එදා සහ අද ….

දළදා මාලිගාවට පල්ලියෙන් පිල්ලියක්…!
ශ්‍රී දළදා සමිඳුන් වැනසීමට සිදුකල ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක හෙලිදරව්ව

( 2003 ජූලි මස 20වන ඉරිදා දිවයින ඉරිදා සංග්‍රහයට මනෝජ් අබයදීර මහතා විසින්ලියන ලද ලිපියකින් උපුටාගන්නා ලදි. )
පලමු කොමෙන්ටුවව …

*************************
බොහෝකලකසිටතම ” දේව රාජ්‍යය බිහිකරනු වස් ” බිහිකරනු වස් සැරසී සිටි යෙහෝවාගේ සාක්ෂිකාරයෝ නම් ක්‍රිස්තියානි සංවිධානයක් දළදා මාලිගාව තමනට අත්පත්කරගන්නා අන්දම පිළිබඳව සැලසුම් සකස්කලේය. තම ඔත්තුකරුවන් දළදා මාලිගාව තුල හා ඒ අවට යොදමින් මාලිගාව පිළිබඳ තොරතුරු සෙවීමට මොවුන් කටයුතු යෙදීය. මේ සඳහා ඔවුන් විසින් බෞද්ධ කටයුතු ගැටුම් පිළිබඳ අධ්‍යන වැඩසටහන නමින් වෙනම අධ්‍යනාංශයක් ආරම්භ කරන ලදි.
*****************************

දිනය :-1998 ජනවාරි 25 වැනිදාය
වේලාව :-පෙරවරු 6.10 ට පමණ ඇත.

මහනුවර නගරයම හෙණ හඬින් ගිගුම් දෙමින් බෝම්බයක් පුපුරා ගියේය. මීට වසර පහකට පෙර වූ මෙම සිදුවීම සිංයල බෞද්ධයන්ට පමණක් නොව සකල ලෝ වැසි බෞද්ධයන්ම කම්පා කරවන සිදුවීමක් සිදුවිය. දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන් විසින් හ්‍රී දලදා වහන්සේ වැඩහිඳින මාලිගාවට එදා එල්ලකල ඒ කුරිරු මුග්ධ ප්‍රහාරය මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම ඛේදවාචකයක් ලෙස දැනටමත් සනිටුහන් වී අවසන්ය. එය කොටි ත්‍රස්තවාදීන් විසින් දළදා මාලිගාවට එල්ලකල ප්‍රහාරයේ ඇතුලත කථාව කුමක්ස යන්න අමුතුවෙන් ලිවිය යුතු නැත. කොටි සංවිධානය යනු රූකඩයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ රූකඩය නටවන්නේ කවුද? යන්න මේ වනවිට මුළු ලොවටම අනාවරණය වෙමින් පවතී.දෙමළ කොටි ත්‍රස්තවාදය යනු ක්‍රිස්තියානි පල්ලියේ සන්නද්ධ අංශයයි යනුවෙන් වරක් වත්මන් ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ බුද්ධි අංශය බඳු විශ්ව හින්දු පර්ශදයේ ලේකම්වරයා සඳහන් කලේය. මේ කියමන සලකා බලන කල කොටි රූකඩය නටවන නියම වගකිවයුත්තා කවුරුන්ද වග අප තේරුම් නොගත්තත් ලොව බොහෝදෙනා තේරුම්ගෙන ඇති බව හොඳින්ම පැහැදිලිය.එදා කොටි ලවා දළදා සමිඳුන් වැනසීමට මිෂනාරීන් සිදුකල කුමන්ත්‍රණය ඔවුන්ගේ සිතැඟි ඉටුකරන්නක් නොවීය. දළදා සමිඳුන්ගේ පිං බලයෙන් ඒ පාප ක්‍රියාව පරාජය වුනි. ඒ පිළිබඳ ඇතුල් කථාව මේවනවිට මුළුමනින්ම හෙලිවී ඇත. ඒ කථාව හෙලිකිරීම මතු දිනයකට ඉඩ තබා දළදා සමිඳු වැනසීම සඳහා ක්‍රිස්තියානි මිෂනාරී බලවේග සිදුකල අළුත්ම කුමන්ත්‍රණය පිළිබඳව හෙලිදරව් කිරීමට මෙවර අණාවරණය ඉඩකඩ වෙන්වේ.කොටි ම්ලේඡයන්ගේ අතින් එදා සුළු තුවාල ලද දළදා මාලිගාව මහත් ආශ්චර්යයක් සේ නොසැලී බොදු ජනයාගේ පුද පෙතට නොමඳව ලක්වෙමින් පවතී. එදා ශ්‍රී දළදා සමිඳුන්ට අත්කර දීමට නොහැකි වූ විනාශය මෙදා හීන් නූලේ කුමන්ත්‍රණයකින් අත්කර දීමට මිශනාරී බලවේග විසින් කරනලද මුල්ම ක්‍රියාව නම් බෝම්බයෙන් පසුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා වෙත තම විකල්ප පත්තර කඩමළු හරහා දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ලකිරීමය. පිටපත් සීමිත ප්‍රමාණයක් විකිණෙන ජනතාව විසික් පිළිනොගන්නා ඒ බේගල් සියල්ල ජනතාව විසින් කණකටවත් නොගත්හ.මෙසේ තමන්ගේ උත්සාහයන් සියල්ල වතුරේ ගියත් ක්‍රිස්තියානි මිශනාරී බලවේග තමන්ගේ උත්සාහය මඳකුදු අඩු නොකලහ. ඔවුන් දිගින් දිගටම තමන්ගේ කුමන්ත්‍රණයන්හි ස්වභාවය වෙනස්කරමින් විවිධාකාර මාර්ග වලින් එම තම ක්‍රියාවලිය දිගින් දිගටම ක්‍රියාත්මක කලහ.අප මෙවර අණාවරණය යටතේ හෙලිකරන්නේ බොදු ජනතාවගේ මුදුන්මල්කඩ බඳු දළදා සමිඳුන් විනාශ කිරීම හා අපකීර්තියට ලක් කිරීම සඳහා ක්‍රිස්තියානි කුමන්ත්‍රණකරුවන් විසින් සිදුකල කුමන්ත්‍රණයකි. .

බොහෝකලකසිටතම ” දේව රාජ්‍යය බිහිකරනු වස් ” බිහිකරනු වස් සැරසී සිටි යෙහෝවාගේ සාක්ෂිකාරයෝ නම් ක්‍රිස්තියානි සංවිධානයක් දළදා මාලිගාව තමනට අත්පත්කරගන්නා අන්දම පිළිබඳව සැලසුම් සකස්කලේය. තම ඔත්තුකරුවන් දළදා මාලිගාව තුල හා ඒ අවට යොදමින් මාලිගාව පිළිබඳ තොරතුරු සෙවීමට මොවුන් කටයුතු යෙදීය. මේ සඳහා ඔවුන් විසින් බෞද්ධ කටයුතු ගැටුම් පිළිබඳ අධ්‍යන වැඩසටහන නමින් වෙනම අධ්‍යනාංශයක් ආරම්භ කරන ලදි. බෞද්ධයන් අතර සිදුවන ගැටුම් දියුණුකර ඒවා මාධ්‍ය මගින් ප්‍රසිද්ධකර බුද්ධාගමට අපහාස කිරීම, බෞද්ධයන්ගේ සමගිය නැතිකිරීම,බෞද්ධාගමික විශ්වාසයන් දුර්වල කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. මෙම බෞද්ධ ගැටුම් පිළිබඳ අධ්‍යන වැඩසටහන යටතේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව පිළිබඳ ජනතා විශ්වාසය පළුදු කිරීම, ශ්‍රී දළදා මාලිගාවට හා එහි පාලක භාර නිලමේ වරුන්ට අපහාස කිරීම, සඳහා නව වැඩසටහන් මේ ක්‍රීස්තියානි කුමන්ත්‍රනකරුවන් විසින් අටවා ගත්තේය. මහනුවර බෞද්ධ ගටයුතු ගැටුම් පිළිබඳ අධ්‍යන වැඩසටහන නමින් මෙම ව්‍යාපෘතිය ඔවුන් විසින් නම්කර තිබුණි. ඔවුන් මේ සඳහා පිළියෙල කරන ලද පත්‍රීකාව අනුව වැඩසටහන ක්‍රියාත්මක කරන දිස්ත්‍රික්ක ලෙස මහනුවර නාථ දේවාලය, විෂ්ණු දේවාලය හා දළදා මාලිගාව සතු ඉඩම් දේපළ පවතින දිස්ත්‍රික්ක වන කෑගල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ යන දිස්ත්‍රීක්ක නම්කර තිබුණි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරවීම සඳහා පුද්ගලයන් කණ්ඩායම සූදානම් කිරීමෙන් පසුව කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ස්ථානයකදී මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව උපදේශාත්මක රැස්වීමක් පවත්වන ලදි. දහ අට දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමෙන් එදින පැවති රැස්වීමට සහභාගිවූයේ දහහත්දෙනෙකුය. මෙම වැඩසටහන මෙහෙය වූ වත්තල අගරදගුරු මාවතේ පදිංචිව සිටින පාස්ටර් කෙනත් දසනායකය. ඔහු තමන්ගේ කර්තව්‍ය සඳහා සූදානම් කරගත් පුද්ගල පිරිස අමතමින් පැයකට ආසන්න කාලයක් දේශනයක් පැවැත්වීය. ඔහු සිය කථාව ආරම්භකලේ දේව රාජ්‍ය බිහිකරගැනීමේ වැඩපිලිවෙලේ තවත් වැඩපිළිවෙලක් මහනුවර ආශ්‍රීතව ක්‍රියාත්මක කිරීම සඳහා රැස්වූ කණ්ඩායම් සාමාජිකයන් පිළිගැනීමෙනි. ඔහු සිය කථාවේ ඊලඟ පියවරට එළඹෙන කුමන්ත්‍රණ සූදානම් කරගත් දින වකවානු පිළිබඳ සඳහන් කරමිනි.

” සිංහල අවුරුද්දට තව දවස් කීපයක් තිඛෙනවා. ඒ නිසා අපට අපේ කාර්යය ඒ කාලය තුල කරගෙන යන්න පුළුවන්. නාථ, විෂ්ණු දේවාල දියවඩන නිලමේ කාර්යාලය ආශ්‍රිතවයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. මාස දෙකක විතර කාලයක් සියළු දේ පිළිබඳව සොයාබලලයි අපි අද මේ ඩැඩපිලිවෙලට ලෑස්තිවෙන්නේ. මෙහිදී ප්‍රධානවන්නේ දිවඩන නිලමේ කාර්යාලයයි. නුවර විෂ්ණු දේවාලයට කෙතරම් දේපළ ප්‍රමාණයක් තිපෙනවාද? ඒවායින් ඉතාම විශාල ආදායමක් ලැඛෙනවා. නාථ දේවාලයත් ආදායම් ලබනවා. මේ ආදායමට මොකද කරන්නේ. මොනවා කරත් කමක් නෑ. අපි මේ පිළිබඳව සියළු දේවල් සොයාගත යුතුයි. ඒ පිළිබඳව දූෂිත ආකාරයෙන් අපි රටට කරුණු හෙලිකල යුතුයි.පොස්ටර් මගින්, විකල්ප මාධ්‍ය මගින් ඒවා පිළිබඳ ප්‍රචාරය කලයුතුයි. මේ සඳහා අපි දැනටමත් ලක්ෂ හතරක් වියදම්කර තිඛෙනවා. අපි මේ සඳහා අවශ්‍ය සියළුදේ තමුන්වහන්සේලාට ලබාදෙනවා. ඒ සඳහා අවශ්‍ය නවාතැන් අප්‍රේල් හතරවැනිදා සිට පිළිලෙ කරදී තිඛෙනවා. තමුන්නාන්සේලා මේ සඳහා අප්‍රේල් 15 දින යොදාගත යුතුයි. ස් කාලය තුල සිංහල අවුරුද්දට මේ මිනිස්සු කාර්යබහුලයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අවුරුද්දට ලෑස්තිවෙනවා. ඒනිසා අපිට අපේ කටයුතු බොහොම පහසුවෙන් කරගෙන යා හැකියි.”යනුවෙන් කෙනත් දසනායක පාදිලිවරයා යිය සගයන්ට කුමන්ත්‍රණයේ කාලය හා අරමුණ ගැන ප්‍රථමයෙන්ම පැහැදිලි කර දුන්නේය. කෙනත් දසනායක පාදිලිගේ කථාවේ ඊලඟ කොටස සාගවැරෙන්නේ සිය කැලට සහාය දක්වන මාලිගාවේ පිරිස පිළිබඳව දැනුවත් කිරීමටය.

” එතැන අපට සහය දක්වන බෞද්ධ පිරිස් ඉන්නවා තමුන්වහන්සේලා ගිහිල්ලා ඒ අය හමුවන්න. ඔවුන් සමග කිසමිවිටක ගැටුමක්,මතභේදයක්ඇතිකරගතයුතුනැහැ ” මේ ප්‍රකාශයෙන් පසු කෙනත් දසනායක පාදිලිවරයා පියවරෙන් පියවර තම ගමන්මග සිය සගයන්ට දැනුම් දෙයි.”මේ මාලිගාවට අයිති ඉඩම් විශාල ප්‍රමාණයක් තිඛෙනවා. මේ ඉඩම් සඳහා බදුගෙවන විශාල පිරිසක් ඉන්නවා. අප ඉතා ඉක්මනින් ඔවුන් හමුවී සුහදතාවයක් ඇතිකරගත යුතුයි. මාලිගාවේ හා දේවාල ප්‍රධානීන්ට නොදැනෙන්න මේ කටයුත්ත ඉතාම රහසිගතව අප ඉටුකරගත යුතුයි. අපිට උදව්කරන පිරිස්, අපිට මේ බදු ගෙවන අය කවුද කියලා අපට හඳුන්වා දී තිඛෙනවා. මේ පිරිස්වලට අපි අපේ අදහස් අතුළු කල යුතුයි. ඔවුන් මේ ඉඩම්වලට ගෙවන බදු නතර කිරීමට අප පියවර ගතයුතුයි. මෙහෙම බේද ඇතිකල යුතුයි. ඊට පස්සෙ අපි ඔවුන් ලවා අධිකරණයට නඩු ගොනුකල යුතුයි. ආදායම් නැහැ, ඒනිසා බදු ගෙවන්න බැහැකියලා ඔවුන් ලවා කියවිය යුතුයි. මේ විදිහට විශාල නඩු ප්‍රමාණයක් පැවරිය යුතුයි. අපේ ජනමාද්‍යවල පිරිස් ලවා අප මේවා ප්‍රචාරය කරනවා. ඒ තුලින් මේවා ජනතාවට එපාකරවනවා. මේ මුදල් තැන්පත්කර තිඛෙන බැංකුගිණුම් විස්තර අපි ලඟ තිඛෙනවා. මේ සල්ලිවලින් කරන වැඩ මොනවද කියලා අපි ජනතාව ලව්වා ප්‍රශ්නකරවනවා. ඇයි වෙනත් වැඩ නොකරවන්නේ කියලා අහනවා. එහෙම කලාම ජනතාව මේ ගැන කථාකරනවා. අපි මේවායින බලාපොරොත්තුවෙන්නේ බෞද්ධ ජනතාව මේ ආයතන ගැන කලකිරවන්න. එතනොට මේවාගැන තියෙන විශ්වාසය නැතිවෙනවා. ” යනුවෙන් පාදිලිවරයා සිය පිරිසට සම්පූර්ණ සැලැස්ම හෙලිකරමින් සිය කථාව දිගටම සිදුකරගෙන යයි.
” අපිට විරුද්ධව අධිකරණයට ගියොත්, අපිට විරුද්ධව හඬක් නැගුවහොත් ඊට විරුද්ධව කටයුතුකරන්න තිඛෙන නිසා කලබල වෙන්න එපා. අපට හිතවත් දියවඩන නිලමේලා, පත්කර මේ තනතුරුවලින් ඔවුන් ඉවත්කල යුතුයි. අපි ඔවුන් පිළිබඳ විස්තර වෙනමම රැස්කර තිඛෙනවා. අපේ කොළඹ කාර්යාලයේ ඒ තොරතුරු තිඛෙනවා. ඒවා අපේ මාධ්‍යවලින් හෙලිකරන්න ඕනෑ. ඒ අය ඒ තනතුරුවලින් ඉවත්කරන්න අපි සූදානම් විය යුතුයි. ඒ අය තෝරන ඡන්දයේදී අපි අපට අවශ්‍ය අය ඉදිරිපත්කර ජයග්‍රහණය කරවිය යුතුයි.මේ තනතුරුවලට පත්කිරීම අප ඉතා සූක්ෂමව කල යුතුයි. ඊට පෙර අපි මුලින් සඳහන් කල වැඩසටහන ඉටුකල යුතුයි. අප්‍රේල් පහ මේ සඳහා අවශ්‍ය කාලසටහන ලැබේවි. මේ අයගේ අවශ්‍යතාවයන් සියල්ල අප සම්පූර්ණ කර දෙනවා. මේ දේශනයෙන් පසු සෑමකෙනෙකුටම අපි ජංගම දුරකථනය බැගින් ලබා දෙනවා. මේ සියළු දේ පිළිබඳව වැදගත්ම දෙය වනුයේ රහසිගත බවයි. පාලිගාව අවට සැරිසරද්දී කවුරුහරි ප්‍රශ්නකලොත් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියකට සමීක්ෂණ සිදුකරන ඉව කියන්න.ඊට අවශ්‍ය ලියකියවිලි අනන්‍යතා පත්‍ර අප ලබාදෙනවා. අවසානවශයෙන් මම මේක කියන්න කැමතියි. සියල්ල ඉතාම රහසිගතව සිදුකරන්න. සර්වබලධාරී දෙවියන්වහන්සේගේ, ගැලවුම්කරුවන්ගේ දේවරාජ්‍යය බිහිකිරීමට යන වැඩපිළිවෙල සාර්ථක වේවාකියලා ප්‍රාර්ථනාකරනවා.” යනුවෙන් ප්‍රකාශ කරමින් පාදිලිවරයා සිය කුමන්ත්‍රණයේ කථාව නිම කලේය. මේ වැඩසටහන සඳහා එදින පත්‍රිකාවක් මුද්‍රණය කොට දුන්නේය. එහි සඳහන් මුද්‍රාව වනුයේ “යෙහොව:ගේ සාක්ෂිකාරයෝ, ලෙසාර්ඩ් රෝඩ්, කොළඹ 05. “යනුවෙනි.මෙහිදී රැඳී සිටි පිරිස එක් එක් අංශ වෙත ඛෙදා දීමද සිදුවිනි. ඒ අනුව දළදා මාලිගාව සඳහා නිමල් සේදර ආරච්චි, වසන්ත ගුණසේකර, ශ්‍රීනාත් අනුර, ජයනිත කෝදාගොඩ යන අයද නාථ දේවාලයේ නටයුතු සඳහා පාස්ටර් ජයලත්, අනුර රංගනාත, දේවේන්ද්‍ර ද විෂ්ණු දේවාලය සඳහා ජගත් කොමදෝරු, නිලන්ත ප්‍රියශාන්ත, සුදත් ගුණසේකර යන අයත් වීය. මෙම පිරිස සඳහා ජංගම දුරකථන මිලදී ගනු ලැබුවේ වර්ල්ඩ් විෂන් ලංකා නමිනි

මෙම මුළු සැලැස්මේ වැඩසටහන් 2003.04.05 දින සිට 2003.06.09 දක්වා කාලයට සැලසුම්කර තිබුණි. වැඩසටහන සඳහා නිදහස් ජනමාද්‍ය ශිල්පීන් හතරදෙනෙකු සහභාගිවී තිබුණා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගමනාගමන පහසුකම්, නවාතැන් පහසුකම්, ආහාර, දුරකථන, නීති උපදේශ සියල්ලම ලබාදීමට නියමිතව තිබුණි. මෙම වැඩසටහන වෙනුවෙන් දින දහතුනක් සඳහා රුපියල් විසිදහසක මුදලක් ලබාදීමට සැලසුම්කර තිබුණි. .

කෙසේ හෝ දළදාවහන්සේගේ බලය යනු එසේ මෙසේ එකක්නොවන බව තවවරක් සපත කරමින් මෙම කූට කුමන්ත්‍රණය හෙලිකරගැනීමට හැකිවිය. කෙනත් දසනායක සිය සගයන් වෙත කථාබහකර එහිදී ඛෙදූ පත්‍රීකා හා තවත් තොරතුරු විශාල ප්‍රමාණයක් හෙලිකරගැනීමට හැකිවිය.මේ කුමන්ත්‍රණකාර වැඩපිලිවෙලේ මූලික පියවරක් ඉටුකල කිහිපදෙනෙකු ට ලංකා ක්‍රිස්තියානි සභාව විසින් ගෙවූ වවුචර කිහිපයක්ද මෙහිදී හෙලිවිය. දියවඩන නිලමේට අපහාස කිරීම, සංඝභෙස්දය සිදු කිරීම සඳහා එහිදී මිලමුදල් ලබාගත් අය අතර මහාචාර්ය වරයෙක්ද, සංවාදශීලී විකල්ප පත්තර කඩමාල්ලක සේවය කෙරූ කිහිපදෙනෙක්ද විය. මේ සිද්ධිය හෙලිවීමෙන් පසු ඒබව දැනගත් කුමන්ත්‍රණකරුවන් සිද්ධිය හෙලිවීම පිළිබඳව බලවත් පසුතැවිල්ලට මෙන්ම කම්පාවටද පත්විණි. එහිදී මේ කුමන්ත්‍රණයේ අදාල අංශය භාරව සිටි කෙනත් දසනායක පාදිලිවරයා යලිත් මෙම කුමන්ත්‍රණය අති සාර්ථක ලෙස සිදුකරන බව පොරොන්දු වී තිබේ. හිස් මොල තිඛෙද්දිත් මේ බව නොතකන්නේ නම් ඒ අයට අහිමිවනුයේ අමිල උරුමයකි. එය අපට අනන්‍යතාව, අපගේ නිවහල්බවේ මලගම බව කිවයුතු නොවේ. ඒ නිසා මේ කුමන්ත්‍රණයට විරුද්ධව නැගී සිටීම අත්‍යාවශ්‍ය වේ.
ශ්‍රී දන්ත ධාතූන්වහන්සේ යනු මෙරට පවතින අගනාම වස්තුවයි. අප මහා බුසුරජාණන්වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත්ව ඇති මේ දළදා මාලිගාව අපගේ මුතුන්මිත්තෝ දිවි පරදුවට තබා ආරක්ෂා කලෝය.ඔවුන් සිය දිවි කුසුම පවා ඒ වෙනුවෙන් පූජාකල වාර අනන්තය. අප්‍රමාණ හවන් තෙද බල ඇති මහානර්ඝ වස්තුවක් මිසදිටුවන් අතින් වැනසීමට තැත්කල එක් කුමන්ත්‍රණයක් මෙසේ හෙලිවිය. නමුත් මිසදිටුවන් මේ උදෙසා තවත් කුමන්ත්‍රණ විශාල ප්‍රමාණයක් සකස්කර තිබේ. ඔවුන්ගේ මුදලට, නම්බුනාමයට,ලොබ බැඳුනු බොහෝදෙනා මෙරට ඉතිහාසයේ මහා පාවාදීම උදෙසා සූදානම් විය. නමුත් දළදා පිං මහිමය ඒ සැමට වඩා බලවත් වීය. මේ මොහොතේ අපගේ ජාතිය සතු අනර්ඝ සම්පත අපගේ මාහැඟි පූජනීය වස්තුව ආරක්ෂා කිරීමට පෙළගැසිය යුතුය. එදත්, අදත්, හෙටත් මිතුරුවෙස් අරගෙන පරයි එනවා දළදා මාලිගෙත් අරන් උන් දවසක යන්න යනවා යන කියමන සැබෑ වීමට අප කිසිවෙකු ඉඩ නොතැබිය යුතුය. මෙරටට 1505දී පැමිණි ඒ මිසදිටු ආක්‍රමණය මේ වනවිට වෙනත් ස්වරූපයන් මගින් යලි යලිත් පැමිණෙමින් තිබේ. මේ පිළිබඳව ද අපි අභිමන් පෙරටුව ශ්‍රී දළදාවහන්සේ වටා සකල සිංහල බෞද්ධයන්ම ගොනුවියයුතු කාලය එළඹ තිබේ. එසේ නොකරන්නන් හට ද්‍රෝහී නාමය ඉතිහාසය මගින් නිසැකවම හිමිකර දෙනු ඇත. දළදා පිං මහිමහ ඇතිතාක් කිසිදු සතුරෙකුට කිසිදු කුමන්ත්‍රණයක් සිදුකල නොහැකි බව ඔප්පුවී අත්තේ වරක් දෙවරක් නොවේ. ඒ පිං මහිමය වටා ගොනුවී රට, දැය, සමය නගාසිටුවීමට සුදුසු කාළය එළඹ තිබේ.

අරිසෙන් අහුබුදු ශූරීන් පටබැඳි ගීයක දෙපදයකින් මෙවර අණාවරණයට තිත තබමි.

සෙංකඩ ගලපුර දළදා බුදුරැස්
විහිදෙන තුරු නෑ වරදින්නේ
සිංහලයන් හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s