ධීවරයන්ගෙන් එහා ලෝකයක්- මහඇදුරු නලින් ද සිල්වා මහතා

ධීවරයන්ගෙන් එහා ලෝකයක්

මා ඊයේ ලිපියෙන් කියා සිටියේ මියන්මාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ධීවරයන් සම්බන්ධයෙන් කිසිවක් කර නොමැති බව නො වෙයි. ධීවරයන් තානාපති කාර්යාලය එක් වරක් පමණක් කතා කර ඇති බව කියා තියෙනවා. එයට හේතුව එක් වරක් පමණක් කතා කිරීමට අවස්ථාව ලැබීම. එහෙත් අප කිහිප වරක් ම ඔවුන් සමග කතා කිරීමට උත්සාහ ගත්තා. විවිධ දේශපාලන හා පරිපාලන හේතු නිසයි එසේ නොහැකි වී ඇත්තේ. ඒ සියල්ල හෙළිදරවු කිරීම අනිසි ක්‍රියාවක්. අපට තානාපති කාර්යාලය ලෙස කටයුතු කිරීමට සිදුවන්නේ නිල ආකාරයකට.

අප අපේ උත්සාහයන් අතහැර නැහැ. ධීවරයන් මියන්මා මුහුදු සීමාවට ඇතුල් වී ඇත්තේ අනවසරයෙන්. ධීවරයන් පිළිගෙන තියෙනවා තමන් වරදක් කළ බව. තානාපති කාර්යාලයට කටයුතු කිරීමට සිදු වී ඇත්තේ ඒ පසුබිමේ. ඇතැමුන් අපට උපදෙස් දී තිබුණා. ඒ සියලු දෙනාට ම අප පින් දෙනවා. එහෙත් අප ඒ බොහෝ දේ කර අවසන්.

බිම්ස්ටෙක් විදේශ ඇමතිවරුන්ගේ අතථ්‍ය රැස්වීමට බිම්ස්ටෙක් සභාපති ලෙස, ලංකාවේ විදේශ ඇමතිවරයා ලෙස නොව, මියන්මා විදේශ ඇමතිවරයාට කළ ආරාධනය ගැන බොහෝ දෙනා පසුගිය දා චෝදනා කර තිබුණා. හමුදා ආණ්ඩුව පිළිගත්තේ ය කියාත් ඇතැමුන් චෝදනා කර තිබුණා.

එහෙත් ඒ ආරාධනය එක් රටකින් තවත් රටකට කරන ලද ආරාධනයක් නොවෙයි. එය ද්විපාක්‍ෂික ප්‍රශ්නයක් නො වෙයි. ඒ ආරාධනය කලාපීය ආරාධනයක්. කලාපීය සංවිධානයක් (බිම්ස්ටෙක්) වෙනුවෙන් ඒ සංවිධානයේ සභාපති රටේ විදේශ ඇමති ලෙස කරන ලද ආරාධනයක්. ඒ වෙනස තේරුම් ගැනීමට නොහැකි ව බොහෝ උගතුන් බුද්ධිමතුන් ලංකාණ්ඩුව විවේචනය කළා. නොදන්නාකම ගැන අප අනුකම්පා කළා.

එහෙත් දැන් ඇතැමුන් අහනවා ධීවරයන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හමුදා ආණ්ඩුවේ විදේශ ඇමතිතුමාට කතා නොකෙළේ ඇයි කියා. මා මෙවැනි අසංගත කතාවලට පිළිතුරු දෙන්න උත්සාහ කරන්නේ නැහැ. කෙසේ වෙතත් තානාපති කාර්යාලයට කළ හැකි කාර්යයන් සීමා වෙලා. මෙහි දී තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. ශ්‍රී ලාංකිකයන් වෙන රටක නීතිය යටතේ වරදක් කර ඇත්නම් ඒ රටට පුළුවන් තම නීතිය යටතේ චෝදනා කර උසාවියකට ඉදිරිපත් කරන්න. අපට එසේ කරන්න එපා කියන්න බැහැ. එහෙත් කළ හැකි වෙනත් කිසිවක් ඇත්නම් අප එය නොකර ඉන්නේ නැහැ. ධීවර ප්‍රශ්නයේ අවසානයක් දකින තෙක් මා මියන්මාහි රැඳී ඉන්නවා.

ශ්‍රී ලංකාව හා මියන්මා අතර සම්බන්ධය තපස්සු භල්ලුක කරා දිව යනවා. තපස්සු භල්ලුක මියන්මා මොන් ගෝත්‍රිකයන්. ඔවුන් තව පැත්තකින් නාගයන් වෙනවා. ඔවුන් තිරියායට පැමිණීම සම්බන්ධයෙන් නාග කතා විස්තර තියෙනවා. අප රටේ පළමු චෛත්‍යය තපස්සු භල්ලුක මැදිහත් වීමෙන් තනන ලද්දක්. ඉන් පසු නැවතත් ප්‍රධාන සම්බන්ධයක් ඇති වී තිබෙන්නේ විජයබා රජුගේ කාලයේ. එකල මියන්මා රටෙන් අප උපසම්පදාව ලබා ගෙන ඇති අතර මියන්මා භික්‍ෂූන් වහන්සේ අපෙන් පොත පත ලබා ගෙන තියෙනවා. එකල මියන්මා රජු අනවරත.

අපේ සම්බන්ධකම් ඉන් පසු දිගින් දිගට ම වර්ධනය වෙලා තියෙනවා. පෘතුගීසීන් ලංකාවට පැමිණීමට සුළු කලකට පෙර නැවතත් ලංකාවෙන් මියන්මා දේශයට උපසම්පදාව ලැබී තියෙනවා. එය සිදු වී ඇත්තේ ධම්මසෙට්ඨි රජු කල කල්‍යාණි සීමාවේ. එය මියන්මාරයේ වත්මන් බැගෝ ප්‍රදේශයේ පිහිටා ඇත්තේ. තිරියාය මෙන් ම මේ සීමාවත් ප්‍රතිසංස්කරණය කරන්න ඕන. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන විධියේ බටහිර ආකාරයේ සංරක්‍ෂණයක් නො වෙයි අප බලාපොරොත්තු වන්නේ. ලංකාවේ පුරාවිද්‍යා අණ පනත් පමණක් නොව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් සංශෝධනය කරන්න ඕන. අපට ඇත්තේ අඛණ්ඩ පාරම්පරික සංස්කෘතික ඉතිහාසයක් මිස ඊජිප්තුවේ (මිසරයේ) වැනි අසන්තතික ඉතිහාසයක් නො වෙයි. මිසරයේ පිරමීඩ් ගොඩ නැගූ සංස්කෘතිය අද එහි නැහැ. එහෙත් තිරියායේ සංස්කෘතියෙ විකාශයක් තමයි තවමත් කැලණියේත් තියෙන්නෙ. සිංහල බුද්ධාගම මියන්මාහි පමණක් නොව අග්නිදිග ආසියාවේ ම දකින්න පුළුවන්.

අපේ රජවරු මේ පූජනීය ස්ථාන සංරක්‍ෂණය කෙළේ නැහැ. ඔවුන් ඒවා ප්‍රතිසංස්කරණය කළා. බටහිර පුරාවිද්‍යා සංරක්‍ෂණය හා අපේ සංස්කෘතියේ ප්‍රතිසංස්කරණය දෙකක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එය තේරෙන්නෙ නැත්නම් ඒ දෙපාර්තමේන්තුව කටගෙයි (කෞතුකාගාරයෙ) කාමරයකට දමා ජනතාවට බලන්න සලස්වන්න ඕන. පුරාවිද්‍යා පොර්තමේන්තුවත් බටහිර දැනුම් ආධිපත්‍යයට යට වෙලා.

අප ඉංගිරිසින්ට යටත් වෙන සමයේ අපේ ඇතැම් භික්‍ෂූන් වහන්සේට අවශ්‍ය වෙලා තියෙනවා තායිලන්තයෙන් හරි මියන්මා රටෙන් හරි කුමාරයකු ගෙනැවිත් රජ කරවන්න. අපේ රජ පරපුර වඳ වී ගොස් තිබුණ නිසයි එසේ කල්පනා කර ඇත්තේ. එය කරගන්න බැරි වෙලා. නරෙන්ද්‍රසිංහ රජුට මියන්මා කුමරියක් ගෙනාවා නම් කුමක් වෙන්න තිබුණ ද කියන එක පඬි නැට්ටන් කියන විධියට සෝපාධීය නැත්නම් උපන්‍යාසීය (hypothetical) ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් තානාපති මැදුරේ ඉඳන් පණුවන් කන සාම පරෙවියන් නරඹන අතර මට මේ දේවල් කල්පනා වෙනවා.

එහෙම කුමරියක් නොගෙනාවත් අපේ ශිෂ්‍ය කාලෙ ලංකාවෙ බුරුම තානාපති බූන් වොත්ගෙ භාර්යාව ෂර්ලි බූන් වොත් මෙරට පටලැවිල්ලක් ඇති කරගෙන බූන් වොත් අතින් කොල්ලුපිටියෙ ගෙදර දි මැරූම් කෑව. ඒ ගෙදර අද කැප්රි ක්ලබ්. ඒ කාලෙ බුරුමෙ ජනාධිපති නේ වින්. පළමු හමුදා ජනාධිපති. ඔහු ජනාධිපති වුණෙ 1959 දි. ඔහු ජනාධිපති ලෙස 1966 දි ලංකාවට ඇවිත් තියෙනවා. ඒ ආසන්න කාලෙක (1962-64) බුරුමයෙ ලංකා තානාපති ජී එල් පීරිස්ගෙ තාත්තා. ජී එල්ගෙ තාත්තා විදේශ සේවයේ ඉහළ නිලධාරියෙක්. ජී එල්ගෙ සීයා කෙනෙකු වූ සුසන්ත ද ෆොන්සේකා තමයි බුරුමයේ ප්‍රථම ලංකා තානාපති.

ඒ මොකක් වුණත් අපි අනාගතය හැඩ ගස්ස ගමු. තිරියාය ගැන කතා කළ නිසා මට හිතෙනවා එයින් ම අවසන් කරන්න. තිරියාය ඇතුළු නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපරයක් ඒ සිද්ධස්ථානවලට අහිමි වී ඇති ඉඩකඩම් නැවත ලබා ගැනීමේ අරමුණත් ඇති ව මියන්මා රටත් සමග සංවිධානය කරමු.

ඔවුහි තවමත් පැරණි උපාය භාවිතා කරති

ප්‍රංශ ජාතික නොස්ටර්ඩාමුස්, ලෝක පූජිත අනාවැකිකරුවෙකි. ආතර් සී. ක්ලාක්, විද්‍යා කතා ප්‍රබන්ධකයෙකු වශයෙන් ජාත්‍යන්තර කීර්තියක් ලැබුවේය. ‘ද ක්ලෑෂ් ඔෆ් සිවිලයිෂේසන් ඇන්ඩ් ද රිමෝකින්ද වර්ලඩ් ඕඩර්’ පොත කියවූ ඇතැමුන්ට, එය ලියූ සැමුවෙල් හන්ටින්ග්ටන් දේශපාලන අනාවැකිකාරයකු යැයි සිතුණි. ඔහු ලංකාවේ ඉතා සුළු පිරිසක් අතර ප්‍රසිද්ධ වී සිටින්නේ එවැනි අදහස් ඇති සිංහලයන් අතර ජාතික හැඟීම් පැතිරවීමට වෙහෙසෙන කිහිප දෙනකුගේ ලිපි ලේඛන මාර්ගයෙනි. ‘දෙවන ලෝක සංග්‍රාමයට සමාන, රටවල් අතර ඇති වන යුද්ධ අනාගත ලෝකයේ සිදු නොවේ. ගැටුම් ඇතිවන්නේ සංස්කෘතික හා ආගමික අනන්‍යතාව පදනම් කරගත් පිරිස් අතරය. මේ ගැටුම් බොහෝමයකට ඉස්ලාම් අන්තවාදය හේතුවේ’ ආදී වශයෙන් බරපතළ ප්‍රකාශ ගණනාවක් ඔහුගේ පොත මගින් පළ වී තිබේ.
මෑත කාලයක පටන් ඉස්ලාම් මූලධර්මවාදය ලංකාවේ තදින් පැතිරෙයි. මැද පෙරදිග සමහර රටවලින් ලංකාවේ ක්‍රියාත්මක වන ඒ වැඩවලට ඍජුවම ආධාර ලැබේ. රටේ තිබුණු සියලු කුඩා ‘මස්ජිඩ’ දැවැන්ත ඒවා බවට පත් වී ඇත්තේ එවැනි ආධාර මුදල්වලිනි. එපමණක් ද නොවේ. ආණ්ඩුවේ පාලනයක් නැතිව පිටින් එන මේ විදේශ මුදල්වලින් ඉස්ලාම් ජනගහනය බෝ කරන ව්‍යාපෘති පවා ක්‍රියාත්මක වේ. මේ අතර බටහිර රටවල් කිහිපයක් විසින්, ‘පුංචි පවුල රත්තරන්’ කියමින් සිංහල ජනගහනය වැඩිවීම වැළැක්වීමක්ද කෙරේ. ඊට ආණ්ඩුවේ සෞඛ්‍ය අංශවල උපකාරය ලැබී ඇත්නම් සිදුවී ඇත්තේ බරපතළ ජාතිවාදී ක්‍රියාවකි.
නැගෙනහිර පළාත ඉස්ලාමිකයන්ගේ උරුමයක් කිරීමේ වැඩපිළිවෙළ රටේ පැතිරෙන මූලධර්මවාදයට තවත් නිදසුනකි. මේ ද, වෙනම රටක් හැදීමේ වැඩපිළිවෙළක කොටසකි. විදේශයන් මේ කටයුත්ත වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන ගණනින් වැයකර තිබේ. එය ඔවුන් ඊලාම් රටක් හැදීමට උතුරේ වැය කර තියෙන මුදලට වැඩි මුදලකි. ඉස්ලාම් කාන්තාවන්ගේ සාම්ප්‍රදායික ඇඳුම වූ සාරිය වෙනුවට මොට්ටැක්කිළිය හඳුන්වාදීම පවා විදේශ වුවමනාවකි. ඉරාන ‘ආගමික විප්ලවයෙන්’ පසු එහි මීට සමාන විපර්යාසක් එහි සිදුවිය. ලංකාවේ ඉස්ලාම් විප්ලවයක් නොවී, විදේශ මැදිහත්වීමෙන් එම විපර්යාසය කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ප්‍රධාන බටහිර රටවල් කිහිපයක්ම කොවිඩ් 19 වැලඳී මියයන ඉස්ලාමිකයන් වළ දමන්නට ඉඩ දෙන්නැයි රජයට බලපෑම් කිරීම පවා ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දීමකි. මෙහි යටි අරමුණ සිංහල බෞද්ධයන් ගෝඨාභය ආණ්ඩුව කෙරෙහි කලකිරවීමයි.
යහපාලන ආණ්ඩුව කාලයේදී සුළු ජාතියක් වී සිටි ඉස්ලාමිකයන් සිංහලයන් යට කරගෙන නැගී සිටීම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිංහල ජනතාවගෙන් ඉතා වැඩි පිරිසකගේ සහාය ලැබීමට හේතුවකි. රට ප්‍රභාකරන්ට ගියත් නොසැලෙන සිංහලයෝ පමණක්, එම ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය බලයට පත්කිරීමට වෙහෙසුනහ. රට අනතුරකට පත්ව ඇතැයි සිතූ සෙසු සිංහලයෝ ගෝඨාභය කෙරෙහි බලාපොරොත්තු තැබූහ. ඔවුන් අවදි කරවූ උගතුන් අතර දේශප්‍රේමී අදහස් ජනතාවට ඉදිරිපත් කළ කිහිප දෙනෙක්ම සිටිති. ඒ අතුරින් සමහරුන් සැමුවෙල් හන්ටින්ගන්ගේ පොතේ සඳහන් සභ්‍යත්ව ගැටුම ගැන නිතර සඳහන් කිරීමෙන් සිදුවන්නේ, ලංකාවේ සිදුවීම් පිළිබඳ වැරදි තේරුමක් ඉදිරිපත්වීමයි. සභ්‍යත්ව කතාව බටහිරුන්ගේ ප්‍රබන්ධයකි. ලංකාව සභ්‍යත්ව රාජ්‍යයක් නොවේ. ලංකාවේ ජාතිවාදී ආගම්වාදී කුලවාදි ගැටුම් ඇතිකිරීම සඳහා බටහිර යුරෝපීයයෝ මුල් වී සිටිති.
නිදසුනක් දක්වතොත් ලංකාවේ ඉස්ලාම් අන්තවාදය කෘත්‍රිම ක්‍රියාවකි. එය පාරම්පරික ඉස්ලාම්වරුන්ගේ වුවමනාවක් නොව, විදේශික වුවමනාවක් ප්‍රධාන කොට සිදුවන දෙයකි. ඊළාම් රාජ්‍යය පිහිටුවීමට උපකාර කළ බොහෝ පිරිස් මෙම ක්‍රියාවටත් සම්බන්ධකම් දක්වති. ලංකාවේ සිංහල බෞද්ධ බලය ඔවුන්ගේ රට බෙදීමේ වැඩපිළිවෙළට ලොකු බාධකයකි. මිහිඳු හිමියන් බුදුසසුන පිහිටුවූ දිනයේ සිටම ශ්‍රීි ලංකාව ලෝකයේ ථෙරවාදී බෞද්ධ මූලස්ථානය වූයේය. චීනය සහ දඹදිව භික්ෂුන් වහන්සේ, පිරිසුදු බුද්ධ දේශනා දැනගැනීමට ලංකාවට වැඩම කිරීමට හේතුව එයයි. පිට රටවල් මොන ආකාරයට බලපෑම් කළද, ඒ ථෙරවාදී සංස්කෘතිය තවමත් ලංකාවේ පවතින බව බටහිරුන්ගේ අදහසයි. ථෙරවාදී බෞද්ධ බලය නැතිනම් ඊලම් සිහිනය සැබෑ කරගත හැකි යැයි දෙමළ ඩයස්පෝරාවත් සිතයි.
චීනය සහ ඇමරිකාව ඉන්දියානු සාගර කලාපය තුළ කරන බල අරගලය ලංකාවේ ගැටුම් සියල්ලකටම මූලික කාරණයයි. සිංහල ඉස්ලාම් භේදයට හේතුවත් ඒ බල අරගලයමය. බ්‍රිතාන්‍යයේ මාක්ස්වාදී දේශපාලන විචාරකයකු වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින මාටින් ජැක් මෑතකදී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින්, චීනය සභ්‍යත්ව රාජ්‍යයක් යැයි සඳහන් කළේය. මොවුන් කියන සභ්‍යත්ව රාජ්‍යය දේශ සීමාවකට සීමා වන්නක් නොවේ. සිංහල බෞද්ධයන් චීනය සමග එකතුව කටයුතු කරන්නට ඉඩකඩ ඇති බව මේ හැම ප්‍රකාශයකින්ම ව්‍යංගයෙන් කියවේ. මියන්මාර සිද්ධියේදී ඉන්දියාව කටයුතු කරන ආකාරය සැලකිල්ලට ගත්විට, සිංහල බෞද්ධයන් ඈත් කරගන්නා ප්‍රතිපත්තියක පිහිටා ඉන්දියාව කටයුතු නොකරයි. සිංහල බෞද්ධයන් බුදුන් උපන් රට වශයෙන් ඉන්දියාවට ඇලුම් කරන බව ඉන්දියාව දනියි. ඉන්දියාව ද බටහිරින් මෙහෙයවන බෙදුම්වාදය නිසා අමාරුවේ වැටී සිටින රටකි. රජීව් මල්හෝත්‍රා සහ අරවින්ද් නීලකාන්තන් ලියූ ‘ද බ්රේකින් ඉන්දියා’ පොතේ ඉන්දියාව බෙදීමේ බටහිර වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ විස්තරයක් අඩංගු වේ.
ඇමරිකානු දේශපාලන මයිස්ටර් කෙනකු වශයෙන් කටයුතු කළ සැමුවෙල් හන්ටින්ග්ටන් ඇමරිකාවේ හා පිටරටවල ඉහළ තනතුරු හෙබවූවෙකි. ඔහු වරෙක වර්ණභේදය පැවති දකුණු අප්‍රිකාවේ අගමැතිව සිටි පී. ඩබ්ලිව්. බෝතාට උපදෙස් දුන්නේය. තව කාලයක් ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්ට පුරෝහිතකම් කළේය. දේශපාලන පොත පත ප්‍රකාශයට පත් කළේ ඒ අතරය. ඔහුගේ අනාවැකි සැලකිල්ලට ගත යුත්තේ නොස්ට්‍රඩාමුස්ගේ හෝ ආතර් සී. ක්ලාක්ගේ අනාවැකි කෙරෙහි සැලකිලිමත් වන අයුරින් නොවේ. ඔහු පවසන්නේ සිදුකරනු ලබන කාර්යයක් ගැන මිස අනෙකුත් අනාවැකිකරුවන් සේ, සිදුවෙන්නක් ගැන නොවේ.
මොහොම්මද්තුමා සාමය වෙනුවෙන් කඩුව අතටගත්තේ යැයි ඇතැම් ඉස්ලාම් ආගමික නායකයෝ කියති. සාමයට කඩු ගැනීමක් සිංහලයන් අතර නැත. යුද්දෙට නැති කඩුව කොස් කොටන්ඩදැයි ඔවුන්ගේ උපහැරණයක් තිබේ. පාස්කු ප්‍රහාරය සමයේ රටේ ඉස්ලාම් දේවස්ථාන ගණනාවකින් කඩු හමුවිය. ප්‍රහාරයට පෙර කිසියම් පිරිසක් විශාල කඩු සංඛ්‍යාවක් පිටින් ලංකාවට ගෙනැවිත් ඇති බවට තොරතුරු පුවත් පත්හි පළවිය. සවුදි අරාබියේ ඉස්ලාම් ආගමිකයෝ කඩු ලෙළවමින් ක්‍රීඩාවක් කරති. එහි ගිය ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද කඩු සෙල්ලම කළේය.
මහමදාගම කඩු ගත් යුද භටයන්ගේ ආධාරයෙන් ලොව පැතිරුන ආගමකි. ඔවුන්ට දඹදිව රාජධානි ජයගන්නට හැකිවූ එක් හේතුවක් බලසම්පන්න අශ්ව සේනා තිබීමයි. ඇලෙක්සැන්දර්ට තක්ෂිලාවේ පෝරස් රජු පරාජය වීමට හේතුව ඔහුගේ අශ්ව හමුදාව සමග සටන් කිරීමට ඇත් හමුදාව අසමත්වීමයි. මෙයින් පෙනෙන්නේ විද්‍යාව නව තාත්ෂණය සහ උපක්‍රම යුද්ධ ජයග්‍රහණය කිරීමට හේතුවන බවයි. ඉන්දියානු සාගරයේ සිදුවන්නට යන්නේත් මෙයමයි.
කේරළයේ සැමොරින්ගේ නාවික හමුදාවේ බලය මහමදාගමික ජෙනරාල්වරුන් ලබාගත් පසු ඔව්හු මාලදිවයින ඉස්ලාම් රටක් බවට පත් කළහ. ඒ කාලයේම කේරළ ඉස්ලාම් හමුදාවෝ ලංකාවට පැමිණියහ. ඊළඟට ඔවුහු පෘතුගීසීන්ගේ ආධාරය ලැබූ ජයවර්ධනපුර රාජධානියේ හමුදාව පැරදවීමට සීතාවක හමුදාවේ ආධාරයට ලංකාවට ආහ. ඉස්ලාමිකයන්ගේ මෙම ආක්‍රමණශීලී ස්වභාවයෙන් ප්‍රයෝජන ගැනීම බටහිරුන්ගේ උපායයි.
සවුදි අරාබියේ වහබ් දර්ශනය ඉස්ලාම් අන්තවාදය ගොඩනැගෙන්නට මූලික වූ කරුණකි. බටහිරුන් වහබ්වාදයෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන තිබේ. ගඩාපිගේ බලය අවසන් කිරීම නිදසුනකි. සිරියාවෙන් අසාද් එළවීමට වෙහෙසුනේ ද ඉස්ලාම් අන්තවාදයයි. ඉරානය ෂියා මුස්ලිම් අන්තවාදය පවත්නා රටකි. මෙවැනි රටක් බිහි කිරීමට ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් මූලික වූහ. එක්සත් ඉස්ලාම් රාජ්‍ය හවුලක් තැනීමට උත්සාහගත් ෂා රජුට රට හැර යන්නට සිදුවූයේ ඔවුන්ගේ කුමන්ත්‍රණයෙනි. ප්‍රංශයේ දේශපාලන රැකවරණය ලබා සිටි කුමේනි, ඉරානයේ නායකත්වය ගත්තේය.
ඇෆ්ගනිස්ථානයේ සෝවියට් බලය අවසන් කිරීමේ පරමාර්ථය ඇති ඇමරිකාව, මුජහදින් සංවිධානය බිහි කළාය. තලිබාන්වරු උපදින්නේ ඇෆ්ගනිස්ථානයෙන් රුසියන්කාරයන් පිටමං කළ පසු අනාථවූ මුජහදින් සටන්කාමින්ගෙනි. ඇෆ්ගනිස්ථාන ත්‍රස්තවාදීන්ට පාකිස්තාන මූලධර්මවාදීන්ගේ සහාය ලැබුණි. පාකිස්තානයේ ත්‍රස්තවාදියෝ ලංකාවට නොයෙක් බලපෑම් කරති.
1915 සිංහල-මුස්ලිම් කෝලාහලයක් ඇතිවූයේය. මෙය බ්‍රිතාන්‍ය පාලකයන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. මද්රසා පාසල් හා දේවස්ථාන හරහා ලංකාවේ ඉස්ලාම් අදහන්නන්ට දේශන පැවැත්වූ සමහර දේශකයන් ඉහත සිදුවීම් වැරදියට තේරුම් කරමින් සිංහලයන් සහ ඉස්ලාමිකයන් විරසක කිරීමට වෙහෙස දරා තිබේ. ඔවුහු තවමත් පැරණි උපායයන් භාවිත කරති. සිංහල-සිංහල ගැටුම් රාශියක් සිදුවී ඇති බව ඔවුහු නොකියති. ජයවර්ධනපුර සහ සීතාවක රාජධානි අතර සිංහලයන් අතර යුද්ධ සිදු විය. සීතාවක හා මහනුවර රාජධානිය අතර සිදු වූ සටන සිංහලයන් දෙපැත්තට බෙදී කළ යුද්ධයකි.

කොලට් සේනානායක නාරද කරුණාතිලක

සතිඅග අරුණ.

නිවට කම නැති කර ගන්නේ කොහොමද ? මහඇදුරු නලින් ද සිල්වා මහතා

නිවට කම නැති කර ගන්නේ කොහොමද?

අවුරුදු දෙදහස් පන්සීයකට වැඩි ඉතිහාසයක සිංහලයන් මෙතරම් නිවටයන් වූ අවධියක් සිතා ගන්න බැහැ. අපට විවිධ විජාතික ආක්‍රමණ තිබුණා. ඒ සෑම අවස්ථාවක දී ම කිහිප දෙනකු ආක්‍රමණිකයාගේ පැත්ත ගත් නමුත් අප නිවටයන් වුණේ නැහැ. ආක්‍රමණිකයන් වහසි බස් කියන්න ඇති. එහෙත් අප ඒවාට නිසි පිළිතුරු දෙන්න ඇති.

සිංහලයන්ගේ කොඳු නාරටිය කඩා දමනු ලැබුයේ පළමුව ඉංගිරිසි අධ්‍යාපනය විසින්. විශේෂයෙන් ම ඉංගිරිසි මාධ්‍යයෙන් දෙනු ලැබූ ඉංගිිරිසි අධ්‍යාපනයෙන්. අර විශ්වවිද්‍යාල ආයතනයේ දී , ලන්ඩන් උපාධි කඩයේ දී, පෙරදිග අධ්‍යයන පීඨයේ ශාස්ත්‍ර හැදෑරූ සිසුන් හරමානිස්ලා ලෙස හඳුන්වනු ලැබූ අධ්‍යාපනයෙන්. ඒ සිසුන් ද අධ්‍යාපනය ලැබුයේ ඉංගිරිසි මාධ්‍යයෙන් වීම අමතක නොකළ යුතුයි. සිංහල මාධ්‍යයෙන් දෙනු ලැබූ ඉංගිරිසි අධ්‍යාපනය එක් පංතියකින් ඔබ්බට ගියේ නැහැ. කාලයක් එය අවසානය ලෙස සැලකුණා. තවත් කාලයක් ජ්‍යෙෂ්ඨ පංතිය වුණා. පසුව එය සාමාන්‍ය පෙළ ලෙස හැඳින්වුණා. ඒ පංතිය දක්වා ද ලැබෙන අධ්‍යාපනය ඉංගිරිසි නමුත් අර භයානක සංකල්පීය දැනුම එතරම් ලැබෙන්නේ නැහැ. උසස් පෙළ යනු අපේ අධ්‍යාපනයෙහි මාරකයයි.

උසස් පෙළ පංතිවල දී මොන ධාරාවෙන් ඉගෙන ගත්තත් බටහිර සංකල්ප ප්‍රවාද අනුව ලෝකය බලන්න උගන්නවා. එහෙත් මෙහි දී හිතන්න පුරුදු කරන්නේ නැහැ. හිතන්න කියන එකෙන් අදහස් කරන්නේ සංකල්පීය ව නිරවුල් ව විවේචනාත්මක ව ප්‍රවාද හෙවත් බටහිර කතන්දර ඉගෙන ගන්න කතන්දර ගොතන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට බටහිර සංකල්ප හා ප්‍රවාද විවාදයකින් තොරව ඉගෙන ගන්න සලස්වනවා. බටහිර දැනුම ඊනියා විද්‍යාත්මක තර්කානුකූල පමණක් නොව විශ්වාස කළ යුතු දැනුමක් ලෙස කියා දෙනව. එමෙන් ම බටහිර දැනුම නොවූ දැනුමක් නැත කියන එකත් ඉගෙනීමට සලස්වනවා. ඒ සියල්ල දැනුම් නොව මිථ්‍යා ගණයට දානවා. එවිට ඉතිරි වන්නේ එක් දැනුම් පද්ධතියක් පමණක් බව අපට කියා දෙනවා. මෙරට බොහෝ දෙනකු හිතා ඉන්නේ ඇත්තේ එක් දැනුම් පද්ධතියක් පමණක් බවයි.

දෙවනුව ඊනියා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන්. අද අප දේශපාලන පක්‍ෂවලින් මෙහෙයවෙනවා. මා ඊයේ අසත්සාලි ගැන ලියූ ලිපියේ ඒ ගැන සඳහන් කළා. අපට දේශපාලන පක්‍ෂවලින් පිට දේශපාලනයක් නැහැ. අද රටේ ජාතිකත්වයක් මුළුමනින් ම ඇති දේශපාලන පක්‍ෂයක් නැහැ. එසේ තිබියදීත් සිංහලයන් පසුගිය ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ් දී අති විශාල බහුතරයක් තම ඡන්දයෙන් පමණක් ජනාධිපතිවරයකු තෝරා ගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට කිට්ටු මන්ත්‍රී සංඛ්‍යාවක් පොදුජන සංධානයට (මතක තබා ගන්න පෙරමුණට නො වෙයි) ලබා දුන්නා. ඒ සිංහලයන්ගේ නැති වී ගිය අයිතිවාසිකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්.

එහෙත් මේ පක්‍ෂ දේශපාලනයේ ජරාජීර්ණභාවය නිසා සිංහලයන් අද අනාථ වෙලා තියෙනවා. නිවටයන් වෙලා තියෙනවා. එයට හේතුව ඇතැම් නිවට සිංහලයන්ට දේශපාලනයට හැසිරවීමට හැකි කම ලැබීම. කිසිම ජාතිකත්වයක් නැති දේශපාලනඥයන්ට මේ ක්‍රමය යටතේ උඩට ඇවිත් සිංහලයන් නිවටයන් කිරීමේ හැකියාව ලැබෙනවා. අද අසත්සාලිලා සිංහලයන්ට පාරම්බාන්නේ මේ කිසිම ජාතිකත්වයක් නැති දේශපාලනඥයන් දේශපාලනයෙහි වැජඹෙන බැවින්.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී සිංහලයන් ලොකු වරදක් කළා. ඒ පොදුජන සංධානයට තුනෙන් දෙකක ආසන්න මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා දීම. එසේ වේ යැයි මගේ හිතේ බයක් ද තිබුණා. පොදුජන සංධානය ජයග්‍රහණය කරල තුනෙන් දෙකට ඈතින් හිටිය නම් ප්‍රශ්නයක් නැහැ. එවිට ඩීල් දේශපාලනඥයන්ට ඉඩක් නැහැ. එහෙත් තුනෙන් දෙකට ආසන්න වුණා ම ඩීල් දේශපාලනඥයන්ට තුනෙන් දෙක හදා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. අද සිදු වී ඇත්තේ එයයි. අද ඩීල් දේශපාලනය නිසා මුස්ලිම් මන්ත්‍රීවරුන් තමයි පාර්ලිමේන්තුවේ බලය හසුරවන්නේ.

මුස්ලිම් දේශපාලනඥයන් ඒ බව දන්නවා. ඔවුන් සිංහලයන්ට තම බලපරාක්‍රමය පෙන්නනවා. අසත්සාලි කරන්නේ එයයි. ඔවුන් දන්නවා විස්ස සම්මත කර ගත් හැටි. හකීම් බද්‍යුද්දීන් නායකයන් විස්සට විරුද්ධ වෙද්දී පක්‍ෂවල අනෙක් මන්ත්‍රීවරුන් විස්සට ඡන්දය දුන්නා. ඒ ගැන විනය පරීක්‍ෂණ නැහැ.හකීම් කියා තිබුණා සමාව ගන්න කියා. ගත්ත ද කියල දන්නෙ නැහැ. ඩීල් දේශපාලනඥයන් හිතනවා ද අපි ඊයේ පෙරේදා යළි ඉපදිලා (බෝන් අගේන්) කියලා.

මේ පාර්ලිමේන්තුවෙන් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නවාට හරි ව්‍යවස්ථාව සංශෝධනය කරනවාට හරි මා කැමති නැහැ. ඒ බව මා මැතිවරණයට කලිනුත් කියල ඇති. රොමේෂ් සිල්වා කමිටුව මොන නිර්දේශ ඉදිරිපත් කළත් අවසානයේ දී සම්මත වන්නේ මුස්ලිමුන්ට අවශ්‍ය ව්‍යවස්ථාවක්. තුනෙන් දෙක ගන්න මුස්ලිම් ඡන්ද ඕන. ඒ ඡන්ද ගන්න මොනවද දෙන්නෙ. කිසිම ජාතිකත්වයක් නැති ඩීල් දේශපාලනඥයන් අනාගතයේ දී බලය ලබා ගැනීමට මුස්ලිම් මන්ත්‍රීන් ඉල්ලන බොහෝ දේවල් දේවි.

මා පාස්කු කොමිසමේ වාර්තාව කියවා නැහැ. ප්‍රහාරයේ සැලසුම්කරුවන් හොයන්න කියන එක මෝඩ වැඩක්. එය කොමිසමකට කරන්න බැහැ. දෙමළ ත්‍රස්තවාදයේ සැලසුම් කරුවන් කවුද? එංගලන්තය ද ඉන්දියාව ද? පාස්කු ප්‍රහාරයේ සැලසුම් කරුවන් කවුද? බෝන් අගේන් ආගමිකයන් හැරෙන්නට තවත් අය ඉන්නවා ද? අහන්න තියෙන වාර්තා අනුව පාස්කු ප්‍රහාරයට මුස්ලිම් මන්ත්‍රීවරුන් සම්බන්ධ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.

කොමිසම් වාර්තාව යම්කිසි ඩීල් දේශපාලනඥයකුට අවශ්‍ය අන්දමට ලියැවුණා ද? අපි දන්නෙ නැහැ. කොමිසම් වාර්තාව හා විස්ස අතර සම්බන්ධයක් තියෙනවා ද? අපි දන්නෙ නැහැ. නව ව්‍යවස්ථාව කොයි වගේ වේවි ද? අපි දන්නෙ නැහැ. එහෙත් අපි දන්නවා ජනාධිපතිතුමාගෙ කකුලෙන් ඇදීම් සමහර අවසථාවල සිදුවෙන බව. ජනාධිපතිතුමාට ජාතිකත්වය වෙනුවෙන් අවශ්‍ය පරිදි වැඩ කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි? අපි දන්නෙ නැහැ. අපි මොකක්ද කරන්න ඕන. නිවටකම නැති කර ගත හැක්කේ කොහොමද? සජිත්ල හරි චම්පකල හරි ජාතිකත්වයක් නැති අයකු හරි පත්කර ගැනීමෙන් නම් නො වෙයි. නිවටයන් පහ කරන්න පුළුවන් ද?
මහඇදුරු නලින් ද සිල්වා මහතා

බෞද්ධයන්ට ඉම්රාන් ඛාන්ගෙන් ඇරයුමක් !

දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පාකිස්තානය ලොව විශාලම බෞද්ධ උරුමය ඇති රටවල් අතුරින් එකක් බව ප්‍රකාශ කළේය. පාකිස්තානය යනු ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් දේශසීමා මායිම් දමා පිහිටුවන ලද රටකි. දඹදිව රාජධානි වෙත ඉස්ලාම් ආක්‍රමණ ඇතිවීමට පූර්වයේ, වත්මන් පාකිස්තානයට අයිති භූමි කලාපයෙහි ගාන්ධාරය ප්‍රධාන කුඩා රාජධානි විශාල සංඛ්‍යාවක් පැවතුණි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ලියූ ‘ග්‍රීකයෝ සහ මෞර්යයෝ’ ග්‍රන්ථයේ අඩංගු කරුණු කෙරෙහි සැලකිල්ලක් යොමු කරන්නකුට, විජය පැමිණි සිංහපුරය පැවතියේද ඒ තුළ යයි අනුමාන කිරීමට කරුණු තිබේ.
ගාන්ධාරය දීර්ඝ කාලයක් තිස්සේ ලොව ප්‍රධානම බෞද්ධ රාජධානිය වශයෙන් පැවතුණි. එහි වැසියෝ ගාන්ධර්වයන් වශයෙන් ලෝක පූජිත වී සිටියහ. සංගීත ශාස්ත්‍රයට ගාන්ධර්ව යන නම යෙදේ. ලංකාවේ ප්‍රසිද්ධ ගුත්තිල ජාතක කතාවට මුල්වූ ඉතිහාස කතාව ගාන්ධාරයේ උපන්නකි. වෑත්තෑවේ හිමියෝ, උදේනි පුර වැනුම ඉදිරිපත් කරන්නේ ගාන්ධාර සංස්කෘතිය ගැන වැටහීමකිනි. ග්‍රීක ලේඛකයන්ද ගාන්ධාර සංස්කෘතිය පිළිබඳ මීට සමාන තොරතුරු ඉදිරිපත් කර ඇත.
ගාන්ධාරයේ රාජධානි පිහිටු වූ ග්‍රීකයන් බෞද්ධයන් වශයෙන් කටයුතු කළහ. මිනැන්ඩර් රජු බෞද්ධයකු වූ හැටි ‘මිලින්ද ප්‍රශ්නය’ ග්‍රන්ථයෙන් විස්තර කෙරේ. අශෝක රජු අපරගෝයානයට බෞද්ධ ධර්ම දූතයින් යැවූ නමුදු මිසරය, සිරියාව, පලස්තිනය, ඉතාලිය ආදි රටවලට බුදුදහම පැතිර ගියේ ගාන්ධාර දේශයෙනි. තක්ෂිලාව ගාන්ධාර විශ්වවිද්‍යාලයකි. එහි අධ්‍යාපනය ලැබීමට ලොව දස දෙසින් විද්‍යාර්ථියෝ පැමිණියහ.
පෛතගොරස්, (පිතගුරුස්) තක්ෂිලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා, කලක් එහිම ආචාර්යවරයකු වශයෙන් සේවය කළේය. කනිෂ්ක රජතුමාගේ කාලයේ ගාන්ධාරයේ හතර වැනි බෞද්ධ ධර්ම සංඝායනාව පැවැත්වුණි. එය නිම වූ පසු රජතුමා, ඊට සහභාගි වූ භික්ෂුන් වහන්සේ විසින් බුද්ධ දේශනා යැයි තීන්දු කළ ධර්මය රන්පත්වල ලියවා, අගනුවර වූ පුරුෂපුරයේ (පෙෂාවෝර්) ලොව විශාලම ස්තූපය ගොඩනංවා එහි තැන්පත් කෙළේය. නානා සමය වැලඳ එහි පැමිණි උගතුන් බෞද්ධයන් බවට පත් කළ දාර්ශනිකයන් හා කලාකරුවන් විසූ මෙම භූමි කලාපයේ කිසිම තැනක වර්තමානයේ එකම බෞද්ධ පවුලක් වත් ඉතිරිවී නැත. මෙය ස්වභාවික උවදුරක් නිසා සිදු වූ ව්‍යසනයක් නොවේ. ගාන්ධාර බෞද්ධයන් පිටින් පැමිණි දාර්ශනිකයන් සමග වාදකර පරාජය වී ඔවුන්ගේ සමයයන් ගෙන පිළිගෙන නැත. ඔවුන් සියල්ලෝ මුස්ලිම් ආක්‍රමණිකයන්ට ගොදුරුව නැතිවූහ. පාස්කු ප්‍රහාරය මෙහෙය වූ ඉස්ලාම් අන්තවාදීන් අපේක්ෂා කළේ ලංකාව මෙම ආකාරයටම තවත් ‘ස්ථාන්’ රටක් කිරීමටයි.
සිංහල බෞද්ධයෝ දඹදිවට ඇලුම් කරති. ඊට එක් හේතුවක් වන්නේ, ඔවුන්, දඹදිව බුදුන් වැඩ විසූ රට වශයෙන් සැලකීමයි. මේ බව දන්නා ඉන්දියාව සිංහල බෞද්ධ සංචාරකයන් එහි ගෙන්වීමට නොයෙක් උපක්‍රම භාවිත කරයි. පාකිස්තානය බුදුන්ගේ ධර්මය බැබළුන රට බව ඉන්දියාවට වන්දනාවේ යන බොහෝ සිංහල බෞද්ධයෝ නොදනිති. ඉම්රාන් ඛාන් අගමැතිවරයා බෞද්ධ උරුමය දැකගන්න එන්නැයි ලාංකිකයන්ට ආරාධනා කළ නමුත් ලංකාවේ හින්දු ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමිකයන් පාකිස්තානයේ බෞද්ධ උරුමය දැක ගැනීමට උනන්දුවක් දක්වතැයි සිතිය නොහැක. එනිසා ඛාන් අගමැතිවරයාගේ ආරාධනාව සිංහල බෞද්ධයන් උදෙසා කරන ලද්දකි.
ජාත්‍යන්තර දේශපාලනයේදී පාකිස්තානය ලංකාවේ හොඳම මිතුරෙකි. ඉන්දියාව එ.ජා. මානව කොමිසමේදී ලංකාවට පිටුපාද්දී පාකිස්තානය ලංකාව රැකීමට ඉදිරිපත් වූවාය. ගැටලුව, එය ලෝකයේ ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ මූලස්ථානයක් වශයෙන් කටයුතු කිරීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේදී මූලධර්මවාදීන්ගේ ප්‍රහාරයකින් යම්තම් ගැලවුණි. පසුගිය කාලයේ ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් සංවිධානයට හැම ශක්තියම පාකිස්තාන් මූලධර්මවාදීන්ගෙන් ලැබුණි. ඇතැම් බටහිර රටවල් ලංකාව වැනි රටවල ඉස්ලාම් මූලධර්මවාදය පැතිරවීමට පාකිස්තාන් මූලධර්මවාදීන් යොදා ගනිති. ඔවුහු චීනයට විරුද්ධව පාකිස්තාන් මූලධර්මවාදීන් යොදවති. සිංහල බෞද්ධයන් බෞද්ධ උරුමය බැලීමට පාකිස්තානයට ගියහොත් බුදුන්ට මලක් පහනක් පූජා කරන්නට පන්සලක් එහි නැත. වන්දනාවේ යන බෞද්ධයන්ට එවැනි ස්ථානයක් ගොඩනගා ගැනීමට අගමැතිවරයා කැමැති වුවත් මූලධර්මවාදීයෝ ඊට ඉඩක් නොදෙති. ලංකාවේ නම් ඉස්ලාමිකයන්ට ඉස්ලාම් උරුම කෞතුකාගාර තැනීමටත් පුළුවන.
ගාන්ධාරයේ බුදුසසුන පිහිටුවීමට අශෝක අධිරාජයා මූලික වූයේය. මහාවංශය එතුමන් ධර්මාශෝක නමින් හඳුන්වයි. ඊට හේතු ඉදිරිපත් කරන මහානාම හිමියෝ ‘මිහිපතිතෙම මෙසේ මහානුභාව ඇත්තේත් ශ්‍රද්ධා ඇත්තේද විය’ යනුවෙන් සඳහන් කරයි. අශෝක රජු බෞද්ධයකු බව හෙළිකෙරෙන මෙවැනි සාක්ෂ්‍ය ඇතත් සමහර බටහිර පඬියෝ ඇත්තට පිටුපා ‘අශෝකගේ ආගම’ මැයෙන් කතාන්දර ඉදිරිපත් කරති. ඔවුන්ගේ අදහස් බාරගත් ලංකාවේ ඇතැමුන්ද ‘අශෝකගේ ආගම’ මැයෙන් විකාර ලිපි පළකර තිබේ. ධර්මානුකුලව හැසිරෙන්නැයි වැසියන්ට උපදෙස් දෙන අධිරාජයා එම කටයුත්ත ක්‍රියාවට නැංවීම සඳහා ධර්ම අමාත්‍ය නමින් නිලධරයන් පිරිසක් පත් කළේය. එතුමන් භාවිත කළ රාජ ලාංඡනය ධර්ම චක්‍රය වශයෙන් හැඳින්වේ.
අශෝක අධිරාජයාගේ පුත්‍ර මහින්ද තෙරුන් වහන්සේ ප්‍රධාන බෞද්ධ ධර්මදූත පිරිසක් පැමිණ ලංකාවේ බුදුසසුන පිහිටුවීමේ පුවත වංශකතාවේ සඳහන් වන්නකි. එම අවස්ථාවේ ලංකාවේ තිස්ස රජතුමා අශෝක අධිරාජයා භාවිත කළ දෙවනපිය කුලනාමය ලබමින් බෞද්ධ රජකු වශයෙන් දෙවෙනි වරට අභිෂේක ලැබුවේය. එතැන් පටන් සිංහල රජවරු දශරාජ ධර්මයෙන් රට පාලනය කරන්නට වන්හ. දශරාජ ධර්මය විභාග කිරීම අශෝකගේ ධර්මය වටහා ගැනීමට එක මගකි.
‘ධර්ම’ යන්න, බ්‍රාහ්මණයන්ගේ ‘වේද’ පොත්වල ද දක්නා ලැබෙන පදයකි. රටක පාලකයා සහ පාලිතයන් ධර්මය ආරක්ෂා කරමින් ජීවත් විය යුතු බව ‘මනුස්මෘතියේ’ සඳහන් වේ. ‘මනු’ සඳහන් කරන ධර්මය නීතියකි. එය සකස් වන්නේ මහා බ්‍රහ්මයා මනුෂ්‍යයන් මැවීමත් සමගය. මනු, දඹදිව වැසියන් බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනුවෙන් කොටස් හතරකට බෙදා දක්වයි. ඔහු පිළිගත් බ්‍රාහ්මණ ධර්මය අනුව සෑම මනුෂ්‍යයකුම උපතින් වර්ණ හතරින් එකක හිමිකම ලබයි. කිසිවකුට එය වෙනස් කිරීමට නොහැක. ‘කෞටිල්‍ය’ නමැති බ්‍රාහ්මණ ආචාර්යවරයා ‘අර්ථ ශාස්ත්‍රය’ ලියමින් මේ ශ්‍රැතිය තව දුරටත් පැහැදිලි කර තිබේ. රටක ආර්ථික ක්‍රමය සකස් කිරීමේදී මනුෂ්‍යයන්ට උපතින් හිමිවන වර්ණය රැකගත යුතු හැටි ඔහු පැහැදිලි කරයි. රට වැසියන්ගේ ගෘහස්ථ ජීවිතය පවත්වා ගත යුත්තේ වෙනස් නොවන බ්‍රාහ්මණ ශ්‍රැතිය අනුව බව, ‘වාත්ස්‍යන’ නමැති බ්‍රාහ්මණයා ලියූ කාම සූත්‍රයෙන් කියවේ. ඊට අනුව කාන්තාව හා පුරුෂයා සමාන නැත.
යුදෙව් බයිබලය ද දේව භාෂිතයකි. යුදෙව් ‘රබ්බිවරු’ (පූජකවරු) දේව භාෂිත වෙනස් කරන්නට ඉඩ නොදුන්හ. ‘අලුත් ගිවිසුමේ’ යේසුස් වහන්සේගේ ඉගැන්වීම් අන්තර්ගතය. උන්වහන්සේගේ සමහර දේශනාවලින් දේවභාෂිතයට විරුද්ධ අදහස් ප්‍රකාශ වේ.
‘ඇසට ඇසය දතට දත ය කීම ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත් ඔහුට අනික් කම්මුල ද හරවන්න’ (මතෙව් 5.38.39.)
රබ්බිවරුන් යේසුස් වහන්සේ අත්අඩංගුවට ගෙන කුරුසියේ තබා ඇණගැසූ බව බයිබලයේ සඳහන් වේ. ඉස්ලාම් ආගමික ඉතිහාසයේ යේසුස් වහන්සේ වැනි ධර්ම දේශකයකු නැත. එය ආරම්භයේ සිටම වර්ධනය වන්නේ යුදාගමේ මූලධර්මය තහවුරු කළ ආගමක් හැටියටය.
අශෝක අධිරාජයා අලුත් ආගමක් ඉදිරිපත් නොකරයි. බෞද්ධයකු වූ එතුමා, බුදදහම අධිරාජ්‍යයේ ආගම වශයෙන් තෝරා ගෙන තිබේ. බුදුසසුන පිහිටුවීමෙන් පසු සිංහල පාලකයෝ ද බුදුදහම රටේ පාලනය සඳහා තෝරා ගත්හ. මේ ආකාරයට රාජ්‍ය පාලනය සඳහා හින්දු ආගම තෝරාගත් පාලකයින් ගැන තොරතුරු තිබේ. ‘තිරුක්කුරල්’, චෝල රාජධානියේ විසූ දෙමළ බ්‍රාහ්මණයකු ‘මනු නීති’ සංග්‍රහය ඇසුරින් චෝල රජවරුන් සඳහා පිළියෙල කළ නීති ග්‍රන්ථයකි. ඔහු, ධර්ම, අර්ථ, කාම. යන සංස්කෘත පදවලට අරම්, පොරුල්, කාම යන දෙමළ වචන සපයයි. තමිල්නාඩු බෙදුම්වාදින් කියන ආකාරයට, මනු, කෞටිල්‍ය, වාත්ස්‍යන, ආදි බමුණු ආචාර්යවරුන් දෙමළ නීති, සංස්කෘතයෙන් ඉදිරිපත් කර තිබේ.
බ්‍රාහ්මණ ධර්මය මහජනයාට පිළිගැන්වීමට බ්‍රාහ්මණ අධ්‍යාපන ක්‍රමය මූලික වූයේය. බුදුසසුන පිහිටුවීමට පෙර ලංකාවේ අධ්‍යාපනය බ්‍රාහ්මණ ආචාර්යවරුන් භාරයේ පැවතුණි. බුදුසසුන පිහිටුවීමෙන් පසු මහාවිහාරය බෞද්ධ අධ්‍යාපන මූලස්ථානය විය. දකුණු ඉන්දියානු ආක්‍රමණ හේතුවෙන් මහාවිහාරය විනාශ වූයේය.
ඉන්දියානු සමාජයේ තොරතුරු සොයා බැලූ යුරෝපා ‘ඉන්දු ශාස්ත්‍රඥයන්ට’ හින්දු ජීවිතය මෙහෙයවන බ්‍රාහ්මණ අධ්‍යාපන ක්‍රමය ගැන වැටහීමක් ලැබුණි. මැකෝලිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය එහි ප්‍රතිඵලයකි. මැකෝලි, උපායෙන් බ්‍රාහ්මණයන්ගේ අධ්‍යාපනය බ්‍රිතාන්‍ය සමාගමට පවරා ගත්තේය. ලංකාවේ බ්‍රිතාන්‍ය පාලකයෝ සිංහල බෞද්ධයන්ට අධ්‍යාපනය දීමේ බලය ආණ්ඩුවට පවරා දුන්හ. මෙම අධ්‍යාපනයෙන් උපාධි හා තනතුරු ලබාගන්නා පුද්ගලයෝ මොන පන්තියක් නියෝජනය කළත් මොන දේශපාලන පක්ෂයේ හිටියත් කළු සුද්දන් හදන අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට කැමැත්තක් නොදක්වති.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

සතිඅග අරුණ.

සිංහලයේ සිංහයා

සිංහලයේ සිංහයා

බොහෝ ආසියානු අප්‍රිකානු ජනවර්ග සිව්පාවුන්ගෙන් පැවත එනබව කියනවා. ඇතැමුන් ගිජු ලිහිණියා වැනි පක්ෂියකුගෙන් පැවත එන බව කියනවා. ඇතම් විට ගස් කොළන්වලින් පැවත එන බවටත් ප්‍රවාද නිර්මාණය කරලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඒ ජනවර්ගය හෝ ජාතිය අනෙක් ජාතීන්ගෙන් වෙන්වෙලා තමන්ගේ අනන්‍යතාවය පෙන්වන එකක් මෙතැන තියෙන්නේ. සිංහල ජාතිය සිංහයාට දාව ඉපදුනා කියන එකේ තේරුම වෙනත් ජනවර්ගයක් එක්ක සම්බන්ධයක් නැහැයි කියන එක. සිංහල ජාතියේ අනන්‍යතාව ඇතිකරන්න කියලා දැන් මනුෂ්‍යය පියකුට දාව සිංහබාහු හා සිංහසීවලී ඉපදුණා කිව්වොත් සිංහබාහුගෙයි සිංහ සීවලීගෙයි මුත්තා කව්ද? ඒයාගේ පියා කව්ද? ඒ පියාගේ පියා කව්ද ? මේක කෙළවරක් නැතුව එහෙම ඈතට ඈතට යනවා. ඒ නිසා තමයි සතෙක්ගෙන් සිංහල ජාතියේ ආරම්භය පටන් ගත්තේ. ඒකෙන් පේනවා සිංහල ජාතිය වෙනත් ජනවර්ගයක් එක්ක සම්බන්ධයක් නැහැ කියන එක
ඊළගට සිංහබාහු තම සහෝදරිය වූ සිංහ සීවලී එක්ක එකතුවෙන එකත් කාටහරි කියන්න පුළුවන් නරක වැඩක් කියලා. බටහිර වෛද්‍ය විද්‍යාව එක්ක බැලුවත් හොද නැහැ කියලා. ඒ මොන කතන්දර කිව්වත් ආයෙත් සැරයක් එකෙන් කියන්නෙත් වෙනත් ජනවර්ගයක් එක්ක සම්බන්ධයක් නැහැ කියන එක. මේක මේ ජාතියක අනන්‍යතාවයක් පිළිබඳ හදපු කතන්දරයක්.

මහාවංශය #සිංහල #වංශය #තුප්පහියා #කල්ලතෝනි #ජාතිය #ජනවර්ගය

අසාත් සාලිගෙ උඩ කරණම් – මහඇදුරු නලින් ද සිල්වා මහතා

අසත්සාලිගෙ උඩ කරණම්

පසුගිය දා තවත් ජනමාධ්‍ය හමුවක දී අසාද් සාලි මා හිතන විධියට සිංහල බෞද්ධයනට වැදගත් පාඩමක් ඉගැන්නුවා. ඔහු පාඩමක් ඉගැන්නුවේ කරුණු දැන ගෙන නො වෙයි. ඔහු තම නොදන්නා කමට බොහෝ දේ කියා ගෙන ගියා. ඔහු සිංහල බෞද්ධයනට පාඩමක් ඉගැන්නුවේ ඊනියා කරුණු පිළිබඳ ව නොවෙයි. ඔහුගේ එඩිතරකම, අවියත් බව අමතක කළහොත් කැපී පෙනුණා. ඒත් මේ එඩිතරකමත් අනෙක් දේ මෙන් ම සාපේක්‍ෂයි. ඔහු එඩිතර වන්නේ සිංහල බෞද්ධයන් ඉදිරියේ බව අමතක නොකළ යුතුයි.

සිංහල බෞද්ධයන් තරම් අනුකාරකයන් නිවටයන් ලොවෙහි තවත් නැතිව ඇති. උගත් යැයි කියන බුද්ධිමතුන් නිර්මාණශීලීත්වයක් නැති කමෙන් ආදියෙන් බැඳිලා. ඔවුන්ගේ මෝඩකම අවිචාරශීලීබව නිසා රටවල් හතකින් සමන්විත බිම්ස්ටෙක් සංවිධානය ලංකාව ලෙස හඳුනාගැනීමට තරම් ඔවුන් මුග්ධයන් වුණා. බුදුහාමුදුරුවන්ගෙ වචනවලින් නම් මෝඝ පුරුෂයන් වුණා.

සිංහල බෞද්ධයන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වී ඇති ඔවුන් ඇලුම් කරන ඔවුන්ගේ වත්මන් කසිකබල් බසින් කිවහොත් ආදරය කරන නන්දා මාලිනී මේ සිංහල අපගෙ රටයි ගීතය ගයන්නේ නැහැ. ඇය ප්‍රබුද්ධනීයක්. මෙරට ප්‍රබුද්ධයන් දෙවැනි වන්නේ සුප්‍රබුද්ධ රජුට පමණක් විය හැකියි. තවත් ප්‍රබුද්ධයකු වූ අමරදේව කතෝලික පිලිපීනයෙන් පිරිනමන මැගසේසේ ත්‍යාගය පිළිගනිමින් ඇසුවේ මහ සඟ ගණ මොනවද කළේ කියල.

මෑතක් වන තුරු මෙරට සිංහල බෞද්ධ යැයි කීමට අපේ ඊනියා උගතුන් බුද්ධිමතුන් පසුබට වුණා. දැන් නම් ටිකක් සිංහල බෞද්ධ රටක් කීමට පෙරට ඇවිත් තියෙනවා. ඒත් මෙරට උගතුන් බුද්ධිමතුන් අංක එකේ නිවටයන්. ඔවුන් දන්නවා ද අපේ නීතිය මොකක් ද කියල. ඔවුන් කියාවි ද අපට අපේ නීතිය අනුව ජීවත් වෙන්න වෙන කොහේවත් නොවෙයි මේ සිංහල බෞද්ධ රටේ ඉඩ දෙන්න කියා. එහෙම කියනවා තියා සිංහල නීතියක් කියා එකක් තියෙනවා ද කියාවත් ඔවුන් දන්නේ නැහැ.

ඒකට අසාද් සාලි. ඔහු ජීවත් වන්නේ මුස්ලිම් රටක නො වෙයි. ඊනියා සිංහල බෞද්ධ රටක. මා ඊනියා කියන්නේ අප සිංහල බෞද්ධ ගෞරවය අභිමානය ඇතිව වැඩ නොකරන නිසා. අර නිවට කරණැවෑමියා දැක්ක ම එළුවත් නිකට දික් කරනවලු. නිවට සිංහල බෞද්ධයන් දැක්ක ම අසාද් සාලිලා මොනව දික් නොකරයි ද? අසාද් සාලි කියන්නේ තමන්ට රටේ නීතිය බලනොපාන බවයි. ඔවුන් ජීවත්වන්නේ කුරාණයේ කියන විධියට කියල ඔහු උදම් අනනවා.

අසාද් සාලි නොදන්නවාට ලංකාවේ මුස්ලිම් නීතිය කියන්නේ ඉස්ලාම් නීතියකට (කුරාණ කියමු) නොවෙයි. ලංකාවේ මුස්ලිම් නීතිය විවාහ, දික්කසාද, නඩත්තු ආදිය සම්බන්ධයෙන් ඇති නීති කිහිපයක්. ඒ අන්තිම කැමති පත්‍රයක් නොලියා මිය ගිය අයගේ අනුප්‍රාප්තිකයන් පිළිබඳ වූ 1931 අංක 10 දරණ ආඥා පනත, මුස්ලිම් විවාහ හා දික්කසාද පිළිබඳ 1951 අංක 10 දරණ පනත හා මුස්ලිම් පල්ලි හා පුණ්‍ය භාර පිළිබඳ 1956 අංක 51 දරණ පනතින් නියම කෙරී තිබෙනවා. මේ පනත් මුස්ලිමුන් මෙරටට පැමිණි දහහතරවැනි සිය වසේ සිට ක්‍රියාත්මක වන දේ නො වෙයි. සුද්දන් විසින් පිහිටුවන ලද රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හා පාර්ලිමේන්තුවේ කළු සුද්දන් සම්මත කර ගත් නීති. මේ නීති අඩු තරමෙන් මුස්ලිමුන් මෙරටට පැමිණි ඉන්දියාවේ වත්මන් තමිල්නාඩු කේරළ සීමාවේ තිබුණු නීතිවත් නො වෙයි.

තේසවලාමෙයි නීතිය නම් ඉන්දියාවේ මුස්ලිම්වරුන්ගේ නීතියක්. එහෙත් එය පළමුව ලන්දේසීන් හා දෙවනුව ඉංගිරිසින් විසින් පනවන ලද්දේ මෙරටට ආනයනය කරනු ලැබූ වෙල්ලාලයන් ආපසු ඉන්දියාවට යෑම වැළැක්වීමට. තේසවලාමෙයි නීතියත් මුස්ලිම් නීතියත් මෙරට ඇති වී වර්ධනය වූ නීති නො වෙයි. මෙරටට පිටින් පැමිණි ජන කොටස් දෙකක් සඳහා ලන්දේසින් ඉංගිරිසින් හා සිංගිරිසින් (ඉංගිරිසින් වූ සිංහලයන්) පැන වූ නීති. මේ නීති අපට වුවමනා වෙලාවක අහෝසි කරන්න පුළුවන්. එයට අසාද් සාලි එකඟ ද නැත් ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් (පූර්ව පාර්ලිමේන්තු) හා පාර්ලිමේන්තුවෙන් පනවන ලද නීති පාර්ලිමේන්තුවට අහෝසි කළ හැකියි. තේසවලාමෙයි නීතියත් බටහිරයන් අප මත පැටවූ නීතියක්. එය ඉවත් කළ යුතුව තිබුණේ 1948 දී සුද්දන් යන විට.

මා කලිනුත් කියා ඇති ඊනියා උඩරට නීතිය තේසවලාමේ නීතිය හරි මුස්ලිම් නීතිය හරි වගේ පෞද්ගලික නීති ගණයට අර්ථදැක්වෙන නීතියක් නොවන බව. ඊනියා උඩරට නීතිය කියන්නෙ සිංහල නීතියට. පෘතුගීසීන් එන්න කලින් ලංකාවට ම බලපෑ සිංහල නීතිය. ලන්දේසීන් මුහුදුබව පෙදෙස්වල රෝම ලන්දේසි නීතියත් ඉංගිරිසින් ඒ ප්‍රදේශවල එයට අමතර ව ඉංගිරිසි නීතියත් ක්‍රියාත්මක කළා. එවිට සිංහල නීතිය ඊනියා උඩරටට පමණක් සීමා වුණා. හරියට කියනවා නම් සිංහලේත් ඒ පළාත්වලට සීමා වුණා. සිංහල නීතිය, සිංහල රාජ්‍යය, සිංහලේ 1815 වන තුරු සුද්දන්ට යටත් නොවු ප්‍රදේශවලට සීමා වුණා. හතළිස් ගණන්වලත් මුහුදුබඩ පෙදෙස්වල මිනිසුන් සිංහලේ යනවා කියා ඒ ප්‍රදේශවලට ගියා.

ඒ ඉතිරි වී තිබුණු සිංහලේ පළාත් ඊනියා උඩරටක් ලෙස නම් කෙරුණේ ඉංගිරිසින් විසින්. ඔය උඩරටට මුහුදු මට්ටමේ ඇති ප්‍රදේශත් අයිති වෙනවා. ඉංගිරිසින්ගේ නඩුකාරයකු තමයි සිංහල නීතියට ඊනියා උඩරට නීිතිය කියන නම දැම්මේ. ඒ නිකොල් නඩුවේ රොබට්සන් නඩු තීන්දුව මගින් (කාලය 2021 පෙබරවාරි කලාපයේ රාජා ගුණරත්නගේ ලිපිය) . නිවට සිංහලයන් මුුළු රටට ම වලංගු වූ තම නීතිය ඊනියා උඩරට නීතියක් ලෙස, ප්‍රාදේශීය නීතියක් ලෙස පෞද්ගලික නීතියක් ලෙස පිළිගන්නවා. මොවුන් අද තම නීතිය ලෙස පිළිගන්නේ ඉංගිරිසි නීතිය ආරෝපිත රෝම ලන්දේසි නීතිය! නිවට සිංහලයන් තම රටේ ම තම නීතිය පාගා දමන්නේ ඉංගිරිසින් අනුගමනය හා අනුකරණය කරමින්. අසාද් සාලි තමන් පැමිණි රටක අඩු තරමේ දැනටවත් වලංගු නොවන කුරාණ නීතියක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලනවා.

අසාද් සාලි මේ චන්ඩිකම් පෙන්නන්නේ නිවට සිංහලයන්ට. ඔහුට හරි වෙනත් ඉස්ලාම් භක්තියකුට හරි යුරෝපයට හරි උතුරු ඇමරිකාවට හරි ගිහින් එහි මුස්ලිම් වැසියකුට කාන්තාවන් හතර දෙනකු විවාහ කර ගැනීමට ඉල්ලන්න පුළුවන් ද? ප්‍රංශ විප්ලවය ඇති වුණු රටේ කියන්නෙ මුස්ලිමුන්ට තම රටේ සංස්කෘතිය අනුව ජීවත්විය නොහැකි නම් ආපසු තමන් පැමිණි රටවලට යන ලෙස. ප්‍රංශ පුවත්පත් සේවයෙ බුදධිමතුනුත් බිම්ස්ටෙක් ලංකාව කියල හඳුනාගෙන. අසාද් සාලි මාවනැල්ලෙ කළාය කියන හරිය එංගලන්තෙ හරි ප්‍රංශෙ හරි කළා නම් මොනව වෙන්න තිබුණ ද? නිවට සිංහලයන් සිටින තාක් අසත්සාලිලට උඩ කරණම් ගහන්න පුළුවන්.

අපි වෙනුවෙන් අපි – මහඇදුරු නලින් ද සිල්වා මහතා

අපි වෙනුවෙන් අපි

යම්කිසි රටක තිබිය යුතු රාජ්‍යය කුමක් ද? ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ද? ඊනියා සමාජවාදී රාජ්‍යයක් ද? ඒකාධිපති රාජ්‍යයක් ද? කතිපයාධිපත්‍යයක් ද? හමුදා රාජයක් ද? දාර්ශනිකයන්ගේ රාජ්‍යයක් ද? නිර්රාජ්‍යයක් ද එනම් රාජ්‍යයක් නොමැති රටක් ද? අපේ සමාජයේ කියමනක් තියෙනවා රටක් රාජ්‍යයක් ලැබුණ වගේ කියල. ඒක හොඳ කියමනක්. පඬිනැට්ටන්ට අනුව නම් මෝඩ ගැමියන් බයියන් වූ අපේ රටේ ජනතාව රටක් කියන එක හා රාජ්‍යයක් කියන එකේ වෙනස දැනගෙන ඉඳලා තියෙනවා. ඒ විතරක් නො වෙයි ඒ මෝඩ ගැමියන් රාජ්‍යයක් නැති රටක් ගැන මාක්ස්ට ඉස්සෙල්ල දැනගෙන ඉඳලා තියෙනවා. ඒක මාක්ස්ගෙ හිතළුව වගේ නම් නො වෙයි.

මාක්ස් කතා කරනවා සමාජ විකාශයේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේ දී රාජ්‍යය වියැකී යැම ගැන. ඔය කියන කොමියුනිස්ට් සමාජයක රාජ්‍යයක් නැහැ. එය වියැකී ගිහින්. සමහරු කොමියුනිස්ට් රාජ්‍යයක් ගැන කියනවා. එය වැරදියි. කොමියුනිස්ට් රටක සමාජයක රාජ්‍යයක් තියෙන්න බැහැ. ඊනියා සමාජවාදී රාජ්‍යයක් සංකල්පීය වශයෙන් පොතේ තියෙන්න පුළුවන් වුණත් කොමියුනිස්ට් රාජ්‍යයක් පොතේවත් තියෙන්න බැහැ. මා හිතන්නේ මාක්ස් සමාජ විකාශය ගැන කී හිතළු වැඩ කෙළේ නැහැ කියන එක. ඔහු සමාජ ගතිකය නිව්ටෝනීය ව හිතන්න වෑයම් කළා. ඔහු දැන සිටි එක ම ඊනියා විද්‍යාවත් එයයි. මාක්ස් ඉතාමත් අසාර්ථක පඬි නැට්ටන්ගේ බසින් කියන්නේ නම් අසමත් ම බුද්ධිමතා. ඔහු නිසා සිදු වී ඇත්තේ කෝටි සංඛ්‍යාත ජනතාවක් ඝාතනය වීම පමණයි. අද සමාජවාදය බෙහෙතකටවත් හොයා ගන්න බැහැ. බෞද්ධ සමාජවාදයක් ගැන කියන්නෙ විහිළු කතා.

මාක්ස්ගේ හිතළුව, කතාව කුමක් වුවත් මෙරට ගැමියන් දැන සිටියා අග්ගඤ්ඤ සූත්‍රය ගැන. එහි කියැවෙන්නේ මාක්ස්ගේ කතාවේ අනෙක් පැත්ත. රාජ්‍යයක් නැති ව තිබූ රටක, සමාජයක රාජ්‍යයක් ඇති වන්නේ කොහොම ද කියන එක එහි විස්තර වෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව කියන දේ බොහෝ වෙලාවට හරියනවා, වැඩ කරනවා. අද වන විට රාජ්‍යය එන්න එන්න ශක්තිමත් වෙනවා. රාජ්‍යය වියැකී යෑමක් නම් කොහේවත් පේන්න නැහැ.

නිව්ටෝනීය සංකල්ප බටහිර භෞතික විද්‍යාවේමත් අසාර්ථකයි. මා සඳහන් කරන්නේ ක්වොන්ටම් වෙනස්කම් ගැන නො වෙයි. නිව්ටෝනීය සංකල්ප ක්‍රියාත්මක වන්නේ දෙන ලද අවකාශයක හා කාලයක. එහි අවකාශය එක් අතකින් ගතහොත් නිෂ්ක්‍රීයයි. අවකාශයේ අංශු චලනය වෙනවා. අවකාශය නිසොල්මනේ තියෙනවා. මේ අවකාශයේ වස්තු ගුරුත්වාකර්ෂණ කතාව අනුව සංකෝචනය වෙනවා. ගුරුත්වාකර්ෂණය යටතේ හැකිළීමක් සිදුවෙලා අවසානයේ දී පීඩනයට හැකිළීම නවතා ගන්න බැරි වෙලා ඊනියා කළු කුහර හැදෙනවා. සාමාන්‍ය තත්වයක දී වස්තුවක පීඩනය විසින් ගුරුත්වාකර්ෂණ හැකිළීම නවතනවා.

එහෙත් අවකාශය නිෂ්ක්‍රිය නැත්නම් අවකාශයත් ක්‍රියාත්මක වෙනව නම් (අවශ්‍ය නම් පංච මහා භූතයන්ගේ ආකාශ කියා හිතන්න) අවකාශය යම් අවස්ථාවක ඊනියා ගුරුත්වාකර්ෂණය හැකිළීමට එරෙහි ව ක්‍රියා කරනවා නම් අර හැකිළීම වෙනුවට ප්‍රසාරණයක් තල්ලු කිරීමක් සිදුවන්න පුළුවන්. එවිට වස්තුවේ (ගෝලිය යැයි ගනිමු) ද්‍රව්‍යය කේන්ද්‍රය දිසාවට ඇදගන්නවා වෙනුවට කේන්ද්‍රයෙන් පිටතට තල්ලු වෙන්න පුළුවන්. එසේ තල්ලු වී ගොස් එක් තැනක (පෘෂ්ඨයක) නවතින්න පුළුවන්. ඒ පෘෂ්ඨයේ පෘෂ්ඨ ඝනත්වය අනන්තය කරා ඇදී යනවා වෙන්න පුළුවන්. ඊනියා කළු කුහර යනු ඒ ඝනත්වය ඉතා අධික වූ පෘෂ්ඨ වෙන්න පුළුවන්. අර සුද්දන් කියනව වගේ ඒ කතාව මිළ දී ගන්න කෙනකු ඉන්නවා ද? අර හැම දේ ම දන්න බටහිර වෙද මහත්තුරු මොකද කියන්නෙ?

එය පැත්තකින් තියමු. රාජ්‍යයට මොකද වෙන්නෙ. අද බටහිර තියෙන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ජනතාව සඳහා වූ ජනතාව විසින් පත් කෙරෙන ජනතාවගේ රාජ්‍යයක් කියල කියනවා. ඒත් එයට ජනතාව සහභාගි වන්නේ කොයි අවස්ථාවේ ද? මට නම් කිසිම අවස්ථාවක් පෙනෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මනඃකල්පිතයක් පමණයි. එය ටික දෙනකුගේ පාලනයක්. කතිපයාධිපත්‍යයක්.

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දේශපාලන සංවිධාන අවශ්‍යයයි. ඒ කියන්නෙ දේශපාලන පක්‍ෂ අවශ්‍ය වෙනවා. අද ලංකාවේ ක්‍රියාත්මක වන ජේ ආර් ප්‍රජාතන්ත්‍රවාදය අනුව ස්වාධින කණ්ඩායමකට දිස්ත්‍රික්කයක් ජය ගන්න එක පහසු නැහැ. ප්‍රාග් ජේ ආර් ප්‍රජාතන්ත්‍රවාදයේ නම් ස්වාධීන අපේක්‍ෂකයකුට ඉදිරිපත් වී මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමේ අවස්ථාව තිබුණා. අද එහෙම බැහැ. පක්‍ෂයකින් ඉදිරිපත් වෙන්න ඕන. පක්‍ෂය ඉදිරිපත් කරන කණ්ඩායමට නම දාගන්න ඕන. දැන් ඔය කණ්ඩායම තෝරන්නෙ ඊනියා ජනතාව නොවෙයි. ඒ තේරීම සඳහා මහා ජනතාවක් ඉන්නවා. ඔවුන් පක්‍ෂවල නිලතල දරණ මහා ජනතාව.

ඒ මහා ජනතාව ඉදිරිපත් කරන ලැයිස්තුවලට ජනතාව ඡන්දය දෙනවා. ඉන්පසු ඒ ලැයිස්තුවේ ඉන්න කිහිප දෙනකුට මනාප දෙනවා. ජනතාවට පුළුවන් ද මහා ජනතාව ඉදිරිපත් කරන ලැයිස්තුවේ නැති අයකුට මනාපයක් දෙන්න. දෙන්න පුළුවන් එත් මැතිවරණ කොමිසම ඒ ඡන්දය අවලංගු කරනවා. අනෙක් අතට අද ස්ථාපිත වෙලා තියෙන ඊනියා ද්විපාක්‍ෂික ක්‍රමය යටතේ අනෙක් පක්‍ෂවලට ඒ තරම් ඡන්දයක් ලැබෙන්නේ නැහැ. ඒ අනෙක් පක්‍ෂ සුදුසු කියන එක නොවෙයි මා කියන්නෙ. ජනතා විමුක්ති පෙරමුණ දිහා බැලුවම එක පේනවා. ඒත් එවැනි සුදුසු පක්‍ෂයක් ඇති කර ගත්තත් ජනතාව ඡන්දය දෙන්නේ නැහැ. ජනතාව මොන බයිලා කිවුවත් විශ්වාස කරන්නේ ප්‍රධාන පක්‍ෂවල මහා ජනතාව පමණයි.

දේශපාලන බලය ලබා ගැනීමට අවශ්‍ය නම් පළමුව ඊනියා ප්‍රධාන පක්‍ෂයකට බැඳෙන්න ඕන. ඉන් පසු මහා ජනතාවත් එක්ක එකතු වෙන්න ඕන. ඉන්පසු ලැයිස්තුවට යන්න ඕන. ලැයිස්තු දෙවර්ගයක් තියෙනවා. ජනතා ලැයිස්තුව හා ජාතික ලැයිස්තුව කියා. ජනතා ලැයිස්තුවේ නම් මළ ගෙවල් මගුල් ගෙවල් කොටහළු ගෙවල් අත් හරින්න බැහැ. ජාතික ලැයිස්තුවේ නම් මහා ජනතාවට වඩ වඩා කිට්ටු වෙන්න ඕන. සියල්ල වන්නේ මහා ජනතාවට අවශ්‍ය අන්දමට. ජනතාවට මහා ජනතාව ඉදිරිපත් කරන අයගෙන් කිහිප දෙනකුට මනාප දීමේ අවස්ථාව පමණක් හිමි වෙනවා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තමයි බටහිරයන් ලෝකයට දී ඇති ලොකුම මායාව, මනඃකල්පිතය. නම කුමක් වුවත් එය කතිපයාධිපත්‍යයක්. සුද්දන්ගෙ පෞද්ගලික නම් හැර අනෙක් නම් ගැන විශ්වාසයක් තියන්න බැහැ. ජෝන්ගෙ මුුණුබුරත් ජෝන්. ජෝ බයිඩන් ජෝ ම තමයි. සුද්දන් පෞද්ගලික නම් කෙටි කරන්න හපන්නු. විලියම් බිල් වෙනවා. නිකොලස් නික් වෙනවා. වැලන්ටයින් දිනය වැල් දිනය කරන්නෙ නැත්තෙ මොක ද? වල් දිනය නොවෙයි. ඒ පෞද්ගලික නම් හැරෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ගුරුත්වාකර්ෂණය වගේ නාම වැල් බයිල නැත්නම් මනඃකල්පිත නැත්නම් පට්ටපල් බොරු.

මගේ මූලික ප්‍රශ්නය යම් රටක තිබිය යුතු රාජ්‍යය කුමක් ද කියන එක. අද මූලික වශයෙන් බටහිරයන් තම ආධිපත්‍යය පවත්වාගෙන යන්නෙ ඔවුන් එයට දෙන පිළිතුර මත පදනම් වෙලා. ඔවුන් කියන්නෙ ඔවුන් අර්ථදක්වන විධියට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තියෙන්න ඕන කියල. ඒ රාජ්‍යයෙ ඊනියා මානව අයිතිවාසිකමුත් ඔවුන් අර්ථදක්වන විධියට තියෙන්න ඕන. වෙනත් වචනවලින් කියනව නම් රටක බටහිරයන් විසින් සැදුණු බටහිරයන් සඳහා වූ බටහිරයන්ගෙ රාජ්‍යයක් තියෙන්න ඕන. එසේ නොවන රාජ්‍යයක් තියෙනව නම් බටහිරයන් තමන්ගෙ ආරක්‍ෂා කිරීමට ඇති වගකීම (R2P) වැනි වැල් බයිලවලට මුවා වෙලා හැකි නම් ඒ රාජ්‍යය වට්ටනවා. එතනදි ඔවුන් යොදා ගන්නෙ ඒ රටවල ඊනියා මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම කියන එක.

බටහිරයන්ගෙ රටවල මානව අයිතිවාසිකම් කියන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය වගේ ම වැල් බයිලාවක්. කවුද අහන්න යන්නෙ කළු මිනිසුන්ගෙ ආසියාතිකයන්ගෙ ක්‍රිස්තියානි නොවන්නන්ගෙ මානව අයිතිවාසිකම් රැකෙනවා ද කියල. තම රටේ සංස්කෘතිය අනුව ජීවත් වෙන්න බැරි නම් ආපු රටවලට යන්න කියල මුස්ලිමුන්ට කියා ඇත්තෙ එක් බටහිර රටක් පමණක් නො වෙයි. එංගලන්තය ඉතා සියුම් ව මේ හැම එකක් ම කළමනාකරණය කරනවා. ඔවුන් කාටවත් කියන්නෙ නැහැ තම රටේ සංස්කෘතිය අනුව ජීවත් වෙන්න කියා. ඔවුන් නොකියා ම එසේ ජීවත් කරවනවා. ඒ තමයි ඉංගිරිසි කළමනාකරණය. අපරාදෙ කියන්න බැහැ මෙරට අග්‍රාණ්ඩුකාරයකු ව සිටි සෝල්බරි අහල තියෙනව සිංහලයන්ට එහෙම කරන්න බැරි ඇයි කියල. ඒක මොනව වුණත් හොඳ ප්‍රශ්නයක්. එංගලන්තෙ මුස්ලිම් නගරාධිපතිල කී දෙනෙක් ඉන්නවා ද? ඔබාමා ජනාධිපති වුණෙ කළු හින්ද ද ඔහුගෙ ක්‍රිස්තියානි සංස්කෘතිය හින්ද ද? කමලා හැරිස් උප ජනාධිපති වුණෙ දකුණු ආසියාතික සම්භවය හින්ද ද ඇගෙ ක්‍රිස්තියානි සංස්කෘතිය හින්ද ද?

බටහිරයන් ඊනියා මානව අයිතිවාසිකම් යොදා ගන්නෙ තමන් අකමැති ආණ්ඩුවලට විරුද්ධව කටයුතු කරන්න ඕන වුණා ම. යම් රටක තියෙන්න ඕන ආණ්ඩුව තීරණය කරන්න ඕන ඒ රටේ ජනතාව (මහා ජනතාව යැයි කියමු) මිසක් බටහිරයන් නො වෙයි. ලෝකයේ තියෙන දැනුම් ආධිපත්‍යය නිසා සංකල්ප නිර්මාණය කරන්නෙ බටහිරයන්. ආරක්‍ෂා කිරීමේ වගකීම කියන එක අප කැමති ආණ්ඩුව ආරක්‍ෂා කිරීම කියල අපි අර්ථදක්වමු. ඒත් මා දන්නවා මෙතැනදි අප කියන්නෙ කවුද කියන එක ප්‍රශ්නයක් වෙන බව. රටේත් දැනුම් ආධිපත්‍යය තියෙන්නෙ පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට හා ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන්ට. ධම්මික වෙද මහතාගෙ පැණිය වෙලාවෙ බටහිර වෙද මහත්තුරු තමන්ට නොවෙයි තමන්ගෙ ස්වාමිවරුන්ටත් ප්‍රතිකාරයක් නැති වෙලාවෙ රෝගීන් නොවූ ආසාදිතයන් සුද්දන්ගෙ 1898 නිරෝධායන ආඥා පනත යටතෙ තම ආධිපත්‍යය යටතට ගෙන කාලෝ ක්‍රමයට ඊනියා රෝගීන් සුව කරන අන්දම අපි බලා ගෙන ඉන්නවා. ඔවුන් රෝගීන් නොවෙයි නිරෝගීන් සුව කරනවා! මේ පඬි නැට්ටන්ට නොවෙයි අපි අප කියන්නෙ. බටහිරයන්ගෙ දාසයන් නොවන අයයි අප කියන්නෙ. බටහිරයන්ගෙ දාසයන් පිට අය, පරයන්. අපි වෙනුවෙන් අපි. මේක තමයි යුද්ධය.

බටහිර වෙද මහත් හොරුන් අජිත් නිලුපුල් මහේෂ්ලා විසින් මුව හමට තඩිබෑම

අවිද්‍යාවෙන් විද්‍යාවට පියනගමු මැයින් නලින් ද සිල්වා මහතා පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් වන අජිත් අමරසිංහ, නිලූපුල් පෙරේරා සහ මහේෂ් හරිස්චන්ද්‍ර 2021-02-17 බදාදා දිවයිනෙහි පළකළ ලිපියට පිළිතුරු ලිපියක් අනුරුද්ධ හේරත්,ශිරන්ත චාමර සහ තාරක ගල්පාය විසින් දිවයිනට යොමු කරන ලදී.එය දිවයින පුවත්පතෙහි පළ නොවුුුුණු බැවින් එය නලින් ද සිල්වා පිටුවෙහි පළ වේ.

වෘත්තීය මහන්තත්වය බිමින් තියන්න
‘අවිද්‍යාවෙන් විද්‍යාවට පියනගමු’ ලිපියට පිළිතුරක්

අවිද්‍යාවෙන් විද්‍යාවට පියනගමු මැයින් නලින් ද සිල්වා මහතා පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් වන අජිත් අමරසිංහ, නිලූපුල් පෙරේරා සහ මහේෂ් හරිස්චන්ද්‍ර බදාදා දිවයිනෙහි සටහනක් තබා ඇත. නලින් ද සිල්වා මහතා මුහුණුපොතේ තබා ඇති ලිපියක් පිළිබදව කර ඇති විවේචනයක් ලෙස ඔවුන් තම ලිපිය හඳුන්වා දෙයි. එසේ වුවත් තමන්ගේ ලිපිය පුරාම නලින් ද සිල්වා මහතාගේ සටහනෙහි සංදර්භයෙන් ගලවා දක්වා ඇති එක් කුඩා උපුටනයක් හැරෙන්නට ඔවුන්ගේ විවේචනයට ලක්වන්නේ ලිපියේ කුමන කරුණුදැයි නිශ්චිතව දක්වා නැත. ඒ් වෙනුවට ලිපිය පුරාම නලින් ද සිල්වා පැවසූ බවට දක්වා ඇත්තේ තමන්ගේ විචේනයට ගැළපෙන පරිදි සාදාගත් හිතළු ටිකකි.

සිංහල බෞද්ධ සංස්කෘතියේ එකම උරුමක්කාරයන් ලෙස නලින් ද සිල්වා ඇතුලු පිරිස තමන්ව හඳුන්වා ගන්නවා යැයි අවලාදයක් නගමින් ලිපිය ආරම්භ කරන වෛද්‍ය අජිත්,නිලුපුල් සහ මහේෂ් ට හැකිනම් නලින් ද සිල්වා අඩුම තරමින් එවැන්නක් ඇඟවෙන පරිදි හෝ කර ඇති ප්‍රකාශයක් ඇති තැනක් නිශ්චිතව දක්වන ලෙස අපත් පළමුව අභියොග කරමු. ‘එතුමාගේ මුල් පොතද, විවිධ පුවත්පත්වල හා සඟරාවල පළවූ ලිපිද, එතුමා විසින් ප‍්‍රකාශයට පත්කරන ලද විවිධ පොත්ද අප කියවා ඇත්තෙමු. ඒවායේ ඇති මත මීට වසර සියයකට පමණ බටහිර දාර්ශනිකයන් විසින් පලකරන ලද මතවල අනුකරණ බව අපි ඒ දිනවලම වටහා ගත්තෙමු.’ නලින් ද සිල්වා අනුකරණය කර ඇත්තේ බටහිර කොයි කොයි දාරශනිකයන්ගේ කොයි කොයි මතවාදදැයි බලා ගැනීමට අපත් කැමැත්තෙමු.නලින් ද සිල්වාගේ මෙන්ම බටහිර දාර්ශනිකයන්ගේ පොත පතද කියවා ඇති ඔබතුමන්ලා ඒ් පිළිබදව නිශ්චිතව තොරතුරු දක්වන තුරු අප බලා සිටිමු.

“වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඕනෑම කෙනකු පවසන දෙයක් සත්‍යක් විය හැකි බවද ඒ සඳහා කපු මහතකු හෝ වඩු මහතකු හෝ වෛද්‍යවරයකු හෝ පවසන මතයන් එක්සේ සත්‍යයයි ගතයුතු බව මහාචාර්ය ද සිල්වා මහතා ඔහුගේ ලිපියෙහි ඍජුවම ප‍්‍රකාශ කරයි. මේ අය අතර වෛද්‍ය විද්‍යාව භාවිතා කිරීම හෝ ඖෂධ නියම කිරීම පිළිබඳව වෙනසක් නොමැතිව බව එතුමා පවසයි. එතුමාගේම වචන වලින් පවසන අයුරින් ‘ධම්මික වෙදමහතා, බාසුන්නැහැ කෙනකුද, කපුමහතෙකුද, කාලී අම්මා සම්ම්‍යදෘෂ්ටිකද, මිත්‍යාදෘෂ්ටිකද, යන්න අපි බලන්නේ නෑ’ ’’

නලින් ද සිල්වා මහතා විසින් පවසා ඇති ප්‍රකාශයේ සම්පූර්ණ උපුටනය දැක්වීමට අපි කැමැත්තෙමු.

“ධම්මික වෙද මහතාගේ පැණියට අනෙක් ප්‍රතිකාරවලට නැති ප්‍රසිද්ධියක් ලැබුණේ එය එක්තරා බටහිර වෙද මහතුන් පිරිසක් විසින් පරීක්‍ෂාවකට ලක් කෙරී සාර්ථක බව තහවුරු වූ නිසයි. ධම්මික වෙද මහතා බාසුන්නැහැ කෙනෙක් ද කපු මහත්තයෙක් ද කාලි අම්මා සම්‍යක් දෘෂ්ධික ද මිථ්‍යා දෘෂ්ඨික ද ආදී කිසිවක් එහි දී බලපෑවේ නැහැ. අර බටහිර වෙද මහතුන් පැණිය යම් ආකාරයක පරීක්‍ෂණයට ලක් නොකරන්න ධම්මික වෙද මහතාගේ පැණියටත් අනෙක් දේශීය ප්‍රතිකාරවලට අත් වූ ඉරණම ම අත් වෙන්න තිබුණා. අද සමාජයේ ආධිපත්‍යයේ ඇත්තේ බටහිර දැනුම මිස වෙනත් කිසිම දැනුමක් නොවෙයි.”

නලින් ද සිල්වා මහතා මේ කියා සිටින්නේ ප්‍රතිකාරයක සාර්ථක බව තහවුරු වේ නම් එය ඉදිරිපත් කරන්නා කවුද යන්න නොවැදගත් බවයි. එසේ නොමැතිව වෛද්‍ය විද්‍යාව පිළිබද ඕනෑම කෙනෙක් පවසන ඕනෑම දෙයකට එක සමාන වටිනාකමක් දිය යුතු බවක් නොවේ.නලින් ද සිල්වා මහතාගේ සම්පූර්ණ ප්‍රකාශනයෙන් කොටසක් පමණක් උපුටා දක්වා ඇත්තේ හිතා මතා විකෘති සහගත අර්ථයක් ලබා දී ඒතුමා පිළිබද අප්‍රසාදයක් පාඨකයා තුළ ඇති කිරීමට මිස අන් කවරකට ද ? “මෙම ‘නලීන්වාදී තර්කයට’ අනුව කිසියම් විෂයක් හැදැරීම හෝ පුහුණුවක් ලැබීම හෝ ඒ පිළිබඳව සුදුසුකම් ලබාගැනීම හෝ අවශ්‍ය නොවේ. එවන් විෂයක් හැදැරූ හෝ සුදුසුකමක් ලැබූ හෝ පුහුණුවක් නොලැබූ අයකු හෝ එසේ නොලැබූ අයකු අතරත් කිසිඳු වෙනසක් නොමැත. පාලමක් සෑදීමේදී ඒ පිළිබඳව තම ඉගැනුමෙන්, සුදුසුකමින් හා පුහුණුවෙන් උපදෙස් දෙන ඉංජිනේරුවරයකු හා ඒ පාලම උඩින් ගමන් ගන්නා මගියකු අතර කිසිදු වෙනසක් නොමැත.”

වෛද්‍ය විශේෂඥ මහත්වරු තිදෙනා විසින් ඉහත ආකාරයට විවේචනය වන නලින්වාදී මතය යැයි ඔවුන් විසින් හදුන්වනු ලබන අදහස සකසා ගෙන ඇත්තේ නලින් ද සිල්වා මහතාගේ ප්‍රකාශන වලින් විකෘති සහගත අරුත් එන ලෙස සංදර්භයෙන් ගලවා ඉවත් කරගත් කුඩා කොටස් වලින් බව පාඨකයාට පැහැදිලි විය යුතුය. පාලමක් සැදීමේදී සුදුසුකම් ලත් ඉංජිනේරුවරයෙකු සහ පාලමක් සැදීම පිළිබද කිසිවක් නොදන්නා මගියෙකු අතර කිසිම වෙනසක් නොමැති බව ගම්‍ය වන ආකාරයේ අදහස් නලින් ද සිල්වා මහතා විසින් කිසිම විටෙක දක්වා නොමැත .අවුරුදු තිහ හතළිහක කාලයක් තිස්සේ පුවත් පත්,රූපවාහිනය අන්තර්ජාලය ඔස්සේ සිය අදහස් දක්වන නලින් ද සිල්වා මහතාගේ එවැනි අදහසක් ඇත්නම් එවැන්නක් සංදර්භයත් සහිතව නිශ්චිතව උපුටා දක්වන හැටියටත් නැවත වරක් වෛද්‍ය විශේෂඥයින් තිදෙනාට අභියෝග කරමු.

විවිධාකාරයේ වෛද්‍යක්‍රම සැළකීමේ දී ඒ් සියල්ලම බටහිර වෛදකමේ මිණුම් දඩු වලින්ම පමණක් පරීක්ෂාකර තහවුරු කර ගැනීමට විරුද්ධ බව නම් නලින් ද සිල්වා මහතා විසින් පැහැදිලිව දක්වා ඇත. ධම්මික බණ්ඩාර මහතාගේ ප්‍රශ්නය එන්නේ එවැනි සංදර්භයක් තුළය. සිංහල වෙදකමේ දැනුම ලබා ගැනීමේ එක ක්‍රමයක් වනුයේ ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීමයි.ධම්මික බණ්ඩාර මහතා ජීවිකාවෙන් පෙදරේරුකුවෙකු වුවත් (අප එහි ඇත්ත නැත්ත දන්නේ නැත) ඔහු සිංහල වෙදකම සහ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වෙදමහතෙකු ලෙස හැදින්වීමට බාධාවක් නොමැත.ඒ් අර්ථයෙන් එතුමා MBBS ඉංජිනේරුවන්ගේ පාලම අසළින් යන නිකන්ම නිකන් මගියෙකු බවට තීරණය කළ නොහැක. එය තීරණය වන්නේ ඒ මහතාගේ ප්‍රතිකාරයේ සාර්ථකකම අනුව ය. මේ සියල්ල හුදු අවලාද පමණක් වේ. ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය සාර්ථක ද නැද්ද යන්න රට තුල විශාල ප්‍රශ්නයක් බවට පත්වන්නේ ම වතුපිටිවල රෝහලේ කෙරුණු බවට ප්‍රචාරය වුණු PCR පරීක්ෂණ වාර්තාවල දැක්වුණු සාර්ථකත්වය නිසා ය. එම අවස්ථාවේ සිට ම මීට බාස් පැණිය යයි කියමින් අවලාද නැගීම මගින් පෙන්නුම් වන්නේ හුදු වෘත්තීය මහන්තත්වයක් පමණි.

පොදුවේ බටහිර වෛද්‍යවරයකු හෝ සිංහල වෙද මහතෙකු සමග සාමාන්‍ය මිනිසෙකු සමාන වන්නේ නැත. යම් දැනුමක් නිර්මාණය කිරීමේ වැඩි ඉඩක් ඒ විෂයයේ පුහුණුව ඇති අයෙකුට සහ එම චින්තනයට සමීප අයෙකුට ඇති බවට නලින් ද සිල්වා මහතා ඕන තරම් කියා ඇත. නමුත් අනෙක් මිනිසුන් අතින් ද එවැනි දේවල් බිහිවිය හැක. එවැනි විටක කල යුත්තේ වෘත්තීය මහන්තත්වය පෙන්වමින් ගැරහීම නොව සවන් දීම යයි අපි සිතමු. කවුරුන් අතින් හෝ PCR සෘණ කරන යම් ක්‍රමයක් සොයා ගත් බව බටහිර වෛද්‍ය පරීක්ෂණ වලින් ම පෙන්වා දුන් අවස්ථාවක බටහිර වෛද්‍යවරුන් කරන්නේ පැණිය හැදු මිනිසාගේ වතගොත සොයා ගැරහීම නම් මේ මහන්තත්වය පිලිබඳ ප්‍රශ්නයකි.

කෙසේ වෙතත් ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය විද්‍යාව පිලිබඳ අවංක හෝ මවාගත් ගරුත්වයකින් යුතු ව ලිපියේ සඳහන් කිරීම පිලිබඳ ව සතුටු වෙමු. මේ පිලිබඳ ව එතුමන්ලා සඳහන් කරන්නේ අවංකව නම් ආයුර්වේදයට හා පාරම්පරික වෛද්‍ය විද්‍යාවට කාලෝ ෆොන්සේකා වැනි මහත්වරුන් නිග්‍රහ කරන කාලයේ මෙතුමන්ලා අද නලින් ද සිල්වාට එරෙහිව අවි අමෝරා ගෙන එන ලෙස එදා කාලෝ ෆොන්සේකාට එරෙහිව ආවේදැයි දැනගැනීමට කැමැත්තෙමු. අද අඩු ගණනේ නලින් ද සිල්වාට පහරදීම පිණිස හෝ ආයුර්වේදයේ හා සිංහල වෙදකමේ ගුණ වර්ණනා කිරීම දක්නට ලැබීම ගැන ඉතසිතින් සතුටු වෙමු.

වෛද්‍ය විශේෂඥවරු තිදෙනා විසින් නලින්වාදී මතයැයි හදුන්වන්න මගින් ලංකාවේ දියුණුවට මහත් අගතියයි සිදු කර ඇතැයි දිගින් දිගටම අවලාද නගා ඇත.තමන්ම විසින් සාදා ගත් මුව හමට තඩි බෑමට ඔවුන්ටම ඉඩ දී ඒ පිළිබදව තීරණයක් ගැනීමට වසර ගණනාවක් තිස්සේ නලින් ද සිල්වා මහතාගේ ලිපි කියවන දිවයින පාඨකයින්ට අප බාර කරමු. එසේම එතුමන්ලා ඉල්ලා සිටින “බටහිර හා පෙරදිග විද්‍යාවන්, ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය” පිළිබඳව විවාද කිරීම සඳහා අප ද ඕනෑම මොහොතක සූදානම් බව දන්වා සිටිමු.

දුම් රිය පාරේ නීතිය හා ජෙනීවා – මහඇදුරු නලින් ද සිල්වා මහතා

දුම්රිය පාරේ නීතිය හා ජෙනීවා

ලංකාවට විරුද්ධ ව බටහිර රටවලට කළ හැකි ඉටිගෙඩියක් නැහැ. ඔවුන්ට වැඩිම වුවහොත් කළ හැක්කේ ආර්ථික සම්බාධක පැමිණවීම පමණයි. එහෙත් ඒ තනි තනි රටවල් වශයෙන් මිස එක්සත් ජාතීන්ගේ සංවිධානය වශයෙන් නොවෙයි. චීනය හා රුසියාව අපට විරුද්ධ ව ගෙනෙන යෝජනාවක දී නිෂේධ බලය යොදා ගන්නවා. අප කුඩා කල පාසල් ගියේ දුම්රියෙන්. අපට සමහර අවස්ථාවල දී දුම්රිය පාරේ ඇවිද ගෙන යන්න සිද්ධ වුණා. එය නීති විරෝධියි. එහෙත් ඒ නීතියට කිසිවකු කිසි ගරු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ.

නීති, පොතේ තිබුණාට වැඩක් නැහැ. නීති පොතේ තියෙන හැම නීතියක් ම ක්‍රියාත්මක කරන්න බැහැ. මිනිසුන් නීතියක් පිළිගන්නේ නැත්නම් කළ හැක්කේ කුමක් ද? නීතියකට මිනිසුන් ගරු කරන්නේ නැත්නම් එය ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ. මා කියන්නේ නීති කැඩීම ගැන නො වෙයි. නීතියක් කැඩීම කියන්නේ නීතිය පිළිගන්නා අතර එයට පටහැණි ආකාරයකට ක්‍රියා කිරීමයි. නීතියක් නොපිළිගැනීම කියන්නේ තවත් එකක්.

මට දුම්රිය පාරේ නීතිය මතක් වුණේ ජෙනීවා විගඩම ගැන කතා කිරීමේ දී. ජෙනීවා මානව හිමිකම් මණ්ඩලය කියන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනය අනෙක් රටවල් පාලනය කිරීමට අටවා ගත් අටමගලක් පමණයි. එහි සාමාජික රටවල් හතළිස්හතක් තියෙනවා. ලෝකයේ ඒ ඒ ප්‍රදේශ අනුවයි සාමාජිකයන් තෝරා ගැනෙන්නේ. ලංකාව එහි සාමාජිකයෙක් නොවෙයි. එහෙත් ඉන්දියාව මේ දිනවල සාමාජිකයෙක්. සාමාජිකත්වය වසර තුනකට සීමා වෙනවා. මා හිතන්නේ ඉන්දියාවේ සාමාජිකත්වය මේ වසරේ අවසන් වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ම බටහිරයන් ලෝකය පාලනය කිරීම සඳහා අටවා ගත් අටමගලක්. එයට සම්බන්ධ මණ්ඩල ආයතන රාශියක් තියෙනවා. ඒ ඒ මණ්ඩලවල විවිධ රටවල අය සේවය කරනවා. ඔවුන්ට හොඳ වැටුප් ද ලැබෙනවා. ඒ මණ්ඩලවලින් බලාපොරොත්තු වන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනයට අවශ්‍ය අන්දමට ලෝකය පාලනය කිරීමයි. මේ මණ්ඩලවල රැකියාවන් සඳහා බොහෝ විට පත්වන්නේ ඒ ඒ රටවල බටහිර අධ්‍යාපනය ලබා ක්‍රිස්තියානි නූතනත්වයට ගරු කිරීමට පුහුණු කෙරුණු අය. මා කියන්නේ ඔවුන් සඳහා පාසල්වල විෂය මාලාවේ වෙන ම පාඨමාලා සකස්කර තියෙන බව නොවෙයි. සමස්ත අධ්‍යාපනය මගින් ඒ ගරුකිරීම ඉගැන්වෙනවා. ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් පඬි නැට්ටන් ඉතිරි ටික කරනවා.

අපේ රටේ නිිදහස් අධ්‍යාපනය නිසා වී ඇති එක් වින්නැහියක් නම් ඒ ගරුත්වය පිළිගන්නා විශාල පිරිසක් බිහි කරනු ලැබ සිටීමයි. නිදහස් අධ්‍යාපනය නිසා පෞද්ගලික ව ගත් කල සමාජයේ ඊනියා උසස් තැන්වලට පැන ගැනීමට හැකි විශාල පිරිසක් බිහිවෙලා ඉන්නවා. අමරසේකරගේ උගත් ගැමි තරුණයන් මෙන් ම චම්පකගේ 43 කණ්ඩායම ද සමන්විත වන්නේ මොවුන්ගෙන්. පොදුවේ ගත් කල මොවුන්ගෙන් රටට වන යහපතක් නැහැ. 43 කණ්ඩායම සජිත් විසින් ගබ්සා කෙරිලා.

අප එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා එහි අනුබද්ධ ආයතනවලට ගරු කරන තරමට අපේ නිදහස නැති වෙනවා. අද ජෙනීවා විගඩම ගැන මෙරට උගතුන් යැයි කියා ගන්නා අය අතර විවිධ මත තියෙනවා. ඇතැමුන්ට අනුව අප රටේ මානව හිමිකම් කඩ කෙරිලා. මේ කියන්නේ විශේෂයෙන් මානුෂික මෙහෙයුම් කාලයේ. ඉන්පසුවත් අර ජනමාධ්‍යවේදියා මේ ජනමාධ්‍යවේදියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා තියෙනවා. එහෙත් ඒ චෝදනා මට්ටමෙන් එහාට ගිහින් නැහැ. මේ ආණඩුවේ බලධාරීන්ට විරුද්ධවත් චෝදනා තියෙනවා. 2015 සිට 2019 දක්වා ඊනියා යහපාලනයට ඒ චෝදනා ඔප්පු කර ගත නොහැකි වී තිබෙනවා. එමෙන් ම එ ජා පාක්‍ෂිකයන්ට විරුද්ධවත් චෝදනා තියෙනවා. ඒ චෝදනාත් ඔප්පු වී නැහැ. එක්කෝ ඒ චෝදනා බොරු නැත්නම් දෙපැත්ත එකතු වී එකිනෙකා බේරා ගන්නවා. එහෙමත් නැත්නම් නීතියේ හිල් තියෙනවා, නීතිය නවන්න පුළුවන්කම තියෙනවා.

එහෙත් මෙතැන දී අර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් නෝනලා ටිකක් අමුතු විධියකට ක්‍රියා කරනවා. ඔවුන් උලුප්පන්නේ එ ජා ප නොවන ආණ්ඩුවලින් කෙරුණා යැයි කියන මානව හිමිකම් කඩ කිරීම්. මෙතැන තමයි ප්‍රශ්නය තියෙන්නෙ. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනයට අවශ්‍ය ඔවුන් අකමැති ආණ්ඩු පළවා හැරීමට අර එක්සත් ජාතීනගේ ආයතන යෙදා ගැනීමට. මෙරට සමහර උගතුන් බයෙන් ඉන්නවා ජෙනීවා විගඩමෙන් අප වරදකරුවන් වේය කියා. එහි දී කොටසක් කියන්නේ අප හරියට කරුණු ඉදිරිපත් නොකරණ බවයි. අනෙක් කොටස නම් කියන්නේ අප, ඒ කියන්නේ මේ ආණ්ඩුව 2010ට පෙරත් දැනුත් මානව හිමිකම් කඩන බවයි.

අප කොතරම් හොඳින් කරුණු ඉදිරිපත් කළත් ඔය නෝනලා ඒ පිළිගන්නේ නැහැ. ගෑෂ් වාර්තාව ඩෙස්මන්ඩ් ද සිල්වා වාර්තාව පරණගම වාර්තාව ආදිය නෝනලා ගණන් ගන්නේ නැහැ. එංගලන්තය ඒවා ඉදිරිපත් කරන්නෙත් නැහැ. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. මෙතනදි කොමසාරිස්වරියත් හාමුදුරුවන්ගෙ. අර මංගල එංගලන්තයේ ද්‍රොහි යෝජනාවට දුන් ද්‍රොහි අනුග්‍රහකත්වය අස්කර ගත්තෙ නැත්තන් අපට මොකුත් වෙන්නෙ නැහැ. අපට අනින්න බලන් ඉන්න ඉන්දියාවත් බොහොම සෙනෙහසින් අප ගැන කතා කරාවි.

ඔය මානව හිමිකම් අටමගලට තැනක් ලැබෙන්නෙ අප එයට ගරු කරනකම් පමණයි. දැන් ඊශ්‍රායලයට විරුද්ධ ව ඔය අටමගලෙ ඕන තරම් යෝජනා සම්මත කර ගන්නවා. ඊශ්‍රායලය ඒ යෝජනාවලට අධෝවාතයකට තරමටවත් සලකන්නෙ නැහැ. අපි මොනවට ද ඔය නෝනලාගේ යෝජනාවලට සලකන්නෙ. අපි ගිහින් යෝජනාවට විරුද්ධ වෙමු. එහෙත් තීන්දුව දැනටමත් ලියා ඇති බවත් අපි දැන ගනිමු. යෝජනාවෙන් අපි පැරදුණත් මොනව කරන්න ද? අපේ ඊනියා ගෞරවය නැති වෙයි ද? ඒ කාගෙ ගෞරවය ද? බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනයෙ ගෞරවය ගැන නෙ කියන්නෙ. අපට ඒකෙන් වැඩක් නැහැ. මොකෝ ගෞරව සහතිකය ජනාධිපතිතුමාගෙ බෙල්ලෙ එල්ලන්න ද? ඔවුන් බලා ඉන්නෙ ජනාධිපති බෙල්ලෙන් එල්ලන්න. අප මේ අධෝවාතවලට සලකන්න ගියොත් අපට ඉතිරි වන්නෙ අධෝවාත පමණයි. අර දුම්රිය පාරෙ නීතියට වගේ අපි ජෙනීවා විගඩමටත් සලකමු.

විදේශ සේවය හා ජනමාධ්‍ය – මහඇදුරු නලින් ද සිල්වා මහතා

විදේශ සේවය හා ජනමාධ්‍ය

පසුගිය දා මා තානාපති බලාපොරොත්තුව මැයෙන් ලිපියක් ලිවුවා. මා එහි කියා තිබුණා තානාපති සේවය ගැන මට කීමට කරුණු ඇතත් මා ඒ සේවයෙන් ඉවත් වූ පසු කියනවා කියා. එක් වෙබ් අඩවියක් ලිපිය පළ කර තිබුණේ මට ශ්‍රී ලංකා තානාපති සේවය ගැන කියන්න දේ තිබෙන බව මාතෘකාවේ ම කියමින්. මා ලිපියේ කොහේවත් ශ්‍රී ලංකා තානාපති සේවය ගැන කියනවා කියා තිබුණේ නැහැ. වෙබ් අඩවිය පළකරන්නා තමාට වුවමනා දෙයක් මගේ කර පිටින් කියලා.

ශ්‍රී ලංකා විදේශ සේවයේ හොඳ මෙන් ම නරක ද තියෙනවා. ඒත් මා හිතන්නේ හොඳ නරකට වඩා වැඩිය කියා. විදේශ සේවයෙන් කෙරෙන හොඳ ජනමාධ්‍යයට පේන්නෙ නැහැ. ශ්‍රී ලංකා විදේශ සේවයේ කොටස් හතරක් තියෙනවා. ප්‍රධාන කොටස විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්. ඔවුන් කොළඹ පිහිටි විදේශ අමාත්‍යාංශ කාර්යාලයේ මෙන් ම පිටරට පිහිටි තානාපති කාර්යාලවලත් සේවය කරනවා. ඔවුන් විදේශ අමාත්‍යංශයේ සේවයට බඳවා ගනු ලබන්නේ තරග විභාගයකින් පසුව. ඔවුන් කොළඹින් පිටරටකත් පිටරටකින් කොළඹටත් නැවත පසුව කොළඹින් පිටරටකත් මාරු කෙරෙනවා. ඔවුන්ගේ අඹු සැමියන් රජයේ වෙනත් සේවයක යෙදී සිටනවා නම් ඒ අයට පිටරටකට යෑමේ දී ප්‍රශ්න ඇති වෙනවා. ඔවුන්ගේ දරුවන්ට එක් පාසලක නොවෙයි එක් සංස්කෘතියක ඇති පාසල්වල ඉගෙනීමට ලැබෙන්නේ නැහැ. අරාබි රටක පාසලක ඉගෙනුම ලබන දරුවන්ට පසුව අප්‍රිකාවේ රටක පාසලක ඉගෙනුම ලැබීමට සිදුවෙනවා. පාඨමාලා පිළිබඳ ප්‍රශ්න නිසා ශ්‍රේණි මාරු වෙනවා.

දෙවැනි කොටසට අයත් වන්නේ රජයේ සේවයේ වෙනත් අමාත්‍යාංශක සිට තරග විභාගයකින් පරිවාර ලිපිකාර ආදී තනතුරු සඳහා බඳවා ගැනෙන පිරිස. ඔවුන්ටත් ඉහත කී ප්‍රශ්න අඩු මට්ටමකින් වුණත් ඇති වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයට විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. ඔවුන් ආපසු ලංකාවට ගිය විට බොහෝ විට වෙනත් ම අමාත්‍යංශයක සේවය කිරීමට සිදු වෙනවා. තුන් වැනි කොටසට අයත් වන්නේ දේශපාලන පත්වීම් මත රට රටවලට යැවෙන තානාපතිවරු. ඔවුන්ට නම් ප්‍රශ්න අඩුයි. ඔවුන් බොහෝ විට අර මහ සඟරුවන වදාළ ආකාරයට විශ්‍රාම වියේ පසුවන මා වැන්නන්. ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න නැහැ. දරුවන් බොහෝ විට විවාහකයි. එහෙත් මා හිතන්නේ ඔවුන් ප්‍රතිශතයක් ලෙස ගත් කල සුළු ප්‍රමාණයක්. අනෙක් අය ගැන කියන්න මා දන්නේ නැහැ. මගෙන් නම් කිසිම සේවයක් රටට සිදු වී නැහැ. මා ආපසු කැඳවනවා නම් ඕනෑම වෙලාවක ආපසු ඒමේ සූදානමින් ඉන්නවා. හතරවැනි කොටස වෙළෙඳ අමාත්‍යංශය වැනි අමාත්‍යාංශයක සේවය කරන නිලධාරීන්. ඔවුන් ඇතැම් රටවල තානාපති කාර්යාලවලට අනුයුක්ත කෙරෙනවා.

ලංකාවේ ජනමාධ්‍ය ගැන කියන්න තියෙන්නේ මොකක් ද? හොඳ ද නරක ද වැඩි. මියන්මා ජනමාධ්‍ය සමග සංසන්දනය කිරීමේ දී ලංකා ජනමාධ්‍යයට ඉහළ තැනක් නම් ලැබෙන්නේ නැහැ. අද මෙරට ජනමාධ්‍ය වැඩිපුර කරන්නෙ කුණුගොඩවල් ඇවිස්සීම. ජනතාවත් එය රස විඳින බව පෙනෙන්න තියෙනවා. එහෙම නැත්නම් කුකුුළන් කෙටවීම් කෙරෙනවා. දීර්ඝ ටෙලිනාට්‍ය කියා මොනවාදෝ පෙන්වනවා. විනෝදය සඳහා කියා අනුකරණ තොරතෝංචියක් නැතිව පෙන්වනවා. ඒ අතර පිරිත් දේශනා හා ධර්ම දේශනා ප්‍රචාරය කරණවා.

මෙරට ජනමාධ්‍ය ඇතැමුන්ට ප්‍රචාරය දෙන හැටි, ඔවුන් උස්සා පොළොවේ ගහන හැටි මා දැක තියෙනවා. ජනමාධ්‍යයට ඒ දේ මට කරන්න බැහැ. මා ඉස්සෙන්නේ නැහැ. මා ජනමාධයට සම්බන්ධ වී අවුරුදු හතළිහක් පමණ වෙනවා. ඒ සිළුමිණ පුවත්පත මා නව සමසමාජ පක්‍ෂයෙන් අස්වීමේ දී ලියූ මාක්ස්වාදය විද්‍යාත්මක ද ලිපිය පළ වීමෙන් පසු.

ඒ ලිපිය නව සමසමාජ පක්‍ෂයේ සඟරාවේ පළ කර තිබුණා. එය වාමාංශික හිතවතකු ව සිටි එවකට ඔබ්සර්වර් පුවත්පතේ වැඩ කළ අජිත් සමරනායක එම පුවත්පතේ ම ගාමිණි වීරකෝන්ට පෙන්වා තිබුණා. ගාමිණී වීරකෝන් එය සිළුමිණ පුවත්පතේ එඩ්මන්ඩ් රණසිංහට දී තිබෙනවා. එඩ්මන්ඩ් රණසිංහ එම ලිපිය සිළුමිණේ පළ කරන ලෙස ගාමිණී සුමනසේකරට කියා තිබෙනවා. ඒ තමයි මගේ ජනමාධ්‍ය සම්බන්ධය. පසුව ඒ පිරිස දි අයිලනඩ් හා දිවයින පුවත්පත්වලට එකතු වුණා. මා ද ඒ සමග ඒ පත්තරවලට ලියන්න පටන් ගත්තා. එහෙත් දැන් ඔවුන් මගේ ලිපි පළ කරන්නේ නැහැ. දැන් ඒ පත්තරවල ඉන්නේ ප්‍රබුද්ධයන්.

ඉඳහිට ගුවන්විදුලි හා රූපවාහිනී වැඩ සටහන්වලට සහභාගි වීමේ අවස්ථාව ද මට ලැබුණා. එහෙත් ජනමාධ්‍යවේදීන් මට වඩා ප්‍රබුද්ධයන්. ඔවුන් බුද්ධිමතුන්. ඔවුන් මා ටිකෙන් ටික අයින් කළා. මා හිතන්නේ නාථ දේව කතාවලින් පසු මිථ්‍යා මත දරණ මා තම ජනමාධ්‍යයට සහභාගි කර ගැනීමෙන් ජනමාධ්‍ය අපකීර්තියට ලක් වන බව ඔවුන් හිතන්න ඇති. චින්තනය ගැන මා දරණ මතය සමග ජනමාධ්‍යවේදීන් එකඟ වන්නේ නැහැ. ඔවුන් ප්‍රබුද්ධයන්, බුද්ධිමතුන්, උගතුන්, වියතුන්. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු අයෙක්. දැන් තානාපති බලාපොරොත්තුත් කඩ කර ගත් අයෙක්.

ජනමාධ්‍යවේදීන් හා පඬි නැට්ටන් හිතන්නේ මා බටහිර දැනුම සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප කරන ආපසු මහාවිහාරයට යෑමට උත්සාහ කරන අයකු බවයි. අවුරුදු තිස්පහකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් හිතන්නේ එලෙසයි. ඒ අතර ඔවුන් හිතන්නේ අනුරාධපුරයට ආපසු යා යුතු බව අනෙක් අයට කියමින් මා බටහිර අධ්‍යාපනය දරුවන්ට ලබා දුන් බරකරත්තෙ ගමන් නොකර මෝටර රථවල ගමන් කරන කුහකයකු වංචනිකයකු ලෙසයි.

අවුරුදු ගණනකට පෙර දෙරණින් මට ලබා දුන් පළමු වැඩ සටහනේ දී (360) මගෙන් ප්‍රශ්න කරනු ලැබුයේ මා වංචනිකයකු බව පෙන්වීමේ අරමුණෙන්. අවුරුදු පහළොවක් තිස්සේ දෙරණ මට ලබා දී ඇති වැඩ සටහන් සංඛ්‍යාව අතේ ඇඟිලි සංඛ්‍යාවට අඩුයි. අරුණ පුවත්පත සති අග නොව සති මැද ලිපියක් ලිවීමට මට අවස්ථාව ලබා දී තිබෙනවා. එහි සංස්කාරක බටහිර විද්‍යාවෙන් එහා දැනුමක් නැති බව සිතන්නෙක්. සති අග පුවත්පතේ තීරුවලින් ඇතැම් විට මට පහර දෙනවා. ඒ මාධ්‍ය ජාලයෙන් පිට මට කිසිම සහායක් නැහැ. ජනමාධ්‍යයේ තරම් ප්‍රබුද්ධයන් විදේශ සේවයේ නැති වෙන්න පුළුවන්. බටහිර වෙද මහතුන් හා නීතිඥයන් අතර නම් ඉන්න පුළුවන්.

බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන්නේ කිනම් අරුතකින් දැයි මා තේරුම් කර දී ඇති නමුත් බොහෝ දෙනා අහන්නේ පට්ටපල් බොරු නම් බටහිර තාක්‍ෂණය යොදා ගන්නේ ඇයි ද කියා. තාක්‍ෂණය හා විද්‍යාව යනු දෙකක් බව කීවාට වැඩක් නැහැ. බොහෝ තාක්‍ෂණවේදීන් දන්නා විද්‍යාවක් නැහැ. මෙරට බෞද්ධයන් නැති කමේ ප්‍රශ්නයක් තියෙනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව නොතේරෙන්නේ සියල්ල බොරු බව මායා බව ඔවුන්ට නොතේරෙන නිසා. මනසට වඩා මායාවක් තිබිය හැකි ද?

බටහිර දැනුමේ ආධිපත්‍යය ප්‍රතික්‍ෂෙප කිරීම බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කිරීමක් බව ප්‍රබුද්ධ ජමාධ්‍යවේදීන් ද පඬි නැට්ටන් ද හිතනවා. මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගත් රාමනුජන්ට හිනහවෙන්න බටහිර වෙද මහතුන් බයයි. ධම්මික වෙද මහතාට නම් පහර දෙනවා. දෙන්න ම දැනුම ලබා ගෙන තියෙන්නෙ එක ම ප්‍රාණියකුගෙන්.

මා ජනමාධ්‍යයේ පිහිටක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා දිනපතා ලියනවා. ඒ ලිපි කාලය වෙබ් පිටුවේත් මුහුණු පොතේ පිටුවේත් පළ කරනවා. අරුණට කියල අමුතුවෙන් ලියන්නේ නැහැ. ඒ ලිපිය කොහොමටත් වෙබ් අඩවියේ පළ වෙනවා. අරුණ සංස්කාරක ලිපිය පළ කිරීම නැවැත්තුවත් මට ප්‍රශ්නයක් නැහැ. මා විදේශ සේවයෙන් යමක් බලාපොරෙත්තු වන්නේත් නැහැ. මුදල් ටිකක් නම් ලැබෙනවා. ඒ අතර පණුවන් කන සාම පරෙවියන් බලන්නත් ඊනියා කළු කුහර (black holes) අධ්‍යයනය කරන්නත් වෙලාව ලැබෙනවා. කළු කුහර නැති බවත් ඇත්තේ තද පෘෂ්ඨ බව මා දැන් දන්නවා. අර පින්තුර හදන්නේ තද පෘෂ්ඨවල.