නිවට සිංහල ඩීල් දේශපාලනඥයෝ – මහඇදුරු නලින් ද සිල්වා මහතා

නිවට සිංහල ඩීල් දේශපාලනඥයෝ – මහඇදුරු නලින් ද සිල්වා මහතා

මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදීන්, අපට සංකල්ප හා ප්‍රවාද තනා අප මත පටවන ඊනියා ජාත්‍යන්තර බුද්ධිමතුන්, එංගලන්තය ප්‍රමුඛ බටහිර ක්‍රිස්තියානි රටවල්, බෞද්ධ සංස්කෘතියට මතුපිටින් පමණක් ගරු කරන ඉන්දීය හින්දූ කෞටිල්‍යයන්, අරාබිකරයේ ඇතැම් මුස්ලිම් රටවලින් මුදල් ලබන මෙරට මුස්ලිම් බැතිමතුන්, සිංහල බෞද්ධ පවුල්වල ඉපිද යම් සමාජයීය හේතුවක් නිසා හෝ වෙනත් කරුණක් නිසා හෝ බටහිර ක්‍රිස්තියානි මතවාද පිළිගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතිය හෙළා දකින පඬිනැට්ටන් , සියල්ල දත් ජනමාධ්‍යවේදීන්ගෙන් ඉතා වැඩි පිරිසක්, සමස්තයක් ලෙස ගත්කල ඊනියා උගතුන් ආදීන් සියලු දෙනා එකතු වී නිදහසින් පසු කර ඇත්තේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට තිබූ සුවිශේෂත්වය නැති කර ගැනීමයි. සිංහල බෞද්ධ රට සර්වාගමික රටක් බවට පත් කිරීමට මේ සියලු දෙනා සමත් වී තිබෙනවා. මා ඉතා පැහැදිලිව කියන්න ඕන මෙවර මියන්මාහි පැවැත් වූ අපේ නිල ජාතික දිනය සැමරීමේ උත්සවය සර්වාගමික නොවූ බවත් එය මියන්මා භික්‍ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් පැවැත් වූ සිංහල බෞද්ධ උත්සවයක් වූ බවත්.

පසුගිය හැත්තෑතුන් වසරක කාලයෙහි අප කර ඇත්තේ සුද්දන් අපට ඉතිරි කර තිබූ කොන්දේ සුළු කොටසත් කඩා බිඳ දැමීමයි. නිදහස් අධ්‍යාපනයත් එයට විශාල වශයෙන් දායක වී තියෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් කෙරී ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තුළ කිහිප දෙනකුට සමාජයේ ඉහළට යෑමට අවස්ථාව සලසා දීමයි. පෞද්ගලික ව ඉන් ඒ ඒ අයට යහපතක් වෙන්න ඇති. එහෙත් සමස්තයක් ලෙස රටට වී ඇත්තේ හානියක්, සිංහල බෞද්ධයන්ගේ කොන්ද සම්පූර්ණයෙන් ම කඩා දැමීමක්. නිදහස් අධ්‍යාපනයෙන් අපට ලබා දෙන්නේ බටහිර අධ්‍යාපනයක් මිස සිංහල බෞද්ධ අධ්‍යාපනයක් නො වෙයි.

මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයට බටහිරින් දෙයාකාරකට ආධාර කෙරෙනවා. එක් ක්‍රමයකට එංගලන්තය ප්‍රමුඛ රටවල් වහාබ්වාදය මෙහෙයවමින් මුස්ලිම් ජාතිවාදය තව තවත් ප්‍රහාරාත්මක කරනවා. අරාබිකරයේ සමහර රටවල් ද එංගලන්තය විසින් මෙහෙයවනු ලබනවා. අනෙක් අතට නෝර්වේ ප්‍රමුඛ බටහිර රටවල් මුස්ලිම් ව්‍යාප්තවාදයට එරෙහිව සිංහල බෞද්ධ ව්‍යාපාර මෙහෙයවනවා. මුස්ලිම් සිංහල අරගලයක් ඇති කර සිංහලයන්ට වරද පැටවීම එහි අරමුණයි.

මේ කාරණයට තවත් කොටසක් පටලැවී තියෙනවා. ඒ බෝන් අගේන්. ඔවුන් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලිවලටත් විරුද්ධයි. ඔවුන් ද මුස්ලිම් අන්තවාදීන් මෙහෙයවනවා. පසුගිය දා සිදු වූ පාස්කු ප්‍රහාරයට බෝන් අගේන් සම්බන්ධයක් ඇති බව පෙනී යනවා. මේ සියල්ල මැද සිංහල බෞද්ධයන් ප්‍රපාතයෙන් ප්‍රපාතයට යනවා. සිංහල බෞද්ධයන් ඉතිහාසය දන්නේ නැහැ. අපි තිස්සට සද්ධාතිස්ස හා ගැමුණුට දුටුගැමුණු කියන ජාතියක්. මෙහි දුටු කියන එකට විවිධ අර්ථකථන දීමට ඇතැමුන් උත්සාහ ගන්නවා.

අසත් සාලි දන්න ඉතිහාසයකුත් නැහැ. දහහතරවැනි සියවසේ පැමිණි ඔවුන්ට ඈත අතීතය තබා මැත අතීතය ගැනවත් දැනුමක් නැහැ. සිංහලයන්ටත් නැහැ. ඉංගිරිසින් අපට ඒ කිසිවක් උගන්වන්න හිතල නැහැ. අද අසත් සාලි කියන්නෙ අපි අපේ නීතිය අනුව වැඩ කරන්නම් සිංහලයන් සිංහලයන්ගෙ නීතිය අනුව වැඩ කරන්න කියා. මේ කියමනේ තියෙන්නෙ සිංහලයන්ට මෙරට සුවිශේෂ තැනක් නැහැ කියන එක.

මෙරට නීතිය මොකක් ද? රෝම ලන්දේසි නීතිය හා බැඳුණු ඉංගිරිසි නීතිය. එතැන තමයි ප්‍රශ්නය. සිංහලයන් ඉතිහාස පාඩමේ ඉගෙන ගන්නවා ඊනියා උඩරට ගිවිසුමක් ගැන. ඒක උඩරට ගිවිසුමක් නොවෙයි සිංහල ඉංගිරිසි ගිවිසුමක් බව සිංහලයන් කී දෙනෙක් දන්නවා ද? ඒ ගිවිසුමේ ඉංගිරිසින් පොරොන්දු වුණා සිංහල නීතිය අනුව රට කරවන්න හා බුද්ධාගම හා දේවාගම රක්‍ෂා කරන්න. මේ බුද්ධාගම හා දේවාගම කියන්නෙ සිංහලයන් අදහපු සිංහල බුද්ධාගමට. ඒ බුද්ධාගමට පැරණි ඇදහිලිත් එකතු වී තියෙනවා. මියන්මාහි බුද්ධාගම් රාශියක් තියෙනවා. ඒ ඒ ප්‍රදේශයයේ පැවති ඈැදහිලි ක්‍රම බුද්ධාගම හා මුසුවෙලා. නැත්නම් බුද්ධාගමට ඒ ඒ ඇදහිලි අවශෝෂණය වෙලා.

ඉංගිරිසින් එකී ගිවිසුමේ සිංහල නීතිය අනුව රට කරවන බව කියනවා.එහෙත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ වෙනුවට මුහුදුබඩ පළාත්වල ක්‍රියාත්මක වූ රෝම ලන්දේසි නීතියට ඉංගිරිසි නීතියත් එකතු කර මුළු රටේ ම ක්‍රියාත්මක කළා. සිංහල නීතිය ඊනියා උඩරට නීතියක් බවට පත්කර ප්‍රාදේශීය නීතියක් බවට පත් කරා. අසත් සාලි නොදන්නවාට මෙරට මුස්ලිම් නීතිය කුරාණයේ නීතියක් නොව ඉංගිරිසින් පැනවූ නීති කිහිපයක්. තේසවලාමේ නීතිය කියන්නෙ ලන්දේසින් පළමුවත් ඉංගිරිසින් දෙවනුවත් අලිමංකඩින් උතුරට ආනයනය කරනු ලැබූ දෙමළ ජනතාව මත පනවන ලද මුස්ලිම් නීතියක්.

තේසවලාමේ මුස්ලිම් හා ඊනියා උඩරට නීති එක මට්ටමේ නීති නො වෙයි. සිංහල නීතිය (ඊනියා උඩරට නීතිය) අද ලංකාව පූුරා ක්‍රියාත්මක නූණත් එය තමයි මෙරට නීතිය. අප කළ යුතුව තිබුණේ රෝම ලන්දේසි හා ඉංගිරිසි නීති සිංහල නීතියට අවශේෂණය කිරීම. පැන වූ මුස්ලිම් නීතිය හා තේසවලාමේ නීතිය අවලංගු කිරීම.

මා සිංහලයන්ගේ නීවටකම ගැන කතා කළත් නිවටයන් සිංහල දේශපාලනඥයන්. සිංහල බෞද්ධකම බලයට ඒමට දඩමීමා කර ගන්නා ව්‍යාජ පිරිසක් එක් පැත්තකින් ඉන්නවා. තවත් සිංහල දේශපාලනඥයන් පිරිසක් මුස්ලිම් දේශපාලනඥයන් ඉදිරියේ දණ ගසා තම නිවට කම ප්‍රදර්ශනය කරමින් ඩීල් දේශපාලනයේ යෙදෙනවා. අසත් සාලිලා අපේ ඔළුවට අත හෝදන එක පුදුමයක් ද?

මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය පරාජය කිරීම අපහසු වැඩක් නො වෙයි. මොන ජාත්‍යන්තර බලපෑම් තිබුණත් ඩීල් දේ්ශපාලනයෙන් ගැලවෙන්න පුළුවන් නායකයන් අවශ්‍යයි. ඩීල් දේශපාලනය දක්‍ෂ දේශපාලනයක් නොව සිංහලයන් පාවා දෙන කුපාඩි දේශපාලනයක්. සිංහලයන් තමන්ට එකතු විය හැකි බව පෙන්වා තිබෙනවා. එය නැවතත් කළ හැකියි. කුපාඩි දේශපාලනය ඉක්මණින් පරාජය කළ යුතුයි. එහෙත් ඒ කළ හැක්කේ සිංහලත්වයක් ගැන කතා කරන දේශපාලනඥයන්ට මිස කසිකබල් මාක්ස්වාදයක් සමග මිශ්‍ර ජාතික දේශපාලනයක් ගැන කතා කරන්නන්ට නොවේ. මාක්ස්වාදය ගෑවුණු තැනක ඇත්තේ පරාජයක්.

සිංහල බෞද්ධ රාජ්‍යය සමතලා කරනා ඊනියා සර්වාගම් ශ්‍රී ලංකාව ශූ පොලිශ්ගේ නිර්මාණයකි

1818 සොරා ගත් සිංහලේ !
1948 සුද්දාගෙ බඩ වේලෙන නිසා කලුසුද්දන්ට වැඩේ භාර දුන් සිංහලේ!
1972 ත් ව්‍යාජ ශ්‍රී ලංකා වූ වද සිංහල බෞද්ධ රාජ්‍යයම විය.
සර්වාගම් ශ්‍රී ලාංකික ජාතියක් ඊනියා ශ්‍රී ලංකාවක් කලේ පල්ලියෙන්ම මෙහෙයවූ කොටි සමතලා වූ පසුව ශූ පොලිශ්ගේ කෲර ව්‍යාපෘතියෙනි.
2011 පමණ ඔහුගේ ඊනියා උගත් පාඩම් සංහිදියා කොමිසමේ අසිංහල යෝජනාව වූ සිංහලයෝ උතුරු නැගෙනහිර නැවත පදිංචි නොකරනු කීවේද එම ව්‍යාපෘතියයි.
කාර්ඩිනල් ශූ පොලිශ්ව වහාම අල්ලා ගැට ගසනු.

සියලුම අධර්මවාදීන් භික්ශුවෙස්ධාරීන්, බුදුන් ලංකාවෙ නඩේ වහරක නඩේ බෝර්න් අගේන්ලා එරාන් ලා හැමෝගෙන්ම බෞද්ධයාට දුක ට මුල ශූ පොලිශ්ගෙම ව්‍යාපෘති ය.

කවුරු ඔහුව සුද්ද කලත් ඔහුව මහනායක කිරීමටත් නොබෙල් සාම ත්‍යාගය ගෙන දීමට වෙහෙස වන්නේද එවන්ජාලික බෝර්න් අගේන් කිතුනු කතෝලික මුහුණුපොත් වීරයන් වීරවරියන් ම ය.

සම්‍යක් දෙවු බඹුන් වහන්සේලා සම්බුද්ධ ශාසනය රකිනු සැකයක් නැත.

සසුන රකින සීහළයන්ට කොකා පෙන්වීමට ආ ඉම්රාන් ඛාන් ටත් කෝවිඩ් හැදිලාලු.
මතකනෙ මීවනයගෙ දායක ශාසන භක්ශක පවිත්‍රාට වූ දේ ඇයට බෞද්ධකම මතක් වී සුව වූවාත්නෙ.

කාර්ඩිනල් ශූ පොලිශ් සමාගමේ තක්කඩි ව්‍යාපෘතිය දෙසත් සතරවරම් දෙවිවරුන්ට සහම්පතී මහා බ්‍රහ්මයන්ට ඝටීකාර මහා බ්‍රහ්මයන්ට සනම් කුමාර මහා බ්‍රහ්මයාට තිස්ස මහා බ්‍රහ්මයාට පෙණෙන බව සැකයක් නැත.

පෞරාණික ථේරවාද සම්බුදු සසුන සියලු බුදුවරුන් දෙසූ නිර්මල බුදු දහම අකාලිකයි, ගෞතම සම්බුදු රජාණන් වහන්සේ ගේ සසුන රැකීම ද තවත් වසර දෙදහස් පන්සීයක් ධර්මතාවයක්ම වේ. ශාසන භක්ශක සියල්ලෝම ඒ බව අවබෝධයෙන් පවෙන් මිදේවා!

සිංහල බෞද්ධ සංස්කෘතික සුවිශේෂත්වය- මහඇදුරු නලින් ද සිල්වා මහතා

සිංහල බෞද්ධ සංස්කෘතික සුවිශේෂත්වය

මෙම ලිපි පෙළ ලිවීමේ අරමුණ මුස්ලිම් ආගම්වාදය (ජාතිවාදය) යනු කුමක් දැයි තේරුම් ගැනීමත් අසත් සාලි වැන්නන්ගේ තර්ජන හා ගර්ජන තේරුම් ගැනීමත්. එහෙත් මෙවැනි ලිපි පෙළකින් එතරම් වැඩක් තියෙනව ද කියන එක ප්‍රශ්නයක්. අද ජනප්‍රිය විනාඩි 15 -– 30 රූහඬ පට ප්‍රචාරය කිරීම හා ඒ නැරඹීම. එය අද ස්වයං රැකියාවක් බවට පත් වෙලා. මා මේ ලිපි ලියන්නේ මූලික ව කාලය වෙබ් අඩවියට. එය මුහුණු පොතේත් පළ කිරීමට කටයුතු යොදා තියෙනවා. චින්තන පර්ෂදය කාලය වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ මුදල් ගෙවීමෙන්.

එය ප්‍රශ්නයක් නොවෙයි. පර්ෂදය ඉතිරි කර ගත් සුළු මුදලක් තියෙනවා. අප ඒ අතර කාලය මාසික සඟරාවත් පළ කරනවා. එයට නම් වෙළෙඳ දැන්වීමක් දෙකක් ලැබෙනවා. යම්තම් ගැට ගසා ගෙන යන්න පුළුවන්. එහෙත් ඒ සියල්ල විසිවැනි සියවසේ මාධ්‍ය කියා යමකුට කියන්න පුළුවන්. විසි එක් වැනි සියවසේ මාධ්‍ය වී ඇත්තේ අර විනාඩි 15-30 රූහඬ පට. ඒ රූහඬ පටයක අසත් සාලිට ලුණු ඇඹුල් සහිත ව බැන වැදුණොත් නරඹන්නන් සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්. මේ ලිපිවලට එවැනි ආකර්ෂණයක් නැහැ. ඒත් දැන් මේ ලිපි ලිවීම මගේ දින චර්යාවේ කොටසක් වෙලා. මේ ලිපි අඩුවෙන් ම කියවන්නේ මහා සඟ රුවනයි. උන්වහන්සේට මේ ලිපිවල අලුත් දෙයක් නැතිව ඇති.

අප කියා ඇත්තේ වත්මන් මුස්ලිම් ආගමිකවාදය මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයක් බවත් එය දෙමළ ජාතිවාදයෙන් වෙනස් බවත්. මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය ආරම්භ කෙළේ අෂ්රොෆ් බවත් මුල දී ඔහුට දෙමළ ජාතිවාදය ආදර්ශයක් වූ බවත් ඔහුත් මුස්ලිම් කලාපයක් වෙනුවෙන් සටන් කළ බවත් කියා ඇති. එහෙත් වැඩි කල් නොගොස් ම දෙමළ ජාතිවාදීන්ගෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල මුස්ලිම් කලාපයක් නොලැබෙන බව ඔහුට ප්‍රත්‍යක්‍ෂ වීමත් සමග ඔහු තම දේශපාලනය මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයක් කර ගත්තා.

එහි අරමුණු කිහිපයක් තියෙනවා. මෙරටට මුස්ලිම් මුහුණුවරක් දීම ඉන් එකක්. එහෙත් ප්‍රධාන අරමුණ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය නැති කිරීම. එහි දී සිංහල බෞද්ධ විරෝධී සියල්ලන්ගේ සහාය මුස්ලිම් ආගම්වාදීන්ට ලැබුණා. බටහිරයන්ගේ බහුසංස්කෘතික සංකල්පය මෙරට දී යොදා ගත්තේ හා ගන්නේ විවිධ සංස්කෘතීන් ඇති ජනතාව වාසය කරන රටක් ලෙස සැලකීමට නො ව මෙරට සියලු සංස්කෘතීන් සමාන ලෙස සැලකීමට.

නිවට සිංහල බෞද්ධයන් ද තම බටහිර උගත්කමින් මෝහනයට පත් වී සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂත්වය ඉවත දැමුවේ තමන් විවෘත මනස් ඇති ප්‍රබුද්ධයන් ලෙස සලකමින්. ඊනියා සර්වාගමික වැඩ සටහන් එහි දී ප්‍රධාන තැනක ගත්තා. මෙරට ජාතික උත්සව හරි ජාතික වැඩ සටහන් ඇරඹීය යුත්තේ ජාතික සංස්කෘතියට අනුව මිස ඊනියා බහුසංස්කෘතියක් අනුව නො වෙයි.

මුස්ලිම් විවාහයක් පන්සිල් ගැනීමෙන් ආරම්භ කළ යුතු යැයි අප කියන්නේ නැහැ. එහෙත් ජාතික උත්සව පන්සිල් ගැනීමෙන් ඇරඹීමේ ඇති වරද කුමක් ද? එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් දිවුරුම් දුන්නේ බයිබලයේ අත තබාගෙන. එතන සර්වාගමික කිසි දෙයක් සිදු වුණේ නැහැ. හාමුදුරුනමක් ඇහැට දැක්කේ නැහැ. වොෂිංටන් අවට හාමුදුරුවරු නැත් ද? සිංහල නිවටයන්ට අවශ්‍ය තමන්ගේ ඊනියා ප්‍රබුද්ධ මනස විදහා දැක්වීමට පමණයි. ඔවුන්ට ඊනියා ප්‍රබුද්ධ මනස ලැබී ඇත්තේ තකතීරු අධ්‍යාපනයෙන්.

බුදුදහමේ ඇති සහනශීලී බව අප වැරදියට යොදා ගන්නවා. සහනශීලී කියන්නේ හැමෝටම ඔළුව පහත් කිරීම නො වෙයි. බෞද්ධ සහනශීලී බවත් තකතීරු අධ්‍යාපනයෙන් ලැබෙන ප්‍රබුද්ධත්වයත් අද එකට එකතු වෙලා. ඒ නිසා තමයි සහනශීලී බව වැරදි විධියට යොදා ගන්නෙ. මේ රට බුදුහාමුදුරුවන්ට පූජා කරපු රට. එක් වරක් නොවෙයි කිහිප වාරයක් පූජා කරපු රට. මේ රටේ වෙනත් ආගමික සිද්ධස්ථාන තනන්න ඕන නම් විශේෂ අවසරයක් ගන්න ඕන කියන එක ඉංගිරිසි ක්‍රිස්තියානි ආණ්ඩුකාරයාටත් පිළිගන්න වුණා. ඒ 1892 දී. ඒ පිළිබඳ ආඥාපනත ගැන මා කිහිප වතාවක් ම කියා තිබෙනවා. ඒ අතර සැවැත් නුවර ජෙතවනයේ නිඝන්ඨයන් ආරාමයක් තනන්න ගිය අවස්ථාවේ බුදුදහාමුදුරුවන් ක්‍රියා කළ ආකාරයත් මා සඳහන් කර ඇති. මේ ගැන යමක් කීමට පළමු පඬි නැට්ටන් එංගලන්තයේ පන්සලක් හැදීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය විස්තර කරනවා ද?

එහෙම වුණත් ඒ 1892 ආඥා පනත ගැන කිසිම හාමුදුරුනමක් උනන්දු වන්නේ නැහැ. අද නිරෝධායනය මුවාවෙන් කොවිඩ් 19 ආසාදිතයන් (රෝගීන් යැයි කියමින්) බටහිර වෙදකම යටතට ගැනීමට 1898 නිරෝධායන ආඥා පනත යොදා ගන්නවා. බටහිර වෙදකම වෙනුවෙන් ඒ දේ කළාට සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය වෙනුවෙන් 1892 ආඥා පනත ක්‍රියාත්මක කරන්නේ නැහැ. හාමුදුරුවරුනුත් ඒ ක්‍රියාත්මක කරන්න කියා ඉල්ලන්නේ නැහැ.

අකමැත්තෙන් වුවත් මේ ප්‍රශ්නය අහන්න ඕන. මෙරට සමාජයීය වශයෙන් වඩා බලවත් හාමුදුරුවරු ද බටහිර වෙද මහත්වරුන් ද? පංච මහා බලවේගය සඟ වෙද ගුරු ගොවි කම්කරු. මෙහි වෙද කිවුවෙ දේශීය වෙද මහත්වරු කියන එක. එහෙත් පනස්හයෙන් අවුරුදු හැටපහකට විතර පස්සෙ අපට වෙනත් පංච බල වේගයක් ඇති වී තිබෙන බවක් පේනවා. (මතු සම්බන්ධයි)

මහඇදුරු නලින් ද සිල්වා මහතා

ඊනියා ශ්‍රී ලංකන් ජාතියක් වී සිංහල ජාතිය අත හරින ආක්‍රමණිකයන්ගෙ පදේට නැටවෙන නිවට සිංහලයෝ

ලෝකයේම ඉන්නා නිවටයන් සිංහල බෞද්ධයන් වේ. සිංහල ජාතිය අත හැර ඊනියා ශ්‍රී ලංකා වූයේද එනිසයි. අන් වර්ග ආගම් වැජඹෙන්නේ තර්ජනය කිරීම පුදුමයක් නොවේ.

දේශපාලු නිලධාරි උගතුන් වියතුන් හමුදා තරු හැමෝම සිංහල බෞද්ධ සංස්කෘතියට ගැරහීමට ඉඩ දී, අධර්මවාදීන්ව බදාගෙන, ක්‍රිස්තියානි සංස්කෘතිය පැනලා බදා ගන්නා, එංගලන්තෙන් ඇමෙරිකාවෙන් එන ඕන ගූ බෙට්ටක් ලොකු කරගන්නා නිවටයන් නිසාම, සංස්කෘතික පරිහාණිය තමන්ම කරගන්නා අතර, සුද්දෝ ආපහු රට භාර දුන්නත් ඔවුන්ටම ආපහු භාර දෙන අමනයින් ය.
වසර හැත්තෑවක් ඊනියා සංවර්ධනේ, ඊනියා සංහිදියාව, ඊනියා එක් රටක් එක් නීතියක් කියා මොකෙන් ආවත් එන්නේ යටත්විජිත මාණසිකත්වයයි කොපිකැට් සුද්දෝ මාණසිකත්වයයි.

ඊනියා ශ්‍රී ලාංකික ජාතිය ඊනියා ශ්‍රී ලංකන්ස්ලා සිංහලේ සහ සිංහල ජාතිය අත හරින්නට කැමැත්තෙන්ම පෙල ගැසී ඇත්තේ එසේයි.

225 මුව හමට තලා වැඩක් නැත. දෙමලාට මුසල්මානුවාට ආක්‍ර්මණය කරනවා යැයි බිය වී වැඩක් නැත.

අපේ මුලු රටේ ම බහුතරය එංගලන්තය, ඇමෙරිකාව පමණක් නොව ඉතාලිය යුක්‍රේනය රුසියාව ප්‍රංශය කොපිකැට් කාරයෝ මිසක සිංහල බෞද්ධ රාජ්‍යය නැවත ඇති කරන්නෝ නොවේ. බෝර්න් අගේන් එවන්ජාලික වීමටද එදා කතෝලික ක්‍රිස්තියානි ප්‍රොතෙස්තන්ත වූ අය ලෙසටම බුරුතු පිටින් සිටී.

ජාතිකත්වය සැබෑ දේශප්‍රේමීත්වය නොමැතිව දියුණු වූ රටක් කොහේවත් නැත. කොපිකැට් කිරීම දියුණුව නොව පරිහාණියයි.

ඉන්දියානුවෝ චීන්නු ජපන්නු මැලේසියානුවො කොහේ හිටියත් ඔවුන් තමන්ගේ අනන්‍යතාවය සුරකී.
කොපිකැට් කලු සුද්දන් වීමට ගජ හපන්නු ප්‍රමුඛයන් සිංහලයෝ ය.
පරංගි ලන්දේසි ඉංග්‍රීසින්ට පහසුවෙන්ම ඔවුන්ගේ අරමුණ ඉටු කරදීමට සැදී පැහැදී සිටින , අසිංහල වී බෞද්ධ සංස්කෘතිය අත හරින එම කලුසුද්දෝ කිසිම බසකට නොදෙවෙනි තුන් ඉරියව්වම ඉහළින්ම ඇති ඉතා වටිනා සිංහල බසද දෙවෙනි හෝ තෙවෙනි හෝ නොව අතහැරම දාන්නට පෙල ගැසී සිටී. ඉංග්‍රීසි මුල් බස කරගන්නට ඔවුන් පැනලා දෙන කලුසුද්දෝ ය.
දෙමලාට අරාබි මුසල්මානුවාට උන්ගේ බස පලමු බස වෙන දිනේ ඈත නොවේ.
බටහිර වෙද හොරුන්ගෙ සෞඛ්‍ය අමාත්‍යාංශෙ දැනටත් චක්‍රලේඛන නිවේදන දෙන්නේ වහල් මාණසිකත්වයෙන් ඉංග්‍රීසියෙන් පමණක් බව දුටිමි.
එංගලන්තෙ සිටිමින් රට හදන්න වැදි බණ දෙසනවා යැයි කියා අසාගන්නා මගේ සහ පවුලේ පලමු බස සිංහල ලෙස පිලිගැනීමට එංගලන්තය ඉඩ දීමම ඔවුන්ගේ භාශා ලේඛණයේ මගේ බස තිබීමම මට අපමණ සතුටකි.

බටහිර ගැති සිංහල උගතුන් වියතුන්ටද නිලධාරීන්ටද, ලංකාවේ සේවයේ සිටියද ඔවුන්ගේ වැටුප් ලැබෙන්නේ මැදපෙරදිග, ඉතාලිය, කොරියාව ට වහල් සේවයට යවා අපේ රටේ ප්‍රධාන ආදායම සාදා දෙන රටවිරුවන් ලෙස කලින් කලට මුරුංගා අත්තේ තබන අහිංසකයන්ගෙනි. දේශපාලුවන්ට ව්‍යාපාරිකයන්ටද බටහිරට ණය නොවී මුදල් රටට ගලන්නේ ඔවුන්ගෙනි.

එම මුදල්ද නැත්නම් ලංකා භාණ්ඩාගාරය IMF ණය සහ චීන ණය මුදල් පමණක් විය හැකිව තිබේ. ස්වයංපෝෂණය කර දෙන ගොවි මහතුන්ටද එක්කෝ වකුගඩු රෝගය එක්කෝ කුඹුරු මුසල්මානුන්ට බහුජාතික සමාගම්වලට විකුණා ත්‍රී වීලෙන් යැපෙන්නෝ වී ඇත.

එසේම කුමක් හෝ දෛවෝපගත හේතුවකට එංගලන්තෙට ආ මගේ බටහිර වෙද සේවයෙන් ලබන වැටුපෙන් ද මට හැකි උපරිමෙන් විදෙස් විණිමය රටට ගෙන දී මා නම් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුත්ත අසංඛාරික කුසලයක් කරගනිමි. කවුරු කෙසේ මට පහර ගැසුවත් මගේ රටෙන් මා නොයැපී මට දුන් අධ්‍යාපනයට නිසි ලෙස උපරිමෙන්ම ණය ගෙවමි. කොහේ සිටියත් මා කලුසුද්දෙක් නොව ථේරවාද බෞද්ධයෙක්මි ඇඟ පුරාම සිංහලයෙක්මි. මගේ පලමු බස සිංහලම වේ.

මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය හා බහුසංස්කෘතික බහුබූතය -මහඇදුරු නලින් ද සිල්වා මහතා

මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය හා බහු සංස්කෘතික බහුබූතය

අෂ්රොෆ්ගේ මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයට එරෙහිව සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් අතර පැහැදිලි දේශපාලන දර්ශනයක් මතවාදයක් ගොඩනගා ගැනීමට  නොහැකි වුණා. දෙමළ ජාතිවාදයේ සුළ මුළ දැන ගැනීමට හැකි වුවත් මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය ගැන පැහැදිලි යමක් දැක ගැනීමට නොහැකි වුණා. එහි ප්‍රතිඵලය වූයේ විදේශීය බලවතුන් තව තවත් එයට මැදිහත් වීමයි. නෝර්වේ ප්‍රමුඛ බටහිර රටවල් මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයට විරුද්ධ ව සිංහල බෞද්ධයන් මෙහෙයවීමට සමත් වුණා.

සුපුරුදු පරිදි චම්පක හා ඔහුගේ දේශපාලන සංවිධාන මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය බලයට ඒම සඳහා අවියක් කර ගැනීමට උත්සාහ කළා. ඔවුන් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී හිටින බවක් කිවුවා. එහෙත් මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය දිගට ම වර්ධනය වුණා. චම්පකගේ උද්ඝෝෂණත් යහපාලන කාලයේදී නැති වුණා. ඔහු නැවතත් අද ඇති වී තිබෙන තත්වය උපයෝගි කර ගැනීමට සංවිධානය වන බව පෙනී යනවා. ඒ සජිත්ගේ දේශපාලන සංවිධානයෙන් බාහිර ව.

අද දේශපාලනය තරමක් ව්‍යාකුලයි. 2010 ආණ්ඩුව පරාජය වීමට බල පෑ ඇතැම් කරුණු වෙනත් ආකාරයකට කෙරෙන බව පේනවා. 2024ට විමල් වීරවංශ සූදානම් වන බව පැහැදිලියි. අද ශ්‍රී ල නි පක්‍ෂයත් ඉන්නේ ඔහු සමගයි. 2024ට දැනට කණ්ඩායම්  පහක් ඉන්නවා. පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, විමල්- ශ්‍රී ල නි ප සංධානය, චම්පක කණ්ඩායම හා මංගල සමරවීර – සුමන්තිරන් සංධානය. ජ වි පෙ මංගල සමග හරි සජිත් සමග හරි එකතු වේවි. නැත්නම් අන්තිමයා වීම සඳහා චම්පකට තියුණු තරගයක් දේවි.

මංගල සමරවීරට  ඇතැම් සිංහල  බෞද්ධ විරෝධී කොටස් එකතු කර ගන්න හැකි වේවි. එහෙත් මුස්ලිම්  ජනයා එකතු වීමට  ඇති ඉඩකඩ ඉතා අඩුයි. මුස්ලිම් ජනයා දිනාගැනීමට කෙරෙන්නේ ඩීල් දේශපාලනය. ඒ කුමක් වුවත් ඉහත සඳහන් කොටස් පහ ම 2024  ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් කිසිවකුටවත් සියයට පනහ ලැබෙන්නේ නැහැ. අවුල් ජාලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

නැවතත් මුස්ලිම් ව්‍යාප්තවාදයට. මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය වැඩි වශයෙන් තියෙන්නෙ මුස්ලිම් නොවන රටවල. බංග්ලාදේශයේ හරි පකිස්ථානයේ හරි මුස්ලිම් කාන්තාවන් අදහන්නේ ඉස්ලාම් ආගම නොවෙයි ද කියල අහන්න හිතනෙවා. ප්‍රංශය නවසීලන්තය වගේ රටවල ලංකාවෙ තරම් මුස්ලිම් සංස්කෘතියක් දකින්න නැහැ කියනවා. 

ප්‍රංශය බුර්කාව තහනම් කරලා. දැන් කවුරුන්වත් ඒ තහනමට විරුද්ධ ව අර කෝකටත් යන ජෙනීවා ගියේ නැහැ. අප තහනම් කරන්න හදනවා කිවුව විතරයි මෙන්න සමහරු ජෙනීවා යන්න හදනවා. බටහිරයන් කියන්නෙ තමන් බුර්කා තහනම් කරන්නෙ රටේ ආරක්‍ෂාව ගැන හිතල කියල. අප එංගලන්තෙන් ඇතැම් දේ ඉගෙන ගෙන නැහැ. ඉංගිරිසින්ගෙ අධ්‍යාපනය අප අනුගමනය කළත් ඔවුන්ගෙ උපක්‍රම අප ඉගෙන ගත්තෙ නැහැ. දැන් පඬි නැට්ටකු කියන්න බැරි නැහැ මට අවශ්‍ය බටහිර අනුගමනය කරන්න කියා.

අෂ්රොෆ්ගෙ මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයට ඊනියා බහු සංස්කෘතික බහු බූත කතාවත් උඩගෙඩි දුන්නා. වෙන කිසිම රටක නැති විධියෙ බහු සංස්කෘතික කතාවක් මෙරට පතුරවන්න පඬියන් පඬි නැට්ටන් වගේම විශ්වවිද්‍යාල ඊනියා පර්යේෂණ ආයතන, සිවල් සාමාජිකයන, ජඩමාධ්‍යවේදීන් කටයුතු කළා. ඔවුන් බහු සංස්කෘතික කතාව ප්‍රචාරය කෙළෙ රටක සියලු සංස්කෘතීන් සමාන විය යුතු ය යන අරුතින්.

අද වන විට ඕනෑම රටක් පාහේ බහු සංස්කෘතිකයි. ඒ විවිධ සංස්කෘතීන්ට අයත් ජනයා ඒ ඒ රටවල ඉන්නවා කියන අරුතින්. එංගලන්තයේ බොහෝ සංස්කෘතීන් දකින්න පුළුවන්. ඉතා සුළුවෙන් වුණත් සිංහල බෞද්ධ සංස්කෘතියත් දැක ගන්න පුළුවන්. ඒත් කවුරුන්වත් කියනවා ද ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි සංස්කෘතියට තියෙන තැන සිංහල බෞද්ධ සංස්කෘතියටත් තියෙන්න ඕන කියල. මා මේ කරුණ නොයෙක් වර කියා ඇති. එහෙත් ජාතික ව්‍යාපාරයවත් ඒ අදහස පිළිගන්නවා ද කියන එක සැකයි.

ඕනෑම රටක විශේෂිත නැත්නම් ප්‍රධාන සංස්කෘතියක් තියෙනවා. සමහර රටවල විශේෂයෙන් ම බටහිර රටවල ඇත්තෙ අධිපතිවාදී යම් ක්‍රිස්තියානි සංස්කෘතියක්. කිසිම රටක සංස්කෘතීන් සමාන තත්වයේ ලා සලකන්නේ නැහැ. එංගලන්තය බහු සංස්කෘතික කියන්නෙ විවිධ සංස්කෘතීන්වලට අයත් ජනයා එහි වාසය කරන බැවින් මිස සියලු සංස්කෘතීන් සමාන කියන අර්ථයෙන් නො වෙයි. එංගලන්තයේ කැන්ටබරියේ ආච්බිෂොප්ට හිමි තැන කිසි දා ලන්ඩන් විහාරයේ විහාරාධිපතීන් වහන්සේට හරි අහවල් නිකායේ සංඝනායක හාමුදුරුවන්ට හරි ලැබෙන්නේ නැහැ.

ඒත් ලංකාවේ බහු සංස්කෘතික කියන්නේ සියලු සංස්කෘතීන් සමාන කියන අරුතින්. අද වන විට සිංහලයන්ට කිසිම උත්සවයක් පවත්වන්න බැහැ ඊනියා සර්වාගමික මෙහෙය නැතිව. මියන්මාහි පෙබරවාරි 4 වැනි දා ජාතික දිනය සැමරීමට නම් වැඩියෙ භික්‍ෂූන් වහන්සේ පමණයි. මා දන්නේ නැහැ දෙමළ හින්දුන් තම උත්සව සර්වාගමික මෙහෙයවලින් පටන් ගන්නවා ද කියා. මුස්ලිමුන් තම උත්සවවලදී පන්සිල් ගන්නවා ද කියා මා දන්නේ නැහැ. ලෝකයේ ම ඉන්නා නිවටයන් සිංහල බෞද්ධයන් වෙන්න ඇති. අසත් සාලිගෙ කතා සිංහල බෞද්ධයන්ගෙ නිවටකම නිසයි. (මතු සම්බන්ධයි)      

මහඇදුරු නලින් ද සිල්වා මහතාගෙ ලිපියක්

මා අසමත්

ජාතික වශයෙන් කිසිම වැදගත්කමක් නැති කතාවකට ප්‍රවෘත්තිමය වැදගත්කමක් දීමට හැකි බව මගේ අස්වීමේ කතාවෙන් පැහැදිලි වෙනවා. මා මියන්මාහි ලංකා තානාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ වැඩ භාරගෙන සති දෙකකින් පමණ. මා මියන්මා රටට පැමිණියේ ථෙරවාද රටවල් අතර සම්බන්ධකම් ගොඩ නගා ගැනීමට. එහෙත් එය කළ නොහැකි බව සති දෙකකින් ම වැටහුණා. එහෙත් මා හිතුවා වෙනත් දෙයින් සේවයක් කිරීමට. තානාපතිකම ලිපි ගොනු අතර හිරවීමකට වැඩි දෙයක් නො වෙයි. නිර්මාණශීලීත්වයක් ඇති අයට එය එසේ නොවනවා වෙන්න පුළුවන්. එහෙත් මට එවැනි දක්‍ෂතාවක් නැහැ. දැන් මා මියන්මා දේශයට පැමිණ මාස දහයක් වෙනවා. මගේ තීරණය ප්‍රකාශ කිරීමට ආසන්න හේතු වූයේ ධීවරයන්ගේ ප්‍රශ්නය. එයට ටික කලකට කලින් මහා සඟ රුවන ජනාධිපතිතුමාට ප්‍රකාශ කර තිබුණා විශ්‍රාම ගිය අය තානාපති ධූරවලට පත් නොකළ යුතු බවත් මියන්මාහි හා තායිලන්තයේ තානාපති ධුර සඳහා බෞද්ධ දර්ශනය ගැන වැටහීමක් ඇති සැදැහැවතුන් පත් කළ යුතු බවත්.

තායිලන්තයේ ලංකා තානාපතිනියන් ගැන මා දන්නේ නැහැ. එහෙත් මියන්මාහි ලංකා තානාපති මම යි. මහ සඟරුවන ජනාධිපතිතුමාට පැහැදිලිව ප්‍රකාශ කරන්නේ මියන්මාහි තානාපති ධුරයට විශ්‍රාම නොගිය බෞද්ධ දර්ශනය ගැන දත් සැදැහැවතකු පත් කළ යුතු බව. ඉන් ගම්‍ය වන්නේ මා නුසුදුසු බවත් වෙනත් අයකු මියන්මාහි ලංකා තානාපති ධුරයට පත් කළ යුතු බවත්. කිහිප නමක් හැරෙන්න මහා සංඝයා වහන්සේ මට අකමැති බව මා දන්නවා. ගිහි උගත් යැයි කියන සිංහලයන් ද මට කැමති නැහැ. ජයග්‍රහණය වැනි සංවිධාන පමණක් නොව වියත්මග වැනි සංවිධාන ද මා තම සාමාජිකයකු කර ගත්තේ නැහැ. එයට හේතුව ථෙරවාදය හා මහාවංසය පිළිබඳ මා දරණ සමහර අසම්මත මත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කරුණක් වෙන්න පුළුවන්.   

ධීවරයන්ගේ ප්‍රශ්නයත් සමග මා තීරණය කළා තානාපති ධුරයෙන් ඉවත් වීමට. එහෙත් ඒ බව ලිපියකින් නිල වශයෙන් දැනුම් දී නැහැ. එ තීරණය මගේ මුහුණු පොතේ පිටුවේ පළ කළා පමණයි. එය තවමත් පෞද්ගලිකයි. කෙසේ වෙතත් මුහුණු පොතේ මා සඳහන් කළා තානාපති ධුරයෙන් ඉවත් වන්නේ බිම්ස්ටෙක් විදේශ ඇමතිවරුන්ගේ අතථ්‍ය (virtual) රැස්වීම අවසානයේදි හා ධීවරයන්ගේ ප්‍රශ්නය කොයි අතකට හරි විසඳුනාට පසුව කියා. ඇතැම් ජනමාධ්‍ය මේ අවස්ථාවක් කර ගෙන හුදු පෞද්ගලික තීරණයක් ආණ්ඩු විරෝධී කතාවක් බවට හරවන්න. මේ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා සමග මා එකඟ වන්නේ නැහැ. මා ජනාධිපති වන ආණ්ඩුවක් සමගවත් මා සම්පූර්ණයෙන් එකඟ වන එකක් නැහැ. මගේ තනි මතයට රටක් කරන්න බැහැ. එහෙත් සමස්තයක් ලෙස ගත් කල මා මේ ආණ්ඩුවට පක්‍ෂයි. මා තානාපති ධුරයෙන් ඉවත් වීමට තීරණය කෙළේ හුදෙක් මගේ අදක්‍ෂතාව  නිසයි.

ශ්‍රී ලාංකික ධීවරයන් දොළොස් දෙනකු මියන්මා මුහුදු සීමාවට පැමිණ තියෙනවා. මියන්මා නාවික හමුදාව ඔවුන් අත්අඩංගුවට අරගෙන. අප මියන්මා නිලධාරීන් සමග ඒ ගැන සාකච්ඡා කළා. අපට අවශ්‍ය වූයේ ධීවරයන්ට කතා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමටත් ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගය කුමක් ද කියා දැන ගැනීමටත්. එහෙත් අපට ධීවරයන්ට කතා කිරීමට හැකි වූයේ එක් අවස්ථාවක දී පමණයි. ඉන් පෙන්නුම් කෙළේ මගේ අසාර්ථකත්වයයි. මගේ අදක්‍ෂතාවයි. මින් ඉහත වෙනත් තානාපතිවරු ධීවර ප්‍රශ්න සාර්ථක ව විසඳා ගෙන ඇති බව මට දැන ගන්න ලැබුණා. මට අඩු තරමෙන් ධීවරයන්ට එක් වතාවකට වඩා කතා කරන්න අවස්ථාව සලසා ගන්න බැරි වුණා. මගේ දුරකතන අංකය නිලධාරීන් කිහිප දෙනකුට ම දී ඇතත් ඔවුන් ධීවරයන්ට කතා කිරීමට අවස්ථාව ලබා දී නැහැ. ඒ අවස්ථාව ලබා ගන්නා මා නොදන්නා ක්‍රම හා විධි ඇති.

ධීවරයන්ට විරුද්ධ ව මියන්මා නීතිය යටතේ නඩු පැවරීමට බලාපොරොත්තු වන බව අපට අදාළ නිලධාරීන්ගෙන් දැන ගන්නට ලැබුණා. ධීවරයන් තමන් අනවසරයෙන් මියන්මා මුහුදු සීමාවට පැමිණ තිබෙන බව පිළිගන්නවා. ධීවරයන් කර ඇත්තේ වරදක්. ශ්‍රී ලාංකිකයකු වෙනත් රටක නීතිය කැඩූ විට එරට ලංකා තානාපති කාර්යාලයට කළ හැකි දෙයක් නැහැ. අදාළ පුද්ගලයාට නඩු විභාගයට මුහුණ දීමට සිදු වෙනවා. තානාපති කාර්යාලයට ඒ අයගේ සෞඛ්‍යය හා පහසුකම් ගැන පමණක් සොයා බැලීමට පුළුවන්. බොහෝ අය සිතන්නේ ඒ ඒ රටවල ලංකා තානාපති කාර්යාල මොන වැරැද්ද කළත් ලාංකිකයන් නිදහස් කර ගත යුතු ය කියා. යම් රටක නීතිය යටතේ වැරදි කරුවන් වන අයට එරට නීති යටතේ දඬුවම් විඳින්න වෙනවා. මින් ඉහත ලාංකික ධීවරයන් මියන්මාහි සිර දඬුවම් විඳි අවස්ථා තියෙනවා.

බිම්ස්ටෙක් විදේශ ඇමති රැස්වීම ද්විපාර්ශ්වීය වැඩක් නොව කලාපීය වැඩක්. එයට ආරාධනය කරන්නේ ඩැකා නුවර බිම්ස්ටෙක් කාර්යාලයෙන්. ආරාධනා පත්‍රයට අත්සන් තබන්නේ බිම්ස්ටෙක් සභාපති රට වන ලංකාවේ විදේශ ඇමති. ඒ කිසිවක් නොදැන අදාළ ආරාධනය අප යැවී යැයි චෝදනා කළ අය අද අපෙන් ඉල්ලනවා මියන්මා විදේශ ඇමති සමග ධීවර ප්‍රශ්නය කතා කරන්න කියා!

මා මියන්මාහි තානාපතිකම භාර ගැනීමෙන් කර ඇත්තේ වරදක්. මා හිතන් හිටියේ මට ඒ රස්සාව කරන්න පුළුවන් කියා, එහෙත් තුන්වැනි වතාවටත් මට රස්සාවක් කරන්න බැරි බව තහවුරු වී තියෙනවා. මා අදක්‍ෂයකු බව නැවත නැවතත් පෙන්නුම් කෙරෙනවා. මා හිතනවා ඒ ගැන කෙටි සටහනකට මේ අවස්ථාව කියා. මට ඇත්තේ ඉතා දුර්වල මතකයක්. කුඩා  කල මට කවියක් ගාථාවක් පාඩම් හිටින්නේ නැහැ. මට එය ප්‍රශ්නයක් වුණා. මා සිංහල පාසල් ගුරුවරියක වූ මගේ මවට ඒ ගැන කිවුවා. ඇය කියා සිටියේ කවියේ තේරුම දැන ගත් විට පාඩම් හිටීවි කියා. මා එසේ කළා. ඉන්පසු කවි කොහොමටවත් පාඩම් හිටියේ නැහැ. අදහස දන්නවා නම් කටපාඩම් කරන්නේ මොකට ද කියා හිතුනා ද දන්නේ නැහැ. මට විභාගවලින් සමත්වන්න පුළුවන් වුණේ සීමිත ව.  සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයේ දී මට ගණිත විෂය තුනට (එකල, ශුද්ධ, ව්‍යවහාරික, උසස්) විශිෂ්ට සාමාර්ථ ලැබුණා. මා භෞතික විිද්‍යාව ප්‍රිය කළත් එයට ලැබුණේ සම්මාන සාමාර්ථයක් පමණයි.  උසස් පෙළ පරීක්‍ෂණයේදීත් ශුද්ධ හා ව්‍යවහාරික ගණිත විෂයවලට විශිෂ්ට සාමාර්ථ ලැබුණා. භෞතික විද්‍යාවට සම්මාන සාමාර්ථයක්. රසායන විද්‍යාව අසමත්. මට විශ්වවිද්‍යාලයේ ඇතුල්වීමට අවශ්‍ය තිබුණේ භෞතීය විද්‍යා පීඨයට. මට සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලයේ සිට අවශ්‍ය ව තිබුණේ බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයකු වීමට හා විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ගණිතය ඉගැන්වීමට. 

මා හෝඩියේ සිට ඉගෙන ගත්තේ දෙමව්පියන්ගේ මෙන් ම ජනතාවගේ මුදලින්. ආචාර්ය උපාධිය සඳහා එංගලන්තයට ගියේත් රජයේ ශිෂ්‍යත්වයකින්. ඒ විද්‍යාඥයකු වීමට. ඒ සඳහා මගේ කැමැත්තක් තිබුණා පමණක් නොවෙයි. මගේ මෝඩකමට මා හිතන් හිටියේ මට විද්‍යාඥයකු වීමට හැකිය කියා. එහෙත් එංගලන්තයේ දී මට වැටහුණා මට එවැනි දක්‍ෂතාවක් නැති බව. අවුරුදු තුනකට ශිෂ්‍යත්වය තිබූ නමුත් මා අවුරදු එකහමාරකින් පමණ ආපසු පේරාදෙණියට ආවා.

අවුරුදු කිහිපයකින් මට විශ්වවිද්‍යාලයෙන් අස් වී යැමට සිදු වුණා. ඒ භාර්යාව සමග ඇගේ පශ්චාත් උපාධියට ඕස්ත්‍රේලියාවට යෑමට. එරටින්  පැමිණීමෙන් පසු පේරාදෙණිය මා බඳවා ගත්තේ නැහැ.  විශ්වවිද්‍යාලය තීරණය කර තිබුණේ කථිකාචාර්යකමට මා නුසුදූසු ය කියා. එවර අවුරුදු දෙකක් රැකියාවක් නැතිව හිටියා. පසුව  ස්ටැන්ලි විජේසුන්දර මා කොළඹට බඳවා ගත්තා. පසුව ජී එල් පීරිස් ආදීන් තීරණය කළා මා විශ්වවිද්‍යාල සේවයට නුසුදුසු ය කියා. එවර අවුරුදු දහයක් කිසිම රැකියාවක් නොකර ගෙදර ඉඳීමෙන් පසු හා නඩු කිහිපයක් කීමෙන් පසු කැලණියට බඳවා ගැණුනා. සේවයෙන් මිදුණේ කැලණියෙන්. එහි දී කථිකාචාර්යවරු මට විරුද්ධ ව පත්‍රිකා බෙදුවා.

කථිකාචාර්ය වැඩේට මා කැමතියි. ඒ මට යම් නිදහසක් තිබුණු නිසා. තානාපති සේවයේ වගේ ලිපි ගොනු අතර හිරවෙන්න සිදු වුණේ නැහැ. එහෙත් අනෙක් කථිකාචාර්යවරුන්ට අනුව මා ඒ වැඩේට සුදුසු නැහැ. අවුරුදු දහඅටෙන් පසු අවුරුදු දහඅටක් පමණ මා සමසමාජ පාක්‍ෂිකයකු ව හිටියා. ඉන් පසු අවුරුදු තුන හතරක සංක්‍රමණීය කාලයක් තිබුණා. 1984 පමණ සිට මා ජාතික කඳවුරේ. එදා සිට ලිපි හත්දාහක පමණ හා විවිධ සම්මන්ත්‍රණවල   මා විවිධ මත ප්‍රකාශ කර තියෙනවා. ඒ එකක්වත් සමාජයේ තබා ජාතික කඳවුරේවත් පිළිගැනීමට ලක් වී නැහැ. කිසිම උගතකු ප්‍රසිද්ධියේ මා කියන දෙයක් ගැන සහතිකයක් දී නැහැ. දැන් නැතත් කලක්  කිට්ටුවෙන් වැඩ කළ ගුණදාස අමරසේකරවත් මගේ අදහස් ගැන ප්‍රසිද්ධියේ කිසිදා හොඳක් කියා නැහැ. ඒ අදහස්වල වැදගත් දෙයක් නැතිවා වෙන්න පුළුවන්. මහ සඟ රුවන හිතන්නේ මියන්මාහි තානාපති වැඩේට මා නුසුදුසු ය කියා.

තානාපති ලෙස මා මුහුණු ආවරණ බෙදාදීම, කොළඹ යැන්ගොන් ගුවන් සේවයක් ඇරඹීම, විවෘත විශ්වවිද්‍යාලයට මියන්මා සම්බන්ධතා ඇති කිරීම, මියන්මාහි ලංකා පාසල් හා රෝහල් පිහිටුවීම, දෙරට අතර වෙළෙඳාම හා සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම, මියන්මා රෝගීන්ට ලංකාවේ ප්‍රතිකාර ගැනීමට සැලැස්වීම ඇතුළු තවත් දේ කතා කර තියෙනවා. ඒ සියල්ල  වැඩ නැති කතා. සංචාරක ව්‍යාපරය වර්ධනය කිරීම සඳහා රූහඬ පටයක් නිපදවා ගැනීමට මා අසමත් වුණා. ලංකාව හා මියන්මා අතර සම්බන්ධතා ගැන අතථ්‍ය සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ලංකාවෙන් දේශකයන් හොයා ගන්න බැරි වුණා.  

විිද්‍යාඥයකු කථිකාචාර්යවරයකු හා තානාපතිවරයකු ලෙස මා අසමත්. අමරසේකරලාට හා මහා සඟ රුවනට අනුව ජාතික ව්‍යාපාරයේත් මා අසමත්. මට කුඩා කල පැවිදි වීමට අවශ්‍ය වුණා.  මා කල්පනා කරන්නේ පැවිදි ව අසමත් වී කුමක් කරන්න ද කියා.  දැන් අඩු තරමින් දුක සැප බැලීමට දරුවන් හා මුණුබුරන් සිටිනවා.

අෂ්රොෆ් දේශපාලනය – මහඇදුරු නලින් ද සිල්වා මහතා

අෂ්රොෆ් දේශපාලනය

අෂ්රොෆ් දැන සිටියා ඊනියා මුස්ලිම් කලාපයක් ලබා ගැනීම සිහිනයක් බව. ඔහු නැගෙනහිර පළාතේ ඉස්ලාම් භක්තිකයෙක්. ඔහුගේ භාර්යාව ෆේරියල් අෂ්රොෆ් ගම්පොළ තරමක් නාගරික ව හැදුණු වැඩුණු අයෙක්. මා කියවා තිබෙනවා අෂ්රොෆ්ට මුල දී ෆේරියල් එතරම් නිදහසකින් හැසිරෙන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීමට නොහැකි වූ බව සඳහන් ලිපියක්. මා මෙයින් කීමට අදහස් කරන්නේ අෂ්රොෆ් මුස්ලිම් නායකත්වයේ කළ වෙනස ගැනයි.

එතෙක් මුස්ලිම් නායකයන් බිහිවුණේ කොළඹින්. ඔවුන් කොළඹ පාසල්වල ඉගෙනුම ලැබූ අය. බොහෝ විට මුස්ලිම් නොවන පාසල්වල ඉගෙනුම ලැබූ අය. කිහිප දෙනකු පමණක් සහිරා විද්‍යාලයේ ඉගෙන ගන්න ඇති. සිංහල මරික්කාර් වුවත් මහනුවර අසල කඩුගන්නාවේ. එහෙත් අෂ්රොෆ් නැගෙනහිර පළාතෙන් බිහි වූ අයෙක්. ඔහු යම් ආකාරයක සාම්ප්‍රදායික මුස්ලිම් නායකත්වයක් මුස්ලිම් ජනයාට ලබා දුන්නා.

ඉන්පසු බිහි වූ නායකයන් කොළඹින් බිහි වූවත් අෂ්රොෆ් සංස්කෘතිය බිඳ දමන්න නොහැකි වූවා. ෆේරියල් අෂ්රොෆ් මොන තරම් නාගරික වුවත් අෂ්රොෆ් අක්‍ෂය වටා කරකැවුණා. හකීම් රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තත් පැරණි රාජකීය ආදි ශිෂ්‍ය මුස්ලිම් නායකයන්ගෙන් වෙනස් වුණා. රිෂාඩ් බද්‍යුද්දීන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් සිවිල් ඉංජිනේරුවෙක්. කාරියප්පර් නැගෙනහිර පළාතෙන් පැමිණ ඩී එස් සේනානායක විදුහලේ ඉගෙන ගත් අයෙක්. කාරියප්පර් වරක් මා සමග පැවසුවේ කාරියප්පර් කියන නම කාරිය කරවන නිල නාමයෙන් බිඳී ආ එකක් බව. කාරිය අප්පා (ප්‍රධාන) එකතු වී කාරියප්පර් හැදුණු බවයි ඔහුගෙ මතය වුණෙ.

මොවුන් කොහේ ඉගෙන ගත්තත් අෂ්රොෆ්ගෙ මුස්ලිම් ජාතිවාදයෙන් මිදෙන්න බැහැ. අද මේ පිරිස විවිධ කණ්ඩායම්වලට බෙදිල. එහෙත් ඔවුන් ඉන්නෙ අෂ්රොෆ්ගෙ කුඩේ යට. මොන තරම් බෙදී හිටියත් ඔවුන් තම ආගමික සංස්කෘතිය වෙනුවෙන් එකතු වෙනවා. මොවුන්ගෙන් ඇතැමුනට විදේශීය ආධාර ලැබෙනවා. හිස්බුල්ලාගේ නැගෙනහිර විශ්වවිද්‍යාලය ඔහුට දෙමව්පියන්ගෙන් ලැබුණු එකක් නො වෙයි. ඇතැම් විදේශීය මුස්ලිම් රටවලට අවශ්‍ය වෙනවා ලංකාව මුස්ලිම් කිරීමට.

අෂ්රොෆ් දේශපාලනය සංස්කෘතික වූවක්. මුස්ලිම් කලාපයක් ගැන කියෙවුවත් ඔහුට අවශ්‍ය වුණෙ මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තියක්. එය මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයක් ලෙස හැඳින්වුවත් වරදක් නැහැ. ඒ සංස්කෘතික ව්‍යාප්තවාදයේ ලක්‍ෂණ හැම තැන ම දකින්න පුළුවන්.

ලංකාවේ ප්‍රධාන පාරවල් දිගේ මුස්ලිම් පල්ලි ඉදිවෙන්න පටන්ගත්තේ ජනගහණයට සමානුපාතික ව නො වෙයි. පිරිමින් මෙන් ම ගැහැණුන් ද සංස්කෘතික ව්‍යාප්තවාදය ඇඳුමෙන් පැලඳුමෙන් පෙන්නුවා. කලකට පෙර සිටි සාරිය ඇඳ සාරි පොටෙන් ඔළුව වසාගත් මුස්ලිම් කාන්තාවන් අද දකින්න නැහැ.

මුස්ලිම් ජාතිවාදය විකාශය වීමට බටහිර ආසියාවට ගිය තරුණ තරුණියන් ද බලපෑවා. ඔවුන් අරාබිකරයෙන් රැගෙන ආවේ ප්‍රහාරාත්මක මුස්ලිම් ජාතිවාදයක්. සුපුරුදු පරිදි ඉංගිරිසින් වහාබ්වාදය යොදා ගත්තා. වහාබ්වාදය කවදා කෙසේ ඇතිවුණ ද අද එය මෙහෙයවනු ලබන්නේ ඉංගිරිසින් විසින්. ප්‍රහාරාත්මක මුස්ලිම් ජාතිවාදයට නැගෙනහිර පළාත පුංචි අරාබියක් කිරීමෙ අවශ්‍යතාව තිබුණා. කාත්තන්කුඩිය පුංචි අරාබියේ ආදර්ශ නගරය වුණා. එහි රටඉඳි වැවුවා. අරාබි බසින් පාරවල නම් ලිවුවා. එහෙත් ඒ අතර ප්‍රහාරාත්මක මුස්ලිම් ජාතිවාදයට විරුද්ධ මුස්ලිමුන් ද කාත්තන්කුඩියේ ඉන්නවා. අප ඔවුන් සමග සම්බන්ධ නොවීම කණගාටුවට කරුණක්. අප ඩීල් දේශපාලනයේ එල්ලලා ඉන්නවා.

මේ අතර මුස්ලිමුන් දැනුවත් ව ජනගහන වර්ධන ව්‍යාපෘතියක ද යෙදී ඉන්නවා. සහාරාන් වැන්නන් මුල දි දෙමළ ජාතිවාදයට විරුද්ධ ව බිහිවුණේ. ඔවුන් කොටි සංවිධානයට විරුද්ධ වුණා. එහෙත් කොටි පරාද කිරීමෙන් පසු තත්වය වෙනස් වුණා. මුස්ලිමුන් වඩා බිය වුණෙ දෙමළ ජාතිවාදයටයි. ඔවුන් එකල සිංහලයන් සමග එකට සිටියා නම් ඒ දෙමළ ජාතිවාදයට හා ත්‍රස්තවාදයට එරෙහි ව. එහෙත් ඔවුන් සිංහලයන්ට තමයි වැඩි විරෝධයක් දැක්වූයේ. සමහර අවස්ථාවල දී ඔවුන් සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදීන් සමග ඊනියා සාකච්ඡා මේසවල දී එකතු වුණා.

දෙමළ ජාතිවාදයට බිය වූ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වු මුස්ලිම් ජාතිවාදය දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු සිංහල විරෝධී ව්‍යාපාරයක් බවට පත්වෙලා. මුස්ලිම් ජාතිවාදය සමග වහාබ්වාදයත් ඉංගිරිසිනුත් ඇතැම් අරාබි රටවලුත් ඉන්නවා. මේ අතර සිංහල දේශපාලනඥයන් මුස්ලිමුන් අතර දේශපාලනය නොකර ඩීල් දේශපාලනයේ නිරත වුණා. අසත් සාලි වැන්නන් එහි ප්‍රතිඵලයක්. අද වන විට හකීම්ලා ද බද්‍යුද්දීන්ලා ද හිස්බුල්ලාලා ද ඩීල් දේශපාලනයෙන් වල ඉහ ගත්ත අය. (මතු සම්බන්ධයි) 

අසපු පූජක ජූඩ් කබ්‍රාල් නොහොත් කිරිබත්ගොඩ විසින් මිත්‍යාදෘෂ්ටියක් ලෙස හංවඩු ගසා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම

ඔබත් මෙම බොරුවට හසු වූවාද?
විනාඩි කිහිපයක් අරන් කියවන්න.එය ඔබට ,මතු ළමා පරපුරට,රටට සියල්ලටම හොදයි……………………….

අපගේ කුඩා අවදියේ සෑම වසරකම පාහේ විචිත්‍රවත්ම කාලය වූයේ අලුත් අවුරුදු කාලයයි. පොඩි උන් ලෙස එකල අප අත් විඳි ඒ ආශ්චර්‍යය අදටත් මනසට නගා ගත හැකිය. ඒ අතීත සැමරුම් ඔස්සේ යද්දී සිතට නැගෙනා රූප වචනයෙන් ලියා තැබීම අසීරු මුත් එය සරලව මෙලෙස සටහන් කල හැක.ඔන්චිල්ලා, මකුණු දැල් කඩා පිරිසිදු කල ගෙදර , හොඳින් ඇමදූ ගේ දොරහා මිදුල ,කුස්සියේ බංකුවක වාඩි වී කැවුම් බදින අම්මා , කැවුමක් ලබා ගැනීමට ඒ අසල ගැවසෙන අපි,නැකතට අපටත් අම්මාටත් කවන අපේ තත්තා ,බුලත් දී දෙමාපියන් නමදින දරුවන්,උදේම අඟුරු කැබැලි පිච්ච මල් කිහිපයක් සමග කාසියක් ලිඳට දමා ලිඳ අලේ කරන අම්මා,සියලු දෙනා අලුත් ඇඳුමි,අහල පහල ගෙවල් දොරවල් වලට හුවමාරු වන කෑම පිඟන්. සියල්ල අතරතුර පසුබිමින් ඇසෙන කොවුල් නාදය. කොතරම් මනස්කාන්ත කාලයක්ද ඒ?
පොඩි උන් ලෙස එකල මේ අත්දැකීම් ඔස්සේ අප ලද වින්දන ශක්තිය දැන් මොට වී ඇතුවාට සැක නැත.නමුත් මේ භාග්‍යය අප විසින් අපගේ දරුවන්ට උරුම කර දීමට අප අත්‍යන්තයෙන් බැඳි සිටිමු.
අද ඇතැම් විචිත්‍රවත් ධර්ම කතිකයන් වහන්සේ නමක් අළුත් අවුරුදු චාරිත්‍ර පිළිකෙව් කරමින් තම ශ්‍රාවක සමාජයට ඒවා අත් හරින්නට පොළඹවමින් සිටින අයුරු පෙනේ.ඒවා මිත්‍යා දුෂ්ඨිය වර්ධනය වන ක්‍රියාමාර්ග ලෙස තම ශ්‍රාවකයන්ට දේශනා කරයි.ඒවා අසන බොහෝ ශ්‍රාවකයන්ද අවුරුද්ද මිත්‍යා දුෂ්ඨියකැයි කියා අලුත් අවුරුදු චාරිත්‍ර නොසලකා හරී. (නමුත් අලුත් ඇඳුම් මිලදී ගැනීම නම් අත් හොහරී )මේ ලිපියේ අරමුණ මේ සෞත්‍රාන්ත්‍රික අනුගාමිකයන් විවේචනය කිරීම නොව අලුත් අවුරුද්ද මිත්‍යා දුෂ්ටිය මත පදනම්ව ඇත්දැයි විමසා බැලීමයි.
එසේ නම් අප පළමුව විමසා බැලිය යුත්තේ මිත්‍යා දෘෂ්ඨි යනු මොනවාද යන්නයි.රාග,ද්වේශ ,මෝහ මූලික කර ගැනෙන එය වර්ධනය කරන යම් දෘෂ්ඨියක් වේද එය මිත්‍යාදෘෂ්ඨියක් යැයි තේරුම් ගැනීම සරලව නිවරදි යැයි සිතමු.රාග ද්වේශ මෝහ ප්‍රහීන කෙරෙන යම් දෘෂ්ඨියක් වේදඑය සම්මා දෘෂ්ඨියයි.යමෙකු සම්මා දෘෂ්ඨියට පැමිණීමට නම් බුදු රදුන්ගේ ධර්මය අසා ඒ මග යාමට අදිටන් කර ගත්තකු විය යුතුය.සම්මා දුෂ්ඨියේද අවධීන් කිහිපයක් වෙයි.පූර්ණ සම්මා දුෂ්ඨියට පැමිණෙන්නේ රහතුන් වහන්සේලාය.
කරුණු මෙසේ නම් ලෝහ, ද්වේශ ,මෝහ මූලික කරගත් ඕනෑම දුෂ්ඨියක් ,දර්ශනයක් මිත්‍යා දෘෂ්ඨියක් වේ.එසේ බැලූ කල අප පාසල් , විශ්ව විද්‍යාල , පශ්වාත් උපාධි ආයතනවල ඉගෙන ගන්නා බටහිරින් ආනයනය කල කිසිඳු දෘෂ්ඨියක් සම්මා දෘෂ්ඨියක් වේද?ඒ සියල්ලද නැකැත්සාශ්ත්‍රය තරම්ම (සමහර විට ඊටත් වඩා ) මිත්‍යා දුෂ්ඨීන්ය. (අපගේ පරමාර්ථය වන නිවන ගැන සිතද්දී නැකැත් සාශ්ත්‍ර ,තාර්කා සාශ්ත්‍ර ආදිය බටහිර විද්‍යාව තරම් නීවරණ සංකල්ප නොවේ.එය සරලව පැදැදිලි කරන්නේ නම් ගෙම්බන් මීයන් ආදිය කපා නිර්මාණය කරන බටහිර වෛද්‍ය විද්‍යාව තරම් අවිහිංසාව මත පදනම් වන සිංහල වෙදකමඅපගේ පරමාර්ථය වන නිවනටබාධකයක් නොවේ. නැකැත් සාශ්ත්‍රය- තාරකා සාශ්ත්‍රය අයත් වන්නේද මේ දෙවන ගනයටය.)
මේ සියල්ල අඩු වැඩි වශයෙන් නීවරණ දෘෂ්ටීන් යැයි කියා අප මේ සියල්ල ප්‍රතික්ෂේප කරන්නේද?ගිහි ගෙයි වසන අපට කල හැක්කේ ඒවා පරම සත්‍ය නොව සම්මුතිලෙස ගෙන – දැන හැකිතාක් ආධානාග්‍රාහී ලෙස ඒවායේ නොඇලී ඒවා අනුගමනය කිරීම පමණි.සම්මා දෘෂ්ඨිය වැඩීමාර්ගඵලලාභීන් වීඑක් අවස්ථාවකදී ගිහි ගෙය හැරයාම සිදුවන්නේ මේ සියල්ලේ ඇති නිස්සාරබවසත්‍ය ලෙසම අවබෝධ වූ විටය.සංකල්පීයව මිත්‍යාදෘෂ්ඨීන් වන සියල්ලෙන් එක් දෙයක්හොඳ වී තවත් දෙයක් පමණක් අකැප වන්නේ එසේ සත්‍ය ලෙසම අවබෝධ නොකල ගත් විට පමණි .
නැකැත් සාශ්ත්‍රය මිත්‍යා දෘෂ්ඨියක් යැයි පතික්ශේප කරන්නේ නම් අප අපේ දරුවන්ට කියා දිය යුත්තේ නැකැත් සාශ්ත්‍රය පමනක් නොව් බටහිර විද්‍යව, ගණිතය,ආර්ථික විද්යාව සියල්ල ඉගෙන නොගන්න ලෙසයි,ඒවාට අනුකූලව නොහැසිරෙන ලෙසය.එසේ කල හැකි නම් අලුත් අවුරුද්ද නැකැත් සාශ්ත්‍රය මත පදනම් වී ඇතැයි කියා ප්‍රතික්ෂේප කල යුතුය යන තර්කය සමග අපද එකඟ වෙමු.
නමුත් එම අවබෝධයට පැමිනෙන තෙක්, ගිහි ගෙය වසන තෙක්, මේ සියලු විද්‍ය අවිද්‍යා බව වටහා ගනු මිස ඒවා අත්හැරීම කල නොහැකිය. සමාජීය සහජීවනයට අවැසි අත්‍යවශ්‍ය සලකුණක් ලෙස සිංහල අවුරුද්දද මෙන්ම ඒ හා බැඳුනු සිරිත් විරිත් ද අප අත් නොහළ යුත්තේ එබැවිනි.
යමෙකු මිත්‍යා දෘෂ්ඨීන් පිළිකෙව් කරනවා යැයි කියා සිංහල ජාතිය හා බැඳුනු යමක් වේද ඒවා පමණක් වෙන්ව ගෙන ඒවා මිත්‍යාදෘෂ්ඨීන් යැයි කියා තඩි බාමින් අනිත් බොහෝ මිත්ය්‍යා දෘෂ්ටීන් වල අසරණ අනුගාමිකයන් වීම අප වටහා ගත යුත්තේ කෙසේද?මේ සියලු අනුගාමිකයන් එසේ කරන්නේ සිංහල ජාතිය නැසීමේ එකම අරමුනෙන් යැයි අප චෝදනා නොකරමු.නමුත් අප මේ දෙස වඩාවිචාරශීලීව බැලිය යුතුය.මිත්‍යා දුෂ්ඨීය වඩන ඉගැන්වීම් උගන්වන නිසා අප අපේ දරුවන් පාසල් නොයා සිටින්නේ නැත.එසේ නම් මේ සමහර ගුරුකුලවල ධර්ම කතිකයාණන්වහන්සේලා ඇතුලු බොහෝ දෙනා අපගේ බෞද්ධ දිවි පැවැත්ම හා සැබැඳුනු සංස්කෘතිකාංගවලට පමණක් තෝරාගෙන පහර දෙන්නේ, ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?මෙයින් කී දෙනෙක් උත්සව අවස්ථාවලදී ‘ලොකු’ හෝටල්යකට ගිය විට බුදුරදුන් ආහාර වැලඳූ ලෙස අතින් කෑම කෑමට ලැජ්ජා වේද?ඒ ලැජ්ජාව ඇති වන්නේ සම්මා දෘෂ්ඨිය නිසාද?මෙවා පරගැතිබව නැමති ඉතා අනර්ථ මිත්‍යාදෘෂ්ඨීන් නිසා ඇති වන ලැජ්ජාවන් නොවේද?
කොටින්ම අද සිංහලයන්ට සිංහලයන් ලෙස හැසිරීම ලැජ්ජ්ය.එය තේරුම් කල හැක්කේ සම්මා දෘෂ්ඨිය – මිත්‍යා දෘෂ්ඨිය වැනි ගැබුරු සංකල්පවලින් නොව එහ හුදෙක්අධ්‍යාපනය සහ අනෙකුත් මාර්ගවලින් ලැබී ඇති නිවට කම නිසාම සිදුවන්නකි.
සිංහලයන් අවුරුදු සමරන්නේ කාලිංග මාඝ එය අප මත බලහත්කාරයෙන් පැටවූ පසුව බවටත් එය අප්‍රේල් 14දෙමළ අවුරුද්ද සිංහලයන් මත බලෙන් පැටවූ එකක් බවටත් මේ සමහරුන් නගන පුහු තර්කවලට ඇති වටිනාකමේ සීමිතකම කොතෙක්ද යන්නට ශිරාන් දැරණියගල ආදී ඉතිහාසයන්ගේ කෘති සාක්ෂි දරයි.ලංකාවේ හැර දෙමළ ජනයා මෙතරම් ප්‍රචලිත ලෙස අවුරුදු සමරන්නේ වෙන කොහිද යන්න විචාරශීලීභාවය මඳක් වත් ඇත්නම් විමසා බැලිය යුතුය. (අනෙක් අතට අප්‍රේල් 14 දිනට සවි වූ අවුරුද්දක් කිසි දිනෙක මෙරට තිබී නැත, එය රොබර්ට් නොක්ස්ගේ කාලයේ තිබුනේ මේ කැලැන්ඩර වර්ෂයෙන් ගත් කල අප්‍රේල් මුලයි. අනාගතයේදී එය අප්‍රේල් 15 ටත් ඉන් පසු තවත් ඉදිරියටත් යනු ඇත. )
කරුණු මෙසේ තිබියදී සිරිත් විරිත් ගැන කතා කරනවා නම් මුලින්ම කතා කල යුත්තේ අපගේ හර පද්ධතිය හා නොගැලපෙන අපට ආගන්තුක පුහු ආටෝපවාදීසිරිත් විරිත් පිළිකෙව් කිරීම නොවේද?සාමූහිකත්වය, වැඩිහිටියන්ට උරු දෙගුරුන්ට ගරු කිරීම , හිත් අමනාපකම් අත් හැරීමආදී අපගේ හර පද්ධතියට ගහට පොත්ත සේ සම්බන්ධ සංස්කෘතිකාංග සියල්ලට කලින් ප්‍රතික්ෂේප කිරීමෙන් අවසානයේ සිදුවන්නේ කුමක්ද?
සිංහල ජාතියත් බුද්ධාගමත් යනු ගහට පොත්ත මෙන් එකකට එකක් අත් හල නොහැකි දෙකකි. ගස නැතිව පොත්තටත් ,පොත්ත නැතිව ගසටත් පැවැත්මක් නොමැති බව අප වටහා ගත යුතුය.ජාතිය රැකෙන්නට නම් එහි මූලික හර පද්ධතීන් හා බැඳුනු සංස්කෘතිකාංග රැක ගත යුතුය. නැතිනම් ජාතිය අවජාතක වෙයි.එබැවින් කල යුත්තේ අප තුල පටවා ඇති අවජාතක සිරිත් විරිත් ඉවත් කර ජාතියේ ඉදිරි මගටඅනුබලයක් වන අපේ උරුමය රැක ගැනීමය. අපි අලුත් අවුරුද්ද යහපත් ලෙස සමරමු….
(උපුටාගැනීමකි)

ධීවරයන්ගෙන් එහා ලෝකයක් – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ධීවරයන්ගෙන් එහා ලෝකයක්

මා ඊයේ ලිපියෙන් කියා සිටියේ මියන්මාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ධීවරයන් සම්බන්ධයෙන් කිසිවක් කර නොමැති බව නො වෙයි. ධීවරයන් තානාපති කාර්යාලය එක් වරක් පමණක් කතා කර ඇති බව කියා තියෙනවා. එයට හේතුව එක් වරක් පමණක් කතා කිරීමට අවස්ථාව ලැබීම. එහෙත් අප කිහිප වරක් ම ඔවුන් සමග කතා කිරීමට උත්සාහ ගත්තා. විවිධ දේශපාලන හා පරිපාලන හේතු නිසයි එසේ නොහැකි වී ඇත්තේ. ඒ සියල්ල හෙළිදරවු කිරීම අනිසි ක්‍රියාවක්. අපට තානාපති කාර්යාලය ලෙස කටයුතු කිරීමට සිදුවන්නේ නිල ආකාරයකට.

අප අපේ උත්සාහයන් අතහැර නැහැ. ධීවරයන් මියන්මා මුහුදු සීමාවට ඇතුල් වී ඇත්තේ අනවසරයෙන්. ධීවරයන් පිළිගෙන තියෙනවා තමන් වරදක් කළ බව. තානාපති කාර්යාලයට කටයුතු කිරීමට සිදු වී ඇත්තේ ඒ පසුබිමේ. ඇතැමුන් අපට උපදෙස් දී තිබුණා. ඒ සියලු දෙනාට ම අප පින් දෙනවා. එහෙත් අප ඒ බොහෝ දේ කර අවසන්.

බිම්ස්ටෙක් විදේශ ඇමතිවරුන්ගේ අතථ්‍ය රැස්වීමට බිම්ස්ටෙක් සභාපති ලෙස, ලංකාවේ විදේශ ඇමතිවරයා ලෙස නොව, මියන්මා විදේශ ඇමතිවරයාට කළ ආරාධනය ගැන බොහෝ දෙනා පසුගිය දා චෝදනා කර තිබුණා. හමුදා ආණ්ඩුව පිළිගත්තේ ය කියාත් ඇතැමුන් චෝදනා කර තිබුණා.

එහෙත් ඒ ආරාධනය එක් රටකින් තවත් රටකට කරන ලද ආරාධනයක් නොවෙයි. එය ද්විපාක්‍ෂික ප්‍රශ්නයක් නො වෙයි. ඒ ආරාධනය කලාපීය ආරාධනයක්. කලාපීය සංවිධානයක් (බිම්ස්ටෙක්) වෙනුවෙන් ඒ සංවිධානයේ සභාපති රටේ විදේශ ඇමති ලෙස කරන ලද ආරාධනයක්. ඒ වෙනස තේරුම් ගැනීමට නොහැකි ව බොහෝ උගතුන් බුද්ධිමතුන් ලංකාණ්ඩුව විවේචනය කළා. නොදන්නාකම ගැන අප අනුකම්පා කළා.

එහෙත් දැන් ඇතැමුන් අහනවා ධීවරයන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හමුදා ආණ්ඩුවේ විදේශ ඇමතිතුමාට කතා නොකෙළේ ඇයි කියා. මා මෙවැනි අසංගත කතාවලට පිළිතුරු දෙන්න උත්සාහ කරන්නේ නැහැ. කෙසේ වෙතත් තානාපති කාර්යාලයට කළ හැකි කාර්යයන් සීමා වෙලා. මෙහි දී තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. ශ්‍රී ලාංකිකයන් වෙන රටක නීතිය යටතේ වරදක් කර ඇත්නම් ඒ රටට පුළුවන් තම නීතිය යටතේ චෝදනා කර උසාවියකට ඉදිරිපත් කරන්න. අපට එසේ කරන්න එපා කියන්න බැහැ. එහෙත් කළ හැකි වෙනත් කිසිවක් ඇත්නම් අප එය නොකර ඉන්නේ නැහැ. ධීවර ප්‍රශ්නයේ අවසානයක් දකින තෙක් මා මියන්මාහි රැඳී ඉන්නවා.

ශ්‍රී ලංකාව හා මියන්මා අතර සම්බන්ධය තපස්සු භල්ලුක කරා දිව යනවා. තපස්සු භල්ලුක මියන්මා මොන් ගෝත්‍රිකයන්. ඔවුන් තව පැත්තකින් නාගයන් වෙනවා. ඔවුන් තිරියායට පැමිණීම සම්බන්ධයෙන් නාග කතා විස්තර තියෙනවා. අප රටේ පළමු චෛත්‍යය තපස්සු භල්ලුක මැදිහත් වීමෙන් තනන ලද්දක්. ඉන් පසු නැවතත් ප්‍රධාන සම්බන්ධයක් ඇති වී තිබෙන්නේ විජයබා රජුගේ කාලයේ. එකල මියන්මා රටෙන් අප උපසම්පදාව ලබා ගෙන ඇති අතර මියන්මා භික්‍ෂූන් වහන්සේ අපෙන් පොත පත ලබා ගෙන තියෙනවා. එකල මියන්මා රජු අනවරත.

අපේ සම්බන්ධකම් ඉන් පසු දිගින් දිගට ම වර්ධනය වෙලා තියෙනවා. පෘතුගීසීන් ලංකාවට පැමිණීමට සුළු කලකට පෙර නැවතත් ලංකාවෙන් මියන්මා දේශයට උපසම්පදාව ලැබී තියෙනවා. එය සිදු වී ඇත්තේ ධම්මසෙට්ඨි රජු කල කල්‍යාණි සීමාවේ. එය මියන්මාරයේ වත්මන් බැගෝ ප්‍රදේශයේ පිහිටා ඇත්තේ. තිරියාය මෙන් ම මේ සීමාවත් ප්‍රතිසංස්කරණය කරන්න ඕන. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන විධියේ බටහිර ආකාරයේ සංරක්‍ෂණයක් නො වෙයි අප බලාපොරොත්තු වන්නේ. ලංකාවේ පුරාවිද්‍යා අණ පනත් පමණක් නොව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් සංශෝධනය කරන්න ඕන. අපට ඇත්තේ අඛණ්ඩ පාරම්පරික සංස්කෘතික ඉතිහාසයක් මිස ඊජිප්තුවේ (මිසරයේ) වැනි අසන්තතික ඉතිහාසයක් නො වෙයි. මිසරයේ පිරමීඩ් ගොඩ නැගූ සංස්කෘතිය අද එහි නැහැ. එහෙත් තිරියායේ සංස්කෘතියෙ විකාශයක් තමයි තවමත් කැලණියේත් තියෙන්නෙ. සිංහල බුද්ධාගම මියන්මාහි පමණක් නොව අග්නිදිග ආසියාවේ ම දකින්න පුළුවන්.

අපේ රජවරු මේ පූජනීය ස්ථාන සංරක්‍ෂණය කෙළේ නැහැ. ඔවුන් ඒවා ප්‍රතිසංස්කරණය කළා. බටහිර පුරාවිද්‍යා සංරක්‍ෂණය හා අපේ සංස්කෘතියේ ප්‍රතිසංස්කරණය දෙකක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එය තේරෙන්නෙ නැත්නම් ඒ දෙපාර්තමේන්තුව කටගෙයි (කෞතුකාගාරයෙ) කාමරයකට දමා ජනතාවට බලන්න සලස්වන්න ඕන. පුරාවිද්‍යා පොර්තමේන්තුවත් බටහිර දැනුම් ආධිපත්‍යයට යට වෙලා.

අප ඉංගිරිසින්ට යටත් වෙන සමයේ අපේ ඇතැම් භික්‍ෂූන් වහන්සේට අවශ්‍ය වෙලා තියෙනවා තායිලන්තයෙන් හරි මියන්මා රටෙන් හරි කුමාරයකු ගෙනැවිත් රජ කරවන්න. අපේ රජ පරපුර වඳ වී ගොස් තිබුණ නිසයි එසේ කල්පනා කර ඇත්තේ. එය කරගන්න බැරි වෙලා. නරෙන්ද්‍රසිංහ රජුට මියන්මා කුමරියක් ගෙනාවා නම් කුමක් වෙන්න තිබුණ ද කියන එක පඬි නැට්ටන් කියන විධියට සෝපාධීය නැත්නම් උපන්‍යාසීය (hypothetical) ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් තානාපති මැදුරේ ඉඳන් පණුවන් කන සාම පරෙවියන් නරඹන අතර මට මේ දේවල් කල්පනා වෙනවා.

එහෙම කුමරියක් නොගෙනාවත් අපේ ශිෂ්‍ය කාලෙ ලංකාවෙ බුරුම තානාපති බූන් වොත්ගෙ භාර්යාව ෂර්ලි බූන් වොත් මෙරට පටලැවිල්ලක් ඇති කරගෙන බූන් වොත් අතින් කොල්ලුපිටියෙ ගෙදර දි මැරූම් කෑව. ඒ ගෙදර අද කැප්රි ක්ලබ්. ඒ කාලෙ බුරුමෙ ජනාධිපති නේ වින්. පළමු හමුදා ජනාධිපති. ඔහු ජනාධිපති වුණෙ 1959 දි. ඔහු ජනාධිපති ලෙස 1966 දි ලංකාවට ඇවිත් තියෙනවා. ඒ ආසන්න කාලෙක (1962-64) බුරුමයෙ ලංකා තානාපති ජී එල් පීරිස්ගෙ තාත්තා. ජී එල්ගෙ තාත්තා විදේශ සේවයේ ඉහළ නිලධාරියෙක්. ජී එල්ගෙ සීයා කෙනෙකු වූ සුසන්ත ද ෆොන්සේකා තමයි බුරුමයේ ප්‍රථම ලංකා තානාපති.

ඒ මොකක් වුණත් අපි අනාගතය හැඩ ගස්ස ගමු. තිරියාය ගැන කතා කළ නිසා මට හිතෙනවා එයින් ම අවසන් කරන්න. තිරියාය ඇතුළු නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපරයක් ඒ සිද්ධස්ථානවලට අහිමි වී ඇති ඉඩකඩම් නැවත ලබා ගැනීමේ අරමුණත් ඇති ව මියන්මා රටත් සමග සංවිධානය කරමු.

අසාත් සාලි හා තානාපති ප්‍රශ්නය – මහඇදුරු නලින් ද සිල්වා මහතා

අසත් සාලි හා තානාපති ප්‍රශ්නය

මගේ මුහුණූ පොතේ තැබූ සටහනක් එක් එක් අය තම තමන්ට සාපේක්‍ෂව කියවා ගනු පෙනෙන්නට තියෙනවා. මා තානාපති තනතුරෙන් අස්වීමට තීරණය කළේ ඇයි ද යන්න වැඩ බැරි තානාපති ලිපියේ පැහැදිලි ව කියා තියෙනවා. එක් හේතුවක් මගේ බැරි කම, තවත් හේතුවක් මහා සංඝ රත්නය මා වැනි හැට පිරුණු අය තානාපති සේවයේ යෙදවීම නුසුදුසු බව ප්‍රකාශ කිරීම හා මියන්මා රටට හා තායිලන්තයට බෞද්ධ දර්ශනය ගැන දැනීමක් ඇති අය පත්කළ යුතු බව ප්‍රකාශ කිරීම. කෙසේ වෙතත් මා ධීවරයන්ගේ ප්‍රශ්නය දෙකෙන් එකක් වන තුරු හා බිම්ස්ටෙක් විදේශ ඇමති අතථ්‍ය (virtual) රැස්වීම අවසන් වන තුරු තානාපති ලෙස රැඳී ඉන්න බව සඳහන් කර ඇති. ධීවරයන්ගේ ප්‍රශ්න ගැනත් කියා ඇති. අප මියන්මාහි අදාළ නිලධාරීන් සමග කටයුතු කරන බවත් ඔවුන්ගේ මාර්ගයෙන් ධීවරයන් සමග සම්බන්ධ වීමට උත්සාහ කරන බවත් එක් වරක් දැනට කතා කර ඇති බවත් සඳහන් කර ඇති. අදාළ නිලධාරීන් අපට පවසා ඇත්තේ මියන්මා නීතිය යටතේ ධීවරයන් මියන්මා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වීම ගැන නඩු පවරන බවත්.

අසත්සාලිගේ ප්‍රකාශය කිහිප අතකින් ම බරපතල එකක්. එය ඩීල් දේශපාලනයේ ප්‍රතිඵලයක්. අසත්සාලි මොන පක්‍ෂයේ සිටියත් මොන ඉස්ලාම් භක්තිකයකු වුවත් ඔහු දන්නවා මෙරට මුස්ලිමුන් දරණ දේශපාලන බලය. ඔහු තමා දවටගහ පල්ලියේ සාම්ප්‍රදායික ඉස්ලාම් භක්තිකයකු ලෙස හඳුන්වනවා ඇති. ඔහුගෙ මල්ලි ඇතැම් බෞද්ධයනට වහාබ්වාදීන් ගැන තොරතුරු සපයනවා ඇති. ඒ හුදු අභ්‍යන්තර දේශපාලන ගැටුමක් පමණයි.

බාහිර ව මොන ක්‍රමයකින් ඔවුන් සියල්ලන් ම උත්සාහ කරන්නේ මෙරට මුස්ලිම් බලය තහවුරු කර ගැනීමට. එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී හෙවත් අශ්රොෆ් ක්‍රමයට කරනවා වෙන්න පුළුවන්. නැත්නම් සහාරාන් වැන්නන් යොදා ගෙන ත්‍රස්තවාදී ක්‍රමයකට කරන්නක් වෙන්න පුළුවන්. එහි ජාත්‍යන්තර මෙහෙයවීමක් ද තියෙනවා. මේ සියල්ල පරාජය කළ යුතුයි. එසේ නොකළොත් සිංහල ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ඇති වන්න පුළුවන්. දැනටමත් විවිධ කොටස් ඒ සඳහා එකතු වෙමින් සිටින බව පේනවා. සිංහල ත්‍රස්තවාදීන්ගේ අරමුණ කෙසේ හෝ බලය ලබා ගැනීම පමණයි. ඔවුන් ඒ සඳහා විවිධ අවස්ථාවල සිංහල බෞද්ධ ජාතිකත්වය විකුණා තියෙනවා. ඉදිරියේත් කරාවි. ඔවුන්ගේ ඇති ජාතිකත්වයක් නැහැ.

වත්මන් මුස්ලිම් ආගම්වාදයෙහි (ජාතිවාදයෙහි) මූලිකයා අශ්රොෆ්. දෙමළ ජාතිවාදී ව්‍යාපාර දෙස බලා තමයි ඔහු තම දේශපාලනය සකස් කර ගත්තේ. ඔහුට වෙන ම රාජ්‍යයක් අවශ්‍ය වුණේ නැහැ. එහෙත් ඔහුට මුස්ලිම් බලය තහවුරු කිරීමට අවශ්‍ය වුණා. එමගින් මුස්ලිම් සංස්කෘතික බලවේගයක් රටේ නිර්මාණය කිරීම ඔහුගේ අරමුණ වුණා. ඔහුට එහි දී විදේශීය මුස්ලිම් රටවල සහාය ද ලැබුණා. ඒ සහාය මුලින් මුදලින් කෙරුණා ද කියා කියන්න බැහැ. එහෙත් හිස්බුල්ලා යුගය වන විට ඇතැම් රටවල් ප්‍රසිද්ධියේ ම මුදල් මළු මෙරටට ගෙනාවා.

මේ සිංහලයන් හා මුස්ලිමුන් දහහතරවැනි සියවසේ පමණ සිට සහජීවනය පෙරදැරි කර ගත් රටක්. කතෝලික පෘතුගීසීන්ගෙන් බස්නාහිර වෙරළබඩ පදිංචි මුස්ලිමුන්ට වද හිංසා ඇති වන විට ඔවුන් වත්මන් නැගෙනහිර පළාතේ, එනම් රුහුණු රටෙන් කොටසක පදිංචි කරනු ලැබුයේ සිංහල බෞද්ධ රජවරුන් විසින්. ඉංගිරිසින් විවිධ අවස්ථාවල සිංහල බෞද්ධයනට විරුද්ධ ව මුස්ලිමුන් යොදා ගත්තා. 1817-18 පළමු නිදහස් සටනට ආසන්න හේතුව වුණෙත් ඉංගිරිසින් 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම කඩකරමින් සිංහල නීතිය (ඊනියා උඩරට නීතිය ලෙස පසුව හැඳින්වුණු) අනුව රට පාලනය නොකර මුස්ලිම් නිලධාරියකු ඌව වෙල්ලස්සට පත් කිරීම. 1915 ගම්පොළ සිද්ධිය ආදියත් ඉංගිරිසින් දැනුවත් ව ඇති කළ දේ. 1915 දී අත්අඩංගුවට පත් වුණේ සිංහල බෞද්ධ නායකයන්!

ඒ සියල්ල තිබියදීත් සිංහල මුස්ලිම් ගැටුමක් වුණේ නැහැ. පනස්හයේ දී කඩුගන්නාවෙන් සිංහල මරික්කාර් නමින් ප්‍රසිද්ධ සී ඒ එස් මරික්කාර් පාර්ලිමේන්තුවට තේරුණේ වැඩිපුර ම සිංහල බෞද්ධ ඡන්දවලින්. එහෙත් අෂ්රොෆ් ඒ සියල්ල අවුල් කළා. 1976 දී ඔහු චෙල්වනායගම් කැඳ වූ වඩුකොඩෙයි සම්මේලනයටත් සහභාගි වුණා. එහෙත් ඔහුට තේරුම් ගියා වෙල්ලාලයන් ප්‍රමුඛ දෙමළ ජාතිවාදීන් මුස්ලිමුන්ට උතුර හා නැගෙනහිර එක් කළ ප්‍රාන්තයකවත් බලයක් ලබා නො දෙන බව. අෂ්රොෆ් උතුරු හා නැගෙනහිර පළාත්වල ඊනියා මුස්ලීම් කලාපයක් ඉල්ලා හිටියා. ඔහුගේ අනුප්‍රාප්තිකයන් තමයි අද විවිධ කොටස්වලට කැඩී ඉන්නේ. (මතු සම්බන්ධයි)