ගොවීන් දේශීය ගොවිතැනට යොමු කිරීම

ගොවීන් දේශීය ගොවිතැනට යොමු කිරීම

කෘෂි රසායන ගෙන්වීම නැවැත්වීමට ජනාධිපතිතුමා හා ආණ්ඩුව ගත් තීරණය අගය කරන්න ඕන. ඒ ගැන අප කලින් ලියා තියෙනවා. එහෙත් තීරණය ක්‍රියාත්මක කිරීමේ දී පරෙස්සමෙන් සැලසුම් සහගත ව කරන්න ඕන. මෙහි දී ඊනියා විද්‍යාඥයන්, කෘෂි රසායන ආනයනය කරන සමාගම් මෙන් ම ගොවීන් ද විරුද්ධ වන්න පුළුවන්. ඊනියා විද්‍යාඥයන් දැනටමත් තම විරුද්ධත්වය ප්‍රකාශ කර අවසන්. එමෙන් ම ඇතැම් ගොවීන් ද විරුද්ධත්වය ප්‍රකාශ කරලා. අර කෘෂි රසායන ගෙන්වන සමාගම් නම් බොහෝ විට ප්‍රසිද්ධියේ විරුද්ධ වන එකක් නැහැ. එහෙත් ඔවුන් ගොවීන් හා ඊනියා විද්‍යාඥයන් ලවා විරෝධය පළ කරාවි.

මෙරට හා පිටරට ඉන්න බටහිර විිද්‍යාඥයන් කියන දේ නම් ගණන් ගන්න ඕන නැහැ. ඔවුන් දන්නේ බටහිර සඟරාවල පත්තරවල පළවෙන දැනුම අපට කීමට පමණයි. ඔවුන් කිසි දා අලුත් දෙයක් කියන්නේ නැහැ. ඔවුන්ට සවන් දීම වෙනුවට අපට ම බටහිර දැනුම කෙළින් ම ලබා ගන්න පුළුවන්.

ඔවුන් ප්‍රධාන වශයෙන් කියන්නේ දේශීය පොහොර ප්‍රමාණවත් නැති කම, දේශීය පොහොරවලින් අස්වැන්න අඩු බව, වර්තමානයෙහි හඳුන්වා දී ඇති භෝග වර්ගවලට කෘෂි රසායන අවශ්‍ය බව ආදියයි. මෙය රවුමක යන්නක්. මේ තමයි බටහිරයන් ක්‍රියා කරන ආකාරය. ඔවුන් ඊනියා විද්‍යාත්මක ව බිහි කළ භෝග හඳුන්වා දෙනවා. එහි අස්වැන්න වැඩි කෙරෙනවා. එහෙත් ඒ සඳහා කෘෂි රසායන නැතිව බැරි වෙන තත්වයකට පත් කරනවා. අප බටහිරයන්ගේ අඬුවට හසු වී අවසන්. ඒ සියල්ල ඊනියා දැනුමක් මගින් යුක්ති යුක්ත කෙරෙනවා.

මේ සියල්ල පිටුපස ඇත්තේ දැනුම් ආධිපත්‍යය. ඔය බටහිර දැනුම් ආධිපත්‍යය ධනවාදයත් සමග ගැට ගැසී ඇත්තේ. ධනවාදයට විරුද්ධ වන ඇතැම් පඬියන් දැනුම් ආධිපත්‍යයට විරුද්ධ වන්නේ නැහැ. ධනවාදයට දැනුම් ආධිපත්‍යයත් දැනුම් ආධිපත්‍යයට ධනවාදයත් අවශ්‍යයි. ඊනියා සමාජවාදී පඬියන් හිතුවට ඒ දෙක වෙන් කරන්න බැහැ. මාක්ස්වාදී සමාජවාදයෙන් ද කෙරෙන්නේ ධනවාදය ආරක්‍ෂා කිරීම පමණයි. එය හැමදාමත් මනෝරාජික සමාජවාදයක් වුණා.

ධනවාදයට විරුද්ධ ඊනියා සමාජවාදී පඬියන්ට ගීතයක් ලියා එහෙමත් නැත්නම් ගීතයක් ගායනා කර ඊනියා සමාජවාදයට සේවය කරන්න පුළුවන්. ඊට පස්සෙ කියන්න පුළුවන් අපි මෙච්චර ගීත ගයලත් ජනතාවට සමාජවාදය ඕන නැහැ කියලා. රනිල්දාසගෙ ගෝල බාල සංගීතඥයො නොදන්න දේ තමයි ඊනියා සමාජවාදය ලෝකයේ ඇති නොවන්නක් බව. සමාජවාදී පඬියන්ට හැමදාමත් සමාජවාදයට සේවය කරන්න පුළුවන්. ඔවුන් කියාවි තමන් කරන්නේ සේවයක් නොව සමාජවාදය ඇති කිරීමට කටයුතු කරන බව. තව සිංදු දහයක් විතර කියල බලන්න.

ඊනියා විද්‍යාඥයන් ඇතුළු පඬියන් නොවෙයි ගොවියන් විරුද්ධ වීම ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔවුන් තමන්ගෙ ඕන කමට මෙන් ම කෘෂි රසායන ගෙන්වන සමාගම්වල උසි ගැන්වීම් නිසත් කෘෂි රසායන ගෙන්වීම නතර කිරීමට විරුද්ධ වන්න පුළුවන්. වත්මන් ගොවීන් නොදන්න කරුණ නම් හැටේ දශකයට පෙර මෙරට කෘෂි රසායන නොතිබූ බව. ඉංගිරිසින් අපට දුම් බීම (ඉරීම) පුරුදු කළේ පළමුව දුම්වැටි නොමිළේ ලබා දීමෙන්. සමහර විට ජනතාවට අහුලා ගැනීමට මාර්ගවල දුම්වැටි විසි කිරීමෙන්. කෘෂි රසායන නැත්නම් පිටරට පොහොරත් අපට හැටේ දශකයේ නොමිළේ බෙදා දුන්නා. එකල ගොවීන් එයට විරුද්ධ වුණා. එහෙත් ඔවුන් ක්‍රමයෙන් එයට පුරුදු වුණා. අද ඉන්නේ තුන්වැනි නැත්නම් හතරවැනි පරම්පරාව. ඒ පරම්පරාවට කෘෂි රසායන නැතිව ම බැහැ.

මෙතන අපට ඉංගිරිසින්ගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඔවුන් ගොවීන් කෘෂි රසායනයට පුරුදු කෙළේ උපායශීලිව. ඉංගිරිසින් මුළු ලොවක් පාලනය කෙළෙත් අද ඇංග්ලිකන් ක්‍රිස්තියානිය ලෝකය පාලනය කරන්නෙත් උපායශීලි ව. එහි දී ඔවුන් දැනුම් ආධිපත්‍යය යොදා ගන්නවා. දැනුම් ආධිපත්‍යයත් පාසල් හා විශ්වවිද්‍යාල මගින් සීරුවෙන් කරන ලද්දක්. අද අපට එදා ගොවීන්ගේ තුන්වැනි නැත්නම් හතරවැනි පරම්පරාව නැවත දේශීය ගොවිකමට ගැනීමට සිදුව තියෙනවා. එය ක්‍රමයෙන් කරන්න ඕන.

ගොවීන්ට දේශීය ගොවිතැන එපා කරන විධියට එය කරන්නත් පුළුවන්. මෙරට අද ඉන්න නිලධාරීන් බහුතරය ඉංගිරිසින් විසින් වක්‍ර ව පුහුණු කෙරුණු අය. ඔවුන් ලබා ඇත්තේත් මොන මාධ්‍යයෙන් වුණත් ඉංගිරිසි අධ්‍යාපනයක්. ඔවුන් මගින් වැඩ කරවා ගැනීමේ දී පරෙස්සම් වෙන්න ඕන. ඔවුන් තම පුහුණුව නිසා ම සමහර විට නොදැනුවත්ව ම දේශීය ගොවිකමට විරුද්ධ වේන පුළුවන්. ඔවුන් ඇතැමකු දේශීය වෙදකමට විරුද්ධ වන්නෙත් ඒ පුහුණුව නිසයි. ඔවුන්ට එයින් කැඩී වෙන්වීමට බැරිකමක් තියෙනවා.

දේශීය ගොවිකමට ගොවීන් හුරු කිරීම පියවරෙන් පියවර කළ යුත්තක්. දේශීය පොහොර නිෂ්පාදනය කරන තරමට තමයි කෘෂිරසායන අඩු කරන්න ඕනෙ. දේශීය පොහොර නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් සහගත ව ක්‍රියාත්මක වෙන්න ඕන. කොහොම නමුත් ගොවීන්ට පාඩුවක් නොවන අන්දමට කටයුතු කරන්න ඕන. දේශීය පොහොර යෙදීමෙන් අස්වැන්න අඩුවෙන්න ඉඩ තියෙනවා. ඒ ගැනත් බලන්න ඕන.

සියල්ල සියයට සීයක් සැලසුම් කරන්න බැරි වේවි. එහෙත් යම් සැලැස්මක් අවශ්‍ය වෙනවා. මෙරට වගා කිරීමට ඉඩම් තියෙනවා. අස්වැන්න අඩු වීම ගොවි ඉඩම් ප්‍රමාණය වැඩි කිරීමෙන් කපා ගන්න පුළුවන් වේවි. එ වගේ ම අස්වැන්න වැඩි කරන දේශීය පොහොර ගැන ද හොයන්න ඕන. ඒ අතර කළ යුතු වැදගත් ම දෙය තමයි ගොවීන්ගේ ආදායම වැඩි කෙරෙන සැලැස්මක් පිළියෙළ කර තරුණ තරුණියන් වැඩි වැඩියෙන් ගොවිතැනට යොමු කිරීම.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

ග්‍රීසිය ඔටුන්න කර පෙන්වීම

ග්‍රීසිය ඔටුන්න කර පෙන්වීම.

සාහිත්‍යයේ පරමාර්ථය පිළිබඳව දඹදිව රටවල සාහිත්‍ය ශිල්පීන් අතර මතවාද පැතිරීමට එක් හේතුවක් වූයේ,බුදු දහම පරාජය කිරීමට දැරූ උත්සාහයයි. කාව්‍ය රසවාදය ඉදිරිපත් කිරීම බ්‍රාහ්මණ ආචාර්යවරුන්ගේ ක්‍රියාවකි. භරතමුනි ලියූ නාට්‍ය ශාස්ත්‍රයේ මේ පිළිබඳ සමාලෝචනයක් දක්නට පුළුවන. කාව්‍යාදර්ශය, රසවාදය පිළිබඳ බොහෝ තොරතුරු අඩංගු ග්‍රන්ථයකි. සිංහල බෞද්ධයෝ, දඹදිව පැතිරගිය මේ මතිමතාන්තර උගත්හ. හතර වැනි සේන රජතුමා රචනා කළ සියබස්ලකර ඊට නිදසුනයි. එය කාව්‍යාදර්ශයේ පරිවර්තනයක් වශයෙන් සැලකේ.

බෞද්ධයන්ට ද සාහිත්‍යය පිළිබඳ මතවාද තිබුණි. කාව්‍ය නිර්මාණයේදී බෝසත් චරිතය වස්තුකර ගත යුතුය යන්න නිදසුනකි. කව්සිළුමිණ ප්‍රබන්ධ කළ පරාක්‍රමබාහු රජතුමා, ‘බෝධිසත්ව චරිත වර්ණනා කාව්‍ය වෘක්ෂයේ උසස්ම ඵලය බව’ පැවසුවේය.

කිව්බැව් කිවිදුමේ කුසුම් සැපතෙහි විපුල්පෙලෙ බෝසත් සර වැනුම් වියතෙ මුවපත් වේවා

බෝධිසත්ව කතා තෝරාගැනීම මගින් බෞද්ධ සාහිත්‍යකරුවන් බලාපොරොත්තු වූයේ සත්වයාගේ යහපත සඳහා සේවය කිරීමයි. ජයවර්ධනපුර රාජධානි කාලය වන විට දකුණු ඉන්දියාවේ නායක්කර් රාජධානින්ගෙන් සිංහල රටට බලපෑම් ඇති වූයේය. ඒවාට ගොදුරුවූවෝ සාහිත්‍යයේ පරමාර්ථය පිළිබඳ අලුත් අදහස් ඉදිරිපත් කළහ. ශ්‍රී රාහුල හිමියෝ, බෝධිසත්ව කතාවක් තෝරගෙන කාව්‍යශේඛරය රචනා කරමින් ලෞකික කාරණා ඉදිරිපත් කිරීමට මග පෙන්වීම නිදසුනකි.

රජරුවන මනරග සිව්සැට බරණ හා ඇග තේරී පෙනෙන රග දැනේ කිවිලකර හා බණමග

ලංකාව යටත් කරගත් බ්‍රිතාන්‍යයන් රටට හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය නිසා සිංහල සමාජයේ මහා වෙනසක් සිදුවිය. ඉංග්‍රීසි, රටේ උසස් භාෂාව වූයේය. බ්‍රිතාන්‍යයන් පිහිටුවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් මයිස්ටර්වරු, බ්‍රිතාන්‍යයන්ගේ වුවමනාව ඉටුකරමින් සිංහල ජාතියේ මුල විනාශ කිරීමට කටයුතු කළහ. මේ නිසා සිංහල සාහිත්‍ය සිද්ධාන්ත හෝ සම්ප්‍රදායන් නොසලකන රටවැසියන්ගේ පරපුරක් බිහිවිය. ඔවුහු පුද්ගල හා දේශපාලන වුවමනා සඳහා සාහිත්‍යය භාවිත කරන්නට වූහ. මේ අධිරාජ්‍යවාදී වැඩපිළිවෙළ සිංහල බෞද්ධයන්ට ගිල්ලීමේ යෙදී සිටි ජනමාධ්‍යකරුවකු වූ මාටින් වික්‍රමසිංහ, ‘නව පද්‍ය සිංහලය’ නමින් පොතක් ලියමින් මෙසේ සඳහන් කරයි.

“හැම රටකම රාජ්‍ය තන්ත්‍රය කාව්‍යය කලා ශිල්ප ආදියට පිවිසි බමුණු දහම් බැහැර කෙරෙන යුගයකි මෙය. ග්‍රීක ලතින් භාෂා සාහිත්‍ය උගැන්ම දැන් බටහිර රටවලින් පිරිහෙන්නේ විද්‍යාව දියණුවීමත් පැතිරීමත් නිසාය. පිරිහෙන මේ කිසිවකුගේ පුනරුත්ථාපනය සඳහා පැරණි බමුණු දහම අනුව කළ වෑයම කිසිම රටක සාර්ථක වී යයි සිතිය නොහැකිය.

බුදුදහම පැරණි බමුණු දහම්වලට පමණක් නොව අලුත් බමුණු දහම්වලටද පටහැනි විභජ්ජවාදයකි. රජුන්ගේ අණ නොපවතින බෞද්ධ රටක බමුණු දහම් රකින්ට තැත් කරන්නෝ අවසානයෙහි පරාජය වෙති. අලුත් දේ සුමගට හරවනු පිණිස පාරවල් කැපීම මෙකලට වඩාත් උචිත කාර්යයකි.” (පිටුව 214)

‘ග්‍රීසිය ලෝක ශිෂ්ටාචාරයේ තිඹිරිගෙයය’ යන්න බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය ලෝකයට ඉගැන්වූ කතාන්දරයකි. එය තහවුරු කෙරුවෝ, වෛද්‍ය විද්‍යාව ගණිතය නාට්‍ය ශාස්ත්‍රය දර්ශනය ඉතිහාසය ගෘහනිර්මාණය ආදී ඕනෑම විෂයක් ගැන අදහස් දක්වද්දී ග්‍රීසිය ඔටුන්න කර පෙන්නූහ. බුද්ධ ප්‍රතිමාව නෙළීම පවා ග්‍රීක ආභාෂයෙන් සිදුවූ බව කියන්නෝ සිටිති. මේ කිසිවක් ඇත්ත නොවේ. දඹදිවට පැමිණි ග්‍රීකයන්ගේ දැනුමේ වෙනස්වීමක් සිදුවිය. ග්‍රීසිය ලෝකයට දැනුම සැපයූ තිඹිරිගෙය කිරීම, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ක්‍රියාවකි. ඊට හේතු කිහිපයක්ම තිබේ. පසුගිය මාසයේ මියගිය, ග්‍රීක රජ පවුලේ සාමාජිකයකු වූ එඩින්බරෝ ආදිපාදවරයා හෙවත් පිලිප් කුමරු, 1947 දී එංගලන්තයේ එළිසබෙත් කුමරිය සමග විවාහවීම පවා හේතුවකි.

ජනාධිපතිවරයා හිට්ලර් කෙනකු විදිහට වැඩ කළ යුතු යයි දිලුම් අමුණුගම ඇමැතිවරයා කීවේය. හිට්ලර් ලෝකයේ බිහිවූ බිහිසුණුම අපරාධකරුවා යයි පිළිගැනීමක් අධ්‍යාපනය විසින් රටේ බොහෝ දෙනා තුළ ඇතිකර තිබේ. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් අනුශාසනාවක් කරමින් ජනාධිපතිවරයා දැඩි තීරණ ගැනීමට පුරුදු විය යුතු යයි කී විට ඇමතිවරයාගේ උපමා කතාව බොහෝ දෙනකුට වැටහුනි.

ලංකාවේ ජර්මන් තානාපති කාර්යාලය ඇමැතිවරයාගේ කතාවට කනස්සල්ල ප්‍රකාශ කිරීම, පහසුවෙන්ම තේරුම් ගත හැකි කාරණයකි. හිට්ලර් යටතේ ලෝකය ඇල්ලීමට ගිය ජර්මානුවෝ මිත්‍ර හමුදාවට (රුසියාව බ්‍රිතාන්‍යය ප්‍රංශය ඇමරිකාව) පරාජය වූහ. ජයග්‍රාහකයෝ එක්ව ජර්මනිය බෙදාගෙන ජර්මානුවන් පුනරුත්ථාපනය කරන්නට ගත්හ. හිට්ලර් පෘථිවියේ බිහිවූ මහා අපරාධකරුවා යයි කීමට ජර්මානුවෝ පුරුදු වූහ. තාමත් නාසිවාදියකුට මිස ජර්මනියේ සාමාන්‍ය වැසියකුට හිට්ලර් පිළිබඳව ශුභවාදීව කතා කිරීමට නුපුළුවන.

ඉන්දියාවට නිදහස ලැබීමට, හිට්ලර් ඇරඹූ යුද්ධය ප්‍රධාන හේතුව වූයේය. සුභාෂ් චන්ද්‍රබෝස් වැනි නායකයන් ජර්මනිය සමග සම්බන්ධ වී බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව සටන් කිරීමට සූදානම් වන බව දුටු ඉංග්‍රීසි පාලකයෝ හොඳටම බියවූහ. ඔව්හු ඉක්මනින් ඉන්දියාවට නිදහස ලබාදීමට තීරණය කළහ. ඒ අවස්ථාවේ ඔව්හු, ඉන්දියාවේ කොටසක් සේ සිතූ ලංකාවටද නිදහස ප්‍රධාන කළහ. බ්‍රිතාන්‍යයන්ගෙන් පාලනය භාරගත් ස්වදේශිකයන් පිරිස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කීර්තිය හා බලය සුරැකෙන සේ රට පාලනය කිරීම ඇරඹූහ.

හිට්ලර් ලංකාවට කිසිම විපතක් සිදු නොකළ අපරාධකාරයෙකි. මෑත ඉතිහාසයේ මනුෂ්‍ය සංහාර සිදුවී ඇත්තේ ඔහු පාලනය කළ ජර්මනියේ පමණක් නොවේ. ජෝසප් ස්ටාලින් රුසියාවේ බලධරයා වූ පසු, රුසියානුවන් මිලියන සංඛ්‍යාවක් ඝාතනය විය. කාම්බෝජයේ කොමියුනිස්ට් පාලක පොල්පොට් ස්ටාලින්ගේ වාර්තාව බිඳ හෙලුවේය. දෙවන ලෝක යුද්ධය අවසාන වී ජපානය යටත් වී සිටිද්දී ඇමරිකාව හිරෝෂිමා සහ නාගසකි නගරවලට පරමානු බෝම්බ දමා ස්ත්‍රී පුරුෂ බාල මහලු භේදයක් නැතිව අති විශාල ජන සංහාරයක් කළාය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ සමයේ ලංකාවේ සිංහල බෞද්ධ සංහාරයක් සිදුවිය.

ඇමරිකාවේ අධිපතිභාවයත්, ලංකාවේ විශාල පිරිසක් හිට්ලර් ලෝකයේ බිහිවූ බිහිසුණුම අපරාධකරුවා යයි කියන්නට හේතුවකි. ඊශ්‍රාලය, ඇමරිකාව විසින් සාදා ආරක්ෂා කරනු ලබන රටකි. යුදෙව්වෝ ඇමරිකාවේ මාධ්‍ය ක්ෂෙත්‍රයන්හි අසීමිත බලයක් දරති. සීඇන්ඇන්, බීබීසී, අල්ජසිරා පමණක් නොව ඉන්දියාව ලංකාව වැනි රටවල ජනමාධ්‍ය හැසිරවීමටත් ඔවුන්ට පුළුවන.

බ්‍රිතාන්‍යයන් පිහිටුවූ අධ්‍යාපන ක්‍රමය විසින් නොයෙක් අන්දමේ වැරදි මතවාද ලාංකිකයන්ට පටවා තිබේ. එංගලන්තයේ සිදුවූ ‘කාර්මික විප්ලවය’ සහ යුරෝපයේ ඇතිවුණ ‘චින්තන විප්ලවය’ පිළිබඳ කතාන්දර නිදසුනකි. මේ විප්ලවවලට යටින් ඇත්තේ යුරෝපීයයන් පෙරදිග දැනුම සහ සම්පත් කොල්ලකෑමයි. එංගලන්තයේ කාර්මික විප්ලවය සිදුවීමට බොහෝ කලකට පෙර දඹදිව සහ ලංකාවේ යකඩ කර්මාන්තය පැවතුණි. පේෂකර්මාන්තය පැවතුණි. බ්‍රිතාන්‍යයන් කරන්නේ මේ කර්මාන්ත වනසා දඹදිව සහ ලංකාවේ දැනුම සහ සම්පත් කොල්ලකෑමයි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අධිරාජ්‍යවාදයේ පැරණි ස්වරූපය මෙන්ම නූතන ස්වරූපය ද සඟවයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගිය මාසයේ පරිසරය ගැන කළ ප්‍රකාශයේ කොටසක් ‘යූ ටියුබ්’හි අඩංගුකර ඇත. ඊට අනුව ලෝකය පරිසරය ගැන කතාකරන්නේ 1972 ස්ටොක්හෝම් සම්මන්ත්‍රණයෙන් පසුවය. කතාවේ හැටියට සජිත් ඊට පෙර පරිසරය ගැන උගත්තේය. ඒ ඉපදී මාස හයේදී පියා සමග වනාන්තරයට යාමෙනි. තමාගේ ඇට මිදුළුවල ලේ මස් නහරවල ජානවල පරිසර සංරක්ෂණ අදහස් ඇතැයි ඔහු පවසයි.

යුරෝපා ජාතිකයන් පරිසරය ගැන සිතන්නට බෙහෝ කලකට පෙර සිංහලයෝ පරිසරය ආරක්ෂා කිරීමේ වටිනාකම වටහාගෙන කටයුතු කළහ. ඔවුහු වැව් තැනීමෙන් වියළි කලාපය ගස් වැල් පිරුන සශ්‍රීක භූමි කලාපයක් බවට පත් කළහ. භූමිය මව යයි ඔව්හු සිතුහ. අහසින් වැටෙන වැහි බිඳක් ප්‍රයෝජනයට නොගෙන මුහුදට යන්නට ඉඩනොදිය යුතු බව මහා පරාක්‍රමබාහු රජතුමා පැවසුවේ යයි වංශකතාවේ සඳහන් වේ. සිංහලයන්ගේ මේ හැම දැනුමක්ම බ්‍රිතාන්‍යයන් කොල්ල කා තිබේ. යුරෝපය පරිසරය ගැන කතාකිරීම සහ ස්ටොක්හෝම් සම්මේලනය ඒ දැනුම එළිදැක්වූ අවස්ථා දෙකකි.

ලංකාවේ දේශපාලන නායකයන් යුරෝපයට ගැතිව කතාකරන නමුත් ඉස්ලාම් රටවල නායකයෝ ඊට වෙනස් අයුරකින් හැසිරෙති. රූපවාහිනී සාකච්ඡාවකට සහභාගිවූ පකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් කාන්තාවන් අපයෝජනයට හා ලිංගික හිංසනයට ලක් වීමට මූලික හේතුව ශරීරය ප්‍රදර්ශනය වන වස්ත්‍ර ඇඳීම බව කීම නිදසුනකි. ඉම්රාන් ඛාන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකි.

ලංකාණ්ඩුව විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ පාලනය කරන සමයේ පවන ගී ප්‍රසංග පැවැත්වූ නන්දා මාලිනී නීතියේ සාධාරණත්වය ගැන ප්‍රශ්න කළාය. කොටි ත්‍රස්තවාදීන් අරන්තලා ඝාතනය කරද්දී සිංහල ගම්මානවලට පහරදෙද්දී හා ජාත්‍යන්තරය කොටි පරාජය කළ හමුදා නායකයන් දඬුකඳේ ගසන්නට යන විට නිහඬව සිටියාය. කාදිනල්වරයා කටුවාපිටිය දේවස්ථානයේ පාස්කු ප්‍රහාරයේ දෙවස් සමරුව පවත්වන අවස්ථාවේ ඇය, කොහිද යුක්තිය කොහිද ධර්මය කොහිද නීතිය කියා අසමින් ගී ගයන්නට වූවාය.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

සතිඅග අරුණ

බටහිර වෙදහාමි සහ හාමිනේ කෙනෙක් සුද්දන්ගෙ කොටියන්ගෙ අරමුණ කරා

කුහකයෝ හතර දෙනෙක්.
පිදුරු ගහක් නොව අත් දුටුවයි ප්‍රත්‍යක්ශයි හෙළ සුවය දුම් හට්ටියත් ධම්මික පැණියත් අපට නම්.
ඒවා ට සිංහල වෙද මහතුන් මුදල් අය කර නැත අපගෙන් නම්.
බටහිර දැණුම බටහිර දත්ත හැර කිසිවක් නොදන්නා මෙඩිකල් සේල්ස් රෙප් ලා හතර දෙනෙක්.
සුද්දන්ගෙන් නිදහස් වුණාට ඔවුන්ට පජාතවූ කලු සුද්දන්ගෙනුයි හීනමානෙන් කලුසුද්දො වෙන බයියොයි නිසා අපේ රට හැමදා බටහිර යටත් විජිතයක්. දේශීය දේවලට අවඥා කරන පාපතරයො ඔවුන් නිදහස් අධ්‍යාපනෙන් බිහි වී බටහිර දත්ත හැර කිසිවක් පිලි නොගන්නා වහලුන්
https://youtu.be/dhbw50qx1fc

ශවීන්ද්‍රත් ජාතිද්‍රෝහී වෙමින් සිටී

මෝඩ මිනිස්සු ඉන්නකමි හොදා. හැමදා නියන් එක දා වැහි වලාවේ කිවාලු.

අනිත් එක 1 දෙවියො පය නොගහන බිම් වලයි කුම්බාන්ඩයේ බල්ටි ගහන්නේ.
!

යුද උපදෙශකයෙක් උනා මහෝෂධ පන්ඩිතයා. ඉක්බාලි අනාස් ගේ විග්ලේෂණ එදා යොදා ගත්තා.
කීර්ති වර්ණකුලසුරිය වගේ අය ඉන්නවා. අද දැනුම තොරතුරු කියන්නේ පරිශ්‍රමයකින් සල්ලි දීලා හොයා යන්නවත් ගන්නවත් ඕන දෙයක් නොවේ ‘දැන් ඇගිලි තුඩු මත දැනුම තොරතුරු තියෙනවා ‘විශ්ලේෂණයයි වැදගත් වන්නේ.

හොද විශ්ලේෂණයක් දෙන්න අද උනන්දුව තියෙන ඕන කෙනෙකුට පුලුවන්.

හාමුදුරුවන්ට කවුරුවත් බනින්නේ නෑ. සාසනයට හානි වෙයි කියලා. නමුත් විනය පිටකයේ තියෙනවා දඩුවමි දෙන විදිහ.
ඒ වගේම හමුදුවක් විවේචනය කරන්නේ නෑ ජාතික ආරක්ෂාවට වක්‍රව තර්ස්නයක් වන නිසා. ඒක යුද අධිකරනයෙන් විසදන්න ඕන.

ලොකු ම දඬුවම ජාති ද්‍රෝහී ලෙස කටයුතු කිරීමය…

සාමන්ත ඒකනායක

හමුදාව එක්ක බෞද්ධ අපට ඇති ගැටලුව

දර්ශන ජයනාත් කොටි ත්‍රස්තවාදය හමාර වෙන බව දුටුවාම වහාබින් අයිසිස් සහ නැගෙනහිර මුස්ලිම් කරණය කලේ නාවික කතෝලික ආණ්ඩුකාරයෙක් ගෙ කාලෙ නේද? මුහුදු මහා විහාරයේ දුක එයම නේද විල්පත්තුවෙ දුක එයම නේද ශරියා සරසවි හිස්බුල්ලාල සහරාන්ලා පාස්කු ප්‍රහාර වල මුල එය නේද?

දර්ශන ජයනාත් මට හමුදාව එක්ක ගැටලුවක් කිව්වා නේද? ඒ මට නොවේ බහුතර බෞද්ධ තරුණයෝ ජවිපෙ ලෙසට හංවඩු ගසා බූස්ස කඳවුරේ දෙතිස් වද දී මැරුවේ ඔය චාර්ගී ගාල්ලගේ නම් පිම්බුනු වීරයා ලු නේද? හැබැයි බහුතර ගම් වලින් පැමිණි රණවිරුවෝ කොටි ත්‍රස්තයන්ගෙන් රට බේරුවාමත් තරු පැළදුවේ ඔවුන් නේද?

දර්ශන ජයනාත් ගෝටා සිංහල බෞද්ධ ජනාධිපතිතුමාගෙ කකුලෙන් අදිමින් චීන භීතිකාව යවමින් ඉන්දීය රෝ ඒජන්තයෙක් සහ ඇමෙරිකන් සියා ඒජන්තයෙක් ලෙස ජාතිද්‍රෝහී මෙහෙයුමක් කරන කතෝලික හෝ බෝර්න් අගෙර්න් කොලඹගේත් විශ්‍රාමික හමුදා තරුවක් නේද?

73%ක් බෞද්ධයො රටේ තවම සිටිද්දි බහුතර බෞද්ධ හමුදාවක්ද වී එහි නායක තරු කතෝලික කිතුනු බෝර්න් අගේන් වුණේ කෙසේද? මගේ ප්‍රශ්ණවලින් පැනල ගියා නේද?

තුප්පහියෙක්ට පිලිතුරක් මහන වීම ගැන

එක පව්ලේ 10ක් ඉද්දි එකෙක් මහනකළේ වැඩි ඌට කන්න දෙන්න බැරි කමකටද.? එකම එකයි ගෙදරටම උන්නේ ඌ මහන කළේ හදාගන්න බැරි කමකටද.? ලොකු හාමුදුරුවරු අහිංසක දුප්පත් අම්මලාගේ දරුවෝ මහන කමට ඉල්ලුවේ ඒ මිනිස්සුන්ගේ නැති බැරි කමයි, සසර ගමනයි, සාසනේ උන්නතියයි, මේ හැමදේම පිරිමැහෙන නිසයි.. අහිංසක ගම්බද මිනිස්සු ඒ වචනෙට හරිම ගෞරව කළා..
ඇබිත්තයා වෙලා මාස අටක් අව්රුද්දක් වත් පිරුවා.. සාමණේර කෙනෙක් වෙලා අපමන මිනිස්සුන්ගේ බහුභූත අපල එලෙව්වා, උන් දෙන දේ කාලා ලොකු මහත් උනැයි ඇනුම්පද ඇහුවා.. පස්සේ උපස්ම්පදා වෙලා ඉගෙනගෙන යම් යම් ස්ථරවල පැවිදි ජීවිතේ ගෙව්වා.. ඒ හැමවෙලේම දැක්කේ මං එක්ක පුංචි කාලේ ඉස්කෝලේ ගිය උන් ගෙවල් හදලා, වාහන අරන්, දරුවෝ දෙතුන්දෙනා එක්ක බිරිදගෙ මහ ගෙදර යනෝ.. එතකොට ඒ පොහොසත් කම ලොකුයි.. ඌ වැඩ්ඩා.. මං තාම හදාගන්න කන්න දෙන්න බැරුව පන්සලට එලවපු ජුන්ඩා..😀 මං සියඹලා ගෙනල්ලම නෑ..😂
ලොම් දහසකි. එහෙත් එක් අංනකි. ලොම් දෙස බලා අං නොමනින්න..😂
අනාත නිවාස ඔක්කොගේම ලමයි මහන කරලා.. දානේ දෙන්න..😂 බැරිනම් ඔහෙත් මහන වෙන්න.. අපේ අම්මට කියන්නම් ඔහෙටත් කන්න දෙන්න..😂

-උපුල්වෙහෙරේ ධම්මාවාස හිමි

කොවිඩ් රෝගීන් ගෙන් මරණ සිදු ව ඇති අනුපාතය අඩු ම රට ශ්‍රී ලංකාවහේතුව දේශීය ආහාර රටාව ද? දේශීය ඖෂධ ද?

කොවිඩ් රෝගීන් ගෙන් මරණ සිදු ව ඇති අනුපාතය අඩු ම රට ශ්‍රී ලංකාව
හේතුව දේශීය ආහාර රටාව ද? දේශීය ඖෂධ ද?
දේශීය විසඳුම් සොයා යමු!

  • යුතුකම ජාතික සංවිධානයේ සභාපති, ප. ම. ගෙවිඳු කුමාරතුංග

කොවිඩ් වසංගතයේ 3 වන රැල්ලට අප රට මුහුණ දෙමින් ඇති අවස්ථාවේ මේ තාක් අප ගේ සාර්ථක/අසාර්ථක භාවය පිළිබඳ ව හා ගතයුතු ඉදිරි මඟ පිළිබඳ පුනරාවර්ජනයකට මේ සුදුසු අවස්ථාව ය යි සිතමි.

කොවිඩ් පළමු හා දෙ වන රැළි සාර්ථක ව පාලනය කිරීමට ගෝඨාභය ජනාධිපතිතුමා ගේ නායකත්වයෙන් අප ගේ රජය සමත් වූ බව අවිවාදිත ය. එහි දී අප රට කොවිඩ් මර්දනය නැතිනම් පාලනය සම්බන්ධයෙන් ලොව පළමු රටවල් 10 අතර වූ බව අප කවුරුත් දන්නා කරුණකි.

දැන් තත්වය කුමක් ද? විවිධ රටවල ජනගහනය, කොවිඩ් රෝගීන් වූ සංඛ්‍යාව, ඉන් මියගිය සංඛ්‍යාව යන දත්ත භාවිතයෙන්, ජනගහනයට රෝගීවූවන් ගේ ප්‍රතිශතය, ජනගහනයට මියැදුණු ප්‍රතිශතය හා රෝගීවූවන් ගෙන් මියගිය ප්‍රතිශතය යන දර්ශක භාවිතයෙන් කොවිඩ් අනතුර හමුවේ ශ්‍රී ලංකාව පසු වන තත්වය පිළිබඳ වැටහීමක් ලබාගැනීමට උත්සාහ කරමු. සැසදීම සඳහා මුළු ලෝකයේ ම, ඉන්දියාවේ, ඇමරිකාවේ, ඉතාලියේ, නවසීලන්තයේ හා චීනයේ දත්ත ශ්‍රී ලංකාවේ දත්ත හා සසඳමු.

මෙහි දී ජනගහනය 2020 වසර සඳහා වන අතර භාවිත කරන අනෙක් දත්ත 2021.05.04 දිනට ය.

ලෝකයේ කෝටි 780ක් වූ ජනගහනයෙන් කොවිඩ් රෝගීන් වු සංඛ්‍යාව 15,49,47,338කි. ප්‍රතිශතයක් ලෙස 1.9865%කි. ලෝක ජනගහනයෙන් කොවිඩ් නිසා මියගිය සංඛ්‍යාව 32,39,744කි. ජනගහනයට ප්‍රතිශතයක් ලෙස 0.0415%කි. ඒ අනුව රෝගී වූ ජනතාව ගෙන් මියගිය සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 2.09%කි.

දැන් අසල්වැසි ඉන්දියාවේ ජනගහනය, කොවිඩ් රෝගීන් හා කොවිඩ් මරණ පිළිවෙලින් 138,00,04,385ක්, 2,06,58,234ක් හා 2,26,169ක් ය. ජනගහනයට රෝගී වූ හා ජනගහනයට මියගිය ප්‍රතිශත පිළිවෙලින් 1.4970%ක් හා 0.0164%කි. කොවිඩ් රෝගීන් සංඛ්‍යාවට මරණ අනුපාතය 1.09%කි.

ඇමරිකාවේ ජනගහනය, රෝගීන් හා මරණ පිළිවෙලින් 33,10,02,651ක්, 3,32,71,656ක් හා 5,92,337ක් වේ. ඒ අනුව ජනගහනයට රෝගී වූ අනුපාතය හා මියගිය අනුපාතය පිළිවෙලින් 10.0518%ක් හා 0.1790%ක් ය. රෝගී වූවන් ගෙන් මියගිය අනුපාතය 1.78කි. ඉතාලියේ ජනගහනය, රෝගීන් හා මරණ පිළිවෙලින් 6,04,61,826, 40,59,821 හා 1.21.738 වන අතර ජනගහනයට රෝගීන් ගේ හා මියගිය සංඛ්‍යාවේ අනුපාත පිළිවෙලින් 6.7147% හා 0.2013% ය. රෝගීන්ට මරණ අනුපාතය 3.00% ය.

කොරෝනා අභියෝගය ඉතා ප්‍රශස්ථ ලෙස මුහුණ දෙන රටවල් ලෙස පිළිගැනෙන නවසීලන්තය හා චීනය සලකා බලමු. නවසීලන්තයේ ජනගහනය, රෝගීන් හා මරණ පිළිවෙලින් 48,22,233, 2,623 හා 26 වේ. ඒ අනුව ජනගහනයට රෝගී හා මරණ අනුපාත පිළිවෙලින් 0.0544% හා 0.0005% වේ. රෝගීවූවන් ගෙන් මියගිය අනුපාතය 0.99% ය. චීනයේ ජනගහනය, රෝගීන් හා මරණ පිළිවෙලින් 143,93,23,776, 90,714 හා 4,636 ය. ජනගහනයට රෝගීන් ගේ හා මරණවල අනුපාත පිළිවෙලින් 0.0063% හා 0.0003% ය. රෝගීවූවන් ගෙන් මියගිය අනුපාතය 5.11 ය.

දැන් ලංකාවේ ජනගහනය, කොවිඩ් රෝගීන් හා මරණ පිළිවෙලින් 2,14,13,249, 1,15,590 හා 709 ය. ජනගහනයට රෝගීන් ගේ හා මරණවල අනුපාතය 0.5398% හා 0.0033% ය. රෝගීන් ගෙන් මියගිය අනුපාතය 0.61% වේ.

මේ ප්‍රතිශත සැසදීමේ දී ලංකාව සියලු දර්ශකවලින් ලෝකයට, අසල්වැසි ඉන්දියාවට, ඇමරිකා එක්සත් ජනපදයට, ඉතාලියට ඉදිරියෙන් සිටින බව පැහැදිලි ය. ලොව කොරෝනා පාලනය ප්‍රශස්ත ම ලෙස සිදු කෙරෙන නවසීලන්තය හා චීනය සමඟ සැසදීමේ දී ජනගහනයට රෝගීන් ගේ හා ජනගහනයට මරණ ප්‍රතිශවලින් ලංකාව පසු වන්නේ පසුපසින් ය. එහෙත් ඒ රටවල් සමඟ සැසදීමේ දී පවා රෝගීවූවන් ගෙන් මරණ ප්‍රතිශතයේ දී ශ්‍රී ලංකාව ඒ රටවලට ද වඩා ප්‍රශස්ත මට්ටමක් පවත්වා ගැනීමට සමත් ව ඇත.

ශ්‍රී ලංකාව මේ සුවිශේෂ ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ කෙසේ ද?

නිදහස් සෞඛ්‍ය සේවය, පී.එච්.අයි. මහත්තවරු, හෙදියන්, සෞඛ්‍ය සේවක-සේවිකාවන්, වෛද්‍යවරුන්, පරිපාලකයන් ආදි සියලු දෙනා ම ඒ සඳහා දායක වී ඇති බවට සැකයක් තිබිය නොහැකි ය. ඒත් ඒ පමණක් ද? ඉහත රටවල ද ඒ කැපවීම, මිනිස් සම්පත නැතැ යි සිතිය නොහැකි ය.

එ සේ නම් කොවිඩ් මරණ ප්‍රතිශතය අඩු වීමට හේතුව අපේ ආහාර රටාව ද? අපි බිව්ව කොත්තමල්ලි, පස්පංගුව, සුවධරණි ආදියෙහි ඖෂධීය ගුණය ද? හුමාලය, දේශීය ඖෂධීය දුම් ඇල්ලීම ද? ධම්මික පැණිය ද?

දැන් ධම්මික පැණිය දැ යි අසන විට ඔහු ගේ විවිධ චර්යා ගැන ඔබ ප්‍රශ්න කරනු ඇත; ඔහු ගේ දැනුම ඔබ ප්‍රශ්න කරනු ඇත.

අද ලෝක පරිමාණයෙන් ප්‍රවාහන කටයුතු සඳහා නිව්ටන් ගේ නියම යොදාගන්නවා. ඔහු ඊතර් මඟින් අමරණීයත්වයට පත්වීමට උත්සාහ කළා; පර්යේෂණ කළා. “මේ නොමැරී ඉන්න හදන පිස්සෙක්” යැ යි අපි ඔහු ගේ චලිතය පිළිබඳ නියමයන් පිටුදකින්නේ ද?

දොස්තවුස්කි ගතකළේ පාදඩ ජීවිතයක්. ඔහු ගේ නවකතාවල විශිෂ්ටත්වය පිළිගැනීම එය බාධාවක් නොවේ.

දැන් චීනයේ සිනාවක්, සිනොෆාම් එන්නත්වලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය පමා වනවිට එ තැන වරදක් දකින උගතුන් පවා දේශීය ඖෂධ, දේශීය ප්‍රතිකාර විධි, දේශීය දැනුම යොදා නොගන්නා විට, මේ අධිපතිවාදයේ හස්තය නොදැකීම කණගාටුවට කරුණක්.

දැන් උණුසුම් ජලය පානය, නැතිනම් හුමාලය භාවිතය ප්‍රයෝජනවත් ද යන්න ගැන මතයක් ප්‍රකාශ නොවන්නේ මන්ද? එ මඟින් අත් සෝදන දියරවලින් මෙන්, මුව ආවරණවලින් මෙන්, එන්නත් අළෙවියෙන් මෙන් වෙළෙඳ සමාගම්වලට ලාභ ඉපයිය නොහැකි නිසා ද?

තේ, උණු තේ පානය කොවිඩ් රෝගය පැතිරීම වැළැක්වීමට භාවිත කළ හැකි ද? චීනය පුරාවට උණු වතුර පානය කරන බව, උණුවෙන් තේ බොන බව ප්‍රකට යි. කොවිඩ් පැතිරීම පාලනයට උණු තේ පානය යොදාගත හැකි ද යන්න සොයා බැලිය යුත්තේ ශ්‍රී ලංකාවේ අපි නොවේ ද? රජයත් සමඟ මේ ගැන සොයා බැලීමට අප ගේ ප්‍රධාන තේ නිෂ්පාදන සමාගම් ද පෙරමුණ ගත යුතු බව අප ගේ අදහස යි.

දේශීය ආහාර, දේශීය පළතුරු කොවිඩ් රෝගය ව්‍යාප්ත වීමට එරෙහි ව, නැතිනම් ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට යොදාගත හැකි ද යන්න රජය හා අදාළ අංශ සොයාබලා ජනතාව දැනුම්වත් කළ යුතු යි. පොළොස්, නිවිති, කහ, රතුළූණු, සුදුළූණු ආදියෙහි ගුණදායක බව ගැන විවිධ සඳහන් දක්නට ලැබෙනවා. ගොරකා, සියඹලා, බිලිං වැනි අම්ල ගුණයෙන් ඉහළ දේශීය රසකාරකවල ප්‍රයෝජනවත් භාවය ගැන කිසිම ආයතනයක් පර්යේෂණ කළ බවක් දැනගන්නට නැත. අඹ, අන්නාසි, දොඩම් ආදී පළතුරු සුදුසු බවට මත පළ වෙමින් තිබේ. මේ අදහස්වල සත්‍ය- අසත්‍ය බව තහවුරු කිරීමට හා ඒ දැනුම සමාජගත කිරීමට අප ගේ විවිධ පර්යේෂණ ආයතන නොපමාව කටයුතු කළ යුතු ය.

කොවිඩ් නියාමන බලකායට මේ තෙක් දේශීය වෛද්‍යවරයෙක්, නැතිනම් ඒ අමාත්‍යාංශය හා බැඳුණු බලධාරියෙක් පත් නොකිරීම ගැන රටක් වශයෙන් කණගාටු වියයුතු ය. දේශීය ආහාර ගැන, දේශීය රසකාරක ගැන සුපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මැතිතුමා වැනි දේශීය විද්වතුන් ගේ සහාය, දැනුම විසබීජය පැතිරීම වැළැක්වීමට යොදාගත නොහැකි ද?

පසුගිය දා රුසියාවේ කොවිඩ් රෝගය පැතිරීම පාලනයට උපකාර කිරීමට ගිය චීන විශේෂඥ කණ්ඩායමට සම්ප්‍රදායික වෛද්‍යවරු ති දෙනෙත් ද ඇතුළත් වූ බව වාර්තා වී තිබිණි. අප චීනය සමඟ මේ අත්දැකීම්, දැනුම බෙදාහදා ගැනීමට පියවරගෙන තිබේ ද?

වෙළෙඳ ආධිපත්‍යයට යට නොවී, බටහිර දැනුම් ආධිපත්‍යයට යට නොවී, රට වෙනුවෙන්, රටවැසියන් වෙනුවෙන් තීන්දු තීරණ ගතයුතු කාලය එළැඹ ඇත.

සරත් ෆොන්සේකා වීරයෙකි.ඒ යුද්ධය තුළය. නමුත් පොලිටිකල් තුළ ෆොන්සේකා ද්‍රෝහියකි

✔️යුද්ධයක රහස් ඇත. යුද පිටියක් කියන්නේ නවගුණ වැල් ගනින ස්ථානයක් නොවේ. තීරණාත්මක යුද්ධයක ගන්නා තීන්දු සියල්ල රාජ්‍යයේ පැවැත්ම උදෙසාය ජාතියේ ආරක්ෂාව නිසාය.

✔️වීරයෝ බිහිවන්නේ තරු පටි පදක්කම් සමග නොවේ.දරාගැනීම සහ කැපකිරීම සමගය. කොතරම් වීරයෙක් වුනත් රාජ්‍යයට සහ ජාතියට පයින් ගසා කවදාක හරි සතුරාට වාසියට ක්‍රියාත්මක වන්නේ නම් ඔහු අයිති වන්නේ ද්‍රෝහියෙකුටය.

✔️සරත් ෆොන්සේකා වීරයකි. අපට එය මිල්ටරිමය යෝධ ශක්තිය සැපයූ තැනයි ඒ යුද්ධය තුළය. නමුත් පොලිටිකල් තුළ ෆොන්සේකා ද්‍රෝහියකි.

✔️හමුදාවට රහස් ඇත.
හමුදාව ඒවා දිවි හිමියෙන් රකිය යුතුය

✔️තමන්ගේ මරණය සමග රහස් සගවාගෙන රාජ්‍යය ආරක්ෂා කොට මියදෙන එකා රටට වීරයෙකි. ජාත්‍යන්තරයට දොන්ජුවන් ධර්මපාලලා විරයන්ය.

✔️නමුත් දොන් ජුවන් ලංකා රාජ්‍යයට වීරයන් වුනේ නැත ඉතිහාසයේ එදා සිට තව පරම්පරා සීයක් ජාති ද්‍රෝහීන්ය.

රටට වීරයෙක් වන්නේ රහස් රහස් ලෙසම පපුතුරේ තබාගෙන සිටින දරාගන්නන්ය.

✔️ෆොන්සේකා වීරයෙක් වන්නේ සිමිත කාලයක් තුළය. නමුත් යුද්ධයේ තනි පටියේ සිට තරු දක්වා සදාතනික වීරයන් නිහඩව දරාගනිමින් ලංකා රාජ්‍යය පමණක් වීරයා කරමින් සිටින්නෝය.

✔️වීරයන් අතර වීරයන් මිය ගොස් නැත. පාවාදීමක අවසාන ප්‍රතිපලයට බිලි පූජාවට යන්න ඕනනම් යන්න පසුබටද නැත.

Copied from විශ්‍රාමික සාජන් මේජර් ප්‍රියන්ත දිවුල්හේන.

බටහිර වෙදහාමිලා හාමිනේලා කරන්නේ එංගලන්තෙ කොටි ඩයස්ප්‍රෝඩාවෙ කොන්ත්‍රාත්තුද

නීලිකාල හර්ෂල ආනන්දල උපුල්ල ඇස්ට්‍රා සෙනෙකා වලින් අපේ රටේ අහිංසකයො ගිනි පිග් ලා කරන්න බලා හිටියෙ award එක එන්නෙ කොටි ඩයස් ප්‍රෝඩාවෙ රාමසාමි ගෙන් වෙන්න ඇති.

කොන්ත්‍රාත් එක සිංහල ජන සංහාරයද කියා සොයා බැලිය යුතුයි.

සහතිකෙන්ම මා කියන්නෙ ගිය සතියෙ එක රෝගියෙක් අද තව කෙනෙක් දෙවෙනි මාත්‍රාවෙන් පසු සති තුනකට පසු රෝගී වෙලා pneumonitis, myocarditis, pulmonary embolism මදිවට අද කෙනාට pancytopenia ඔහු ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටි කෙනෙ ක් වයස 90 වුවද කිසි ම අඩුපාඩුවක් නැති ගිය සතියෙ පවා කාරය පදින ස්වාධීනව දිවි ගෙවන කෙනෙක්.

එංගලන්තෙම එංගලන්ත ඇස්ට්‍රා සෙනෙකා ප්‍රතික්ශේප කර ෆයිසරෙත් සුද්දන්ගෙ ඈත ගම් වලටත් නැතිව ඉද්දි නීලිකාට ගේන්න වෙන්නෙ කොටි ඩයස්ප්‍රෝඩාව එක්ක හදන ලබ්බක් වෙන්න ඇති.

එංගලන්තෙ රෝගීන් දැන් අඩු හැදෙන අයට හැදිල ඉවරයි එක්කො රෝගී වෙලා එක්කො මිය ගිහින් එක්කො asymptomatic ව වසරක් ගෙවී ගිහින්. එංගලන්තෙ අපේ රටේ වගේ විකාර නිරෝධයනයක් කලේ නෑ ලොක් ඩවුන් කලත් දඟලන අය දැඟලුවා පාටි දාමින්. Herd immunity හැදෙන අයට හැදුනා.

ශවීන්ද්‍ර ඊලඟ ෆොන්සේකා වීමට ලකුණු දාගන්නා වැඩ නිසා රට අනතුරේ

දෙවන ලෝක යුද්දයේදී නම් ටැංකි හැදුවේ දහස් ගනනින් ඒ ඒ රටවල් ඒ 1945 දී . දැන් 2021 , දැන් අද ඒ ඒ රටවල් හදලා තියෙන ඇත්ත ටැංකි ප්‍රරමාණය කවුරුත් දන්නේ නෑ.

අපේ හමුදාව ඉන්දියාවත් ඒක නොව බංගලිදෙශයත් එක්ක යුද්දෙ කට යන්න ටැකි කීයක් හදලද තියෙන්නේ ?

හැබැයි මම මේ ලඟදි දැක්කා post එකෙක ටැංකි කෙසේ වෙතත් අර බපල් වගයකට තින්න ගාලා හැදුවා කියලා වගේ දෙයක් කියලා තිබුනා ??

ඒක නිකන් අර CTB කාරයෝ ඉංජිනේරුවා ‘ලංගම බස් ටික හදුනොගෙන ඇමතියෙක් ආවට ග්‍රවය කැප කරලා බස් රථ 50 අලුත් වැඩියා කොට එලියට දැම්මා කියන කථාවට නොදෙවෙනි යි.

රටක හමුදාව අයිති ජාතියටයි. එනම් එහි ජනතාවටයි.

සාමන්ත ඒකනායක