නිදහස ගැන කාදිනල්තුමාට ප්‍රශ්නයක්========================මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

අද නිදහස් දිනය. එය මෙරට එක ම හා නිල නිදහස් දිනයයි. අපට අවුරුදු හැත්තෑහතරකට පෙර අද වැනි දිනක ඩොමීනියන් තත්වයේ නිදහසක් ලැබුණා. එහෙත් අපේ රජු වූයේ හයවැනි ජෝර්ජ්. අපට ඔහුගෙන් හා ඔහුගේ දියණියගෙන් නිදහස් වීමට තවත් අවුරුදු විසිහතරක් ගියා. ඒ 1972 මැයි 22 වැනි දා. අප එදින සමරන්නේ නැති එක ගැන නම් මට ඇත්තේ කණාගාටුවක් මෙන් ම කළකිරීමක්. ජේ ආර් ඒ දිනය උපක්‍රමශීලී ව අමතක කළේ තම 1977 ව්‍යවස්ථාවෙන් පෙබරවාරි හතර ජාතික දිනය ලෙස නම් කිරීමෙන්. මා හිතන්නේ අපේ ජාතික දිනය විය යුත්තේ මැයි 22. පෙබරවාරි හතරත් සැමරුවාට වරදක් නැහැ. අපට නිිදහස ලැබීම පටන් ගත්තේ 1931 සර්වජන ඡන්දය ලැබීමත් සමග. ඉංගිරිසින් තමන් මෙරට බිහි කළ නායකයන් කෙරෙහි වූ විශ්වාසය නිසා ම අපට සර්වජන ඡන්දය දුන්නා. ඒ නිදහසත් 1948 නිදහසත් මෙරට ප්‍රභූන්ට සීමා වූ නිදහසක්. සාමාන්‍ය ජනයාට නිදහස ලැබෙන්න පටන් ගත්තේ 1956 දී. එයට මුල් වුණෙ ශ්‍රී ල නි පක්‍ෂය. ඒ නිදහසට අදත් බොහෝ දෙනා විරුද්ධයි. අද සිංහල බෞද්ධ විරෝධය වශයෙන් ක්‍රියාත්මක වන්නේ ඒ පනස්හයට දැක්වූ විරෝධයයි. එහි සරදම වන්නේ පනස්හය නිසා ම බිහි වු ඇතැම් පඬි නැට්ටන් ඒ නිිදහසට විරුද්ධ වීමයි.
පනස්හයේ නිදහස තවමත් සම්පූර්ණයෙන් ම ජනතාවට ලැබී නැහැ. එය දිනා ගැනීම අපේ කාර්යභාරය වෙනවා. එහෙත් එය ජාතිකත්ව පක්‍ෂයක නායකත්වයකින් මිස ලිබරල් හරි මාක්ස්වාදී හරි පක්‍ෂවල නායකත්වයකින් ලබා ගන්න බැහැ. සජිත් රනිල්දාස මෙන් ම චම්පකත් ඒ නායකත්වය සඳහා සුදුස්සන් නො වෙයි. ඒ කුමක් වුවත් අද නිදහස් උත්සවය ගාම්භීර ව පැවැත්වුණා. හමුදා පෙළපාලි නරඹන විට මට සිතට (ඔළුවට නොවෙයි. ඔළුවේ ඇති මනසක් නැහැ) ලෝකයේ අති භයානක ත්‍රස්තවාදයක් මුලිනුපුටා දැමුවේ මේ හමුදාව නො වේ ද යන්නයි. එපමණක් නොව ත්‍රස්තවාදයක් මුලිනුපුටා දැමීමට ලොවේ එතෙක් මෙතෙක් සමත් වූ හමුදාව මේ හමුදාවයි. හමුදාව ඒ සමත්කම දැක්වයේ ඊනියා යුද විශේෂඥයන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නොකැකි බව කැට තියා ප්‍රකාශ කර තිබිය දී. එහෙත් අවාසනාවකට එකී රොහාන් ගුණරත්නලා වැන්නන් අද ආණ්ඩුවේ උපදේශකයන් වී තියෙනවා. ඊයේ අයි එස් නායකයා ඝාතනය කළ බව බයිඩන් දැනුම් දුන්නා. අයි එස් නායකයාගේ මානව අයිතිවාසිකම් ගැන කතා නොකරන පඬි නැට්ටන්ට ප්‍රභාකරන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතා කිරීමට මෙරට නිදහස තිබෙනවා. ඒ නිිදහස බටහිර සම්ප්‍රදායකින් ලැබුණක් නො වෙයි. එ තමයි සිංහල සම්ප්‍රදාය.
කාදිනල්තුමා රාජ්‍ය නිදහස් උත්සවය වර්ජනය කරලා. එතුමා ඒ බව නොකියන්න එය කිසිවකුට නොදැනෙන්න ඇති. එතුමා අද පොලිස්පති නීතිපති පමණක් නොව විනිසුරු පදවි ද දරණවා ද කියා අහන්න වෙනවා. අපට එතුමාගෙන් තමයි අහන්න වෙලා තියෙන් අහවල් අහවල් වරදට වැරදිකරුවන් කවුරුන් ද කියා. එහෙත් ජනමාධ්‍ය අපේ අදහස්වලට ප්‍රචාරය දෙන්නේ නැහැ. අප කිහිප දෙනකු එක් වී කාදිනල්තුමාගේ ප්‍රකාශ ගැන මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. ජනමාධ්‍ය ඒ මාධ්‍ය සාකච්ඡාවට එතරම් ප්‍රචාරයක් දුන්නේ නැහැ. දෙරණ ඒ ප්‍රචාරය කෙළේ මගේ කතාව සම්පූර්ණයෙන් ම කපා දැමීමෙන්. දෙරණට අරුණට අනුව මා වැදගත් දෙයක් කියන්නේ නැහැ. ඔවුන් ජාත්‍යන්තර ගණයේ විද්‍යාත්මක මාධ්‍යවේදීන්. මා දන්නා විද්‍යාවක් නැහැ.
ඒ කොයිහැටි වුවත් කාදිනල්තුමාගෙන් හා අනෙක් අයගෙන් අහන්න මට ප්‍රශ්නයක් තියෙනවා. අද අප නිදහස දිනාගත් දිනය නම් අපට නිදහස නැති වුණේ කවදා ද? 1815 මාර්තු දෙවැනි දා කියන්න පුළුවන්. ඒත් අපට නිදහස නැතිවෙන්න පටන් ගත්තේ කවදා ද? කතෝලික පෘතුගීසීන් මෙරටට පැමිණි දා ද? සිංහලයන්ට පළමුවෙන් ම නිදහස නැති කෙළේ කතෝලික පෘතුගීසීන් ද? ඊට ටික කලකට පෙර මෙරටට පැමිණ සිටි මුස්ලිමුන් වෙනත් රටවල කෙසේ වෙතත් මෙරට සිංහලයන්ට නිදහස නැති කිරීමට මුල දී කටයුතු කෙළේ නැහැ. පසු කලෙක නම් ඉංගිරිසින් ඔවුන් යොදා ගත්තා.
කතෝලික පෘතුගීසීන්ගෙන් පසුව රෙපරමාදු ලන්දේසින් (අද නෙදර්ලන්ත උපාධි කම්හලේ නායකත්වයෙන් තවදුරටත් කෙරෙන) ඇංග්ලිකන් ක්‍රිස්තියානි ඉංගිරිසින් සිංහලයන්ට නිදහස අහිමි කිරීම දිගට ම කරගෙන ගියා අදත් කරනවා. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන උපාධි කම්හල් ඒ සඳහා යොදා ගන්නා මෙවලම් පමණයි. අපට බටහිර දැනුමෙන් නිදහස් වීමට තව සෑහෙන කාලයක් ගතවේවි. ඒ ඊනියා සමාජයීය විද්‍යාවන්හි මහිමය නිසා නො වෙයි. ඒ ඊනියා සමාජයීය විද්‍යා බංකොළොත් දැනුම් පද්ධති පමණයි. බටහිර දැනුම ඒ සමාජයීය විද්‍යාවන් මගිනුත් අපට පටවන්නේ බටහිර තාක්‍ෂණයේ බල මහිමයෙන්. අද බටහිර විද්‍යාව කඩා වැටිලා. බටහිර තාක්‍ෂණය පමණක් තවමත් නව නිපැයුම් ලොවට දෙනවා. අලි හෙම්බිරිස්සාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දේ හා මෙරට මහජන උපයෝගිතා කමිටුව කියන දේ අතර එතරම් වෙනසක් නැහැ. තමන් කියන්නේ මොකක් ද කියා ඒ දෙගොල්ලන් ම දන්නේ නැහැ. මනස ඇත්තේ කොහේ ද යනුවෙන් මා ඇසූ ප්‍රශ්නයට තබා ඊනියා ගුරුත්වාකර්ෂණ බලය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකට ද යන සුළු ප්‍රශ්නයටවත් කිසිවකුගෙන්වත් පිළිතුරක් නැහැ. නාථ දෙවියන් ගැන පඬි කතා කීමට පෙර මා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න.
බටහිර ගණිතය ස්වසිද්ධි මත පදනම් වෙන්නෙ. ඒ ස්වසිද්ධිවල ඊනියා නිරවද්‍යතාව ගැන කවුරුන්වත් අහන්නෙ නැහැ. ඒ උපකල්පන පමණයි. බටහිර යුක්ලීඩිය ජ්‍යාමිතිය පදනම් වන්නෙ ඊනියා දාර්ශනිකයන් කියන අන්දමට ත්‍රිකෝණ හරි වෙනත් බහුඅස්‍ර හරි මත නොවෙයි. ත්‍රිකෝණත් ඇතුළු යුක්ලීඩිය ජ්‍යමාතිය පදනම් වන්නේ වෙනත් ස්වසිද්ධි මත. එ ස්වසිද්ධිවලින් ඉතා ම ප්‍රසිද්ධ එක අර සමාන්තර අක්‍ෂ ස්වසිද්ධිය. ඒ ස්වසිද්ධිය වෙනස් කළොත් නිර්යුක්ලීඩිය ජ්‍යාමිති ලබා ගන්න පුළුවන්. අයින්ස්ටයින්ගෙ සාධාරණ සාපේක්‍ෂතාවාදය පදනම් වන්නෙ එවැනි නිර්යුක්ලීඩිය ජ්‍යාමිතියක් මත. එහි ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 නො වෙයි.
බටහිර සෑම දැනුමකට ම මුලක් තියෙනවා. බටහිර දර්ශනයටත් තියෙනවා. මහා පොළොවේ යථාර්ථයක් ගැන පඬි නැට්ටන් කියවනවා. දර්ශනයේ පදනම පොළොව ද? පොළොව කියන්නෙ මොකක් ද? එය සංකල්පයක් නො වෙයි ද? එහි පදනම කුමක් ද? බටහිර දැනුම ඇරිස්ගේ දැනුම මේ සියල්ලට මුලක් තියෙනවා. ඒ මුල අර්ථදැක්වෙන්නෙ නැහැ. එහෙමත් නැත්නම් නිර්වචනය කෙරෙන්නෙ නැහැ. ඒක අර පුද්ගලයා මූලධර්ම මගින් නිර්වචනය කෙරෙනවා කියන බහුබූත කතාවට තරමක් වෙනස්. යුක්ලීඩිය ජ්‍යාමිතියේ ලක්‍ෂ්‍යය නිර්වචනය කරන හැටි දන්නවා ද? ලක්‍ෂ්‍යයක් කියන්නෙ නිර්වචනය නොකරන ලද භූතාර්ථයක් (entity). පොළොව නිර්වචනය නොකරන ලද්දක් ද?
බටහිර දැනුමට රේඛීය චින්තනයෙන් හා නිර්වචනය නොකරන ලද භූතාර්ථවලින් ගැලවෙන්න බැහැ. දෙවියන් වහන්සේ තමයි පළමු සංකල්පය. එය නිර්වචනය කරන්න බැහැ. කාදිනල්තුමා නිතර අහන්නෙ මහා මොළකරු කවුද කියලා. එතුමාටත් ඕන මුල දැන ගන්න. ඒත් දෙමළ ත්‍රස්තවාදයෙ මුල ගැන එතුමා ඇහුවෙ නැහැ. ඇතැම් කතෝලික පූජකවරුන් දෙමළ ත්‍රස්තවාදයට උදවු කිරීම ගැන එතමා විනිශ්චයක් දුන්නේ නැහැ. අපට එච්චර මුලක් ඕන නැහැ. සිංහලයන්ට නිදහස නැති වෙන්න පටන් ගත්තෙ කොහොම ද කියල දැන ගන්න පුළුවන් නම් ඒ ඇති. බටහිර දාර්ශනිකයන්ට පොළොව නිර්වචනය කරන්න බැහැ. බටහිර ගණිතයෙ ලක්‍ෂ්‍යය නිර්වචනය කරන්න බැහැ. යම් සංකල්පයක් නිර්වචනය කරන්න වෙන්නෙ තවත් සංකල්පවලින්. එතකොට එ සංකල්ප. බටහිර දැනුම කියන්නෙ වැලි ගොඩක් මත නිර්මාණය වූ වැලි මාළිගාවක්. එය සමහර වෙලාවට වැඩ කරනවා. එච්චරයි. ඒකට කමක් නැහැ. කාදිනල්තුමා රාජ්‍ය නිදහස් උත්සවයට සහභාගි නොවූයේ අපට නිදහස නැති වෙන්න පටන් ගත්තෙ කොහොමද කියල දන්න නිසාවත් ද?
පොඩි කරුණක්. මේ ලිපි පළවෙන්නෙ අප මිලට ගන්නා වෙබ් අඩවියක. එයට අමතරව සකර්බර්ග්ගෙ පිටුවකත් පළවෙනවා. මා මේ ලිපි පනස් දෙනකුට පමණ දිනපතා හරි විටින් විට හරි යවනවා. එය ඔවුන්ගේ නිදහසට බාධාවක් කියා මට මේ නිදහස් දිනයේ හිතුනා. මින්මතු එ අයට ලිපි එවන්නේ නැහැ. අවශ්‍ය නම් සකර්බර්ග් පිටුවට හරි කාලය වෙබ් අඩවියට හරි යන්න පුළුවන්.

නාවික හමුදාවේ අසපුවෙක් වන දර්ශන ජයනාත් නමැත්තාගේ ප්‍රශ්න යට ප්‍රශ්න වැලක්ම

දර්ශන ජයනාත් කොටි ත්‍රස්තවාදය හමාර වෙන බව දුටුවාම වහාබින් අයිසිස් සහ නැගෙනහිර මුස්ලිම් කරණය කලේ නාවික කතෝලික ආණ්ඩුකාරයෙක් ගෙ කාලෙ නේද? මුහුදු මහා විහාරයේ දුක එයම නේද විල්පත්තුවෙ දුක එයම නේද ශරියා සරසවි හිස්බුල්ලාල සහරාන්ලා පාස්කු ප්‍රහාර වල මුල එය නේද?

දර්ශන ජයනාත් මට හමුදාව එක්ක ගැටලුවක් කිව්වා නේද? ඒ මට නොවේ බහුතර බෞද්ධ තරුණයෝ ජවිපෙ ලෙසට හංවඩු ගසා බූස්ස කඳවුරේ දෙතිස් වද දී මැරුවේ ඔය චාර්ගී ගාල්ලගේ නම් පිම්බුනු වීරයා ලු නේද? හැබැයි බහුතර ගම් වලින් පැමිණි රණවිරුවෝ කොටි ත්‍රස්තයන්ගෙන් රට බේරුවාමත් තරු පැළදුවේ ඔවුන් නේද?

දර්ශන ජයනාත් ගෝටා සිංහල බෞද්ධ ජනාධිපතිතුමාගෙ කකුලෙන් අදිමින් චීන භීතිකාව යවමින් ඉන්දීය රෝ ඒජන්තයෙක් සහ ඇමෙරිකන් සියා ඒජන්තයෙක් ලෙස ජාතිද්‍රෝහී මෙහෙයුමක් කරන කතෝලික හෝ බෝර්න් අගෙර්න් කොලඹගේත් විශ්‍රාමික හමුදා තරුවක් නේද?

ආදර්ශමත් දේශපාලාඥයින්ගෙන් පිරි ගෙරවණිය පාර්ලිමේන්තුවක් කරා,

හිටපු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය

1995.11.16 දින පාර්ලිමේන්තුව අමතා කළ කතාව.

ගරු කථානායකතුමනි,

යවැය ලේඛනය පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරමින් මෙම Cසභාවේ කාලය ගැනීමට මා බලාපොරොත්තු වන්නේ නෑ. තරමක කාලයක් තිස්සේ මට මේ සභාවට කිව යුතුව තිබූ ඉතා වැදගත් කරුණක් තිබෙනවා. මෙම සභාවේ ජ්‍යෙෂ්ඨතම වූ ද වැඩිම කාලයක් සේවය කර ඇත්තා වූ ද පාර්ලිමේන්තු සභිකයා මා යයි මා හිතනවා. මේ මා සිටින්නේ සය වැනි පාර්ලිමේන්තුවේයි. එබැවින් මට මා මේ කියන කරුණ ප්‍රකාශ කිරීමට අයිතියක් තිබෙනවා. ඒ මොකක් ද? මෑත දී අප මන්ත්‍රීවරුන් හැසුරුන ආකාරය ගැන මා බෙහෙවින්ම විමතියට හා බයට පත් වුණා. මා කතා කරන්නේ විරුද්ධ පක්ෂය ගැන පමණක් නොවෙයි. දෙපාර්ශවයම ගැනයි. අපි පාර්ලිමේන්තුවේ හැසිරෙන පිළිවෙළ ගැන අසා මහජනතාව මහත් සංවේගයට හා පිළිකුලට පත්ව සිටිනවා. මෙය ගෞරවනීය ස්ථානයක්. මෙය රටේ ජනතාවගේ ව්‍යවස්ථාදායකයයි. එබැවින් ඔබ සැම මෙම සභාවේ ගෞරවය රැකිය යුතුයි.

ගරු කථානායකතුමනි,

රවය රැක ගත යුතුව තිබෙනවා. රට යැවේ. ඔවුන්ට උවමනා

ඔබ හා අප සියල්ල මෙම සභාවේ ගෞරවය රැක ගත යමහජනයා මොකද අපව පාර්ලිමේන්තුවට යැව්වේ. ඔවුන්ට කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්න නිරාකරණය කරවා ගැනීම මිස,එක් කෙනාට එරෙහිව අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට , වචනවලින් බැන වැදීම නොවෙයි. අපට අමතක වෙනවා මහජන ගැලරියේ සිට අප දෙස බලා සිටින බව. විශේෂයෙන්ම පාසල් ළමුන්. ඔබ ඔවුන් ඉදිරියේ ආදර්ශමත් ලෙස හැසිරෙනවා ද? ඔවුන් මෙහි පැමිණිලා අපේ කටයුතු ගැන බලාගෙන සිටිනවා. පුදුමයක් නොමෙයිනෙ අද පාසල් හා විශ්ව විද්‍යාල මේ තත්ත්වයේ තිබීම. අප රටේ ව්‍යවස්ථාධායක වන මෙම සභා ගර්භයේ අවිනීත ලෙස අපි හැසිරෙන විට විශ්ව විද්‍යාල සිසුන් හා පාසල් සිසුන් හොඳට හැසිරෙන බවට අප බලාපොරොත්තු වන්නේ කෙසේ ද? එම නිසා අපි ඉගෙන ගන්ට ඕනෑ මීට වඩා හොඳින් හැසිරෙන්න. අප නරක භාෂාවෙන් එකිනෙකා අතර දැන ගැනීම් ඇති වුණා. අසභ්‍ය වචන පාවිච්චි කළා. මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් අසභ්‍ය වචන පාවිච්චි කළා. මෙසේ කෑකෝ ගසන විට මන්ත්‍රීවරුන්ට කතා කරන්න බෑ. ඔවුන්ගේ කතාවලට තදින් බාධා ඇති වෙනවා. ගරු මන්ත්‍රීවරයෙක් තවත් මන්ත්‍රීවරුන්ට අප්‍රසන්න වන යමක් කීවොත් ඔවුන් කෑක්කා ගසා ඒ අවස්ථාවේ දී කතා කරමින් සිටින තැනැත්තාට බාධා කරන මෙය එක් කරුණක් තමයි මා මෙම සභාවට නිතරම නොපැමය සිටීමට හේතුව වී ඇත්තේ .

මෙම සභා ගැබ තුළ සිදු වන කරුණු පිළිබඳව මා බෙල්ල Oසතුටට පත් වන අතර කලකිරීමට ද පත් වෙනවා. ? තත්ත්වය අවුරුද්දෙන් අවුරුද්දම ප්‍රපාතයටම යනවා. අපේ

මා අවුරුදු 40 ක් පමණ ගතවී තිබෙන මේ අවස්ථාQ කියන්නට කැමැතියි මේ තාක් කල් මා ද මෙම සහා බම ඉතා ගෞරවාන්විත බව. නිදසුනක් පාතයටම යනවා. අප නිදහස්

වශ‍ෙය ලීවරුන් කම තාක් කල් මමන මේ අවශ්ය මා ද මෙම සභාවේ හිටියා.

ගරු මන්ත්‍රීවරුන් කතා කළේ ඉතා ගෞTO) මගින් ඇතැම් කථිකයන් නම් වශයෙන් කියනවා නම් කොල්වින් ආර්. ද සිල්වා මහතා, ආචාර්ය එන.? කියනවා නම් ආචාර්ය 2. එම්. පෙරේරා පීලින්සේ

ඩයස් බණ්ඩාරනායක මහතා සහ මගේ දිවංගත ස්වාමිපුරුෂයා. ඔහුගේ කතාවලට සවන් දීමට මා පාර්ලිමේන්තුවේ සිටියේ නෑ, ජී.ජී. පොන්නම්බලම්, සිවසිතරම් වැනි මහතුන් ඉතා ගෞරව සම්ප්‍රයුක්තව ඉතා හොඳ කතාවල් පැවැත්වුවා. එහෙත් අද අපේ කථිකයන් ගැන එබන්දක් කිව හැකි ද? එම නිසා අප තීරණය කළ යුතුයි. අප මේ පාර්ලිමේන්තුවේ රැඳී සිටිනවා ද නොඑසේ නම් එය අත හැර දමා යනවා ද කියා. අපට මනාව හැසිරෙන්නට බැරි නම් අපි පාර්ලිමේන්තුවෙන් අස්වී යා යුතුයි. ඔබ සියලු දෙනාම මෙම පාර්ලිමේන්තුවේ නොසිට යා යුතුයි. රස්තියාදුකාරයින් වගේ නොහැසිරිය යුතුයි. ඒක තමයි අද වෙලා තියෙන්නේ. ගරු කථානායකතුමනි, මා මේ සතා ගරයේ සිටින දෙපක්ෂයේම ගරු මන්ත්‍රීවරුන්ට දොස් නගනවා. ඒ පැත්තට හෝ මේ පැත්තට යනුවෙන් එක් පැත්තකට පමණක් නොවෙයි මන් ද? අපේ සමහර මන්ත්‍රීවරුන් වැඩි හොඳින් හැසිරෙන්නේ නෑ. මට කියන්න කනගාටුයි ඔවුන් විවේචනයට කැමති නෑ. ඔවුන් කෑකෝ ගසමින් කථිකයාගේ කට හඬ යටපත් කිරිමට උත්සාහ කරනවා. එය නෙවෙයි ඔවුන්ගෙන් ඉටු විය යුත්තේ. ඇයි මහජනතාව අපව පාර්ලිමේන්තුවට යැව්වේ? ජනතාව වෙනුවෙන් ප්‍රයෝජනවත් සේවයක් ඉටු කිරීම සඳහායි. එසේ නොමැතිව කෑකෝ ගසමින් වගකීමෙන් තොර වූ ක්‍රියාදාමයන්වල යෙදීමට නොවෙයි.

මහජනතාව අප කෙරෙහි තබා ඇති විශ්වාසය නැති කරගන්නට

හොඳ නෑ. වැඩි කල් යන්ට ප්‍රථම අපි ඡන්දය ඉල්ලා ඔවුන් ඉදිරියට යන්ට අදහස් කරනවා නම් මෙම රටේ ජනතාව විශේෂයෙන්ම තරුණ පෙළ අපේ බෙලෙන් අල්ලා තල්ලු කර දමන්ට පුළුවන්. අපේ ක්‍රියා කලාපය වෙනස් කර නොගතොත් 1971 කැරැල්ල වගේ තවත් කැරැල්ලක් එන්ට පුළුවන්. මෙහි කෙරෙන වැඩ ගැන මහජනතාව හරිම කම්පාවකින් පසු වන්නේ.

සියලු දෙනාම බලාගෙන ඉන්නේ පාර්ලිමේන්තුව දිහා මන්ත්‍රීවරුන් කතා කරන්නේ මොනවා ද? කුණුහරුප කේන්ද? මෙහෙම තමයි ඔවුන්

ස්ථානයට අප එවා ත් සිට හොඳ ආදරයක් ත් මට විශ්වාසයි තවත්

( එය තමයි කළ

කියන්නේ. පාර්ලිමේන්තුව වැනි මෙම පාරිශුද්ධ ස්ථානයක තිබෙන රටේ මහජනතාව ඉදිරියේ අවධානයෙන් සිට හොල නොතැබුවහොත් වැඩි කල් යන්ට මත්තෙන් මට වි කැරැල්ලක් ඇති වන බවට. මෙම සභාවේ ගෞරවාන්විත , පාරිශුද්ධතාවයත් අප විසින් පවත්වාගත යුතුයි. එය එස යුතේ. එසේ නොමැතිව මෙම පාර්ලිමේන්තුවට පැමි, . විලාශයකින් හැසිරෙමින් නිෂ්ඵල දේවල් කතා කිරීම අත්හර ම. යුතුයි. ඇතැම් විට අපේ දරුවන් ඉදිරියෙහි පාවිච්චි නොකරන භාෂාව පාර්ලිමේන්තු සභා ගැබේ දී අප පාවිච්චි කරනවා. පාසල් ළමුන් මෙහි පැමිණෙනවා. අපි මෙම පාසල් සිසුන්ට ආදර්ගයක් වන අන්දමට හැසිරෙනවා ද? ඔවුන් තමයි අප රටේ අනාගත නායකයන් කවදා හෝ ඔවුන් මෙම පාර්ලිමේන්තුවට එන්ට පුළුවන්. එම නිසා අප ඔවුන්ට ආදර්ශයක් විය යුතුයි.

එය තමයි අපේ තේක්ෂාව විය යුත්තේ. දැන් අපි තවත් අලුත් අවුරුද්දකට එළඹෙමින් සිටිනවා. ඒ 1996 යි. මේ අලුත් අවුරුද්දේවිත් අප සැවොම දැනට වඩා හොඳින් හැසිරීමට අධිෂ්ඨාන කර ගනිමු. මගේ උගුර හොඳ නෑ. මා හිතුවා අද මට කතා කරන්න බැරි වේය කියා. භාග්‍යයකට මෙන් තාමත් අමාරුවක් දැනුණේ නෑ. එම නිසා මා උණු වතුර උගුරක් බීලා කතා කරන්නම්. ඉතින් අපි අධිෂ්ඨාන කරපු මා මේ කියන්නේ සභාවේ සිටින දෙපිලේ ගරු මන්ත්‍රීවරුන්ට – අපි අලුත් අවුරුද්ද ලබන විට මෙම පාර්ලිමේන්තුව මීට වඩා

මිලතුවක් කළ යුතුයි. වඩාත් ශිෂ්ට සම්පන් පාර්ලිමනට කරන්න ඕනෑ. එවිට මෙහි පැමිණෙන ඕනෑම කෙනෙකුට

තොර අපේ පාර්ලිමේන්තුව පිළිබඳ හොඳ හැඟීමක් යන්නට පුළුවනි.

ම කෙනෙකුට ලැජ්ජාවෙන්

ගරු කථානායකතුමනි,

ඔබ මිට වඩා තදින් සිටිය යුතුයි. මා එසේ කියන කියා කතාකරනවා යන නෙවෙයි. මා ඔබව වන්නේ නොස්වෙයි. ඔබ තදින් සිටින්නේ නම් ගම් සභාව ම නගා ස්ටෙනවා ඇති. ඔබ ඔවුන්ට නිදහස දෙ

.වයිඔබ තනි

තෙවෙයි. මා ක න

යන්නේ ඔබ තදින්

විවේචනය කරනවා ම සහාව මීට වඩා විනය

ගස දෙනවා වැඩියි.


සිරිමාවෝ බණ්ඩාරනායක ඝාතනාවලෝකනය කථානායකතුමා වඩාත් දැඩි විය යුතු අතර අපි සියලු දෙනාම මේ අන්දමින් නොහික්මුණු ලෙස ක්‍රියා කිරීම අත් හැර දැමීමට අධිෂ්ඨාන කරගත යුතුයි. අපව පාර්ලිමේන්තුවට එවූ රටේ මහජනතාවට ආදර්ශයක් විය යුතුයි. ඔවුන් අපව මෙහි ඡන්දය දී එවා තිබෙන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමටයි. අපි මෙහි රන්ඩු සරුවල් කරන එක වැරදියි. සමහර අවස්ථාවල දී අතින් පයින් ගහ ගන්නවා. මට මතකයි ඩඩ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍යතුමා වශයෙන් සිටින අවදියේ. හැබැයි මීට වඩා ගෞරවනීය අන්දමින් මෙම සභා ගැබ මැදින් ගොස් අපේ එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තදින් පහර දීමට සූදානම් වුණා. එතුමා ඇසුවා “මොකක්ද කිව්වේ”. කියා. එසේ කියාගෙන අත මෙහෙම කර ගෙන ආවා. නමුත් එය අද කරනවා වගේ නොවෙයි. එය එතුමාට කළේ ඉතා ගෞරව සයුක්තවයි. ඩඩ්ලි සේනානායක මහතා වැනි ඉතා හොඳ කථිකයන් එකල සිටියා. ජී.ජී. පොන්නම්බලම් මහතා සහ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ද අනික් අයයි. ඔවුන්ට සවන් දීගෙන සිටීම හරි සතුටක්. සමහර අවස්ථාවල දී මා ගැලරියට ඇවිල්ල ඉඳගෙන ඔවුන්ගේ කතාවලට සවන් දෙනවා. නමුත් අද එම තත්වයම බව කියන්න පුළුවන් ද? අපේ ගරු මන්ත්‍රීවරුන් ගැන කථිකයන් එක්කෙනෙක් දෙනෙක් හැර අපි කතා කරන්නේ පළක් නැති දේවල්. පුද්ගලයන්ට බැණ වදිනවා මෙලෙස. මේ සභා ගැබ පාවිච්චි කරන්නේ අපේ විරුද්ධකාරයන්ට බැණ වදින්ටයි. මෙම සභාව පවත්වන්නේ ඒ සඳහා නොවේ. අප බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කියන්නේ “පාර්ලිමේන්තු මැණියෝ” කියායි. ඔවුන් හැසිරෙන්නේ

මේ වාගේ ද? ශ්‍රීමත් ඇන්තනි ඊඩ්න් සුවස් ප්‍රශ්නය පිළිබදව ඉල්ලා අවූ අවස්ථාවේ මා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටියා. මා එහි සිටියේ මගේ ස්වාමිපුරුෂයා සමගයි. ඒ මන්ත්‍රීවරුන්ට පවා ඉද ගැනීමට ආසන තිබුණේ නෑ. සමහරු වාඩි වුයේ පඩි උඩයි. මන්ත්‍රී මණ්ඩලයේ එතරම් විශාල සංඛ්‍යාවක් සිටිනවා. ඒ සියලු දෙනාටම ආසන සපයා නෑ. ඔවුන් කෑකෝ ගසන්නට වුණා. නමුත් නරක වචන පාවිච්චි කළේ නෑ. ඒ හැසිරීමත් අපට ආදර්ශයක්. අපි එයට කියන්නේ “පාර්ලිමේන්තුවල පච” කියයි. එහෙත් අප ඔවුන්ගේ මෙම ආදරශය අනුගමනය කරනවාද?


මා හිතන්නේ අපේ පාර්ලිමේන්තුව තමයි ලෝකය, පාර්ලිමේන්තුවලින් අන්තයටම ගිය පාර්ලිමේන්තුව. ඒ ම, දී සිට අපි හැසිරෙන ආකාරය අනුව මෙම ත ත්වය ,.

මේ ළග දී සිටියි. අපි විරුද්ධ පක්ෂයේ සිටින අවධියේ වාසුදේව නානායක්කාර මහතා පඩියක් උඩ තබා ආණ ඇතැම් මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පයින් ගැසුවා. එහෙම – හැසුරුණේ. මෙය ඉතා දරුණුයි. ජනතාවද මවිතයට පත් වු – ඔවුන් ඇසුවා අපි මොවුන් පාර්ලිමේන්තුවට යැව්වේ මේකට ය. මට පිළිතුරක් තිබුණේ නෑ. එම නිසා පාර්ලිමේන්තුවේ දී අපි, හැසිරෙමු. නොඑසේ නම් මෙම පාරලිමේන්තුව හොඳින් ගෙන යා හැකි පුද්ගලයන් එවීමට ඉඩ සලසන්න ඕනෑ. එසේ නුනොත් මහජනයා අපේ බෙල්ලෙන් අල්ලා ඉවතට තල්ලු කරන්නට පුළුවන් අප එටේ තරුණ ජනතාව එය කරන්නට පෙළඹෙයි. ඔවුන් එයට තමයි සූදානම් වන්නේ. ඒ ගැන කිසිම සැකයක් නෑ. ඔවුන් කලකිරිලා ඔවුන් හිතන්නේ නෑ අපි මන්ත්‍රීවරුන් කියා. ඔවුන් හිතන්නේ අපිට පිස්සන් කොටසක් කියා.

එබැවින් අපි අදම අධිෂ්ඨාන කර ගනිමු. 1996 ට ඇ ත්තේ තව එකහමාරක් පමණයි. ඉන් පසුව උදා ව න්නේ අලුත් අවුර එවිටවත් අපි ශිෂ්ඨ මිනිසුන් ලෙස හැසිරෙමු. හොඳින් කතා කර සති භාෂාව පාවිච්චි කරමු. එකිනෙකාට බැණ වදිමින් අපි –

ක මෙන් නොහැසිරෙමු. අප මෙහෙම කළොත් මෙම පාර්ලිමේන්තුව වටිනා එකක් වනු නොඅනුමානයි.මම කතා කරන්න බලාපොරොත්තු වන්නේ නෑ.

ගරු කථානායකතුමනි, ඔබට ඉතාමත් ස්තූතියි.

කථානායක තුමා, මැතිනි, සභාවේ දෙපාවයටත් මටත් දැන් අනග පිළිබඳව ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. හෙට සිට එය හා විනය පවත්වා ගැනීමට මා සෑම උත්සාහයක්ම ද?

දුන් අනගි උපදෙස් • හෙට සිට සභාවේ නීතිය තත්සාහයක්ම දරනවා.

පර්යාප්ති ශාසනය රැක දී සම්බුද්ධ ශාසනය රකින සිංහළයෝ පින්වතුන් මය. – සාමන්ත ඒකනායක මහතා

දියුණුව යනු මිරිඟුවකි.තරගකරිත්වයකි. ඒ කෙළවර විනාශයයි.
ලෝකයේ වෙනස් වෙන්නේ යුග විදියටයි.

ක්‍රිස්තියානිය ආධිපත්තිය නැතුව එදා ධර්මාශෝක රජුගේ කාලේ වගේ ධර්ම රාජ්‍යය සංකල්පය වගේ එකක් ලෝකෙ තිබුනනං ලෝකෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි නොහිතන වෙන පැත්තකට. කෙසේ වෙතත් ලෝකය යුද්ධ වලින් නැති ව තොරව පවතින්නේ නෑ. ගැටුම් සහ යුද්ධ ලෝකය විනාශ වෙනකන් තියෙනවා.

සිංහළ ජාතිය සසුන රකිනවා කියන්නෙත් මිත්‍ය ද්රුෂ්ටියක් යන කීම විදර්ශනා වාදය තුළ ආපු තර්කයක්. සිංහල ථෙරවාදී සාසනයට ඇති තර්ජන තුළ තවදුරටත් විදර්ශනාවෙන් වැඩක් නැත.

සසුන අප රකිනවා නොව සසුනෙන්ම අප රැකෙනවා යන තර්කයත් විදර්ශනාව මුල් කරගෙන ආපු තර්කයක්. සිල්වත් භික්ෂූන් ඇති තාක් කල් සසුන පවතිනවා යන තර්කයයි ඒ දෙකේම තියෙන්නෙත්.

ඔය සියලු තර්ක පරාජය වෙලා තමයි මුලින්ම පරියාප්ති සාසනය රැකෙන්න ඕන කියලා තීරණය කරලා තියෙන්නේ.

මේ මතවාදී ගැටුම මෙලෙසම එදා අනුරාධපුර යුගයේ අගභාගයේ දී ඇති වුණා.

ධර්මාශෝක රජුගේ කාලයේ ස්වර්ණමය යුගයෙන් බැබළුණු බුදුසසුන .

පසුව ගාන්ධාර දේශයේ දී යෝනක දේශයයේදී බුදුසසුන අතුගෑවිලා ගියා.

දකුණු ඉන්දියාව පළාතෙන් බුදු සසුන අතුගෑවිලා ගියා.
උතුරු ඉන්දියාව ප්‍රදේශයෙන් බුදු සසුන ඇති නැති වෙලා ගියා.
ඉන්දුනීසියාව පැත්තෙ තිබුන බුදු සසුන නැතිවෙලා ගියා.

මේ සියලු දේවල් ම වුණේ විදර්ශන වාදින් මාර්ගඵල ලාභීන් ද ඉඳිද්දි යි.

ඉන්දියාවෙන් සම්පූර්ණයෙන්ම බුදු සසුන වැනසෙන්න ප්‍රධානම හේතුව බ්‍රාහ්මණ යින් නැවත නැගී සිටීමයි. මුස්ලිම් බලපෑම එන්නේ දෙවනුවයි.

ප්රොක්සි යුද්ධය එනම් බළල් අත් යුද්ධය මුලින්ම ආවේ බ්‍රාහ්මණයින් සහ හින්දුන් විසින් මුස්ලිම්වරුන්ව එතෙක් අභියෝගයක්ව තිබූ බුදු දහම වෙනස් වැනසීමේ අරමුණු කරා යොදවා ගැනීමෙන් ය. එසේ බුදු දහම සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් නැත්තටම නැති වෙලා ගියා.

ඉන්දියාවටත් වඩා අභියෝග ආක්‍රමණ සියල්ලම සිදු වෙද්දීත්
සිංහල රටේ බුදු දහම ඉතුරු උනේ ඇයි ? කොහොමද ?

ඒකට හේතුව තමයි එදා භික්ෂූන් එක්ව කතිකාවත කින් ගත්තු තීරණය.

සෑම ආගමකටම තම ආගමේ පැවැත්ම වෙනුවෙන් සටන් කමයක් යුදමය පැත්තක් හඳුන්වා දීලා තියෙනවා. එසේ වුවත් බුදු දහමේ එහෙම දෙයක් නෑ.

බුදුන්වහන්සේ බුදු සසුන රැක ගැනීමේ පැත්තක් දේශනා කරල නෑ. බුදුන් වහන්සේගේ සියලුම දේශනා නිවන අරමුණු කරගෙන විතරයි තියෙන්නේ.කොයි පැත්තෙන් කැරකිලා වත් නිවන ගැනයි දේශනය යන්නේ. බුදුන් වහන්සේගේ දේශනා කොටස් වශයෙන් ගෙන අර්ථ කථන සැපයීමට බොහෝ දෙනා උත්සහ කලත් එය වැරදි විය හැක සමහර අවස්ථාවලදී .සමස්තයක් ලෙසයි බුද්ධ දේශනාව දකින්න ඕන. බොහෝ දේශනා තියෙන්නේ නිවන අරමුණු කරගෙන ම යි. මොකද වැඩිම ත් දේශනා කරලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා ටයි.
ගිහියන්ට දේශනා කරලා තියෙන්නෙත් දැහැමි අල්පේච්ඡතාව යයි.

බුද්ධ දේශනාවේ සර්වාගමික කතාවක් දේශනා කරලා නෑ. වගේ?

ලංකාවේ පමණක් බුදුසසුන රැකුනේ සිංහල ජාතිය නිසයි. සිංහල යාන්ත්‍රණය සිංහල ක්‍රමවේද තුළයි.

බොරැල්ල බෝම්බය කාදිනල්තුමාගේ false flag operation එකකි. දොස්තර කළ පාපොච්චාරණය මේ කතාවේ ම දිගුවකි. එය මහමොළකරු කාදිනල් බේරා ගැනීමයි. පාපොච්චාරණය යනු පරීක්ෂණ නැවැත් වීමට හේතුවක් කරගත්තා. අල්ලන්න ඕන මහමොළකරුයි. හිමිවරු හිරේ දාන බෞද්ධ රටේ බීස්කු වරයා දිගටම ත්‍රස්තවාදය සහ බෙදුම්වාදයට හිරිකිතයක් නැතිව සම්බන්ධ බව හෙලි වුවත් ඔහුව හිර කිරීමට බය ඊනියා ජාත්‍යන්තරය ට බය නිසාද?

එදා සිංහල ක්‍රමය සහ නීතිය තුල විදේශිකයින් ආක්‍රමණිකයින් දෙමළුන් සිංහලකරණය උනේ පන්සලේ ඇබිත්තයා වැඩේ කර ආවතේව වලින් කුසල් ද උපනිශ්රය කරගෙනයි. දැන් කතෝකිතුඑවන්ජලික යෝ ඒ වැඩේ කරමින් අපේ ආරණ්‍ය හාමුදුරුවෝ ට බටහිර පල්ලි ක්‍රමය ආරෝපණය කරවති. බුදු දහමේ සරල අල්පේච්ඡ බව අත හැර ලව්කික කෙලෙස් ඇති කරවා සසර ගමණද දිගු කරවති, බුදු දහම කොටස් කර විකුණා බටහිර පල්ලියේ පැවැත්ම හදා දීමට සහාය දී ශාසන භක්ෂක වැඩේ ද කරති. අපට වැටහෙන ප්‍රකට වෙන ඒ සත්‍ය නොතේරෙන ආරණ්‍ය සේනාසන වාසී හිමිවරු තොත්ත බබාලා විය නොහැක.

සිරිල් ගාමිණි පාදිලි වරයා විසින් සම්බුද්ධ ශාසනයට රිංගවූ කඳ පණු චීවරවෙස්ධාරීන් කිරුලපණ ධම්මවිජය නොහොත් නවීන් චන්දිමාල්

කිසිදා ඇති නොවන සම සමාජය – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

මේ ලිපිය තරමක් ප්‍රමාදයි. විවිධ කාලීන කරුණු ගැන ලිපි ලිවීමට සිදු වූ බැවින් වමක් නැති වමාලා ගැන ලිපිය ප්‍රමාද වුණා. මෙය පසුගිය දෙසැම්බර් 10 වැනි දා, නොවැම්බර් 24 වැනි දා හා අදාළ ලිපි සමග සම්බන්ධයි. වමක් නැති වමාලා වැඩක් ඇතැයි සිතන වැඩක් නැති අය ද වෙනවා. සකර්බර්ග් අනාථ කඳවුරේ මේ වැඩක් නැතිව කුරුටු ගාන වමාලා දැක ගත හැකියි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් වන ඔවුන් බයියන් ටොයියන් සහ තවත් අය අතර දැක ගන්න පුළුවන්. සකර්බර්ග් නැත්නම් මොවුන් ගැන කිසිවකුට මතකක් නැති වෙන්න තිබුණා.

අප ජීවත්වන්නේ විෂම සමාජයක. ඇති නැති පරතරය ඉතා ඉහළයි. එදත් අදත් ලෝකයේ බොහෝ රටවල එසේමයි. ලන්ඩනයේ උමං දුම්රියපොළවල හා තවත් තැන්වලත් එක්සත් ජනපදවල විවිධ ප්‍රදේශවලත් හිසට වහළක් නැති අය දැක ගන්න පුළුවන්. ඔවුන් මේ හීතල දුරුත්ත ගෙවන්නේ ඉතා අමාරුවෙන්. බටහිර වැඩවසම් ක්‍රමයෙන් ධනපති ක්‍රමයට නිෂ්පාදනය මාරු වුණත් ඇති නැති පරතරය අඩු වෙලා නැහැ.

ලංකාවේ ඊනියා වැඩවසම් ක්‍රමයක් තිබුණේ නැහැ. එසේ තිබුණු බව දකින්නේ වමක් නැති වමාලා පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්. ඔවුන් අඩුම තරමින් මාක්ස් ආසියාතික නිෂ්පාදන මාතය ගැන ලියා ඇති දේවත් කියවා ඇති බවක් පේන්නෙ නැහැ. මෙරට තිබූ නිෂ්පාදන ක්‍රමය මාක්ස්ගේ ආසියාතික නිෂ්පාදන මාතයටවත් අයිති වෙන්නේ නැහැ. අපේ තිබුණු රාජකාරි ක්‍රමය හා නිෂ්පාදන මාතවල අයිතිය ගැන නිසි අධ්‍යයනයක් කෙරී නැහැ. අද බොහෝ දෙනාට නාමික ව හරි මෙරට පාලකයන් අයිතිකාරයන් නැති බවත් ඇත්තේ භාරකාරයන් පමණක් බවත් මතක් වෙලා. ඉඩම් අයිතිය කියා දෙයක් මෙරට තිබුණේ නැහැ. ඉඩම් භාරකාරත්වය රජුට තිබුණා. රජු සුදුසු පරිදි පන්සල්වලට ගොවීන්ට ඒ ඉඩම්වල භාරකාරීත්වය පැවරුවා.

දැනට අවුරුදු හැට හැත්තෑවකට පමණ පෙරත් සිංහලයන්ට ඉඩම් අයිතිය කියා දෙයක හැඟීමක් තිබුණේ නැහැ. මේ සම්බන්ධයෙන් නොවූවත් මා හිතන විධියට ගුණදාස අමරසේකර ලියා ඇති එක ම නාට්‍යයෙන් මේ අයිතියක් නැති බව කියැවෙනවා. මැතක් වන තුරු සිංහලයන් ඕනෑම ඉඩමක් හරහා ගමන් කෙළේ එය අයිති කාට ද යන්නක් ගැන කිසිදු හැඟීමක් නැතුව. අර 1921 පිහිටු වූ ලන්ඩන් උපාධි කඩේට යාපනයෙන් පැමිණි අය සිංහලයන් කොළඹත් තම ඉඩම් වටා වැටක්වත් බැඳ නොතිබීම පිළිබඳ පුදුමයට පත් වූ බව සඳහන් ලිපි මා කියවා තියෙනවා. මගෙන් මූලාශ්‍ර ඉල්ලන්න එපා. මා කියන දේ පඬි නැට්ටන්ට පිළිගන්න බැරි නම් ආච්චිල සීයලගෙන වැටවල් බැඳීම ගැන අහන්න. යාපනයේ තිබූ තල්වැට සිංහලයන් පොල්අතුවලින්වත් බැන්දේ නැහැ. වත්මන් අයිතිය යන සංකල්පය සිංහලයන්ට නුහුරු එකක් වුණා.

ඒ එදා. අද බොහෝ ඉඩම්, පර්චස් අටේ කෑලිත් තාප්පවලින් ආරක්‍ෂා වෙලා. අපේ ගේ වටේත් තාප්ප බැඳ තියෙනවා. එහෙත් මා හමුවීමට එක් දවසක් පමණක් පැමිණ ඇති සර්පයකු කියා ඇති අන්දමට අඩි දොළහේ තාප්පයක් නම් බැඳ නැහැ. තාප්පය අඩි හතරක් පමණ උස ඇති. සර්පයා බැලුවේ ඒ කරුණෙනුත් මා දෂ්ට කිරීමටයි. ඔහුත් ඊනියා වමෙක්. සියළු වමාලාගේ වෛරයට පාත්‍ර වීම ගැන මට ඇත්තේ නොමඳ සතුටක්. සර්පයා ඊර්ෂ්‍යාවෙන් මුසපත් ව බඩගෑමට අඩි දොළහේ තාප්ප හොයනවා. මේ පඬි නැට්ටන් ජීවත් වන්නේ වචනවල බැවින් ඔවුන්ට වචනවලින් කියැවෙන්න තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න වුවමනාවකුත් නැහැ. කවුරු හරි අර මූලධර්ම යමකු නිර්වර්චනය කරන්නේ යැයි කියන වෙළෙඳ දැන්වීම තේරුම් අරගෙන තියෙනවා ද? මට නම් ඒ සිංහල වැකිය තේරෙන්නේ නැහැ. ඒ දැන්වීම සිංහලෙන් ලියූ පඬියාත් සකර්බර්ග් අනාථයන් වගේ ම වචනවලින් එහාට යන්නෙ නැති සිංහලත් ඉංගිරිසිත් නොතේරෙන අයෙක්.

මා කියන්නේ නැහැ මෙරට පැරණි සමාජයේ ඇති නැති පරතරයක් තිබුණේ නැහැ කියා. එහෙත් අනුරාධපුරයේ මාළිගා දකින්න නැහැ. විජයබා රජුගේ මාළිගාව කියන එකක් නම් දකින්න පුළුවන්. පොළොන්නරු යුගයේ සොළි බලපෑමෙන් පසු අපට විච්චූරණ පුරුදු වෙන්න පටන් ගත්තා. අපේ සරල ප්‍රෞඪ සංස්කෘතිය පළුදු වෙන්න පටන් ගත්තා. එහෙත් නුවර යුගයේදීවත් එය නැති වුණේ නැහැ. අප දන්නේ සද්ධාතිස්ස රජු ගමනක් ගොස් ආපසු පැමිණි විට ධර්ම ශාලාවේ ඉඩ නැතිව ගල්පොත්තක වාඩි වී බණ ඇසූ බවයි.

බටහිරයන් අප සංස්කෘතිය උඩු යටි කරන්න බැලුවා. සෑම අතින් ම ඇති නැති පරතරය වැඩි සමාජයකට පදනම දැමුවා. අද ඇත්තේ ඇති නැති පරතරය ඉතා වැඩි සමාජයක්. මේ සමාජයේ ජීවත්වන ඇතැමුනට මේ ඇති නැති පරතරය නැති කරන්න හිතෙනවා. ඒ දෙආකාරයකින්. එක් කොටසක් සමාජයේ ඇති අසාධාරණය නැති කිරීමේ වුවමනාවෙන් එයට එළඹෙනවා. තවත් සමහරු ඇති අය කෙරෙහි උපන් ඊර්ෂ්‍යාවෙන ද්වේෂයෙන් ඇති නැති පරතරය සමතලා කරන්න හදනවා. ඒ අයට ඇතැම් විට කුල ප්‍රශ්න තම දෙමවුපියන්ගේ සමාජ තත්වය පිළිබඳ ප්‍රශ්න ආදිය නිසා සමාජය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ද්වේෂයක් ඇති වෙනවා. විජේවීර වටා එකතු වූ අයගෙන් අතිවිශාල බහුතරය මේ ඊර්ෂ්‍යාකාරයන්, වෛරක්කාරයන්.

ඇති නැති පරතරය මුළුමනින් ම නැති කරන්න කිසිම සමාජයකට බැහැ. එයට හේතුව මිනිසුන් පෘථග්ජනයන් වීමයි. රාග ද්වේෂ මෝහයෙන් පිරි ජනතාවක සමාජයක් සමසමාජයක් සමබිමක් කරන්න බැහැ. අර ඊර්ෂ්‍යාව ද්වේෂය නිසා ඇති නැති පරතරය නැති කරන්න උත්සාහ කරන අය යම්කිසි ආකාරයකින් බලයට පත් වුවහොත් ඔවුන් තමයි සමාජයේ ඉහළ ම වරප්‍රසාද භූක්ති විදින්නන් බව පත් වන්නෙ.

විසිවැනි සියවසේ මුල එංගලන්තයට අධ්‍යාපනය (අධ්‍යාපනය හැදෑරීමට නො වෙයි. ඒ පඬි නැට්ටන්ගේ කතාවක්) සඳහා ගිය බොහෝ අය මෙරට සමාජයේ අසාධාරණයකට ලක් වූ අය නො වෙයි. නිදහස් අධ්‍යාපනයක් නොතිබු එකල ශිෂ්‍යත්වලාභියකු හැරෙන්න අනෙක් අය ප්‍රභූ පාසල්වල ඉගෙන ගත්තේ තම දෙමවුපියන්ගේ මුදලින්. ඔවුන් ඇති නැති කෝදුවේ ඇති පැත්තේ ඉහළින් සිටි අය. පිලිප් ගුණවර්ධන හැරෙන්න අනෙක් බොහෝ අය සමාජ අසාධාරණය අත්දැක්කේ එංගලන්තයේ දී. සමාජ අසාධරණ ප්‍රශ්නය විසඳීමට ඊනියා ක්‍රමයක් කියා දුන් මාක්ස්වාදයට ඔවුන්ගේ සිත් ඇදී ගියා. පිලිප් ගුණවර්ධන නම් ඉංගිරිසි යටත්විජ්තවාදයේ රඟ මෙරට දී ම දුටු කෙනෙක්.

මේ මාක්ස්වාදීන් බොහෝ දෙනකුට ට ජාතිකත්වයක් තිබුණේ නැහැ. මා හිතන්නෙ නැහැ පොදුවේ ගත්කල ඔවුන් 1915 දී අත්අඩංගුවට ගනු ලැබූ සිංහල බෞද්ධ නායකයන්ගේ දරුවන් කියා. ඒ අත්අඩංගුවට ගනු ලැබූ නායකයන්ට තිබුණේ සමාජ අසාධාරණය පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි. ඔවුනුත් ඇති නැති කෝදුවේ ඇති කෙළවරේ සිටි අය. ඔවුන්ට තිබුණේ බුුදුදහමට කළ නිග්‍රහ පිළිබඳ කැක්කුමක් පමණයි.

ඒ මාක්ස්වාදී වම ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීමෙන් පසු නැති වුණා. අද ඉන්නා වමාලා වමක් නැතිව විවිධ විලාසිතා පස්සෙ ගිය අය. ඔවුන් ගැන ඉදිරියේ දී කතා කරමු. ඒ හුදෙක් දැන ගැනීම සඳහා පමණයි. ඔවුන්ට සමාජයට කළ හැකි බලපෑමක් නැහැ. සකර්බර්ග් අනාථ කඳවුරේ ජීවත්වන ඔවුන් රනිල්දාසගේ, බැරිම නම් ක්වොන්ටම් ජාගොඩගේ පක්‍ෂයේවත් එල්ලෙන්න හදනවා. අද වන විට එක්ස් කණ්ඩායම පශ්චාත්නූතනවාදීන් පශ්චාත්මාක්ස්වාදීන් නැත්තට ම නැති වී ගිහින්.