සඟරුවනේ සමගිය සැපතකි

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව මාස දෙකකට පසු එළඹි ඇසළ පුර පසළොස්‌වක පොහෝ දින බරණැස ඉසිපතනයේ දී පස්‌වග මහණුන් අරඹයා සිය ප්‍රථම දේශනාව සිදු කළහ. එහි දී ප්‍රථමයෙන් ධර්මය අවබෝධ කරගත් කොණ්‌ඩඤ්ඤ තවුසාණන්ගේ පැවිදිවීමත් සම`ග ආරම්භ වූ බෞද්ධ සංඝ සමාජය වැඩිකල් නොගොස්‌ම මහා සංඝ සංස්‌ථාවක්‌ බවට පත් විය. මානව නිදහස මෙන්ම චින්තන වීමංසන නිදහස ද අගයන බුදුදහම තුළ වූ යථාර්ථවාදී බව මෙන්ම ඒ තුළ වූ නැවුම් බව නිසාම බොහෝ පිරිසක්‌ බුදුදහම වැළඳගත් අතර එයිනුදු වැඩි පිරිසක්‌ සංඝ සමාජයට ඇතුළත් විය. ඒ අනුව සංඝ සංස්‌ථාව තුළ විවිධ කුල, ගෝත්‍ර, ආගම්, වර්ගවලට අයත් වූවෝ වූ අතර විවිධ භාෂා කතා කළ අය මෙන්ම විවිධ සංස්‌කෘතික ලක්‍ෂණවලින් යුතු වූවෝ ද වූහ. මේ නිසා සංඝ සමාජය පුළුල් වත්ම එය වඩා සංකීර්ණත්වයට පත් විය.

Continue reading “සඟරුවනේ සමගිය සැපතකි”

ත්‍රිරිපෝෂ මල්ලෙත් වස !

වර්ෂ 1973 දී ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය , ගැබිනි මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලනු පිණිස ඔවුන්ට ත්‍රිපෝෂ ලබා දීම අරඹන ලද්දේ ‘කෙයාර්’ නැමති ඇමෙරිකානු ස්වේච්ඡා සංවිධානයේ අනුග්‍රහයෙනි. මෑත කාලයේ දී දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් වැඩිහිටියන්ගේ වැඩි අවධානයක් යොමු වන විට ත්‍රිපෝෂ වලට සමාන නොයෙකුත් ආහාර මිශ්‍රණ වෙළෙඳපොළට එක් විය . රජයේ මෙන්ම එම ව්‍යාපාරිකයන්ගේ ද අරමුණ යහපත් වුවද පෝෂණයේ නාමයෙන් මව්වරුන්ට සහ දරුවන්ට ලබාදී ඇත්තේත්, මේ වනවිට ලබාදෙමින් සිටින්නේත් ශරීර සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය පිරි පැකට් සහ පෙට්ටි බව කණගාටුවෙන් වුවද සදහන් කළ යුතුව තිබේ. ඉහින් බහින රෝගයක් නැති අත්තලා මුත්තලා සිටි පරපුරු වල වත්මන් පුරුක් උදේ පටන් හැන්දෑ වන තෙක් රජයේ සහ පෞද්ගලික රෝහල් වල පෝලිම් ගැහෙන්නට මෙබදු නව “ආහාර”ප්‍රබල හේතුවක් වී ඇති බවට සැකයක් නැත.

Continue reading “ත්‍රිරිපෝෂ මල්ලෙත් වස !”

Let’s learn from South Korea

Posted on March 11th, 2017

Some French voters, fed up with their leaders, especially the candidates in the presidential race, recently chose to give vent to their pent-up anger in an unusual manner. They launched a campaign to invite former US President Barack Obama to run for President in their country! They have thus sent a very clear message to the French politicians who have failed to live up to public expectations.

Sri Lankans are doubtlessly as resentful as the French where their failed politicians are concerned though it is doubtful whether they are enamoured of Obama’s style of governance. But, they must be envying their South Korean counterparts who don’t suffer crooks in highs posts gladly and are blessed with robust legislative and judicial mechanisms capable of acting against even the heads of state accused of corruption or any other form of wrongdoing.

Continue reading “Let’s learn from South Korea”

South Korea:- A chronology of Christian attacks against Buddhism

South Korea:- A chronology of Christian attacks against Buddhism

Published September 10, 2008 by https://christianwatchindia.wordpress.com/

As in India the religion of love starts small, inflitrates major sectors of the society. Now Christianity is the dominant religion in South Korea and Buddhism is a fading religion.  This is how Christians subvert from within. And this how they commit genocide of pre Christian culture and religions. And that is exactly their intention in India as well.

http://www.buddhapia.com/eng/tedesco/2.html

Buddhism under Siege 1982-1996:
A Chronology of Fifteen Years of Incidents Against Buddhism in South Korea

Continue reading “South Korea:- A chronology of Christian attacks against Buddhism”

සිංහල බෞද්ධ ක්‍රමයට අනුව රජු පත් කරගන්නා ආකාරය.


බුද්ධාගම ආරක්ෂා කරගැනීම පිණිස ය කියා වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති මාරු කිරීම හිස රදයට කොට්ටය මාරු කිරීමක් පමණි. බුද්ධාගම ආරක්ෂා කිරීම පිණීස වර්ෂ 2500ක් ම සිංහල රාජධානියෙහි තිබුණු තත්ත්වයේ ආරම්භය මහාවංසයෙහි ද වංසත්තප්පකාසිනී තැමති මහාවංස අටුවාවේ විශේෂයන් ද සඳහන් කොට තිබේ. ඒ අනුව පළමුවෙන් ම කෙරෙන්නේ රජකමට සුදුසු බෞද්ධ කුමාරයකු තෝරා ගැනීමයි. එතුමා ඒ සඳහා විශේෂයෙන් තැන මඩපයක දී මහාසංඝයා ද රට කරවන නිලධාරීන් ද මහජනයා ද ඉදිරිපිට දී ,

“ත්වං රාජධම්මේසු ඨිතෝ ධම්මේන සමේත රජීජං කාරේහි” : කියා ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ සහ සේට්ඨි යන තුන් පිරිස අතිත් අහිශේක ලබයි. මෙහි අර්ථය නම් රාජ ධර්මයෙහි පිහිටා දැහැමින් සෙමෙන් රජකම කරනු යනුය.

අනතුරු ව එතුමා මම දැහැමින් සෙමත් ( ධමේ සමෙන) රජකම් කරමි, නොකළ හොත් මගේ හිස හත් කඩකට පැමයි ශාප කළා සේ පිළිගනී. මේ බව “වංසත්තප්පකාසිතීය” මෙසේ සඳහන් කරයි.

//තේ පන තස්ප සසු ඒවං වදත්තා, සවේ ත්වං අම්හාකං වචනානු රූපේන රජ්ජං කරිස්සසි, සාධු, න ඒවං, තව මුද්ධා සත්තධා ඵලතු ති ඒවං රඤ්ඤෝ අභිසපත්ති වීය දට්ඨබ්භා,// – ( වංසත්තප්පකාසිනි, පි. 306 )

මෙයින් කියවෙන් පත් වෙත පුද්ගලයා බෞද්ධයකු විය යුතුවා පමණක් ම නොව එකී රජ තනතුර ද රාජ සංකල්පය ද බෞද්ධ බවයි. රජ තනතුර බෞද්ධ හෙයුත් ඊට පත්විය හැක බෞද්ධයකුට පමණි. පත් වීමෙන් පසු තනතුර දරන තාක් රජතුමාට බුද්ධාගම අත්හළ නොහැක. ඒ නිසා රජතුමා පල්ලි, මරක්කල පලි සහ කෝවිල් ගානේ ගොස් පුද පුජා පවත්වා යාඥා නොකළ යුතු ය. අළු ගෑම්, පොටු තැබිම්, ඔරසන් ක්‍රීම් ආදිය නොකළ යුතු ය. පංචානන්තරීය නොකළ යුතු ය. පස් පව් නොකොට පංච ශීලයයහි පිහිටිය යුතු ය. රජතුමා ශාසන භාරධාරී වන්නේ එවිට ය. ආඥාවල් කඩ කළහොත් රජකම අහිමි වේ.

යම් හෙයකින් රජතුමා සිංහල බෞද්ධ නීතියට පටහැනිව අධාර්මිෂ්ටව පාලනය කරයිනම් , සිංහල නීතියේ අදමට එතුමා රාජත්වයෙන් ඉවත් කිරීම ඇමති මණ්ඩලය විසින් කළ හැකි ය. ඇමති මණ්ඩලයට රජතුමා ඉවත් කළ හැකි ය. එහෙත් රජතුමාට ඇමති මණ්ඩලය ඉවත් කළ නොහැකි ය. සිංහල නීතීය මෙයයි, මෙය ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම ය.

මෙහි දැහැමින් යනුවෙන් අදහස් වන්නේ බුදු රජාණන් වහන්සේ විසින් සාරතිදද විහාරයේ දී ලිවීඡවී රජදරුවන් අමතා වදාළ දසරාජ ධර්මයයි. සෙමෙන් යනු සමාන ලෙසයි.

තව ද රට ආණ්ඩු කිරීම පිණීස රජුන්ට පුරාණයේ පටන් පන්ගාාඩම් කර තිබෙන හෙවත් අණ කර තිබෙන ආඥාවල් 10කි. ඒවා මෙසේ ය:

1️⃣එයින් පළමු වැනි ආඥාව නම් බුද්ධාගම හැර වෙනත් ආගමක් 
නොගන්නා ආඥාව ය.
2️⃣මව් බිසවුන් වහන්සේ නොමරන දේ වෙනි ආඥාව ය.
3️⃣පිය රජ්ජුරුවන් වහන්සේ නොමරන තුති වෙනි ආඥාව ය.
4️⃣ යහපත් සංඝයා වහන්සේලා නොමරන හතර වෙනි ආඥාව ය.
5️⃣ බුද්ධ ධාතු පිළිම පවතින්නා වේර විහාර බෝධි වෘකය බිඳ
නොමරන පස් වෙනි ආඥාව ය.
6️⃣ප්‍රාණඝාත නොකරන සවෙනි ආඥාව ය..
7️⃣ සොරකම් නොකරන සත් වෙති ආඥාව ය.
8️⃣පරදාර නොකරන අට වෙනි ආඥාව ය.
9️⃣බොරු නොකියන නව වෙනි ආඥාව ය. 
🔟සුරාපාත නොකරන දස වෙනි ආඥාව ය.

මෙසේ ආඥාවල දහයක් රට ආණ්ඩු කිරීමට පළමු වලංගු කරන ලෙස පංගාඩම් කර තිබෙනවාය.

(ලංකාවේ රජ සිරිත හා ලෝක චාරිත්‍ර , අබය ආරයසිංහ, 1985, පි.33)

ඉස්ලාම් ආගමේ මූලධර්මවාදී ප්‍රවණතා

☪️ සලාෆි ජිහාඞ් වාදය

සෝවියට් දේශයෙන් ඇෆ්ගනිස්ථානය බේරා ගැනීමට ආරම්භ කළ මතවාදයකි. ශුද්ධ වූ ඉස්ලාම් රාජ්‍යයක් ගැන කතා කරයි. 
සලාෆි යනු මුස්ලිම් සමාජය මුහම්මද්තුමාගේ කාලයේ තිබූ අකාරයට අනුව සකස් විය යුතුය යන විශ්වාසය මත පදනම්වූ ආගමික ව්‍යාපාරයකි. ඔවුන් කුරාණය අකුරටම අනුගමනය කිරීම මත තම ව්‍යාපාරය පදනම් කරන අතර ඉස්ලාමීය සමාජයට බැහැරින් පැමිණෙන සංස්කෘතික බලපෑම් සම්පූර්ණයෙන්ම ඉවත හෙළිය යුතු බවට විශ්වාස කරති.

☪️ වහාබ් වාදය

සවුදි අරාබියේ මධ්‍යම ප්‍රදේශයට අයත් නජ්ඞ් නමැති කුඩා නගරයේදී 1703 දී උපන් මොහොමඞ් ඉබ්න් අබ්ඞ් අල් වහාබ් මෙහි ආරම්භකයාය. සෞදි අරාබියේ අගනුවර වන රියාද් පිහිටා ඇත්තේ ද නජ්ඞ් ප්‍රදේශයේය. නජ්ඞ් හි වැසියන් බොහොමයක් කාන්තාරයේ වාසය කරන සංචාරක අරාබි ගෝත්‍ර (බෙදුවියන්වරු) වන නමුත්, අල්වහබ් අයත් වූයේ බෙදුවියන් නොවන අරාබි ගෝත්‍රයක් වන බානු තමීම් ගෝත්‍රයටය.

Continue reading “ඉස්ලාම් ආගමේ මූලධර්මවාදී ප්‍රවණතා”

මෙත්තානන්ද ලිපි

අධ්‍යාපනඥයකු හා බෞද්ධ පුනරුදයේ නායකයකු මෙන්ම ධර්මපාලතුමාගෙන් පසු සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ න්‍යායාචාර්යකු ලෙස සැලකෙන ලොකුසතු හේවා මෙත්තානන්ද මහතා විසින් 50-60 දශක වල ජාතියේ ගමන් මග පෙන්වාදීමට පල කල ලිපි කිහිපයක එකතුවක් මෙලෙස පොතක් ලෙස පලවී ඇත.
මහනුවර ධර්මරාජ,කොළඹ ආනන්ද හා නාලන්ද යන විදුහල්වල විදුහල්පති ධුරය දැරූ ඒ මහතා බෞද්ධ තොරතුරු පරීක්ෂක කමිටුවේ සාමාජිකයෙක් ද විය.එම කමිටු වාර්තාවේ අධ්‍යාපනය කොටස සකස් කලේ මෙතුමා විසිනි .1956 බණ්ඩාරනායක රජයේ ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවෙක් ද විය .1948 නිදහස ලබා ගත පසුවත් සිංහල බෞද්ධයන්ට සිදුවූ අසාධාරණයන්ට එරෙහිව මෙතුමා නොබියව ඉදිරිපත් විය .මව්බසින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් හා පාසල් රජයට පවරා ගැනීමේ කටයුත්තේදී මෙතුමා ඉහල දායකත්වයක් සැපයිය.

එච් .ඩබ්ලිව් හවුස් නම් කතෝලික අන්තවාදී අධ්‍යාපන අධ්‍යක්‍ෂක හා එවැනිම වූ අයිවර් ජෙනින්ස් සමග ගැටෙමින් පරම විඥානාර්ථ සමාගමේ බෞද්ධ පාසල් වෙනුවෙන් හා සිංහල බාෂාව විශ්වවිද්යායලය තුල භාවිතා කිරීමට කල කටයුතු මේ ලිපිවල අඩංගු වේ.මෙතුමා මතු කල තවත් කරුණකි ඉංග්රීපසි බාෂාව ඉගැන්විය යුතු වයස.වයස අවුරුදු දහයට පෙර මව්බසට අමතර තවත් බසක් ඉගෙනීමෙන් දරුවාගේ නිර්මානශක්තිය නැතිවන බව ලෝ ප්‍රකට අධ්‍යාපනඥයන්ගේ අදහස් ද උපුටා දක්වමින් පල කල ලිපි මේ පොතේ අඩංගු වෙයි.(අද දවසේ ඉංග්‍රීසියට අමතරව දෙමලත් ඉගෙනීමට දෙවන වසරේ සිට ළමුන්ට සිදුවේ.)

උතුරේ ෆෙඩරල් ව්‍යාපාරයට එරෙහිව ,කතෝලික කන්‍යා සොයුරියන් බාරයේ පැවති හෙද සේවය ඉන් මුදවා ගැනීමට,පුරවැසියන් නොවූ ජන කොටස් නැවත තම මව් රටවලට යැවීම,රජයේ ඉහල තනතුරුවලට සිංහල බෞද්ධයන් පත් කිරීම ආදී නොයෙක් කරුණු සම්බන්ධයෙන් සම්පාදනය කල ලිපි මේ පොතේ ඇත.

බෞද්ධ ජාතික බලවේගය හා ධර්ම සමාජ පක්ෂය බිහිකළ එතුමා ඒ සම්බධව පලකල ලිපි ද මෙහි අඩංගුවේ.අද අප මව්බසින් ලබන අධ්‍යාපනය ලබන්නේ මෙත්තානන්ද මහතා නොයෙකුත් තර්ජන,උසුළු විසුළු මැද කල කාර්යභාරය නිසාවෙනි.එකල පුවත්පත් වල එතුමාට අපහාසාත්මකව පල කල කාටුන් චිත්‍ර කිහිපයක්ද මෙහි අඩංගුවේ.1961 නොවැම්බර 1 දා අවුරුදු 73ක දිවි ගමන අවසන් කල එතුමාට නිවන් සුව ලැබේවා.

වීර කැප්පෙටිපොළ දිසාවගේ මී මිනිබිරිය කියන කතාව

වීර කැප්පෙටිපොළ දිසාවගේ මී මිනිබිරිය කියන කතාව.

ඈත අතීතයේ සිට පාවාදීම් නිසා අපිට අහිමි වූ දේ, අතීත සිදුවීම් සහ පරම්පරාවන් පිළිබඳ තොරතුරු සොයා යාමට දැඩි වෙහෙසක් ගත යුතුව ඇත. එක්කෝ එවන් දේ සහ පරම්පරා සමාජයෙන් සැඟවී යාම නිසාය නැතිනම් සැඟව සිටින නිසාය. ඒ නිසා ඉතිහාසය සොයා යාමට දැඩි වෙහෙසක් දැරිය යුතුව ඇත. 
වර්ෂ 1818 සිංහලේ පළමු නිදහස් සටනේ පුරෝගාමියා වූ ඌව වෙල්ලස්ස කැරැල්ලේ නායක වීර කැප්පෙටිපොළ අදිකාරම්ගේ හතර (4) වැනි පරම්පරාවේ වයස්ගතම පුරුක සොයා යාමට ඉරිදා ලංකාදීපයට පසුගියදා හැකියාවක් ලැබිණි. කාන්තාවක වන ඇය මොණරවිල රාජපක්ෂ වික්‍රමසේකර අබේරත්න විජේකෝන් බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාලහාමිලාගේ ලොකු බණ්ඩා කැප්පිටිපොළ මොණරවිල කැප්පෙටිපොළ කුමාරිහාමි නම් වන්නීය. 
1924 නොවැම්බර් මස පළමු වැනිදා (1) මෙලොව එළිය දුටු ඇය මේ වනවිට අනූ පස් (95) වැනි වියෙහි පසු වෙයි. මාතලේ හුලංගමුව, කහද වලව්වේ ඉපදී 1947 දී විවාහයට පත්ව කුරුණෑගල, ඉබ්බාගමුව, තල්ගොඩපිටිය ප්‍රදේශයේ වසර හැත්තෑ එකක (71) කාලයක් පදිංචිව සිටින්නීය. 
හේරත් විජයපාල විජේසුන්දර මුදියන්සේ රාලහාමිලාගේ පුංචි බණ්ඩාර තල්ගොඩපිටිය මහතා සමඟ විවාහ වූ මොනරවිල කැප්පිටිපොළ චන්ද්‍රාවතී කුමාරිහාමි මහත්මිය දරුවන් පස් (5) දෙනකුගේ මවකි. 

Continue reading “වීර කැප්පෙටිපොළ දිසාවගේ මී මිනිබිරිය කියන කතාව”

පරංගීන්ගේ කිරිඇල්ල බලකොටුව

කළු ගඟ දිගේ පෘතුගීසීන් රට අභ්‍යන්තරයට පැමිණියේ මෙරට සිරි නැරඹීමට නොව සිය වාණිජ හුවමාරු කටයුතු සඳහා අවශ්‍ය කුළු බඩු ද්‍රව්‍ය රැස්‌ කර ගැනීමට සහ රට අභ්‍යන්තරයේ ද බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ය. එහි එක්‌ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔවුන් කළු ගං දෑලෙහි කුඩා සහ මධ්‍ය ප්‍රමාණයේ බලකොටු ඉදි කළ බව අපේ ඉතිහාස තොරතුරු අධ්‍යයනය කිරීමේ දී අනාවරණය වේ. අඟුරුවාතොට, නම්බපාන, ඇල්ලගාව, කිරිඇල්ල, රත්නපුර සහ බටුගෙදර එසේ ඉදි කළ බලකොටුය.


කිතු වසින් ගෙවී ගිය 1505 නොවැම්බර් මස 15 වැනි දින ලක්‌බිමට අහම්බෙන් මෙන් බටහිර රකුසෙකු ගොඩ බටුයේය. ඔවුන් නමින් පෘතුගීසීන් හෙවත් පරංගින්ය. සුදු තිරුවානා ගල් කමින් ලේ බොන ඔවුන්ගේ මාතෘ භූමිය වූයේ පෘතුගාලයයි. ඔවුන් මෙරටට ගොඩ බසින අවස්‌ථාවේ මෙරට රජ කළේ 8 වැනි වීර පරාක්‍රමබාහු (ක්‍රි.ව.1484 – ක්‍රි.ව.1506) රජතුමාය.
මේ වකවානුව වන විට ලංකාවේ කුරුඳු, කරාබු නැටි, කරඳමුංගු, සාදික්‌කා, වසාවාසි, පුවක්‌, ගම්මිරිස්‌ වැනි කුළු බඩු මෙන්ම ඇත් දළ වැනි දේ ද මිල දී ගැනීමේ ඒකාධිකාරය පැවතුණේ මුහුදු මාර්ගයන් ඔස්‌සේ පෙරදිගින් පැමිණි මුස්‌ලිම් වෙළෙඳුන් අතය. ලංකාවේ කුළු බඩු ඉතාමත් අනර්ඝ උසස්‌ තත්ත්වයෙන් යුතු ඒවා විය. මුස්‌ලිම් වෙළෙඳුන් සහ පෘතුගීසීන් අතර ද වෙළෙඳ භාණ්‌ඩ හුවමාරු සිදු වූ අතර මෙතරම් අනර්ඝ කුළු බඩු ගෙන එන රට දැන ගැනීමට පෘතුගීසීන් ද අවශ්‍ය විය. එහෙත් මුස්‌ලිම් වෙළෙඳුන් මෙම දිවයින පිහිටි දිසාව හෝ ඔවුන්ට නොපවසන්නට වග බලා ගත්හ. පෘතුගීසීන් මෙහි පැමිණියහොත් තමන් බලය රඳවා ගෙන සිටින මෙරට වෙළෙඳ ඒකාධිකාරයට පහර වදිනවා පමණක්‌ නොව එම කටයුතු ඔවුන් අතට පත් කර ගනි යැයි යන සැකය නිසා මුස්‌ලිම් වෙළෙඳුන් පෘතුගීසීන් මග හැරියහ. කැලිකට්‌ නුවරට යාත්‍රා නොකොට ඒඩ්න් සහ පර්සියානු බොක්‌කට යාත්‍රා කළහ. මෙයින් කෝපයට පත් ෆ්‍රැන්සිස්‌කෝ ද අල්මේදා සිය පුත්‍රයා වූ ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රධාන නාවික කණ්‌ඩායමක්‌ ක්‍රි.ව.1505 දී මුස්‌ලිම් වෙළෙඳුන්ගේ නැව් අත්අඩංගුවට ගැනීමට පිටත් කර හැරියේ ය. පෘතුගීසීන් ආක්‍රමණික නාවිකයන් පිරිසක්‌ය. 

Continue reading “පරංගීන්ගේ කිරිඇල්ල බලකොටුව”