ඊශ්‍රායලය ලංකාවේ සිංහළයන්ගේ ඒ කිව්වේ බොදුනුවන්ගේ පරම හතුරෙකි

එදා ලංකාවට ගෙන්වපු මල්ටි බැරල් වල වයර් කපල එව්වෙ ඊශ්‍රායලය යි. ඊශ්‍රායලය අපේ සතුරෙකි. සතුරාගේ මිතුරාද සතුරෙකි. සතුරාට මිතුරු කවුද?
පලමු ලෝක යුද්ධයට පෙර, පලස්තීනයට අයිතිව තිබූ ජෙරැසෙලමේ අයිතිය තිබුනේ මුස්ලිම් වරුන්ටය.
ඔවුන් කරන්නේ එය නැවත ලබා ගැනීමේ ආගමික යුද්ධයයි.
අද ඉශ්‍රායලය කරන්නේ ඔවුන්ගේ රට බේරාගන්නම යුද්ධය නොවේ.
ජෙරුසෙලමේ අයිතිය බයිබලය අදහන්නන් වෙනුවෙන් රැකලා දෙන යුද්ධයකි.
ලංකාවේ යුද්ධය කාලෙ ඊශ්‍රායලය LTTE එක පැත්තෙයි හිටියෙ , තාමත් මානව හිමිකම් සමුලුවෙදි ලංකාවේ හමුදාවට විරුද්ධවයි ඊශ්‍රායලය ඉන්නෙ .
ලංකාවේ කට්ටිය මොකටද ඊශ්‍රායලය දිනනවට ඔච්චර කැමති . ඒක ආගමික යුද්ධයකි. ඒ බයිබලයේ එන ජෙරුසෙලම වෙනුවෙන් ලෝක බයිබල් කාරයෝ කරන සටනකි.

ලංකාවි ජාතිකත්වය ගැන හිතන සිංහලයෙකුට කිසිවට ක ඉශ්‍රායල ට අනුග්‍රහය දැක්විය නොහැක. මේකෙන් අදහස් වෙන්නේ නෑ සිංහලයන් පලස්තිනයට අනුග්‍රහ දැක්විය යුතුයි කියලා.

අපි සිංහල ජාතිය වශයෙන් උන්ගේ ආගමික යුද්ධයට සුභ පතන්න ඕන දෙපැත්තට ම . මොකද ඔවුන්ගේ කැමැත්තට සුභ පතන්න ඕන.

_සාමන්ත ඒකනායක මහතා

මට නම අමතක වුණා මහාචාර්ය අමිත් මුනින්ද්‍රදාස මහතා මල්ටි බැරල් අපේ රටේම හැදුවා එතුමා මැරුවෙ ඊශ්රායලය තමා.

ඒ කාලේ කොටි ෆෝම් කලේ ඉශ්‍රායලය යි. පස්සේ ජනාධිතිති ප්‍රේමදාසට ඊශ්‍රායල ලංකා තානාපති පැය 24 න් ලංකාවෙන් පැන්නුවා.

ඊශ්‍රයලය අපේ මිතුරෙකු නොවේයි.
ඊශ්‍රායලය ලංකාවට දොරෝහී කම් කරන ප්‍රධාන සතුරෙකි.

බටහිර විද්‍යාව උස්සාගත් පඞ්යන්ට පැනයක මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

බුදුහාමුදුරුවන්ටත් භ්‍රාන්තිය තිබුණ ද?

ඊයේ අලුත් පාර්ලිමේන්තුවේ දි අපට අලුතෙන් අදහස් කිහිපයක් එකතු කරන්න පුළුවන් වුණා. ඒ සමහර අදහස් අප ඉදිරිපත් කෙළේ ප්‍රශ්න වශයෙන්. ඊයේ ඉදිරිපත් වූ වැදගත් ම අදහස යම් රටක සංස්කෘතික පද්ධතියට පිටින් එල්ල වන අධිපතිවාදී තර්ජන හමුවේ තම සංස්කෘතික ජීවන රටාව පවත්වාගෙන යෑමේ දී මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා ගැනයි. එයට උදාහරණ ඉන්දියාවේ කුම්භමේලා සහ ලංකාවේ අවුරුදු උත්සවය.

කුම්භමේලා පැවැත්වීම ගැන දොස් නගන්නන් අමතක කරන දේ නම් ඉන්දියාවේ ජන ජීවිතය අවුල් කෙරී ඇති බවයි. කුම්භමේලා පවත්වන්නේ සාම්ප්‍රදායික ඉන්දියාවක නො වෙයි. ඉන්දීය දේශීය වෙදකමට එහි ජනජීවිතයේ වැදගත්කමක් දී ඇති පරිසරයක නො වෙයි. අද ඉන්දියාවේත් ඇත්තේ බටහිර වෙද මහතුන්ගේ ආධිපත්‍යයක්. ඒ ආධිපත්‍යය යටතේ කුම්භමේලා පැවැත්වීම ප්‍රශ්නවලට තුඩු දෙනවා.

අපි අවුරුද්දට ගමේ යනවා. ඒ කියන්නෙ බටහිර වගේ අවුරුද්දකට දවසක් අම්මගේ දිනේ කියල වෙන් කරගෙන අම්මට මල්පොකුරක් යවන එක නොවෙයි. අපි අවුරුද්දකට කිහිප වරක් ගමේ යනවා. අවුරුදු දා ද ගමේ යනවා. අපි මල් පොකුරක් ගෙනි යන්නෙ නැහැ. අපි ගෙන යන්නෙ බුලත් අතක්. අපි බටහිර වෙද මහතුන් ද එක් ව, අවුරුද්ද පවත්වනවා. එහෙත් ප්‍රශ්නය එසේ කරන්නේ බටහිර වෙද මහතුන්ගෙ ආධිපත්‍යය යටතේ. අප යන්නෙ දෙයියන්නෙ ලෙඩක් තියෙන පසුබිමක නො වෙයි. ඊනියා වයිරසයක් ඇඟට ඇතුල් වෙච්ච පරිසරයක. ඊනියා වයිරසය පීසීආර්ට අහුවෙන එහෙත් ලෙඩේ අහුනොවෙන පසුබිමක.

ඉන්දියාවෙ කුම්භමේලාව හා අපෙ අවුරුද්ද සංස්කෘතික අච්චාරුවල පැවැත් වූ උත්සව. එහි දී රෝගය පැතිරීම වැඩි වුණා නම් එයට වගකියන්න ඕන බටහිර වෙද මහත්තුරු. අප ඊනියා පළමු රැළි දෙකේ ම සාර්ථකත්වයක් පෙන්නුම් කළා. ජනාධිපතිතුමා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා දේශීය වෙද මහත්වරු තමයි අප එහි දී දැක්කෙ. එහෙත් ඉන්පසු බටහිර වෙද මහත්තුරු වැඩේට බැස්සා. දේශීය ප්‍රතිකාර පන්නා දැම්මා. අවසානයේ දී සිදු වී තිබෙන දේ පැහැදිලියි. දැන්වත් දේශීය ප්‍රතිකාරවලට තැනක් දීමට කටයුතු කරන්න. බටහිර වෙදකමට ප්‍රතිකාර නැහැ. පිදුරු කන්න බැරි බල්ලන් පිදුරු කන්න පුළුවන් ගොණුන්ට පිදුරු කන්න දෙන්නෙ නැහැ. කුම්භමේලා අවුරුදු උත්සව ආදිය පවත්වන්න පුළුවන් සුදුසු පරිසරයක් යටතේ මිස බටහිර වෙදකමේ ආධිපත්‍යය යටතේ නො වෙයි.

ඊයේ සංඛ අමර්ජිත් හොඳ ප්‍රශ්නයක් නැගුවා. ඒ දෙවියන් සමග සන්නිවේදනය කරන්නන් සම්බන්ධව. කවුද හොරා කවුද වෙදා යනුවෙන් තීරණය කිරීමට අපේ සංස්කෘතියේ ක්‍රම තිබූ බව සඳහන් කිරීමෙන් පසු ඔහු කියා සිටියේ ප්‍රශ්නය එයටත් වඩා එහා යන බවක්. ඔහු කියා සිටියේ බටහිර වෙදකම අනුව නැති දේ මවා ගන්නා අය යම් උන්මන්තකභාවයකින් පෙළෙන බව. මා ඔහුට පිළිතුරු වශයෙන් කියා සිටියෙ එලෙස උන්මන්තකයන් ලෙස සැලකීමත් බටහිර වෙද කමේ කතාවක් බවත් එහි දී කෙරෙන්නේත් බටහිර වෙද කමේ ආධිපත්‍යය බල පුළුවන්කාරකම අප මත පැටවීම බවත්.

එහෙත් මට පසුව මතක් වූ කරුණක් තියෙනවා. ඇසිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. මා සාකච්ඡාවේ දීත් පෙන්නුම් කර සිටියා බුදුහාමුදුරුවන් ද දෙවියන් සමග සන්නිවේදනය කර ඇති බව. මහා මංගල සූත්‍රයේ දී එකත්පසව සිට කරුණු විමසු එක්තරා දෙවියකුට ඒ විස්තර කළ බව.

බටහිර වෙදකම කියන්නෙ තාක්‍ෂණයක් නැත්නම් ශිල්පයක් පමණයි. සිප්සතර කියන තැන සිප් තමයි බටහිර වෙදකමත් බටහිර ඉංජිනේරුකමත් මගින් කියැවෙන්නෙ. අප අකමැති වුවත් නැතත් බටහිර දැනුමේ ඉහළින් ම ඇත්තේ බටහිර ගණිතය හා බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව. දැන් බටහිර වෙද කමේ තියෙනව භ්‍රාන්තිය (hallucination) කියල කතාවක්. පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ ඇතැයි කියා ගැනීම භ්‍රාන්තියක්. සංඛ උන්මන්තක කතාවක් කිවුවෙ මේ භ්‍රාන්තියට වෙන්න ඕන.

මා ලංකාවෙ ඉන්න තමන් බෞද්ධ යැයි කියා හඳුන්වා ගන්න බටහිර වෙද මහතුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න කැමතියි. පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ ඇතැයි කියන සියල්ලන්ට භ්‍රාන්තිය තියෙනවා ද? එහෙම නැත්නම් එසේ කියන්නන්ගෙන් ටික දෙනකුට පමණක් ද භ්‍රාන්තිය තියෙන්නෙ. කාලෝ ෆොන්සේකා වැනි පැරැන්නන් කෙසේ වෙතත් වත්මන් බටහිර වෙද මහත්තුරු උසස් පෙළ පරීක්‍ෂණයේ දී භෞතික විද්‍යාව සමත් වෙලා තියෙන්න ඕන. ඔය ඒ කාලෙ ඉගෙන ගත්ත ගුරුත්වාකර්ඃණ බලය පංචෙන්ද්‍රිය ගෝචර ද? එහෙම නම් ඒ ගෝචර වන්නේ මොන ඉන්ද්‍රියට ද? මා දිනක් කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්යවරයකු ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර යැයි කී විට ඒ ඉන්ද්‍රිය පෙන්නන්න කියා කිවුවා. ඔහු ලජ්ජාවෙන් වගේ යන්න ගියා.

බටහිර වෙද මහත්තුරු සමහර විට දන්නව ඇති වියනා කවයේ පුරෝගාමියකු වූ අර්නස්ට් මාක් බටහිර භෞතික විද්‍යාවේ දී ඉන්ද්‍රිය ගෝචර සංකල්ප තේරුම් කිරීමට ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගැනීමට විරුද්ධ වූ බව. ඒ අනුව මාක් අර අවස්ථිති සමුද්දේශ රාමු භාවිතා කිරීමටත් විරුද්ධ වුණා. එතකොට නිවුටන්ගෙ චලිත නියමවලට මොකද වෙන්නෙ. ඒ වලංගු වන්නෙ ඔය අවස්ථිති සමුද්දේශ රාමුවල. නිවුටන් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගත්තා. ඔහුට ඒවා ඇත්ත. ඔහු කියා නැහැ ඒ ආකෘති පමණක් ය කියා. අදත් බටහිර භෞතික විද්‍යාඥයන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගන්නවා. අයින්ස්ටයින්ගෙ අවකාශ කාල වක්‍රතාව එක් උදාහරණයක් පමණයි. මා අපේ බටහිර වෙද මහතුන්ගෙන් අහන තවත් ප්‍රශ්නයක් නම් නිවුටන් අයින්ස්ටයින් බෝර් හයිසන්බර්ග් ඩිරුක් ෂෘඩිංගර් වැනි අයටත් භ්‍රාන්තිය තිබුණ ද? එහෙම නැත්නම් ඔවුන් භ්‍රාන්තිය නැති ගොඩේ ද? ධම්මික වෙද මහතා පංචෙන්ද්‍රිය ගෝචර නැති දෙවියන් සමග සන්නිවේදනය කිරීම ආදිය පමණක් ද භ්‍රාන්තිය වන්නෙ.

මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. අලුත් පාර්ලිමේන්තුවේ දි සඳහන් කළ අන්දමට බුදුහාමුදුරුවන් දෙවියන් සමග සන්නිවේදනය කර ඇති බව ආනන්ද හාමුදුරුවන් පවසා තියෙනවා. තමන් වහන්සේ විසින් මෙසේ අසන ලදී කියල බුදුහාමුදුරුවන් දෙවියන් එක්ක කරපු කතා ගැන ආනන්ද හාමුදුරුවන් ප්‍රකාශ කර තියෙනවා. අපේ බෞද්ධ කියන බටහිර වෙද මහත්තුරු ආනන්ද හාමුදුරුවන් දේශනා කර ඇති කතාව පිළිගන්නවා ද? ආනන්ද හාමුදුරුවන් ප්‍රකාශ කර තියෙන්නෙ ඇත්තක් නො වෙයි ද? ඒ ඇත්තක් නම් බුදුහාමුදුරුවන් තමන් වහන්සේ දෙවියන් සමග සන්නිවේදනය කර ඇති බව ආනන්ද හාමුදුරුවන්ට පවසා තියෙනවා ද? ඒ එසේ නම් තමන් වහන්සේ පංචෙන්ද්‍රිය ගෝචර නොවන දෙවියන් සමග සන්නිවේදනය කර ඇතැයි දේශනා කර ඇති බුදුහාමුදුරුවන්ටත් භ්‍රාන්තිය තිබුණ ද? ඒ ප්‍රශ්නය එසේ ඇසීමට මට සිිදු වූයේ බටහිර වෙද කමේ කියන භ්‍රාන්තිය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මිස බුදුහාමුදුරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාවේ අබමල් රේණුවක තරම්වත් පළුදු වීමක් නිසා නොවන බව සැදැහැවතුන්ගේ දැන ගැනීම පිණිස සඳහන් කළ යුතු වෙනවා. බුදුහාමුදුරුවන්ටත් භ්‍රාන්තිය තිබුණ ද?

ඊයේ අලුත් පාර්ලිමේන්තුවේ දි අපට අලුතෙන් අදහස් කිහිපයක් එකතු කරන්න පුළුවන් වුණා. ඒ සමහර අදහස් අප ඉදිරිපත් කෙළේ ප්‍රශ්න වශයෙන්. ඊයේ ඉදිරිපත් වූ වැදගත් ම අදහස යම් රටක සංස්කෘතික පද්ධතියට පිටින් එල්ල වන අධිපතිවාදී තර්ජන හමුවේ තම සංස්කෘතික ජීවන රටාව පවත්වාගෙන යෑමේ දී මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා ගැනයි. එයට උදාහරණ ඉන්දියාවේ කුම්භමේලා සහ ලංකාවේ අවුරුදු උත්සවය.

කුම්භමේලා පැවැත්වීම ගැන දොස් නගන්නන් අමතක කරන දේ නම් ඉන්දියාවේ ජන ජීවිතය අවුල් කෙරී ඇති බවයි. කුම්භමේලා පවත්වන්නේ සාම්ප්‍රදායික ඉන්දියාවක නො වෙයි. ඉන්දීය දේශීය වෙදකමට එහි ජනජීවිතයේ වැදගත්කමක් දී ඇති පරිසරයක නො වෙයි. අද ඉන්දියාවේත් ඇත්තේ බටහිර වෙද මහතුන්ගේ ආධිපත්‍යයක්. ඒ ආධිපත්‍යය යටතේ කුම්භමේලා පැවැත්වීම ප්‍රශ්නවලට තුඩු දෙනවා.

අපි අවුරුද්දට ගමේ යනවා. ඒ කියන්නෙ බටහිර වගේ අවුරුද්දකට දවසක් අම්මගේ දිනේ කියල වෙන් කරගෙන අම්මට මල්පොකුරක් යවන එක නොවෙයි. අපි අවුරුද්දකට කිහිප වරක් ගමේ යනවා. අවුරුදු දා ද ගමේ යනවා. අපි මල් පොකුරක් ගෙනි යන්නෙ නැහැ. අපි ගෙන යන්නෙ බුලත් අතක්. අපි බටහිර වෙද මහතුන් ද එක් ව, අවුරුද්ද පවත්වනවා. එහෙත් ප්‍රශ්නය එසේ කරන්නේ බටහිර වෙද මහතුන්ගෙ ආධිපත්‍යය යටතේ. අප යන්නෙ දෙයියන්නෙ ලෙඩක් තියෙන පසුබිමක නො වෙයි. ඊනියා වයිරසයක් ඇඟට ඇතුල් වෙච්ච පරිසරයක. ඊනියා වයිරසය පීසීආර්ට අහුවෙන එහෙත් ලෙඩේ අහුනොවෙන පසුබිමක.

ඉන්දියාවෙ කුම්භමේලාව හා අපෙ අවුරුද්ද සංස්කෘතික අච්චාරුවල පැවැත් වූ උත්සව. එහි දී රෝගය පැතිරීම වැඩි වුණා නම් එයට වගකියන්න ඕන බටහිර වෙද මහත්තුරු. අප ඊනියා පළමු රැළි දෙකේ ම සාර්ථකත්වයක් පෙන්නුම් කළා. ජනාධිපතිතුමා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා දේශීය වෙද මහත්වරු තමයි අප එහි දී දැක්කෙ. එහෙත් ඉන්පසු බටහිර වෙද මහත්තුරු වැඩේට බැස්සා. දේශීය ප්‍රතිකාර පන්නා දැම්මා. අවසානයේ දී සිදු වී තිබෙන දේ පැහැදිලියි. දැන්වත් දේශීය ප්‍රතිකාරවලට තැනක් දීමට කටයුතු කරන්න. බටහිර වෙදකමට ප්‍රතිකාර නැහැ. පිදුරු කන්න බැරි බල්ලන් පිදුරු කන්න පුළුවන් ගොණුන්ට පිදුරු කන්න දෙන්නෙ නැහැ. කුම්භමේලා අවුරුදු උත්සව ආදිය පවත්වන්න පුළුවන් සුදුසු පරිසරයක් යටතේ මිස බටහිර වෙදකමේ ආධිපත්‍යය යටතේ නො වෙයි.

ඊයේ සංඛ අමර්ජිත් හොඳ ප්‍රශ්නයක් නැගුවා. ඒ දෙවියන් සමග සන්නිවේදනය කරන්නන් සම්බන්ධව. කවුද හොරා කවුද වෙදා යනුවෙන් තීරණය කිරීමට අපේ සංස්කෘතියේ ක්‍රම තිබූ බව සඳහන් කිරීමෙන් පසු ඔහු කියා සිටියේ ප්‍රශ්නය එයටත් වඩා එහා යන බවක්. ඔහු කියා සිටියේ බටහිර වෙදකම අනුව නැති දේ මවා ගන්නා අය යම් උන්මන්තකභාවයකින් පෙළෙන බව. මා ඔහුට පිළිතුරු වශයෙන් කියා සිටියෙ එලෙස උන්මන්තකයන් ලෙස සැලකීමත් බටහිර වෙද කමේ කතාවක් බවත් එහි දී කෙරෙන්නේත් බටහිර වෙද කමේ ආධිපත්‍යය බල පුළුවන්කාරකම අප මත පැටවීම බවත්.

එහෙත් මට පසුව මතක් වූ කරුණක් තියෙනවා. ඇසිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. මා සාකච්ඡාවේ දීත් පෙන්නුම් කර සිටියා බුදුහාමුදුරුවන් ද දෙවියන් සමග සන්නිවේදනය කර ඇති බව. මහා මංගල සූත්‍රයේ දී එකත්පසව සිට කරුණු විමසු එක්තරා දෙවියකුට ඒ විස්තර කළ බව.

බටහිර වෙදකම කියන්නෙ තාක්‍ෂණයක් නැත්නම් ශිල්පයක් පමණයි. සිප්සතර කියන තැන සිප් තමයි බටහිර වෙදකමත් බටහිර ඉංජිනේරුකමත් මගින් කියැවෙන්නෙ. අප අකමැති වුවත් නැතත් බටහිර දැනුමේ ඉහළින් ම ඇත්තේ බටහිර ගණිතය හා බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව. දැන් බටහිර වෙද කමේ තියෙනව භ්‍රාන්තිය (hallucination) කියල කතාවක්. පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ ඇතැයි කියා ගැනීම භ්‍රාන්තියක්. සංඛ උන්මන්තක කතාවක් කිවුවෙ මේ භ්‍රාන්තියට වෙන්න ඕන.

මා ලංකාවෙ ඉන්න තමන් බෞද්ධ යැයි කියා හඳුන්වා ගන්න බටහිර වෙද මහතුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න කැමතියි. පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ ඇතැයි කියන සියල්ලන්ට භ්‍රාන්තිය තියෙනවා ද? එහෙම නැත්නම් එසේ කියන්නන්ගෙන් ටික දෙනකුට පමණක් ද භ්‍රාන්තිය තියෙන්නෙ. කාලෝ ෆොන්සේකා වැනි පැරැන්නන් කෙසේ වෙතත් වත්මන් බටහිර වෙද මහත්තුරු උසස් පෙළ පරීක්‍ෂණයේ දී භෞතික විද්‍යාව සමත් වෙලා තියෙන්න ඕන. ඔය ඒ කාලෙ ඉගෙන ගත්ත ගුරුත්වාකර්ඃණ බලය පංචෙන්ද්‍රිය ගෝචර ද? එහෙම නම් ඒ ගෝචර වන්නේ මොන ඉන්ද්‍රියට ද? මා දිනක් කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්යවරයකු ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර යැයි කී විට ඒ ඉන්ද්‍රිය පෙන්නන්න කියා කිවුවා. ඔහු ලජ්ජාවෙන් වගේ යන්න ගියා.

බටහිර වෙද මහත්තුරු සමහර විට දන්නව ඇති වියනා කවයේ පුරෝගාමියකු වූ අර්නස්ට් මාක් බටහිර භෞතික විද්‍යාවේ දී ඉන්ද්‍රිය ගෝචර සංකල්ප තේරුම් කිරීමට ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගැනීමට විරුද්ධ වූ බව. ඒ අනුව මාක් අර අවස්ථිති සමුද්දේශ රාමු (inertial frames of reference) භාවිතා කිරීමටත් විරුද්ධ වුණා. එතකොට නිවුටන්ගෙ චලිත නියමවලට මොකද වෙන්නෙ. ඒ වලංගු වන්නෙ ඔය අවස්ථිති සමුද්දේශ රාමුවල. නිවුටන් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගත්තා. ඔහුට ඒවා ඇත්ත. ඔහු කියා නැහැ ඒ ආකෘති පමණක් ය කියා. අදත් බටහිර භෞතික විද්‍යාඥයන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගන්නවා. අයින්ස්ටයින්ගෙ අවකාශ කාල වක්‍රතාව එක් උදාහරණයක් පමණයි. මා අපේ බටහිර වෙද මහතුන්ගෙන් අහන තවත් ප්‍රශ්නයක් නම් නිවුටන් අයින්ස්ටයින් බෝර් හයිසන්බර්ග් ඩිරුක් ෂෘඩිංගර් වැනි අයටත් භ්‍රාන්තිය තිබුණ ද? එහෙම නැත්නම් ඔවුන් භ්‍රාන්තිය නැති ගොඩේ ද? ධම්මික වෙද මහතා පංචෙන්ද්‍රිය ගෝචර නැති දෙවියන් සමග සන්නිවේදනය කිරීම ආදිය පමණක් ද භ්‍රාන්තිය වන්නෙ.

මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. අලුත් පාර්ලිමේන්තුවේ දි සඳහන් කළ අන්දමට බුදුහාමුදුරුවන් දෙවියන් සමග සන්නිවේදනය කර ඇති බව ආනන්ද හාමුදුරුවන් පවසා තියෙනවා. තමන් වහන්සේ විසින් මෙසේ අසන ලදී කියල බුදුහාමුදුරුවන් දෙවියන් එක්ක කරපු කතා ගැන ආනන්ද හාමුදුරුවන් ප්‍රකාශ කර තියෙනවා. අපේ බෞද්ධ කියන බටහිර වෙද මහත්තුරු ආනන්ද හාමුදුරුවන් දේශනා කර ඇති කතාව පිළිගන්නවා ද? ආනන්ද හාමුදුරුවන් ප්‍රකාශ කර තියෙන්නෙ ඇත්තක් නො වෙයි ද? ඒ ඇත්තක් නම් බුදුහාමුදුරුවන් තමන් වහන්සේ දෙවියන් සමග සන්නිවේදනය කර ඇති බව ආනන්ද හාමුදුරුවන්ට පවසා තියෙනවා ද? ඒ එසේ නම් තමන් වහන්සේ පංචෙන්ද්‍රිය ගෝචර නොවන දෙවියන් සමග සන්නිවේදනය කර ඇතැයි දේශනා කර ඇති බුදුහාමුදුරුවන්ටත් භ්‍රාන්තිය තිබුණ ද? ඒ ප්‍රශ්නය එසේ ඇසීමට මට සිිදු වූයේ බටහිර වෙද කමේ කියන භ්‍රාන්තිය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මිස බුදුහාමුදුරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාවේ අබමල් රේණුවක තරම්වත් පළුදු වීමක් නිසා නොවන බව සැදැහැවතුන්ගේ දැන ගැනීම පිණිස සඳහන් කළ යුතු වෙනවා

මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

බුදු දහම හා බුද්ධාගම_ මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

බුදුදහම හා බුද්ධාගම

මහායාන, හීනයාන, එහි ප්‍රභේදයක් වූ ථෙරවාද, මූල සිංහල, සිංහල, ඕල්කට්, විද්‍යාත්මක, තම්බයියා ආදී වශයෙන් බුද්ධාගම් රාශියක් වෙයි. මේ සෑම බුද්ධාගමට ම එයට ආවේණික බුදුදහමක් වෙයි. සියල්ලන්ට පොදු වූ බුදුදහමක් නැත. බුදුදහම හා බුද්ධාගම අතර වෙනසක් තිබුණ ද එහි බැඳීමක් ද වෙයි. ඕනෑම බුද්ධාගමකට බුදුදහමක් අවශ්‍ය වුව ද බුදුදහමකට බුද්ධාගමක් අවශ්‍ය නො වේ. විද්‍යාත්මක බුද්ධාගමෙහි බුදුදහම බටහිර විද්‍යාව සමග එකඟ වෙයි. එහෙත් එහි ප්‍රශ්නයක් වෙයි. මේ එකඟත්වය වත්මන් බටහිර විද්‍යාවේ ප්‍රවාද සමග ය. බටහිර විද්‍යාවේ ප්‍රවාද වෙනස්වන විට විද්‍යාත්මක බෞද්ධයෝ තම බුදුදහම ද වෙනස් කරත් ද? ඔවුන් දැනටමත් එසේ කර ඇත. අග්ගඤ්ඤ සූත්‍රයෙහි කියැවෙන්නේ සංකෝචනය වන ප්‍රසාරණය වන විශ්වයකි. විශ්වයට ආරම්භයක් ඇත්නම් ජීවීන් ආරම්භ වූයේ කෙසේ ද? රසායනික පරිණාමයකින් ද? ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණ නැවත ජීවිත ආරම්භ කරන්නේ මවන ලද ජීවීන්වත් රසායනික පරිණාමයකින් හටගත් ජීවීන්වත් නොව හිටපු ජීවීන් ය. එහෙත් අද විද්‍යාත්මක බෞද්ධයෝ මහා පිපිරුමට සරිලන ලෙස අග්ගඤ්ඤ සූත්‍රය වෙනස් කරති.

ඕල්කට් බුද්ධාගමෙහි සිංහලකම නැත. එය ඊනියා මානවීය බුද්ධාගමකි. ඒ හේතුවෙන් ද එය සිංහල බුද්ධාමෙන් වෙනස් ය. එහි බුදුදහම යථාර්ථවාදී ය, හේතුවාදී ය, ඒ අතර පරම විඥානාර්ථයක් සමග ද ගැට ගැසී ඇත. පරමවිඥානාර්ථය අවශ්‍ය ම නම් මහායාන අදහසක් යැයි කිවහැකි වුවත් ඒ වෛදික සංකල්පයකි. ඕල්කට් බුද්ධාගමෙහි ඇතැම් අංග අද සිංහල බුද්ධාගමට ද එකතු වී ඇත. ඒ අතර ඉටිපන්දම්, බෞද්ධ කොඩිය (ඒ කලාත්මක බවක් නැති ජාත්‍යන්තර කොඩියකි), එලියපෙට්ටි හෙවත් බකට්, වෙසක් කාඩ් (සුබ පැතුම්), පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමේ ඊනියා බෞද්ධ පාසල් (දැන් ආණ්ඩුවේ බෞද්ධකම ආරෝපණය වූ පාසල්), ඉරිදා පාසල් (දැන් දහම් පාසල්), කැරොල් (දැන් භක්ති ගී) ආදිය වෙයි. ඕල්කට් බුද්ධාගමට දන්තධාතූන් වහන්සේ නැත. ඕල්කට්තුමා ඒ අවිශ්වාස කෙළේ ය. එහෙත් සිංහල බුද්ධාගමෙන් දන්තධාතූන් වහන්සේ ඉවත් කිරීමට නො හැකි විය.

බුදුන්වහන්සේගේ බුදුදහම කුමක් දැයි දන්නා අයකු සිටින්නේ යැයි මම නො සිතමි. ඒ දහම පසක් කරගත හැක්කේ තවත් බුදු කෙනකුට පමණක් යැයි මම සිතමි. රහතන් වහන්සේට නිවන ප්‍රත්‍යක්‍ෂ වුව ද බුදුන්වහන්සේගේ අවබෝධය (ප්‍රත්‍යක්‍ෂය) නැත. අප එකිනෙකාගේ බුද්ධාගම් වෙනස්වන්නාක් මෙන් ම එකිනෙකාගේ බුදුදහම් ද වෙනස් වෙයි. බුදුන්වහන්සේගේ බුදුදහම හැරෙන්නට අනෙක් බුදුදහම් ද අවසාන වශයෙන් ගත්කල එකිනෙකාගේ අර්ථකථන ය. ඒවා එකිනෙකාට සාපේක්‍ෂ ය.

ථෙරවාදී බුදුදහමෙහි ත්‍රිපිටකයක් ඇත. ඇතැමුනට අනුව අභිධර්ම පිටකය බුදුන්වහන්සේගේ දෙසුමක් නො වේ. සෞත්‍රාන්තිකයන්ට ද අභිධර්ම පිටකයක් නො වී ය. ඔවුන්ට සූත්‍ර පිටකයෙන් බුදුදහම අවසන් විය. ඔවුන් සෞත්‍රාන්තිකයන් (සූත්‍ර + අන්ත) වූයේ එබැවිනි. පළමු සංගායනාවේ දී අභිධර්ම පිටකයක් ගැන කියැවී නැති බව පැවසෙයි. අභිධර්ම පිටකය ඇතැයි ගන්නා අයගේ ද අභිධර්ම පිටක සමාන නො වේ. ථෙරවාදී අභිධර්ම පිටකය සර්වස්තවාදී අභිධර්ම පිටකයෙන් වෙනස්වන්නේ යැයි කියැවෙයි. ථෙරවාදී අභිධර්ම පිටකය පාලි භාෂාවෙන් ලියැවී ඇති අතර සර්වස්තවාදී අභිධර්මය අද දකින්නට ඇත්තේ චීන බසිනි. ඒ දැනට හමු වී නොමැති සංස්කෘත භාෂාවෙන් ලියූ පිටකයක චීන පරිවර්තනය ලෙස සැලකෙයි. කෙසේ වෙතත් ථෙරවාදී අභිධර්ම පිටකයෙහි මෙන් ම සර්වස්තවාදී අභිධර්ම පිටකයෙහි ද ධර්ම ගැන සඳහන් වෙයි. එහෙත් එහි වෙනස්කම් ද වෙයි. ථෙරවාදී අභිධර්මයෙහි සඳහන් වන්නේ ධර්ම හතරකි. ඒ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන යනුවෙනි. නිබ්බාන අසංකත වෙයි. නිබ්බාන උපදින්නේවත් නැසනේනේවත් නැත. ථෙරවාදයට අනුව අනෙක් ධර්ම ඉපදී පැවතී නැසෙයි. මේ පැවැත්ම ක්‍ෂණවලින් (චිත්තක්‍ෂණ, රූපක්‍ෂණ) ප්‍රකාශ වෙයි. වත්මනෙහි මේ සියල්ල බටහිරයන් අනුකරණය කරමින් ධර්මවාදය හා ක්‍ෂණවාදය ලෙස ප්‍රකාශ වෙයි. මෙහි වාද යනුවෙන් අදහස් කරන්නේ තියරි හෙවත් ප්‍රවාද ය.

එහෙත් පැවැත්ම යන්න ගැටළු සහගත ය. පවතින යමක් වෙනස්වන්නේ ද? වෙනස්වන්නේ නම් එහි පැවැත්මක් ඇත් ද? වෙනස්වන යමක් පවතින්නේ යැයි කීමේ දී ආත්මයක් ඇතැයි ගැනීමට සිදුවෙයි. මා කුඩාකල සිට වෙනස් වී ඇතැයි කීම නිවැරදි නො වේ. එසේ කීමත් සමග වෙනස්වීමට යටින් ඇති මා කෙනකු ඇතැයි උපකල්පනය කෙරෙයි. ඇති වී නැතිවන සංස්කාර කුලකයක් ඊනියා මා විසින් වස්තුවක් ලෙස ගැනෙයි. සංස්කාර හටගැනෙන්නේ අවිද්‍යාව නිසා ය. ඇතැම් බුදුදහමක මේ පැවැත්ම නැති බව අපේ අවධානයට යොමු විය යුතු ය. ථෙරවාදය ලෙස අප සලකන්නේ දෙවැනි හා තුන්වැනි සංගායනාවලින් පසුව සංස්කරණය වූ බුදුදහමකි. එහි බොහෝ විට අටුවා, ටීකා හා ටිප්පණි ද අඩංගු වෙයි. මේ අටුවා ආදිය රහතන් වහන්සේවත් නොව පෘථග්ජනයන් එකතු කළ කරුණු, අර්ථදැක්වීම් ආදියෙන් සමන්විත වෙයි.

සර්වස්තවාදී අභිධර්ම පිටකයෙහි ථෙරවාදයෙහි නැති පස්වැනි ධර්මයක් ගැන කියැවෙයි. ඒ චිත්තවිප්‍රයුක්තසංස්කාර යනුවෙනි. ඒ චිත්තයෙන් වෙන් වූ, විඝටනය වූ, සංස්කාර ය. එමෙන් ම සර්වස්තවාදීන්ට අනුව නිබ්බානයෙහි කොටස් තුනක් ඇතුළත් වෙයි. ඒ අවකාශ ධර්මය හා අවසන් (නැසුම්) අවස්ථා දෙකක් යනුවෙනි. ථෙරවාදයෙහි ධර්ම අසූදෙකක් ගැන කියැවෙන අතර සර්වස්තවාදයෙහි කියැවෙන්නේ ධර්ම හැත්තෑපහක් ගැන ය.

මෙහි දී බොහෝ සිංහල බෞද්ධයන් නොදන්නා දෙයක් ද සඳහන් කළ යුතු ය. ථෙරවාදී සිංහල බුද්ධාගමට අනුව බුදුන්වහන්සේ අභිධර්මය දේශනා කර ඇත්තේ මාතෘදිව්‍යරාජයාණන්ට ය. එහෙත් මූල සිංහල (යක්‍ෂ) බුද්ධාගමට අනුව බුදුන් වහන්සේ අභිධර්මය දේශනා කර ඇත්තේ ලංකාවේ දී යක්‍ෂ ජනතාවට ය! බුද්ධාගම් අතර මොන තරම් වෙනස්කම් වේ ද?

මගේ වැටහීම අනුව නම් බුදහමෙහි කියැවෙන්නේ දැනුම නොදැනුම බවට පත්කරගත යුතු ය යන්න ය. එහෙත් ඒ නිවන් අවබෝධය සඳහා මිස ගොවිතැන, වෙළෙඳාම, දේශපාලනය හෝ වෙනත් යමක් හෝ සඳහා නො වේ. ඒ සඳහා දැනුම් අවශ්‍ය වෙයි. එහෙත් ඒ දැනුම් එකතු වන්නේ යම් සංස්කෘතියකට සාපේක්‍ෂව ය. පැරණි සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දේශපාලනය යන වචනය නො වී ය. එහෙත් එහි රාජ්‍ය විචාළයක්, එයටත් වඩා රට කරවීමක් විය. එහි වත්මන් අර්ථයෙන් වෙළෙඳාමක් ද නො වී ය. වත්මන් වෙළෙඳාම බටහිර සංකල්පයකි. දැන වෙළෙඳම් නොදැන ගොවිතැන් යනුවෙන් කියමනක් සිංහලයන් අතර වෙයි. එහෙත් මෙය සිංහලයන්ගේ කියමනකට වඩා ඉංගිරිසින්ගේ කියමනකි. ඉංගිරිසි වෙළෙඳාම දැනගෙන කළ යුත්තකි. ඉංගිරිසින්ට අනුව සිංහල ගොවිතැනට දැනුමක් අවශ්‍ය නැත. සුද්දන් අපට දැන් විද්‍යාත්මක කෘෂිකර්මය කියා දී ඇත. එමගින් සතුන් මරන කෘමිනාෂක ඉසිය හැකි ය. එය බුදුදහමකට එකඟ නැතිවුවත්් බටහිර විද්‍යාවේ බලමහිමයෙන් සිංහල බෞද්ධ ගොවිතැනක් වී ඇත. මෙය බෞද්ධයනට යුද්ධය අකැප යැයි කියන තම්බයියා බුද්ධාගම සමග පටලවා ගත යුතු නො වේ. තම්බයියා බෞද්ධයෝ යුද්ධයට මිස කෘමිනාෂකවලට විරුද්ධ නො වෙති! කෘෂිකාර්මික වකුගඩු රෝගයෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව හමුදා මෙහෙයුම්වලින් මියගිය සංඛ්‍යාවට වැඩි නම් තම්බයියා බෞද්ධයන් කුමක් කරන්න ද? බුදුදහම් හා බුද්ධාගම් අතර වෙනස්කම් වෙසක් සමයෙහි දී අවධානයට ලක්කරමු.

මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි ය.

www1.kalaya.org

2016 මැයි 13

විවිධ කල්ලි – මහඇදුරු නලින් ද සිල්වා මහතා

විවිධ වෙද කල්ලි

පහුගිය දා රාජ්‍ය ඇමති චන්න ජයසුමන ඉතා වැදගත් දෙයක් හෙළිකළා. ඒ තමයි විජාතික වෛද්‍ය ජුන්ටාවක් චීන එන්නත ලබා දීමට විරුද්ධ ව කටයුතු කළ බව. ඇතැමකු කියා තිබෙනවා චීන එන්නත ගැන කතා කරන්නවත් එපා කියා. එක් පුවතකට අනුව ජනාධිපතිතුමාත් කණස්සල්ල පළ කරල තිබුණ චීන එන්නත ලැබීත් එය ජනතාවට ලබා දීම පමා වීම ගැන. කෙසේ වෙතත් අවසානයේ දී පාණදුරේ සනීපාරක්‍ෂක කාර්යාලයේ දී එන්නත ලබා දීම ඇරඹුණා.

ඒ සනීපාරක්‍ෂක කාර්යාලය අපේ පවුලේ මටත් සහෝදර සහෝදරියන්ටත් පුරුදු තැනක්. අප කුඩා කළ සිංහල ගුරුවරියක වූ අපේ මව එකල තිබූ වාතාවරණය අනුව බටහිර සෞඛ්‍ය නීති රීති අනුව කටයුතු කළ පළමු පරම්පරාවේ අයකු වූවා. ඇය ද කුඩා කළ විවිධ එන්නත් ලබා ගෙන තිබුණා. ඇය අප රැගෙන සනීපාරාක්‍ෂක කාර්යාලය වෙත විවිධ කටයුතු සඳහා රැගෙන ගියා. එන්නත් ලබා දීමට විරේකයක් ලබා දීමට ඇය අප රැගෙන ගියා. බටහිර වෙදකමේ ආධිපත්‍යය එලෙස පාණදුරේ වැනි නගරයකට   ක්‍රමයෙන් පැතිරෙමින් තිබුණා.

එකල එක් එන්නතක් දීම හැඳින්වුණේ අත් විදීමක් ලෙස. අත් විදීමෙන් පසු අතේ ලප දෙකක් ඉතිරි වුණා. ඒ ලප කොහොම වෙතත් පාසලට ඇතුල් වීමට අත් විද තිබිය යුතු වුණා. අත් විදල නැත්තන් පාසලක් නැහැ. අදත් පාසලට ඇතුල් වීමට පෙර විවිධ එන්නත් ලබා ගන්න ඕන. ඒ විවිධ එන්නත් මගින් කෙරුණේ බටහිර වෙද කමේ ආධිපත්‍යය පැතිරවීම. මා හිතන්නේ දැන් කුඩා කළ රත කල්කය නොදෙන තරම්.

අප ඒ ආධිපත්‍යය පැතිරීම කුඩා කළ දැන සිටියේ නැහැ. මා ඒ බව දැන ගත්තේ බොහෝ කලකට පසු මට බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි බව දැන ගැනීමෙන් පසුවයි. මෙහි දී මා නිතර කියන කතාවක් තරමක් විස්තර කරන්න ඕන. මට බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි වීම ඇතැමුන් දකින්නේ මට විද්‍යාව ඉගෙනීමට බැරි වීමක් ලෙසයි. සමහරු හිතන්නේ මට සාමාන්‍ය පෙළ සාමාන්‍ය විද්‍යා දැනුමක්වත් නැති බවයි. සමහරු අසා තිබුණා මා විශ්වවිද්‍යාලයක විද්‍යා පීඨාධිපති වූයේ කෙසේ ද කියාත්. මා ඒ විස්තර කිරීමට වෙහෙසෙන්නේ නැහැ.

මා නිතර කියන තවත් කතාවක් නම් මා උගතකු බුද්ධිමතකු වියතකු නොවන බවයි. මට කෙටි විස්තරයක් කිරීමට අවශ්‍ය ඒ ගැනයි. යමකු බුද්ධිමතකු වියතකු උගතකු ආදී වශයෙන් සැලකෙන්නේ සමාජයට සාපේක්‍ෂවයි. පළමු බුද්ධිමතා කවුද යන්න දැන ගත නොහැකි දෙයක්. එහෙත් සමාජයේ උගතුන් බුද්ධිමතුන් වියතුන් ආදී වශයෙන් හැඳින්වෙන කුලකයක්, පිරිසක් ඉන්නවා. එය සංවිධානයක් නොවුණත් එයට යමකු ඇතුල් කර ගන්නේ එහි යම් ආකාරයකට සාමාජිකයන් වූ අයගේ පිළිගැනීමෙන්. මේ කුලකය කිසි දා මා උගතකු බුද්ධිමතකු වියතකු ලෙස පිළිගෙන නැහැ. කලක් එහි ඉහළින් ම වැජඹුණු කාලෝ ෆොන්සේකා කියා සිටියේ මා කී කිසි ඇත්තක් අලුත් නොවන බවත් මා අලුතින් කී දෙයක් ඇත්ත නොවන බවත්. ඒ මට ඔහු දී තිබූ සහතිකය. ඔහු ජාතික කඳවුරේ අයකු නොවූ නිසා එය බැහැර කළත් ජාතික කඳවුරේ පතාක යෝධයකු වූ ද බුද්ධිමතකු වූ ද ගුණදාස අමරසේකරත් කිසි දිනෙක මා බුද්ධිමතකුවත් වියතකුවත් ලෙස පිළිගෙන නැහැ. මා උගතකු බුද්ධිමතකු වියතකු නොවන්නේ මා එකී කුලකයට නැත්නම් කල්ලියට ඇතුළත් කරගෙන නොමැති බැවින්. ඒ කල්ලියේ කිසිවකු මා කී දෙයක් උපුටා දක්වන්නේ නැත්තෙත් මා කල්ලියට ඇතුල් කර ගැනීමට තරම් වැදගත් දෙයක් කියා නොමැති බැවින් කියා මා හිතනවා.

මේ කුලකයේ විවිධ උපකුලක තියෙනවා. බටහිර වෙද මහතුන්ගේ උපකුලකය ඉන් එකක්. ඒ උප කුලකයත් තව තවත් උපකුලකවලට බෙදෙනවා. මා ඉන් කිසිම උපකුලකයකට අයත් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. අප දකිනවා මේ විවිධ උපකුලකවල විද්‍යායතන (colleges) ලෙස හඳුන්වන සංවිධානවල වාර්ෂික සැසිවාර. හේවිසි හොරණෑ පෙරදැරි කරගෙන විවිධ වර්ණිත නිල ඇඳුමෙන් සැරසී ඒ සැසිවාරවලට සහභාගි වන්නන්ගේ ඡායාරූප ජනමාධ්‍යයෙහි දැක ගන්න පුළුවන්.

මේ උපකුලකවලට නැත්නම් කල්ලිවලට අප නොසිතන ආකාරයේ බලයක් තියෙනවා. ඒ උපකුලකවල සාමාජිකයන් ඒ ඒ ක්‍ෂෙත්‍රවල විශේෂඥයන්. මා දන්නේ නැහැ ගණිතඥයන්ගේ උපකුලකයක් තියෙනවා ද කියා. මෙරට බටහිර භෞතික විද්‍යාඥයන්ගේ උපකුලකයක් නම් තියෙනවා. මා එහි සාමාජිකයකු නො වෙයි. එහෙත් අපට අද වැදගත් වන්නේ අර බටහිර වෛද්‍ය උපකුලක, නැත්නම් බටහිර වෙද මහතුන්ගේ හා වෙද හාමිනේලාගේ කල්ලි.

මේ කල්ලිවල ප්‍රධානීන්ට මේ දවස්වල විවේකයක් නැහැ. ඔවුන් මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. අත් හෝදා ගන්න කියනවා. මීටරයක දුරින් ඉන්න කියනවා. දැන් එය මීටර දෙක වෙලා. මුව ආවරණ පළඳින්න කියනවා. පුළුවන් තරම් ගෙදර ඉන්න කියනවා. හමුදාපති ෂවේන්ද්‍ර සිල්වාත් ඒ සියල්ල කියනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ එසේ නොකරන්නන් අල්ලලා පොලිසි බස් රියවලට නංවනවා. ඒත් ෂවේන්ද්‍ර සිල්වාවත් අජිත් රෝහණවත් අර කල්ලියක සාමාජිකයන් නො වෙයි. ඔවුන් වෙනත් කල්ලිවල සාමාජිකයන් වෙන්න ඇති.

අර කල්ලිවල සාමාජිකයන්ට විශේෂ බලතල තියෙනවා. සමාජයට ඒ බව පෙනෙන්නේ නැහැ. සමාජයට පෙනෙන්නේ දේශපාලනඥයන්ගේ හමුදාවේ පොලීසියේ රජයේ විවිධ නිලධාරීන්ගේ බලතල. ඒත් මේ බටහිර වෙද කල්ලිවලට දේශපාලනඥයන්ටත් නැති බලතල තියෙනවා. ඔවුන්ට වඩා බලතල ඇත්නම් ඒ බස් කල්ලියේ සාමාජිකයන්ට. බස් කල්ලිය කිවුවෙ භාෂාව පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසකට නො වෙයි. පෞද්ගලික බස් හිමියන්ට හා සේවකයන්ට. චීන එන්නත දී ගන්න මෙතරම් ප්‍රමාද වුණෙ අර එක් බටහිර වෙද කල්ලියක බලතල හින්දා.

ඒ අය විශේෂඥයන් ලෙස පෙනී සිටිනවා. විශේෂඥභාවය පෙන්වීමට සහතිකත් ඇති. සහතික ගැන මා ප්‍රශ්න කරන්න යන්නෙ නැහැ. එහෙත් ඒ අයටත් දේශපාලනයක් තියෙනවා.  ඒ වගේ ම ආගමික මතිමතාන්තරත් තියෙනවා. අද ආගමික මතිමතාන්තරත් දේශපාලනය එක්ක ගැට ගැහිලා. අද බෝන් අගේන් කල්ලි හැම තැනක ම දකින්න පුළුවන්.

ආණ්ඩුව ඊනියා විශේෂඥ කමිටුවල මතවලට සවන් දෙන්න ඕන කියල මතයක් සමාජයෙ තියෙනවා. එහෙත් ඒ විශේෂඥ කමිටු දේශපාලන හා ආගමික මතිමතාන්තරවලිනුත් සන්නද්ධ නම් කුමක් කරන්න ද? ආණ්ඩුව විශේෂඥ කමිටුවලට සවන් දිය යුතු ම නැහැ. ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕන ඒ විශේෂඥ මතයේ ආගමික හා දේශපාලන හැව අරින්න. චීන එන්නත එපා යැයි කී බටහිර වෙද කල්ලි, චන්න ජයසුමන කියන විධියට විජාතික වෛද්‍ය ජුන්ටා,  අද වන විට මොකද කියන්නෙ. ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එල්ලිලා තම ජාම බේර ගන්නවා ද? චීන එන්නත ලබා දීම ප්‍රමාද වූයේ මේ බටහිර වෙද කල්ලි නිසා නො වේ ද?

ඊනියා පළමු රැල්ල මැඩීමේ දී ලංකාව දැක් වූ සාර්ථකත්වය ඉන් පසු දකින්නට නොලැබුණේ ඇයි? දේශීය ප්‍රතිකාර ලබා දීම නැවතුණේ කාගේ ඕන කමට ද? අප මේ ප්‍රශ්න නගන්නේ භේද ඇති කිරීමට නො වෙයි. ලෝකයේ ඇත්තේ එක ම එක දැනුම් පද්ධතියක් පමණක් යැයි සිතන උද්ධච්ඡයන්ගේ ආධිපත්‍යය බිඳ දැමීමට පමණයි. ඔවුන් හා අනෙක් සියල්ලන් එකතු විය යුතු අවස්ථාවක තමන් පමණක් හරිය කියා හිතා ගෙන වැඩ කිරීමෙන් සිදු වන්නේ ජනතාව මරණය කරා යැවීමක්.

අද වන විට විවිධ කමිටු කඩා වැටිලා. දැනට ක්‍රියාත්මක වැඩක් කෙරෙන්නේ ත්‍රිවිධ හමුදාවෙන් හා පොලීසියෙන් පමණයි. සංචරණ සීමා පැනවීම ආදිය සාමාන්‍ය දැනීමකින් හා බුද්ධියකින් කළ හැකි දේ. බටහිර වෙද කමට අද ඇත්තේ එන්නත පමණයි. ඒ අයට ඒ වැඩේ භාර දෙමු. ආයුර්වේද හා පාරම්පරික වෙද මහතුන්ට ඔවුන්ට කළ හැකි දේ කිරීමට ඉඩ දෙමු. ඒ වෙද මහතුන්ටත් බටහිර රෝහල් විවෘත කරමු.

ඒ අතර ආධ්‍යාත්මික පැත්ත ගැනත් අවධානය යොමු කරමු. උතුරේ දේව කන්නලව්වක් කරන්න යන බවට ආරංචියක් තියෙනවා. එය අගය කරන්න ඕන. එය මුළු ලංකාවට ම බලපාන අයුරින් කරනවා නම් හොඳයි. ඒ වගේ ම රතන සූත්‍රය සහ තවත් සූත්‍ර දේශනා කිරීමට පන්සල් මගින් කටයුතු කරන්න ඕන. එක වෙලාවක සියලු නාළිකාවල එක ම සූත්‍ර විකාශය කිරීමට කටයුතු කරන්න පුළුවන්. මා හිතන්නේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා මැදිහත් වී ඒ කටයුත්ත කරන්න පුළුවන්.  

උඩරට ගිවිසුම සිංහලයන්ගේ ඔප්පුවයි

ඇත්තෙන් ම මේ කියමන ප්‍රථමික එකක්.
සිංහලයන්ගේ ඔප්පුව තමයි රටේ හැම තැනම තියෙන්නේ. ගස් ගල් වල ඉදලා සියලු ලිපි ලේඛන වල අවු 2000 ගනනටත් වැඩි කාලයක ඉදලා.
උඩරට ගිව්සුමක් අවශ්‍ය වන්නේම නෑ.

නමුත් . අද අන්ඩු ක්‍රම ව්‍යවස්ථාව සිංහලයන්ට උවමනා ලෙස නිර්මාණය වෙලා නෑ. විකාර පරයින් එකතු වෙලා සම අයිතියටත් එහා ගිහින්.
ඉතින් රට ගත්තු ලියවිල් ල තමා උඩරට ගිවිසුව. ඒ ගත්තේ සිංහලයන්ගෙන්ය. දෙවලුන් ගෙන්වත් පරන්ගි පරයින් ගෙන්වත් නොවෙයි රට ගත්තේ. රට ගත්තේ සිංහලයින් ගෙන් ය.

ගත්තු එකාටමයි ඒ භාන්ඩය භාර දෙන්නේ. ඒ වගේ . ඒක නැවත දුන්නේ සිංහලයන්ටයි. දෙවලුන්ටවත් පරංගි න්ටවත් නොවේ දුන්නේ.
සිංහලයන්ගේ රට ගත්ත. නැවත රට සිංහලයන්ට දුන්නා. ඒ සඳහා ඔප්පු ව ලිඛිත ව තියෙනවා. හැම දේම ඔප්පු කරන්න ඕනයි සිතනවා නම්. ඒ උඩරට ගිවිසුමයි.

නමුත් අද තියෙන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් උඩරට ගිවිසුමේ කොන්දේසිවත් අඩු ම තරමේ සපුරන්නේ නෑ.
සිංහලයන්ට නැවත රට එන්න ඕන.

අභිමානවත් පුණ්‍යවන්ත සිංහල ජාතිය

බුදුරජාණන්වහන්සේ ලොව පහලවන විට ඡම්බුදීපයේ කාසි,කොසල, අංග,මගධ,වජ්ජි,මල්ල,වේදි.වස්ස,කුරැ,පංචාල,මත්ස්‍ය ,සුරසේන,අස්මක,අවන්ති.ගන්ධාරය,කාම්භොජ නමින් සොලොස් මහ ජනපද පැවතිණි. එයින් මගධය,කොසලය,වත්ස රාජ්‍යය,අවන්ති රාජ්‍යය බලවත්ම තිබුණි.
කොසලය
උතුරෙන් හිමාල කදු වැටියත් නැගෙනහිරින් සුදානීර නදියත්,දකුණේන් ගංගා නදියත් බටහරින් පංචාල දේශයත් මායිම් වශයෙන් පැවතුන්. .බොසතුන් ඉපදිමට තොරාගත් කපිලවස්තුවේ කිඹුල්වත්පුර පිහිටා තිබුනේද .මහාමයා දේවිය උපන් කෝලිය වංශිකයන් ගේ දෙව්දහ නුවර පිහිටා තිබුනේද කොසොල් ජනපදයේය කිඹුල්වත්පුර හා දේව්දහ නුවර වෙන්වුනේ රොහිණි නදියෙන්ය.කොසොල් රට අගනගරය සැවත්නුවරය.එහි අචරවතී නදීය ගලා බසී.බුදුන් කල කොසලේ රට පාලනය කලේ පසේනදී ⁣කොසොල් රඡතුමාය.

වත්ස රාජ්‍යය
උතුරෙන් යමුනා නදිය හා කොසල දේශය,නැගෙනහිරින් කසී රට,දකුණේන් අවන්ති රාජ්‍යයද බටහිරින් චේතිය මායිම් කරගෙන වත්ස රට පිහිටියේය බුදුන් කල පාලකයා උදේනි රජුය. කොසඹැනුවර අගනුවර වු අතර භාග්‍යවතුන්වහන්සේ නවවන වස ගතකල ⁣⁣ඝොෂිතාරාමයත් දසවන වස්කාලය ගතකල පාරිලෙය්‍යවනයත් පිහිටා තිබුනේය.

අවන්ති දේශය
උතුරෙන් සුරසේන ජනපදයද ,නැගෙනහිරන් චේතිය ජනපදයද,දකුණේන් අස්සක රටද බටහිරින් ආරාබි මුහුදෙන් වටවු විශාල රාඡ්‍යක් වු අතර පාලකයා චණ්ඩප්පජොත රජුය.

මගධය
බලවත්ම රාජයක් වු අතර වේභාර.වේපුල්ල,පාණ්ඩව,ගිජ්ජකුට,ඉසිගිලි ඇතුලු කදු වල්ලකින් වටවී ඇති අතර එක පැත්තකින් ගංගා ගග මායිම්ව ඇත.
මුලින් බිම්බිසාර රජුද ,පසුව අඡාසත් රඡු ලිඡ්ඡවී පරදවා වඡ්ජිර⁣ට මගධයට ආදාගමින් මගධ අධිරාජ්‍ය පිහිටුවා ගංගා ගග අසල තැණු පාටලීපුත්‍රය අගනුවර ලෙසින් දීයුණු කලේය.ඹහුගෙන් පසු උදාායින් භද්දය ර්ට පසු අනුරැද්ධ,මුණ්ඩ.නාගදත්ත යන රජුගෙන් පසු සිසුනාග නම් ඇමතියකු රජවු අතර ඹහු විසින් අවන්ති .වත්ස ,කොසල යන රාඡ්‍යයනුත් මගධ⁣ට ඇදාා ගනු ලැබීය.ඉට පසු ඹහුගේ පුත්‍ර කාලාශෝක රජවු අතර එම රඡු විසින් දෙවන ධර්ම සංඝායනාව පැවත්විය.

ඉට පසු නන්ද වංශය නම්වු විසින් අලුත් රාඡ වංශයක් පද්ම නන්ද රඡු විසින් ආරම්භ කල අතර ඹහු විසින් පංචාල කාශි ,සුරසේන හා කාලිංගයද තම මගධ රාජ්‍යයට ඇදාා ගැනුණු අතර ඉට පසු නන්ද වංශික පරාම්පරා අවසන් රජු ධනනන්ද රජු මාරා දමා විඩුඩභ ගේ ශාක්‍ය සංහරයෙන් බේරැණු මහනාමරජු ඇතුලු ශාක්‍යාගෙන් හිමාලයේ ආරම්භ වු ශාක්‍ය පරම්පරාවෙන් පැවත එන (මොණරෙකු රාජ සංකේතය වශයෙන් තබාගත් නිසා මෙෘර්ය වංශය නමින් ප්‍රකටවු) මෙෘර්ය වංශයේ ඉපදෘුන චන්ද්‍රගුප්ත රජුද ඉට පසුව ඹහු පුත් බිංදුසාරද ඹහුගෙන් පසුව ධර්මාශෝක රඡුද රජ විය. (චන්ද්‍රගුප්ත රජු ,බිංදුසාර රජු,අශෝක රජු තිදෙනාටම උපදෙස් දෙන්නේ ශාක්‍ය වංශයෙන් පැවත එන ⁣⁣චාණක්‍ය නමි වු මහා පඞිවරයාය)

බුදුරජාණන්වහන්සේ ලංකාවට වඩින විට ලංකාව මනුශයනගේ තොරය .අරක් ගෙන සිට්යේ දේවියන්,නාගයින් හා යක්ෂයන් පමණකි .ඔවුන් ගොතිුකයෝ නොවන අතර සත්වයින් උපදින තවත් ලොකවල ඉපිදි ඇති පිරිසකි.
බුදුරජාණන්වහන්සේ ලංකාවේ වඩින්නේ දේමාපියන් .බිරිද දරැවා නැදැයන් බැහැදකින්නත් පෙරය.ඒ බුද්ධත්වයෙන් නවවන මසය.
පෙර බුදුවරැන්ගේ මෙන්ම ශිු ලංකාව අනාගතේ උන්වහන්සේගෙත් දහම බබලන දේශය බව දිවසින් දුටු උන්වහන්සේ එයට බාදාවක්වන දරැනු යකුන් දමනය කර ඉවත් කිරිමටය පලමු වරට ශිු ලංකාව තුන්වරක් පැදකුණු කොට වැඩියේ.
දෙවනවර උන්වහන්සේ නාගයින්ගේ යුද්ධය නවතන්නට වැඩියේ බුදධත්වයෙන් පස්වන වසරේ වන අතර
තුන්වන වර බුද්ධත්වයෙන් අටවන වර්ශයේ වෙසක් පොහෝදින ඉර්දිමත් මණිඅක්ඛිත නාරජුගේ දාාන ආරාධනා පිලිගෙන සැරයුත් මුගලන් මහාකාශ්‍යප නන්ද රාහුල වැනි මහාරහතන්වහන්සේලා පන්සිය නමක් සමග වැඩ කැළණි ගගෙන් දියකිස කර දාානය වලදාා
ලංකාව පුරා රටට ජිවය දෙමින් ගලා යන ගංගා ආරම්භවන සමනොල කදු මුදුන අති පුජනීය කරමින් ශිු පතුල පිහිටවමින් පසු ලංකාවේ අනාගතේ ඇරබෙන සිංහල ජාතියට පින් රැස්කරගැනිමට උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා හා බොධින් වහන්සේ තැන්පත් කරයුතු ස්තාන සලකුණු කරමින් එ ස්ථානවල සාමාධිසුවයෙන් සිටිමින් එ ස්ථාන තවත් පුඡනීය කල සේක

ශිු ලංකාව එසේ සුදාානමි බුදුරජාණන්වහන්සේ පිරිිනිවෙන්න පෙරත් පිරිනිවන් මංචකයේ සිට ශිු ලංකාවේ අනාගතය දෙස බලමින් අධිශඨානයන් කල සේක.

භාග්‍යවතුන්වහන්සේ පිරිනිවන් පාන මොහේතේම බුදුරජාණන්වහන්සේ පෙර අධිශඨානය පරිදි විජය කුමරැ ලංකාවට පා තැබු අතර ශ්‍රක්‍ර දේවියන්ගේ අනින් උපුල්වන් දේවියන් විසින් පිරිත් නුල් බද ඹවුන්ව පිලගත් අතර විඡය රජු විසින් කුවෙනි නැමැති යක්ෂණියගේ උදව්වෙන් ඉතිරිව සිටිය බලෙන් අඩු යක්ෂයෝ විනාශ කොට ලංකාවේ බලය අරගෙන ලංකාවේ මනුශය වාසය ආරම්භ කරන ලදී.නමුත් විජය රඡු අභිෂෙක වන්නේ දඹදිව මධුරා පුරයේන් ගෙනා ආ පඩි රජුගේ දියණිය සමගයි.

රාජ අභිෂෙකයෙන් පසුව දරැණු ගති අතහැරිය විජය රජු ඉතාමත් හොදින් සාමයෙන් අවුරුදු 38 රජකම් කලා.විජය රඡුට දරැවන් නොසිටි නිසා විඡය රජුගේ අභාවයෙන් පසුව ලංකාවේ රජ වන්නේ දඹදිව සිට එන විජය රජුගේ මලයණ්ඩියක් වු සුමිත්ත රජු ගේ බාල පුතුවු පණ්ඩුවාසුදේව කුමාරයයාය.එ විජය රජුගේ අභාවයෙන් අවුරුද්දකට පසුවය.ඒ පණ්ඩුවාසුදේව කුමාරයා රාජ අභිෂෙකවන්නේ අප භාග්‍යවතුන්වහන්සේගේ පියා වන සුද්දොාධන රජුගේ සහොදරයකු වන අමිතෝදන ශාක්‍යාගේ පුතා වන පණ්ඩුශාක්‍ය රජුගේ දියණිය වන ශාක්‍ය වංශික භද්දකච්චායනා කුමාරිය සමගයි.

හද්දකච්චායනා රාජ මහේසිකාව පුතුන් දස දෙනෙකුත් එක් දියණියකුත් බිහි කලා.දියණිය චිත්‍රා කුමරිය නොහොත් උන්මාද චිත්‍රාවයි.උන්මාද චිත්‍රා හා විවාහ වන්නේ භද්දකච්චායනා කුමරියගේ සහොදර දීඝායු ශාක්‍ය කුමාරයාගේ පුතකු වන ශාක්‍ය වංශික දීඝගාමිණි කුමාරයා සමගයි.එ දෙදනාගේන් උපන් පුත් කුමරයා තමයි පණ්ඩුකාභය කුමාරයා.පණ්ඩුකාභය කුමාරයා මව්පිය දේපාර්ශවයෙන්ම ශාක්‍ය වංශිකයි.

මෙයින් හොදින්ම තෙරෙනවා සිංහලයන් යනු භාග්‍යවතුන්වහන්සේගේ අධිශඨානයෙන් ඇරඹුන බුදුරජාණන්වහන්සේ උපන් වංශය වන ශාක්‍යවංශිකයන්ගෙන් පැවත එන ලොව උදාර ජාතියයි.ඒ වගෙම ගණන කල නොහැකි තරම් රහතන්වහන්සේලා පහලවු පින්වත්ත ජාතියයි.

භාග්‍යවතුන්වහන්සේගේ සම්බුද්ධ අධිශඨානය පරිදි පෘථිවියේ වැඩිම දාාතුන්වහන්සෙලා මෙම සිංහල දීපයේ වැඩ සිටිනේද උතුම් ජය ශිු මහා බොධින්වහන්සේ වැඩ සිටින්නේද පින්වත්ත සත්වයන්ට මෙම සිංහල ජාතියේ ඉපිදි පින් රැස් කර ගැනීමටමයි.

මේ ඉතිහාස මැනවින් දැනගෙන සිටිය නිසායි අපේ මුතුන්මිත්තන් අභිමානයෙන් සිංහල දීපයත් බුදු දහමත් රැකගන්න ජිවිතය වුනත් පුදන්න කිසිවිටත් පැකිලුනේ නැත්තෙ.

එවන් අභිමානවත් ජාතියක ඉපදුන ඔබ එ ජාතියේ අභිමානය ⁣නොනසා අමුනෂයන්ගේ ග්‍රහණයට ගොදුරු වී දගලන ලංකාවේ බුදුරජාණන්වහන්සේ ඉපදුන බවට මිත්‍යාවක් පතුරන අයටත් බුදු දහම වීකෘති කරන අයටත් .ලංකාවේ සිංහලයන් වද කරන්න උත්සාහ කරන අයටත් විරැද්ධ හැකි හැම අයුරින් ක්‍රියා කර මේ භද්‍ර කල්පයේ හතරවෙනිව පහලවුන ගෙෘතමනම්වු බුදුරජාණන්වහන්සේගේ විසින් ඇරඹුව ජාතියත් දහමත් තවත් බොහෝ කල් රැක ගනිත්වා

බෞද්ධයන් නැත්නම් ශූන්‍යය නැහැ – මහඇදුරු නලින් ද සිල්වා මහතා

බෞද්ධයන් නැත්තන් ශූන්‍යය නැහැ

පහුගිය මැයි මාසෙ අටවැනි දා ලිව්ව බෞද්ධයනට බිංදුවවත් නැහැ කියන ලිපිය කියවල මෙරට ඉංගිරිසියෙන් ලියන ජනමාධ්‍යවේදියකු මට දැන්වුව අමීර් ඩී ඇක්සල් (Aczel) නමැත්තකු ශූන්‍යය සොයා ගැනීම (Finding Zero) මැයෙන් ලියා ඇති පොතක් ගැන. මා ඒ පොත කියවා තිබුණේ නැහැ. එබැවින් එහි පිටපතක් ගෙන්වා ගෙන කියෙව්වා. එතෙර වසන මගේ මිතුරකු ඒ පොතෙහි පීඩීඑෆ් (PDF) පිටපතක් ද එවා තිබුණා.

ගණිතඥයකු වූ ඇක්සල් මැසචුසෙට්ස්හි බෘක්ලින්හි පදිංචි අයෙක්. ඔහූ ජෝන් සයිමන් ගගන්හයිම් අනුස්මරණ පදනමේ අධිසාමාජිකයෙක්. යුදෙව් වර්ගයට අයත් කෙනෙක්. ඔහු ෆර්මාට්ගේ අවසාන ප්‍රමේයය යන මැයෙන් ද ජාත්‍යන්තර ව හොඳ ම අලෙවිකරණයට ලක් වූ පොතක් ලියා තියෙනවා. ඔහුගේ ශූන්‍යය සොයා ගැනීම පොතෙහි සඳහන් වන්නේ පළමුවෙන් ම ලිඛිත ශූන්‍යය සංකේතය සොයා ගැනීමට,නිවැරදි ව නම් නැවත සොයා ගැනීමට කරන ලද උත්සාහය.

ශූන්‍යය වත්මන් බටහිර ගණිතයට ලැබුණේ කෙසේ ද කොහෙන් ද යන්න ගණිතඥයන්ගේ,ඉතිහාසඥයන්ගේ හා දාර්ශනිකයන්ගේ සාකච්ඡාවට බඳුන් වූ මාතෘකාවක්. ශූන්‍යය නැතිව ගණිතයක් නැහැ. ඉංගිරිසි ජාතිකයකු වූ ජී ආර් කේ (Kaye) විසිවැනි සියවස මුල කියා ඇත්තේ එය ඉන්දියාවෙන් ලැබුණු එකක් විය නොහැකි බවයි. ඔහුට අනුව ශූන්‍යය එක්කෝ බටහිර නැත්නම් අරාබි ලෝකයේ නිර්මාණයක්. ඔහු කියා ඇත්තේ ශූන්‍යය බටහිරින් හරි අරාබියෙන් හරි ඉන්දියාවට ලැබුණු බවත් බටහිරින් ලැබුණේ නම් ඒ අරාබිය හරහා ලැබුණු බවත් ය.

ඇක්සල්ට අනුව ප්‍රංශ යුදෙව්වකු වූ සෙඩෙස් නමැත්තාට 1929 දී කාම්බෝජයේ නොම් පෙන් නුවරින් කිලෝ මීටර් 300ක් පමණ දුරින් වූ බෞද්ධ පන්සලක ශක වර්ෂ 605 දී ලියූ ශිලා ලේඛනයක් හමු වී තිබෙනවා. ඒ ක්‍රිස්තු වර්ෂයෙන් නම් 683 දී. 605 යනු සටහන් වී ඇත්තේ වෘත්තාකාර බින්දුව වෙනුවට තිත යෙදීමෙන්. ක්‍රිස්තු වර්ෂ 683 යනු අරාබින් ඉන්දියාවට හා ඉන් නැගෙනහිරට යෑමට පෙර වර්ෂයක්. එයින් පැහැදිලි වන්නේ කාම්බෝජය වැනි ඉන්දියාවෙන් ඈත පිහිටි රටකත් ශූන්‍ය හැඳින්වීමට අරාබින් පැමිණීමට පෙර සංකේතයක් තිබූ බවයි. ක්‍රි ව 684 දී එකල බෞද්ධ ඉන්දුනීසියාවේ ශූන්‍ය යන්න වෘත්තාකාර බිංදුව ලෙසත් ලියා තියෙනවා. එහෙත් බෞද්ධ කාම්බෝජයේ ශූන්‍යය අඩු තරමෙන් එයට අවුරුද්දක් පැරණියි.

සෙඩෙස්ට හමු වූ 605 සටහන් ශිලා ලේඛනය පොල් පොට්ගේ ඊනියා විප්ලවවාදීන් විසින් විතැන් කර තිබුණා. ඇක්සල්ට අවශ්‍ය වී ඇත්තේ ඒ ශිලා ලේඛනය නැවත සොයා ගැනීමයි. ඔහුගේ ශූන්‍යය සොයා ගැනීම පොතෙහි සඳහන් වන්නේ ඒ විස්තරයයි. එහි දී ඔහු චතුස්කෝටිකය ගැන දැන ගැනීමට භික්‍ෂූන් වහන්සේ මුණ ගැසීමට තවත් ථෙරවාදී බෞද්ධ රටක් වූ ලාඕසයට ගොස් තිබෙනවා. ඔහුට අනුව ශූන්‍යය නාගර්ජූනපාදයන්ගේ මාධ්‍යමිකවාදයේ ශූන්‍යතාව හා චතුස්කෝටිකය සමග සම්බන්ධයි.

ඇක්සල් අදාළ ශිලා ලේඛනය කාම්බෝජයේ ජාතික කෞතුකාගාරයේ තිබී සොයා ගෙන ඇත්තේ 2013 දී. ඔහුගේ පොත පළ වී ඇත්තේ 2015 දී. එයට බොහෝ කලකට පෙර මා ශූන්‍යය හා චතුස්කෝටිකය ගැන ලියා තියෙනවා. සමහරවිට ඒ අවුරුදු තිහකට පමණ පෙර විය හැකියි. මට ඒ සඳහා කිසිම මූලාශ්‍රයක් තිබුණේ නැහැ. එහෙත් මගේ කතාවට අනුව ශූන්‍යය ශූන්‍යතාව සමගත් චතුස්කෝටිකය සමගත් සම්බන්ධ වෙන්න ඕන. මා ලියූ ලිපිවලත් එකල පැවැත් වූ දේශනවලත් ඒ ගැන සඳහන් කර ඇති. එහෙත් ඒ පිළිබඳ තොරතුරු දැන් මා සතුව නැහැ.

ඇක්සල් චතුස්කෝටිකය ගැන දැන ගැනීමට 2013 දී ලාඕසයට යෑම පිළිබඳ මට තරමක පුදුමයක් මෙන් ම කණගාටුවක් ද ඇති වුණා. ඔහු සඳහන් කරන පරිදි ලාඕසයේ ලුආන් ප්‍රභාන් නගරයට ගුවනින් ගොස් තියෙනවා. ලුආන් යන්නෙහි තේරුම අගනුවර යන්න. ප්‍රභාන් යනු ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ ලංකාවේ වැසියන් විසින් ලාඕසයේ රජුට ප්‍රදානය කර ඇති බුදු පිළිම වහන්සේගේ නම. ප්‍රභාන් යන්නෙහි නිරුක්තිය ප්‍රභාව හා සම්බන්ධ ද නැත්නම් ප්‍රධාන් (ප්‍රධාන) හා සම්බන්ධ ද යන්න මා දන්නේ නැහැ. එහෙත් එය සිංහල හුරුවක් ඇති වචනයක් බවට මට ඉවක් තියෙනවා. ඒ ගැන වැඩි දුර සොයා බැලීම භාෂා විශාරදයකුගේ කාර්යයක්.

ඇක්සල් ලංකාව ගැන දැන සිටියත් ඔහු චතුස්කෝටිකය ගැන සෙවීමට ලංකාවට පැමිණ නැහැ. අප ලංකාව ථෙරවාදයේ ප්‍රධාන රට ලෙස සලකනවා. ලාඕසයත් කාම්බෝජයත් ථෙරවාද රටවල්. ලංකාවේ භික්‍ෂූන් වහන්සේ චතුස්කෝටිකය ගැන නොදන්නේ යැයි ඔහු සිතුවේ ද? මා වෙනත් සත්භාවවේදයක ක්වොන්ට්ම් භෞතිකය යනුවෙන් (Quantum Physics in a Different Ontology) 2010 දී ඊනියා ජාත්‍යන්තර සඟරාවක පළ කළ ලිපියක චතුස්කෝටිකය ගැන ලියා තිබුණා. එහි වුයේ ක්වොන්ටම් අංශුවක් එක් විට දෙතැනක පිහිටීම ගැන චතුස්කෝටිකය ආධාරයෙන් කළ පැහැදිලි කිරීමක්. ඇක්සල් එය කියවා නොතිබෙන්න ඇති. ප්‍රධාන ධාරාවේ නොවන පත්‍රිකාවලට බටහිර රටවල අවධානයක් ලැබෙන්නේ නැහැ. බටහිර රටවල තබා ලංකාවේවත් අවධානයක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ ලැබෙන්නේ අවධානය නොව අවමානය. විදුසර පුවත්පතට ලියූ එක් ඊනියා උගතකු කියා තිබුණේ අංශුවක් එක්විට දෙතැනක පිහිටීම මගේ සිහි කල්පනාවේ ප්‍රශ්නයක් බවයි.

කෙසේ වෙතත් ශූන්‍ය යන සංකල්පය ගොඩනැගීමට මට හිතෙන ලෙස නාගර්ජුනපාදයන්ගේ ශූන්‍යතාව මෙන් ම චතුස්කෝටික න්‍යාය ද තිබිය යුතුයි. බුදුන් වහන්සේ අනිච්ච දුක්ක අනත්ත ශූන්‍ය ගැන දේශනා කර තිබුණත් නාම පදයක් ලෙස ශූන්‍යතාවක් ගැන දේශනා කර තිබුණේ නැහැ. ශූන්‍යතාව යනුවෙන් නාම පදයක් එකතු කිරීම වැරදි බව මගේ හැඟීමයි. එහෙත් ඒ වරද ශූන්‍යයට පාර කපා තියෙනවා.

බොහෝ සංස්කෘතීන්වල අය ගෙඩි පහකින් ගෙඩි පහක් ගත්තොත් කිසිවක් ඉතිරි නොවන බව දැන සිටින්න ඇති. ලංකාවේ පඬි නැට්ටන්ට වුණත් එය තේරෙන්න ඕන. ඒකට ඔවුන් කොහොමටත් නොදන්නා කැන්ටර්ගේ කුලකවාදයවත් ප්‍රවර්ගවාදයවත් දැන ගන්න අවශ්‍ය නැහැ. එහෙත් ගෙඩි පහකින් ගෙඩි පහක් ගත් පසු ඉතිරි නොවන බව කීමට සංකේතයක් (තිතක්, බිංදුවක්) තිබිය හැකි බව හැමෝට ම මුලින් දැන ගන්න බැහැ. කිසිවක් නැති විට කිසිවක් (ශූන්‍යතාවක්) තියෙන්නේ කෙසේ ද? මේ ප්‍රශ්නයට ද්විකෝටික න්‍යායෙහි පිළිතුරක් නැහැ. චතුස්කෝටිකයෙහි එයට පිළිතුරක් තියෙනවා. කිසිවක් තිබේ ද යන ප්‍රශ්නයට එක්වර ඇත මෙන් ම නැත යන්නත් එහි දී කියන්න පුළුවන්. 1986 දී පළ වූ මගේ ලෝකයෙහි චතුස්කෝටිකය ගැන කියා ඇති. එහෙත් එයටවත් මිහිඳු හිමියන්ගේ ප්‍රශ්න කුලකවාදයෙන් පිට ඇති බව මා ලියු ලිපිවත් මෙරට අවධානයට ලක් වුණේ නැහැ. එහෙත් මේ පොසොන් පොහොයටත් ඒ ප්‍රශ්න ගැන දේශනා කරාවි.

ලංකාවේත් ශූන්‍ය සඳහා සංකේතයක් තියෙන්න ඕන. බොහෝ විට එය අභයගිරි ය ආශ්‍රිත ව තියෙන්න පුළුවන්. මෙරට තරුණ පුරාවිද්‍යාඥයන්ට ඒ පිළිබඳ ගවේෂණයක් කරන්න පුළුවන්. හත්වැනි සියවසට පෙර ලංකාවේ ශූන්‍යය ලියැවී ඇත්නම් එය වැදගත්. ලංකාවේ කටපයාදි යනුවෙන් අංක ලියන ක්‍රමයක් තිබුණා. ඒ වගේ ම අපේ පදනම වූයේ දොළහ. අදත් ලංකාවෙන් ගිය සිංහල බෞද්ධයන් මුස්ලිමුන් වී වෙසෙන මාල දිවයිනෙහි දොළහ පදනම කරගත් සංඛ්‍යා තියෙනවා. දොළහ පදනම් කරගෙනත් ශූන්‍ය ලියන්න පුළුවන්. අපි හිතමු අද තිබෙන බෞද්ධ හින්දු පද්ධතිය අනුව වූ 1 සිට 11 දක්වා අ ආ ඇ ….. .. ඔ වශයෙන් ලිව්වා කියා. එවිට දොළහ ලියන්නේ අං ලෙස. පඬි නැට්ටකු කියාවි මට අං ඇවිත් කියා. දහතුන ලියන්නෙ අඅ ලෙස. මාලදවයිනේ කියන්නේ දොළොස් එක කියා. විසිතුන ලියන්නේ අඔ ලෙස. විසිහතර ලියන්නෙ ආං ලෙස. අනූපහ ලියන්නෙ උඔ ලෙස. පඬි නැට්ටකුට පුළුවන් ද දෙදහස් පන්සීය ලියන්න. දෙදහස් පන්සීයෙ රෙද්ද නොවෙයි දෙදහස් පන්සීය.

මූලාශ්‍රය: www1.kalaya.org

බටහිර වෙදමහත් හොරු නොහොත් මූසල උගත්තු

බටහිර වෙද මහත්හොරු සහ මූසල උගත්තු දැන් අරගල කරන්නේ කොවිඩ් මර්ධනය කිරීමට නෙවෙයි. කොවිඩ් පළමු රැල්ලෙන් ඇතිවුණ බෞද්ධකම, දේශීයත්වය, ආධ්‍යාත්මිකත්වය මර්ධනය කිරීම වෙනුවෙන්. ලංකාවෙම පිරිත් ඇහුණ එක​, දේශීය වයිද්‍යවරු ප්‍රතිකාර සොයාගත්ත එක​, මිනිස්සු ආධ්‍යාත්මිකත්වය ගැන උනන්දු වුන එක, මේ අධර්මිශ්ඨ කුහකයන්ට දරාගන්න බෑ. පලවෙනි රැල්ල 100% මර්ධනය කලේ සිංහල සාම්ප්‍රදයික ක්‍රම වලින්. ඒ වෙනකොට එන්නතක්වත් තිබ්බද? මේ අමන උගත්තු ටික මැද්දට පැනලා දැන් රටම අවුල් කලා.​

ආසිරි බුවනෙක

අපි වෙනුවෙන් බටහිර වෙද මහතුන් නැහැ – මහඇදුරු නලින් ද සිල්වා මහතා

අපි වෙනුවෙන් බටහිර වෙද මහතුන් නැහැ

ඉස්සර පළපුරුදු රියැදුරන් කියන කතාවක් තිබුණා. තමන් රිය පදවන්න ඕන ඉස්සරහින් එන රියැදුරා වැරැද්දක් කරන්න එන්නෙ කියල හිතාගෙන. ඒකෙ තේරුම අපි පුළුවන් තරම් පරෙස්සම් වෙන්න ඕන කියන එක. අපේ වැරැද්දක් නැතත් ඉස්සරහින් එන රියැදුරා වැරැද්දක් කළොත් අපිටත් ගැලවීමක් නැහැ කියන සිතුවිල්ලෙලන් රිය පදවන්න ඕන. මා හිතනවා මේ කොවිඩ් කාලෙ අපි ජීවත් වෙන්න ඕන ඒ වගේ සිතිවිලි එක්ක. අප හමුවෙන තැනැත්තාට කොවිඩ් තියෙන්න හොඳට ම ඉඩ තියෙනවා කියල හිතා ගෙන.

හොඳ ම දේ තමයි වෙනත් අය හැකි තාක් හමු නොවී සිටීම. ඒත් අප රැකියා කරන්න ඕන. අද රැකියා නොකර ජීවත් වෙන්න බැහැ. මියන්මාහි නම් තත්වය එතරම් නරක නැහැ. මිනිසුන් රැකියා නැතිව ජීවත් වෙනවා. තම දෙමවුපියන් බලා ගැනීමට සිදු වුණොත් රැකියාවෙන් අස්වෙලා යනවා. අපට එහෙම කරන්න බැහැ. මියන්මා මිනිසුන් අප තරම් දියුණු නැතිව ඇති.

රට වහන්න කියන එක ස්ථිර මාසික වැටුපක් ලබන්නවුන්ට ඉතා පහසුවෙන් කියන්න පුළුවන්. එහෙත් ස්ථිර රැකියාවක් නැති අය රට වැහුවොත් මොනව කරන්න ද? රට වැහුවොත් නොවෙයි ගමක් ප්‍රදේශයක් පොලිස් වසමක් හුදකලා කරත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මෙරට මධ්‍යම පංතියේ සාක්‍ෂරතාව වැඩි වෙන්න පුළුවන්. ඔවුන්ට කියවන්න පුළුවන්. ඒත් ඔවුන්ට තේරුම් ගන්න බැහැ. හිතන්න බැහැ. ඒ අපේ අධ්‍යාපනයේ සාර්ථකත්වය. අපට මුල ධර්ම අනුව නම් හිතන්න කොහොමටවත් බැහැ.

මූල ධර්ම අනුව හිතන එක බටහිර අධ්‍යාපනයෙ තියෙන එක අංගයක්. ග්‍රීකයන් තමයි ඒකෙ මුල ඉන්නව කියල දැනට හිතන් ඉන්නෙ. ඔවුන් ස්වසිද්ධිමය ක්‍රමය ලෝකයට හඳුන්වාදුන් බවයි කියන්නෙ. බටහිර ගණිතය මේ ස්වසිද්ධිමය ක්‍රමය මත පදනම් වුණු දෙයක්. වෛදික ගණිතය එහෙම නො වෙයි. වෛදිකයන්ට ජ්‍යාමිතියක් ගොඩනගා ගන්න බැරි වුණු ප්‍රධාන හේතුව එයයි. වෛදිකයන් ජ්‍යාමිතියක් නැතිව ත්‍රිකෝණමිතියක් සංස්කරණය කළා, ගොඩනගා ගත්තා.

මධ්‍යම පංතික උගතුන් කියන අයට අහන්න පුළුවන් අර රටේ මෙහෙම කරා නම් අපේ රටේ එහෙම කරන්න බැරි ඇයි කියල. රටවල් ඔක්කොම එක වගේ නම් එහෙම අහන එකේ වැරැද්දක් නැහැ. ඒත් ඕස්ත්‍රේලියාවෙ රට වැහුව ම ආණ්ඩුව ස්ථිර රැකියා නැති අය සියල්ලන්ට දිමනාවක් දෙනවා. අපට ඕන වුණත් එහෙම කරන්න පුළුවන් කියා මා හිතන්නෙ නැහැ. දැන් බලන්න දඹුල්ල වෙළෙඳ මධ්‍යස්ථානය වැහුව ම සිද්ධ වෙලා තියෙන දේ. ගොවියන්ට තම එළවළු විකුණ ගන්න බැහැ. ආණ්ඩුව ඒ අයගෙ එළවළු මිළ දී ගන්න ක්‍රමයක් හැදුව නම් හොඳයි. ඒත් ලංකාවෙ නිලධාරි තන්ත්‍රය ක්‍රියාත්මක වෙන ආකාරයට ඒ වගේ දෙයක් එක දවසකින් කරන්න බැහැ. නිලධාරි තන්ත්‍රය ක්‍රියාත්මක වෙන විට එළවළු කුණු වෙලා. ඒත් දැන්වත් ඒ ගොවීන්ට සෙතක් සලසන්න පුළුවන් නම් හොඳයි. ඒකට පෝර්ම විස්සක් විතර පුරවන්න වෙනව නම් සහතික දහයක් විතර ගන්න වෙනව නම් ඒකෙනුත් වැඩක් වෙන්නෙ නැහැ.

අප කැමති වුවත් අකමැති වුවත් අපට හඳට රොකට් අරින්න බැහැ. හඳට රොකට් අරින්න පුළුවන් ඉන්දියාවට වුණත් අද වන විට කොවිඩ් පාලනය කරන්න බැහැ. අපට අවශ්‍ය එන්නත් මිළ දී ගන්න රටවල් හොයා ගන්න ඕන. අප එන්නත හදන්නෙ නැහැ. චීනය උදවු කරාවි ද දන්නෙ නැහැ. සජිත්ට දුරකතනයෙන් විවිධ රටවල තානාපතිවරුන්ට කතා කරල මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගන්න පුළුවන්. ආණ්ඩුවත් හැම රටකට ම වගේ කතා කරල තියෙනවා. සජිත් කතා කරනකම් ආණ්ඩුව බකංනිලාගෙන හිටියෙ නැහැ. කතා කළ පලියට ආණ්ඩුව ප්‍රචාරය දෙන්නෙ නැහැ. තානාපති කෙනකු හැටියට මට සමහර තොරතුරු ලැබෙනවා. එන්නත නිපදවන රටවල් තියෙන්නෙ ටිකයි. අද එන්නත ඕන රටවල් ඒ වගේ විසි තිස් ගුණයක්වත් වෙන්න ඕන. ඒ හැමෝමත් වගේ එන්නත බලාපොරොත්තු වෙනවා.

අපි වෙනුවෙන් අපි තමයි හොඳ ම ප්‍රතිපත්තිය. අනෙක් තැනැත්තාට කොවිඩ් කියල හිතාගෙන වැඩ කරමු. ඉස්සරහින් එන රියැදුරා වැරැද්දක් කරන්න ඉඩ තියෙනවා. අපි ඒ කතාව හිතට ගනිමු. හැකි තාක් අපේ ගමන් බිමන් අඩු කරමු. උත්සව සාද අවශ්‍ය නැහැ. ක්‍රීඩා තරග බලන්න යන්න අවශ්‍ය නැහැ. තරග පැවැත්තුවත් ගෙදර ඉඳන් තරග බලමු. අපි තාක්‍ෂණය යොදා ගනිමු. අප බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කරන්නෙ නැහැ. බටහිර දැනුම් ආධිපත්‍යයටයි විරුද්ධ වන්නෙ. සාක්‍ෂරතාව ඇති උගත් මධ්‍යම පංතියට ඒ පොඩි කතාව තේරෙන්නෙ නැහැ. ඒ ඔවුන්ගේ උගත්කමේ තරම. ඔවුන්ට අවුරුදු තිස්පහක් තිස්සෙත් ඒ පොඩි කතාව තේරුම් ගන්න බැරි වෙලා.

බටහිර වෙද මහතුන් අපට කියන්නෙත් අපි කියන ටික ම පමණයි. ඔවුන්ට පුළුවන් ද කොවිඩ් රෝගියකු හඳුනාගන්න විධිය සරල ව කියන්න. අර පීසීආර් කතාව නම් කියන්න එපා. පීසීආර් + කියන්නෙ රෝගියකු හඳුනාගන්න ක්‍රමයක් නො වෙයි.

අප සතුව තියෙන සම්පත් කොවිඩ් මර්දනයේ දී ප්‍රයෝජනයට ගන්නෙ නැත්තෙ ඇයි? අපට කොවිඩ් 19 සඳහා ප්‍රතිකාර තියෙනවා. බටහිර වෙද කමේ නම් ප්‍රතිකාර නැහැ. ඒත් අප අපේ දැනුම පැත්තකට විසි කරලා. එය මිථ්‍යාවක් කියන්න බටහිරයන් උගන්නලා. අපේ ඊනියා උගත්තු ඒක විශ්වාස කරනවා. කොවිඩ් 19 පළමු රැල්ල කියන එක පාලනය කිරීමේ දී හමුදාවට අමතරව ආධ්‍යාත්මික පැත්තත් අප සැලකිල්ලට ගත්තා. හාමුදුරුවරු පිරිත් දේශනා කළා. දේශීය ප්‍රතිකාර ක්‍රම යොදා ගත්තා. එහි සාර්ථකත්වයක් තිබුණ. වාසනාවකට එකල බටහිර වෙද මහතුන්ට එතරම් බලපෑමක් කරන්න බෑරි වුණා.

එහෙත් අද තත්වය වෙනස්. බටහිර වෙද මහතුන් ප්‍රශ්නයට මැදිහත් වීමෙන් පසුව රෝගය උත්සන්න වුණා කිවුවොත් හරි ද? අද හාමුදුරුවරු නැහැ. දේශීය ප්‍රතිකාර ප්‍රයෝජනයට ගන්නේ නැහැ. අවශ්‍ය දේශීය ඇඳන් පමණයිලු!

අප ලෝකය හැටියට ම අධාර්මික වෙලා. ආත්මාර්ථකාමීත්වය රජයන ලෝකයකයි අප ජීවත් වෙන්නෙ. අද ලෝකයේ මිනිසුන් ජීවත් කරවීම සඳහා සතුන් කී දෙනකු මරණවා ද? කුකුළන් හරකුන් ඌරන් හා වෙනත් සතුන් මැරෙන්නෙ අප කෙරෙහි අනුකම්පාවෙන් නම් නො වෙයි. ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණ සඳහා මීයන් කොතරම් මරණවා ද? එ සතුන් අපට කළ වරදකුත් නැහැ. දෙවියන් අප දිහා බලන්නෙ නැත්ද කියල අහනවා. අප දිහා බලන දෙවියන් ඉන්නවා. ඒ අර තිස්තුන් කෝටියක් දෙවියන් නම් නො වෙයි. හැම දෙවියන් ම හොඳය කියල හිතන්න එපා. වසවර්ති මාරයාත් දෙවියෙක්.

මේ කතාවලට පඬි නැට්ටන් හිනහවේවි. මා නම් හිනා වෙන්නෙ කළු කුහරවලට, මහා පිපිරුමට, අඳුරු ශක්තියට (dark energy), අඳුරු ද්‍රව්‍යයට (dark matter), බහුවිශ්වවලට, හා බටහිර භෞතික විද්‍යාවෙ තවත් බහුබූතවලට. මා එහෙම කියන්නෙ මට විද්‍යාඥයකු වීමට නොහැකි වීම නිසා යැයි පඬි නැට්ටකු කියන්න පුළුවන්. ඒකට කමක් නැහැ.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

බෞද්ධයන් නැත්තන් ශූන්‍යය නැහැ – මහඇදුරු නලින් ද සිල්වා මහතා

බෞද්ධයන් නැත්තන් ශූන්‍යය නැහැ

  • මහඇදුරු නලින් ද සිල්වා මහතා