ජ වි පෙ පුස් වෙඩිල්ල – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ජ වි පෙ පුස්වෙඩිල්ල

ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා පසුගිය දා පුස්වෙඩිලි ගැන කියා තිබුණා. ඔහු එසේ කියා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට විරුද්ධ ව. ඔහු සැමදාමත් කතා කරන්නේ ශ්‍රී ල නි පක්‍ෂයට/පොදු ජන පෙරමුණට/ පොදු ජන එක්සත් සංවිධානයට විරුද්ධවයි. ඔහු රනිල්ට හරි සජිත්ට හරි ඒ ආකාරයෙන් විරුද්ධ වන්නේ නැහැ. අද අප කතා කරන්නේත් පුස්වෙඩිලි ගැන. එහෙත් ඒ පුස්වෙඩිලිවලින් මිනිසුන් ඝාතනය කෙරුණා. පසුගිය පස්වැනිදාට ඉන් පළමු පුස්වෙඩිල්ලට අවුරුදු පනහක් පිරුණා. ඒ පුස්වෙඩිලි ජනතා විමුක්ති පෙරමුණේ පුස්වෙඩිලි.

බොහෝ කාලයක සිට ලෝකයේ සාධාරණ සමාජ කියා ජාතියක් නැහැ. සෝභිත හාමුදුරුවන්ටත් වැරදුණේ ඇති නොවන සාධාරණ සමාජයක් ඇති කරන්න ගිහින්. සමසමාජ ලෝකයේ නැහැ. සමාජවාදී රජයන් ලෝකයේ ඇති වන්නෙත් නැහැ. රාජ්‍යය වියැකී යන කොමියුනිස්ට් සමාජයක් ගැන කතා කරල වැඩක් නැහැ. අග්ගඤ්ඤ සූත්‍රයේ කියැවෙන්නේ ලෝකයේ අසාධාරණය පටන් ගත්ත හැටි. මිනිසුන්ගේ තන්හාව ඇති තැන සාධාරණයක් නැහැ. තන්හාව නැති කරන්න නිවන් සම්මාබෝධය අවශ්‍යයයි.

රාජ්‍යය නැති කිරීමටත් රාජ්‍ය බලය ලබාගන්න ඕන. එතැන තමයි ප්‍රශ්නය තියෙන්නෙ. මෛත්‍රිය වඩල රාජ්‍යය ලබා ගන්න බැහැ. රාජ්‍ය බලය ලබාගැනීමටත් යම් තන්හාවක් තියෙන්න ඕන. ඒ සඳහා පවතින රාජ්‍යය පරාජය කරන්න ඕන. ඒක ආයුධවලින් මිසක් වෙන විධියකට කරන්න බැහැ. මාඕගේ සුප්‍රසිද්ධ බලය උපදින්නෙ තුවක්කු කටින් කියන එක ඇත්ත. රාජ්‍යය නොවෙයි ආණ්ඩු පෙරලන්නත් සමහර විට ආයුධ ඕන. රාජ්‍යය ආණ්ඩුව ආදිය හමුදාව සමග බැඳිල. හමුදාව ස්ථිර එකක් වෙන්නත් පුළුවන්, අවශ්‍ය වෙලාවට කැඳව ගන්න එකක් වෙන්නත් පුළුවන්. කොහොමටත් රාජ්‍යයකට හමුදාවක් අවශ්‍යයි.

සමාජ අසාධාරණය නැති කරන්න ඉතිහාසයේ විවධ අය විවිධ දේ කරල තියෙනවා. බුදුහාමුදුරුවන් ඒ ප්‍රශ්නයට අතගහල නැහැ. බුදුහාමුදුරුවන් ද සමාජය වෙනස් කරන්න හදපු බවට ඇතැමුන් බොරු කතා හදනවා. ඒ ගැන පසුව විස්තර කරන්නම්. ඊනියා සමාජවාදයක් ගැන කතා කළ පළමු තැනැත්තා කාල් මාක්ස් නොවෙයි. සෙන්ට් සයිමන්, ගණිතඥයකු වූ ෆූරියර්, රොබට් ඕවන් වැන්නන් ඒ ගැන කියල තියෙනවා. ඔවුන් එක්තරා ආකාරයකින් සමාජ අසාධාරණය සදාචාරාත්මක නැත කියන මතයක ඉඳලා කටයුතු කළ අය.

මාක්ස් එංගල්ස් ඒ සමාජවාදයට කිවුවෙ මනෝරාජික සමාජවාදය කියල. ඔවුන් ඒ වෙනුවට ඊනියා විද්‍යාත්මක සමාජවාදයක් ඉදිරිපත් කළා. කාල් පොපර් කාල් මාක්ස්ගෙ මාක්ස්වාදය විද්‍යාත්මක නෙවෙයි කිවුව. කොහොම හරි මාක්ස්ගෙ අදහස් ඇතැමුන් පිළිගත්තා. ඒ අනුව ධනපති ක්‍රමය පෙරළලා කම්කරු පංති ආඥාදායකත්වය ඇති කරන්න සමහරු ක්‍රියාත්මක වුණා. ලෙනින් රුසියාවෙ ඊනියා විප්ලවය කළා. ඒත් කම්කරු පංතියක් (ප්‍රොලිටේරියට්) නැහැ. කම්කරු පංතියට විප්ලවීය අදහස නිසගයෙන් ම එන්නෙ නැතිලු. ඒක ඊනියා බුද්ධිමතුන් කම්කරු පංතියට ගෙනි යන්න ඕනලු.

ලෙනින්ගෙ විප්ලවය රුසියන් ජාතික චින්තනයෙ මිස මාක්ස්වාදයෙ ජයග්‍රහණයක් නොවෙයි කිවුව අයත් හිටිය. ඒ වගේ ම වෙනත් පංතියක් ගැන කතා කළ අයත් හිටියා. කොහොමටත් බර්ලින් තාප්පය බිඳ වැටුණා. දැන් සෝවියට් දේශයත් නැහැ. රුසියාවෙ පුටින් ඉන්නවා. ඔහුටත් දැන් ටික ටික අමාරු වගෙයි. චීනෙත් දැන් සමාජවාදයක් නැහැ. කියුබාවෙ තිබුණෙ මොකක් ද කියන එක ට්‍රොට්ස්කිවාදීන්ට හැමදාමත් ප්‍රශ්නයක් වුණා. දැන් නම් කාටවත් ප්‍රශ්නයක් නැහැ. එහෙත් ඇති සමාජවාදයක් නැහැ. මාක්ස්ගෙ සමාජවාදය තරම් මනෝරාජික සමාජවාදයක් තිබිල නැහැ. ඊනියා බෞද්ධ සමාජවාද ව්‍යාජ චින්තකයන්ගෙ ව්‍යාජ කතා පමණයි.

විජේවීරගෙ පුස්වෙඩිලි දෙක ම පත්තු කෙරුවෙ බර්ලින් තාප්පය බිඳ වැටෙන්න කලින්. දැන් ජ වි පෙ නායකයන් ඒ වගේ පුස් වැඩ කරන්නෙ නැහැ. ඔවුන් හොඳින් ඉන්නවා. විජේවීර අපරාදෙ කියන්න බැහැ ප්‍රොලිටේරියට් කියන සංකල්පයට කම්කරු පංතිය කිවුවෙ නැහැ. ඔහුගෙ දැනුම අනුව ඔහු එය නිර්ධන පංතිය ලෙස හැඳින්නුවා. සමහර ට්‍රොට්ස්කිවාදීන් නම් ඇහුව හිඟන්නොත් නිර්ධන පංතියට අයිති ද කියල. ඒත් ට්‍රොට්ස්කිවාදන්ගෙ කම්කරු පංතිය බේතකටවත් හොයා ගන්න බැහැ.

ලංකාවෙත් පංති කතාවක් නැහැ. මේ රටේ තියෙන්නෙ කුල ක්‍රමයක්. හරියට ම කියනව නම් කුල ක්‍රම දෙකක් හා එහි උප කුල. පැරණි කුල මෙරට තියෙනවා. බත්ගම, වහුම්පුර, ගොයිගම, කරාව, දුරාව, සලාගම, දේව සහ තවත් කුල හා උප කුල. ඒ සමග තියෙනවා ඉංගිරිසින් ඇති කළ කුල ක්‍රමයක්. එය තරමක් සංකීර්ණයි. එක් පැත්තකින් ප්‍රභූ පාසල්වල ඉගෙන ගත් ගැහැණුන් හා පිරිමින් ඉන්නවා. ඒ ප්‍රභූ පාසල් ක්‍රිස්තියානි, කතෝලික, බෞද්ධ ආදී වශයෙනුත් උප කුලවලට බෙදිලා. දෙමළ සමාජයෙත් කුල ක්‍රම තියෙනවා. මෙතනදි අප කතා කරන්නෙ සිංහල සමාජය ගැනයි.

ඉංගිරිසින් ඇති කළ කුල ක්‍රමයෙ එක් ශාඛාවක් තමයි වෘත්තීය කුල ක්‍රමය. බටහිර වෙද මහත්තුරු එහි ඉහළින් ම ඉන්නවා. ඉන් පසු ඉංජිනේරු කළමනාකාර නීතිඥ විශ්වවිද්‍යාල ගුරු සහ තවත් වෘත්තීයකයන් ඉන්නවා. ව්‍යාපාරිකයන් ද ඉන්නෙ එතැන. ඉංගිරිසින් ඇති කළ කුල පාසල් හා වෘත්තීයික ලෙස හඳුන්වන්න පුළුවන්. මේ එක කුල ක්‍රමයක්. ඒකෙත් විවිධ උප කුල තියෙනවා. ක්‍රිස්තියානි පාසල් ඉහළින් ම තියෙනවා. ඉන්පසු කතෝලික පාසල්. බෞද්ධ පාසල් ලෙස හැඳින්වෙන පාසල් ටිකක් පහළින් අදී වශයෙන්. රාජකීය විදුහල රජයේ පාසලක්. එහෙත් එහි සම්භවය ක්‍රිස්තියානි.

අද රටේ බලයේ ඉහළින් ඉන්නෙ සිංහල කුල ක්‍රමය අනුව නම් ගොයිගම කුලය. ඉංගිරිසි කුල ක්‍රමය අනුව නම් නීතිඥයන් බටහිර වෙද මහත්තුරු, හා ක්‍රිස්තියානි පාසල්වල ඉගෙන ගත් ගැහැණුන් හා පිරිමින්. විසාකා විදුහල බෞද්ධ වුණත් එය ධුරාවලියේ ඉහළින් තියෙනවා. ආනන්ද විදුහලට නැති තැනක් විසාකා විදුහලට තියෙනවා. එයට හේතුව පස්සෙ කතා කරන්න ඕන. පනස්හයේදි මිනිසුන්ට ඕන වුණෙ මේ ක්‍රමය වෙනස් කරන්න. විශේෂයෙන් ම ඉංගිරිසි කුල ක්‍රමය වෙනස් කරන්න. සඟ වෙද ගුරු ගොවි කියන එකේ අරුත එයයි. එය යම් ප්‍රමාණයකට වුණා. නමුත් තවත් බොහෝ දේ සිද්ධ වෙන්න තියෙනවා.

සමසමාජ කොමියුනිස්ට් නායකයන්ට අවශ්‍ය වුණෙ ධනේෂ්වරය පෙරළන්න. ඔවුන්ගෙ ව්‍යාපාරයෙ යටත්විජිත විරෝධී කතාවක් තිබුණ නිසා අර ඉංගිරිසි කුල ක්‍රමයට විරුද්ධ අයත් එහි හිටියා. ඒත් ශ්‍රී ල නි පක්‍ෂය බිහිවුණාට පස්සෙ ඒ නායකයන්ට ඒ පක්‍ෂය සමග සංධානගත වීම හැර වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ. අද නම් ඔවුන්ට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. සමසමාජ කොමියුනිස්ට් නායකයන් ශ්‍රි ල නි ප සමග සංධානගත වීමට විරුද්ධ ව නිර්මල මාක්ස්වාදය වෙනුවෙන් පක්‍ෂ පිහිටුවාගත් අය ගැන අද අහන්නවත් නැහැ. ඔවුන්ට වොයිස්කට් නැහැ. වොයිස් කොහොමත් කට් වෙලා.

විජේවීරත් ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට විරුද්ධව ෂන්මුගදාසන් හැදුව චීන කොමියුනිස්ට් පක්‍ෂයෙන් බිහි වූ අයෙක්. ඒ නිසා ම ජ වි පෙරමුණේ උපතින් ම ශ්‍රී ල නි ප විරෝධයක් තිබුණා. ඒ අතර ඉංගිරිසි කුල ක්‍රමයට විරුද්ධවත් ක්‍රියාත්මක වුණා. එය යටත්විජිත විරෝධයක් ලෙසයි කියැවෙන්නෙ. සමසමාජ කොමියුනිස්ට් නායකයන්ට යටත්විජිත විරෝධයක් තිබුණ. ඔවුන්ට අධිරාජ්‍යවාදය කියන්නෙ ධනේශ්වරයෙ ඉහළ ම වර්ධනය. එය වියුක්ත සංකල්පයක්. ඒත් විජේවීර වියුක්ත ව හිතපු අයෙක් නො වෙයි. ප්‍රොලිටේරියට් නිර්ධන පංතිය වුණෙත් එහෙමයි. කම්කරු පංතියට වඩා නිර්ධන පංතිය සංයුක්තව හිතන අයට ගෝචරයි. ඉංගිරිසි කුල ක්‍රමයට විරුද්ධ වීම නිසාත් සංයුක්ත ව හිතපු නිසාත් ජ වි පෙරමුණට යම් ජාතිකත්වයක් ආරෝපණය වුණා. එහෙත් ජ වි පෙ සිංහල කුල ක්‍රමයටත් විරුද්ධ ව ක්‍රියා කළා. ජ වි පෙ ක්‍රියාත්මක වුණෙ මේ සියල්ල එක්ක. ඒ ඒ අවස්ථාවෙ ඒ ඒ කතාව ඉස්මතු වුණා.

ජ වි පෙ නායකයා කරාව කුලයට අයත් කෙනෙක්. කොටි නායක ප්‍රභාකරනුත් කරෙයිවර් කුලයට අයත් අයෙක්. මේ දෙතැන ම ගොයිගම හා වෙල්ලාල කුලවලට විරුද්ධ සටනකුත් තිබුණා. ජ වි පෙ සාමාජිකත්වය බොහෝ විට ඊනියා අඩු කුල අයගෙන් සමන්විත වුණා. එමෙන් ම එහි සාමාජිකයන් ප්‍රභූ පාසල්වල, විශේෂයෙන් ම ක්‍රිස්තියානි කතෝලික පාසල්වල, උගත් අයත් නො වෙයි. ප්‍රභූ පාසල්වල උගත් අයට සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂවලට බැඳීමේ ප්‍රශ්නයක් වුණෙ නැහැ. බොහෝ විට ඒ පක්‍ෂවල නායකයන් ප්‍රභූ පාසල්වල උගත් අය. ඔවුන්ගේ විරුද්ධත්වය වියුක්ත ධනපති පංතියකට, කම්කරු පංති ආඥාදායකත්වයක් සඳහා. ක්‍රිස්තියානි කතෝලික ප්‍රභූ පාසල්වල උගත් අය පොදුවේ ගත්තොත් ජ වි පෙරමූණට බැඳුනේ නැහැ. විජේවීර විරුද්ධ වුණෙ හැමදා ම සංයුක්ත ව දකින අධිපතිවාදයට. සිංහල ඉංගිරිසි කුල ක්‍රමවලට. ඒ දැකිය හැකි නිර්ධනයන් වෙනුවෙන්. ඔහු ඒ කොටස්වලට මාක්ස්වාදී රෙදිකඩක් ඇන්දුවා.

විජේවීරගේ නිර්ධන කතාව අනුව ඔහු ඊනියා කම්කරු පංතියක් සංවිධානය නකරන්න මහන්සි ගත්තෙත් නැහැ. වෘත්තීය සමිති ව්‍යාපාරයෙ කැඳ කෝප්ප සටන්වලට ඔහු අපහාස කළා. ඔහු නිර්ධනයන් සංවිධානය කළා. ඒ බොහෝ විට සාමාන්‍ය පාසල්වල උගත් අඩු කුල යැයි සම්මත තරුණ තරුණියන්. ඒ තරුණ තරුණියන් පනස්හයෙන් යමක් නොලැබූ අය. ඔවුන්ට ඒ නිසා ශ්‍රී ල නි පක්‍ෂය සමග වඩාත් විරුද්ධතාවක් තිබුණා. විජේවීර එය තේරුම් ගත්තා. හැත්තැවේ ආණ්ඩුව ඇති වී අවුරුද්දක් ගත වීමට පළමු ඔහු ඒ ආණ්ඩුවට විරුද්ධ ව ඊනියා සමාජවාදයක් වෙනුවෙන් එක් රැයේ විප්ලවයක් සංවිධානය කළා. ඔහුගේ තක්සේරුව වුණෙ ආයුධ නැති හමුදා හා පොලීිසිිය එක් රැයකින් දිවයිනේ හැම ප්‍රදේශයකින් ම එකවිට පහර දීල පරාජය කරන්න පුළුවන් කියල. සංයුක්ත ව සිතූ විජේවීරට එතනින් එහාට පෙනුනේ නැහැ. හමුදාවට හා පොලීසියට එකල එතරම් ආයුධ නොතිබූ බව ඇත්ත. ඒත් බණ්ඩාරනායක මැතිණියගේ විදේශ ප්‍රතිපත්තිය නිසා ඇයට හැම රටකින් ම පාහේ ආයුධ ලැබුණා. විජේවීරට ඒ ටික දකින්න බැරි වෙන්න ඇති. ඔහුගේ විප්ලවය පුස්වෙඩිල්ලක් වුණා. ඒත් ඒ පුස්වෙඩිල්ලෙන් දහස් ගණනක් ඝාතනය කෙරුණා.

මියන්මා ධීවර ප්‍රශ්නය – මහඇදුරු නලින් ද සිල්වා මහතා

මියන්මා ධීවර ප්‍රශ්නය

මේ මියන්මා දේශයට පැමිණ අත්අඩංගුවට පත් වී ඇති ධීවරයන් දොළොස් දෙනා සම්බන්ධ කෙටි සටහනක් පමණයි. තරමක් දීර්ඝ විස්තරයක් පසුව කිරීමට බලාපොරොත්තු වෙනවා.

ධීවරයන් දොළොස් දෙනා මියන්මා මුහුදු සීමාවේ දී මියන්මා නාවික බලධාරීන් අත්අඩංගුවට ගෙන දැන් මාස දෙකක් පමණ ගත වී තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට පත් වී ඇත්තේ මියන්මා හමුදා රජය බලයට පත් වී දින කිහිපයකින්. ඒ කරුණ ලංකාවේ බොහෝ දෙනකු අමතක කරනවා.

මියන්මාහි ලංකා තානාපති කාර්යාලයට පමණක් නොව අනෙක් තානාපති කාර්යාලවලටත් මියන්මා රජය සමග සංනිවේදන කටයුතු කිරීමේ දී ගැටළු ඇති වෙනවා. මා ඒ ගැන වැඩි විස්තරයක් කරන්නේ නැහැ.

ධීවරයන් අත්අඩංගුවට පත් වූ විට සංනිවේදන ගැටළු නිසා අප තානාපති කාර්යාලය ඒ බව දැන ගත්තේත් ටිකක් පමා වෙලා. ඒ දැන ගත් මොහොතේ පටන් තානාපති කාර්යාලය කළ යුතු හා කළ හැකි සියල්ල ඉටු කර තිබෙනවා. ලංකාවේ ඉහළ ම බලධාරීන් ඒ සඳහා මැදිහත් කරවීමට අපට හැකි වුණා.

තානාපති කාර්යාලයේ නිලධාරීන් ධීවරයන් සමග කිහිප අවස්ථාවක කතා කර තියෙනවා.  මියන්මාහි වෙසෙන ලාංකිකයෙක් ද ධීවරයන් සමග සම්බන්ධකම් පවත්වනවා. ඔහු දෙතුන් වතාවක් ධීවරයන් හමුවෙලත් තියෙනවා. ධීවරයන්ගේ යම් යම් අවශ්‍යතා, ආහාර ඇඳුම් පැලඳුම් ආදිය ගැන සොයා බැලීමට ඔහු සමත් වී සිටිනවා.

ඇතැමුන් කීමට තැත් කරන ආකාරයට ධීවරයන් මියන්මා මුගුදු සීමාවට පැමිණ ඇත්තේ දියවැළකට හසු වී නො වෙයි. ඒ බව ධීවරයන් මියන්මා නාවික බලධාරීන්ට දී ඇති ප්‍රකාශයේ මෙන් ම ඔවුන්ට විරුද්ධ ව පැවති නඩු විභාගයේ දී ඔවුන් දී ඇති සාක්‍ෂිවලින් ද පිළිගෙන තියෙනවා.

ධීවරයන් අත්අඩංගුවට පත් වූ දින සිට ම අප විවිධ බලධාරීන්ගෙන්  ඉල්ලා සිටියා ධීවරයන් කෙරෙහි සහනශීලී ආකාරයකට කටයුතු කරන ලෙස.  මියන්මාහි දී දැනගත් ඉතාමත් ජ්‍යෙෂ්ඨ මෙන් ම සමාජයේ ගෞරවයට පාත්‍ර වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ කෙනකුටත් මා ආයාචනා කළා බලධාරීන්ගෙන් සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙස. උන්වහන්සේ ඒ ආයාචනය පිළිගත්තේ ලංකාවට කරන ගෞරවයක් ලෙස.

ධීවරයන්ට විරුද්ධව මියන්මා නීති සංග්‍රහය යටතේ නඩු පවරා තිබුණා. නඩුවේ තීන්දුව පසුගිය දා ලබා දුන්නා. ධීවරයන් තමන් මියන්මා මුුහුදු තීරයට අනවසරයෙන් පැමිණ ඇති බව පිළිගෙන ඇති බැවින් ඔවුන්ට සිර දඬුවමක් නියම කෙරී තියෙනවා. එහෙත් අප මියන්මා රජයේ ඉහළ ම නිලධාරීන්ට කතා කරමින් ධීවරයන් නිදහස් කරන ලෙස  ඉල්ලා සිටිනවා.

ඒ සියල්ලට අමතර ව මා බලධාරීන්ගෙන් ධීවරයන් නිදහස් කරන ලෙස ලිඛිත ව ඉල්ලා තිබෙනවා. එමෙන් ම මේ කාරණයෙහි දී අප කොළඹ මියන්මා තානාපති කාර්යාලයත් සමග නිරන්තර ව සාකච්ඡා කරනවා.

මියන්මාහි  තිබෙන සංනිවේදන ගැටළු නිසා අපට කළ හැකි කාර්යයන් සීමා වී ඇති බව මා පිළිගන්නවා. එක්තරා ජනමාධ්‍යවේදියකු තම මාධ්‍යය උපයෝගි කර ගනිමින් කියා සිටියේ ලංකාවේ තානාපති සේවාවෙන් කිසිවක් ඉටු නොවන බවයි. අපට ඇති වී තිබෙන සංනිවේදන දුෂ්කරතා පිළිබඳ අවබෝධයක් බොහෝ දෙනාට නැතිව ඇති. මා මගේ නිදහසට කිසිවක් කියන්නේ නැහැ. මේ කරුණ සම්බන්ධයෙන් අප දිනපතා මෙන් කර ඇති දේ සුදුසු අවස්ථාවක දී ඉදිරිපත් කරනවා.  

දෙබිඩිකමේ ආරම්භය – මහඇදුරු නලින් ද සිල්වා මහතා

දෙබිඩිකමේ ආරම්භය

අද අප්‍රේල් පස්වැනි දා. අවුරුදු පනහකට පෙර අද වගේ දවසක පාන්දර තමයි ජ වි පෙ ඊනියා උගත් ගැමි තරුණ පරපුර වැල්ලවාය පොලීසියට ගහලා විප්ලවේ කරන්න හැදුවෙ. ඔවුන්ට දවසවත් හරියට දැනුම් දීගන්න බැරි වෙලා. විප්ලවේ හේදිලා ගියා. ඒත් ජීවිත රාශියක් නැති වුණා. අද ජ වි පෙ පුස්වෙඩිලි ගැන කතා කරනවා. ඔවුන් පුස්වෙඩිලි දෙකක් ම තිබ්බ. ඒවා පුස්වෙඩිලි වෙන්නෙ එක අරුතකින්. ඒත් ඒ පුස්වෙඩිලි ජීවිත රාශියක් බිලි දී ගත්තා. මේ මාක්ස්ගෙ නාමයෙන් තියන ජීවිත බිලිගන්නා පුස්වෙඩිලි. මේ් ගැන විස්තරයක් බදාදා (7) ලිපියෙන් බලාපොරොත්තු වන්න.

අපට අතපසු වෙච්ච සංස්කෘතික දෙබිඩ්ඩන්ගෙ කතාව තව ටිකක් ඉදිරියට ගෙන යන්න ඕන. අපේ මූලික ප්‍රශ්නය අපට සංස්කෘතික අනන්‍යතාවක් නොමැතිවීමයි. එයට හේතු ගණනාවක් තියෙනවා. එය පස්වැනි සියවසේ පමණ සිට එන්නක්. මිහිඳු හිමියන් මෙරට බුදුසසුන පිහිටෙවුවා. එයට කලින් ද බුදුදහම මෙරට තිබූ බවට සාක්‍ෂි තියෙනවා. ඒ බුදුදහම මෙරට තිබූ යක්‍ෂ හා නාග සංස්කෘතීන් තුළට වැද්දගනු ලැබූවක්. සිංහල බුද්ධාගමේ පදනම එයයි.

මියන්මාහි බෞද්ධ සංස්කෘතීන් රාශියක් තියෙනවා. එරට ජනවර්ග එකසිය ගණනක් තියෙනවා. විවිධ භාෂාත් තියෙනවා. ඒ ඒ සංස්කෘතියට බුදුදහම අවශෝෂණය කරගෙන. එබැවින් මියන්මාහි මියන්මා බුද්ධාගමක් නැහැ. ඇත්තේ මොන් බුද්ධාගම, බුරුම බුද්ධාගම, රකායන් බුද්ධාගම ආදී වශයෙන්. බුදුසසුන කියා එකකට මියන්මාරය එක්සේසත් කරන්න බැරි වෙලා, ඒ ඒ සංස්කෘතියේ ඇඳුම් පැළඳුම් , ඇවතුම් පැවතුම්, සිරිත් විරිත් ආදිය වෙනස්.

මිහිඳු හිමියන් මෙරට බුදුසසුනක් ඇති කිරීමට කටයුතු කළා. උන්වහන්සේ දඹදිවින් ගෙනා බෞද්ධ සංස්කෘතියකට මෙරට තිබූ සංස්කෘතී අවශෝෂණය කළා නොව, මෙරට සංස්කෘතීන් තුළට බුදුදහම අවශෝෂණය කළා. ඒ දෙකක්. එහෙත් වැඩි කල් ඒ තත්වය තිබී නැති බවක් පේනවා. මෙරට සංස්කෘතිය පස්සට තල්ලු කර දඹදිව සංස්කෘතීන් ඉදිරියට පැමිණ තියෙනවා. හතරවැනි සියවස එහි සංක්‍රමණීය කාලයක් ලෙස සලකන්න පුළුවන්. පසවැනි සියවසින් පසුව දඹදිව සංසකෘතීන් මෙරට වැදගත් තැනක් හිමි කරගෙන තියෙනවා.

ධාතුසේන රජු සමයේ අප විශාල සංස්කෘතික වෙනසකට භාජනය වී තියෙනවා. ධාතුසේන රජු මෙරට පළමුවැනි මෞර්ය රාජ වංශිකයා ලෙස සැලකෙනවා. චන්ද්‍රගුප්ත අශෝක ආදීන් මෞර්ය වාංශිකයන්. ධාතුසේන රජුගේ පියා දඹදිවින් පැමිණි තැනැත්තෙක්. ඒ පියාට අශෝක රාජ පරම්පරාව සමග සම්බන්ධයක් තියෙන්න ඇති. ඒ කොහොම වුණත් අපේ රජකු මෞර්ය රජකු ලෙස හැඳින්වීමේ දී ආධිපත්‍යය පිළිබඳ කරුණක් මතුවෙනවා.

මේ ආධිපත්‍යය පිළිබඳ කතාව තමයි කාශ්‍යප මුගලන් යුද්ධය. කාශ්‍යප මෙරට රජ කෙළේ විරුද්ධතාවකින් තොරව. ඔහුට විරුද්ධ ව සටන් කිරීමට මුගලන්ට භාරතයෙන් හමුදා ගෙනෙන්න සිදු වුණා. ඒ ගැන අප එතරම් අවධානයක් දක්වන්නේ නැහැ. එහෙත් අපේ රටේ ආධිපත්‍යයක් පිහිටුවීමට එදා භාරතයේ හමුදා යොදා ගෙන තියෙනවා. විජය රජු දවස සිට පැවත එන මේ අරගලය ධාතුසේන රජු දවස දඹදිවට නැත්නම් භාරතයට වාසිදායක අන්දමින් විසඳී තියෙනවා.

අපේ උගතුන් සංස්කෘතික දෙබිඩ්ඩන් වන්න පටන් ගත්තේ මේ කාලයේ සිට කියා හිතනවා. එදා සිට අපේ නිර්මාණ ශක්තිය සංස්කරණය කිරීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවෙලා. කලාවැව වැනි මහාවැව් අවුකන බුදුපිළිම වහන්සේ වැනි විශාල බුදුපිළිම අපේ සංස්කෘතියට ඇතුල් වුණේ ඉන් පසුවයි. අපේ සංස්කෘතියේ අපේ නොවන අංග ඇත්තේ එා කාලයෙන් පසුව.

වෙනත් සංස්කෘතියක ඇති දෙයක් අපේ සංස්කෘතියට අවශෝෂණය කිරීම අයහපත් දෙයක් නො වෙයි. ඒහෙත් වෙනත් සංස්කෘතික කෑලි අතනින් මෙතනින් එල්ලා ගැනීම නම් යහපත් දෙයක් නො වෙයි. අපේ සංස්කෘතිය සජාතීය සංස්කෘතියක් වනු පසෙක තබා සංස්කෘතික ලට්ට ලොට්ට එල්ලා ගත් එකක් බවට පත්වෙලා. අපට මහාරාජාලා හිටියේ නැහැ. මහා කාරුණිකයන් වහන්සේ නම් ඉන්නවා. අපට මහා වැව් තිබුණේ නැහැ. මහා පිළිම වහනසේ තිබුණේ නැහැ. එහෙත් ධාතුසේන රජුගෙන් පසු අපට ඒ තියෙනවා.

පසු කාලෙක මහා පරාක්‍රමබාහුත් හිටියා. මහා ගැමුණු කෙනකු හිටියේ නැහැ. එකල රජවරුන්ගේ නම් තිස්ස, ගාමණී, අභය වැනි සරල නම්. පසුව පොළොන්නරුවට එන විට පරාක්‍රමබාහු හා පසු කාලීනව වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ වැනි නම් තිබුණා. සජාතීය සංස්කෘතිය නැති වීමේ ප්‍රතිඵලය ලෙස පෘතුගීසී කාලයෙන් පසුව තව තවත් සංස්කෘතික අගෝපාංග අවශෝෂණයකින් තොරව එල්ලා ගැනීමට අපට හැකි වුණා.

අද මළ ගෙදර බූරුවා ගැසීමට අප පුරුදු වී ඉන්නවා. ඒ අප බූරුවන් වූ නිස ම නොවෙයි. අපේ සංස්කෘතික දෙබිඩිකම නිසා. අප මළ ගෙවල්වලට යනවා, නමත් ලකුණු කරනවා. නම ලකුණු කර ආපසු එන ගමන් ටිකක් දා ගන්නවා. බයිලා කියනවා. සතුටු වෙනවා. මිය ගිය අය ගන කිසිම තැකීමක් නැහැ. පන්සිල් අරගෙන දානමය පින්කමක් අවසානයේ මත්පැන් නැත්නම් අඩුවක්. පන්සිල් මෙතරම් බාල්දු වූ යුගයක් ඉතිහාසයේ තියෙන්න විධියක නැහැ.(මතු සම්බන්ධයි)

මහින්ද රාජපක්‍ෂට ඉතිහාසයේ හිමි තැන- මහඇදුරු නලින් ද සිල්වා මහතා

මහින්ද රාජපක්‍ෂට ඉතිහාසයේ හිමි තැන

එළාර පැරද වු ගැමුණු රජු ඉන් පසු භාරතයේ යම් දේශයකින් පැමිණි එළාරගේ ඥාතියා සමග යුද්ධ නොකර සාම සාකච්ඡා ආරම්භ කෙළේ නම් කුමක් සිදු වීමට තිබුණේ ද? සාම සාකච්ඡාවලින් පසු ඥාතියාට අනුරාධපුරය ආපසු ලබා දුන්නේ නම් ගැමුණු රජුගේ නම ඉතිහාසයේ ලියැවෙන්නේ කෙසේ ද?

හොඳට හරි නරකට හරි වැරදීමකින් හරි නිවැරදි ව හරි මහින්ද රාජපක්‍ෂගේ නම දැනට ඉතිහාසයේ ලියැවී ඇත්තේ හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු මෙරට එක්සේසත් කළ තැනැත්තා ලෙසයි. පඬි නැට්ටකු කියන්න පුළුවන් හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු රට එක්සේසත් කෙළේ තුන්වැනි ජෝර්ජ් කියල. පඬි නැට්ටන්ට යටත්විජිතවාදයත් සුවාදීනයක් බව අප දන්නවා. දීනයන්ට තුන්වැනි ජෝර්ජ් අප යටත් කිරීමත් සිංහලයන් ඌව වෙල්ලස්සේ දී සමූලඝාතනය කිරීමත් කෙත්වතු ගිනි තැබීමත් රට එක්සේසත් කිරීමක් ලෙස පෙනේවි. මොවුන් මොන යටත්විජිත විරෝධයක් ගැන කතා කළත් ඔවුන්ට අවසාන වශයෙන් ඇත්තේ සිංහල බෞද්ධ විරෝධයක්.

ඔවුන් බටහිරයන්ගේ කළු කුහර විශ්වාස කරන්නන්. ඇහුවොත් කියාවි ඔවුන් ඒ ගැන දන්නේ මළ ඉලවු තර්කයකින් කියල. තර්කය වෙනත් දේ මත පදනම් කර ගනිමින් මිනිසුන් ම සංස්කරණය (නිර්මාණය) කරගත් දෙයක් බව මොවුන්ට මේ භවයේ දී නම් තේරෙන එකක් නැහැ. ඒ වගේ ම තමයි කළු කුහරවලට පදනම් වෙලා තියෙන ගණිතය හා භෞතික විද්‍යාව දැන ගැනීමටත් ඔවුන්ට බැහැ. ඔවුන් පිළිගත්තෙ නැති වුණාට ඔවුන්ට බටහිර දැනුම ගැන ඇත්තෙ විශ්වාසයක් පමණයි. ඔවුන්ට බටහිර අධ්‍යාපනය නිසා උගත් පාසල් නිසා උපන් පවුල නිසා සහ තවත් හේතු නිසා ඇති වුණු හීනමානයක් තියෙනවා.

ඒ කරුණ දැනට පැත්තකින් තියමු. මහින්ද රාජපක්‍ෂට ඉතිහාසයේ තම නම දැනට ලියැවෙමින් තිබෙන ආකාරය වෙනස් කර ගැනීමේ වුවමනාවක් තියෙනවා ද? ඉතිහාසය ලියන්නේ ජයග්‍රහකයන් කියා කතාවක් තියෙනවා. මෙරට ඉතිහාසය ලියන්නේ පඬි නැට්ටන් කොතරම් වලි කෑවත් සිංහලයන් විසින්. ඔවුන් තමයි ජයගන්නේ. ඔවුන් තමයි ඉතිහාසයේ උරුම කරුවන්. දෙමළ මුස්ලිම් ජන කොටස්වල නායකයන් මෙන් ම පඬි නැට්ටන් ද පෙනී සිටින්නේ මෙරට ඓතිහාසික උරුමයක් වෙනුවෙන් නො වෙයි, එයට විරුද්ධ ව ඔවුන් බටහිරයන් අනුව යමින් තමන් නව යටත්විජිතවාදය ලෙස හඳුන්වන බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී සංස්ථාපනය වෙනුවෙන් කටයුතු කරනවා.

මහින්ද රාජපක්‍ෂට ඉන්දියාවේ බලපෑමක් තියෙනවා පළාත් සභා ක්‍රියාත්මක කරන්න කියා පමණක් නොව 13+ දෙන්නත් කියා. ඔහු එය පොරොන්දු වන්නත් ඇති. එහෙත් ඔහු ජයග්‍රහාකයා කරනු ලැබුයේ ඉන්දියාව විසින් නො වෙයි. 2005 දීත් 2010දීත් 2015දීත් ඉන්දියාව ආධාර කෙළේ කාට ද? ඉන්දියාව මොන බයිලා කිවුවත් ඉන්දීය මහා කොමසාරිස් පන්සල් ගියත් ඉන්දියාව විශේෂයෙන් සිංහල බෞද්ධයනටත් පොදුවේ බෞද්ධයනටත් විරුද්ධයි. මෝදි හින්දි ජාතිකවාදියෙක්.

ඉන්දියාව 2008 දී පමණ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට බොරු කියන්න ඇති. ඉන්දියාවටත් අවශ්‍ය ව තිබුණේ කොටි සංවිධානය පරාජය කිරීමට. ඒ රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු. එහෙත් ඉන්දියාවට එදත් අදත් දෙමළ ජාතිවාදය අවශ්‍යයි. ඒ සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි ව යෙදවීමට. එංගලන්තයටත් එය ඒ නිසා ම අවශ්‍යයි. ඉන්දියාව රාජපක්‍ෂ ආණ්ඩුවට කියන්න ඇති කොටින්ට විරුද්ධ හමුදා මෙහෙයුම්වල දී මැදිහත් නොවන්නන් කියා. එහෙත් ඒ වෙනුවෙන් 13+ දෙන්න කියා. අප 13+ දුන්නත් නැතත් ඒ වෙලාවෙ ඉන්දියාව කොටි වෙනුවෙන් හමුදා එවන්නෙ නැහැ. ඒ ඔවුන්ටත් රජිව් ඝාතනය නිසා කොටි පැරදවීමට තිබූ වුවමනාව නිසා. අනෙක් අතට ඉන්දියාවට ඒ අවස්ථාවෙ ලංකාවට විරුද්ධ ව හමුදා එවීමට හේතුවක් දීමටත් බැහැ. ඉන්දියාව හිටියේ අසීරු තත්වයක, එහෙත් ඔවුන්ගේ කෞටිල්‍යයන් අප මුළා කරල ඔවුන් හමුදා නොඑවීමටත් එයට හිලවු වන්න 13+ දෙන්නත් එකඟතාවකට පැමිණියා.

ඔවුන් දැන් කියන්නේ ඒ එකඟතාව අනුව වැඩ කරන්න කියලා. අර උගත් පාඩම් කොමිසම ඇටෙවුවත් ඒකට. අපට එය පරාජය කිරීමට හැකි වුණා. අද නැවතත් 13+ ඇවිත්. ඔය පළාත් සභා මැතිවරණ තියන්න පොදු ජන පෙරමුණේ ම ඇතැමුන් වළිකන්නේ එබැවින්. මා අහගෙන ජී එල් පීරිස් කියනවා පළාත් සභා අපේ ව්‍යවස්ථාවෙ තියෙනව කියල. ඒ නිසා එය ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ජී එල් පීරිස් ගැන අප දන්නෙ අද ඊයේ නොවෙයි. ඔහුගේ මවගේ පාර්ශ්වය සැදෑහැවත් බෞද්ධයන් වුණත් පිය පාර්ශ්වය ගැන එහෙම කියන්න බැහැ. ජී එල් පීරිස් මංගලලා චන්ද්‍රිකාල සමගින් සුදු නෙළුම් අරගෙන බලය බෙදීම වෙනුවෙන් අවලම් තවලම් ගිය අයෙක්. ඔහු පැකේජය වෙනුවෙන් බොහොම මහන්සිවෙලා වැඩ කරපු අයෙක්.

ඔහුට ඇති ජාතිකත්වයක් නැහැ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙදි මගෙන් ඇහුව ජාතික චින්තනය උගන්වන්නෙ මොකද කියල. එහෙම අහල සතියකින් ඔහු විශ්වවිද්‍යාලයේ මගේ වැඩ තහනම් කළා. ජී එල් මේ ආණ්ඩුවට එකතු වෙලා ඉන්නෙ කොහොම හරි පළාත් සභා ක්‍රියාත්මක කරවන්න ද කියන ප්‍රශ්නය අහන්න වෙනවා. ඉන්දු ලංකා ගිවිසුම අහෝසි වී දැන් අවුරුදු තිහකට වැඩියි. දෙමළ ජාතිවාදය දැන් විසඳලා ඉවරයි. ඒ නනදිකඩාල් කලපුවේ.

ඒ විසඳූ පුද්ගලයා ලෙස ඉතිහාසයෙ සටහන් වී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ. යම් කිසි අයුරකින් ඉන්දියාවෙ හා ජී එල් පීරිස් වැන්නන්ගේ අවශ්‍යතාවට පළාත් සභා නැවත ක්‍රියාත්මක කළොත් ඉතිහාසය මහින්ද රාජපක්‍ෂගෙ නම සටහන් කරනු ඇත්තේ කෙසේ දැයි මට හිතා ගන්න පුළුවන්.

අද රණවිරුවන් ජෙනීවාහි දී පාවා දීමට සියලු සිංහල බෞද්ධ විරෝධීන් කටයුතු කරනවා. අවාසනාවකට කතෝලික හා වෙනත් ක්‍රිස්තියානි සභාත් දෙමළ ජාතිවාදයට පක්‍ෂ ව කටයුතු කළෙ. පසුගිය දා අභාවප්‍රාප්ත වුණු රායප්පු ජෝසෆ් කතෝලික බිෂොප්තුමා එයට හොඳ ම උදාහරණයක්. අද මුස්ලිම් අන්තවාදයට එල්ල කරන ප්‍රහාරය එදා කතෝලික සභාව දෙමළ ජාතිවාදයට විරුද්ධ ව එල්ල කළෙ නැහැ. පළාත් සභා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නම් එය ජී එල්ලාගේ පැකේජය හරහා ම කරන්න තිබුණා. එහෙම කළෙ නැත්තෙ සිංහල බෞද්ධයන් අති විශාල බහුතරයක් පළාත් සභාවලට විරුද්ධ නිසා. පොදු ජන එක්සත් පෙරමුණ කියන්නෙ අලුත් පක්‍ෂයක් නො වෙයි. එය ශ්‍රී ල නි පක්‍ෂයේ ම විකාශයක් පමණයි. එදා බණ්ඩාරනායක මැතිණිය ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වෙන විට ජී එල් හිටියෙ ජේ ආර් එක්ක. පළාත් සභා දෙන්න ඕන නම් එදා ම දෙනව රණවිරුවන් ජීවිත පූජා කරන්නෙ නැතිව. රණවිරුවන් ජීවිත පූජා කරල කොටි පැරැද්දුවට පස්සෙ පළාත් සභා දෙන්න යනව නම් ඒක තවත් ආනන්තරීය පාපකර්මයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේ කරන්න යන්නෙ ජෙනීවාහි මදිවට කොළඹ දී ම රණවිරුවන් පාවා දීමට. ජී එල් මේ සූදානම් වන්නේ මහින්ද රාජපක්‍ෂ ඉතිහාසයෙ ද්‍රෝහියකු කරන්න ද? ජී එල් චන්ද්‍රිකා වැන්නවුන් බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ජාතිකවාදී කඳවුරට එවනු ලැබූ අය. සිංහල බෞද්ධයන් චන්ද්‍රිකා හඳුන ගත්තත් තවමත් ජී එල් හඳුනගෙන නැහැ.

සිංහල විදේශ ප්‍රතිපත්ති ය පැහැදුවානම් ඉන්දියාව මැද මාවත අතහරීවී.

සිංහල විදේශ ප්‍රතිපත්ති ය පැහැදුවානම් ඉන්දියාව මැද මාවත අතහරීවී.

යටත් යවිජිත පවත්වාගෙන ගිය කිසිම යුරෝපා රටකින්, තවමත් යටත් විජිත මානය පහව ගොස් නැත. කොටි ත්‍රස්තයන් පරාජය කිරීම ගැන ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍ය පාලකයන්ට ඇත්තේ ද යටත් විජිත මානය නිසා ඇතිකරගත් කෝපයකි. එ.ජා.මානව හිමිකම් කොමිසමට ඔවුන් ඉදිරිපත් කළ යෝජනාව ඊට සාක්ෂ්‍යයි. බෙදුම්වාදී දෙමළ පක්ෂ සහ බෙදුම්වාදින් සමග අත්වැල් බැඳගත් සමගි ජන බලවේගයේ නායකයන්ගේ කතාවලින්, බ්‍රිතාන්‍ය පාර්ශ්වයේ ජයග්‍රහණය පිළිබඳව ඔවුන් සතුටු වන බව ප්‍රකාශ වේ. පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ විරුද්ධ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්, ආණ්ඩුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දීමෙන් හෝ ඉන්දියාවේ ඡන්දය ගැනීමට නොහැකි වී යයි කීවේය. මෙම ප්‍රකාශය සිංහල ජන වහරට අනුව, උඩ බලාගෙන කෙළ ගැසීමකි.
බ්‍රිතාන්‍යයන් මායිම් දමා ඉන්දියාව නමින් රටක් තැනූ නමුදු, සිංහල ඉතිහාසයේ ඉන්දියාව නමින් රටක් ගැන කියවෙන්නේ නැත. ඈත අතීතයේ සිට දඹදිව නොයෙකුත් රාජධානි පැවති බව එහි ඉතා පැහැදිලිව සඳහන් වේ. විජය ප්‍රධාන පිරිස පැමිණ ඇත්තේ දඹදිව, සිංහ රටේ සිංහ පුරයෙනි. සිංහ රට පිහිටවූ සිංහබාහුගේ මව සුප්පා දේවි, කළිඟු කුමරියකි. මෙවැනි කතාවලින් ඉතා පැහැදිලිව කියැවෙන්නේ දඹදිව රටවල් ගණනාවක සිංහලයන්ගේ නෑයින් වාසය කළ බවයි. සිංහලයන්ට කරදර පැමිණි හැම අවස්ථාවකම ඒ නෑයෝ ඔවුන්ගේ පිහිට පිණිස ඉදිරිපත් වූහ. එවැනි ක්‍රියාවන් සිංහල රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් යැයි සිංහලයෝ නොසිතූහ. සිංහලයෝද රටේ ආරක්ෂාව උදෙසා චෝල පාණ්ඩ්‍ය කේරල අර්බුදවලදී එක් පාර්ශ්වයකට උපකාර කළහ.
රාමායනය සහ මහාභාරතය සත්‍යය කතා යැයි හින්දු ඉන්දියානුවෝ සලකති. ‘ශාන්ත තෝමස් ක්‍රිස්තියානින්’ගේ කතාව මොනම ලේඛනයකවත් නැති ක්‍රිස්තියානි කට කතාවකි. එය ඇත්තක් බව පෙන්වීමට පොත පත් සිය ගණනක් ලියවී තිබේ. යුරෝපා ජාතිකයන් ඇරඹූ එම වැඩපිළිවෙළට පසුව ස්වදේශික ඉන්දියානුවන්ද සහභාගි වී ඇත. එම කටයුත්තට ලංකාවේ ඇතැම් මයිස්ටර්වරුන් සම්බන්ධ කරගෙන ඇත්තේ ඉතාම සූක්ෂ්ම අයුරිනි. මහාචාර්ය සෙනරත් පරණවිතාන සීගිරිය ගැන ලියූ පොත නිදසුනකි. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ‘සීගිරි කාශ්‍යප’ චිත්‍රපටිය නිමැවූයේ, පරණවිතානගේ කතාව පදනම් කරගෙනය. යේසු උපත අසා බෙත්ලෙහෙමට පැමිණි පඬිවරුන් තිදෙනා ලක්දිව වැසියන් බව ප්‍රසිද්ධ සිංහල මයිස්ටර් කෙනෙකුගේ පොතක සඳහන්ව තිබේ.
තෝමස් කටකතාව ඇත්තක් බව පෙන්වීමට උත්සාහ දැරූ ඇතැමුන් මූලාශ්‍ර ඇසුරෙන් ලියවුණ මහාවංශයේ අඩංගු විජයගේ කතාව අමු මිථ්‍යාවක් සේ හැඳින්වීමට උපරිමයෙන් වෙහෙසී ඇත. යුරෝපීය පාලන කාලයේ ආරම්භ වූ එම ක්‍රියාව තවමත් සිදුවෙමින් පවතින්නකි. එහි මූලික අරමුණ සිංහල දඹදිව සබඳකම් හෙළිකෙරෙන ඉතිහාසය බොරුවක් යැයි එත්තු ගැන්වීමයි. ජන මාධ්‍ය අල්ලාගෙන, ‘අපි යක්කු’ කියමින් මොරදෙන්නන් කරන්නේත් සිංහල දඹදිව සබඳතා බොරු බව පෙන්වීමයි. දඹදිව ලංකාවට වඩා යකුන් වාසය කළ රටකි. ‘සාංචි’ ප්‍රදේශයේ විශාල යක්ෂ ජනපද පැවති බවට සාක්ෂ්‍ය තිබේ. මිහිඳු හිමියන් ප්‍රමුඛ ලංකාවට පැමිණි අශෝක දූතයන් යක්ෂ සම්බන්ධතා ඇත්තන් බවට සාක්ෂ්‍ය පවතී. බුදුසසුන දුර්වල වීමෙන් පසු පවා දඹදිව රටවල් සමග නෑදැකම් පවත්වා ගෙන යාමට සිංහලයෝ සමත්වූහ. ඔවුන් ඊට අසමත් වූයේ දිල්ලියේ සුල්තාන් රාජධානි බිහිවූ පසුවය. අද සිංහල බෞද්ධයෝ ඉන්දියාවෙන් ‘වීසා’ ගෙන දඹදිව වන්දනාවේ යති. පුරාණයේ ඔවුන් දඹදිව ගොස් ඇත්තේ ‘වීසා’ අරගෙන නොවේ.
පෘතුගීසි පාලකයෝ ලංකාවේ බස්නාහිර පළාතේ කේරලයන් පදිංචි කළහ. ලන්දේසි පාලකයෝ ඉන්දියාවෙන් ගෙනා දෙමළ ජන කණ්ඩායම් උතුරේ පදිංචි කළහ. බ්‍රිතාන්‍යයෝ නැගෙනහිර පළාතේ ඉස්ලාමිකයන් පදිංචිකරවා කන්ද උඩරට ප්‍රදේශයන්හි දෙමළ ජනයා පදිංචි කළහ. මේ හැම පිරිසක්ම ඉන්දියාවේ නෑයන් සමග සබඳතා පවත්වා ගෙන එති. මෑතක් වනතුරුම ජන හා සංඛ්‍යා ලේඛනවල ‘ඉන්දියානු දෙමළ’ නමින් පිරිසක් සඳහන් වේ. මෙයත් බ්‍රිතාන්‍යයන් ඇරඹූ බෙදීමේ ක්‍රියාවකි.
ලංකාව නිදහස ලබද්දී සිංහලයන් දඹදිව සමග පැවැත් වූ සබඳතා අහෝසි වී තිබුණි. ඒ සබඳතා යළි පිහිටුවීමට නිදහස ලැබීමෙන් පසු රට පාලනය කළ කිසිම ආණ්ඩුවක් කටයුතු කර නැත. ඊට වගකිව යුත්තන් විශාල පිරිසක් සිටිති. හැම දෙයක්ම සිදුවී ඇත්තේ සංවිධානය වූ සිංහල විරෝධී පිරිස්වලට වුවමනා ලෙසටය. ඔවුන් ඉතා සූක්ෂ්ම ආකාරයකින් විදේශ අමාත්‍යාංශය සහ ඉන්දු ලංකා සබඳතා පවත්වන රාජ්‍ය නිලධරයන් මෙහෙයවා තිබේ. මේ සිංහල විරෝධීන් කළ තවත් ක්‍රියාවන් වන්නේ දෙමළ ජනයා ඉන්දියාවේ නෑයින් සමග බැඳ තැබීමේ වැඩපිළිවෙළයි. මේ නිසා බෙදුම්වාදය මුල් වී සිදුවන හැම ක්‍රියාවකදීම ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් ඉදිරිපත්වීමට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට සිදුවේ.
පසුගිය කාලයේ ලංකාවේ පැවති හැම ආණ්ඩුවක්ම අති දක්ෂ රාජ්‍ය තාන්ත්‍රික නිලධරයකු ලෙස තෝරාගත් පුද්ගලයකු, ගෝඨාභය ආණ්ඩුව කොවිඩ් හැදී මියයන්නන් වළලා දැමීමට ඉඩ නොදීම, බුර්කා තහනමට සූදානම්වීම වැනි හේතු නිසා, පෙර ලංකාවට පක්ෂව ඡන්දය දුන් ඉස්ලාම් රටවල් මධ්‍යස්ථ වී ඇතැයි ප්‍රකාශකර තිබුණි. ඔහු කියන්නේ ජාත්‍යන්තර කටයුතුවලදී ආගම ජාතිය අනුව බොහෝමයක් රටවල් ක්‍රියාකරන බවයි. මෙවැනි අදහස් දක්වන පුද්ගලයින් රාජ්‍ය බලයෙන් ජාත්‍යන්තර කටයුතු කරන විට, සිංහලයන්ට දඹදිව නෑයන් සමග සම්බන්ධ වීමට ඇති ඉඩකඩ ඇහිරීම සහ දෙමළ, ඉස්ලාම් ජන කණ්ඩායම්වලට ජාත්‍යන්තර සබඳතා වැඩිකර ගැනීමට උපකාර කිරීම සිදු විය යුතුයි.
යුරෝපා පාලන කාලයේ සිට අනුරාධපුර රාජධානි සමය ගැන ලියවුණ කිසිදු ඉතිහාස පොතක අනුරාධපුර රාජධානි සමයේ රාජ්‍ය පාලනය පිළිබඳ වැදගත් යමක් සඳහන්ව නැත. ඊට හේතුව යුරෝපා ජාතිකයන් අනුරාධපුර කාලයේ පාලනය ගැන තොරතුරු කියන්නට ඓතිහාසික මූලාශ්‍ර හිඟයක් ඇති බව පෙන්වීමයි. ඔවුන් කරන්නේ අනුරාධපුරයේ රාජ්‍ය පාලනය ගැන වැදගත් කිසිවක් ලියා නැතැයි මහානාම හිමියන්ට දොස් කීමයි. ස්වදේශික මයිස්ටර්වරුන් කරන්නේ මෙම ක්‍රියාව ඉදිරියට ගෙනයෑමයි.
මහාථූපය පිහිටුවීමට මඟුල් ගඩොල තැබීම සඳහා රජ මාලිගාවේ සිට දුටුගැමුණු මහ රජතුමා පැමිණි අයුරු විස්තර කරන මහාවංශය, ‘තනතුරු ලෙස කරන ලද නියෝග වශයෙන් මොනවට සැරසුනා වූ නොයෙක් ඇමතියන් විසින් රැකවරණ කරන ලද්දාවූ මිහිපති තෙම මොනවට සැරසුනාවූ දේව කන්‍යාවන් හා සමානවූ නාටිකාවන් විසින් පිරිවරන ලද්දාවූ යහපත් සේ සැරසී පිළියෙල කරන ලද්දේ සතලිස් දහසක් මිනිසුන් විසින් පිරිවරන ලද්දේ නානාවිධ තුර්ය ඝෝෂණ ශබ්දයෙන් යුක්ත වූයේ සක්දෙව් රජ විලස් ඇත්තේ ස්ථාන දැන්මෙහි විචක්ෂණවූයේ මහජනයා සතුටු කෙරෙමින් මහාථුපය පිහිටි ස්ථානයට සවස් කාලයෙහි සම්ප්‍රාපත වූයේය’ යි සඳහන් කරයි.
මෙම වාක්‍යය කියවන්නන් දුටුගැමුණු රජතුමා පිරිවරාගත් දේව කන්‍යාවන් හා සමාන නාටිකාවන් නැටුම් ශිල්පිනියන් යැයි නොසිතිය යුතුයි. ‘මෞර්ය’ රජවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක හමුදා ගැන සඳහන් වන කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයේ හැටියට රජතුමා පිරිවරාගෙන යන මෙවැනි කාන්තාවන් රණ ශිල්පය හොඳින් ප්‍රගුණ කළ තරුණ කාන්තාවන් මිස නැට්ටුක්කාරියෝ නොවෙති.
මෞර්ය රාජ වංශය බිහි වන්නේ ‘විෂ්ණු ගුප්ත’ නමැති බ්‍රාහ්මණ ආචාර්යවරයකුගේ මගපෙන්වීමෙනි. ‘ගුප්ත’ යනු ‘නන්ද’ රාජ වංශයේ රහස්‍ය කටයුතු භාරව සිටි විශේෂ හමුදාවක් බව හින්දු ඉතිහාසකරුවෝ පැහැදිලි කරති. මහජන ශුභ සිද්ධියට වඩා පෞද්ගලික ශුභ සිද්ධිය ඉහළින් සැලකූ නන්ද රාජ වංශය ඉවත්කර මෞර්ය රාජ වංශය පිහිටුවීමට නන්දයන්ගේ විශේෂ ආරක්ෂක හමුදාව භාරව කටයුතු කළ විෂ්ණු ගුප්ත සමත් වූ බව ඔවුන්ගේ අදහසයි. ‘අර්ථ ශාස්ත්‍රය’ ග්‍රන්ථය චාණක්‍ය, කෞටිල්‍ය, ආදි වෙනත් නම් භාවිත කර ඇති මෙම ඇමතියාගේ කෘතියකි.
අර්ථ ශාස්ත්‍රය මාහැඟි දේශපාලන විද්‍යා ග්‍රන්ථයකි. සංස්කෘත භාෂාවෙන් ලියා ඇති මෙම ග්‍රන්ථය දීර්ඝ කාලයක් නමින් පමණක් බොහෝ දෙනා දැන සිටි අතර බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉංග්‍රීසි නිලධරයකුට දකුණු ඉන්දියාවේ තිබී මෙහි පිටපතක් සමුවූ බව වාර්තාවන්හි සඳහන් වේ. මෞර්ය රාජ්‍ය පාලනය පිළිබඳ අංග සම්පූර්ණ තොරතුරු මෙම පොතේ අන්තර්ගතය. එය ආරම්භ වන්නේ රටක ජනතාව සුඛිත මුදිත කිරීම රජතුමාගේ කාර්යය විය යුතු බව සඳහන් ශ්ලෝකයකිනි.
ධර්මාශෝක රජතුමා කෞටිල්‍යගේ චින්තනය ක්‍රියාවට නංවා තිබේ. දේවානම්පිය තිස්ස රජතුමා සහ ධර්මාශෝක අධිරාජයා අතර පැවති සමීප සබඳතාව සැලකිල්ලට ගත් කල, අනුරාධපුරයේ සිංහල රජවරුන්ද රාජ්‍ය පාලනය කර ඇත්තේ මෞර්යයන් අනුගමණය කළ අර්ථ ශාස්ත්‍රය පොතේ සඳහන් නීති රීති සහ චින්තන සම්ප්‍රදායට අනුව බව පැහැදිලි වේ.
අර්ථ ශාස්ත්‍රය පොතේ, රජුගේ ආරක්ෂාව ගැන විශේෂ සඳහනක් තිබේ. චාණක්‍ය කියන්නේ රජතුමාගේ ආරක්ෂක හමුදාව සටන් ශිල්පයන්හි ඉහළම අභ්‍යාස පුහුණු කළ කාන්තා සෙබළියන්ගෙන් සමන්විය යුතු බවයි. බටහිර රටවල් අනුව වසරක් පාසා ජාත්‍යන්තර කාන්තා දිනය පවත්වන ලංකාවේ කාන්තා සංවිධානවලට අර්ථ ශාස්ත්‍රයේ සඳහන් මෙම ප්‍රවෘත්තිය සහ දුටු ගැමුණු රජතුමාගේ කාන්තා හමුදාව ගැන වැටහීමක් නැත. ජාත්‍යන්තර ප්‍රශ්නවලදී ඉන්දියාව ලංකාවට ළං නොවී මධ්‍යස්ථ වීමට හේතුවත් රට කරන්නන්ට සිංහල විදේශ ප්‍රතිපත්ති ගැන දැනුමක් නැතිකමයි.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

සති අග අරුණ

ගෝටා ගෙනාවෙ මහතීර් හෝ ලී ක්වාන් යූ කිරීමට නොවේ සිංහල බෞද්ධ රාජ්‍යය සහ බෝසත් රජෙක්ට ලඟින් වත් යාමටයි

මෙයාලා දන්නෙත් නෑ අපි ඔහුව ගෙනාවෙ සිංගප්පූරුවක් කරන්න නොවේ සිංහල බෞද්ධ රාජ්‍යය නැවත ගේන්න බව. එයා දන්නෙ නෑ අපි ඔහුව ගෙනාවෙ මහා සිංහල බෝසත් රජවරුන් වන ගැමුණු මහ රජුට විජයබාහු රජුට වලගම්බා රජුට කිට්ටුවෙන් වත් යන්නට මිසක් කොහෙවත් ඉන්න මහාතීර්ල ලී ක්වාන් යූ ලා ගේන්න නොවේ කියා. සිංහල මධ්‍ය මහා විද්‍යාලෙ හෝ ගමේ පාසලේ ගුරුතුමීගෙන් ඉංග්‍රීසි විෂය ඉගෙන ගෙන සරසවියට ගොස් ඉංග්‍රිසියෙන් උගන්වන විෂයක් අපි නම් ඉගෙන ගත්තෙ. මොවුන් ම ඊනියා ජාත්‍යන්තර පාසලකට දරුවා යවා ඉංග්‍රීසි උගන්වනවා නම් අනාගත දරුවෝ සිංහලයො නොව ඊනියා ශ්‍රී ලංකන් කලු සුද්දෝ මිසක් ජාතිකත්වයක් නම් ඇති වෙන්නේ නෑ. රනිල්ගෙ ධවල පත්‍රිකාවටත් එරෙහි වී පා ගමන් ගියේ අපි එකල පාසලේදිමයි ඔය දේ වෙන නිසා. දැන් two tier system හදාගෙන අමුතු ජාතියක් හදල ඉවරයි වගේ

මියන්මා සම්බන්ධයෙන් තලගොයා කබරගොයා කිරීම – මහඇදුරු නලින් ද සිල්වා මහතා

මියන්මා සම්බන්ධයෙන් තලගොයා කබරගොයා කිරීම

කන්න ඕන වුණා ම කබරගොයාත් තලගොයා වෙනවා කියල කතාවක් තියෙනවා. මා හිතන්නෙ ඒකෙ අනෙක් පැත්තත් තියෙනවා. ගහන්න ඕන වුණා ම තලගොයාත් කබරගොයාත් වෙනවා. මේ දවස්වල ඇතැම් සමාජයීය ජනමාධ්‍ය බිම්ස්ටෙක් රැස්වීම සම්බන්ධයෙන් කරන්නෙ තලගොයා කබරගොය් කිරීමක්.

බිම්ස්ටෙක් කියන්නෙ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගිතාව  සඳහා මුල පිරීමක්. මෙහි සාමාජික රටවල් හතක් තියෙනවා. ඒ ශ්‍රී ලංකාව, ඉන්දියාව,  මියන්මා, බංග්ලාදේශය, බූතානය, තායිලන්තය හා නේපාලය. මෙහි ලේකම් කාර්යාලය ඇත්තේ බංග්ලාදේශයේ. දැනට ලේකම් ලෙස කටයුතු කරන්නේ බූතාන ජාතිකයෙක්, බිම්ස්ටෙක් සංවිධානයෙ දැනට සභාපති රට ලංකාව. ඒ ධුර කාලය ගිය වසරෙන් අවසන් වුණා. එහෙත් කොවිඩ් නිසා සෙසු රටවල් එකඟ වුණා මේ වසරෙත් ලංකාව සභාපති ලෙස තියා ගන්න.

ඒ සභාපති කම අගෝස්තුවේ අවසන් වෙනවා. ඉන් පසු සභාපති තායිලන්තය. ඒ සභාපති ධුරය මාරුවන ප්‍රධාන රැස්වීම එයට කලින් පැවැත්තෙන්න ඕන. එයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රටවල් හතේ විදේශ ඇමතිවරුන්ගෙ රූ්වීමක් පසුගිය පළමු වැනි දා අතථ්‍ය ව පැවැත්වුණා. ඒ ඒ රටවල විදේශ ඇමතිවරු තම රටවල ඉඳන් ම රැස්වීමට සහභාගි වුණා. අර තලගොයා කබරගොයා කරන්න හදන සමාජයීය මාධ්‍යයකට අනුව කොළඹ දී පැවති රැස්වීමට ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව මියන්මා හමුදා පාලනයේ නියෝජිතයකු සහභාගි වෙලා තියෙනවා. කවුරුන් හරි නිගමනය කළොත් මියන්මා නියෝජිතයා කොළඹට පැමිණ ඇත කියල මා පුදුම වෙන්නෙ නැහැ. ඇයි රැස්වීම පවත්වල තියෙන්නෙ කොළඹ නොවැ.

මේ රැස්වීමට කොළඹට පැමිණි එකම විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන පමණයි. ඔහු රැස්වීමේ සභාපති ලෙස කටයුතු කළ නිසා රාජ්‍ය ඇමති තාරක බාලසූරිය ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරුවා.  අනෙක් විදේශ ඇමතිවරු හිටියේ ඒ ඒ රටවල. මියන්මාරය නියෝජනය කෙළේ ජාත්‍යන්තර සහයෝගිතා ඇමති කෝ කෝ ලේන්. ඔහු හිටියේ මියන්මා අගනුවර වූ නෙපිටෝ නගරයේ.

අප්‍රේල් පලමුවැනි දා පැවති විදේශ ඇමති හමුවට පෙර මාර්තු තිස්එක්වැනි දා විදේශ ලේකම්වරුන්ගේ රැස්වීම පැවැත්වුණා.  අතථ්‍ය ව පැවති විදේශ ඇමති රැස්වීමට  සහභාගි වන ලෙස මෙරට විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන කිසිවකුට ආරාධනා කළේ නැහැ. මා දන්නා තරමින් දිනේෂ් ගුණවර්ධන 2024 ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ නැහැ. ඔය සමාජයීය මාධ්‍ය පහර දෙන්නේ දිනේෂ් ගුණවර්ධනට නොවෙයි. ගෝඨාභය රාජපක්‍ෂට. ඒ මාධ්‍යට අවශ්‍ය වනවා ගෝඨාභය රාජපක්‍ෂ අපකීර්තියට ලක් කර තමන්ගේ නායකයා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනන. තනිව ම තරග කර ජනාධිපති වීමට නොහැකි එකී නායකයා සජිත් සමග එකතු වුණාත් පුදුම වෙන්න දෙයක් නැහැ. හැරවුමක ඇරඹුම ඇරඹුම!

ගෝඨාභය රාජපක්‍ෂ මියන්මා හමුදා රජයට ආරාධනා කර ඇතැයි කීම ආකර්ෂණීය කතාවක් වෙන්න පුළුවන්. ඒ ගෝඨාභයගේ හමුදා පසුබිමත් එක්ක. බිම්ස්ටෙක් රැස්වීමට ආරාධනය කෙරුණේ ඒ ඒ රටවල විදේශ ඇමතිවරුන්ට. ආරාධනය කෙළේ ලංකාවේ විදේශ ඇමති නොවෙයි. බිම්ස්ටෙක් සංවිධානයෙ සභපති රටේ විදේශ ඇමති. ඒ තැනැත්තාත් දිනේෂ් ගුණවර්ධන.  දිනේෂ් ගුණවර්ධන   ආරාධනා පත්‍ර යවා ඇත්තේ ලංකාවේ විදේශ ඇමති ලෙස නොව බිම්ස්ටෙක් සංවිධානයේ සභාපති රට ලෙස.  මෙය එක් රාජ්‍යයකින් තවත් රාජ්‍යයකට යැවුණු ආරාධනයක් නොව කලාපීය සංවිධානයක රැස්වීමකට කලාපීය මට්ටමෙන් කරන ලද ආරාධනයක්. තමන් මහා දේශපාලන විචාරකයන් යැයි සිතා සිටින ඊනියා ජාතික ව්‍යාපාරිකයන්ට මේ වෙනස නොතේරෙනවා නොවෙයි. ඔවුන් තලගොයා කබරගොයා කරනවා.

බිම්ස්ටෙක් සංවිධානයට වැඩ රාශියක් කිරීමට තියෙනවා. මේ රටවල් අතර ගණුදෙනු ඉතා සුළුවෙන් කෙරෙන්නේ. සංචාරකයන් ද එතරම් ඒ රටවල් අතර සැරිසරන්නේ නැහැ. බොහෝ රටවල් අතර සෘජු ගුවන් සේවා නැහැ. ඒ ඉක්මණින් ඇති කෙරෙන්න ඕන. නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව හා මියන්මා සම්බන්ධීකරන බෞද්ධ චාරිකාවක් ඇති කරන්න පුළුවන්. විදේශ ඇමතිවරු ඒ ආදී කරුණු ගැනත් සාකච්ඡා කර තියෙනවා.

මියන්මා රට සාමාජිකයකු වන්නේ බිම්ස්ටෙක් සංවිධානයේ පමණක් නොවෙයි. එය අග්නිදිග ආසියාවේ රටවල සංවිධානයක් වූ ආසියාන් සංවිධානයේත් සාමාජිකයෙක්. එහි සෙසු සාමාජිකයන් වන්නේ ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පුරූව, තායිලන්තය, බෘනෙයි, වියට්නාමය,  ලාම් හා කාම්බෝජය.  මේ රටවල විවිධ රැස්වීම් මියන්මා දේශයත් සහභාගි කර ගනිමින් නීති පතා පැවැත්වෙනවා. විදේශ ඇමතිවරු මුදල් ඇමතිවරු ආදී වශයෙන් පමණක් නොව හමුදාපතීන් ලෙස ද රැස්වීම් පැවැත්වෙනවා. මියන්මා විදේශ ඇමති අතථ්‍ය වශයෙන් නොව සජීවී ව තායිලන්තයට ගොස් එහි දී එරට විදේශ ඇමතිත් ඉන්දුනීසියා විදේශ ඇමතිත් හමු වුණා. ආසියාන් රටවල ලේකම් කාර්යාලය තියෙන්නෙ ඉන්දුනීසියාවෙ. මේ දිනවල එහි සභාපති රට බෘනෙයි. එහෙත් ආසියාන් රැස්වීමවලට මියන්මා දේශයට ආරාධනය කිරීම සම්බන්ධයෙන් හා මියන්මා නියෝජිතයන් රැස්වීම්වලට සහභාගිවීම ගැන  කිසිවකුවත් වෙනත් කිසිම රටකට චෝදනා කරන්නේ නැහැ.

චෝදනා එල්ල වන්නේ එක බිම්ස්ටෙක් රැස්වීමක් සම්බන්ධ ව ලංකාවට පමණයි. පළමුවැනි දා පවත්වන ලද රැස්වීමට ඉන්දියාවත් සහභාගි වුණා. මියන්මා දේශයට රැස්වීමට ආරාධනය කෙරී ඇත්තේ ඉන්දියාවෙත් කැමැත්ත ඇතිව. රැස්වීම අප්‍රේල් පළමුවැනිදාට යොදා ගෙන ඇත්තේත් ඉන්දියාවේ අවශ්‍යතාවට. ලංකාවට පමණක් චෝදනා එල්ල කරන්නේ තලගොයා කබරගොයා කරගෙන තම තම න්‍යාය පත්‍ර අනුව.      

අවමංගල ආඩම්බරය – මහඇදුරු නලින් ද සිල්වා මහතා

අවමංගල ආඩම්බරය

මේ රට පුදුම රටක්. රණවිරුවන් හා ජාතිය පාවා දීම ජයග්‍රහණයක් කියල කියන්න පුළුවන් අමනයන් ඉන්න රටක්. ඒ ගැන තමයි අද කතා කරන්න ඕන. ඒකෙන් වෙන්නෙ සංස්කෘතික දෙබිඩ්ඩන් ගැන කියන එක කල් යන එක. ඒ විතරක් නෙවෙයි බිම්ස්ටෙක් ගැනත් අද කතා කරන්න බැරි වෙන එක. බිම්ස්ටෙක් ගැන හුඟක් දේ කියන්න තියෙනවා. මියන්මාහි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පූජා කරන්න සූදානම් ලංකාවෙත් මියන්මාහිත් ඉන්න ඇතැම් සිංහලයන්,(සිංහල බෞද්ධයන් වීමට ලොකු ඉඩකඩක් තියෙනවා) දිනේෂ් ගුණවර්ධන අනෙක් විදේශ ඇමතිවරුන්ටත් එක්ක මියන්මාරයෙ විදේශ ඇමතිට රැස්වීමට ආරාධනයක් යැවුව කියල අපටවත් ඉන්න දුන්නෙ නැහැ. දැන් ඔන්න බිම්ස්ටෙක් පවත්තල ඒ රටවල් හතේ ම විදේශ ඇමතිවරුන්ගෙ සහභාගිත්වයෙන්. ඒ කියන්නෙ ඉන්දියාවෙ විදේශ ඇමතිත් එක්ක. නරක ද ලංකාවෙ ඉන්දීය මහා කොමසාරිස්ගෙන් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලුවා නම්.

ඒ ප්‍රජාතන්ත්‍රවාදෙ දැනට පැත්තකින් තියමු. හැමදාමත් රටට අවමංගලයක් වූ මංගල පහුගිය දා කියා තිබුණා 2015 ජෙනීවා යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වූයේ නැහැ කියල. වාර්තා වෙන විධියට ඔහු කියා තියෙන්නෙ ඒ යෝජනාව ලංකාවෙ යෝජනාවක් බවත් එයට එංගලන්තය ඇතුළු රටවල් සම අනුග්‍රහකත්වය දැක් වූ බවත්. එය එහෙම කියල මා නම් හිතන්නෙ නැහැ. ඒහෙම කළත් ලංකාව කෙටුම්පත් කරන්න ඇත්තෙ එංගලන්තෙ වචනවලින්. අනෙක් අතට මංගල කියනවා සිරිසේන අද මොනව කිවුවත් 2015 දී යෝජනාව අකුරක් නෑර අනුමත කළා කියලා.

මා ඒක නම් පිළිගන්නවා. ඒ පාවා දීමේ යෝජනාව සම්බන්ධයෙන් එ ජා ප, ශ්‍රී ල නි ප, ජාතික හෙළ උරුමය, මුස්ලිම් පක්‍ෂ, ඇතුළු ජඩපාලකයන් සියල්ල වග කියන්න ඕන. ඒ විතරක් නොවෙයි ආණ්ඩුවත් එක්ක හිටිය රනිල්දාස යටත්විජිත හේරත් සහෝදරයන්ගෙ ජ වි පෙ, සම්බන්ධන් සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතික සංධානය, වගේ පක්‍ෂත් වග කියන්න ඕන. මෛත්‍රිපාලට ආර් ප්‍රේමදාසට තිබුණු පෞරුෂය ඒ දවස්වල තිබුණ නම් රට වෙනස් වෙන්න ඉඩ තිබුණ. ප්‍රේමදස වෝඩ් පෙදෙසෙ ජේ ආර් ජයවර්ධනගෙ නිවසට ගිහින් තදින් කතා කරළයි ජනාධිපති අපේක්‍ෂකකම ලබා ගත්තෙ. ඒ පෞරුෂය සජිත්ට ගෑවිලාවත් නැහැ.

සිරිසේනට 2015 දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් ජනාධිපති අපේක්‍ෂකකම කීයටවත් ලැබෙන්නෙ නැහැ. ඒත් ඔහු ශ්‍රී ල නි පක්‍ෂය ඇතුළෙ කළ යුතු ව තිබූ සටන කෙළේ නැහැ. ඔහු කළකිරිල සතුරු පිළට එකතු වුණු එකයි කෙරුවෙ. විජාතික බලවේග ඔහු යොදා ගත්ත. ශ්‍රී ල නි පක්‍ෂය ඇතුළෙ එවැනි සටනක් ගෙනි යන්න බැරි කමක් තිබුණ ද කියල මට කියන්න බැහැ. එහෙම නම් අද පොදු ජන පෙරමුණ ඒ ගැන හිතන්න ඕන.

2015 දි සිරිසේන ජඩපාලනයෙ හිරකාරයෙක්. ඔහු එදා රනිල්ට සර් කියන්නත් චන්ද්‍රිකාට මැඩම් කියන්නත් අවසර ඉල්ලවා. ආර් ප්‍රේමදාස එහෙම කළෙ නැහැ. ඔහුගෙ දේශපාලනය අප අනුමත නොකළත් සමහර ඇවතුම් පැවතුම් කාටත් ආදර්ශයක්. 2015 මංගලගෙ අවමංගල යෝජනාව සිරිසේන එක පයින් අනුමත කරන්න ඇති ඒත් ඒකෙන් කියන්නෙ නැහැ සිරිසේන යෝජනාව පිළිගත්ත කියල. ඔහු තම ස්වාමීන්ට කීකරු වුණා පමණයි. ඔහුට ස්වාමීන්ට විරුද්ධ වන්න ශක්තිය අවශ්‍ය වුණා. කල් යෑමේ දී ඒ ශක්තිය ජාතික ව්‍යාපාරයේ කොටසක් විසින් සැපයුණේ ජාතික ව්‍යාපාරයේ ම ඇතැමුන්ගේ අවඥාව මධ්‍යයේ. ඒ ඇතැමුන් අදත් අපට මයිලෝ පොවන්න ලැහැස්තියි. ඔවුන් දන්නෙ නැහැ ඒ ශක්තිය 2018 ඔක්තෝම්බරයෙ කොපරම් පිහිට වුණා ද කියල ජඩපාලනය එලවන්න. ඒක ඊට පස්සෙ ගෝඨාභයට පිහිටක් වුණා ද කියන එකත් ඔවුන් දන්නෙ නැහැ.

ඒ කොහොම වුණත් සිරිසේන අද ශ්‍රී ල නි පක්‍ෂයත් සමග අවමංගල යෝජනාවට විරුද්ධයි. ඔහුගෙ ප්‍රතිපත්තියෙ දියාරු බවක් වැනෙන සුළු බවක් තිබුණා. කොටි පැරදවීම සම්බන්ධයෙන් 2005 ආණ්ඩුවටත් මුල දි හිතපු දේට වෙනස් දෙයක් 2008 – 2009 දි කරන්න සිද්ධ වුණා. ප්‍රතිපත්තිවල සංගත බවක් දේශපාලනඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. අවමංගල කියන්නෙ ජඩපාපලනයට ලෝකෙ ප්‍රධාන රටවල් ඔක්කොම හිටියා නමුත් මේ ආණ්ඩුවට ඇත්තෙ රටවල් කිහිපයක් පමණයි කියල. අවමංගලට එංගලන්තයට හා අනෙක් බටහිර රටවලට වඳින්න පුදන්න ඔවුන් ළඟ දණ ගහන්න වුවමනාව තියෙන බව පැහැදිලියි. ලක්‍ෂ ගාණක් මිනිසුන් මරපු එංගලන්තෙට තියෙන වැදගත්කම මොකක් ද? ඔවුන් අපේ රටෙත් කී දෙනකු මැරුවාද? අප එංගලන්තය වගේ රටවල් එක්ක ඉන්නව කියන්නෙ ආඩම්බරයට කාරණයක් නොවෙයි. ලජ්ජාවට කාරණයක්. ඔවුන් තමයි අපේ රටේ දී නම් දෙමළ ජාතිවාදයට අනුග්‍රහය ආධාරය හා ආශිර්වාදය ලබා දෙන්නෙ. අවමංගලටත් සිංහල බෞද්ධ සංස්කෘතියත් සමග කෝන්තරයක් තියෙනවා. ඒකට හේතුව මා දන්නෙ නැහැ. ඔහු එංගලන්තයත් දෙමළ ජාතිවාදයත් සමග එකතු වී සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. සිංහල බෞද්ධයන්ගෙ සහනශීලී ගතිය නිසා මංගලට ලංකවෙ ප්‍රශ්නයක් නැහැ. ඒත් පාර්ලිමේන්තුවට තේරී පත්වීම නම් ප්‍රශ්නයක්.

මේ අතර කරු ජයසූරිය කියල තිබුණ ජෙනීවා යෝජනාවෙන් අප පැරදීම භයානක ප්‍රතිඵල අත්කර දේවි කියා. එංගලන්තෙට හා අනෙක් බටහිර රටවලට වැඩිම වුණොත් කරන්න පුළුවන් තහංචි පනවන්න විතරයි. ඔය කියන භයානක ප්‍රතිඵල මොනවා ද? කරු ජයසූරියල අවමංගලල විතරක් නොවෙයි රනිල්දාසලත් හිතන් ඉන්නෙ බටහිර රටවල් හරි බලවත් කියල. ඔය හැමෝම කොවිඩ්වලින් වැටිල. ඔවුන්ට ලෝකයේ තියා තම රටවලවත් කරන්න පුළුවන් දේ ඉතා සීමිතයි. කරු ජයසූරියලට අවමංගලලට ඕන රණවිරුවන්ට දඬුවම් කරන්න. මොන බෞද්ධ වේශයෙන් පෙනී සිටියත් ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වයට විරුද්ධයි. ජඩපාලනය හා මේ ආණ්ඩුව මූලික වශයෙන් වෙනස් වන්නෙ ඒ කරුණෙ දි.

ජනපතිඳුන්ගේ පිළිසඳරෙන් පසුව ගම වෙනුවෙන් කළ යුතු දේ – වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා

ජනපතිදුන්ගේ පිළිසඳරෙන් පසුව
ගම වෙනුවෙන් කළ යතු දේ

ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ ජනාධිපතිතුමා සහභාගීවන වැඩසටහන් රාශියක් මේ වන විට විවිධ භූගෝලීය ප්‍රදේශ ආවරණය වන ලෙස පවත්වා ඇත. අප රටේ ග්‍රාමීය ජනතාව මුහුණ දෙන සුවිශේෂී ප්‍රශ්න ඉදිරිපත් කිරීම සහ ඔවුන්ගේ අදහස් සහ යෝජනා නියෝජනය කිරීම සඳහා අප රටේ විවිධ මට්ටම්වල ජනතා නියෝජිතයන් රාශියක් සහ යාන්ත්‍රණ කිහිපයක් ඇත. කෙසේ වෙතත් ඉනිදියාවේ පංචායත් සභා මෙන් සෘජු මහජන නියෝජනය සදහා අප රටේ යෝජනා වූ ජනසභා පිහිටුවීම සඳහා අදාල නීති සංශෝධනය කිරීමට නොහැකි වී ඇත.එහෙත් ප්‍රාදේශීය සංවර්ධන කමිටු මඟින් මහජන නියෝජිතයින් සහ නිලධාරීන් එකට එක්ව මහජන ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත. ඊට අමතරව ඉන්දියාවේ මෙන් නොව අප රටේ බිම් මට්ටමේ දී මහජනයා සමග නිරතුරුව මුහුණට මුහුණ මුණ ගැසෙන නිලධාරීන් පස්දෙනෙක් සිටිති.

ඒ සියල්ලට අමතරව මහජන නියෝජිතයින් මගින් පරමාධිපත්‍ය නියෝජනය කරන පළාත්පාලන ආයතන පද්ධතියට අමතරව රජයේ විධායක බලය නියෝජනය කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුන්සියයකට අධික ප්‍රමාණයක් රටතුල ක්‍රියාත්මක වේ. එවැනි තත්වයක් තුල නව රජයක් පිහිටුවීමෙන් පසුව ජනාධිපතිතුමාගේ පැත්තෙන් ගතයුතු උපායමාර්ගික තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග වෙනුවෙන් කාලය වැය කිරීම වෙනුවට ගම්වල ඇවිදීමට සිදුවීම මගින් පැහැදිලි වන්නේ ඉහත සඳහන් කළ යාන්ත්‍රණවල බලවත් දුර්වලකමක් තිබෙන බව නොවේද? මීට වසර 30කට පෙර අගමැති සහ ජනාධිපති ලෙස ආර් ප්‍රේමදාස මහතාටද එවැනි තත්වයකට මුහුණ දීමට සිදු විය. එදා රාජ්‍ය නිලධාරීන්ගේ දුර්වලතාවයන්ට හෝ මහජන ප්‍රශ්න පිළිබඳව පවතින නොසැලකිලිමත් ආකල්පයට පිළියම් යෙදීම සඳහා එතුමාගේ සහභාගීත්වයෙන් ජංගම අමාත්‍යාංශ පැවැත්වීමට සිදු විය. අද මෙන්ම එදාද රාජ්‍ය නායකයාට මහජනයා දීර්ඝ කාලයක් මුහුණ දෙමින් සිටින ප්‍රශ්න වලට ක්ෂණික විසඳුම් ලබා දීම සඳහා නිලධාරීන්ට නියෝග කිරීමට සිදු විය. එසේ වුවත් එදා මෙන්ම අදද නිලධාරීන් විසින් රාජ්‍ය නායකයා නොමග යැවීම සුලභ තත්වයකි.

ජනාධිපතිතුමා සහභාගී නොවන ප්‍රාදේශීය සංවර්ධන කමිටු මට්ටමින් පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහන් වලදී සාමාන්‍ය තත්වයක් යටතේ කරන දේ සහ නොකරන දේ නැවත සාකච්ඡාවට ලක්කිරීම විහිළුවක් බව ඒවාට සහභාගීවන රාජ්‍ය නිලධාරීහු පවසති. ඒ අතර යම් නිලධාරීන් සහ ඔවුන් සමග සන්ධානගතව සිටින ජාවාරම්කරුවන් සහ ඉඩම් කොල්ලකරුවන් තම කූඨ උවමනාවන් ඉටුකර ගැනීම සඳහා මහජනයා යොදාගෙන ජනාධිපතිවරයාට ප්‍රශ්න ඉදිරිපත් කරන බව දැන් රටට රහසක් නොවේ. එම තත්වය තුල ජනාධිපතිතුමා ගමට පැමිණීම වෙනුවට එතුමා විසින් ගැමියන් කොළඹට කැඳවනවානම් ගමේ කැලෑ ටික බේරාගත හැකි බවට යම් ප්‍රකාශ සිදු කිරීමට මහජනයා පෙළඹී ඇත. එසේ වුවත් යම් අවස්ථාවල එවැනි කූඨ උත්සාහයන් අවබෝධකොටගෙන ඒවා වැලැක්වීමටද ජනාධිපතිතුමා ක්‍රියාකොට ඇත. උදාහරණයක් ලෙස ඉතා උසස් රාජ්‍ය නිලධාරියෙකුගේ මිත්‍රයකුගේ උවමනාව මත නකල්ස් වනාන්තරය මැදින් පාරක් කැපීමට ගනු ලැබූ උත්සාහය ජනාධිපතුමා විසින් එක් වචනයකින් නවත්වන්නට යෙදුනි.

එසේම යම් අවස්ථාවල පොදු ජාතික ප්‍රතිපත්තියකට යටත්ව ජාතික මට්ටමින් ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘතියක කුඩා කොටසක් ඉතා ඉහළ වියදම් දරමින් හුදකලාව ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් විසින් ගනු ලබන උත්සාහයන් පිළිබඳවද වාර්තාවේ. සාමාන්‍ය තත්වයන් යටතේ ජනාධිපතුමාගේ හෝ ජනතාවගේ අපේක්ෂා පිළිබඳව සැලකිලිමත් නොවන නිලධාරීන් ජනාධිපතිතුමාගේ වචන වලට මුවාවී ක්ෂණිකව එවැනි ව්‍යාපෘති යෝජනා කරන ආකාරයද දක්නට ඇත. උදාහරණයක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශයක පැවැත්වූ ගම සමග පිළිසඳර වැඩසටහනකදී මහජන ඉල්ලීමකට අනුව ගමේ වැවට වෙනත් වැවකින් වතුර ගෙන ඒම සඳහා වූ යෝජනාවකට නිලධාරීන් විසින් ක්ෂණිකව ප්‍රතිචාර දක්වනු ලැබුවේ ඊට අධික පිරිවැයක් දැරීමට සිදුවන නිසා බවට යම් නිලධාරීහු චෝදනා කරති. ඒ අනුව කුඹුරු අක්කර දහසකට ආසන්න භූමි ප්‍රමාණයක් වගා කළ හැකියැයි කියන එම වැවට උමඟක් මගින් ජලය ගෙන ඒම සඳහා රු. මිලියන 7750 ක් වැය වන ව්‍යාපෘති යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් විය. නමුත් එම මුදලෙන් සමස්ථ රටේම කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ හැකි බව එම ව්‍යාපෘතිය අනුමත නොකරන නිලධාරීහු පවසති. කෙසේ වෙතත් එම නිලධාරීන් විසින් අදාල තීන්දුව ගැනීමේදී වඩා වැදගත් වන්නේ වැඩි වියදම් – වැඩි කොමිස් න්‍යාය බව රහසක් නොවේ.

එසේ වුවත් රටේ රාජ්‍ය නායකයා මහජනයා අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්ණ පිළිබඳව සෘජුව අදහස් උදහස් ලබා ගැනීම ඉතා හොඳ දෙයකි. ඒ මඟින් එතුමාගේ හදවත සහ මනස පිළිබිඹු වේ. පෙර රජ දවස ද පුරෝහිතයන්ගේ සහ අමාත්‍යවරුන්ගේ ඉච්චා බස් ඒකපාර්ශවීයව පිළිගැනීම වෙනුවට බිමේ පවතින සැබෑ තත්වය සොයා බැලීම සඳහා රජු වෙස්වලාගෙන සැරිසැරූ බව ඉතිහාසයේ සඳහන් වේ. එසේ වුවත් මහජනයාගේ වටහාගැනීමේ තරම අනුව ඉදිරිපත් කරන කරුණු මත බිමේ පවතින සැබෑ යථාර්තය තේරුම්ගත හැකිද? එසේම රටේ පවතින මහා පින්තූරය තේරුම් ගැනීමට ගමින් ගමට යෑමට අවශ්‍ය වන්නේද නැත. ඒ සඳහා බොහෝ ආර්ථික සහ සමාජීය දත්ත සහ නිර්ණායක යොදාගත හැක. මහජනයා බොහෝවිට දේශපාලන නායකයින්ගෙන් බලාපොරොත්තු වන්නේ ගමේ පොදු පහසුකම් වලට අදාළ මැදිහත්වීම්ය. මීට දශක පහකට පෙර එවැනි ගැටළු වලින් යම් ප්‍රමාණයක් මහජන ශ්‍රම දායකත්වයෙන් ඉටුකරගනු ලැබීය. එවැනි අවස්ථාවල රජය විසින් යම් මූල්‍ය දිරි ගැන්වීම් ලබාදෙන ලදි. එහෙත් මෑත කාලීනව ගුරු පාරට බොරළු දැමීම හෝ බොරළු පාරට කොන්ක්‍රිට් දැමීම මහජන නියෝජිතයින්ට කොමිස් ගැසීම සඳහා ඉල්ලමක් බවට පත් වී ඇත. අවසානයේදී ගුරු පාර තිබුණා නම් හොඳයි කියන තත්වයට හොරට දැමූ කොන්ක්‍රිට් පාරවල් අබලන්වනු දැක ගත හැක.

කෙසේ වෙතත් රටේ පොදු පහසුකම් සංවර්ධනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක හමුදාව ඇතුලු ආරක්ෂක හමුදා සතු අතිරික්ත ශ්‍රමය යොදා ගැනීම ඉතා හොඳ දෙයකි. උදාහරණයක් ලෙස සීනි බදු වංචාවෙන් රටට අහිමි වූ රු. මිලියන 15,000 ක මුදල සහ ආරක්ෂක හමුදා සතු සම්පත් යොදා ගනිමින් සමස්ථ රටේම වාරි යටිතල පහසුකම් පද්ධතිය සහ ඒවා ආශ්‍රිත පරිසර පද්ධති යථාවත් කිරීමට හැකියාවක් ඇත. නමුත් මහජනයාගෙන් අසන විට ඔවුන් එම මහා පින්තූරය වෙනුවට තමාගේ වැවේ සොරොව්ව හෝ පාසලේ ක්‍රීඩා පිට්ටනිය ගැන පමණක් කථා කිරීම ස්භාවික තත්වයකි. එසේ වුවත් පිළිසඳරවල් රාශියකට පසුව පොදු ගුණාකාරය සොයාගෙන ඊට අනුව ජාතික මට්ටමින් උපාය මාර්ගික මැදිහත්වීම් කිරීමේ හැකියාව ඇත. ඒ නිසා ගම සමඟ පිළිසඳර ඉදිරියට යන අතර පොදු ගුණාකාරයට අවධානය යොමු කිරීමේ බාධාවක් නැත.

ඒ අනුව ඊනියා නිදහසින් පසුව නව යටත්විජිතකරණ හෝ යළි යටත් විජිතකරණ ක්‍රියාවලිය තුල රාජ්‍යයක් ලෙස සහ ජාතියක් ලෙස අප ලබා ඇති අත්දැකීම් අනුව සමාජ, ආර්ථික මහා පින්තූරය වෙනස් කිරීම සඳහා සැලකිල්ලට ගත යුතු පොදු සාධක මූලික වශයෙන් 10 ක් පමණ හඳුනාගත හැක. ඉන් පළමු වැන්න ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ඉතා අසාධාරණ ලෙස ග්‍රාමීය දුප්පත් ජනතාව මූල්‍ය වහළුන් බවට පත් කිරීමේ ක්‍රියාවලියට තිත තැබීමය. ඒ සඳහා නිදි කිරා වැටෙමින් සිටින මහ බැංකුව අවධිකොට පොලී සීමාවන් පනවා ණය දීමේ සහ අයකිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කළ යුතුය. යම් ආයතන 60% දක්වා වන ඉතා අධික පොලියක් අයකරන බව සහ ණය වාරික අයකර ගැනීමේදී ඉතා බරපතල ලෙස අයුතු බලපෑම් සිදු කරන බව රහසක් නොවේ. එම තත්වයන් වෙනස් කිරීමෙන් තොරව ග්‍රාමීය ජන ජීවිතය නගාසිටුවීම ගැන කතා කළ හැකිද? ඊට අමතරව ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ රාජ්‍ය මැදිහත්වීම වර්ධනය කිරීම සඳහා දිවි නැගුම බැංකු පද්ධතිය පුළුල් කිරීම සහ ගොවිජන බැංකුව නැවත ආරම්භ කිරීමද ඉතා වැදගත් වේ. එම තීන්දු ගැනීම සඳහා මහජනයාගෙන් ඇසීමට හෝ ගමට යාමට අවශ්‍ය වන්නේ නැත. එහිදී දැනට ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල මූල්‍ය වහල්භාවයේ ගොදුරක් බවට පත් වී ඇති හඳුනාගත් පිරිසක් එම තත්වයෙන් මුදවා ගැනීම සඳහා එම ණය ප්‍රග්ධනයෙන් කොටසක් රජය විසින් ගෙවීම සහ පොලී කපා හැරීම සඳහා අදාළ සමාගම් වලට බල කිරීමද ඉතා වැදගත් වේ.

ඒ අතර ග්‍රාමීය ආර්ථිකය උද්දීපණය කිරීම සහ ජනතාවගේ ආදායම් මට්ටම් ඉහළ දැමීම සඳහා වන රාජ්‍ය මැදිහත්වීම්වලදී ග්‍රාමීය ආර්ථිකයට අදාළව ඉල්ලුම පැත්තෙන් සිදුකළ යුතු මැදිහත්වීම් වලට ප්‍රමුඛතාවය ලබාදීමද ඉතා වැදගත්වේ. එසේ නොමැතිව සැපයුම් පැත්තේ මැදිහත්වීම් වල ප්‍රතිඵල මහජනයාට නෙලාගත නොහැක. උදාහරණයක් ලෙස ආනයනික ආහාරවලට බදු සහන දෙමින් වෙළඳපළ තුල මිල විකෘතියක් ඇති කොට ගොවියාට වෙළඳපොළ අහිමිකරන තත්වයක් තුල ණය ලබා දීම හෝ පොහොර සහනාධාරය ලබාදීම මඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කර ගත නොහැක. සහල් වලට වෙළඳපොළ තුල පැවතිය නොහැකි මිලක් පැනවූ විට අවසානයේදී ගොවියාගේ සහ කුඩා මෝල් හිමියාගේ ගෙල සිරවේ. ඒ මඟින් මහා මෝල් හිමියන් මට්ටු කිරීමට හෝ පාරිභෝගිකයාට සහන සැලසීමට අපේක්ෂාකළද වෙළඳපොළේ සහල් අලෙවි වන්නේ එම මිලට නොවේ. එම නිසා පවතින යථාර්තයට අනුව මහජනයාට කරුණු පැහැදිළිකොට පවතින මිල පිළිගෙන ඊට අනුව වී සඳහා වන සහතික මිල වැඩිකළ හැකි නම් ග්‍රාමීය ආර්ථිකය තුළ උද්ධීපනයක් ඇති වේ. උදාහරණයක් ලෙස දැනට පවතින ආකාරයට කැකුළු සහල් සඳහා රු. 105 ක මිලක් පැනවීමට රාජය සහ පාරිභෝගිකයා එකඟ වන්නේ නම් වී මිල රු. 60 ක් කළ හැක. එසේම තිරිඟු පිටි වලට ලබාදී ඇති අයුතු බදු සහනය අහෝසි කළ හොත් සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන වලට වෙළඳපොළ අවස්ථා නිර්මාණය වේ. ඒ අනුව වැඩි බලපෑමක් සහිත ආහාර වර්ග වලට අදාලව වෙළඳපොළ තුල මිල විකෘතීන් නිවැරදි කිරීම මඟින් ග්‍රාමීය ආර්ථික ඉඩ ප්‍රස්ථා වර්ධනය වන බව පැහැදිළි කරුණකි. එම මැදිහත්වීම දෙවන රාජ්‍ය මැදිහත්වීම ලෙස සැලකිය හැකි අතර එයද කොළඹ සිට ගත යුතු තීන්දුවකි. එහිදී මහජන පිළිසඳර වැදගත් වෙන්නේ යථාර්තය පිළිගෙන ගොවියාට වී සඳහා රු.60ක් ගෙවා සහල් රුපියල් 110ට කමු යන පණිවිඩය රටට දීම සඳහාය.

රජයේ මැදිහත්වීම අවශ්‍ය වන තුන්වන සාධකය වන්නේ වෙළඳපොළ තුළ පවතින අකාර්යක්ෂමතාවයෙන් නිවැරදි කිරීමය. විශේෂයෙන්ම ලෝකයේ භාණ්ඩ හුවමාරුකිරීමේ හෙවත් “බාටා ක්‍රමය” පැවති මධ්‍යතන යුගයේදී දක්නට ලැබුණු ආකාරයේ වෙළෙන්දා මුල් කර ගත් ඊනියා ආර්ථික මධ්‍යස්ථානයක් වෙනුවට ගොවියා මුල් කර ගත් කාර්යක්ෂම වෙළඳපොළ යාන්ත්‍රණයක් පිහිටවීමට රජය මැදිහත් විය යුතුය. එවිට ගොවියාගේ නිෂ්පාදන වලට සාධාරණ මිලක් ලැබෙන අතර මිල වැටීම නිසා ඊළඟ කන්නයේදී අදාළ භෝගය වගා නොකිරීමේ ප්‍රශ්ණයටද පිළිතුරක් ලැබෙයි. එහිදී එක්පැත්තකින් ඉලෙක්ටොනික වෙළඳපොළ මාදුකාංගයක් මඟින් ගොවි සමිති සහ තොග වෙළඳුන් සම්බන්ධ කිරීම කළ යුතුය. එවිට නුවර එළියෙන් දඹුල්ලට එළවළු ගෙන ගොස් නැවත ආපසු මහනුවරට ප්‍රවාහනය කිරීමේ ගොන්තකතීරු භාවිතාවට තිත තැබිය හැක. ඊට අමතරව සමූපකාර යොදා ගනිමින් ග්‍රාමීය කෘෂි නිශ්පාදන සඳහා ජාතික මට්ටමින් බෙදා හැරීමේ යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු අතර මධ්‍යස්ථාන පිහිටුවිය යුත්තේ මිලදී ගැනීම සඳහා නොව විකිණීම සඳහාය. එනම් තැරැව්කරුවන් වෙත ගොවියා ගෙනයාම වෙනුවට ගොවියන්ගේ හෝ ගොවි සංවිධාන වල බලය සහිත විකිණීමේ මධ්‍යස්ථාන වලට මිලදී ගන්නත් හෙ වත් වෙළඳුන් කැඳවිය යුතුයි. එහිදී සමූපකාර වලට රජය මඟින් සහනාධාරයක් ලබාදීම හරහා ශීතාගාර පහසුකම් සහ වටිනාකම් එකතුකිරීම මඟින් කල්තබා ගැනීම හරහා මිල පහත වැටීම වැළැක්වීම සඳහාද හැකියාව ලැබේ. සෑම විටම මිල අඩු කිරීම මඟින් ගොවියා සහ කෘෂි ආර්ථිකය වැට්ටවීමේ උපාය මාර්ගය වෙනුවට මිල ස්ථාවර කිරීම මඟින් ගොවියා සහ පාරිභෝගිකයා යන පාර්ශව දෙකටම සාධාරණය ඉටු කිරීම වැදගත් වේ. එසේ නොවන විට එනම් එක් කන්නයකදී අඩු මිලට වට්ටක්කා කන පාරිභෝගිකයාට ඊළඟ කන්නයේදී දෙගුණයක් ගෙවීමට සිදුවේ.

ග්‍රාමීය ආර්ථිකය උද්දීපනය කොට ජනතාවට ආර්ථික ඉඩ ප්‍රස්ථා නිර්මාණය කිරීම සඳහා රජය මඟින් කළ යුතු හතරවන මැදිහත්වීම වන්නේ රාජ්‍ය අරමුදල් ග්‍රාමීය ආර්ථිකයට පොම්ප කිරීම හෙවත් ග්‍රාමීය ආර්ථිකය හරහා ගමන් කරන මුදල් ප්‍රමාණය ඉහළ දැමීමය. ඒ සඳහා විවිධ ක්‍රමවේද යොදාගත හැක. නිවාස සංවර්ධන අධිකාරිය වැනි ආයතන යොදා ගනිමින් සහන පොලියට ඇප නොමැතිව ණය ලබාදීම හරහා ඉදි කිරීම් කර්මාන්තයේ ආර්ථික ඉඩ ප්‍රස්ථා වර්ධනය කළ හැක. ඊට අමතරව රජයෙන් ලබා දෙන පොහොර සහනාධාරය මුදල් වශයෙන් ගෙවීම හරහා ඉහත සඳහන් කළ ගොවිජන බැංකුවට ප්‍රාග්ධනය සැපයීමටද හැකියාව ලැබේ. ග්‍රාමීය වාරි පද්ධති ප්‍රතිසංස්කරණය සඳහා ආරක්ෂක හමුදාව සමඟ මහජනයා යෙදවීම මඟින් ඔවුන්ට වැටුප් ගෙවීමට හැකියාව ලැබේ. ඒ සඳහා ශ්‍රමය සහ යන්ත්‍ර සූත්‍ර තුලනයක් සහිතව යොදා ගත යුතුය.

ග්‍රාමීය රැකියා අවස්ථා වර්ධනය කිරීම සඳහා රජයේ සේවා අංශවල රැකියා සැපයීම වෙනුවට මහා පරිමාන කර්මාන්ත ආශ්‍රිත ආයෝජන සඳහා රජය මැදිහත්වන අතර පුද්ගලික අංශය දිරි ගැන්වීම පස්වන මැදිහත්වීම් ලෙස සැලකිය හැක. උදාහරණයක් ලෙස කන්තලේ සීනි කර්මාන්තශාලවේ යකඩ විකණීම සඳහා ජාවාරම්කාරයින් සමඟ ගිවිසුම් ගැසීම වෙනුවට එය රජය මඟින් හෝ දේශීය ආයෝජකයෙකු මඟින් සංවර්ධනය කරන්නේ නම් ගොවි පවුල් 10,000 කට සහ ඊට අමතරව සෘජු සහ වක්‍ර රැකියා 5000 කට පමණ අවස්ථාව නිර්මාණය වේ. හයවන මැදිහත්වීම වය යුත්තේ සමාජ සාධාරණත්වය තහවුරු කිරීමය. උදාහරණයක් ලෙස ඉන්දියාවේ ග්‍රාමීය ආර්ථික ඉඩ ප්‍රස්ථා සහතික කිරීමේ පනත යටතේ එක් පවුලකට රජය මඟින් ලබාදෙන කුමන හෝ ආර්ථික ඉඩ ප්‍රස්ථාවකට අවස්ථාවක් ලැබේ. එය රැකියාවක්, ස්වයං රැකියා අවස්ථාවක් හෝ ණය හෝ සහනාධාර ලබාදීම ආදී කුමන හෝ ආකාරයේ රජයේ මැදිහත්වීමක් විය හැක. එහිදී සෑම පවුලකටම කුමන හෝ අවස්ථාවක් ලැබීම නීතිය මඟින්ම තහවුරු කොට ඇත.

ග්‍රාමීය ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු හත්වන මැදිහත්වීම ලෙස සැලකිය හැක්කේ ග්‍රාමීය තරුණ ප්‍රජාව අතර කුසලතා වර්ධනය මඟින් සහ වෘතීය පුහුණුව මඟින් ඔවුන්ට නාගරික සහ විදේශීය රැකයා අවස්ථා නිර්මාණය කිරීමය. ඒ මඟින් මව්වරුන් පිටරට යැවීම මඟින් දරු පවුල් අනාත කිරීමේ සහ ජාතියට නිගරු කිරීමේ ක්‍රියාවලියටද තිත තැබිය හැක. එසේ පුහුණුව ලබාදීම පුළුල් කිරීම සඳහා පවතින ආයතන පද්ධතියට අමතරව ආරක්ෂක හමුදා සතු සම්පත් යොදා ගනිමින් නව පුහුණු ආයතන ජාලයක් පිහිටුවිය හැක. එහිදී ත්‍රීරෝද රථ රියදුරන්ට අමතර රැකියා පුහුණුවක් ලෙස වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා ප්‍රමුඛතාවය ලබාදීම මඟින් තවත් ප්‍රශ්ණයක් විසඳීමටද ඉඩක් විවෘත වේ. ග්‍රාමීය ආර්ථික ඉඩ ප්‍රස්ථා වර්ධනය කිරීම සිදු කළ හැකි අටවන මැදිහත්වීම වන්නේ නව වෙළඳපොළ අවස්ථා නිර්මාණය කිරීමය. උදාහරණයක් ලෙස රෝහල්, පාසල් සහ රාජ්‍ය ආයතන වල දේශීය ආහාර ප්‍රචලිත කිරීම මගින් එම ආහාර වගා කරන්නට සහ සකස් කරන්නට වැඩි වෙළඳපල අවස්ථාවක් ලැබේ. එසේම පළාත් පාලන ආයතන මඟින් පොදු වෙළඳපොළවල් පිහිටුවීම මඟින් ගොවීන්ට සහ ස්වයං රැකියා ලාභීන්ට ගාස්තු ගෙවීමකින් තොරව හෝ සුළු ගාස්තුවක් අය කොට අවස්ථා ලබාදිය හැක.

ග්‍රාමීය ජනතාවගේ ආදායම් මට්ටම සහ පෝෂණ තත්වය වර්ධනය කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වන නවවන මැදිහත්වීම වන්නේ බෝග වගාව සමඟ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ජාතික කිරි ගව අභිජනන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ කිරි සඳහා ඉහළ මිලක් සහතික කිරීමය. ශ්‍රී ලංකාවේ ගොවීන්ගෙන් 75% කට අයත් වන්නේ හෙක්ටයාර් 1 කට ආසන්න ඉඩම් ප්‍රමාණයකි. ඒ නිසා බෝග වගාව මඟින් පමණක් ඔවුන්ගේ ආදායම් මට්ටම් වැඩි කළ නොහැක. ඉන්දියාව ලෝකයේ විශාලතම කිරි නිශ්පාදකයා බවට පත්වන්නේ බෝග වගාවේ නියුක්ත ගොවීන්ගෙන් 70% කිරි ගොවිතැනට යොමු කිරීම නිසාය. බෝග සමඟ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම මඟින් ගොවියාගේ ආදායම් මට්ටම් පමණක් නොව ග්‍රාමීය ආහාර සු රක්ෂිතතාවය සහ පෝෂණ මට්ටමද ඉහළ යයි. නමුත් ඒ සඳහා පිටරටින් හරක් ආනයනය කිරීමේ හරක් වැඩ වෙනුවට දේශීය කිරි ගවයෙකු අභිජනනය කිරීම සඳහා ජාතික පශු සම්පත් මණ්ඩලය මඟින් ජාතික වැඩ සටහනක් ආරම්භ කළ යුතුයි. එම ආයතනයට අදාල පනත මඟින් බලය පවරා ඇත්තේ එම ජාතික වගකීම ඉටු කිරීමට මිස වතුවල පොල්කඩාගෙන කමින් පාරේ යන මිනිසුන්ට කිරි තේ විකිණීමට නොවේ. ඊට අමතරව බදු සහන යටතේ පිට රට බාල කිරිපිටි ආනයනය කිරීමට ඉඩ දෙන රටක දේශීය කිරි ආර්ථිකය දියුණු කළ නොහැකි බවද පිළිගත යතුය. ඒ සියල්ල ඉටු කිරීම සඳහා ගමට ගොස් මහජනයාගේ අදහස් ලබා ගැනීමට අවශ්‍යද? ඒ සඳහා අවශ්‍ය වන්නේ කොළඹ සිට විවේක බුද්ධියෙන් කල්පනා කිරීම පමණි. නමුත් ආර්ථික ඝාතක නිලධාරීන් දෙතුන් දෙනෙකු විසින් රටේ ආර්ථිකය පාලනය කරන තත්වයක් තුල ඊට ඉඩක් තිබේද යන්න සැක සහිතය. එම තත්වය නිවරදි කිරීම දසවැනි මැදිහත්වීම ලෙස සැලකිය හැක.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

ගෝඨාභය වික්‍රමපාල – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ගෝඨාභය වික්‍රමපාල

සංස්කෘතික දෙබිඩ්ඩන් ගැන ලියන්න ඕන නමුත් මේ ආණ්ඩුව ගැන වචනයක් දෙකක් කියන්න තියෙනවා. මේ ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නෙ. කැලෑ කපනවා. පිළිකා කාරක පොල්තෙල් ගේනවා. ජාතිකත්ව වැඩ පිළිවෙළක් නැහැ. ජෙනීවාහි දී පරදිනවා. මියන්මා විදේශ ඇමතිත් සහභාගි කර ගනිමින් අද බිම්ස්ටෙක් කියල විදේශ ඇමති අතථ්‍ය රැස්වීමක් පවත්වනවා. ඒ මදිවට පාස්කු ප්‍රහාරයටත් මැදිහත් වෙලා. ඇත්තට ම ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නෙ.

ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන්නෙ 1.6 %ක කැලෑ ඉඩම් පමණක් කියා කියනවා. මේ ආණ්ඩුව මෙතරම් කැලෑ කපද්දි කවුරුන්වත් දැක්කෙ නැද්ද? වාහනවලින් වාතය දූෂණය කරනවා. කාබන් ඩයොක්සයිඩ් පිට කරවනවා. අපට හුස්ම ගන්න බැරි තත්වයකට පත් කරලා. රේගුව පිළිකා කාරක පොල්තෙල් ගැන හොයල බැලුවෙ නැද්ද? ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වෙලා තාම මාස දහසයයි. මේ ටිකට මෙතරම් විනාශයක් කරල නම් ඉතිරි මාස හතළිස් හතරෙ මොනව කරයි ද?

මා පරිසරවේදියෙක් නො වෙයි. බටහිර විද්‍යාවෙ නම් කියනව අපට ඔක්සිජන් ඕන කියල. බටහිර විද්‍යාව ම කියනව අපට අවශ්‍ය ඔක්සිජන්වලින් වැඩි ප්‍රමාණයක් නිපදවෙන්නෙ මුහුදෙ කියල. මා හරියට ම ප්‍රතිශත දන්නෙ නැහැ. කොහොමත් මා විද්‍යාඥයෙක් නොවෙයි. මානව විද්‍යාඥයෙක්වත් නොවෙයි. ඊයෙ පෙරේදා මානව විද්‍යාඥයෙක් කියල තිබුණ මේ සමාජයෙ විනයක් නැත්තෙ සාහිත්‍යයෙන් ඉවත්වීම නිසා කියල. ඔහු හා මා අතර සමානකමක් තියෙනවා. අප දෙදෙනාම විද්‍යාඥයන් එහෙමත් නැත්තන් ස්වාභාවික විද්‍යාඥයන් වීමට නොහැකි වූ අය. ඔහු මානවවි්‍යාඥයෙක්. මා කිසිම විද්‍යාඥයෙක් නොවෙයි. මා ටික දිනකින් ලංකාවට එනවා. ඒ එන්නෙ ධම්මික වෙද මහතාගෙ පැණිය බොන්නත් එක්කයි.

දැන් ගම්පහ මිනිසුන් හුස්ම ගන්නෙ කොහොම ද? කැලෑ ඉඩම් 1.6%කින් ඔක්සිජන් නිපදවන ප්‍රමාණය කොපමණ ද? ගම්පහට අනෙක් දිස්ත්‍රික්කවලින් හා මුහුදෙන් ඔක්සිජන් හම්බ වෙන්නෙ නැහැ. ගම්පහ වටේට ගෝඨාභය ද කොහෙ ද මහා විශාල තාප්පයක් බැඳලා. මාස දහසයට කරල තියෙන වැඩ. ගස් කපනවට අමතර ව තාප්පත් බැඳලා. මොනව වූණත් වැඩ කාරයෙක්.

මා නම් හිතන්නෙ නැහැ සමාජයෙ විනයක් නැත්තෙ සාහිත්‍යයෙන් ඉවත්වීම නිසා කියල. ඒ වුණත් මානවවිද්‍යාඥයකු කියන දෙයක් ලෙහෙසියෙන් ඉවත දාන්න බැහැ. අපේ මානවවිද්‍යාඥයා කියා නොතීබුණත් අහන්න වෙනවා ගෝඨාභය රාජපක්‍ෂ සාහිත්‍යය අයින් කෙළෙ මොකද කියල. ඉතිහාසය අයින් කිරීම ගැන කවුරුන්වත් මොකුත් කියල තිබුණෙ නැහැ. ඒක හින්ද ප්‍රශ්නයක් නැහැ.

ඉස්සර පොල් ගස් තිබුණ. පොල් ගස් කැපීමෙන ඔක්සිජන් නිෂ්පාදනය කෙතරම් අඩු වුණා ද කියල මා දන්නෙ නැහැ. ඒත් සංවර්ධනය සඳහා නෙ පොල් ගස් කපන්නෙත්. පොල් ගස් කැපිල්ලෙන් දේශීය පොල් තෙල් නිෂ්පාදනය කොයි තරම් අඩුවෙලා ද කියලත් මා දන්නෙ නැහැ. එච්චර ම වෙන්න බැහැ. දේශීය විනාකිරි එහෙම අඩු ද කියල දන්නෙත් නැහැ. අප කුඩා කළ විනාකිරි ගත්තෙ ළඟ ගෙදරකින්. දැන් විනාකිරි ගන්නෙ කඩෙන්. අවුරුද්දට අච්චාරුවක් වරදින්නෙ නැහැ. මා ළඟදියි දැන ගත්තෙ අච්චාරු කියන වචනෙ හැදුණෙ මලයාලම් බසින් කියල. ඒත් ඒ වන විට ගෝඨාභය පොල් ගස් කපල ඉවරයි. ඇතුළත්මුදලි කිවුව ආර්ථික න්‍යාය අනුව නම් අච්චාරු කේරළයෙන් ම ගේන එක ලාබයි කියලා.

ජෙනීවා පැරදුණ එක මොන තරම් අවනම්බුවක් ද? මංගල බයිලා කියනවා. ඔහු ජෙනීවාහි දීත් කිවුවෙ බයිලා. ඉංගිරිසිනගෙ බයිලා. අඩු ගාණෙ පෘතුගීසි බයිලවත් කිවුවෙ නැහැ. ඒත් ගෝඨාභය ජෙනීවාහි වැඩ වරද්ද ගෙන. අර පෙම්බ්‍රෝක් කිරිඇල්ල කියල තිබුණෙ මංගල නම් ජෙනීවා පැරදුණෙ නැහැ කියල. මංගලත් පෙම්බ්‍රෝක් ගියා ද දන්නෙ නැහැ. මට නිච්චියක් නැහැ මංගල ඉස්කෝලෙ යන කාලෙ පෙම්බ්‍රොක් තිබුණ ද කියල. කොහොමත් මංගල නැති මංගලට පෙම් කැඩෙන්නෙ නැහැ.

ගෝඨාභය ජෙනීවාහි මංගල බයිලා කිවුව නම්, අඩු තරමෙන් දිනේෂ් ලවුව කියෙවුව නම් ලංකාව පරදින්නෙ නැහැ. රණවිරුවො පරදිනව ද කියල අහන්න එපා. කොටි පරාද කරපු රණවිරුවන් පරාද කරන්නමයි තියෙන්නෙ. රේගුව ගෝඨාභය එන තෙක් හොඳට වැඩ කරලා. ඒ කාලෙ ගෙනැල්ල තියෙන්නෙ හොඳ ම හොඳ පොල්තෙල්. නියම විධියට නියැදි ලබාගෙන නිරීක්‍ෂණය කරලා. පිළිකා කාරක පොල්තෙල් බහාලුම් ආපහු යවල. ඒ දවස්වල එහෙම යවපූ එහෙම නැත්නම් ප්‍රතිඅපනයනය කළ පොල්තෙල් ගැන ජනමාධ්‍යයෙ කොච්චර කතාබහට ලක්වුණා ද? ගෝඨාභය මොකද මේ පිළිකා කාරක පොල්තෙල් ගෙන්නන්නෙ.

බිම්ස්ටෙක් කියන්නෙ කලාපීය සංවිධානයක්. ඒකෙ විදෙශ ඇමතිවරු අද මියන්මා විදෙස් ඇමතිත් සමගින් රැස්වෙන්න තිබුණෙ. ගෝඨාභය ඒ සියල්ල අවුල්කරලා. ඔහු දිනේෂ් ගුණවර්ධන ලවුව ලංකාවත් මියන්මා රටත් අතර පමණක් සාකච්ඡාවක් බවට ඒක පත් කරල. මියන්මාහි ලංකා තානාපතිට ඕව මොකුත් තේරෙන්නෙ නැති හින්ද හොඳයි. ඔහු අහන්නෙ දිනේෂ් ගුණවර්ධන ඇරපු ආරාධනා පත්‍රය ජනමාධ්‍යයට ගියේ කොහොම ද කියලා. ඒ ඒ තැන්වලින් ජනමාධ්‍යයට විවිධ ලිපි ලේඛන යැවෙන බව නම් පේන්න තියෙනවා.

මේ ඔක්කොටමත් වඩා ගෝඨාභය ජනාධිපති වෙන්නත් මාස ගාණකට කලින් පාස්කු ප්‍රහාරයක් එල්ල කරපු එකේ වගකීම භාරගෙන නැහැ. ඔහු ඒ දිනවල ම ජනාධිපති වෙන්නත් ඉස්සර කොමිසමකුත් පත් කරල ඒ ගැන විභාග කරන්න. ආරංචි තියෙන්නෙ සියල්ල යටගහන්න හදනවා කියලා. කාදිනල්තුමා ඒකට ඉඩ දෙන එකක් නැහැ. එතුමා කොටි ත්‍රස්තවාදය පිළිබඳ පරීක්‍ෂණ යට ගහන්න දුන්නෙත් නැහැ.