අට්ඨකථා යන වචනය කීමේදී නිතැතින්ම සිහිවන නාමයකි බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්ගේ නාමය. අටුවා ග්‍රන්ථ පිළිබඳ වැරදි මත පලවෙන්නාක් මෙන්ම එම ග්‍රන්ථ පාළි භාෂාවට පරිවර්තනය කළ බුදුගොස් මාහිමියන් ගැන ද වැරදි මත බොහෝවක් පැතිරෙමින් පවතී. එය එසේ වීම පුදුමයට කරුණක් නොවේ. බුදු දහමට විරුද්ධව එය වනසන අදහසින් කරුණු දක්වන යමෙක් වේ නම් ඔහු බුදු දහමේ උන්නතිය, දියුණුව උදෙසා කටයුතු කළ උතුමන් සියලු දෙනාටම දොස් නගනු ඇත. බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ පිළිබඳ සැබෑ තොරතුරු දැනගනු කැමති අය මහාවංසය, බුරුමසාසනවංශය, බුරුමයේ පැවති ඡට්ඨ (හයවැනි) සංගායනාවේදී එහි භාරනත්ථාරක සංඝ සමිතිය විසින් ප්‍රකාශිත විශුද්ධිමාර්ග නිදාන කථාව ද, ටීකා ග්‍රන්ථ හා විශුද්ධි මාර්ග සන්න ආදී ග්‍රන්ථ කියවා බැලීම වටී. දැනගැනීම පිණිස ඉන් කරුණු ස්වල්පයක් මෙසේ දක්වමු.

ලක්දිවට වැඩම කිරීමට පෙර අවදිය

බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේගේ උත්පත්තිය ආදී කරුණු මහාවංශ, සාසනවංශ ආදී ග්‍රන්ථයන්හි දැක්වේ. එම කරුණු වල සාරාංශයක් අපි මෙසේ දක්වමු.

බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ ඉන්දියාවේ බ්‍රාහ්මණ පවුලක උත්පත්තිය ලැබූ බවත් කුඩා අවදියේදීම ත්‍රිවේදයේ පරස්පෙරට පැමිණි බවත් කුඩා කාලයේ පටන්ම විශේෂ බුද්ධිප්‍රභාවක් පෙන්නුම් කල බවත් එම පුවත දක්වන සෑම ඉතිහාස ග්‍රන්ථයකම පාහේ දක්වා ඇත. එකල දඹදිව වැඩසිටි අභිඥාලාභී රහතන් වහන්සේග්නාගේ හා සක් දෙව් රජතුමාගේ ඉල්ලීම පරිදි දිව්‍ය ලෝකයෙන් චුතව මෙලොව උප්පත්තිය ලැබූ බව බුරුම සාසනවංශය ආදී ග්‍රන්ථයන්හි දක්වා ඇත. ර්වත නම් තෙරුන් වහන්සේ එතුමන්ගේ උපාධ්‍යායන් වහන්සේ බව මහාවංශයේ දැක්වෙන අතර බුරුම සාසනවංශාදියේ නමක් නොදක්වා අභිඥාලාභී රහතන් වහන්සේ නමක් බව පමණක් දක්වා ඇත. දඹදිවදීම ඉතා කෙටි කලකින් ත්‍රිපිටකට කටපාඩම් කළ බවත් ඉන් පසු උපාධ්‍යායන් වහසේන්ගේ ඉල්ලීම පරිදි අටුවා පරිවර්තතනයට ලක්දිවට වැඩම කල බව මහාවංශයේ දැක්වෙන අතර මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි වැඩම කල බව ඇතැම් ග්‍රන්ථයන්හි දැක්වේ. ඒ අනුව උපාධ්‍යායන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි වැඩම කල බව සිතිය හැකිය.

එසේ වැඩම කරන අතරතුර බුද්ධවංශ අටුවාව පාළියට පරිවර්තනය කළ බුද්ධදත්ත ඇදුරුපාණන් වහන්සේව අතරමගදී මුණගැසුන බවත් දෙදෙනාගේ සාකච්ඡාවෙන් පසු බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේගේ ප්‍රඥාප්‍රභාව හැඳිනගෙන පරමදිළිඳු තැනැත්තෙකුට රතනාකරයක් ලැබුනාක් මෙන් බුද්ධදත්ත ඇදුරුපාණන් වහන්සේ සතුටු වූ බවත් අප රටට මහත් කීරතියක් එක් කළා වූ ද සාරිපුත්ත සංඝරාජයන් වහසේගේ ශිෂ්‍ය වූ විනය විනිශ්චය ටීකාව රචනාකළා වූ වාචිස්සර ඇදුරුපාණන්

වහසේ දක්වන සේක. මෙසේ බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහසේ දෙස්විදෙස් පඩිවරුගේ කීර්තියට ලක් වූ අයුරු පැහැදිලිය.

ලක්දිවදී සිදුකළ සාසන මෙහෙවර

මෙරටට සපැමිණි එතුමෝ මහාවිහාරවාසී මහාසංඝරත්නය වෙතින් පිරිසිදු ථේරවාදය අටුවා සහිතව හදාරා අටුවා පරිවර්තනයට අවසර ඉල්ලූ අවස්ථාවේදී එතුමන්ගේ හැකියාව විමසීමට සංයුක්ත නිකායේ සඳහන් “

අතො ජටා” ආදී ගාථා දෙක ලබාදුන් අතර ඒවා විස්තර කරමින් මුළු ත්‍රිපිටකයේම හා එහි අර්ථ සම්පිණ්ඩනය කරමින් අනුපිළිවෙලින් නිවන් මග දක්වමින් අමෘත ආකරයක් බඳු “විශුද්ධිමාර්ගය රචනා කළ සේස්ක. පිරිසිදු ථේරවාදී බුදුසසුන චිරකාළයක් පැවැත්වීමට සමත් කටයුත්තක් කරන ලදැයි කියන්නාක් මෙන් මහපොළොව කම්පවෙමින් සාධුකාර දුන් බව මහාවංශාදී ඉතිහාස ග්‍රන්ථයන්හි දැක්වේ. මෙතුමන්ගේ අසහාය පාණ්ඩිත්වය දුටු මහාවිහාරවාසී මහසඟරුවන “මේ නම් නිසැකවම මෙත්‍රී බෝසතාණන් වහන්සේයි” යනුවෙන් තුති පුදා තම දිවි දෙවෙනි කොට සුරැකි අටුවා ග්‍රන්ථ පරිවර්තනය සඳහා බුදුගොස් හිමියන්ට ලබා දුන් සේක. බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ සියලු අභිධර්ම පිටක අටුවා ද විනයපිටක අටුවා ද සූත්‍ර පිටකයේ මුල් නිකාය හතරේ සියලු අටුවා ද බුද්දක නිකායේ සූත්‍රතිපාතාදී ග්‍රන්ථ කිහිපයක අටුවා ද පාළි භාෂාවට නගමින් මහත් සාසන අනුග්‍රහයක් සිදුකළ සේක. ඉන් පසු එතුමෝ ආපසු දඹදිවට වැඩම කළ බව දැක්වේ. එතුමෝ මෙම අටුවා පරිවර්තනයෙන් ලක්දිව දඹදිව පමණක් නොව මුළු පෘථිවි තලය පුරාම සිංහල අටුවාවන්ගේ වටිනාකම ප්‍රකට කරවා පුරාණ සිංහල මහරහතන් වහන්සේස්ලාගේ ශ්‍රී නාමයන් ලොව පුරා ප්‍රකට කරවා සිංහල දීපයේ තේජස ලොවට කියා පෑ සේක. දැනටත් ඇතැම් තායි භික්ෂූන් වහන්සේල්ලා ලක්දිව දෙසට හිස දමා ගරුකොට සැතපෙන බව ද බුරුම ජාතික භික්ෂූන් වහන්සේල්ලො මෙම ලක්දිව ඉපදීමට පතන බව ද අසන්නට ලැබේ. මෙම ගරුත්වය අපට ලැබෙන්නේ බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ විසින් අටුවා පාළියට පරිවර්තනය කළ නිසා බව සැලකිය යුතුය.

එතුමන්ට කරන දෝෂාරෝපන හා ඒවාට පිළිතුරු

1. පණය: එතුමන් වහන්සේ තමාගේ මත අටුවාවන්ට එකතු කළා ද?

පිළිතුර: එතුමන් වහන්සේ තමන්ගේ අදහස් අටුවා මත ලෙස ඇතුලත් කළැයි යමෙක් කියතොත් ඒ කියන්නේ අටුවා හරිහැටි කියවා නොමැතිකම නිසාය. අටුවාවක ආචරිය මත කීපයක් දක්වන විට එයින් ගතයුත්තේ කුමක්ද යනාදී න්‍යායන් අටුවාවේම දක්වා ඇත. ඒ පිළිබඳ අපි ඉදිරියේදී දක්වමු. එම න්‍යායන් නොදනෝ අටුවාව පරිහරණය කරන අයුරු

නොදැන අටුවාවන්ටත් අටුවා ඇදුරුවරුන්ටත් දොස් නගති. බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ කිසිවිටෙක පුරාණ අටුවා මතය යට කොට තම මතය ඉස්මතු කිරීමට උත්සාහ නොගත් අතර පුරාණ අටුවා මත ද අතීතයේ වැඩසිටි ශ්‍රේෂ්ඨ සිංහල මහරහතන් වහන්සේලාගේ මත ද අතිශය ගරුත්වයෙන් පිළිගත් බව අටුවා පරිශීලනයේදී දත හැකිය. යම් මතයක් පිළිගැනීමට

හෝ බැහැර කිරීමට උන්වහන්සේට ස්වාධීන බලයක් ලබා නොදුන් බවත් මහාවිහාරිය මහරහත් පරපුරේ අධීක්ෂණය යටතේ පුරාණ අටුවාවන්ගේ විනිශ්චයන් කිසිම වෙනසක්

නොකර ඒ කරුණු පැහැදිලි කිරීමට අමතර කථා වස්තු හා වියරණ දක්වමින් සුදුසු පරිදි කරුණු සංග්‍රහ කරමින් පරිවර්තනයක් පමණක් කළ බව එතුමන් වහන්සේ විනය අටුවාදිය ආරම්භයේදීම දක්වා ඇත. එසේ අර්ථ වෙනස් කිරීමාදියක් උන් වහන්සේ සිදු කළේ යැයි යමෙක් කියන්නේ නම් එයින් පහර වදින්නේ උන් වහන්සේට වඩා ඒ ග්‍රන්ථ හිස් මුදුනින් පිළිගත් සිංහල භික්ෂූන් වහන්සේල්පාටයි. එකළ වැඩසිටි මහතෙරවරු යමෙක් කියන කියන සියල්ල පිළිගන්නා නූගතුන්

හෝ අණුවණයින් යැයි නොසිතිය යුතුය. පටිසම්භිදාලාභී උතුමන් පහළවන යුගයේ මෙම අටුවා පරිවර්තනය සිදුවූ බව ද සිතිය යුතුය.

| යම් විදියකින් එසේ වෙනස් මත අටුවාවන්ට එකතු කළා නම් එකළ හා ඉන් පසු කළ වැඩසිටි ශ්‍රේෂ්ඨ සිංහල මහතෙරුන් වහන්සේලා නිහඬ නොවන්නාහුමය. ඊට විරුද්ධව නිසැකවම කරුණු දක්වන්නාහුමය. නමුත් සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. එම පාළි අටුවා ග්‍රන්ථ පෙළ පොත් මෙන් පිළිගනිමින් ඒවා මුල් කරන්ගෙන ඒවාට සම්භාවනා කිරීම් වශයෙන් විවිධ ටීකා, අනුටීකා, සන්න, ගැටපද ග්‍රන්ථ මහාරාශියක් ශ්‍රේෂ්ඨ සිංහල බුද්ධපුත්‍රයන් වහන්සේලා අතින් ලියැවිණි. එපමණක් නොව බුද්ධඝෝෂ මාහිමියන් වහන්සේට නොයෙක් අයුරින් තුති කරමින් ගරුත්වය දැක්වූහ, තමන්ගේ ආචාර්යත්වයෙහි ලා සැලකූහ. ඊට උදාහරණ කීපයක් අපි මෙසේ දක්වමු.

බුදුගොස් ඇදුරිඳු ගැන පුරාණ ශ්‍රේෂ්ඨ උතුමන්ගේ අදහස් කිහිපයක්…

I. සමන්තපාසාදිකසඥතාය; සම්බුද්ධඝෝසාචරියොතාය; සමාසතො ලීනපදෙ ලිබිඤ්ඤං; සමාසතො ලීනපදෙ ලිබීතං.

(බුද්ධඝෝෂ ආචාරියන් වහන්සේ විසින් මනාව රචිත සමන්තපාසාදිකා නම් වූ අටුවාවේ අපැහැදිලි පද කෙටියෙන් ලියනෙමි.) යැයි වජිරබුද්ධි ටීකාව රචනා කළ වජිරබුද්ධි ඇදුරුපාණෝ දැක්වූ සේක.

II අනාකුලවචනො ච භදන්ත බුද්ධඝෝසාචරියො. න හි සො එවමාකුලං කත්වා වත්තේමරහති, තස්මා යථාධිපතමන්ථමනාකුලං සුවිඤය්‍යා කත්වා යථාඨිතස්ස සම්බන්ධවසෙනෙව දස්සයිස්සාම.

(බුද්ධඝෝෂ ආචාරියන් වහසේ ආකූල වචන නැති උතුමෙකි. …….)

යනුවෙන් සාරත්ථදීපනීටීකාව රචනා කළා වූ ද පොළොන්නරු යුගයේදී ලක්දිව ප්‍රඥාවෙන් බැබළුණා වූ ද සාරිපුත්ත සංඝරාජයන් වහන්සේ දක්වන ස්ක.

III. සමන්තපාසාදිකායං

විනයසංවර්ණනායං මහාවෙය්‍යාකරණ පාළනයවිදුනො බුද්ධසාචරියස්ස එවං සද්ද රචනා දිස්සති…

(සමන්තපාසාදිකා විනය සංවර්ණනාවෙහි මහාව්‍යාකරණඥ වූ පාළි න්‍යායන්හි දක්ෂ වූ බුද්ධඝෝෂ ආචාර්යන් වහන්ගේ මෙසේ ශබ්දරචනාවක් පෙනේ. ) යැයි සද්දනීති වියරණය නිපද වූ තෙවැනි අග්ගමහා පණ්ඩිත අවංස ඇදුරුපාණෝ දක්වන සේක.

IV. | එකල විශුද්ධ බුද්ධීන් ප්‍රසිද්ධ වූ බුද්ධඝෝස නම් අටුවා කර්තෘන් වහන්සේ දඹදිවින් මෙරට වැඩි සේක්, බුදුන් වදාල දෙලක්‍ෂ පන් සැත්තෑදහස් දෙසීය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් ඇති ත්‍රිපිටක පාළි ධර්මයට තුන් ලක්‍ෂ එක් සැටදහස් පන්සිය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් පමණ අටුවා ලියා, පාළි ධර්ම බැබැළ වූ සේක. (නිකායසංග්‍රහය 71 පිටුව)

යැයි නිකායසංග්‍රහය නම් සාසන ඉතිහාසය දැක්වෙන ග්‍රන්ථය රචනා කළ දෙවැනි (ජයබාහු) ධර්මකීරති සංඝරාජයන් වහන්සේ දක්වන සේක.

ඔහු මල් මහානාම නම් රජ දෙවිසි හවුරුද්දක් රාජ්‍යය කෙළේය. එකළ බුද්ධඝෝෂ නම් අටුවා කර්තෘන් වහන්සේ දඹදිව සිට මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩ බුදුන් වදාල දෙලක්‍ෂ පන් සැත්තෑදහස් දෙසීය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් ඇති ආගමයට තුන් ලක්‍ෂ එක් සැටදහස් පන්සිය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් පමණ අටුවා කථා ලියා ආගමයෙහි පහන් නැගු සේකයි දතයුතු. (පූජාවලිය 778 පිටුව)

යැයි පූජාවලිය රචනා කළ මයුරපාද පරිස්වේණාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ දක්වන සේක.

VI. නුවර යුගයේදී අන්තයටම පිරිහී තිබුණු සාසනය නැවතත් පිහිටුවීම පිණිස අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළා වූ ද අවවාදයෙන් පමණක් නොව ආදර්ශයෙනුත් ත්‍රිවිධ සාසනයම දියුණු කිරීමට කැප වුනා වූ ද බෝධිසත්ව ගුණෝපේත අසරණ සරණ සරණංකර සරාජයන් වහන්සේ බුදුරජාණන් වහන්සේටත් බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේස්ටත් වන්දනා කරන්නේ මෙසේය.

සකලසුරනරානං චුම්බිතං මොලිපාදං සකලනරසුරානං ධම්මසබ්බං ධමන්තං සකලලරසුරාතං සම්බදුක්ඛං හනන්තං සකලනරසුරානං සෙබරං තං නමාමි

(සියලු දෙව්මිනිසුන්ගේ හිස්මුදුන් සිඹිනාලද පාද ඇත්තා වූ, සියලු දෙව්මිනිසුන්ට දහම් සක පිඹින්නා වූ, සියලු දෙව්මිනිසුන්ගේ සියලු දුක් නසන්නා වූ සියලු දෙව්මිනිසුන් අතර මුදුන් මල්කඩ වූ භාග්‍යවතුන් වහන්සේ මම නමදිමි.)

සො බුද්ධරාජසුගතො සකලාය අස්ථ දෙසෙසි ධම්මමමතං පිටකත්තයං යං තං තන්තිධම්මසකලං විවිධය්‍ය අෂ්ඨ ජොතෙසි සො තමථ තං මුනි බුද්ධඝෝසං

(ඒ බුද්ධරාජ සුගතයන් වහන්සේ සියලු දෙනාගේ යහපත පිණිස ත්‍රිපිටක සංඛ්‍යාත යම් දහම් අමාවක් දේශනා කළ සේක් ද, ඒ බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ විශේෂයෙන් එම ධර්මයේ අර්ථ විධානකොට එය බැබළවූහ. ඔබ සියලු දෙනා එම බුද්ධඝෝෂ මුනිතුමන් වන්දනා කරමු)** සාරාර්ථදීපනී සතර බණවර සන්නය 25පිටුව – (අත්තුඩාවේ සිරි රාහුල මාහිමි)

එතුමන් ගැන අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ දැක්වූ අදහස

බුද්ධඝෝෂ ආචාරීන් වහන්සේ ත්‍රිපිටකධාරීව අට්ඨකථාධාරීව ඉන්න වෙලාවේ සතර බණවරට අට්ඨකථාවක් ලියුවලු. ඊලඟට අභිධර්මයේ අස්ථසාලිනියටත් අට්ඨකථාවක් ලියුවලු, ඒ කියන්නේ උන් වහන්සේන්ගේ අවබෝධයෙන්, කලින් තිබුණු අට්ඨකථා අනුව. ඊට පස්සෙ රේවත කියන ආචාර්යන් වහන්සේ කීවලු ඕක ඔහොම කරලා නැහැ. අපේ දඹදිව අට්ඨකථා සියල්ල අසණයි, ලංකාවෙ තියෙනවා. ඒක ගැන කියනකොට කියනවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අට්ඨකථාව සංගායනා තුනේදීම සංගීති වුනා. ලංකාවට මිහිදු මහරහතන් වහන්සේ ඒක න්ගෙනල්ලා ඉගැන්නුවා. ඒක හෙළ අටුවා වශයෙන් දැන් තියනවා. ඒක පාළි භාෂාවට හරවලා ලියාගෙන එන්න කීවා. …

ඒ ස්වාමින් වහන්සේල්ලා මහාවිහාරයට වෙලා සංඝයාගේ අවසර පරිද්දෙන් ඉස්සෙල්ලාම හෙළ බස සම්පූර්ණයෙන්ම පුහුණු කළා. හෙළබස පුහුණු කරන්ගෙන සංඝසභාවෙන් අවසර ඉල්ලුවා අපේ ආචාර්යන් වහන්සේගේ අවසරය පරිද්දෙන් අපි ආවෙ මේ වැඩයටයි. අපිට අවසර දෙනව නම් හෙළ අටුවා පාළිභාෂාවට පරිවර්තනය කරන්න පුළුවන් කියලා. පස්සෙ සංඝසභාවත් ප්‍රධාන නායක ස්වාමින් වහන්සේත්තේ කියලා තියෙනවා, “එසේ නම් ඔබේ දැනුම අපි පරික්ෂා කරන්න ඕනෙ” කියලා. ඒ සඳහා මුළු ත්‍රිපිටකයම සම්බන්ධ කොට පරිකථාවක් ලියන්න දුන්නා ගාථා දෙකක්. “සීලෙ පතිට්ඨාය” කියන එකත් ඊට මුලින් තියෙන “

අතොජටා බහිජටා” කියන දේවපුත්ත සංයුක්තයේ තියෙන ගාථා. ඒක තමයි විශුද්ධි මාර්ගය හැටියට උන්වහන්සේ ලීවෙ, සම්පුර්ණයෙන්ම සීල – සමාධි- ප්‍රඥාව සම්පුර්ණ විවරණය කරමින් මුළු ත්‍රිපිටක අට්ඨකථාවටම තියෙන අර්ථ සාරාංශය එකතු කළා. ඉතිං උන්වහන්සේගේ දක්‍ෂතාව සුදුසුතාව පෙන්වන්න දේවතාවො තමයි ඒක අතුරුදන් කළේ. ආයෙමත් ලීවා. ආයෙමත් අතුරුදන් වුනා. තුන්වෙනි එක ලියලා ඉවර වෙන කොට තුනම එක ලඟ තිබුනා. පස්සෙ එක සංඝයාට ඉදිරිපත් කළා. කියවලා බැලුවම තුනෙන්ම එක අකුරකවත් වෙනසක් නෑ. ඒකෙන් ඒ ස්වාමින් වහන්සේන්ගේ තියෙන සතිය ධාරණ ශක්තිය හොඳින් තේරුම් ගත්තා. ඊලඟට ව්‍යාකරණ කුශලතා පුදුමයි. …

| උන්වහන්සේ දිග විස්තරයක් කෙටියෙන් කියනවා. බොහොම ලස්සනට පද සම්බන්ධතාව ඇති කරනවා. ඒක නිසා ඒක කියෙවුවයින් පස්සෙ සංඝ සභාව කීවලු “මේ බුද්ධ සාසනය පවත්වාගෙන යන්න මෙත්‍රී බෝසතුන් වහන්සේ වෙන්න ඇති

මේ බුද්ධඝෝෂ ආචාරියන් වහන්සේ විදියට ආවෙ” කියලා. සමහර විට මෙහෙම එකක් තියෙනවා, වෙන කෙනෙක් එක අකුරක් ලියන විට උන් වහන්සේට වචන අටක් ලියන්න පුළුවන්. ඒ තරම් චිත්ත සන්තතිය වේගයෙන් ක්‍රියා කරනවා, ජවන් වීථි, කිසි අකුරක් වරදින්නේ නැතිව. ඉතිං ඒ නිසා තමයි මුළු විනය පිටකයට ලියුවා. අභිධර්ම පිටකයට ලීවා. සඟි පහෙන් එහි හතරකටම උන් වහන්සේ අටුවා ලීවා. බුද්දක නිකායේ පොත් පහළවෙන් වැඩි හරියකට උන් වහන්සේ අටුවා ලීවා. …..

පරිවර්තනයේදී හැම අට්ඨකථාවකම මුළිනුයි අගිනුයි ප්‍රතිඥාවක් දෙනව, “බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද, ආචාර්ය පරම්පරාවෙන් ගෙන එන ලද, ලංකාවේ හෙළ බසින් භාවිතා කරන ලද අට්ඨකථා මහාවිහාරවාසී සංඝයාගේ අනුමැතිය පරිද්දෙන් ඒ වාචනා මාර්ගය ඉක්මවා නොගොස්

මේක මම පරිවර්තනය කළා” කියල බොහොම ලස්සනට ඒ ප්‍රතිඥාව දීල තමයි උන් වහන්සේ පරිවර්තනය කරන්නේ. අතිරේක දෙයක් ලියන්නේ නෑ, ලියනව නම් ඒක සටහන් කරනව. ඒ කාලෙ තිබුනනේ අභයගිරි නිකායෙ ජේතවන නිකායෙ යම් යම් අදහස්, ඒවා සමහර තැනක උන් වහන්සේ කෙටියෙන් සටහන් කරනවා, “

අ ඤ්ඤ වදන්ති, කෙචි වදන්ති, අපගේ වදන්ති” අන්න ඒ වගේ වචන වලින්. යම් කාරණයකට තමන්ගේ අදහසක් දක්වනව නම් “අයං අයං ඛන්ති” (මේ අපේ කැමැත්තයි) කියල කියනවා*

| ඉහත ප්‍රකාශ අනුව පෙනී යන්නේ පාළි අටුවා රචනයෙන් පසු යුගයේ සිටි ග්‍රන්ථ රචනා කළ සිංහල උතුමන් වහන්සේලා සෑම සියලු දෙනාම පාහේ එම පාළි අටුවා අතිශය සම්භාවනාවට ලක් කළා පමණක් නොව බුද්ධඝෝෂ ආචාරියන් වහන්සේව ආචාර්යත්වයෙහි ලා සැලකූ බවයි. කරුණු මෙසේ හෙයින් යමෙක් බුද්ධඝෝෂ ආචාරියන් වහන්සේස්ට දෝෂාරෝපනය කරන්නේ නම් හෙතෙම පැරණි සිංහල ඇදුරුවරුන්ට පහර ගසන්නේ වෙයි. මෙම ග්‍රන්ථ රචනා නිසා අප රටටත් සිංහල පැරණි උතුමන්ටත් ලැබුණු කීරතිය වැනසීමට කටයුතු කරන්නේ වෙයි. බුද්ධසාසනයත් සිංහළ සංස්කෘතියත් වැනසීමට මාන බලන අහිතයින්ට අනුබල දෙන්නේ වෙයි. අපගේ උරුමයන් හෑල්ලුවට ලක් කරන්නේ වෙයි. එබැවින් යමක් ප්‍රකාශ කිරීමට

*’ අතිපූජනීය නාඋයනේ අරියධම්ම මහිමිපානන් වහන්සේ විසින් 2010.6.12 දින නාඋයන ආරණ්‍යයේදී පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරින්

පෙර සිය දහස් වරක් සිතා බලා ප්‍රකාශ කරත්වා යැයි අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු.

බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ මහාවිහාරීය සම්ප්‍රදායටත් පුරාණ සිංහළ ඇදුරුවරුන්ටත් ගරුකළ අයුරු තේරුම් ගැනීමට පහත කරුණු ද කියවා බලත්වා.

බුදුගොස් මාහිමි තමාගේ අදහස් අටුවාවන්හි දැක්වූ අයුරු

බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ තම අදහස් අටුවාවන්හි දක්වන තැන්හි ඉතා පැහැදිලිව එය “මෙය අපගේ අදහසයි” යනුවෙන් දැක්වූ සේක. ඊට උදාහරණ කීපයක් අපි මෙසේ දක්වමු.

1. සචෙ පන එකාහවීහාදිව සෙත යාව දසාහානාගතය වස්සුපනායිකාය අතොවසෙ වා ලද්ධා චේව නියීතා ච, කදා අධිට්ඨාතබ්බාති එතං අට්ඨකථාසු න විචාරිතං. ලධඳවසතො පට්ඨාය අත්තාදසාහෙ නිඨිතා වන තස්මිංයෙව අතොදසාවේ අධිට්ඨාතබ්බා. දසාහාතික්කම නිට්ඨිතා තදහොව අධිට්ඨතම්බා. දසාරේ අපහොතේ චීවරකාලං නාතික්කමෙතබ්බාති අයං නො අන්තනොමති. කස්මා?…… තස්මා යථාවත්තමෙව ගහෙතබ්බං, අඤ්ඤං වා අචලං කාරණං ලභත්වා ජඩෙතබ්බං.

| (ඉඳින් .කෙදිනක අදිටන් කළ යුතු ද යන මෙය අටුවාවන්හි විචාරණය නොකරන ලදි. ……. චීවරකාළය නොයික්ම විය යුතුය යන මෙය අපගේ අදහසයි. .. කවර හෙයින්ද යත්…. එබැවින් කියූ පරිදි අරුත් ගතයුතුය. නැතහොත් අන්‍ය වූ අචල කාරණාවක් ලැබ අපගේ මතය හැරදැමිය යුතුය.) **සමන්තපාසාදිකා 525පිට

II. පහරිත්වා නිගතෙ අට්ඨකථාසු දොසො න දස්සිතො.

මයං පන යං ඨානං පහවං, තතො භයංපතිතමෙව හොතීති තක්කයාම.

(යම් ආහාරයක් නිස්සග්ගිය ක්‍රමයට පිළිගැන්වීමේදී යමක වැදී බැහැරගිය කල්හි එහි දෝෂයක් අටුවාවන්හි නොදක්වන ලදි. අපි වනාහි එය යමක හැපුණේ ද එතැනින් තෙම්ම වැටුනේ වේ යැයි තරික කරමු.)**සමන්තපාසාදිකා 627 පිට

III. තමා යො යො පටිග්ගණ්හාති, තස්ස තස්ස තප්පචයා ආපත්තියෙවාති අයෙක්ට අහාකං බත්ති.

| (එබැවින් යම් යම් භික්ෂුවක් පිළිගනී ද ඒ ඒ භික්ෂුවට ඒ හේතුවෙන් ආපත්ති වේ යනු මෙහිලා අපගේ අදහසයි.) * * සමන්තපාසාදිකා 322 පිට

IV. අථ ඛො සබ්බ අට්ඨකථාසු වුත්තත්තා අට්ඨකථාචරියාව එස්ථ පමාණං, න අඤ්ඤා විචාරණා. පුබපි ච ආවොච –



(ඉඳින් නියමිත අවකාශයෙන් අන් තැනකදී මරයි ද අණකරු ඇවතින් මිදේ යන මෙම න්‍යාය මහාඨකථාවෙහි මනාව දැඩි කොට කියන ලදි. එබැවින් මෙහි අනාදරියක් නොකළ යුතුය.) සමන්තපාසාදිකා 320 පිට

බුදුගොස් මාහිමිපාණෝ තම අදහස් දැක්වූ අයුරින් හා වෙනත් සුදුසු කරුණක් ලදහොත් එතුමන්ගේ අදහස අරින ලෙස දැක්වීමෙන් එතුමන් තුළ පැවති ධර්ම ගරුත්වය හා නිහතමානිත්වය ප්‍රකට වේ. තවද අටුවාව හා එම සිංහල ඇදුරුවරු කෙරෙහි දැක්වූ ගරුත්වය iv – vi යන උදෘතයන්ගෙන් ප්‍රකට වේ. ඉහත උදෘත සියල්ලම විනය අටුවාවෙනි. සෙසු අටුවාවන්ගෙන් ද මෙබඳු තැන් රාශියක් දැකගත හැකිය. එක් උදාහරණයක් මෙසේ දක්වමු.

VII. ඉමෙ පන තයොපි ථෙරා පණ්ඩිතා, ‘තිණම්පි වාදෙ කාරණං සිස්සතී’ති තිරාප්තිවාදං තන්තං කත්වා ඨපයිංසු.

(මේ තෙරුන් වහන්සේල්ලා තිදෙනාම මහානුවණැති උතුමෝය. තිදෙනාගේම වාදයෙහි කාරණයක් ඇතැයි තිදෙනාගේම වාදය තන්තිය (පෙළ මෙන්) කොට තැබූහ.) පඤප්පකරණ අටුවා 30 පිට

බුදුගොස් හිමියන්ගේ කාර්යය හා ස්වභාවය තේරුම් ගැනීමට නුවණැත්තෙකුට ඉහත කරුණු ස්වල්පය වුවත් සෑහෙන බැවින් ඒ පිළිබඳ කරුණු දැක්වීම මෙතෙකින් අවසන් කරමු. තවත් කරුණු දැනගනු කැමතියන් එතුමන්ගේ ග්‍රන්ථ පරිශීලනය කරත්වා යනු අපගේ ආරාධනයයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s