින් 2021 පෙබරවාරි මස 17 වන දා දිවයින බදාදා අතිරේකයේ පළ කර තිබුණි. එම ලිපියේ සඳහන් කරුණු කිසිදු තාර්කික පදනමක් මත පිහිටා විග‍්‍රහ කර නොමැති අතර බොහොමයක් කරුණු නලින් ද සිල්වා මහතා තමාගේ කිසිදු ලිපියක සඳහන් කර නොමැති ප‍්‍රලාප බව සාධක සහිතව පෙන්වා දීමට කැමැත්තෙමි. තවද බටහිර විද්‍යා දර්ශනයේ මෑත කාලීන ප‍්‍රවණතා අසූව දශකයේ සිට සිංහල පාඨකයනට හඳුන්වා දෙනු ලැබුයේ ද නලින් ද සිල්වා මහතා දිවයින බදාදා අතිරේකයේ පළ කළ ලිපි හා වාද ඔස්සේ බව මෙහිදී සිහි කළ යුතුය. විශේෂයෙන් බටහිර විද්‍යාවේ දර්ශනයට විප්ලවවාදී මතවාද හා සංකල්ප රාශියක් හඳුන්වා දුන් තෝමස් කූන්, ඉම්රේ ලැකටස් හා පෝල් ෆෙයරාබන්ඞ් වැනි දාර්ශනිකයන්ගේ මත පිළිබඳ දීර්ඝ විවාදයක් නලින් ද සිල්වා හා බර්ටි එස් නානායක්කාර යන මහතුන් අතර දිවයින බදාදා අතිරේකය ඔස්සේ මාස ගණනක් පැවැත්වුණි. මෙසේ රට තුළ ඉමහත් බුද්ධි ප‍්‍රබෝදයකට හේතු කාරක වූ නලින් ද සිල්වා මහතාගේ කෘතින් හා ලිපිලේඛන එක මිටට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා විසින් කිසිදු විග‍්‍රහයක් නොමැතිවම එක් ලිපියක ෙඡ්ද දෙකකින් පමණ ඒවා සැහැල්ලූවට ලක් කිරීම බටහිර විද්‍යාවේ පදනම හා දර්ශනය පිළිබඳව එතුමන්ලාගේ දැනුමේ තරම මොනවට විදහා දක්වයි.

මම 1980 දශකයේ අග භාගයේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුවකු ලෙස නලින් ද සිල්වා ඇදුරුතුමාගෙන් ගණිතය ආශි‍්‍රත විෂයයන් සහ තාරකා භෞතික විද්‍යාව ඉගෙන ගතිමි. මීට අමතරව එවක එතුමාගේ අනුශාසකත්වය යටතේ පවත්වාගෙන ගිය ‘ගවේෂකයෝ’ සංවිධානය මගින් සතිපතා පැවැත්වූ එතුමාගේ දේශන හා සාකච්ඡුාවලට නිරතුරුවම සහභාගි වූයෙමි. එම සාකච්ඡුාවලදී බටහිර විද්‍යාවට අමතරව බටහිර දර්ශනය, බුදු දහම, මාක්ස්වාදය හා අපේ ගොවිතැන, වෙදකම, තාක්ෂණය ආදී දැනුම් පද්ධති පිළිබඳව අගනා දැනුම් සම්භාරයක් ලබා ගතිමි. මේ දැනුම් මගේ ලෝක දෘෂ්ටිය සකස් කර ගැනීමට බෙහෙවින් ඉවහල් වූ බව කෘතඥ පූර්වකව සඳහන් කරමි. පූජ්‍ය බෙංගමුවේ නාලක අනු නා හිමි හා මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු තවත් දේශපේ‍්‍රමීන් කීපදෙනෙකුගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද චින්තන පර්ෂදය නමැති සංවිධානයට එහි මුල් කාලයේදීම බැඳුණු මම වර්තමානයේ එහි භාණ්ඩාගාරික තනතුර හොබවමි.

දැන් නැවතත් උක්ත ලිපිය දෙසට හැරෙමු. එම ලිපියේ මුල් කොටසේ මෙසේ සඳහන් වේ. ”මහාචාර්ය නලින් ද සිල්වා මහතා ඔහුගේ මතය කොළඹ විශ්විද්‍යාලයේ පැතිරවීම ආරම්භ කරන විට අපි වෛද්‍ය ශිෂ්‍යයෝ විමු. ‘මගේ ලෝකය’ නම් එතුමාගේ මුල් පොත ද විවිධ පුවත්පත් හා සඟරාවල පළවූ ලිපි ද එතුමා විසින් ප‍්‍රකාශයට පත් කරන ලද විවිධ පොත් ද අපි කියවා ඇත්තෙමු. ඒවායේ ඇති මත මීට වසර සියකට පමණ පෙර බටහිර දාර්ශනිකයන් විසින් පළ කරන මතවල අනුකරණ බව අපි ඒ දිනවල ම වටහා ගත්තෙමු.’’

එසේ නම් එකල නලින් දසිල්වා මහතාගේ මගේ ලෝකය කෘතියේ අඩංගු මත හා සංකල්ප පිළිබඳව කොළඹ, මොරටුව හා පේරාදෙණිය වැනි විශ්වවිද්‍යාලවලත්, පුවත්පත්වල ශාස්තී‍්‍රය අතිරේකවලත් පළ වූ වාද විවාදවලට ඔබතුමන්ලා ඉදිරිපත් නොවූයේ මන්ද? මෙම විවාද අතරින් මෙතුමන්ලාගේ ගුරුතුමකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමග මහාචාර්ය නලින් ද සිල්වා සිදු කළ විවාද අතිශයින් ජනපි‍්‍රය විය. එම විවාදවලද. නලින් ද සිල්වා ඇදුරුතුමා විසින් මහාචාර්ය කාලෝ ෆෝන්සේකාගේ තර්ක හා මත නිශේධ කළ ආකාරය ඒවාට සහභාගි වූ අය හොඳින් දනිති. එතුමාගේ මගේ ලෝකය කෘතිය සහ වෙනත් ලිපිවලින් ක්වන්ටම් භෞතික විද්‍යාව විසින් බටහිර විද්‍යාවේ භෞතිකවාදී පදනම දෙදරවා ඇති ආකාරය පෙන්වා දී ඇත. එසේම එතුමා විසින් ක්වන්ටම් භෞතිකයට බෞද්ධයන්ගේ චතුස්කෝටික න්‍යාය ඇසුරින් විවරණයක් ඉදිරිපත් කර ඇත. එතුමාගේ මෙම මතවාද අභියෝගයට ලක් කරමින් දැනට පෙරටුගාමී පක්ෂයේ (එවකට ජනතා විමුක්ති පෙරමුණේ) නායකයෙකු වන පුබුදු ජාගොඩ මහතා විසින් ක්වොන්ටම් භෞතික විද්‍යාවට භෞතිකවාදී විවරණයක් ඇතුළත් කෘතියක් පළ කර තිබුණි. එසේම එම අවදියේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද සාමාජිකත්වය දැරූ හේතුවාදී සංගමයේ ප‍්‍රබලයෙකු විසින් නලින් ද සිල්වා මහතාගේ ‘මගේ ලෝකය’ කෘතියේ සඳහන් ඉහත කළ මතයන් විවේචනය කර තිබුණි. එහෙයින් ‘මගේ ලෝකය’ පිළිබඳව ප‍්‍රතිවාදී අදහස් දරන ඉහත සඳහන් මහතුන් දෙපළටත්, ඔවුන්ගේ මතවලට අනුකූලතාව දැක්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාටත් චින්තන පර්ෂදය විසින් සංවිධානය කරන ලද ප‍්‍රසිද්ධ විවාදයකට ආරාධනා කරන ලදී. එහෙත් විවාදයට සහභාගි වූයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පමණි. නලින් ද සිල්වා ඇදුරුතුමා සමග පැවති විවාදවලදී කෙතරම් ශාස්තී‍්‍රයව බැට කෑවත් තමන් විසින් පළ කරන ලද මත පිළිබඳව විවාදයකට ආරාධනය කළ විට ඊට ඉදිරිපත් වීමට තිබූ ධෛ්‍යයර්ය පිළිබඳව මම අභාවප‍්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට මගේ ප‍්‍රණාමය පුද කරමි. තවද මගේ ලෝකය කෘතිය පළ වී වසර විසිපහක් සැපිරීම නිමිත්තෙන් චින්තන පර්ෂදය විසින් 2011 වසරේදී එම කෘතිය පිළිබඳව ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයක් කොළඹ නව නගර ශාලාවේදී පවත්වන ලදී. එම සම්මන්ත‍්‍රණයේදී ආරාධිත දේශන දෙකෙන් එකක් පැවැත්වූයේ කොළඹ වෛද්‍ය පීඨයෙන් බිහිවූ විශේෂඥ වෛද්‍ය අරුණ මුණසිංහ මහතා ය. මෙරට තුළ ඉමහත් බුද්ධි ප‍්‍රමෝදයක් ඇති කළ නලින් ද සිල්වා මහතාගේ කෘතින්වල අඩංගු එක් මතයක් හෝ ඛණ්ඩනය කිරීමට මේ වසර තිහක පමණ කාලය තුළ කිසිවකු සමත් වී නැත. එසේ කර තිබේ නම් පෙන්වා දෙන ලෙස අභියෝග කරමි.

කරුණු මෙසේ තිබියදී වසර තිහකට පසුව මෙම විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා අවදි වී ඇත්තේ එතුමන්ලාම සඳහන් කරන ‘නලින්වාදී මතය’ දරන්නන් වෛද්‍ය විද්‍යාව දෙසට සිය නෙත් හෙළා ඇති නිසා බව සඳහන් කර ඇත. මෙතුමන්ලා නොදැන සිටියාට නලින් ද සිල්වා මහතා කාලෝ ෆොන්සේකා මහතා සමග බටහිර වෛද්‍ය විද්‍යාව, ආයුර්වේදය හා සිංහල වෙදකම පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ සිදු කළ විවාදයේදී එතුමා කාලෝ ෆොන්සේකා මහතාගේ තර්ක නිශේධ කළ ආකාරය අපට තවමත් මතකය.

ලිපියේ ඉතිරි කොටස පුරාම ඔබතුමන්ලා නලින් දසිල්වා මහතා ප‍්‍රකාශ කළා යැයි කියන කරුණු එතුමාගේ කිසිම ලේඛනයක සඳහන් ව නොමැති බව පෙන්වා දීමට කැමැත්තෙමි. නිදසුන් කිහිපයක් සලකා බලමු. ”වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඕනෑම කෙනෙකු පවසන දෙයක් සත්‍යයක් විය හැකි බව ද ඒ සඳහා කපු මහතකු හෝ වඩු මහතකු හෝ වෛද්‍යවරයෙකු පවසන මතයන් එක සේ සත්‍යයන් ගතයුතු බව මහාචාර්ය ද සිල්වා මහතා ඔහුගේ ලිපියේ ඍජුවම ප‍්‍රකාශ කරයි.’’

”මෙම නලින්වාදී තර්කයට අනුව කිසියම් විෂයයක් හැදැරීම හෝ පුහුණුවක් ලැබීම හෝ ඒ පිළිබඳව සුදුසුකම් ලබා ගැනීම අවශ්‍ය නොවේ. එවන් විෂයයක් හැදැරූ හෝ සුදුසුකමක් ලැබූ හෝ පුහුණුවක් ලැබූ හෝ අයකු සහ එසේ නොලැබූ අයකු අතර කිසිදු වෙනසක් නොමැත’’

”මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ මෙම මතය අති භයංකරය. වසර ගණනාවක් තිස්සේ ඔහු විසින් ලංකාවේ වපුරන ලද මෙම ‘නලින්වාදී’ මතය අද රට තුළ ඇති වී ඇති ව්‍යාකූලත්වයට දාර්ශනික පදනමක් සපයයි. මෙම මතයට අනුව ආර්ථික විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇත්තකු හා ඒ පිළිබඳව කිසිවක් නොදත්තකු අතර කිසිදු වෙනසක් නොමැත. පාලමක් සෑදීමේදී ඒ පිළිබඳව තම ඉගැනුමෙන්, සුදුසුකමින් හා පුහුණුවෙන් උපදෙස් දෙන ඉංජිනේරුවරයකු හා ඒ පාලම උඩින් ගමන් ගන්නා මගියකු අතර කිසිදු වෙනසක් නොමැත. පරිපාලනය උගත්තකු හා නූගත්තකු අතර වෙනසක් නොමැත. පරිසරවේදියකු හා පරිසරය විනාශ කරන්නකු අතර වෙනසක් නොමැත.’’

මෙවැනි සාවද්‍ය ප‍්‍රකාශ සඳහන් වන නලීන් ද සිල්වා මහතාගේ ලිපිවල මාතෘකා හෝ ඒවා පළ කළ දිනයන් සහිතව එම ලිපිවලින් උපුටා දක්වන ලෙස මම විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාට අභියෝග කරමි.

සමහර තැනක කරුණු විකෘති කර හෝ වැරදි වටහා ගැනීම් සිදුවී ඇති බව පෙනේ.

නිදසුනක් ලෙස ”එතුමාගේ වචනවලින් පවසන අයුරින් ධම්මික වෙද මහතා බාසුන්නැහැ කෙනෙකුද කපුමහතෙකුද කාලි අම්මා සම්ම්‍යදෘෂ්ටිකද මිත්‍යා දෘෂ්ටිකද යන්න අපි බලන්නේ නැහැ.’’

මේ ප‍්‍රකාශය නම් සත්‍යය. මෙයින් කියවෙන්නේ කුමක්ද? මෙයින් කියවෙන්නේ යම් විෂයයක් අරභයා එම විෂයය පිළිබඳ විශේෂඥයකු ප‍්‍රකාශ කරන මත අභියෝගයකට ලක් කරමින් වඩුවකු කාර්මිකයකු ගොවියකු හෝ කොටින්ම කියතොත් සම්මත උගතකු නොවන සාමාන්‍ය පුද්ගලයකු තමන් විසින් සිතා බලා හෝ අත්දැකීමෙන් හෝ දෙවියන් භූතයන් වැනි මනුෂ්‍ය නොවන ප‍්‍රාණීන්ගෙන් හෝ ලබා ගත් දැනුමක් ඇසුරින් කරන ප‍්‍රකාශ සැලකිල්ලට ගත යුතු බවයි. එම පුද්ගලයාගේ වෘත්තිය හෝ සමාජ තත්ත්වය හෝ අදාළ නොවන බවයි. අපේ සිංහල සම්ප‍්‍රදායය අනුව අතීතයේ සිටි වියතුන් බොහෝ විට එක් ක්ෂේත‍්‍රයකට පමණක් සීමා වූ අය නොවේ. ඔවුහු ගොවිකම, වෙදකම, නක්ෂත‍්‍රය, මූර්ති ශිල්පය, චිත‍්‍ර ශිල්පය වැනි ක්ෂේත‍්‍ර ගණනාවක එකවර කුසලතා දැක්වූහ. යම් විෂයයක් පිළිබඳව මත ප‍්‍රකාශ කිරීම, විචාරයට ලක් කිරීම හා නියාමනය කිරීමේ ඇති අයිතිය අදාළ ක්ෂේත‍්‍රයේ විශේෂඥයනට පමණක් සීමා කිරීම බටහිර විද්‍යාවේ ඇති දුබලතාවක් වන උණිතවාදයේ ලක්ෂණයකි.

එසේම උක්ත ලිපියේදී නලින් ද සිල්වා මහතාගේ ජාතික චින්තන මතවාදය, එතුමාගේ වෙනත් මත හා ප‍්‍රවාද මෙරට උගතුන් කිසි විටෙකත් පිළි නොගත් බව සඳහන් ය. එහි අර්ධ සත්‍යයක් තිබේ. මෙරටේ උගතුන් බහුතරයක්ම අපට ලබා දෙන බටහිර අධ්‍යාපනයෙන් හිස් කුරුවල් කරගත් පිරිසක් බව ඔවුන් කරන කියන දේවලින් මනාව පැහැදිලි වෙයි. නලින් ද සිල්වා ඇදුරුතුමා කොළඹ විශ්වවිද්‍යාලයේදී ජාතික චින්තන මතවාදය තම දේශනවලදී සිසුනට ප‍්‍රකාශ කිරීම පිළිබඳව එවකට සිටි උපකුලපතිතුමා එතුමාගෙන් ප‍්‍රශ්න කරන ලදී. බටහිර දැනුම් සමඟ ඊට පදනම් වන බටහිර චින්තනයද තමා සිසුනට පෙන්වා දෙන බැවින් වෙනත් චින්තන මත පදනම් වූ දැනුම්ද විවිධ සංස්කෘතීන් තුළ බිහි වන බව පෙන්වා දීමේ අයිතිය තමනට ඇති බව එතුමා පිළිතුරු වශයෙන් උපකුලපතිතුමා හට පවසා ඇත.

මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලය තුළ ක‍්‍රියාත්මක වූ ස්වාධීන ශිෂ්‍ය සංගමය හා ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය කණ්ඩායම අතර බිහිසුණු බල අරගලයක් පැවතිණි. මෙම මැර කණ්ඩායම් දෙකටම විරුද්ධව අභීතව මතවාදීව නැඟී සිටියේ නලින් ද සිල්වා මහතාගේ ජාතික චින්තන මතවාදයෙන් පෝෂණය වූ කොළඹ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයයි. ඉහත බිහිසුණු අරගලය හා එක්සත් ජාතික පක්ෂ රජයේ මර්දනයේ ප‍්‍රතිඵලයක් ලෙස සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම වසර තුනක් පමණ කාලයකට අකර්මන්‍ය විය. අනතුරුව නැවතත් විශ්වවිද්‍යාල විවෘත කරන විට මුලින්ම විවෘත කළ හැකි වූයේද කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයයි.

තවද මෙම විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාගේ උක්ත ලිපියට අනුව නලින් ද සිල්වා මහාතාගේ ජාතික චින්තන මතවාදය ලංකාව පුරා පැතිර යෑම ලංකාවේ ප‍්‍රගමණයට බලවත් හානියක් සිදු කොට ඇත මෙයට පිළිතුරු දිය යුතුමය.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් පහ කරනු ලැබූ නලින් ද සිල්වා මහතා වසර දහයක් පුරා පැවති නඩුවෙන් ජයග‍්‍රහණය කර නැවතත් කැලණිය විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා ලදී. එහිදී විද්‍යා පීඨයේ පීඨාධිපති ධුරයට පත් වූ එතුමාගේ අනුග‍්‍රහය යටතේ බටහිර වෛද්‍ය ක‍්‍රමයට හඳුනාගත නොහැකි වූ රජරට වකුගඩු රෝගයට හේතු සෙවීමට සිදු කළ පශ්චාත් උපාධි පර්යේෂණයේ ප‍්‍රතිඵල රට තුළ උණුසුම් සංවාදයක් ඇති කිරීමට සමත් විය. රජරට වකුගඩු රෝගයට කෘෂි රසායනවල ඇති ආසනික් වැනි උග‍්‍ර විෂ සහිත බැර ලෝහවල බලපෑම එම පර්යේෂණය මඟින් තහවුරු කරන ලදී. මෙම පර්යේෂණය බටහිර රටවල පවා අවධානයට පාත‍්‍ර විය. මෙහිදීද මෙරට විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු හා කෘෂි විද්‍යාඥයන් බහුතරයක් මෙම පර්යේෂණයට එරෙහිව බහුජාතික සමාගම් වෙනුවෙන් පෙනී සිටියහ.

උක්ත ලිපියේ කර්තෘන් වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැනගැනීම සඳහා ඔවුන්ගේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයෙන්ම තවත් නිදසුනක් ගෙන හැර දක්වමි. සිරිමා බණ්ඩාරනායක අගමැතිණියගේ පාලන සමයේ ලංකාවට ඖෂධ ප‍්‍රතිපත්තියක් සකස් කිරීම ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය සේනක බිබිලේ මහතාට පවරන ලදී. එතුමා සම්පාදනය කළ ඖෂධ ප‍්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානයේද ප‍්‍රශංසාවට ලක් විය. එතුමාගේ යෝජනාවල ප‍්‍රතිඵලයක් ලෙස රටපුරා රාජ්‍ය ඔසුසල් ඇති කිරීම හා මෙරට තුළම ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිහිටුවීම නිසා එතෙක් බටහිර රටවල බහුජාතික ඖෂධ සමාගම් විසින් මෙරට ජනතාව සූරා කෑම බොහෝ දුරට පාලනය විය. එහෙත් එම අවස්ථාවේදී මෙරටේ බටහිර වෛද්‍යවරුන් සෑහෙන පිරිසක් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ එවැනි ප‍්‍රතිපත්තිවලට එරෙහිව බහුජාතික සමාගම් වෙනුවෙන් ඉදිරියට පැමිණියහ. මෙවැනි නිදසුන්වලින් පැහැදිලි වන්නේ ලංකාවේ ප‍්‍රගමණයට හා සාමාන්‍ය ජනතාවගේ ශුභසිද්ධියට බාධා කරන්නේ මෙරටේ බහුතරයක් වන බටහිර ගැති උගතුන් විසින් බව නොවේද ?

මේ සම්බන්ධයෙන් වඩාත් ඵලදායී හා අර්ථවත් සංවාදයක් හෝ විවාදයක් කිරීමට නම් සම්මන්ත‍්‍රණ ශාලාවක එය සංවිධානය කළ යුතු වේ. නමුත් පවතින වසංගත රෝග තත්ත්වය යටතේ එවන්නකට ඉඩකඩ සීමිත බැවින්, ඕනෑම රජයේ හෝ පෞද්ගලික නාලිකාවක විවාදයක් සූදානම් කරන ලෙස විශේෂඥ වෛද්‍යවරු තිදෙනාගෙන් කාරුණිකව ඉල්ලමු. එසේ නොමැති නම් සමාජ ජාලා හෝ වෙනත් ක‍්‍රමවේදයකට අනුව වුව මේ විවාදය කිරීමට අප සූදානම් ය.

ආචාර්ය නිම්සිරි ජයතිලක

පාස්කු ප්‍රහාරය හා ඊනියා යහපාලනය – මහඇදුරු නලින් ද සිල්වා මහතා

පාස්කු ප්‍රහාරය හා ඊනියා යහපාලනය

පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව කතානායකට දීල. ඒක පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ තියෙනව කියනවා. සමහර මන්ත්‍රීල පුස්තකාලයට යන්න දන්නව ද දන්නෙ නැහැ. කොහොමත් ලංකාවෙ තවමත් තියෙන්නෙ කියවන සම්ප්‍රදායට වඩා අහන සම්ප්‍රදාය. කොහොම කොහොම හරි එක එක්කෙනා තමන්ට ඕන විධියට වාර්තාව කියවා ගනීවි, නැහැ අහගනීවි.

මා ඔය වාර්තාව කියවල තියා ඇහැට දැකල නැහැ. එක් එක් අය කියන ඒවා ජනමාධ්‍යයෙ වාර්තා වෙනවා. ඒවා තමයි මා කියවල තියෙන්නෙ. මා ලියන දේ පදනම් වෙන්නෙ ඒ මත. වාර්තාව කවදා කියවන්න ලැබෙයි ද කියල මට කියන්න බැහැ. ඒත් වාර්තාවෙ වැඩිය ඇත්තෙ සාක්‍ෂි හා වෙනත් ලිපි ලේඛන වෙන්න ඕන.

මා දැක්ක යටත්විජිත හේරත් කියල තිබුණ වාර්තාවෙන් පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවන් ගැන කියල නැති වගක්. යටත්විජිත පාර්ලිමේන්තු පුස්තකාලයට දුවල ගිහිල්ල වාර්තාව කියෙවුව ද කියල මා දන්නෙ නැහැ. කොහොමටත් ඔය කොමිසමෙන් කවුරු හරි බලාපොරොත්තු වුණා නම් ප්‍රහාරයේ සැලසුම්කරුවන් ගැන කියාවි කියල ඒක එතරම් ප්‍රඥාගෝචර නැහැ. ඒ වැඩේ බුද්ධි අංශයටත් විචාර බුද්ධියක් ඇති විශ්ලේෂකයන්ටත් පැවරෙන දෙයක්. ඊනියා දේශපාලන විචාරකයන් අතර නම් එවැන්නන් නැති බව පැහැදිලියි. ඔය කාලෙ නම් බුද්ධි අංශය බුදි කරල තිබුණෙ.

පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාවෙන් කියල තියෙනව කියන දෙයින් පැහැදිලි වෙන ප්‍රධාන ම කරුණ තමයි 2019 අප්‍රේල් මාසෙ වෙන කොට මෙරට තිබුණු අරාජික තත්වය. එය ආණ්ඩු දෙකක නැති නම් නැති ආණ්ඩුවක කතාවක්. 2018 තරම කාලයක ඉඳන් මෙරට අරාජික වෙලා තිබුණෙ. ඒ කාලෙ සේන ගුත්තිකල නැවත මේ රටට පැමිණියා නම් රාජ්‍ය බලය ගන්නත් තිබුණ. මේ වර්තමානයෙන් අපේ ඉතිහාසයටත් එළියක් වැටෙනවා.

සුබ සහ යස ගැන හිතෙනවා. ඒ මෙරට ලම්බකර්ණයන් බලය ලබා ගැනීමේ සටන ගැන කියැවෙන කතාව. මා කියන්නේ රනිල් හා මෛත්‍රිපාල සුබ සහ යස කියන එක නො වෙයි. මෙවර සටනෙන් පස්සෙ රනිලුත් නැහැ මෛත්‍රිපාලත් නැහැ. ඒත් වාර්තවෙන් ආරංචි හැටියට මෛත්‍රිපාලට පමණයි දොස් කියල තියෙන්නෙ. රනිල් වරදක් කරල නැති පාටයි. මා නැවතත් කියන්න ඕන මේ සියල්ල ආරංචි මාත්‍රයෙන් කියන දේ.

රනිල් වෙනුවට පූජිත හේමසිරි ඉන්නවා. මට හැම තිස්සෙ ම හිතෙන දෙයක් තමයි රනිල් දේශපාලනික ව දක්‍ෂයෙක් කියන එක. මහා බැංකු මංකොල්ලයට කවුරු වැරදිකරු වුණත් (මේ යන විධියට වැරදිකරුවකු නොහිටින්න පුළුවන්) රනිල් වැරදි කරුවකු වන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනුත් ඔහු තම රාජකාරිය අතපසු කළ බවක් වැරදි විධියට බලය යොදා ගත් බවක් කියැවෙන්නෙ නැහැ. මා කියන්නෙ ඔහු වරදකරුවකු ව සිටිය දී නිවැරදි කරුවකු වන බවක් නො වෙයි. ඔහු දක්‍ෂයකු බවයි. ඔහුගේ දක්‍ෂකම අනුව අවුරුදු පනහකට පමණ පෙර ඔහුට පුළුවන්කම තිබුණා කොළඹ විශ්වවිද්‍යාලෙ මහා බලසම්පන්න ශිෂ්‍ය නායකයා වූ එම් ඒ ජස්ටින් මෙහෙයවන්න.

පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් මෙරට මුස්ලිම් දේශපාලන පක්‍ෂ නායකයන් ඇඟේ සුලු ගැවිමකින් පමණක් විත්තිකරුවන් වෙන බවක් තමයි පේන්න තියෙන්නෙ. මේ හැම දෙයක් ම පිටුපස ඩීල් දේශපාලනය තියෙනව. මුස්ලිම් දේශපාලනය තනිකර ම ඩීල් දේශපාලනයක්. මේ ඩීල් දේශපාලනය නැති කරන්නෙ මේ ආණ්ඩුවෙත් සමහරු ඉඩ දෙන්නෙ නැහැ. පාස්කු ප්‍රහාරය පිටුපස ජාත්‍යන්තර බලවේග ඉන්න බව පැහැදිලියි. ජාත්‍යන්තර බලවේග ගැන කොමිසම් වාර්තාවෙ සඳහන් වෙනව කියල හිතන්න අමාරුයි.

මේ ජාත්‍යන්තර බලවේග සහාරාන් ඇතුළු පිරිස යොදා ගත්තා. ඒ සඳහා සුදුසු වාතාවරණය සකස් කරල දුන්නෙ ඊනියා යහපාලන ආණ්ඩුව. එහෙමත් නැත්නම් අරාජිකත්වය. ඊයේ විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මානව හිමිකම් නෝනගෙ වාර්තාව ප්‍රතික්‍ෂෙප කරමින් හොඳ කතාවක් කෙරුව. ඒ කතාවෙ ඔය පාස්කු ප්‍රහාරය ගැනත් සඳහන් වුණා. එහි දී විදේශ ඇමති පෙන්නුම් කළා පසුගිය වතාවක ලංකාවට විරුද්ධ ව ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් අවමංගල හා ඊනියා යහපාලනය කරන ලද විනාශය. ඒ සම අනුග්‍රහය දැක්වීම නිසා අප රටේ බුද්ධි අංශ තවත් කඩා වැටුණ. සම අනුග්‍රහයෙන් කිවුවෙ බුද්ධි අංශත් මානව හිමිකම් කඩ කර ඇති බව.

පාස්කු ප්‍රහාරය සඳහා ජාත්‍යන්තර බලවේග බුද්ධි අංශත් කඩා වැටෙනකම් බලා හිටිය. ඒ කඩා වැටීම තමයි මෛත්‍රිපාල, පූජ්ත හේමසිරි වැන්නන් පෙන්නුම් කෙළෙ. ඒ විධියට බැලුව ම පාස්කු ප්‍රහාරයට අවමංගලල රනිල්ල අද වාර්තාව ගැන ප්‍රශ්න කරන කිරිඇල්ලල අනෙක් සියලු දෙනාටමත් වැඩිය වග කියන්න ඕනෙ. ඒත් කොමිසම එහෙම කරුණු හොයන්නෙ නැහැ. ජාතියේ අවමංගල්‍යය බලාපොරොත්තුවෙන් ඉන්න අවමංගලත් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන කියල බොහෝ දෙනකු හිතන එකක් නැහැ. ඒත් එක්සත් ජාතීන්ගෙ ජෙනීවා විගඩමේ අපට විරුද්ධ ව ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දක්වපු ඊනියා යහපාලන ආණ්ඩුචත් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන. ජාත්‍යන්තර බලවේගය කවුද කියන එක පසුව හෙළිදරවු කර ගනිමු. එහෙත් ඒ සඳහා යළි ඉපදීමක් අවශ්‍ය වෙයි ද? කතෝලික පල්ලි ඇතුළු පැරණි ක්‍රිස්තියානි පල්ලිවලට පහර දුන්නේ ඇයි?

තවත් කිවයුතු දේ තිබුණත් ජාත්‍යන්තර බලවේගවල එක අරමුණක් නම් කඩවුණු බව නොකියා ම බැහැ. ඒ සිංහල ජනතාව මුස්ලිමුන්ට විරුද්ධ ව උසි ගන්වා සිංහල ජනතාවට තවත් අමන ජාත්‍යන්තර ප්‍රහාරයක් එල්ල කිරීම. එහි දී යොදා ගැණෙන පිරිස් ගැනත් අපි අවධානයෙන් ඉන්න ඕන.

හැටනවයක් කළ අපරාධය – මහඇදුරු නලින් ද සිල්වා මහතා

හැටනවයක් කළ අපරාධය

ගෝඨාභය නන්දසේන රාජපක්‍ෂ ජනාධිපති කරල පහුගිය අගෝස්තුවේ මේ ආණ්ඩුව පත් කරපු අයට සාප කරන්න ඕන. ඔවුන්ට යහතින් ඉන්න ඉඩ නොදෙන්න කියල කතරගමට පයින් ගිහිල්ල බාරයක් වෙන්න ඕන. හැටනව ලක්‍ෂයක් ද කීයක් ද හින්ද අර රටක් වටින ආණ්ඩුවක් නැති කර ගත්තෙ අපේ ම කරුමෙට වෙන්න ඕන.

ඇත්තට ම සිංහල මිනිසුන්ට සාදික්ක කැවිල ද? මා එහෙම අහන්නෙ සාදික්ක කෑවම මොළේ නරක් වෙනව කියල ඇතැම් බටහිර වෙද මහත්තුරු කියන නිසා. බටහිර වෙද මහත්තුරුන්ට වරදින්න බැහැ. ඔවුන් මොන තරම් පාඩම් කරල ද ඔය විභාග සමත් වෙන්න ඇත්තෙ. ඔවුන් ඉතිහාසය ද බුදුදහම ද සාහිත්‍යය ද අරක ද මේක ද ඔක්කොම දන්නවා. ඒත් ආසාදිතයා කියන්නෙ කවුද කියල දන්නෙ නැහැ. දැන ගන්න ඕනත් නැහැ. ආසාදිතයො සුව වෙලා ගෙදර යනවා. ඒ මදැයි. එතකොට රෝගීන්. එහෙම කට්ටියක් ඉන්නවා ද? නැති රෝගීන් පීසීආර් ධන කරගෙන.

පහුගිය ආණ්ඩුව, ඒ කියන්නෙ යහපාලන ආණ්ඩුව මොන තරම් හොඳ ආණ්ඩුවක් ද? 2015 ඉඳලා 2018 ඔක්තෝම්බර් වෙනකම් යහපාලන ආණ්ඩුව කොහොම කොහොම හරි ගෙනිච්ච. චන්ද්‍රිකා ඒකෙ නැති වෙච්ච එක විතරයි තිබුණු එක ම අඩුව. චන්ද්‍රිකත් හිටිය නම් මොන තරම් හොඳ ද? ආණ්ඩුවට හඳ පායන්න තිබුණ. මේ නොසන්ඩාලයො ටිකක් රනිල් හා මෛත්‍රිපාල අතර විරසකයක් ඇති කරල. එච්චර හොඳ ආණ්ඩුව ගෙනි යන්න බැරි තත්වයකට පත් කරල. සිරිසේන නොදන්න කමට 2018 ඔක්තෝම්බරයෙ රනිල් පහකරල මහින්ද අගමැති කරල. ඒ මදිවට පාර්ලිමේන්තුවත් විසුරවල.

යටත්විජිත හේරත් මේව බලන් ඉන්න බැරුව පාර්ලිමේන්තුවෙ දුවල ගිහින් ලේකම්ට ද කොහෙද තුණ්ඩුවක් දීල විශ්වාසභංගයක් ගෙනල්ල. යටත්විජිත හේරත්ල තුණ්ඩු දීල කඩ වස්සපු මිනිස්සු. ඔවුන්ට ආණ්ඩුවක් වස්සනව කියන්නෙ මහ වැඩක් නො වෙයි. මහින්දත් නැහැ මෛත්‍රිපාලත් නැහැ. රනිල් ඉන්නව. රනිල්දාස ඉන්නෙ රනිල් තියා ගන්න මිසක් වෙන කාව තියා ගන්න ද?

කොහොම හරි 2018 ඔක්තෝම්බරයට කලින් යහපාලන ආණ්ඩුව ගොඩක් වැඩ කෙරුව. ගොවීන්ට පොහොර නිකම් බෙදල දුන්න. අවශ්‍ය ප්‍රමාණයට වැඩියත් දුන්න. ගොවීන් ඒ වැඩි පොහොර හාල් සිරිසේනට දුන්නෙ නැහැ. කාට දුන්න ද කියල නිච්චියක් නැහැ. කට කැඩිච්ච කතා කියන එකෙක් කියනව හාල්පාරුවන්ට දුන්න කියල. මා නම් දන්නෙ නැහැ. දන්න එක ම දේ ගොවියන් ඒ කාලෙ සන්තෝසෙ වැඩි කමට සිය දිවි නසා ගත්ත කියන එක විතරයි.

ඔය 2018ට ඉස්සර තවත් දේවල් සිද්ධ වුණා. මේ දවස්වල ජෙනීවා මංගල්ලෙ පැවැත්වෙනවා. ඔය එක ජෙනීවා මංගල්ලෙක දි අර තපස්සු භල්ලුකට පස්සෙ දෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසකයා වෙලා ලංකාවට මහත් කීර්තියක් ගෙනත් දුන්න අවමංගල ලංකාවටත් අවමංගලයක් ගෙනල්ල රටට තව තවත් කීර්තිය අත් කර දුන්න. ඔහු එංගලන්තෙත් එක්ක එකතු වෙලා තමයි ඒ කීර්තිය අත් කරල දුන්නෙ. මියන්මාවෙ මතයක් තියෙනවා තපස්සු භල්ලුක මොන් ගෝත්‍රයට අයත් කියල. ලංකාවෙ මතයක් තියෙනව අවමංගල මොං ගෝත්‍රයට අයත් කියල. පඬි නැට්ටකු මට ගෝත්‍රවාදියකු යැයි කියන්න බැරි නැහැ. අපොයි නැහැ මා සුපිරිසිදු ජාත්‍යන්තරවාදියෙක්.

2018 යහපාලනය කැඩුණට පස්සෙ තිබුණු ආණ්ඩුව සුපිරි ම ගණයෙ එකක්. ඒකට ආණ්ඩුවක් කිවුවට ආණ්ඩු දෙකක්. එක් ආණ්ඩුවක් කරන වැඩ අනෙක් ආණ්ඩුව දැන ගන්නෙ පත්තරෙන්. සමහර වෙලාවට ගැසට් පත්තරෙන්. 2019 පාස්කු ප්‍රහාරය සිද්ධ වුණෙ ඔය සුපිරි ආණ්ඩු තියෙන කාලයේ. ආයි මොනව ද ආණ්ඩු දෙක ම කොමිසම් දෙකක් පත් කළා පාස්කු ප්‍රහාරයෙ සුළ මුළ හොයන්න. ඒවයෙ වාර්තා ඉස්සෙල්ල ම දුන්නෙ කාදිනල්තුමාට. එතුමාට හරි සන්තෝසයි. පොඩි ප්‍රශ්නයකට තිබුණෙ වාර්තා දෙකක් තිබීම. එකක කියන එක නොවෙයි අනෙක් එකේ තිබුණෙ.

කාදිනල්තුමා අගරදගුරු නෙ. අගරදගුරු කියන්නෙ රාජගුරුන් අතර ප්‍රධානියා කියන එක ද? මා දන්නෙ නැති නිසයි අහන්නෙ. සුනිල් අරිරුවන් මොකද කියන්නෙ. රදගුරු කියන්නෙ රාජගුරුන් නම් හාමුදුරුවරු කවු ද? නඩුකාර හාමුදුරුවරු නොවෙයි. මහසඟරුවන. සරච්චන්ද්‍ර නම් මනමේ කුමාරිගෙ පියා රාජගුරුට ඇන්දුව. ඒකට කමක් නැහැ. කාදිනල්තුමා වාර්තා දෙක ම අරගෙන ජාත්‍යන්තරේට ගියා.

දැන් මේ හැමෝම ජාත්‍යන්තරේට යන කාලෙ නෙ. ඉතින් කාදිනල්තුමා ගියා ම මොක ද? හැබැයි ඔය ජාත්‍යන්තරත් එක එක විධියෙ ඒවා. එක එක විධියෙ සුපර් මාර්කට් තියෙන්නෙ. ජාත්‍යන්තරත් එහෙම තමයි. ඔය කාට කාටත් ජාත්‍යන්තර තිබුණත් බෞද්ධයනට ජාත්‍යන්තරයක් තියා ජාති අන්තරයක්වත් නැහැ. මොනව වුණත් දත්මිටි කා ගෙන ඉන්න එක විතරයි තියෙන්නෙ.

මියන්මා රටේ ඉන්න ගමන් අර 6.55 ( මියන්මාවෙ 7.55) ප්‍රවෘත්ති බලන කොට මට හිතෙන දේ තමයි මා ලිවුවෙ. මේ ආණ්ඩුව මොනව ද කරල තියෙන්නෙ. පාස්කු කොමිසම් දෙකට මොක ද වුණෙ. ඒ වාර්තා ක්‍රියාත්මක කරන්නෙ නැත්තෙ ඇයි. යහපාලනය නිකම් දීපු පොහොර නැති කෙළෙ මොක ද? හාල් සිරිසේන මට්ටු කරන්න ද?

ජෙනීවා අවමංගල යෝජනාව අත් හරින්නෙ මොක ද? තපස්සු භල්ලුක එක්ක තරහ ද? අර යහපාලනෙ ඉන්දියාවට දෙන්න පොරොන්දු වුණු නැගෙනහිර පර්යන්තෙ වෙනුවට බටහිර පර්යන්තෙ දෙන්න හදන්නෙ මොක ද? තිරිකුණාමලේ තෙල් ටැංකි ටික ඉන්දියාවට සින්නක්කරේට ම තියා ගන්න දෙන්නෙ නැත්තෙ මොක ද? තිරිකුණාමලය කොහොමත් 1956ට ඉස්සර එංගලන්තෙට නෙ තිබුණෙ. නැහැ මා අහන්නෙ නැහැ දෙවැනි රාජසිංහ රජ්ජුරුවො අර බැන්ද කියන කොටුව ඇත්තට ම බැන්දද කියල. ඒක බැන්දෙ ඉංගිරිසි ආණ්ඩුකාරයෙක් වෙන්න ඇති. නැත්තන් උඩ තිබුණු පන්සල බිමට ගේන්න රාජසිංහ රජු කටයුතු කරා ද දන්නෙත් නැහැ.
මහඇදුරු නලින් ද සිල්වා මහතා

දැනුම ස්වෛරීභාවය හා තානාපතිවරු- මහඇදුරු නලින් ද සිල්වා මහතා

දැනුම ස්වෛරීභාවය හා තානාපතිවරු

රටක ස්වෛරීභාවය කියන්නෙ මොකක් ද කියන එක හැට ගණන්වලින් පස්සෙ ලෝකයේ කතා කරන මාතෘකාවක් වෙලා. බටහිරයන් එයට තමන්ට සරිලන විවිධ අර්ථකථන දෙනවා. බටහිරයන් හතළිස් ගණන්වල ආසියාවටත් හැට ගණන්වල අප්‍රිකාවටත් යම් දේශපාලන නිදහසක් දුන්න. ඒත් ආර්ථික නිදහසක් විශේෂයෙන් සංස්කෘතික නිදහසක් දුන්නෙ නැහැ. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනය තම දැනුම් ආධිපත්‍යය මගින් ලොව ම පලනය කරනවා.

බටහිරයන් ම අපට පසු කලෙක සංකල්පයක් හදල දුන්න නව යටත්විජිතවාදය කියල. නව යටත්විජිතවාදය පැරණි යටත්විජිතවාදයෙන් වෙනස් වෙන්නෙ සූරාකෑම අතින් නො වෙයි. පැරණි යටත්විජිතවාදයේ යටත්විජිත දේශපාලන වශයෙනුත් පාලනය කෙරුණෙ වෙනත් රටකින්. ඒ වෙනත් රටේ පාලකයන්ගෙ, රජුගෙ ජනාධිපති හරි අගමැති හරි ප්‍රමුඛ පාලකයන්ගෙ නියෝජිතයන් යටත්විජිතය දේශපාලනික ව පාලනය කළා. අපේ රට ගත්තොත් එංගලන්තෙන් පත්කරපු රජුගෙ ආණ්ඩුකාරයෙක් හිටිය. තව නිලධාරීන් හිටියා. ඒ මදිවට විදුහල්පතිවරුන් ගුරුවරුන් හිටිය. හමුදා හා පොලීසිය එංගලන්තෙන් මෙහෙයවුණෙ. ආර්ථිකය හා සංස්කෘතිකය ගැන කියන්න දෙයක් තිබුණෙ නැහැ.

ඊනියා නිදහසෙන් පස්සෙ අර දේශපාලන අධිකාරිය යම් ප්‍රමාණයකට නැතිව ගියා. ඒත් ලංකාවෙ උගතුන්ට පින්සිදුවන්නට එකී දේශපාලන අධිකාරිය එංගලන්තෙ රජු හරි රැජන හරි හරහා පවත්වාගෙන ගියා. ඒ කාලෙ දේශපාලන නඩු දැම්මෙ රැජනට විරුද්ධ ව සටන් කළාට. විජේවීරට 1971 දිත් නඩු දැම්මෙ රැජනට විරුද්ධ ව යුද්ධ කළාට. එයටත් හපන් මෙරට අධිකරණ තීන්දුවලට විරුද්ධ ව එංගලන්තෙ ප්‍රිවි කවුන්සිලයට නැත්නම් සාමි මන්ත්‍රී මණ්ඩල අධිකරණයට අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබුණා. 1962 බණ්ඩාරනායක මැතිණියගෙ රජයට විරුද්ධ ව කුමන්ත්‍රණය කළ අබෞද්ධ හමුදා හා පොලිස් නිලධාරීන් මෙරට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් වුවත් එංගලන්තෙ සාමි අධිකරණයෙන් යම් තාක්‍ෂණික කරුණක් මත නිදහස් කෙරුණ. මෙරට රාජ්‍ය භාෂා පනතට විරුද්ධ ව එංගලන්ත අධිකරණයෙ නඩුවක් දාල දිනුව.

මේ කටයුතු සිද්ධ වුණෙ එ ජා පාක්‍ෂිකයන්ගෙ අවශ්‍යතාවට. අංක එකේ විජාතික මනසක් ඇති ව සිටි ඔවුන් අපේ විදේශ කටයුතු ආරක්‍ෂාව එංගලන්තයට පවරල තිබුණෙ. 1972 දි තමයි අප එංගලන්තෙ රැජනගෙන් නිදහස් වුණෙ. එහෙත් ඉන්පසුත් ඊනියා නව යටත්විජිතවාදය ක්‍රියාත්මක වුණා. අප දිගින් දිගට ම ආර්ථික වශයෙන් සූරාකෑමට ලක් වුණු අතර සංස්කෘතික වශයෙන් බටහිරයන් අනුකරණය කරවීම දිගින් දිගට ම කෙරුණා. අධ්‍යාපනය හා ජනමාධ්‍ය එහි දී විශේෂ කාර්යභාරයක් ඉටු කළා.

එහෙත් බටහිරයන්ගෙ නව යටත්විජිතවාද සංකල්පයෙ නොකියැවුණු ඉතා වැදගත් කොටසක් තිබුණ. ඒ තමයි දැනුම් ආධිපත්‍යය. දැනුම කියන්නෙත් සංස්කෘතිකාංගයක් වුණත් දැනුම් ආධිපත්‍යය ඉතා සියුම් ව ක්‍රියාත්මක වුණෙ එය ආධිපත්‍යයක් බවවත් නොදැනෙන අයුරින්. දැනුම් ආධිපත්‍යයෙ එක් කරුණක් හැටියට ලෝකයට ම ඇත්තෙ එක ම දැනුම් පද්ධතියක් පමණක් යන්න හිත්වලට කාන්දු කෙරුණ. අදත් මෙරට අනුකාරකයන් කියන්නෙ පෙරදිග හා බටහිර යනුවෙන් දැනුම බෙදන්න බැහැ කියල. අද අපට වෙනත් දැනුමක් උගන්වන්නෙ නැහැ. උගන්වන්නෙ බටහිර දැනුම විතරයි. අනෙක් දැනුම් මිථ්‍යා කියල තමයි හැඟවෙන්නෙ. ඒකෙ තේරුම ඇත්තේ බටහිර දැනුම හා මිථ්‍යා පමණක් ය යන්නයි.

බටහිර දැනුමට පදනම් වෙන්නෙ බටහිර විද්‍යාව කියල උගන්නනචා. සියලු දැනුම්වලට උඩින් බටහිර භෞතික විද්‍යාව තියෙනව කියන එකයි කියන්නෙ. රසායන විද්‍යාව භෞතික විද්‍යාව පසුපසත් ජීව විද්‍යාව රසායන විද්‍යාව පසුපසත් ඊනියා සමාජයීය හා මානව විද්‍යාවන් ඒ සියල්ල පසුපස යන බවත් තමයි කියැවෙන්නෙ. ගණිතය හා න්‍යාය (logic) මේ සියල්ලට ම නැති දේව භාෂිතයක් ලෙසයි ප්ලේටෝගේ කාලයේ සිට සැලකෙන්නෙ. එහෙත් ගණිතයේත් න්‍යායේත් යම් ස්වසිද්ධි තියෙනව. ඒ වගේ ම නිගමනවලට එළඹීම සඳහා යොදා ගන්නා අනුමාන නීති තියෙනවා. මේ ස්වසිද්ධි හා න්‍යාය දේවභාෂිත නො වෙයි. ඒවා මිනිසාගෙන් ස්වායත්ත ව, ස්වාධීන ව පැවතෙන දේත් නො වෙයි. ඒවාට ඊනියා වාස්තවික පැවැත්මක් නැහැ. ස්වසිද්ධි අනුමාන නීති සියල්ල මිනිසුන්ගෙ නිර්මාණ. ඒ නිර්මාණ ඒ ඒ සංස්කෘතියට සාපේක්‍ෂයි. ඇතැම් සංස්කෘතීන් තියෙනවා තුනෙන් එහාට සංඛ්‍යා නැති. එක දෙක තුන හුඟක් කියල තමයි ඒ අය කියන්නෙ. ස්වසිද්ධි පද්ධතිය වෙනස් කළා ම වෙනත් ගණිත ලැබෙනවා. යුක්ලීඩිය ජ්‍යාමිතිය හා නිර්යුක්ලීඩීය ජ්‍යාමිති ඒ සඳහා හොඳ ම උදාහරණ. ඒ සියල්ල මිනිසුන්ගෙ නිර්මාණ. මිනිසුන්ගෙන් ස්වායත්ත ව භෞතික හෝ භෞතික නොවන හෝ සංකල්ප නැහැ. එවැනි සංකල්ප තිබේ යැයි කියන්නන් ඒ බව පෙන්වා දිය යුතුයි. ගණිතය හරි න්‍යාය හරි තර්කය හරි මිනිසාගෙන් ස්වායත්ත බව හැකි නම් පෙන්වන්න.

ගණිතය යම් පමණකට හරි පාරභෞතික (metaphysical) තත්වයෙන් මුදා ගැණුනෙ ව්‍යවහාරික ගණිතය නිසා. නැත්නම් අර හාඩි කිවුව වගේ ගණිතය කිසිවකුටවත් කිසිවකටවත් වැඩක් නැති දැනුමක් බවට පත්වෙන්න තිබුණ. ගණිතය පාරභෞතික තත්වයෙන් යම් පමණකට මුදා ගැණුනෙ විශේෂයෙන් ම භෞතික විද්‍යාව නිසා. එහෙත් අද වන විට භෞතික විද්‍යාව වැඩි වැඩියෙන් පාරභෞතික තත්වයකට පත් වෙමින් තියෙන්නෙ. එය නිවුටන් ආරම්භ කළ දෙයක්. ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු පාරභෞතිකයි. එවැනි සංකල්ප බටහිර භෞතික විද්‍යාවෙ යෙදා ගැනීම ගැන වියනා කවයෙ (අපි සම්මුතියටත් එනවා) පුරෝගාමියකු වූ අර්නස්ට් මාක් විරුද්ධ වුණා. ඒත් එකෙන් වැඩක් වුණෙ නැහැ. බටහිර දැනුමෙ බංකොළොත් බව පෙන්වන්න ඊනියා කළු කුහර තරම් හොඳ උදාහරණයක් නැහැ. කළු කුහරවලට ව්‍යුහයක් (structure) තියෙන්න බැහැ. ඊනියා සිද්ධි ක්‍ෂිතිජයෙන් (event horizon) ඔබ්බට ගිය අංශුවක් අපූර්වතාව (singularity) කියන තැනට යනවා. ගියාට පස්සෙ මොනව වෙනව ද කියල දෙයියො තමයි දන්නෙ. ඒත් බටහිර විද්‍යාඥයො කළු කුහරවල පින්තුර හදනවා . මා නම් හිතන්නෙ කළු කුහරවලට ව්‍යුහයක් තියෙනව කියල. අංශු ඔය අපූර්වතාවට යන්නෙ නැහැ. බටහිර දර්ශනය ගැන කියල වැඩක් නැහැ. බටහිර දර්ශනය කියන්නෙ පාරභෞතිකයක් පමණයි. එය ඊනියා පැවැත්මක් ගැන විවිධ පාරභෞතික කතා ගොතනවා. ඒත් මේ හැම කතාවක් ම බ්‍රහ්මජාල සූත්‍රයෙන් ප්‍රතික්‍ෂෙප වුණු හරුප පමණයි.

දැනුම පිළිබඳ ව මේ ටික කියන්න ඕන වුණෙ අද බටහිරයන් අප පාලනය කරන්නෙ ඔය දැනුම පදනම් කරගෙන නිසා. මේ දැනුම සංස්කරණය වෙන්නෙ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ. මේ දැනුම කළමනාකරණය වන්නෙ ඉංගිරිසින් අතින්. ඒ කියන්නෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙන්. එය එංගලන්තයේ වෙන්න පුළුවන්. බයිඩන්ගෙ රටේ වෙන්න පුළුවන්. (ට්‍රම්ප් ඉන් ඈත් වෙන්න තමයි බැලුවෙ. ඔහු ඇංග්ලිකන් බයිඩන්ලගෙ ඔබාමාලාගෙ උදහසට ලක් වුණෙ ඒ නිසයි. බයිඩන්ට ඇංග්ලිකන් බයියෙක් කියන්න පුළුවන්.) ඒත් ඒ දැනුමට වැඩියෙන් එකතු කෙරෙන්නෙ යුදෙවුවන් හා ඊනියා (යුරෝපීය) මහාද්වීපික බුද්ධිමතුන් අතින්. ඉංගිරිසින්ගෙ තියෙන දක්‍ෂකම මේ දැනුම කළමනාකරණයෙහි.

ඉංගිරිසින් අර හිරු නොබසින අධිරාජ්‍යය ගොඩ නැගුවෙ දැනුම කළමනාකරණයෙන්. එතරම් ලොකු රටක් නූණත් එංගලන්තයට ඊට වඩා ලොකු රටවල් පාලනය කරන්න පුළුවන් වුණා. ඔවුන් ඒ ඒ රටවල පාවාදෙන්නන් තමන් ළඟට කිට්ටු කර ගත්තා. ඒක එළාරත් කරපු දෙයක්. ඉංගිරිසින් ඊට වඩා බොහෝ දේ කළා. ඔවුන් අප හමුවේ බටහිර තාක්‍ෂණයේ මැජික් පෙන්නුව. බටහිර විද්‍යාව වාස්තවික වූ දැනුමක් ලෙස ප්‍රදර්ශනය කළා. ඉංගිරිසින් සංදර්ශන කප්පිත්තන්. බටහිර විද්‍යාව අනුභූතිවාදයක් (empiricism) හා බුද්ධිවාදයක් (rationalism) කියල පෙන්නුව. අනුභූතිවාදය හා බුද්ධිවාදය (හේතුවාදය) අහසට පොළොව මෙන් වුවත් ඒ දෙකම යම් පමණකට යොදා ගැනීමට බටහිරයන්ට බටහිර විද්‍යාවට සිද්ධ වෙනවා. ඒ දෙක ගැලැප්පීම අද ඉංගිරිසින්ගෙ ප්‍රධාන කාර්යයක් වෙලා. ඉංගිරිසින් ආර්ථික විද්‍යාව යොදා ගන්නෙ අප වැනි රටවල් දුප්පත් කියල අපට ම කියන්න. අප ලව්ව ම කියවන්න. ලෝකයේ සම්පත් රාශියක් තියෙන අප්‍රිකානු රටවල් දුප්පත් වෙන්නෙ කොහොම ද? බටහිර වෛද්‍ය විද්‍යාවෙ දුප්පත්කම නම් කොවිඩ් 19න් හෙළිදරවු වුණා. ආසාදනය, රෝගය, ප්‍රතිකාරය, සුව වීම වැනි සංකල්ප පවා අද අර්බුදයට ගිහින්. බටහිර වෛද්‍ය විද්‍යාවට කොවිඩ් 19 සඳහා ප්‍රතිකාරයක් නැති වුණත් ඊනියා රෝගීන් සුව වී ගෙදර යෑම ගැන පම්පෝරි ගහනවා.

ඇංග්ලිකන් ක්‍රිස්තියානීන් අප පාලනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගෙ සංවිධානය හා අනුබද්ධිත සංවිධාන, ඊනියා සිවිල් සමාජ මානව අයිතිවාසිකම් ආදිය යොදා ගන්නවා. ඔවුන් ඊනියා දැනුම යොදා ගෙන අපේ ස්වෛරිභාවයට පහර දෙනවා. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගෙ ආණ්ඩු අප වැනි රටවල පවත්වාගෙන යෑම පමණයි. අප රටවල බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියන්නෙ බටහිරයන් සඳහා බටහිරයන් විසින් පවත්වාගෙන යන බටහිරයන්ගෙ ආණ්ඩුවක්.

අපේ රටේ එවැනි ආණ්ඩු හදන්නෙ විජාතික මනස් ඇති රනිල් චන්ද්‍රිකා සජිත් අනුර සම්බන්ධන් සුමන්දිරන් හකීම් බද්‍යුද්දීන් ආදීන් විසින්. බටහිරයන් එවැනි ආණ්ඩු පවත්වාගෙන යෑමට සහාය දෙනවා. යම් පමණකට හරි ජාතිකත්වයක් ඇති ආණ්ඩුවක් පිහිටුවපු ගමන් එය වට්ටන්න හැකි සෑම දෙයක් ම කරනවා. අර ආරක්‍ෂා කිරීමට වූ වගකීම (R2P) කියන සංකල්පය තනා ගෙන ඇත්තෙ තමන්ගෙ ආණ්ඩු ආරක්‍ෂා කිරීමට ඇති වගකීම ගැන කියන්නයි. එහෙත් ඔවුන් එය පෙන්නන්නෙ ජනතාව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආණ්ඩුවලින් ආරක්‍ෂා කිරීමක් හැටියටයි. මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආණ්ඩු කියන්නෙ ඔවුන්ගෙ නොවන ආණ්ඩු.

අප දුටුවා දින පනස්දෙකේ ආණ්ඩුව හදපු වෙලාවෙ බටහිර රටවල් ක්‍රියා කරපු ආකාරය. ඔවුන් ඒ ආණ්ඩුව වැටුණ ම පිල් විදහාගත් මොණරුන් මෙන් රංගනයක යෙදුණ. ඊට කලකට කලින් ඔවුන් චන්ද්‍රිකා මෙරටට එවුවා ඔවුන්ගෙ ආණ්ඩුවක් හදල රට බෙදන්න. මෙරට ඉන්න තානාපතිවරු කිසිම බියක් සැකක් නැතිව මෙරට අභ්‍යන්තර දේශපාලනයෙ යෙදෙනවා. වියනා සම්මුතියෙ 41(1) වගන්තිය අනුව තානාපතිවරුන් රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතුයි. එහෙත් අප රටේ බටහිර රටවල තානාපතිවරුන් මෙන් ම ඉන්දීය මහා කොමසාරිස්වරයා ද රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙනවා. අප ඔවුන්ට වරක් අවවාද කර දෙවැනි වරත් මැදිහත් වුණොත් ආපසු අරින්න ඕන. ස්වෛරිභාවය කියන්නෙ දෙපැත්තට ම ක්‍රියාත්මක වන දෙයක්. අපේ තානාපතිවරුන්ට බැහැ පිටරටවල අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් වෙන්න. එහෙත් පිටරට තානාපතිවරු මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙනවා. ඔවුන්ට 41(1) වගන්තිය මතක් කර දෙන්න ඕන.

  • මහඇදුරු නලින් ද සිල්වා මහතා

හැට නවයක් කළ අපරාධය- මහඇදුරු නලින් ද සිල්වා මහතා

හැටනවයක් කළ අපරාධය

ගෝඨාභය නන්දසේන රාජපක්‍ෂ ජනාධිපති කරල පහුගිය අගෝස්තුවේ මේ ආණ්ඩුව පත් කරපු අයට සාප කරන්න ඕන. ඔවුන්ට යහතින් ඉන්න ඉඩ නොදෙන්න කියල කතරගමට පයින් ගිහිල්ල බාරයක් වෙන්න ඕන. හැටනව ලක්‍ෂයක් ද කීයක් ද හින්ද අර රටක් වටින ආණ්ඩුවක් නැති කර ගත්තෙ අපේ ම කරුමෙට වෙන්න ඕන.

ඇත්තට ම සිංහල මිනිසුන්ට සාදික්ක කැවිල ද? මා එහෙම අහන්නෙ සාදික්ක කෑවම මොළේ නරක් වෙනව කියල ඇතැම් බටහිර වෙද මහත්තුරු කියන නිසා. බටහිර වෙද මහත්තුරුන්ට වරදින්න බැහැ. ඔවුන් මොන තරම් පාඩම් කරල ද ඔය විභාග සමත් වෙන්න ඇත්තෙ. ඔවුන් ඉතිහාසය ද බුදුදහම ද සාහිත්‍යය ද අරක ද මේක ද ඔක්කොම දන්නවා. ඒත් ආසාදිතයා කියන්නෙ කවුද කියල දන්නෙ නැහැ. දැන ගන්න ඕනත් නැහැ. ආසාදිතයො සුව වෙලා ගෙදර යනවා. ඒ මදැයි. එතකොට රෝගීන්. එහෙම කට්ටියක් ඉන්නවා ද? නැති රෝගීන් පීසීආර් ධන කරගෙන.

පහුගිය ආණ්ඩුව, ඒ කියන්නෙ යහපාලන ආණ්ඩුව මොන තරම් හොඳ ආණ්ඩුවක් ද? 2015 ඉඳලා 2018 ඔක්තෝම්බර් වෙනකම් යහපාලන ආණ්ඩුව කොහොම කොහොම හරි ගෙනිච්ච. චන්ද්‍රිකා ඒකෙ නැති වෙච්ච එක විතරයි තිබුණු එක ම අඩුව. චන්ද්‍රිකත් හිටිය නම් මොන තරම් හොඳ ද? ආණ්ඩුවට හඳ පායන්න තිබුණ. මේ නොසන්ඩාලයො ටිකක් රනිල් හා මෛත්‍රිපාල අතර විරසකයක් ඇති කරල. එච්චර හොඳ ආණ්ඩුව ගෙනි යන්න බැරි තත්වයකට පත් කරල. සිරිසේන නොදන්න කමට 2018 ඔක්තෝම්බරයෙ රනිල් පහකරල මහින්ද අගමැති කරල. ඒ මදිවට පාර්ලිමේන්තුවත් විසුරවල.

යටත්විජිත හේරත් මේව බලන් ඉන්න බැරුව පාර්ලිමේන්තුවෙ දුවල ගිහින් ලේකම්ට ද කොහෙද තුණ්ඩුවක් දීල විශ්වාසභංගයක් ගෙනල්ල. යටත්විජිත හේරත්ල තුණ්ඩු දීල කඩ වස්සපු මිනිස්සු. ඔවුන්ට ආණ්ඩුවක් වස්සනව කියන්නෙ මහ වැඩක් නො වෙයි. මහින්දත් නැහැ මෛත්‍රිපාලත් නැහැ. රනිල් ඉන්නව. රනිල්දාස ඉන්නෙ රනිල් තියා ගන්න මිසක් වෙන කාව තියා ගන්න ද?

කොහොම හරි 2018 ඔක්තෝම්බරයට කලින් යහපාලන ආණ්ඩුව ගොඩක් වැඩ කෙරුව. ගොවීන්ට පොහොර නිකම් බෙදල දුන්න. අවශ්‍ය ප්‍රමාණයට වැඩියත් දුන්න. ගොවීන් ඒ වැඩි පොහොර හාල් සිරිසේනට දුන්නෙ නැහැ. කාට දුන්න ද කියල නිච්චියක් නැහැ. කට කැඩිච්ච කතා කියන එකෙක් කියනව හාල්පාරුවන්ට දුන්න කියල. මා නම් දන්නෙ නැහැ. දන්න එක ම දේ ගොවියන් ඒ කාලෙ සන්තෝසෙ වැඩි කමට සිය දිවි නසා ගත්ත කියන එක විතරයි.

ඔය 2018ට ඉස්සර තවත් දේවල් සිද්ධ වුණා. මේ දවස්වල ජෙනීවා මංගල්ලෙ පැවැත්වෙනවා. ඔය එක ජෙනීවා මංගල්ලෙක දි අර තපස්සු භල්ලුකට පස්සෙ දෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසකයා වෙලා ලංකාවට මහත් කීර්තියක් ගෙනත් දුන්න අවමංගල ලංකාවටත් අවමංගලයක් ගෙනල්ල රටට තව තවත් කීර්තිය අත් කර දුන්න. ඔහු එංගලන්තෙත් එක්ක එකතු වෙලා තමයි ඒ කීර්තිය අත් කරල දුන්නෙ. මියන්මාවෙ මතයක් තියෙනවා තපස්සු භල්ලුක මොන් ගෝත්‍රයට අයත් කියල. ලංකාවෙ මතයක් තියෙනව අවමංගල මොං ගෝත්‍රයට අයත් කියල. පඬි නැට්ටකු මට ගෝත්‍රවාදියකු යැයි කියන්න බැරි නැහැ. අපොයි නැහැ මා සුපිරිසිදු ජාත්‍යන්තරවාදියෙක්.

2018 යහපාලනය කැඩුණට පස්සෙ තිබුණු ආණ්ඩුව සුපිරි ම ගණයෙ එකක්. ඒකට ආණ්ඩුවක් කිවුවට ආණ්ඩු දෙකක්. එක් ආණ්ඩුවක් කරන වැඩ අනෙක් ආණ්ඩුව දැන ගන්නෙ පත්තරෙන්. සමහර වෙලාවට ගැසට් පත්තරෙන්. 2019 පාස්කු ප්‍රහාරය සිද්ධ වුණෙ ඔය සුපිරි ආණ්ඩු තියෙන කාලයේ. ආයි මොනව ද ආණ්ඩු දෙක ම කොමිසම් දෙකක් පත් කළා පාස්කු ප්‍රහාරයෙ සුළ මුළ හොයන්න. ඒවයෙ වාර්තා ඉස්සෙල්ල ම දුන්නෙ කාදිනල්තුමාට. එතුමාට හරි සන්තෝසයි. පොඩි ප්‍රශ්නයකට තිබුණෙ වාර්තා දෙකක් තිබීම. එකක කියන එක නොවෙයි අනෙක් එකේ තිබුණෙ.

කාදිනල්තුමා අගරදගුරු නෙ. අගරදගුරු කියන්නෙ රාජගුරුන් අතර ප්‍රධානියා කියන එක ද? මා දන්නෙ නැති නිසයි අහන්නෙ. සුනිල් අරිරුවන් මොකද කියන්නෙ. රදගුරු කියන්නෙ රාජගුරුන් නම් හාමුදුරුවරු කවු ද? නඩුකාර හාමුදුරුවරු නොවෙයි. මහසඟරුවන. සරච්චන්ද්‍ර නම් මනමේ කුමාරිගෙ පියා රාජගුරුට ඇන්දුව. ඒකට කමක් නැහැ. කාදිනල්තුමා වාර්තා දෙක ම අරගෙන ජාත්‍යන්තරේට ගියා.

දැන් මේ හැමෝම ජාත්‍යන්තරේට යන කාලෙ නෙ. ඉතින් කාදිනල්තුමා ගියා ම මොක ද? හැබැයි ඔය ජාත්‍යන්තරත් එක එක විධියෙ ඒවා. එක එක විධියෙ සුපර් මාර්කට් තියෙන්නෙ. ජාත්‍යන්තරත් එහෙම තමයි. ඔය කාට කාටත් ජාත්‍යන්තර තිබුණත් බෞද්ධයනට ජාත්‍යන්තරයක් තියා ජාති අන්තරයක්වත් නැහැ. මොනව වුණත් දත්මිටි කා ගෙන ඉන්න එක විතරයි තියෙන්නෙ.

මියන්මා රටේ ඉන්න ගමන් අර 6.55 ( මියන්මාවෙ 7.55) ප්‍රවෘත්ති බලන කොට මට හිතෙන දේ තමයි මා ලිවුවෙ. මේ ආණ්ඩුව මොනව ද කරල තියෙන්නෙ. පාස්කු කොමිසම් දෙකට මොක ද වුණෙ. ඒ වාර්තා ක්‍රියාත්මක කරන්නෙ නැත්තෙ ඇයි. යහපාලනය නිකම් දීපු පොහොර නැති කෙළෙ මොක ද? හාල් සිරිසේන මට්ටු කරන්න ද?

ජෙනීවා අවමංගල යෝජනාව අත් හරින්නෙ මොක ද? තපස්සු භල්ලුක එක්ක තරහ ද? අර යහපාලනෙ ඉන්දියාවට දෙන්න පොරොන්දු වුණු නැගෙනහිර පර්යන්තෙ වෙනුවට බටහිර පර්යන්තෙ දෙන්න හදන්නෙ මොක ද? තිරිකුණාමලේ තෙල් ටැංකි ටික ඉන්දියාවට සින්නක්කරේට ම තියා ගන්න දෙන්නෙ නැත්තෙ මොක ද? තිරිකුණාමලය කොහොමත් 1956ට ඉස්සර එංගලන්තෙට නෙ තිබුණෙ. නැහැ මා අහන්නෙ නැහැ දෙවැනි රාජසිංහ රජ්ජුරුවො අර බැන්ද කියන කොටුව ඇත්තට ම බැන්දද කියල. ඒක බැන්දෙ ඉංගිරිසි ආණ්ඩුකාරයෙක් වෙන්න ඇති. නැත්තන් උඩ තිබුණු පන්සල බිමට ගේන්න රාජසිංහ රජු කටයුතු කරා ද දන්නෙත් නැහැ.

එංගලන්තය සඟවන ගෑෂ් වාර්තාව – මහඇදුරු නලින් ද සිල්වා මහතා

එංගලන්තය සඟවන ගෑෂ් වාර්තාව

අද ජෙනීවා විගඩම පටන් ගන්නවා. මේ විගඩම මෙහෙයවන්නේ එංගලන්තයෙන්. ලංකාවට විරුද්ධ ව එක්සත් ජාතීන්ගේ ඊනියා මානව හිමිකම් මණ්ඩලයේ මධ්‍ය කණ්ඩායමේ රටවල් මගින් යෝජනාවක් ඉදිරිපත් කර තියෙනවා. මේ කණ්ඩායමට අයත් රටවල් වන්නේ එංගලන්තය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මලාවි හා මොන්ටෙනිග්‍රෝ. මෙහි නායකයා වෙන කවුරුන්වත් නො වෙයි එංගලන්තය.

මෙරට ඊනියා දෙමළ ප්‍රශ්නය එංගලන්තයේ නිර්මාණයක් මිස දෙමළ ජනයාගේ නිර්මාණයක් නො වෙයි. අප බොහෝ දෙනකු, විශේෂයෙන් ඊනියා උගතුන් සිතන්නේ දෙමළ ප්‍රශ්නයක් ඇති බවත් එයට මානුෂික හේතු මත හරි එංගලන්තයේ වසන දෙමළ ජනයාගේ ඡන්ද ලබා ගැනීමට හරි එංගලන්තය සහාය දෙන බවත්. අප අතර සිටින්නේ යැයි කියන ඊනියා අධිරාජ්‍ය විරෝධීන්, නව යටත්විජිතවාදී විරෝධීන් ධනේශ්වර ක්‍රමයේ විරෝධීන් ලිබරල් දෙවැනි ඉනිම විරෝධීන් ද අවසානයේ දී බටහිර දැනුම් ආධිපත්‍යයට යට වෙනවා. ඔවුන්ට එංගලන්තය ගැන යම් සුහද ආකල්පයක් තියෙනවා. ඒ මෙරට ක්‍රියාත්මක වන තකතීරු බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී අධ්‍යාපනය හා ඒ සමග බැඳුණු ජඩමාධ්‍ය හරහා සිදුවන්නක්.

ඊනියා දෙමළ ප්‍රශ්නය කුමක් දැයි ඇසූ විට දිය හැකි පිළිතුරක් පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්නට නැහැ. ඔවුන් අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ ප්‍රශ්නය කුමක් දැයි සොයනවා. තවමත් ප්‍රශ්නය හම්බවෙලා නැහැ. මේ පඬියන්ට විවිධ පෞද්ගලික හේතු නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය සමග විරෝධතා තියෙනවා. ඒ පිරිමහා ගන්න ඔවුන් සිංහලයන්ට විරුද්ධ ව බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට සහාය දෙනවා. ඊනියා දෙමළ ප්‍රශ්නය දහනවවැනි සිය වසේ මුල සිට ඉංගිරිසින්, විශේෂයෙන් ම ක්‍රිස්තියානි පූජකවරුන් ඇති කළ එකක්.

එංගලන්තය අපට ද්‍රෝහි වන ප්‍රධාන රටවල් දෙකෙන් එකක්. අනෙක ඉන්දියාව. ඔවුන්ට අවශ්‍ය අප සදහට ම ඔවුන්ගේ වියගහට බැඳ තියන්න. ඒ රටවල් දෙක නොවන්න මෙරට ඊනියා දෙමළ ප්‍රශ්නයක් නැහැ. ඔවුන් සාධාරණ දෙමළ ප්‍රශ්නයකට සහාය දෙනවා නොව ඊනියා දෙමළ ප්‍රශ්නයක් ඇති කර දෙමළ ජාතිවාදීන් පිරිසක් ඒ වටා ගොනු කරගෙන තම ආධිපත්‍යය පතුරනවා. ඉංගිරිසින් දක්‍ෂයන්. අප ඒ බව පිළිගන්නවා. ඒ දක්‍ෂකම නිසයි ඔවුන් ලෝකය පාලනය කරන්නෙ. එහෙත් ඒ දක්‍ෂකම කපටි කයිරාටික සූත්‍ර ටිකක් මත පදනම් වූවක්. අපි අනිද්දා (24) ඒ ගැන වැඩි දුරටත් සාකච්ඡා කරමු.

එංගලන්තය අද අපට එරෙහිව ගෙනෙන ප්‍රධාන ම චෝදනාව ඊනියා මානව හිමිකම් කඩ කිරීම. එය ඊනියා යුද සමයේ සිදු වූ බවක් ඔවුන් කියන්නෙ. අර ජෙනීවා නාඩගමේ ප්‍රධාන කෝළම වූ මිෂෙල් බැෂලේ කියවන්නේ ඇයට එංගලන්තය ප්‍රමුඛ අපට විරුද්ධ රටවල් කෙටුම්පත් කරන පිටපතක්. කෝළම කවුරු වුවත් කෝළම් පිටපත එංගලන්තයේ සකස් වන්නක්. මේ කෝළම් පිටපතට දීර්ඝ පිළිතුරක් විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන දැනටමත් යවා තියෙනවා. ඒ පිළිතුර තානාපතිවරයකු ලෙස මට ද කියවන්න ලැබුණා. සජිත් තම නොදැනුවත්කමට මොනවා කිවුවත් සමස්තයක් ලෙස ගත්කල ඉන් කෝළමට පිළිතුරු දී තියෙනවා. හෙට විදේශ ඇමති මානව හිමිකම් මණ්ඩලය අමතා කෙටි දෙසුමක් අන්තර්ජාලය ඔස්සේ කිරීමට නියමිතයි.

එංගලන්තය හා බටහිරයන් අපට උගන්වන්නේ අපක්‍ෂපාති වීමට. කරුණු නිවැරදිව ඉදිරිපත් කරන්න. එහෙත් මේ කපටින් ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා යන්න නොදන්න පිරිසක්. අර දරුස්මාන් වාර්තාව චැනල් 9 නරිනාටක ආදිය හරහා කියන්න සූදානම් වුණෙ 2009 මානුෂික මෙහෙයුම් සමයෙ අපේ හමුදාවෙන් ලක්‍ෂ ගණනක් මරා දමනු ලැබුවා කියා. ඒ මිය ගිය සංඛ්‍යාව හතළිස්දාහෙන් පටන්ගෙන ලක්‍ෂ ගණනකට ගියා. මිය ගිය අයටත් පැටවු ගහන්න පුළුවන් බව ඉංගිරිසි කයිරාටිකයන් හෙළිදරවු කළා.

එහෙත් ඔවුන් ඉදිරිපත් නොකළ ප්‍රධාන වාර්තාවක් තියෙනවා. අද දි අයිලන්ඩ් පුවත්පතේ ඒ ගැන විස්තරයක් තියෙනවා. එවකට මෙරට එංගලන්ත මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක පරිවාර නිලධාරියා වූ ලුතිනන් කර්නල් ගෑෂ් (Gash) 2009 ජනවාරි පළමුවැනි දා සිට ඒ වසරේ මැයි 19 දක්වා වූ මානුෂික මෙහෙයුම් ගැන එංගලන්තයට යැවූ නිල පණිවුඩ තියෙනවා. ඒ පණිවුඩ අනුව හමුදා මෙහෙයුම් නිසා මියගිය සංඛ්‍යාව 7000ක් පමණ. පඬි නැට්ටකු කියන්න බැරි නැහැ එක් අයකු හරි මිය ගියා නම් එය මානව හිමිකම් කඩවීමක් කියල. ඒත් මේ 7000 සිවිල් ජනයා නොවෙයි. හමුදා මෙහෙයුම්වල දී මිය ගිය කොටින්ට තියෙන්න ඕන මොන වගේ මානව අයිතිවාසිකම් ද?

එංගලන්තය ගෑෂ් වාර්තා ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ තමයි එංගලන්තය ලෝකයට හඳුන්වා දී ඇති ක්‍රමය. අයිසැක් නිවුටනුත් ඒ ක්‍රමය අනුගමනය කළා. ගෑෂ් වාරතා ගැන හෙළි වන්නේ නේස්බි සාමිවරයාගෙන්. නේස්බි සාමිවරයා බිරිතානි පාර්ලිමේන්තුවේ (සාමි මන්ත්‍රී මණ්ඩලයේ) අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විම්බල්ඩන්හි අහමඩ් සාමිවරයා 2021 පෙබරවාරි 16 වැනි දා පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඒ වාර්තා ඉල්ලා නැති බවත් ඒ නිසා ඒ වාර්තා සපයා නැති බවත්.

එය නම් හොඳ ඉංගිරිසි පිළිතුරක්. අපි ගාව වාර්තා තියෙනවා. ඒත් කවුරුන්වත් අපෙන් ඒ ගැන ඇහුවෙ නැහැ. ඒ නිසා අපි කිවුවෙ නැහැ. ඉංගිරිසින් ලෝකය පාලනය කෙළෙ මෙන්න මේ වගේ දක්‍ෂකම් නිසා. නේස්බි සාමි කියන්නෙ එංගලන්තෙ මහා බල පුළුවන්කාරයෙක් නො වෙයි. ඔහු කියන කරන දේට එංගලන්ත ජඩමාධ්‍ය ප්‍රචාරයක් දෙන්නෙ නැහැ. ඔහුට ප්‍රචාරය දෙන්නෙ සිංහල ජනමාධ්‍යවේදීන් කිහිප දෙනකු පමණයි. ඉංගිරිසින් ඒ බව නොදන්නවා නො වෙයි.

බැෂෙල් කෝළම ගෑෂ් වාර්තා ඉල්ලන එකක් නැහැ. ඒත් අපට ඉල්ලන්න පුළුවන්. මේ ආණ්ඩුව ඒ වාර්තා ඉදිරිපත් කරන ලෙස ජෙනීවා විගඩමේදීත් වෙනත් තැන්වලත් බලකරන්න ඕන. මානව හිමිකම් ගැන බෙරිහන් දෙන බැෂෙල් කෝළම ෆැසිස්ට්වාදියකු සමගත් විවාහ වී සිටි බව දැනගන්න තියෙනවා. පඬි නැට්ටන් කියාවි එය පෞද්ගලික කරුණක් කියා. පඬි නැට්ටන්ගෙන් බහුතරයක් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වන්නේ පෞද්ගලික කරුණු නිසා මිස ඊනියා වාස්තවිකත්වයක් නිසා නො වෙයි.

භූමාටු පඬියෝ යක්ෂයෝ සහ දෙවිවරු – තෙෂාන් ප්‍රියදර්ශන මහතා

දෙවියන්ට සහ නාගයන්ට පින් අනුමෝදන් කළ ද, යක්ෂයන්ට පින් අනුමෝදන් නොකිරීම ගැන පසුගියදා අදහසක් පල කළෙමි…ඇතමුන් ඒ සම්බන්ධයෙන් වෙනත් ස්ථානවල අදහස් පලකර තිබෙනු දුටුවෙමි…එමෙන්ම මින් පෙර ද ඒ පිළිබඳ සාකච්ඡා කෙරී ඇත…

නුවර යුගයේදී නිර්මාණය කළා යැයි ඇතමුන් විසින් සැලකෙන “ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා…” ගාථාවේ යක්ෂයන් පිළිබඳව සඳහන් නොවන්නේ කුමක් නිසාදැයි ඇතමුන් ප්‍රශ්නකර තිබිණි…එයට පැහැදිලි පිළිතුරක් ඇති මුත්, මේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සුදුසුම අවස්ථාව නොවන බැවින් පසුවට කල් තබමි…

ඇතමුන් තර්ක කරන පරිදි උක්ත ගාථාවේ යක්ෂයන් පිළිබඳව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නොවෙයි. එයට හේතුව වශයෙන් එක් අයෙක් සඳහන්කර තිබුනේ බුදුරදුන් දෙවියන්ව යක්ඛ ලෙස ඇතැම් අවස්ථාවක හඳුන්වා ඇති බැවින් මෙම ගාථාවෙහි යක්ෂයන් පිළිබඳව අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍ය බවයි. එය එසේනම් ගාථාවෙහි “දේවා” වෙනුවට “යක්ඛා” යනුවෙන් යෙදීමට ද හැකි බව එම තර්ක නගන්නවුන්හට නොසිතීම පුදුමසහගත ය…

නමුත් මහා සමය සූත්‍රයෙහි පැහැදිලිවම යක්ෂ, දේව, නාග, බ්‍රහ්ම ආදීහු වෙන වෙනම කොට්ඨාශ ලෙස සඳහන්කර ඇති බව ඉහත සඳහන් තර්ක නගන භූමාටු පඬියන්ට නොපෙනීම ඔවුන්ගේ පඬි භාවයේම ලක්ෂණයක් විය හැක…

භූමාටු පඬියන්ගේ තවත් තර්කයක් වන්නේ වෛශ්‍රවණ වැනි යක්ෂයන් ද දෙවියන්ම වන බැවින් අමුතුවෙන් යක්ෂයන් පිළිබඳව සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, “දේවා” යන්නෙහි යක්ෂයන් පිළිබඳව ද කියැවෙන බවත් ය… එසේනම් විරූපාක්ෂ යනු නාගයන්ගේ අධිපති දෙවියෙක් බැවින්, නාග යන්න ද “දේවා” යන්නෙහි අඩංගු විය යුතු ය. ඉදින්, අමුතුවෙන් “නාගා” යන්නක් සඳහන් කරන්නේ අහවල් කෙංගෙඩියකටද ?

භූමාටු පඬියන්ට යකුන්ගේම පිහිටයි….