යාපනේ දෙමළ රාජ්‍යය හා නිජබිමක සංකල්ප සම්ප්‍රදායික දෙමළ නිජබිම ඇත්තක්‌ද? බොරුවක්‌ද?

ඊළම පිළිබඳව උතුරේ සිහිනය සඳහා පදනම වැටෙන්නේ, උතුරු පළාත සහ නැඟෙනහිර පළාත සම්ප්‍රදායික දෙමළ නිජභූමි යන සංකල්පය දෙමළ නායකයන් විසින් ප්‍රකාශ කිරීමත් සමඟය. සිංහල ජනතාව විශ්වාස නොකරන සහ දෙමළ ජනතාව විශ්වාස කරන මෙම ප්‍රවාදය එයින් ලේ විලක්‌ බවට රට පත්ව තිබිණි. සංහිඳියාවේ නාමයෙන් හෝ ත්‍රස්‌තවාදය විනාශ කළ පමණින් ඊළාම් සිහිනය බොඳ නොවී රැඳී පවතින්නේ මෙම සංකල්ප ගතවීම නිසාය. විපක්‍ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයා වන ආර්. සම්බන්ධන් මහතා විසින් පසුගිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කරන ලද්දේ තමන් ඉල්ලා සිටින්නේ ඓතිහාසිකව පැවැතෙන දෙමළ නිජ භූමිය බවය. මේ සඳහා වන ප්‍රතිඋත්තර බැඳීම් කිහිපයක්‌ ලැබී ඇති බැවින් මෙම මාතෘකාව සඳහා සංවාදයක්‌ ඇරඹීමට ‘දිවයින’ ඉඩ වෙන් කිරීමට තීරණය කළෙමු. මේ එහි පළමු වටයයි.
පසුගිය පෙබරවාරි 14 දින ඉරිදා දිවයින පුවත්පතේ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් දෙමළ රාජ්‍යයක්‌ ගැන අදහස්‌ දක්‌වා තිබිණි. එම කරුණු ඓතිහාසික මූලාශ්‍ර ඇසුරින් ගොඩනැංවුණ තොරතුරු නොව ඊළාම් සාහිත්‍යය අයත් මෑත කාලයේ ප්‍රබන්ධ කළ ඒවා වෙති. පුරාණ යාපනය (Ancient Jaffna) නමැති කෘතිය 1919 දී සම්පාදනය කළ රාසනාගයම් මුදලි විසින් ප්‍රකාශ කරන්නේ යාල්පානම් වයිපවමාලෙයි, පරරාජසේකරන් උලෙයි, වයියා පඩාල්, කයිල්‍ය මාලෙයි වැනි පොත්වල ඇති උක්‌ත කතා ගැහැනුන් තම දරුවන්ට නින්ද යනතුරු කියන ලද කතා බවය. මෙම කතා උපයෝගී කරගෙන පේරාදෙණියේ ඉතිහාස කථිකාචාර්ය කේ. ඉන්ද්‍රපාලන් විසින් ලන්ඩන් විශ්වවිද්‍යාලයට 1967 දී ඉදිරිපත් කළ ආචාර්ය උපාධිය සඳහා වන නිබන්ධනය වූ Early
Tamil Settlements in Jaffna කෘතිය සඳහා පී. එච්. ඩී. (ආචාර්ය) උපාධිය ලැබුණි. එහි කියෑවෙන්නේ 1215 කාලිංග මාඝ ආක්‍රමණයේ පටන් යාපනේ වෙනම දෙමළ රාජ්‍යයක්‌ ඇතිවූ බවය. ෙ-. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා විශ්‍රාම සුවයෙන් පසුවන 1996 දී කීවේ මහාචාර්ය කේ. එම්. ද සිල්වා විසින් තමාට විස්‌තර කළ පරිදි උතුර – නැඟෙනහිර වෙනම දෙමළ රාජ්‍යයක්‌ තිබූ නිසා 1987 ඉන්දු – ලංකා ගිවිසුමෙන් එම භූමිය දෙමළ නිජබිම ලෙස පිළිගෙන අත්සන් කළ බවය. දැන් සම්බන්ධන් මහතා ද එම කේ. එම්. ද සිල්වාගේ ඉතිහාසය පොත බලන ලෙස අපට කියයි. එහි ඇත්තේ ඉන්ද්‍රපාලන්ගේ පී. එච්. ඩී. නිබන්ධනයේ ඇති කතන්දර ඉතිහාසයයි.

1. උතුරේ දෙමළ රාජ්‍යයක්‌ පැවතුණි නම් චෝල දේශයේ (තමිල්නාඩුවේ) බදු ගොඩනැඟිලි හා මාලිගා නටබුන්, දේවාල හා කෝවිල්, ගල් කණු, සෙල්ලිපි, මූර්ති හා කැටයම් ආදී පුරාවස්‌තු ද සාහිත්‍ය කෘති ද තිබිය යුතුය. එබඳු කිසිවක්‌ යාපනේ නැත. මන්ත්‍රී මාලිගය සපුමල් කුමරුගේය. නල්ලූර් කෝවිල ඉදිකර වූයේ හයවැනි පැරකුම්බා රජුය.

2. ජැප්නා කිංඩම් යනු පෘතුගීසීන්ට සිදුවූ වැරැද්දක්‌ පමණි. ලංකාවේ සිතියමක්‌ නැති නිසා හා රටේ අභ්‍යන්තරයේ විශාලත්වය හෝ තත්ත්වය නොදත් නිසා ලංකාව විශාල අධිරාජ්‍යයක්‌ ලෙස පරංගීහු සැලකූහ. එම්පරර් ඔෆ් කෝට්‌ටේ, කිං ඔෆ් සීතාවක, කිං ඔෆ් රයිගම, කිං ඔෆ් ගම්පල, කිං ඔෆ් ජැෆ්නා ආදී නම් භාවිතා කළේ එම කිංලාගේ කිංඩම්ස්‌ ද සඳහන් කරමිනි. ඉංග්‍රීසීන් ගෙනවුත් පදිංචි කරවූ දෙමළ කතාකරන්නන් (දෙමළ හා මුස්‌ලිම්) බලාකියා ගැනීම ඔවුන්ගේ යුතුකමක්‌ විය. ඉතිහාසය ලිවූ ඉංග්‍රීසීහු සීතාවක, රයිගම, ගම්පල හලා දමා ජැෆ්නා කිංඩම් හා කිං ඔෆ් ජැෆ්නා පමණක්‌ ඉතිරි කළහ. µ්‍රeන්සිස්‌කෝ නිගරෝ පියතුමා විසින් සම්පාදනය කරන ලදුව ක්‌වේරෝස්‌ පියතුමා විසින් ප්‍රසිද්ධ කළ Temporal and Spiritual Conquest of Ceylon කෘතියේ කියවෙන්නේ කිංඩම් 14 ක්‌ තිබූ බවය. ඒ ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි.

3. යාපනය පාලනය කළේ ජැෆ්නාපටම් හි සිටි මුදලි විසිනි. යාපනය වන ලැහැබ් සහිත කැලෑවක්‌ මිස රාජධානියක්‌ නොවේ. උතුරේ වැදිආරච්චි (වඩමරච්චි) නැඟෙනහිර පස්‌හෙලපාලි (පච්චලිප්පලෙයි), දකුණෙහි තෙන් ආරච්චි (තෙන්මරච්චි) හා බටහිර වැලිගම (යාපනය) යන ආරච්චි වසම් හතර වෙරළ ආසන්නයේ තිබූ කුඩා ජනාවාස හතරයි. මුදලි යනු “මුදල්” යන අර්ථයයි. යාපාපටුනේ රේගු බදු හා වරාය බදු මුදල් අය කළ නිසා ඔහු මුදලි ලෙස හැඳින් වුණ බව ක්‌වේරෝස්‌ ග්‍රන්ථය පවසයි. මාතොටද මුදලිවරයෙක්‌ විය.

4. 1619 දී සන්කිලිගෙන් පෘතුගීසීන් යාපනය අල්ලාගත් විට ගිවිසුමක්‌ අත්සන් කරන ලදී. එය සිංහල හා පෘතුගීසි දෙබසින් සැකසිණ. සංකිලිගේ බිසව බෞද්ධ කාන්තාවකි. ඔහුගේ ඇමැතිවරු දසදෙනාම සිංහලය. අගමැති ආනන්ද අමරකෝන්ය. (ක්‌වේරෝස්‌ ග්‍රන්ථයා

5. යාපනය පාලනය කළ පෘතුගීසි කැප්ටන්ට වැඩි පැමිණිලි ගණනක්‌ ලැබුණේ පරංගි සෙබළුන් විසින් භික්‍ෂූන්ට හා විහාරස්‌ථානවලට අගෞරව හා හානි කරන බවටය. මේ බෞද්ධයන්ගේ පැමිණිලිය. (ලිස්‌බන් කෞතුකාගාර ලේඛන)

6. යාපනය මුස්‌ලිම් වෙළෙඳ නගරයක්‌ බව ක්‌aවේරෝස්‌ පවසයි. සිංහල හා දකුණු ඉන්දියානු වෙළෙඳුන්ද ඔවුන්ට සේවා සපයන්නවුන්ද මලබාර් (දෙමළ) ධීවරයන්aද, තැනින් තැන වූ ජනාවාසවල විසූහ. (ක්‌වේරෝස්‌) ගොවිතැන් ගැන සඳහන් නැත. සිංහලයන් හැරුණු විට ඉතිරි ජනගහනය වූයේ ඉඩම් අහිමි කලින් කලට එන සංක්‍රමණිකයන්ය. (ක්‌වේරෝස්‌)

7. අලිමංකඩින් දකුණෙහි සිංහල රජුගේ නිලධාරීහු පාලනය කළහ. උතුරට ගෙනගිය භාණ්‌ඩවලට බදු අයකිරීම අලිමංකඩදී සිදුවිය. යාපාපටුනින් එන දකුණු ඉන්දීය ආක්‍රමණවලට මුහුණදී පරාජය කිරීමට කිලිනොච්චි අසල රණමඩුව වැව (ඉරණමඩු) ආශ්‍රිත එම යුද ජනපදය අනුරාධපුර යුගයෙහි සිට පැවතුණි. වඩාත් උතුරේ පිහිටි සිංහලයාගේ විශාල වැව හා විශාල ජනපදය එය විය. (ක්‌වේරෝස්‌)

8. ඕලන්ද පාලනය යටතේ යාපනයේදී වෙළෙඳ බෝගයක්‌ වන දුම්කොළ වගාව අරඹන ලදී. මුලදී මේ සඳහා ඉඩම් බද්දට ලබාගත් අතර වැඩිම බදු මුදල වූ රික්‌ස්‌ ඩොලර් 4000 ගෙවන ලද්දේ රත්නසිංහ නම් අයකුටය. (හේග් කෞතුකාගාර ලිපි ලේඛන) පසුව වගාකරුවන්ට ඉඩම්වල අඛණ්‌ඩ අයිතිය ලබාදීම සඳහා 1707 දී “තේසවලමෙයි” නීතිය ඇතිකෙරිණි.

9. ඕලන්ද පාලන සමයේ නැඟෙනහිර පළාත පූර්ණ සිංහල පළාතකි. ෂෂ රාජසිංහ විසින් ත්‍රිකුණාමලයේ ත්‍රිකෝණ කොටුව (ගලේ කොටුව) බඳින ලදී. මේ අසල කොට්‌ටියාරයට ගොඩබැසි රොබට්‌ නොක්‌ස්‌ පියපුතුන් කැඳවාගෙන ගියේ මහනුවර රජු වෙතටය.

10. 1761 යාපනේ දක්‌වන ඕලන්ද සිතියමෙහි චාවාකච්ෙච්රිය අසල (තෙන් ආරච්චි ජනාවාසයේ) කුඩා වැව් 21 ක්‌ දක්‌වා ඇත. මේ තනි සිංහල ජනපදයකි. එමෙන්ම තම දේශසීමාව වූ අලිමංකඩ අසල ඕලන්ද බලකොටුව සිතියමෙහි දැක්‌වේ. ඉන් දකුණ රජුගේ පාලනයයි.

11. මහනුවරට විරුද්ධව ඕලන්දයන් කළ ආක්‍රමණ අසාර්ථකවීම නිසා ජාන් මක්‌කාර් ඕලන්ද නිලධාරියා කළේ දෙමළ අය ලවා වැරදි ඉතිහාසයක්‌ ලියවීමය. ඉල්ලීම පිළිගත් මයිල්වාතනම් පුලවර් විසින් යාල්පානම් වයිපව මාලෙයි ලියා තෑගිබෝග හා මුදලි තනතුරක්‌ද ඕලන්දයන්ගෙන් ලබාගනී. 18 සියවසේ යාපනවාසීන් දැන සිටි කරුණු විජය කුමරුගේ පටන් දක්‌වන්නට ගොස්‌ පුලවර් තම කෘතිය මහා පැටලුම් ජාලයක්‌ කරගෙන ඇත. සම්බන්ධන් මහතා ඇතුළු ඊළාම්වාදීන් ඊට “දෙමළ මහවංශය” යනුවෙන් කියති. එහි එන සෑම කරුණක්‌ම ගොතන ලද ව්‍යාජ ඒවා බව ඔප්පු කළ හැක.

12. උතුරු හා නැඟෙනහිර පළාත්වල (ඊනියා දෙමළ නිජබිමේ) මුහුදුබඩ දිගට ගව්වක්‌ පළල ඇති බිම්පටියක්‌ 1766 දී හඟුරන්කෙත ගිවිසුම මගින් ඕලන්දයන් විසින් ලබාගත්තේ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙනි.

13. බ්‍රිතාන්‍ය පෙරදිග වෙළෙඳ සමාගම 1796 දී ඕලන්දයන් සතු මුහුදුබඩ ප්‍රදේශ ලබා ගැනීමේදී යාපනය හඳුන්වන්නේ යාපනේ දිසාවනිය (Jaffna Disawani) යනුවෙනි. ඕලන්දයන් පෘතුගීසීන්ගෙන් ලබාගන්නේද යාපනේ දිසාවනියයි. මේ සිංහල රජුගේ “දිසාව” නමැති යාපනය දිසාවනිය බව පැහැදිලිය.

14. 1818 ඇතිවූ වෙල්ලස්‌ස නිදහස්‌ අරගලය යාපනයටත් මුළු ලංකාවටත් තීරණාත්මක විය. තමනට අවිශ්වාසී වූ උඩරට රදල ප්‍රභූවරුන් සම්පූර්ණයෙන් වාෂ්පකර ඔවුන් තනතුරුවලින් ඉවත් කිරීම බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාර තැන විසින් කරන ලදී, ඉදිරියට පරිපාලනයට සහභාගි කරගන්නා අලුත් පංතිය උතුරේ දෙමළ කතාකරන අය අතුරින් බිහිකර ගැනීමට (Elite
class) ඇමෙරිකන් චර්ච් මිෂනාරින්ව ඉංග්‍රීසි ඉගැන්වීමට යාපනයට යෑවීය. අනාගතයේදී ලංකාවේ පාලක මධ්‍යම පන්තිය උතුරේ දෙමළ උගතුන්ගෙන් ඇති කිරීමේ එම ක්‍රියාවලිය අද ඊළාම් සටන යනුවෙන් හැඳින්වේ. 1818 අරගලය නිසා සිංහලයන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලිය එදා සිට අද දක්‌වා ක්‍රියාත්මකය.

දෙවැනි කොටස

15. 1640 ක්‌වේරෝස්‌ සඳහන් කළ යාපනේ කැලෑව 1830 ජන. 25 දිනත් එසේමය. යාපනේ කලෙක්‌ටර් (දිසාපති) කෝල්බෲක්‌ට මෙදින එය පැවසීය. ස්‌ථිර ජනගහනයක්‌ නැති රජයේ හෝ පුද්ගලික ඉඩම් නැති ගොවිතැන් නැති කැලෑවෙන් වැසුණු වාරිමාර්ග ක්‍රම නැති යාපන අර්ධද්වීපයක්‌ ගැන කලෙක්‌ට සාක්‍ෂි දී ඇත. එනිසා කෝල්බෲක්‌ යෝජනා කළේ යාපනය දෙමළ කතා කරන්නන්ගෙන් ජනාවාස කිරීම ගැනය. පාරවල් සෑදීමට දකුණු ඉන්දියාවෙන් ගෙනා දෙමළ කතාකරන අය තම 15 අවුරුදු කොන්ත්‍රාත්තුව අවසන් වූ පසු ඔවුන්ගේ රටට නොයවා යාපනේ පදිංචිකරවා ඉඩම් හිමිකම ලබාදී ගොවි උපකරණ, සතුන් හා ගොවිතැන් කිරීමේ දැනුම ලබාදීම නිර්දේශ කළේය.

ඉඩම් අයිතිය සදාකාලිකව ස්‌ථිරකර දීමට තේසවලමෙයි සම්ප්‍රදාය මෙරට නීති පද්ධතිවලට ඇතුළත් කළේ කොමිසමේ දෙවැනි කොමසාරිස්‌ කැමරන්ය. සිංහලයාගේ හිස්‌ මුදුනට මෙසේ ඇණය ගසා ඉන් නොනැවතී ලංකාව පළාත් 5 ට බෙදීය. 1833 දී ඉන් බෙදුණු උතුරු හා නැගෙනහිර පළාත් අවුරුදු 3000 ක්‌ පැරණි දෙමළ නිජබිම විය. පුදුමය නම් ජයවර්ධන ජනාධිපති එය පිළිගෙන 1987 ජුලි 29 ගිවිසුමට අත්සන් කිරීමය. ජනාධිපතිවරයකුට රට ගැන දැනුමක්‌ තිබිය යුතු බව මින් පෙනේ. ලංකාවේ මුස්‌ලිමුන් දෙමළ කතාකරන්නේ ඔවුන් පාරේ වැඩට ආ අය නිසා බවත් ඔවුන්ද පාරේ භාෂාව  කතාකිරීමට පටන්ගත් බවත් කැප්ටන් ස්‌නයිඩර් පවසයි.

16. උතුරේ බිහිවන නව උගත් මධ්‍යම පන්තියට දේශපාලන බලතලද ලබාදිය යුතු බව කෝල්බෲක්‌ දිටී. එබැවින් ආසියාවේ ප්‍රථම වරට ලංකාවේ ව්‍යවස්‌ථාදායක සභාවක්‌ ඇතිකිරීමට යෝජනා කළේය. 96% වූ සිංහලයන්ට හා 3% වූ දෙමළ කතාකරන අයට දේශපාලන සම තත්ත්වය ලබාදීම ඉන් අදහස්‌ කළේය. ඉංග්‍රීසි උගතුන් දෙමළ නිසා පරිපාලනයේ පහළ මට්‌ටමේ දෙමළ අයට ආනිවාර්යයෙන් හිමි විය.

17. 1880 දී පමණ ඉංග්‍රීසි උගත් සිංහල මධ්‍යම පන්තියක්‌ බිහිවන විට දෙමළ අය දේශපාලනයේ හා පරිපාලනයේ වැජඹුණි. 1874 පී. අරුණාචලම් කේම්බ්‍රි- එම්. ඒ. සමර්ථවී ලංකාවට ආ විට කොළඹ වරාය ජැටියේ සිට ඔහුගේ නිවසට රික්‌ෂෝව ඇදගෙන ගියේ සිංහල ප්‍රභූවරුන්ය. ඉංග්‍රීසි උපාය සාර්ථකව තිබිණි.

18. 1914 දී උගත් ලාංකිකයන්ට තම ඡන්දයෙන් මන්ත්‍රීවරයකු පත්කර ගැනීමට මැකලම් ප්‍රතිසංස්‌කරණ ඉඩදුන් විට සිංහල ප්‍රභූහු තම දොස්‌තර මාකස්‌ ප්‍රනාන්දු පරදවා පී. රාමනාදන්ව ජයග්‍රහණය කරවූහ.

19. දෙමළ නායකත්වය පිළිගැනීම හේතුවෙන් සිංහල, දෙමළ, මුසිල්ම හැම දෙනාම පී. අරුණාචලම් විසින් නායකත්වය සපයමින් 1918 දී ලංකා ජාතික සංගමය පිහිටුවා සභාපතිද විය.

20. අනපේක්‍ෂිත සිදුවීමක්‌ නිසා 1920 මැනිං ප්‍රතිසංස්‌කරණ වලින් දෙමළ දේශපාලන ප්‍රමුඛත්වය බිඳවැටුණි. උගත් ලාංකිකයන්ගේ ඡන්දයෙන් මන්ත්‍රීන් 16 ක්‌ ව්‍යවස්‌ථාදායකයට පත්කර ගැනීමට ඉඩ දුන් විට සිංහල 13 ක්‌ හා දෙමළ 03 ක්‌ තේරුණි. එවිට රාමනාදන් හා අරුණාචලම් සහෝදරවරු ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී දෙමළ මහජන සභාව ඇරඹූහ.

21. 1931 සිට ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය යටතට සර්වජන ඡන්ද බලය නිසා දෙමළ දේශපාලන බලය තවත් පිරිහී ගියේය. නමුත් දෙමළ පරිපාලන බලය එසේම විය. 1931 දී සර්ව සිංහල කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ද බිහිවුණි. දැන් දෙමළ ඉල්ලීම වූයේ ලංකාවේ පාලන බලය නොව පනහට පනහේ සිංහල – දෙමළ සමතැන් බලයයි.

22. සෝල්බරී කොමිසම මගින් ලංකාවට පාර්ලිමේන්තු ආණ්‌ඩුවක්‌ නිර්දේශ කරන ලදී. එවිට 1946 ජුනිවලදී ආණ්‌ඩුකාර මේසන් මුවර් විසින් සිංහල මහ සභාව, දෙමළ කොංග්‍රසය හා මුස්‌ලිම් ලීගය කැඳවා විමසුවේ “පාර්ලිමේන්තු ආණ්‌ඩුවක්‌ දීමට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්‍ෂ කෝ” යනුවෙනි. මෙම සිංහල, දෙමළ හා මුස්‌ලිම් සංවිධාන තුන එකතු වීමෙන් වුවද පක්‍ෂයක්‌ සෑදිය හැකි බවට ආණ්‌ඩුකාරයා පොඩි “අයිඩියාවක්‌” දුණි. එය පිළිගත් සිංහල මහ සභාව, ලංකා දෙමළ කොංග්‍රසය හා මුස්‌ලිම් ලීගය එකතුවී තුන්ගොල්ලට 1/3 + 1/3 + 2/3 බල ව්‍යqහයක්‌ ඇති වඅබෝධය පිට 1946.09.06 දින සංවිධාන තුන එකතුකර යුනයිටඩ් නැෂනල් පාටි ලෙස ඉංග්‍රීසීන්ගේ වුමනවාට පක්‍ෂයක්‌ සෑදූහ.

23. දෙමළ මුස්‌ලිම් (1/3 + 1/3 + 2/3) බලය නිසා සෝල්බරි ව්‍යවස්‌ථාවේ 29 වගන්තිය මගින් ලංකාව ගැන සිංහලයාට ඇති අයිතිය වක්‍ර ලෙස නැතිකර දැමිණ. දෙමළ හා මුස්‌ලිම් අයට නැති අයිතියක්‌ සිංහලයාට නැති බව ඉන් කියවුණි.

24. මෙම සිංහල, දෙමළ, මුස්‌ලිම් සම අයිතිය සහතික වීමට සංකේතයක්‌ ලෙස 1951 දී ජාතික සිංහල කොඩිය තුළට මුස්‌ලිම් හා දෙමළ වර්ගයා ද ඇතුළත් කෙරිණි.

25. 1956 දී බණ්‌ඩාරනායක විසින් Sසබය්කැse sය්කක ඉe එයෑ දබැ දසෛජස්‌ක ක්‌බටම්ටැ සබ Ceහකදබ ලෙස සිංහල එක්‌ රාජ්‍ය භාෂාවක්‌ පමණක්‌ කරන ලදී.

26. 1972 දී මැතිනියගේ ආණ්‌ඩුව විසින් රටේ නම ශ්‍රී ලංකා ලෙස වෙනස්‌ කර ජාතිය ශ්‍රී ලාංකික ලෙස වෙනස්‌ කළාය. දැන් 1/3 + 1/3 + 1/3 } 3/3 එවිට ස්‌ථිරය සිංහලයා තවදුරටත් ජාතිය නොව ජන වර්ගයකි. ශ්‍රී ලාංකික ජාතිය තුළ ඔහු 1/3 ක ජන වර්ගයක්‌ වන්නේය. එදා 1833 දී 96% හා 3% පිරිස්‌වලට ව්‍යවස්‌ථාදායකයේ සමාන නියෝජනය ලැබීමට එය සමානය. එමෙන්ම ලංකාව 19 සියවසේ යුරෝපියන් විසින් ශිෂ්ටාචාර කළ රටක්‌ නොවේ.

27. සියල්ල සැකසුණ විට 1976 වඩුක්‌කොඩේ සම්මේලනයේ සිට ඊළාම් සටන ඇරැඹුණි. දේශපාලන පෙරමුණ, සන්නද්ධ පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ (ඩයස්‌ පෝරාව) ලෙස පෙරමුණු 3 ක්‌ සටන සඳහා විය.

28. 1978 ව්‍යවස්‌ථාවෙන් බහුජාතික කොඩිය ව්‍යවස්‌ථා ගත කරන ලදී. ශ්‍රී ලාංකික ජාතියක්‌ මිස සිංහල ජාතිය හෝ සිංහල කොඩිය කතාකළ විට දඩයමට ලක්‌වේ.

29. 1987 ජුලි 29 දින එල්. ටී. ටී. ඊ. සංවිධානයට ත්‍රස්‌තවාදයෙන් බැහැර වී දේශපාලනයට අවතීර්ණ වීම සඳහා පළාත් සභා විසඳුම ලබා දුණි. ඉන්දු – ලංකා ගිවිසුම මගින් ජනාධිපති හා රජය විසින් සම්බන්ධන් මහතා පවසන බොරුව වන උතුරු – නැඟෙනහිර දෙමළ නිජබිම පිළිගෙන අත්සන් කෙරිණි. 2009 මැයි මස LTTE පරාජය වූ පසු දැන් දේශපාලන පෙරමුණ ක්‍රියාත්මකය. ඊට අර්ධ ස්‌වාධීන පාලන ක්‍රමයක්‌ උතුරේ ලබාදී ඇත. දැන් සටන වී ඇත්තේ රටේ බලය උතුරට හා නැඟෙනහිරට බෙදා ගැනීමටය.

1818 සිට 1948 දක්‌වා ඉංග්‍රීසීන් ඉටුකළ කොටස 1948 සිට මේ දක්‌වා වඩාත් හොඳින් ඉටුකිරීමට පසුගිය 68 වසර තුළ මෙරට බලයට පත්වූ එ.ජා.ප. සහ ශ්‍රීලනිප රජයන් විසින් වගබලාගෙන ඇත. 1948 දී නිදහස ලැබුණේ රටට හා ජාතියට ගැළපෙන අන්දමින් රට වෙනස්‌ කර ගැනීමට බව මේ අඳබාලයෝ නොදනිති.

ආචාර්ය සූරිය ගුණසේකර  Courtesy ඉරිදා දිවයින

“උපන්දින සමරන ලාමක පැවිද්දන් “සිදුහත් මහබෝසතානන්වහන්සේ බුද්ධත්වය ලබා ලොවට ප්‍රකාශිත මුල්ම වචනවලින් පැහැදිලි වන්නේ, තමන් වහන්සේ විසින් බුද්ධත්වය සාක්‌ෂාත්කොට ගනිමින් යළි තම ඉපදීම නතර කළ බවයි. එහෙයින් ඒ බුද්ධ දේශිතයට අනුව සෑම පුද්ගලයකු විසින්මක කරනු ලැබිය යුත්තේ තම උපත නතර කොට ගැනීමට උත්සුක වීමය.නිරන්තර ප්‍රාර්ථනාව විය යුත්තේ ‘නහිජාතු ගබ්භසෙය්‍යං පුනරේතීති..යන්නය.එමෙන්ම බුද්ධ දේශනාව අනුව ‘ජාතිපි දුක්‌ඛා’ ඉපදීම දුකකි. ඒ අනුවද අවශ්‍ය කරුණ සම්පාදනය කර ගනිමින් නතර කිරීමට උත්සාහ කරනු ලබන දුකක්‌ වූ උපත ප්‍රීතියට, සැමරුමට නැවත නැවත සිහිපත්කොට එල්බ ගැනීමට කරුණක්‌ නොවන බව පැහැදිලිය.එහෙයින් උපන් දින සැමරුම ⁣බටහිර අන්‍යාගමික සිරිතක් මිස බෞද්ධ ප්‍රතිපදාවක්‌ නම් නොවේ.ගෞතම බුදුන්වහන්සේ ධරමාන සමයෙහි හෝ උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු හෝ උන්වහන්සේගේ උපත මුල්කොට ගෙන සැමරීමක්‌ කිරීමට උන්වහන්සේ කිසිදු විට අනුශාසනා නොකළහ. එලෙසම, උන්වහන්සේගේ දැසව් වහන්සේලා හෝ කිසිදු මහරහතන් වහන්සේ නමකගේ මේ උපත විෂයෙහි එය මුල්කෙටගෙන, පදනම් කොටගෙන කිසිදු සැමරුමක්‌ උත්සවයක්‌ බෞද්ධ සමාජයෙහි එදා සිදු නොවිණි. අදද සිදු නොවෙයි.ඒ මග යමින් ඉතිහාසයේ කිසිදු ථෙර නමක, බෞද්ධ රජ කෙනකු, යුව රජකු, රාජකීයකු, මහාමාත්‍යවර, ප්‍රභූවරයකු, රාජ්‍ය නිලධාරියකු උදෙසා හෝ එවැන්නකු විසින් පවත්වනු ලැබූ උපන් දින සැමරුමක්‌ පිළිබඳ සඳහනක්‌ නොවෙයි.එසේ නැතහොත් තම උපන් දිනය සමරා නොමැති බව අපගේ වැටහීමයි. එතෙකුදු නොව එකල උපන්දිනයක්‌ වෙනුවෙන් හෝ එය හුවා දක්‌වමින් හෝ කරන ලද මහා දාන මාන ආදී පින්කම්, වෙහෙර විහාර ප්‍රතිස්‌ඨාපන ආදියද අපගේ ඉතිහාසයේ සඳහන් නෙවෙයි.උපත නතරකොට සසරින් එතෙව නිවීම තම අභිමතාර්ථ සාධනය කොට ගැනීම මැනවි යන බුදුදහමේ වන දැක්‌මෙන් සුපෝෂිත පෙර අප බෞද්ධ සමාජයෙහි පූජ්‍ය, පාලක, පාලිත කිසිවකු හෝ එලෙස ඉන් බැහැර නොවූයේ එය සදහම් මග නොවන බව දැනසිටි බැවිනි. මමායනය, ආත්මවාදී පෝෂණය බැහැර කරමින් කළයුතු කවර හෝ පිංකමක්‌ සඳහා තම උපත, උපන් දින යන සංකල්පයම උපයෝගී කොට ගැනීම බුදුදහමට පටහැනි වීමක්‌ වේ.… නහිජාතු ගබ්භසෙය්‍යං පුනරේතීති.’ මම නැවත මවු කුසක්‌ (ගැබක) පිළිසිඳ ගැනීමක්‌ ප්‍රාර්ථනා නොකරමි’, එනම්, මගේ යළිදු උපතක්‌ සිදු නොවේවා මම නිවන් ලබම්වා ……ජරාවට පතවීම,මරණයට පත්වීම,ලෙඩරෝග වලට පත්වීම, දුක් දෝමනස්සයන්ට පත්වීම සිද්ද වෙන්නෙ මේ ඉපදීම නිසා ඉතින් කුමටද ඉපදුනු දවස කේක් කපා,සාද පවත්වා,සුභ පැතීම් කරලා සමරන්න මුල්තැන දෙන්නේ…?තම ජන්ම දිනයේ කුසල් දහම් රැස් කරගෙන නැවත ඉපදීම නතර කරගන්න සීල සමාධි ප්‍රඤ්ඤා වඩන්න උත්සහ දරන එක නේද කරන්න ඕනේ..?පන්චඋපාදානස්කන්ධයා ගෙ පහළ වීම යම් තැනකද එතන ජරා ව්‍යාධි මරණාදී සියළුම දුක්ඛයො ද ඇති වෙනව..ඉඳින් අවිද්‍යාවෙන් වැසිල තෘශ්ණාවෙන් බැදිල කර්ම නිසා ජරා මරණාදි දුක් සහිත පන්ච උපාදානස්ඛන්ධයාගෙ නැවත නැවත පහළ වීම නැති කරන්නමයි වීර්යය වඩන්න ඕනේ..ජරා ව්‍යාධි ආදී වූ අනේක දුක්ඛයන්ට පත්වෙමින් ක්ෂණයක් පාසා ගෙවී යන මේ ස්ඛන්ධ ලෝකයෙන් මිදීමමයි වටින්නෙ..ස්ඛන්ධයාගෙ පහළ වීමම දුක වන්නේ..නිර්මල වූ උතුම් වූ පරම සත්‍ය වූ බුදු දහමට අනුගත පරමාර්තය වටහා ගත් වර්ථමාන මොහොතේ සිහිය පවත්වමින්සිත නිවන් මගටම යොමු කරගත් කෙනෙකුගෙන් මෙවැනි ලාමක ක්‍රියාවන් කිසිසේත් පිළිඹිබු නොවන බව බුද්ධිමත් පිරිස ක්ෂණිකව වටහා ගනිත්වා .සම්පත් චමින්ද මහතා

කණගාටුව නම් දැන් ආරණ්‍ය වලටත් එය බෝ කරලා.බටහිරේ පොඩි උන්ගෙ උපන්දින පාටිවල ගුඩී බෑග් දෙනවා ආපු පොඩි උන්ට.ඒ වගේ හාමුදුරුවන්ගෙ උපන්දිනේ ට ගමේ දුප්පතුන් ගෙන්වලා ආරණ්‍ය ආක්‍රමණය කරන කතෝලික එවැන්ජලික නඩය විසින්ම මිෂනාරි ආක්‍රමණය ලස්සනට කරනවා දුප්පත් ගම්මුන්ට ගුඩී බෑග් හාමුදුරුවෝ අතින්ම දීලා.අසපුවන් ලෙස ආ කතෝලික යෝ පන්සල් වලින් ගමේ උපාසක උපාසිකාව විස්ථාපනය කර පන්සල් තනි කලා.ආරණ්‍ය වලට පල්ලි ක්‍රමය දී දෙස් විදෙස් මිසදිටුවෝ ගෙ දුක් ගන්නා රාල මුදල් වලට ඒ හිමිවරු වශි කෙරෙව්වා. අන්තිමේ ගමේ උපාසක උපාසිකාවෝට කුහක බවක් පටබැඳලා, කතෝලික සහ ක්‍රිස්තියානීන් ඊනියා කලණ මිතුරෝ සහ විශ්ව පාරමී නම් වූ පාප් මිතුරෝ දෙන පඬුරු පාක්කුඩම් වලට රැවටුණා. ශාසනය යනු ගොඩනැගිලි ලෙස රැවටී ඒවා හදවා ගත්තා මිසදිටු සහ කොටි මුදල් විසිවෙද්දි.මුලු ලෝකෙම මිසදිටුවන් ට ඇහෙන්න ට බුදු දහම ත්‍රිපිටකය ත් අභිධර්මය ත් දැන් කෑම පන්ති වගේ යූ ටියුබ් වලට මුදා හැර නිකම්ම ලෝක උරුමයක් කලා.අලුත්ම අදියර ගමේ දුප්පතුන් අන්‍ය ආගමික කිරීමට පහසුවෙන්ම ඩැහැ ගැනීමට මිෂනාරි ගුඩීස් හාමුදුරුවෝ ලවා ම දෙනවා. උමන්දා විකාරය ම ආරණ්‍ය වලටත් බෝ කලා ලොකූ හාමුදුරුවන්ගේ උපන්දින සැමරීම ලෙස. අහෝ සුධීරානන්ද හාමුදුරුවෝ පවා ඒ ගැටේට හසු කරගත් හැටි

ප්‍රේමදාස හා ගෝඨාභය නායකත්ව – ආචාර්ය නලින් ද සිල්වා මහතා

ප්‍රේමදාස හා ගෝඨාභය නායකත්ව

මෙම ලිපිය ඊයේ ලිපිය සමග පමණක් නොව පෙබරවාරි දෙවැනි දා හා ජනවාරි තිස්එක්වැනි දා ලිපි සමගත් සම්බන්ධයි. ආර් ප්‍රේමදාස කිසිම ප්‍රභූ සම්බන්ධතාවක් නැතිව රටේ විධායක ජනාධිපති පදවියට පත් වූ බවත් ඔහුට තම අදහස් ක්‍රියාවට නැංවීමට අදාළ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ම තම අතට ගැනීමට හැකි වූ බවත් අප ඊයේ සඳහන් කළා. අවාසනාවකට වත්මන් ජනාධිපතිතුමාට එසේ කිරීමට නොහැකි වී තිබෙනවා.

සිංහලයන්ට පසුගිය ජනාධිපතිවරණයේ දී අවශ්‍ය වූයේ ඒ පරිපාලන ක්‍රියාත්මක යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ම තම අතට ගත හැකි අයකු ජනාධිපති කිරීමට. ඒ බව අප කලින් ම දුටුවා. සිංහල ඡන්දවලින් පමණක් ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපති විය හැකි බව අප කීවේ ඒ මත පදනම් වී. අද කාදිනල්තුමා කුමක් කීවත් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමටත් දෙමළ ජාතිවාදය පරාජය කිරීම තහවුරු කිරීමටත් හැකි නායකයකු සිංහලයන්ට අවශ්‍ය වුණා. මෛත්‍රිපාල සිරිසේනට ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කරවීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔහුට සහ ඇතැම් රාජපක්‍ෂවරුන්ට අවශ්‍ය වූයේ දින පනස් දෙකේ ආණ්ඩුව ඉදිරියට ගෙන ගොස් සිරිසේන විධායක අගමැති වූ ආණ්ඩුවක් පිහිටුවීමට. අඩු තරමෙන් සිරිසේනට එවැනි බලාපොරොත්තුවක් දී තිබුණා. එට ඉටුවෙන්න තිබුණ ද නැද්ද යන්න වෙන ම කරුණක්.

රාජපක්‍ෂවරුන්ට දින පනස් දෙකේ ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට අවශ්‍යතාවක් තිබුණු බව දැන් අනාවරණය වෙනවා. එහෙත් ඔවුන්ට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය පාර්ලිමේන්තුවේ දී ලබා ගැනීමට නො හැකි වුණා. එ ජා පක්‍ෂය සකස් කළ විශ්වාසභංග යෝජනාව යටත්විජිත පාර්ලිමේන්තු වාර්තා බිඳ දමමින් දුව ගොස් භාර දුන්නා. රාජපක්‍ෂලා හා මෛත්‍රිපාල ගෝඨාභය කෙනකු ගැන හිතලා තිබුණෙ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා විය යුතු බවට පොහොට්ටුවේ අදහසක් තිබුණේ නැහැ. එය ජාතිකවාදීන්ගේ මතයක්. ජාතිකවාදීන්ට අවශ්‍ය වූයේ පරිපාලන ක්‍රියාත්මක යාන්ත්‍රණය මුළුමනින් ම තම අතට ගත හැකි යැයි සිතූ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා බවට පත් කිරීමට. පසු කලෙක ප්‍රධාන භික්‍ෂුන් වහන්සේ නමක් ජනාධිපති හිට්ලර් කෙනකු විය යුතු යැයි කියා ඇත්තේ ඒ අර්ථයෙන්.

එහෙත් පඬි නැට්ටන් ජඩමාධ්‍යවේදීන්ගේ ද සහායෙන් ඒ ප්‍රකාශයට විකෘති අර්ථවිවරණයක් සැපයුවා. ඒ පඬිනැට්ටන්ගේ දේශපාලනය. ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂ ඇඩොල්ෆ් හිට්ලර් කෙනකු බවට පත් කළා. එහෙත් ගෝඨාභය රාජපක්‍ෂට අර යාන්ත්‍රණය මෙහෙයවීමට තබා දායකත්වයක් දීමටවත් නො හැකි වුණා. මෙහි දී කිවයුතු කරුණක් තියෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා බවට පත් කළ යුතු යැයි සිතූ අය දින පනස් දෙකේ ආණ්ඩුව සම්බන්ධයෙන් මත දෙකක් දරා තියෙනවා. එක් පිරිසකට අවශ්‍ය වූයේ දින පනස් දෙකේ ආණ්ඩුව පෙරළා දමා මෛත්‍රිපාල විධායක අගමැති වීමට දකිමින් සිටි සිහිනය බොඳ කර ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා කිරීම. අනෙක් පිරිසට අවශ්‍ය වූයේ දින පනස් දෙකේ ආණ්ඩුව තහවුරු කර ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා කිරීම. ඔවුන්ට සිරිසේන අගමැති කිරීමේ වුවමනාවක් තිබිණි යැයි ඉන් කියැවෙන්නේ නැහැ.

ඒ කුමක් වුවත් මෛත්‍රිපාල සිරිසේනට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක බවට පත් කිරීමට අවශ්‍යතාවක් නොතිබූ බව පැහැදිලියි. එබැවින් පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කිරීමට මෛත්‍රිපාල සිිරිසේන ගත් ක්‍රියා දාමයක පුරුකක් යැයි කියන අයකු වේ නම් ඔහු දේශපාලනය ගැන අබමල් රේණුවක හරි දැනුමක් නැත්තකු විය යුතුයි. කෙසේ වෙතත් අර පරිපාලන ක්‍රියාත්මක යාන්ත්‍රණය සම්පූර්ණයෙන් මෙහෙයවීමට හැකි පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ වේය යන හැඟීම බෞද්ධ වේවා කතෝලික වේවා සිංහලයන් බහුතරය අතර තිබූ මතය වුණා.

එහෙත් තවමත් ගෝඨාභය රාජපක්‍ෂ එසේ කිරීමට සමත් වී නැහැ. ප්‍රේමදාස කළ දේ ගෝඨාභය රාජපක්‍ෂට තවමත් කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි? ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අතර ඇති වෙනස කුමක් නිසා ඇති වූවක් ද?

මා හිතන්නේ ප්‍රේමදාස සාමාන්‍ය සිංහල බෞද්ධ සම්ප්‍රදායෙන් ඉවතට ගිය අයකු බවයි. ඉතිහාසයේ එසේ ඉවතට ගිය පළමු තැනැත්තා ඔහු නො වෙයි. ගැමුණු විජයබා පළමුවැනි හා හයවැන් පරාක්‍රමබාහු රජවරු තවත් කිහිප දෙනෙක්. මා ප්‍රේමදාස ඒ රජවරුන්ගේ ගණයේ අයකු යැයි කිසිසේත් කියන්නේ නැහැ. එහෙත් ඔහු අර යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ම තම අතට ගැනීමට සමත් වුණා.

ලෝකයේ ඉහළ ම නිදහස ඇත්තේ බෞද්ධ සමාජයේ. එය ප්‍රජාතන්ත්‍රවාදය යැයි මා කියන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බටහිර ව්‍යාජ සංකල්පයක්. පුද්ගල නායකත්වයක් ගැන කියා නොමැති සමාජයීය ව්‍යුහයක් ඇත්තේ බෞද්ධ සමාජයෙහි. බුදුන් වහන්සේ දේශනා කෙළේ තමන් වහන්සේගෙන් පසු ධර්මය නායකත්වයෙහි ලා සලකන ලෙසයි. මිහිඳූ මහා රහතන් වහන්සේ දේවානම්පිය තිස්ස රජුට කීවේ රජු රටේ භාරකාරයා මිස පාලකයා නොවන බවයි. සංඝ සමාජය ක්‍රියා කිරීමේ දී අනුගමනය කරන නීති රීති අතිවිශ්ෂටයි. පඬී නැට්ටකු අහන්න බැරි නැහැ හාමුදුරුවරුන් අහවල් අහවල් වැරදි කරන්නෙ ඇයි කියා. මොන සමාජයේත් වැරදි කරන අය ඉන්නවා.

මෙරට ප්‍රශ්නය වී ඇත්තේ මේ ධර්මයට නායකත්වය දෙනවා යන්න දෙයාකාරයකින් බිඳ වැටෙන්න පුළුවන් වීමයි. අපි එය පසුව සාකචඡා කරමු.

විහාර හා දේවාලගම් පණත ගෙනවිත් සිංහළ භික්ෂූන් වහන්සේලාට තණ්හාව ඇති කර ශාසන පරිහානියට පාර කැපූ සුද්දෝ

සිංහල ථෙරවාදී බෞද්ධ ශාසනය රැකෙන්නේ පලමුව උපාසක අම්මලාගේ ශ්‍රද්ධාව නිසාත්. සිංහලයන්ගේ සටන්කාමිත්වය නිසාත්. ඒ භික්ෂූන් වහන්සේලා ගේ මග පෙන්වීම අනුශාසකත්වය මගින් ය.

මේ ත්‍රිත්වය හොඳට දැනගෙන සුද්දො විහාර හා දේවාලගම් පනතක් ගෙනවා 1931 වගේ ?

මේ පනත ඇතුලේ පොඩි වැරැද්දක් තියෙනවා. සිංහල ක්‍රමය තුළ එතෙක් පැවති පන්සල් වල සාංඝික සංකල්පය විහාරාධිපති කියන සංකල්පයක් බවට පත් කලා.

ඕකෙන් පුණ්‍ය භූමිය බලනා පන්සල් වල අයිතිය කෙලින්ම විහාරාධිපති ට පැවරෙනවා. මේ තුළ දායක සභාව අකර්මණ්‍ය වනවා. නිෂ්ක්‍රිය වෙනවා. බල රහිත වෙනවා. අද දෘශ්‍ය යථාර්ථයක් තුළ දායක සභා කියා තිබුණත් එය අද බල බලරහිත ආයතනයක් වෙලා.

විහාරාධිපති කියන නාමයට නෛතික නීරීමය භාවයක් ලැබීම තුළ.මේ තුළ පන්සල් විකිණීම. ඇවිත් යන්ට පැවරීම. මුස්ලිම්වරුන්ට පැවරීම. අවි ආදී විවිධ කටයුතු සිද්ධ වෙනවා.
උදාහරණයක් ලෙස ගත්තොත්.
එදා අනගාරික ධර්මපාල තුමා ඇති කළ

තරුණ බෞද්ධ සමිති අද බිස්නස් කරන ආයතන බවට පත්වෙලා. සෑම නගරයකම තියෙන ඒවා භික්ෂූන් වහන්සේලාගේ තම අභිමතය පරිදි පරිහරණය කරනවා. .මේකට හේතුව තමයි දායක සභා අක්‍රිය වීම. එය ඇවිල්ල තියෙන්නෙ අර පනතින් .

ආරණ්‍ය යනු ථේරවාද යට පහර එල්ල කිරීමටම බොරු ශීලයක් සමග පෙනී සිටින පල්ලියෙන් සපයන සියළු සැප වලට ගිජු සිංහළ විරෝධීන්ය. අවසන ශාසන විරෝධීන්ය

සිංහල බෞද්ධ ථේරවාදයට ප්‍රහාරය කරන්නේ දෙපැත්තකින්ය.

භික්ෂූන් දුස්සීලයි කියා පචාරය කිරීම එක පෙරමුණක් අනිත් පැත්තෙන් ඊනියා සීලයක් පෙන්වමින් ආරණ්‍ය නිර්මාණය කිරීමයි.

ආරණ්‍ය නිර්මාණය කරන්නේත් සිංහල ථේරවාදී භික්ෂූන් දුස්සීලයි කියන්නෙත් එකම පෙරමුණකින් ය. එකම අරමුණක් කරා එකම අරමුණක් කරා යෑමට ය.

අද ආරණ්‍ය කියන්නේ උපාසක අම්මලා රවට්ටන මෙහෙයුමකි. ඔච්චර ආරණ්‍ය වල ඔච්චර කියන සීලයක් තියෙනවා නම් මාර්ගඵල ලාභීන් නැත්තේ ඇයි ?

ආරන්‍ය කියන්නේ සෝබනයද?

අල්පෙච්චතාවය කියන්නේ ගිජුකමද ?

අල්පේච්ඡතාවය නැතුව මාර්ගඵල ලැබිය නොහැක.

මෙය සිංහල බෞද්ධ සමාජයේ උපාසක අම්මලාගේ ශ්‍රද්ධාව මංකොල්ල කෑමේ මෙහෙයුමකි.