ජෙනීවා ඡන්දය හා කිරිඇල්ල. මහඇදුරු නලින් ද සිල්වා මහතා

ජෙනීවා ඡන්දය හා කිරිඇල්ල

ජෙනීවා විගඩම මාස හයකට කල් යනවා. ජෙනීවා ඡන්ද විමසීම්වල දී සිදු වී ඇති දේ විභාග කළත් පෙනේවි මේ යෝජනාවල අරමුණ මොකක් ද කියල. මේ විගඩම මුළුමනින් ම එංගලන්තයට ඕන විධියට හසුරවන එංගලන්තයේ ඊනියා සාක්‍ෂි මත තීරණය වන්නක්. මෙය එංගලන්තය විසින් වත්මන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනය අප මත පටවනු ලැබීමක්. ඉංගිරිසියේ කතාවක් තියෙනව කෝල් අ ස්පේඩ් අ ස්පේඩ් කියා. එය අමු අමුවේ සිංහලට පරිවර්තනය කළොත් කියැවෙන්නේ ඉස්කෝප්පයකට ඉස්කෝප්පයක් කියා කියන කතාව.

සාමාන්‍ය සිංහලෙන් කිවුවොත් අපට කියන්න පුළුවන් තක්කඩියට තක්කඩිය මිසක් වෙන දෙයක් කියන්න ඕන නැහැ කියල. එහෙම නැත්තන් මගේ මිතුරකු මතක් කරපු ආකාරයට මූණට ම කියනව කියන එක. සිංහලයන් දැන් දැන් මූණට ම කියන්නෙ නැහැ. ඒකත් ඉංගිරිසි ආභාසය නිසා. එංගලන්තය කියන්නෙ තක්කඩි අධිපතිවාදී රටක්. ඔවුන් කෙක්කෙන් හරි කොක්කෙන් හරි තමන්ට ඕන වැඩේ කර ගන්නවා. මෙරට උගතුන් කවුරුත් පාහෙ අවසානයේ දී ඉංගිරිසින්ගෙන් ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබූ අය. රාජකීය විද්‍යාලයට ගියත් ඈත පිටිසර ගමක උසස් පෙළ පංතිවල ඉගෙන ගත්තත් මේ අධ්‍යාපනයෙ වෙනසක් නැහැ. ඔවුන් බොහෝ වෙලාවට මුණට ම කියන්නෙ නැහැ. ඒ අධ්‍යාපනයෙන් කැඩුණු අයට තමයි මූණට ම කීමේ හැකියාව ඇත්තෙ.

අපි ඉස්සෙල්ල ම ජෙනීවාහි 2009 ඉඳන් 2021 දක්වා ඡන්දය දීල තියෙන හැටි සලකා බලමු. පහත සඳහන් වගුවෙන් එය දැක්වෙනවා.

2009 කියන්නෙ බොහෝ දෙනාට අමතක වුණත් වැදගත් වසරක්. ඒ තමයි නන්දිකඩාල් වසර. අපි කොටි පරද්දපු වසර. ඒ අවුරුද්දෙ මුල වෙන්න ඕන ලංකාව පක්‍ෂව ඡන්ද 29ක් ලැබිල තියෙනවා. කවුරුත් දන්නව ඒ කාලෙ තිබුණෙ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවක්. එහි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ. මේ ඡන්දය දීපු රටවල් ගැන විස්තරයක් කවුරුන් හරි දන්නව නම් ඉදිරිපත් කරන එක වැදගත්. ඒ 2009 දි අපට පක්‍ෂ ව ඡන්දය දුන්නෙ කවුද විරුද්ධ වුණෙ කවුද ආදී වශයෙන්.

එක්සත් ජාතින්ගෙ ඊනියා මානව හිමිකම් මණ්ඩලයෙ සාමාජිකයන් ඉන්නෙ හතළිස්හතයි. සාමාජිකත්වය වෙනස් වෙනවා. 2009 සාමාජිකයන් හැටියට හිටපු බොහෝ රටවල් අද සාමාජිකයන් නොවන්න පුළුවන්. ඒකෙ ඒතරම් ම ප්‍රශ්නයක් නැහැ. හැමදාමත් යෝජනාව ගේන්නෙ එංගලන්තෙ අවශ්‍යතාවට. යෝජනාවට අත්සන් කරන්න රටවල් ඇහිඳ ගන්නෙත් එංගලන්තය. අවශ්‍ය ම නම් එක්සත් රාජධානිය. ඉන්දියාව දිගට ම ඔය මානව හිමිකම් මණ්ඩලයෙ සාමාජිකයකු ව ඉඳලා නැහැ. ඒත් ඉන්දියාව තමන් සාමාජිකයකු ව සිටි වසරවල ඡන්දය දුන්නේ කොහොමද කියා කියන්න කාට හරි පුළුවන් නම් ඒ වැදගත්. දෙමළ ජාතිවාදයෙ උදවුවෙන් අපට විරුද්ධ ප්‍රධාන රට එංගලන්තය. දෙවැනි රට ඉන්දියාව.

2009 මැයි මාසෙ තමයි අපි එංගලන්තෙ අනුග්‍රහය හා ආශිර්වාදය ලබා සිංහල බෞද්ධත්වයට එරෙහිව බටහිර රටවල හා ඉන්දියාවෙ ආයුධවලින් සටන් කරපු කොටි සංවිධානය නන්දිකඩාල් කලපුවෙ දි ගිල්ලවනු ලැබුවෙ. ඒ සටන් පවතින කාලෙත් ඊනියා මානව අයිතිවාසිකම් කතා අපට විරුද්ධ ව ගෙතුව. ඒත් බටහිර කිසිවකු හිතුවෙ නැහැ කොටි පරදීවි කියල. 2005 වන විටත් කොටි පරදවන්න පුළුවන් පරදවන්න ඕන කියල කිවුවෙ කවුද? එකල කුඩා දරුවන් ව සිට අද පණ්ඩිත කතා විශේෂයෙන් ඉංගිරිසියෙන් ඇද බාණ බොහෝ දෙනකු කොටි පැරදවීමේ මතවාදී ඉතිහාසය දන්නෙ නැහැ. 1992 මුල ලක්මිණ පුවත්පතට ලියූ බොහෝ දෙනකු කොටින්ට විරුද්ධව කරන සටන්වලට විරෝධය දැක්වූවා. අවසානයේ දී මට ලක්මිණ පත්‍රයෙන් ඉවත් වන්න සිද වුණෙත් ඔවුන්ට විරුද්ධව සටන් මෙහෙයුම් වෙනුවෙන් පෙනී සිටි නිසා. මාත් ගෙවිඳු කුමාරතුංගත් ලක්මිණෙන් ඉවත් කිරීමෙන් පසු පුවත්පත කරගෙන යන්නත් බැරි වුණා. අපට විරුද්ධ ව සිටි අයගේ නම් ගම් පසු දවසක ඉදිරිපත් කරන්නම්. අදාළ ලැයිස්තුවේ පසුකාලීන ව ඇමති ධුර දැරූ අය තුන්දෙනෙක් ඉන්නවා.

හමුදා මෙහෙයුම්වලට අමතර ව මතවාදී අරගලයක් තිබුණා. මා කියන්නේ නැහැ මතවාදී අරගලය නිසා තමයි අවසානයේ දී ජයග්‍රහණය කළෙ කියල. ඒත් අද අමතක කරල තිබුණත් මතවාදී අරගලය වැදගත් වුණා. එදා ජ වි පෙ සමග සිටි අය අද කොහේ හිටියත් අපට විරුද්ධ වුණා, චම්පකගෙ ඊනියා දේශප්‍රේමියො ටිකත් විරුද්ධ වුණා, එපමණක් නොව ආණ්ඩුවත් විරුද්ධ වුණා. මා කියන්නෙ 2005 ආණ්ඩුව, ඊට කලින් තිබුණු ආණ්ඩු ගැන කියන්න ඕන නැහැ. අවසානයේ දී ආණ්ඩුව තීරණය කළා දිගට ම හමුදා මෙහෙයුම් කරනවා කියා.

ඉන්දියාව අන්තිම මොහොතෙත් කොක්කක් ගැහුව. හමුදා මෙහෙයුම් ජයග්‍රහණය කරන්න ඔන්න මෙන්න තිබිය දී ඉන්දියාව ප්‍රශ්නයට අත නොපෙවීමට නම් කොන්දේසි ඉදිරිපත් කළා, 13+ එක් කොන්දේසියක්. ඉන්දියාව ඒ කෙළේ කුපාඩි වැඩක්. ඉන්දියාව අහක බැලුවත් නැතත් හමුදා මෙහෙයුම් ජයග්‍රහණය කරනවා. මොකෝ ඉන්දියාව මේ පැත්ත බැලුව කියල ලංකාවට හමුදා එවන්න ද?

සිංගප්පුරුව කලක් කිවුවෙ ලංකාවෙ වැරදිවලින් තමන් පාඩම් ඉගෙන ගත්තා කියල. පහුගිය දා බංග්ලාදේශය කියල තිබුණෙ ලංකාවෙ වැරදිවලින් පාඩම් ඉගෙන චීනයේ ණය උගුලට අහුවෙන්නෙ නැහැ කියල. ආසියාවෙ රටවල් අපෙන් ඉගෙන ගන්නෙ අප කරන වැරදි නොකර සිටීම බවයි පේන්න තියෙන්නෙ. ඒත් අප පුරසාරම් දොඩන්නෙ අපට ඉතා ඉහළ උගතුන් පිරිසක් ඉන්නවා කියා. ඔවුන්ගෙන් ඇහුවොත් කියාවි සියල්ලට වරදකරුවන් දේශපාලනඥයන් කියා. එහෙත් පහුගිය දා ද පොල්තෙල් ප්‍රශ්නයේදීත් තවත් ප්‍රශ්නවලදීත් අප උගතුන්ගෙ තරම දැනගත්තා.

ඉන්දු ලංකා ගිවිසුම අහෝසි වී ඇති බව අප ඉන්දියාවෙ මුණට ම කියන්න ඕන. එය අහෝසි වුණෙ ඉන්දියාවට ප්‍රභාකරන් නිරායුධ කරන්න බැරි වුණු දවසෙ. අප ඒ බව විටින් විට කියා තිබුණත් මෙරට උගතුන් අප සලකන්නෙ මිථ්‍යා විශ්වාස පසුපස දුවන මුග්ධයන් ලෙස. ඉන්දියාව දැන් ලංකාවට ඩොයිලි කෙනෙක් එවලා. අප පරෙස්සම් වෙන්න ඕන. කොහොමටත් පහුගිය වසරවල ඉන්දියාව ජෙනීවාහි ඡන්දය දී ඇති ආකාරය හොයල බලන එක හොඳයි.

ඉහත කී වගුව අනුව 2009 දී අප ඡන්දය දිනල. ඒත් හමුදා මෙහෙයුම්වලට පසුව 2012 දි අප පැරදිලා. එදා රටවල් 15ක් අපට පක්‍ෂවෙලා. ඒ පක්‍ෂ රටවල් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙලා. මේ එකම රටවල් නොවුණත් අපට පක්‍ෂ රටවල් සංඛ්‍යාව 15 සිට අද වන විට 11 දක්වා අඩුවෙලා. විරුද්ධ රටවල් 2012 පටන් අද වන විට 23 සිට 22 දක්වා අඩුවෙලා. අතරතුර 25ත් වෙලා තියෙනවා. ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව නම් ක්‍රමයෙන් 9 සිට 14 දක්වා වැඩි වෙලා. බොහෝ රටවල් පක්‍ෂත් නැති විරුද්ධත් නැති තත්වයකට පත්වෙමින් ඉන්නවා.

මේ ඡන්ද රටා ජෙනීවාහි අප නියෝජිතයාගේ දක්‍ෂ අදක්‍ෂතාව මත රඳා පවතින්නක් නො වෙයි. එය තීරණය වන්නේ එංගලන්තය හා ඉන්දියාව මතයි. අපට කරන්න තියෙන්නෙ එංගලන්තයෙ හා ඉන්දියාවෙ තක්කඩිකම් අනෙක් රටවලට ඒත්තු ගැන්වෙන ආකාරයකට කීමයි. 2007 සිට 2009 ජූනි දක්වා ලංකාවෙ එංගලන්ත මහා කොමසාරිස් කාර්යාලයෙන් එංගලන්තයට යැවූ වාර්තා එංගලන්තය හෙළි කරන්නේ නැත්තේ ඇයි? 2009 අප්‍රේල් දක්වා ලංකාවේ එංගලන්ත මහා කොමසාරිස් කාර්යාලෙ ආරක්‍ෂක පරිවාර නිලධාරියා වූ ගෑෂ් යැවූ වාර්තා හෙළි කරන්නේ නැත්තේ ඇයි? ඒ වාර්තාවල හමුදා මෙහෙයුම්වලින් මියගිය අයගේ සංඛ්‍යාව ගැන විස්තරයක් දැන ගන්න පුළුවන්. එය වැඩිම වුණොත් 7000ක් වෙන්න පුළුවන්. 7000ක් වුණත් සමූලඝාතනයක් වෙන්නෙ එංගලන්තෙට විය හැකියි. එංගලන්තෙ ලංකාවෙ පමණක් ඒ දවස්වල හත්ලක්‍ෂයකට වඩා ඝාතනය කර ඇති.

ඒ සියල්ල මැද අර කිරිඇල්ල කියන කතාත් මතක් කර ගන්න එක හොඳයි. ඒ විනෝදෙට. ඔහු හා සජිත් අතර තියුණු තරගයක් පවතිනවා. ජයග්‍රහණය කරන තැනැත්තාට හන්තානෙන් හරි සිංහරාජෙන් හර ඉඩම් අක්කර කාලක් සහ පොල්තෙල් ලීටරයක් ලබා දෙන්න පුළුවන් ද කියල ආණ්ඩුවෙන් අහන්න ඕන. කිරිඇල්ලට අනුව ඊනියා යහපාලන කාලෙදි ලංකාව ජෙනීවාහි පැරදිලා නැහැ. ඇත්ත නේන්නම්. කිරිඇල්ල බොරු කියන්නෙ නැහැ.

ඒ සුන්දර යහපාලන කාලෙ මංගල එංගලන්තෙ ගෙනා යෝජනාවට සම අනුග්‍රහය දැක් වූවා. එදා ලංකාව ම කිවුවා හමුදාව හා රජය මානව හිමිකම් කඩ කළා කියල. ඉතින් යෝජනාවට ඡන්දෙ විමසන්නෙ අහවල් දේකට ද? යෝජනාව සම්මුතියෙන් සම්මතයි. අර වගුව බලන්න . යහපාලන කාලෙ ඡන්ද විමසල නැහැ. ඡන්ද විමසන්නෙ නැතිව ආණ්ඩුව පරදින්නෙ කොහොම ද? ඒ දවස්වල සාමාන්‍ය පෙළ හරියට සමත්වෙන්න බැරි වුණු ශිෂ්‍යයන් ඉගෙන ගත් උපකාරක පංති ඔය රාජකීය විදුහල හා කාන්තා විදුහල අතර පෙම්බ්‍රෝක් නම් ආයතනයේ පැවැත්වුවා. පෙම්බ්‍රෝක් කියන්නෙ ප්‍රේමය කැඩුණ කියන එක නො වෙයි. පෙම්බ්‍රෝක් කියන්නෙ වේල්සයෙ නගරයක්. අදාළ කෝරළය පෙම්බ්‍රෝක්ෂයර්. එහි පෙම්බ්‍රෝක් මාළිගාව තියෙනවා. ඒකෙ තමයි හත්වැනි හෙන්රි ටියුඩර් ඉපදිල තියෙන්නෙ. ලංකාවෙ පෙම්බ්‍රෝක් ආයතනයත් මාළිගාව වගේ. හිත ගිය තැන මාළිගාව කිවුවලු. සජිත් ලංකාවෙ හිටියෙ නැති හින්ද පෙම්බ්‍රෝක් යන්න බැරි වුණා. මා හිතන්නෙ කිරිඇල්ලට නම් ඒ වාසනාව හිමිවුණා.

කිරිඇල්ලට පෙම්බ්‍රෝක්හි මොනව ඉගෙන ගන්න ලැබුණ ද දන්නෙ නැහැ. ඡන්ද විමසන්නෙ නැතිව පාර්ලිමේන්තුවෙ පනත් සම්මත වෙනවා. සම්මුතියෙන් සම්මත වුණා ම යෝජනාවෙ කියන දේ පිළිගැනෙනවා. යහපාලන කාලෙ ජෙනීවාහි යෝජනාවෙන් කියන දේ සම්මත වෙලා. ඒ කියන්නෙ ලංකාව හා රණවිරුවන් මානව හිමිකම් කඩලා. යහපාලනෙ ඒක පිළිගෙන. යහපාලනෙ පරදින්නෙ නැතුව ඇති. ඒත් ලංකාව හා රණවිරුවන් පැරදිලා. යහපාලනේ ලංකාව වෙනුවෙන් නොව එංගලන්තෙ වෙනුවෙන් පෙනී ඉඳල ජයගෙන. හිපිප් හුරේ!

සමාජය හැදීම – මහඇදුරු නලින් ද සිල්වා මහතා

සමාජය හැදීම

අවුරුදු හැටකට විතර ඉස්සර අපේ පාසල හා තවත් පාසලක් අතර විවාදයක් තිබුණා. ඒ විවාදයේ යෝජක පක්‍ෂය මොකක් ද ප්‍රතියෝජක පක්‍ෂය මොකක් ද කියලවත් යෝජනාව මොකක් ද කියලවත් මට මතක නැහැ. මා කොහොමටත් දත්ත ගබඩාවක් නො වෙයි. ඒත් අප විවාද කෙළේ සමාජයක් හදන්න පුළුවන් ආගමෙන් ද නීතියෙන් ද කියන එක. අප කියා සිටියේ නීතියෙන් කියා. අපි විවිධ තර්ක ගෙනාවා. විවාදයෙන් දිනුවා. එය තවත් වැඩකට නැති දිනුමක් පමණයි.

ඔය පාසල් විවාද පාර්ලිමේන්තු විවාදවලට වඩා හොඳයි. පාසල් විවාදවල මාතෘකාව විවරණය කරනවා. සාමාන්‍යයෙන් මාතෘකාවට අදළ ව කතා කරනවා. පාර්ලිමේන්තු විවාදවල මාතෘකාව හරි පනත හරි දැන ගන්න ඕන. අදාළ ව කතා කරනව කියල එකකුත් නැහැ. ඕනෑම විවාදයක ඕනෑම දෙයක් කියන්න පුළුවන්. විවාදයේ ජය පරාජය කලින් ම තීරණය වෙලා. විවාදයක් නොකර ම ඡන්දයක් පැවැත්තුව නම් ප්‍රශ්නය වෙන්නෙ මාධ්‍යවේදීන්ට. ඔවුන්ට රස්සාව නැති වෙනවා. දේශපාලනඥයන් මොනව හරි කිවුවොත් තමයි ජනමාධ්‍යවේදීන්ට ඒක වාර්තා කරල කීයක් හරි හම්බ කර ගන්න පුළුවන්.

අර පාසල් විවාදයෙ ආගම කියන්නෙ මොකක් ද කියල කියන්න ඇති. නීතිය කියන්නෙ මොකක් ද කියලත් කියන්න ඇති. ඒත් හදනවා කියන එක මොකක් ද කියල කියන්නෙ නැතිව ඇති. හදනවා කියන එකට විවිධ තේරුම් තියෙනවා. මේ ළමය හොඳට හදාගන්න ඕන කියනවා. ඔහොම හැදුනොත් නම් උඹට අනාගතයක් නැහැ කියනවා. ජීම් එකට ගිහින් බොඩිය හදාගන්න ඕන කියනවා. කාරෙක පොඩි වැරැද්දක් තියෙනවා ඒක හදාගන්න ඕන කියනවා. සපත්තුව හදාගන්න දොර හදාගන්න කෑම හදාගන්න සහ තවත් කොච්චර හදාගන්න දේ තියෙනවා ද?

අර ඊයේ පෙරේදා පොලිස් කොස්තාපල්වරයකු කවුද රියැදුරෙකුගෙ ඇඟ උඩ හරඹ කළෙ කාගෙ බොඩිය හදන්න ද කියලයි මා කල්පනා කෙළේ.  පොලිස් කොස්තාපල්වරයාගෙ ද නැත්නම් රියැදුරාගෙ ද? එහෙමත් නැත්නම් දෙන්නගෙම ද? ඒ සිද්ධිය දැක්කම මට අවුරුදු හැටකට ඉස්සෙල්ල කරපු විවාදය මතක් වුණා. එදා අප මොනව කිවුව ද කියල මතක නැහැ. ඒත් සමාජය හදන්න පුළුවන් නීතියෙන් කියලයි කිවුවෙ. පන්නිපිටියෙ මොන විධියකට හරි රියැදුරා හදන්න උත්සාහ කෙළෙ නීතිය හා සාමය රකින නිලධාරියෙක්. නිලධාරීන් කියන්නෙ උසස් නිලධාරීන්ට පමණක් නොවෙයි.නිලයක් දරණ ඕනෑම අයෙක් නිලධාරියෙක්. නීතියට සමාජය හදන්න පුළුවන් ද?

හදනව කියන්නෙ සමාජය පිළිගන්න විධියකට ජීවත්වෙන්න හැදීම. එහෙම හැදුනු විට ඒකට හැදිච්චකම කියලත් කියනවා. ඔය හැදිච්චකම කියන එක තමයි තරමක් බරපතළ විධියට සංස්කෘතිය කියල කියන්නෙ. ඒ ඒ සමාජයේ තියෙන්නෙ ඒ ඒ සංස්කෘති. අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැත්නම් හැදිච්චකම ඉංගිරිසි සංස්කෘතියට නැත්නම් ඉංගිරිසින්ගෙ හැදිච්චකමට වෙනස්. අපි අතින් කනවා. ඉංගිරිසින් ටික දෙනෙක් දැන් අතින් කෑමට ප්‍රිය කළත් වැඩි දෙනකු එසේ නැහැ. ඉංගිරිසින් සමහර වෙලාවට අතින් මොනව හරි කෑවොත් ඇඟිලි සූප්පු කරනවා. අපි කරන්නෙ නැහැ. 

අප බොහෝ දෙනෙක් කලිසම අඳින්නෙ සරම අඳිනව වගේ. ඉංගිරිසින්ට සරම අඳින්න කිවුවොත් අමාරුවෙ වැටෙන්න පුළුවන්.  ඒවා පොඩි කතා තමයි.  අපි බටහිරයන් තරමට වියුක්ත ව හිතන්නෙ නැහැ. වියුක්තව හිතන එක යුදෙවු සංස්කෘතියට නම් එතරම් දෙයක් නො වෙයි. ඒ විවිධ සංස්කෘතීන් අතර තියෙන වෙනස්කම්.

ඒ අතර එකම සංස්කෘතිය වුණත් වෙනස් වෙනවා. ඔය නිර්මල සංස්කෘතිය කියන එක තේරුමක් නැති දෙයක්. නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නෙ දේවානම්පිය තිස්ස යුගයෙ සංස්කෘතිය ද ගැමුණු යුගයෙ සංස්කෘතිය ද විජයබාහු යුගයෙ සංස්කෘතිය ද වෙන මොකක්වත් ද? සංස්කෘතියත් වෙනස් වෙනවා. ඒත් යම් සීමා ඇතුළෙ. සීමාවලින් පිට ගියොත් හඳුනගන්න බැරි සංස්කෘතියක් ලැබේවි.

නීතිය කියන්නෙ එදා අපි කිවුවෙ නැති වුණාට යම් සංස්කෘතියක පනවන කොන්දේසි ටිකක්. ඒ කොන්දේසි පිළිගත්තෙ නැත්නම් කඩකළොත් දඬුවම් කරනවා. ඒ සඳහා රාජ්‍යය බලය ලබා ගෙන තියෙනවා. රාජ්‍යය කියන්නෙ ම එවැනි බලයක් තියෙන ආයතනයකට. ඒත් අද නීතිය කියන්නෙ අපේ සංස්කෘතියෙ ඇති කර ගත් දෙයක් නො වෙයි. අපට පිටින් ගෙනත් අටවපු දෙයක්. ඒ නීතියත් අපේ සංස්කෘතියත් අතර ගැටුම් ඇති වෙනවා. එතැන දි නීතියට ජය අත්කර දෙනවා. ඒ වෙනත් කරුණක් නිසා නොවෙයි නීතිය පදනම් වෙලා තියෙන ඉංගිරිසි සංස්කෘතියෙ තියෙන ආධිපත්‍යය නිසා.

අපි හැදෙන්නෙ අපේ සංස්කෘතියෙ. දෙමව්පියන් ළමයි හදන්නෙ අපේ සංස්කෘතියෙ. ඒත් සංස්කෘතික ආධිපත්‍යය නිසා අපට වෙනත් සංස්කෘතියකත් හැදෙන්න වෙලා. ඒ හැදිල්ල කෙරෙන්නෙ අධ්‍යාපනය හා ජනමාධ්‍යය මගින්. අපි අද දෙබිඩ්ඩො. ඒ දෙබිඩිකම නිසා අසහනයක් තියෙනවා. ඒ අසහනයෙ ප්‍රතිඵල හැම තැන ම දකින්න පුළුවන්. අර රියැදුරා සමහර විට අධික වේගයෙන් රිය පදවන්නෙ ඇත්තෙ අසහනයෙන්. ඒ පොලිස් නිලධාරියාත් ඒ විධියට ප්‍රතික්‍රියා කරන්න ඇත්තෙත් අසහනයෙන්. මේ අසහනය එන්න එන්න වැඩි වෙනවා. රිය ගැටුමක් ඇති වූ විට අපට බලන්න පුළුවන් අසහනයේ තරම. (මතු සම්බන්ධයි)

කෝ මේ භූදේශපාලන යථාර්ථය මහඇදුරු නලින් ද සිල්වා මහතා

කෝ මේ භූදේශපාලන යථාර්ථය

දී කිරට බළල්ලුත් සාක්කි කිවුවලු. පළාත් සභාවලට පක්‍ෂ ව පළාත් සභා මන්ත්‍රීන් ඉදිරිපත් වෙලා. පොදු ජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය නමින් ඉන්න මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වල පළාත් සභා වෙනුවෙන් මහා විදග්ධ තර්ක ගෙනැල්ල. ජනමාධ්‍යවේදීන් ඊටත් වඩා විදග්ධ නිසා ඒ සාකච්ඡාවට හොඳ ප්‍රසිද්ධියකුත් දීල. අප මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බ ම එන්නෙ මාධ්‍ය ආයතන කිහිපයක් පමණයි. වරක් එසේ පැමිණි එක් මාධ්‍ය ආයතනයක් කැමරා අටවන්නෙවත් නැතිව ආපහු ගියා. කැමරා අටවන අයත් ආයතනයට ගියාට පස්සෙ ඔවුනටත් වඩා විදග්ධ ප්‍රවෘත්ති සංස්කරණය කරන අය අපේ අවියත් කතා ප්‍රචාරය කරන්නෙ නැහැ.

මෑතක දි ඔවුන්ට අවශ්‍ය වුණා මා තානාපති කමෙන් අස්වුණා ද කියල දැන ගන්න. ඔවුන් හිතුවෙ ආණ්ඩුවත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන මා තානාපති කමෙන් අස්වෙලා කියල. ඒ නිසා ඔවුන් මට මියන්මා රටට ම කතා කළා. හදිසියෙ මා වියත් වුණා. ඒත් ඔවුන්ගෙ බලාපොරොත්තු සුන් වුණා. අන්තිමේ දී සිරසක් නැති ආයතනයක් පුවත් සිරස් යටතේ තානාපතිකමෙන් අස්වීම ගැන කියල ඒ සම්බන්ධ කිසිවක් ප්‍රවෘත්ති ප්‍රකාශනයෙ නොකියා හිටියා. ඔවුන්ගෙ ප්‍රවෘත්තිවල කොහොමටත් මදයක් නැහැ.

පළාත් සභා දෙමළ ජනයාගෙ ප්‍රශ්නවලට දෙන විසඳුමක් කියල කියනවා. ඒත් ඔය මන්ත්‍රී සංසදය ප්‍රශ්න මොනවද කියල කිව්වෙ නැහැ. සංසදයෙ සමහරුනට නම් ප්‍රශ්නයක් තියෙන බව පැහැදිලි වුණා. ඒ රස්සාවක් හොයා ගැනීමේ ප්‍රශ්නය. බොහෝ දේශපාලනඥයන් කිසිම රස්සාවක් කරන්නෙ නැහැ. ජනමාධ්‍යවේදීන් නම් මොකක් හරි දෙයක් රස්සාවක් හැටියට කරනවා. අති පණ්ඩිත ලීලාවෙන් මත ප්‍රකාශ කරනවා. ලංකාවෙ තානාපති කාර්යාලවලින් වැඩක් වෙන්නෙ නැහැ කියනවා. හෙට අනිද්දා අර මියන්මා ධීවර ප්‍රශ්නය ඇදල ගන්න ඉඩ තියෙනවා. මා අසමත් බව කියාවි. එහෙමත් නැත්නම් පිං පඩි ගන්නවා කියාවි. ඔවුන් ප්‍රශ්න අහන්නෙ මත ප්‍රකාශ කරන්නෙ ජනතාව වෙනුවෙන්. දේශපාලනඥයනුත් එහෙමයි.

මට නම් ජනතාව කියන්නෙ වියුක්ත සංකල්පයක් පමණයි. මා වියුක්ත සංකල්ප ගණන් ගන්නෙ නැහැ. අර ගුරුත්වාකර්ෂණය වගේ තමයි. ඒ කියල මා ගොඩනැගිල්ලක ඉහළ තට්ටුවකින් පනින්නෙ නැහැ. කළු කුහරවල ගුරුත්වාකර්ෂණ නැහැ කිවුවොත් ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් හා පළාත් සභා සංසදයෙ මන්ත්‍රීවරුන් මොක ද කියන්නෙ. කළු කුහර කියන්නෙ අනන්ත ඝනත්වයක් ඇති ගෝලාකාර කබොළ ද? අර පුවත් විකාශය වගේ ඇතුළෙ මදයක් නැති ලෙල්ලක් විතර ද?

ඒ මොකක් වුණත් පළාත් සභා මන්ත්‍රී සංසදයෙ උදවිය ඔය දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්න ටික අපට තේරෙන භාෂාවෙන් කියල දෙනව නම් හොඳයි. පළාත් සභා ක්‍රියාත්මක කළාම ඒ ප්‍රශ්න වාෂ්ප වෙලා යනවා ද? තමන්ගෙ රස්සා ප්‍රශ්නය විසඳෙනවා ද? බොහෝ දේශපාලනඥයන් දන්නව නොව රස්සාවක් නැතිව ජීවත් වෙන හැටි. අර ජ වි පෙ හාදයන්ට නම් සලකන්න මිත්‍ර සහෝදරයන් ඉන්නවා. කමිස අරන් දෙන්න කලිසම් අරන් දෙන්න විතරක් නෙවෙයි ඒවයෙ බොත්තන් දාන්නත් සහෝදරයන් සෑදි පෑදි ඉන්නවා. නාවන ගමන් දත් මද්දවන්නත් සෙනග ඇති.

දැන් ඔය දෙමළ ජනයා බහුතරය ඉන්නෙ කොහෙ ද? සමහර විට එංගලන්තයෙ වෙන්න පුළුවන්. එහෙ දෙමළ ජනයාට ඔය කියන ප්‍රශ්න නැත් ද? එලිසබෙත් නෝනා දෙමළ දන්නව ඇති. චාල්ස් නම් නොදන්න දෙයක් නැහැ. ඩයනා නැති එක පාඩුවක්. හැරී මාළිගාවෙන් හැරී ගියේ මොක ද? ඩයනා හිටිය නම් අහගන්න තිබුණා. චාල්ස්ට පාකර් බෝල්ස් ඉන්නවා. බෝල් පොයින්ට් එන්න ඉස්සර අපිත් ලිවුවෙ පාකර් තීන්තවලින්. ඒ මොකක් වුණත් එංගලන්තෙ එහෙ ඉන්න දෙමළ ජනයාට හොඳට සලකනවා. ඒක නේ එංගලන්තෙට අමුතුවෙන් පළාත් සභා ඕන නැත්තෙ. සිංහල බෞද්ධයන්ට පහර දෙන්න ජෙනීවා යවන්න වෙස්ට්මිනිස්ටර් එහෙම නැත්නම් ඩවුනිං වීදියෙ අංක දහයෙ නිවස පැත්තෙ සිංහල බෞද්ධයනට විරුද්ධ ව උද්ඝෝෂණ කරවන්න එංගලන්තෙට දෙමළ ජනයා අවශ්‍ය වෙනවා.

ලංකාවෙ නම් දෙමළ ජනයා වැඩිපුර ඉන්නෙ උතුරු නැගෙනහිර පළාත්වලින් පිට. දැන් ඔය පළාත් සභා ක්‍රියාත්මක කළා ම ඒ අනෙක් පළාත්වල ඉන්න දෙමළ ජනයාගෙ ඔය තියෙනවා කියන ප්‍රශ්න විසඳන්නෙ කොහොම ද? ඔය සංසදයෙ උන්නැහැල අපට කියල දෙනවා ද? ඒ අයට ප්‍රශ්නයක් නැද්ද? ඉන්දියාවෙ නම් දෙමළ ජනයාගෙන් අති විශාල බහුතරය ඉන්නෙ තමිල් නාඩුවෙ. ඒ වගේ ම තමිල්නාඩුවෙ ජනතාවගෙන් අති විශාල බහුතරය දෙමළ. ලංකාවෙ එහෙම නැහැ. උතුරයි නැගෙනහිරයි එකට ගත්ත ම එහි දෙමළ ජනයාගේ ප්‍රතිශතය කීය ද කියල කවුරු හරි දත්ත විශ්ලේෂකයෙක් අපට කියල දෙනවා ද? ඒ එක්ක ම කියනවා ද ලංකාවෙ දෙමළ ජනයාගෙන් ඒ පළාත්වල ඉන්න ප්‍රතිශතය. සංසදයෙ මහත්තුරුත් දත්ත වලට කැමතියි.

එක් සංසද සාමාජිකයෙක් කියල තිබුණ දෙමළ ජනයාගෙ ප්‍රශ්නවලට විසඳුමක් ලෙස පළාත් සභා දුන්නෙ නැත්නම් නැවතත් කොටි ත්‍රස්තවාදයක් ඇති වෙයි කියල. ඔන්න බබෝ බිල්ලො එනවා ගිහින් නිදාගන්න වගේ කියමනක්. අපට බිල්ලන් පෙන්නන්න ඒ මන්ත්‍රීට බැහැ. අසූවෙ අවසාන කාලෙ නම් ගෝනි බිල්ලො හිටියා. රනිල්දාසල යටත්විජිත හේරත්ල ඒ ගැන හොඳින් දන්නවා. නැවතත් කොටි ත්‍රස්තවාදයක් ඇති වෙන්න අර ඊනියා භූදේශපාලන යථාර්ථය නැහැ. ඒක සමහර විට සංසද මන්ත්‍රී කෙනකුගෙ ඇඳ යට තියෙන්න පුළුවන්. පොඩ්ඩක් නැවිල හොයනවා ද? හම්බ වුණොත් තව මාධ්‍ය සාකච්ඡාවක් තියල අපට කියනවා ද?

අත්වැඩ පරවැඩ – මහඇදුරු නලින් ද සිල්වා මහතා

අත්වැඩ පරවැඩ

ලෝවැඩ සඟරාවෙ කවි පොඩි කාලෙ පාඩම් කළත් හරියට පාඩම් හිටියෙ නැහැ. ඒත් ඒ කවිවල සමහර කොටස්, පද නම් හිතේ හිටියා. ඉන් එක පදයක් තමයි අත්වැඩ පරවැඩ සම ව සිතන්නේ කියන එක. ඒ කාලෙ ගමේ ඉස්කෝලෙට යන කාලෙ නිසා අත්වැඩ කියල වෙන ම පාඩමකුත් තිබුණා. ලණු අඹරන්න පාපිසි හදන්න එහෙම ඒකෙ ඉගැන්නුව. ලණු අඹරන වැඩේ මා ආසාවෙන් කළා. ලණු අඹරනවයි කිවුවට අනිත් මිනිසුන් අමාරුවෙ දාන්න නො වෙයි. කොහු ටික ටික තියල ලණුවක් අඹරන එකත් ඉන්පසු තවත් කෙනකු සමග එකතු වී ඒ ලණුවලින් පාපිසි ගොතන එකත් හොඳ අත්දැකීමක්.

ඒත් මෙතැන කියන්නෙ ඒ අත්වැඩ ගැන නො වෙයි. තමාගෙ වැඩ කියන අරුතෙන්. පරවැඩ කියන්නෙ අනුන්ගෙ වැඩවලට. පරයා කියන්නෙ අනුන්ට ඊනියා අනෙකාට වෙන්නත් පුළුවන්. අපට ඇත්තේ එක් අනෙකෙක් නො වෙයි. අපේ දෙමවුපියන් ද අනෙකුන්. ඒත් අනෙකුන් ම නො වෙයි. කොහොම හරි පරයා කියන වචනයට පසුව වෙනත් තේරුම් ද දී ඇති බව පැහැදිලියි. අපි තමන්ගෙ අය කියල කොටසක් හඳුන ගන්නවා. ඒ තම කුලය අය ම නො වෙයි. ඒ අතර අනුන් ද ඉන්නවා. මේ අනුන් සමහර විට අපට අහිතකර වැඩ කරනවා. ඒ වැඩවල විකාශයක් පරවැඩවල දකින්න පුළුවන්. පරයාට අනුන් ඉක්මවා යන අර්ථකථන ලැබෙන්නේ ඒ අනුව. මෙහි තිබෙන හොඳ ම කතාව තමයි තමන්ගෙ කියන අයත් ඇතැම් විට පරයන් වීම. සිංහල භාෂාවත් ඒ ඒ අතට නැවෙනවා. සිංහල භාෂාව සිංහලයන්ගෙ නිර්මාණයක් බව පැහැදිලියි.

ලෝවැඩ සඟරාවෙ කියන්නෙ ඒ පරවැඩ ගැනත් නො වෙයි. තමන්ගෙ වැඩත් අනුන්ගෙ වැඩත් එක සමාන ව සලකන්න කියලයි කියන්නෙ. ඒක ඒ විධියට ම කරන්න පුළුවන් අය කරන අය කී දෙනකු ඉන්නවා ද කියල මා දන්නෙ නැහැ. අනුන්ගෙ වැඩක් තමන්ගෙ ම වැඩක් වගේ කරන්න පුළුවන් ද? අප අපේ වැඩවලට දෙන ප්‍රමුඛතාව අනුන්ගෙ වැඩවලට දෙනවා ද? අනුන්ගෙ වැඩට ප්‍රමුඛතාවක් දීමේ දී නැත්නම් අනුන්ගෙ වැඩක් තමන්ගෙ වැඩක් බවට පත් කර ගැනීමේ දී ආත්මාර්ථය යම් පමණකට හරි නැති කර ගන්න ඕන. පරාර්ථය ඇති කර ගන්න ඕන.

ඒත් මේ සමාජයේ ඒව එහෙම ම වෙනව ද කියන එක නම් ප්‍රශ්නයක්. අද දේශපාලනඥයන් කියන්නේ තමන් ජනතාව වෙනුවෙන් ජනතාවගේ වැඩ කරන බවයි. ජනතාව තමන්ගෙ හැටියට සලකල වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒත් තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවී අර කරන්න විතරක් නොවෙයි කියන්නත් අමාරු නිස්සරණාධ්‍යාශයෙන් වැඩ කරනවා ද? අපට තර්ක කරන්න පුළුවන් ජනතාවට වැඩ කරන්න බලය අවශ්‍යයයි. ඒ නිසා බලය ලබා ගැනීම ජනතාවට සේවය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවක් කියල.

සුද්දන් නිකමට හරි පබ්ලික් සර්විස් කියල එකක් හැඳින්නුව. ඒකෙ අරුත තමයි ජනතා (ප්‍රජා) සේවය කියන එක. පබ්ලික් කියන වචනයට වෙනත් අර්ථකථනත් තියෙනවා. මා නිකමට මලලසේකර ශබ්ද කෝෂය බැලුව. ඒකෙ පබ්ලික් කියන එක විශේෂණ පදයක් හැටියට යොදන විට පොදු, ප්‍රසිද්ධ, ප්‍රකට කියන තේරුම් දී තිබෙනවා. නාම පදයක් හැටියට පොදු ප්‍රජාව කියල තියෙනවා. එංගලන්තයේ පබ්ලික් ස්කූල් කියල පාසල් වර්ගයක් තියෙනවා. ඒව පොදු නම් නැහැ. සාමාන්‍ය මිනිසුන්ගෙ දරුවන්ට ඒ පාසල්වලට යන්න බැහැ. ඒ අතර ලංකාවෙ තියෙනව පබ්ලික් ලැවට්රි කියල ජාතියක්. ඒවට නම් යන්නෙ සාමාන්‍ය මිනිස්සු. ඒවට ප්‍රසිද්ධ වැසිකිළි කියල කියනවා. ඒත් ප්‍රසිද්ධ පුද්ගලයන් යන්නෙ නැහැ.

අර සුද්දන්ගෙ (පර සුද්දන්ගෙ) පබ්ලික් සර්විස් කියන එක සිංහලට පරිවර්තනය වෙලා තියෙන්න රාජ්‍ය සේවය හැටියට. ජනතා සේවය හරි පොදු ප්‍රජා සේවය හරි කියල නො වෙයි. ඒක නිසා ද කොහෙද දේශපාලනඥයන් ජනතා සේවය භාරගෙන. ඒ කියන්නෙ රාජ්‍ය සේවයෙ මැති ඇමතිවරු ජනතා සේවය කරනවා. පබ්ලික් සරවිස් කියන එකට බැඳෙන අය රාජ්‍ය සේවය කරනවා. ලංකාව ඔය තත්වයෙන් හරි තියෙන එක ගැන පුදුම වෙන්න ඕන.

මාත් දැන් රාජ්‍ය සේවයේ කොණක ඉන්නවා. ඒ රාජ්‍ය සේවය ම නොවෙයි. රාජ්‍ය සේවයේ වයස අවුරුදු හැටෙන් ගෙදර සේවයට යන්න ඕන. ගැහැණු උදවිය නම් වෙන මොන සේවයෙ හිටියත් හැමදාමත් ගෙදර සේවයෙ. ගෘහිණිය කියන්නෙ ඒක නිසා වෙන්න ඇති. මට දැන් හැට පැනල ටිකක් කල්. අර හාමුදුරුවරුත් අනුශාසනා කළෙ හැට පිරුණු අය තානාපති සේවයට යවන්න එපා කියල. ඒත් මා රාජ්‍ය සේවයක් වූ තානාපති සේවයේ ඉන්නවා.

ජනතා සේවයේ අය ජනතාවගේ වැඩ තමන්ගෙ වැඩ බවට පත් කරගෙන. ලෝවැඩ සඟරාවෙ තියෙන විධියට ම නම් නො වෙයි. ජනතාවට පාරක් කැපුව ම තමන්ටත් කැපිල්ලක් එනවා. අර ව්‍යාපෘතිය මේ ව්‍යාපෘතිය කිවුව ම පොඩි ගාණක් ද කැපෙන්නෙ. එහෙම තමයි ජනතා සේවය. රාජ්‍ය සේවයෙ අය ලවා ජනතා සේවයක් කර ගන්න අමාරුයි. මෙතැන තවත් ප්‍රශ්නයක් තියෙනවා. සමහරු හිතන්නෙ රාජ්‍ය සේවය තියෙන්නෙ වැරදි කරුවන් නිවැරදි කරුවන් කරන්න කියල. ඒ කොහොම වෙතත් රාජ්‍ය සේවයෙ සමහරු ජනතාවගෙ වැඩ තමන්ගෙ වැඩ බවට පත්කර ගන්නවා. ඒකට අත මිට මොළවන්න ඕන. මා දන්න සමහර රටවල රාජ්‍ය සේවයෙ විනිසුරුවන් ඒ ක්‍රමයට අනුන්ගෙ නඩු තමන්ගෙ නඩු කර ගන්නවා. හුණුවටයෙ කතාවෙ කියන්නෙ නීති කැඩුවෝ ඒ රැකීමට කියල.

මා කියන්නෙ නැහැ රාජ්‍ය සේවයෙ හැමෝම එහෙමයි කියල. සමහරු රාජ්‍ය සේවය පැත්තකින් තියල ජනතා සේවයේ යෙදෙනවා. පරවැඩ අත්වැඩ බවට පත් කර ගන්නවා. ඒත් ඒවා ප්‍රසිද්ධ (පබ්ලික්) වෙන්නෙ නැහැ. සුද්දන් මේ පබ්ලික් කියන වචනෙ පබ්ලික් නොකර හිටිය නම් කොච්චර හොඳ ද කියල හිතෙනවා. අපිට ලෝවැඩ සඟරාව කියව ගෙන ඉන්න තිබුණා.

පවත්නා අධ්‍යාපන ක්‍රමය මගින් හදනු ලබන මයිස්ටර්වරුන් අතරින් වැඩි දෙනකු කරන්නේ, බාල පරපුරේ මනස දුර්වල කිරීමයි

සාරි පොටෙන් හිස ආවරණය කර ගැනීමේ සිරිතක් ලංකාවේ ආඬි සහ මුස්ලිම් කාන්තාවන් අතරේ පැවතුනි. එය මොට්ටැක්කිළිය නමින්ද ප්‍රසිද්ධව තිබුණි. මෙම ඇඳුමේ වෙනසක් සිදුවන්නේ, 1979 ඉරාන ‘විප්ලවයෙන්’ පසුවයි. ෂා රජු පාලනය කළ ඉරානයේ කාන්තාවෝ තමන්ට අභිමත පරිදි ඇඳුම් මෝස්තර නිර්මාණය කර ගත්හ. ඉරානයේ කාන්තාවන්ගේ මෝස්තර, ඇෆ්ගන් කාන්තාවෝ ද අනුගමනය කළහ. ආගමික ‘විප්ලවයෙන්’ පසු කුමෙයිනිගේ පූජක හමුදාව සියලු කාන්තාවන්ට පොදු ඇඳුමක් නියම කළේය. එය ‘හිජාබ්’ නම් වූයේය. නිදහස සෙවූ ඉරාන කාන්තාවන්ට නිදහස සම්පූර්ණයෙන්ම අහිමිව ඇති බව වැටහුනේ එවිටය. ප්‍රංශයේ ජීවත් වූ ෂා රජුගේ බිසව පුවත්පත් කලාවේදිනියක සමග පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව ඉතා අපූරුවට පැහැදිලි කළාය.

ෂාට පිටුපා කුමේනිට සහාය දුන් බටහිර රටවල් කලබලයට පත්වූයේ, රුසියාවට හේත්තු වූ ඉරාන පූජක පිරිස ඇමරිකාවට විරුද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පටන්ගත් පසුවයි. එනිසා ඔවුන්ගේ බලය දුර්වල කිරීම සඳහා බටහිර රටවල් කටයුතු ඇරඹූහ. එවිට ඇමරිකාවට, මැද පෙරදිග කලණ මිතුරා වශයෙන් සවුදි අරාබියෙන් විශාල සහායක් ලැබුණි. සවුදිය කළේ ‘වහබ්වාදය’ රටින් පිටතට ව්‍යාප්ත කිරීමයි. වහබ්වාදය, පිළිම වන්දනා කරුවන් ඇතුළු ඉස්ලාම් නොවන ආගමිකයන් සහ අදේවවාදීන් විනාශකර දැමිය යුතු යැයි කී අන්තවාදී දර්ශනයකි.

තුර්කිය සමග යුද්ධ කළ සමයේ සවුදියේ රජ කුමරකු බලයට පත් කිරීමට බ්‍රිතාන්‍යයන්ට හැකිවිය. ‘ලෝරන්ස් ඔෆ් ඇරබියා’ චිත්‍රපටය, මෙම වැඩපිළිවෙළේ මහ මොළකරු වූ ලෝරන්ස්ගේ චරිතය මුල්කර නිෂ්පාදනය කරන ලද්දකි. බලයට පත්වූ රජුට ඉස්ලාම් උපදේශක මඬුල්ලක් ආධාර කළේය. ඔවුන් මුහම්මඩ් බින් අබ්ඩ් අල් වහබියා නමැති පූජකයාගේ ඉගැන්වීම් අනුව කටයුතු කළ අන්තවාදීන් පිරිසකි. වහබියාගේ පරමාර්ථය වූයේ ඉස්ලාම් ආගම එහි ආරම්භක අවස්ථාව දක්වා ගෙන යාමයි. ඔහු එම වැඩපිළිවෙළ ඇරඹූයේ අරාබින් මිත්‍යා දෙවි දේවතාවියන් වන්දනාවෙන් ගලවා ගැනීම උදෙසා ගස් කැපීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවීමෙනි. ඔහු වරදෙහි බැඳෙන ස්ත්‍රීන් ගල් ගසා මැරීමද ආරම්භ කළේය. වර්තමානයේ ඉරානය සහ සවුදි අරාබිය යන රටවල් දෙකේම කාන්තාවන් ගල් ගසා මරා දැමීමේ ‘දඬුවම’ ක්‍රියාත්මක වේ.

සවුදි රජතුමා ඉරානයට විරුද්ධව වහබි ගුරුන් රටින් පිට යැවුවේය. ඉන් සමහරු ඉරානයට ඇතුළු වී ත්‍රස්ත ක්‍රියා ඇරඹූහ. තවත් පිරිසක් යාබද ඇෆ්ගනිස්ථානට ගොස් සුන්නි ආගමිකයන්ට ආර්ථික ආධාර සපයමින් ‘මුජහදින් දේශප්‍රේමි සංවිධානය’ බිහි කළහ. මුජහදින් ගරිල්ලා ව්‍යාපාරයේ ප්‍රධාන පරමාර්ථය වූයේ, කලාපයෙන් සෝවියට් බලය ඉවත් කිරීමයි. ඇෆ්ගන් වහබි ගුරුවරු, පකිස්ථානයට දේශකයන් යවමින් එහි ‘සුන්නි’ අදහන්නන්ගේ සහාය මුජහදින් සංවිධානයට ලබාගත්හ. සෝවියට් බලය ඉවත් කිරීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ ඇතිවූ ‘තලෙයිබාන්’ ආණ්ඩුවට උපදෙස් දුන්, බින් ලාඩන්, ඇෆ්ගාන් වහබි ගුරු පරපුරට අයත් සවුදි රටවැසියෙකි.

ඉන්දියාව සමග ගැටන පාකිස්තානයට කාශ්මීරය තුළ වහබි කඳවුරු ගොඩනැංවීම කරුණු කිහිපයක් නිසාම ප්‍රයෝජනවත් වේ. මේ කඳවුරු මගින් ලෝකයේ තුන්වැනි විශාලම ඉස්ලාම් ජනගහනය ඇති ඉන්දියාවේ ඉස්ලාම් ප්‍රාන්ත ඇති කිරීමේ සැලැස්මක් ක්‍රියාවට නැංවේ. මලබාරය ස්වාධීන ඉස්ලාම් රටක් කරන්නට වෙහෙසෙන්නේද මේ කඳවුරු පවත්වන කණ්ඩායම් කිහිපයයි. කාශ්මිරයේ ඉන්දියාවට අයිති කොටස පාකිස්තානයට ලබාදීම ඔවුන්ගේ අරමුණකි. මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය දියත් කිරීමටද ඔව්හු සම්බන්ධ වූහ.

නිකාබ, හිජාබ, අබායා, අල් අමිරා, ඛිමාර්, ෂයිලා, චfදා්ර් ආදී වශයෙන් රට රටවල විවිධ නමින් භාවිත හිස්, මුහුණු හා ශරීර වැසුම් ඉරාන සහ සවුදි අරාබිය යන රටවල් දෙකෙන් ලොවට ගිය කාන්තා ඇඳුම් මෝස්තරයක් නොවේ. වහබි ඇදුරෝ කාන්තාවන්ට මෙම ඇඳුම් ඇන්දවීමෙන් තම බලය හා ශක්තිය පැහැදිලි කරති. එය දෙවියන් උදෙසා සටන් කිරීමේදී ප්‍රයෝජනවත් සංග්‍රාම ඇඳුමක් බවත් ඔවුහු දනිති. සෝවියට් සංගමයේ සාමාජිකයකුව සිටිමින් කොමියුනිස්ට් සමාජ ධර්මවලට ඇබ්බැහිවී සිටි ටජිකිස්ථානය, හිජාබය තහනම් කළාය. එය රුසියානු බලපෑම නිසා සිදුවූවකි.

සවුදි අරාබියේ ඔටුන්න හිමි මොහොම්මද් බින් සල්මාන් කුමාරුන්, බටහිර ප්‍රධාන ජනමාධ්‍යයන් බොහෝමයකට පෙනෙන්නේ විප්ලවවාදියකු වශයෙනි. මෑතකදී ඔහු ගුවන් විදුලි සාකච්ඡාවකට සහභාගිවෙමින් මුස්ලිම් කාන්තාවන්ට අබායා අනිවාර්ය නැතැයි කීවේය. සොම්නසට පත්වූ සවුදි කාන්තාවෝ පාට පාට රෙදිවලින් මසාගත් අබායා පැලඳ වීථි බැස්සාහ. සවුදියේ පකිස්ථාන තානාපති කාර්යාලය සල්මාන් කුමරුන්ගේ කතාවට කනස්සල්ල පළ කළේ නැත.

ලංකාවේ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර බුර්කාව තහනම් කිරීමට තීරණය කිරීමට තුඩු දුන් බොහෝ කාරණා තිබේ. පාස්කු ප්‍රහාර වාර්තාවම ප්‍රමාණවත් හේතුවකි. වීරසේකර ඇමතිවරයාගේ ප්‍රකාශය නිකුත් වූ සැණින් ඇන්ජීඕ සංවිධාන විශාල සංඛ්‍යාවක් ලංකාවට විරුද්ධව එජා මානව හිමිකම් සංවිධානයට පෙත්සම් යැවීම ඇරඹූහ. ඊළාම් යුද්ධය පැවති කාලයේ ඇතැම් බටහිර තානාපති නිලධාරින්, තානාපති කටයුතුවලට අමතරව ලංකාණ්ඩුව පාලනය කරන්නට ඉදිරිපත් වූ බව රහසක් නොවේ. සරත් වීරසේකර ඇමැතිවරයාගේ කතාවෙන් පසු පකිස්තාන තානාපති කාර්යාලය ඊට කනස්සල්ල පළ කිරීමද තානාපති කාර්යාලයක් ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමකි. විශේෂයකට ඇත්තේ පාකිස්තානය ලංකාවේ සමීප මිතුරකු වශයෙන් කටයුතු කරමින් මෙසේ හැසිරීමයි.

ලොකු රටවල් තානාපති කාර්යාල මාර්ගයෙන් කුඩා රටවල අභ්‍යන්තර කටයුතුවලට අත දැමීම ලෝකයේ නිරන්තරයෙන් සිදු වන දෙයකි. ඔවුහු සමහර විට එවැනි රටවල තමන් අකමැති ආණ්ඩු වෙනස් කරති. මහජනතාවට පාලකයන් එපා කරවීමට නොයෙක් කපටි උපක්‍රම භාවිත කරනු ලැබේ. ගෝඨාභය රජයට විරුද්ධව ගෙන යනු ලබන ඉතාම සැලසුම් සහගත ප්‍රචාරක වැඩපිළිවෙළ නිදසුනකි. අන්තර්ජාලය ප්‍රධාන නොයෙක් ප්‍රචාරක මාර්ග ආධාර කරගෙන ගෝඨාභය ආණ්ඩුව හැදී ඇත්තේ කැලෑ කපන පරිසරය වනසන දුර්දාන්ත පාලකයින් පිරිසකගෙන් බව ඔවුහු නිරතුරුව ජනතාවට කියති. මේ උපක්‍රමයෙන් කෙරන්නේ විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවගේ මනස අවුල් කිරීමයි.

යහපාලන ආණ්ඩුව පැවති කාලයේ තරම් ලංකාවේ රක්ෂිත වනාන්තර එළිපෙහෙළි වූ කාලයක් ඉතිහාසයේ නැත. ලොකු කුඩා නගර ආසන්නයේ පිහිටි සිංහල ජනතාවගේ ඉඩම් සුළු ජාතීන්ට අයිති වූ කාලයත් යහපාලන ආණ්ඩු කාලයයි. පකිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, මියැන්මාරය ආදී රටවලින් වැසියන් ඉතා විශාල සංඛ්‍යාවක් මෙම කාලය තුළ ලංකාවේ පදිංචි වී හොර උප්පැන්න හදාගෙන තිබේ. යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ රිෂාඩ් බද්යුද්දින් විල්පත්තුව පරිවාර වනාන්තර විනාශ කිරීම ගැන අධිකරණයෙන් වරදකරුවකු වූයේය. දේශීය ව්‍යපාරිකයන් යටකර හොර වැසියන්ට ඔහුගේ කාලයේ ආනයන අපනයන ක්ෂේත්‍රවලට ඇතුළු වීමට ඉඩ ලැබී ඇත්දැයි සොයා බැලීමට ප්‍රමාණවත් තරම් කටකතා තිබේ.

හන්තාන එළිකිරීම ගැන එජාපයේ ප්‍රබල උපනායකයෙක් චෝදනා ලැබුවේය. පුවත්පත්වලින් ප්‍රසිද්ධිය නොලබා මෙවැනි කටයුතු කළ දේශපාලනඥයන් විශාල පිරිසක් සිටිති. සජිත් ප්‍රේමදාස නිවාස ඇමැතිවරයා අලි මංකඩවල් හරස්කරමින් අධි සංවේදී පරිසර කලාපයන් වනසමින් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන යටකරමින් උදාගම් පිහිටුවා ඇත. සමගි ජන බලවේගයේ නායකයා වී සිටින ඔහු ‘හරිත ව්‍යාපාරයක්’ අරඹා තිබේ. ‘හරිත ව්‍යාපාරය’ ජර්මනියේ ආරම්භ වූවකි. එය පටන්ගත්තේ නත්තල් ගස් කැපීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමිනි. සජිත් ගස්කැපීමට විරුද්ධ වූයේ කවදා සිටද?

විදේශීන්ට නොයෙක් ප්‍රයෝග භාවිත කරමින් සිංහලයන් රැවටීමට හැකියාව ලැබීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ බ්‍රිතාන්‍යයන් බිහිකළ අණ්ඩා දමමින් පවත්වාගෙන යන රටේ අධ්‍යාපන ක්‍රමයයි. එයින් උගතුන් වී තනතුරු නිලතල හිමිකරගෙන සිටින්නන් අතුරින් කිහිප දෙනකුවත් ක්‍රමය වෙනස් කිරීමට එකඟ නොවෙති. ඒ වෙනුවට කවුරුත් පොරකන්නේ ක්‍රමය රැකගෙන තමන්ගේ දූ දරුවන් ඉහළ තනතුරකට යැවීමටයි.

පවත්නා අධ්‍යාපන ක්‍රමය මගින් හදනු ලබන මයිස්ටර්වරුන් අතරින් වැඩි දෙනකු කරන්නේ, බාල පරපුරේ මනස දුර්වල කිරීමයි. සිංහලයන්ට ඉතා ශක්තිමත් රාජ්‍ය පාලන ක්‍රමයක් පැවති බව කීමට ඔවුනට නොහැකිය. විද්‍යාලංකාර ඉතිහාස සඟරාවට අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලනය ගැන ලියන ලක්ෂමන් එස්. පෙරේරා මෙසේ සඳහන් කරයි.

“වංශකතාකරුවෝ සිරිත් පරිදි ප්‍රධාන සිද්ධීන් පමණක් ලියා තැබූහ. ඔවුහු තමා වටා ගෙතී තිබුණු එදිනෙදා ජීවිතය ගැන කිසිවක් නොතැකුවෝය. ප්‍රධාන සිද්ධීන් විස්තර කිරීමේදී විනා පාලන කටයුතු පිළිබඳ ප්‍රවෘත්ති විශේෂ සැලකිල්ලට ලක්වී නැත.”

වංශකතාවේ බුදුසසුන පිහිටුවීම පිළිබඳ තොරතුරු සහ තිස්ස රජු නැවත අභිෂේක ලැබූ තොරතුරු තිබේ. වංශකතා සම්ප්‍රදාය බ්‍රිතාන්‍යයන්ගෙන් උගත් ලක්ෂමන් පෙරේරාට එය වැටහී නැත. බුර්කාව තහනම් කිරීම ගැන සරත් වීරසේකර ඇමැතිවරයා කළ ප්‍රකාශයට ලැබුණු ප්‍රතිචාර ගැනද කිව යුත්තේ එවැනිම දෙයකි.

‘බුර්කා තහනමක් ගැන අපේ අදහසක් නැතැ’යි ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන් සහ නිලධාරින් කිහිප දෙනෙක්ම ප්‍රකාශ නිකුත් කළහ. ඔවුන්ගේ කතා අසන ආණ්ඩු විරෝධියෝ ඉතා පහසුවෙන් ආණ්ඩුව සෙලවිය හැකියයි ප්‍රීතියට පත්වී තව තවත් වැරෙන් ආණ්ඩුවට පහර දෙති.

කොලට් සේනානායක නාරද කරුණාතිලක

සති අග අරුණ

ලෝක උරුම කියන්නේ ප්‍රෝඩාවක් සිංහලයන්ගේ අයිතිය උදුරා ගැනීමක්

ක්‍රිස්තියානි හෝ කතෝලික කදිරගාමාර් වුනත් අගේ කලාට හිටියා නම් ඔහු ත් අද තමාරා සුමන්දිරන් ලා එක්කයි. කොලඹගේ කමල් ශූ පොලිෂ් එක්කයි.
ඔහු වෙසක් දිනේ ලෝක උරුමයක් කලා නමට. ං
බටහිරේ වෙසක් දවසක් ඇත්තෙත් නෑ අපි පන්සල් යන්නෙ හාමුදුරුවො කියන සති අන්තෙ ඒ උන් දෙන එක වෙන්න ඇති.

අපේ සැබෑ වෙසක් දිනේ පුර පසලොස්වක වෙසක් මාසෙ. උන් බැලුවේ ඒ ශාන්තවත් දිනේ උන් වගේ මස් කාල සුරා පානය කරල හැසිරෙන තුප්පහි දිනයක් කර, ශාන්තිමත් පින්වත් ක්‍රියාවලින් රටට ලැබෙන අධ්‍යාත්මික සුවයත් නතර කර සම්‍යක් දෙවිවරුන් ගේ ආරක්ශාවත් නැති කර අසත්පුරුශ කාලකන්නි සිංහලයො වැඩි කර සම්‍යක් දෙවිවරුන් වත් අපෙ රටෙන් ඈත් කර උන්ගේ මිසදිටුවො ලං කරවන්නයි.

සුර අසුර යුද්ධ උඩ වෙන්නෙත් අසුරයො දිනවන්න ඒකයි අපේ රටේ ඔතරම් පවුකාරයො වැඩි

දායක සභා සහ විහාරාධිපතිවරු

දායක සභා වෙනුවට දැන් කතෝලික කිතුනු පල්ලියෙ දූතයො පන්සලට බස්සලා.
අපේ හිමිවරු එක්කො අකාලේ අපවත් වෙනවා,
එක්කො ජෙප්පො කරවා බුදු දහම වෙනුවට සමාජවාදෙ කරනවා,
එක්කෝ පල්ලියෙන් එවන සුන්දරියොන්ට රැවටිලා හෝ රවටලා හෝ බලහත්කාරයෙන් දැහැන බිඳුනු හිමිවරු කර,
විණය නැති අය ලෙස ඊනියා ජාත්‍යන්තරේට වීඩියෝ අත හැර සම්බුද්ධ ශාසනයට අපහාස අවමාන කරවා ශූ පොලිෂ් ලගෙ අය සුදනෝ ලෙස පෙන්වනවා.
නමුත් ඔහොමවත් අපේ හිමිවරුන්ට අයිතිය නොතිබුණා නම් දේශපාලුවො විහාර ටිකත් සංචාරක හෝටල් කර නෙල්ලිගල වගේ ආකර්ශනීයසංචාරක මධ්‍යස්තානයක් කර සල්ලි ගරයි. ශවීන්ද්‍ර ලා ඇමෙරිකානු ඉත්තා කර රූකඩ නායකයා කර රටම විතරක් නොව විහාර ආරාමත් කඳුල පාදිලියාගෙ විකාර අස්සන පල්ලි කරාවි. එනිසා හාමුදුරුවනේ විහාරවලට නම් පල්ලිය රිංගවන්න ඉඩ නොදේවා. නෙල්ලිගල සාදු නම් දුර ගමණක් යනවා සම්‍යක් දෘශ්ටික සුමන සමන් දෙවියන් ව නෙල්ලිගල සංචාරක හෝටලේ සිටුන ලෙසට රටම ගොන්නුන් ලෙස අන්දවා භාග්‍යවතුන් වහන්සේට ශ්‍රී පාදය පිහිටුවන්නට ආරාධනා කර පුද පූජා කර ආරක්ශා කරන සුමන සමන් දෙවියන්ව ශ්‍රී පාදස්තානෙන් යවා, මිත්‍යයාදෘශ්ටික අසුර නඩේ මලබාර් කතෝලික රාජ් සෝමදේවයාට ආදම්ගෙ ඇටකටු ලෙස ගල් කෑලි හොයන්නත් ඉඩ දේවි උන්ගේ සර්වබලධාරියා ආදම් ව මැව්වෙ එතනත් කියාවි. මිසදිටු බලවේග වලට තෝතැන්නක් කරන කහලෝගු ටික නම් ඉතා ඉක්මණින් හෙලි කළ යුතුයි.

ලක්දිව භික්ෂුණී සාසනයේ ආරම්භය ,පරිහානිය සහ වර්ථමානය (සම්පුර්ණ විස්තරය )

✔️ ශාසන ඉතිහාසයට අනුව භික්ෂුණී සමාජය ආරම්භ වූයේද භාරතයේදීමය. මහා ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම පරිදි බුද්ධත්වයෙන් පස්වන වසරේදී බුදුරදුන් විසින් බුදු සසුන තුළ භික්ෂුණී සමාජය ඇති කරන ලදී. මෙමහණි සප්ත භාරතයෙහි ආරම්භවී සියවස් තුනකට පසුව එනම් ක්‍රි. පූ. තුන්වන ශතකයේදී (ක්‍රි.ව. 237) ලංකාවේද භික්ෂුණි සමාජය ආරම්භ විය. ඒ වූ කලී ධර්මාශෝක අධිරාජයා විසින් අරඹන ලද ධර්ම විජය ව්‍යාපාරයේ විශිෂ්ට ප්‍රතිඵලයකි. එවක් පටන් සියවස් දොළසක් පමණ අඛණ්ඩව ලංකාවේ පැවති භික්ෂුණී සමාජය පිළිබඳ සපයා ගත හැකි තොරතුරු ඉතා විරලය. මනොසිඳී ගලායන ඉතිහාසයක් ලංකාවේ මෙහෙණි සස්නට ඇතැයි කීම අපහසුය. මහාවංසය, සමන්තපාසාදිකාව වැනි ග්‍රන්ථයන්හි ඒ පිළිබඳව යම් ප්‍රමාණයක තොරතුරු සටහන් වන අතර, වාසනාවකට මෙන් දිපවංසයෙහි ප්‍රමාණවත් තොරතුරු සටහන් වී ඇත.

✔️ ලක්දිව භික්ෂුණි සමාජයේ ආරම්භය .

යතෝක්ත මූලාශ්‍රවල සඳහන් තොරතුරු අනුව මිහිඳු මාහිමියන් මේ දිවයිනට බුදු සමය හඳුන්වා දී නොබෝ දිනකින්ම ලංකාවේ මෙහෙණි සස්න ආරමිභ විය.
ලක්දිවට වැඩමවූ දෙවන දිනයේම මිහිඳු මාහිමියෝ රජගෙදර පිරිසට දහම් දෙ සූහ. ඒ දහම් දෙසුමට සවන් දුන් පිරිසන් වැඩි දෙනෙක් කාන්තාවෝය . බණ අසා බුදු දහම් කෙරෙහි ප්‍රසාදයට පත් අනුලා දේවිය ඇතුළු කාන්තාවෝ බුදු සසුනෙහි පැවිදි වීමට කැමැත්ත පළ කළහ. මේ කරුණ රජතුමා විසින් මිහිඳු මාහිමියන්ට දන්වනු ලැබුවද, බුද්ධ නියමය අනුව බික්ෂුන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බව මිහිඳු මාහිමියෝ රජුට පැවසූහ. ඒ සඳහා ධර්මාශෝක රජතුමන් වෙත දුගතන් යවා තම නැගණිය වූ සංඝමිත්තා වන් කැඳවා ගතයුතු බව ද උන් වහන්සේ රජතුමාට දන්වා සිටියඟ. ඒ අනුව මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදි දෙවනපෑතිස් රජතුමා විසින් සංසං මිත්තා තෙරණිය කැඳවාගෙන ඒම පිණිස අරිට්ඨ ඇමති ප්‍රමුඛ දූත පිරිසක් ධර්මාශෝක රජු වෙත යනු ලැබීය. සංඝමිත්තා මෙහෙණියගේ පැමිණීම අපේක්ෂා කරමින් අනුලා දේවිය ඇතුළු බොහෝ කුල ස්ත්‍රීහු දශ ශීලය රකිමින්, තමන් වෙනුවෙන් කරවන ලද උපාසිකාරාමයක දවස් යැවුහ. ලක්දිව බුදු සසුන පිළිබඳ ඉමභත් බලාපොරොත්තු ඇතිව සිටි ධර්මාශෝක රජතුමා දෙවන පෑතිස් රජුගේ ඉල්ලීම පරිදි සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ භික්ලී න් පිරිසක් ලංකාවට එවීය. බුද්ධ වර්ෂ දෙසිය තිස් හතෙහි උඳුවප් මස පුරපක්ෂ
යෙහි පෑල විය දවස්හි ඉන්දියාවේ තාමුලිප්තයෙන් නැව් නැගුණු සංඝමිත්තාවන් ප්‍රමුඛ පිරිස සත් දිනකින් ලක්දිව දඹකොළ පටුනට ගොඩ බටහ. දීපවංසයෙහි සඳහන් වන අන්දමට සංඝමිත්තා තෙරණියන් කැටුව බොහෝ භික්ෂුණීහු දඹදිව සිට මෙරටට පැමිණියහ. ඔවුහු නම් උක්තරා, හේමා, පිසාදපාලං, අශිමිත්ත, දාසිකා, ඓග්ගු, පබ්බතා, මත්තා, ධම්මදියා, මහාදේවි, පදුමා,
මාසා, උන්නලා, අජලී සහ සුමා වෙති. සංඝමිත්තා ගමනය ඓතිහාසික සිද්ධියක් ලෙස පිළිගැනීමට ඇතැම් ඉතිහාසඥයෝ අකමැති වූහ. එය වංස කථා කරුවන්ගේ ප්‍රබන්ධයක් යයි ඔවුහු සඳහන් කළහ. එහෙත් සාවී
තූපයේ නැගෙනහිර වාහල්කඩ මුදුනේ නිරූපිත කැටයමකින් සංඝමිත්තෙ වන්ගේ ලංකා ගමන සනාථ වන බව ග වේල් විසින් පෙන්වා දී ඇතැයි මභාචාර්ය ගෙගර් පඬිතුමා සිය මහාවංස ඉංග්‍රීසි පරිවර්තනයෙහි සඳසන් කරයි.
ගමේතා, රසිකාට පැණියහ. මහණියන් කැටුව . දීපවංසයේ
සංඝමිත්තා තෙරණිය මෙහි පැමිණෙන තුරු අනුලා දේවිය ඇතුළු කාන් නාඩෝ නගරයෙහි පිහිටි උපාසිකා නම් මෙහෙණ වරෙහි ලැගුම් ගෙන සිටියහ. එම මෙහෙණ වරෙහිම ලැගුම් ගත් සංඝමිත්තා තෙරණියෝ අනුලා දේවිය ඇතුළු කාන්තා පිරිස පැවදීමකොට ලංකාවේ භික්ෂුණී සමාජය පිහිටවූවෝය.
මේ අවස්ථාවේදී ලංකාවේදී පැවිදි උපසම්පදා ලැබූ භික්ෂුණීන් කීප දෙනෙකුගේ නම් දීපවංසයෙහි සඳහන් වෙයි. සද්ධම තදි, සෝමා ගිරිදී, දයියා, ධම්මා, ධම්මපාල, මහිලා සොහානා ධම්ම තාපසා, හරවික්කා, නා, කාලි සහ උත්තරා යන නම් ඒ අතර වෙයි.මෙම නාමාවලියෙහි යම් ඓතිහාසික සත්‍යතාවක් තිබේනම් එයින් පනී යන්නේ “ලක්දිව භික්ණි සමාජයෙහි ආරම්භයේදීම දියුණුවක් ඇතිවු බවය” යි පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය නම් ග්‍රන්ථයෙහි කතුවරයා වන ආචාර්ය අදිකෘරම් මහතං සඳහන් කරයි. මෙහෙණි සස්නේ වර්ධනය
දහස් සංඛ්‍යාන කතා පිරිසක් සංඝමිත්තා වගෙන් පැවිද්ද ලැබූහ. උපාසිකා විහාරය ඔවුන්ගේ වාසය සඳහා ප්‍රමාණවත් නොවීය. එබැවින් දෙවන පෑතිස් රජතුමා මෙහෙණින් සඳහා එහි චූලගන, මහාඩිගත, සිරිවඩ් යන මන්දිර තුන ඇතුළුව ආරාම දොළසක් ඉදි කරවා න් බව මහාවංසයේ සඳහන්වේ. සංඝමිත්තාවන් ඇතුළු පිරිස පැමිණි නැවෙ හි උපකරණ ද මේ මන්දිරවල තැන්පත් කරන ලදි. සංඝමිත්තා තෙරණිය උපාසිකා විහාරයෙහි වාසය කළද, එය භික් යුගන් ආකීර්ණ වූ නිසා විවේකීව වසනු කැමතිව වේතිය ගිරියට පැමිණියාය. ඒ බව දැනගත් දෙවන පෑතිස් රජතුමා හස්ථභක මෙහෙණ වර කරවා පිදු බවත් මහාවංසයේ සඳහන් වෙයි. හික් ෂුණීන්ට හුදකලාව වාසය කිරීම අකැප බැවින් නගරයෙන් ඈත ආරාම හෝ ගිරි ගුහාවල හෝ ජීවත් වූ බවට සාධක නැත. භික්ෂුණීහු නගරයේම වාසය කළහ. භික්ෂුණීහු ධර්මය හා විනය ද හැදැරූහ. සංඝමිත්තාවන් සමඟ මෙහි පැමිණි ලංකාවේ භික්ෂුණීන්ට අනුරාධපුරණෙහි එම ආරාම වලදී විනය පිටකයද ධර්මයද ඉගැන්වූහ. එබැවින් ඔවුන් අතුරින් ඇතැම් භික්ෂුණිහු නොබෝ කලකින් ධර්ම විනයධර භික්ෂුණින් බවට පත් වූහ.

✔️ පරිහානියෙන් පසු සීග්‍ර දියුණුවක්

දෙවන පෑතිස් රජු දවස ලංකාවේ ආරම්භ වූ භික් මුණි සමාජය ඒ රජතුමන් දවසම සිග්‍ර දියුණුවක් ලැබිය. එහෙත් උත්තිය රජුගේ රාජ්‍යොදයෙන් නව වන වසරේදී සංඝමිත්තා තෙරණියගේ පරිනිර්වාණයත් සමඟ එහි පරිහානියක් දක්නට ලැබෙයි. එයින් පසුව දුටු ගැමුණු රාජ්‍ය කාලය දක්වා ලංකාවේ මෙහෙණි සස්න පිළිබඳ ඉතිහාසය නිහඬය. නැවතත් දුටුගැමුණු රාජ්‍ය යුගයේදී ලක්දිව භික්ෂුණි සමාජයේ නවෝදයක් ඇති විය.
දීපවංසයෙහි සඳහන් වන අන්දමට, මහිලා, සමන්තා, ගිරිකාලි, දාසී සහ කාලී යන සුප්‍රකට භික් ෂණින් පන්නමක් රුහුණේ සිට අනුරාධපුරයට පැමිණ විනය ඉගැන්වූහ. එයින් මහිලා සහ සමන්තා කාවන්තිස්ස රජුන්ගේ දියණියන් වුවා මෙන්ම දුටුගැමුණු රජුගේ සොහොයුරියෝද වූහ. ගිරිකාලී කාවන්තිස්ස රජුගේ පුරෝහිතයාගේ දුවණියයි. දාසි හා කාලී යන දෙදෙනා සිල්වත් වූ මෙමඟණියන් වුවද, නරක චරිතයක් ඇති පියෙකුගේ දියණියන් බවද එහි සඳහන් වෙයි. මේ අවධියේ භික්ෂුණි සමාජය දියුණුව පැවති බවට තවත් සාධක ඇත.
දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරවන ලද මිරිසවැටි විහාරය පූජා කරන උත්සවයට භික් මුණින් අනූ දහසක් පැමිණි බව මහාවංසය කියයි. රුවන්වැලි සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන උත්සවයේදී දඹදිවින් වැඩම වූ පියදස්සී නම් රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අසා රහත් වූවන් අතර, භික්ෂුණීහු දහ හතර දහසක් වූ බව මහා වංසයේ සඳහන් වෙයි. මහාචාර්ය ගුණපාල මලලස්කර මහතා වැනි පඩිවරුන් සඳහන් කරන අන්දමට දීප වංසය භික්ෂුණීන්ණිම වංස කථාවක් යයි කීමට තරම් තොරතුරු ඇත. එහෙත් භික්ෂුණීන් ගැන එහි සඳහන් තොරතුරු අවුල් සහිතය. දීප වංසයේ දහ අටවන පරිච්ඡේදයෙහි එවැනි ව්‍යාකූල තොරතුරු, දක්නා ලැබෙයි. රූප සෞන්දර්යයෙන් අගතැන්පත් වූ නාගා, නාගමිත්තා, ධර්ම ඉතා යන භික් gණින් විනය වාදින්ගේ ශ්‍රේෂ්ඨ වූ මාලා , ඛේමා, යන මෙහෙණින් හා ධර්ම කථික භික්ෂුණින් අතර තිස්සා මෙහෙණිය ගැනද දීප වංසයේ දහ අට වන පරිච්ඡේදයේ සඳහන් වෙයි. මේ අනුව වංස කථාවන්හි සඳහන් තොරතුරු වලින් පෙනී යන්නේ, ලංකා භික්ෂුණී සමාජයේ ස්වර්ණමය කාලපරිච්ඡේදය දුටුගැමුණු රාජ්‍ය යුගය බවයි.
එහෙත් එතුමාගේ සොහොයුරු වූ සද්ධාතිස්ස රජතුමන්ගේ යුගයෙහිදී හික්zණීන් උදෙසා කරන ලද විශේෂ පූජා ආදියක් ගැන සඳහන් නොවේ. සද්ධාතිස්ස රජුගේ වැඩිමහල් පුතු වූ ලජ්ජි තිස්ස (බු.ව. 425-434) රජතුමා හාල් සහ අන්‍ය වූ අවශ්‍ය දෑ භික්ෂූන්ට දන් බව මහා වංසයේ සඳහන් වෙයි. පාලි රසවාහිනිය, සිහලවත්ථුප්පකරණය, විශුද්ධි මාර්ගය හා වෙනත් පැරණි අටුවාවලද මේ අවධියේ භික්ෂුණීන් පිලිබඳ තොරතුරු සඳහවෙයි. එම තොරතුරු ඇසුරෙන් එකල භික්ෂුණීන් තුළ පැවති සිල්වත් බව මෙන්ම දුර්ගණද දත හැකිය.
රසවාහිණියේ සඳහන් සිද්ධියක් මෙසේය. ලංකාවේ සම්පුවගම භික්ෂුණීන් දෙදෙනකු ගඟේ දිය නෑමට ගියවිට එක් තෙරණියක් කිඹුලකු විසින් ඇදගෙන යන ලදි. දෙවැනි මෙහෙණිය එවිට කෑගැසුවාය. ඒ හඩ අසා අසල උන් මිනිසෙක් පිහියක් ඇද ගෙන දියට පැන කිඹුලා මැරීමට භික් දුම්රිය දෙසට පිහිනීය. “මා ළඟට නො එවයි භික්ෂුණිය කිඹුලා ඩැහැගෙන සිටියදීම කෑගැසුවාය. කිඹුලා භික් ණියගේ සීලය නිසා ඇය අත්හැර ගියේය. තුවාල ලද භික් ෂුණිය පුරුෂයන් විසින් ඔසවා ගෙන යනු අකමැතිව අහසට නැගී ගියා ය. සිතුල් පව්වේ විසූ තරුණ භික්ෂුණියක්, රූමත් දොරටුපාල රූපයක් දුටුවාය. එයින් ඇගේ රාගය පුබුදු විය රාගය උත්සන්න වී ඇය එතනම මිය ගිය පුවතක් සුමංගල විලාසිනී අටුවාවේ සඳහන්ව යි.
භික්ෂුන් මිහිරි ලෙස ධර්මය සජ්ඣායනා කරන විට භික් ණින් ළඟින් ඉඳගෙන ඊට සවන්දුන් බව මජ්ඣිම නික ය අටුවාවේ සඳහන් වෙයි. ලෙවල භික්ෂුණින් ගැන සඳහන් වන අතර ඇතැම් ලෙන් භික්ෂුන්ට පුදා ඇ ත්ද භික්ෂුණීන් විසින්ය. වෙස්ස ගිරි අංක 12 ලිපිය එවැනි සටහනක් එයි.
”යහශිනි (ශමණි) ය වෙන්නෙ
අගත අනගත චතුදිශ ශගශ'” (යහශිනී භික්ෂුණියගේ ලෙන පැමිණි නොපැමිණි සිව් දිග සංඝයාට පුදන ලදි.)

✔️දුක්බර අවධියක්

මීළඟට උදාවන වළගම්බා අවධිය භික් සමාජයේ අඳුරු යුගයකි. දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණ හා නියං සාගත වැනි ස්වාභාවික විපත් නිසාද භික් දුණි සමාජයට දුක්බර කලදසාවක් උදාවිය. මේ අවාසනාවන්ත කාලයේ භික්ෂුණීන් වනගත වුවා නිසැකය. ඔවුහු ඉතා දුකසේ කල් ගත කළහ. දීඝ නිකාය අටුවාවේ එන කථා පුවතක් මෙසේයි. නාගා නම් තෙරණිය ඇගේ පිරිවර එකොළොස් දෙනකු වූ තරුණ භික්ෂුණීන් සමඟ කාචර ග්‍රාමයේ වාසය කළාය. නියං සමය උදාවීය. සාගතය නිසා ගම්වැසියෝ ගම අතහැර ගියහ
මේ ගැන කලකිරීමට පත් නොවී භාවනා කරන ලස නාගා තෙරණිය තම පිරිසට අවවාද කළාය. ඇය හා පිරිවර මෙහෙණින්ට එහි තිබුණ නුග ගසට අධිගෘහිත දේවතාවාගෙන් නය ලැබෙයි. මෙකල පැවති නියං සාය අවසන් වූ පසු විනය ඉගැන්වීම් යෙදුණු මහාස්නා, දත්තා, සීවලා, නාග, නාගත්තා, ධම්මගුතා, දායියා, සමුද්ද, සමන්තාඋපසම්පදාව ලැබූ සමුද්දනාවා, දේවී, සිවලා, නාගමිත්තා, මහිලා, හා තවත් මෙහෙණින් කිහිප දෙනකු ගැනද දීප වංසයෙහිම සඳහන් වෙයි. මොවුන් ගෙන් සමුද්දනවා, දේවී සීවලා, යන තිදෙනා රජුගේම දුවරු වූහ.
වළගම්බා දවස මහා විහාරය හි වූ භික්ෂු පිරිසක් අභයගිරියේ පදිංචි වූහ. මේ ශ යන භේදය අනුව භික්ෂුණි ශාසනයද මෙකල බෙදී යන්නට ඇතැයි සිතිය හැකිය. එහෙත් වළගම්බා රජු සතුරන් නසා යළි (ක්‍රි.පූ. 88) රජ වූ විට භික්ෂුණින්ට අනුග්‍රහ දැක්වූ බව වංස කථාව කියයි. වළගම්බා සමයෙන් පසුව මහා චූළි මහාතිස්ස රජු දවස ද මෙහෙණි සස්න දියුණුව පැවති බව පෙනේ. මහාචූළි මහා තිස්ස රජතුමා දොළොස් දහසක් භික්ෂුණීන්ට තුන් සිවුරු පිදු බව මහා වංසය කියයි. කූඨ කණතිස්ස රජු දන්ත රෝහ නම් මෙමහණවරක් කරවන ලද බවද එහිම සඳහන් වෙයි.

✔️රාජ අනුග්‍රහයන් හා නිකාය භේදය

| මෙයින් අනතුරුව මෙහෙණි සස්න පිළිබඳව සදහන්වන තොරතුරුවලින් පෙනී යන්නේ භික් ඉමන්ම භික්ෂුණීන් ද නිකාය වශයෙන් බෙදී සිටි බවයි. මහසෙන් රජු ගොඩනැගු උතුරු අබාහෙට නම් භික්ෂුණි ආරාම දෙකක් විය. මහසෙන් රජු ඒ ආරාම දෙකම පූජා කොට ඇති මහා විහාරයට විරුද්ධ පාක්ෂික භික්ෂුණීන්ට බව මහා වංසය කියයි. මහානාම රජු දවස (ක්‍රි.ව. 412434) ලංකාවේ දේවසාරානමැති භික්ෂුණිය (ත්තෙ ) ප්‍රමුඛ භික්ෂුණින් පිරිසක් චීනයට ගිය බව චීන වාර්තවල සඳහන් වෙයි. මේ දුත පිරිස ලංකාවේ සිට චීනයට ගියේ ක්‍රි.ව. 434 දී යැයි සැලකේ. තවත් තැනක ක්‍රි.ව. 426 දී යයිද සඳහන් වෙයි. ඒ පිරිස චීන කාන්පන්තාවන් පැවිදිකොට චිනයේ මෙහෙණි සද පිහිට වූහ. ලංකාවෙන් ගිය හික්ෂුණීහු අවුරුදු අටක් ම චීනයේ විසූහ. උපසම්පදාවට අවශ්‍ය භික්ෂුණින් මදි වූ නිසා නැවත පිරිසක් ගෙන්වා ගන්නා තුරු මේ පිරිසට එසේ චීනයේ තව දුරටත් විසීමට සිදුවී ඇත. මේ අවදියේම ලංකාවට චීනයේ සිට පැමිණි පාහියන් භික්ෂුව ඔහුගේ වාර්තාවේ උත්කර්ෂවත් ලෙස සඳහන් කරන් අභයගිරි විහ රය ගැනයි. ඒ අනුව එකල චීනයට ගිය ලාංකික භික්ෂුණින්ද අභයගිරි නිකායික භික්ෂණින් යයි අනුමාන කළ හැකිය. ඒ හැරත් මේ සිද්ධියෙන් හෙළි වන අනෙක් වැදගත් කරුණ නම් ඒවන විට ලංකාවේ භික් ෂුණී සමාජය දියුණුව පැවති බවයි.පළමුවන (1) වන මුගලන් රජු (ක්‍රි.ව. 298-315) රාජිනී නම් මෙහෙණ වරක් ඉදිරකාට සාගලික භික්ෂු න්ට පූජා කළ බව චූල වංසයේ සඳහන්වේ. මෙම සාගලික නමින් හැඳින් වෙන් වන නිකායයි. මහසෙන් දවස සාගලිකයෝ ජේතවනයේ පදිංචි වුහ.
එම දේවනික භික්ෂුගෙන් උපදෙස් ලද භික් ෂුණින් සාගලික නමින් හැඳින්විණ. දෙවන අග්බෝ රජුගේ කාලයේදී කලිඟු රට රජු හා බිසවද, ඇමතියාද ලංකාවට පැමිණ පැවිදි වූ බවක් චූලවංසයේ සඳහන් වෙයි. අම්බෝ රජුගේ බිසවද කලිඟු බිසවට උවටැන් කළාය. තුන්වන දෙටුතිස් රජුන්ගේ මෙහෙසිය රජුන්ගේ ඉල්ලීම පරිදි ශාසනයෙහි පැවිදිව අභිධර්මය උගත්තාය. එම බිසෝ මෙහෙණිය ධර්මාසනාරූඩව අභිධර්මය දේශනා කරන්ටද සමර්ථ වූ බව සඳහන් වෙයි. සිව්වන අම්බෝ රජුගේ ජෙට්ඨා නම් මෙහෙසිය ජෙට්ඨාරාම නම් මෙලහණවරක් කරවා ඒ ආරාමයට පත්තපාසාණ පෙදෙසෙහි වූ ගම් දෙකක්ද, බුද්ධහල නම් ගමද ආරාමිකයන්සියයක් ද න් බව චූල වංසයේ සඳහන් වෙයි. ආරාමිකයන් හෙවත් ආරාමයෙහි වැඩ පල කරන්න වුන් සියයක් විසීමෙන්ම එහි හික් ෂුණින් විශාල සංඛ්‍යාවක් වාය කළ බව තේරුම් ගත හැකිය. පස්වන කාශ්‍යප රජු ද භික්ෂුණීන් සඳහා ආරාම ඉදිකළ බව චූල වංසයේම සඳහන් වෙයි.
අට වැනි සියවසට අයත් සීගිරි ගී අතර මෙහෙණියක විසින් ලියන ලද යා ගී විරිතට අයත් ගීයක් සොයාගෙන ඇත. සුනනගිරි නමැති වෙහෙරකින් පැමීණි එම තෙරණිය ගීය මගින් විරාගී අදහස් ඉදිරිපත් කරයි.
”හු (නගිරි වෙචෙරිණ ආ තෙරණිමි.
වෙසෙයි ජන එක් සවණය රකනයේ සිහිල මනමය බිය කැරුරු සුළහසු විජිනිනතන්න හුය.”
(සිගිරි ගී – 88 ගී)
අනුරාධපුරයේ අග භාගය වන විට රටේ පැවති අභ්‍යන්තර ආරවුල් හා විදේශීය ආක්‍රමණ නිසා භික්ෂුණී සමාජය ක්‍රමයෙන් පිරිඟෙන්නට විය. දෙවන දප්පුල රජුහට සේන නම් මෙම හසියක් වුවාය. ඕතොමෝ සිලාමේඝ නම්
මෙමඟණවරක් කරවා එහි මෙලනීන්ට සිවිපසයද දුන්නාය. සිව්වන කාශ්‍යප රජු තිස්සොරාම නම් මෙහෙණවරක් කරවා එහි වැසි භික්ෂුණීන්ට මිරිසවැටී විහාරයෙහි මහාබෝධිය භාර කළ බව චූල වංසයෙහි සඳහන් වෙයි. එම රජුන්ම අයිති හෝ වැව ගල් සන්නසෙහිද එම පුවත සඳහන් වෙයි. සිවන මිහිඳු රජුගේ මිහින්තලා ශිලා ලිපියේ භික්ෂුණීන් සඳහා පිහිට වූ දාන ශාලාවක් සහ උපස්ථාන ශාලාවක් පිළිබඳව තොරතුරු එයි. සිව්වන මිහිඳු රජුන්ගේම ජේවනාරාමී ශිලා ලිපියෙහි “අසරණ මෙමඟණ ගණාට, මමතභණවරක් කරවූ බව සඳහන් වෙයි. අසරණ යන වචනය යෙදීමෙන් පෙනී ය න්නේ ඒ වන විට භික්ෂුණී සමාජයද දුර්වල තත්ත්වයක පැවති බවයි. සිවිවන මිහිඳු රජුගෙන් පසුව ලංකා මෙහෙණි සස්න ගැන අසන්නට නොලැබෙයි. ලංකා බෞද්ධ කාන්තා පරපුරේ ශ්‍රේෂ්ඨතම ආයතනය වූ මෙහෙණි සස්න අනුරාධපුර යුගයේ බිඳ වැටීමත් සමඟ මුළුමනින්ම පරිහානියට පත් වූවාය.
ලංකාවේ හික් ෂුණීහු හුදෙක් ආත්ම විමුක්තිය පමණක් සලකා ක්‍රියා කළ පිරිසක් නොවුහ. ඔවුහු යම් සමාජ සේවාවක්ද ඉටු කළහ. අනුරාධපුර යුගයේ අගභාගයට අයත් ඇතැම් භික්ෂුණි ආරාමවලට යාබදව ආරෝග්‍යශාලාද තිබූ බව පෙනේ. මැදිරිගිරියේ 10 සියවසට අයත් ශිලාලිපි දෙකකම භික්ෂුණී ආරාමබද රෝහල් ගැන කියවෙයි. මහින්දාරාම නම් මෙහෙණවරකට යාබඳව වෛද හලක් වු බව දහවන සියවසට අයත්, කුකුරු මහ දමන ටැම් ලිපියේ සඳහන්ය. භික්ෂුණින් මෙම වෛද හල්වල හෙදියන් ලෙස සේවය කළාදැයි ආචාර්ය වල්පොල රාහුල හිමියෝ අනුමාන කරති. (ල. බු.ස. ඉතිහාසය 242 පිට)

✔️භික්ෂුණී සමාජයේ පිරිහීමට හේතු

සිව්වන මිහිඳු රජුන්ගෙන් පසුව ලංකා රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යය ගිලිහිණි. එයින් පසුව යළි සිංහල බෞද්ධ ආධිපත්‍යයට එය නතු වූයේ පොළොන්නරු යුගයේදී ලක එක් සේස්සන් කළ මහ විජයබාහු රජ දවසය. එහෙත් අවාසනාවකට මෙන් ඒ වන විට භික් ෂුණී සමාජය මේ දිවයිනෙන් අතුරුදහන් වී අවසානය. මේ අනුව අනුරාධපුර යුගයේ නැගීමත් සමඟ වැඩී ගිය ලංකා භික් ණී සමාජය අනුරාධපුර යුගයේ වැටීමත් සමඟ පිරිහී යාමට හේතු වූ කරුණු කීපයක් අපට දත හැකිය.
මෙයින් පළමු වැන්න නම් භික් පුන් වහන්සේලා අතර නිකාය භේද ඇතිවන විට භික්ෂුණීන් ද බෙදී යාමයි. ඒ හේතුවෙන් එම ආයතනය තුළ හටගත් මතහේද පරිහානියට හේතුවක් විය. වළගම්බා අවධියේ ආරම්භ විණැයි සිතිය හැකි මේ තත්ත්වය නිසා භික්ෂුණී සමාජයේ පැවති සංවිධානාත්මක බවද පිරිහී ගියේය. මහජනයා තුළ භික්ෂුණීන් කෙරෙහි පැවති ගෞරවයද ක්‍රමයෙන් පිරිහී ගියේය.
පසු කලෙක රජ කුමාරවරුන් මෙහෙණිවරුව පැහැරගෙන යාමට පවා පෙළඹීමෙන් එය ප්‍රකට වෙයි. විශේෂයෙන්ම මෙවැනි තත්වයක් උදා වන්නට ඇත්තේ භික්ෂුණින් ආධ්‍යාත්මික වශයෙන් ද යම් පිරිහීමකට පත්ව සිටි නිසා විය යුතුය. මහජන ගෞරවය අඩුවක්ම භික්ෂුණී සමාජයට ඇතුළු වන්නවුන්ගේ සංඛ්‍යාවද අඩු වන්නට ඇත.
දේශීය අර්බුද හා විදේශීය ආක්‍රමණ ද සාගත වැනි ස්වභාව ධර්මයේ බලපෑම් ද මෙහිණි සන්නේ පරිහානිය ඉක්මන් කළේය. කවර හේතූන් නිසා අභාවයට පත් වූවද සංඝමිත්තා තෙරණියන් විසින් ආරම්භ කරන ලද ලංකා භික්ෂුණී සමාජය සියවස් දොළහක් තරම් දීර්ඝ කාලයක් පුරා ලංකාවේ කාන්තා පරපුරට අමරණීය මෙහෙයක් ඉටු කෙළේය.

වර්තමාන තත්වය .

ශී‍්‍ර සම්බුද්ධ ශාසනය, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සමන්විතය. ඉන් මෙහෙණි සස්න ලක්දිව ස්ථාපනය වූයේ සඟමිත් තෙරණියගේ ආගමනය නිසාය. අනුලා දේවීය ඇතුළු පිරිස මෙහෙණි සස්නට ඇතුළු කරවූයේ සඟමිත් තෙරණිය විසිනි. ලක්දිව කාන්තාවන්ට විමුක්තිය සැලසුනේ ඉන් අනතුරුවය. මෙම භික්ෂුණී සමාජය අද වනවිට කෙමෙන් පරිහානියට පත්වී ඇත්තේ වී නමුදු දසසිල් මාතාවන් ලෙස හා සාමාන්‍ය උපාසිකාවන් ලෙස කාන්තාවන් විසින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික මෙහෙය අපමණය.
කෙසේ වුවත් 1905 වගේ කාලය වනවිට නැවතත් මෙරට සිල් මාතා පරපුරක් ඇතිවුණා. එය සිදුවුණේ බුරුම රටේ ශාසනගත අයගේ මූලිකත්වයෙන්.
1986 වසරේ ප්‍රේමදාස යුගයේදී එතුමාගේ මැදිහත් වීමෙන් කුලදැරියන් සියයක් අනුරාධපුරයේදී පැවිදි කළා. එය සිල් මාතා පරපුරේ චිරස්ථිතිය වෙනුවෙන් සිදුකළ මහඟු මෙහෙයක්.
1998 වසර වන විට මෙරට භික්ෂූණී පරපුර නැවතත් බිහි වෙනවා. එහිදී භික්ෂුණී පර්ෂදය කියා එකක් පිහිටුවනු ලැබුවා .නමුත් එය මෙහෙණි සස්න නොවෙයි. එහිදී සිදු කෙරුණෙ දීර්ඝ කාලයක් පැවිදිව සිටි සිල් මාතාවන්ට යම්ලපිළිගැනීමක් ලබාදීම පමණයි. මෙම අවස්ථාවේදී සිල් මාතාවන්ට උපසම්පදාව ලබා දීමක් ලෙස ඔවුන් සිතුවත් බුදුන්එවහන්සේ පනවා ඇති විනය ට අනුකුලව එය එසේ සිදුවී නැත,
අද වනවිට ලොව කිසිම රටක ථේරවාදී භික්ෂුණීන් වහන්සේ නොමැත .රී ලංකාවේ භික්ෂුණී පර්ෂදය කියා එකක් පිහිටුවනු ලැබුවා 1998 දී.නමුත් එය මෙහෙණි සස්න නොවෙයි. ඒ මුල් අවස්ථාවේදීම අපේ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු දැන උගත් භික්ෂූන් වහන්සේ විසින් ධර්ම විනයානුකූලව භික්ෂුණී ශාසනය පිහිටුවීමට ථේරවාදී සම්ප්‍රදාය තුළ අවකාශයක් අද නැති බව පැහැදිලි කරලා දීල තියෙනව. වර්තමානයේ ථේරීය සම්ප්‍රදාය පවතින තායිලන්තය, සියම වැනි කිසිදු රටක භික්ෂුණී වහන්සේ දකින්න නැහැ. ඒ නිසා විනය පිටකය අනුව ථේරීය සම්ප්‍රදායේ භික්ෂු භික්ෂුණී මැදිහත්වීමෙන් ධර්ම විනයානුකූලව භික්ෂුණී ශාසනය පිහිටුවීමේ හැකියාවක් නැති බව ත්‍රයිනිකායික මහනාහිමිවරු දන්නවා , කිරිබත්ගොඩ ඇමරිකානු නිකායේ ### දන්නේ නැති උනාට

✔️කාන්තා පැවිද්ද සම්භන්දයෙන් විනය පැනවීම.

⚫️ බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදී කිඹුල්වතට වැඩිවේලේ පැවිදි වීමට වරම් ලබාදෙන ලෙස යශෝදරාව ඉල්ලා සිටියෙය . නමුත් ඇය පැවිදි කළානම් සමාජ අපවාද එන්න පුළුවන්. ඒ නිසා කාන්තා පැවිද්ද පිළිබඳ ප්‍රථම ඉල්ලීම බුදුන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා.
චුල්ල වග්ගයේ දැක්වෙන අන්දමට කාන්තා පැවිද්ද පිළිබඳව බුදුන් වහන්සේ තුළ දැඩි මනාපයක් නොතිබූ බව පෙනේ. කෙටියෙන් කියන්න තියෙන්නේ බුදුන් වහන්සේ මෙහෙණි සස්න සදහා අවසර නොවුන් බවත් තෙවරක් විචාරීමෙන් බලකිරීමෙන් කොන්දේසිවලට යටත්ව, අෂ්ඨ ගරු ධර්මවලට පමණයි බික්ෂුනි සාසනය සදහා අවසර දුන්නේ .
.
⚫️ භික්ෂුණීශාසනය ආරම්භ කිරීම ගැන පූජාවලි කතු බුද්ධ පුත්‍ර හිමි කාන්තා පැවිද්ද දිගින් දිගටම කළ ඉල්ලීම්වලට ඇහුම්කම් දීමේ ප්‍රතිඵලයක් බවත් එය ස්වාභාවිකව බුදුන් වහන්සේගේ කැමැත්ත පරිදි ඇති වූවක් නොවන බව කියා තියෙනවා .
⚫️අෂ්ටගුරු ධර්ම හා භික්ඛුණී ප්‍රාතිමෝක්ෂයෙහි එන විනය ශික්ෂා පද භික්ෂූන්ට වඩා දැඩි නීති රීති මාලාවක් භික්ෂුණීන් වෙනුවෙන් දැක්වීම ශාසනයෙහි චිරස්ථිතිය සඳහාම කරන ලද්දෙකි. අනිත් කාරණය බුදුන්වහන්සේ විනය පිටකයෙන් නීති දාලා තියෙන්නේ යම් පුර්ව සිදුවීමක් මුල් කරගෙනයි ,නමුත් මෙතැනදී ,මෙහෙණි සස්න නිර්මාණය කිරීමට ප්‍රතමම පුර්ව සිදුවීමක් නොමැතිවම විනය නීති පනවනවා . එය විශේෂ ආවස්තාවක් .
👉අෂ්ටගුරු ධර්ම හා භික්ඛුණී ප්‍රාතිමෝක්ෂයෙහි එන විනය ශික්ෂා පද

  1. උපසම්පදාවෙන් වර්ෂ සීයයක් ගතවුවත් භික්ෂුණිය එදින උපසම්පදාව ලැබූ භික්ෂුවට වැඳීම් පිදීම් ආදි ගරු සැළකිලි කළ යුතුය.
  2. භික්ෂූන් නැති පෙදෙසෙක භික්ෂුණිය වස් නොවිසිය යුතුය
  3. අඩමසක් පාසා භික්ෂු සංඝයාගෙන් පොහොය විමසිය යුතුය
    4.වස් අවසානයේ භික්ෂූ භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.
  4. මෙහෙණිය උභතෝ සංඝයා ඉදිරියේ මානත් පිරිය යුතුය
  5. ශික්ෂා මානාවක වශයෙන් අවුරුද්දක් සිට උපසම්පදාව ලැබිය යුතුය
    7.භික්ෂුවට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය.
    8.මෙහෙණිය විසින් භික්ෂුවට අවවාද නොකළ යුතුය. භික්ෂූන් මෙහෙණින්ට අවවාද කළ යුතුය . ඔවුන් ඒවා පිළිගත යුතුය.
    පොතපතින් උපුටාගෙන සකස් කරන ලදී
    සටහන :-
    බුද්ධ නියමය අනුව බික්ෂුන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකිය.මෙහෙණි සසුනක් පිහිටුවීමටද ලෝකයේ දැනට මෙහෙණි සසුනක් නැත.
    අද මෙහෙණි සසුනක් ඇතිකළ නොහැකිය.ව්‍යාජ ලෙස කසාවත් ඇදගත් කාන්තාවන් පිරිසක් මෙහෙණින් වහන්සේලා ලෙස හගවමින් අසපු ඇතුලේ සිටී .ලංකාවේ ථේරවාදී භික්ෂුණීන් වහන්සේ නොමැත.
    ලංකා බෞද්ධ කාන්තා පරපුරේ ශ්‍රේෂ්ඨතම ආයතනය වූ මෙහෙණි සස්න අනුරාධපුර යුගයේ බිඳ වැටීමත් සමඟ මුළුමනින්ම පරිහානියට පත් වූවාය.අනුරාධපුර යුගයේදී අභාවයට ගිය ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය යළි පිහිටුවිය නොහැකි ය.එය නැවත ඇතිකරන්න නම් බුදු කෙනෙක් නැවත පහල එන්න ඕන එසේ නොමැතිව ථෙරවාදී දහමට අනුව ලෝකයේ මෙහෙණි සස්නක් පිහිටන්නේ නැත.

සාමන්ත ඒකනායක මහතා

පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තේ රනිල් ප්‍රමුඛ යහපාලනයයි. මහඇදුරු නලින් ද සිල්වා මහතා

පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තේ රනිල් ප්‍රමුඛ යහපාලනයයි

මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය ගැන දීර්ඝ ප්‍රකාශයක් කරල. ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔහු පාස්කු ප්‍රහාරය ගැන කලින් නොදැන සිටි බවයි. රනිල් වික්‍රමසිංහත් සමහර විට කිසිවක් නොදැන සිටින්න ඇති. පාස්කු ප්‍රහාර කොමිසම ඔහු ගැන චෝදනාවක් කරල නැති බවයි කියන්නෙ. එක්කෝ පාස්කු ප්‍රහාරය ගැන රනිල් කලින් දැන සිටියේ නැහැ. නැත්නම් ඔහු ඒ ගැන දැන සිටි බවට කොමිසමට සාක්‍ෂි ඉදිරිපත් කෙරිල නැහැ.

වාර්තාව ගැන අතනින් මෙතනින් ඇහෙන දකින ප්‍රකාශ මත පදනම් වෙලා යමක් සටහන් කරන එක හරි නැතැයි කවුරු හරි කියන්න පුළුවන්. ඒත් මෛත්‍රිපාල සිරිසේන වැන්නන් පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශ නිකම් ම අහක දාන්න බැහැ. නොදැනීම සම්බන්ධයෙන් රනිල් පාස්කු ප්‍රහාරයට වක්‍රව හරින වගකියන්න ඕන නැත්නම් මෛත්‍රිපාලත් වග කියන්න ඕන නැහැ. පාස්කු ප්‍රහාර කොමිසම රනිල්ට නැති චෝදනාවක් මෛත්‍රිපාලට කරන්නෙ කොහොමද කියන එක නම් ප්‍රශ්නයක්.

මා හිතන්නේ මෛත්‍රිපාල රනිල්ට වඩා වරදක් කරල තියෙනව නම් ඒ රනිල් ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට නොකැඳවීමෙන්. එය නිල ප්‍රශ්නයකට වඩා විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. රනිල් නිල වශයෙන් ආරක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයකු වුණත් විශ්වාසය අනුව එහි සාමාජිකයකු වී නැහැ. ප්‍රශ්නය ඇත්තේ එතැනයි. ඊනියා යහපාලන ආණ්ඩුවේ බලවතුන් එකිනෙකා කෙරෙහි නොතිබූ විශ්වාසය. එමගින් ආණ්ඩුව අකර්මණ්‍ය වීම.

කාදිනල්තුමා මොන තරම් කිවුවත් සජිත් කාවින්ද හර්ෂ නඩය මොනව කිවුවත් ඔය පාස්කු කොමිසමට පාස්කු ප්‍රහාරය පිටුපස සිටි අය කවුදැයි දැන ගැනීමට බැහැ. අද සමාජය කියන්නේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මොළ කාරයන් හඳුනාගන්නා ලෙස. මේ මොළ කාරයන් කියන්නෙ කාට ද? අර බුද්ධි ඵලය එකසිය කීයට ද වැඩි අය ද? එහෙමත් නැත්නම් උසස් පෙළ ඒ තුන ගත්ත අය ද?

දෙමළ ජාතිවාදය පිටුපස සිටියවුන් හා දැනටත් ඉන්නවුන් ගැන කාදිනල්තුමා හා වෙනත් අය අසන්නේ නැත්තේ ඇයි? එය තනිකර ප්‍රභාකරන්ගේ වැඩක් ද? කරෙයිවර් කුලය වෙල්ලාලයන්ට විරුද්ධ ව නැගිටීමක් ද? අද දෙමළ ජාතිවාදය නැවතත් වෙල්ලාලයන්ගේ නායකත්වයට යට වුණේ කෙසේ ද? සිංහල බෞද්ධ විරෝධී විවිධ රටවල් දෙමළ ජාතිවාදය මගින් සිංහල බෞද්ධ ජාතිකත්වයට පහර නුදුන්නේ ද? අදත් ජෙනීවාහි ලංකාවට විරුද්ධ ව ගෙනෙන යෝජනා පිටුපස ඉන්නේ ප්‍රබල ක්‍රිස්තියානි රටක් වූ එංගලන්තය නො වේ ද?

එංගලන්තය කතෝලික නොවන ක්‍රිස්තියානි රටක් වන නමුත් දෙමළ ජාතිවාදයට කෙනත් ප්‍රනාන්දු බිෂොප්තුමා පමණක් නොව කතෝලික පූජකවරුන් ද සහාය දුන්නා. කතෝලික සභාව ඒ ගැන කුමක් කෙළේ ද? වත්මන් කාදිනල්තුමා ද ඊනියා සාමය වෙනුවෙන් දෙමළ ජාතිවාදීන් හමුවන්නට නො ගියේ ද? මා මේ කරුණු සඳහන් කරන්නේ ඊනියා මොළ කාරයන් හඳුනා ගැනීම දේශපාලන ක්‍රියාවක් බව පෙන්වීමට. එය හුදු කොමිසම් මගින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි.

එහෙත් කවුරුන් පිටුපස සිටියත් පාස්කු ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් වග කිව යුත්තේ ඊනියා යහපාලන ආණ්ඩුවයි. ඒ නොදැන සිටීම සම්බන්ධයෙන් නොවෙයි. ඊනියා යහපාලනයෙහි ජනාධිපති, අගමැති, ඇමතිවරු, මන්ත්‍රීවරු පමණක් නොව එයට සහාය දුන් ජ වි පෙ, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් පක්‍ෂවල මන්ත්‍රීවරුනුත් එයට වග කියන්න ඕන. ඒ ජඩපාලන ආණ්ඩුවේ අකරමණ්‍යබව, සිංහල බෞද්ධ විරෝධය, ජාතිකත්වය විරුද්ධව ජාත්‍යන්තර ක්‍රිස්තියානි බලවේග සමග අත්වැල් බැඳ ගැනීම, ජාතියට හා රණවිරුවන්ට එරෙහි ව ජෙනීවා හි එංගලන්තය ගෙනා යෝජනාවට අවමංගල අනුග්‍රහය ආදිය නිසා. රණවිරුවන් අගෞරවයට පත් කිරීම ජඩපාලනයේ එක් අරමුණක්.

ඒ ආණ්ඩුව වහා වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබුණා. එය 2018 ඔක්තෝම්බරයේ සිදු වුණා. ඒ ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් පිහිටුවනු ලැබුයේ බටහිර තානාපති කාර්යාලවල විරුද්ධතාව මැද. ආණ්ඩු වෙනස කෙළේ මෛත්‍රිපාල. ඒ හේතුව නිසා අපට ඔහු පාස්කු ප්‍රහාර වග කීමෙන් නිදහස් කරන්න පුළුවන්. එමෙන් ම මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට කටයුතු නොකළ අය, ඒ ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාස භංග යෝජනා ගෙනා අය, කෙටියෙන් කිවුවොත් නැවතත් ජඩපාලන ආණ්ඩුව පිහිටුවා ගැනීමට සෘජුව හරි වක්‍රව හරි දින පනස්දෙකේ ආණ්ඩුවට විශ්වාසභංග යෝජනා ගෙනා අය, කෙටියෙන් කිවුවොත් නැවතත් ජඩපාලන ආණ්ඩුව පිහිටුවා ගැනීමට සෘජුව හරි වක්‍රව හරි ක්‍රියා කළ අය පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන.

2018 මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව දිගට ම ගෙන ගියා නම් බුද්ධි අංශ නැවතත් ක්‍රියාකාරී වී ජාතිකත්වයක් සහිත ව ප්‍රශ්න දිහා බලා කටයුතු කර පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා. ආණ්ඩුවක් ඇතුළෙ විවිධ මතවාද තියෙන්න පුළුවන්. ඒහෙත් දේශපාලන ඉලක්ක දෙකක් තියෙන්න බැහැ. සිරිසේන අවාසනාවන්ත ලෙස 2014 දී විවිධ හේතු නිසා ශ්‍රී ල නි ප හැර ගියත් ඔහුටත් රනිල්ටත් තිබුණේ න්‍යාය පත්‍ර දෙකක්. මේ න්‍යාය පත්‍ර දෙක නිසා නිලධාරීන් ද බෙදිලා, ආණ්ඩුව අකර්මණ්‍ය වෙලා තිබුණෙ. ඒ අකර්මණ්‍ය ආණ්ඩුව 2018 ඔක්තෝම්බරයේ පළවා හැර තිබිය දී නැවතත් ඒ පිහිටුවා ගත් සියල්ලන් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන.

එදා ඊනියා යහපාලනයේ හිටි අය අද අහනවා පාස්කු ප්‍රහාරය පිටුපස සිටියවුන් කවුද කියා. අප ඒ කවුද කියාත් කියා ඇති. එහෙත් අපි පළමුව පිටුපස සිටි අය නොව අකර්මණ්‍ය වීම නිසා පාස්කු ප්‍රහාරයට වග කිව යුතු පිරිස හඳුනා ගනිමු. අද ඒ පිරිස මේ ආණ්ඩුව දෙසට ඇඟිලි දික්කරන්නේ හොරා වෙනත් අයට හොරා කියන්නාක් මෙන්. ඒ යහපාලන නඩයෙන් මා ශ්‍රී ල නි ප කණ්ඩායම වගකීමෙන් නිිදහස් කරනවා. ඒ අන් කිසිවක් නිසා නොව ජඩපාලනය වෙනස් කිරීමට ඔවුන් 2018 ඔක්තෝම්බරයේ වෙහෙසක් දැරූ බැවින්.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

ඉංග්‍රිසි බලු ආදරය – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ඉංගිරිසි බලු ආදරය

එංගලන්තය වගේ ම අනෙක් බටහිර රටවලුත් ඉන්දියාවත් සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධයි. එංගලන්තය හැම අවුරුද්දක ම තවත් රටවල් කිහිපයක් එකතු කරගෙන ඔය ජෙනීවා මානව අයිතිවාසිකම් මණ්ඩලයෙ රැස්වීම්වල ලංකාවට විරුද්ධ ව යෝජනාවක් ගේනවා. ඒ යෝජනාව සම්මත වුණා කියල එයට කිසිම නෛතික වලංගුබවක් ලැබෙන්නෙ නැහැ. ඊශ්‍රායලයට විරුද්ධ ව මේ වන විට යෝජනා 150ක් පමණ සම්මත කර ගෙන තියෙනවා. ඊශ්‍රායලය ඒ යෝජනා සතපහකට ගණන් ගන්නෙ නැහැ.

අපි මේ කසිකබල් මණ්ඩලයක ඉංගිරිසි යටත්විජිතවාදීන් අපට එරෙහි ව ගෙනෙන කසිකබල් යෝජනාවක් ගැන මෙතරම් කලබල වෙන්නෙ මොන එහෙකට ද කියල හිතෙන කොට කියන්න පුළුවන් අපේ අධ්‍යාපනයෙන් අප නිවටයන් කිරීම පමණයි. මෙරට කිසියම් උගත්කමක් ඇති අය මේ ජෙනීවා යෝජනා ගැන බයයි. රටට අපකීර්තියක් ගේනව කියල ඔවුන් යෝජනාව ගැන උනන්දුවක් දක්වනවා. ඉංගිරිසින් මේ යෝජනාවෙන් තමයි එංගලන්තයේ ඉන්න දෙමළ ජාතිවාදීන් තම පැත්තෙ තියා ගන්නෙ.

මෙරට බොහෝ උගතුන් එංගලන්තයෙ වරදක් දකින්න බයයි. ඔවුන් හිතන්නෙ ඉංගිරිසින් සර්වසාධාරණ පිරිසක් කියල. ඔවුන් හිතන්නෙ එංගලන්තයෙ ඉන්න දෙමළ ජාතිවාදීන් එහි පක්‍ෂවලට කරන බලපෑම නිසා ප්‍රධාන පක්‍ෂවලට විශේෂයෙන් ම ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය වූ කම්කරු පක්‍ෂයට සිදු වෙනචා කියා ඒ බලපෑමට යට වී දෙමළ ජාතිවාදීන් කියන දේ කරන්න. එහෙත් වෙන්නෙ ඒකෙ නො වෙයි.

එංගලන්තෙ දෙමළ ජාතිවාදීන් කළමනාකරණය කෙරෙන්නෙ ඒ දේශපාලන පක්‍ෂවලින් හා රාජ්‍ය තන්ත්‍රය විසින්. ඒ දෙමළ ජාතිවාදීන් සිංහල බෞද්ධයනට විරුද්ධ ව යොදා ගැනෙනවා, එංගලන්තයෙ මේ ක්‍රියා මාර්ගය ගැන අප හිතන්නෙ නැහැ. අපට එහෙම හිතන්න බැහැ. අපට ලැබුණු ඉංගිරිසින්ගෙ තකතීරු අධ්‍යාපනයෙන් අපට පුරුදු කරල තියෙන්නෙ ඉංගිරිසි නීතියෙ සාධාරණත්වය ආදිය ගැන හිතන්න විතරයි. අපි හිතන්නෙ ඉංගිරිසින් කිසිම දෙයක් දන්නෙ නැතිව සිංහලයන් විවේචනය කරනවා අපේ ආණ්ඩුව විවේචනය කරනව කියලා.

නේස්බි සාමිවරයා කියන දේ එංගලන්ත ආණ්ඩුව දන්නවා. එහි සාධාරණත්වය ද දන්නවා. එහෙත් එංගලන්ත ආණ්ඩුව වැඩ කරන්නෙ ඒ කිසිවක් නොදන්නවා වගේ. අප කොපමණ හොඳින් එංගලන්තෙ චෝදනාවලට පිළිතුරු දුන්නත් ඔවුන්ට ඉන් වැඩක් නැහැ. ඔවුන් සිංහලයන්ට විශේෂයෙන් සිංහල බෞද්ධයනට එරෙහි ව ඇති ආකල්පය වෙනස් කර ගන්නෙ නැහැ. මෙවර යෝජනාව සම්පූර්ණයෙන් ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට පටහැණී ව ගෙනෙන ලද්දක්. ඒ යෝජනාවෙ වැඩියෙන් තියෙන්නෙ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වුණාට පස්සෙ ඊනියා සුළු ජන කොටස්වලට විරුද්ධව ගත්තා යැයි කියන ක්‍රියා මාර්ග ගැන.

රටක අභ්‍යන්තර දේශපාලනය ගැන මැදිහත් වෙන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට හරි එහි අනුබද්ධ ආයතනවලට හරි බැහැ. එහෙත් එංගලන්තය තවත් රටවල් කිහිපයක් හවුල් කරගෙන අපට විරුද්ධ ක්‍රියා මාර්ගය දිගට ම ගෙනියනවා. ඔවුන්ට අවශ්‍ය තමන් අකමැති ආණ්ඩු හැකි නම් පෙරළා දාන්න. ඉන්දියාව එයට සහාය දෙනවා. ඉන්දියාවට අවශ්‍ය කවදා හරි ලංකාව ඔවුන්ගෙ ප්‍රාන්තයක් කර ගන්න. අද ඇසැමය කියා රටක් නැහැ. බූතානයක් නමට තියෙනවා. නේපාලයට බැහැ ඉන්දියාවට විරුද්ධ ව යන්න. ඉන්දියාවට දකුණු ආසියාවේ මෙල්ල කර ගන්න බැරි රට ලංකාව. නේරුලාගේ කාලයේ සිට ඉන්දියාවේ වෑයම අපේ ස්වාධීනත්වය නැති කිරීමයි. අද එය බොහොම තදින් ක්‍රියාත්මක වෙනවා. මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ක්‍රීියා කලාපය හොඳින් අධ්‍යයනය කරන්න.

මේ අතර අර ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කිවු අය පාර්ලිමේන්තුවේ දී තප්පුලන්න පටන් අරන්. යහපාලන ආණ්ඩුව කාලෙ ජෙනීවාහි එක් යෝජනාවක්වත් ලංකාව පරාජය වුණෙ නැහැ කියල. ඇත්ත තමයි. මංගල සමරවීර ඒ කාලෙ එංගලන්ත යෝජනාවට අනුග්‍රහය දැක්වූයේ ලංකාවට විරුද්ධ ව ගිහින්.

ඉංගිරිසින් බල්ලන්ට ආදරෙයි. මා හිතන්නෙ වත්මන් බලු ආදරය ලෝකෙට පුරුදු කළෙ ඉංගිරිසින් කියල. තමන්ගෙ අණට කීකරු බල්ලන්ට ඉංගිරිසින් ආදරෙයි. එවැනි බලුකුක්කන් ඉංගිරිසින්ට අනුව ඔඩොක්කු කුක්කන්. ඉංජූ කිව්ව ම ස්වාමියා ළඟට යන්න බල්ලන් සූදානමින් සිටිනවා. ඉංගිරිසියෙන් ඉංජූ කියන්නෙ නැතිව ඇති. කමක් නැහැ මොනව කිවුවත් කුක්කා කුක්කමයි. ඉංගිරිසින් තමන් කී ඕනෑම දෙයක් නකුට වන වනා කළ බලු කුක්කන්ට විරුද්ධ ව යෝජනා ගෙන ඒවි ද? ඔවුන් තප්පුලන්නේ තමන් කුක්කන් බව කීමටයි. එහෙත් මෙහි පරස්පරයක් තියෙන බව කිසිවකුට පෙනී යන්න පුළුවන්. කුක්කන් බුරනු මිස තප්පුලන්නේ නැතැයි කියන්න පුළුවන්. ඒහෙත් ඒ සිවුපාවුන් සම්බන්ධයෙන්.

මහඇදුරු නලින් ද සිල්වා මහතා