කාත්තකුඩි නගරයේ තියෙන්නේ වහාබ් පාලනයක්.

මේ කාත්තකුඩි නගරයේ තියෙන්නේ වහාබ් පාලනයක්. ඒක හරියට දකුණු අප්‍රිකාවේ තිබුණු වර්ණ භේදවාදී පාලනය වගේ එකක්.’ වහාබ් අන්තවාදය පිළිනොගන්න කිසිම කෙනෙකුට නිදහසක් නෑ, මේ නගරේ ජීවත් වෙන්න බෑ. මරා දාන්න පුළුවන්. කඩු අරන් කපන්න පුළුවන්. අපිට අන්තිම මාරාන්තික ප්‍රහාරය එල්ල වුණේ 2017 මාර්තු මාසේ දහවෙනිදා. එදා අපේ ස්වදේශික මුස්ලිම් බැතිමතුන් දෙන්නෙක්ව කඩුවලින් කැපුවා. තාමත් මේ අපරාධකාරයෝ නිදැල්ලෙ ඉන්නේ.

සමස්ත ලංකා ජමියතුල් උලේමාවරුන්ගේ අනුමැතියෙන් පනවපු ෆට්වාව කාත්තන්කුඩි උලේමාවරු අනුමත කරලයි තියෙන්නේ. ඒ නිසා මේ ඉන්න සියලුම සූෆි බැතිමතුන්ව මරා දැමීමට නියමිතයි. මේ වහබි ඉගැන්වීම අනුව අපිව මරන උදවියට දෙව්ලොව යන්න පුළුවන්. ඒ අපි මුස්ලිම්වරු වුණත් අපේ ගුරුවරුන්ගේ සොහොන්වලට ගරු කරනවා. ඔවුන්ගේ දිව්‍යමය හැකියාවන් විශ්වාස කරනව.’

වහාබින් වීරයන් ගැලවුම්කාරයන් හැටියට සලකන උලේමාවරුත්, පල්ලි පාලක මණ්ඩලත් තමන්ගේ දේශපාලන බලය, සෞදි රියාල් බලයෙන් සියලු දෙනාම යටත් කරගෙනයි ඉන්නේ. ඒ නිසා රටේ අනෙක් පළාත්වල නීති මෙහේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඔවුන් කරන අපරාධ වසන් කරනවා. හොඳම උදාහරණය අර පොලිස් නිලධාරීන් දෙදෙනා මරපු එක. අප්‍රේල් 21 ප්‍රහාරය නොවෙන්න ඒ වෙනුවෙන් දඬුවම් විඳින්නේ පැත්තක හිටපු දෙමළ තරුණයෝ දෙන්නෙක්. පොලිසියේ නායකයොත්, හමුදාවේ නායකයොත් විස්වාස කරන්නේ උලෙමාවරු හා පල්ලි පාලක සංගම් කියන දේ. ඔවුන්ගේ උපදෙස් මතයි වැඩ කරන්නේ.

ජාතික තව්හීද් ජමාත් තාම කාත්තන්කුඩියෙ වැඩ. තාමත් ඔවුන්ගේ කාර්යාලවල ක්‍රියාකාරිකයෝ ඉන්නවා. ආයුධ තියෙනවා. මේව අපි කල්වේලා ඇතිව වගකිව යුත්තන්ට කිව්වා. සහරාන් හා අන්තවාදීන් මේ රට ඉස්ලාම් රාජ්‍යක් කරන්න වැඩ කරනවා කියා. නමුත් අපි කියපු දේ ඇහුනේ නෑ, දැන්වත් ඇහුණොත් මේ රටට යහපතක් වේවි.

එච්.ඇම්. අමීර් – ප්‍රකාශක අබ්දුල්ලා ජවාත් අලීම් පදනම

සිංහල බෞද්ධයන් බෙලහීන කරන ඇමරිකානු මෙහෙයුම.

මේ සටහන බෞද්ධ වේශයෙන් සිටිමින් සිංහලයන් බෞද්ධයන් බෙලහීන කරන ප‍්‍රබල කුමන්ත‍්‍රණයක් සම්බන්ධවයි. බුදුන් දවස දෙව්දත් තෙරුණ් වහන්සේ සංඝ සංස්ථාවේ සම්ප‍්‍රදායන්ට පටහැනි අයුරින් වෙනමම සම්ප‍්‍රදායක් පවත්වාගෙන යමින් සංඝ භේදය ඇති කිරීමට කටයුතු කරන ලදි. මෙම හෙළිදරව්වෙන් නිරාවරණය කරන කාරණය දෙව්දත් තෙරුන්ට සාපේක්‍ෂව කෙතරම් දුරකට සමාන කළ හැකිද නොහැකිද යන්න තීරණය කිරීම විමර්ශනශීලි පාඨයන් සතු කාර්යකි.

රම්‍ය, සුරම්‍ය, සුභ ආදී මාළිගාවන් තබා සක්විති රජකම පවා ඉවතලා සම්බුද්ධත්වයට පත් අප ගෞතම බුදුරජාණන් වහන්සේ නැවත වරක් සිරිසම්බුද්ධ රාජ මාලිගාවකට වැඩම්මවා ඇත. සංස්කෘතිකමය වශයෙන් දළදාවහන්සේට මාලිගාවක් හිමිව තිබු බව සැබෑය. නමුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මාලිගා හදන සම්ප‍්‍රදායක් අපතුළ නොවීය. රත‍්‍රන් වත්කරමින් මුතු, මැණික්, සුදුහඳුන් ආදි මිලඅධික වස්තූන් අමුද්‍රව්‍යවයන් සේ භාවිතා කොට නිර්මිත මේ මාලිගාව පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ නිමැවුමකි. අන්‍යාගම්කරණය නිහ`ඩවත් සීඝ‍්‍රවත් කි‍්‍රයාත්මක වෙමින් ඇත. බෞද්ධයන් දිනෙන් දින ආර්ථිකමය වශයෙන් බෙලහීන වෙමින් ප‍්‍රපාතයට ගමන් කරමින් ඇත. නැතිබැරිකම බෞද්ධයන් බෞද්ධකම අතහැරීමට මුඛ්‍ය කාරණයක් විය. පිළිසරණයක් නැති දුප්පත් පන්සල් ප‍්‍රමාණය ඉතා අධිකය. තත්ත්වය එසේ වෙද්දී මෙසේ මිල කළ නොහැකි තරම් කෝටි ප‍්‍රකෝටි ගණන් ධනය වැය කරමින් වස්තු සම්පත් ගොඩ ගසමින් සම්බුද්ධ රාජමාලිගා තැනීම කෙතරම් දුරට සාධාරණද? ඇමරිකාව විසින් රටට දැඩි ලෙස අහිතකර බලපෑම් එල්ල කරමින් සිටින අවස්ථාවක සම්බුද්ධ රාජ මාලිගාව සමග ලංකාවේ ඇ.එ.ජ තානාපතිනිය වන බියුටිනීස් මහත්මිය සම්බන්ධ වන්නේ කෙසේද? මහමෙව්නාව විසින් විදේශයන්හි පිහිටුවා ඇති නියෝජිත අසපු වල රට සහ ජාතිය යන සාධකයන් පිළිබඳව කතා කිරීම පවා තහනම් කර ඇත්තේ ඇයි? ඇමරිකාව විසින් කොරියාවේ බුදුදහම විනාශ මුඛයට ඇදදැමීමට ද භාවිතා කළේ මෙවැනිම ක‍්‍රමවේදයකි. ඒ අන් කිසිවක් නොව සම්ප‍්‍රදායික බුදුදහමට අභියෝගයක් වන අයුරින් විකල්ප සම්ප‍්‍රදායක් පතුරමින් කටයුතු කරන භික්‍ෂු කණ්ඩයක් කොරියාව තුළ ඇති කිරීමයි. බෞද්ධ රාජ්‍යයක් සේ හැඳින්වු කොරියාවට අද සිදුව ඇත්තේ කුමක්ද?

කිරිබත්ගොඩ හිමියන් විසින් දේශනා කරන ධර්මයට අනුව ශාසනය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සාධක හතරෙන් දෙකක් ප‍්‍රතික්‍ෂේප වෙයි. ‘‘අප ඉපිද සිටින්නේ ගෞතම බුදුන්ගේ ශාසනයත් ධර්මයත් පවතින කාලවකවානුවකය. එබැවින් අද අදම නිවන් දැකීමට කටයුතු කළ යුතුයි’’ යන්න කිරිබත්ගොඩ හිමියන්ගේ ඉගැන්වීමයි. එසේ ගත්කළ උපාසක උපාසිකාවන් ලෙස කිරිබත්ගොඩ හිමියන්ගේ ශාසනය තුළ ජිවත්වීමට අවංක ලෙසම උරුමකම් නැත. මහමෙව්නාවේ බණ අසන්නට ගොස් පවුල් ජිවිත අසාර්ථක කරගත්තවුන් විශාල පිරිසකට මහමෙව්නාව වගකිව යුතුය. කිරිබත්ගොඩ හිමි බුදුපිළිම ස්ථාපනය පවා නොකළ යුත්තක් ලෙස හඳුන්වයි. ඊට උදාහරණ ලෙස උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ කුරානයේ පිළිම වන්දනාව පිළිබඳව ඇති සංකල්පයයි. මෙය පැහැදිලිවම ථෙරවාදී සිංහල බෞද්ධ සම්ප‍්‍රදාය, සංස්කෘතිය හා සභ්‍යත්වය විනාශ කිරීමට ගෙනඑන තර්කයකි.

එසේ ගත්කළ ඉතා සුක්‍ෂමව සාම්ප‍්‍රදායික ථෙරවාදී බුදුදහම උඩුයටිකුරු කිරීමට කිරිබත්ගොඩ හිමියන් වෙරදරන්නේ අභිධර්මය පවා ප‍්‍රතික්‍ෂේප කරමිනි. ඒ අභිධර්මය අබුද්ධ භාෂිතයක් ලෙස හඳුන්වා දෙමිනි.

Continue reading “සිංහල බෞද්ධයන් බෙලහීන කරන ඇමරිකානු මෙහෙයුම.”

පොදු ජනතාවගේ බත් ගස බවට පත් වූ කොස්‌ ගස

වැල, වරකා යන ජනප්‍රිය වචන වලින් හැදින්වෙන ඉදුණු කොස්‌ රස ගුණ පලතුරක්‌ වුව ද පැසුණු කොස්‌ තැම්බුම ආහාරයට ගැනීම සදහා පොල් අවශ්‍යවේ. කොස්‌ ආහාරයට ගැනීමේ දී සුදු පොල් හැටියටත්, සම්බල හැටියටත් පොල් මූලික අවශ්‍යතාවක්‌ වේ. කොස්‌ මැල්ලුමට මෙන්ම කිරිකොස්‌ මාළුවටත්, කොස්‌ ඇට වලින් හදා ගන්නා කළු පොල් මාළුවටත් පොල් අනිවාර්ය අවශ්‍යතාවක්‌වේ. ගැට පොළොස්‌ මාලුව සදහා ද පොල් කිරි නැතිවම බැරි බව රහසක්‌ නොවේ. කොස්‌ රස ගුණ ආහාරයක්‌ මෙන්ම ඖෂධයක්‌ ද වන අතර මේරූ කොස්‌ ලී ගෙවල් සෑදීමේ දී අවශ්‍ය වන යටලී, බාල්ක, පරාල, රීප්ප, උළුවහු, දොර ජනෙල් ආදිය සැකසීම සදහා ද යොදා ගැනේ. ලක්‌ වැසියන් හොදින් දන්නා දිගු කල් පවතින දැව වර්ගය මේරූ කොස්‌ ලීයයි. කොස්‌ ලී ගෙවල් වල භාවිතයට ගන්නා ඇද, පුටු, මේස, අල්මාරි, පෙට්‌ටගම් සදහා ද යොදා ගැනේ. හොදින් මේරූ පොල් ගසේ ලීය ද විශේෂයෙන් පරාල සදහා යොදා ගනිති. පොල් ලෙල්ලේ කොහු වලින් ලණු, ලණු පැදුරු, පාපිසි හා නිවාස අතු ගාන මුස්‌න ද සකසා ගන්නා බව නොදන්නා කෙනෙක්‌ නැත. කොහු කෙදි ලබා ගැනීමෙන් පසු ඉවත් කරන කොහුබත් පවා පසේ තෙතමනය රැක ගැනීම සදහාත් පස සරු කිරීම සදහාත් යොදා ගැනේ. පොල් අතු වියා වහළ සෙවිළි කිරීම සදහා යොදා ගන්නා අතර ගොක්‌ කොළ සැරසිලි සදහාත්, තොවිල් – පවිල් තටු ආදිය සදහාත් යොදා ගන්නා බව නොදන්නා කෙනෙක්‌ නැත. පුන්කලස්‌ සදහා නැතිවම බැරි පොල් මල සුන්දර දසුනක්‌ ලබා දෙන්නකි. කොස්‌ කොළ එළුවන් ඇති කිරීම සදහා නැතිවම බැරි සත්ත්ව ආහාරයක්‌ වී තිබේ. මදුළු ගෙන ඉවත දමන කොස්‌ ඉරි සහිත කොටස්‌ ගවයන්ගේ ප්‍රියතම ආහාරයක්‌ වේ. දකුණේ දෙවුන්දර පටන් යාපනේ පේදුරු තුඩුව දක්‌වා මුළු ලංකාවේ හැම ගෙවත්තක්‌ම සරු කරන පොල් ගසත්, කොස්‌ ගසත් සිංහල දෙමළ මුස්‌ලිම් භේදයකින් තොරව හැමටම එකසේ පිහිටවේ. වැඩදායකවේ. ඉදුණු කොස්‌ පලතුරක්‌ වන අතර ලපටි පොල් ගෙඩි වෑවර හා කුරුම්බා වශයෙන් පානයක්‌ ලෙසත්, ආහාරයක්‌ ලෙසත් ප්‍රයෝජනයට ගන්නා බව නොදන්නා කෙනෙක්‌ නැත. සිංහල, දෙමළ, මුස්‌ලිම් ලක්‌වැසි සියල්ලන්ගේ ජීවිතයේ නැතිවම බැරි ගස්‌ වන්නේ කොස්‌, පොල් ගස්‌ය.

Continue reading “පොදු ජනතාවගේ බත් ගස බවට පත් වූ කොස්‌ ගස”