❇️“නමාමි බුද්ධං ගුණ සාගරනතං නමාමි ධම්මං සුගතේන දේසිතං නමාමි සංඝං මුණිරාජ සාව‌කං සත්ථා සදාහොන්තු සුඛී අවේරා” ✨❇️

ශ්‍රද්ධා සම්පන්න සිවුවනක් වූ බුද්ධ ශ්‍රාවකයිනි….
ප්‍රග්ඤාාසම්පන්න බුද්ධි ගෝචර සිංහලයනි….

තුසිත දෙවුලොව වැඩවසන මත්තට බුදුවන්නා වූ ආර්‍යමෛත්‍රීනාථ මෙත්බෝසතුන් පලමුකොට දෙදෙවු ලොවට අධිපති සක්‍රදේවේන්‍ඳ්‍රයානන් ප්‍රමුඛ වෛශ්‍රවන,දෲතරාෂ්ඨ,විරුඩ විරෑපාක්ශ සතරවරම් දෙවුරජුන් සිහිකොට…
හෙලදිව සිරි සම්බුදු සසුන සුරකින සිරි උපුල්වන් සුරිඳුන් මෙනෙහි කොට……
දීපේන්ද්‍ර මහ දෙව් රජුගේ අණ මුදුන්පත් කර මෙසේ පවසමි.

අප මුතුන් මිත්තන් ලේ දහඩිය වගුරුවා රැක ගත් මෙ හෙලදිව හා සිරි සම්බුද්ධ සාසනය නැවතත් අනතුරේය…

ඒ ව්‍යසනය පිටුපස ක්‍රියාත්මක වෙන්නේ වසවර්ති මාර බලය නොහොත් ලංකාභිශාපයයි

“අප සරණ ගිය ගෞතම බුදුරජානන්වහන්සේගේ ශාසනය වසර පන්දහසක්‌ කල් පවතින්නට පූර්ව සැලැස්‌මක්‌ ඇත. එම සැලැස්‌මෙහි කේන්ද්‍රස්‌ථානය ශ්‍රී ලංකාවයි. එහි අතිශය වැදගත්ම හවුල්කරුවන් වනුයේ මේ අපි ⁣තිසරණ සරණ ගිය සිංහලයන්ය.

බොහෝ ඈත අතීතයේ ශාක්‍යසිංහ සිද්ධාර්ථ සෘෂිගේ මූලිකත්වයෙන් සමනළ සිරස පාමුල අඩවිවය් බිහිවුන සිංහල ජාතිය බුදුදහම සමඟ ඉපිද බුදුදහමේ අවසානයත් සමඟ අවසන්ව ඉතිහාසයට එක්‌වෙයි.

සිංහලයෝ බුදුදහම රැක්‌මේ වගකීමෙන් බැඳුනාහු වෙති. යම් කලෙක සිංහලයන් බුදුදහම අත්හළේ ද එකල්හි බුද්ධ ශාසනයේ අන්තර්ධානය ද වෙයි. සිංහලයන්ගේ අවසානයද එ් සමගම වෙයි.”

තුසිත දෙවුලොව වැඩ වසන ආර්‍යමෛත්‍රීනාථ මෙත්බෝසතුන් ප්‍රමුඛ ලංකාද්වීප ආරක්ෂාවට සැදී පැහැදී සිටින ඉන්ඳ්‍ර ,උපේන්ද්‍ර , ද්වීපඉන්ඳ්‍ර ,සිරිඋපුල්වන්,ආර්‍යය සමිද්දිසුමන , අටවිසි දෙවි සෙනවි සිද්ධරාජ දැඩිමුනි ත්‍රී විද්‍යා විජයාභිනන්දන සුරිදු ආදී මහේශාක්‍ය දේව මංඩලය විසින් නිතර නිතර අවධාරණය කරන පරිදි මේ පූර්ව සැලැස්‌ම උඩු යටිකුරු කරවන කුමණ්‌ත්‍රණයක්‌ ද වෙයි. ඒ කුමන්ත්‍රණය හරි යැමේ ඉඩක්‌ ද ඇත.

“වසවර්ති මාරයා ඔහුගේ සේනාධිපතියන් පිරිසක්ද තව සහචර දෙතුන් සියයක සේනාවක් වන මාර සෙනඟක්‌ද දිවා රෑ නොබලා සේවයේ යොදවමින් සිංහලයන් බුදුදහමෙන් වෙන් කිරීමට කුමන්ත්‍රණයක නිරතව සිටී. මේ වකවානුවේ බුදු බනයැයි අපබ්‍රංස දෙසන බොහෝ සිවුරු පොරවාගත්තෝද සර්වාගමික සහජීවනය ගැන තෙපලන සුදු ඇදගත් පිරිසද් ඒ මාර දූතයන්ට අයිතිය.

හෙතෙම
⚡️අමුතු බුදුවරු නිර්මාණය කරවයි ,

⚡️අමුතු රහතුන් නිර්මාණය කරවයි,

⚡️අමුතු නිකායවල් නිර්මාණය කරවයි.

⚡️අමුතු අමුතු පූජාවිධි නිර්මාණය කරවයි

⚡️බුද්ධාදී අට තැන් කෙරේ සැක උපදවන අමුතු දෙසුමි පතුරවයි,

⚡️තථාගතයාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු සැදැහැවතුන් විසින් දැක වැදපුදාගෙන ශ්‍රද්ධාව උපදවාගෙන පහන් සංවේගයට පත්ව සුගතියට යෑමට දොරටු විවර කරන ස්ථාන කෙරේ සැක උපදවා ඒවාට විකල්ප ආදේශක පෙන්වයි,

⚡️රුවන්වැලි මහා සෑය,ජයශ්‍රීමා බෝධිය,ශ්‍රී දළදාව,සමනොළ ගිර සිරිපතුල සහ පිරිවර සර්වඥ ධාතූන් වහන්සේලා යනු හෙලදිව සුරකින පින් කෙත වපුරන බුදුරජානන්වහන්සේ ජීවමාන පිළිඹිබුවන්ය.පරිනිර්වාණ මංචකයේදී කල අධිශ්ඨානයන් අනුව ලංකා භූමියෙහි ඒ සියල්ල ස්ථානගත විය.

එම සියලු ස්ථානයන් වූ කල්හි අටවිසි බුදු බලය ,රහත් අරහත් අධිශ්ඨානය ශක්තීන්,දියසෙන් බලපරාක්‍රමය ඒකරාශි වූ සම්‍යයක් දෘෂ්ටික දේව බලය මේ පොලොතලයට පතිත වන පුන්‍ය භූමීන්ය.
අමනුස්ස ලෝකයේ සිට වසවත් මාර අනුදැනුමින් පැමිණි අකුසල් පිරි සංවිධානාත්මක කල්ලිය විසින් හෙලදීපයට මේ උතුම් ත්‍රිවිධ භූමි නැති කිරිමේ ප්‍රයත්නයක නියැලෙයි.ඔවුන් දැනටමත් ක්‍රියාත්මක වී හමාරය.

බොහෝ පුදබිම්වලින් සම්‍යයක්දෘශ්ටික දේව බලය නෙරපා දමා මිසදුටු මාරපාක්ශික බෙලි කපන ,පලි ගහන,අදෝනා නඟා යදින අයදින මිත්‍යාදුෂ්ඨික අමනුෂ්‍ය අසුර සේනාව අත්පත්කොටගෙන ඇත.

මොවුන්ගේ අරමුන ඉතිරිව නිරුපද්‍රිතව පවතින අනෙක් උතුම් පුන්‍ය ස්ථාන කෙරේ සාදූ ජනතාවගේ සිත්වල කුකුස ,විචිකිච්චාව මතුකර මිනිසාට පින් පිරෙන මාර්ග වසා දැමිමයි.
එවිට හෙලය සුරකින සම්‍යයක් දෘෂ්ටික දේව බැල්ම පොලොතලයෙන් දුරස්වේ.මාරයාගේ වාරය පැමිනේ.අදුරු වලාවෙන් හෙලදිව වැසී වැනසේ…
මෙයයි මාරයාගේ ඉලක්කය…

⚡හෙතෙම ️විකල්ප නිර්වාණ මාර්ග බිහිකරවයි.

⚡ලෝකෝත්තර නිවන් සුවය අගය නොකරන කර්මය- කර්ම විපාක පිළිනොගන්නා පරම්පරාවක්‌ බිහි කරවයි.

⚡️සියලු ආගම් ඇදහිලි එකක්ම යැයි සර්වාගමික සංකල්පයක් ඉතාම සූක්ෂමව සමාජගත කරවයි සිංහල බෞද්ධ අනන්‍යතාවය මොට කිරීමට වෙර දරයි,

⚡️වසවර්ති මාරයා ප්‍රමුඛ මේ මිසදුටු හමුදාව සියළු ගිහි පැවිදි බෞද්ධ නායකයන් භේද කරවයි. දිවෙන් දිව ගාගෙන සිටි බෞදධ නායකයන් සියලු දෙන නයි පොළඟුන් මෙන් වෛරීව හැසිරෙන තෙක්‌ම භේද කරවයි. එකම පිරිස එකම අරමුනක් වෙනුවෙන් වෙන වෙන කන්ඩායම් බෙදී එකිනෙකා මරා ගන්නා තෙක්‌ම ඒ භේදය දුරදිග යවයි.

⚡️ බුදුදහම බේරා ගැනීමේ වැඩපිළිවෙළක්‌ කවුරුන් හෝ ඇරඹුවොත් ඒ පිරිසට මතක හිටින පාඩම් උගන්වා අධෛර්ය කරවයි.”
මාර සේනාවම සිංහල බෞද්ධ වේශයෙන් පිරිස අතරට පැමිණ තත්වය අවුලෙන් අවුලට පත්කරයි,

👉තුසිතයේ වැඩවසන මහේශාක්‍ය බෝසත්වරු විසින් හෙළිකරන පරිදි තවත් විශාල අන්තරායක්‌ ඉදිරියට පැමිණෙයි. එයත් වසවර්ති මාරයාගේම සැලසුම් සහගත වැඩපිළිවෙළකි.

සුසුම් හෙලමින් වැළපෙමුද….?
පිළියම් සොයමුද ….?

බේරීමට ඇති එකම මග පිරිසිදු තථාගත ශ්‍රී සද්ධර්මය ,තෙරුවන් සරණ යාමයි අවම වශයෙන් පංචශීලයවත් රැක ලංකාද්වීපයත් සම්බුදු දහමත් රැක ගැන්මට බේද බින්න දුරලා කල්ලි කන්ඩායම් පක්‍ෂ භේදය දුරලා එකමුතුව ආධ්‍යාත්මිකව සන්නද්ධ වීමයි
ඒ හැර අන් සරණක්නම් නොමැත..

👉මා මෙය ඔබට පවසන්නේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුලින්ම මතුවෙන කඳ පනුවන් ඉවත හලන්න,පරසතුරු උවදුරු නසන්න රට ජාතිය පෙර පරිදිම නොහැකි වුනත් යම් තරමකට හෝ රැකගන්න හැකි ශක්ති ප්‍රමානයෙන් යමක් කලයුතු බව අවධාරණය සදහාය.

මේ පවසන දෙයට ඇහුම්කන් දෙන්නේ අතලොස්ස පමණක් බව මා ඉදුරා දනිමි නමුදු ඒ අතලොස්ස හෝ යමක් තේරුම්ගන්නේ නම් එය හෙද දවසේ ලොකු ජයග්‍රහණයක් වේවි .

අපි අවදියෙන් සිටිමු….

බුදු සසුන චිරාත් කාලයක් බැබළේවා..!!!
තෙරුවන් සරණයි ….!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s