විපක්‍ෂය, හැට හතේ නියැදිය හා ධම්මික පැනිය – මහඇදුරු නලින් ද සිල්වා මහතා

විපක්‍ෂය, හැට හතේ නියැදිය හා ධම්මික පැනිය

මා හිතන්නේ අද රටේ තියෙන ප්‍රධාන ම ප්‍රශ්න කොවිඩ් 19 වයිරසයවත් බටහිර වෙද මහතුන්ගේ නොදැනුමවත් නො වෙයි. ඒවත් ප්‍රශ්න තමයි. මෙරට ප්‍රධාන ම ප්‍රශ්නය බටහිර දැනුමට තියෙන බල පුළුවන්කාරකම. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය විපක්‍ෂය අසමත් අදක්‍ෂ අදූරදර්ශී අසමජ්ජාති එකක් වීම හා එයට නායකයකු නැති වීම. කාට හරි අහන්න පුළුවන් සජිත් විපක්‍ෂ නායකයා නොවෙයි ද කියල. නැහැ ඔහු විපක්‍ෂ නායක රඟපෑමක යෙදෙනවා. අද විපක්‍ෂයේ කිහිප දෙනකු විපක්‍ෂ නායක කමට තරග කරනවා. සමහරු 2024 ජනාධිපති අපේක්‍ෂකමට තරග කරනවා. කවුරු මොහොකට තරග කරනවා ද කියා මා දන්නෙ නැහැ. ඒත් ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කී පෙම්බ්‍රොක් කිරිඇල්ල, යුද වීරයකු වුවත් සුදු කොඩි ඉස්සූ සරත් ෆොන්සේකා, නලින් බණ්ඩාර නමැත්තෙක්, දේශපාලනය ඉගෙන ගන්නා හර්ෂ ද සිල්වා, පාස්කු හරීන් ප්‍රනාන්දු, ජාතිය මළ කඳක් කියන චම්පක රණවක ආදීන් යම් තරගයක ඉන්නවා.

ඒ ඒ අය අතර තරගයේ දී ඔවුන් එකිනෙකා පරයන ප්‍රකාශ කරනවා. දේශපාලනඥයන්ට විවිධ නිලධාරීන්ගෙන් තොරතුරු ලැබෙනවා. බොහෝ තොරතුරු වැරදියි. එහෙත් දේශපාලනඥයන්ට වෙලාවක් හරි දක්‍ෂකමක් හරි නැහැ ඒ තොරතුරු නිවැරදි ද කියල දැන ගන්න. අනෙක් අතට මෙරට ඉතා ප්‍රබුද්ධ යැයි කියන ජනමාධ්‍යවේදීන් රාශියක් ඉන්නවා. මා ඔවුන්ගෙන් අති විශාල බහුතරයකට කැමති නැහැ. ඔවුන් මට කැමති නැතිවා පමණක් නොව මා මිථ්‍යා මතධාරී වයස්ගත වූවකු ලෙස සලකනවා. ජනමාධ්‍යවේදීන්ගෙන් ඉතා සුළුතරයක් පමණයි මා කරන කියන දෙය අගයන්නෙ.

කොහොම හරි හර්ෂ ද සිල්වා කියල මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන ලැබුණු තොරතුරු නොසලකා හැරියාක් මෙන් අර එංගලන්ත වයිරස ජාතිය ගැන අප්‍රේල් අටවැනි දා තරම් ඈතක දුන් තොරතුරක් නොසලකා හැරල කියල. හර්ෂ ද සිල්වාට ඒ තොරතුරු කවුරු දුන්න ද දන්නෙ නැහැ. පාස්කු තොරතුරු නම් නොසලකා හැරියෙ යහපාලන ආණ්ඩුව. හර්ෂත් ඒ ආණ්ඩුවේ හිටියා.

එංගලන්ත වයිරස් ජාතිය ගැන අප්‍රේල් අටවැනි දා කිසිවකු කියා නැහැ. මේ ගැන චන්න ජයසුමන පාර්ලිමේන්තුවේ දී කී දේට අභියෝග කරන්න පුළුවන් ද? ඔය කියන විද්‍යාඥයන් අප්‍රේල් අටවැනි දා කියා ඇත්තේ අදාළ වයිරසය වෙනස් බව පමණයි. එය එංගලන්ත වයිරස් ජාතිය බවට හඳුනා ගෙන ඇත්තේ අප්‍රේල් විසිගණනක. ඉතින් අවුරුදු කාලෙ ආණ්ඩුව ඒ තොරතුරු දැන හිටියේ ය කියන එක වැරදියි. හර්ෂ විපක්‍ෂ නායකකමට අවශ්‍ය ලකුණු දා ගත්තා නොව කපා ගත්තා. ඕව ඔහොම තමයි. සරත් ෆොන්සේකාත් නිතර ලකුණු කපා ගන්නවා. පෙම්බ්‍රෝක් ගැන කියල වැඩක් නැහැ. හරීන් දැන් පාර්ලිමේන්තුවේ නැති එක ඔහුට හොඳයි. නලින් බණ්ඩාර මතක තියෙන කතාවක් කියන්නේ නැහැ.

ආණ්ඩුව අවුරුදු කාලෙ ටිකක් නීති රීති තද කළා නම් හොඳයි. ඒත් අපේ රටේ මැද පිළිවෙතක් ගැන උදේ හවස කතා කළත් නැත්තේ මැද පිළිවෙතයි. නීති රීති ටිකක් තද කරනවා කියන එක අපට දැනෙන්නෙ නැහැ. එක්කො නීති රීති නැති වෙන්න ඕන නැත්නනම් නීති රීති හොඳට ම තද වෙන්න ඕන. අවුරුදු කාලෙ ආර්ථික පැත්ත නම් ටිකක් හොඳ වෙන්න ඇති. ඒත් සෞඛ්‍ය පැත්ත නම් හොඳට ම නරක් වුණා.

සෞඛ්‍ය ගැන කතා කරන විට බටහිර වෙදකමේ හා බටහිර විද්‍යාවේ හා පොදුවේ බටහිර දැනුමේ ආධිපත්‍යය ගැන කතා නොකර බැහැ. මෙය කරුමයක්. චීන එන්නත ගැන තීරණයක් දෙනකම් ලෝක සෞඛ්‍ය සංවිධානය දිහා කට ඇරන් බලා ඉන්නවා. ඒ අතර චීනයේ දසලක්‍ෂ ගණකට ඒ එන්නත දීලා, ප්‍රශ්නයක් වෙලා නැහැ. චීනයේ එන්නත දීල තියෙන්නෙ ඊනියා විද්‍යාත්මක ක්‍රමයට නොවෙන්න ඇති. ඒක තමයි ප්‍රශ්නය.

ධම්මික වෙද මහතාගේ පැනිය ගැන කතා කරන්න බටහිර වෙද මහත්තුරුන්ට තියෙන අයිතිය මොකක් ද? ඔවුන්ගේ මිම්මට අනුව ද අප හැම දෙයක් ම කළ යුත්තේ. ඒත් මේ වැඩේ නම් පිලපිටිය කමිටුවෙ අය තමන්ගෙ ක්‍රමයටවත් කරල නැහැ. හැට හත්දෙනකුගේ ඊනියා නියැදියක් ප්‍රමාණවත් වුණෙ කොහොම ද? අනෙක් අතට ඔය පරීක්‍ෂණය කළ අනුරාධපුර ආයතනයෙ ප්‍රධාන වෛද්‍යවරයා ගැන ප්‍රශ්න තියෙනවා. මුස්ලිම් බැතිමතුන් අල්ලා දෙවියන් වහන්සේ හැර වෙනත් දෙවිවරුන් ගැන විශ්වාසයක් නැහැ. කාලි අම්මා කී දැනුමක් ගැන ඔවුන්ට විශ්වාසයක් නැහැ. ධම්මික පැනියටත් ඒ අවිශ්වාසය ඊනියා විද්‍යාත්මක ක්‍රමය වගේ ම බලපා තියෙන බව පැහැදිලියි.

හැටහතේ නියැදිය කෙසේ වෙතත් දසදහස් ගණනක් ධම්මික පැනිය බී තියෙනවා. මා ඉන් එක් අයකු පමණයි. මුස්ලිම් ගණිතඥයන් මෙරට ඊනියා බටහිර විද්‍යාඥයන් බටහිර වෙද මහතුන් රාමනුජන් දුන් දැනුම විශ්වාස කරන්නේ හාඩි නිසා පමණක් ද? පිලපිටිය කමිටුවෙ කී දෙනකුට රාමනුජන් සූත්‍රයක් සාධනය කරන්න පුළුවන් ද? ඔවුන් රාමනුජන් පිළිගන්නේ හාඩි ගැන තියෙන විශ්වාසය නිසයි. එතකොට හාඩි විශ්වාස කරන්නෙ කොහොම ද? ඊනියා පත්‍රිකා නිසා ද? පත්‍රිකා නිවැරදි ද? ඔවුන්ට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ගැන විශ්වාසයක් තියෙනවා ද? ඒ විශ්වාසය චීන එන්නත ගැන නැත්තෙ මොකද? මේ සියල්ල අප ලත් කසිකබල් ඉංගිරිසි අධ්‍යාපනයෙ ප්‍රතිඵල. මේ කසිකබල් අධ්‍යාපනය නිසා යමක් විද්‍යාත්මක යැයි කිවුවොත් මිනිසුන් එය විශ්වාස කරනවා. ඇතැම් හාමුදුරුවරු හා වෙනත් ඊනියා උගතුන් බුදුදහම විිද්‍යාත්මක කිරීමට කටයුතු කරන්නේ මේ දීන විශ්වාසය නිසයි.

බටහිර වෙදකමට කොවිඩ් 19 රෝගයට කිසිම ප්‍රතිකාරයක් නැතිව තිබියදීත් ඔවුන් අනෙක් වෙදකම්වල ප්‍රතිකාරවලට අකුල් හෙළනවා. එමගින් ජනතාව මරණයට ගෙන යනවා. ආණ්ඩුව මැදිහත් වී වහාම තීරණයක් ගන්න ඕන. මුස්ලිම් බැතිමතුන් කියන දේ ට හරි කොවිඩ් රෝගියකු හඳුනා ගන්න බැරි බටහිර වෙදකමට හරි සවන් දෙන්නෙ අවශ්‍ය නැහැ. පිලපිටිය හරි කණ්ඩායමේ වෙන කවුරු හරි හැට හතේ නියැදිය ගැන ඊනියා පරයේෂණ පත්‍රිකාවක් ඔය ලංකාවෙ මොකක් හරි බටහිර වෙදකමේ සංගමයට ඉදිරිපත් කරනවා ද? ඒ නැතත් ඕන තරම් ප්‍රබුද්ධ මාධ්‍යවේදීන් ඉන්නවා ධම්මික පැනිය නුසුදුසුයි කියල මහා උජාරුවෙන් ලියන්න. ඔවුන්ට බටහිර විිද්‍යාව හා පොදුවේ බටහිර දැනුම ගැන විශ්වාසයක් ඇති. ඔවුන් විද්‍යාඥයන් වෙන්නත් ඇති. මා නම් විද්‍යාඥයකු නොවෙයි. කොවිඩ් 19 සම්බන්ධයෙන් පාරම්පරික වෙදකමේ සාර්ථකත්වය අත්දුටු කෙනෙක් පමණයි.

චීනයද ඉන්දියාවද හතුරු රට

චීනය අතීතෙත් කිසි විටෙක අප රට ආක්‍රමණය කර නැත. ඔවුන්ගේ සංස්කෘතිය අපිට දී නැත. ෆාහියන් තෙරුන් වහන්සේ අපෙන් ථේරවාද බුදු දහම උගෙන එය ආරක්ශා කර ඔවුන්ටත් රැගෙන ගියා එය ඉතා වටිනා නිසා එයයි ලොවටම සිදුවිය යුත්තේ අපෙන් ගත යුතු වටිනාම සම්පත අනුගමණය කිරීමයි.
චීනය කවදත් අපිට මිතුරු රටක් ජිනීවාහි ඊනියා ලෝක බලවත් බටහිර අපේ රට සහ රණවිරුවන් පෙලද්දි අවමංගලයා අපේ රටෙන් ම ගොස් රට පෙළද්දි චීනය අපව බේරා ගත්තා.
සිරිමාවෝ කී දේ අසා චීනය ඉන්දියාව සමග යුද බිමට නොගියා. ගියේ නම් ඉන්දියාවත් කුඩු මෙලහට අපේ රටත් කුඩු බටහිරයො ලෝක යුද්ද මායමෙන් ආපහු ආසියා ආක්‍රමණයට එළඹෙන දා එදා වෙන්න තිබුණා.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දඹදිව මධ්‍ය ප්‍රදේශයේ බිහි වූවා මිස වර්තමාන පසමිතුරු ඉන්දියාවේ හෝ පෙර සතුරු කාලිංග දේශයේ නොවේ. ඉන්දියාව යනු කොටි ත්‍රස්තයන් නිර්මාණය කර බටහිරෙ ව්‍යාපෘතිය වන බෙදුම්වාදයට උඩින්ම සහාය දුන් සතුරා ය. එය නිමා කිරීමට ඉඩ නොදී මහින්ද ජනපතිගේ කකුලෙන් අදින ලදී එනිසා ඔහුව ජෝර්දානෙට යවා ෆොන්සේක හමුදාපතිත් චීනෙට යවා සිටි අතරේ ගෝටා ආරක්ශක ලේකම් ත්‍රිවිධ හමුදාව සමග එය නිමා කලා. එදා සිටත් ඉන්දියා හතුරා කලේ 13 ප්ල්ස් ඉල්ලා බැසිල් හොරා ලලිත් වීරතුංග හොරා ජී එල් තක්කඩියා ල සමග වක්‍රව ආපහු රට බෙදීමට සදාචාර විරෝධී මෙහෙයුමක් ගෙන යාමත් එදා මෙදා තුර රෝ ඒජන්තයන් හැම අස්සක් මුල්ලක් තුලටම එවා ජඩ මාධ්‍ය හරහාත් ඉන්දීය ව්‍යාපාර සේවකයො දමා උන්ගේ සංස්කෘතිය ගම් නියම්ගම් වලටත් යවා සිංහල බෞද්ධ සරල අල්පේච්ඡ දිවි පැවතුම් පවා ආක්‍රමණය කිරීමය. ඒ මදිවාට මලබාර් කටෝලික රාජ් සෝමදේව ඇතුලු අබෞද්ධ කල්ලි සහ ජවිපෙ වැනි කැනහිලුන් ලවා බුදු රජාණන් වහන්සේ ගෙ බුද්ධත්වය චරිතය පවා වෙනස් කරවමින් මොල සෝදන්නේත් පසමිතුරු ඉන්දියාවයි. ඔවුන්ම මහායානෙ ගේන්නේද ඇමෙරිකාවෙන් ගෙවන වතිකානුවෙන් ගෙවන කිටු කටෝ බෝර්න් අගේන් නඩේ හරහායි. චීනය මහායාන බෞද්ධ වුවද අපේ රටෙන් ඔවුන් ථේරවාදය ගත්තා මිසක මහායානෙ අටවන්නේ නැත.
ජිනීවාහි කවදත් අපට පසමිතුරාද ඉන්දියාවමය.
එකී නොකී සියලු දේ නිසා ඉන්දියාව යනු අපගේ පරම හතුරා ය. චීනය අපගෙ කලණ මිතුරා ය. අපගේ වගකීම කුණු ඉන්දියානුවන් විනාශ කල දඹදිව බෞද්ධයන්ටත් නැවත අත දී ඔවුන්ගේත් නිර්වාන මග සකස් කර දී හින්දු බමුණන්ගෙන් මිත්‍යාවෙන් ගලවා ඔවුන්ට මෙත් වැඩීම ය.
චීනය ලෝක බලවතා වී හමාරය එවන් මිතුරෙක් අපට සිටීමත් ආඩම්බරයකි. බටහිරයන් වෙවුලති එනිසාම ගැට කපති. කොරෝනා ලෝක යුද්ධයකි. ඉන්දියාවට කොරෝනා වැඩිවෙන්න ඉඩ දී උන් ආක්‍රමණය ට පාදා ගන්නේද අපේ රට ඉලක්ක කරගෙන ය. බටහිරයන්ගෙ පස්ස ලෙවකන ඉන්දියාවෙන් අපට වැඩක්ම නැත ඒත් එහි බෞද්ධයෝ බේරා ගැනීම අපගේ වගකීමකි.

සිංහලේ දඹදිව නෑකමට මයිස්ටර් ඉතිහාසඥ්‍යෝ හරස් වෙලා ලෙස කියවන්න

(සිංහලේ දඹදිව නෑකමට මයිස්ටර් ඉතිහාසඥ්‍යෝ හරස් වෙලා ලෙස කියවන්න.)

ඉන්දු ලංකා නෑකමට ඉතිහාසය හරස්වෙලා

1817-18 වර්ෂයන්හි ඉංග්‍රීසි පාලනයට විරුද්ධව ‘සිලෝන්’හි (සිංහල රටේ) මහජනතාව නැගී සිටීම පිළිබඳව සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍ය කිරීටය විසින් පත්කරන ලද ඩබ්ලිව්. ඇම්. ජී. කෝල්බෲක්ගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසම ලංකාවට පැමිණ සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක් සිදු කර පෙරළා එංගලන්තයට ගොස් වාර්තාවක් ඉදිරිපත් කර ඇත්තේ සිංහල බෞද්ධයන්ගේ අවශ්‍යතාවකට නොවේ. කොටස් කිහිපයකින් යුතු ඔවුන්ගේ වාර්තාව මගින් කෙරෙන ලොකුම ක්‍රියාව, අධිරාජ්‍යයට සිංහලයන් කවුරුන්දැයි පැහැදිලි කර ඔවුන් අසිංහලයන් කළ යුතු බවට යෝජනා කර ඊට උපාය මාර්ග ඉදිරිපත් කිරීමයි. පසුකාලීන දේශපාලන මයිස්ටර්වරුන් කරන්නේ, කෝල්බෲක් ලිබරල්වාදියකු සේ හඳුන්වා ලිබරල්වාදය ගැන කතාන්දර ඉදිරිපත්කර ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමයේ මුලාරම්භය කෝල්බෲක් කොමිසම බව කියමින් කොමිසමේ මූලික වුවමනාව වසන් කිරීමයි.
බ්‍රිතාන්‍යයන්ට පෙර ලංකාව ඇල්ලීමට වෙහෙසුණ යුරෝපා ජාතිකයෝ, සිංහලයන් අසිංහලයන් කිරීමට ක්‍රිස්තියානි අධ්‍යාපනය යොදාගත්හ. පෘතුගීසි පාලන කාලයේ සිදුවීම් හොඳම නිදසුනයි. පෘතුගීසි පාලකයෝ සිංහල බෞද්ධයන් ක්‍රිස්තියානි කර ඔවුන් පෘතුගාල අධිරාජයාට සහ පාප්තුමාට පක්ෂපාත වැසියන් කළහ. බ්‍රිතාන්‍ය පාලකයින් පැරැණියන්ගේ ඒ උපාය සාර්ථකව භාවිතකර නැති බව, කෝල්බෲක් කොමිසම අවබෝධ කරගත් එක් කරුණකි. ඔවුන්ගේ මතය වූයේ පෘතුගීසින්ගේ වැඩපිළිවෙළ ආදර්ශයට ගෙන සැලසුම් සහගත අධ්‍යාපන ක්‍රමයක් රට පුරා ක්‍රියාත්මක කිරීම මගින් රටවැසියාගේ ස්වරූපය හැර සිතුම් පැතුම් සම්පූර්ණයෙන් වෙනස් කළ හැකි බවයි.
කොමිසම, ඇමරිකානු මිෂනාරි දේවගැතිවරුන් අධ්‍යාපනය ආධාරයෙන් උතුරු පළාතේ වැසියන්ගේ ජීවිත වෙනස් කරන පිළිවෙළ ද අධ්‍යයනය කර තිබේ. මීට පසු කාලයක නිව් යෝර්ක් තියෝසොපි සමාජිකයන් සිංහල බෞද්ධයන්ගේ උපකාරයට පැමිණ බෞද්ධ පාසල් අරඹන්නට පෙර, ආණ්ඩුවේ පාසල්වලට දරුවන් යැවීමට සිංහල බෞද්ධයෝ කැමැති නොවූහ. නිව් යෝර්ක් තියෝසොෆිය, තනිකරම ආගමික සංවිධානයකි. එහි සාමාජිකයෝ බෞද්ධයින් නොවූහ. බ්ලැවට්ස්කි මහත්මිය රුසියාවේදී ලාමාවරුන්ගෙන් බුදුදහම උගත් බවට සාක්ෂ්‍ය තිබේ. ඕල්කොට් ඇමරිකාවේදී බුදුදහම වැලඳගෙන සිටිය බව කියන්නෝ සිටිති. නමුත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුවත් බෞද්ධ යැයි ඔප්පු කිරීමට නොපුළුවන.
“ඇමරිකානු ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධියකට අනුවත් ඒ වනවිට යුරෝපයට පිවිස තිබූ ථෙරවාදී සහ මහායානික බෞද්ධ පොතපත මගින් ද ප්‍රාමාණිකව බුදුදදහමේ මූලික හරය අවබෝධ කරගෙන සිටි ඕල්කොට්තුමාට පානදුරාවාදයේ පණිවුඩයෙන් ද ඉන්දියාවට පැමිණීමෙන් පසුව කරන ලද අධ්‍යයනයන්ට අනුවද එතුමා අපේක්ෂා කරමින් සිටි අරමුණ කරා ළඟාවීම සඳහා ලංකාවේ ගමන මහත් සේ ප්‍රතිඵලදායි වන බව පෙනිණ.” යනුවෙන්, ‘යුරෝපයේ චින්තනය බෞද්ධ පුනරුදය හා ඕල්කොට්’ පොත ලියූ බන්දුපාල ගුරුගේ සඳහන් කරයි. මෙවැනි ප්‍රකාශ කියවන සමහර පාඨකයෝ නොමග යති. නිව් යෝර්ක් තියෝසොෆි පුද්ගලයන් විශාල පිරිසකගේ සංවිධානයකි. ඊට බුදුදහම ප්‍රවර්ධනය කිරීමේ වුවමනාවක් නොතිබිණි. ඔවුන්ගේ පැරණි ලේඛන පරික්ෂා කරනවිට පෙනෙන්නේ සංගමයේ සාමාජිකත්වයට සිංහලයන් ගැන කිසිම දැනුමක් නොතිබුණ බවයි. එනිසා ඕල්කොට් සිංහල බෞද්ධයන් සමග සම්බන්ධ වීම අතරමැදි පිරිසකගේ අවශ්‍යතාවක් නිසා සිදුවූ දෙයක් විය යුතුයි. ඕල්කොට් රහස් පරීක්ෂකයෙකි. ඔහු ඒ සඳහා වූ ආයතනයක්ද පවත්වාගෙන ගියේය.
ඉන්දියානුවන්ගේ මනස ඉංග්‍රීසින්ට ගැතිවෙන සේ වෙනස් කිරීමට සමත් අධ්‍යාපන ක්‍රමයක් පිහිටුවීම ඉන්දියාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කළ මැකෝලීගේ වුවමනාව වූයේය. ඔහුට මෙවැනි අදහසක් ඉබේ පහළවූ බව බොහෝ දෙනා සිතති. ඇත්ත එය නොවේ. මැකෝලි නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගමේ සේවකයකු වශයෙන් කෝල්බෲක් වාර්තාව අධ්‍යයනය කළේය. ලංකාව යටත් කරගෙන දඹදිව රටවල් යටත් කළේත් මෙම සමාගමයි. ලංකාව ඉන්දියාවේ කොටසක් යයි බ්‍රිතාන්‍ය සමාගමේ නිලධරයෝ සිතුහ. ඔවුහු සිංහලයින් ඉන්දියානු ජන වර්ගයක් සේ පිළිගත්හ. ඔවුන්ට සේවය කළ යුරෝපා ජාතිකයින් සිංහලයින් කවුරුන්ද? ඔවුන් ලංකාවේ ජනපද පිහිටුවූයේ ඇයි? යනාදී කරුණු ඉදිරිපත්කර ඇත්තේ සමාගමට වාසිවන ආකාරයෙනි. අධ්‍යාපනය ලැබීමට ගොස් ඒ අදහස් ගිල්ල සිංහලයින්ට තමන්ගේ ඉතිහාස කතා වැරදි යයි සිතුණි. අධ්‍යාපනය මගින් ප්‍රබල රණකාමී ගෝත්‍රයක් වූ සිංහලයන්ගේ මනස වෙනස් කිරීමට හැකිනම් ඉන්දියාවේ ඕනෑම ජන වර්ගයක් ඉතා පහසුවෙන් වෙනස් කිරීමට හැකි යයි බ්‍රිතාන්‍ය පාලකයෝ පිළිගත්හ.
මහාවංශයේ අඩංගු විජයාගමන කතාවෙන් සිංහලයින්ගේ දඹදිව මුල ගැන කියවේ. යුරෝපීයයෝ සිංහලයන්ගේ ඉතිහාස කතාව මිථ්‍යා ප්‍රබන්ධයක් සේ පෙන්නූහ. මහාවංශය හැර සිංහලයන්ගේ මුල ගැන ලියවුණ තවත් පොතපත තිබේ. මේවාට බැටදෙන මයිස්ටර්වරුන් බිහි කිරීම, බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය මගින් සිදුකළ ක්‍රියාවකි.
දඹදිව විසූ ශ්‍රී හර්ෂ රජතුමා රචනා කළ රත්නාවලී නාට්‍ය කතාවේ සිංහල රජ පවුල් දඹදිව රජ පවුල් සමග පැවැත්වූ සම්බන්ධකම් ගැන හොඳ විස්තරයක් අඩංගු වේ. කාලයක් මුළුල්ලේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ලංකා විශ්වවිද්‍යාලය ඉතිහාස කතාව හලා ‘රත්නාවලී’ නාට්‍යය පෙළ පොත ළමයින්ට උගන්වා ඇත.
මහාචාර්ය සුචරිත ගම්ලත් ‘රත්නාවලී නාටකය සමග නාට්‍ය ප්‍රවේශය’ නමින් පොතක් ප්‍රකාශයට පත් කළේය. එය ආරම්භයේ ‘වචනයක්’ යන උද්ධෘතය යටතේ වෙළෙඳ දැන්වීමක් පළකර ඇත. එහි මෙසේද සඳහන් වේ:
“මේ පොතේ කොටස් දෙකකි. පළමුවැන්න නාට්‍ය ප්‍රවේශයයි. අ.පො.ස (උ.පෙ) සඳහා සිසුන් උගත යුතු නාට්‍ය කලාව පිළිබඳ සියලු න්‍යායික කරුණු එහි විස්තර කෙරේ. දෙවැන්න රත්නාවලී නාටකයත් එය අයත්වෙන සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායත් පිළිබඳ සවිස්තර අධ්‍යයනයකි. උසස් පෙළ සිසුන්ටද ඔවුන්ට උගන්වන ගුරුවරුන්ටද පොත මහත් සේ ප්‍රයෝජනවත්ද මග පෙන්වන්වන්නක්ද වෙනු ඇත.”
තමා හොඳ මාක්ස්වාදියෙකු බව ප්‍රකාශ කරමින් දෙමළ බෙදුම්වාදයට ශක්ති ප්‍රමාණයෙන් මෙහෙකළ ගම්ලත් මහාචාර්යතුමා පෙරදිග සහ අපරදිග නාට්‍ය කලාව ගැන කතාන්දර ඉදිරිපත් කරමින් තමාගේ පාණ්ඩිත්වය පෙන්වීම මෙම පොතින් කරන ප්‍රධාන කටයුත්තයි. ඔහු රත්නාවලියේ අඩංගු සිංහල ඉතිහාස කතාව නොසලකා හරියි. නමුත් සිංහල මයිස්ටර් කෙනකු බැවින් විශාල පිරිසකට තමාගේ අදහස් කැවීමේ හැකියාව ඔහුට තිබිණි.
මහාචාර්ය සෙනරත් පරණවිතාන ඉතිහාසය පිළිබඳ සැඟවුණ තොරතුරු රාශියක් ඉදිරිපත් කළ පුරාවිද්‍යාඥයෙකි. ඔහු රැකියාව ඇරඹූ කාලයේ සිංහලයන්ගේ දඹදිව නෑයන් පිළිබඳ තොරතුරු හෙළිකිරීමට මහන්සි ගත්තේය. 1934 ප්‍රයාග්හි හින්දි සම්මේලනයට, ‘ලංකාවේ රාජ්පුත් ජනයා’ මැයෙන් ඉදිරිපත් කළ ලිපිය නිදසුනකි. පරණවිතානගේ උත්සාහයෙන් රටේ පාලකයෝ ප්‍රයෝජන නොගත්හ. ආර්ථික ගැටලුවලට මුහුණ පෑ ඔහු සීගිරි කුරුටු ගී පොත ලියමින් ලංකාවේ ක්‍රිස්තියානි ඉතිහාසය අනුරාධපුර රාජධානි කාලයට ගෙනයාමට සැරසුණේය.
‘පැරකුම්බා සිරිත’, ශ්‍රී ජයවර්ධනපුරය අගනුවර කරගෙන රට එක්සේසත් කළ හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ ජීවිත කතාව අළලා, එතුමාගේ රාජ්‍ය කාලයේ ලියවුණ අඥාත කර්තෘක කාව්‍ය සංග්‍රහයකි. එහි ඇතැම් කවිවලින් පෙන්වන ලෙසට, එය කිවිඳියකගේ නිර්මාණයකි. එහි එක් පද්‍යයක සිංහලයන්ගේ දඹදිව නෑයන් පිළිබඳ තොරතුරු රාශියක් සඳහන් වේ.
විමල උබයරිවිකුල මිණි අකිලබුවන රාජ රාජ
උදුල ලකුණ ගරුඬවේග හයාරෝග නකුල රාජ
සකලකලා වල්ලබ ගුණ සාහිතසත භෝජ රාජ
පබල විකුම් පැරකුම් රජ ගජාරෝග වංග රාජ
මහාචාර්ය පරණවිතාන, පැරකුම්බා සිරිතේ අඩංගු මෙම කවිය උපුටා දක්වමින් හයවැනි පරාක්‍රමබාහු රජතුමා බෝජ රජතුමාට සමාන කිරීම ගැන අදහස් ඉදිරිපත් කළේය. බෝජ රජු සාහිත්‍යට කළ මෙහෙවර නිසා භාරතය පුරා මහත් කීර්තියට පත්වූවෙකි. ඉහත පද්‍යයෙන් කියන්නේ පරාක්‍රමබාහු රජතුමා බෝජ රජුට සමාන සාහිත්‍ය සේවාවක් කළ බව යයි පරණවිතාන පැහැදිලි කළේය.
බෝජ රජතුමාගේ කතාව මහාචාර්ය පරණවිතාන පැහැදිලි කළ ලංකාවේ රාජ්පුත් ජනයාගේ කතාවටම සම්බන්ධ වුූවකි. බෝජ වනාහි, වර්තමාන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශය (මාල්වා) මුල්කරගෙන ධාරා නුවර සිට මහා රාජධානියක් ගොඩනැංවූ පරමාර වංශයට අයත් රාජ්පුත් රජෙකි. ඉස්ලාම් ආක්‍රමණිකයන් රාජස්ථානය ආක්‍රමණය කිරීම බෝජ රජුගේ පාලන කාලය අවසානයේ සිදුවූවකි. මේ නිසා බොහෝ රාජ්පුත් පවුල්වලට ආරක්ෂාව පතා රටහැර පලායන්ට සිදුවිය. ඔවුන් කාගේත් රැකවරණ රාජධානිය වූයේ සිංහල ද්වීපයයි. රාජ්පුත් ඉතිහාසයේ අතිශයින් ප්‍රකට පද්මිනී කුමරිය මෙසේ පැමිණි රාජපුත් පවුලකට අයත් බව ඉන්දියානු මූලාශ්‍රයන්හි සඳහන් වේ.
සිංහලයන් දඹදිව වැසියන් සමග පැවැත්වූ සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ දැමීම බ්‍රිතාන්‍ය පාලකයින්ගේ වුවමනාවකි. ඉන්දියාවේ මධ්‍යම රජය තමිල්නාඩුවේ සිරකරුවකු වශයෙන් කටයුතු කරන්නේ සහ ලංකාවේ කනස්සල්ලට හේතුවෙන දේශපාලන තීන්දු ගන්නේ බ්‍රිතාන්‍යයන් ඇටවූ උගුලකට හසුවූ රටක් වශයෙනි.
ලංකාවේ විදේශ අමාත්‍යාංශය ඉන්දියාව සමග කටයුතු කිරීමේදී සිංහල දඹදිව නෑදැකම් යළි පිහිටුවීමට මෙතෙක් සිතා නැත. ඊට එක් හේතුවක් බ්‍රිතාන්‍යයන්ට වුවමනා ආකාරයට සිතන අධ්‍යාපනය විසින් හදන උගතුන් විදේශීය රාජ්‍ය සේවා කටයුතු හැසිරවීමයි. ඒ වැරදි වැඩපිළිවෙළ අවසන් කර සිංහල ඉන්දීය නෑදැකම් ඇතිකිරීමට නම් පළමුවෙන් කළ යුත්තේ, ඉන්දියාවේ වෙසෙන සිංහලයින්ගේ නෑයින්ට, අමතක වූ ඉතිහාස තොරතුරු සපයා දීමයි.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

සතිඅග අරුණ

ලක්‍ෂය පැන්නීම සහ ජී එල් හා එක්ව මා පැන්නීම – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ලක්‍ෂය පැන්නීම සහ ජී එල් හා එක්ව මා පැන්නීම

ලක්‍ෂයක් කියන එක ලොකු සංඛ්‍යාවක් නොවෙයි. තාරකා විද්‍යවේදී නම් ඉතා සුළු සංඛ්‍යාවක්. ජනප්‍රිය ගායකයකුට නළුවකුට වත්මන් යූ ටියුබ් ජනමාධ්‍යවේදියකුට ප්‍රතිචාර ලක්‍ෂයක් කියන්නෙත් ඉතා සුළු සංඛ්‍යාවක්. ඒත් මට ලිපියක් ලක්‍ෂයක් කරා යනව කියන එක ලොකු වැඩක්.

පසුගිය දා අප විවාහ වී අවුරුදු පනහයි යනුවෙන් මා පළ කළ ලිපිය දින පහක් ඇතුළත ලක්‍ෂයකට ගිහිල්ලා. එය කී දෙනකු කියෙව්වාද කියා මා දන්නේ නැහැ. එයට 2600කට වඩා කැමැත්ත දක්වලා තියෙනවා. විසිපන්දාහකට වඩා ඒ සමග සම්බන්ධ වෙලා. ප්‍රතිචාර පන්සීයකට අධිකයි.

ඒ කියවු සම්බන්ධ වූ ප්‍රතිචාර දැක්වූ බෙදා හදා ගත් අයගෙන් අතිවිශාල බහුතරයට මගේ ප්‍රණාමය හිමිවෙනවා. මගේ වෙනත් කිසිම ලිපියකට එලෙස සම්බන්ධ වූ පිරිසක් නැහැ. නන්දාට ඇඬිලා ලිපියත් ගිහින් තිබුණේ තිස්හත්දාහකට පමණ පිරිසකට. අප විවාහ වී අවුරුදු පනහයි ලිපියට ප්‍රතිචාර දැක් වූ සියල්ලන් ම පාහේ මට සුබ පතා තිබුණා. ඒ සියල්ලන්ට මා පින් දෙනවා.

ඒත් හතර දෙනකුට එය දරා ගැනීමට බැරි වෙලා. එයත් මා බලාපොරොත්තු නොවූවක් නො වෙයි. ඔවුන්ට ඇත්තේ දේශපාලන ප්‍රශ්නයක්. මගේ අදාළ ලිපියේත් මා දේශපාලනය සුළුවෙන් නමුත් කතා කළා. ඒ කතා නොකර බැරි නිසා. කොළඹ විශ්වවිද්‍යාලයෙන් මා අස් කෙරුණේ දේශපාලන හේතුන් නිසා බව නොදන්නා අයකු සිටී නම් ඒ ජී එල් පීරිස් වෙන්න ඕන. ඔහු කිසි දිනෙක පිළිගන්නා එකක් නැහැ මා අස් කෙරුණේ දේශපාලන හේතූන් මත කියා. ඔහුගේ සුපුරුදු ව්‍යාජ සන්සුන්කම පෙන්වා ඔහු කියාවි මට විරුද්ධ ව විද්‍යා පීඨ ගුරුවරුන්ගෙන් චෝදනා තිබූ බවත් උපකුලපති ලෙස ඔහුට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සිදුු වූ බවත්.

ඒත් ඔහු සාමාන්‍ය විධියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඔහු අධිවේගයෙන් ක්‍රියාත්මක වුණා. මට විරුද්ධ ව විද්‍යා පීඨයේ යම් ගුරුවරු පිරිසක් සනාතන සභාවේ දී චෝදනා කර තිබෙනවා. ඒ සනාතන සභා රැස්වීමට මට සහභාගි වීමට නොහැකි වූයේ එයට පෙර ම මා ගණිත අධ්‍යයනංශයේ අංශාධිපති ධුරයෙන් ඉවත් කර තිබීම නිසා. එය ප්‍රශ්නයක්. ජී එල් පීරිස් ඒ වන විටත් තමාට හිමි බලතල අනුව මට දඬුවම් කිරීමට පටන් ගෙන තිබුණා.

මෙහි පසුබිම මා අර ලිපියේ සඳහන් කළ විද්‍යා පීඨ ශිෂ්‍ය ප්‍රශ්නය. විද්‍යා පීඨ සභාවේ දී සිසුන්ගේ ඉල්ලීම සාධාරණ යැයි කී ගුරුවරු සුළුතරයක් වුණා. ඒ ප්‍රශ්නය පවතින කාලයේ තමයි ජී එල් පීරිස් මා ගෙන්වා ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද කියා ප්‍රශ්න කෙළේ. මා ඔහුගෙන් මූණට ම අසා සිටියේ අනෙක් අය විජාතික චින්තනය උගන්වනවා නම් මට ජාතික චින්තනය (චින්තනයේ ජාතිකත්වය) ඉගැන්වීමට නොහැකි ඇයි කියා. එසේ ඇසීමෙන් ටික කලකට පසුයි මට විරුද්ධ ව ඇතැම් ගුරුවරුන් සනාතන සභාවේ දී චෝදනා කෙළේ.

සාමාන්‍ය ප්‍රතිපත්තිය අනුව සභාවල ගන්නා තීරණ ක්‍රියාත්මක වන්නේ ඒ තීරණ අඩංගු රැස්වීම් වාර්තාව ඊළඟ රැස්වීමේ දී සම්මත වීමෙන් පසුව. ජී එල් පීරිස්ගේ වුවමනාව කෙතරම් වී ද යත් ඔහු සතියක් ගතවීමත් සමග විශ්වවිද්‍යාල පාලක සභාවේ රැස්වීමක් කැඳවා පෙර කී සනාතන සභාවේ ඉදිරිපත් වූ චෝදනා රැස්වීම් වාර්තාව සම්මත වීමටත් පෙර පාලක සභාවට ඉදිරිපත් කළා. පාලක සභාව වහාම තීරණයක් ගත්තා මගේ වැඩ තහනම් කිරීමට. ජී එල් ට කොවිඩ් 19 සම්බන්ධ තීරණ ගැනීමට එතරම් හදිසියක් නැහැ.

ජී එල් ගැන මා දන්නේ කුඩා කල සිට. ඒ තොරතුරු පසු දිනෙක. මගේ පියා ඔහුට කුඩා කල පෞද්ගලික උපකාරක පංති (ටියුෂන්) පවත්වා තියෙනවා. ඔහුගේ සමත්කම් අසමත්කම් මා හොඳින් දන්නවා. අප කතා කරන කාලයේ ජී එල් ප්‍රේමදාසවාදියෙක්. පසු කලෙක ඔහු චන්ද්‍රිකාවාදියෙක්. දැන් රාජපක්‍ෂ වාදියෙක්. ඔහු කලක් බෙදුම්වාදියෙක්. මංගලත් සමග අවලම් තවලම් ගිය අයෙක්. ඒ කොහොම වුණත් මගේ වැඩ තහනම පාලක සභාවෙන් අනුමත කර ගත් ඔහු මට කොළඹ විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් කළා. ඒ හේතුවෙන් වෘත්තිය අරගලයක යෙදී සිටි ආචාර්ය සමිති සම්මේලනයේ රැස්වීම් කුමාරතුංග මුනිදාස මාවතේ මාර ගහක් යට පැවැත්වීම සිදු වුණා. ජී එල් මට විරුද්ධව ඊනියා ගෘහස්ථ පරීක්‍ෂණය පැවැත්වූයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. මට විරුද්ධ ව චෝදනා පත්‍රය පිළියෙළ කළේ එකල නීති පීඨයේ සිටි ඊළාම්වාදියකු ආධාර කරගෙන. ඔහුට යහපාලන ආණ්ඩුවෙන් තනතුරුත් ලැබුණා.

ඊනියා ගෘහස්ථ පරීක්‍ෂණයේ මා වැරදිකරු කරනු ලැබුවා. මා අස් කෙරුණා. එහි දී කොළඹ විශ්වවිද්‍යාලයේ මා වෙනුවෙන් කතාකළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් හිටියේ කිහිප දෙනයි. ඒ අතර පියසීලි විජේගුණසිංහ, අර්ජුන පරාක්‍රම හා වසන්තා සෙනෙවිරත්න හිටියා. වසන්තා මට පක්‍ෂ ව සාක්‍ෂි දීමට පවා ඉදිරිපත් වුණා. එහි දී ඈපාසිංහ ප්‍රමුඛ පිරිස් ඇයටත් බොරු චෝදනා ඉදිරිපත් කළා.

එකල සහකාර කථිකාචාර්ය ව සිටි නිර්මාල් රංජිත්, ප්‍රේමකුමාර ද සිල්වා වැන්නන් ද මා වෙනුවෙන් කතා කළා. ප්‍රේමකුමාරට එකල ඔහුගේ අධ්‍යනාංශ ප්‍රධානියා වූ විප්ලවාදී ට්‍රොට්ස්කිවාදියකු ඒ පිළිබඳ තර්ජනයක් ද කර තිබෙනවා. අපි නොදන්න ට්‍රොට්ස්කිවාදය!

මගේ පනස් වසර ලිපියෙන් හතර දෙනකුට රිදී තියෙනවා. ඒ තුන්දෙනෙක් චම්පකගේ ගෝල බාලයන්. එය එසේ සිදුවන්න ඕන. ඔවුන් සිටියේ මා අස්කිරීමට පක්‍ෂ ව. ඔවුන් මගේ අස්කිරීමට විරුද්ධ ව පැවැත් වූ ශිෂ්‍ය අරගලය කඩා කප්පල් කෙරුවා. ශිෂ්‍ය නායකයන් ජී එල් පිරිස් සමග වැඩ කළා. ඔවුන් සමහරුන් ශිෂ්‍යයන් ලෙස නොසිටියත් ශිෂ්‍ය අරගලවලට සහභාගි වී ඒ කඩා කප්පල් කළා. මා කී හතර දෙනාගෙන් එක් අයෙක් එවැන්නෙක්. ඔහුගේ සහායට ඔහුගේ භාර්යාව ඉදිරිපත් වී සිටිනවා. ඇය රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තත් ඒ සියල්ල දන්නවා. නොදන්නවා නම් තමයි පුදුමය. දී කිරට බළල්ලුත් සාක්‍ෂි කිවුවලු. අනෙක් තැනැත්තා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් අයෙක්. හතරවැන්නිය ගැන මා දන්නේ නැහැ. ඇය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ජීවත් වන බව කියනවා. ඇයට අනුව මගේ ලිපියෙන් කියැවෙන්නේ මා බිිරියට නොසලකන බව! ඒ තැනැත්තිය කොළඹ ඉගෙන ගත්තේ කොයි කාලයේ ද කියා දන්නේ නැහැ.

චම්පකගේ ගෝල බාලයන් ජී එල් සමග වැඩ කළා. ඔවුන්ගෙන් එක් අයකු ගෙවිඳු කුමාරතුංග සංවිධානය කළ සම්මන්ත්‍රණයේ කතා කරන්න ඇති. එහෙත් ඔහු ජී එල් සමග වැඩ කළා. මේ සියල්ල ගැන විස්තර දන්නා අය ඉන්නවා. ඒ අද චිකාගෝ නුවර ජීවත් වෙන නන්දන පමණක් නො වේ. අවශ්‍ය පරිදි විස්තර සපයන්නම්.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

කෘෂි රසායන තහනම වැදගත් තීරණයක් – මහඇදුරු නලින් ද සිල්වා මහතා

කෘෂි රසායන තහනම වැදගත් තීරණයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉතා වැදගත් තීරණයක් අරගෙන. එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිලා. ඒ රසායනික පොහොර පලිබෝධ නාශක ක්‍රමයෙන් අඩු කර අවසන නතර කිරීමට. ඒ වෙනුවට දේශීය පොහොර හඳුන්වා දී ඒ ප්‍රචලිත කිරීමට. ඒ තීරණය නිර්භය ව ගැනීම ගැන ජනාධිපතිතුමාට අපේ ප්‍රණාමය පළමුවෙන් පිළිගැන්වීම අවශ්‍යයි.

ඒ තීරණය පහසු තීරණයක් නොවන බව අප දන්නවා. මෙහි ආරම්භය ඈතට දිව යනවා. එහෙත් එය කරළියට පැමිණියේ ආසනික් සමග. රජරට වකුගඩු රෝගයක් ගැන අපට දැනුම් දුන්නේ එවකට අලුතෙන් පත්වීමක් ලබා රජරට විශ්වවිද්‍යාලයට ගොස් සිටි චන්න ජයසුමන. එය බටහිර වෙදමහතුන් විසින් හඳුන්වනු ලැබුයේ හේතුවක් නොදත් වකුගඩු රෝගයක් ලෙස. එයට හේතුව එකී වකුගඩු රෝගය වෙනත් වකුගඩු රෝගවලට වඩා වෙනස් වීම.

ඒ කාලය වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ සිටි මා ඒ අංශයේම කිත්සිරි සේනානායකගෙන් මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබාගෙන රෝග සුව කරන ඔහුගේ බිිරිඳ ගැන අසා තිබුණා. මා පෞද්ගලික ව ම ඇතැම් අවස්ථාවල ප්‍රියන්තා සේනානායකගෙන් ප්‍රතිකාර ලබා ගත්තා. මා චන්න ජයසුමන ප්‍රියන්තා සේනානායක හමුවීමට පිටත් කර හැරියා. ප්‍රියන්තා සේනානායක තමයි අපට එකී වකුගඩු රෝගයට හේතුව ආසනික් කියා කිව්වේ. ආසනික් පලිබෝධ නාශකවලත් තියෙන බවත් ඇය කිවුවා.

චන්න ජයසුමන ඒ පිළිබඳ පර්යේෂණ ආචාර්ය උපාධියකට කැලණියේ ලියා පදිංචි වුණා. රසායන විිද්‍යා මහාචාරිණී ප්‍රියානි පරණගම ඔහුගේ ප්‍රධාන උපදේශිකාව වූවා. ඔවුන් අනුරාධපුර පැත්තේ විවිධ පැලෑටිවල හා වෙනත් දැහි, ජනතාවගේ කෙස් නිය ආදියෙහි සාමාන්‍ය ප්‍රමාණයට වඩා ආසනික් තිබෙන බව දැන ගත්තා. ඔවුන්ට කෙසේ හෝ මග හැරී ගියේ පානීය ජලයේ ආසනික් තිබෙන බව. එසේ වුවත් ගොවීන් යොදා ගත් පලිබෝධ නාශකවල ආසනික් තිබෙන බව ඔවුන් දැන ගත්තා.

එකල මා කැලණිය විශ්වවිද්‍යාලයේ විිද්‍යා පීඨයේ පීඨාධිපති. මා ඒ පලිබෝධ නාශක ආනයනය කරන සමාගම්වල නියෝජිතයන්ට විශ්වවිද්‍යාලයට එන්න කියා ඔවුන්ට ම පෙන්වා දුන්නා ඔවුන් ආසනික් ඉසීමට දායක වන බව. බලාපොරොත්තු වූ පරිදි ම ඊනියා විද්‍යාඥයන් අපට විරුද්ධ ව නැගී සිටියා. ඔවුන්ට බටහිර විද්‍යාව වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම බයිබලයක්. ඔවුන් මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලැබෙන දැනුමක් පිළිගත්තේ නැහැ. ඔවුන් රාමනුජන් ගැන මොනවා දැන සිටියේ දැයි මා දන්නේ නැහැ.

ලංකාවේ උගතුන්ට රාමනුජන්ගේ දැනුම දැනුමක් ඒත් ප්‍රියන්තාගේ දැනුම දැනුමක් නො වෙයි. ධම්මික වෙද මහතාගේ දැනුම දැනුමක් නො වෙයි. ඔවුන් ජීවත් වන්නේ පරස්පරවල. පන්සිල් සමාදන් වී පන්සිල් නොරැකීම ඔවුන්ට ප්‍රශ්නයක් නො වෙයි. ලංකාවේ උගතුන් ගැන මගේ ප්‍රසාදයක් නැහැ. මෙරට බටහිර විද්‍යාඥයන් එකතු වී අපට පහර ගැහුවා. විද්‍යාඥයන් කිවුවට ඔවුන් බටහිර විද්‍යාවේ පරිධියේ කුරුටු ගාන අය පමණයි. බටහිර දැනුමට ඇති ආධිපත්‍යය නිසා අපට පසුව එකතු වී සිටි රතන හාමුදුරුවන් වැන්නන් පිටියෙන් ඉවත් වුණා. ඔවුන් නැවත පිටියේ කරනම් ගහනවා. එය භයානකයි. මෙරට ජාතිකත්වයේ් ප්‍රධාන ම පිළිලය එස් එල් ගුණසේකරට හිමි මන්ත්‍රී ධුරය අහිමි කළ අය. ඔවුන්ට මඩ ගැසීමට අවශ්‍ය නැහැ. ඔවුන් ඉන්නේ ම මඩේ.

බටහිර විද්‍යාඥයන් ආසනික් කතාව නොපිළිගත්තත් ඔවුන් අද වන තුරුත් රජරට (හා තවත් ප්‍රදේශවල) වකුගඩු රෝගයට හේතුව දන්නේ නැහැ. ඔවුන් විශිෂ්ට ගණයේ විද්‍යාඥයන් ලෙස පෙනී සිටිනවා. ආසනික් ප්‍රශ්නය කතා බහට ලක්වෙද්දී සුසන්ත ගුණතිලක වැනි ඉංජිනේරු විද්‍යාවෙන් මෙන් ම සමාජ විද්‍යාවෙන් ද තුන්වැනි පංති උපාධි ලබා ඇත්තවුන්ට අවශ්‍ය වුණා මා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙන් අස් කරන්න. ඒ සංගමයෙන් බටහිර විද්‍යාව අභිවර්ධනය වන්නේ නැහැ. ඉන් අභිවර්ධනය වන්නේ නිල තල දරන්නන්ගේ ජීවදත්ත පමණයි. මා ඊනියා විද්‍යාඥයන්ට අභියෝගයක් ලෙස පමණක් ඒ සංගමයේ සාමාජිකත්වය දරණවා.

ජනාධිපතිතුමාගේ තීරණයට මෙරට මෙන් ම පිටරට ද සිටින මෙරට බටහිර විද්‍යාඥයන් විරුද්ධ වේවි. ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් වනුයේ දේශීය පොහොරවලින් පමණක් අවශ්‍ය තරමට නිෂ්පාදනයක් කිරීමට බැරි බව. ඔවුන් ඒ නිගමනයට එන්නේ කිනම් පදනමක පිහිටා ද කියා කියන්නේ නැහැ. කොහොමටත් ආනයනය කරන කෘෂිරසායන නැවැත්වීම ක්‍රමානුකූල ව කෙරෙන්නක්. එමෙන් ම දේශීය පොහොර වර්ග ඒ ඒ ප්‍රදේශවල නිෂ්පාදනය කරන්න පුළුවන්. අවශ්‍ය නම් දිස්ත්‍රික්ක පදනමින් වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන්.

මෙහි දී බටහිර විද්‍යාඥයන් නොසලකන කරුණු කිහිපයක් තියෙනවා. ඒ සියල්ල මෙහි සාකච්ඡා කරන්න බැහැ. පළමුවෙන් ම කෘෂි රසායන ආනයනය සඳහා යන වියදම. ඒ වියදම නතර කිරීම ම විශාල ජයග්‍රහණයක්. අප කිසි විටෙකත් ගණනය කරන්නේ නැහැ. ඊනියා බටහිර විද්‍යාත්මක දියුණුව සමග අපට ඇතිවන පාඩුව. අද වාතය අපිරිසිදු වී ඇත්තේ මිනිසුන් බුලත් කෙළ ගැසීම නිසා නො වෙයි. පාරේ කෙළ ගෑසීම හොඳ වැඩකැයි මා කියන්නේ නැහැ. මෝටර් රථවලින් නිකුත් කෙරෙන දුම නිසා සිදුවන වායු දූෂණයත් එමගින් මිනිසුන් රෝගීන් කිරීමත් ඉන් සිදුවන පාඩුවත් ගණනය කර තියෙන්නේ කවුද? කෘෂි රසායනය යොදා ගැනීම ගැනත් එවැන්නක් කියන්න පුළුවන්. ඊනියා හේතුව නොදත් වකුගඩු රෝගය නිසා සිදුවන පාඩුව රටට හා පවුලට යනුවෙන් ගණනය කර ඇත්තේ කවුද? මිනිසුන් රෝගීන් වුනාමත් අද පුරුදු වී තිබෙන ක්‍රමය අනුව පිටින් බෙහෙත් ගේනවා. ඒ සඳහා යන මුදල කොපමණ ද?

අපට දේශීය පොහොර යෙදීමෙන් පමණක් නොව දේශීය තුනපහ යෙදීමෙනුත් ලාභයක් ලැබෙනවා. කොවිඩ් මර්දනයෙහි දී තුනපහ යෙදීම කෙතරම් දුරට යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා ද? නගරයේ ආහාර රටාව එහි දී අහිතකර බලපෑම් ඇති කර නැත් ද? මා යෝජනා කරන්නේ ගණකාධිකාරි කාර්යයක් නො වේ. වැඩි ධන ද සෘණ ද කියා බලා තීරණ ගැනීමක් ද නොවෙයි. අප සමස්තය බැලීමට පුරුදු විය යුතුයි.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

කොවිඩ් විපක්ෂය හා සංස්කෘතිය- මහඇදුරු නලින් ද සිල්වා මහතා

කොවිඩ් විපක්‍ෂය හා සංස්කෘතිය

විරුද්ධ පක්‍ෂයේ එක ම කාර්යභාරය ආණ්ඩුව කුමක් කළත් එයට විරුද්ධ වීම ය යන්න සජිත් සහ කණ්ඩායමේ ප්‍රතිපත්තිය වී තියෙනවා. ඔවුන් වෘත්තීය සමිතිවලින් වෙනස් වන්නේ නැහැ.  ඒ නායකයන් කරන්නෙත් විරුද්ධවීම පමණයි. ඔවුන් ඊනියා අයිතිවාසිකම් මිස යුතුකම් ගැන කතා කරන්නේ නැහැ. මේ තමයි මෙරට දේශපාලනය.

කොවිඩ් 19 පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. එහෙත් ඇතැම් අවස්ථාවල ක්‍රියාකාරීත්වය මදිය කියා හිතෙනවා. අවුරුදු සමයේ නීති රීති තව තද කළා නම් හොඳයි. එහෙත් එවිට නොයෙක් ප්‍රශ්න මතුවීම කොහොම වුණත් විපක්‍ෂය ආණ්ඩුව අවුරුද්ද කෑවා කියන්න ඉඩ තිබුණා. අද කවුරු කාව කෑව ද යන්න ප්‍රශ්නයක්. ආණ්ඩුව මැයි දින පෙළපාලි තහනම් කර තියෙනවා. කෙකරගාමීන් හිතන්නේ ආණ්ඩුව ඔවුන්ට බය වී මැයි පෙළපාලි තහනම් කරල කියා. දැන් ජ වි පෙරමුණත් මැයි දින පෙළපාලි පවත්වන්න යනවලු.

සියේට තුන සියේට කීයට අඩුවෙලා ද කියල දැන ගන්න ජ වි පෙරමුණට මැයි දිනය පවත්වන්න ඕන නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ඔය කියන කම්කරු පංතිය නම් කිසි දා බලයට එන්නෙ නැහැ. ඒකට හේතුව කම්කරු පංතිය කියා එකක් නැති වීම. මට වැරදුණා. ජ වි පෙරමුණට තියෙන්නෙ නිර්ධන පංතිය මිසක් කම්කරු පංතිය නොවෙයි. ධනපති කියන එකේ විරුද්ධ චචනය ධනදාස වෙන්න ඕන. අනුර රනිල්දාස නම් ඒ වැඩේ නියමෙට කරනවා. 

විරුද්ධ පක්‍ෂ දේශපාලනය කුමක් ද යන්න සජිත්ට අනුරට කිරිඇල්ලට කියා දෙන එක තේරුමක් නැහැ. කියා දුන්නට ඔවුන්ට තේරෙන්නෙත් නැහැ. මා කියන්නෙ ඔවුන්ට උගත්කමක් නැති බව නොවෙයි. සජිත් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙ වෙන්ඩ උපාධිධාරියෙක්.  අනුර කැලණිය විශ්වවිද්‍යාලයෙ ගණිතය හදාරල තියෙනවා. පෙම්බ්‍රෝක් කිරිඇල්ල නීිතිඥයෙක්. යුද්ධ කිරීම ගැන හොඳට දන්නවා. පාසලේ ශිෂ්‍ය භටයකු හැටියට හිටිය ද කියල හොයල බලන්න ඕන.

ලංකාවෙත් කොවිඩ් ප්‍රශ්නය බරපතල් වේගෙන එනවා. ලංකාවෙ හා ඉන්දියාවෙ මිනිසුන්ගෙ ආකල්ප ටිකක් එක වගේ. මිනිසුන්ගෙ විනයක් නැත්තේ ම නැති තරම් බවක් පේන්න තියෙනවා. ඒත් ඒක සංස්කෘතික ප්‍රශ්නයක්. ඉන්දියාවටත් අපටත් අපේ සාම්ප්‍රදායික ජීවන රටාව බටහිර ආකල්ප සමග මිශ්‍ර කරගන්න එක ප්‍රශ්නයක් වෙලා. අපට තවම අපේ ම වූ සංවර්ධන ආකෘති නැහැ. ඉන්දියාවට මුළු රට ම හැටියට ගත්ත ම අපට වඩා මුදල් සංචිතයක් තියෙනවා. ඔවුන්ට රොකට්ටු යවන්න පුළුවන්. ඒත් ප්‍රධාන නගරවල  මුඩුක්කු තියෙනවා. අපත් ඉස්සර ඒවට කොරියාව කිවුව.

ඒත් අද අපේ ශ්‍රමිකයන් ඉන්දියානුවන් (දකුණු) කොරියාවට වැඩට යනවා. කොරියාව අපට මොනව කියනවා ද දන්නෙ නැහැ. ඒත් අප තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. කොරියාව තම සාම්ප්‍රාදයික ජීවන රටාවෙන් ඈත්වෙලා. කලින් මහායාන බෞද්ධ රටක් වූ කොරියාව අද කතෝලික රටක්. අපේ ප්‍රශ්නය අපේ ම වූ සංවර්ධන ආකෘතියක් තනා ගැනීම. හාන්සිපුටු විවේචකයන්ට ජාතිකවාදීන් හුදු විරෝධාකල්පවාදීන් ලෙස විවේචනය කරන්න පුළුවන්. ඒ අපට තවම සංවර්ධන ආකෘතියක් නිර්මාණය කර ගන්න බැරි වීම නිසා.

එහෙත් ජාතිකවාදීන් පසුගිය වසර තිහක පමණ කාලයක දිනාගෙන ඇති දේ පේන්න තියෙනවා. හාන්සිපුටු විවේකයන් නොපිළිගත්තත් අපට කොටි පරාජය කිරීමට හැකි වූයේ අප වර්ධනය කළ මතවාද නිසා. ඒ මතවාද ඇඟට නොදැනෙනවා වෙන්න පුළුවන්. පඬි බසින් කිවුවොත් ස්පර්ශීය නොවනවා වෙන්න පුළුවන්. හාන්සිපුටු විවේචකයන් හා ඔවුන් සමග වැඩ කළ හෙළ උරුමක්කාරයන් මංගල සමරවීර සමග ජාතිය මළකඳක් කියමින් යද්දී ඊනියා සාම සාකච්ඡා පරාජය කිරීම වුවත් වැදගත්. මෙතෙක් කල් මුස්ලිම් ආක්‍රමණයට විරුද්ධ ව බොහෝ දෙනා කතා කළත් සංගත මතවාදයක් ඉදිරිපත් කිරීමට නොහැකි වුණා. එහෙත් ජාතිකවාදීන්ට දැන් ඒ කිරීමට හැකි වී තිබෙනවා.

එහෙත් මෙරට ජාතිකවාදීන්ට තවම සංවර්ධන ආකෘතියක් නැහැ. අප ඊනියා සමාජවාදී ආකෘතිය විවේචනය කරනවා. එය අසමත් ආකෘතියක්. එය මාක්ස්වාදීන්ගේ මනෝරාජික සංකල්පයක් පමණයි. පැරණි වමටවත් ඊනියා නව වමටවත් සියයට තුනේ කට්ටියටවත් සමාජවාදය කතා කර කර ඉන්න පුළුවන් මාතෘකාවකට වඩා දෙයක් නො වෙයි. ඇතැම් ජාතිකවාදීන් ද ඊනියා බෞද්ධ සමාජවාදයක් ගැන කතා කරනවා.

බුදුහාමුදුරුවන් ඊනියා සමාජවාදයක් ගැන දේශනා කර නැහැ. සමාජවාදය ගැන විශ්වාසකරන ජාතිකවාදීන්ට ගැට ගැහෙන්න පුළුවන් කියල හිතන සංකල්පයක් තමයි බෞද්ධ සමාජවාදය. ඒත් එහි අඩු තරමෙන් නිර්වචනයක්වත් නැහැ. එයත් තවත් මනෝරාජික සංකල්පයක් පමණයි. සංකල්ප ගැට ගහන්න බැහැ. බෞද්ධ සමාජවාදය කියන්නෙ එළහරකයි මීහරකයි බැඳීම වගේ වැඩක්.       

ඉන්දියාව රොකට්ටු ඇරියත් දුප්පත් රටක්. ඔවුන් බටහිර සංකල්ප යොදා ගන්නේ සීමිත ක්‍ෂෙත්‍රවල. එහෙත් බටහිර සංකල්ප එවැනි අවස්ථාවල ආධිපත්‍යය දරණවා. කොව්ඩ් 19 සම්බන්ධයෙනුත් එසේ මයි. ඉන්දියාවේ බටහිර වෙද මහතුන් ප්‍රබලයි. මෝදි හින්දු ජාතිකවාදියකු වුවත් ඔහුට බටහිර වෙද මහතුන්ට යට වෙන්න වුණා.

එහෙත් ඉන්දියානුවන් මධ්‍යම පාංතිකයන් ද ඇතුළුව සමාජයීය වශයෙන් බටහිර වෙද මහතුන්ගේ නීති රීතිවලට යට වෙන්නෙ නැහැ. සාම්ප්‍රදායික ජීවන රටාව හා බටහිර නීති රීති අතර තීරණයක් ගත යුතු අවස්ථාවල ඉන්දියානුවන් සමහර විට බටහිර වෙද මහතුන් ද ඇතුළුව, අනුගමනය කරන්නේ සාම්ප්‍රදායික ජීවන රටාවයි. සමාජ දුරස්ථතාව හා ගංගා ගඟේ නෑම අතර ඔවුන් තෝරා ගන්නේ ගංගා ගඟේ නෑමයි.

සිංහලයන් ට එයට වඩා වෙනස් ජීවන රටාවක් තියෙන්නෙ. ඉන්දියාවෙ හරි මුස්ලිමුන් අතර හරි තියෙන සාමූහිකත්වයට වැඩි වෙනස් සාමූහිකත්වයක් ලංකාවෙ තියෙන්නෙ. එහෙත් අපටත් සාමූහිකත්ව සංස්කෘතියක් තියෙන්නෙ. අපි අද වන්දනාවෙ ගියෙ නැතත් ට්‍රිප් යන්න කැමතියි. සාමූහික ව වැවේ නාන්න කැමතියි. එක ම පතේ කෑවෙ නැතත් එකට කන්න කැමතියි. ඒත් අපටත් සමාජ දුරස්ථතාව සංකල්පයක් හැටියට තේරුම් ගන්න අමාරුයි.

අපට දෙයියන්නෙ ලෙඩ සම්බන්ධයෙන් වෙන් කිරීම කියන සංකල්පය තියෙනවා. කොවිඩ් 19 මොන විධියට බටහිර වෙද මහත්තුරු තේරුම් ගන්න හැදුවත් අපට කියන්න තිබුණෙ මේ දෙයියන්නෙ ලෙඩක් කියන එක. ඒත් මෙතන ප්‍රශ්නයක් තිබුණා. පැපොල වැළඳුණු අයකු දැන ගන්න පුළුවන්. සරම්ප ගැනත් එසේමයි. එහෙත් කොවිඩ් 19 වැළඳුණු අයකු දැන ගන්නෙ කොහොම ද? පීසීආර් ධන කියන එකෙන් යමකු රෝගියකු කියා කියන්න බැහැ. කොවිඩ් 19 රෝග ලක්‍ෂණ මොනවා ද?

පීසීආර් ධන අය රෝගීන් ලෙස සැලකීම වරදක්. මිනිසුන් හිතුවෙ රෝගීන් නොවන අයත් රෝගීන් ලෙස ගාල් කරනවා කියා. පීසීආර් පරී්ක්‍ෂණවලට මිනිසුන් මුල දි කැමති වුණෙ නැහැ. තවමත් කොවිඩ් 19 රෝගියකු යනු කවරකු දැයි බටහිර වෙද මහතුන් දන්නවා ද? කොහොමත් බටහිර වෙදකමේ කොවිඩ් 19 රෝගයට බෙහෙත් නැහැ.

ඉන්දියාවෙත් ලංකාවෙත් ප්‍රශ්නය කොවිඩ් 19 ගැන කතා කිරීමට අපට භාෂාවක් නැති වීම. අප අපේ සම්ප්‍රදායෙ වචන යොදා ගත්තෙ නැහැ. බටහිර වෙද මහතුන් කියන සමාජ දුරස්ථතාව වගේ සංකල්ප සාමූහික සංස්කෘතියක ජීවත්වන අයට තේරෙන්නෙ නැහැ. කොවිඩ් 19 රෝගීන් හඳුනාගන්න විධියක් කියල ඔවුන් වෙන් කරන්න කිවුව නම් ප්‍රශ්නය මෙතරම් දුර දිග යන්නෙ නැහැ. පීසීආර් පරික්‍ෂණයෙන් රෝගීන් හඳුනාගන්න බැහැ.

කොවිඩ් 19 නිසා ලංකාව වගේ රටවල් වහන්න බැහැ. මෙරට සහ ඉන්දියාවෙ වැඩි පිරිසක් එදිනෙදා වැඩක් කර ජීවත්වන අය. නවසීලන්තය ඕස්ත්‍රේලියාව වගේ රටවල් වහන්න පුළුවන්. වහල තිබෙන කාලයේ ස්ථිර වැටුපක් නොමැති අයට යම් මුදලක් ගෙවීමටත් ඒ ආණ්ඩුවලට පුළුවන්. අපට එවැන්නක් කරන්න පුළුවන් ද? එයට මේ ආණ්ඩුවට බැනල වැඩක් නැහැ. මොන ආණ්ඩුවකටවත් ලංකාව ඉන්දියාව වගේ රටවල එවැන්නක් කරන්න බැහැ. සජිත්ල ආණ්ඩු කෙරුව නම් බලා ගන්න තිබුණා.

චීනයට මේ ප්‍රශ්නවලට වෙනත් ස්වරූප තියෙනවා. ඔවුන්ගෙ සාම්ප්‍රදායික ක්‍රම අනුව මිනිසුන් යම් ධුරාවලියක ස්ථානගත කෙරෙන්නෙ. බටහිර නීති රීති නැති වුවත් ඔවුන්ට ඒ සමාජයීය ධුරාවලියෙ නිසගයෙන් ම සමාජ ධුරස්ථභාවයක් ලැබෙනවා. අපට චීන ක්‍රමයට හැඩ ගැහෙන්න බැහැ. එහෙත් ඔවුන් ඔවුන්ගේ ම ක්‍රමයක ප්‍රශ්නවලට පිළිතුරු සොයන බව පැහැදිලියි. ඉන්දියාවටත් තම සම්ප්‍රදායෙ කොවිඩ් 19 ගැන කතා කළා නම් තරමක් හරි බේරෙන්න තිබුණා.

මිනිසුන් කතා කරන්නෙ වචන බව ඇත්ත. ඒත් ඒ වචන කතා කරන්නෙ යම් සංස්කෘතියක. සංස්කෘතියෙන් පිට කතා කරන වචනවලට තේරුමක් ලැබෙන්නේ නැහැ. සමාජ දුරස්ථතාව එවැනි වචන දෙකක්.

අප සියල්ලට ම පළමු කොවිඩ් 19 රෝගීන් හඳූනා ගන්න ඕන. අපට හෙම්බිිරිස්සාව හැදුණු අයකු හඳුනා ගන්න පුළුවන්. කොවිඩ්19 වැළදුණු අයකු හඳුනා ගෙන ඔහු වෙන් කර තබා ගන්නේ කෙසේ ද?   

විසාලා මහා නුවර සජීවී ව – මහඇදුරු නලින් ද සිල්වා මහතා

විසාලා මහා නුවර සජීවී ව

අප මෙතෙක් කල් විසාලා මහා නුවර ගැන අසා තිබුණේ පොතපතින්. අද අප එය රූපවාහිනී නාළිකා කියන ආකාරයට සජීවී ව දකිනවා. එදා දඹදිව බුදු හාමුදුරුවන් වැඩ හිටියා. අද එහි බුදුදහම තියෙන්නෙත් පොත්වල පමණයි. ඒ තිබුණත් ඒ දැනුම ඊනියා පර්යේෂණවලට සීමා වෙලා. ලංකාවෙ කියා වැඩි වෙනසක් නැහැ. බුදුදහමට අනුව ජීවත්වන අය හොයා ගන්න එක අමාරුයි. මා කතා කරන්නේ පන්සල් යෑම ගැන නොවෙයි. අර ත්‍රිරෝද රියැදුරන් කියන්නෙ අප අසරණ වෙලා බුදුහාමුදුරුවනේ කියල. ඔවුන්ට ඊනියා උගතුන්ට වඩා යමක් තේරෙනවා. අද ඊනියා උගතුන් විශ්වාස කරන්නේ බටහිර විද්‍යාව පමණයි. බටහිර වෙදකමට ඉහළින් සලකනවා. එහෙත් කොවිඩ් 19 පාලනය කෙරී ඇති නවසීලන්තය ඕස්ත්‍රේලියාව වැනි රටවල එසේ කෙරී ඇත්තේ බටහිර වෙදකම නිසා නො වෙයි. පරිපාලන රෙගුලාසි නීති රීති අනුව. චීනය වැනි රටවල වෙනත් ක්‍රමවලට. බටහිර වෙදකමට රෝගයට ප්‍රතිකාර කිරීම (ඔවුන් රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ) තබා හරිහැටි රෝගය හඳුනාගන්නවත් බැහැ. පීසීආර් පරීක්‍ෂණවලින් රෝගීන් හඳුනාගැනෙන්නේ නැහැ.

රූපවාහිනී ප්‍රවෘත්ති බලන කොට නම් හිතෙන්නේ මෙරට මෙපමණ සංඛ්‍යාවක් රෝගීන් බටහිර වෙදකමෙන් සුව වෙලා ගෙදර ගිහින් කියා. රෝගය හඳුනාගන්නෙත් නැතිව මෙරට බටහිර වෙද මහතුන් රෝගය සුව කරලා. මා කලින් දවසක කිවුවෙ ඔවුන්ට වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි වෙන්න ඕන කියා. මෙරට සමහර බටහිර වෙද මහතුන් හරි දක්‍ෂයන්. ඔවුන්ට අනුව මා මියන්මාහි ලංකා තානාපතිකමින් අස් වී ගෙදර ඇවිත්. ඒ බව මා ද දැන හිටියේ නැහැ. ඔවුන් මගේ ලිපි කියවා තේරුම් ගන්නේ එලෙසින්. ධම්මික වෙද මහතා කර ඇති දෙයක් කරන්න බටහිර වෙද මහතුන්ට බැරි වෙලා. කිසිම නිර්මාණශීලීත්වයක් නැති ඇතැම් ආයුර්වේද වෙද මහතුන්ටත් ධම්මික වෙද මහතා රුස්සන්නේ නැහැ. ලංකාවේ ඊනියා උගතුන්ට නිර්මාණශීලීත්වයක් නැහැ.

ඒ කුමක් වුණත් ඉන්දියාව අපට කෙසේ සැලකුවත් අප අද ඉන්දියාව ගැන කම්පා වෙනවා. අපට ඒ වෙනුවෙන් කළ හැක්කේ කුමක් ද? කොවිඩ් සම්බන්ධයෙන් ඉන්දියාවට නැති අපට ඇති දේ මොනවා ද? මා දන්නේ නැහැ. ඒත් අප රටෙන් පැන යන ඉන්දියානුවන්ට අප රට ඔවුන්ට ඕනෑ අන්දමට යොදා ගැනීමට ඉඩ දිය යුතු නැහැ.

අප රටවල සංස්කෘතිය අනුව සාමූහිකත්වය වැදගත්. කොවිඩ් අස්සේ යාපනයේ කෝවිලක තේරු උත්සවය පැවැත්වීම වරදක්. එය නවත්වා ගන්න පුළුවන්කම තිබුණා නම් හොඳයි. එහෙත් අප එයට යාපනයේ සිදු වූවක් කියා විරුද්ධ විය යුතු නැහැ. නුවරඑළියේ උත්සව පැවැත්වීම තේරු උත්සවය පැවැත්වීමට වඩා වැරදි වැඩක්. යාපනයේ හිටියේ කළු සුද්දන් නො වෙයි. සිංහලයන් අප්‍රේල් මාසයේ දී නුවරඑළි යන්න පටන් ගත්තේ කවදා ද? සීීතාවක රාජසිංහ රජු දවස ද?

අද මෙරට බටහිර වෙද මහතුන් කරන වැඩේ ඕනෑම ජනමාධ්‍යවෙිදියකුට කරන්න පුළුවන්. බටහිර ඉන්න බටහිර වෙද මහතුන් කරන කියන දේ සිංහලෙන් කීමට ඒ තරම් ම බටහිර වෙදකම හදාරන්න ඕන කියල මා හිතන්නෙ නැහැ. රවි කුමුදේශ් තරමටවත් රසායන විද්‍යා පරීක්‍ෂණවලට සහභාගි වී සිටීම අවශ්‍ය නැහැ. මෙරට බටහිර වෙද මහතුන් අතීිමහත් බහුතරයකට අලුතෙන් යමක් කීමට බැහැ.

දැන් ඔය අලුත් ප්‍රභේද ගැන කියනවා. මේ විකෘතීන් ලෙසත් හැඳින්වෙනවා. සාමාන්‍ය ජනයාට ඒ එකක්වත් තේරෙන්නේ නැහැ. එක එක කොවිඩ් ජාති තියෙනවා. ඒ කොවිඩ් ජාති හැරෙන්න තවත් කොවිඩ් ජාති ඇති වෙන්න පුළුවන් ද? කොවිඩ් හතරවැනි රැල්ලක් එයි ද? ඉදිරි කාලයේ දී අපට කිනම් තත්වයකට මුහුණ දෙන්න සිදුවෙයි ද? එංගලන්තෙ කොවිඩ් ජාතිය මෙහෙ තියෙනව කියනවා. ප්‍රංස හරි ජර්මන් හරි තුත්තුකුඩි හරි කොවිඩ් ජාතියක් එහෙම ඇති වෙන්න පුළුවන් ද? කොවිඩ් ජාති ඇති වෙන හැටි කල් තබා කියන්න පුළුවන් ද?

ආණ්ඩුව තමන්ට හැකි ප්‍රමාණයට කොවිඩ් පාලනය කරනවා. අර සුද්දන් කියනව වගේ අපට තවම බිංගෙය කෙළවර ආලෝකයක් දකින්න බැහැ. බිංගෙය කොතරම් දිග ද කියාවත් අප දන්නේ නැහැ. එහෙත් නැවතත් සුද්දන් කියන විධියට අපට දකින්න පුළුවන් රිදී රේඛාවක් තියෙනවා. ඒ තමයි සජිත්ලගේ ආණ්ඩුවක් නොතිබීම. ඔවුන්ගෙ ආණ්ඩුවක් තිබුණ නම් අපට ඉන්දියාවට ගියා නම් හොඳයි කියා හිතේවි. ආණ්ඩුව මෙරට පොහොර යොදා ගැනීමට තීරණය කර තියෙනවා. එය ඉතා වැදගත්. ඒ මෙරට ගොවිකම. මෙරට වෙදකමටත් මීට වඩා තැනක් ලැබෙනවා නම් හොඳයි. ඒ වගේ ම මෙරට ආධ්‍යාත්මික ගුණවගාවත් වගා කරන්න වෙලා.

ඒ කුමක් වුවත් මට ඉන්දියාව ගැන ඇත්තේ කම්පාවක්. අවුරුද්දකට පමණ පෙර කොවිඩ් පටන් ගත්ත කාලෙ අපි රතන සූත්‍රය සහ තවත් සූත්‍ර කිවුවා. අපේ හාමුදුරුවරු ඒ සඳහා උනන්දු වුණා. අප දුම් හට්ටිය ඇල්ලුවා. කොත්තමල්ලි වෙනිවැල්ගැට බිව්වා. ඒ අතර ධම්මික පැනිය ඇතුළු දේශීය ප්‍රතිකාර බිහිවුණා. අප යම් ප්‍රමාණයකට අල්ලන් හිටියා. ඇතැම් බටහිර වෙද මහතුන් එය රිස්සුවේ නැහැ. ඔවුන් අනුරාධපුරයේ ධම්මික පැනිය පරීක්‍ෂාව වුවනාවෙන් කඩා කප්පල් කළා. ඔවුන් කිවුවේ රෝගීන් පැනිය බීම ප්‍රතික්‍ෂෙප කළ බවයි. එ තමන්ට කිසිවක් කිරීමට නොහැකිව තිබිය දී. බටහිර වෙද මහතුන්ගේ ආධිපත්‍යය එබඳුයි. තමන්ට කිසිම ප්‍රතිකාරයක් නැතිව තිබියදීත් අනෙක් අයගේ ප්‍රතිකාරවලට අකුල් හෙළීමට තරම් ඔවුන් බලවත්. ඒ බටහිර වෙදකම ලෝකයේ දරණ ආධිපත්‍යය නිසා. අද මෙරට කොවිඩ් 19 උත්සන්න වීම ගැන බටහිර වෙද මහතුන්ගෙ ආධිපත්‍යයත් යම් තරමකට බල පාල තියෙනවා. මෙය ලෙඩා මළත් බඩ සුද්ද කිරීමක් නො වෙයි. ලෙඩයි බඩයි දෙක ම නැති කිරීමක්.

අද හාමුදුරුවරුන් අධෛර්යමත් කෙරිලා. දුම් හට්ටි ඇල්ලීම නැවතිලා. ධම්මික පැනිය නිපදවෙන්නේ නැහැ. ඒ එම ක්‍රියාවල ප්‍රතිඵල නැති නිසා නොවෙයි. බටහිර වෙද කමේ ආධිපත්‍යය නිසා. අපි එන්නත කර ගනිමු. ඒ අතර දේශීය ප්‍රතිකාරත් කරමු. හින්දු ජාතිකවාදී මෝදි බටහිර වෙද මහතුන්ට යට වුණා. අප යට වෙන්න ඕන නැහැ. බටහිර වෙදකමට යට නොවී අප බටහිර වෙදකම ද අවශ්‍ය විට යොදා ගනිමු.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

අප විවාහ වී අවුරුදු පනහයි – මහඇදුරු නලින් ද සිල්වා මහතා

අප විවාහ වී අවුරුදු පනහයි

අද 2021 අප්‍රේල් විසිහයවැනි දා. අදට අප විවාහ වී අවුරුදු පනහක් පිරෙනවා. එය ඔබට වැදගත් වෙන එකක් නැහැ. ඉතින් අපට මොකෝ කියා අහන්නත් පුළුවන්. මෙය අතීතාවර්ජනයක කොටසක් පමණයි. අපේ විවාහය ගැන මට ඇත්තේ සතුටක් මෙන් ම දුකක්. සතුට මට ඉතා හොඳ භාර්යාවක් ලැබීම ගැන. දුක ඇයට හොඳ සැමියකු නොලැබීම ගැන. අවුරුදු පනහකට පෙර අපට මස්තකප්‍රාප්ත වෙන්න පෝරුවක් තිබුණේ නැහැ. අෂ්ටක කියන්න දැරියන් හිටියේ නැහැ. ඡායාරූප ශිල්පීන් නොහිටි එක නම් හොඳයි. විවාහයට සහභාගි වූයේ පස්දෙනයි. අප දෙදෙනාත් සාක්‍ෂිකරුවන් දෙදෙනාත් ලේකම්වරයාත් පමණයි. ඒ කොවිඩ් නිසා නො වෙයි. අප විවාහ වූයේ මහනුවර කච්චේරියේ.

එය ජ වි පෙ කලබල නිසා සිදු වූ විවාහයක්. 1971 අප්‍රේල් පස්වැනි දා විශ්වවිද්‍යාලය වසා දැම්මා. සිසුවියක වූ ඇය ගෙදර ගියා. අපත් බොහොම අමාරුවෙන් ගෙදර ගියා. නුවර සිට පාණදුරේට ගියේ කුරුණෑගල හරහා. පාලම් බෝක්කු කඩා දමා තිබුණා. අවුරුද්දෙන් පසු ටික දිනකින් නැවත පේරාදෙණියට ආවා. විශ්වවිද්‍යාලයේ ලස්සන හැමදාම හැමට එක විධියට පේන්නෙ නැහැ. ඒ වසන්තය. සරසවි උයනේ මල් පිපිල තියෙන්න ඇති. ඒත් මා ඒ දැක්කෙ නැහැ. ඒ ජ වි පෙ ඊනියා විප්ලවය නිසා නොවෙයි. ජ වි පෙ ක්‍රියාකාරකම් නිසා සිදු වූ එක ම සාර්ථක විප්ලවය අපේ විවාහය වෙන්න ඇති.

ඇය අන් සියල්ල අත්හැර මා සමග පැමිණියේ ඇයි. යම් පිරිමියකු හරි ගැහැණියක හරි වෙනත් ගැහැණියක හරි පිරිමියකු හරි වෙනුවෙන් අන් සියල්ල අත්හරින්න සූදානම් ඇයි? මෙය කිසි දා තේරුම් ගැනීමට බැරි දෙයක්. දැනෙන යමක් තේරුම් ගන්නවා කියන්නේ අඩු තරමෙන් මනසට හරි දැනෙන වෙනත් දේකින් ඒ විස්තර කිරීම. කළු කුහර මහා පිපිරුම තේරුම් ගන්න පුළුවන්. එහෙත් ප්‍රේමය එහෙම තේරුම් ගන්න බැහැ. කිසි දිනෙක තේරුම් ගන්න බැහැ. ඒ වෙනුවෙන් කවි ගීත කතා කොතරම් ලියැවුණත් එය සම්පූර්ණ වන්නේ නැහැ. වැඩියෙන් ම කවි ලියැවෙන්නෙ ගීත ලියැවෙන්නෙ ප්‍රේමය වෙනුවෙන්. ඒ එහි ඉවරයක් නැති නිසා. තේරුම් ගන්න බැරි නිසා. අනාගත ගීත රචකයන්ටත් වැඩ තියේවි. විරහවත් ප්‍රේමයේ ම කොටසක්. කොවිඩ් 19 ප්‍රේමය වගේ වෙන්න බැහැ. කවුරුන් හරි බොරුවක් ගොතාවි.

කාට හරි කියන්න පුළුවන් මේ සංසාරගත බැඳීමක් කියා. සමහරුනට එය එහෙම වෙනවා ඇති. මා සම්බන්ධයෙන් එහෙම කියන්න බැහැ. එක් භවයක හරි මගේ භාර්යාව වෙලා සිටිය අයකු සසර වසන තුරු නැවත මගේ භාර්යාව වීමට පතන එකක් නැහැ. ඒත් සත්වයකුගේ භව සංඛ්‍යාවට වඩා සත්ව සංඛ්‍යාව දෙගුණයකට වඩා විශාල වන්න පුළුවන්. ඒ මට සුද්දන් පුරුදු කළ විධියට හිතන්න ගිහින් කියැවෙන කතන්දර. ගණන් ගන්න එපා.

සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවි මෙහෙම කියනවා. අපොයි මා පඬියකු නොවෙයි. මෙය මතකයෙන් ලියන්නක් නොවෙයි. මිතුරන්ගේ උදවුවෙන් පොත බලාගෙන ලියැවෙන්නක්.

අසිරිමත් වු දේකි මෙලොව ප්‍රේමය නමිනා
වැනූ පොරණ කිවිඳුන් සොඳ රස මුසු බසිනා
සියලු භෝග වස්තු ඉසුරු හරිති නෙක් දනෝ
සව් සැප දෙන සිතුමිණ වන් ප්‍රේමය සන්දා

අපට සුප්පා දේවිට තරම් භෝග වස්තු ඉසුරු තිබුණේ නැහැ. ඒත් අප අන් සියල්ල අත්හැරියා. එය එසේ සිදු වූයේ ඇයි? මා දන්නේ නැහැ. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණියේ 1970 සැප්තැම්බරයේ පමණ. ඇය ඒ වසරේ ම ඔක්තෝම්බරයේ තෙවැනි වසර සිසුවියක ලෙස විශ්වවිද්‍යාලයට නැවත පැමිණියා. 1968 අවසාන කාර්තුවේ, එනම් විශ්වවිද්‍යාලයේ අදාළ අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ ඇය පළමු වසරේ සිසූුවියක වුණත් මා සහකාර කථිකාචාර්යවරයකු වුවත් මා ඇය දැක තිබුණේ නැහැ. සමහර විට පේන්න ඇති. ඒත් දැක්කේ නැහැ. 1970 වන විට තත්වය වෙනස්. ඇය ගණිතය විශේෂ උපාධිය හදාරමින් සිටියා. අපේ නෙත් ගැටීම වළක්වන්න විධියක් තිබුණේ නැහැ.

මිට අවුරුදු හැත්තෑවකට පමණ පෙර අපි අනුරාධපුරයේ වන්දනා ගමනක් ගියා. බරකරත්තයෙන් නොවෙයි. හාමුදුරුවරු කිහිප නමක් ද අප සමග වැඩියා. තුන් සරණය කියමින් ඒ ගිය වන්දනා ගමන අද යන ට්‍රිප්වලට වඩා වෙනස්. අනුරාධපුරයේ විශ්‍රාම ශාලාවේ (මතක හැටියට දුටුගැමුණු) ඉන්න අතර එක් හාමුදුරු නමකට මගේ අත බලන්න ඕන වුණා. ඒ දිනවල බොහෝ දෙනා සිතා සිටියේ මා දක්‍ෂයකු කියා. ඉතා මෑත කාලයෙහි ජාතික කඳවුරේ හාමුදුරුවරු තුන් හතර නමක් හැරෙන්න අනෙක් හාමුදුරුවරුත් ගුණදාස අමරසේකර ප්‍රමුඛ නායකයනුත් විජාතික කඳවුරේ කාලෝ ෆොන්සේකා වැන්නවුණුත් ඒ මතය බිඳ දමා තියෙනවා. විද්‍යාඥයකු වීමට බැරි ව ආපසු පැමිණියත් සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මගේ උපදේශක වූ මහාචාර්ය බිල් මැක්රේත් සිතා සිටියේ මා දක්‍ෂයකු කියා. ඔහු මට ආපසු ඒමට පෙර ලිපියක් දුන්නා. එහි කියා තිබුණා ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි (your country will be proud of you) කියා. එහෙත් එය එසේ සිදු වූයේ නැහැ. අමරසේකර කාලෝ වැන්නවුන් මගේ අදක්‍ෂකම දැක්කා. මගේ රටට මා ගැන ඇත්තේ අවිශ්වාසයක්.

මහාචාර්ය මැක්රේ මගේ වැඩ බලා කී අනාවැකිය සඵල නොවූවත් අර හාමුදුරුවන් මගේ අත බලා කී අනාවැකියක් සියයට සියයක් හරි ගියා. උන්වහන්සේ මගේ ජීවන රේඛාවට සමාන්තර ව ඇති රේඛාවක් අනුව සඳහන් කෙළේ මට හොඳ භාර්යාවක් ලැබෙන බවයි. ඒ සමග උන්වහන්සේ ප්‍රකාශ කළා ඔය ළමයට දැන් ම ඕව තේරෙන්නෙ නැහැ කියාත්. මට පසුව එය හොඳ හැටි තේරුණා. ඒත් අවාසනාව මගේ භාර්යාවගේ අතේ එවැනි රේඛාවක් නොතිබීම.

ඇය කොත්මලේ. මා හා ගැමුණු කුමරු අතර සමාන කමක් තියෙනවා. අප දෙදෙනාම පෙළවහක් කරගෙන ඇත්තේ කොත්මලෙන්. සංසන්දනය එතැනින් අවසන්.

මාත් ඇයත් අහසට පොළොව වගෙයි. අහස කවුද පොළොව කවුද කියල ගීී රචකයකුගෙන් අහන්න ඕන. ඒ කුමක් වුවත් අපේ දරුවන් නම් කරල තියෙන්නෙ ආකාශ වස්තු නමින්. ඇය ඉතාමත් කාරුණිකයි. ඇය දක්‍ෂ ගුරුවරියක් බව මා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටිි අයගෙන් අසා තිබෙනවා. එමෙන් ම සිසුන්ට කාරුණික ව මග පෙන්වූ බවත් අවශ්‍ය ප්‍රමාණයට සිසුන්ට තේරුම් ගැනීමට හැකි අයුරින් ඉගැන් වූ බවත් ඇගෙන් ඉගෙන ගත් සිසුන්ගේ මා හඳුනන දෙමවුපියන් කියා තියෙනවා. එහෙත් මා සිසුන්ට ඉගැන්වූයේ නැහැ. මා ඔවුන්ට කතන්දර කිවුවා පමණයි. ජී එල් එයට කිවුවේ ජාතික චින්තනය ඉගැන්වීම කියා. ඔහු හා ඔහුගේ පිරිස මා කොළඹින් අස්කිරීමට සැලසුම් සහගත ව ක්‍රියා කළා. මා අස්කිරීමෙන් පසුව ඇතැම් සිසුන් රෑ එකට දෙකට දුරකතනයෙන් කතා කර මට කුණුහරුපයෙන් බැණ වැදුනා. ඔවුන් මගෙන් හොඳවයින් දෙකක් අහගත්තා.

සිංහයා අඩු තරමෙන් සුප්පා දේවිට හා දරුවන්ට කන්න අඳින්න දෙන්න ඇති. ගල් ලෙනක් ඉදි කරන්න ඇති. දරුවන් ගල් ලෙනේ කොටු කරන්න ඇති. මා ඒ එකක්වත් කර නැහැ. විවාහ වන අවධියේ මා ලංකා සමසමාජ පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් ලේකම්. මා අතින් ගෙදර වැඩ අතපසු වුණා. එකල වතු කම්කරුවන් ඇතුළු ඊනියා කම්කරු පංතියක් ගැන මගේ ද බලාපොරොත්තුවක් තිබුණා. ලොකු පුතා ඉපදී වසරක් ගත වන විට බිරිඳට ඕස්ත්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඇය ඉතාමත් ධෛර්යවන්තයි. ආත්ම විශ්වාසයෙන් යුක්තයි. ඇය පුතාත් කැටුව මොනෑෂ් විශ්වවිද්‍යාලයට ගියා. මට යෑමට ලැබුණේ ඉන් මසකට පමණ පසුව. මට පේරාදෙණියෙන් නිවාඩු ලබා ගැනීමට නොහැකි වුණා. මා අස් වී ගියේ නැවත විශ්වවිද්‍යාලයට පැමිණීමට බලාපොරොත්තු වන බව අස්වීමේ ලිපියේ සඳහන් කිරීමෙන් පසුව.

ඕස්ත්‍රේලියාවේ දී මට ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙහි රැකියාවක් ලැබුණා. ඒහෙත් අවුරුද්දකින් පමණ පසුව මා දරුණු මෝටර් රිය අනතුරකට ගොදුරු වුණා. අවුරුදු දෙකහමාරක් පමණ වයසැති පුතාත් බිරියත් වාහනයේ සිටි මුත් දෙයියන්නෙ පිහිටෙන් ඔවුන්ට කිසිවක් සිදු වුණේ නැහැ. එහෙත් මට ඩැංඩිනොන් රෝහලේ මාස තුනක් පමණ ඉන්න සිදු වුණේ දකුණු ඉල ඇටය බිඳී යෑම නිසා. රෝහලේ සිටි සෑම දිනක ම බිරිය පුතා අර කුඩා කරත්තයේ දමා ගෙන බසයේ රෝහලට පැමිණියා. ඇගේ අධ්‍යයන කටයුතු අඩාල වුණා. සුව වී ගෙදර ගොස් ටික දිනකින් ඇය ආචාර්ය උපාධිය පැත්තකට දමා විද්‍යාපති උපාධියක් සමග 1977 අවසන් කාර්තුවේ ලංකාවට අපත් සමග ගියා. ඇය විශ්වවිද්‍යාලයේ රැකියාවේ ස්ථිර වුණා.

එහෙත් මට රැකියාවක් ලැබුණේ නැහැ. පීඨාධිපති තීරණය කර තිබුණා මා විප්ලවවාදියකු බව. ඒ කාලයේ මා නව සමසමාජ පක්‍ෂයේ. ජේ ආර්ගේ ව්‍යවස්ථාවට විරුද්ධ ව අප 1978 පෙබරවාරි හතරවැනි දා කළුකොඩි දැම්මා. වික්‍රමබාහුට රැකියාව අහිමි වුණා. මට රැකියාවක් ලැබුණේ නැහැ. පුතා රැක බලා ගැනීමත් මට කන්න අඳින්න දීමත් බිරියට බැර වුණා. අවුරුදු දෙකක් ඇවෑමෙන් මට කොළඹ රැකියාවක් ලැබුණා. අප ලොකු පුතාත් පසුව දෙවැනි පුතාත් රාජකීය විදහලට ඇතුල් කළා. ලොකු පුතා රාජකීය විදුහලට ඇතුල් කිරීම සඳහා ඉල්ලුම්පත යැවුවේ නුවර ලිපිනයකින් ඒ එකල පදිංචිය නුවර වටපුළුවේ වූ නිසා. මා අදත් කියනවා රාජකීය විදුහල මට හැමදාමත් හොඳින් සලකා තියෙනවා. නුවර ලිපිනයකින් පුතා පාසලට ඇතුල් කිරීමට සැමට හැකි වන්නේ නැහැ. අදාළ පරීක්‍ෂණයේ දී මගෙන් ඇසුවේ එක ම එක ප්‍රශ්නයයි. පුතා පාසල් එවන්නේ කොහේ සිට ද? පුතා පාසල් යැවුවේ පාණදුරේ මහගෙදර සිට. මාත් පුතාත් සිකුරාදා සවස මාතලේ ගියා. බිරිය හිටියේ ඇගේ මහ ගෙදර දෙවැනි පුතා කුස දරාගෙන.

ඇය නොබෝ කලකින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මාරුවක් ලබා ගත්තා. 1981 ජනවාරියේ අප මහරගම නිවසට පැමිණියා. දෙවැනි පුතා උපන්නේ 1980 දී. 1980 මාර්තු මස මා නව සමසමජ පක්‍ෂයෙන් අස්වුණා. සුවාදීනයන් අමතක කළාට ලොකු පුතා රාජකීය විදුහලට ඇතුල් කෙළේ මා නව සමසමාජ පක්‍ෂයේ සිටිය දී. ඒත් චින්තනය ගැන කතා කිරීමට 1983 පමණ පටන්ගත් පසු මා ඔහු අස්කර වෙනත් විදුහලකට ඇතුල් කෙළේ නැහැ. පළමු පංතියේ අනුකාරක අධ්‍යාපනයක් වෙනුවට තුන්වැනි පංතියේ අනුකාරක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීමට මට වුවමනා වූයේ නැහැ.

කොළඹ අවුරුදු දොළහක් පමණ කතන්දර කීමෙන් පසුව මා අස්කෙරුණා. ජී එල් පීරිස් පී ඩබ් ඈපාසිංහ වී කේ සමරනායක එහි මූලිකත්වය ගත්තා. මට විරුද්ධ චෝදනා වූයේ වෙනත් ඇදුරන්ට බැණ වැදීම හා උසස් අධ්‍යාපන ඇමති හමීඩ් බොරු ප්‍රකාශ කළා යැයි කීම. ජී එල් පීරිස් එකල ප්‍රේමදාස පාක්‍ෂිකයෙක්. මට විරුද්ධ ව ගෘහස්ථ පරීක්‍ෂණය කිරීමට පත්කළ මණ්ඩලයේ සභාපති වූයේ හර්ෂ ද සිල්වාගේ පියා හැරිස් ද සිලවා. මාස ගණනක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වන ලද ඊනියා පරීක්‍ෂණයකින් පසු මා අස්කෙරුණා. ඒ පරීක්‍ෂණයට කොපමණ මුදලක් වියදම් කළා ද කියන එක අදටත් රහසක්. වත්මන් අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් එ ගැන පරීක්‍ෂණයක් කරනවා ද?

මෙහි දී කිවයුතු කරුණු බොහෝමයක් තියෙනවා. පී ඩබ් ඈපාසිංහ විද්‍යොදය සමයේ සිට මහින්ද රාජපක්‍ෂගේ මිත්‍රයෙක්. ඔහුටත් සමරනායකටත් ප්‍රශ්න තිබුණා. ඒ දිනවල විද්‍යා පීඨ සිසුන්ගේ උද්ඝෝෂණයක් තිබුණා. සිසුන් ඉල්ලා සිටියේ කලබලවලින් පසු ඉදිරිපත් කෙරුණු කඩිනම් පාඨමාලාව නිසා විභාග නිර්ණායකත් වෙනස් කළ යුතු ය කියා. මාත් තවත් කිහිප දෙනකුත් සිසුන්ගේ ඉල්ලීමේ සාධාරණත්වයක් දැක්කා. ඈපාසිංහ සමරනායක ආදීන් ඒ ඉල්ලීමට විරුද්ධ වුණා. සිසුන් පංති වර්ජනය කළා. උපවාසයක් ද කෙරුණා.

ඇතැම් ගුරුවරුන් හා මා අතර බහින්බස් වීම් ද සිදු වුණා. ඒ අතර හමීඩ් වැරදි ප්‍රකාශයක් ද කළා. ජී එල් ඈපාසිංහ ආදීන් මට විරුද්ධ ව අනෙක් කිහිප දෙනකුට බැණ වැදුණේය යන චෝදනාව ද මා හමිඩ් බොරු කීව් යැයි කී චෝදනාවද කළා. එකල මා ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති. අප වැටුප් අරගලයක යෙදී සිටියා. මා අස් කිරීමෙන් පසුව මට කොළඹ ආචාර්ය සමිතිවල සාමාජිකත්වය අහිමි වුණා. ඇපාසිංහලාට වැටුප් අරගලය අවශ්‍ය වුණෙ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණෙ මා අස්කිරීම පමණයි. ජී එල් මට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් කළා. ඒත් වෘත්තීය සමිති ආඥා පනත අනුව මට වෙනත් ආචාර්ය සමිතියක බාහිර නියෝජිතයකු ලෙස ආචාර්ය සමිති සම්මේලනයට සහභාගි වීමට හැකි වුණා. මා ඉංගිරිසි උපදේශක සංගමයේ නියෝජිතයා ලෙස දිගට ම ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කළා. අප ඇපාසිංහලා ජී එල්ලා සමරනායකලා පරාජය කර වැටුප් සටන ජයගත්තා. ඒ සමග මා සභාපති ධුරයෙන් අස්වුණා. වැටුප් අරගලයේ ජයග්‍රහණය මට පෞද්ගලික ව හිමි වුණේ නැහැ. එහෙත් බිරියට හිමි වුණා. ඇ තම වැටුපෙන් මට තවත් අවුරුදු දහයක් කන්න අඳින්න දුන්නා පමණක් නොව දරුවන්ගේ සියලු කටයුතු ද නොපිරිහෙළා ඉටු කළා. ආචාර්ය සමිති සම්මේලනය ඉංගිරිසි උපදේශක සංගමයට ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජිකත්වය අහිමි කළා.

ආචාර්ය සමිති සම්මේලනය තම හිටපු සභාපති වෙනුවෙන් කිසිවක් කළේ නැහැ. එහෙත් අදටත් තියෙන්නේ එදා සකස් කළ වැටුප් ව්‍යුහ. විනිසුරුවන්ගේ වැටුප් වැඩි වෙන විට ඇදුරන්ගේ ද වැටුප් වැඩි වන්න ඕන. මේ ජයග්‍රහණ අත්කර ගත්තේ 1993 මුල. වයස අවුරුදු පනහට අඩු ආචාර්යවරු ඒ ගැන කිසිවක් නොදන්නවා වෙන්න පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් මා වෙනුවෙන් සටන් කිරීමට සූදානමින් සිටි නමුත් චම්පකගේ අනුගාමිකයන් ඒ සියල්ල කඩාකප්පල් කළා. චම්පකලාටත් අවශ්‍ය ව තිබුණේ මා අස්කරනු දැකීමට. අද චින්තනයේ ජාතිකත්වය ගැන විවිධ පඬි මත ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙත් එහි ගමන බාල කෙළේ චම්පකලා. ඔවුන්ට අවශ්‍ය වූයේ ජාතිකත්වය බලයට ඒමට යොදා ගැනීම පමණයි.

මා අවුරුදු දහයක් නඩු කිවුවා. ගෘහස්ථ පරීක්‍ෂණයේ දී මට සහාය වුණෙ ආචාර්ය අර්ජුන සොයිසා. කම්කරු උසාවියේ, ඉහළ අධිකරණයේ හා ශ්‍රෙෂ්ඨාධිකරණයේ මා වෙනුවෙන් පෙනී සිටියේ එස් එල් ගුණසේකර තිස්ස යාපා හා කණිෂ්ක විතාරණ. ඒ සියළු දෙනා ම පෙනී සිටියේ නොමිළයේ. අවසානයේ දී බැණුම් චෝදනාවලින් මා නිදහස් වුණා. එහෙත් හමීඩ් අසත්‍ය ප්‍රකාශයක් කළේයැයි කීම වරදක් ලෙස තීරණය කෙරුණා. ශ්‍රෙෂ්ඨාධිකරණය මට ලක්‍ෂ පහක් ගෙවීමට කොළඹ විශ්වවිද්‍යාලයට නියම කර මා නිදහස් කළා.

ඒ අතර වෙනත් විශ්වවිද්‍යාල මා බඳවා ගැනීම ප්‍රතික්‍ෂෙප කළා. මා ඒ විශ්වවිද්‍යාලවලට විරුද්ධ ව ප්‍රතිපාදන කොමිසමේ අභියාචනා මණ්ඩලය ඉදිරියට ගියා. මා ජයග්‍රහණය කළා. මා කැලණියට ගියේ එහෙමයි. ඒත් අවුරුදු දහයක් සතයක් හම්බ කරන්නෙ නැතිව ඉඳලා. මේ සියල්ල මැද පළමුව අවුරුදු දෙකකුත් දෙවනුව අවුරුදු දහයකුත් බිරිඳ මගේත් දරුවන්ගේත් වැඩ කටයුතු කළා. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මට එතරම් දෙයක් කරන්න බැරි වුණා. එහෙත් මගෙන් මිනිසුන් ඇහුවේ ඔවුන් රාජකීය විදුහලට යෑම ගැන. ඔවුන් පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙනීම ගැන. ඔවුන්ගේ මවට ඔවුන් පිටරට යැවීමට තරම් මුදලක් වියදම් කිරීමට නොහැකි බව මිනිසුන් නොදැන සිටින්න ඇති. අපේ දුවගේ පාසල ගැන කිසිවකු ප්‍රශ්න කෙළේ නැහැ. ඇගේ මව කොළඹ පාසලක ඉගෙන ගෙන තිබුණේ නැහැ. අප දුව මියුසියස් විදුහලට ඇතුල් කළා. එය පෞද්ගලික පාසලක්. අප කනවාද බොනවාද කියා ඉඳහිටවත් සොයා බැලුවේ මගේ පාසල් මිතුරන් කිහිප දෙනකු පමණයි.

මේ සියලු දුක් පීඩා මැද ඇණුම් බැණුම් චෝදනා මැද බොහෝ විට මගේත් බැණුම් මැද බිරිය ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී හිටියා. ඇය සමහර විට රහසින් වැළපෙන්න ඇති. එහෙත් කිසි දා මට රැකියාවක් හොයා ගන්න කියා නැහැ. කිවුවත් හොයා ගන්න බැහැ. දරුවන් ද තම උත්සාහයෙන් ඉගෙන ගත්තා. මා හෝ බිරිය හෝ ඔවුන් පසුපස සිට පාඩම් කරන්න කිවුවෙ නැහැ. ඔවුන්ට බිඳින්න ගල්ලෙනක් තිබුණෙ නැහැ. අප දෙදෙනාට මෙන් ම ඔවුන් තිදෙනාටත් ප්‍රථම පංතියේ ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි තියෙනවා. මා එය කියන්නේ ඒ උසස් ලෙස සලකන නිසා නො වේ. ඔවුන්ට බිඳින්න ගල් ලෙනක් තිබුණෙ නැහැ කියන්න. කිසි ම බලපෑමක් නැතිව ඔවුන් තම වැඩ කටයුතු කළා. ඔවුන්ගේ දෙමවුපියන් මෙන් ම සීයලා ආච්චිලා හතර දෙනාත් ගුරුවරු. එහෙත් ගුරු පරපුර ඉදිරියට යන පාටක් නැහැ.

මේ නහින දෙහින කාලයේ අප මියන්මාහි ඉන්නවා. අපට එරට දෙවැනි නිවසක් වගේ. ඒ සංස්කෘතික සමානත්වය නිසා. මා ප්‍රසිද්ධ වී ඇත්තේ ලයෙහි කිසිම තෙතමනයක් නැති මිනිසුන්ට බැණ වදින පුද්ගලයකු හැටියට. මා කර ඇති දෙයක් නැහැ. ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික චින්තකයන් හා හාමුදුරුවරුන් එයට සාක්‍ෂි දරණවා. අද හාමුදුරුවරුන්ට අවශ්‍ය වී ඇත්තේ මට වඩා හොඳ බෞද්ධයකු මියන්මාහි තානාපති ලෙස යවන්න. අප දෙදෙනා මේ සියල්ල මැද ජීවත්වෙනවා. අප දෙදෙනාට ම දැන් හැත්තෑව පැනලා. අප තව ටික කලකින් වෙන් වේවි. අවුරුදු පනහක් එකට හිටියේ මගේ හොඳ කමකට නම් නො වෙයි.

ගොඩ ඒමට මඩට යමු – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ගොඩ ඒමට මඩට යමු

අපේ රටේ අධ්‍යාපනය වෙනස් කළ යුතු ය යන කතාව හැමදාමත් තියෙනවා. එහෙත් එය වෙනස් කෙරෙන්නේ නැහැ. එයට හේතුව දේශපාලනඥයන් ම නොවෙයි. දේශපාලනඥයන්ට ප්‍රශ්නය දැනෙන්නේ එක් විධියකට. ඔවුන් ට දැනෙන්න සලස්සලා තියෙන දේ තමයි ඊනියා උගතුන්ට කරන්න පුළුවන් රැකියා රටේ නැති වීම හා රටේ තියෙන රැකියාවලට ඊනියා උගතුන් නැති වීම. මේ ප්‍රශ්නය අධ්‍යාපනඥයන් තේරුම් කර දෙන්නේ වෘත්තියාභිමුඛ පාඨමලා පාසල්වල හා විශ්වවිද්‍යාලවල නොමැති වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන්නක් හැටියට. අධ්‍යාපනඥයන් බිහිවෙලා තියෙන්නෙත් මේ අධ්‍යාපනයන්. ඔවුන්ට ඉන් පිට හිතන්න බැහැ. පිට තියා ඇතුළෙවත් හිතන්න බැහැ.

අපට යම් යම් දේ දැනෙනවා. ඒ දැනෙන දේ තේරුම් ගැනීමට යැයි කියමින් අප කතන්දර හදනවා. ඒ කතන්දර සමහර විට වියුක්තයි. එවිට ඒවා පට්ටපල් බොරු වෙනවා. ඒ නැතත් ඕනෑම කතන්දරයක් අපේ සංස්කරණයක් එහෙම නැත්නම් බොරුවක් හරි පට්ටපල් බොරුවක් හරි. එහෙම කිවුව ම ඊනියා උගතුන්ට තරහ යන්නෙ මොකද? ඒකට මට කතන්දරයක් අවශ්‍ය නැහැ. මට ඒ බව දැනෙනවා.

මේ අධ්‍යාපනය අපට මූලික වශයෙන් සුද්දන් දීපු එකක්. එය හැමදාමත් සිංහල මාධ්‍යයෙන් නොමිලේ ලබා දුන්නා. ඉංගිරිසි මාධ්‍යයෙන් දීපු අධ්‍යාපනයට තමයි මුදල් අය කෙළෙ. ඉංගිරිසි මාධ්‍ය අධ්‍යාපනය ඊනියා ඉහළකට ලබා දුන්නා. සිංහල මාධ්‍ය අධ්‍යාපනයෙන් සිංහල ගුරුවරයකු හරි නොතාරිස් කෙනකු හරි වෙන්න පුළුවන් වුණා. සිංහල වෙදමහත්තුරු වෙන ම බිහිවුණා. ඉංගිරිසි මාධ්‍ය අධ්‍යාපනයෙන් නීීිතිඥයන්, බටහිර වෙද මහතුන්, ඉංජිනේරුවන් පරිපාලන නිලධාරීන් වැන්නන් වෙන්න පුළුවන් වුණා.

රටේ සාම්ප්‍රදායික ආර්ථික ව්‍යුහය කඩා බිඳ දැමූ ඉංගිරිසින් තම ආර්ථික හා පරිපාලන ව්‍යුහයට අවශ්‍ය පරිදි රැකියා ඇති කර ඒ සඳහා පුද්ගලයන් බිහි කළා. ඒ සඳහා බොහෝ විට අධ්‍යාපනය යොදා ගත්තා. මේ ඊනියා උගතුන් තම දෙමවුපියන්ගේ ජීවන රටාවෙන් හා ආර්ථිකයෙන් වෙන් කරනු ලැබූ අය. ඔවුන්ගේ දෙමවුපියන්ට හරි හමන් ආදායමක් ඉංගිරිසින්ගෙන් ලැබුණේ නැහැ. ඔවුන් අසරණ වුණා.

දෙමවුපියන්ගේ ජීවන රටාවෙන් වෙන් කරනු ලැබූ දරුවන්ට ඉංගිරිසින්ගේ රැකියා පමණයි තිබුණේ. දරුවන් හිතන්නෙ නැති පිරිසක් බවට අධ්‍යාපනයෙන් පත් කෙරුණා. කන්නන්ගර මහතා කෙළේ ඉංගිරිසි මාධ්‍යයෙන් රජය දීපු අධ්‍යාපනයටත් මුදල් අය නොකෙරීම. ඒ අතර මාධ්‍යයත් සිංහලට ක්‍රමයෙන් හැරෙවුවා. ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙන ගත් අයට ඉංගිරිසින් වෙන ම රැකියා ලබා දුන්නා. ඉංගිරිසි මාධ්‍ය අධ්‍යාපනය නිදහස් කෙරුණෙ රජයේ පාසල්වල හා බෞද්ධ යැයි කී පිරිමි පාසල්වල. වෙනත් පෞද්ගලික පාසල්වල බෞද්ධ කාන්තා පාසල් එකක දෙකකත් මුදල් අය කෙරුණා.

ඒ වෙනස්කම් කෙසේ වුවත් අධ්‍යාපනය සැලකුණේ දෙමවුපියන් එරී සිටි මඩින් ගොඩ ඒම සඳහා සකස් කෙරුණක් ලෙස. ගොඩ යන්න නම් ඉගෙන ගන්න කියන කතාව තමයි තේමාව වුණේ. මා වැනි කිහිප දෙනකුට ගොඩ එමේ අවශ්‍යතාවක් නෙතිබූ නිසා විද්‍යාඥයන් වැන්නන් වීමට ඉගෙන ගැනීමේ ආශාවක් තිබුණා. එය කිසි දා හරියන්නේ නැති බව දැනෙන විට ප්‍රමාද වැඩියි. කෙසේ වුණත් එහෙම සිද්ධ වෙච්ච එකත් හොඳ වුණා. සුද්දන් නොපිළිගත්තත් මා ආකාශ ධාතුව උපයෝගි කරගෙන පට්ටපල් බොරු කිහිපයක් ගොතල තියෙනවා. ක්වොන්ටම් අංශුවක් එකවිට කිහිප තැනක ඉන්න බව නම් ඔවුන් පිළිගන්නවා. ඒත් ඒ මා කියන නිසා නොවෙයි.

ගොඩ ඒම සඳහා ඉගෙන ගත් අයට ප්‍රශ්නයක් තිබුණා. ඔවුන්ට කිරීමට රැකියා ප්‍රමාණවත් සංඛ්‍යාවක් තිබුණේ නැහැ. පළමුවෙන් ම ඇති වූයේ ජ්‍යෙෂ්ඨ සමතුන්ගේ රැකියා ප්‍රශ්නය. මට මතක හැටියට පනහේ දශකයේ මේ ප්‍රශ්නය කරළියට ආවා. ජ්‍යෙෂ්ඨ සමතුන්ගේ සංඛ්‍යාව ඔවුන්ට කළ හැකි රැකියා සංඛ්‍යාවට වඩා වැඩි වුණා. ජ්‍යෙෂ්ඨ සමතුන් දෙමවුපියන්ගෙන් වෙන් කෙරුණු අනාථයන් බවට පත් කෙරුණා. ඊනියා උගතුන්ගේ ප්‍රශ්නය ඔඩු දිවුවා. හැටේ දශකයේ අග භාගය වන විට ශාස්ත්‍ර පීඨ උපාධිධරයන්ගේ රැකියා ප්‍රශ්නය ඇති වුණා.

අද ඉගෙන ගත්ත ඇතැමුන්ට ගොඩ එන්න බැහැ. ඔවුන් රැකියා ඉල්ලා පෙළපාලි යනවා. අධ්‍යාපනඥයන් කියනවා තියෙන රැකියාවලට අවශ්‍ය දැනුම නැහැ කියා. ඔය රැකියා බෙහොමයකට පුහුණුවක් ලබා දෙන්න පුළුවන්. වැඩිම වුවහොත් මාස හයකින් පුළුවන් කියා මට හිතෙනවා. තානාපති රැකියාවට යන විට ඒ පිළිබඳ මා කිසි දෙයක් දැන හිටියේ නැහැ. ඒත් මාසයකින් දෙකකින් අවශ්‍ය පුහුණුව ලබා ගන්න පුළුවන්.

අවුරුදු දහතුනක් පාසල්වල හා අවුරුදු තුන හතරක් විශ්වවිිද්‍යාලවල ඉගෙන ගන්න එක තේරුමක් නැහැ. අවශ්‍ය වන්නේ අපේ සංස්කෘතිය ගැන පරිචයක් ලබා දීම. සංස්කෘතියේ හිතන්න පුරූදු කිරීම. විවිධ දැනුම් පද්ධති ලෝකයේ තිබෙන බව දැනෙන්න සැලැස්වීම. අද සිදු වන්නේ බටහිර ක්‍රිස්තියානි දැනුම් පද්ධතිය එකම දැනුම් පද්ධතිය බව සිසුන්ට දැනෙන්න සැලැස්වීම. ඒ දැනුම් පද්ධතිය අපේ සංස්කෘතිය සමග ගැලපෙන්නේ නැහැ. අපටවත් රටටවත් ගොඩ ඒමක් නැහැ. බටහිර අධ්‍යාපනය ලබා ගත් අය මෙරට නොසිට යන එක පුදුමයක් නො වෙයි.

අද ලෝකය ම අනාථ වෙලා. කොවිඩ් 19 ඉදිරියේ බටහිර දැනුම් පද්ධතිය දණ ගහලා. ඉන්දියාව අපේ මිතුරකු නොවූවත් එරට තත්වය ගැන මට ඇත්තේ කණගාටුවක්. ඉන්දියාවෙ බටහිර වෙද මහත්තුරු මෝදිට ඉඩ දුන්නේ නැහැ සාම්ප්‍රදායික වෙදකම් කිරීමට. චීනය එහි අනෙක් පැත්ත. ඔවුන් සාම්ප්‍රදායික වෙදකමටත් තැනක් දුන්නා. අප දැනටමත් ප්‍රමාද ද කියල හිතෙනවා. ගොඩ ඒමට නම් මඩට යමු. මඩ කියන්නේ කුඹුරක් පමණක් නො වෙයි.

අධර්මය රජයන ලොවක කොවිඩ් – මහඇදුරු නලින් ද සිල්වා මහතා

අධර්මය රජයන ලොවක කොවිඩ්

රටේ බොහෝ දේ සිදුවෙමින් පවතිනවා. මා කියන්නේ හරීන් ප්‍රනාන්දු ගරු මන්ත්‍රීතුමා රෝහල්ගත වීම හා විපක්‍ෂ නායක ඔහු බැලීමට රෝහලට යෑම ගැන නො වෙයි. රිෂාඩ් බද්‍යුද්දීන් අත් අඩංගුවට ගැනීම හොඳයි. එය කෙළවරක් දක්වා ම යාවි කියා පතනවා. පාස්කු ප්‍රහාරය ගැන පමණක් කොටි ප්‍රහාර හා ජෙනීවා ප්‍රහාර ගැනත් කෙළවරක් දක්වා හොයන්න ඕන. මේ සියල්ල පිටුපස සෞදි ප්‍රහාර ලන්ඩන් ප්‍රහාර හා දිල්ලි ප්‍රහාර තියෙනවා. අප කිසිවක් බාගෙට නවත්තන්න හොඳ නැහැ. විපක්‍ෂ නායකතුමා වැන්නකු ලැබීමට ආණ්ඩුව පින් කර තියෙන්න ඕන. පෙම්බ්‍රෝක් කිරිඇල්ලත් එහෙමයි. ඒ අය ආණ්ඩුවේ පිනට උපන් අය.

ජනාධිපතිතුමා තවත් වැදගත් තීරණයක් අරන් තියෙනවා. ඒ පොහොර හා පලිබෝධ නාශක සම්බන්ධයෙන්. ඒ ගැන අප කලක සිට කතා කළා. එහෙත් අතන මෙතන පනින රතන හිමියන් ප්‍රශ්නය තම අතට ගෙන සුපුරුදු පරිදි අතහැරීයා. සියල්ල අත්හරින්න නේ කියා තියෙන්නෙ. රතන හිමියන් ගැන දන්න සමහරු කියන්න උන්වහන්සෙ මහායානයෙ කියල. ඒ කුමක් වුණත් උන්වහන්සෙ මන්ත්‍රීකම අත්හරින්නෙ නැතුව විතරක් නොවෙයි පක්‍ෂ නායක රැස්වීම්වලට සහභාගි වීමටත් සටනක් කරලා. අනෙක් අතට ලංකාවෙ බුද්ධාගම් කීයක් තියෙනවා ද? රහතන් වහන්සේ කී නමක් වැඩ ඉන්නවා ද?

ජනාධිපති තීරණයට මෙරට බටහිර විද්‍යාඥයන් විරුද්ධ වේවි. අපි ඒ ගැන පස්සෙ කතා කරමු. ඔය බටහිර විද්‍යාඥයන් කියන්නෙ බටහිර විද්‍යාවෙ පරිධියෙ කුරුටු ගගා ඉන්න අය මිසක් කේන්ද්‍රයට පනින්න පුළුවන් අය නො වෙයි. බටහිර වෙද මහත්වරුනුත් එහෙමයි. ඔවුන් බටහිරින් එන දත්ත හා වෙනත් කරුණු කියන විට අප අහගෙන ඉන්නවා. මට සමහර වෙලාවට හිතෙනවා පවිත්‍රා වන්නිආරච්චිත් බටහිර වෙද නෝනා කෙනෙක් කියලා.

විපක්‍ෂයෙ අකිල විරාජ් කියනව ආණ්ඩුව අවුරුද්ද හරියට කළමනාකරණය කෙළෙ නැහැ කියල. ඇත්ත ආණ්ඩුව ඉන්දියාවෙ උත්සවත් කළමනාකරණය කරල නැහැ. ඉන්දියානුවන් කොරෝනා පැත්තක තියල ගංගා නම් ගඟේ නාන්න ගිහිල්ල. මහින්ද රාජපක්‍ෂ ආගමික කටයුතු භාර ඇමති හැටියට මොකද කෙළෙ. ඒ මොනව වුණත් මට නම් හිතෙන්නෙ අප වාසනාවන්තයන් කියල. ඒ වෙන එකක් නිසා නොවෙයි මේ කොරෝනා කාලෙ අකිල විරාජ්ලගෙ සජිත්ලගෙ කිරිඇල්ලලගෙ හිරාන්ලගෙ ආණ්ඩුවක් නොතිබීම ගැන. තිබුණ නම් අප සියල්ලන්ට ගංගා නම් ගඟේ නැතත් නාගන්න තිබුණ.

එත් මේ ආණ්ඩුව බටහිර වෙදකමට දක්වන සැලකිල්ල ඉතා වැඩියි. කොරෝනා මර්දනය කරන්න බටහිර වෙදමහත්වරුන් මොනව ද කරල තියෙන්නෙ. මා කියන්නෙ බටහිර ඉන්න බටහිර වෙද මහත්තුරු. එන්නත් නම් ඕනවටත් වඩා තියෙනවා. ඒත් අප වැනි රටවලට එන්නත් ලැබෙන්නෙ අඩුවෙන්. සජිත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙවත් හිටිය නම් මොකුත් කර ගන්න තිබුණ. එන්නත් ගැනත් එක එක කතා තියෙනවා. මේ සියල්ල පිටුපස ඩොලර් සංචරණය වෙනවා. අපට ස්වයං සංරචනයක් අවශ්‍යයයි.

මා අද උදේ ධමිමික පැනිය බීමට පටන් ගත්තා. ලංකාවට ආපු එකේ ඒකවත් බොන්න ඕන. බටහිර වෙද මහත්තුරු තම ආධිපත්‍යය පතුරවල ධම්මික පැනිය අයින් කරා. රෝගීන් ඊනියා පරීක්‍ෂණයට අකමැතියි කිවුවලු. ධම්මික පැනිය විතරක් නොවෙයි තවත් ඔසු දේශීය වශයෙන් නිපදවල තියෙනවා. බටහිර වෙද මහත්තුරු කොහේවත් නැති විද්‍යාත්මක ක්‍රමයක් ගැන කියමින් ඒ ඔසු අයින් කරලා.

කොවිඩ් 19ට බටහිර වෙද කමේ බෙහෙත් නැහැ. එහෙත් අපට සෞඛ්‍ය වාර්තාවලින් කියනවා 95%ක් ආසාදිතයන් සුව වෙලා කියල. මේ සුව වීම කියන්නෙ මොකකට ද? මෙරට බටහිර වෙද මහත්තුරුන්ට බැරි ද ඔය සුව කරන ක්‍රමය බටහිර වෛද්‍ය සඟරාවකට ලියන්න. වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් තෑග්ග ලංකාවට ලැබේවි. කාටද ආඩම්බරේ. මේ ක්‍රමය කාලෝ ක්‍රමය ද? කාලෝගේ නමට නොබෙල් තෑග්ග ප්‍රදානය කරන්න බැරි යැයි.

බටහිර වෙදකම කරන්න එපා කියල නොවෙයි අප කියන්නෙ. අනෙක් වෙදකම්වලටත් තැනක් දෙන්න. එමගින් ඩොලර් සංචිතය අඩුවීම අඩු කර ගන්නවත් පුළුවන් වේවි. අපේ දේට තැන දෙන විට රුපියලටත් තැනක් ලැබේවි. කෘෂිරසායන ගැනත් එහෙමයි. නිකවැරටිය පැත්තෙ උපන් පුංචි බණ්ඩා ජයසුන්දර ඒක දන්නෙ නැහැ කියල හිතන්න අමාරුයි. කොළඹින් ලැබුණු ආර්ථික විිද්‍යා උපාධියත් බොස්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආචාර්ය උපාධියත් ටිකකට පැත්තකින් තියමු.

ඒ මොනව වුණත් අපේ විනය ගැනත් කියන්න ඕන. එදා අප අවුරුදු සිරිත් විරිත් පැවැත්තුවා. වන්දනාවෙ ගියා. විශ්‍රාම ශාලාවල නැවතුණා. අද අප අවුරුද්දට කනවා අඳිනවා බොහෝ පිරිමි බොනවා. අද අප ට්‍රිප් යනවා. හෝටල්වල නවතිනවා. ආතල් ගන්නවා. තෙල් බෙදනවා. ඒ සමග කොවිඩුත් බෙදනවා. අප අනුරාධපුරේ යන්නෙත් වන්දනාවෙ නොවෙයි. ට්‍රිප් යෑමක් තමයි වෙන්නෙ. අවුරුදු හැත්තෑවකට පමණ උඩ අප අනුරාධපුර වන්දනාවෙ ගිය වෙලාවක අප සමග වැඩම කළ හාමුදුරුනමක් මගේ අත බලලා අනාවැකියක් කිවුවා. එය කිරිගහට ඇන්න වගේ. අවුරුදු පනහකට ඉහත සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ මගේ ගුරුවරයා වූ මහාචාර්ය මැක්රෙ මගේ වැඩ බලලා අනාවැකියක් කිවුව. එය නම් හරි ගියේ නැහැ. පසුව ඒ ගැන කතා කරමු.

අපි අවුරුද්දට ආතල් ගත්තා. ඒ එක්ක කොවිඩුත් ගත්තා. අප ධර්මයෙන් ඈත් වෙලා. අප ධර්මයට හිනහ වෙනවා. අප සලකන්නේ විහාර මහා දේවිට නොව ඩයනා ගමගේට. විහාර මහා දේවිට නයිට් ලයිෆ් තිබුණෙ නැහැ. කොවිඩ් ආරම්භ වෙන කාලයෙ අප ආධ්‍යාත්මක ශක්තියක් ඇති හාමුදුරුනමකින් ලැබුණු පණිවුඩයක් කිවුව. කොවිඩ් මගින් ලෝකය ම අධාර්මික වීමට විරුද්ධ ව පණිවුඩයක් දෙනවා. එහෙත් එය ගණන් ගන්න කෙනෙක් නැහැ. අපත් අධාර්මික වෙලා. අප ඒ දිනවල කිවුවෙ සිද්ධස්ථාන දහසයක පින්කම් පවත්වන්න. පිරිත් දේශනා කරන්න. අපට පඬි නැට්ටන් හිනහවුණා. බුදුහාමුදුරුවො කළෙත් රතන සූත්‍රය දේශනා කිරීම. ඒත් බුදුහාමුදුරුවො කවුද? එහූ රටක අප කියන දෙයක් ගණන් ගන්නෙ කවුද?