
අධ්‍යාපනඥයකු හා බෞද්ධ පුනරුදයේ නායකයකු මෙන්ම ධර්මපාලතුමාගෙන් පසු සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ න්‍යායාචාර්යකු ලෙස සැලකෙන ලොකුසතු හේවා මෙත්තානන්ද මහතා විසින් 50-60 දශක වල ජාතියේ ගමන් මග පෙන්වාදීමට පල කල ලිපි කිහිපයක එකතුවක් මෙලෙස පොතක් ලෙස පලවී ඇත.
මහනුවර ධර්මරාජ,කොළඹ ආනන්ද හා නාලන්ද යන විදුහල්වල විදුහල්පති ධුරය දැරූ ඒ මහතා බෞද්ධ තොරතුරු පරීක්ෂක කමිටුවේ සාමාජිකයෙක් ද විය.එම කමිටු වාර්තාවේ අධ්‍යාපනය කොටස සකස් කලේ මෙතුමා විසිනි .1956 බණ්ඩාරනායක රජයේ ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවෙක් ද විය .1948 නිදහස ලබා ගත පසුවත් සිංහල බෞද්ධයන්ට සිදුවූ අසාධාරණයන්ට එරෙහිව මෙතුමා නොබියව ඉදිරිපත් විය .මව්බසින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් හා පාසල් රජයට පවරා ගැනීමේ කටයුත්තේදී මෙතුමා ඉහල දායකත්වයක් සැපයිය.

එච් .ඩබ්ලිව් හවුස් නම් කතෝලික අන්තවාදී අධ්‍යාපන අධ්‍යක්‍ෂක හා එවැනිම වූ අයිවර් ජෙනින්ස් සමග ගැටෙමින් පරම විඥානාර්ථ සමාගමේ බෞද්ධ පාසල් වෙනුවෙන් හා සිංහල බාෂාව විශ්වවිද්යායලය තුල භාවිතා කිරීමට කල කටයුතු මේ ලිපිවල අඩංගු වේ.මෙතුමා මතු කල තවත් කරුණකි ඉංග්රීපසි බාෂාව ඉගැන්විය යුතු වයස.වයස අවුරුදු දහයට පෙර මව්බසට අමතර තවත් බසක් ඉගෙනීමෙන් දරුවාගේ නිර්මානශක්තිය නැතිවන බව ලෝ ප්‍රකට අධ්‍යාපනඥයන්ගේ අදහස් ද උපුටා දක්වමින් පල කල ලිපි මේ පොතේ අඩංගු වෙයි.(අද දවසේ ඉංග්‍රීසියට අමතරව දෙමලත් ඉගෙනීමට දෙවන වසරේ සිට ළමුන්ට සිදුවේ.)
උතුරේ ෆෙඩරල් ව්‍යාපාරයට එරෙහිව ,කතෝලික කන්‍යා සොයුරියන් බාරයේ පැවති හෙද සේවය ඉන් මුදවා ගැනීමට,පුරවැසියන් නොවූ ජන කොටස් නැවත තම මව් රටවලට යැවීම,රජයේ ඉහල තනතුරුවලට සිංහල බෞද්ධයන් පත් කිරීම ආදී නොයෙක් කරුණු සම්බන්ධයෙන් සම්පාදනය කල ලිපි මේ පොතේ ඇත.
බෞද්ධ ජාතික බලවේගය හා ධර්ම සමාජ පක්ෂය බිහිකළ එතුමා ඒ සම්බධව පලකල ලිපි ද මෙහි අඩංගුවේ.අද අප මව්බසින් ලබන අධ්‍යාපනය ලබන්නේ මෙත්තානන්ද මහතා නොයෙකුත් තර්ජන,උසුළු විසුළු මැද කල කාර්යභාරය නිසාවෙනි.එකල පුවත්පත් වල එතුමාට අපහාසාත්මකව පල කල කාටුන් චිත්‍ර කිහිපයක්ද මෙහි අඩංගුවේ.1961 නොවැම්බර 1 දා අවුරුදු 73ක දිවි ගමන අවසන් කල එතුමාට නිවන් සුව ලැබේවා.