✔️ ශාසන ඉතිහාසයට අනුව භික්ෂුණී සමාජය ආරම්භ වූයේද භාරතයේදීමය. මහා ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම පරිදි බුද්ධත්වයෙන් පස්වන වසරේදී බුදුරදුන් විසින් බුදු සසුන තුළ භික්ෂුණී සමාජය ඇති කරන ලදී. මෙමහණි සප්ත භාරතයෙහි ආරම්භවී සියවස් තුනකට පසුව එනම් ක්‍රි. පූ. තුන්වන ශතකයේදී (ක්‍රි.ව. 237) ලංකාවේද භික්ෂුණි සමාජය ආරම්භ විය. ඒ වූ කලී ධර්මාශෝක අධිරාජයා විසින් අරඹන ලද ධර්ම විජය ව්‍යාපාරයේ විශිෂ්ට ප්‍රතිඵලයකි. එවක් පටන් සියවස් දොළසක් පමණ අඛණ්ඩව ලංකාවේ පැවති භික්ෂුණී සමාජය පිළිබඳ සපයා ගත හැකි තොරතුරු ඉතා විරලය. මනොසිඳී ගලායන ඉතිහාසයක් ලංකාවේ මෙහෙණි සස්නට ඇතැයි කීම අපහසුය. මහාවංසය, සමන්තපාසාදිකාව වැනි ග්‍රන්ථයන්හි ඒ පිළිබඳව යම් ප්‍රමාණයක තොරතුරු සටහන් වන අතර, වාසනාවකට මෙන් දිපවංසයෙහි ප්‍රමාණවත් තොරතුරු සටහන් වී ඇත.
✔️ ලක්දිව භික්ෂුණි සමාජයේ ආරම්භය .
යතෝක්ත මූලාශ්‍රවල සඳහන් තොරතුරු අනුව මිහිඳු මාහිමියන් මේ දිවයිනට බුදු සමය හඳුන්වා දී නොබෝ දිනකින්ම ලංකාවේ මෙහෙණි සස්න ආරමිභ විය.
ලක්දිවට වැඩමවූ දෙවන දිනයේම මිහිඳු මාහිමියෝ රජගෙදර පිරිසට දහම් දෙ සූහ. ඒ දහම් දෙසුමට සවන් දුන් පිරිසන් වැඩි දෙනෙක් කාන්තාවෝය . බණ අසා බුදු දහම් කෙරෙහි ප්‍රසාදයට පත් අනුලා දේවිය ඇතුළු කාන්තාවෝ බුදු සසුනෙහි පැවිදි වීමට කැමැත්ත පළ කළහ. මේ කරුණ රජතුමා විසින් මිහිඳු මාහිමියන්ට දන්වනු ලැබුවද, බුද්ධ නියමය අනුව බික්ෂුන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බව මිහිඳු මාහිමියෝ රජුට පැවසූහ. ඒ සඳහා ධර්මාශෝක රජතුමන් වෙත දුගතන් යවා තම නැගණිය වූ සංඝමිත්තා වන් කැඳවා ගතයුතු බව ද උන් වහන්සේ රජතුමාට දන්වා සිටියඟ. ඒ අනුව මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදි දෙවනපෑතිස් රජතුමා විසින් සංසං මිත්තා තෙරණිය කැඳවාගෙන ඒම පිණිස අරිට්ඨ ඇමති ප්‍රමුඛ දූත පිරිසක් ධර්මාශෝක රජු වෙත යනු ලැබීය. සංඝමිත්තා මෙහෙණියගේ පැමිණීම අපේක්ෂා කරමින් අනුලා දේවිය ඇතුළු බොහෝ කුල ස්ත්‍රීහු දශ ශීලය රකිමින්, තමන් වෙනුවෙන් කරවන ලද උපාසිකාරාමයක දවස් යැවුහ. ලක්දිව බුදු සසුන පිළිබඳ ඉමභත් බලාපොරොත්තු ඇතිව සිටි ධර්මාශෝක රජතුමා දෙවන පෑතිස් රජුගේ ඉල්ලීම පරිදි සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ භික්ලී න් පිරිසක් ලංකාවට එවීය. බුද්ධ වර්ෂ දෙසිය තිස් හතෙහි උඳුවප් මස පුරපක්ෂ
යෙහි පෑල විය දවස්හි ඉන්දියාවේ තාමුලිප්තයෙන් නැව් නැගුණු සංඝමිත්තාවන් ප්‍රමුඛ පිරිස සත් දිනකින් ලක්දිව දඹකොළ පටුනට ගොඩ බටහ. දීපවංසයෙහි සඳහන් වන අන්දමට සංඝමිත්තා තෙරණියන් කැටුව බොහෝ භික්ෂුණීහු දඹදිව සිට මෙරටට පැමිණියහ. ඔවුහු නම් උක්තරා, හේමා, පිසාදපාලං, අශිමිත්ත, දාසිකා, ඓග්ගු, පබ්බතා, මත්තා, ධම්මදියා, මහාදේවි, පදුමා,
මාසා, උන්නලා, අජලී සහ සුමා වෙති. සංඝමිත්තා ගමනය ඓතිහාසික සිද්ධියක් ලෙස පිළිගැනීමට ඇතැම් ඉතිහාසඥයෝ අකමැති වූහ. එය වංස කථා කරුවන්ගේ ප්‍රබන්ධයක් යයි ඔවුහු සඳහන් කළහ. එහෙත් සාවී
තූපයේ නැගෙනහිර වාහල්කඩ මුදුනේ නිරූපිත කැටයමකින් සංඝමිත්තෙ වන්ගේ ලංකා ගමන සනාථ වන බව ග වේල් විසින් පෙන්වා දී ඇතැයි මභාචාර්ය ගෙගර් පඬිතුමා සිය මහාවංස ඉංග්‍රීසි පරිවර්තනයෙහි සඳසන් කරයි.
ගමේතා, රසිකාට පැණියහ. මහණියන් කැටුව . දීපවංසයේ
සංඝමිත්තා තෙරණිය මෙහි පැමිණෙන තුරු අනුලා දේවිය ඇතුළු කාන් නාඩෝ නගරයෙහි පිහිටි උපාසිකා නම් මෙහෙණ වරෙහි ලැගුම් ගෙන සිටියහ. එම මෙහෙණ වරෙහිම ලැගුම් ගත් සංඝමිත්තා තෙරණියෝ අනුලා දේවිය ඇතුළු කාන්තා පිරිස පැවදීමකොට ලංකාවේ භික්ෂුණී සමාජය පිහිටවූවෝය.
මේ අවස්ථාවේදී ලංකාවේදී පැවිදි උපසම්පදා ලැබූ භික්ෂුණීන් කීප දෙනෙකුගේ නම් දීපවංසයෙහි සඳහන් වෙයි. සද්ධම තදි, සෝමා ගිරිදී, දයියා, ධම්මා, ධම්මපාල, මහිලා සොහානා ධම්ම තාපසා, හරවික්කා, නා, කාලි සහ උත්තරා යන නම් ඒ අතර වෙයි.මෙම නාමාවලියෙහි යම් ඓතිහාසික සත්‍යතාවක් තිබේනම් එයින් පනී යන්නේ “ලක්දිව භික්ණි සමාජයෙහි ආරම්භයේදීම දියුණුවක් ඇතිවු බවය” යි පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය නම් ග්‍රන්ථයෙහි කතුවරයා වන ආචාර්ය අදිකෘරම් මහතං සඳහන් කරයි. මෙහෙණි සස්නේ වර්ධනය
දහස් සංඛ්‍යාන කතා පිරිසක් සංඝමිත්තා වගෙන් පැවිද්ද ලැබූහ. උපාසිකා විහාරය ඔවුන්ගේ වාසය සඳහා ප්‍රමාණවත් නොවීය. එබැවින් දෙවන පෑතිස් රජතුමා මෙහෙණින් සඳහා එහි චූලගන, මහාඩිගත, සිරිවඩ් යන මන්දිර තුන ඇතුළුව ආරාම දොළසක් ඉදි කරවා න් බව මහාවංසයේ සඳහන්වේ. සංඝමිත්තාවන් ඇතුළු පිරිස පැමිණි නැවෙ හි උපකරණ ද මේ මන්දිරවල තැන්පත් කරන ලදි. සංඝමිත්තා තෙරණිය උපාසිකා විහාරයෙහි වාසය කළද, එය භික් යුගන් ආකීර්ණ වූ නිසා විවේකීව වසනු කැමතිව වේතිය ගිරියට පැමිණියාය. ඒ බව දැනගත් දෙවන පෑතිස් රජතුමා හස්ථභක මෙහෙණ වර කරවා පිදු බවත් මහාවංසයේ සඳහන් වෙයි. හික් ෂුණීන්ට හුදකලාව වාසය කිරීම අකැප බැවින් නගරයෙන් ඈත ආරාම හෝ ගිරි ගුහාවල හෝ ජීවත් වූ බවට සාධක නැත. භික්ෂුණීහු නගරයේම වාසය කළහ. භික්ෂුණීහු ධර්මය හා විනය ද හැදැරූහ. සංඝමිත්තාවන් සමඟ මෙහි පැමිණි ලංකාවේ භික්ෂුණීන්ට අනුරාධපුරණෙහි එම ආරාම වලදී විනය පිටකයද ධර්මයද ඉගැන්වූහ. එබැවින් ඔවුන් අතුරින් ඇතැම් භික්ෂුණිහු නොබෝ කලකින් ධර්ම විනයධර භික්ෂුණින් බවට පත් වූහ.
✔️ පරිහානියෙන් පසු සීග්‍ර දියුණුවක්
දෙවන පෑතිස් රජු දවස ලංකාවේ ආරම්භ වූ භික් මුණි සමාජය ඒ රජතුමන් දවසම සිග්‍ර දියුණුවක් ලැබිය. එහෙත් උත්තිය රජුගේ රාජ්‍යොදයෙන් නව වන වසරේදී සංඝමිත්තා තෙරණියගේ පරිනිර්වාණයත් සමඟ එහි පරිහානියක් දක්නට ලැබෙයි. එයින් පසුව දුටු ගැමුණු රාජ්‍ය කාලය දක්වා ලංකාවේ මෙහෙණි සස්න පිළිබඳ ඉතිහාසය නිහඬය. නැවතත් දුටුගැමුණු රාජ්‍ය යුගයේදී ලක්දිව භික්ෂුණි සමාජයේ නවෝදයක් ඇති විය.
දීපවංසයෙහි සඳහන් වන අන්දමට, මහිලා, සමන්තා, ගිරිකාලි, දාසී සහ කාලී යන සුප්‍රකට භික් ෂණින් පන්නමක් රුහුණේ සිට අනුරාධපුරයට පැමිණ විනය ඉගැන්වූහ. එයින් මහිලා සහ සමන්තා කාවන්තිස්ස රජුන්ගේ දියණියන් වුවා මෙන්ම දුටුගැමුණු රජුගේ සොහොයුරියෝද වූහ. ගිරිකාලී කාවන්තිස්ස රජුගේ පුරෝහිතයාගේ දුවණියයි. දාසි හා කාලී යන දෙදෙනා සිල්වත් වූ මෙමඟණියන් වුවද, නරක චරිතයක් ඇති පියෙකුගේ දියණියන් බවද එහි සඳහන් වෙයි. මේ අවධියේ භික්ෂුණි සමාජය දියුණුව පැවති බවට තවත් සාධක ඇත.
දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරවන ලද මිරිසවැටි විහාරය පූජා කරන උත්සවයට භික් මුණින් අනූ දහසක් පැමිණි බව මහාවංසය කියයි. රුවන්වැලි සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන උත්සවයේදී දඹදිවින් වැඩම වූ පියදස්සී නම් රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අසා රහත් වූවන් අතර, භික්ෂුණීහු දහ හතර දහසක් වූ බව මහා වංසයේ සඳහන් වෙයි. මහාචාර්ය ගුණපාල මලලස්කර මහතා වැනි පඩිවරුන් සඳහන් කරන අන්දමට දීප වංසය භික්ෂුණීන්ණිම වංස කථාවක් යයි කීමට තරම් තොරතුරු ඇත. එහෙත් භික්ෂුණීන් ගැන එහි සඳහන් තොරතුරු අවුල් සහිතය. දීප වංසයේ දහ අටවන පරිච්ඡේදයෙහි එවැනි ව්‍යාකූල තොරතුරු, දක්නා ලැබෙයි. රූප සෞන්දර්යයෙන් අගතැන්පත් වූ නාගා, නාගමිත්තා, ධර්ම ඉතා යන භික් gණින් විනය වාදින්ගේ ශ්‍රේෂ්ඨ වූ මාලා , ඛේමා, යන මෙහෙණින් හා ධර්ම කථික භික්ෂුණින් අතර තිස්සා මෙහෙණිය ගැනද දීප වංසයේ දහ අට වන පරිච්ඡේදයේ සඳහන් වෙයි. මේ අනුව වංස කථාවන්හි සඳහන් තොරතුරු වලින් පෙනී යන්නේ, ලංකා භික්ෂුණී සමාජයේ ස්වර්ණමය කාලපරිච්ඡේදය දුටුගැමුණු රාජ්‍ය යුගය බවයි.
එහෙත් එතුමාගේ සොහොයුරු වූ සද්ධාතිස්ස රජතුමන්ගේ යුගයෙහිදී හික්zණීන් උදෙසා කරන ලද විශේෂ පූජා ආදියක් ගැන සඳහන් නොවේ. සද්ධාතිස්ස රජුගේ වැඩිමහල් පුතු වූ ලජ්ජි තිස්ස (බු.ව. 425-434) රජතුමා හාල් සහ අන්‍ය වූ අවශ්‍ය දෑ භික්ෂූන්ට දන් බව මහා වංසයේ සඳහන් වෙයි. පාලි රසවාහිනිය, සිහලවත්ථුප්පකරණය, විශුද්ධි මාර්ගය හා වෙනත් පැරණි අටුවාවලද මේ අවධියේ භික්ෂුණීන් පිලිබඳ තොරතුරු සඳහවෙයි. එම තොරතුරු ඇසුරෙන් එකල භික්ෂුණීන් තුළ පැවති සිල්වත් බව මෙන්ම දුර්ගණද දත හැකිය.
රසවාහිණියේ සඳහන් සිද්ධියක් මෙසේය. ලංකාවේ සම්පුවගම භික්ෂුණීන් දෙදෙනකු ගඟේ දිය නෑමට ගියවිට එක් තෙරණියක් කිඹුලකු විසින් ඇදගෙන යන ලදි. දෙවැනි මෙහෙණිය එවිට කෑගැසුවාය. ඒ හඩ අසා අසල උන් මිනිසෙක් පිහියක් ඇද ගෙන දියට පැන කිඹුලා මැරීමට භික් දුම්රිය දෙසට පිහිනීය. “මා ළඟට නො එවයි භික්ෂුණිය කිඹුලා ඩැහැගෙන සිටියදීම කෑගැසුවාය. කිඹුලා භික් ණියගේ සීලය නිසා ඇය අත්හැර ගියේය. තුවාල ලද භික් ෂුණිය පුරුෂයන් විසින් ඔසවා ගෙන යනු අකමැතිව අහසට නැගී ගියා ය. සිතුල් පව්වේ විසූ තරුණ භික්ෂුණියක්, රූමත් දොරටුපාල රූපයක් දුටුවාය. එයින් ඇගේ රාගය පුබුදු විය රාගය උත්සන්න වී ඇය එතනම මිය ගිය පුවතක් සුමංගල විලාසිනී අටුවාවේ සඳහන්ව යි.
භික්ෂුන් මිහිරි ලෙස ධර්මය සජ්ඣායනා කරන විට භික් ණින් ළඟින් ඉඳගෙන ඊට සවන්දුන් බව මජ්ඣිම නික ය අටුවාවේ සඳහන් වෙයි. ලෙවල භික්ෂුණින් ගැන සඳහන් වන අතර ඇතැම් ලෙන් භික්ෂුන්ට පුදා ඇ ත්ද භික්ෂුණීන් විසින්ය. වෙස්ස ගිරි අංක 12 ලිපිය එවැනි සටහනක් එයි.
”යහශිනි (ශමණි) ය වෙන්නෙ
අගත අනගත චතුදිශ ශගශ'” (යහශිනී භික්ෂුණියගේ ලෙන පැමිණි නොපැමිණි සිව් දිග සංඝයාට පුදන ලදි.)
✔️දුක්බර අවධියක්
මීළඟට උදාවන වළගම්බා අවධිය භික් සමාජයේ අඳුරු යුගයකි. දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණ හා නියං සාගත වැනි ස්වාභාවික විපත් නිසාද භික් දුණි සමාජයට දුක්බර කලදසාවක් උදාවිය. මේ අවාසනාවන්ත කාලයේ භික්ෂුණීන් වනගත වුවා නිසැකය. ඔවුහු ඉතා දුකසේ කල් ගත කළහ. දීඝ නිකාය අටුවාවේ එන කථා පුවතක් මෙසේයි. නාගා නම් තෙරණිය ඇගේ පිරිවර එකොළොස් දෙනකු වූ තරුණ භික්ෂුණීන් සමඟ කාචර ග්‍රාමයේ වාසය කළාය. නියං සමය උදාවීය. සාගතය නිසා ගම්වැසියෝ ගම අතහැර ගියහ
මේ ගැන කලකිරීමට පත් නොවී භාවනා කරන ලස නාගා තෙරණිය තම පිරිසට අවවාද කළාය. ඇය හා පිරිවර මෙහෙණින්ට එහි තිබුණ නුග ගසට අධිගෘහිත දේවතාවාගෙන් නය ලැබෙයි. මෙකල පැවති නියං සාය අවසන් වූ පසු විනය ඉගැන්වීම් යෙදුණු මහාස්නා, දත්තා, සීවලා, නාග, නාගත්තා, ධම්මගුතා, දායියා, සමුද්ද, සමන්තාඋපසම්පදාව ලැබූ සමුද්දනාවා, දේවී, සිවලා, නාගමිත්තා, මහිලා, හා තවත් මෙහෙණින් කිහිප දෙනකු ගැනද දීප වංසයෙහිම සඳහන් වෙයි. මොවුන් ගෙන් සමුද්දනවා, දේවී සීවලා, යන තිදෙනා රජුගේම දුවරු වූහ.
වළගම්බා දවස මහා විහාරය හි වූ භික්ෂු පිරිසක් අභයගිරියේ පදිංචි වූහ. මේ ශ යන භේදය අනුව භික්ෂුණි ශාසනයද මෙකල බෙදී යන්නට ඇතැයි සිතිය හැකිය. එහෙත් වළගම්බා රජු සතුරන් නසා යළි (ක්‍රි.පූ. 88) රජ වූ විට භික්ෂුණින්ට අනුග්‍රහ දැක්වූ බව වංස කථාව කියයි. වළගම්බා සමයෙන් පසුව මහා චූළි මහාතිස්ස රජු දවස ද මෙහෙණි සස්න දියුණුව පැවති බව පෙනේ. මහාචූළි මහා තිස්ස රජතුමා දොළොස් දහසක් භික්ෂුණීන්ට තුන් සිවුරු පිදු බව මහා වංසය කියයි. කූඨ කණතිස්ස රජු දන්ත රෝහ නම් මෙමහණවරක් කරවන ලද බවද එහිම සඳහන් වෙයි.
✔️රාජ අනුග්‍රහයන් හා නිකාය භේදය
| මෙයින් අනතුරුව මෙහෙණි සස්න පිළිබඳව සදහන්වන තොරතුරුවලින් පෙනී යන්නේ භික් ඉමන්ම භික්ෂුණීන් ද නිකාය වශයෙන් බෙදී සිටි බවයි. මහසෙන් රජු ගොඩනැගු උතුරු අබාහෙට නම් භික්ෂුණි ආරාම දෙකක් විය. මහසෙන් රජු ඒ ආරාම දෙකම පූජා කොට ඇති මහා විහාරයට විරුද්ධ පාක්ෂික භික්ෂුණීන්ට බව මහා වංසය කියයි. මහානාම රජු දවස (ක්‍රි.ව. 412434) ලංකාවේ දේවසාරානමැති භික්ෂුණිය (ත්තෙ ) ප්‍රමුඛ භික්ෂුණින් පිරිසක් චීනයට ගිය බව චීන වාර්තවල සඳහන් වෙයි. මේ දුත පිරිස ලංකාවේ සිට චීනයට ගියේ ක්‍රි.ව. 434 දී යැයි සැලකේ. තවත් තැනක ක්‍රි.ව. 426 දී යයිද සඳහන් වෙයි. ඒ පිරිස චීන කාන්පන්තාවන් පැවිදිකොට චිනයේ මෙහෙණි සද පිහිට වූහ. ලංකාවෙන් ගිය හික්ෂුණීහු අවුරුදු අටක් ම චීනයේ විසූහ. උපසම්පදාවට අවශ්‍ය භික්ෂුණින් මදි වූ නිසා නැවත පිරිසක් ගෙන්වා ගන්නා තුරු මේ පිරිසට එසේ චීනයේ තව දුරටත් විසීමට සිදුවී ඇත. මේ අවදියේම ලංකාවට චීනයේ සිට පැමිණි පාහියන් භික්ෂුව ඔහුගේ වාර්තාවේ උත්කර්ෂවත් ලෙස සඳහන් කරන් අභයගිරි විහ රය ගැනයි. ඒ අනුව එකල චීනයට ගිය ලාංකික භික්ෂුණින්ද අභයගිරි නිකායික භික්ෂණින් යයි අනුමාන කළ හැකිය. ඒ හැරත් මේ සිද්ධියෙන් හෙළි වන අනෙක් වැදගත් කරුණ නම් ඒවන විට ලංකාවේ භික් ෂුණී සමාජය දියුණුව පැවති බවයි.පළමුවන (1) වන මුගලන් රජු (ක්‍රි.ව. 298-315) රාජිනී නම් මෙහෙණ වරක් ඉදිරකාට සාගලික භික්ෂු න්ට පූජා කළ බව චූල වංසයේ සඳහන්වේ. මෙම සාගලික නමින් හැඳින් වෙන් වන නිකායයි. මහසෙන් දවස සාගලිකයෝ ජේතවනයේ පදිංචි වුහ.
එම දේවනික භික්ෂුගෙන් උපදෙස් ලද භික් ෂුණින් සාගලික නමින් හැඳින්විණ. දෙවන අග්බෝ රජුගේ කාලයේදී කලිඟු රට රජු හා බිසවද, ඇමතියාද ලංකාවට පැමිණ පැවිදි වූ බවක් චූලවංසයේ සඳහන් වෙයි. අම්බෝ රජුගේ බිසවද කලිඟු බිසවට උවටැන් කළාය. තුන්වන දෙටුතිස් රජුන්ගේ මෙහෙසිය රජුන්ගේ ඉල්ලීම පරිදි ශාසනයෙහි පැවිදිව අභිධර්මය උගත්තාය. එම බිසෝ මෙහෙණිය ධර්මාසනාරූඩව අභිධර්මය දේශනා කරන්ටද සමර්ථ වූ බව සඳහන් වෙයි. සිව්වන අම්බෝ රජුගේ ජෙට්ඨා නම් මෙහෙසිය ජෙට්ඨාරාම නම් මෙලහණවරක් කරවා ඒ ආරාමයට පත්තපාසාණ පෙදෙසෙහි වූ ගම් දෙකක්ද, බුද්ධහල නම් ගමද ආරාමිකයන්සියයක් ද න් බව චූල වංසයේ සඳහන් වෙයි. ආරාමිකයන් හෙවත් ආරාමයෙහි වැඩ පල කරන්න වුන් සියයක් විසීමෙන්ම එහි හික් ෂුණින් විශාල සංඛ්‍යාවක් වාය කළ බව තේරුම් ගත හැකිය. පස්වන කාශ්‍යප රජු ද භික්ෂුණීන් සඳහා ආරාම ඉදිකළ බව චූල වංසයේම සඳහන් වෙයි.
අට වැනි සියවසට අයත් සීගිරි ගී අතර මෙහෙණියක විසින් ලියන ලද යා ගී විරිතට අයත් ගීයක් සොයාගෙන ඇත. සුනනගිරි නමැති වෙහෙරකින් පැමීණි එම තෙරණිය ගීය මගින් විරාගී අදහස් ඉදිරිපත් කරයි.
”හු (නගිරි වෙචෙරිණ ආ තෙරණිමි.
වෙසෙයි ජන එක් සවණය රකනයේ සිහිල මනමය බිය කැරුරු සුළහසු විජිනිනතන්න හුය.”
(සිගිරි ගී – 88 ගී)
අනුරාධපුරයේ අග භාගය වන විට රටේ පැවති අභ්‍යන්තර ආරවුල් හා විදේශීය ආක්‍රමණ නිසා භික්ෂුණී සමාජය ක්‍රමයෙන් පිරිඟෙන්නට විය. දෙවන දප්පුල රජුහට සේන නම් මෙම හසියක් වුවාය. ඕතොමෝ සිලාමේඝ නම්
මෙමඟණවරක් කරවා එහි මෙලනීන්ට සිවිපසයද දුන්නාය. සිව්වන කාශ්‍යප රජු තිස්සොරාම නම් මෙහෙණවරක් කරවා එහි වැසි භික්ෂුණීන්ට මිරිසවැටී විහාරයෙහි මහාබෝධිය භාර කළ බව චූල වංසයෙහි සඳහන් වෙයි. එම රජුන්ම අයිති හෝ වැව ගල් සන්නසෙහිද එම පුවත සඳහන් වෙයි. සිවන මිහිඳු රජුගේ මිහින්තලා ශිලා ලිපියේ භික්ෂුණීන් සඳහා පිහිට වූ දාන ශාලාවක් සහ උපස්ථාන ශාලාවක් පිළිබඳව තොරතුරු එයි. සිව්වන මිහිඳු රජුන්ගේම ජේවනාරාමී ශිලා ලිපියෙහි “අසරණ මෙමඟණ ගණාට, මමතභණවරක් කරවූ බව සඳහන් වෙයි. අසරණ යන වචනය යෙදීමෙන් පෙනී ය න්නේ ඒ වන විට භික්ෂුණී සමාජයද දුර්වල තත්ත්වයක පැවති බවයි. සිවිවන මිහිඳු රජුගෙන් පසුව ලංකා මෙහෙණි සස්න ගැන අසන්නට නොලැබෙයි. ලංකා බෞද්ධ කාන්තා පරපුරේ ශ්‍රේෂ්ඨතම ආයතනය වූ මෙහෙණි සස්න අනුරාධපුර යුගයේ බිඳ වැටීමත් සමඟ මුළුමනින්ම පරිහානියට පත් වූවාය.
ලංකාවේ හික් ෂුණීහු හුදෙක් ආත්ම විමුක්තිය පමණක් සලකා ක්‍රියා කළ පිරිසක් නොවුහ. ඔවුහු යම් සමාජ සේවාවක්ද ඉටු කළහ. අනුරාධපුර යුගයේ අගභාගයට අයත් ඇතැම් භික්ෂුණි ආරාමවලට යාබදව ආරෝග්‍යශාලාද තිබූ බව පෙනේ. මැදිරිගිරියේ 10 සියවසට අයත් ශිලාලිපි දෙකකම භික්ෂුණී ආරාමබද රෝහල් ගැන කියවෙයි. මහින්දාරාම නම් මෙහෙණවරකට යාබඳව වෛද හලක් වු බව දහවන සියවසට අයත්, කුකුරු මහ දමන ටැම් ලිපියේ සඳහන්ය. භික්ෂුණින් මෙම වෛද හල්වල හෙදියන් ලෙස සේවය කළාදැයි ආචාර්ය වල්පොල රාහුල හිමියෝ අනුමාන කරති. (ල. බු.ස. ඉතිහාසය 242 පිට)
✔️භික්ෂුණී සමාජයේ පිරිහීමට හේතු
සිව්වන මිහිඳු රජුන්ගෙන් පසුව ලංකා රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යය ගිලිහිණි. එයින් පසුව යළි සිංහල බෞද්ධ ආධිපත්‍යයට එය නතු වූයේ පොළොන්නරු යුගයේදී ලක එක් සේස්සන් කළ මහ විජයබාහු රජ දවසය. එහෙත් අවාසනාවකට මෙන් ඒ වන විට භික් ෂුණී සමාජය මේ දිවයිනෙන් අතුරුදහන් වී අවසානය. මේ අනුව අනුරාධපුර යුගයේ නැගීමත් සමඟ වැඩී ගිය ලංකා භික් ණී සමාජය අනුරාධපුර යුගයේ වැටීමත් සමඟ පිරිහී යාමට හේතු වූ කරුණු කීපයක් අපට දත හැකිය.
මෙයින් පළමු වැන්න නම් භික් පුන් වහන්සේලා අතර නිකාය භේද ඇතිවන විට භික්ෂුණීන් ද බෙදී යාමයි. ඒ හේතුවෙන් එම ආයතනය තුළ හටගත් මතහේද පරිහානියට හේතුවක් විය. වළගම්බා අවධියේ ආරම්භ විණැයි සිතිය හැකි මේ තත්ත්වය නිසා භික්ෂුණී සමාජයේ පැවති සංවිධානාත්මක බවද පිරිහී ගියේය. මහජනයා තුළ භික්ෂුණීන් කෙරෙහි පැවති ගෞරවයද ක්‍රමයෙන් පිරිහී ගියේය.
පසු කලෙක රජ කුමාරවරුන් මෙහෙණිවරුව පැහැරගෙන යාමට පවා පෙළඹීමෙන් එය ප්‍රකට වෙයි. විශේෂයෙන්ම මෙවැනි තත්වයක් උදා වන්නට ඇත්තේ භික්ෂුණින් ආධ්‍යාත්මික වශයෙන් ද යම් පිරිහීමකට පත්ව සිටි නිසා විය යුතුය. මහජන ගෞරවය අඩුවක්ම භික්ෂුණී සමාජයට ඇතුළු වන්නවුන්ගේ සංඛ්‍යාවද අඩු වන්නට ඇත.
දේශීය අර්බුද හා විදේශීය ආක්‍රමණ ද සාගත වැනි ස්වභාව ධර්මයේ බලපෑම් ද මෙහිණි සන්නේ පරිහානිය ඉක්මන් කළේය. කවර හේතූන් නිසා අභාවයට පත් වූවද සංඝමිත්තා තෙරණියන් විසින් ආරම්භ කරන ලද ලංකා භික්ෂුණී සමාජය සියවස් දොළහක් තරම් දීර්ඝ කාලයක් පුරා ලංකාවේ කාන්තා පරපුරට අමරණීය මෙහෙයක් ඉටු කෙළේය.
වර්තමාන තත්වය .
ශී‍්‍ර සම්බුද්ධ ශාසනය, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සමන්විතය. ඉන් මෙහෙණි සස්න ලක්දිව ස්ථාපනය වූයේ සඟමිත් තෙරණියගේ ආගමනය නිසාය. අනුලා දේවීය ඇතුළු පිරිස මෙහෙණි සස්නට ඇතුළු කරවූයේ සඟමිත් තෙරණිය විසිනි. ලක්දිව කාන්තාවන්ට විමුක්තිය සැලසුනේ ඉන් අනතුරුවය. මෙම භික්ෂුණී සමාජය අද වනවිට කෙමෙන් පරිහානියට පත්වී ඇත්තේ වී නමුදු දසසිල් මාතාවන් ලෙස හා සාමාන්‍ය උපාසිකාවන් ලෙස කාන්තාවන් විසින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික මෙහෙය අපමණය.
කෙසේ වුවත් 1905 වගේ කාලය වනවිට නැවතත් මෙරට සිල් මාතා පරපුරක් ඇතිවුණා. එය සිදුවුණේ බුරුම රටේ ශාසනගත අයගේ මූලිකත්වයෙන්.
1986 වසරේ ප්‍රේමදාස යුගයේදී එතුමාගේ මැදිහත් වීමෙන් කුලදැරියන් සියයක් අනුරාධපුරයේදී පැවිදි කළා. එය සිල් මාතා පරපුරේ චිරස්ථිතිය වෙනුවෙන් සිදුකළ මහඟු මෙහෙයක්.
1998 වසර වන විට මෙරට භික්ෂූණී පරපුර නැවතත් බිහි වෙනවා. එහිදී භික්ෂුණී පර්ෂදය කියා එකක් පිහිටුවනු ලැබුවා .නමුත් එය මෙහෙණි සස්න නොවෙයි. එහිදී සිදු කෙරුණෙ දීර්ඝ කාලයක් පැවිදිව සිටි සිල් මාතාවන්ට යම්ලපිළිගැනීමක් ලබාදීම පමණයි. මෙම අවස්ථාවේදී සිල් මාතාවන්ට උපසම්පදාව ලබා දීමක් ලෙස ඔවුන් සිතුවත් බුදුන්එවහන්සේ පනවා ඇති විනය ට අනුකුලව එය එසේ සිදුවී නැත,
අද වනවිට ලොව කිසිම රටක ථේරවාදී භික්ෂුණීන් වහන්සේ නොමැත .රී ලංකාවේ භික්ෂුණී පර්ෂදය කියා එකක් පිහිටුවනු ලැබුවා 1998 දී.නමුත් එය මෙහෙණි සස්න නොවෙයි. ඒ මුල් අවස්ථාවේදීම අපේ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු දැන උගත් භික්ෂූන් වහන්සේ විසින් ධර්ම විනයානුකූලව භික්ෂුණී ශාසනය පිහිටුවීමට ථේරවාදී සම්ප්‍රදාය තුළ අවකාශයක් අද නැති බව පැහැදිලි කරලා දීල තියෙනව. වර්තමානයේ ථේරීය සම්ප්‍රදාය පවතින තායිලන්තය, සියම වැනි කිසිදු රටක භික්ෂුණී වහන්සේ දකින්න නැහැ. ඒ නිසා විනය පිටකය අනුව ථේරීය සම්ප්‍රදායේ භික්ෂු භික්ෂුණී මැදිහත්වීමෙන් ධර්ම විනයානුකූලව භික්ෂුණී ශාසනය පිහිටුවීමේ හැකියාවක් නැති බව ත්‍රයිනිකායික මහනාහිමිවරු දන්නවා , කිරිබත්ගොඩ ඇමරිකානු නිකායේ ### දන්නේ නැති උනාට
✔️කාන්තා පැවිද්ද සම්භන්දයෙන් විනය පැනවීම.
⚫️ බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදී කිඹුල්වතට වැඩිවේලේ පැවිදි වීමට වරම් ලබාදෙන ලෙස යශෝදරාව ඉල්ලා සිටියෙය . නමුත් ඇය පැවිදි කළානම් සමාජ අපවාද එන්න පුළුවන්. ඒ නිසා කාන්තා පැවිද්ද පිළිබඳ ප්‍රථම ඉල්ලීම බුදුන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා.
චුල්ල වග්ගයේ දැක්වෙන අන්දමට කාන්තා පැවිද්ද පිළිබඳව බුදුන් වහන්සේ තුළ දැඩි මනාපයක් නොතිබූ බව පෙනේ. කෙටියෙන් කියන්න තියෙන්නේ බුදුන් වහන්සේ මෙහෙණි සස්න සදහා අවසර නොවුන් බවත් තෙවරක් විචාරීමෙන් බලකිරීමෙන් කොන්දේසිවලට යටත්ව, අෂ්ඨ ගරු ධර්මවලට පමණයි බික්ෂුනි සාසනය සදහා අවසර දුන්නේ .
.
⚫️ භික්ෂුණීශාසනය ආරම්භ කිරීම ගැන පූජාවලි කතු බුද්ධ පුත්‍ර හිමි කාන්තා පැවිද්ද දිගින් දිගටම කළ ඉල්ලීම්වලට ඇහුම්කම් දීමේ ප්‍රතිඵලයක් බවත් එය ස්වාභාවිකව බුදුන් වහන්සේගේ කැමැත්ත පරිදි ඇති වූවක් නොවන බව කියා තියෙනවා .
⚫️අෂ්ටගුරු ධර්ම හා භික්ඛුණී ප්‍රාතිමෝක්ෂයෙහි එන විනය ශික්ෂා පද භික්ෂූන්ට වඩා දැඩි නීති රීති මාලාවක් භික්ෂුණීන් වෙනුවෙන් දැක්වීම ශාසනයෙහි චිරස්ථිතිය සඳහාම කරන ලද්දෙකි. අනිත් කාරණය බුදුන්වහන්සේ විනය පිටකයෙන් නීති දාලා තියෙන්නේ යම් පුර්ව සිදුවීමක් මුල් කරගෙනයි ,නමුත් මෙතැනදී ,මෙහෙණි සස්න නිර්මාණය කිරීමට ප්‍රතමම පුර්ව සිදුවීමක් නොමැතිවම විනය නීති පනවනවා . එය විශේෂ ආවස්තාවක් .
👉අෂ්ටගුරු ධර්ම හා භික්ඛුණී ප්‍රාතිමෝක්ෂයෙහි එන විනය ශික්ෂා පද
- උපසම්පදාවෙන් වර්ෂ සීයයක් ගතවුවත් භික්ෂුණිය එදින උපසම්පදාව ලැබූ භික්ෂුවට වැඳීම් පිදීම් ආදි ගරු සැළකිලි කළ යුතුය.
- භික්ෂූන් නැති පෙදෙසෙක භික්ෂුණිය වස් නොවිසිය යුතුය
- අඩමසක් පාසා භික්ෂු සංඝයාගෙන් පොහොය විමසිය යුතුය
4.වස් අවසානයේ භික්ෂූ භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය. - මෙහෙණිය උභතෝ සංඝයා ඉදිරියේ මානත් පිරිය යුතුය
- ශික්ෂා මානාවක වශයෙන් අවුරුද්දක් සිට උපසම්පදාව ලැබිය යුතුය
7.භික්ෂුවට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය.
8.මෙහෙණිය විසින් භික්ෂුවට අවවාද නොකළ යුතුය. භික්ෂූන් මෙහෙණින්ට අවවාද කළ යුතුය . ඔවුන් ඒවා පිළිගත යුතුය.
පොතපතින් උපුටාගෙන සකස් කරන ලදී
සටහන :-
බුද්ධ නියමය අනුව බික්ෂුන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකිය.මෙහෙණි සසුනක් පිහිටුවීමටද ලෝකයේ දැනට මෙහෙණි සසුනක් නැත.
අද මෙහෙණි සසුනක් ඇතිකළ නොහැකිය.ව්‍යාජ ලෙස කසාවත් ඇදගත් කාන්තාවන් පිරිසක් මෙහෙණින් වහන්සේලා ලෙස හගවමින් අසපු ඇතුලේ සිටී .ලංකාවේ ථේරවාදී භික්ෂුණීන් වහන්සේ නොමැත.
ලංකා බෞද්ධ කාන්තා පරපුරේ ශ්‍රේෂ්ඨතම ආයතනය වූ මෙහෙණි සස්න අනුරාධපුර යුගයේ බිඳ වැටීමත් සමඟ මුළුමනින්ම පරිහානියට පත් වූවාය.අනුරාධපුර යුගයේදී අභාවයට ගිය ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය යළි පිහිටුවිය නොහැකි ය.එය නැවත ඇතිකරන්න නම් බුදු කෙනෙක් නැවත පහල එන්න ඕන එසේ නොමැතිව ථෙරවාදී දහමට අනුව ලෝකයේ මෙහෙණි සස්නක් පිහිටන්නේ නැත.
සාමන්ත ඒකනායක මහතා