ජෙනීවා විගඩම කල් යයි – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ජෙනීවා විගඩම කල් යයි

ජෙනීවා විගඩම නැවතත් හයමාසෙකට කල් යනවා. ආයෙත් සැප්තැම්බරයෙ දි තමයි විගඩම කළ එළි බහින්නෙ. විගඩම කියන එක දෙමළ වචනයක් සිංහලට අවශෝෂණය කර ගැනීමෙන් ලැබෙන්නක්. දෙමළ වචනයේ තේරුම මොකක් ද කියා මා දන්නේ නැහැ. එය සිංහල විකට යන්න සමග බැඳිල තියෙනව ද කියල දන්නෙත් නැහැ. එහෙම වුණත් විගඩම කියන්නෙ විකට කියන එකට එහා ගියා අප්‍රසන්න ප්‍රදර්ශනයක්. අප සිංහල සමාජයේ කියන්නේ මේ මොන විගඩමක් ද කියා.

නාඩගමත් එහෙමයි. ඒකත් දෙමළ ආභාසයෙන් ලැබුණු වචනයක්. නාටක නාඩගම අතර තියෙන්නෙත් විකට විගඩම අතර ඇති සම්බන්ධය වගේ දෙයක් කියා හිතෙනවා. අප නච්ච ගීීත ආදියෙන් වැළකී සිටියේ අටසිල් සමාදන් වුණා ම. එත් පන්සිල් සමාදම් වුණත් නාඩගම් විගඩම් ප්‍රතික්‍ෂෙප කළා. මනමේ සිංහබාහු ජනප්‍රිය වුණත් එදිරිවීර සරච්චන්ද්‍ර කොපමණ උත්සාහ කළත් ඒ ශෛලිය ඉදිරියට ගියේ නැහැ. මනමේ සිංහබාහු ජනප්‍රිය වුණෙ ගීීත නිසා වෙන්න පුළුවන්. අපට කරන්න තිබුණෙ ගීත නාටක නිෂ්පාදනය කිරීම කියල හිතෙනවා. දයානන්ද ගුණවර්ධනට ඒ හැකියාව තිබුණා.

ඒ කොහොම වුණත් ජෙනීවා නාඩගමට තාවකාලික ව තිරය වැහිලා. ලංකාවට පක්‍ෂව ඡන්ද එකොළහක් ලැබිලා. රුසියාව චීනය වැනි රටවලට අමතර ව පකිස්තානයත් බංග්ලාදේශයත් අපට පක්‍ෂ වෙලා. මා හිතන්නෙ එය මහින්ද රාජපක්‍ෂ දේශපාලනය නිසා සිදු වූවක්. එය මහින්ද රාජපක්‍ෂගේ ජයග්‍රහණයක්. ඒත් ඉන්දියාව නේපාලය මැද හිටගෙන. ජපානයත් එහෙමයි. පිලිපීනය අපට පක්‍ෂ ව ඡන්දය දීල. මේ ඡන්ද එක් රටාවකට ලැබෙන නොලැබෙන දේ. මෙහි දී ඉන්දීය චීන දේශපාලන අර්බුදයත් වැදගත් වෙනවා.

අපට හතුරු ප්‍රධාන ම රට එංගලන්තය. දෙවැනියට ප්‍රධාන ඉන්දියාව. ඉන්දියාවෙ ද්‍රෝහිත්වය නැවතත් ප්‍රදර්ශනය වෙලා. එංගලන්තයට පුළුවන් වෙලා තියෙනවා එරිත්‍රිියාව හා සෝමාලියාව හැරෙන්න අනෙක් අප්‍රිකානු රටවල් තම පැත්තට නම්ම ගන්න. ඒ රටවල් අද ශීඝ්‍රයෙන් ක්‍රිස්තියානි වේගෙන යනවා. අවුරුදු විස්සකට පමණ පෙර අප මලාවියේ මාස හයක් පමණ හිටියා. මලාවිය ඔය එංගලන්ත යෝජනාවට අත්සන් කළ එක රටක්. එකල අප දුටුවා මලාවිය ක්‍රිස්තියානි වන හැටි. මලාවි විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි ආගමික ප්‍රචාරයෙහි යෙදුණු කථිකාචාර්යවරියක හිටියා. ඔවුන් ඉතා ඕනෑකමින් කැපවීමෙන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහින් ආගමික ප්‍රචාරක කටයුතුවල යෙදුණා. ඔවුන් බොහොම කැපවීමෙන් ඒ කාර්යය දෙවියන් වහන්සේ වෙනුවෙන් කළා. පිටරට යන බෞද්ධ ධර්ම ප්‍රචාරකයන් වගේ නො වෙයි.

නේස්බි සාමිවරයාට එංගලන්තයේ ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. එතුමාට ප්‍රචාරය ලැබෙන්නේ ලංකාවේ. එතුමා අද එංගලන්තයට දොස් කියා තිබුණා. එංගලන්තය අසත්‍යය ප්‍රචාරය කරන අතර සත්‍යය යට ගහනවා කියා. එංගලන්තය කියන්නේ අසික්කිත කුහක කුඩුකේඩු අධිපතිවාදී රටක්. එහි හොඳ මිනිසුන් ඉන්නවා. එහෙත් රටක් හැටියට ඔවුන්ට අවශ්‍ය ලෝකය තම අණසක යටතේ පවත්වාගෙන යන්න. ඔවුන් එය නම් කාර්යක්‍ෂම ව කරනවා. ගෑෂ් වාර්තාව ඩෙස්මන්ඩ් ද සිල්වා වාර්තාව ආදිය යට ගැහීම එංගලන්තයට ඉතා සුළු දෙයක්.

අපේ නිවට උගතුන් තවමත් හිතනවා එංගලන්තය කරුණු පැහැදිලි කරල දුන්නොත් එරට අපේ පැත්තට හරව ගන්න පුළුවන් කියල. ඔය කරුණු කියන්නෙ ඉංගිරිසියෙන් ෆැක්ට්ස් කියන ඒවට. නැත්නම් සිංහල පාරිභාෂික වචනයෙන් කියනව නම් පරිසිද්ධිවලට. ඉංගිරිසි අධ්‍යාපනයක් සිංහලෙන් හරි ඉංගිරිසියෙන් හරි ලබපු අපේ නිවට උගතුන්ට ඉංගිරිසින් කියල දීල තියෙන්නෙ පරිසිද්ධි පූජනීය (facts are sacred) කියල. ඒ කතාවට කියන්න තියෙන්නෙ බම්බුව තමයි කියල.

සුද්දන් පරිසිද්ධි පූජනීය කියල කියන්නෙ ඒවා වාස්තවික කියල උගන්නලා. ඇති වාස්තවිකත්වයක් නැහැ. ඔය පරිසිද්ධිත් මිනිසුන්ගෙ නිර්මාණ. පරිසිද්ධි කියන්නෙත් මිනිසුන් අපවිත්‍ර කළ දේට. ඔය ජෙනීවා විගඩමට එංගලන්තය ඉදිරිපත් කරන පරිසිද්ධි එකක් නැර ඔවුන් අපවිත්‍ර කළ ඒවා. ඕනෑම පරිසිද්ධියක් සාපේක්‍ෂයි. ජෙනීවා හි එංගලන්තය ඉදිරිපත් කරන්නෙ ඔවුන්ගෙ වාසියට.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් රටක් ඉලක්ක කරමින් චෝදනා ඉදිරිපත් කරන්න බැහැ. ලංකාවට විරුද්ධ ව ඉදිරිපත් කර ඇති චෝදනා මොනවා ද? බටහිරයන් මුස්ලිමුන් කෙරෙහි කරුණාවක් දක්වන්න පටන් ගත්තේ කවදා ඉඳන් ද? පකිස්තානයට හා බංග්ලාදේශයට නැති කැක්කුමක් බටහිරයන්ට මුස්ලිමුන් වෙනුවෙන් ඇති වන්නේ කෙසේ ද? අපට විරුද්ධ ව ඡන්දය දුන් නෙදර්ලන්තය මුස්ලිමුන්ට සලකන්නේ කෙසේ ද?

එංගලන්තය මේ එකක්වත් කරන්නේ නොදැන නොවෙයි. ඔවුන්ට මෙරට දෙමළ ජනයා ගැනවත් මුස්ලිමුන් ගැනවත් විශේෂ කරුණාවක් කැක්කුමක් නැහැ. බටහිර රටවල් පලස්තීනයේ අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක් ද? බටහිරයන් ඊශ්‍රායලයේ යුදෙවුවන් පදිංචි කිරීමට ක්‍රියා කෙළේ ලංකාවේ යුදෙවුවන් පදිංචි කිරීමට ගත් තැත වැරදී ගිය පසුවයි. බැරි වෙලාවත් ලංකාවේ යුදෙවුවන් පදිංචි කර තිබිණි නම් බලා ගන්න තිබුණා අද වන විට බටහිරයන් ලංකාවෙ මුස්ලිමුන් වෙනුවෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය. (මතු සම්බන්ධයි)

මහඇදුරු නලින් ද සිල්වා මහතා

ඊළඟ ගොදුර කවුද?

ශාස්ත්‍රීය සමාජය ඝන කැලෑවක්. මෙහි උගුල් අටවන වැද්දෝ විවිධ අරමුණෙන් උගුල් අටවති. ඒ උගුල්වලට නමගිය විද්වතුන් පවා හසුවීම අරුමයක් නො වේ. තම සහචරයින් සඳහා ජොබක් සැට් කර දීමේ අටියෙන් උගුල් පිට උගුල් අටවන, අලජ්ජී කරුමෙකට කරගැසීම ම අභග්ගයකි.

විද්වතකු කාලයක පටන් ගොඩනගාගත් ශාස්ත්‍රීය පෞරුෂය එක මිනිත්තු කිහිපයකින් දියකර දැමීමේ කූඨ උපක්‍රමවලට නම් දරාපු චරිතය කුමක්ද? නිසර්ගයෙන් ම උරුම වූ ඒ ශක්‍යතාව ඇත්තේ කාටද? ඔහුගේ ඊළඟ ගොදුර කවුද?

  • ආචාර්‍ය විජිත කුමාර

නලින් මහඇදුරුතුමාව ත් වට කරගෙන ඉන්න ගෝලයෝ බව පෙන්වන්නෝ අධර්මවාදී වහරක නඩේ බවත් දුටිමි.

ඒ අයව නලින් මහඇදුරුතුමන්ව වට කරවා ඇත්තේත් ඔය කියන කූඨ උපක්‍රම කරු ශූ පොලිෂ් ම විය හැකියි නේද?
පහත පුද්ගලයන් සහ ඊනියා u turn යූ ට්‍යුබ් කාරයින් වහරක නඩේ ශෙයා කරන්නේම ඉතා හොඳ ජාතිකවාදීන් ලෙස මා ත් ගරු කල නලින්වාදීන් ය. ඒ බව වැටහුණේ ඉතා මෑතකදී ය.

නලින් මහඇදුරුතුමන්ට ඔවුන්ගේ කූට අරමුණ පෙනේවා.

එතුමාව මියන්මා වෙන් එලවා ගන්නට පල නොකියා පල බෙදුවේද එතුමාගෙ ගෝල නඩේ ලෙස පෙන්වන අනුජ මංචනායකලා රවි චතුරංගලා නලින් සුබසිංහලා චන්දිම අඹන්වෙලලා සුමේධ වීරවර්ධනලා හිරණ්‍යා මල්වත්තලා මේධානන්ද හිමිලා සහ තවත් අය විය හැකිය. පුරාවිජ්ජා කාරයින්ද සටකපට පල්ලි දෙකේම පිල්ලි බව හොඳින්ම දනිමු.

එතුමාගෙ කාලය සඟරාවද පල්ලිය ඩැහැ ගෙන ඇත. නුදුරේදීම එතුමාගෙ සංස්කාරක ධූරයද අහෝසි කර ශෙනාලි වඩුගේ පල්ලි පිල්ලියට දෙනු ඇත.

ඇජෙන්ඩා 21 නූතන යටත්විජිතකරණ ලිපි ඇය විසින් ලියනු ඇත නලින්ගෝලයෝ ලෙස සිටි අය ඒවා පරිවර්තනය කරනු ඇත.

එතුමාට ගෝලයන් නැති බව කිව්වා මතකයි. මූසිලයන් වට කර ගෙන සිටින බව තවදුරටත් පෙනේ.


සුපේෂල අපේ මහා සඟ රුවනක්ම මට දුන් උපදෙස එතුමාගෙ ගෝලයෝ ලෙස පෙන්වාගෙන සිටින අය කරන්නේ කෙටවීම පමණක් වන අතර එතුමාට සිටින්නේ එතුමාගෙ බිරිඳ පමණක් බව ය.

එතුමාගෙ අදහස් අප ඉතා ගෞරවයෙන් යැව්වත් ඒවා නවතන්නේම එතුමා වටා සිටින පල්ලිකාමී මේධානන්ද හිමිලා වගේම, ශෙනාලි වඩුගේ සහ මාලින්ද සෙනවිරත්නගේ හිතැති පිල්ලිය වන හිරණ්‍යා මල්වත්ත වැනි අයත් ඕස්ට්‍රේලියානු වහරක නඩේත්, පඬියෙක් බව පෙන්වන චරිත කාරියවසම් ලා ත් ය.

ඔවුන්ගේ අරමුණ එතුමාව එලවා අබෞද්ධ කූට ලියන්නී ශෙනාලි වඩුගේට මියන්මා තානාපති ධූරය ලබා දී බටහිරයන්ට රිසි පරිදි ථේරවාද බෞද්ධ මියන්මා සහ සිංහලය නොහොත් ඊනියා ශ්‍රී ලංකාව කොටවා බෙදා වෙන් කර ථේරවාද බුදු පින් බිම් දෙකම උන්ගේ කර ගැනීම ය.

එතුමාගෙ කාලය වෙබ් අඩවියද කාලය සඟරාව ලෙස ඔවුන් ඩැහැ ගත්තේ නුදුරේදීම එතුමාට එහි සංස්කාරක ධූරයද අහිමි කිරීමට විය හැකියි.

ඇජෙන්ඩා 21 හි නූතන යටත්විජිතවාදී අරමුණු කූට ලෙස කාලය සඟරාවේ අබෞද්ධ පිල්ලිය ශෙනාලි වඩුගේ විසින් ලියනු ඇත කමලා හැරිස් ගේද අනුහසින්. රවි චතුරංගලා හිරණ්‍යා මල්වත්තලා සුමේධ වීරවර්ධනලා නලින් සුබසිංහලා පමණක් නොව මහඇදුරුතුමන්ගේ පුතුගේ මිතුරු නන්දන වඩුතන්ත්‍රීද, නිර්මාල් දේවසිරි සමග නෙගටිව් පබ්ලිසිටි ගන්නා නලින් සර්ටත් වඩා මොලේ උඩ කියා හිතන පඬි තමලු මලිත්තත්, ශිරන්ත චාමරත් ඒවා පරිවර්තනය කරනු ඇත.

නලින් මහඇදුරුතුමණි ඔබතුමා දැකලවත් නැති මා නම් ඉතා ගෞරවයෙන්ම ඔබතුමාගේ අනුගාමී අවංක සිංහල බෞද්ධ ගැමි කතකි කොහේ ජීවත් වුණත්. ඔබතුමාට තිසරණ සරණත් සම්‍යක් දෙවු බඹුන්ගේ ආරක්ශාවත් සමග දීර්ගායුෂ ලැබේවා සිංහල බෞද්ධ රාජ්‍යය නූතන යටත්විජිතයක් නොවේවා!

ප්‍රියදර්ශිකා නවරත්න

පරිසරය සංවර්ධනය හා මෝල්ගස් – මහඇදුරු නලින් ද සිල්වා මහතා

පරිසරය සංවර්ධනය හා මෝල්ගස්

මට ඇති ලොකු ම ශක්තිය මා උගතකු බුද්ධිමතකු වියතකු නො වීම. ලංකාවට ඇති ලොකු ම ප්‍රශ්නය උගතුන් බුද්ධිමතුන් වියතුන් වැඩි වීම. සිංහලයන් අතර බහුතරය බෞද්ධයන්. බෞද්ධයන් නිතර දෙවේලේ මධ්‍යම ප්‍රතිපදාව ගැන කියවනවා. එහෙත් ඔවුන් මධ්‍යම ප්‍රතිපදාව මොකක් ද කියා කියන්න දන්නේ නැහැ.

මේ දිනවල පරිසරය ගැන කියවනවා. අද පරිසරය පිළිබඳ විශේෂඥයන් සංඛ්‍යාව සිංහරාජයේ ඇති ගස් සංඛ්‍යාවට වැඩි වෙන්න ඕන. සිංහරාජය වැහි වනාත්තරයක් කියා කියනවා. එය ලෝක උරුමයක් කියලත් කියනවා. සිංහරාජය කපා දමනවාට මාත් කැමති නැහැ. ඒ ඇයි ද කියා මගෙන් ඇහුවොත් මටත් කියන්න වෙන්නෙ ඔය වැහි වනාන්තර කතාව ජල පෝෂණ ප්‍රදේශයක් වීම ආදිය. එහෙත් එතනින් එහා ගිය විශේෂඥ දැනුමක් මට නැහැ.

මා කෙදිනකවත් සිංහරාජය බලන්න ගිහින් නැහැ. ඒ කූඩැල්ලන් ඉන්න නිසා නො වෙයි. මා හිතන්නේ ඒ වගේ තැන් බලන්න යෑමෙනුත් වළකින්න ඕන කියල. මා ගිහින් බැලුව කියල සිංහරාජයට වැඩක් වේය කියා මා හිතන්නේ නැහැ. සමහර විට අවැඩක් නම් වෙන්න පුළුවන්. සිංහරාජය බලලා ඒ ගැන උපදෙසක් දෙන්න මා වියතකුවත් බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි. සිංහරාජය නොබැලුව කියල මගේ ජීවදත්තවලට ප්‍රශ්නයක් වේය කියා මා හිතන්නේ නැහැ.

පරිසරය රැකීම හා සංවර්ධනය කියන්නෙ මොන අතින් බැලුවත් එකිනෙකට විරුද්ධ දේ. බටහිර සංවර්ධනය පිළිබඳ ආකල්ප සමග පරිසරය රකින්න බැහැ. මා ඒ ගැන ලියූ ලිපි එකතු කරල පොඩි පොතක් හැටියටත් පළ කරල තියෙනවා. ඒ පොත දැන් පොත්හල්වල නැහැ. මා දෙවැනි මුද්‍රණයක් ගැන හිතුවෙත් නැහැ. ඒ කඩදාසි ලබා ගැනීම සඳහා ගස් කපන්න වෙන නිසා නො වෙයි. ලංකාවෙ උගතුන් බුද්ධිමතුන් වියතුන් ඒකෙ තියෙන දේට වඩා දන්න නිසා.

බොහොම ඉස්සර කාලෙ මා සංකල්පයක් ඉදිරිපත් කළා ගතික සමතුලිතතාව කියල. ඒක පරිසරය හා සංවර්ධනය ගැන පමණක් නොව එකිනෙකට විරුද්ධ ප්‍රපංච සඳහා ඉදිරිපත් කරන්න පුළුවන් එකක්. අත්හැරීම හා සමාජයේ ජීවත්වන විට අත්නොහැරීම කියන එකිනෙක විරුද්ධ ප්‍රපංච සඳහාත් ගතික සමතුලිතතාව යොදා ගන්න පුළුවන්. එහෙත් පඬි නැට්ටන් සුපුරුදු පරිදි ගතික සමතුලිතාවට හිනහ වුණා. ලංකාවෙ ඉන්න උගතුන් වියතුන් බුද්ධිමතුන් ඒ සංකල්පය ගැන අහන්නවත් ඉදිරිපත් වුණේ නැහැ.

ගතික සමතුලිතතාව ස්ථික සමතුලිතතාවෙන් වෙනස්. ව්‍යවහාරික ගණිතයෙ හරි භෞතික විද්‍යාවෙ හරි මූල් පාඩම්වල ස්ථිත සමතුලිතතාව ඉගැන්වෙනවා. අපට පාසලේ හිටිය අරසරත්නම් කියල ඉතා දක්‍ෂ ගුරවරයෙක්. මා ඔහුගෙන් තමයි ස්ථිතික සමතුලිතතාව ඉගෙන ගත්තෙ. ඒ සාමාන්‍ය පෙළ ව්‍යවහාරික ගණිතය පාඩම්වල. ඒ 1960 අවුරුද්දෙ. මගේ මතකය සාමාන්‍යයෙන් ඉතා දුර්වල වුණත් ඔහු අවුරුදු හැටකට එහා කී දේ මට තවමත් මතකයි.

බල දෙකක් පමණක් සමතුලිතතාවෙ තියෙනව නම් ඒ බල එක ම සරල රේඛාවක් දිගේ දෙපැත්තට ක්‍රියා කරන්න ඕන කියල ඔහු පෙන්නා දුන්න. ඒ බල විශාලත්වයෙන් සමාන වෙන්න ඕන කියලත් ඔහු කිවුව. ඒක තමයි අද අපට අදාළ. එහෙත් ඔහු බල තුනක සමතුලිතතාව ගැනත් හොඳ කතාවක් කිවුව. ඔහු අපට කියා දුන්නෙ බල තුනක් ස්ථිතික සමතුලිතතාවෙ තියෙනව නම් ඒ බල තුන ඒක තල වීම අනිවාර්ය බව. එහෙත් ඒ සමග ම ඔහු කීවා එය ප්‍රමාණවත් නැති බව. ප්‍රමාණවත් වෙන්න නම් ඒ ලක්‍ෂ්‍යයක දී හමුවිය යුතු බවත් ලාමි ප්‍රමේය සපුරාලන්න ඕන බවත් කිවුව. ඒ කතාව මගේ හිතේ තාමත් රැව් පිළිරැව් දෙන්නෙ මොකද කියල මට හිතා ගන්න බැහැ. අනිවාර්ය හා ප්‍රමාණවත් කතාව හොඳට ම තේරුණා.

ඔහු ගතිකයත් ඉගැන්නුව. ඔහු තමයි අපට ශුද්ධ ගණිතය ව්‍යවහාරික ගණිතය උසස් ගණිතය විෂය තුනම ඉගැන්නුවෙ. මා ඔහුත් තවත් ගුරුවරු කිහිප දෙනකුත් දිනපතා සිහි කරනවා. මගේ ගණිත හා ප්‍රවාදාත්මක භෞතික විද්‍යා දැනුමට පදනම දැමුවෙ ඔහු. ක්‍රිස්ටි ගුණසේකර කියල ගුරුවරයෙක් මට හිතන්න ඉගැන්නවා. ඔහු උගන්නපු රසායන විද්‍යාව නම් මට මතක හිටියෙ නැහැ. 1959 අවුරුද්දෙ දවසක අම්ල ගැන උගන්වන අතරෙ ඔහු කිවුව අම්ලයක් අර්ථදක්වන්න. අවුරුදු දහහතරක අපට ඔහුට පිළිගන්න පුළුවන් අර්ථදැක්වීමක් කරන්න බැරි වුණා. ඔහු ඊට පසු කිවුවා අර්ථදැක්වීමක් යන්න පැහැදිලි (explain definition) කරන්න කියා. එය කොහොමටවත් කරන්න බැරි වුණා. ඊළඟට ඔහු කිවුවා පැහැදිලි කිරීම අර්ථදක්වන්න (define explanation) කියා. ඒ තමයි මා චක්‍රීය චින්තනයට යොමු වූ පළමු දිනය.

ගතිකය උගන්වන කොට P= mf උගන්නවනවා. අපේ ගුරුතුමා අපට කිවුව දේතමයි බලයත් ත්වරණයත් එකම දිශාවට තියෙන්නෙ කියන එක. ඒකත් හොඳ කතාවක්. බලය එක් දිශාවකටත් ත්වරණය තවත් දිශාවකටත් තියෙන්න බැහැ. පස්සෙ කලක් ගිහින් විශ්වවිද්‍යාලෙ දී ඩලම්බෙයාර් ලග්රාන්ජෙ ආදීන්ගෙ අදහස් ඉගෙන ගන්න කොට තමයි මට මතක් වුණෙ P= mf සමීකරණය P-mf=0 ලෙස ලියන්න පුළුවන් කියා. ඒ තමයි ගතික සමතුලිතතාව.

ලග්රාන්ජෙ සමීකරණ මේ දිනවලත් මා කළු කුහර සම්බන්ධයෙන් යොදා ගන්නවා. තානාපති රස්සාවෙ පනුවන් කන සාම පරෙවියන් බලමින් ධීවරයන් ගැන හිත යොමු කරමින් බිම්ස්ටෙක් කියන්නෙ කලාපීය කතාවක් මිස ද්විපාර්ශ්වීය කතාවක් නොවන බව කියන අතරෙ කළු කුහර ගැනත් කල්පනා කරන්න ඉඩ ලැබෙනවා. මට දැන් තේරෙනවා කළු කුහර ඔය කියන තරම් කළු නැහැ කියල හා එතැනත් තියෙන්නෙ ගතික සමතුලිතතාවක් කියල. ඒ ගැන පස්සෙ වැඩි විස්තර.

පඬි නැට්ටන් හිනහවෙන්නෙ එ ගතික සමතුලිතතා සංකල්පයට. පරිසරය රැකීම – සංවර්ධනය =0 කිවුවොත් අත්හැරීම – අත්නොහැරීම =0 කිවුවොත් එතැන ඇත්තෙ ගතික සමතුලිතතාව. ඒත් මේ ගතික සමතුලිතතාව සාදාකාලිකව එකම තැනක ඇති එකක් නො වෙයි. අවුරුදු පන්දාහකට එහා පැත්තෙ තිබුණු ගතික සමතුලිතතාව නො වෙයි අනුරාධපුර කාලෙ තිබුණෙ. දඹදෙණියෙදි තවත් එකක්. දැන් වෙනත් ම ගතික සමතුලිතාවක්.

අපට පෞද්ගලිකවත් සමාජයක් ලෙසත් මේ ප්‍රශ්නයට මුහුණ පාන්න වෙනවා. අධිවේගී මාර්ගයක් ගේ අසළින් තියෙනව නම් බොහෝ දෙනකු කැමති වේවි. ඒත් අධිවේගී මාර්ගයට තම ඉඩමෙන් කොටසක් දෙන්න වෙනව නම් එතැන ප්‍රශ්නයක්. අපි වල් අලි බලන්න කැමතියි. ඒත් කොළඹට වල් අලි ආවොත් මොක ද කරන්නෙ. ලංකාවෙ තරමක් ඈත පළාතකට යන විට පරිසර සෞන්දර්යය දැක බලාගන්න අපි කැමතියි. ඒත් ඒ ප්‍රදේශයේ පදිංචි වෙන්න අප අකමැතියි. අපරාදෙ කියන්න බැහැ මියන්මාහි ලංකා තානාපති කාර්යාලය පිහිටල තියෙන්නෙ සද්දයක් බද්දයක් නැති කලබලයක් නැති ප්‍රදේශයක. බිම්ස්ටෙක් ප්‍රශ්නයෙදි නම් අපි හිතුව උද්ඝෝෂකයන් තානාපති කාර්යාලය ඉදිරිපිටට ඒවි කියල. බිම්ස්ටෙක් රැස්වීමට තව කල් තියෙනවා. ඒක අතථ්‍ය රැස්වීමක් තියෙන්නෙ බටහිරයන් කියන විධියට මෝඩයාගෙ දවසෙ.

සංවර්ධනය කියන එකෙන් අප අද අදහස් කරන්නෙ බටහිර ක්‍රමයෙ සංවර්ධනයක්. අපට මතක් වෙන්නෙ එකක් උඩින් තව එකක් යන මහා මාර්ග, තට්ටු නිවාස, අධිවේගී දුම්රිය, සුපිරි වෙළෙඳ සල්, අධිතාක්‍ෂණික රෝහල්, විනෝද ශාලා, සුපිරි මාධ්‍ය, දැන් නම් රූහඬ මාධ්‍ය, ආදිය. කෙටියෙන් කියනව නම් නගර සංවර්ධනයක්. නගර සංවර්ධනය කියන්නෙ නාගරික සංවර්ධන අමාත්‍යාංශෙ වැඩක් නො වෙයි. නගර සංවර්ධනය කියන එකෙන් මා අදහස් කරන්නෙ නගරය සංවර්ධනය කිරීම. මිනිසා සංවර්ධනය නොකිරීම.

මේ කොවිඩ් ප්‍රශ්නයි දේශපාලන ප්‍රශ්නයි නිසා අපට තවම හරියට මියන්මා දැක බලාගන්න බැරි වුණා. ඒත් දැකපු ටිකෙන් කියන්න පුළුවන් තවමත් පැරණි ගම් තියෙනව කියල. ඒවා කල් යෑමේ දී වෙනස් වේවි. ලංකාවෙ පැරණි ගම් ඒ ආකාරයෙන් ම තියා ගන්න ඕන කියල මා කියන්නෙ නැහැ. එහෙම කියන්නෙ නගරයෙ ජීවත්වෙලා මානසික ආතති හැදුණට පස්සෙ ගිහින් විවේකයක් ගන්න ගම් තියෙන්න ඕන කියල හිතන අය වෙන්න පුළුවන්.

අපි වෙනස් වෙන්න ඕන. අර එකල කොළඹ විශ්වවිද්‍යාලෙ සුවාදීනයන් අපේ අදහස් වැරදියට ගෙන, එහෙමත් නැත්නම් අමරසේකර සූරිය ගුණසේකර ධර්මසේකර අදහස් සමග පටලවා ගෙන අපට කිවුවෙ බරකරත්තෙන් ආපහු අනුරාධපුරයට යනවා කියල. බරකරත්තෙන් ගියත් දැන් පස්වැනි සියවසේ අනුරාධපුරය දකින්න නැහැ. මෙය ආපසු යෑමක් නොවෙයි. එහෙත් ලන්ඩන් නැත්නම් නිව්යෝක් යෑමක් ද නො වෙයි. මට නම් මා දැක ඇති නගරවලින් අවලස්සන ම නගරය නිව්යෝක්. ආසියාවෙ ඕනම රටකට ගියොත් පොඩි පොඩි කැත ලන්ඩන් නගර දකින්න පුළුවන්.

අප ඉවත් වෙන්න ඕන මේ නගර සංවර්ධනයෙන්. එහි ඇති සංවර්ධනයක් නැහැ. ඇත්තේ අවලස්සණ වර්ධනයක්. කලින් තිබූ මියන්මා හමුදා ආණ්ඩුව අගනුවර යැන්ගොන් නගරයෙන් හැතැප්ම දෙසිය පනහක් පමණ පිටතට ගෙන ගිහින්. නෙ පි ටෝ කියල නගරයකට. ඒ නගරයෙ සුන්දරත්වයක් තියෙනවා.

වත්මන් ආකාරයේ නගර සංවර්ධනයක් එක්ක පරිසරය රකින්න බැහැ. මෙහි අර ගතික සමතුලිතතාවට ඉඩක් නැහැ. කළු කුහරවලට ඒ නම දැම්මෙ කොල්කතාවෙ තියෙන ගියොත් ආපසු නොඑන ප්‍රදේශයක නමින් කියල කියනවා. කොල්කතාව තමයි බිරිතානින් ඇති කළ ඉන්දියාවෙ අගනුවර. පස්සෙ තමයි පැරණි දිල්ලියට මාරු වුණෙ. නව දිල්ලිය කියල අමුත්තක් නැහැ. අප වෙනත් ම ආකෘතියක නගර හා ගම් ගැන හිතන්න ඕන. ඒත් ලංකාවෙ ප්‍රශ්නය රට ගැන හිතන්න බැරි උගතුන් වියතුන් බුද්ධිමතුන්ගෙ අම්බලමක් වීම.

පින්වතිය , මේ ගස කුමක් ද?
එය පඬු කරද ගසක් ස්වාමිනි

මේ පඬු කරද ගස හැරෙන්න තවත් පඬු කරද ගස් තිබේ ද?
එසේය ස්වාමිනිි, තවත් ගස් පහක් විතර තියෙනවා.

ඒ පඬු කරද ගස් හැරෙන්න තවත් ගස් තිබේ ද?
එසේය ස්වාමිනි, විවිධ ගස් තියෙනවා.

ඒ පඬු කරද ගස් හා පඬු කරද නොවන ගස් හැරුණු විට තවත් ගස් තිබේ ද?
එසේය ස්වාමිනී ඒ මෝල් ගස් .

  • මහඇදුරු නලින් ද සිල්වා මහතා

එංගලන්තය හා භාර්‍යාවට පහර දීම- මහඇදුරු නලින් ද සිල්වා මහතා

එංගලන්තය හා භර්යාවට පහර දීම

එක්තරා ඉංජිනේරු මහාචාර්යවරයෙක් කියා තිබුණා ලංකාවට විරුද්ධව ජෙනීවාහී මානව අයිතිවාසිකම් කමිටුවේ යෝජනා ගෙන එන රටවල මානව අයිතිවාසිකම් කඩකිරීම් හොයන එක වැඩකට නැති වැඩක් කියල. ඔහු මා හිතන්නෙ අවුරුදු හැටක් පමණ මාක්ස්වාදියකුව හිටිය අයෙක්. ඔහුගෙ සම්භවය දෙමළ ක්‍රිස්තියානි. ඇහුවොත් කියාවි ඔහුට ආගමක් නැහැ වගේ කතා.

ඒ කුමක් වුවත් ඔහුගෙ තර්කය වුණෙ යම් ගෙදරක ස්වාමි පුරුෂයා භාර්යාවට පහර දෙන විට අල්ලපු ගෙදර අය ඇවිත් ඒකට මැදිහත්වෙලා නවත්වනව නම් ඒ අල්ලපු ගෙදර අය භාර්යාවට පහර දෙන අයකු ද යන්න වැදගත් නොවන බව. අවශ්‍ය වන්නේ දැන් පහර දීම නවත්වන එක කියල.

මෙතන ප්‍රශ්න කිහිපයක් පැන නගිනවා. ලංකාවෙ සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් ඊනියා සුළු ජනවර්ගවලට පහර දෙනව ද කියන එක. එංගලන්තය වගේ රටවල් ලංකාවට විරුද්ධව චෝදනා ගෙනෙන්නෙ හුදු මානව භක්තියෙන් ම ද කියන එක. එංගලන්තය හිතනවා ද අනේ පවු සිංහලයන් මුස්ලිමුන්ට දෙමල ජනයාට විරුද්ධව ඔවුන්ගෙ මානව අයිතිවාසිකම් කඩ කරනව කියල.

පාස්කු ප්‍රහාරය සිංහල බෞද්ධයන් කරපු වැඩක් නො වෙයි. එයින් මිය ගියෙ වැඩියෙන් ම කතෝලිකයන් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි බැතිමතුන්. ප්‍රහාරයට සහභාගි වෙලා තියෙන්නෙ මුස්ලිමුන්. එහි දී සහරාන්ගෙ නම වැඩියෙන් කියැවෙනවා. ඒ වගේ ම කෙලින් ම නැතත් බද්‍යුද්දීන් අසත් සාලි ආදීන්ගේ නම් කියැවෙනවා. ඒ මුස්ලිමුන් පිටුපස ඉන්නෙ කවුද කියල කාදිනල්තුමා අහනවා. කාදිනල්තුමා අද අහන ප්‍රශ්න එදත් ඇහුව නම්..

කොහොමත් ලෝකයේ සභ්‍යත්ව ගැටුමක් තියෙනවා. එංගලන්තය කියන්නෙ කතෝලික රටක් නො වෙයි. එය ක්‍රිස්තියානි රටක්. ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. එය කතෝලික ආධිපත්‍යයෙන් මිදුණෙ අටවැනි ගෙන්රි එංගලන්ත රජුගෙ කාලෙදි. පාප් වහන්සේට අද එහි බලපෑමක් කරන්න බැහැ. කොහොමත් පාප් වහන්සේ තමයි ලෝකය ඉස්සෙල්ල ම පෘතුගීසීන්ට හා ස්පාඤ්ඥයන්ට වෙන් කරල දුන්නෙ. ඒ තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ආරම්භයෙ සිද්ධ වෙච්ච දේ. පාප් වහන්සේ තමන් නෙදැනුවත්ව ම තමන්ගෙ ආධිපත්‍යය නැති වෙන තැනට කටයුතු කර ගත්තා. පස්සෙ කාලෙක ලන්දේසීන් ඉංගිරිසින් ප්‍රංශයන් පෘතුගීසීන් ස්පාඤ්ඤයන් ලෝකය බෙදා ගත්තා. පාප් වහන්සේ වතිකානුවට කොටු වුණා.

ඔය රටවල් කිහිපය ලෝකයේ මානව අයිතිවාසිකම් රැක්කෙ නැහැ. පස්සෙ කාලෙක දී ඇමරිකාව නමින් හැඳින්වෙන එක්සත් රාජ්‍යයත් වැඩේට බැස්ස. මෙතන තියෙන්නෙ ගෙදර භාර්යාවට පහර දීමේ ප්‍රශ්නයක් නො වෙයි. තනිකර දේශපාලන ප්‍රශ්නයක්. කාට හරි කියන්න පුළුවන් භාර්යාවට පහර දීමත් දේශපාලන ප්‍රශ්නයක් කියල. එයත් ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක් තමයි. එහෙත් ජාතීන් අතර තියෙන්නෙ පෞද්ගලික ආධිපත්‍යයක් පිළිබඳ ප්‍රශ්නයකට වඩා සංස්කෘතීන් සභ්‍යත්ව අතරෙ තියෙන ප්‍රශ්නයක්.

ලංකාවෙ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නෙ මුල ම ඇත්තෙ එංගලන්තය හා යම් තරමකට නෙදර්ලන්තය. එහෙමත් නැත්නම් ඕලන්දය. ලංකාවට දෙමළ ජනකොටස් ගෙනාවෙ බටහිරයන්. ඔවුන් තමයි දහහතර වැනි සියවසේ සිට මෙහි සිටි මුස්ලිමුන් සිංහලයනට විරුද්ධව යොදා ගන්නෙ. අර මහාචාර්යවරයාගෙ උපමාවෙන් ම කිවුවොත් ස්වාමියාට විරුද්ධව භාර්යාව මෙහෙයවන්නෙ බටහිරයන්. භාර්යාවක් එවලා ස්වාමියාට විරුද්ධ ව භාර්යාව මෙහෙයවලා සටනක් ආරම්භ කරල ඒ සටන නිවන්න කියල බටහිරයන් ලංකාවට දුවගෙන එනවා. ඒ අතර ඔවුන් තමන්ගෙ ගෙදර භාර්යාවට පහර දෙනවා. කළු මිනිසුන් ඒ රටවල ජීවිත ගෙවන්නෙ මෙහෙම මානව අයිතිවාසිකම් වෙන කොහෙවත් තියෙනවා ද කියල සටන්පාඨ කියමින් නො වෙයි.

ක්‍රිස්තියානි ලෝකය අපට විරුද්ධව මුස්ලිමුන් යොදා ගන්නවා. අපට මුස්ලිම් රටවල් ක්‍රිස්තියානි රටවලට විරුද්ධව යොදා ගන්න පුළුවන් නම් වරදක් නැහැ. බටහිර රටවල් ඇතැම් මුස්ලිම් රටවල් ද තම ආධිපත්‍යය පවත්වාගෙන යෑම සඳහා යොදා ගන්නා බව රහසක් නො වෙයි. අද විශේෂයෙන් එංගලන්තයට හා පොදුවේ බටහිරට තියෙන ප්‍රශ්නය ඔවුන් එවූ භාර්යාව හරහා මෙහෙයවූ සටන පරාජය වීම. එය එසේ මෙසේ පරාජයක් නො වෙයි. ලංකාව වගේ රටක් විසි එක්වැනි සියවසේ එංගලන්තය පැරදවීම එංගලන්තයට ඉවසා දරාගත හැක්කක් නො වෙයි. එංගලන්තය ඉදිරියේදීත් රටවල් කිහිපයක් හවුල් කරගෙන ලංකාවට විරුද්ධව යෝජනා ඉදිරිපත් කරාවි. අද යෝජනාව එංගලන්තය දිනලා. ඒකට කමක් නැහැ. ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකිලා. එංගලන්තයට තවමත් ලෝක ආධිපත්‍යයක් තියෙනවා. ඔවුන් දන්නවා ආධිපත්‍යය පවත්වාගෙන යන හැටි ඊනියා ජාත්‍යන්තර සම්මේලනවල.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

18 කැරැල්ලට හේතුව කුල ක්‍රමයෙන් ලැබුණු ශක්තියයි

18 කැරැල්ලට​ හේතුව කුල ක්‍රමයෙන් ලැබුණු ශක්තියයි

මනුෂ්‍ය වර්ගයාගේ උපත සිදුවූ හැටි බ්‍රාහ්මණ ආගමෙන් පැහැදිලි කර දී තිබුණි. ඒ අනුව එය සිදුවී ඇත්තේ බ්‍රහ්ම සිරුරේ ස්ථාන හතරකිනි. මෙසේ පහළ වූ මනුෂ්‍යයෝ දඹදිව රාජ්‍යයන් බොහෝමයක බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර වශයෙන් කොටස්වලට බෙදී ජීවත් වූහ. මෙම උපත වෙනස් කිරීමට මනුෂ්‍යයන්ට හැකියාව තිබුණි. හොඳම නිදසුන, ‘කිසිවකු උපතින් බ්‍රාහ්මණයකු හෝ වසලයකු නොවේ යැ’යි පැවසූ බුදුන් වහන්සේ හැම වර්ණයකටම අයත් පුද්ගලයන් බුද්ධ ශාසනයට භාර ගැනීමයි. බ්‍රාහ්මණ ධර්මයේ සඳහන් වන කුලය ගැන බ්‍රාහ්මණ පඬියෝ ද අදහස් ප්‍රකාශ කළහ. ‘මනුස්මෘතිය’ ඊට නිදසුනකි.
බ්‍රිතාන්‍ය පාලන සමයේ දී හින්දු කුල ක්‍රමයට බැටදීමේ වැඩපිළිවෙළක් ඇරඹුණි. ඊට මූලික වූවන් ප්‍රකාශ කළේ, හින්දු ආගම මගින් මනුෂ්‍යයන් කුලවලට බෙදා සමහර කුල පහත් යයි තීරණය කිරීම යහපත් සමාජ ධර්මයක් නොවන බවයි. ලංකාවේ සිදුවූයේ මීට වෙනස් දෙයකි. කුල ක්‍රමය යටතේ සිංහලයන්ට සංවිධානය වීමට ලැබුණු ශක්තිය 1817-18 කැරැල්ලට හේතුව යැයි කෝල්බෲක් කොමිසම පිළිගත්තේය. මෙයින් පසුව සිංහලයන් බෙදීමට ඉතා සූක්ෂම හා සංවිධානාත්මක වැඩපිළිවෙළක් බ්‍රිතාන්‍යයන් විසින් අරඹන ලදි. සිංහල සමාජයේ කුල ක්‍රමය ගැන පොත පත ලිවීම ඇරඹෙන්නේ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමයට සිංහලයන් නතුකර ගත් පසුවය. නිදහස ලැබුණ පසුවත් යුරෝපීය ජාතිකයන් ගණනාවක් ලංකාවට පැමිණ සිංහල ගම්මානවල රැඳෙමින් සිංහල කුල ක්‍රමය ගැන තොරතුරු රැස් කර ඇත. ප්‍රසිද්ධ කළ ඔවුන්ගේ ඇතැම් නිබන්ධනයක කුල ක්‍රමය නිසා රටට යහපතක් සිදුවූ අවස්ථා සඳහන් වන නමුත් කුල ක්‍රමය යහපත් දෙයක් යැයි කිසිවෙක් නොකියති.
කුලය මාතෘකා කරගෙන, ඇතැම් ජන කණ්ඩායම් තවත් කණ්ඩායම් (විශේෂයෙන්ම ගොවි කුලයට) වලට විරුද්ධව නවකතා ලිවීම පසුගිය කාලයේ සිදුවී තිබේ. මෙවැනි ලේඛකයන් හොඳ ලේඛකයන් වශයෙන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් ද තිබී ඇත. විශ්වවිද්‍යාල ආචාර්ය තනතුරුවලට පත්වූ ඇතැමුන් බුද්ධාගමේ සහ සිංහල ජාතියේ හතුරන් සේ කටයුතු කරන්නේ තමන් කුල හිංසනයට ගොදුරුවූ පුද්ගලයන් යැයි සිතීමෙනි. මාක්ස්වාදී ව්‍යාපාරයේ පැතිරීමටත් කුල භේදය හේතුවක් වී ඇත. ඇතැමුන් විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂවලට සම්බන්ධ වී ඇත්තේ උසස් යයි සම්මත කුල නැති කිරීමේ පරමාර්ථයෙනි. ජනතා විමුක්ති පෙරමුණ කුලය පදනම් කරගෙන ගොඩනැගුණු පක්ෂයක් බව එහි නායකත්වය දැරූ සමහරුන්ගේ කියුම් කෙරුම්වලින් පැහැදිලි වේ.
පසුගිය මාසයේ දකුණු ඉන්දියාවේ සංචාරයක යෙදුණ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි දකුණේ පාලකයන් වශයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ කටයුතු කළ වෙල්ලාලයන්ගේ බලය දුර්වලකර ඔවුන්ගේ අභිමානය සහ එක්සත්කම නැති කිරීම සඳහා බ්‍රිතාන්‍ය පාලකයන් ගෙනගිය වැඩපිළිවෙළක් ගැන ‘බීජේපී’ ආකල්පය පැහැදිලි කළේය. බ්‍රිතාන්‍යයන් තමිල්නාඩුවේ බෙදා වෙන්කර සිටි කුල හතක් එකම ඡත්‍රයක් යටතට ගනිමින් දේවේන්ද්‍ර කුලය ශක්තිමත් කරන බව පැවසූ අගමැතිවරයා, ‘ඔබලා දේවේන්ද්‍ර මං නරේන්ද්‍ර යැ’යි රැස්ව සිටි පිරිස අමතා කියා ඇත.
මෝදි, තමිල්නාඩුවේදී කළ ප්‍රකාශය අපගේ අවධානයට යොමුවිය යුත්තකි. බ්‍රාහ්මණ කුල ක්‍රමය ඉන්දියාව දියුණු කිරීම සඳහා යොදාගත යුතු ජාතික චින්තනය යැයි ඇතැම් ඉන්දියානුවෝ සලකති. ආර්. වෛද්‍යනාදන් ලියූ ’කාස්ට් ඈස් ෂෝෂල් කැපිටල්’ ග්‍රන්ථය ඊට සාක්ෂියකි. කුල ක්‍රමය යටතේ ඉන්දියාවේ සමෘද්ධිමත් රාජධානි ගොඩනැගුන පිළිවෙළ සහ ජනයා සුඛිත මුදිතව ස්ථාවර ආණ්ඩු යටතේ ජීවත්වූ ආකාරය ඔහු සාකච්ඡාවට ලක්කර තිබේ.
බ්‍රිතාන්‍ය ඉන්දියාවේ තොරතුරු සෙවූ මැක්ස් ම්‍යුලර්, සංස්කෘත භාෂාව පදනම් කරගෙන ඉන්දියාවේ වැසියන් ආර්ය සහ අනාර්ය යනුවෙන් කොටස් දෙකකට බෙදුවේය. දකුණේ මිෂනාරි කටයුතුවලට පැමිණි ක්‍රිස්තියානි දේවගැතිවරු ද්‍රවිඩ භාෂා කතා කරන්නන් අනාර්යයන් බවට තර්ක කළහ. භාෂාව අනුව ඉන්දියානුවන් කොටස් දෙකකට වර්ග කළ හැකි නමුත් ස්වරුපයෙන් එවැනි බෙදීමකට ලක්කිරීම අපහසු බව මැක්ස් ම්‍යුලර් සඳහන් කර ඇත. ඔහු අනාගතයේ පැමිණෙන්නෙකුට එවැනි ක්‍රියාවකට ඉඩකඩ සලසන්නේ ඍග්වේදයේ ‘අනාසා’ යන වචනය සඳහන් වී ඇතැයි සඳහන් කිරීමෙනි. ‘පැතලි නාසා ඇත්තන්’ අනාර්යයන් විය යුතු යයි ඔහු ලියයි.
ම්‍යුලර්ගේ ඉදිරිපත් කිරීම කෙරෙහි, සමාගමේ සේවයට පැමිණි හර්බට් හෝප් රිස්ලි විශේෂ සැලකිල්ලක් දැක්වූයේය. ඔහු ම්‍යුලර්ට ලිපි ලියමින් උපදෙස් පැතුවේය. ආණ්ඩුවේ ජන හා සංඛ්‍යා ලේඛන කොමසාරිස් වූ රිස්ලි, ඉන්දියානුවන්ගේ සංගණනයක් අරඹමින් එම කටයුත්තේ යෙදුන නිලධරයන්ට හින්දු ඉන්දියානුවන්ගේ නාසා පරීක්ෂා කිරීමට අනුබලදී තිබේ. ඔවුන් සැපයූ තොරතුරු ඇසුරින් නාසා න්‍යායක් ඉදිරිපත් කළ රිස්ලි, හින්දුන් කුලවලට වර්ග කළේය. ස්වදේශිකයන්ට තමන් අයිති වූ කුලය පිළිබඳ පිළිගැනීමක් ඇති කිරීමට ද ඔහු විසින් වැඩපිළිවෙළක් යොදන ලදී.
ඉන්දියානුවන් කුල වශයෙන් බෙදීමෙන්, රිස්ලි වෙළෙඳ සමාගමේ පාලනයට කළේ ලොකු සේවයකි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඔහුට නයිට් තනතුරක් දුන්නේය. රිස්ලි එංගලන්තයේ රාජකීය මානව විද්‍යා සංගමයේ සභාපති තනතුරට පත්විය. මේ ආකාරයෙන් බටහිර මානව විද්‍යාව ගොඩනැංවීමේ පතාක යෝධයකු වූ රිස්ලි, ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා මානව විද්‍යා මයිස්ටර්වරුන් වන ලාංකිකයන්ට බෙහෙවින් වැදගත් වූයේය. මෑත කාලයක ගම්බද පාසල්වල ඉගෙනුම ලැබ සිංහලෙන් මානව විද්‍යාව හදාරා පඬියන් වූ පිරිසක්ද රිස්ලිගේ ගෝලයින් වී සිටිති. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඇහැට නුදුටු පුද්ගලයන් පවා ඔහුගේ ගෝලයින් වී සිටිතැයි සරච්චන්ද්‍ර සමීපව ඇසුර කළ මහාචාර්ය තිස්ස කාරියවසම් අප සමග කිහිප වරක්ම කියා ඇත. මහාචාර්ය සරච්චන්ද්‍ර සමීපව ඇසුරු කළ මහාචාර්ය සෝමරත්න බාලසූරිය වරක් පැවසුවේ, ‘මියගිය සරච්චන්ද්‍රයන් දත් මැද්ද බුරුසුව ගැන පවා ලියන ඇතැම් උගතුන් සරච්චන්ද්‍ර ජීවත් වූ කාලයේ කොහේ සිටියේදැ’යි තමන් නොදන්නා බවයි.
රිස්ලිගේ බෙදුම්වාදී ක්‍රියාව සියලු ඉන්දියානුවන් පිළිගත්තේ නැත. බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය මගින් හින්දු අධ්‍යාපන ක්‍රමය වනසා ස්වදේශිකයා වහල් මනසක් ඇත්තකු බවට පත්කළ හැටි පැහැදිලි කළ ධර්මපාලතුමා නිදසුනකි. යුරෝපීයයන් කියන කුල ක්‍රමය බ්‍රාහ්මණ ධර්මයෙන් ප්‍රකාශ කෙරෙන වර්ණාශ්‍රම ධර්ම නොවේ යයි ඔහු තර්ක කළේය. ඉන්දියාවේ ග්‍රාමීය සමාජ ක්‍රමය පිරිහී විනාශවී ගැමියන් අසමගි භාවයට පත්වී දිළින්දන් වීමට ප්‍රධාන හේතුව බ්‍රිතාන්‍යයන් හින්දු ශ්‍රේණි ක්‍රමය විනාශ කිරීමයැයි ඔහු කීවේය.
අතීතයේ දඹදිව් තලයේ ඥානය දෙවියන්ගෙන් ලබාගත හැකි දෙයක් යැයි සිතුවෝ විසූහ. ගණපති ඥානය පහළ කරන හින්දු දෙවියෙකි. දකුණු ඉන්දියානු නායක්කර් බලපෑමට ලක්වූ සිංහල බෞද්ධයෝ ද ගණදෙවියන්ගෙන් නුවණ ඉල්ලූහ.
“ගණදෙවියෝ නුවණ දෙන්ට
සරස්වතී පහළ වෙන්ට”
බැතිමතුන් ගණ දෙවියන්ගෙන් මෙසේ ඉල්ලුම් කළේ කෘත්‍රිම ඥානය නොවේ. තාක්ෂණික මෙවලම්වලින් කෘත්‍රිම ඥානය ලබාගැනීමට පුළුවන. නිදසුනක් දක්වතොත් කිසියම් වචනයක අර්ථය දැනගැනීමට වුවමනා වූ විට පරිගණක යන්ත්‍රයෙන්, ස්මාර්ට් ජංගම දුරකතනයෙන් එම වුවමනාව බොහෝ දුරට සපුරා ගැනීමට පුළුවන. (අන්තර්ජාලයේ හා ස්මාර්ට් ජංගම දුරකතනවල ඇති බොහෝ සිංහල ශබ්දකෝෂ නම් අසාර්ථකය) කැල්ක්‍යුලේටරය ගණන් හැදීමේ කටයුතු කරදෙයි.
ලෝකයේ හැම රටක්ම තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය නොකරයි. තාක්ෂණික දැනුම නිපදවන රටවල් ඇත්තේ කිහිපයකි. මේ නිසා ලෝකයේ රටවල් බොහෝමයක් තාක්ෂණික දැනුම නිපදවන රටවල් කිහිපයේ වහල් භාවයට පත්වෙති. මෙය නව යටත් විජිත වාදයේ අලුත්ම ස්වභාවයයි. මෝදිගේ කතාව නව යටත් විජිතවාදින්ට එරෙහිව කළ ප්‍රකාශයකි. මේ බව සමහරුන් තේරුම් නොගන්නේ ආගමික මතවාදයන්ගේ සිරකරුවන් වීම හේතුවෙනි.
ක්‍රිස්තියානි චින්තනයට පදනම වූ යුදෙව් බයිබලයේ මනුෂ්‍ය උත්පත්තිය සිදුවූ හැටි සඳහන් වේ. ඊට අනුව ලොව මැවූ, දෙව්පියාණෝ පොළොවේ මැටි පිඬකින් පිරිමියා හදා ඔහුට ජීවන හුස්ම පිඹ එම පිරිමියාගේ අස්ථියකින් ස්ත්‍රිය මැවූහ. බටහිර රටවල, ස්ත්‍රිය ගලවා ගැනීමේ ව්‍යාපාර කොතරම් සංඛ්‍යාවක් ආරම්භ වී ඇතත් ඒ කිසිවකට බයිබලයේ සඳහන් මැවීමේ කතාව සංශෝධනය කිරීමට නොහැක. මැවීමේ කතාවෙන් ස්ත්‍රිය පුරුෂයාට සමාන නැති බව ප්‍රකාශ වේ.
කුරානය, යුදෙව් බයිබලය වඩ වඩාත් මූලධර්මය දෙසට ගෙනයෑමේ වෑයමකි. මෙය යුදෙව් බයිබලය පදනම් කරගත් ක්‍රිස්තියානි බයිබලය සහ කුරානය අතර ඇති මූලික වෙනසකි. අසාද් සාලි නමැති ප්‍රසිද්ධ ඉස්ලාම් දේශපාලනඥයා පහුගිය දිනක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කී අදහස්වලින් ප්‍රකාශ වන්නේ ද කුරානයේ සඳහන් නියෝග කිසිවකුට වෙනස් කිරීමට නොහැකි බවයි. කිසියම් ග්‍රන්ථයක දේව භාෂිත අන්තර්ගත නම් ඒ භාෂිතයන් වෙනස් කිරීමට නොහැක. නඩත්තු කළ හැකි නම්, පුරුෂයකු කාන්තාවන් හතර දෙනකු විවහා කර ගැනීමේ වරද කුමක්දැයි ලංකාවේ ඉස්ලාම් නායකයකු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රශ්න කළේ වැඩි ඈත කාලයකදී නොවේ. පසුගිය කාලයේ ඉන්දියාවේ සමහර ඉස්ලාම් නායකයන්ද මෙවැනි කතා කියා තිබේ. ඇතැමුන් ‘ට්‍රිපල් තලාක්’ (තෙවරක්, ‘මං උඹව අත් අරිනවා’යි කියා භාර්යාව නිවෙසින් එළවා දැමීම) මොන වරදක්දැයි ප්‍රශ්න කිරීම නිදසුනකි. ‘බෝන් එගේන්’ යනුද ක්‍රිස්තියානි මූලධර්මවාදි කණ්ඩායමකි.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක
සතිඅග අරුණ

චීනෙන් ඇණ ගන්නා ම්ලේච්ඡ බටහිර

චීනෙට සම්භාදක දාලා බටහිරයො ඇනගෙන.
බටහිර ජඩ මාධ්‍ය කාරයොන්ටත් පච වපුරන්නට චීනෙ එන්නට නොලැබේ.
ඇමෙරිකාවට ඉන්දියාව අරාබියට කොටස් දී ඔවුන්ට ඔලුව නමමින් චීනෙන් යැපෙන අපේ රට ට නම් තැලෙන්න වෙන්න නම් එපා.

චීනෙ විසින් බටහිරට සම්භාදක ඇති කලොත් දවසට බටහිරයො තවත් ඇන ගනීවි.

බටහිරයන් කරන්නේම ස්වාධීන ශිෂ්ටාචාරයන් ජාතීන් ජනවර්ග ආගම් අවුලුවමින් ත්‍රස්තවාදය ලොව වටා බෝ කරමින් ආයුධ වෙලඳාමයි.

භාරතය කඩා ඉන්දියා පකිස්තානෙ බංගලිදේශෙ කරා. නොනවතින යුද්ධ ගිනිදැල් අවුලුවා ඉරානය ඉරාකය ඇෆ්ගනිස්තානය ලිබියාව සිරියාව සුඩානෙ කොරියාව වෙන් කරා.

රටවල් තුලටම බෙදා වෙන් කරන ත්‍රස්තවාදීන් හදා මියන්මා, ලංකාව, කොලම්බියාව හැම රටක්ම අවුලුවන බටහිර ම්ලේච්ඡයින්ගේ ලේ පිපාසාව අධික තණ්හාව අධික සුඛ විහරණය නවතන දිනේ කවදාද?

ඔවුන්ගෙම දුක් ගන්නා රාල UN, unicef, red cross වගේම අපේ රටේ සිංහ සමාජ, ලියෝ සමාජ, ගෝලීය සංසද viyathmaga මොකෙන් ආවත් ඒ බටහිරයන්ගේ කුලී සේනා ය.
ආගම් අවුලුවන්නෙත් බටහිරයෝ ම ය. සංස්කෘතීන් කඩා විනාශ කරමින් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය ලොව එකම සංස්කෘතිය කිරීමේ දේශීය කුලී කරුවෝට කලු සුද්දෝ ට පඬුරු පාක්කුඩම් විසි කරන්නේය.

අරාබි වසන්ත අවුලුවන්නේම ඔවුන්ගේ අවි ආයුධ වලිනි. අපේ රටේම කීයක් නම් ගිනි ගෙඩි ඇවිලුවාද? බෞද්ධයින්ගේ ඉවසීම උන්ට ඉවසා ගන්නට බැරි නිසාම කිතුනු කතෝලික පල්ලිම එල්ල කර ඔවුන්ගේම වහාබි ත්‍රස්තයන් එවා බැලුවේත් චීනෙ පාලනය කිරීම සඳහා අප මවුබිමට බින්න බැසීමේ බටහිර උප්පරවැට්ටියක්ම විය හැකියි.

ජාතික චින්තනය හා අප – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ජාතික චින්තනය හා අප

ඇතැමුන් ප්‍රශ්න කරනවා පසුගිය දා ජනාධිපතිතුමා මාධ්‍ය ගැන සඳහන් කරමින් ජාතික චින්තන කණ්ඩායමක් ගැන කීවේ අප ඉලක්ක කර ගනිමින් ද කියා. ඉතා පැහැදිලිව කියන්න ඕන අප අසත්‍ය ප්‍රචාර නොකරන බවත් අපට කිනම් අර්ථයකින්වත් මහාරාජාලා හෝ චුලරාජාලා හෝ වීමට අනවශ්‍ය බවත්.

එමෙන් ම 2024 ජනාධිපතිවරණයට අපෙන් ඉදිරිපත් වන අපේක්‍ෂකයකු නැහැ. අප අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒ අවස්ථාව අනුව අපේක්‍ෂකයන් අතරින් සුදුස්සකු අප තෝරා ගන්නවා. එහි දී අපේ පදනම වන්නේ කොහොමටවත් කුලය නම් නො වෙයි. මෙරට ජනගහණ ව්‍යාප්තිය අනුව හා ඉතිහාසය අනුව ගොවිගම කුලයට යම් තැනක් ලැබෙනවා. අපට එය කොහොමටවත් ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් ඇතැමුනට එය ප්‍රශ්නයක් වී ඇති බව පැහැදිලියි. සමහරු ඒ හේතුව නිසා ම සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව යනවා.

මේ කුල ප්‍රශ්නය අප පසුව තරමක් දීර්ඝ ව සාකච්ඡා කරන්න ඕන. එහෙත් එය හිතන තරම් ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් ඇතැම් පුස්වෙඩිලි විප්ලවවාදීන්ට එය ප්‍රශ්නයක් වී තිබෙනවා. එසේ වුණත් පුස්වෙඩිල්ලත් අවසානයේ දී තෝරා ගත්තේ කුල අරටවුක් යැයි කියන රනිල් හාමු. රනිල් කුලය ගැන බලනවා ද කියා මා දන්නේ නැහැ. එහෙත් ඇතැමුන් ඔහුගේ හාමු කම ගැන කියනවා.

පසුගිය ලිපියක මා සඳහන් කළා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි අපේක්‍ෂකයන් ගැන. එහි පොදුජන පෙරමුණ ගැන සඳහන් වුවත් නමින් අපේක්‍ෂකයකු ගැන කිවුවේ නැහැ. ඒ එවැන්නක ඒ පක්‍ෂයෙන් ඉදිරිපත් කර නැති නිසා. ඒ වන විට මතයක් තිබුණා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ 2024 ඉදිරිපත් වන්නේ නැහැ කියා. එහෙත් පසුගිය දා එතුමා කියා සිටියේ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්න ජනතාව තීරණය කරාවි කියා.

ඉන් කියැවෙන්නේ 2024ට එතුමා ඉදිරිපත් වීමේ හැකියාවක් තිබෙනවා කියන එක. එමෙන් ම එතුමා කියා තිබුණා තවම තම කාල පරිච්ඡෙදයෙන් මාස 14ක පමණ කාලයක් පමණයි ගෙවී ඇත්තේ කියා. තව මාස 46ක් තියෙනවා. හුඟක් දේ කරන්න පුළුවන්. මේ මාස 14 හුඟක් දේ ඉගෙන ගන්නත් ඇති. දැනට ඉන්නා දේශපාලන නායකයන් අතරෙන් වඩාත් ම ජාතිකත්වයක් ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂටයි.

මා එසේ කී විට බොහෝ දෙනා එකඟ නො වේවි. මා රාජපක්‍ෂලාට කඩේ යන බවක් කියාවි. තානාපති කම රැක ගැනීමට මා ඕනෑම නිවට වැඩක් කරන බව කියාවි. මා අවුරුදු තිස්පහක් පමණ කඩේ යනවා. ඒ සිංහල ජාතියට හා සිංහල බෞද්ධ සංස්කෘතියට. මා ඡන්දය දෙන්නේ මගේ කඩේ යෑමට අඩු තරමෙන් ඉරිච්ච මල්ලක්වත් දෙන අයකුට. මා එකී ලිපියේ නම් සඳහන් කර ඇති අය ඉරිච්ච මල්ලක්වත් දෙන්නේ නැති බව මා දන්නවා. මේ තානාපතිකම මට කිසිම වටිනාකමක් නැහැ. මගේ දරුවන් පාසල් යන වියේ දී අවුරුදු දොළහක් රැකියාවක් නැතිව සිටි මට දැන් දරුවන් රැකියා කරන විට රැකියාවක් මොකට ද? මගේ අල්පේච්ඡ ජීවිතයේ මා හුඟක් දේ අත්හැර තියෙනවා. අර එකල කොළඹ සුවාදීන සිසුන්ගේ සාකච්ඡාවට බඳුන් වූ ජපන් කාරයත් දැන් මට නැහැ.

ජාතික චින්තන කණ්ඩායම කියන්නේ අපට නො වෙයි. ජාතික චින්තනය කියන්නෙ ගුණදස අමරසේකර බටහිරින් පරිවර්තනය කර ගත් සංකල්පයක්. අප කතා කෙළේ චින්තනයක් ගැන. එය මගේ ලෝකයේ කියැවෙනවා. සිංහල බෞද්ධ චින්තනය මෙරට ජාතික චින්තනය ලෙස අවශ්‍ය නම් හඳුනාගන්න පුළුවන්. එපමණයි. එයට එරික් ෆ්‍රොම්ගේ ඊනිය සභ්‍යත්ව විඥානයවත් ටේ‍රවෝ ලිංගේ ඉන්දියාවේ හා ලංකාවේ බෞද්ධ සභ්‍යත්වයක්වත් මාටින් යක්ගේ සභ්‍යත්ව රාජ්‍යයක්වත් අවශ්‍ය වන්නේ නැහැ. ජාතික චින්තනයට නම් ඒ සියල්ල අවශ්‍ය වෙනවා ඇති. ඒ කියන්නේ ජාතික චින්තනයේ යම් විජාතිකත්වයක් තියෙනව කියන එක.

අප ඊනියා බෞද්ධ සමාජවාදයක් ගැන කතා කරන්නේ නැහැ. බුදුහාමුදුරුවන් ඊනියා සමාජ දර්ශනයක් තියා කිසිම දර්ශනයක් දේශනා කර නැහැ. දර්ශන කියන්නෙත් දෘෂ්ටි. දිට්ටි. අපේ ගැමියොත් කියනව මළ දිට්ටි ගැන, මේ මොන දිට්ටයක් ද? කියල අහනවා. දිට්ටි අත්හරින්න දේශනා කරපු බුදුහාමුදුරුවො අලුත් දිට්ටියක් දේශනා කරාවි ද? සිංහල බෞද්ධ රාජ්‍යය බුදුහාමුදුරුවන්වත් මිහිඳු හාමුදුරුවන්වත් පිහිටුවපු එකක් නො වෙයි. අශොක රජු අර කන්‍යාවන් සහිත ව අභිෂේකය එවා ඇත්නම් හා දේවානම්පිය තිස්ස රජු ඒ අභිෂේකය ලබා ගත්තා නම් එහි බෞද්ධකමක් නැති බව නම් පැහැදිලියි.

සිංහල බෞද්ධ රාජ්‍යය බුදුදහමෙන් පෝෂණය ලැබ මෙරට ඇති වූ රාජ්‍යයක්. බුදුහාමුදුරුවන් දේශනා කළේ ඒ ඒ පුද්ගලයාට නිවන් සම්මාබෝධ කර ගැනීමට සුදසු දහමක්. අත්හැරීම එහි දී ප්‍රධානයි. එහෙත් සමාජයේ ජීවත්වන තුරු අත්හරින්න වෙන්නෙ සීමිත ව. සිංහල බෞද්ධ රාජ්‍යයක කෙරෙන්නෙ මේ අත්හැරීම හා අත්නොහැරීම අතර යම් තුලනයක් සමතුලිතතාවක් පවත්වාගෙන යෑම. ඒ සමතුලිතතාව හැමදාමත් එකම ආකාරයෙන් පවතින්නෙ නැහැ. වත්මන් සමතුලිතතාව අනුරාධපුර සමතුලිතතාවට වෙනස්. රාජ්‍ය පාලනයට වඩා ඇත්තේ රට කරවීම. එහි දී පාලකයන් භාරකරුවන් වෙනවා. හාමුදුරුවරුන් අරථයෙන් මෙන් ම ධර්මයෙන් ද අනුශාසනා කරනවා. එයට හාමුදුරුවරු ධර්මය මෙන් ම අර්ථය ද දැනගන්න වෙනවා.

අප ජාතික චින්තකයන් නොවන බව පැහැදිලි කරගන්න ඕන. කලක් අප ජාතික චින්තනය සමග එකට වැඩ කිරීම නිසා බොහෝ දෙනා අප ද ජාතික චින්තකයන් ලෙස සලකනවා. ඒ වැරදි වැටහීමක්.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

සාතන්ලා බෞද්ධ යාන්ත්‍රණය අතට ගැනීම කහ කඩ හමුදාවත් උන්ගේ පාලනයට නතු කිරීමටයි

https://m.facebook.com/story.php?story_fbid=3811831295531447&id=100001138435267&sfnsn=scwspwa
මෙතරම් ප්‍රධානම අරමුණ උන්ගේ මහායානය ම ඇති කිරීම නොවේ..
ඔවුන්ගේ ගමනට මහායානය ක්‍රම පූජා විධි ලඟින් යන නිසයි මහායාන අදහස් ක්‍රියාත්මක වෙන්නේ.
ඔවුන්ගේ ප්‍රධානම අරමුණ දේශීය යාන්ත්‍රණය අතට ගැනීමයි. බෞද්ධ දේශීය යාන්ත්‍රණය ඔවුන්ගේ අතට ගැනීම තුළින් පාලනය කිරීමටත් මේක දීර්ඝ සැලසුමක් .
මේ වගේ සැලසුමක් ක්‍රියාත්මක කරන්න ඕන කාලයක් සැලසුම් කළා.
පරීක්ෂණ පැවැත්තුවා.

මේවා එකිනෙක ක්‍රියාත්මක කරනවා දැන් තියෙන්නෙ වැට උඩ. අපේ පැත්තෙන් ඒ පැත්තට පෙරලුනා ම තමයි නියමය සාතන් නැගිටින්නේ.

  • සාමන්ත ඒකනායක මහතා

නිවටත්වයට මග සහ කහකඩ හමුදාව තුලට කඳ පණුවන් වීම

නිවටත්වයට මග

මා දන්නා තරමට නම් ලංකාවේ භික්ෂූන් ජාත්‍යන්තරයට විරුද්ධ වී නෑ. උන්වහන්සේලා හැමවිටම විරුද්ධ වුණේ ජාත්‍යන්තර කූඨ උපක්‍රම වලට. ඒ හැර නිකං ම ජාත්‍යන්තරයට විරුද්ධ වෙන්න තරම් ලාංකේය භික්ෂුවට අමුතු අසනීපයක් නෑ. පෞද්ගලික අභිලාෂයන් සඳහා ඕනෑම දෙයක් තමන්ට වාසි වෙන්න කරන මෙවැනි අර්ථකථන නිසා සිංහලයාත්, බෞද්ධයාත්, සිංහල භික්ෂුවත් නිවට කරලයි නවතින්නේ.

ජාත්‍යන්තරය දිනන්න කියලා, භික්ෂුව ජාත්‍යන්තරයේ හැම ජඩ වැඩක් ගැන ම නිවටකමින් නිහඬව සිටිය යුතු ද? Sumanasiri Lunuwila Mahamithawa Pannarathana Medille Pagngnaloka Thera

ආචාර්‍ය විජිත කුමාර

ඇමෙරිකාවෙන් ම තමා අපේ රටේ සියලු බෞද්ධවෙස් ගත් අධර්මවාදී චීවරයන් මෙහෙයවන්නෙත්, අසපු පූජකයගෙ ඊනියා මහමෙවුනා පල්ලි රට වටේ අටවන්නෙත්. කොටින්ම ථේරවාද බුදුසසුන විනාශ කිරීමේ පුරෝගාමීන් ඇමෙරිකාවයි. තානාපතිනි හොඳ ඉල්ලමක් පාදගෙන වගේ හාමුදුරුවන්ට බෝලෙ බස්සලා. පන්සල් අසූහයක් හදන්න දුන්නා කියා ත්‍රිපිටකේ බයිබලේට දී සර්වාගම් කරන හිමිවරු කී දෙනෙක් ඉන්නවාද කියා ඇහුවාද භාවනාව සුද්දන්ට විකුණන අය කීයක්ද ඇහුවාද? ඒ අසූහයෙන් කිරිබත්ගොඩ පූජකයගෙ පල්ලිපන්සල් කොච්චරද ඇහුවාද මහායානෙ කීයක්ද ඇහුවාද? ප්‍රඥාව නැති නායක හිමිවරුන් සුද්දන්ට හසුවී ඔහොම රැවටුනොත් නම් ථේරවාද බුදු සසුන විනාශය ඉක්මණ් වේවි.

මධ්‍යම පංතිකයන් බිය වද්දන ජෙනීවා. – මහඇදුරු නලින් ද සිල්වා මහතා

මධ්‍යම පංතිකයන් බිය වද්දන ජෙනීවා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය කියන බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනයේ එක් දේශපාලන මණ්ඩලයක ලංකාවට විරුද්ධ ව එංගලන්තය ප්‍රමුඛ රටවල් කිහිපයක් ගෙනෙන යෝජනාවට හෙට ඡන්දය පැවැත්වීමට නියමිතයි. එහෙත් ඒකෙන් කියන්නෙ නැහැ ඡන්දයක් ගනීවි කියා. යම් රටක් ඉල්ලා සිටින්න ඕන ඡන්දයක් ගන්න කියා. නැත්නම් යෝජනාව සම්මුතියෙන් සම්මත වූ ලෙස සලකන්න පුළුවන්. යෝජනාව එලෙස සම්මුතියෙන් සම්මත වූවක් ලෙස සැලකෙනවාට වඩා පරාජය වෙන එක හොඳයි.

ලංකාව ඔය මණ්ඩලයේ සාමාජික රටවල් හතළිස්හතෙන් එකක් නො වෙයි. ඒ නිසා ලංකාවට යෝජනාවට ඡන්දයක් ගන්න කියා ඉල්ලන්න බැහැ. ලංකාවට සිද්ධ වෙනවා යම් මිත්‍ර රටක් මගින් ඡන්දයක් ඉල්ලන්න. මා හිතන්නේ ලංකාව ඒ සඳහා ක්‍රියා මාර්ගයක් සකස් කර ගත යුතු ය කියා. යෝජනාවට යම් රටවල් විරුද්ධ වේවි. තවත් රටවල් මධ්‍යස්ථ වේවි. ඒත් ඡන්දයකට ගියෙ නැත්තන් ඒ රටවල්වල ස්ථාවරය එළියට එන්නෙ නැහැ. ඒ වෙනුවට යෝජනාව සම්මුතිියෙන් සම්මත වූවක් ලෙස සලකන්න පුළුවන්.

තම යෝජනාව දිනුවයි කියල එංගලන්තය ප්‍රමුඛ රටවලට ලංකාවට විරුද්ධ ව කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ. ඔය ජෙනීවා මණ්ඩලය අපේ රටවල ඊනියා උගත් මධ්‍යම පංතියට වැදගත් වෙනවා ඇති. ඔවුන්ගෙ පිටරට ඉන්න මිත්‍රයන් ලංකාව මානව අයිතිවාසිකම් රකින්නෙ නැති රටක් හැටියට දකින එක මේ මැද පංතියෙ නෝනලට මහතුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපට ඒ ගැන කරන්න දෙයක් නැහැ. ඒ මිතුරන් ඕනෑ දෙයක් හිතා ගත්තාවෙ. ඔය මණ්ඩලය හුදෙක් බටහිර දේශපාලනය තහවුරු කිරීම සඳහා අවුරුදු කිහිපයකට පෙර අටවාගත් තවත් අටමගලක් පමණයි.

ඉම්රාන් ඛාන් ලංකාවට ආවේත් අගමැති මහින්ද බංග්ලාදේශයට ගියේත් ජෙනීවා නිසා මිස සැප දුක් සොයන්න නො වෙයි. අප අද මුස්ලිම් රටවල ඡන්ද බලාපොරොත්තු වෙනවා. එහි වරදක් නැහැ. යෝජනාව පරාජය කරන්න පුළුවන් නම් හොඳයි. ඒ එසේ නූණොත් අපට ආර්ථික වශයෙන් පාඩුවක් වෙන නිසා නො වෙයි. යෝජනාව පරාජය කර නන්දිකඩාල් හි දී මෙන් එංගලන්තයට තවත් කණේ පාරක් ගැසීම සඳහා. ඒත් අප අද ඡන්ද හිඟමනේ යන්න හොඳ නැහැ. ඡන්ද ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරයට ඇති මුස්ලිම් සම්බන්ධය යටපත් කරන්න අවශ්‍ය නැහැ. බුර්කා තහනම් කරන්නෙ නැහැ කියන්න ඕනෙත් නැහැ.

එමෙන් ම අප ඉන්දියාවෙ ඡන්දය ලබා ගැනීමට පළාත් සභා ඡන්දය තියන්න පොරොන්දු වෙන්න ඕනෙත් නැහැ. ඉන්දියාව අපට කාලයක් තිස්සේ විරුද්ධයි. අවශ්‍ය නම් මෙවරත් විරුද්ධ වුණාවෙ. ප්‍රශ්නයක් නැහැ. අපි පළාත් සභා කෙළවරක් කරමු. පළාත් සභා කිසිම වැඩක් ඇති සංවිධාන නො වෙයි. ඒ සභා ඇති කෙළෙ ඉන්දියාවෙ වුවමනාවට තමිල්නාඩුව සනසන්න. ඒ ඉන්දියාව අප මත බලයෙන් පටවපු සංවිධාන. පළාත් සභාවලින් විසඳන්නෙ මොන ප්‍රශ්නය ද?

දෙමළ ජනතාවට ඊනියා අසාධාරණයක් ඇත්නම් එය කොළඹ ඉන්න දෙමළ ජනයාටත් තියෙන්න ඕන. උතුරු හා නැගෙනහිර එක්කරල වෙල්ලාලයන්ට පළාත් සභාවක් හදල දුන්නයි කියල විසඳෙන ප්‍රශ්නය මොකක් ද? අද ලංකාවෙ දෙමළ ජනයාගෙන් වැඩි පිරිසක් ඉන්නෙ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට. ඒ පළාත් දෙකට ඊනියා දෙමළ පළාත් සභාවක් දීල ඒ පළාත්වලින් පිට ඉන්න දෙමළ ජනයාගෙ තියෙනවයි කියන ප්‍රශ්නය විසඳන්නෙ කොහොමද? අනෙක් අතට නැගෙනහිර පළාතෙ දෙමළ ජනයා වෙල්ලාලයන්ට යට වේවි ද?

ජෙනීවාහි ඉන්දියාවෙ ඡන්දය ලබා ගැනීම සඳහා පළාත් සභා ඡන්ද තියන්න ඕන නැහැ. මුස්ලිම් රටවල ඡන්ද සඳහා බුර්කා තහනම් නොකර ඉන්නත් ඕන නැහැ. ඒ ස්ථාවරය තමයි අප ගත යුත්තෙ. ජෙනීවාහි අපට විරුද්ධ යෝජනාව පරාජය කරන්න පුළුවන් නම් හොඳයි. ඒ එංගලන්තයට තවත් කණේ පහරක් ගහන්න. එහෙත් එසේ බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔය ජෙනීවා යෝජනාවල නෛතික බැඳීමක් නැහැ. බටහිර අධ්‍යාපනයෙන් උන්මන්තක වෙච්ච මධ්‍යම පංතිකයන්ගේ ඊනියා ගෞරවය ආරක්‍ෂා කිරීම සඳහා අප අපේ ජාතික ප්‍රතිපත්ති පාවා දිය යුතු නැහැ.

මේ ආණ්ඩුව හා විදේශ ඇමතිවරයා පහුගිය කාලයේ විශාල සේවයක් කර තිබෙනවා. මහාරාජාලා ද ඊනියා ජාතික චින්තකයන් ද ඇතුළුව ඇතැමුන් ඒ සියල්ල අමතක කර ආණ්ඩුවට පහර දෙන්නෙ වෙනත් න්‍යාය පත්‍ර සහිත ව. අපට එහෙම රුදාවක් නැහැ. එමෙන් ම පාස්කු කොමිසමේ වාර්තාව තමන්ට අවශ්‍ය ආකාරයට නොලියැවී ඇතැයි කියා තවත් පිරිසක් ආණ්ඩුවට පහර ගහනවා. ඒ පහර ගැසීම්වල වාසියත් අවසානයේ දී යන්නේ ඊනියා යහපාලන සමයමේ දී ජෙනීවා හි අපට විරුද්ධව ගෙනා යෝජනාවට අනුග්‍රහ දැක්වූ ජාති ද්‍රෝහීන්ටයි. ඒ අනුග්‍රහය ඉල්ලා අස්කර ගැනීමම වැදගත්. එමෙන් ම එම් සී සී ගිවිසුමෙන් ඉවත් වීම නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදීම ආදී වශයෙන් ජාතික වැදගත්කමක් ඇති කාර්යයන් ඉටු වී තියෙනවා.

අප ඒ සියල්ල අමතක කර ආණ්ඩුවට පහර ගැසීමෙන් සිදු වන්නේ නැවතත් බටහිරයන්ට අවශ්‍ය ආණ්ඩුවක් මෙරට පිහිටුවීමට අවස්ථාව සලසා දීම. ආණ්ඩුව වැරැද්දක් කරන විට අප එය පෙන්වා දෙනවා. ඒ ආණ්ඩුව පරාජය කරන්න නො වෙයි. අද ලෝකයේ බටහිරයන් ක්‍රියා කරන්නේ තමන්ට අවශ්‍ය ආණ්ඩු ඇති කර ගැනීමට. ඔවුන් අකමැති ආණ්ඩුවක් ඇති වූ විගස මානව අයිතිවාසිකම් යගදාව අරගෙන ඒ ආණ්ඩුවට පහර දෙනවා. ජෙනීවාහි රටක් එල්ල කරගෙන යෝජනා ගෙනෙන්න බැරි වුණත් බටහිරයන් තමන් අකමැති ආණ්ඩු තියෙන රටවලට විරුද්ධ ව යෝජනා ගෙනෙනවා. මෙය දේශපාලන ව්‍යාපෘතියක්. අප බටහිරයන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලට යටත් නොවිය යුතුයි. හෙට යෝජනාවට කුමක් වුණත් අපි පළාත් සභා අහෝසි කරමු. බුර්කා තහනම් කරමු. බටහිර රටවල් බුර්කා තහනම් කරන කොට ජෙනීවා මානව හිමිකම් අයිතිවාසිකම් අයිතිකාරයන් කළේ මොකක් ද?

මහඇදුරු නලින් ද සිල්වා මහතා