දෙවියන් හා මිනිසුන්

කොවිඩ් එක්කම මතුපිට ට ආව කතාවක් තමයි දෙවියන් හා දෙවියන්ට මිනිසූන් ට පිහිට විය හැකිද, නොහැකි ද යන අදහස.මේක විවිධ සංස්කෘතීන් තුල විවිධ ආකාරයෙන් සංවාදය ට ලක්වන දෙයක්.යූදෙව්, ක්‍රිස්තියානි, කතෝලික,හා ඉස්ලාම් සංස්කෘතීන් තුල සිතන,පතන මිනිසුන් විශ්වාස කරන්නේ සර්ව බලධාරී,මැවූම්කාර දෙවියන් වහන්සේ ගැන.ඒ නිසා ඔවුන්ට දෙවියන් ගේ කැමැත්ත අනුව පිහිට,සතුට, විනාශය,දුක්,ස්වර්ගය,අපාය යන දේ ඇති කල හැකි බව විශ්වාස කරන නිසා ඒ සියල්ල එකම දෙවියන් ගෙන් ලැබෙන බව සිතනවා.හින්දූ ආගමේත් බ්‍රහ්ම, විෂ්ණු,ශිව,ආදී ලෙසින් ගෙන ලෝකයේ පැවැත්ම, මෙන්ම විනාශයත් එකම දෙවියන් ගේ ස්වරෑප ලෙසින් ගෙන ලෝකය තේරුම් ගන්න බව පේනවා.බෞද්ධ සංස්කෘතීය තුල දෙවියන් ගැන ඇත්තේ මේ සියල්ල ට වඩා වෙනස් සංකල්පයන්.එහිදී දෙවියන්ගෙන් කෙනෙක් පිහිට පැතීම හෝ ලෙඩ,දුක්, කරදර වලින් ආරක්ෂා කරන මෙන් කරන ඉල්ලීම මෙන්ම සතුරන් විනාශ කරන ලෙසට කරන ඉල්ලීම ද දකින්ට ලැබෙන බව දැකිය හැක.ඒත් සමගම දෙවියන් යනු පිනක් වත් කරගත නොහැකි මිනිසුන් පින් දිය යූතු පිරිසක් ය කියන අදහසත් තිබෙනවා.මේ තත්ත්වය තුල දෙවියන් ගෙන් යම් යම් දේ බලාපොරොත්තු වන අය විශ්වාස කරන්නේ තමන් සාධනය කර ගන්න බලාපොරොත්තු වන දේ ඉටු කරන එකම සාධකය දෙවියන් බයයි.නමුත් ඒ සඳහා බලපාන වෙනත් සාධක තිබේද ඒවා මොනවාද යන්න ගැන අමතක කර කටයුතු කීරීම සිදුකෙරුණු විට අවසානයේ සිදූවන්නේ තමන්ගේ බලාපොරොත්තු ද ඉටූ නොවී දෙවියන්ගේ පලූ ඇරීමයි. මේ දේ එදා හෙළදිව පොතේ පවා සටහන් ව ඇති බව පෙනේ.

ලලිත් වජිරකාන්ත

තුප්පහියෙක් කියනවා ලමා කාලෙ මහන කමට ගියේ නැති බැරි කමටලු. එයට පිලිතුරු

මහාත්මා! නැති බැරි කමට ළමයි සාසනයට දෙනව නම් ඒක පූජාවක් නොවේ. ඒක පාපයක්. මේ සාසනයේ කන්න බොන්න නැතිව මහණ වුණු හොරු ඇති. ඒ වගේම කන්න බොන්න දෙන්න බැරි ව සාසනයෙන් දරුවන් පෝෂණය කරව ගන්න හොර අම්මලා තාත්තලාත් ඇති. ඒ නිසා තමයි අද සාසනයට අභියෝග එන්නේ. නමුත් ඒ සමස්තය නො වෙයි. මේ සාසනයේ තවමත් පැවිදි වී සිටින බහුතරය කුල දරුවන් මිස නැති බැරි කමට මහණ වුණු අය නෙ වෙයි. මේක හිඟන්නන්ගේ ලගින තැනක් නොවෙයි. ඔබ මේ රැඩිකල් වෙන්න කියන කතාවෙන් වෙන්නේ සම්බුද්ධ සාසනයට අපහාසයක්.

  • උපුල්වෙහෙරේ ධම්මාවාස හිමි

සම්බුද්ධ සසුනේ පැවිදි වූ සියලු සංඝවහන්සේලාම රහත් නොවුනා සේම බුදුන්ට ගල් පෙරලූ සංඝයා වහන්සේලා ද එකල විසුවලු.
රාහුල තෙරුන් අවුරුදු 7දි රහත් බව ලැබුවත්, ආනන්ද තෙරුන් ධර්ම භාණ්ඩාගාරික ලෙසින් කිරුලූ දැරූවත්, බුදුන් වහන්සේ පිරිනිවන් පානා මොහොත තෙක් රහත් බව නොලැබුවා. සුනීතලා සෝපාක කසල සෝදන්නන්, වීදී ලමුන් උනත් සම්බුද්ධ සාසනයේ බුද්දත්වයට පමනක් දෙවැනි වන මහ රහත් බව ලැබුවා. වර්තමානයේ සාමනේර හිමිවරුන් සියල්ල දුප්පත් කම නිසා පැවිදිබව ලබනවා ඇති ( page කරුගේ අදහස එය නම්). ඔවුන් සැමම රහත් නොවනවාත් ඇති . නමුත් සුලු පිරිසක් හෝ බුදුන් දෙසු දහම අනුව සසරින් එතෙරවන මග අනුව යමින් සසරින් එතරවීමට උත්සහායක් හෝ දරනවා නිසැකයි…(ගිහියන් වන අපට වඩා) බුද්දදේශනාව උපහාසයට ලක් කරන්නන්, වෛර කරන්නන්ට සිත් සතුටු කරන අවශ්‍යතා ඉටු කරන අදහස් සපයන කොන්ත්‍රාත්කරුවන් ගැන උපේක්ෂාවෙන් බලනු හැර වෙන විකල්පයක් තියෙද වෙන. ඔවුන් වෙනත් ආගම් දුප්පතුන්ට පඩුරු පාක්කුඩම් දීමට නම් තම ආගමික විශ්වාසය අදහන ලෙසට බෞතීස්ම කිරීමට බලපෑම් කරන්නන් ගැන යහපත් ක්‍රියාවක් ලෙසින් දකින අයවලුන් විය හැක..තවද ඔවුන් මෙලොව එකම අමානුෂික ක්‍රියාවන් කරන අනුගාමිකයන් සිටින එකම දර්ශනය බුද්ධ දර්ශනය ලෙස දකින අතර father ලා, පුසාරිලා, මව්ලවීලා, මෙලොව සුවපත් කිරීමට ආ දේවදූතයන් ලෙසද දකිනවා ඇති.. සම්බුද්ධ සාසනයේ විනාශයට වර්තමානයේ යටින් යන ගේම් ගැන බුදුන් වහන්සේ එකල දැක දේශනා කල සේක…(අංගම්පොඩි යනු යටින් ගේම් ගහන තවත් එක් අංකුරයක් පමනී) සියලු සත්වයෝ නිදුක් වෙත්වා… නීරෝගි වෙත්වා…සුවපත් වෙත්වා…

  • චමින්දප්‍රිය ධර්මසේන

මුදල් විසිකර ආගමට බදවා ගන්නේද
ආදරය පෙන්නා විවාහ කරගෙන ආගමට හරවා ගන්නේද

නැති සහ බෑහ් කියන්න බැරි කමටය .

ඒවත් ලියමු අගම්පොඩි …. එව්වත් මේ පොළවෙම ඇස්පනාපිට පේන අමූලික ඇත්ත.
ඉතිං ලියමු…. එවත් ලියමු හොදේ 😁😁😁

මුහුණුපොත වාරනයට පණතක් ගේනවාලු

අස්සයා ට යන්න දී ඉස්තාලය වැසීම. අපේ රටේ විතරක් මුහුණුපොත වහල හරියන්නෙ නෑ මුහුණුපොතම කළු හිලක්ද මොකක්ද එකට අවශෝෂණය කරගත යුතුයි. එය වෙසමුනි දෙවියන්ට භාරයි.

පහත ලින්ක් එකේ බලන්න පාප් ෆ්‍රාන්සිස්ම කියනවා එවන්ජලිකයෝ ඔහුගෙම අය බව බොහොම ස්තූති කරලා. ඉතින් මැල්කම් රංජිත් කියන්නෙ කොහොමද බෝර්න් අගේන් ලා ඔහුගෙ නොවේ කියා. අපේ රටේ මිශනාරීන් අන්‍යාගම්කරනෙ මොවුන්ම තමා.

මේකෙ හැටියට ත් පේනවනෙ අපේ දෙබිඩ්ඩො උන්ට බුදු දහම දීලා උන්ට ඕන විදිහට විකෘති කරන්න ඉඩ දෙන්නෙ ඔහොමයි. අබෞද්ධ මිසදිටුවො කවදාවත් බොදු ශ්‍රද්ධාවක් නෑ.හැබැයි ත්‍රිපිටකය ලෝක උරුමයක් කරවන්නෙ මුහුණුපොතෙන් අන්තර්ජාලෙන්මයි. ඒ ඔවුන්ගේ විකෘති වලට පහසු වීමටයි.

අපේ බෞද්ධයො වුණත් ධර්මය ඉගෙනීම කෙසේවෙතත් කෙලෙස් පිරි මුහුණුපොතේ මිෂානාරින්ම ම එවන චූන් වලට හසු වී චූන් වෙනවා මිසක් අඩු ගානෙ රට දැය සමය වෙනුවෙන් දාන සැබෑ පණිවිඩයක් ශෙයා කරන්නෙ වත් නෑ.

හැබැයි ඔවුන්ම පාප් ල එවන්ජලිකයින්ගෙ මිෂනාරි වැඩවලට උඩ ගෙඩි දී බෞද්ධවෙසින් එන උන්ට රැවටී රැලි හදනවා මුහුණුපොතේ.
රෝයල් ටෲ ලා බෝර්න් අගේන් ඉලුම්නාටිලා තමා බෞද්ධවෙස් ගෙන මහා විහාරයත් අපේ ආර්‍ය මහා සංඝරත්නයත් ත්‍රිපිටකයත් ඔවුන්ගේ කරගෙන පෝස්ට් දාන්නෙත්.

ඒ අතරේ එරාන්ලා රෝසිලා ඇතුලු තුප්පහි රූප සුන්දරීලා සංගක්කාරලා ටටීලා ජෙරොම් ජයරත්නලා ට තමා පාප් කාරයා මේ ස්තූති කරන්නෙ විවිධ වෙසින් දුක් ගන්නා වෙසින් කරන මිශනාරි අන්‍යාගම් කරණයට.

https://www.ncregister.com/news/pope-francis-to-issue-apostolic-letter-on-ministry-of-catechist

සිරිමල් හා චතුස්කෝටිකය – මහඇදුරු නලින් ද සිල්වා මහතා

සිරිමල් හා චතුස්කෝටිකය

චන්න ජයසුමන අද විජාතික වෛද්‍ය ජුන්ටාවක් ගැන කතා කරලා. ජුන්ටාව අර චීන එන්නත දීම වළක්වලා. මේ ගැන කතා කරන්න ඕන. ඒ වගේ ම ආයුර්වේදයට හා පාරම්පරික වෙදකමට ප්‍රතිකාර කිරීම වළක්වන එයට වඩා පළල් ජුන්ටාවක් ඉන්නවා. ඔවුන් ගැන නම් මා නිතර කතා කරනවා. විජාතික වෛද්‍ය ජුන්ටාව ඕන නම් කියාවි චීනය තමයි රෝගය හැදුවෙ කියා. එහෙම නම් ඉතින් රෝගය හදපු මිනිසුන් එන්නතත් දන්නව ඇති නේ. ජුන්ටාව කියන්න බැරි නැහැ චීන එන්නත හදල තියෙන්නෙ ලෙඩේ වැඩි කරන්න කියලා. ඔය සියලු වෛද්‍ය ජුන්ටාවලට කරන්න පුළුවන් එක ම දේ බටහිරින් එන මොකක් හරි කියවල ඒක පුනරුච්චාරණය කිරීම පමණයි.

ඒත් අද මට කතා කරන්න ඕන සිරිමල් විජේසිංහ ලියා ඇති සටහනක් ගැන. මේ ලිපි කියවන බොහෝ දෙනකු සිරිමල් ගැන දන්නෙ නැතිව ඇති. සමීප ඇසුරක් නැති වුවත් ඔහු අවුරුදු තිහකට අධික කාලයක් මගේ මිතුරෙක්. ඔහු මගේ මුහුණු පොත් මිතුරකු ද වෙනවා. මා මුහුණු පොතේ ඒ ඒ අයගේ ගිණුම්, පිටු කියවන්නේ නැහැ. කොහොමටත් මියන්මා රජය මුහුණු පොත තහනම් කරලා. ඒ නිසා මා මියන්මාහි දී මුහුණු පොත කියවන්නෙ නැහැ. පසුගිය දා සති කිහිපයකට ලංකාවට පැමිණීමෙන් පසුව මුහුණු පොත කියවනවා. ඒත් අර එක් එක් අයගේ ගිණුම් පිටු නො වෙයි. මගේ නෙත ගැටෙන්නෙ මුහුණු පොත් මිතුරන්ගේ රචනා සමහරක් පමණයි. සිරිමල්ගේ චතුස්කෝටිකය ගැන සටහනත් මට කියවන්න ලැබුණේ එලෙසයි. මුහුණු පොතේ විදග්ධයන් විද්වතුන් බුද්ධිමතුන් කියන දේ ගැන මා කොහොමටත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒත් සිරිමල් එවැන්නකු නො වෙයි.

සිරිමල් තමන්ට හිතෙන දේ කියනවා. මා ඒ ගුණයට කැමතියි. ඔහු ව්‍යංගයෙන් වක්‍රොක්තියෙන් ආදී වශයෙන් කියන්නේ නැහැ. ඔහු ව්‍යාජ දාර්ශනිකයෙක් නො වෙයි. ඔහු මොන පංතියට ඉගෙන ගත්තා ද කියාවත් මා දන්නේ නැහැ. ඒකෙන් මට වැඩකුත් නැහැ. ඔහු තමන් චින්තකයකු ලෙස හඳුන්වා ගන්නවා. මෙරට උගතුන් මහා ඉහළින් සලකන ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකයන් කිහිප දෙනකුත් මගේ මිතුරන්. සිරිමල්ට ඔවුන්ට තරම් නම් වියුක්ත ව හිතන්න බැහැ. එහෙත් එය ප්‍රශ්නයක් නො වෙයි. ලංකාවෙ කාට ද පුළුවන්? අර වෛද්‍ය ජුන්ටාවලට නම් කොහොමටවත් බැහැ. ඔය කොයි කාටත් අපේ සංයුක්ත සංස්කෘතිය ඔවුන් කැමති වුවත් නැතත් බලපානවා. සංයුක්ත චින්තකයන් ඉන්න පුළුවන්.

මට සිරිමල්ගේ රෙදි කඩයක් වැනි බත් කඩේට යෑමට වුවමනාවක් තිබුණා. විවිධ හේතු නිසා එයට ඉඩක් ලැබුණේ නැහැ. ඔහු මා ගත කරන ජීවිතය ගැනවත් මා ඔහු ගත කරන ජීවිතය ගැනවත් එකඟත්වයක් නැහැ. ඒ කෙටි හැඳින්වීමත් සමග ප්‍රශ්නයට යමු. මා හිතන්නේ ඔහුටත් ප්‍රශ්නයක් වී තියෙන්නේ බොරු සහ පට්ටපල් බොරු. මගේ ලෝකය කෘතියේ බොරු සහ පට්ටපල් බොරු ගැන කියැවෙන්නේ නැහැ. මගේ ලෝකයෙන් අවුරුදු තිස්පහකට පසු මගේ අදහස් වර්ධනය වී නැත්නම් තවමත් මා ඉන්නේ අවුරුදු තිස්පහකට පෙර හිටපු තැන. එයින් කියන්නේ මා අවුරුදු තිස්පහකට පෙර මිය ගොස් ඇති බවයි. මගේ අදහස් වර්ධනය වන්නේ මගේ ලෝකය හඳුන්වා දුන් මාවතේ. මා සමහර අදහස් අත්හැර ඇති. එහෙත් මාවත අත්හැර නැහැ. මගේ වයස වැඩි වුණාට මා වයසට යන්නේ නැහැ.

චතුස්කෝටිකය පට්ටපල් බොරුවක් වෙන්නෙ විශේෂ අර්ථයකින්. බටහිර විද්‍යාව පට්ටපල් බොරු වන්නෙත් ඒ අර්ථයෙන්. මට බොරු සහ මුසා අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස ගැන මා ලියා තියෙනවා. පන්සිල් සමාදන් වීමේ දී අප කියන්නේ මුසාවාදා වෙරමණී කියල. බොරු කියන වචනයට අසත්‍ය කියල කියන්න පුළුවන්. සත්‍ය කියන්නෙ පවතින කියන එක. අපි සත්බව කියනවා. මා අසූගණන්වල මුල සිට නැවතත් බෞද්ධයෙක්. මේ සත්බව මා ප්‍රතික්‍ෂෙප කරනවා. ලෝකයේ අපෙන් තොරව ඇති සත්බවක් නැහැ. ඔය සත්‍යය කියන එක බමුණන්ගෙ වචනයක්. බමුණන්ට අනුව ඒ ඒ දේ පවතිනවා. බූහ්මන් මැවූ දේ පවතින්නෙ නැතිව කොහොමද? බමුණන් තමයි කිං සච්ච ගවේෂි කියා ගෙන සත්‍යය හොයං ගියේ. සත්‍ය මෙව ජයතෙ වගෙ කතා තවත් බමුණු කතා පමණයි. නැති සත්‍යයක් හොයා ගන්න බැහැ. නැති සත්‍යයක් ජය ගන්නෙත් නැහැ.

බුදුහාමුදුරුවන් වැඩිම වුණොත් අර්ය සත්‍යයක් ගැන දේශනා කරන්න ඇති. ආර්ය පර්යේෂණ ගැන කතා කරන්න ඇති. මේ ආර්ය කියන්නෙ බමුණන්ගේ ආර්ය නො වෙයි. සසරින් එතරවීම ගැන කියන ආර්යයක්. ඒ ආර්යයන්ට සාපේක්‍ෂක සත්‍යයක් මිස නිරපේක්‍ෂ සත්‍යයක් ගැන බුදුහාමුදුරුවන් දේශනා කර නැහැ. භෞතික හරි මනෝමය හරි සත්‍යයක් තියෙන බව කිසිවකුට පෙන්වන්න බැහැ. කිසිවකු යැයි කී විගස නිරපේක්‍ෂ බවින් මිදෙනවා. නිරීක්‍ෂකයකු විඳින්නකු නැති දැනුමක් ඊනියා සත්‍යයක් තියෙන බව නිරීක්‍ෂකයකුගෙන් ස්වායත්තව පෙන්වන්න බැහැ. ගණිතය තරම් මනසේ නිර්මාණයක් තවත් නැහැ. විවිධ ජ්‍යාමිති තියෙනවා. ඉන් සත්‍යය ජ්‍යාමිතිය කුමක් ද කියා කියන්න පුළුවන් ඊනියා දාර්ශනිකයකු ඉන්නවා ද?

අපට බොරු කීම හැර වෙන කරන්න දෙයක් නැහැ. ඒ කියන්නෙ අප කරන්නෙ අසත්‍ය ප්‍රකාශ පමණයි. ඒ ප්‍රකාශයත් ඊනියා සත්‍යයක් නො වෙයි. අපට කරන්න පුළුවන් දේ මුසා කීමෙන් වැළකීම පමණයි. අප මුසාවාදා වෙරමණි කියන්නෙ එබැවිනුයි. අප පංචෙන්ද්‍රිය හා මනස සහභාගි කරගෙන කරන කියන සියල්ල බොරු. අවිජ්ජාව නිසා කරන සංස්කාර, අවශ්‍ය නම් නිර්මාණ (මගේ ලෝකයේ කියන්නේ නිර්මාණ කියල, දැන් මා කියන්නෙ සංස්කරණ කියල) මිසක් මනසින් තොර ව පවතින්නක් නො වෙයි. එවැනි යථාර්ථයක් සත්‍යයක් තියෙනව නම් ඒ බව මනසින් තොරව පෙන්වීම ඊනියා යථාර්ථවාදීන්ගේ වගකීමක්.

අප සංස්කරණය කරන බොරු, මනස පංචෙන්ද්‍රිය සමග එකතු වී කරන නිර්මාණ. ඒ හැරෙන්න මනස පංචෙන්ද්‍රිය නැතිව සංස්කරණය කරන දේත් තියෙනවා. ඒ ඇතැම් දේ මනසින්වත් මවා ගන්න බැහැ. ඒවාට මා පට්ටපල් බොරු කියා කියනවා. ද්විකෝටිකය හා චතුස්කෝටිකය කියන න්‍යාය දෙක ම මනසින් පමණක් සංස්කරණය වී ඇති දේ. ඒ එදිනෙදා ජීවිතයේ දී අප අත්දකින දේ සාධාරණීකරණය කිරීමක්.

නිමල් විමල්ට වඩා උස නම් විමල් නිමල්ට වඩා උස වන්නේ නැහැ. ඊනියා සත්‍යය කියන කතාව යොදා ගත්තොත් නිමල් විමල්ට වඩා උසය කියන එක සත්‍ය නම් එහි අනෙක් පැත්ත නිමල් විමල්ට වඩා උස නැහෙ කියන එක අසත්‍යයි. එවැනි අත්දැකීම් සාධාරණීකරණය කරල තමයි A සත්‍ය නම් නොම A අසත්‍යය කියන එක මනසින් සංස්කරණය කරල තියෙන්නෙ. එහි දී පංචෙන්ද්‍රිය ආධාර වන්නේ නැහැ. චතුස්කෝටික න්‍යාය එයටත් එහා කියල කාට හරි කියන්න පුළුවන්. එහි ද්විකෝටිකයෙ නැති අවස්ථාත් තියෙනවා. පංචෙන්ද්‍රිය ආධාර කර ගන්නෙ නැතිව මනසින් පමණක් සංස්කරණය කෙරෙන දේ පට්ටපල් බොරු ලෙස මා හඳුන්වනවා. මා දන්නවා දැන් කවුරු හරි අහන්න පුළුවන් නිමල් විමල්ට වඩා උස ය කියා කියන විට පංචෙන්ද්‍රිය ආධාර කර ගත්තෙ නැත් ද කියල!

ඊනියා නූතනත්ව දැනුම හමුවේ අපේ දැනුම – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ඊනියා නුතනත්ව දැනුම හමුවේ අපේ දැනුම

මා හිතන විධියට ආයුර්වේද වෙද මහතුන්ට තම වෙදකම තම රෝහල්වල කර ගෙන යන්න සෞඛ්‍ය අමාත්‍යංශය ඉඩ දීලා. සිසිර ජයකොඩි හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඒ පිළිබඳ එකඟත්වයකට පැමිණිලා. එහෙත් ඒ ගැන ජනමාධ්‍යයෙහි චතුර අල්විස්ගෙන් හැරෙන්න යමක් කියැවුණේ නැහැ. සමහර විට බටහිර වෙද මහතුන් තවත් විරෝධයක් පෑව ද දන්නෙ නැහැ. ඒත් ජනමාධ්‍යකරුවන් පිලපිටිය වාර්තාවෙන් ධම්මික පැනිය නුසුදුසු යැයි තීරණය වී ඇති බව නම් තළු මරමින් කිවුවා. එහෙත් පිලපිටිය කමිටුව තමන්ගේ ක්‍ෂෙත්‍රයේ අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගවත් අනුගමනය කර නැහැ. ජනමාධ්‍යකරුවන්ට ඉන් වැඩක් නැහැ. ඔවුන්ට අනුව ඊනියා විද්‍යාව විසින් මිථ්‍යා මත ප්‍රතික්‍ෂප කෙරිලා.

මෙය ඉතාමත් භයානක තත්වයක්. මේ ජනමාධ්‍යවේදීන්ගෙන් බොහෝ දෙනෙක් සිංහල මාධ්‍යයෙන් උගත් අය. සමහරු අර ඊනියා උගත් ගැමි තරුණයන්. මේ ඊනියා උගත් ගැමි තරුණයන් අපේ දැනුමට පහර ගහන්න හරි කැමතියි. එමගින් ඔවුන් පෙන්වන්නේ එක ම එක දෙයයි. ඒ ඔවුන්ගේ හීන මානය. ඔවුන්ට නූතනත්වයට පානගන්න නූතනත්වයේ පිළිගැනීමක් ලබා ගැනීමට ඇති ප්‍රධාන ම හා පහසු ම ක්‍රමය අපේ දැනුම මිථ්‍යාවක් බව ප්‍රකාශ කර එයට පහර ගැසීම.

පසුගිය දිනවල ආයුර්වේදය සම්බන්ධ මාධ්‍ය සාකච්ඡා කිහිපයක් තිබුණා. එයින් එකකටත් ප්‍රචාරය ලැබුණේ දෙරණ අරුණෙන් පමණයි. ඊයේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආයුර්වේදය සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා. එයට පැමිණ තිබූ මාධ්‍යවල ප්‍රවෘත්ති අදාළ සංස්කාරකවරුන්ගේ කතුරට ඒ සාකච්ඡා හසුවෙලා. එයට නොපැමිණි මෝනින් පත්‍රය හාමුදුරුවන්ගෙන් අහගෙන ඒ ගැන ලියලා.

ජනමාධ්‍ය සාමාන්‍යයෙන් දේශීය දැනුමට තැනක් දෙන්නේ නැහැ. ඔවුන්ට එය මිථ්‍යාවක් නැත්නම් විහිළුවක්. ඉඳහිට ජමාධ්‍යවේදියකු දෙන්නකු තමයි දේශීය දැනුම ගැන උනන්දුවක් දක්වන්නෙත් එයට යම් තැනක් ලබා දෙන්නෙත්. මෙය පොදුවේ ඊනියා ගැමි උගතුන් අතර දකින්න පුළුවන්. එය නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් යැයි කී විට බොහෝ දෙනා උරණ වෙන්න පුළුවන්. එහෙත් නිිදහස් අධ්‍යාපනයට පෙර ඉංගිරිසියෙන් උගත් නාගරික යැයි කිව හැකි පිරිසට තිබුණේ පොදුවේ ගත් කල වෙනත් ආකල්පයක්.

ඒ නාගරිකයන්ට අවශ්‍ය වුණේ දේශීය දැනුම හෙළා දැකීමට වඩා දේශීය දැනුම බටහිර නූතනත්ව දැනුම බව පෙන්වීමට. ඔවුන්ට අවශ්‍ය වුණේ අපටත් බටහිරයන්ගේ දැනුම තිබූ බව පෙන්වීමට. එය බටහිර නූතනත්වයට ඔවුන් මුහුණ දුන් ආකාරය. ඉංගිරිසි පාසල්වල මුදල් ගෙවා ඉගෙන ගත් ඔවුන්ට හොඳ ඉංගිරිසි දැනුමක් තිබූ අතර ඇතැමකුට ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ලන්ඩන් වැනි විශ්වවිද්‍යාලවල ඉගෙනීමට හැකි වුණා. අද ඉන්න ඊනියා ගැමි උගතුන්ට බටහිර අධ්‍යාපනය නොමිලේ අඩු තරමෙන් උසස් පෙළ දක්වා සිංහලෙන් ලැබුණු අතර ලංකාවේ අනුකාරක විශ්වවිිද්‍යාලවලින් බොහෝ විට තම අධ්‍යාපනය හමාර කළා.

පැරැන්නන් නූතනත්වයට ගොඩ වුණේ දේශීය දැනුම ද නූතනත්වයට සමාන කරමින්. ඊනියා නුතනයන් නූතනත්වයට යන්න හදන්නේ දේශීය දැනුමට ගරහමින්. මෙයින් කියැවෙන්නේ නැහැ මෙය සර්ව සම්පූර්ණ වර්ගීකරණයක් කියා. එහෙත් එහි යම් දළ වර්ගීකරණයක් තියෙනවා. ඒ කුමක් වුවත් පහළොස්වැනි සියවසේ ඇති වූ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය බොහෝ දෙනාට ඒ දෙයාකාරයෙන් එක් ආකාරයකට බල පා තියෙනවා.

එදා ශාන්ති කර්ම බලි තොවිල් ආදියෙහි වැදගත්කම නූතනත්වය අනුව අගය කිරීමට ඇතැමුන් පෙළඹුණා. අද ඒ සියල්ල නූතනත්වයට අනුව මිථ්‍යාවන් ලෙස සැලකීමට පුරුදු වෙලා. එහෙත් මේ දෙකොටස ම කරන පොදු දෙයක් තියෙනවා. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මිනුම් දණ්ඩ ලෙස සැලකීම. ඒ මිනුම් දණ්ඩ අනුව තමයි අනෙක් සියල්ල මැනෙන්නෙ. මේ තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය.

පළමු කොටස නියෝජනය කළ තැනැත්තකු වූයේ මහාචාර්ය කේ එන් ජයතිලක. ඔහුට අවශ්‍ය වුණේ නූතනත්වය අනුව බුදුදහම විග්‍රහ කිරීමට. චතුස්කෝටිකය බෞද්ධ න්‍යායක් නො වෙයි. බෞද්ධයන් යමක් න්‍යායානුකූල වූ පමණින් වත් පිළිගන්නේ නැහැ. තර්කානුකූල වූ පමණින්වත් පිළිගන්නේ නැහැ. ඒ සියල්ල අවිජ්ජා නිසා සංස්කරණය කෙරෙන දේ. එසේ වුවත් මහාචාර්ය ජයතිලකට අවශ්‍ය වුණේ චතුස්කෝටිකයේ ඇතැයි කියන පරස්පර නැති බව පෙන්වීමට. අර එයත් සත්‍ය වේ එය නොවන්නත් සත්‍ය වේ යන්න යොදා ගැනීමේ දී එය ගුණාත්මක වෙනසකට භාජනය කර එහි පරස්පරයක් නැති බව පෙන්වීමට ඔහු උත්සාහ කළා. අද ක්වොන්ටම් භෞතිකය වෙනත් සත්භාවයක් නිරූපණය කරන බවත් අංශුවේ ගම්‍යතාව දත් විට අංශුවක් එක විට තැන් කිහිපයක තිබිය හැකි බවත් කියනවා. ඒ කියන්නේ අංශුව මෙතැන තියෙන එකත් සත්‍යයි, එතැන තියෙන එකත් සත්‍යයි යන්නයි.

අද ඉන්නා උගතුන්ට චතුස්කෝටිකය මිථ්‍යාවක් පරස්පරයක්. ඔවුන් ක්වොන්ටම් භෞතිකය ඉගෙන නොගන්නා එක හොඳයි. බොහෝ ජනමාධ්‍යවේදීන් නම් ඔය සියල්ල දන්නවා. ඔවුන් නොදන්නේ තම නොදැනුම විතරයි. චතුස්කෝටිකය හරි බවක් මා කියන්නේ නැහැ. ග්‍රීකයන්ගේ ද්විකෝටිකයත් චතුස්කෝටිකයේ ම අවස්ථා දෙකක්. ඒ සියල්ල අප යම් යම් දේ තේරුම් ගැනීමට යොදා ගන්නා පට්ටපල් බොරු. තේරුම් ගන්නව කියන්නෙ අපට දැනෙන දෙයකින් තවත් දැනෙන දෙයක් විස්තර කිරීම පමණයි. අප තේරුම් ගන්නා දෙයක් නැහැ. කරන්නේ කතන්දර හැදීමක් පමණයි. අප ඒ ඒ දැනුම් පද්ධතියේ ඒ ඒ කතන්දර ගොතනවා. එසේ තිබිය දී එක් කතන්දර වැළක් බටහිර කතන්දර වැළ සමග සසඳන්නේ බටහිරයන් කෙරෙහි වූ අපේ දීන හැඟීම හැරෙන්න වෙනත් එකක් නිසා නො වෙයි. එත් දැන් බටහිර දැනුම කඩා වැටිල තියෙන විට එහෙම කරන්න මොන තරම් දීන කමක් තියෙන්න ඕන ද?

විපක්ෂය හැට හතේ නියැදිය හා ධම්මික පැනිය -මහඇදුරු නලින් ද සිල්වා මහතා

විපක්‍ෂය, හැට හතේ නියැදිය හා ධම්මික පැනිය

මා හිතන්නේ අද රටේ තියෙන ප්‍රධාන ම ප්‍රශ්න කොවිඩ් 19 වයිරසයවත් බටහිර වෙද මහතුන්ගේ නොදැනුමවත් නො වෙයි. ඒවත් ප්‍රශ්න තමයි. මෙරට ප්‍රධාන ම ප්‍රශ්නය බටහිර දැනුමට තියෙන බල පුළුවන්කාරකම. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය විපක්‍ෂය අසමත් අදක්‍ෂ අදූරදර්ශී අසමජ්ජාති එකක් වීම හා එයට නායකයකු නැති වීම. කාට හරි අහන්න පුළුවන් සජිත් විපක්‍ෂ නායකයා නොවෙයි ද කියල. නැහැ ඔහු විපක්‍ෂ නායක රඟපෑමක යෙදෙනවා. අද විපක්‍ෂයේ කිහිප දෙනකු විපක්‍ෂ නායක කමට තරග කරනවා. සමහරු 2024 ජනාධිපති අපේක්‍ෂකමට තරග කරනවා. කවුරු මොහොකට තරග කරනවා ද කියා මා දන්නෙ නැහැ. ඒත් ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කී පෙම්බ්‍රොක් කිරිඇල්ල, යුද වීරයකු වුවත් සුදු කොඩි ඉස්සූ සරත් ෆොන්සේකා, නලින් බණ්ඩාර නමැත්තෙක්, දේශපාලනය ඉගෙන ගන්නා හර්ෂ ද සිල්වා, පාස්කු හරීන් ප්‍රනාන්දු, ජාතිය මළ කඳක් කියන චම්පක රණවක ආදීන් යම් තරගයක ඉන්නවා.

ඒ ඒ අය අතර තරගයේ දී ඔවුන් එකිනෙකා පරයන ප්‍රකාශ කරනවා. දේශපාලනඥයන්ට විවිධ නිලධාරීන්ගෙන් තොරතුරු ලැබෙනවා. බොහෝ තොරතුරු වැරදියි. එහෙත් දේශපාලනඥයන්ට වෙලාවක් හරි දක්‍ෂකමක් හරි නැහැ ඒ තොරතුරු නිවැරදි ද කියල දැන ගන්න. අනෙක් අතට මෙරට ඉතා ප්‍රබුද්ධ යැයි කියන ජනමාධ්‍යවේදීන් රාශියක් ඉන්නවා. මා ඔවුන්ගෙන් අති විශාල බහුතරයකට කැමති නැහැ. ඔවුන් මට කැමති නැතිවා පමණක් නොව මා මිථ්‍යා මතධාරී වයස්ගත වූවකු ලෙස සලකනවා. ජනමාධ්‍යවේදීන්ගෙන් ඉතා සුළුතරයක් පමණයි මා කරන කියන දෙය අගයන්නෙ.

කොහොම හරි හර්ෂ ද සිල්වා කියල මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන ලැබුණු තොරතුරු නොසලකා හැරියාක් මෙන් අර එංගලන්ත වයිරස ජාතිය ගැන අප්‍රේල් අටවැනි දා තරම් ඈතක දුන් තොරතුරක් නොසලකා හැරල කියල. හර්ෂ ද සිල්වාට ඒ තොරතුරු කවුරු දුන්න ද දන්නෙ නැහැ. පාස්කු තොරතුරු නම් නොසලකා හැරියෙ යහපාලන ආණ්ඩුව. හර්ෂත් ඒ ආණ්ඩුවේ හිටියා.

එංගලන්ත වයිරස් ජාතිය ගැන අප්‍රේල් අටවැනි දා කිසිවකු කියා නැහැ. මේ ගැන චන්න ජයසුමන පාර්ලිමේන්තුවේ දී කී දේට අභියෝග කරන්න පුළුවන් ද? ඔය කියන විද්‍යාඥයන් අප්‍රේල් අටවැනි දා කියා ඇත්තේ අදාළ වයිරසය වෙනස් බව පමණයි. එය එංගලන්ත වයිරස් ජාතිය බවට හඳුනා ගෙන ඇත්තේ අප්‍රේල් විසිගණනක. ඉතින් අවුරුදු කාලෙ ආණ්ඩුව ඒ තොරතුරු දැන හිටියේ ය කියන එක වැරදියි. හර්ෂ විපක්‍ෂ නායකකමට අවශ්‍ය ලකුණු දා ගත්තා නොව කපා ගත්තා. ඕව ඔහොම තමයි. සරත් ෆොන්සේකාත් නිතර ලකුණු කපා ගන්නවා. පෙම්බ්‍රෝක් ගැන කියල වැඩක් නැහැ. හරීන් දැන් පාර්ලිමේන්තුවේ නැති එක ඔහුට හොඳයි. නලින් බණ්ඩාර මතක තියෙන කතාවක් කියන්නේ නැහැ.

ආණ්ඩුව අවුරුදු කාලෙ ටිකක් නීති රීති තද කළා නම් හොඳයි. ඒත් අපේ රටේ මැද පිළිවෙතක් ගැන උදේ හවස කතා කළත් නැත්තේ මැද පිළිවෙතයි. නීති රීති ටිකක් තද කරනවා කියන එක අපට දැනෙන්නෙ නැහැ. එක්කො නීති රීති නැති වෙන්න ඕන නැත්නනම් නීති රීති හොඳට ම තද වෙන්න ඕන. අවුරුදු කාලෙ ආර්ථික පැත්ත නම් ටිකක් හොඳ වෙන්න ඇති. ඒත් සෞඛ්‍ය පැත්ත නම් හොඳට ම නරක් වුණා.

සෞඛ්‍ය ගැන කතා කරන විට බටහිර වෙදකමේ හා බටහිර විද්‍යාවේ හා පොදුවේ බටහිර දැනුමේ ආධිපත්‍යය ගැන කතා නොකර බැහැ. මෙය කරුමයක්. චීන එන්නත ගැන තීරණයක් දෙනකම් ලෝක සෞඛ්‍ය සංවිධානය දිහා කට ඇරන් බලා ඉන්නවා. ඒ අතර චීනයේ දසලක්‍ෂ ගණකට ඒ එන්නත දීලා, ප්‍රශ්නයක් වෙලා නැහැ. චීනයේ එන්නත දීල තියෙන්නෙ ඊනියා විද්‍යාත්මක ක්‍රමයට නොවෙන්න ඇති. ඒක තමයි ප්‍රශ්නය.

ධම්මික වෙද මහතාගේ පැනිය ගැන කතා කරන්න බටහිර වෙද මහත්තුරුන්ට තියෙන අයිතිය මොකක් ද? ඔවුන්ගේ මිම්මට අනුව ද අප හැම දෙයක් ම කළ යුත්තේ. ඒත් මේ වැඩේ නම් පිලපිටිය කමිටුවෙ අය තමන්ගෙ ක්‍රමයටවත් කරල නැහැ. හැට හත්දෙනකුගේ ඊනියා නියැදියක් ප්‍රමාණවත් වුණෙ කොහොම ද? අනෙක් අතට ඔය පරීක්‍ෂණය කළ අනුරාධපුර ආයතනයෙ ප්‍රධාන වෛද්‍යවරයා ගැන ප්‍රශ්න තියෙනවා. මුස්ලිම් බැතිමතුන් අල්ලා දෙවියන් වහන්සේ හැර වෙනත් දෙවිවරුන් ගැන විශ්වාසයක් නැහැ. කාලි අම්මා කී දැනුමක් ගැන ඔවුන්ට විශ්වාසයක් නැහැ. ධම්මික පැනියටත් ඒ අවිශ්වාසය ඊනියා විද්‍යාත්මක ක්‍රමය වගේ ම බලපා තියෙන බව පැහැදිලියි.

හැටහතේ නියැදිය කෙසේ වෙතත් දසදහස් ගණනක් ධම්මික පැනිය බී තියෙනවා. මා ඉන් එක් අයකු පමණයි. මුස්ලිම් ගණිතඥයන් මෙරට ඊනියා බටහිර විද්‍යාඥයන් බටහිර වෙද මහතුන් රාමනුජන් දුන් දැනුම විශ්වාස කරන්නේ හාඩි නිසා පමණක් ද? පිලපිටිය කමිටුවෙ කී දෙනකුට රාමනුජන් සූත්‍රයක් සාධනය කරන්න පුළුවන් ද? ඔවුන් රාමනුජන් පිළිගන්නේ හාඩි ගැන තියෙන විශ්වාසය නිසයි. එතකොට හාඩි විශ්වාස කරන්නෙ කොහොම ද? ඊනියා පත්‍රිකා නිසා ද? පත්‍රිකා නිවැරදි ද? ඔවුන්ට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ගැන විශ්වාසයක් තියෙනවා ද? ඒ විශ්වාසය චීන එන්නත ගැන නැත්තෙ මොකද? මේ සියල්ල අප ලත් කසිකබල් ඉංගිරිසි අධ්‍යාපනයෙ ප්‍රතිඵල. මේ කසිකබල් අධ්‍යාපනය නිසා යමක් විද්‍යාත්මක යැයි කිවුවොත් මිනිසුන් එය විශ්වාස කරනවා. ඇතැම් හාමුදුරුවරු හා වෙනත් ඊනියා උගතුන් බුදුදහම විිද්‍යාත්මක කිරීමට කටයුතු කරන්නේ මේ දීන විශ්වාසය නිසයි.

බටහිර වෙදකමට කොවිඩ් 19 රෝගයට කිසිම ප්‍රතිකාරයක් නැතිව තිබියදීත් ඔවුන් අනෙක් වෙදකම්වල ප්‍රතිකාරවලට අකුල් හෙළනවා. එමගින් ජනතාව මරණයට ගෙන යනවා. ආණ්ඩුව මැදිහත් වී වහාම තීරණයක් ගන්න ඕන. මුස්ලිම් බැතිමතුන් කියන දේ ට හරි කොවිඩ් රෝගියකු හඳුනා ගන්න බැරි බටහිර වෙදකමට හරි සවන් දෙන්නෙ අවශ්‍ය නැහැ. පිලපිටිය හරි කණ්ඩායමේ වෙන කවුරු හරි හැට හතේ නියැදිය ගැන ඊනියා පරයේෂණ පත්‍රිකාවක් ඔය ලංකාවෙ මොකක් හරි බටහිර වෙදකමේ සංගමයට ඉදිරිපත් කරනවා ද? ඒ නැතත් ඕන තරම් ප්‍රබුද්ධ මාධ්‍යවේදීන් ඉන්නවා ධම්මික පැනිය නුසුදුසුයි කියල මහා උජාරුවෙන් ලියන්න. ඔවුන්ට බටහිර විිද්‍යාව හා පොදුවේ බටහිර දැනුම ගැන විශ්වාසයක් ඇති. ඔවුන් විද්‍යාඥයන් වෙන්නත් ඇති. මා නම් විද්‍යාඥයකු නොවෙයි. කොවිඩ් 19 සම්බන්ධයෙන් පාරම්පරික වෙදකමේ සාර්ථකත්වය අත්දුටු කෙනෙක් පමණයි.

ලැජ්ජ නැති කම දොස්තරකමටත් වඩා ලොකුයි- මහඇදුරු නලින් ද සිල්වා මහතා

ලැජ්ජ නැති කම දොස්තරකමටත් වඩා ලොකුයි

බටහිර වෙද මහත්තුරුන් සමහර දෙනකුගෙ ක්‍රියා කලාපය ගැන හිතන විට මට අපේ කියමන් දෙකක් මේ විධියට වෙනස් කරන්න කල්පනා වුණා. මා මේ සඳහන් කරන්නෙ සියලු බටහිර වෙද මහතුන් ගැන නො වෙයි. ඒත් සමහරු ගැන කියන්න වෙන්නෙ ලැජ්ජ නැති කම දොස්තරකමටත් වඩා ලොකුයි, කන්න බැරි බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන්න පුළුවන් ගොණාට කන්න දෙන්නෙත් නැහැ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නෙ තමන්ගෙ වෛද්‍ය ක්‍රමයට වෙනස් එකක් එයටත් පැවැත්මක් තියෙනවා එයටත් ප්‍රතිකාර තියෙනවා කියන එක බටහිර වෙද මහතුන් දන්නෙ නැතුව ද?

අද කොවිඩ් 19 රෝගයට බටහිර වෙදකමට ප්‍රතිකාරයක් නැහැ. ඔවුන්ට අඩු තරමෙන් රෝගය හඳුනා ගැනීමට ක්‍රමවේදයක් තියෙනවා ද? මා නැවත නැවතත් කියනවා පීසීආර් + වූ පළියට ම යමකු රෝගියකු නොවන බව. අද බටහිර වෙද මහතුන් පීසීආර් + අය සියල්ලන් ම රෝහල්වල නිරෝධායන ආයතනවල ලැගුම් ගන්වන්නේ තමන්ට රෝගීන් හඳුනා ගන්න බැරි නිසයි. අද අර එංගලන්ත වයිරසය ඉක්මනට පැතිරෙනවා කියනවා. ඒකෙන් නිව්මෝනියාව ඉක්මනට වැළඳෙන්න පුළුවන් කියනවා. ඒ කී දෙනකු සුව වෙනවා ද? අද සුව වෙලා කියල පිට කරන්නෙ අර ආයතනයක ටික කලක් ඉන්න කොට පීසීආර්- වෙච්ච අය. ඔවුන් පීසීආර් – වුණෙ මොන ප්‍රතිකාරෙට ද?

ඇලොපති ක්‍රමය කියන්නෙ එක් වෛද්‍ය ක්‍රමයක් පමණයි. ආයුර්වේදය කියන්නෙ තවත් දැනුම් පද්ධතියක්. පාරම්පරික වෙදකම තවත් එකක්. තව තියෙනවා, හෝමියෝපති, යුනානි, සිද්ධ ආදී වශයෙන්. මෙරට දේශීය වෛද්‍යවරුන් තමන්ට කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර තියෙනවා කියනවා. ඒ සම්බන්ධ ප්‍රත්‍යක්‍ෂ සාක්‍ෂිත් තියෙනවා. හෝමියෝපති යුනානි සිද්ධ වෙද මහතුන්ටත් සමහර විට ප්‍රතිකාර ඇති. ඔවුන් ගැන වැඩිය කතා වෙන්නෙ නැහැ. ඇලොපති ක්‍රමයෙ වෙදකම් කරන්නෙ රෝගයට. අපේ දේශීය ක්‍රමයෙ වෙදකම් කරන්නෙ රෝගියාට. අවුරුදුු විසිපහකට පමණ ඉහත මේ ගැන කාලෝ ෆොන්සේකා මා සමග වාදයක් කළා. ඔහුට වෙනත් බොහෝ දේ වගේ ම ඒ වෙනසත් තේරුණේ නැහැ. ඔහු කෙතරම් බටහිර විද්‍යාව ගැන කතා කළත් රෝගයට වෙදකම් කිරීම වියුක්ත ක්‍රියාවක් බවත් රෝගියාට වෙදකම් කිරීම සංයුක්ත ක්‍රියාවක් බවත් තේරුම් ගන්න බැරි වුණා. මෙරට බොහෝ බටහිර වෙද මහතුන්ට බටහිර විිද්‍යාඥයන්ට හා වෙනත් ඊනියා උගතුන්ට වියුක්ත කතාව එතරම් තේරෙන්නෙ නැහැ. බටහිර වෙද මහතුන් වියුක්තය කියන්නෙ මොකක් ද කියල දන්නෙ නැතිව රෝගයට වෙදකම් කරනවා. ඒක කරන්න පුළුවන්. ඒත් කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර නැහැ. ප්‍රතිකාර කරන්න ඉස්සෙල්ල රෝගය හඳුනාගන්න එපායැ.

ආයුර්වේදයේ හා පාරම්පරික වෙදකමේ කොවිඩ් 19 රෝගීන්ට බෙහෙත් තියෙනවා. ඒ කියන්නෙ ප්‍රතිකාර තියෙනවා කියන එක. කොවිඩ් 19 සම්බන්ධයෙන් බටහිර වෙද මහතුනට වඩා සේවයක් හමුදාවෙන් සිදුවෙනවා. හමුදාව යම් ව්‍යුහයක් යටතේ කොවිඩ් පරිපාලනයක යෙදෙනවා. බටහිර වෙද මහතුන් කරන්නෙ මොනවා ද? වැඩිම වුණොත් කොවිඩ් 19 වයිරසයේ විකෘතීන් එහෙමත් නැත්නම් ප්‍රභේද අඳුනා ගනීවි. සමහර විට රවි කුමුදේශ්ටත් ඒ වැඩේ කරන්න පුළුවන් වේවි. අද රවි කුමුදේශුත් බටහිර වෙද මහතුන් එක්ක හරි හරියට ජනතාවට හා ආණඩුවට උපදෙස් දෙන්නෙ ඒ නිසා ද දන්නෙ නැහැ.

ඒත් මෙහි සරදම ඒ එකක්වත් නොවෙයි කොවිඩ් රෝගීන් ආයුර්වේද හා පාරම්පරික වෙද මහතුන් වෙත නොයැවීම. දැන් තීරණයක් අරන් තියෙනවා කොවිඩ් රෝගීන් ආයුර්වේද රෝහල් තුනකට යවන්න. ඒත් ඇතැම් වාර්තා අනුව එහි ප්‍රතිකාර කෙරෙන්නෙ බටහිර වෙද මහතුන්ගෙ අධීක්‍ෂණය යටතේ. ඒක මහා පුදුම කතාවක්. රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුළුවන් ආයුර්වේද වෙද මහතුනට ඒ වැඩේ භාර නොකර රෝගයට ප්‍රතිකාර නැති බටහිර වෙද මහත්වරු අනුන්ගෙ රෝහලකට ගිහින් එතැන දන්න වෙද මහතුන් යටපත් කරගෙන. ආයුර්වේද වෙද මහතුන්ට වෙදකම් කරන්න තියෙන අයිතිය බටහිර වෙද මහතුන්ට නවත්තන්න පුළුවන් ද? රෝගීන්ට තමන්ට කැමති ප්‍රතිකාරයක් ගන්න තියෙන අයිතිය නැති කරන්න පුළුවන් ද? කෝ අර තෝරා ගැනීමට ඇති නිදහස?

පාරම්පරික වෙද මහතුන්ටත් ඔවුන්ගේ ම වූ ප්‍රතිකාර තියෙනවා. මා කොවිඩ් සම්බන්ධයෙන් කරන්නෙ පාරම්පරික වෙදකම්. ඇතැම් ආයුර්වේද වෙද මහතුන් පාරම්පරික වෙද මහතුන්ට තැනක් දෙන්නෙ නැහැ. අපට එකල වැදගත් වුණෙ භාරතය අද ඉන්දියාව හා එංගලන්තය. බටහිර වෙද මහතුන් බොහොමයකට වගේ ම ඇතැම් ආයුර්වේද වෙද මහතුන්ටත් අපේ පාරම්පරික වෙද කම රුස්සන්නේ නැහැ. මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය බොහෝ ඊනියා උගතුන්ට අපේ කම රුස්සන්නෙ නැති වීම. අපි වෙනුවෙන් තොපි කියන ප්‍රතිපත්තියක් අනුගමනය වෙන්නෙ. මෙහි තොපි කියල කිව්වට මේ ඊනියා උගතුන් තොපි කියන්නෙ නැහැ. ඔවුන් කියාවි අපි වෙනුවන් සර්ලා කියලා. මෙරට අයිතිවාසිකම් කියන්න බැරි සිංහල බෞද්ධයන්ට විතරයි. මෙරට සිංහල බෞද්ධයනට හිමි තැන අහිමි කරලා. සර්ලා ඒ තැන අරගෙන! ඒ කිවුවෙ ගෝඨාභය රාජපක්‍ෂ නො වෙයි. බටහිර දැනුම ලබාගත් සර්ලා.

චීනයෙන් එන්නත ගන්නවට විරුද්ධ අයත් ඉන්නවා. ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණය එන තුරු ඉන්නවා. මෙහෙමත් විගඩමක්. මෙහෙමත් වැඳ වැටීමක්. චීන එන්නත චීනයේ දසලක්‍ෂ ගණනකට දී අවසන්. ඔවුන්ට වරදක් වෙලා නැහැ. තවත් සහතික ඕන ද? චීන එන්නත ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට පිලපිටිය කමිටු සාමාජිකයන් චීනයට යවමු ද? කලින් කී පිරිස සමහර විට රුසියාවෙන් ගන්නවටත් විරුද්ධ ඇති. එංගලන්තෙන් ගත්ත එන්නතේ ප්‍රශ්න තියෙනවා. ඒ එන්නත ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව දීම ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නවලට පිළිතුරු තියෙනවා. එන්නත් මිශ්‍ර කරන්න බැරි නම් එංගලන්ත එන්නතේ ක්‍රියාත්මක බව නැති වෙනකම් ඉඳල ස්පුට්නික් හරි චීන හරි එන්නත මාත්‍රා දෙකක් ලබා දෙන්න පුළුවන්. ඒත් චීන එන්නත?

ආයුර්වේද රෝහල් ඇඳන් සැපයීමට පමණද? මහඇදුරු නලින් ද සිල්වා මහතා

ආයුර්වේද රෝහල් ඇඳන් සැපයීමට පමණ ද?

මා දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ බටහිර වෙද මහතා කියා තිබෙනවා සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අධිකාරීන් මිස හමුදාව නො වේ කියා. ඇත්ත ඒත් ප්‍රශ්නයක් තියෙනවා. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ ගන්න තියෙන තීරණ මොනවා ද? රෝගීන් රෝහල්වලට ඇතුල් කිරීම සඳහා ප්‍රමාණවත් ඇඳන් ඉඩ පහසුකම් තියෙනවා ද? අවශ්‍ය හෙදියන් ඉන්නවා ද? වෛද්‍යවරුන් ඉන්නවා ද? ගිලන් රථ තත්වය කෙසේ ද? අවශ්‍ය ප්‍රමාණයට ගිලන් රථ තියෙනවා ද? ඔක්සිජන් තියෙනවා ද? එන්නත් අවශ්‍ය ද? කොපමණ අවශ්‍ය ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු බටහිර වෙද මහතුන්ගෙන් අසා ගැනීම එතරම් ප්‍රශ්නයක් නො වෙයි. ඒ අනුව ක්‍රියාත්මක වීමට බටහිර වෙද මහතුන්ට පුළුවන් ද?

අවශ්‍ය හෙදියන් හා වෛද්‍යවරුන් පුහුණු කිරීම හදිසියේ කළ හැක්කක් නො වෙයි. එය හමුදාවට බැරි බව කවුරුත් දන්නවා. ඒත් එය බටහිර වෙද මහත්වරුන්ටත් හදිසියේ කළ හැක්කක් නො වෙයි. එන්නත් ගෙන්වා ගැනීම ආණ්ඩුවේ වැඩක්. එන්නත දීම සංවිධානය කිරීම වඩාත් හොඳින් කළ හැක්කේ හමුදාවට. ඇඳන් සැපයීම වුණත් බටහිර වෙද මහතුනට වඩා කාර්යක්‍ෂම ව හමුදාවට කරන්න පුළුවන්.

බටහිර වෙද මහතුන්ට කළ හැක්කේ ප්‍රතිකාර කිරීම. ඒත් ඔවුන් කොවිඩ් රෝගයට දන්න ප්‍රතිකාරයක් නැහැ. එයට හේතුව බටහිර ඉන්න ඔවුන්ගේ ස්වාමිවරුන්ට ද ඒ ගැන අවබෝධයක් නැති වීම. අපේ රටේ ඊනියා උගතුන් දැන් සියවසකට අධික කාලයක් කර ඇත්තේ බටහිර පළවන මතිමතාන්තර මෙරට පාඨකයන්ට ප්‍රේක්‍ෂකයන්ට කියා දීම පමණයි. එය එතරම් අමාරු වැඩක් නො වෙයි. හමුදාවටත් එය කරන්න පුළුවන්. රවි කුමුදේශ්ටත් එය කරන්න පුළුවන්. බොහෝ ජනමාධ්‍යවේදීන්ටත් එය කරන්න පුළුවන්. ජ වි පෙ බටහිර වෙද මහතාටත් එය කරන්න පුළුවන්. ඒත් ඔහුටත් ප්‍රතිකාරයක් නියම කරන්න බැහැ.

අහවල් අහවල් ප්‍රදේශ හුදකලා කරනවා ද නැද්ද ආදිය දේශපාලන තීරණ. ආර්ථිකය එදිනෙදා වැඩකර යමක් කමක් හම්බ කරන අයගේ ආදායම වැනි ප්‍රශ්න සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ ප්‍රධානීන්ට අහුවෙන ප්‍රශ්න නො වෙයි. බටහිර වෙද මහත්තුරු අඩු ගණනේ අපට කියා දෙනව ද කොවිඩ් 19 රෝගියකු හඳුනා ගන්න විධිය. හමුදාවට නම් ඒක කරන්න බැහැ. ඒත් බටහිර වෙද මහතුන්ටත් ඒකට පිළිතුරක් නැහැ.

පීසිආර් + කියන්නෙ රෝගියකු කියන එක නො වෙයි. මේ ළඟ දී මගේ මිතුරකු අරාබිකරයේ සිට පැමිණියා. ඔහු එහි දී එන්නත ගත්තෙක්. එමෙන් ම පීසීආර් – වූ අයෙක්. ලංකාවේ දී ඔහු පීසීආර් + වුණා. නිරෝධායනයට ලක් වුණා. පීසීආර් + කියන්නෙ රෝගී තත්වයක් නොවෙයි. අදාළ පුද්ගලයාගේ සිරුරේ කොවිඩ් වයිරසය තියෙන බව ඉන් කියැවෙන්න පුළුවන්. එන්නත ගත් අයගේ සිරුරේ වයිරසය සුළු ප්‍රමාණයක් හරි තියෙන්න පුළුවන් ද? ඔවුන් පීසීආර් + වෙන්න පුළුවන් ද? නොදන්න හින්දයි අහන්නෙ. අපේ සිරුරේ තව කොතරම් වයිරස ඇද්ද? ඒ වයිරස හඳුනා ගැනීමට ක්‍රම තියෙනවා ද? ක්‍රම තිබුණොත් අප අදාළ රෝගීන් බවට පත් කරනවා ද?

අද අරුණ පුවත්පතේ සංස්කාරක මොන තරම් පාරම්බෑවත් සිදු වී තිබෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේත් බටහිර විද්‍යාවේත් කඩා වැටීමක්. අරුණ සංස්කාරක හා අරුණ ජනමාධ්‍යවේදීන් බොහොමයක් අති දක්‍ෂ විද්‍යාඥයන්. ඔවුන් ඊනියා මිථ්‍යා මත විශ්වාස කරන්නේ නැහැ. මා නම් විිද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණි අයෙක්. අරුණේ පුස් කෑ මාක්ස්වාදී මත දරන්නන් බොහොමයක් ඉන්නවා. සාමාන්‍යයෙන් ජනමාධ්‍යවේදීන් ප්‍රබුද්ධ සමාජවාදීන්. ඔවුන් මාක්ස්වාදය හොඳින් දන්නවා වෙන්න ඇති. අරුණ සංස්කාරක පැනිය විවේචනය කළත් මා පැනිය බිවුවා. ඔහුට අනුව මා මිථ්‍යා මත විශ්වාස කරන්නෙක්. මේ සියලු කරුණු ගැන මා අරුණ සංස්කාරක සමග වාදයක් කරන්න කැමතියි. ඒ වාදය අවසන් වන තෙක් මා අරුණට ලිවීම නතර කළා.

බටහිර වෛද්‍යවරුන්ට කොවිඩ් රෝගියකු හඳුනා ගන්න බැරි නිසා ඔවුන් පීසීආර් + සියල්ලන් රෝගීන් ලෙස වර්ගකර නිරෝධායනය කරනවා, රෝහල්ගත කරනවා. එය හැමෝට ම ප්‍රශ්නයක්. රෝගීන් නොවන අයත් රෝගීන් ලෙස වර්ග කිරීම නිසා ඇතැමුන් තමන් නීරෝගී යැයි සිතා අදාළ තැන්වලින් පැන ගියා. දැනුත් පැන යනවා. අද ඇතිවෙලා තියෙන අවුල් තත්වයට බටහිර වෙද මහතුන්ගේ නොදැනුම විශාල ප්‍රමාණයකට හේතු වෙලා.

ඒත් බටහිර වෙද මහත්වරුන්ගෙ ආධිපත්‍යයට ඉන් පලුද්දක් වන්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් කතා කරන්න ප්‍රබුද්ධ ජනමාධ්‍ය තියෙනවා. ඒ ජනමාධ්‍ය ඒ අතර පාරම්පරික වෙදකමට පහර දෙනවා. බටහිර වෙද මහත්තුරු තමන්ට ප්‍රතිකාර නැතත් ආයුර්වේද/පාරම්පරික වෙද මහතුන්ට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ දෙන්නේ නැහැ. බටහිර වෙද මහතුන් හා ඔවුන්ගේ නියෝජිතයන් ඉදිරියේ සිසිර ජයකොඩි අසරණ වෙනවා. අද කියන විධියට ආයුර්වේද රෝහල්වලට ඇතුල් කෙරෙන කොවිඩ් රෝගීන්ටත් ඊනියා ප්‍රතිකාර කරන්නේ බටහිර වෙද මහතුන්. ආයුර්වේද රෝහල් තියෙන්නෙ ඇඳන් සැපයීමට පමණ ද? මා මෙය කියන්නේ කණගාටුවෙන්. අද ආණ්ඩුව බටහිර වෙද මහතුන්ට බය බවක් පේන්න තියෙනවා.

ආයුර්වේද/ පාරම්පරික ප්‍රතිකාරවලින් සවය ලැබූ කොවිඩ් 19 රෝගීන් දිවයිනේ හැම ප්‍රදේශයක ම ඉන්නවා. එහෙත් ඒ වෙද මහතුන්ට තැනක් නැහැ. ධම්මික පැනිය ජනමාධ්‍යයෙන් උස්සා පොළොවේ ගැසුවා වගේ වැඩක් කෙළේ. කරාපිටිය කරළ හොඳයි කියමු. එයට මුල් වූ ආයුර්වේද බෙහෙත් මොනවා ද? ඒ මුල් බෙහෙත ම දෙමු ද? බටහිර වෙද මහතුන් පීසීආර් + අය ගාල් කර පසුව පීසීආර් – වූ පසු සුව වූවා කියා ගෙදර අරිනවා. ඔවුන් කළ ප්‍රතිකාරය කියන්න පුළුවන් ද? අපි එය අර කියන්න වගේ ජාත්‍යන්තරයට මුදා හරිමු. අපේ බටහිර වෙද මහතුන්ට නොබෙල් තෑග්ග ලැබෙන්න ඉඩ තියෙනවා.

එංගලන්තෙන් ලැබෙන වයිරස- මහඇදුරු නලින් ද සිල්වා මහතා

එංගලන්තෙන් ලැබෙන වයිරස

පිලපිටිය වාර්තාව නැත්නම් බටහිර වෛද්‍ය පීඨවල ප්‍රධාන බටහිර වෙද මහත්තුරු එකතු වී දීල තියෙන වාර්තාව ගැන බොහෝ දේ කියන්න තියෙනවා. ඒත් මේ ඒ සඳහා වෙලාව නො වෙයි. ඒ වාර්තාවට අත්සන් කරල තියෙන එක බටහිර වෙද මහත්තයෙක්වත් ධම්මික වෙද මහත්තයා කරල තියෙන දෙයින් දාහෙන් එකක්වත් කිසිම වෙදකමකට කරල නැහැ. මා ඒ සමහර අය දන්නවා. ඔවුන් බුද්ධිමතුන් විද්වතුන් වෙන්න ඇති. ඒත් ඔවුන් අලුතෙන් එකතු කරපු අදහසක්, හරියන්නෙ නැති අදහසක්වත් තියෙනවා ද? අදහස්වලින් සීයෙන් එකක්වත් හරියන්නෙ නැහැ. ලංකාවෙ ප්‍රශ්නය හරියන්නෙ නැති අදහසක්වත් බටහිර විද්‍යා ක්‍ෂෙත්‍ර මධ්‍යයෙහි ඉදිරිපත් වෙන්නෙ නැති එක.

මේ බටහිර වෙද මහත්තුරු ටික එකතුවෙලා පරීක්‍ෂණයක් කරල තියෙන වගයි පේන්නෙ. ඒක එහෙම ම ද කියල හරියට කියන්න බැහැ. ඒත් මේ බටහිර වෙද මහත්තුරු පරීක්‍ෂණ කරන්න ඉස්සෙල්ල වතුපිටිවල හා ගම්පහ බටහිර වෙද මහත්තුරු ධම්මික පැනිය ගැන පරික්‍ෂා කරල කිවුව ඒකෙන් පීසීආර් + පීසීආර් – බවට පත්වෙනව කියල. ඔය ප්‍රධාන බටහිර වෙද මහත්තුරු ඒ වෙලාවෙ කිවුවෙ වතුපිටිවල හා ගම්පහ පරීක්‍ෂණවලට සහභාගි වූ රෝගීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ කියල. පඬි භාෂාවෙන් කියනව නම් නියැදිය ප්‍රමාණවත් නැහැ කියල. කොහොමත් පී සී ආර් + කියන එකෙන් රෝගී කියල කියන්න බැහැ.

බටහිර ප්‍රධාන වෙද මහත්තුරු මා දන්නා විධියට අනුරාධපුරේ හමුදා මධ්‍යස්ථාන ආයතනයක පරීක්‍ෂණ කරලා. ඒ ආයතනයේ ප්‍රධානියා ගැන නොයෙක් ප්‍රශ්න තියෙනවා. අවශ්‍ය නම් පසුව ඒ සාකච්ඡා කරමු. එක්තරා ආගමක් අදහන්නන් විවිධ දෙවිවරුන් ඉන්න බව විශ්වාස කරන්නෙ නැහැ. ඔවුන් වෙනත් දෙවිවරුන්ගෙ කියල හිතන පිළිම කඩනවා. ඔවුන්ගෙ දෙවියන්ගෙ පිළිම හදන්නෙ නැහැ. ඔවුන් කාලි අම්මගෙන් හරි වෙනත් දෙවි කෙනකුගෙන් හරි ලබන දැනුමක් ගැන විශ්වාස කරන්නෙ නැහැ. ඒ කතා පැත්තකින් තියමු.

අනුරාධපුර පරීක්‍ෂණයට රෝගීන් කී දෙනකු සහභාගි කරගෙන තියෙනවා ද? ඔය පරීක්‍ෂණය ගැන මුල ඉඳන් අපට තිබුණේ විරුද්ධත්වයක් පමණයි. එක් වෛද්‍ය ක්‍රමයකට තවත් වෛද්‍ය ක්‍රමයක් ගැන පරීක්‍ෂණ පැවැත්වීමට ඇති නෛතික, සදාචාරාත්මක අයිතිය කුමක් ද? ඒකත් පැත්තකින් තියමු. ඔය පරීක්‍ෂණයේ නියැදි තෝරා ගත්තේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කරල ද? මා මේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන විශ්වාසයක් තියෙන නිසා අසන ප්‍රශ්නයක් නො වෙයි. මට අවශ්‍ය බටහිර වෙද මහත්තුරු තම ක්‍රමය අනුගමනය කළා ද යන්න දැන ගැනීමට පමණයි.

මේ නියැදියට රෝගීන් කී දෙනකු ඇතුළත් වුණා ද? වාර්තාවේ හැටියට නම් හැට ගණනක්. එය ප්‍රමාණවත් නියැදියක් ද? වතුපිටිවල නියැදියට වඩා අනුරාධපුර නියැදිය ඊනියා විද්‍යාත්මක ද? අනුරාධපුර ආයතනයේ ප්‍රධාන බටහිර වෙද මහතා කෙසේ වෙතත් වාර්තාවට අත්සන් කර ඇති බටහිර ප්‍රධාන වෙද මහත්තුරු බොහෝ දෙනකු බෞද්ධයන් කියා මා හිතනවා. ඔවුන් විශ්වාස කරන්නේ අග්ගඤ්ඤ සූත්‍රය ද නැත්නම් මහා පිපිරුම ද? මා නම් විශ්වාස කරන්නේ අග්ගඤ්ඤ සූත්‍රය. මහා පිපිරුම වගේ ම කළු කුහරත් පට්ටපල් බොරු. කවුරු හරි බටහිර විද්‍යාඥයකු මට කියා දෙනව ද කළු කුහරවල පින්තුර හදන්නෙ කොහොමද කියලා. කළු කුහරයකට පෘෂ්ඨයක් තියෙනවා ද? නැත්තන් පෘෂ්ඨවල පින්තූර හදන්නෙ කොහොමද? බොහෝ බටහිර වෙද මහතුන්ට අමාරු ම විෂය බටහිර භෞතික විිද්‍යාව බව මා නොදන්නවා නො වෙයි.

ඒක පැත්තකින් තියලා නැවතත් කොවිඩ් 19ට එමු. බටහිර වෙද මහතුන්ට වෙද හාමිනේලාට ඒකට ප්‍රතිකාරයක් තියෙනවා ද? ඔවුන්ට අවසානයේ දී කියන්න පුළුවන් අපි වෙනුවෙන් අපි කියා පමණයි. අපි පරෙස්සම් වෙමු. ඒ බව කියන්න සංඛ අමර්ජිත් බටහිර වෙද හාමිනේලා එක්ක එන්නෙ අහවල් දේකට ද? ඔහුටත් ඒක කියන්න පුළුවන්. මටත් කියන්න පුළුවන්. ධම්මික වෙද මහතාට ඊට එහා ගිහින් තවත් දේ කියන්න පුළුවන්. අපි ඒකට ඉඩ නොදෙන්නෙ ඇයි? ධම්මික වෙද මහතාගෙ පැනිය බීල කිසිවකු මැරිල නැහැ. එන්නත් ලබා ගත්තු කිහිප දෙනකු නම් ලේ කැටි ගැහීමෙන් ඇති වූ ආබාධ නිසා ලංකාවෙත් ලෝකයේත් මැරිල.

අද පත්තරවල තියෙනවා කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ආයුර්වේද රෝහල් තුනක් විවෘත කරන්න යනව කියල. ඒ අතර මෝනින් පත්තරේ කියනවා ඒ රෝහල්වල ප්‍රතිකාර කරන්න බැහැ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම පමණයි කරන්න පුළුවන් කියල. ඒ ප්‍රවෘත්තිය නිවැරදි නම් මට කියන්න තියෙන්නෙ අනේ මගේ කට කියලා. අර අප අතර කතාවක් තියෙනවා පස්ස පැත්ත කසා ගන්න නියපොතු නැති අය ගැන.

ඇලොපති ක්‍රමයෙ ප්‍රතිකාර කියන්නෙ එකක්. ආයුර්වේදයෙ ප්‍රතිකාර කියන්නෙ තවත් එකක්. පාරම්පරික වෙද කමේ ප්‍රතිකාර කියන්නෙ වෙන ම ම එකක්. ජී එල් පීරිස්ට අධ්‍යාපනය හදනව නම් කරන්න තියෙන පළමුවෙනි කාරණය තමයි සිසුන්ට විවිධ දැනුම් පද්ධති තියෙනව කියල උගන්වන එක. හැබැයි ඊට ඉස්සෙල්ල ජී එල් ඒක ඉගෙන ගන්න ඕන. ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර කරන්න බැහැ කියල කියන අයකු ඉන්නව නම් ඒ කවුද? ආයුර්වේද වෙද මහත්තුරු වෙද හාමිනේලා ඒ අය දන්න දේ කරාවි. ඒකට තහංචි දාන්න පුළුවන් අර ලෝකයේ ඇත්තේ එකම දැනුම් පද්ධතියක් පමණයි ඒ දන්නෝ අපි වෙමු කියන උද්ධච්ඡයන්ට පමණයි. මා බටහිර වෙදකම විතරක් නොවෙයි වෙනත් බටහිර දැනුම් ද යොදා ගන්නවා. ඒත් මා එහි ආධිපත්‍යයට යට වෙන්නෙ නැහැ. මට වෙනත් දැනුම් පද්ධතීන් ද තියෙනවා.

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කර ගන්න බැරුව අද බටහිර වෙද මහත්තුරු වෙද හාමිනේලා අනාථ වෙලා. ඔවුන්ගේ සරණට නාථ දෙවියන් එන්නෙත් නැහැ. ඉන්දියාව අද ඔය තත්වයට පැමිණ ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂගේ වරදින් නො වෙයි. එහෙම කියන්න පුළුවන් නම් ඇතැමුන් සතුටු වේවි. එහි ආයුර්වේද වෙදකම කිරීමට බටහිර වෙද මහත්තුරු මෝදිට ඉඩ දුන්නෙ නැහැ. චීනයේ සාම්ප්‍රදායික වෙදකමත් කෙරුණා. ඔවුන් බොරුවට හරි නැති කම්කරු පංතියක මැයි දිනයක් පැවැත්තුව. අපේ අයත් පෙළපාලි ගියා. ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරු ඒව ප්‍රචාරය කළේ නැහැ. රනිල්දාසගෙන් අහල බලන්න.

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන්න පාරම්පරික වෙද මහතුන්ටත් ඉඩ දෙන්න ඕන. ධම්මික වෙද මහතාටත් ඉඩ දෙන්න ඕන. මා නම් පැනිය බිවුවා. තවත් දේශීය ප්‍රතිකාර තියෙනවා. එන්නත් ගෙන්නන එක ප්‍රශ්නයක් නොවේවා කියා ප්‍රාර්ථනය කරනවා. ඉන්දියාවෙ එන්නත් හදන ලොක්කා එංගලන්තෙට පැන ගිහින්. වෙන කොහාට පනින්න ද? අපට බොහෝ වයිරස ලැබෙන්නෙ ලැබිල තියෙන්නෙ එංගලන්තෙන්. බටහිර දැනුම එක ම දැනුම ලෙස සලකන්න කියල කියන්නෙත් එංගලන්තෙ. ඒක කෙලින් ම පාසලේ කියන්නෙ නැහැ. ඒත් ඒක අපට කාන්දු කරනවා. ඒක තමයි අපට එංගලන්තෙන් ලැබිල තියෙන භයානක ම වයිරසය.

කෝ අර පෙළපාලි – මහඇදුරු නලින් ද සිල්වා මහතා

කෝ අර පෙළපාලි

මා ඊයේ සවස 6.55 ප්‍රවෘත්ති බැලීමට වාඩි වුණේ කොළඹ දෙවනත් කරමින් ගිය කෙකරගාමී හා ජ වි පෙ පෙළපාලි නැරඹීමට. එහෙත් ප්‍රවෘත්ති සංස්කාරක ඒ සියල්ල මකා දමලා. ප්‍රවෘත්ති සංස්කාරකලා ගැන මගේත් අත්දැකීම් තියෙනවා. ඒ නිසා මා කෙකරගාමින් ගැන එතනින් එහාට සිතුවේ නැහැ. කෙකරගාමින් පසු දවසක තම දැවැන්ත පෙළපාලිය අපට පෙන්වාවි. එහෙත් මට ප්‍රවෘත්ති සංස්කාරක ගැන තරමක සැකයක් ඇති වුණේ ජ වි පෙ මැයි දින රැළියක් පෙන්වීම නිසා. ඔවුන්ගේ දැවැන්ත පෙළපාලිය පැලවත්ත පැත්තෙ කුඩා කාමරයකට රිංගෙව්වෙ කොහොමද කියන එක මගේ හිතට ප්‍රශ්නයක් වුණා. අනුර රනිල්දාස නියම වැඩ කාරයෙක්. දැන් කියන විධියට වැඩ්ඩෙක්. ඔවුන් වැවු දාහක් හදල පරාක්‍රමබාහු රජුටත් පාඩමක් දෙකක් උගන්නපු අය. පරාක්‍රමබාහු රජු දැන් ඉන්නව ද වගේ පඬි ප්‍රශ්න අහන්න ඕන නැහැ. රනිල්දාස අතිවිශාල ශාලාවක් කුඩා කරල පෙන්නුව වෙන්න පුළුවන්. එහෙමත් නැත්තන් මහා සෙනගක් පොලීසිය රැවටීමට කිහිප දෙනකු බවට පත්කළා ද කියන්න බැහැ. ඒ රැළියෙදි ජ වි පෙ බටහිර වෙදමහත්තයා 2006 ඉඳන් තිබුණු ආණ්ඩුවලට කරන්න බැරි වුණු දෙයක් ගැන කිවුව. මා ඔවුන් කියන දේට සවන් දෙනවා. ඒත් මට මතක් වුණෙ ඔය සමහර ආණ්ඩුවලට ජ වි පෙ සම්පූර්ණ සහාය දුන් බව.

කෙකරගාමින් ගැන කිසිම දෙයක් ප්‍රවෘත්ති ප්‍රචාරයෙ තිබුණෙ නැහැ. කෙකරගාමීන් විද්වතුන්, බුද්ධිමතුන්, විප්ලවවාදීන්. ප්‍රබුද්ධයන්. පුබුදු ජාගොඩ කියන්නේ හයිසන්බර්ග් වැරදි බව යථාර්ථවාදී විප්ලවවාදී ප්‍රබුද්ධයකු වූ කාලෝ ෆොන්සේකාට පවා කියා දුන්නෙක්. ක්වොන්ටම් යාන්ත්‍රිකයේ හයිසන්බර්ග් අනිශ්චය මූල ධර්මය වැරදි බවත් අංශුවක පිහිටුම හා ගම්‍යතාව එකවිට මැණිය හැකි බව පෙන්වා දුන් විප්ලවවාදී විද්‍යාඥයෙක්. මට පොඩි ප්‍රශ්නයක් වන්නෙ රවි කුමුදේශ් හා පුබුදු ජාගොඩ දෙන්නගෙන් වඩා විප්ලවවාදී විද්‍යාඥයා කවුද කියන එකයි.

රනිල්දාසලා ජාගොඩල පාරම් බෑවෙ ආණ්ඩුව මැයි පෙළපාලි තහනම් කළත් ඔවුන් පෙළපාලි යන බව කියමින්. ඔවුන් කියා හිටියෙ ආණ්ඩුව නිර්ධන පංතියට එහෙම නැත්නම් ධනදාස පංතියට බයවෙලා මැයි පෙළපාලි තහනම් කර ඇති බව. සජිත්ලගෙ කවුදත් කියල තිබුණ ආණ්ඩුව තම අසමත්කම වහන්න කොවිඩ් රැල්ලක් මවල කියලා. එහෙම නම් ඒකත් සමත්කමක් . කොවිඩ් නැතිව කොවිඩ් රැල්ලක් මවන එක ලෙහෙසු පහසු වැඩක් නොවෙයි.

රනිල්දාසලා ජාගොඩලා පෙළපාලියක් පවත්වන්නෙ නැතිව ඉන්නෙ නැහැ. මා හිතන්නෙ ආණ්ඩුව ප්‍රවෘත්ති සංස්කාරකල බය කරල පෙළපාලි පෙන්නන එක නවත්තන්න ඇති කියලා. මා හිතන්නෙ දැන් රනිල්දාසටයි ජාගොඩටයි තවත් මාතෘකාවක් හම්බවෙලා කියලා. ආණ්ඩුවට විරුද්ධ ව භාෂණයේ නිිදහස නාළිකාවල නිදහස සහ තවත් නිදහස් අටෝරාසියක් වෙනුවෙන් උද්ඝෝෂණ පැවැත්වීමට අවස්ථාව ලැබිලා . අපේ පෙළපාලිය අපට දියවු වගේ සටන් පාඨ කියන්න පුළුවන්. එහෙමත් නැත්තන් ජනතාවට අපේ පෙළපාලිය දැක ගැනීමට ඇති අයිතියට අත නොතබනු වගේ සටන් පාඨ කියන්න පුළුවන්. අර තොරතුරු දැන ගැනීමේ පනත යටතෙ උසාවි යන්න බැරි ද?

ආණ්ඩුව ධනදාස පංතියට බයවෙලා පෙළපාලි පෙන්නන එක නවත්තල කියල තවත් සටන් පාඨයක් හදන්න පුළුවන්. සටන්පාඨ ද හදන්න බැරි. අවුරුදු පනහකට හැටකට ඉස්සර විශ්වවිිද්‍යාල ශිෂ්‍යයන් සමහර අවස්ථාවල පංති වර්ජනයක් කරන්න ඕන වුණා ම සටන් පාඨ නිර්මාණය කර ගත්ත. ප්‍රශ්න නිසා වර්ජන ඇති වුණා නොව වර්ජන නිසා ප්‍රශ්න ඇති වුණා. දැන් නම් එහෙමත් අවශ්‍ය නැහැ. වර්ජනයක් අවශ්‍ය නම් වර්ජනයක් කරනවා. මොන සටන් පාඨ ද? ශිෂ්‍ය අයිතීන් සුරකමු යන්න මදැයි.

ඒකට කමක් නැහැ. අපට ජ වි පෙ හා කෙකරගාමී පෙළපාලි පහුවෙලා හරි බලන්න ඕන. ඒ වෙන එහෙකට නොවෙයි. සියයට තුන සියයට කීයට පහළට බැහැල ද කියල දැන ගන්න. ආණ්ඩුව අපට ඒක දැන ගන්න අවස්ථාව දෙන්නෙ නැහැ. මට හිතෙන්නෙ ආණ්ඩුව පෙළපාලි පෙන්නීම තහනම් කරල තියෙන්නෙ ධනදාසලගේ පැත්තෙ ඉඳන් ධනදාසලගෙ බලය අඩු වීම අප දැන ගන්න එක නවත්තන්න කියල.

අනෙක් අතට මට බලා ගන්න ඕන අර සියේට හයේ කට්ටියට ලැබිල තියෙන අලුත් ටී ෂර්ට් කොහොම ද කියල. නෑ මට ටී ෂර්ට් එකක් අවශ්‍ය නැහැ. කොහොමත් ටී ෂර්ට් තියෙන්නෙ තේ බොන කොට අඳින්න නො වෙයි. සියේට හයේ කට්ටිය දැන් අධ්‍යාපනය වෙනුවෙන් හුඟක් වෙහෙසනවා ඇති. සියේට හයේ කට්ටියට සියේට තුනේ කට්ටියත් එක්ක සහෝදරාත්මක බැඳීමක් තියෙන්නෙ. සියේට හයේ කට්ටියත් ඔය පෙළපාලිවල යන්න ඇති.

ආණ්ඩුවෙ උදවියත් පොඩි පොඩි රැස්වීම් තියල. දැන් හැම එකක් ම ඔන් ලයින් ක්‍රමයට. අතථ්‍ය රැස්වීම්. ව්‍යවහාරික ගණිතය ඉගෙන ගන්න කොට අතථ්‍ය කාර්ය කියල පාඩමක් තියෙනවා. අතාථ්‍ය කාර්ය යොදා ගෙන ඊනියා යථාර්ථ වැඩ දැන ගන්න පුළුවන් වුණා. හැම යථාර්ථයක් ම අතථ්‍ය ද කියල අහන්න එපා. ආණ්ඩුව අතථ්‍ය රැස්වීම් පවත්වල ඒවා ප්‍රචාරය කර ගන්නවා. ඒ අතර රනිල්දාසලාගෙ කෙකරගාමීන්ගෙ යථාර්ථවාදී පෙළපාලි පෙන්නන එක තහනම් කරල.