ලොකුම පව මිත්‍යාදෘෂ්ටියයි

🔸 බුදු බනේ හැටියට අන්‍යාගමික යනු,මිත්‍යාදුෂ්ටිකයින්ය.

🔸පවු වලින් ලොකු ම පව ආනන්තරී පාපකර්මය කියලා බොහෝ බෞද්ධයින් හිතුවට බුදු බනේ හැටියට පවු වලින් ලොකු ම පව මිත්‍යාදුෂ්ටිකත්වය ය . බනේ හැටියට ලෝක විනාශයකදී සියලු ම සත්වයෝ සුගතිගාවී වුවත් මිත්‍යාදුෂ්ටිකයින් අවීචියේ ඉපදෙන බව සදහන්ය.

🔸 දස අකුසල් වල දසවැනි අකුලය ත් මිත්‍යා දෘෂ්ටික වීම ගැනයි. නමුත් එය 10 වැනි අකුසලයට දැමීමා වුවද ,බුදු දහමේ හරය අනුව එය ‘ප්‍රධාන ම ධර්මතාවයයි. මිත්‍යාදුෂ්ටිකත්වය එතරම්ම පවකි.
🔸මිත්‍යාදුෂ්ටිකයින් සමග සහයෝගයෙන්න් විසීමද මිත්‍යාදුෂ්ටිකයින්ට අනුග්‍රහය දැක්වීම ද මිත්‍යාදුෂ්ටිකයින් වීම හා සමානයි.

🔸බුදු බණට අනුව මිත්‍යාදුෂ්ටිකයින් සමග එකගේ කෑමෙන් අවීචි නරකයේන් මෙහා කිසිවකුට ගැලවුමක් නැත.

  • සාමන්ත ඒකනායක මහතා

නන්දාට ඇඬිලා – මහඇදුරු නලින් ද සිල්වා මහතා

නන්දාට ඇඬිලා

උගතකු බුද්ධිමතකු වියතකු නොවන මා කිසිසේත් ම ප්‍රබුද්ධයකු වන්නට බැහැ. සිංහල සමාජයේ ප්‍රබුද්ධයන්ගේ පොදු පෙළ ගැස්මක් තියෙනවා නම් මා එහි අවසන් කොටසේත් ඉතා පහළින් ඉන්නව කියා මා හිතන්නෙ. මිනිසුන් මා කෙරෙහි දක්වන ප්‍රතිචාර අනුවයි මා එහෙම කියන්නෙ. බොහෝ දෙනකු සිතන්නේ මා කියන දේ නොකරන බොරු කාරයකු කියායි. ඊනියා ජාතික චින්තනයක් ගැන කතා කරමින් ජපන් මෝටර් කාරයක ගමන් කරමින් පුතුන් රාජකීය විදහලට යැවූ කුහකයකු ලෙස. දරුවන්ට පිටරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයක් ලබා දුන් වංචනිකයකු ලෙස. ඒ විශ්වවිද්‍යාල ගැන මා දන්නේත් නැහැ.

මා කාගේවත් වීරයකු නො වෙයි. මට කාගේවත් වීරයකු වීමට අවශ්‍යතාවකුත් නැහැ. මා මළ පසු මගේ සොහොන් කොතේ දුක් ගී ලියනු තබා සොහොන් කොතක් ඉදි කිරීමවත් මා බලාපොරොත්තු වන්නේ නැහැ. බැරි වෙලාවත් සොහොන් කොතක් කවුරුන් හරි ඉදි කිරීමට යෝජනා කළොත් අනෙක් අය එයට විරුද්ධ වේවි කියා මා බලාපොරොත්තු වෙනවා. මා මළ පසු දරුවන් හැරෙන්න අනෙක් අයට කරන්න තියෙන්නේ මා අමතක කිරීම පමණයි. ඒත් මගේ විරුද්ධවාදීන් එසේ කරණ එකක් නැහැ.

නන්දාට ඇඬිලා. පියල්ගෙ නන්දාට නොව සුනිල්ගෙ නන්දාට. මා මෙන් නොව නන්දා මාලිනී හා සුනිල් ආරියරත්න අති ප්‍රබුද්ධයන්. මා රෝහණ වීරසිංහත් ඒ ගොඩට දාන්න කැමති නැහැ. ඔහුට යම් කිසි අව්‍යාජ දේශපාලනයක් තියෙනවා. ඒත් ඔහු ගැනත් කතා කරන්න වෙලා. ඔවුන් එකතු වී පාස්කු ගීතයක් නිර්මාණය කරල ගායනය කරල. නන්දා මාලිනියට කටුවාපිටියෙ දි ඇඬිලා. කටුවාපිටියෙ ඝාතන ගැන මටත් කණගාටුයි. මට හැකි ප්‍රමාණයට මා එය තේරුම් ගැනීමට උත්සාහ කරනවා. පහුගිය අවුරුදු දෙකේ මා ඒ සම්බන්ධ ලිපි කිහිපයක් ලියා තියෙනවා. සුපුරුදු පරිදි ප්‍රබුද්ධයන් ඒ ලිපි සතපහකට ගණන් ගන්නේ නැහැ.

කාදිනල්තුමා යම් දේශපාලනයක යෙදෙනවා. කාදිනල්තුමන්ලා පාප් වහන්සේලා දේශපාලනය කරන්න වෙලා හුඟක් කල්. ඒ සියවස් ගණනක්. පහළොස්වැනි සියවසටත් එහා. ඒ සියවසේ තමයි පාප් වහන්සේ පෘතුගීසීන්ටයි ස්පාඤ්ඤ ජාතිකයන්ටයි ලෝකය බෙදල දුන්නෙ. ඒ අනුව තමයි පෘතුගීසීන් හා කතෝලික ආගම ලංකාවට ආවෙ. මෙරට එවකට හිටි සිංහලයන්, සිංහල බෞද්ධයන්, කතෝලික ආගමට පහර දුන්නෙ නැහැ. සමහරු කතෝලික වුණා. ඒ අය තලන්න පෙළන්න කිසිවකු ගියේ නැහැ. එයට ටික කලකට පෙර දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි දෙමළ කතා කරන මුස්ලිමුන්ට බෞද්ධයන්ගෙන් තාඩන පීඩන එල්ල වුණෙත් නැහැ. එහෙත් කතෝලික පෘතුගීසීන් මුස්ලිමුන්ට හිරිහැර කළා. සිංහල බෞද්ධ රජවරු මුස්ලිමුන් කතෝලිකයන්ගෙන් ගලව ගෙන ගිහින් රුහුණේ, වත්මන් නැගෙනහිර පළාතේ, පදිංචි කෙරුවා. මුස්ලිම් නායකයන් දැන් එයට කෘතගුණ දක්වනවා. ඔවුන් මුස්ලිම් සංස්කෘතික ආධිපත්‍යයක් වෙනුවෙන් වැඩ කරනවා. පසු කලෙක ලන්දේසීන් කතෝලිකයන්ට කරදර කරන විට සිංහල රජවරුන් කතෝලිකයන් රට මැද පදංචි කෙරුවා.

ලන්දේසීන් හා ඉංගිරිසින් ඇති කර ඉංගිරිසින් පෝෂණය කර රැක බලාගත් දෙමළ ජාතිවාදීන් සිංහල බෞද්ධත්වයට එරෙහි වන විට මුස්ලිමුන් ද කතෝලිකයන් ද දෙමළ ජාතිවාදයට ආධාර කළා. කතෝලික පූජකතුමන්ලා දෙමළ ජාතිවාදීන් සමග එක පෙළට හිටියා. හකීම්ලා බද්‍යුද්දීන්ලා අදත් සිංහල බෞද්ධත්වයට විරුද්ධයි. අප මේ කරුණු කියන විට ප්‍රබුද්ධයන් අපට ජාතිවාදීන් කියනවා.

අප දළදා මාළිගාවට පහර දුන් අවස්ථාවේ දී කණගාටු වුණා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළ මිනී මරණ විට අප කණගාටු වුණා. අරන්තලාවේ භික්‍ෂුන් වහන්සේ ඝාතනය කරන විට අප කණගාටු වුණා. ඒත් අප ඇඬුවේ නැහැ. නන්දා මාලිනිය ඇඬුවා ද දන්නේ නැහැ. ඒ වෙනුවෙන් අර තුන් කට්ටුව ගී නිර්මාණය කළා ද කියන්න දන්නෙත් නැහැ.

නන්දා මාලිනිය අඬන්න ඇති. ගයන්න ඇති. ඒත් මෙරට ජනමාධ්‍ය ඒ එකකටවත් ප්‍රසිද්ධිය නොදෙන්න ඇති. මෙරට ජනමාධ්‍ය ගැන මගේ විශ්වාසයක් නැහැ. ඔවුන් සාධනීය දේට ප්‍රචාරය දෙන්නේ නැහැ. ඔවුන් ප්‍රසිද්ධිය දෙන්නේ නන්දා මාලිනිය මේ සිංහල අපගෙ රටයි කියන ගීය ගැයීම ප්‍රතික්‍ෂෙප කිරීම වැනි දේට. මෙරට ජීවත් වූ අතිප්‍රබුද්ධයකු වූ සුචරිත ගම්ලත් මේ සිංහල අපගෙ රටයි කියන එකට විරුද්ධ වුණා. මා හිතන්නේ ප්‍රබුද්ධ ගායිකා නන්දා මාලිනිය ගම්ලත් කී දේ සමග එකඟ වුණා කියලයි. මා වැරදි වෙන්න පුළුවන්. ශ්‍රී මහා බෝධීන් වහන්සේ යට ඉඳගෙන අරක්කු බොන්න යෝජනා කළ ඩබ්ලිව් ජයසිරිත් ප්‍රබුද්ධ නළුවෙක්.

නන්දා මාලිනිය හා රෝහණ වීරසිංහයන් දක්‍ෂ ලෙස තනු නිර්මාණය කරනවා. මා පහුගිය දා වජිර ජයවර්ධනගේ කවි දහයක් ගී දහයක් වැඩ සටහන නැරඹුවා. මට ඔහු දින දෙක තුනක් හමු වී තියෙනවා. ඔහුට යම් ජාතිකත්වයක් තියෙනවා. ඔහු සුනිල් ආර් ගමගේ සමග කවි හා ගී ගැන සාකච්ඡාවක යෙදුණා. මා සුනිල් ආර් ගමගේ දන්නේ නැහැ. එහෙත් එදින මා ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. අර තුන් කට්ටුව ගී නිර්මාණය කරන්නේ සිංහලයන් වෙනුවෙන්. මා හිතන්නේ නැහැ ඇමරිකන් තානාපතිනිය තබා සම්බන්ධන්වත් ඔවුන්ගේ සංයුක්ත තැටි මිල දී ගන්නවා කියා. ඒ තැටි මිල දී ගන්නේ රස විඳින්නේ සිංහලයන්. සිංහලයන් ඒ රස විඳින්නේ ඇයි? ගමගේ එක්තරා ආකාරයකින් එයට පිළිතුරක් දුන්නා. ඔහු පෙන්වා දුන්නා මේ නාද රටා කුවේණි අස්නෙ වගේ ප්‍රබන්ධවල තියෙනවා කියලා. ඒ නාද රටා අපේ සංස්කෘතියේ තියෙනවා. ඕන නම් ඇඟේ තියෙනවා කියන්න පුළුවන්. මේ සිංහල අපගෙ රට නූණා නම් නන්දා මාලිනියවත් ගම්ලත්වත් නැහැ. ඔවුන් ඊනියා ජාත්‍යන්තරයට එකතු කළ දුනුම කුමක් ද? ගම්ලත් සංස්කෘත දැනුමට එකතු කළ යමක් වේ ද?

මට නම් සැලලිහිනියෙ එක කවියක්වත් කට පාඩම් නැහැ. මා කුවේණි අස්නෙ නාද රටා දන්නේ නැහැ. මා දන්නා ඉටිගෙඩියක් නැහැ. මා කිසිසේත් ම ප්‍රබුද්ධයෙක් නො වෙයි. ඒ නිසා ද කොහෙ ද මා ධම්මික පැනිය විශ්වාස කරනවා. නාථ දෙවියන් ගැන විශ්වාස කරනවා. ඒත් කළු කුහර ගැන තියෙන බටහිර දැනුම සමග එකඟ වෙන්නේ නැහැ. මට පංච මහා භූතයන්ගේ ආකාශ ධාතුව ගැන කියන්න කතාවක් නම් තියෙනවා. බටහිරයන් නම් මගේ භූත කතා විශ්වාස කරන එකක් නැහැ. ඒත් කාට හරි අවශ්‍ය නම් නම් පර්යේෂණ ගේට්ටුවට (Research Gate) ගොස් දැන ගන්න. එහි කළු කුහරවල ව්‍යුහය (The structure of black holes) යනුවෙන් ලිපියක් ඇති.

පාස්කුව හා ඩීල් අවුල් – මහඇදුරු නලින් ද සිල්වා මහතා

පාස්කුව හා ඩීල් අවුල්

මෙරට සිංහල බෞද්ධයන්ගෙ කොන්ද මුළුමනින් ම වගේ කඩල හුඟක් කල්. ඒක බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් කෙරුණක්. ඉන් පසුව දේශපාලනඥයන් විශේෂයෙන් ම අසුහතේ ජූලියේ ජේ ආර් ඉතුරු ටිකත් කඩා දැම්මා. අසූහතේ ජූලි කලබල සිද්ධ වුණේ කොහොමද කියල තවම හොයල බලල නැහැ. අසූහතේ ජූලියට කළු ජූලිය කියන ක්‍රිස්තියානි සංකල්පය පටබැඳලා සිංහල බෞද්ධයන් නැත්තට ම නැති කරල දැම්මා. අප ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තෙ ඒ කාලයෙ. අප සිංහල බෞද්ධත්වය වෙනුවෙන් දිගින් දිගට ම පෙනී හිටියා. එහි විශාල විභවයක් තිබුණා, තියෙනවා. චම්පක වැනි අය ඒක දැකලා සිංහල ජාතිය කියන එක මළ කඳක් ඒත් ඒක බලයට ඒමට යොදා ගත හැකි ය කියන ආකල්පයෙන් කටයුතු කළා. එස් එල් ගුණසේකර වැන්නන් පවා ඔහු විශ්වාස කළා. එහෙත් අවසානය් දී චම්පක හා රතන හිමි එස් එල්ට හිමි වෙලා තිබුණ මන්ත්‍රී ධුරයවත් නොදීමට කටයුතු කළා. චම්පක වටා ඉන්න නායකයන්, ඉංගිරිසියෙන් ලියන පඬියන් ආදීන් බොහෝ දෙනා සිංහල ජාතිය ගැන විශ්වාසයක් නැති එහෙත් බලයට ඒමට සිංහලත්වය යොදා ගන්න පුළුවන් කියල හිතන අය.

කොන්ද කඩා දැමූ සිංහල බෞද්ධයන් දළදා මාළිගාවට පහර දුන් අවස්ථාවෙ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළ මිනී මැරූ විට, අරන්තලා ඝාතනය හමුවෙ නිහඬ ව හිටියා. එදා කතෝලික පල්ලිය හිටියෙ දෙමළ ජාතිවාදීන් සමග. ඒ සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව. ඇතැම් සිංහල කතෝලිකයන් දෙමළ ජාතිවාදයට විරුද්ධ වුණා. එහෙත් නිල වශයෙන් කතෝලික පල්ලිය දෙමළ ජාතිවාදීන් හා ඔවුන්ගේ ම කොටසක් වූ දෙමළ ත්‍රස්තවාදීන් ආරක්‍ෂා කළා. කොටින්ට යම් යම් භාණ්ඩ සැපයූ කතෝලික පූජකවරුන් හිටියා. ඔවුන්ට විරුද්ධ ව කිසිම ක්‍රියා මාර්ගයක් ගැණුනෙ නැහැ. මැල්කම් රංජිත් පූජකතුමාත් දෙමළ කොටි ත්‍රස්තවාදීන් හමු වුණා.

අපට ඒ කිසිවක් අමතක නැහැ. එහෙත් අප ඔවුනට මෛත්‍රී කරනවා. පාස්කු ප්‍රහාරයේ දී සිංහල බෞද්ධයන් කාදිනල්තුමා සමග ප්‍රහාරයට විරුද්ධ වෙනවා. ප්‍රහාරකයන්ට දඬුවම් දිය යුතු ය කියනවා. ඒ ප්‍රහාරය ගැන මට හිතෙන හැටි අවුරුදු දෙකක් තිස්සේ වරින් වර කියා තියෙනවා. ඊයේත් කිවුවා. තව කියන්න තියෙනවා. අපට පැහැදිලි නැති තැනක් තියෙනවා. ඒ ඉන්දියාවේ භූමිකාව. ඉන්දියාවත් ප්‍රහාරය පසුපස හිටියා ද? සාරා වැන්නියන් කෙළේ ඔත්තු බැලීම පමණ ද? සාරා දෙමළ කාන්තාවක්. ඇය මුස්ලිම් අයකු සමග විවාහ වී සිටියා. නිල වශයෙන් ඇයත් මුස්ලිම්. ඇයත් සූදානම් ව සිටියේ ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කර ස්වර්ගයට යන්න. බෞද්ධයනට නම් ආගම වෙනුවෙන් වැඩ කර නිවන සම්මාබෝ්ධ කරන්න බැහැ.

ඉන්දියාව ඊයේත් කියා තිබුණා ත්‍රස්තවාදය මැඩීමට ලංකාවට සහාය දෙන බව. ඒසේ කියන්නේ රජිව් ගාන්ධි ඝාතනය කරන තෙක් කොටි ත්‍රස්තවාදීන්ට උදවු කළ දැනුත් දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින ඉන්දියාවයි. පාස්කු ප්‍රහාරයට ඉන්දියාවත් සම්බන්ධ ද? ඉන්දියාව සාරාට අමතර ව තවත් අය යොදා ගෙන තියෙනවා. ඒ අය හුදු මත්තුකරුවන් පමණ ද? කොළඹ හෝටල් කිහිපයක බෝම්බ පිපිරෙද්දී ටාජ් සමුද්‍රා මග හැරුණේ කෙසේ ද කියා මා අහන්නේ නැහැ. එහෙත් චීන සම්බන්ධයක් ඇති ෂැන්ග්‍රිලා නම් බෝම්බ ප්‍රහාරයට හසු වුණා. ඉන්දියාව පාස්කු ප්‍රහාරය ගැන මෙරට බුද්ධි අංශවලට තොරතුරු සපයා තියෙනවා. ඒ තොරතුරු ගැන අධ්‍යයනයක් කර තියෙනවා ද? ඒ කොතෙක් නිවැරදි ද? පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණයක දී ඉන්දියාවේ භූමිකාවත් සොයා බලන්න ඕන. ඉන්දියාවටත් නව චීන සේද මාවතට බාධා පැමිණවීමට අවශ්‍ය ද? එංගලන්තය මෙන් ම ඉන්දියාවත් අපේ මිතුරු රටවල් නො වෙයි.

කාදිනල්තුමා ඊයේට නියමිත ව තිබූ කළු විරෝධය අත් හරිද්දී විපක්‍ෂය කළු පොරවා ගත්තා. පාස්කු ප්‍රහාරය ඇති වී මාස හයකට වඩා බලයේ සිටියේ ජඩපාලන ආණ්ඩුවයි. රනිල්වත් මෛත්‍රිපාලවත් පාස්කු ප්‍රහාරයට හවුල් කියා අප කියන්නේ නැහැ. එහෙත් ඔවුන්ගේ අඬදබර නොසැලකිල්ල ප්‍රහාරයට හේතුවක් වුණා. එමෙන් ම ඔවුන්ට මුස්ලිම් දේශපාලනඥයන් ආරක්‍ෂා කිරීමට ද සිදු වුණා. බද්‍යුද්දීන් හකීම් හිස්බුල්ලා ආදීන් හා ප්‍රහාරකයන් අතර වූ සම්බන්ධය වහන්නට ගත් උත්සාහයක් පේන්න තියෙනවා. මේ සියල්ල ජඩ ඩීල් දේශපාලනයේ ප්‍රතිඵල.

අද විපක්‍ෂය ක්‍රියා කරන්නේ ඒ සියල්ල අමතක කරමින් ඔවුන් සුදනන්ගේ චරිත නිරූපණය කරමින්. ඔවුන් දක්‍ෂ නළුවන්. ජනාධිපතිවරණයේදීත් පසුගිය මහා මැතිවරණයේදීත් ජනතාව, සිංහල බෞද්ධ මෙන් ම සිංහල කතෝලික ජනතාවත් ඡන්දය දුන්නේ ඒ සැලකිල්ලට ගනිමින්. අපේ ගණනය කිරීම්වල දී අප මේ සියල්ල සලකා බැලුවා. ගෝඨාභය රාජපක්‍ෂට සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපති වීමට හැකි යැයි අප පැවසුවේ සිහිනෙන් අවදී වීමෙන් නො වෙයි. එහෙත් මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් නොලැබෙන බව අප දැන සිටියා. ඒ නිසා බියක් තිබුණා. ඒ තුනෙන් දෙකක බලය කිට්ටුවට පැමිණ මුස්ලිම් පක්‍ෂ සමග සුපුරුදු ඩීල් දේශපාලනයට එළඹේය කියා.

අපේ සැකය සනාථ කරමින් විසිවැනි සංශෝධනය සම්මත කර ගත්තේ මුස්ලිම් ඡන්ද මෙන් ම විජයදාස රාජපක්‍ෂ ජාතික නිදහස් පෙරමුණ පිවිතුරු හෙළ උරුමය ඡන්ද ද යොදා ගනිමින්. එහී ඩීල් දේශපාලනයක් තිබුණා. පාස්කු ප්‍රහාරය ජඩපලන ආණ්ඩු කාලයේ සිදු වූවක් වුවත් මේ ආණ්ඩුටත් යම් දෝෂාරෝපණයක් එල්ල වන්නේත් විපක්‍ෂයට කළු විරෝධ පෑමට හැකි වී තිබෙන්නේත් මේ ඩීල් දේශපාලනය නිසා. අද මේ ආණ්ඩුව විස්සට හිලවු ලෙස බද්‍යුද්දීන් හමීඩ් හිස්බුල්ලා වැන්නවුන් රකින බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

විස්ස විසිඑක්වැනි සියවසේ කළ ලොකු වැරැද්දක්. මගේ නම් නව ව්‍යවස්ථාවක් ගැන බලපොරොත්තුවක් නැහැ. ඩීල් මගින් එය සම්මත කළහොත් සම්මත වන්නේ මුස්ලිම් ව්‍යවස්ථාවක්. මා දිගට ම කියා හිටියේ මේ පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවයි. නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම තබා පස්වනි වගන්තියවත් සංශෝධනය කර ගැනීමට බැරි තත්වයක් ඇති වී තිබෙනවා. මගේ නම් මතය එය සංශෝධනය නොකර වරාය නගරය ලංකාවට ඇතුල් කරන්න බැරි බව. වරාය නගරය 2019 දී කොළඹ දිස්ත්‍රික්කයට ඇතුල් කරල කියන එක නීතියට එකඟ නැහැ.

ඩීල් දේභපාලනයෙන් ඇති වන්නේ අවුලක්. අනුන්ගේ පවුවලට කර ගහන්න සිදු වෙනවා. අද එය සිදු වී තිබෙනවා. ඒත් ඒ වැරදි හදා ගන්න පුළුවන්. විස්ස සම්මත කර ගත්තත් බද්‍යුද්දීන්ලා හමීඩ්ලා හිස්බුල්ලාලා ගැන පමණක් නොව සෞදි අරාබිය එංගලන්තය හා ඉන්දියාව වැනි රටවල් ගැනත් හොයා බලමු. ඒ අතර චීනයට යට නො වෙමු.

පාස්කු ප්‍රහාරය පිටුපස – මහඇදුරු නලින් ද සිල්වා මහතා

පාස්කු ප්‍රහාරය පිටුපස

අද අප්‍රේල් විසි එක්වැනි දා. එය අපට අමතක වීමට කාදිනල්තුමා ඉඩ දෙන්නේ නැහැ. එය ප්‍රශ්නයක් නො වෙයි. කාදිනල්තුමාට එදා මිය ගිය කතෝලික ජනතාව ගැන ප්‍රශ්නයක් නැත්නම් තමයි ප්‍රශ්නය. අවුරුදු දෙකකට ඉහත අප්‍රේල් විසි එක පාස්කු ඉරිදා බවත් අප දන්නවා. ඒත් මට ප්‍රශ්න රාශියක් තියෙනවා. දළදා මාළිගාවට පහර දුන් දවස මතක කාට ද? ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල මිනී මැරූ දිනය මතක කාට ද? ඒ බෞද්ධ සිද්ධස්ථාන නිසා මතක තියා ගැනීම අනෙක් ආගමිකයන්ට කරන අසාධාරණයක් ලෙස අර්ථකථනය කළ හැකි යැයි කියමු.

මා කාදිනල්තුමාගෙන් අහන්නෙ නැහැ ඒ දින කවදා ද කියල. මහානායක අනුනායක හිමිවරුන්ට ඒ දින මතක ද? ඒ දින මතක තබා ගැනීම මියන්මාහි ලංකා තානාපතිකම දැරීමට සුදුසුකමක් ද කියාත් මා අහන්නෙ නැහැ. මහානායක හිමිපාණන් වහන්සේට අනුව ඒ සඳහා මට වඩා සුදුසු බෞද්ධයන් ඉන්නවා. මගේ ශ්‍රද්ධාව ගැන උන්වහන්සේට ප්‍රශ්න තියෙනවා. ඔය ආගමික කතා පැත්තකින් තබමු. මහා බැංකුවට පහර දුන් දිනය කී දෙනකුට මතක ද? කාදිනල්තුමා නැත්නම් අප්‍රේල් විසිඑකත් අපට අමතක වෙලා. ඒත් කාදිනල්තුමා අනෙක් දිනත් මතක තබා ගත්තා නම් හොඳය කියා හිතෙනවා.

කාදිනල්තුමා අහන ප්‍රශ්නය තමයි ඔය පාස්කු ප්‍රහාරය පිටුපස හිටිය බලවේග මොනවා ද කියා. ඇතැමුන්ගේ බසින් නම් මහාමොළකරු කවුද කියා. ඒ ප්‍රශ්නත් හොඳයි. කොටි ප්‍රහාර පිටුපස හිටියෙ කවු ද? ජාත්‍යන්තර බලවේග තිබුණ ද තියෙනවා ද? පළාත් සභා පිටුපස ඉන්නෙ කවුද? ඒකට සුමන්තිරන් පිළිතුරක් දීල තිබුණා. ඔහු කියා තිබුණෙ තමන් ඉන්දියාවෙ පිහිට ලබාගෙන පළාත් සභා රැක ගන්නවා කියා. කාදිනල්තුමාගෙ කතෝලික පල්ලියෙ පූජකවරුනුත් කොටි සමග කටයුතු කළා, නොයෙක් උපකරණ කොටින්ට ගිහින් දුන් කතෝලික පූජකවරුනුත් හිටියා. කාදිනල්තුමා හරි කතෝලික සභාව හරි ඔවුන්ට විරුද්ධ ව කිසියම් පියවරක් ගත්ත ද?

එකල ජෙහාන් පෙරේරා වැනි ක්‍රිස්තියානි සභාවල ප්‍රධානීන් අපට මතක් කර හිටියේ සාමයේ වැදගත්කම. යුද්ධයෙන් ජීවිත හානි වීම ගැන. දෙමළ කතෝලික ස්ටැන්ලි තම්බයියා බුද්ධාගම පාවා දීම යනුවෙන් පොතක් පළ කළා. ඔහු කියා සිටියේ බෞද්ධයනට යුද්ධය අකැප කියායි. ප්‍රභාකරන් පරාජය කිරීමට නොහැකි යැයි කී යුද විශේෂඥයන් ද සිටියා. තම්බයියා ජීවතුන් අතර නැති වුවත් තවමත් ජෙහාන් පෙරේරාලා ඉන්නවා.

මා මේ කරුණු කියන්නේ තුවාල පෑරීමට නො වෙයි. අප මුල සිට ම මේ දේශපාලන ධාරාවල පසුබිම කියා දුන්නා. කොටි ඇති කෙළෙත් තවමත් පවත්වාගෙන යන්නේත් ඉංගිරිසින්. ඒ සිංහල බෞද්ධ විරෝධි ධාරා ලෙස. විවිධ ක්‍රිස්තියානි සභාවල සහාය කොටින්ට ලබා දුන්නා. අදත් ලබා දෙනවා. ඒ මදිවාට ඉන්දියාවත් දෙමළ ජාතිවාදයට සහාය දෙනවා. සුමන්තිරන් කියන්නෙ දෙමළ මෙතෝදිස්ත බැතිමතෙක්. චෙල්වනායගම් දෙමළ ක්‍රිස්තියානි. ඔහු අයත් වූයේ මදුරාසි සභාවට. රාමනාදන්ලා අරුණාෂලම්ලා ක්‍රිස්තියානි සම්භවයක් ඇති අය. ඉංගිරිසින් මෙරට දෙමළ ජාතිවාදය පටන් ගත්තෙ දහනවවැනි සියවස මුල.

මේ සියල්ල අප හොඳින් අධ්‍යයනය කර තිබූ බැවින් අපට හා අපේ රණවිරුවන්ට කොටි පරාජය කිරීමට හැකි වුණා. ඒ පරාජය දරාගන්න බැරි එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් අදත් ඊනියා මානව අයිතිවාසිකම් උල්ලංඝන ගැන කියවනවා. එංගලන්තය එසේ කරන්නේ ඇතැම් ලිය කියවිලි හංගමින්. මෙරට ඉන්න බටහිර උගතුන්ට තවමත් එංගලන්තයට විරුද්ධ ව යමක් කියන්න හිත හදාගන්න බැහැ. ඔවුන් හිතන්නෙ දෙමළ ජාතිවාදීන් එංගලන්තය මුළා කරනවා කියා. එහෙත් සිදුවන්නේ එහි අනෙක් පැත්ත. එංගලන්තය තමයි දෙමළ ජාතිවාදය හා විසුරුණු දෙමළ ජනයා නඩත්තු කරන්නෙ.

එමෙන් ම මෙරට සිටින සමහර ප්‍රාචීන උගතුන්ට ඉන්දියාවට විරුද්ධ වන්න හිත හදාගන්න බැහැ. පෙරදිග සංගීතය හැදෑරු සමහරුන්ටත් එසේමයි. මේ අතරට අපට චීන ගැත්තන් පිරිසක් ද අවශ්‍ය වන්නේ නැහැ. වරාය නගරයට හැකි තාක් චීන නොවන ආයෝජකයන් ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. එහෙත් ඒ සියල්ලට පළමුව වරාය නගරය ලංකා භූමියට ඇතුල් කර ගැනීමට ව්‍යවස්ථාවේ පස්වැනි වගන්තිය සංශෝධනය කරන්න ඕන. පස්වැනි වගන්තිය හා ඒ අනුව පනවන ලද පනත්වලට අනුව කළ හැක්කේ තිබෙන දිස්ත්‍රික්ක විසිපහ වෙනස් ආකාරවලට දිස්ත්‍රික්ක බවට පත් කිරීම පමණයි. වෙනත් ම භූමියක් එකතු කරන්න නම් පස්වැනි වගන්තිය සංශෝධනය කරන්න ඕන. 2019 දි වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළත් කර ගත්තේ ය කියන එක නීතියට එකඟ නැහැ. ව්‍යවස්ථාවේ පස්වැනි වගන්තිය නිවාඩු පාඩුවේ කියවා බලන්න.

වරාය නගරයට ජාතිකවාදීන් විරුද්ධ නැහැ. අසූගණන්වල කොළඹ විශ්වවිද්‍යාලයේ හිටි සුවාදීනයන් හා ජ වි පෙ ම්ලෙච්ඡවාදීන් සිතා සිටියේ ජාතික චින්තනය යනූ බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යැම කියා. ඔවුන් ජාතිකවාදීන් වරාය නගරයට විරුද්ධ යැයි සිතන්නේ එසේත් නැත්නම් විරුද්ධ වියයුතු යැයි සිතන්නේ ඒ අනුවයි. අද ඇත්තේ 2024 ජනාධිපති අපේක්‍ෂක තෝරා ගැනීමේ සටනක්. වරාය නගරයත් ඒ සඳහා යොදා ගැනෙනවා. විජයදාස රාජපක්‍ෂ පමණක් නොව චම්පක රණවකත් ඒ සටනේ ඉන්නචා. ඕමල්පේ සෝභිත හාමුදුරුවන් වරාය නගරයේ බුද්ධාගම රැකෙන්නෙ නැහැ කියන්නෙ ඇඹිලිපිටියෙ රැක ගෙන නො වෙයි.

පාස්කු ප්‍රහාරය ගැන අප ඒ දිනවල ම කිවුවා. මෙයටත් චීන සේද මාර්ගය සම්බන්ධයි. චීන ආර්ථිකයට විරුද්ධ ව තමයි පාස්කු ප්‍රහාරය එල්ල වුණෙ. ඒ දිනවලට ටිකක් කලින් චීන සේද මාර්ගයේ පිහිටි පිලිපීනයටත් ප්‍රහාරයක් එල්ල වුණා. පිලිපීනය කතෝලික රටක්. අවුරුදු දෙකකට පෙර ලංකාවට ප්‍රහාරය එල්ල වුණෙත් සේද මාර්ගයේ පිහිටි රටක් වන නිසාත් එකල ඊනියා යහපාලන ආණ්ඩුව යටතේ රාජ්‍ය ආරක්‍ෂාව ඉතා පහත් අඩියක තිබුණ නිසාත්. ප්‍රහාරකයන්ගේ ඉලක්කය වුණෙ කතෝලික හා සාම්ප්‍රදායික පල්ලි.

මේ ප්‍රහාර පිටුපස බෝන් අගේන් පල්ලියත් ඉන්නවා. බෝන් අගේන් කියන්නෙ විසිඑක්වැනි සියවසේ ක්‍රිස්තියානි පල්ලිය. එය ඇති වෙලා ටිකක් කල්. එහෙත් ඒ පල්ලිය දැන් එක්සත් ජනපදයේ බලවත්. අද වන විට වහාබ්වාදයත් මෙහෙයවෙන්නෙ බටහිරින්. බටහිර අලුත් පල්ලියට පුළුවන් සාම්ප්‍රදායික කතෝලික හා ක්‍රිස්තියානි සභාවලට විරුද්ධ ව වහාබ්වාදීන් මෙහෙයවන්න. පාස්කු ප්‍රහාරය මේ ජාත්‍යන්තර බලවේගවල එකතුවකින් ද කෙරුණක්.

ලංකාවෙ වහාබ්වාදය දැන් කලකට සිට ක්‍රියාත්මකයි. සහාරාන් එහි නායකයකු මිස නායකයා නො වෙයි. මේ වහාබ්වාදීන් සමහර දේශපාලන පක්‍ෂවල ඉන්නවා. ඒ නැතත් සමහර මුස්ලිම් දේශපාලනඥයන් වහාබ්වාදීන් ආරක්‍ෂා කරනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව. මෙරට ඇත්තේ මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයක්. එය පාර තොටේ තැන තැන ඉදිකෙරෙන මුස්ලිම් පල්ලි මගින් මෙන් ම ඇඳුම් පැළඳුම් මගින් ද ප්‍රදර්ශනය කෙරෙනවා. ඇතැම් ප්‍රදේශ රටඉඳි වැවීමෙන් අරාබි බසින් පාරවල් නම් කිරීමෙන් ආදියෙන් අරාබිකරණයකට ලක් කෙරෙනවා. මද්‍රාසා පාසල් යනු දහම් පාසල් පමණක් නො වෙයි. ඒ මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය පතුරවන ආයතන. එහි දී අවි ආයුධත් යොදා ගැනෙන බවට තොරතුරු පැතිර යනවා. අර ඒ දවස්වල මුස්ලිම් පල්ලිවල තණකොළ කපන්න ගෙනාපු කඩුවලට මොකද වුණේ?

වහාබ්වාදය බටහිරින් මෙහෙයවන බවක් මෙරට වහාබ්වාදීන් දන්නේ නැහැ. මුස්ලිම් දේශපාලනඥයන් වහාබ්වාදීන් ආරක්‍ෂා කරන අතර සිංහල දේශපාලනඥයන් මුස්ලිම් දේශපාලනඥයන් ආරක්‍ෂා කරනවා. ඒ තමයි ඩීල් දේශපාලනයේ ප්‍රතිඵල. මාවනැල්ලේ බුදු පිළිම කඩපු මුස්ලිම් අන්තවාදීන් (සමහර විට වහාබ්වාදීන්) අසත් අලි විසින් ආරක්‍ෂා කෙරුණු අතර අසත් අලි සිංහල දේශපාලනඥයන් විසින් ආරක්‍ෂා කෙරුණා.

සිංහල දේශපාලනඥයන් මුස්ලිම් දේශපාලනඥයන්ට යටවෙනවා. ඒ පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට/රඳවා ගැනීමට. අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න සිංහල දේශපාලනඥයන් අකමැති ඒ නිසයි. මේ ඩීල් දේශපාලනය සිංහල දේශපාලනඥයන්ට සමහර විට තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. කාදිනල්තුමා විසිවැනි සංශෝධනය ගැන කියන කතාව හරි. පක්‍ෂයක නායකයා සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙද්දි අනෙක් අය සංශෝධනයට පක්‍ෂව ඡන්දය දීල කිසිම විනය පරීක්‍ෂණයක් නැතිව අනේ සොරි කියල නිදහස් වෙන්නෙ ඩීල් අනුහසින්.

සාරංශයක් ලෙස කිවුවොත් පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තර හා ජාතික දේශපාලනයේ සංකලනයක ප්‍රතිඵලයක්. බෝන් අගේන් පල්ලිය සාම්ප්‍රදායික පල්ලිවලට විරුද්ධවත් චීන සේද මාර්ගයට විරුද්ධවත් වහාබ්වාදීන් මෙහෙයවනවා. ලංකාවෙ මුස්ලිම් දේශපාලනඥයන් අතර වහාබ්වාදීන් ඉන්නවා. සමහරු වහාබ්වාදීන් ආරක්‍ෂා කරනවා. සිංහල දේශපාලනඥයන් ඩීල් දේශපාලනයේ යෙදෙමින් මුස්ලිම් දේශපාලනඥයන් ආරක්‍ෂා කරනවා. කොරේ පිට මරේ කීවාක් මෙන් 2019 අප්‍රේල් වන විට යහපාලන බෙදීම් නිසා බුද්ධි අංශ හා රාජ්‍යාරක්‍ෂාව බින්දුවට බැහැල තිබුණෙ.

මේ අවසරයෙන් ද ඉන්දියාව මෙරට ඔත්තු සේවයක් පවත්වාගෙන යනවා. අර සාරා කියන කාන්තාව එවැනි ඔත්තුකාරිනියක් වෙන්න ඕන. ඇගේ මාර්ගයෙන් හරි වෙනත් ක්‍රමයකින් හරි ඉන්දියාව පාස්කු ප්‍රහාරය ගැන දැන සිට තියෙනවා. ඉන්දියාව අපේ බුද්ධි අංශවලට තොරතුරු ලබා දී ඇති නමුත් යහපාලන අසමගිය නිසා පලක් වෙලා නැහැ. ඉන්දියාවටත් බෝන් අගේන් මෙන් ම වහාබ්වාදයත් ප්‍රශ්නයක්. ඉන්දියාව හා බටහිර හැම විට ම එකට ක්‍රියා කරන බවක් උපකල්පනය කරන්න ඕන නැහැ.

2018 ඔක්තෝබර් විප්ලවය ආරක්‍ෂා කර ගන්න පුළුවන් වුණා නම් පාස්කු ප්‍රහාරය වළක්වන්න තිබුණා. එහෙත් එයත් ඩීල් දේශපාලනය නිසා වැළකුණා. අප මෛත්‍රිපාල –- මහින්ද ආණ්ඩුව රැකගත්තා නම් ජීවිත සිය ගණනක් රැකගන්න තිබුණා. අප ජාත්‍යන්තර දේශපාලනය තේරුම් ගෙන මෙරට වහාබ්වාදය පරාජය කරන්න ඕන. එහි දී ඩීල් දේශපාලනය සම්පූර්ණයෙන් පිටු දකින්න ඕන. සිංහල බෞද්ධ විරෝධී දේශපාලනය පරාජය කිරීමට කතෝලිකයන් මෙන් ම හින්දූන් ද වහාබ් විරෝධී මුස්ලිමුන් ද එකතු වෙන්න ඕන. සිංහල බෞද්ධත්වය තහවුරු වන තරමට සියළු ජනකොටස්වලට ආරක්‍ෂාව සැපයේවි.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

ධීවරයන්ගේ කතා වස්තුව- මහඇදුරු නලින් ද සිල්වා මහතා

ධීවරයන්ගේ කතා වස්තුව

මියන්මාහි අත්අඩංගුවට පත් ධීවරයන් දොළොස් දෙනා නිදහස් කෙරිලා. මෙරට ජනමාධ්‍ය ගැන මට ඇත්තේ දැඩි විරෝධයක් හා කළකිරීමක්. බොහෝ ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන්ට මා ගැන ඇත්තේ ද සුහද හැඟීමක් නොවෙයි. අත්අඩංගුවට පත් වේලේ සිට මෙරට ජනමාධ්‍යයට එය විශාල ප්‍රශ්නයක් වුණා. ඔවුන් අපෙන් ප්‍රශ්න කළා. අප එනම් මියන්මාහි ලංකා තානාපති කාර්යාලය ධීවරයන් නිදහස් කර ගැනීමට කිසිවක් නොකරන්නේ ය යන මතය රටේ ඇති කිරීමට ඔවුන් උත්සාහ ගත්තා.

මෙරට මිනිසුන් විශේෂයෙන් ම සිංහලයන් බලා සිටින්නේ අනෙකකුට දොස් පැවරීමට, හැකි නම් අනෙකා නැති කිරීමට. විදේශීය තානාපති සේවය සම්බන්ධයෙන් බොහෝ දෙනකුට ඇත්තේ හොඳ ආකල්පයක් නො වෙයි. ජනතාව, විශේෂයෙන් ම ජනමාධ්‍යවේදීන් හිතන්නේ තානාපති සේවයේ ඉන්නේ පිං පඩි කාරයන් කියා. තානාපති ඇතුළු සියල්ලන්ගේ ම අවශ්‍යතාව දරුවන්ට ඉගැන්වීම, හොඳ වැටුපක් ලබා ගැනීම ආදිය කියා ඔවුන් හිතනවා. දෙරණේ ජනමාධ්‍යවේදියකු තාරක බාලසූරියට පැවසුවේ තානාපති සේවයෙන් වැඩක් සිදු නොවේ ය කියා.

ජනමාධ්‍යවේදීන්ට ජනතාව වෙනුවෙන් කතා කිරීමට ප්‍රශ්න ඇසීමට වරමක් ලබා දුන්නේ කවුදැයි මා දන්නේ නැහැ. ජනමාධ්‍යවේදීන් එක්කෝ යම් ආයතනයක පඩියට (පිං පඩියට වෙන්නත් පුළුවන් විශේෂයෙන් ම රජයේ ආයතනවල) වැඩ කරන නැත්නම් යූ ටියුබ් හරහා කීයක් හරි හොයා ගන්නා ස්වයං රැකියාවල යෙදෙන්නන් වෙන්න පුළුවන්. ඔවුන්ට ජනතාව වෙනුවෙන් ප්‍රශ්න අහන්න බලය දී ඇත්තේ කවුද?

ධීවරයන් අත්අඩංගුවට පත් වූ විට මේ ඇතැම් ජඩමාධ්‍යවේදීන් අපෙන් ප්‍රශ්න කළේ ඔවුන් හිතූ පරිදි අප පිං පඩි කාරයන් බව හෙළිදරවු කිරීමට. මියන්මා කියන්නේ වෙනස් විධියකට වැඩ කරන රටක්. ඔවුන් අප පමණටවත් ඉංගිරිසි රාජ්‍ය සේවය අනුගමනය කරන්නේ නැහැ. ලිපියකට පිළිතුරක් ලබා ගැනීම ඉතා අමාරු වැඩක්. ධීවරයන් අත්අඩංගුවට පත් වූ විට අදාළ තානාපති කාර්යාලයට ලිඛිත ව දැන්විය යුතු නමුත් කිසිවකු අපට ඒ බවක් දැන්වූයේ නැහැ. අපට තොරතුරු ලබා ගැනීම ඉතා අසීරු කාර්යයක් වුණා. එහෙත් මෙරට ජනමාධ්‍ය හිතුවේ අපට සියලු තොරතුරු ලැබී අප නිහඬ ව සිටිනවා කියා. ලෝකයේ අනෙක් රටවල් මෙන් මියන්මා අපට තොරතුරු ලබා දෙන බවයි ජනමාධ්‍ය විශ්වාස කළේ. අප මියන්මා වැඩ කරන අන්දම විවේචනය කරන්නේ නැහැ. ඒ ඔවුන්ගේ විධිය.

කොවිඩ් නිසා තානාපති කාර්යාලයටත් ගමන් බිමන් අපහසු වුණා. ඒ තිබිය දී පෙබරවාරි පළමුවැනි දා හමුදා ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. ධීවරයන් අත් අඩංගුවට පත් වූයේ ඉන් සති දෙකකට පමණ පසුව. රාජ්‍ය නිලධාරීන් සමග සංනිවේදනය කිරීම තවත් අඩාළ වුණා. එය එහෙම තමයි. ඒ ගැන කරන්න දෙයක් තිබුණේ නැහැ. එහෙත් මා කිසිවකුට කිසිවක් නොකියා මගේ අසමත්කම ගැන පමණක් කිවුවා.

එහෙත් ඒ අතර අප හැකි පමණින් අපට කළ හැකි වැඩ කරගෙන ගියා. රාජ්‍ය නිලධාරීන්ට කතා කිරීමට උත්සාහ කළා. ඔවුන්ට ලිපි එකක් පිට එකක් ආදී වශයෙන් යැවුවා. මේ අතර මා විදේශ අමාත්‍යාංශයේ කිසිවකුට නොදන්වා ධීවරයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ව ඇතැම් විට තෙරිඳු නමින් හැඳින්වෙන සිතගු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේත් කුලපති මහානායක ස්වාමීන් වහන්සේට ආරාධනය කර සිටියා ධීවරයන් නිදහස් කිරීමට මැදිහත් වන ලෙස. එය මගේ තනි කැමැත්තට කළ දෙයක්. උන්වහන්සේට මියන්මා ආණ්ඩුව සමග හොඳ සම්බන්ධකමක් තියෙනවා. අර රජු සංඝයා වහන්සේ සම්බන්ධය යම් ආකාරයකට හරි මියන්මාහිත් ක්‍රියාත්මක වෙනවා. ලංකාවට විශේෂ ගෞරවයක් ඇති උන්වහන්සේ මගේ ආරාධනය එක සිතින් පිළිගත්තා. මා උන්වහන්සේට සියලු විස්තර ලිපියකින් දන්වා සිටියා. මෙරට මහානායක හිමියන් නම් හිතන්නේ මා මියන්මාහි ලංකා තානාපතිකමට සුදුසු නැහැ කියා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ප්‍රශ්නයට මැදිහත් වුණා. මගේ අස්වීම පිළිබඳ ප්‍රකාශය එතුමාගේ හිතට බලපා තිබුණා. එතුමා ලංකාවේ මියන්මා තානාපතිතුමා මගින් මියන්මා රජයෙන් ධීවරයන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. අප දිගින් දිගට ම අපේ කාර්යයන් ඉටු කළා. එහි දී තානාපති සේවයේ කිහිප දෙනා දිවා රෑ නොබලා කටයුතු කළා. විශේෂයෙන් ම උපදේශන නිලධාරිනිය මියන්මා රාජ්‍ය නිලධාරීන් සමග නිරන්තරයෙන් කටයුතු කළා. එමෙන් ම මියන්මාහි ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයේ සභාපතිතුමා අප සමග සහායෝගයෙන් කටයුතු කළා.

අපට මියන්මා රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් ලැබී ඇති පළමු ලිපියෙන් කියැවුණේ ධීවරයන්ට මියන්මා නීතිය යටතේ නඩු පවරන බවයි. අප එවිට නැවතත් ඒ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ධීවරයන් නිදහස් කරන ලෙසයි. එහෙත් ධීවරයන් අත්අඩංගුවට පත් වීමෙන් පසු තම වරද පිළිගෙන තිබුණා. ඔවුනට විරුද්ධ ව නඩු පැවරීම අනිවාර්ය කටයුත්තක් වුණා. මෙරට එක්තරා නගරාධිපතිවරයකු නම් අප වෙත දන්වා තිබුණේ ධීවරයන් දියවැලකට හසු වී මියන්මා දේශයට ගොස් සිටි බවයි. ධීවරයන් ඒ බව දැන සිට නැහැ. ඔවුන්ට නගරාධිපතිවරුන්ට මෙන් දියවැල් ගැන අවබෝධයක් නැතිව ඇති.

නඩු තීන්දුව දීමට තිබුණේ මාර්තු අවසන. තානාපති කාර්යාල නිලධාරීන් හා ශ්‍රී ලාංකික සංවිධානයේ සභාපතිතුමා හැකි අයුරින් ධීවරෆයන් සමග සම්බන්ධකම් පැවැත්වුවා. සභාපතිතුමා දෙවරක් ම ධීවරයන් බැලීමට ඔවුන් රඳවා ගෙන සිටි පොලීසියට ගියා. නඩු තීන්දුව අනුව දහදෙනකුට අවුරුදු තුනහමාර බැගිනුත් දෙදෙනකුට අවුරුදු පහමාර බැගිනුත් සිර දඬුවම් නියම කෙරුණා.

මේ අවසාන අවස්ථාවේ මා තවත් දෙයක් මගේ හිතුමතයට කළා. මා මියන්මා හමුදා රජයේ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ ඇමතිතුමා මුණ ගැසුනා. ලංකාව මියන්මා හමුදා රජය පිළිගෙන නැහැ. එබැවින් හමුදා රජයේ ඇමතිවරයකු හමුවීම ප්‍රශ්නයක්. මා අපේ විදේශ අමාත්‍යංශයෙන් ඒ සඳහා අවසරයක් ගත්තේ නැහැ. එය මගේ හිතුමතයට කළ තවත් වැඩක්. එය නිල හමුවීමක්වත් නිල නොවන හමුවීමක්වත් නොවෙයි. යමක් එක්කෝ නිල හමුවීමක් නැත්නම් නිල නොවන හමුවීමක් වෙන්න ඕන ඇරිස්ටෝටල්ට අනුව. මා ඇතැම් අවස්ථාවල ඇරිස්ටෝටල්ට පිටින් යනවා. ඇමතිතුමා මට කියා සිටියේ මහානායක හාමුදුරුවන් වහන්සේ ද රජයට ධීවරයන් පිළිබඳ කතා කර ඇුති බවත් රජයට උන්වහන්සේගේ අනුශාසනා ඉවත දැමීමට නොහැකි බවත් විදේශ අමාත්‍යංශය ධීවරයන් නිදහස් කරන ලෙස ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයට නිර්දේශ කරන බවත්. ඒ සඳහා අප්‍රේල් දහහත්වැනි දාට යෙදෙන මියන්මා අවුරුදු උත්සවයේ දෙන පොදු සමාව යොදා ගන්නා බවත්. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු කියනවා ද මා හමුදා රජයේ ඇමතිවරයකු මුණ ගැසීම වරදක් කියා.

එහෙත් අපට තවත් ප්‍රශ්න කිහිපයක් ඉතිරි වී තිබුණා. එකක් මියන්මා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ධීවරයන් නිදහස් කළ බවට සහතිකයක් ලබා ගැනීම. ධීවරයන්ට ගමන් බලපත්‍ර නැහැ. තානාපති කාර්යාලයට පුළුවන් තාවකාලික ගමන් බලපත්‍ර ලබා දෙන්න. එහෙත් ඔවුන් මියන්මා දේශයට පමිණ ඇති බව පෙන්වීමට වීසා නැහැ. ඒ වෙනුවට තමයි අර නිදහස් කළ බවට සහතිකයක් අවශ්‍ය. එය නැතිව ගුවන් සමාගමක් ඔවුන් භාර ගන්නේ නැහැ. දැන් ඒ සහතිකය ලැබී තියෙනවා. එහෙත් ඔවුන්ට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට මුදල් අවශ්‍යයයි. එය ධීවර අමාත්‍යාංශය ගෙවාවි. එහෙත් ධීවර අමාත්‍යංශයට මුදල් ගෙවන්න ටිකක් කල් යනවා. මුදල් අද යැවුවත් මියන්මා බැංකු නීති අනුව අපට ඒ මුදල් ලබා ගැනීමට සති කිහිපයක් ගත වෙනවා. මා ලංකාවට ඒමට පෙර පින්වතකු සමග කතා කර ණයක් ගෙන අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කළා. ධීවරයන් තව දින කිහිපයකින් ලංකාවට එන්න ඕන. අප ඔවුන් සඳහා ආණ්ඩුවේ නිරෝධායන පහසුකම් ද සූදානම් කර තිබෙනවා.

දැන් අරුණ හා මෝනින් පුවත්පත් හැරෙන්න අනෙක් ජනමාධ්‍ය ධීවරයන් ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටිලා. ධීවරයන් නිදහස් නොකළා නම් තානාපති පට්ට ගහන්න තිබුණා.අපරාදෙ!

විචාර කලාවේ විකාරකාර මයිස්ටර්වරු

විචාර කලාවේ විකාරකාර මයිස්ටර්වරු.

බ්‍රිතාන්‍ය යටත්විජිත වශයෙන් පැවති රටවල් අතරින් ශ්‍රී ලංකාව තරම් ඉංග්‍රීසින්ට යටත් පහත් වැසියන් වාසය කරන රටක් ලොව නැත. ශ්‍රී ලංකාවේ ජනගහන අනුපාතය ගැන පමණක් සිතන ඇතැමුන් ‘සුළු ජාතීන්’ නමින් හඳුන්වන දෙමළ සහ මුස්ලිම් ජන කණ්ඩායම් ඉංග්‍රීසින්ට පක්ෂපාතීව කටයුතු කිරීමේ වරදක් නැත. මේ ජන වර්ග දෙක රටේ ව්‍යාප්ත වී ඇත්තේ බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුවේ අනුග්‍රහයෙනි. බ්‍රිතාන්‍යයන්ගෙන් සිංහලයන්ට තරම් පහර වැදුනු ජාතියක් ලෝකයේ තවත් නැත. නමුත් බොහෝ සිංහලයන් ඉංග්‍රීසි භාෂාවට ඉංග්‍රීසි සංස්කෘතියට සහ ඉංග්‍රීසි පාලකයන් ලංකාවේ රැඳවු ඔවුන්ගේ පාලන අවයවයන්ට ආදරය කරන්නේ, ඉතිහාසයේ සිදු වූ කිසිම හිංසාවක් ගැන හිතේ කහටක් නැතිවය. ඊට ප්‍රධාන හේතුව, බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව සිංහලයන් ඇරඹූ නිදහස් සටනින් පසු, සිංහලයන් සහ බුදුදහම පිළිබඳව හොඳ අධ්‍යයනයක් කිරීමට බ්‍රිතාන්‍ය පාලකයින්ට හැකිවීමයි. ඔවුන් එය කරන්නේ ඩබ්. එම්. ජී. කෝල්බෲක් ප්‍රධාන නිලධාරින් කිහිප දෙනකු යොදවමිනි.
ලංකාව නිදහස ලැබූ පසුව පැවති ආණ්ඩු නොයෙක් ‘කොමිෂන්’ පත්කර ඇත. යම්කිසි ප්‍රශ්නයක් හේතුවෙන් ඇතිවන මහජන වේගය යටපත් කිරීම ඒවායින් සිදුකර ඇති ප්‍රධාන කටයුත්තයි. වර්තමානයේ බොහෝ දෙනා පාස්කු කොමිසම ගැන කතා කරති. එයින් කෙරෙන්නේ යහපාලන රජය කාලයේ සිදුවූ පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු සෙවීමයි.
ඉංග්‍රීසි ආණ්ඩුව කාලයේ සිට යහපාලන කාලය දක්වා ආණ්ඩු පත් කළ මොනම කොමිසමකටවත් කෝල්බෲක් කොමිසම සමාන කළ නොහැක. එහි සියලු සාමාජිකයන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලංකාවේ පිහිටුවීමේ පරමාර්ථයෙන් කටයුතු කළ ඉංග්‍රීසි දේශප්‍රේමියෝ වූහ. නිදහස ලැබීමෙන් පසු පිහිටු වූ ආණ්ඩු, කොමිෂන්වලට පත්කරන සාමාජිකයන්ගේ දේශප්‍රේමය පිළිබඳ නොසලකති.
දේශපාලන මයිස්ටර්වරුන්, කෝල්බෲක් ලිබරල්වාදියකු යැයි කියන නිසා, ඔහු බ්‍රිතාන්‍ය දේශප්‍රේමියකු බව බොහෝ දෙනකුට නොවැටහෙයි. බ්‍රිතාන්‍ය දේශප්‍රේමීන්ට, ‘ලිබරල්’, ‘කොන්සර්වේටිව්’ කියා භේදයක් තිබී නැත. බ්‍රිතාන්‍යයන් මුදලට හෝ වෙනත් බලපෑමකට යට වන නිලධරයන් යටත් විජිතයන්හි සේවයට යවා නැති බවද වැදගත් කාරණයකි. විදේශ රටවල සේවයට යන නිලධරයන් පිළිබඳව ඔවුන්ගේ රාජ්‍ය ඔත්තු සේවාවෝ දැඩි සැලකිල්ලක් දැක්වූහ.
කෝල්බෲක් කොමිසම සිංහලයන්ගේ ඉතිහාසය ගැන විධිමත්ව කරුණු සෙවීය. ලංකාවේ සිංහල රාජ්‍යයක් පිහිටුවූයේ ඉන්දියාවේ කිසියම් පාලකයකු විසින් ද, එසේනම් එම පාලකයා සිංහලයන්ට පැවරූ වගකීම කුමක් ද, ඔවුන් ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසුවේ ඇයි, කැප්පෙටිපොළ වැනි සිංහල නායකයින්ගේ විශේෂතා මොනවාද, අනාගතයේ කීකරු යටත් විජිත වැසියන් වශයෙන් සිංහලයන් වෙනස් කළ හැක්කේ කෙසේද ආදී බොහෝ කාරණා කෙරෙහි ඔවුන්ගේ සැලකිල්ල යොමුවිය.
කෝල්බෲක් කොමිසම මාර්ගයෙන් දැනගත් තොරතුරු බ්‍රිතාන්‍යයන්ට ඉන්දියාව පාලනය කිරීම සඳහා ද ප්‍රයෝජනවත් වූයේය. යටත් විජිත කාර්යාලයේ ලිපි ලේඛන පරීක්ෂා කරන්නෙකුට, ‘ලංකාව බ්‍රිතාන්‍යයන්ට ඉන්දියාව පාලනය කිරීමේ උපාය සකස්කර දුන් ස්ථානය යැ’යි පැහැදිලි වෙයි.
ඉන්දියාවට පැමිණි මැකෝලි නමැති නිලධරයාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ගැන සුළුවෙන් හෝ දැනුම ඇති ලාංකිකයෝ විශාල පිරිසක් සිටිති. ‘කයින් ඉන්දියානුවන් සේ ජීවත් වෙමින් සිතින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වැසියන් වශයෙන් කටයුතු කරන ස්වදේශිකයන් හැදීම තම අරමුණ යැ’යි මැකෝලි සඳහන් කර තිබේ. ඔහු මේ කතාව කීමට පෙර ලංකාවට පැමිණි කෝල්බෲක්, ‘සිංහලයන් කැරැලි ගැසීමට පෙළඹී ඇත්තේ ඔවුන්, සිංහලයන් සහ බෞද්ධයන් වීම නිසා බව’ පැහැදිලි කර තිබේ. ‘මෙය වැළැක්වීමට හොඳම උපාය සිංහල සංස්කෘතිය පවත්වාගෙන යන බෞද්ධ අධ්‍යාපන ක්‍රමය විනාශ කිරීම බව’ කෝල්බෲක් සමග කටයුතු කළ කැම්රුන්ගේ අදහස වූයේය. සිංහලයන්ගේ මොළය වෙනස් කරන ඒ භයානක වැඩපිළිවෙළ සාර්ථක වී ඇත්තේ ‘නිව් යෝර්ක් තියෝසොපි’ නායකයන් මෙහි පැමිණ කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා සිංහල බෞද්ධ අධ්‍යාපනය තමන්ගේ භාරයට ගෙන එය ඉංග්‍රීසි ආණ්ඩුවට පවරා දීමෙන් පසුවයි. ධර්මපාලතුමා ගැන කතා කරමින් වසරක් පාසා කර්නල් ඕල්කොට්ගේ සේවය සිහිකරන පිරිසක් ලංකාවේ සිටිති. ඇමරිකාවේ නම්, කර්නල් ඕල්කොට් කවුරුන්දැයි දන්නකු ඇත්නම් නිව් යෝර්ක් පරම විඥානාර්ථ සමාගම් කාර්යාලයේ පමණි.
හින්දු වර්ණාශ්‍රම ධර්ම, ‘කුල ක්‍රමය’ සේ වෙනස් කර ඉන්දියානුවන් බෙදීම, ඉන්දියාවේ ජන හා සංඛ්‍යා ලේඛන කොමසාරිස් වශයෙන් කටයුතු කළ රිස්ලි සාමිවරයාගේ හපන්කමකි. ඔහු බලහත්කාරයෙන් කුල හදා ඒවාට ඉන්දියාවේ ජන කණ්ඩායම් ඇතුළු කර ඔවුන්ට කුලය පිළිගැන්වූ හැටි හින්දු ඉතිහාසකරුවෝ පෙන්වා දෙති. රිස්ලි කෙනකු ලංකාවට පැමිණ නැත. උඩරට කැරැල්ල ඇතිවීමට ප්‍රධාන හේතුව සිංහල සමාජ සැලැස්ම බව කෝල්බෲක් කොමිසමෙන් පෙන්වා දී තිබේ. රිස්ලි ඉන්දියාවේ කුල භේදය ඇති කිරීමට මග පාදා ගන්නේ ලංකාවේ සමාජ සංවිධාන ගැන තොරතුරු ඉදිරිපත් කළ කෝල්බෲක් වාර්තාව අධ්‍යයනය කිරීමෙනි.
සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව බ්‍රිතාන්‍ය පාලකයන් හැම විටම ප්‍රයෝජනයට ගත් විෂයයන් දෙකකි. ඉන්දියාවේ කුල භේදය ඇති කළ රිස්ලි සාමිවරයා (1857- 1911) ඉන්දියාවේ තිස් වසරක කාලයක් රැකියාව කර මවුබිමට යාමෙන් පසු එංගලන්තයේ රාජකීය මානව විද්‍යා ආයතනයේ (ආර්ඒඅයි) සභාපතිකමට පත්විය. රිස්ලි ඉන්දියාවේ සිටියදී හැම ප්‍රාන්තයකටම ඉංග්‍රීසි මානව විද්‍යාඥයන් රිංගවා තිබේ. ඩෝල්ටන්, තර්ස්ටන්, රසල් කෲක් හා මිල්ස් ආදි වශයෙන් ඊට සහභාගිවූවන්ගේ දිග නම් ලයිස්තුවක් ඇත. ඉන්දියාවේ කුල භේදය ඇති කිරීමට ස්වදේශිකයන් පිරිසක් තැනීම රිස්ලිගේ උපායකි. බ්‍රිතාන්‍යයන් ‘කොළඹ යුනිවර්සිටි කොලිජිය’ පිහිටුවීමෙන් බලාපාරොත්තු වූයේද බ්‍රිතාන්‍ය පාලනය පවත්වාගෙන යාමට උපකාර වන ස්වදේශිකයන් පිරිසක් බෝ කිරීමයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයක් පිහිටුවීම, එහි පළමු උපකුලපති වශයෙන් කටයුතු කළ අයිවර් ජෙනින්ග්ස්ගේ වුවමනාව පරදි සිදු වූවකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි ස්ථානයක් මගින් බිහිකෙරෙන ආයතනික උපාධිධරයන්ට අමතරව භික්ෂුන් වහන්සේ ප්‍රධාන කවියන් ලේඛකයන්, පත්තරකාරයන් බඳු සමාජයට බලපැම් කළ හැකි පුද්ගලයන් යොදවා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාම බ්‍රිතාන්‍යයන්ගේ උපායක් වූයේය. මාර්ටින් වික්‍රමසිංහ, ඉංග්‍රීසි මානව හා සමාජ විද්‍යා විෂයයන් ප්‍රචාරය කළ අයෙකි. ඔහු මානව විද්‍යාව ගැන පුදුම කතා ලියා තිබේ. පහත ඇත්තේ ‘බුදුසමය හා සමාජ දර්ශනය සහ මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය’ නම් පොතේ ඡේදයකින් කොටසකි.
“ලෝක සංග්‍රාමයෙන් පසු මානව විද්‍යාවත් සංස්කෘතික මානව විද්‍යාවත් දියුණු වූයේ ඇමරිකන් මානව විද්‍යාඥයන් නිසාය. ලෝක සංග්‍රාමයෙන් පසු බ්‍රිතාන්‍යය, ප්‍රංසය, ජර්මනිය යන රටවල් බංකොලොත් විය. ඒ රටවල ඉතාම දියුණුව පැවති මානව විද්‍යාත්මක පර්‌යේෂණ සඳහා ආසියාව, අප්‍රිකාව. ශාන්තිකර දූපත් ආදියට විද්‍යාඥයන් යවනු සඳහා මුදල් වියදම් කිරීම ඉබේම නැවතිණ. ඇමරිකාව එවැනි පර්‌යේෂණ සඳහා මුදල් වියදම් කරමින් මානව විද්‍යාඥයන් ශාන්තිකර දූපත්වලට වඩ වඩාත් යැවුයේය.” (පිටුව 138)
දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ලෝක බලවතා බවට පත් වූ ඇමරිකාව, අධිරාජ්‍යය පවත්වාගෙන යාම සඳහා මානව විද්‍යාඥයන්ගේ සේවය ලබාගැනීම ඇරඹුවේය. ප්‍රංශය. බ්‍රිතාන්‍යය වැනි රටවල් බංකොලොත් වී සිය වැඩපිළිවෙළ නැවැත්වූයේ නැත. ලංකාව ඉන්දියාව වැනි රටවල ඔවුන්ගේ අධ්‍යාපනය විසින් සාදනු ලබන ස්වදේශිකයෝ, හාම්පුතුන්ටත් වඩා හොඳින් තම කාරිය කරති.
කෝල්බෲක් යෝජනා ඉටු කරමින් අධ්‍යාපනය ආධාරයෙන් සිංහල බෞද්ධයන්ගේ සිතීමේ ක්‍රමය වෙනස් කළ නිසා සිංහල නායක නායිකාවන් ඉංග්‍රීසි බසට හා සංස්කෘතියට ඉමහත් භක්තියක් දක්වන්නන් වී සිටින බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව දනියි. එනිසා එජා මානව හිමිකම් කොමිසම ලංකාවට දඬුවම් දීමේ යෝජනාව ඉදිරිපත් කිරීම ඔවුන්ට ගැටලුවක් නොවීය. රත්තරන් අතකින් ටොක්කක් කෑවත් සැපයි කියා සිංහලයන් සිතන බව දන්නා ඔවුන්, ලංකාවට පහරදීම මඟින්, දෙමළ ඩයස්පෝරාව, බ්‍රිතාන්‍ය කෙරෙහි දක්වන විශ්වාසය තවත් වැඩිකිරීමට සමත්ව තිබේ.
මෙනමින් හැඳින්වෙන්නේ පිටරටවල වාසය කරන දෙමළ ජාතිකයන්ගේ සංගමයක් නොවේ. එය වර්තමාන ලෝකයේ ඇති ප්‍රබලතම ජාත්‍යන්තර දේශපාලන සංවිධානයයි. ඇමරිකාව එංගලන්තය ප්‍රංශය කැනඩාව ජර්මනිය ප්‍රධාන බටහිර රටවල් සියල්ලකම දෙමළ ඩයස්පෝරාවේ මූලස්ථාන තිබේ. ඊට උපකාර කරන විශ්වවිද්‍යාල වැනි ආයතන ඒ හැම රටකම තිබේ. හැම බටහිර රටකින්ම දෙමළ ඩයස්පෝරාවට ආධාර උපකාර හා අරමුදල් ලැබේ.
ලංකාවට දඬුවම් දීමේ යෝජනාවක් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීම ගැන සතුටු වන ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සිටිති. සාම සාධක හමුදාවක් ලංකාවට එනවා නම් ඊටත් කැමති පිරිසක් ලංකාවේ සිටිති. ඔවුන් ගොඩේ සිංහලයන් පිරිසක් සේ සිටින්නේ ඇයි? යන ප්‍රශ්නයට පිළිතුරු කිසිම මානව විද්‍යා මයිස්ටර්වරයකු පැහැදිලි කර නැත. ඒ වෙනුවට ඔවුහු විකාර කතා කියති. රට පිරිහී ඇත්තේ සාහිත්‍යයෙන් ඈත්වීම නිසා යැයි එක් මයිස්ටර්වරයකු පුවත්පත් සාකච්ඡාවකදී කියා තිබුණි. යහපාලන ආණ්ඩුව පිහිටුවීමට අප්‍රමාණ වෙහෙසක් දැරූ සරත් විජේසුරිය මහාචාර්යවරයා, ‘විනයක් නැති රටක්’ නමින් පොතක් ප්‍රකාශයට පත් කළේය.

කොලට් සේනානායක නාරද කරුණාතිලක

සතිඅග අරුණ

වරාය නගරය ගැන පළමුවෙන් කළ යුත්ත – මහඇදුරු නලින්ද සිල්වා මහතා

වරාය නගරය ගැන පළමුවෙන් කළ යුත්ත

කොළඹ වරාය නගරය පිළිබඳ පනත සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් පිළිබඳ විභාගය හෙට ඇරඹීමට නියමිතයි. අධිකරණය පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ද නැද්ද සංශෝධනය කළ යුතුු ද ඇතැම් වගන්ති ජනමත විචාරණයකට යොමු කළ යුතු ද ආදිය පිළිබඳ තීන්දුවක් දෙනු ඇති. මා මෙහි දී අදහස් කරන්නේ පනත පිළිබඳ මගේ මතය ප්‍රකාශ කිරීමට නොව එයට අදාළ ව කරුණු කිහිපයක් සඳහන් කිරීමයි.

මට තේරෙන විධියට නම් අප පළමුව කළ යුත්තේ වරාය නගරය ලංකාවේ භූමියක් බව නීතිගත කිරීමයි. අද තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වරාය නගරය ලංකාවට අයත් භූමියක්වත් ජල තීරයෙන් කොටසක්වත් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය අර්ථදැක්වෙන්නේ පස්වැනි ව්‍යවස්ථාව (වගන්තිය) අනුවයි. අපි එය පහත උපුටා දක්වමු.

“5. ශ‍්‍රී ලංකා ජනරජයට අයත් දේශය පරිපාලන දිස්ත‍්‍රික්ක [විසිපහෙන්ද] ජනරජයේ දේශීය ජල තීරයෙන් ද සමන්විත වන්නේ ය. පරිපාලන දිස්ත‍්‍රික්ක [විසිපහෙහි] නම් [පළමුවැනි උපලේඛනයෙහි දැක්වෙන්නේ යඃ
එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන පරිදි ඒ පරිපාලන දිස්ත‍්‍රික්ක, ඒවාට වෙනස් වූ පරිපාලන දිස්ත‍්‍රික්ක සංයුක්ත වන පරිදි, නැවත බෙදීම හෝ ඒකාබද්ධ කිරීම හෝ කරනු ලැබිය හැක්කේ ය.]”

“පළමු වැනි උපලේඛනය

5 වැනි ව්‍යවස්ථාව

පරිපාලන දිස්ත‍්‍රික්කවල නම්

  1. කොළඹ 2. ගම්පහ 3. කළුතර 4. මහනුවර 5. මාතලේ 6. නුවරඑළිය 7. ගාල්ල 8. මාතර 9. හම්බන්තොට 10. යාපනය 11. කිලිනොච්චිය 12. මන්නාරම 13. වවුනියාව 14. මුලතිව් 15. මඩකලපුව 16. අම්පාර 17. ත‍්‍රිකුණාමලය 18. කුරුණෑගල 19. පුත්තලම 20. අනුරාධපුරය 21. පොළොන්නරුව 22. බදුල්ල 23. මොනරාගල 24. රත්නපුරය 25. කෑගල්ල”

වරාය නගරය සහිත ව පස්වැනි ව්‍යවස්ථාවේ උපලේඛනය පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් වෙනස් කළ හැකියි. ඒ සමග ව්‍යවස්ථා සංශෝධනයක් වීමත් අවශ්‍ය යැයි මා හිතනවා. කළ යුත්තේ පරිපාලන දිස්ත්‍රික්ක විසිපහ වෙනුවට විසිහය කිරීමත් විසිහය වැනි දිස්ත්‍රික්කය ලෙස අක්කර එක්දහස් ගණනකින් සමන්විත කොළඹ වරාය නගරය එක් කිරීමත් ය. මා හිතන්නේ පළමුව කළ යුත්තේ එය කියා යි. එසේ නොමැතිව වරාය නගරය ගැන පනත් සම්මත කිරීමක් කළ නොහැකි යැයි මා හිතනවා. පළමුව වරාය නගරය ලංකා ජනරජයට අයත් දේශයෙන් කොටසක් බවට පත් කර ගන්න ඕන. දැනට කොළඹ වරාය ලංකා ජනරජයට අයත් පරිපාලන දිස්ත්‍රික්කයක්වත් ජල තීරයක්වත් නො වෙයි. එවැන්නක් සඳහා පනත් සම්මත කර ගත හැකි ද යන ප්‍රශ්නය මූලික ව මතුවෙනවා.

වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට බැරි නම් වෙනත් දිස්ත්‍රික්යකට ඇතුළත් කරන්න කියා යමකුට කියන්න පුළුවන්. එහෙත් පළමුව වරාය නගරය ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශයේ කොටසක් බවට පත් කර ගන්න ඕන. ඉන් පසුව අවශ්‍ය නම් වරාය නගර දිස්ත්‍රික්කය වෙනත් දිස්ත්‍රික්කයක් සමග ඒකාබද්ධ කිරීම ගැන සලකා බලන්න පුළුවන්.

මෙහි දී තවත් වැදගත් කරුණක් අවධාරණය කරන්න ඕන. කොළඹ වරාය නගරය යම් පළාතකට අයත් විය යුතු නැහැ. පළාත් යන්න අටවැනි උපලේඛනය සහිත ව ව්‍යවස්ථාවට ඇතුළත් වූයේ 154 අ (1) අනුව පළාත් සභා ඇති කිරීමටයි. කොළඹ වරාය නගරයට පළාත් සභාවකට අයිති වීමට හෝ අලුත් පළාත් සභාවක් ඇති කර ගැනීම සඳහා අවශ්‍යතාවක් නැහැ. අහෝසි වීමට නියම වී ඇති පළාත් සභාවක් කොළඹ වරාය නගරයට අවශ්‍ය නැහැ.

එක රටක් එක නීතියක් යන්න ආකර්ෂණීය සටන්පාඨයක් පමණයි. එක් එක් දිස්ත්‍රික්කයට බලපාන සුවිශේෂ නීති තියෙන්න පුළුවන්. එමෙන් ම ඒ ඒ ජනකොටස්වලට බලපාන විශේෂ නීතිත් තියෙන්න පුළුවන්. එහෙත් වර්තමානයේ ඇතැම් ජනකොටස්වලට පමණක් බලපාන නීතිවල ඉතිහාසය හා සම්භවය අනුව ඒ පිළිබඳ තීරණ ගන්න වෙනවා. මෙරට තේසවලාමේ නීතිය ලන්දේසීන් හා පසුව ඉංගිරිසින් විසින් පනවනු ලැබුයේ එකල අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ආපසු ඉන්දියාවට ගිය දුණු ඉන්දියානු වෙල්ලාලයන් මෙරට රඳවා ගැනීමටයි. එය කොහොමටත් දකුණු ඉන්දියාවේ බලපැවැත් වූ මුස්ලිම් නීතියක්. අද වෙල්ලාලයන් ආපසු ඉන්දියාව යන්නේ නැහැ. අඩු තරමින් උසාවි නිවාඩු කාලයටවත් ඉන්දියාවට යන්නේ නැහැ. අද තේසවලාමේ නීතිය යල් පැන ගිය නීතියක්. එය අහෝසි කරන්න ඕන. මෙරට කෝරානය මත පදනම් වූ මුස්ලිම් නීතියක් ඇත්තේත් නැහැ. ඉංගිරිසින් ඉතා මෑතක දි පනවපු නීති වගයකට මුස්ලිම් නීතිය කියනවා. ඒ නීති ඉවත් කරන්න පුළුවන්.

එක රටක් එක නීතියක් යන්න ආධානග්‍රාහි විධියට ගතහොත් බුද්ධාගම සම්බන්ධ පරිච්ඡෙදය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න වේවි. අපට අවශ්‍ය ඒ අදාළ පරිච්ඡෙදය තවත් ශක්තිමත් කිරීමත් 1892 ආඥා පනත ව්‍යවස්ථාවට ඇතුල් කිරීමටත්. ඒ කතාව පසුවට.

ගොඩ එන්න නම් බටහිර වඳිනා උගතුන් නොවන්න

ගොඩ එන්න නම් ඉගෙන ගන්න

දැනට අවුරුදු විස්සකට පමණ ඉහත දිවයිනේ එඩ්මන්ඩ් රණසිංහ මහතා මට කිවුවා අපට වෙච්ච දේ මැයෙන් ලිපි පෙළක් ලියන්න කියා. එහි අපට කිවුවෙ රටට. අද නම් දිවයින ට වෙන්න ඉඩ තියෙනවා. එදා මා මොනව ලිවුව ද කියල මට මතක නැහැ. ඒ ඒ කාලෙට මත යම් ප්‍රමාණයකට වෙනස් වෙනවා. එකම තේමාවෙ වුණත් වෙනස්කම් තියෙන්න පුළුවන්.

අද අපට වෙච්ච දේ කියන එකට මා ප්‍රකාශ කරන්නෙ ඉතා සරල දෙයක්. එය එක වාක්‍යකින් කියන්න පුළුවන්. උගතුන් ඇති වීම හා මුදලාලිලා නැති වීම. අප කුඩා කළ දාස මුදලාලි මැලිබන් මුදලාලි වැනි අය හිටියා. ඔවුන් මොනව හරි නිපදවන්න උත්සාහ කළා. ඒත් මුදලාලි කියන වචනය ටිකක් හොඳ මදි වෙලා ද කොහෙද ව්‍යාපාරිකයන් ඊටත් වඩා ව්‍යවසායකයන්, කියා පිරිසක් ඇති වෙලා. ඔවුන් මුදලාලිලා නොවෙයි. ඒත් මුදල් එක්ක තමයි කටයුතු කරන්නෙ. මුදලාලිලාට වැඩියෙන් මුදල් එක්ක වැඩ කරනවා. ඒත් නිෂ්පාදනයක් නැහැ. හෝටල්, කැසිනො, ජනමාධ්‍ය ආදිය මුදල් ගෙන දෙන ආයතන හා ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. ඒත් නිෂ්පාදන නැහැ. උපාලි විජේවර්ධන කාර් රිය එකලස් කරන්න හැදුවා. මෑතක දි ඒ වගේ දෙයක් වුණෙ අර හොරණ ටයර් කර්මාන්ත ශාලාව ආරම්භයත් සමග.

ඉස්සර පොඩියට හරි ගෘහ කර්මාන්ත තිබුණා. දැන් ඒව අඩුයි. නිෂ්පාදන අඩු වුණෙ ඒ පැත්තෙ විතරක් නොවෙයි. ඉස්සර අපට ඉගැන්නුවෙ අපේ නිෂ්පාදන තේ පොල් රබර් කියල. අද එහෙම කියන්නෙ නැහැ. තේවලට ලෝක වෙළෙඳ පොළේ තරග කරන එක ප්‍රශ්නයක් වෙලා. හොරණ පැත්ත ඉස්සර රබර් රජ්ජුරුවො කිවුව විල්මට් පෙරේරාගෙ රාජධානිය වුණා. අද ඒ පැත්තෙ ඉන්නෙ වෙන පෙරේරාල. පොල් ගැන කතා කරල වැඩක් නැහැ. අපට අවශ්‍ය පොල්තෙල් ටික නිපදව ගන්න අපට බැහැ. පොල් ගස් කැපීම පටන් ගත්තෙ මේ ආණ්ඩුව නොවන බව ඔය පෙරේරලගෙ දැන ගැනීම පිණිස කියන්න ඕන.

අද ඇඟලුම් කර්මාන්තයක් හා සංචාරක කර්මාන්තයක් තියෙනවා. ඇඟලුම් නම් කර්මාන්තයක් තමයි. සංචාරක කර්මාන්තයක් වෙන්නෙ කොහොම ද? සමහර විට වචනයට දෙන අලුත් අර්ථකථනය නිසා එහෙම වෙනවා ඇති. ඒත් සංචාරකයන් කරන භාණ්ඩ නිෂ්පාදනයක් නැහැ. ඇඟලුම් කර්මාන්තය ආසියාවෙ බොහෝ රටවල තියෙන බවත් අමතක කරන්න එපා. එහි තරගකාරීත්වය එන්න එන්න වැඩි වෙනවා.

මුදලාලිලාට ව්‍යාපාරිකයන්ට නැති ව්‍යාපාරික දක්‍ෂතාවක් තිබුණා. ව්‍යාපාරිකයන් බොහෝ වෙලාවට කරන්නෙ ඊනියා සේවාවන් සැපයීම. ඒ සඳහා ඔවුන්ට මුදලාලිලාට නැති උගත් කමක් තියෙනවා. ඒක තමයි ප්‍රශ්නයේ අනෙක් පැත්ත. උගතුන් ඇති වීම. උගතුන් ඇති වන්න පටන් ගත්තෙ ලන්දේසින්ගෙන් පස්සෙ. ඉංගිරිසින් ඒක පරිපූර්ණත්වයකට ගෙනාව. මෙරට නිදහස් අධ්‍යාපනයක් ඈත අතීතයේ සිට ම තිබුණා. පැරණි පිරිවෙන් අධ්‍යාපනයට ගෙවන්න සිදු වුණෙ නැහැ. ඉංගිරිසින්ගෙ කාලෙ දිවයින පුරා පාසල් ඇති වුණා. බෞද්ධ පරමවිඥානාර්ථවාදී සමාගමේ පාසල් ද ඇති වුණා. මේ බොහොමයක් පාසල් සිංහල මාධ්‍ය පාසල්. ඒ පාසල්වල සිසුන්ට අධ්‍යාපනය වෙනුවෙන් ගෙවන්න සිද්ධ වුණෙ නැහැ.

අපේ ආච්චිල සීයල මේ අධ්‍යාපනය ලැබූ පළමු පරම්පරාව වෙන්න පුළුවන්. අපේ දෙමවුපියන් දෙවැනි පරම්පරාව. අප තුන්වැනි පරම්පරාව. මේ අධ්‍යාපනයෙන් ලැබුණු පණිවුඩයක් තිබුණා. ඒ තමයි ගොඩ එන්න නම් ඉගෙන ගන්න ඕන කියන එක. ඉංගිරිසින් අපේ ආර්ථික ව්‍යුහය සම්පූර්ණයෙන් ම කඩා බිඳ දාලා ඔවුන්ගෙ ආර්ථික ව්‍යුහය අප මත පැටෙවුවා. ඒ ආර්ථික ව්‍යුහය යටතෙ වැවිලි ආර්ථිකයකට අපේ කිහිප දෙනකු යොමු කෙරුණා. තේ පොල් රබර් තමයි වැවිල්ල වුණෙ. ඊට අමතර ව මිනිරන් පතල් කර්මාන්තයක් හා රේන්ද කර්මාන්යක් ඇති වුණා. ඉංගිරිසින්ට සේවය කළ ඔවුන්ට කිට්ටු වූ කිහිප දෙනකු මේ ආර්ථික ව්‍යුහයේ ඉහළට පැන ගත්තා. ඔවන්ගේ දරුවන්ට ප්‍රභූ පාසල් ද ඇති කෙරුණා. ඉංගිරිසින් මෙරට අලුත් කුලයක් ඇති කළා.

අනෙක් සියලු දෙනා ම පාහේ අනාථ වුණා. අනාථ කෙරුණා. ගොවියන් වඩුවන් සුළු සුළු ගෘහ කාර්මිකයන් ආදී පිරිසක් ඇති වුණා. සිංහලයන්ට වෙළඳාම හුරු නැහැ. සිංහලයන් අතර වෙළඳාමට ටිකක් හරි හුරු වුණේ සියවස් කිහිපයකට ඉහත දකුණු ඉන්දියාවෙන් දකුණු පළාතට සංක්‍රමණය වී සිංහලයන් වූ අය. එහෙත් වෙළඳාම තිබුණේ මුස්ලිම් හා දෙමළ ජනකොටස් අතර. දකුණු පළාතෙන් ම මුදලාලිලා කිහිප දෙනකු ඇති වුණා. ඔවුන් කොළඹ පැමිණියා. ඔවුන්ගේ දරුවන් අර ඉංගිරිසින් ඇති කළ කුලයට එකතු වී ව්‍යාපාරිකයන් වුණා.

සිංහල මාධ්‍ය පාසල්වල තිබුණේ අද කියන විධියට නම් නිදහස් අධ්‍යාපනයක්. අපේ ආච්චිලා සීයලා ඒ අධ්‍යාපනය ලැබූ අය. ඒ අධ්‍යාපනය අද කියන විධියට නම් සාමාන්‍ය පෙළ මට්ටමේ විභාගයකින් අවසන් වුණා. ඔවුන්ට කළ හැකි වූ උසස් ම රැකියා සිංහල ගුරුකම, නොතාරිස්කම ආදිය. එහෙත් ඉතා වැඩි පිරිසක් ඊට කලින් ම හැලුණා. අපේ සීයලා දෙන්න ම වඩුවන් කියනවා. අම්මාගේ තාත්තා අම්මා කුඩා කල ම මිය ගිහින්. තාත්තාගේ තාත්තා වඩුවකු කීවත් කළ රැකියාවක් නැහැ. ඔහු බොහොම සැහැල්ලුවෙන් ජීවත් වූ අයෙක්. තාත්තලා හැදී වැඩි ඇත්තේ තම මාම කෙනකුගේ උදවුවෙන්. එහෙත් මා අපේ සියාගෙන් ඉගෙන ගත් දේ බොහොමයි. ඔහු කතා කීමේ රුසියෙක්. ඔහු නිදා ගත්තේ බූරු ඇඳක. කුඩා මා ඒ ඇඳේ වකුටු වී කතා ඇහුවා. ඒ කතාවල හිතන්න දේ තිබුණා.

සීයලා ආච්චිලා තම දරුවන්ට ගොඩ ඒමට ඉගැන්නුවා. ඒ ඉගෙනීමෙන් අම්මාත් තාත්තාත් සිංහල ගුරුවරුන් වුණා. අපට ගොඩ ඒමට තරම් දෙයක් නොතිබුණත් අම්මාත් තාත්තාත් මාමාත් එකතු වී අපට ප්‍රභූ අධ්‍යාපනයක් ලබා දුන්නා. අප ඊනියා දියුණුවක් අත් කර ගත්තා. මෙය අපට සීමාවූවක් නොවෙයි. මෙය සාමාන්‍ය තත්වයයි. ගොඩ එන්න නම් දියුණු වෙන්න නම් ඉගෙන ගන්න ඕන. ඒ කියන්නෙ ඉංගිරිසින්ගෙ අධ්‍යාපනය ලබා ගන්න ඕන.

මේ උගතුන් රටට බරක්. රටට ප්‍රශ්නයක්. උගතුන් ගොඩ ඇවිල්ලා. ඔවුන්ට නිෂ්පාදනයක් බැහැ. ඔවුන් පොල් වවන්නේ නැහැ. පොල් වවන්න කියා දෙනවා. පසුගිය දා එක් ව්‍යාපාරිකයකු කිව්ව පොල් වගාව ගැන ආයතන තුනක් තියෙනවා කියා. මා පුදුුම වුණා. මා හිතන් හිටියේ ආයතන පහක්වත් ඇතැයි කියා. අර උගතුන්ට රැකියා දෙන්න නම් එවැනි ආයතන තව තවත් ඇති කරන්න ඕන. අද ආයතන ඇති කරන්නේ උගතුන්ට රැකියා සැපයීමට මිසක් නිෂ්පාදනය සඳහා නො වෙයි. රාජ්‍ය සේවය කියන්නේ වැඩ කිරීම සඳහා වූ සේවයක් නොව උගතුන්ට රැකියා සපයන සේවයක්. (මතු සම්බන්ධයි)
මහඇදුරු නලින් ද සිල්වා මහතා

කිරිබත්ගොඩ නොහොත් ජූඩ් කබ්‍රාල් නම් වූ කතෝලික අසපුවා ඇතුලු ශාසන භක්ශයන්ට එරෙහි වෙමු.

අධර්මවාදීන් විසින් ශ්‍රී සම්බුද්ධ දේශනාව මෙලොවින් අතුරුදන් කිරීමට අතිධාවනයෙන් පතුරුවන මෙවන් සාපරාධී විකෘතීන් වල වල හිස් බව ඔබවහන්සේ වැනි ව්‍යක්ත විශාරද ත්‍රිපිටකධාරී සාසනහිතකාමී මහ තෙරුන් වහන්සේලා ඉදිරිපත් වී පෙන්වා දී සමාජ කතිකාවතක් දක්වා ගෙන ආ යුතුම කාලයකි.

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අත පෙවූ ගෞරවනීය තල්ගමුවේ සුධීරානන්ද හිමියන්ට අපගේ ස්තුති පූර්වක පාද නමස්කාරය වේවා
🙏🙏🙏

ත්‍රිපිටකය විකෘති කරන මෙම උදවිය නම් මරණින් මතු ඒකාන්ත වශයෙන් මහ නිරයට ගියත් අමූලිකා ශ්‍රද්ධාවෙන් මොවුන්ට රැවටී පාපයන්ට අනුබල දෙමින් නිරයට යන්නට සිටින සෙසු අනුගාමිකයින් පිරිස අතරින් අතලොස්සක් හෝ දැනුවත් කර ඒ අය මිත්‍යාදුෂ්ඨියෙන් මුදවා ගැනීම උතුම් සත් ක්‍රියාවක්.🙏

බුදුන් දෙසූ බණ (තුන් පිටකය) ප්‍රතික්ෂේප කරන බුදු දහමට එරෙහි දෙපිටකාට්ටු සිවුරු කරුවන් සහමුලින් ප්‍රතික්ෂේප කිරීම තිසරණය සරණ ගිය බෞද්ධයන්ගේ යුතුකමයි,පුද්ගල සරණ ගොස්,පුද්ගල රුචිකත්වයව මත එය කිරීමට බෞද්ධයා පැකිලේ නම් අනාගතයට සසුනක් ඉතිරි නොවනු ඇත. තවද එම පසුබෑම නම් බුදු වදනට එරෙහි වීමයි.

සුග තථාගතයාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට වසර 2500 කට වඩා ලංකාද්වීපයේ බුදු සමය සැදැහැවත් බෞද්ධයාගේ ආරක්ෂාවේ පැවතුනද, වර්තමානයේ අති සියුම් උපක්‍රම යොදමින්, සිංහල
බෞද්ධයා ගේම ශ්‍රද්ධාව ප්‍රයොජනයට ගෙන Ngo මුදල් හරහා බුද්ධ⁣ භාෂිත වචනය විනාශ කරන,ඉතිහාසය විකෘති කරන සංස්කෘතිය කනපිට පෙරලන චීවර ධාරීන්ද, ගිහි කෝලමුන්ද දිනෙන් දින බලවත් වේ.

සාසනයට බාහිරින් සිට සසුනට හානි පමුණුවන පුද්ගලයින් හඳුණා ගැනීම ඉතා පහසු නමුත් සැඟවී බිලයෙහි නිදන විසකුරු සර්පයකු වැනි මෘදු වචන ඇති, නපුරු සිත් ඇති ගම් නියම්ගම් හි සත්පුරුෂයකැයි සම්මතව ධර්මය කොඩියක් කොටගෙන හැසිරෙන කෛරාටිකයන්ගෙන් සාසනය ඇතුලින්ම බිහිවන පුද්ගලයින්ගෙන් සසුනට සිදු වන අනතුර හඳුනා ගැනීමටත්, එම අනතුරෙන් බේරීමත් සාමාන්‍ය බොදු ජනයාට ඉතා අපහසුය.
“සාසනය විනාශ කරන විනාශකාරී පුද්ගලයින් මේ සසුනෙහිම බිහි වන්නේ යැයි “අනාගත දිවැසින් දැක අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළේත් එම නිසාමයි.බුදුදහම බාහිරයෙන් ඉදන් විනාස කරන්න හදපු බටහිර ක්‍රිස්තියානි/කතෝලික මූලධර්මවාදීන් ,ඉස්ලාම් අන්තවාදීන් සහ ⁣හින්දු මිත්‍යාදුෂ්ඨික ඇදහිලි කරුවන් හා මේ රටේ බෙදුම්වාදයට ඇද දමන්න මාන බලන දෙමල ඩයස්පෝරාව සහ වර්ථමානයේ බිහිවෙලා ඉන්න අදේවවාදීන් යැයි කියාගන්නා පිරිස් දැන් අන්ත අසරණ වෙලා ඉන්නවා බුදුදහමත් සිංහල ජාතියත් කියන ශක්තිමත් පවුර හමුවේ.

රටේ ඉතිහාසය හා සම්බුද්ධ සාසනය විනාශ කිරීමෙහි ලා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාත්මක වන ද්‍රවිඩ ඊලාම් ඩයස්පෝරාවට සහය දෙන අති දැවැන්ත රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන සියලු යටිතල පහසුකම් මේවාට සහය සපයනවා …👆මේ සියල්ලට වඩා වසවර්ති මාර අනසක පෙරමුණේ ඉන්නව. සෑම දෙනාම එකට සම්බන්ධීකරණය වී සෘජුවම හෝ වක්‍රාකාරව සහය දක්වන අතර සිංහල බෞද්ධ ජනතාව අති සියුම් අයුරින් මුලා කොට බුදු දහම මෙලොවින් තුරන් කිරීමට කුමන්ත්‍රණ සිදු කරන කාලෙන් කාලෙට කරළියට එන කිරිබත්ගොඩ මහාමේඝ අසපු රැල්ල,පිටිදූවේ සිරිධම්ම උමතු උමන්දා ආශ්‍රම රැල්ල ,
මීවනපලානේ සිරි ධම්මාලංකාර ජංබුදීප රැල්ල. වහරක අභයරතනාලංකාර කවි කොලකරුවාගේ විකට පද නිරුක්ති ,කට්ටඩි කම් කරමින් සිට සිවුරු පොරවාගත් වලස්මුල්ලේ අභයගේ නාමරෑප බඩ බුරුලට යවන භාවනා ,පච්ච නිකායික තිත්තගල්ලේ ආනන්දසිරි ,ධර්මයයි ඔබයි,අරිය අසංඛත,ගොඩකන්ද ,
වඳුරඹ සිරිවර්ධන,රාජගිරියේ අරියඥාන වගේ ආපු රැලි වලම කැපී පෙනෙන සහ බරපතලව ම බුද්ධ⁣ දේශනාවට අවැඩක් කරන සංවිධානාත්මක කූට උපක්‍රමශීලී කල්ලිය මේ මහමෙව්නා අසපු රැල්ල. හැබැයි මේ කුරුස අදෝනාව බොහෝ කල් පවතිනව. අන් හැමටම වඩා භයානකයි .හේතුව කුට බුද්ධිය, තර්කානුකුල බව,අන් අධර්මවාදීන්ට විරුද්ධව ක්‍රියාත්මක වීම,ක්‍රිස්තියානි මිෂනාරි සහය රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සහය සහ අන් සියල්ලට වඩා වසවර්ති මාර අනසක යන සියල්ල එකට සම්බන්ධීකරණය වී සෘජුවම හෝ වක්‍රාකාරව සහය දක්වන අතර කපන්න බැරි අත ඉඹින්නා සේ අන් අධර්මවාදීන්ට විරුද්ධවත් ක්‍රියාත්මක වෙමින් බෞද්ධ ජනතාව අති සියුම් අයුරින් මුලා කරමින් මෙකල මනුලොව චතුරාර්‍යය සත්‍ය අවබෝධයට ඉඩ නැති බවත් මෙකල මාර්ගඵළ ලාභීන් නැතිබවත් පවසමින් අභිධර්මය ඉවත හලමින් මෙකලත් ඉදිරි අනාගතයේත් බුද්ධ භාෂිතය අති සූක්ෂ්මව විනාශ කරන පුද්ගලයා (කිරිබත්ගොඩ පිංවත් ලොකු නම) ඉන්නේ බුදුන් වැඳගෙනය, බුදු ගුණ කියාගෙනමය මේ නිසා ප්‍රශ්ණය ඉතාමත් බරපතලය..මතුපිටින් බැලූ බැල්මට කිසිවක් නොපෙනේ…

බටහිර බලවේග මගින් හසුරුවන ජූඩ් කබ්රාල් සහ මැල්කම් රංජිත් සහ චාර්ල්ස් ඇන්ටන් ආදීන් කරන්නේ සිංහල බෞද්ධ ගැලරියට අමතා වැල යන අත බලා මැස්ස ගැහීමයි.
නමුත් සිංහල බෞද්ධයා මේ ක්ෂණසම්පත්තිය ඇති කාලෙක ධර්මද්වීපයක ඉපදිලා මාර බලවේග වලට අහු වෙලා අපාගත වෙන්නෙ නැතුව ආත්ම විමුක්තිය සලසා ගැනීම තම තමන්ගෙ පුද්ගලික වගකීමකි. ඒ වගේම අපේම පිරිස ඒ මාර බලවේග වලින් මුදවා යහමගට ගැනීමත් අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් වන සියලු දෙනාගේ වගකීමක හා යුතුකමයි.

සම්පත් චමින්ද මහතා

දේශප්‍රේමී වෙස්මුහුණු දමාගත් බටහිර අන්‍යාගමික කුමන්ත්‍රණ කාරයා වන විජේදාස රාජපක්ෂට රැවටෙන්න එපා !

✔එදා විජේදාස රාජපක්ෂ එදා කීවා මතකද “සිංහලයට
මේ රට අයිති කියන්නෙ කවුද? ” කියලා , එහෙවු විජේදාස රාජපක්ෂද මේ අද බුරන්නේ ? එනතිනුයි විජේදාස රාජපක්ෂ පැහැදිලි කරලා පටන්ගන්න ඕන තම ජාතික ගමන , එය තාම ඔහු විසින් පැහැදිලි කර නැත .
විජේදාස රාජපක්ෂ ට අමතක උනාට අපිට අමතක නැත ,විජේදාස රාජපක්ෂ නරකම නැත විපක්ෂයක් ලෙස ජවිපෙ කරය භාරය වගේම විජේදාස රාජපක්ෂ ගෙන් ජනතා සේවයක් වෙනවා නමුත් අපි ඔහුගෙන් යම් පරස්පරයක් දකිනවා .

✔ ආණ්ඩුවත් බලු වටින්නේ නැත , ආණ්ඩුවත් ජාවාරම් කාරයෝ පස්සේ යන නිසා ජනතවට සේවයක් වෙන්නෙම නැත . නිකන් ඉන්න එකේ අහලා ගියත් ඇති කියලා ආණ්ඩුව පතෝල වගේ ගුණාත් නැත අගුණත් නැත ,නමුත් ජනතාවගේ බලාපොරොත්තු වලට නොව මැරයන්ගේ බලාපොරොත්තුයි ආණ්ඩුවෙන් ඉටු කරන්නේ .

✔ විජේදාස රාජපක්ෂට දුන් ඇමති කමේ අඩුවක් නිසයි මේ බුරන්නේ ,ඔහුට අධිකරණ ඇමතිකම බලාපොරොත්තු උනා ,ඔහු සිංහලයන් ව මරන්න යන්නේ ඔලුව අතගාලයි . මේ ගේම ගහන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය විනාශ කොට ආන්ඩුව වට්ටවන්නයි !
චීන භීතිකාව සමාජගත කිරීම පිටුපස බටහිර අවශ්‍යතාව තිබේ!

චීන සබදතා අපේ රටට හිතකරයි ! ඒ ඉන්දියාව වඩාත් ප්රබල ආක්මණික යා සහ ප්‍රබලම සතුරා වන නිසයි .

✔ දේශප්‍රේමී වෙස්මුහුණු දමාගත් බටහිර අන්‍යාගමික කුමන්ත්‍රණ කාරයා වන විජේදාස රාජපක්ෂට රැවටෙන්න එපා !
“සිංහලයට
මේ රට අයිති කියන්නෙ කවුද? ” කියා කියපු විජේදාස එක සිංහලයන්ට පැහැදිලි කරන්න ඕන මුලින්ම ජාතික වෙස්මුණ දාගන්න කලින් .

සාමන්ත ඒකනායක මහතා

චීන භීතිකාව යවන්නේ අර පල්ලි පිල්ලිම සහ කලුසුද්දන් ය.
ඔවුන්ට ඕන ඇමෙරිකන් කියාගන්නයි ආපහු බ්‍රිතාන්‍ය යටත්විජිතෙ වෙන්නටයි.
චාර්ගී ගාල්ලගේ ලා දිලිත් ජයවීරලා කමල් ගුනරත්නල රොහාන් ගුනරත්නලා මොහාන් විජේවික්‍රමලා ශෙනාලි වඩුගේලා, නෙල්ලිගල හොර සාදුලා , අසපුවාලා, මැල්කමා, ගොඩහේවලා වීරසේකරල ඔක්කොම ඇමෙරිකනයිස් සහ බ්‍රිටිශ් වීමට කැමති අය.
චීනෙට ගහන්නෙත් බෞද්ධයො බෙදන්නෙත් ඒ අබෞද්ධ මිසදිටු නඩේමයි. උපුටාගැන්මක්