කොවිඩ් 19 හා මැකෝලි නැට්ටෝ – මහ අඇදුරු නලින් ද සිල්වා මහතා

කොවිඩ් 19 හා මැකෝලි නැට්ටෝ

කොවිඩ් 19 වසංගතය ලංකාවේ තරමක් බරපතළ වෙලා. පළමු අවස්ථා දෙකේ දී ම යම් පමණකට හරි කොවිඩ් පාලනය කරන්න අපට පුළුවන් වුණා. දෙවැනි අවස්ථාවේ යම් යම් ප්‍රශ්න නොතිබුණා නො වෙයි. එහෙත් අවුරුද්දකට පමණ ඉස්සර කොවිඩ් මරණ සංඛ්‍යාව ඉතා සුළු ප්‍රමාණයක්. එදා තිබූ අද නැති සාධක මොනවා ද? එදා නොතිබූ අද ඇති සාධක මොනවා ද? මා ඒ ගැන ලියා ඇති බැවින් නැවතත් ලියන්න අදහස් කරන්නේ නැහැ. එහෙත් නොකියා ම බැරි කරුණ තමයි එකල තිබූ දේශීය දැනුම් හා ආධ්‍යාත්මික නැඹුරුව අද නොමැති වීම හා අද බටහිර දැනුම් ආධිපත්‍යය තහවුරු වීම. තවමත් ආයුර්වේද රෝහළේ ඇඳන් රෝගීන් ඉල්ලමින් උඩ බලන් ඉන්නවා.

කොවිඩ් සම්බන්ධයෙන් එයට අමතර ව එහෙමත් නැත්නම් ඒ හා අනුබද්ධ තවත් සාධක තුනක් තියෙනවා. අප දැන් වැඩ කරන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය යටතේ. සෞඛ්‍ය අමාත්‍යාංශය එයට යටවෙලා. ඒත් අපට බටහිර රටවල් මෙන් කටයුතු කරන්න බැහැ. අප ධනය අතින් දුප්පත්. එන්නත් ලබා ගැනීමත් අපට ප්‍රශ්නයක් වෙලා. ඒ මිළ නිසාමත් නොවෙයි. අද හැම රටකට ම එන්නත අවශ්‍යයි. ඒ අවශ්‍යතාව පිරිමසා ගැනීමේ දී දුප්පත් රටවල් ඉන්නේ ලැයිස්තුවේ අග. අපට බටහිරයන්ට මෙන් ඕන ඕන විධියට රට වහන්න බැහැ. අප රටේ එදිනෙදා වැඩක් පළක් කරල ජීවත් වෙන ප්‍රමාණය අධිකයි. ඔවුන් ගැන ගොවීන් ගැන ධීවරයන් ගැන හොයන්න ඕන. රට වහලා ඔවුන්ට දීමනාවක් දෙන්නට තරම් අප පොහොසත් නැහැ.

අපට ඇති දෙවැනි ප්‍රශ්නය බටහිර වෙදකම හා සම්බන්ධයි. සෞඛ්‍යයට සම්බන්ධ නිලධාරීන් පවා තවමත් හිතන්නේ යමකු පීසීආර් + නම් ඒ රෝගීයකු කියා. ඒ මතය ජනතාව අතරට යෑම ගැන ජනමාධ්‍ය මෙන් ම බටහිර වෙදකමට සම්බන්ධ බොහෝ දෙනා ද වග කියන්න ඕන. කොවිඩ් රෝගියකු හඳුනාගැනීම පිළිබඳ ප්‍රශ්නයක් අද තියෙනවා. ඒ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නැති නිසා පීසීආර් + නම් රෝගියකු කියන්න පුරුදු වෙලා. පීසීආර් + අයට කොවිඩ් 19 වැළඳීමට ඉඩක් තියෙනවා වෙන්න පුළුවන්. ඇතැමුන් පීසීආර් + අය නිවෙස්වල තබා ගැනීමට විරුද්ධ වන්නේ පීසීආර්+ නම් රෝගී කියන්න මුල ඉඳන් ම අපි පුරුදු වුණ නිසා. පීසීආර් + බව දින කිහිපයකින් පීසීආර් – වෙන්න පුළුවන්. අද බටහිර රෝහල්වල ඊනියා ප්‍රතිකාර ලබ සුව වී ගෙදර යනවා කියන්නේ කිසිම ප්‍රතිකාරයක් නැතිව පීසිආර් + පීසීආර් – වුණු අය. ඔවුන්ට සුව වෙන්න රෝගයක් තිබුණෙ නැහැ.

පීසීආර් + අය ගැන අප පමණක් නොව සියලු දෙනා ගැන ම අප විමසිල්ලෙන් ඉන්න ඕන. අද පීසීආර් – අයකු හෙට පීසීආර් + වෙන්න පුළුවන්. අනිද්දා රෝගියකු වෙන්න පුළුවන්. රෝගියකු හඳුනාගැනීම සඳහා සරල නිර්ණායක කිහිපයක් කියන්න පුළුවන් ද? මට තේරෙන විධියට කොවිඩ් සෙම කිපීමෙන් ඇති වන රෝගයක්. සෙම කිපීමෙන් සිරුරේ තුන්දොස් අතර ඇති සමබර බව බිඳෙනවා. ප්‍රතිකාර අවශ්‍ය ඒ සමනය කර ගැනීමට. අපට මෙය අවශ්‍ය නම් සමතුලිතබව නැති වීම කියන්න පුළුවන්. එහි ස්වභාවය අනුව ඒ ගතික සමතුලිතතාවක්.

මෙය ප්‍රතිශක්තිකරණය නැති වීම හා වර්ධනය කිරීම ලෙසත් කියන්න පුළුවන්. එහෙත් එය සංකල්ප පටලවා ගැනීමක් ලෙසයි මට හිතෙන්නෙ. අපි අර තුන්දොස් කිපීමට හා සමනය කිරීමට සීමා වෙමු. අවශ්‍ය ම නම් ගතික සමතුලිතතා කතාව යොදා ගනිමු. නාඩි ශාස්ත්‍රයෙන් මේ තුන්දොස් කිපීම දැන ගන්න පුළුවන්. එහෙත් අපේ වෙදකම නාඩි ශාස්ත්‍රයට පමණක් සීමා නොවූ බවත් කියන්න ඕන. අපේ වෙද මහතුන් හරි රෝගීන් හඳුනාගැනීම සඳහා සරල ලක්‍ෂණ කිහිපයක් කියනවා නම් හොඳයි.

බටහිර එන්නත ප්‍රතිකාරයක් නො වෙයි. එය රෝගය වැළඳීම වැළැක්වීම සඳහා කරන උපායක්. ඒ උපාය ඒ ආකාරයෙන් ම නූණත් භාරතයේත් තිබුණා. සමහර විට උපාය රෝගය වැළඳුණු අයට ප්‍රතිකාරයක් වෙන්නත් පුළුවන්. ධම්මික වෙද මහතාගේ පැනිය එවැන්නක් කියා හිතෙනවා. පැනිය ගැන කියන විට අපට අපේ උද්භිද විද්‍යා විශේෂ උපාධිධාරියකු වූ රියැදුරු මහතකු සෞඛ්‍යයට හොඳය කියා ඉස්ම සහිත ඉඟුරු ගෙනත් දුන් බව කියන්න ඕන. අර පැනියෙ තිබුණෙත් ඉඟුරු ගම්මිරිස් සාදික්කා ආදිය. මියන්මාහි කොවිඩ් එතරම් පැතිරීමක් නැහැ.

අද කළ යුත්තේ පීසීආර් + වුවත් නිවසේ තබා ගැනීම හා රෝග ලක්‍ෂණ පහළ වුණොත් බටහිර රෝහලකට හරි ආයුර්වේද රෝහලකට හරි ගෙන යෑම. ඒ අතර තමන් කැමති නම් අද ඇති විවිධ දේශීය ප්‍රතිකාරත් ගන්න පුළුවන්. එය වළක්වන්න බටහිර වෙදකමට හරි බටහිර වෙද මහතුන්ට හරි සෞඛ්‍ය අමාත්‍යංශයට හරි බලයක් නැහැ.

අපට කොවිඩ් සම්බන්ධයෙන් ඇති තුන්වැනි ප්‍රශ්නය කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නය. අපත් වෙනත් බොහෝ ආසියාතික රටවලුත් අතරමං වූ පිරිස්. අපට අපේ ලොවත් නැහැ, බටහිර ලොවත් නැහැ. කළමනාකරණය පිළිබඳ බොහෝ දේ කියන්න තියෙනවා. අද අපට අපේ කළමනාකරණය අහිමි වෙලා. එය තවමත් පවතින්නේ පන්සලේ හා පෙරහැරේ පමණයි. නුවර පෙරහැර සංවිධානය කරන එක ලෙහෙසි පහසු වැඩක් නො වෙයි. පන්සලේ පින්කම් දාන මාන අපි පිළිවෙළට කරනවා. ඒත් අපට පිළිවෙළකට කොවිඩ් එන්නත ලබා දෙන්න බැහැ. රෝගීන් රෝහල්වලට ඇතුල් කිරීම පිළිවෙළකට කරන්න බැහැ. ඒ කියන්නේ අපට බටහිර පිළිවෙළ නැහැ කියන එකයි.

එංගලන්තයේ කොවිඩ් එන්නත ලබා දෙන අපුරුව පිළිබඳ අපට කියන්න පුළුවන්. අපට බටහිර පිළිවෙළ අනුගමනය කරන්න බැහැ. මෙය සංස්කෘතික ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් දැනුම් පද්ධති අතර ප්‍රශ්නයක්. කොවිඩ් එන්නත පිළිවෙළකට කරන්න නිලධාරීන්වත් සාමාන්‍ය ජනයාවත් එකතු වන්නේ නැහැ. පැය හයක් පෝලිමේ ඉන්නෙ නැතිව එන්නත ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. එයට ඇති එක ම ක්‍රමය විද්‍යුත් මෙහෙයුමක් නො වෙයි.

බටහිර වෙදකම සඳහා 1870 මෙරට වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවූයේ එංගලන්තයෙන් වෙදකම් කිරීම සඳහා බටහිර වෙද මහත්වරු ගෙන්වා ගැනීම වියදම් අධික දෙයක් නිසා. ඉංගිරිසින්ට අවශ්‍ය වුණෙ සාමාන්‍ය ලෙඩකට බෙහෙතක් දෙන්න පුළුවන් බලපත්‍රලාභීන් පිරිසක් බිහි කර ගැනීමයි. මා මේ දිනවල ආනන්ද ඩයස් ජයසිංහ මහතා රිච්මන්ඩ් විදුහලේ අමතක වූ ඉතිහාසය මැයෙන් ලියා ඇති පොතක් කියවනවා. රිච්මන්ඩ් ඉතිහාසය 1814 දක්වා දිව යන බව එහි සාක්‍ෂි සහිත ව පෙන්වනවා. එය රිච්මන්ඩ් ඉතිහාසය ගැන මෙන් ම මෙරට අධ්‍යාපනය හා සමාජ පසුබිම ගැන ද ලියැවුණු පොතක්. එහි සඳහන් එක් කරුණක් නම් ඉංගිරිසින් මෙරට ඉංගිරිසි මාධ්‍ය පාසල් පිහිටුවූයේ එංගලන්තයෙන් අධික වියදමක් දරා පිරිස් ගෙන්වන්නෙ නැතිව රජයේ වැඩ කර ගැනීමට අවශ්‍ය සුලු නිලධාරීන් මෙහි දී ම බිහි කර ගැනීමට බව. මේ සුලු නිලධාරීන් සුලු වෙද මහතුන් බිහි කිරීමට ගත් පියවර පසු කලෙක මැකෝලි ඉන්දියාවෙ දි ආකල්පමය වෙනසකට භාජනය කිරීමට උත්සාහ කළා. ඔහුට අවශ්‍ය වූයේ හමෙන් දුඹුරු වුවත් ඉංගිරිසින් මෙන් හිතන පිරිසක් බිහි කිරීමට.

එහෙත් මැකෝලි අසමත් වෙලා. අපට ඉංගිරිසින් මෙන් හිතන්න බැහැ. අප තවමත් ඉංගිරිසින්ගෙ සුලු නිලධාරීන් හා සුලු වෙද මහතුන් පමණයි. මෙරට අද කළමනාකරණ පීඨ රාශියක් තියෙනවා. එහෙත් ඒ එකකටවත් ඉංගිරිසින් මෙන් කළමනාකරණය කළ හැකි අයකු බිහි කර ගන්න බැහැ. අපට ඉන්නෙ පඬිනැට්ටන් පමණයි. මැකෝලි නැට්ටන් කිවුවත් කමක් නැහැ.

සිංහළ ඔසු හඳුනා ගනිමු

ගෙවත්තක නම් , එදිනෙදා අවශ්‍යවන ඔසු පැල හිටවන්න .

  1. කෝමාරිකා – පිලිස්සුම් , ගෑස්ටික්( බීම සාදා )
  2. බෙලි – බඩ පිපුම , වියලීම
  3. ගස්ලබු – බඩ වියලීම
  4. කරපිංච – සර්ප විෂ , කොලෙස්ට්‍රෝල්
  5. දෙහි – කෑම අරැචිය , බඩ රිදුම්
  6. දෙලුම් – ඇස් රෝග (කොල තම්බා සේ දීමට )
    7.කොහිල – දියවැඩියාව , අර්සස්
    8.රනවරා – මුත්‍රාරෝග , සමාජරෝග ,
  7. අක්කපාන – මුත්‍රා ගල් ( තම්බා පත බැගින් උදේ , දවල්, රෑ – දින 3යි )
    10.කොහොඹ –
  8. හාතවාරිය – මදසරැ බාවය , ගහැණු අයගේ ගර්භාෂ රෝග
  9. වැල් පෙනෙල – ලිංගික දුර්වලතා.
  10. තැබිලි – මුත්‍රා රෝග
  11. කහ – රෑපලාවන්‍ය , සර්පවිස , උළුක්තු ඇමැට්ටි, කටු ඇදීමට ( පොල්තෙල් සුවල්පයක් රත්කර එයට අමු කහ කැබැල්ලක් ලියා දමා , මද රස්නය පිට ගාන්න -උළුක්කු අදින්න , එම බේතම කටු ඇණුනු තුවාලය පාදා එහි ගාන්න කටුව ඇදේ )
  12. ඉඟුරැ – උදරාබාද ,
  13. ඉරමුසු – සරීර දාහය , දහඩිය දුගඳ
  14. වැල්තිබ්බටු – (සම්බෝලය ) කැස්ස , සෙම
  15. සස්සඳ – සර්පවිෂ ( ඹ්නෑම සර්ප විසකට දෙහි ඇඔුලෙන් අඹරා ගාන්න)
  16. ගොටුකොල – පීනස් (රතුළුණු සමග මැල්ලුම්) , කොන්ඩය වැවීම⁣ට , ඇස් පෙනීම වැඩි වීමට (කැද )
  17. තෙබු , පැෂන් – අදික රැදිර පීඩනය.
    21- කොස් – දිය වැඩියාව , මවුවරැන්ට කිරි ඉරීමට .

නවතිමි.

ඔසුපැල හදුනා ගනිමු සමූහයෙන්

දෙවියන් වහන්සේ බටහිර විද්‍යාව මාක්ස්වාදය හා මාස්ක්වාදය – මහ අඇදුරු නලින් ද සිල්වා මහතා

දෙවියන් වහන්සේ බටහිර විද්‍යාව මාක්ස්වාදය හා මාස්ක්වාදය
.

බටහිර විද්‍යාව ගැන තව කරුණු ටිකක් කියන්න ඕන. විශේෂයෙන්ම එක්සත් ජනපදිකයන් (ඇමරිකානුවන්) බටහිර විද්‍යාව ගැන තිබූ විශ්වාසය නැති වීම ගැන කියන්න ඕන. එක්සත් ජනපදිකයන් දෙවියන් වහන්සේ ගැන විශ්වාස
කරනවා. ඒ විශ්වාසය බටහිර විද්‍යාව ගැන තියෙන විශ්වාසයට වඩා වැඩියි. මා සඳහන් කරන්නේ සමස්තයක් ලෙස. බුද්ධිමතුන් ගැන නොවෙයි. බටහිර විද්‍යාවේ ප්‍රධානම චරිත දෙක නිවුටන් හා අයින්ස්ටයින්. ඔවුන් දෙවියන් වහන්සේ විශ්වාස කළා.

නිවුටන් ඉංගිරිසි ජාතිකයෙක්. ඔහුගෙන් පසු බිහි වූ එකම ප්‍රධාන ඉංගිරිසි ජාතික විද්‍යාඥයා වූයේ ඩිරුක්. මැක්ස්වෙල් ස්කොට්ලන්ත සම්භවයක් තිබූ අයෙක්. හෝකින් ජනමාධ්‍ය මගින් පුම්බනු ලැබූවෙක්. නිවුටන් කියා සිටියේ තමා දෙවියන් වහන්සේ ලෝකය මවා ඇති ආකාරය තේරුම් ගැනීමට උත්සාහ කරන බවයි. අයින්ස්ටයින් යුදෙවු ගෝත්‍රිකයෙක්. ඔහු වියුක්ත චින්තනයෙහි ඉහළම අයෙක්. යුදෙවුවන්ගේ සංස්කෘතිය තමයි වඩාත්ම වියුක්ත චින්තනයක් ඇති සංස්කෘතිය. අද බටහිර කතා කෙරෙන දෙවියන් වහන්සේ ඔවුන්ගේ සංස්කෘතියේ යෙහෝවා දෙවියන් වහන්සේ. ක්‍රිස්තියානි දෙවියන් වහන්සේත් ඉස්ලාම් ආගමේ අල්ලා දෙවියන් වහන්සේත් යෙහෝවා දෙවියන් වහන්සේගේ විවිධ ස්වරූප. ක්‍රිස්තියානින් හා යුදෙවුවන් අතර තිබූ වෙනස්කම් මේ වන විට බොහෝ දුරට සමනය වූ බවක් මතුපිටින් පේන්න තියෙනවා. එය මතුපිටින් පමණයි. අල්ලා දෙවියන් වහන්සේ හා යෙහෝවා දෙවියන් වහන්සේ අතර ප්‍රශ්නය නම් අදත් නැවතත් ඊශ්‍රායලයේ කරළියට ඇවිත්. අද කොවිඩ් 19ත් මේ අරගලයේම කොටසක් ලෙසයි මා දකින්නේ. එහි දී චීනය මේ ගැටුම යොදා ගන්නා බව පැහැදිලියි.

මට කීමට අවශ්‍ය එයට වඩා අයින්ස්ටයින්ගේ දෙවියන් වහන්සේ ගැන. යුදෙවුවන්ගේ යෙහෝවා දෙවියන් වහන්සේ වියුක්තයේ එහා කෙළවරේ. ඒ
දෙවියන් වහන්සේගේ රූපයක් මවා ගන්න බැහැ. ප්‍රතිමා හදන්න බැහැ. අල්ලා දෙවියන් වහන්සේටත් ඒ කරුණු පොදුයි. එහෙත් කතෝලික බැතිමතුන්ගේ දෙවියන් වහන්සේ එපමණ වියුක්ත නැහැ. දහනවවැනි සිය වසේ අග වන විට
ක්‍රිස්තියානි බුද්ධිමතුන් අතර දෙවියන් වහන්සේ ප්‍රශ්න කෙරුණා. එහි විකාශයක් ලෙස තමයි අද ඇතැමුන් දෙවියන් වහන්සේ ප්‍රතික්‍ෂෙප කරන්නේ.
අයින්ස්ටයින්ටත් මේ ප්‍රශ්නය බල පෑවා. ඔහු ප්‍රශ්නයෙන් ගැල වී ගියේ තම දෙවියන් වහන්සේ පෞද්ගලික දෙවියන් වහන්සේ කෙනකු බව කියමින්! ඔහු දෙවියන් වහන්සේ ප්‍රතික්‍ෂෙප කෙළේ නැහැ. පෞද්ගලික දෙවියන් වහන්සේ හා
පොදු දෙවියන් වහන්සේ අතර වෙනස කුමක්ද?

බටහිර ලෝකය සමස්තයක් ලෙස ගත් කළ දෙවියන් වහන්සේ අතහරින්නේ නැහැ. බුද්ධිමතුන් පිරිසකට දෙවියන් වහන්සේ ප්‍රශ්නයක් වුණත් සාමාන්‍ය ජනයාගේ විශ්වාසය බිඳෙන්නේ නැහැ. සාමාන්‍ය ජනයා බටහිර විද්‍යාවට වඩා දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. නිවුටන් හා අයින්ස්ටයින් විශ්වාස කළ දෙවියන් වහන්සේ ඔවුන්ට වඩා අඩු මට්ටමේ බටහිර විද්‍යාඥයන් විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබීමේ ප්‍රතිඵලය වී ඇත්තේ බටහිර ලෝකයේ බටහිර විද්‍යාව
ක්‍රමයෙන් ප්‍රතික්‍ෂෙප වීමයි. එක්සත් ජනපද මේ සම්බන්ධයෙන් ඉදිරියෙන්ම ඇති රටයි. එක්සත් ජනපදිකයන් කොවිඩ් එන්නතකට ආකර්ෂණය කරගැනීමට ලොතරැයි පිහිට පතන්න වෙලා.

ඒත් අපේ රටේ බටහිර විද්‍යාව ගැන ඇත්තේ තදබල විශ්වාසයක්. මා හිතන්නේ දේශපාලනඥයන් සියල්ලන්ම පාහේ බටහිර විද්‍යාව ගැන තදින් විශ්වාස කරනවා. සජිත් එ ගැන පැහැදිලි ප්‍රකාශයක් කර නැතත් ඔහු එන්නත හා විද්‍යා උපකරණ ලබා ගැනීමට ලංකාවේ ඉන්න විදේශීය තානාපතිවරුන්ට දුරකතන පණිවුඩ ලබා දෙනවා. තානාපතිවරු තමාට මොනවා කිවුවද කියා සජිත් ජනමාධ්‍යයට කියන්නේ නැහැ. අනුර රනිල්දාස නම් බටහිර විද්‍යාව ඉගෙන ගත්තෙක්. ඔහු කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බටහිර විද්‍යා මතයට සවන් නොදී හිතුවක්කාර මානාධික ආකාරයකින් කටයුතු කරන බවයි. රනිල්දාසට අනුව විවිධ වයිරස ලංකාවට ගෙනැවිත් තියෙන්නෙ ගෝඨාභය රාජපක්‍ෂ බටහිර වෙද මහතුන්ට ඇහුම්කම් නොදීම හේතුවෙන්.

මා දන්නා තරමින් බටහිර වෙද මහතුන් කොවිඩ් 19 සම්බන්ධයෙන් ඊනියා වෛද්‍ය විද්‍යාත්මක කිසිවක් කියා නැහැ. රවි කුමුදේශ් සහ තවත් අය කියන
මීටරයක් දැන් නම් මීටර දෙකක් දුරින් ඉන්න මුව ආවරණයක් දැන් නම් දෙකක් පළඳින්න අත් හෝදන්න වැනි දේ හැරෙන්න ඔවුන් කියා ඇත්තේ කුමක්ද? විවිධ කොවිඩ් වයිරස ජාති (විකෘතීන්) තියෙන බව කියනවා. ඒවට බටහිර දාල තියෙන නම්ද අපට කියනවා. සමහරු රට වහන්න කියනවා. තවත් සමහරු ප්‍රදේශ හුදකලා කරන්න කියනවා. ගමන් බිමන් සීමා කරන්න කියනවා. තවත් සමහරු දේශීය ප්‍රතිකාර කරන්න එපා කියනවා. ආයුර්වේද වෙදමහතුන් පන්නල ආයුර්වේද රෝහලත් තමන්ට දෙන්න කියනවා.
අවාසනාවකට ආණ්ඩුව එයට නම් කන් දී ඇති බවක් පේනවා.

රට වහන එක ප්‍රදේශ හුදකලා කරන එක ඊනියා සමාජ දුරස්ථභාවය ආදිය
දෙයියන්නෙ ලෙඩ හැදුනම අපේ ගෙවල්වල කෙරෙන වෙන් කිරීම පළල්ව කිරීමක් පමණයි. ඒත් එය ගෙදරක රෝගියකු වෙන් කිරීම තරම් සරල නැහැ. එය බටහිර වෙද මහතුන් කීවත් වෙනත් අයත් කීවත් අවසානයේ දී දේශපාලන තීන්දුවක් වෙනවා.

මා දන්නවා බොහෝ දෙනා ගණිතයේදීත් ඒ වගේ ගණනක් ආවෙත් මේ විධියට කරන්න කියා ඉගෙන ගන්නවා. ගණන පොඩ්ඩක් වෙනස් කළොත්
ඉවරයි. රට වහන එක හරි වෙනත් දෙයක් හරි අර රටේ කරල තියෙන විධියට මේ රටෙත් කරමු කියා කියන්න බැහැ. අනෙක් අතට මෙරට නිලධාරි
පැළැන්තිය ආණ්ඩුව ගන්නා තීරණත් අවුල් කරනවා. තොග වෙළෙඳුන්ට වෙළෙඳ පොල විවෘත කරල සිල්ලර වෙළෙඳුන්ට වෙළෙඳ පොළ වහනවා.
තොග වෙළෙන්දා තම නිෂ්පාදන විකුණන්නේ කාටද?

ගමන් බිමන් සීමා කිරීමේ දී තවත් බොහෝ දේ කල්පනා කරන්න ඕන. අප දුප්පත් රටක් බවත් අමතක කරන්න බැහැ. මෙරට වැඩි පුර ඉන්නෙ මාසික වැටුපක් ලබා ගන්න අය නොවෙයි. රනිල්දාස කියන විධියට රෝගීන් මරා දාන්නෙ ආණ්ඩුව. එතකොට අනෙක් බොහෝ රටවලත් රෝගීන් මරා දාන්නෙ මේ ආණ්ඩුවද? රෝගීන් මරණයට පත්වීමට ඇති පොදු හේතුව බටහිර
වෙදමහතුන්ගෙ උද්ධච්ඡකම. ඒ කොහොම වුණත් මා එකක් දන්නවා. රනිල්දාසලා 1971 දී 1987-90 කාලයේ දී මෙරට මරා දැමූ සංඛ්‍යාව ඉක්මවා
යන්න නම් කොවිඩ් 19ට බැහැ.

මේ අතර කෙකරගාමියකු කියා තිබුණා ධනපති ක්‍රමයට වසංගතයක්වත් මර්දනය කරන්න බැහැ කියා. ධනපති ක්‍රමය කියන එක බටහිර විද්‍යාවෙන් හා තාක්‍ෂණයෙන් වෙන් වුණු එකක් නොවෙයි. ධනපති ක්‍රමය බටහිර විද්‍යාව හා තාක්‍ෂණය සමග අත්වැල් බැඳ ගන්නවා. කෙකරගාමියාගෙ නායකයකු තමයි හයිසන්බර්ග්ට අනිශ්චය මූලධර්මය වැරදි බව කියා දුන්නෙ. ඒ නායකයාට
නොබෙල් තෑග්ග දෙන්න පරක්කු වෙන්නෙ මොකද කියලයි මා කල්පනා කරන්නෙ. බටහිර භෞතික විද්‍යාවට තිස්ගණන්වලින් පස්සෙ එකතු වෙච්ච
දෙයක් නැහැ. බටහිර භෞතික විද්‍යාව ඇණ හිටල. බටහිර වෙදකමත් ඇණ හිටල. කොවිඩ් 19 ඒ බව පෙන්නල. වසංගතයක්වත් මර්දනය කරන්න බැරි
බටහිර විද්‍යාවටයි, බටහිර වෙදකමටයි. ධනපති ක්‍රමයට බැරි බටහිර දැනුමට ඒ බැරි නිසයි. ධනපති ක්‍රමයට බැණල බටහිර විද්‍යාව හා පොදුවේ බටහිර
දැනුම බේර ගන්න බැහැ.

මාක්ස්වාදය කියන්නෙත් බටහිර දැනුමක්. මාක්ස්වාදීන් කිවුවෙ තමන්ගෙ දැනුම විද්‍යාත්මක කියල. මාක්ස් ධනවාදය බටහිර විද්‍යාවෙන් වෙන් කරල බටහිර විද්‍යාව ආරක්‍ෂා කර ගන්න බටහිර විද්‍යාවට මාස්ක් දැම්මා. බටහිර දැනුමේ අංගයක් වූ මාක්ස්වාදය මාස්ක්වාදයක් වුණෙ කලකට පෙර. බටහිර විද්‍යාව ආරක්‍ෂා කරපු මාක්ස්වාදය විසින් අවසානයේ දී ධනවාදය ආරක්‍ෂා කෙරුණා. ඒත් දැන් ඒක කරන්නත් බැහැ. මාක්ස්වාදීන්ට මාස්ක් පැළැඳ ගෙන මාධ්‍ය සාකච්ඡා තියන එක ඇරෙන්න වෙන එකක් කරන්න බැහැ.

බොදුනුවෝ

(මම නම් සත්තයි පළවෙනි එකේ නිසා උපේක්ඛා සහගත ඥානසම්ප්‍රයුක්ත අසංස්කාරික කුසල් සිතක් ඇති වුණා. මගේ නිවන දුර වෙන හේතු සසුනට සිංහල ජාතියට දේශයට වින කටින්නෝ සමඟ ගැටීම නිසා ඇතිවන දෝමනස්ස සහගත පටීඝ සම්ප්‍රයුක්ත සසංස්කාරික අකුසල් සිත් බවත් දනිමි. ඒත් මම යුද වදිමි.)

  • මම

බෞද්ධයො වර්ග තුනක් ඉන්නවා

  1. තිසරණ සරණ ගිය පන්සිල් රකින අය​.

මේ අය තමයි හරියටම බුද්ධාගම පිළිපදින්නෙ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුන බව පිළිගන්නවා. උන් වහන්සේ ගේ ධර්මය සත්‍යය බව පිළිගන්නවා. සංඝයා වහන්සේ ලා ඒ සාශනය පවත්වාගෙන යන බව පිළිගන්නවා. ඒ වගේම නිති පංච ශීලය රකිනවා. තමාට හැකි පමණින් ආමීස ප්‍රතිපත්ති පූජා වල නිරත වෙනවා.

  1. තිසරණ සරණ ගිය අය​

මේ අය බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුන බව පිළිගන්නවා. උන් වහන්සේ ගේ ධර්මය සත්‍යය බව පිළිගන්නවා. සංඝයා වහන්සේ ලා ඒ සාශනය පවත්වාගෙන යන බව පිළිගන්නවා. ඒත් පංච ශීලය රකින්න තරම් හික්මීමක් නෑ. තමාට හැකි පමණින් ආමීස ප්‍රතිපත්ති පූජා වල නිරත වෙනවා.

  1. සංස්කෘතික බෞද්ධයන්

බුද්ධාගම පිළිබඳ ඒ හැටි දැණුමක් නෑ. සංඝයා වහන්සේලා පිළිබඳ ඒ හැටි පැහැදීමකුත් නෑ. පුනර්භවය වගේ සංකල්ප ගැන ඒ හැටි විශ්වාසයකුත් නෑ. ඒත් බෞද්ධ වත් පිළිවෙත් වලට සහභාගී වෙනවා. පෝයට පන්සල් යනවා. වෙසක් කූඩු හදනවා. දන්සැල් වලට යනවා. තමාට හැකි පමණින් ආමීස ප්‍රතිපත්ති පූජා වල නිරත වෙනවා.

එතකොට බුද්ධාගමේ පුහු බව දකින​, ඒත් බෞද්ධ දර්ශනය උසස් කියල පිළිගන්න අය​?

ආ ඒ නිකං පුක් පඬියො ජාතියක්. උංගෙ ඇති බෞද්ධ කමක් නෑ. උං දන්න බුද්ධාගමක් වත් බෞද්ධ දර්ශනයක් වත් නෑ. බුදු හාමුදුරුවො කියපු දේවල් වැරදි කොණන් අල්ලගෙන පුස් ටෝක් දානවට වඩා එහා දෙයක් උංගෙ නෑ.

-සසර සැරිසරන පාදඩයාගෙ වර්ග කිරීමක් එය බොහෝ දුරට හරි

ඒ කාල් මේ කාල් හා අලුක්කාල්- මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

ඒ කාල් මේ කාල් හා අලුක්කාල්

බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන බවට ලකුණු කල් තියා ම පහළ වී තිබුණා. මේ කඩා වැටීම මාක්ස්වාදයේ (මාස්ක්වාදයේ) කියැවෙන ධනපති ක්‍රමය කඩා වැටීම නො වෙයි. මාක්ස්වාදය මාස්ක්වාදයක් වෙමින් ධනවාදය කඩා වැටෙන බවට ඊනියා පුරෝකථනයක් කෙළේ බටහිර විද්‍යාව හා දැනුම් පද්ධතිය වටා ආවරණ බඳිමින්. මාක්ස්වාදීන් ද කිවුවෙ තමන් ඊනියා විද්‍යාත්මක සමාජවාදීන් කියා. බටහිර විද්‍යාව ආරක්‍ෂා කරමින් වුව ද කාල් පොපර් අනෙක් කාල්ගේ ඊනියා විද්‍යාව විද්‍යාවක් නොවන බව දුටුවා. අවුරුදු හතළිහකට ඉහත 1980 දී මා නව සමසමාජ පක්‍ෂයෙන් අස් වූයේ මාක්ස්වාදය විද්‍යාත්මක ද යනුවෙන් දීර්ඝ ලිපියක් පක්‍ෂ ලේකම් වූ වික්‍රමබාහු සහෝදරයාට ලියමින්. අද ඒ සහෝදරයා මාක්ස් ලෙනින් ගිය පාරේ යෑම නවත්තලා. ඔහු රනිල්දාසට වඩා අවංකයි. රනිල්දාස රනිල් සමග සිටින අතර වාචාල මාක්ස්වාදී පංති කතාත් කියනවා.

කාල් පොපර් මාක්ස්වාදය වගේ ම මනෝ විශ්ලේෂණයත් බටහිර විද්‍යාත්මක නො වේය කියා කිවුවා. ඔහු ජ්‍යොතිෂයත් බටහිර විද්‍යාත්මක නො වේය කියා කිවුවා. එය එතරම් ප්‍රශ්නයක් නො වෙයි. පෙරදිග ජ්‍යොතිෂවේදීන් ජ්‍යොතිෂය බටහිර විද්‍යාත්මක ය කියා ඇතැයි මා හිතන්නේ නැහැ. අනෙක් අතට පෙරදිග ජ්‍යොතිෂය ඇති වුණේ ගැලිලියෝට පමණක් නොව කෙප්ලර් කොපර්නිකස් ටයිකො බ්‍රාහේ ආදීන් ඉපදෙන්නටත් බොහෝ කලකට පෙර. පෙරදිග ජ්‍යොතිෂවේදීන් සාපේක්‍ෂ චලිතය ගැන දැන හිටියා. සූර්යයා පොළොව වටා යන බව මෙන් ම පොළොව ද සුර්යයා වටා යන බව ඔවුන් දැන සිටියා. ඒ සාපේක්‍ෂ ව. කොපර්නිකස් පෝලන්තයේ සිට ඉතාලියට අරන් ගියේ පෙරදිග තිබූ පොළොව සූර්යයා වටා යන බව කී දැනුම. බටහිරයන් ඒ සාපේක්‍ෂ කතාව ඔවුන්ගේ සංස්කෘතියට අවශෝෂණය කර ගත්තේ නිරපේක්‍ෂ දැනුමක් බවට පත් කරමින්.

කාල් පොපර් මාක්ස්වාදය මෙන් ම මනෝ විශ්ලේෂණයත් බටහිර විද්‍යාත්මක නො වේ යැයි කීම වැදගත්. ඔහු එසේ කීම සඳහා යොදා ගන්නා නිර්ණායක අප පිළිගත්තත් නැතත් මේ කාරණය වැදගත්. බටහිර දැනුම කඩා වැටෙන්න පටන් ගත්තේ පොපර්ගෙ ජීවිත කාලයේ දී ම වීම එක්තරා ආකාරයක සරදමක්. ඇතැම් බටහිර විද්‍යාඥයන් කාල් පොපර් ගැන සඳහන් කෙළේ බටහිර විද්‍යාවේ දර්ශනය පිළිබඳ අවසාන වාක්‍යය ලියූ පුද්ගලයා ලෙසයි. එහෙත් තිස්ගණන්වලින් පසුව බටහිර භෞතික විද්‍යාවට එකතු වූ අලුත් දැනුමක් නැහැ.

අයින්ස්ටයින් තම ජීවිතයේ අවසන් කාලය ගත කෙළේ මැක්ස්වෙල් ගිය මග ගනිමින් ඊනියා විශ්වීය ප්‍රවාදයක් ගොඩ නැගීමට. මැක්ස්වෙල් විද්‍යුතය හා චුම්බකත්වය එක් කර තිබුණා. අයින්ස්ටයින් ද කාලය හා අවකාශය එක් කර තිබුණා. ඔහු ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු පළවා හැර තිබුණා. ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ සාධාරණ සාපේක්‍ෂතාවාදයට මැක්ස්වෙල්ගේ ප්‍රවාදයත් එකතු කර ගැනීමට. එහෙත් ඔහු අසාර්ථක වුණා.

ඒ අතර ක්වොන්ටම් භෞතික ප්‍රවාදය ඉදිරිපත් කෙරුණා. එය එක් අතකින් නිවුටන්ගෙ ප්‍රවාද මෙන් රේඛීය ප්‍රවාදයක් (linear theory) කිසි හැලහොල්මනක් නැතිව තිබුණොත් ක්වොන්ටම් පද්ධතියක් රේඛීය ව විකාශය වෙනවා. එහෙත් පද්ධතියේ ඇතැම් ගුණයක් මනින්න ගියා ම පද්ධතිය අර රේඛීය බව නැති කර ගන්නවා. නිවුටන්ගේ මැක්ස්වෙල්ගෙ අයින්ස්ටයින්ගෙ ප්‍රවාදවල එහෙම වෙන්නෙ නැහැ. ක්වොන්ටම් භෞතිකයට ඇත්තේ වෙනත් ම සත්භාවයක් (ontology). ඇතැමුන් ක්වොන්ටම් භෞතිකයත් අයින්ස්ටයින්ගෙ සාධාරණ සාපේක්‍ෂතා ප්‍රවාදයත් එකතු කරන්න අවුරුදු සියයක් පමණ තිස්සෙ උත්සාහ කරනවා. එය මී හරකයි එළ හරකයි එකට බඳිනවා වගේ වැඩක්.

ඔය අතර සමාජයීය විද්‍යාවන්හි ප්‍රශ්න මතු වුණා. මාක්ස්වාදයෙහි කියන විධියට සමාජය විකාශය වුණෙ නැහැ. අද කියන ජනප්‍රිය වචනයක් යොදා ගත්තොත් මාක්ස් අසමත්. ට්‍රොට්ස්කි ද්විත්ව අසමත්. අර ඒ දවස්වල සිසුන් පංතියෙන් ඉහළ පංතියට සමත් වෙන අතර සමහර සිසුන්ට පංතියක් පන්නල සමත් වීමක් ලැබෙනවා. ද්විත්ව සමත්වීමක් ලැබෙනවා. අසමත් වීමටත් ද්විත්ව කතාව එකතු කර ගන්න පුළුවන්. ලෙනින් සමාජවාදය නමින් වෙනත් මොකක් ද එකක් පිහිටෙවුවා. පංතිය කියන එක මාක්ස්වාදී අර්ථයෙන් පුස්සක් බවට පත් වුණා. කම්කරු පංතිය බෙහෙතකටවත් හොයා ගන්න බැරි වුණා. නැති පංතියක් කොහෙන් හොයන්න ද? පංතිය කියන්නෙ රනිල්දාසලටයි කෙකරගාමීන්ටයි අලුක්කාල් මාක්ස්වාදීන්ටයි හාන්සිපුටුවල තෙපරබාන්නන්ටයි කියව කියව ඉන්න හොඳ සංකල්පයක් මිස වැඩක් ඇති දෙයක් නො වෙයි. අර රනිල්දාසලගෙ නිර්ධන පංතිය නම් ධනදාසලා ළඟ තියෙන්න පුළුවන්. ස්ටැලින් තනි රටේ සමාජවාදය ගොඩ නැගීම සඳහා මිනිසුන් ලක්‍ෂ ගණනින් මැරුවා. ට්‍රොට්ස්කිවත් මැරෙව්වා.

මාක්ස්වාදය හා ඊනියා සමජයීය විද්‍යා කඩා වැටෙන විට ඇතැමුන් මනෝ විශ්ලේෂණයට හැරුණා. ඒ සමග නූතනවාදී අදහස් වැඩ නොකරන විට ඊනියා පශ්චාත්නූතනවාදී අදහස් ඉදිරිපත් කෙරුණා. අද ඒ අදහස් ඇතැම් විශ්වවිද්‍යාලවලට පමණක් සීමා වෙලා. විශ්වවිද්‍යාලවල බොහෝ විට ඉන්නෙ නිර්මාණාත්මක යමක් කියන්න කරන්න බැරි ඊනියා කතිකාවත් කරන පිරිසක් පමණයි. ලංකාව ගැන නම් කියල වැඩක් නැහැ. පශ්චාත් නූතනත්වය කියන්නෙ ම බංකොළොත් සංකල්පයක්. පශ්චාත් නූතනත්වයෙන් පස්සෙ පශ්චාත් පශ්චාත් නූතනත්වය ද නැත්නම් පශ්චාත්තාපය ද? මනෝ විශ්ලේෂණයෙන් තේරුම් ගන්න පුළුවන් සමාජයීය සංසිද්ධියක් (ඉටිගෙඩියක්) තියෙනවා ද?

බටහිර දැනුම හැම අංශයක ම කඩන් වැටිලා. බටහිර දැනුමේ ලක්‍ෂණ ගැන අප කොතෙකුත් ලියා තියෙනවා. අවුරුදු හාරසීයක් පමණ බටහිර දැනුමේ කතා වැඩ කළා. අවුරුදු සීයකට ආසන්න කාලයක් තිස්සෙ ඒවා වැඩ කරන්නෙ නැහැ. අද බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය ධනපති ක්‍රමයත් සමග ම කඩා වැටෙනවා. අලුක්කාල් මාක්ස්වාදීන් (මාස්ක්වාදීන්) හිතන් ඉන්නෙ අපි ඊනියා ලිබරල්වාදයෙ දෙවැනි ඉනිමෙ කියල. අප දෙරණෙ දෙවැනි ඉනිමෙවත් නැහැ.

බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වයෙ පහර දීම්වලට අනෙක් සියලු සංස්කෘතීන් හසුවුණා. වැඩියෙන් ම හසුවුණෙ මුස්ලිම් සභ්‍යත්වය. එය එක් රටක සංස්කෘතියක් ඉක්මවා යෑමක්. මුස්ලිම් සභ්‍යත්වය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වයට විවිධාකාරයෙන් පහර දෙනවා. මෙහි ආධ්‍යාත්මික පැත්තක් ද තියෙනවා. අද ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව, මුස්ලිම් හා චීන සභ්‍යත්ව ගැටුමක්. මට නම් කොවිඩ් 19 පෙනෙන්නෙත් එහි කොටසක් ලෙස. ගාසා තීරයේ ඇති වන සටන් ද මේ සභ්‍යත්ව ගැටුමේ අංග.

මුස්ලිම් සභ්‍යත්වයට අවුරුදු සිය ගණනකට පෙර යමක් කිරීමේ ගොඩ නැගීමේ හැකියාවක් තිබුණත් අද ඒ ශක්තිය නැහැ. ඔවුන්ට අද කරන්න පුළුවන් විනාශයක් පමණයි. මේ ගැටුම මැද චීන සභ්‍යත්වය පෙරට ඇදී එනවා. ඔවුන්ගේ කොන්ෆියුෂියස්වාදී ධුරාවලිය හා ස්වභාව ධර්මය සමග බැඳුණු තාම්වාදී දර්ශනය කෙතරම් දුරක් යයි ද කියන එක ප්‍රශ්නයක්. ඒත් වර්තමානයෙහි චීන සභ්‍යත්වය සභ්‍යත්ව ගැටුමෙහි ඉදිරියෙන් සිටින බව කීමට පේන බලන්න ඕන නැහැ.

ඉංග්‍රීසීන්ගේ විවාහ නීතියේ ලාංකිකයින්ගේ කසාදය හිරවේ

ඉංග්‍රීසීන්ගේ විවාහ නීතියේ ලාංකිකයින්ගේ කසාදය හිරවේ

‘විද්‍යාව’ (සයන්ස්) දේශපාලන භේදයකින් තොරව ක්‍රිස්තියානි යුරෝපයේ බෙහෙවින් ජනප්‍රිය වූ විෂයයකි. යුරෝපා ඉතිහාස පොත් කියවන්නෙකුට, විවිධ සොයාගැනීම් ඔස්සේ බිහිවුණු ‘පුනර්ජීවන’ යුගය ගැන දැනගන්නට ලැබේ. පෙර ලංකාවේ හැම ප්‍රසිද්ධ පාසලකම සිසු සිසුවියන් අතර ‘සයන්ස්’ පංතියකට යාමේ වුවමනාව තිබුණි. දැනුදු, බොහෝමයක් සිසුහු දොස්තර කෙනකු හෝ ඉංජිනේරුවෙකු වීමට සිතති.

ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ‘විද්‍යාත්මක සමාජවාදය’ නමින් පොත් පළ කළේය. එයින් පැහැදිලි වන්නේ විද්‍යාවට ඔවුන් දැක්වූ ගෞරවයයි. අදටත් බොහෝමයක් යුරෝපීයයෝ විද්‍යාව පහළවීමට පෙර ඔවුන් කළ අපරාධ නොදැන කළ වැරදි හැටියට සලකති. එවැනි වරදට සමාව දියයුතු යයි යේසුස් වහන්සේ කියා ඇති බව ඇමරිකාවේ ක්‍රිස්තියානි දේශකයෝ නිතර කියති.

“යේසුස් වහන්සේ කතාකොට පියාණෙනි ඔවුන්ට කමා වුව මැනව. ඔවුන් කරන දෙය ඔවුහු නොදනිතියි වදාළ සේක.” (ලුක් 23:34)

යුදෙව් රබ්බිවරුන්ගෙන් යේසුස් වහන්සේට සමාව නොලැබුණි. කෝවිඩ් රෝගයට බෙහෙතක් හැදූ ධම්මික බණ්ඩාරට සමාව දීමට අකමැත්තෝ විශාල පිරිසක් සිටිති. ඔහු මුදල් සෙවීමේ අදහසින් ව්‍යාපාරයක් ඇරඹූ බවට ඇතැමුන් චෝදනා කරන්නේ බටහිර වෛද්‍යවරුන් මුදල් සෙවීම සඳහා වෘත්තිය භාවිත නොකරන්නන් හැටියට සලකමිනි. ලංකාවේ වැඩිහිටි ජනතාවගෙන් බහුතරයක් බටහිර බෙහෙත්වල වහලුන් වී සිටිති. ඊට වගකිවයුත්තෝ ධම්මික බණ්ඩාරලා නොවෙති. ‘වෛද්‍යවරයා මුදලට වැඩ කරන්නෙක් නොවේ’ යන්න පැරණි සිංහල සිතුවිල්ලකි. ‘හොඳ දොස්තර මළ දොස්තර යැ’යි ඇමරිකානුවෝ කියති. ඇමරිකාවට සුදු මිනිසුන් ඒමට පෙර එහි විසූවන් හඳුන්වා ඇත්තේ රතු ඉන්දියානුවන් ලෙසිනි. සුදු මිනිසුන්, ‘හොඳ ඉන්දියානුවා මළ ඉන්දියානුවා’ කියමින් ඔවුන් සංහාරය කළ බව කියවේ.

ධම්මික පැණිය බිව් මැති ඇමතිවරුන් කිහිපදෙනා ඉලක්ක කරගත් සමගි ජන බලවේගයේ සහ ජවි පෙරමුණේ ඇතැම් නායකයෝ මුළු ආණ්ඩුවටම දොස් කියති. ‘විද්‍යාව’ වෙනුවෙන් පෙනී සිටින ඔවුහු ආණ්ඩුව, අවිද්‍යාව පතුරුවන්නේ යැයි කියති. එය බොරු තර්කයකි. ධම්මික බණ්ඩාරගේ ක්‍රියාව නිසා අභාවයට පත් වූ සිංහල වෙදකම ගැන හැඟීමක් රටේ සාමාන්‍ය ජනයා අතර ඇතිවීම ඔවුන්ට ගැටලුවක් වී තිබේ. නූතනවාදීන් හිතන්නේ පැරණි උරුමයන්ට ආදරය කිරීම වැඩවසම් දේශප්‍රේමයක් ලෙසය. යුරෝපීය ආක්‍රමණවලින් ලංකාව වැනි රටවලට යහපතක් සිදු වූ බව ඔවුන්ගේ අදහසයි. මාක්ස්ගේ න්‍යායට අනුව වැඩවසම් යුගය වෙනස් වී ධනවාදී යුගය ඇති විය. කම්කරුවන් බිහිවීමට ධනවාදී ක්‍රමයක් අවශ්‍ය කෙරේ. ආයුර්වේදය සහ සිංහල වෙදකම ගැන උනන්දුවීම, ඔවුන්ගේ ඇසට වැඩවසම් යුගය වෙත යාමකි.

විද්‍යා හා තාක්ෂණ දියුණුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව ලෝක නායකත්වයට ඒමට ප්‍රධාන හේතුව වූයේය. ඇමරිකාවේ පොහොසත් සමාගමක් වශයෙන් රොක්ෆෙලර් පදනම ලෝකයේ සාගින්න නැතිකිරීමට ‘හරිත විප්ලවය’ (ග්‍රීන් රෙවලූෂන්) දියත් කළේය. සමගි ජන බලවේගයත් හරිත ව්‍යාපාරයක් ප්‍රකාශ කර තිබේ. සජිත් ප්‍රේමදාස යහපාලන ආණ්ඩුවේ නිවාස ඇමතිවරයාව සිටියදී සිංහලයන්ගේ පරිසර සංරක්ෂණය ගැන දැනුමකින් කටයුතු නොකළේය. අලිමංකඩවල් අහුරා ගම් හැදීම නිදසුනයි. ජලමාර්ග අසුරා හැදූ ගම්ද තිබේ. රනිල් වික්‍රමසිංහ බලයේ සිටියදී පරිසරය ගැන නොසිතුවේය. කුඹුරු ගොඩකර ව්‍යාපාර ස්ථාන බිහි කළයුතු යැයි යෝජනා කිරීම නිදසුනකි. ඔහු අනාගතයේදී ජාත්‍යන්තරය සමග එක් වී හරිත ලංකාවක් බිහිකරතැයි සමහර එජා පාක්ෂිකයෝ කියති.

හරිත විප්ලවය ඇරඹුණේ මැක්සිකෝවේ ජාත්‍යන්තර තිරිඟු පර්යේෂණායතනයෙනි. ජාන තාක්ෂණය ආධාරයෙන් මෙහි වැඩි අස්වනු දෙන විස්කම් තිරිඟු නිපදවුණි. ඊට පසු ඇමරිකාවේ ෆෝඩ් පදනම මුල් වී පිලිපීනයේ ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය (ඊරි – IRRI) පිහිටුවන ලදි. ඉන්දියාව, පකිස්තානය, ලංකාව වැනි රටවල කෘෂිකර්ම මයිස්ටර්වරුන්ට විස්කම් සහල් නිපදවීම පිළිබඳ දැනුම සැපයීමට පිලිපීනයේ ‘ඊරි’ ආයතනයට හැකිවිය. විස්කම් වී නිපදවන ලද්දේ, ගොයම් පැළයට රසායනික පොහොර සහ පළිබෝධනාශක දීමෙනි.

මේ ක්‍රියාවේ විපාක වශයෙන් සිදුවන පරිසර විනාශය පිළිබඳ ලිපි සිය ගණනකට වැඩි සංඛ්‍යාවක් අප ලියා තිබේ. ‘අල්ලාහු අක්බර්’ සහ ‘ගොවිගම බත්ගම නැකති යකුන්නේ’ පොත්වලින් පැහැදිලි කර ඇත්තේද පරිසරය සහ එය විනාශ කිරීමෙන් අත්වන භයානක ප්‍රතිඵලය ගැනයි. ඒ පොත් සම්පාදිත කාලයේ ලංකාවේ පරිසරවේදියෝ නොසිටියහ. ලෝකයේ එනමින් විද්‍යාවක් නොතිබුණි. දැන් ඒ කාරණා දෙකම සම්පූර්ණ වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව රසායනික නිෂ්පාදන භාවිත නොකරන රටක් හැදීමට සැරසීම මහත් ප්‍රීතිදායක පුවතකි. මේ වැඩපිළිවෙළ නිසා ආණ්ඩුවට බහුජාතික සමාගම් කිහිපයක් සමග යුද්ධයක් කරන්නට සිදු වේ. ඔවුන්ට ගොවියන් උසිගැන්වීමේ නොයෙක් හැකියාවන් තිබේ. ඒ සඳහා යහමින් මුදල් යෙදීමට ඔවුන්ට පුළුවන. රසායනික පොහොර සහ පළිබෝධනාශක නැතිව ගොවිතැන් කිරීමට නොහැකි යැයි කියන උද්ඝෝෂකයින් පිළිබඳ තොරතුරු මේ වන විටත් ඇතැම් රූපවාහිනී නාළිකාවලින් ඉදිරිපත් කෙරෙයි.

ඇමරිකාව, දෙවන ලෝක යුද්ධයෙන් පසු සා ගිනි නිවීමේ ව්‍යාපාරය ඇරඹුවේය. ලෝකයේ බොහෝමයක් රටවල් තිරිඟු පිටි කන්නට පුරුදුවීම එහි ප්‍රතිඵලයකි. ඇදිහැස (ඇමරිකානු දීමනා හැමටම සමානව) විස්කෝතු ලංකාවේ පාසල් ළමයින්ටද ලැබුණි. මෙවැනි දේවලට පුරුදු වූවන් ඒවායින් ඈත්කිරීම අසීරු වැඩකි. තිරිඟුපිටි කෑමට පුරුදු වූ ඊජිප්තුවේ වැසියෝ පාන් හිඟ වූ අවස්ථාවක ආණ්ඩු විරෝධී කැරලි ගැසූහ. අප්‍රිකානු රටවල් කිහිපයකම ආහාර අර්බුද විසින් පාලකයන් වෙනස්කරන ලදි.

ලක්වැසියා රසායනික පොහොර සහ පළිබෝධනාශකවලට පුරුදු කිරීම ආණ්ඩු විසින් කරන ලද්දකි. රසායනික පොහොර නැතිව අස්වැන්න නොලැබෙන හයිබ්‍රිඩ් වගාවන්ට රටවැසියන් පුරුදු කිරීම කෘෂිකර්ම අමාත්‍යංශයේ හපන්කමකි. රසායනික වස විස සහ කැලෑ එළිකිරීම හේතුවෙන් පස සරුකරන ගස් වැල් සහ සත්ව වර්ග විශාල වශයෙන් විනාශයට ගොස් තිබේ. හරක් පට්ටි පැරණි ගමක ප්‍රධාන අංගයකි.

පැසෙයි නිබඳ සුවිසල් කෙත්වතු අවට

ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට

දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට

රසෙයි අමා රසමය ඒ පියස දුට

රටවැසියා රසායනික ද්‍රව්‍යවලට පුරුදු කළ ආණ්ඩුවම දැන් ඒවා භාවිත නොකරන රටක් ගොඩනැගීමට සැරසේ. වගාකරුවන්ට රසායනික ද්‍රව්‍ය පාවිච්චිය පුරුදු කළ රජයේ නිලධරයන්ටම එයින් ඔවුන් ඉවත්කිරීම භාර වේ. ලංකාව අල්ලාගත් බ්‍රිතාන්‍යයන්ට සිංහල බෞද්ධයන්ගේ විවාහ චාරිත්‍ර මහත් ගැටලුවක් වූයේය. දේවගැතිවරුන් හමුවේ සිදුනොකරන විවාහ ඔවුහු නොපිළිගත්හ. එනිසා ඔවුහු සිංහලයන් විවාහගැන්වීමට, විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් පිහිටු වූහ. මේ වන විට කිසිම ලාංකිකයකුට ඉංග්‍රීසි පාලකයන් ඇති කළ විවාහ ලියාපදිංචි කිරීමේ නීතියෙන් පිට වී කටයුතු කිරීමට නුපුළුවන.

සිංහල විවාහ සිරිත් කවරේදැයි බොහෝ දෙනා නොදනිති. ඒ ගැන තොරතුරු මහාවංශයේ අඩංගු වේ. පණ්ඩුකාභය කුමරා සිය මාමා ගිරිකංඩසිවගේ දියණිය පාලී කුමරිය පැහැර ගැනීම නිදසුනකි.

“උහුගේ දියනිය වූ පාලී නම් ක්ෂත්‍රිය කුමාරියක් වූවා. ඕ තොමෝ හොබනා යානයකට නැගී පියානන්ට හා ගොයම් කපන්නන්ට බත් ගෙන්වාගෙන පිරිවරින් යන්නීය…. කුමරතෙම පිරිස් සහිතව වහා ආයේ එ පිරිස දෙකඩකොට ඇය වෙතට සිය යානය යැවීය. …. ඒ කුමරිය ගෙන යානයට නැගි ක්ෂත්‍රිය තෙමේ මහා බලයෙන් පිරිවරන ලදුයේ නිසැකින් පලා ගියේය…”

මෙවැනි කතා යුරෝපා ඉතිහාසයේ කිසිම රටකින් අසන්නට නොලැබේ. රජවරු කුමරියෝ දේවගැතිවරුන්ගේ අවසරය ඇතිව විවාහ වූහ. අදටත් ක්‍රිස්තියානි විවාහය දේවස්ථානයේ අල්තාරය ඉදිරියේ දේවගැතිවරයකු විසින් සිදුකරන්නකි. එතැනදී විවාහ වන පුරුෂයා අමතන පූජකවරයා ස්ත්‍රිය පෙන්වා, ‘මැය අද පටන් ඔබේ භාර්යාව’ යැයි කියයි. කාන්තාවට පුරුෂයා පෙන්වා ‘මොහු අද පටන් නුඹේ පුරුෂයා’ යැයි කියයි.

සියවස් එකහමාරකට අධික කාලයක් ලංකාව යටත්කරගෙන සම්පත් කොල්ල කෑ බ්‍රිතාන්‍යයන් සිංහල පාලනයේ හැම අවයවයක්ම වැනසූහ. අනාගතයේ එහි සමහර කොටස්වල අංකුර ඇදෙතැයි සිතූ ඔවුහු, ඒවා විනාශ කිරීමේ හැකියාව ඇති ස්වදේශිකයන් බෝකරන්නට අධ්‍යාපනය ආයුධයක් කර ගත්හ. සියලු රාජ්‍ය නිලධරයන් අයත් වන්නේ ඒ අධ්‍යාපනය ලැබූ පිරිසටයි. ඔවුන් අතර රට බේරාගැනීමට වුවමනා පිරිසක් සිටිති. කෝවිඩ් වසංගතයෙන් රට බේරාගැනීමට කැප වී වෙහෙසෙන සෞඛ්‍ය සේවා සේවක සේවිකාවන්, ආරක්ෂක අංශ සාමාජිකයන් නිදසුනකි. ගොවියන්ට උපකාර කිරීමට සහ ඔවුන් ධෛර්යවත් කිරීමට මෙවැනි පිරිසක් බිහිකළ යුතුව තිබේ.

බටහිරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පෙරළීමට ඇන්ජීඕ සංවිධාන යොදාගත්හ. ඔවුන් ගැන ආණ්ඩුව උනන්දු වන නිසා ඒ සංවිධාන සියල්ලම අඬුපඬු හකුලාගෙන සිටිති. ඔවුන්ගෙන් ගිලිහෙන කාර්යය සඳහා රාජ්‍ය නිලධරයන් යෙදවීම බටහිරුන්ගේ උපායකි. ඔවුන් ජනමාධ්‍යකරුවන්ගේ සහාය ලබාගැනීමටත් සැරසේ. දේශපාලනඥයන්ට යට නොවී නිදහසේ තීන්දු තීරණ ගැනීමට රජයේ නිලධරයන්ට ඉඩදෙන බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වටිනා එකකි.

රසායනික සමාගම්වලට යට නොවී රට වෙනුවෙන් තීන්දු ගැනීමත් ඔවුන්ගේ යුතුකමකි. රසායනික විස නිසා විපතට පත් වන රට ඔවුන්ගේ දරු මුණුපුරන් ජීවත් වන රටයි. වස විසෙන් වැනසෙන පරිසරය නිසා ඇතිවන හැම විපතකින්ම බැට කෑ යුත්තේ අප සැමගේ දරු මුනුබුරන්ය.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

සතිඅග අරුණ

කූට යුදෙව් වන් උතුරු නැගෙනහිරට දැම්මා නම් සිංහළයො අවසන් තමා

ලංකාවේ ඊශ්‍රායල් යුදෙව් ජනාවාස සෑදීමට අධිරාජ්‍යවාදීන් ගෙනා යෝජනාව පරාජයෙන් කෙලවර වූ අයුරු …..!

  මෙය ඔබ බහුතරයක් කිසිදිනෙක අසා නැති කතාවක් වන්නට පුළුවන්. ඊශ්‍රායල් පලස්තීන ගැටුම හේතුවෙන් මේ වන විට යුදෙව් ජාතිකයන් හා ඔහුන්ගේ දක්ෂතාවයන් බොහෝ සෙයින් සංවාදයට ලක් වෙමින් තියෙනව.

   සියවස් ගණනාවක් පුරාවට යුදෙව්වන්ට තමන්ගේම රාජ්‍යයක් නොමැති වීමෙන් ලොව පුරා අනේකවිධ කරදර හිරිහැරයන්ට ගොදුරු වෙන්න වුණා. යුදෙව්වන්ගේ මුල් බිම වත්මන් ඊශ්‍රායලයම වුණත් රෝම අධිරාජ්‍යයන් ඔවුන් ඒ බිමෙන් පළවා හැර තිබුණා.

  යුරෝපයේ විවිධ රාජ්‍යය වල සරණාගතයන් ලෙස දිවි ගෙවපු යුදෙව්වො එම රාජ්‍යයන් වලටත් හිසරදයක් වෙමින් පැවතුණා.  ඒ වගේම 1800 ගණන් වල යුරෝපයෙන් පටන් ගත්තු Zionism ව්‍යාපාරය යුදෙව්වන්ට රටක් දිනාගන්න ව්‍යාපාරයක් ආරම්භ කලා.

 1940 න් ආරම්භ වුණ දශකය වෙද්දි මේ වෙනුවෙන් ලෝක සිතියමේ රටවල් කීපයකම භූම් යෝජනා වෙලා තිබුණ. මැඩගස්කරය, ඕස්ට්‍රේලියාව වගේම අපේ මව්බිම ලංකාවත් ඒ අතර තිබිල තියෙනව.

 මේ අදහස මුලින්ම එළියට එන්නෙ බ්‍රිතාන්‍යයේ පළවෙන මැන්චෙස්ටර් ගාඩියන් (Manchester Gardian) පුවත් පතේ  කතුවැකියෙන්. එහි දී  ලෝක ප්‍රජාවට යෝජනා කර තිබුණේ, ලංකාවෙ උතුරු නැගෙනහිර දෙපළාත් පලස්‌තීනයේ අසරණව සහ  යුරෝපයේ අනාථව සිටින යුදෙව් ජාතිකයින්ගේ වාසභූමි සඳහා යොදාගත යුතු බව.

 ලංකාව ඒ වෙද්දි පාලනය කරපු බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙ මූලිකම අවධානය දීල තිබුණෙ වතු වගාවට. ත්‍රිකුණාමල වරාය හැරුණම උතුරු නැගෙනහිරින් ඔවුන්ට ලොකු ආර්ථික වාසියක් ලැබුණෙ නෑ. ඒ වගේම උතුරෙ වැසියන්ගෙන් මේ සම්බන්ධව විරෝධයක් එල්ල නොවුණ බවත් ඒ කතු වැකියෙම ලියවිලා තිබිල තියෙනව.

  මේ සම්බන්ධව විරෝධය එල්ල වෙන්නෙ දකුණේ සිංහලයන් ගෙන්. 1943 මාර්තු 26 වෙනි දා දෙවැනි ලෝක මහා යුද්ධය අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට පූර්ණ ඩොමීනියන් නිදහස ප්‍රදානය කළ යුතු යැයි කියවෙන යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කරපු හොරණ මන්ත්‍රී   ඒ. පී. ජයසූරිය මහතා යුදෙව් ජනාවාස ලංකාව තුළ පිහිටුවීමේ බටහිර රටවල අදහස ගැන දැඩි විරෝධයක් දක්වනවා.

  1943 ජුලි 28 වැනි න පළවූ සිංහල බෞද්ධයා පුවත් පතේ පළ වූ වාර්තාවක එවකට හොරණ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ ඒ. පී. ජයසූරිය මහතා, ලංකාවේ සිට පලස්‌තීනයට ගිය සිවිල් නිලධාරීන් වැඩි පඩියකට ආපසු ලංකාවට ගෙන්වා ගත්තේ ඇයි දැයි යනුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ප්‍රශ්න මතුකර ඇති බව සඳහන් වෙනවා.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙපළාතේ යුදෙව් ජනාවාස පිළිබඳ  බටහිර යෝජනාවට දැඩි විරෝධයක්‌ එල්ල වූයේ මෙරට සිංහල බෞද්ධ ප්‍රජාවගෙන්. ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කර විශේෂ ලියුම්කරුවක් විසින් ලියන ලද කරුණු රැසකින් යුත් ලිපියක්‌ 1943 මැයි 22 වැනිදා නිකුත් සිංහල බෞද්ධයා පුවත්පතේ පළ වී ඇත්තේ යුදෙව්වන්ට සුදුසු රට ලංකාවද? යන සිරස්තලය යටතේ.

  මේ සම්බන්ධව දෙමළ නිජබිමක් ගැන කතා කල  ද්‍රවිඩ දේශපාලනඥයන් මුනිවත රැකි බවත් කියවෙනවා. කෙසේ හෝ  යුදෙව් ජනාවාස පිහිටුවීමේ මේ උත්සාහය අධිරාජ්‍යයවාදීන්ට අකුලා ගන්නට සිද්ද වෙනවා. ඒ දෙවෙනි ලෝක මහා යුද්ධය අවසන් වීමත් එක්ක පැවති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයෙන්, අගමැති වින්ස්‌ටන් චර්චිල්ගේ පරාජයට පත්වී ක්‌ලෙමන්ට්‌ ඇට්‌ලිගේ කම්කරු පක්‍ෂය ජය ගැනීමත් සමග ඇති වු ආණ්‌ඩු පෙරළීයේ ප්‍රතිඵලයක්‌ වශයෙන්. 

     කෙසේ හෝ යුදෙව්වන්ට ඔවුන්ගෙ පොරොන්දු දේශය ඊශ්‍රායලය තුලම බිහි කරගන්නට හැකි වෙනවා. ඔවුන් පලස්තීනුවන් පළවා හැර ජනපද බිහිකර ගන්නවා. යම් විදිහකට උතුරු නැගෙනහිර යුදෙව් ජනාවාස බිහි වූවා නම් පලස්තීන ජනතාවගෙ හිස් මත පතිත වෙන බෝම්බ, මිසයිල ලාංකික  අපේ හිස්  මත පතිත වන්නට ඉඩ තිබුණා. සැබවින්ම අප ගත යුත්තේ කවර පැත්තක්ද ? පිළිතුර ඔබේ හෘදසාක්ෂියෙන් විමසන්න.

© Kokila Gihan Withanathanthri

Follow on Page: https://www.facebook.com/kokilagihanwithanathanthri/

රෙද්ද අස්සේ වෙදාගෙන් දේශිය වෙදකම බේරාගමු- සාමන්ත ඒකනායක

රෙද්ද අස්සේ වෙදාගෙන් දේශිය වෙදකම බේරාගමු .

සිංහල වෙදාගේ ගෞරවය හොරා කනවා. මිනිස්සු රැවටෙනවානම් මේකා ඉන්ග්‍රිසි බෙහෙත් ද දෙනවා. සිංහල මිනිහා රවට්ටන්න දොස්තර හීන මානෙන් නිතරම පෙලෙනවා.වෙද නලාපත් කරට ගන්නවා. මු දන්නා නාඩි සාස්තරයක් නැත. ගුලි .අරිශ්ඨ දෙනවා ය. ඉන්දියාවේ රෙද්ද අදිනවා, ලංකාවේ දොස්තරයන්නේ කලිසම ඊට යටින් අදිනවාය. බටරහිර වෙදාගේ නලාව ද පාලද හීන මානය නිතර නිතර පෙන්නුම් කරයි.

බෙහෙත් දෙන විට රෙද්දත්. ගමන් යන විට කලිසමත් අදිනවාය. GMo මෙන් මොවුන් ද ලියා පදින්චියක් හදාගෙන දේශීය වෙදා සහතික නෑ කිය කියා කපා හැරීම නිතර නිතර කරනු ලබනවා.

ප්‍රේමදාස නැත්නම් මුන් ද නැත. .

සිංහල වෙදකමේ ගෞරවය නිතර නිතර හොරා කෑමේ ලක්‍ෂණය නිතරම පෙන්නුමි කරයි. තැනට සුදුසු ලෙස ඉංග්‍රිසි වේද කමේ නෂ්ථා අවශේෂ ද සිංහල වෙද කමද තමගේ සේ යොදා ගැනීමට හපනෙකි.

සිංහල ජනතාව පට්ට මෝඩ නිසා උන් හිතන්නේ ත් මුන් අපේ බුද්ධ ධාස රජතුමාගේ පරමිපරාවෙන් එන වෙද්ද දු කියලායි. ජනතාව මෝඩ නිසා ඒ වාසිය මේ රෙද්ද අස්සෙ කලිසම් වෙදා කිසිම හිරි කී තයක් නැතිව තමාට ආරෝපනය කරගනු ලබයි.

ඉතින් සිංහල වෙදාට නොහොත් පාරම්පරික වෙදා ‘දේශීය වෙදාට සහතික නැත ලියා පදි න් චිය නැත.
උන් අභාවයට පත්කර ඇත.
මෙය එක පැත්තකින් ආයුරුවේද වෙදා ලංකාව තුල පැල කර ඇත්තේ ඉන්දියානු රාජ්‍ය අනුග්‍රහයේ න් අධිරාජය වාදය පැරෙවීමටත් දේශියත්වය විනාශ කිරීමේ පියවරක් ලෙසය.

ඉතින් ජනතාවට යමි පමණකට රෙද්ද අස්සේ කලිසම් වෙදා දේශිය සිංහල වෙදාගෙන් වෙන්කර හඳුනා ගන්න

පුලුවන් ය. පහසුය.
ආයුරුවේද වෙදා නොහොත් රෙද්ද අස්සේ මහත්තයා දෙන්නේ අරිෂ්ථය.

සිංහල වෙදා දෙන්නේ කසායය.
ගන්නවා නම් බෙහෙත් සිංහල වෙදෙකුගෙන් ගනිල්ලා.

දෙවියන් වහන්සේ බටහිර විද්‍යාව මාක්ස්වාදය හා මාස්ක්වාදය- මහටඅඇදුරු නලින් ද සිල්වා මහතා

දෙවියන් වහන්සේ බටහිර විද්‍යාව මාක්ස්වාදය හා මාස්ක්වාදය

බටහිර විද්‍යාව ගැන තව කරුණු ටිකක් කියන්න ඕන. විශේෂයෙන් ම එක්සත්
ජනපදිකයන් (ඇමරිකානුවන්) බටහිර විද්‍යාව ගැන තිබූ විශ්වාසය නැති වීම
ගැන කියන්න ඕන. එක්සත් ජනපදිකයන් දෙවියන් වහන්සේ ගැන විශ්වාස
කරනවා. ඒ විශ්වාසය බටහිර විද්‍යාව ගැන තියෙන විශ්වාසයට වඩා වැඩියි. මා
සඳහන් කරන්නේ සමස්තයක් ලෙස. බුද්ධිමතුන් ගැන නො වෙයි. බටහිර
විද්‍යාවේ ප්‍රධාන ම චරිත දෙක නිවුටන් හා අයින්ස්ටයින්. ඔවුන් දෙවියන්
වහන්සේ විශ්වාස කළා.
නිවුටන් ඉංගිරිසි ජාතිකයෙක්. ඔහුගෙන් පසු බිහි වූ එක ම ප්‍රධාන ඉංගිරිසි
ජාතික විද්‍යාඥයා වූයේ ඩිරුක්. මැක්ස්වෙල් ස්කොට්ලන්ත සම්භවයක් තිබූ
අයෙක්. හෝකින් ජනමාධ්‍ය මගින් පුම්බනු ලැබූවෙක්. නිවුටන් කියා සිටියේ
තමා දෙවියන් වහන්සේ ලෝකය මවා ඇති ආකාරය තේරුම් ගැනීමට උත්සාහ
කරන බවයි. අයින්ස්ටයින් යුදෙවු ගෝත්‍රිකයෙක්. ඔහු වියුක්ත චින්තනයෙහි
ඉහළ ම අයෙක්. යුදෙවුවන්ගේ සංස්කෘතිය තමයි වඩාත් ම වියුක්ත
චින්තනයක් ඇති සංස්කෘතිය. අද බටහිර කතා කෙරෙන දෙවියන් වහන්සේ
ඔවුන්ගේ සංස්කෘතියේ යෙහෝවා දෙවියන් වහන්සේ. ක්‍රිස්තියානි දෙවියන්
වහන්සේත් ඉස්ලාම් ආගමේ අල්ලා දෙවියන් වහන්සේත් යෙහෝවා දෙවියන්
වහන්සේගේ විවිධ ස්වරූප. ක්‍රිස්තියානින් හා යුදෙවුවන් අතර තිබූ වෙනස්කම්
මේ වන විට බොහෝ දුරට සමනය වූ බවක් මතුපිටින් පේන්න තියෙනවා.
එය මතුපිටින් පමණයි. අල්ලා දෙවියන් වහන්සේ හා යෙහෝවා දෙවියන්
වහන්සේ අතර ප්‍රශ්නය නම් අදත් නැවතත් ඊශ්‍රායලයේ කරළියට ඇවිත්. අද
කොවිඩ් 19ත් මේ අරගලයේ ම කොටසක් ලෙසයි මා දකින්නේ. එහි දී චීනය
මේ ගැටුම යොදා ගන්නා බව පැහැදිලියි.
මට කීමට අවශ්‍ය එයට වඩා අයින්ස්ටයින්ගේ දෙවියන් වහන්සේ ගැන.
යුදෙවුවන්ගේ යෙහෝවා දෙවියන් වහන්සේ වියුක්තයේ එහා කෙළවරේ. ඒ
දෙවියන් වහන්සේගේ රූපයක් මවා ගන්න බැහැ. ප්‍රතිමා හදන්න බැහැ. අල්ලා
දෙවියන් වහන්සේටත් ඒ කරුණු පොදුයි. එහෙත් කතෝලික බැතිමතුන්ගේ
දෙවියන් වහන්සේ එපමණ වියුක්ත නැහැ. දහනවවැනි සිය වසේ අග වන විට
ක්‍රිස්තියානි බුද්ධිමතුන් අතර දෙවියන් වහන්සේ ප්‍රශ්න කෙරුණා. එහි
විකාශයක් ලෙස තමයි අද ඇතැමුන් දෙවියන් වහන්සේ ප්‍රතික්‍ෂෙප කරන්නේ.
අයින්ස්ටයින්ටත් මේ ප්‍රශ්නය බල පෑවා. ඔහු ප්‍රශ්නයෙන් ගැල වී ගියේ තම
දෙවියන් වහන්සේ පෞද්ගලික දෙවියන් වහන්සේ කෙනකු බව කියමින්! ඔහු
දෙවියන් වහන්සේ ප්‍රතික්‍ෂෙප කෙළේ නැහැ. පෞද්ගලික දෙවියන් වහන්සේ හා
පොදු දෙවියන් වහන්සේ අතර වෙනස කුමක් ද?
බටහිර ලෝකය සමස්තයක් ලෙස ගත් කළ දෙවියන් වහන්සේ අතහරින්නේ
නැහැ. බුද්ධිමතුන් පිරිසකට දෙවියන් වහන්සේ ප්‍රශ්නයක් වුණත් සාමාන්‍ය
ජනයාගේ විශ්වාසය බිඳෙන්නේ නැහැ. සාමාන්‍ය ජනයා බටහිර විද්‍යාවට වඩා

දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. නිවුටන් හා අයින්ස්ටයින් විශ්වාස කළ
දෙවියන් වහන්සේ ඔවුන්ට වඩා අඩු මට්ටමේ බටහිර විද්‍යාඥයන් විසින්
ප්‍රතික්‍ෂෙප කරනු ලැබීමේ ප්‍රතිඵලය වී ඇත්තේ බටහිර ලෝකයේ බටහිර විද්‍යාව
ක්‍රමයෙන් ප්‍රතික්‍ෂෙප වීමයි. එක්සත් ජනපද මේ සම්බන්ධයෙන් ඉදිරියෙන් ම
ඇති රටයි. එක්සත් ජනපදිකයන් කොවිඩ් එන්නතකට ආකර්ෂණය කර
ගැනීමට ලොතරැයි පිහිට පතන්න වෙලා.
ඒත් අපේ රටේ බටහිර විද්‍යාව ගැන ඇත්තේ තදබල විශ්වාසයක්. මා හිතන්නේ
දේශපාලනඥයන් සියල්ලන් ම පාහේ බටහිර විද්‍යාව ගැන තදින් විශ්වාස
කරනවා. සජිත් එ ගැන පැහැදිලි ප්‍රකාශයක් කර නැතත් ඔහු එන්නත හා විද්‍යා
උපකරණ ලබා ගැනීමට ලංකාවේ ඉන්න විදේශීය තානාපතිවරුන්ට දුරකතන
පණිවුඩ ලබා දෙනවා. තානාපතිවරු තමාට මොනවා කිවුව ද කියා සජිත්
ජනමාධ්‍යයට කියන්නේ නැහැ. අනුර රනිල්දාස නම් බටහිර විද්‍යාව ඉගෙන
ගත්තෙක්. ඔහු කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බටහිර විද්‍යා මතයට
සවන් නොදී හිතුවක්කාර මානාධික ආකාරයකින් කටයුතු කරන බවයි.
රනිල්දාසට අනුව විවිධ වයිරස ලංකාවට ගෙනැවිත් තියෙන්නෙ ගෝඨාභය
රාජපක්‍ෂ බටහිර වෙද මහතුන්ට ඇහුම්කම් නොදීම හේතුවෙන්.
මා දන්නා තරමින් බටහිර වෙද මහතුන් කොවිඩ් 19 සම්බන්ධයෙන් ඊනියා
වෛද්‍ය විද්‍යාත්මක කිසිවක් කියා නැහැ. රවි කුමුදේශ් සහ තවත් අය කියන
මීටරයක් දැන් නම් මීටර දෙකක් දුරින් ඉන්න මුව ආවරණයක් දැන් නම්
දෙකක් පළඳින්න අත් හෝදන්න වැනි දේ හැරෙන්න ඔවුන් කියා ඇත්තේ කුමක්
ද? විවිධ කොවිඩ් වයිරස ජාති (විකෘතීන්) තියෙන බව කියනවා. ඒවට බටහිර
දාල තියෙන නම් ද අපට කියනවා. සමහරු රට වහන්න කියනවා. තවත්
සමහරු ප්‍රදේශ හුදකලා කරන්න කියනවා. ගමන් බිමන් සීමා කරන්න
කියනවා. තවත් සමහරු දේශීය ප්‍රතිකාර කරන්න එපා කියනවා. ආයුර්වේද
වෙදමහතුන් පන්නල ආයුර්වේද රෝහලත් තමන්ට දෙන්න කියනවා.
අවාසනාවකට ආණ්ඩුව එයට නම් කන් දී ඇති බවක් පේනවා.
රට වහන එක ප්‍රදේශ හුදකලා කරන එක ඊනියා සමාජ දුරස්ථභාවය ආදිය
දෙයියන්නෙ ලෙඩ හැදුනම අපේ ගෙවල්වල කෙරෙන වෙන් කිරීම පළල් ව
කිරීමක් පමණයි. ඒත් එය ගෙදරක රෝගියකු වෙන් කිරීම තරම් සරල නැහැ.
එය බටහිර වෙද මහතුන් කීවත් වෙනත් අයත් කීවත් අවසානයේ දී
දේශපාලන තීන්දුවක් වෙනවා.
මා දන්නවා බොහෝ දෙනා ගණිතයේදීත් ඒ වගේ ගණනක් ආවෙත් මේ
විධියට කරන්න කියා ඉගෙන ගන්නවා. ගණන පොඩ්ඩක් වෙනස් කළොත්
ඉවරයි. රට වහන එක හරි වෙනත් දෙයක් හරි අර රටේ කරල තියෙන
විධියට මේ රටෙත් කරමු කියා කියන්න බැහැ. අනෙක් අතට මෙරට නිලධාරි
පෙළැන්තිය ආණ්ඩුව ගන්නා තීරණත් අවුල් කරනවා. තොග වෙළෙඳුන්ට
වෙළෙඳ පොල විවෘත කරල සිල්ලර වෙළෙඳුන්ට වෙළෙඳ පොළ වහනවා.
තොග වෙළෙන්දා තම නිෂ්පාදන විකුණන්නේ කාට ද?

ගමන් බිමන් සීමා කිරීමේ දී තවත් බොහෝ දේ කල්පනා කරන්න ඕන. අප
දුප්පත් රටක් බවත් අමතක කරන්න බැහැ. මෙරට වැඩි පුර ඉන්නෙ මාසික
වැටුපක් ලබා ගන්න අය නො වෙයි. රනිල්දාස කියන විධියට රෝගීන් මරා
දාන්නෙ ආණ්ඩුව. එතකොට අනෙක් බොහෝ රටවලත් රෝගීන් මරා දාන්නෙ
මේ ආණ්ඩුව ද? රෝගීන් මරණයට පත්වීමට ඇති පොදු හේතුව බටහිර
වෙදමහතුන්ගෙ උද්ධච්ඡකම. ඒ කොහොම වුණත් මා එකක් දන්නවා.
රනිල්දාසලා 1971 දී 1987-90 කාලයේ දී මෙරට මරා දැමූ සංඛ්‍යාව ඉක්මවා
යන්න නම් කොවිඩ් 19ට බැහැ.
මේ අතර කෙකරගාමියකු කියා තිබුණා ධනපති ක්‍රමයට වසංගතයක්වත්
මර්දනය කරන්න බැහැ කියා. ධනපති ක්‍රමය කියන එක බටහිර විද්‍යාවෙන් හා
තාක්‍ෂණයෙන් වෙන් වුණු එකක් නො වෙයි. ධනපති ක්‍රමය බටහිර විද්‍යාව හා
තාක්‍ෂණය සමග අත්වැල් බැඳ ගන්නවා. කෙකරගාමියාගෙ නායකයකු තමයි
හයිසන්බර්ග්ට අනිශ්චය මූලධර්මය වැරදි බව කියා දුන්නෙ. ඒ නායකයාට
නොබෙල් තෑග්ග දෙන්න පරක්කු වෙන්නෙ මොකද කියලයි මා කල්පනා
කරන්නෙ. බටහිර භෞතික විද්‍යාවට තිස්ගණන්වලින් පස්සෙ එකතු වෙච්ච
දෙයක් නැහැ. බටහිර භෞතික විද්‍යාව ඇණ හිටල. බටහිර වෙදකමත් ඇණ
හිටල. කොවිඩ් 19 ඒ බව පෙන්නල. වසංගතයක්වත් මර්දනය කරන්න බැරි
බටහිර විද්‍යාවටයි, බටහිර වෙදකමටයි. ධනපති ක්‍රමයට බැරි බටහිර දැනුමට
ඒ බැරි නිසයි. ධනපති ක්‍රමයට බැණල බටහිර විද්‍යාව හා පොදුවේ බටහිර
දැනුම බේර ගන්න බැහැ.
මාක්ස්වාදය කියන්නෙත් බටහිර දැනුමක්. මාක්ස්වාදීන් කිවුවෙ තමන්ගෙ
දැනුම විද්‍යාත්මක කියල. මාක්ස් ධනවාදය බටහිර විද්‍යාවෙන් වෙන් කරල
බටහිර විද්‍යාව ආරක්‍ෂා කර ගන්න බටහිර විද්‍යාවට මාස්ක් දැම්මා. බටහිර
දැනුමේ අංගයක් වූ මාක්ස්වාදය මාස්ක්වාදයක් වුණෙ කලකට පෙර. බටහිර
විද්‍යාව ආරක්‍ෂා කරපු මාක්ස්වාදය විසින් අවසානයේ දී ධනවාදය ආරක්‍ෂා
කෙරුණා. ඒත් දැන් ඒක කරන්නත් බැහැ. මාක්ස්වාදීන්ට මාස්ක් පැළැඳ ගෙන
මාධ්‍ය සාකච්ඡා තියන එක ඇරෙන්න වෙන එකක් කරන්න බැහැ.