හෙළ හවුල යනු තුප්පහින් ඊනියා සිංහල ලෙස මතු කිරීමට කැප වූ බෞද්ධකම නැති කතෝලික ප්‍රමුඛ හවුලකි. ත්‍රිවිධ රත්නය ලඝු කර ඊනියා දෙස බස රැස ගෙන ආ අයයි. අද රාවණාකාරයෝද ඔවුන්ම විය හැක

හෙළ හවුල දේශපාලන සංවිධානයක් වුණේ නැහැ. එමෙන් ම එහි බෞද්ධකමට වඩා සිංහලකම තිබුණා. හෙළ හවුල කතෝලික ප්‍රදේශවල ජනප්‍රිය වීමටත් එය හේතුවක් වුණා. හෙළ හවුලේ ත්‍රිවිධ රත්නය වූයේ දෙස බස රැස යන්න යි. අයි එම් ආර් ඒ ඊරියගොල්ල මහතාගේ භාෂා පෙරමුණෙත් සිංහලකම තමයි ඉස්මතු වුණේ. ඒ මහතා බෞද්ධ පරම විඥානාර්ථ සමාගමත් සමග සම්බන්ධ වූ අතර ක්‍රිෂ්ණමූර්තිවාදියකු ලෙස ද ප්‍රසිද්ධියක් ලබා තිබුණා. බණ්ඩාරනායක මහතා අරුණාචලම් මහතාගේ හින්දු මහා සභාව අනුව යමින් සිංහල මහා සභාව පිහිටෙව්වත් එයට ජාතිකත්වයක් තිබුණේ නැහැ. 1946 දී සිංහල මහා සභාව තවත් සංවිධාන සමග  එක්සත් ජාතික පක්‍ෂයට එකතු වුණා.

 එහෙත් මෙරට සාමාන්‍ය සිංහල බෞද්ධ ජාතිකවාදීන්ට තමන්ගේ ම වූ දේශපාලන පක්‍ෂයක අවශ්‍යතාව තිබුණා. බණ්ඩාරනායක මහතාට එ ජා පක්‍ෂයෙන් කැඩෙන්න එයත් බල පෑවා. එහෙත් ශ්‍රී ල නි ප මුල දී ලිබරල් පක්‍ෂයක් වුණා. එය ජාතිකවාදී පක්‍ෂයක් බවට පත් වූයේ 1952 මින්නේරිය අතුරු මැතිවරණයත් සමග. මේ අතර පිලිප් ගුණවර්ධන මහතා ලංකා සමසමාජ පක්‍ෂයෙන් ඉවත් වී විප්ලවකාරී සමසමාජ පක්‍ෂය පිහිටුවා ගෙන තිබුණා. මෙරට මාක්ස්වාදයේ පියා ලෙස ප්‍රසිද්ධ වූ ඒ මහතා පුස් කෑ මාක්ස්වාදී පොත් ගැන කතා කළා.

 1956 මැතිවරණයට සුළු කාලයකට පෙර ශ්‍රී ල නි ප, වි ල ස ස ප, භාෂා පෙරමුණ හා තවත් පක්‍ෂ කිහිපයක් එකතු වී මහජන එක්සත් පෙරමුණ පිහිටුවා ගත්තා. වම ඒ සමග නැති වුණා. ජාතිකත්ව පක්‍ෂයක් නොමැති වීම නිසා අධිරාජ්‍ය විරෝධී හැඟීම් ඇති ඇතැමුන් වාමාංශික පක්‍ෂ සමග සම්බන්ධ වී සිටියත් ශ්‍රි ල නි පක්‍ෂය හා පසුව ම එ පෙරමුණ පිහිටුවීමත් සමග වාමාංශික පක්‍ෂවලින් ඉවත් වුණා. වම නැති වීමෙන් පසු වමාලාගේ විකාශය පසුව සාකච්ඡා කරමු.    

එක රටයි එක නීතියයි එක හාමුදුරුවො යි සිංහළ බෞද්ධ රාජ්‍යය ට සිංහළ රටට සිංහළ නීතිය ලැබේවිද නැවත සුමේධ වීරවර්ධන කාදිනල් ගේ අතකොලු ලෙස රෝම ලන්දේසි නීතිය ම හරහා සිංහළයන්ට අවනීතිය ම ගෙන ඒවිද?

 එක රටක් එක නීතියක් ගැන වාර්තා කරන්න ජනාධිපතිතුමා කමිටුවක් පත් කරල. මා හිතන්නෙ එය ඉතා වැදගත් තීරණයක්. කමිටුවේ සභාපති ලෙස පූජ්‍ය ඥානසාර හිමියන් පත් කරලා. මා උන්වහන්සේ සමග කතාබහ කර ඇති බවක් මට මතක නැහැ. ඒත් උන්වහන්සේගේ දෙසුම් මා අහල තියෙනවා. ඒ සෑම දෙයක් ගැන ම මා එකඟ නොවන්න පුළුවන්. උන්වහන්සෙ විවිධ කාලවල සම්බන්ධකම් පැවැත් වූ අය ගැනත් මට තියෙන්නෙ සුහද හැඟීමක් නො වෙයි. එහෙත් මා හිතනවා ඔය කමිටුවේ සභාපති ධුරයට පත් කළ යුත්තේ භික්‍ෂූන් වහන්සේ නමක් බවත් ඒ සඳහා සුදුසු ම උන්වහන්සේ කියාත්.

 සමහරු කියන්න පුළුවන් උන්වහන්සේ අධිකරණයෙන් දඬුවම් ලබා ඇති බව. මට මතක හැටියට ඒ උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන්. උසාවිය කියන්නෙ පවත්නා නීතිය අනුව විනිශ්චය දෙන ආයතනය. උසාවිය ගැන මටත් අත්දැකීම් තියෙනවා. කම්කරු උසාවියේ සිට ශ්‍රෙෂ්ඨාධිකරණය දක්වා මා නඩු කියල තියෙනවා. උසාවිය ගැන මා කිසිවක් කියන්නෙ නැහැ. උසාවියට ගරු කරන්න ඕන. ඒ වගේ ම උසාවිය එයට එන්නන්ටත් ගරු කරන්න ඕන. උසාවියට අපහාස කරනවා කියන එක සංකීර්ණ දෙයක්. අනෙක් හැම එකක මෙන් ම එහි ඇති වාස්තවිකත්වයක් නැහැ. උසාවියෙ තීන්දුත් විවිධ කරුණු මත රඳා පවතිනවා.

 ඥානසාර හාමුදුරුවන් එක්නැලිගොඩගේ විවාහක බිරිඳට උසාවියේ දී යමක් කීමෙන් උසාවියට අපහාස වුණා කියල තීරණය වූ බවයි මගේ මතකය. එක්නැලිගොඩ අතුරුදහන් වීම නිසයි ඔහුගෙ විවාහක බිරිඳට යම් තැනක් ලැබුනෙ. එක්නැලිගොඩ අතුරුදහන් නූණ නම් ඔහුගේ විවාහක බිරිඳට කිනම් තැනක් ලැබෙන්න තිබුණ ද කියන එක අහන්න ඕන ඇගෙන්මයි. කොහොමත් ඒ සිද්ධිය නිසා උසාවියට වූ අපහාසය ගැන මා වැඩි දුර කියන්න යන්නෙ නැහැ. මගෙන් උසාවියට අපහාසයක් වෙන්න බැරි නැහැ. මෙරට ක්‍රියාත්මක වන්නෙ ඉංගිරිසි නීතිය මුසු වූ රෝම ලන්දේසි නීතිය. එය සිංහල ජාතිකත්වයට පක්‍ෂපාත නැහැ. ඒ කියන්නෙ නීතිය අපක්‍ෂපාත කියන එක නො වෙයි. අර පරණ එක්නැලිගොඩ නිලමෙ ගැනත් මට මතක් වෙනවා. ඒ නිලමෙ සිංහලේ නිදහස් සටනට විරුද්ධ වූ අයෙක්. 

 කමිටුවේ සාමාජිකයන් අතරින් මා දන්නෙ තව එක්කෙනයි. ඒ සුමේධ වීරවර්ධන. ඔහු ඇසූ පිරූ තැන් ඇත්තෙක්. මා හිතන්නේ ඔහු නීතිඥයෙක් නූණත් විවිධ නීතිවල පසුබිමේ ඇති දර්ශනය දන්නවා කියා. නීතිය රෝම වැසියන්ගෙ නිපදවීමක් නො වෙයි. ලන්දේසින් මෙරටට එන්න බොහෝ කලකට පෙරත් මෙරට නීතියක් තිබුණා. අපේ සිරිත් ලේනා කියා නිලයක් තිබුණා. එය අද කියන විධියට නම් නීතිපති ධුරය. නීතියෙ පදනම  සංස්කෘතිය හා සිරිත් විර්ත්.

රෝම ලන්දේසි නීතිය සිංහළ නීතියට අවනීතියක් නොවේවා – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

නීතිය රෝම වැසියන්ගෙ නිපදවීමක් නො වෙයි. ලන්දේසින් මෙරටට එන්න බොහෝ කලකට පෙරත් මෙරට නීතියක් තිබුණා. අපේ සිරිත් ලේනා කියා නිලයක් තිබුණා. එය අද කියන විධියට නම් නීතිපති ධුරය. නීතියෙ පදනම  සංස්කෘතිය හා සිරිත් විර්ත්.

 ලන්දේසින්ට පෙර මෙරට තිබුණෙ සිංහල නීතිය. ලන්දේසින් රෝම ලන්දේසි නීතියට අමතර ව මෙරට විවිධ නීති ඇති කළා. ඔවුන් තමයි දුම්කොළ වගාවට මෙරටට වෙල්ලාලයන් ගෙනාවෙ. ඒ පැමිණි වෙල්ලාලයන් අස්වැන්න නෙලා ගැනීමෙන් පසු තම නිජබිමට ගියා. ලන්දේසින් එය වැළැක්වීමට එකල ඉන්දියාවෙ (එකල ඉන්දියාවක් තිබුණෙ නැහැ. ඒත් අපි සම්මුතියෙන් ඉන්දියාව කියල කියනවා) තිබුණු මුස්ලිම් නීතියක් වූ තේසවලාමෙ නීතිය යාපනයෙ පැනෙවුව. මුස්ලිම් තේසවලාමෙ නීතියට පසුව කෝවිල් කතාත් එකතු වී තියෙනවා. ඒත් එහි මුල ඇත්තෙ මුස්ලිම් නීතියක්.

 වෙල්ලාලයන් තේසවලාමෙ නීතියක් පැනෙවුවට ආපසු තම නිජභූමියට යන එක නැවැත්තුවෙ නැහැ. පසු කාලෙක ඉංගිරිසින්ට සිදු වුණා නැවතත් තේසවලාමෙ නීතිය පැනවීමට. ඉංගිරිසින් රෝම ලන්දේසි නීතියට තම නීතිත් ඇතුල් කළා. එයට අමතර ව මුස්ලිම් නීතියක් තියෙනවා. අද උඩරට නීතිය කියල නීතියකුත් තියෙනවා. එයට උඩරට නීතිය කියල කිවුවෙ ඉංගිරිසින්. එය සිංහල නීතිය. ඒත් ඒ කාලෙ වන විට සිංහල රාජ්‍යය ඊනියා උඩරටකට සීමා වු නිසා සිංහල නීතිය උඩරට නීතිය ලෙස හඳුන්වනු ලැබුවා. ඒ ඉංගිරිසින් කළ එක අවුලක් පමණයි. ඒත් අප මතක තබා ගත යුත්තක් නම් සිංහල නීතියට නායක්කාර් රජවරු එකතු කළ අංගත් තියෙන බව. 

 ඕනෑම නීතියක් රටක සංස්කෘතිය හා එහි සිරිත් විරිත් මත පදනම් වෙනවා. අප ඉංගිරිසි නීතිය කියනවා, රෝම ලන්දේසි නීතිය කියනවා මුස්ලිම් නීතිය කියනවා. කොහේවත් ජාතියකින් ආගමකින් සංස්කෘතියකින් තොර නීතියක් නැහැ. ඊනියා  වාස්තවික නීිති ලෝකෙ නැහැ. බටහිර විද්‍යාවත් වාස්තවික නොවූ කල වාස්තවික නීති කොහේ ද? බටහිර විද්‍යාව ග්‍රීක ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙලා තියෙන පට්ටපල් බොරුවක්. පඬියන් මහා පිපිරුම විශ්වාස කරන බව මා දන්නවා. එය විශ්වාසයක් පමණයි.

 එංගලන්තෙ චීන ජනවර්ගයට වෙන ම නීති නැහැ. ඉංගිරිසි නීතිය ඒ රටේ සංස්කෘතිය සිරිත් විරිත් මත පදනම් ව විකාශය වෙච්ච පද්ධතියක්.  එක රටක් එක නීතියක් කියන්නෙ ඉංගිරිසි නීතිය මුසු වුණු රෝම ලන්දේසි නීතිය මෙරට හැම තැන ම ක්‍රියාත්මක කරන එක නො වෙයි.  මෙරට සංස්කෘතිය මත පදනම් වූ නීතියක් ඇතැම් සංස්කෘතීන්වල නීතිත් අවශ්‍ය පරිදි අවශෝෂණය කර ගෙන සකස් කර ගෙන ක්‍රියාත්මක කරන්න ඕන. බොරු සමාජවාදීන් ඒ ජනවර්ගයට ඒ නීතිය මේ ජනවර්ගයට මේ නීතිය කියා යෝජනා කරාවි. පුළුවන් නම් ප්‍රංශයට ගොස් මුස්ලිම් නීතිය ද ක්‍රියාත්මක කරන්න කියන්න.

 අප මෙහි දී මතක තබා ගත යුතු තවත් දෙයක් තියෙනවා. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් ඉංගිරිසිනුත් ඊට පෙර ලන්දේසිනුත් පොරොන්දු වුණෙ මෙරට නීතිය අනුව එනම් සිංහල නීතිය අනුව රට පාලනය කරන්න. ඒත් තම ක්‍රිස්තියානි සංස්කෘතියට එකඟ ව ඔවුන් ඒ පොරොන්දු ඉටු කෙළේ නැහැ. යම් ආකාරයක නිදහසක් ලැබී අවුරුදු හැත්තෑතුනක් ගත වුව ද මෙතෙක් කිසිවකු ඒ ගැන හිතා බලල නැහැ. සේනනානයකලාගෙන් ජයවර්ධනලාගෙන් ප්‍රේමදාසලාගෙන් වික්‍රමසිංහලාගෙන් එවැන්නක් බලාපොරොත්තු වන්නත් බැහැ. ඔවුන් ඉංගිරිසින්ගේ අච්චුවේ ම වැඩ කළා. ගෝඨාභය රාජපක්‍ෂ අඩු තරමෙන් එක රටක් එක නීතියක් ගැන වාර්තා කරන්න කමිටුවක් පත් කරල තියෙනවා. ඒ කමිටුවේ සභාපති ධුරය මේ රටේ ක්‍රියාත්මක වන අවනීති ගැන අත්දැකීමෙන් ම දන්නා හිමිනමක් පත්කර තියෙනවා.     

වමාලාට වම නැතිවීම – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

වමාලාට වම නැති වීම

  වමාලාට වම නැති වීම   මෙරට වමක් නැති වමාලා ඔවුන්ට අනුව ධනවාදී රටවලින් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දකුණේ සංවිධාන සමග සිංහල බෞද්ධ …

http://www1.kalaya.org/2021/10/blog-post_29.html?m=1

මොකා ආවත් පොරොන්දු වුණේ සිංහළ නීතිය හැබැයි නොකරන්නෙත් සිංහළ නීතිය සිංහළ සිරිත

// මෙහි දී මතක තබා ගත යුතු තවත් දෙයක් තියෙනවා. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් ඉංගිරිසිනුත් ඊට පෙර ලන්දේසිනුත් පොරොන්දු වුණෙ මෙරට නීතිය අනුව එනම් සිංහල නීතිය අනුව රට පාලනය කරන්න. ඒත් තම ක්‍රිස්තියානි සංස්කෘතියට එකඟ ව ඔවුන් ඒ පොරොන්දු ඉටු කෙළේ නැහැ. යම් ආකාරයක නිදහසක් ලැබී අවුරුදු හැත්තෑතුනක් ගත වුව ද මෙතෙක් කිසිවකු ඒ ගැන හිතා බලල නැහැ. //

ඒ කතාව ඇතුලට සිංහලයන්ට ඔලුව දාගන්න පුළුවන් නම් මේක ලොකු අවස්ථාවක්.

අපි හිතන ඒ විදියට හැදුවත් නීතිඥයන්ගේ නීති තර්ක වලින් පසුව මේ වාර්ථාව පුස්සක් කරන්න ඉඩ තියෙනවා.

බෞද්ධයන් ඝාතනය කිරීම ගැන සලේ නොසැලේද? – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

ඒ කොහොම වුණත් ඉතිරි වී ඇති ප්‍රශ්නයක් තියෙනවා. ඒ කොටි ත්‍රස්තවාදය සම්බන්ධයෙන්. එහි දී ඇතැම් කතෝලික පූජකතුමන්ලා විවිධ ආකාරයෙන් කොටින්ට ආධාර කළා. කාදිනල්තුමා ද එකල කොටි සංවිධානය කෙරෙහි සානුකම්පික ආකල්පයක් ඇති ව හිටියේ. මෙරට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන පරීක්‍ෂණයක් කළ යුතු ය කියා මා හිතනවා. කොටි ත්‍රස්තවාදය වර්ධනය කිරීමෙහි ලා කතෝලික සභාවේ කිසියම් වූ දායකත්වයක් තිබුණේ ද? පාස්කු ප්‍රහාරය නිසා මෙන් ම කොටි ප්‍රහාර නිසා ද මිනිසුන් ඝාතනය වුණා. මා හිතන්නේ කොටි ප්‍රහාරවලින් ඝාතනය වූ වැඩි දෙනකු බෞද්ධ කියා. බෞද්ධයන් ඝාතනය කිරම නිසා අප නො සැලේ ද? සලේට ඒ ගැන යමක් කියන්න පුළුවන් ද?

කාදිනල් මැල්කම් රංජිත් යහපත් එඬේරා ගැන. – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

කාදිනල් මැල්කම් රංජිත් යහපත් එඬේරා ගැන. බෞද්ධයන් නම් බැටළුවන් නො වෙයි. බෞද්ධයන් අයත් වන්නෙ එව බලව සම්ප්‍රදායට. ඒත් කාදිනල්තුමාට බලා ගන්න බැටළුවන් ඇති. කාදිනල්තුමාට ඇති ප්‍රශ්නය පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රිපාල සිරිසේනට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් නොකිරීම බවයි මගේ වැටහීම. මා හිතන්නෙ නැහැ සිරිසේන ඔය ප්‍රහාරය සැලසුම් කළා ය කියා. ඔහු ගැන කාදිනල්තුමාට කියන්න තියෙන්නෙ මොකක් ද? අයහපත් කළු බැටළුවා කවුද? කාදිනල්තුමා සිරිසේන ගැන දන්න විස්තර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දන්නනවා ද? ඒ වගේ ම රනිල් වැරදි කාරයකු නොවී සිරිසේන වැරදි කරුවකු වේ නම් එයටත් සාධක දක්වනවා ද? කාදිනල්තුමාගෙන් තවත් දෙයක් දැන ගන්න තියෙනවා. අර කොටි සංවිධානයට ආධාර කළ කතෝලික පූජකවරු වැරදි කරුවන් ද නැත් ද? ඔවුන් එඬේරුන් ද කාගෙවත් බැටළුවන් ද?

මියන්මා රජය ධීවර යාත්‍රා නිදහස් කරලා – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා 29.10.2021

මියන්මා රජය ධීවර යාත්‍රා නිදහස් කරලා

 මා මියන්මාහි තානාපති කාර්යාලයේ නිදා සිටි අවධියේ සිහිනෙන් කරන ලද වැඩක අවසාන ප්‍රතිඵලය දැන් ලැබී තිබෙනවා. අර ධිවරයන් දොළොස් දෙනා නිදහස් කරනු ලැබූවත් ඔවුන් ගමන් කළ යාත්‍රා දෙක නිදහස් කෙරුණේ නැහැ. ඒවා මියන්මා රජය අත්අඩංගුවට ගෙන තිබුණා. මට ඊයේ දැන ගන්න ලැබුණා මියන්මා රජය ඒ යාත්‍රා දෙක ද නිදහස් කරල කියා. එය ඉතා වැදගත් ආරංචියක් බවට සැකයක් නැහැ.

 මා නින්දෙන් පසු වූ පසුගිය ජූනි මාසයේ තානාපති කාර්යාලයෙන් මියන්මා විදේශ අමාත්‍යාංශයට ඉංගිරිසින් ලෝකයට පුරුදු කර ඇති රාජ්‍යතාන්ත්‍රික ගණුදෙනු කරන ආකාරය අනුව ඔවුන්ට තෙවැනි පාර්ශ්ව දැන්වීමක් (Third Party Note) කෙරුණා. ඒ යාත්‍රා නිදහස් කරන ලෙස නින්දෙන් කෙරුණු අවසාන ඉල්ලීමයි. ඉන් පසු ජූලියේ මට නින්දෙන් ම කොවිඩ් හැදුණා. මා දින කිහිපයක් සිහි විකල් ව විකාර කියෙවුවා. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් නම් කියන්නේ මා හැමදාමත් විකාර කියවන බව. මේ පඬි සමාජවාදී විකාර ගැන පසුව කියන්න ඕන. ජ වි පෙ නැවතත් ගමෙන් පටන් ගන්න යන බවට විකාර කියවනවා. ජීවිතය ලස්සන කරන විසඳුම් ගේන්න යනවා. මල් ශාලාවලටත් දන්වන්න ඕනද? ලස්සනට තියෙයි.

 ඒ කොහොම වෙතත් සැප්තැම්බරයේ මා නින්දෙන් අවදි වී ආපසු ලංකාවට ආවා.  තානාපති ධුරයේ වැඩ බලන සංඛපාලි මහත්මිය මියන්මා විදේශ අමාත්‍යාංශයට අර දැන්වීම ගැන සිහි කැඳවීම් යවා තියෙනවා. ඊයේ මියන්මා බලධාරීන් යාත්‍රා නිදහස් කිරීමට ගත් තීරණය දැනුම් දී තියෙනවා. දැන් මෙරට විදේශ අමාත්‍යාංශයත් ධීවර අමාත්‍යාංශයත් ඒ යාත්‍රා ආපසු ලංකාවට ගෙන ඒමට අවශ්‍ය පියවර ගනීවි.

 මා ඒ ටික කිවුවේ ගෞරවයක් පිළිගැනීමක් බලාපොරොත්තුවෙන් නො වෙයි. මෙරට උගතුන්ගේ බුද්ධිමතුන්ගේ පිළිගැනීමකට උගතකු බුද්ධිමතකු නොවන මා ලක් නොවන බව මා දන්නවා. මා ඊයේ (ඔක්තෝම්බර් 27) සඳහන් කළ මාල් විජයරත්න තම න ච සො න ච අඤ්ඤො කෘතියෙහි මා බුද්ධිමතකු ලෙස  හඳුන්වා දී තිබෙනවා. එයට සමහරුන්ගේ කැමැත්තක් නැතිවිය හැකි බවත් ඔහු ඒ සමග ම කියා තියෙනවා. ඔහු දන්නවා ඇති උගත් සමාජය මා ගැන හිතන හැටි.

 මා තානාපති කාර්යාලයේ නිදා සිටි සමයේ මියන්මා දේශපාලනය හැරෙන්න අනෙක් දේශපාලන කටයුතු ගැන මගේ මත පළ කළා. දැන් මට මියන්මා දේශපාලනය ගැනත් ලියන්න කියන්න පුළුවන්. මා රාජ්‍ය සේවයේ ඊනියා ආචාර ධර්මවලින් බැඳිලා නැහැ. මා හිතන අයුරින් අදහස් ප්‍රකාශ කරනවා.

 මෙරට ජනමාධ්‍යවේදීන් කෙතරම් ප්‍රබුද්ධයන් වුවත් ඊනියා වාමවාදී/ප්‍රගතිශීලි අදහස් දැරුවත් ප්‍රවෘත්ති ලබා ගන්නේ බටහිර ජනමාධ්‍යවලින්. බටහිර ජනමාධ්‍ය මියන්මා හමුදා රජයට කැමති නැහැ. ඔවුන්ට අවශ්‍ය තම ගැත්තකු හරි ගැත්තියක හරි ලවා හමුදා ආණ්ඩුව පෙරළා දමා බටහිර ගැති ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පිහිටුවීමටයි. රට බෙදීමටයි. ඔවුන් තවමත් ඒ සඳහා යොදා ගන්නේ මියන්මාහි චන්ද්‍රිකා වූ අවුන් සාං සු චී. කලින් හමුදා ආණ්ඩුව  වැරදි කර තියෙනවා. ඒත් උපන්ගෙයි මිනීමරුවන් වූ බටහිරයන් වත්මන් හමුදා ආණ්ඩුව මනුෂ්‍ය ඝාතක රැළක් ලෙස ලෝකයට දක්වනවා. එයට ඇත්තේ එකම එක හේතුවක්. හමුදා ආණ්ඩුව බටහිර ගැති නො වීම.

 බටහිරයන් අපේ හමුදාවට රණවිරුවන්ට විරුද්ධ ව ලෝකය පුරා ගෙන යන ප්‍රචාරය සලකන්න. අප දෙමළ ජනයා සමුලඝාතනය කළ බවයි ඔවුන් කියන්නේ. ඒ අන් කිසිවක් නිසා නොව අපේ හමුදාව බටහිරයන්ගේ ආශිර්වාදය අනුග්‍රහය හා තවත් දේ ලැබූ අනභිබවනීයැයි රොහාන් ගුණරත්න ඇතුළු ඊනියා විශේෂඥයන් පැවසූ කොටි ත්‍රස්තවාදීන් පරාජය කළ නිසයි. අපේ විශේෂඥයන් පොහොර ගැනත් තවත් දේ ගැනත් කතා කරනවා. ඔවුන් විශේෂ අඥයන් බවයි මගේ හැඟීම. බටහිරයන් කියන දේ තමන්ට වැටහෙන අයුරින් පරිවර්තනය කර කියවීම තමයි විශේෂ අඥයන්ගේ කාර්ය භාරය.

 ධිවරයන්ගේ ප්‍රශ්නය ඇති වුණේ මියන්මා හමුදා ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව. අප ධීවර ප්‍රශ්නය ගැන මුළුමනින් ම සාකච්ඡා කෙළේ හමුදා ආණ්ඩුව සමග. අපට නිදහස් කර ගැනීමට හැකි වූයේ මියන්මා නීතියට අනුව සිර දඬුවමකට නියම කෙරුණු ධිවරයන් හා අත්අඩංගුවට ගැණුනු යාත්‍රා. හමුදා ආණ්ඩුවත් එයට  පක්‍ෂපාත භික්‍ෂූන් වහන්සේත් ලංකාවට ගරු කරනවා. මා දන්නා අන්දමට හාල් මෝලුන් හාල් හංගද්දී මියන්මා ආණ්ඩුව අපට හාල් මෙට්ට්‍රික් ටොන් තිස්දාහක් ලබා දී තියෙනවා. පඬි නැට්ටකු කියන්න පුළුවන් මුදල්වලට කියා. හමුදා ආණ්ඩුව ඇලි ඇතා දන් දුන් වෙස්සන්තර රජකු නො වෙයි.

 ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කියන්නෙ බටහිරයන් විසින් බටහිරයන් වෙනුවෙන් පවත්වා ගනු ලබන බටහිරයන්ගේ ආණ්ඩු සහිත රටවල්වලට. පඬියන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක පැටළිලා. වමක් නැති දකුණේ වමාලා ප්‍රජාතන්ත්‍රවාදී වැලේ හිරවෙලා හුස්ම ගන්න දඟලනවා. බටහිරයන් හිතන්නේ තමන් වෙනුවෙන් පවත්වා ගන්නේ නැති ආණ්ඩු පෙරලා දැමීම තම ශුද්ධ වූ අයිතියක් බවයි. ඒත් අද බටහිරයන් ශක්තිමත් නැහැ. චීනයටත් යුද්ධ ශක්තියක් නැහැ. ඒ අතර බටහිර දැනුම කඩා වැටිලා. විකල්පයක් නැති නිසා බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තවමත් ඇදි ඇදී යනවා. වෙළෙඳපොළ ඉල්ලුම සැපයුම මත රැඳෙනවා ද? එය පාලනය කරන්න පුළුවන් ද? බැරි නම් ඒ ඇයි? අපේ ආර්ථිකවිද්‍යා විශේෂ අඥයන් මොක ද කියන්නෙ. මොන සංකීර්ණ කතා කිවුවත් ප්‍රශ්නය එපමණයි. ඩඩ්ලි සිරිසේනගෙන් අහමු ද?         

 ලංකාව හා මියන්මා අතර සම්බන්ධය තවත් දැඩි වෙන්න ඕන. පඬි නැට්ටන් මේ ගැන කියන දේ තුට්ටුවකවත් මායිම් කරන්න ඕන නැහැ. අප රටවල් අතර අඩු තරමෙන් එකොළොස්වැනි සියවසේ සිට සංස්කෘතික හා වෙනත් සම්බන්ධකම් තියෙනවා. මා ගිහින් ඇති රටවල්වලින් මට ලංකාවෙන් පිට ගෙදරක් වූයේ මියන්මා දේශය පමණයි. ලංකාවෙන් යන බොහෝ දෙනකුට ඒ බව දැනෙනවා.