ලෝකයේ පළමු වරට ශරීර අභ්‍යන්තරයේ ශෛල්‍යකර්ම සිදු කරන ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් හම්බ වෙලා තියෙන්නෙ ලංකාවෙන් ඒ 1982 වසරේ ආලාහන පිරිවෙන ආශ්‍රිතව පිහිටා තිබූ ඉපැරණි රෝහල් පරිශ්‍රයක සිදුකල කැනීම් වලදී .ඒ වගේම අනුරාධපුර පොලොන්නරුව මිහින්තලය ආදී ඉපැරණි නගර ආශ්‍රිතව සිදුකළ කැනීම් වලදී ඉතා විශාල වශයෙන් රෝහල්වල නටඹුන් සහ ගලින් සිදුකළ බෙහෙත් ඔරු. කැඳ ඔරු. මෙන්ම ඖෂධ නිෂ්පාදනය සඳහා යොදාගත් විවිධ උපකරණ සහ ඖෂධ උයන් ද සොයාගෙන තියෙනවා .පුරාවිද්‍යාත්මකව තහවුරු කරගත් එම සාධක වලට අමතරව ථෛතිහාසි පුරාවෘත්ත වලද සිංහලයන් සතුව පැවති විශ්මිත ප්‍රතිකාර ක්‍රමයන් පිළිබඳව සඳහන් වෙනවා එය රාවනා යුගය දක්වා දිවෙන අතර ඉන් මෙපිට අප රාජාවලියේ එන ඇතැම් රජවරුන් අති දක්ෂ වෛද්‍යවරුන්ද වූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා ඒ අතර බුද්ධදාස රජතුමා සර්පයන් පවා ශෛල්‍යකර්ම සිදුකොට සුවපත් කලබව ඉතිහාසයේ සඳහන් වෙනවා .මෙම සිංහල වෙදකම යනු “ආයුර්වේදය” නොවේ . එය හුදෙක් සිංහලයාටම අනන්‍ය වූ දේශීය වෛද්‍ය ක්‍රමයකි .

ඉන්දීය ආභාෂය සහිත ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ බටහිර වෛද්‍ය ක්‍රමය ලංකාවට පැමිණීමට පෙර සිංහලයා තම සියලු රෝග පීඩා වලට ප්‍රතිකාර ලබාගත්තේ මෙම හෙළවෙද කමෙන් .මෙයට දශක හතර පහකට පෙර ලංකාවේ ගමක් හෝ ගම් කීපයක් ආශ්‍රිතව:සර්වාංග වෙදමහත්මයෙක් .කැඩුම් බිදුම් වෙදමහත්මයෙක්.සර්පවෙද මහත්මයෙක් .කට්ටඩි මහත්මයෙක් .වාසය කලා . රටවැසි ගම්වැසි සියලු ජනී ජනයාගේ සර්වාංග සහ මානසික රෝග සුවපත් භාවයට පත්කිරීමට මෙම වෙදමහත්වරු කට්ටූන්ට එදා හැකිවුණා .එවන් අසිරිමත් මහා හෙළවෙදකම අදවන විට නැත්තටම නැතිවී යන තැනට දැනට කටයුතු සිදුවී අවසන් . බටහිර වෛද්‍ය සහ ඉන්දීය ආයුර්වේද වෛද්‍ය ක්‍රම මගින් සිංහල වෙදකම සම්පූර්ණයෙන් ගිලදමා අවසන් කොට තිබෙනවා .එවන් පසුබිමක් තුළ කොරෝනා සඳහා සාර්ථක සිංහල ඖෂධයක් නිෂ්පාදනය කර ඇති බවත් එය කොරෝනා රෝගීන් ආශ්‍රිතව සිදුකල පර්යේෂණ වලදී 100% සාර්ථකව ඇතිබවත් මාධ්‍ය මගින් වාර්තා වුණා .එය ආයුර්වේද නිෂ්පාදනයක් ලෙස මාධ්‍ය මගින් වාර්තා කලද එසේ නොව එය පාරම්පරික සිංහල වෙද මහතෙකු ගේ නිෂ්පාදනයක් බව සදහන් කල යුතුය .”ගමේ එකා බුදු වුනත් ගමේ උන්ට අගයක් නෑ” යි කියමනක් අපේ ගම්වල ඇත. එහෙයින් බටහිර කොවීඩ් එන්නත දෙස ඇසිපිය නොහෙළා බලා සිටින පාලකයින්ට නම් මෙම පුවත එතරම් වැදගත් නොවනු ඇත.මන්ද ඔවුන්ට කොමිස් කුටියක් හෝ කඩාගත හැක්කේ එවැනි බටහිර ව්‍යාපෘතියකට අතගැසුවොත් පමනි .එහෙත් රාජ්‍ය අමාත්‍ය Channa Jayasumana මහාචාර්යවරයා පිළිබඳව අපට තවමත් විශ්වාසයක් ඇත. මෙම කොරෝනා මඩින සිංහල ඖෂධය පමනක් නොව අවාසනාවන්ත ලෙස අභාවයට යමින් පවතින වසර දස දහස් ගණනක් ඉපැරණි සිංහල වෙදකම ද නැවත සිංහලද්වීපය තුළ ස්ථාපිත කිරීමට එතුමන්ට හැකියාව ධෛර්යය සහ ශක්තිය අතැයි අප උදක්ම විශ්වාස කරමු !
පතිරණ ජයවර්ධන