ටොපෑස් ලා මහාවංශයට එරෙහිව මඩ ගහන්නේ ම ඔවුන්ට එය දරා ගන්න බෑ ඔවුන්ට එහි තැනක් එන්නෙ නෑ.සුනිල් පෙරේරා කල කාර්යම ශාස්ත්‍රීය අයුරකින් ජැක්සන් ඇන්තනී, රාජ් සෝමදේව ලා සහ ජාතිද්රෝහී පාපතරයෝ එකතුවී මහාවංශයට ගරහන්නේ ඒකයි.

දෙවියන් වහන්සේ ලක්‍ෂ්‍යයක් ද?උගතකු බුද්ධිමතකු වියතකු නොවන මා කිසිවකුගේ ආගමික විශ්වාස ප්‍රශ්න කරන්නේවත් විවේචනය කරන්නේවත් නැහැ. ආගමික විශ්වාස තබා කිසිම විශ්වාසයක් ප්‍රශ්න කරන්නේ නැහැ. අප සියල්ලන් ම පදනම් වන්නේ යම් යම් විශ්වාස මත. ඒ ඒ විශ්වාස අදාළ චින්තනයෙන් සංස්කෘතියෙන් ලැබෙන දේ. මා විවේචනය කරනනේ තමන් විශ්වාසය මත පදනම් නොවන්නේ යැයි කියන්නන්ගේ එකී විශ්වාසයත් බටහිර හා වෙනත් රටවලින් විවිධ දේ අනුකරණය කිරීමත්. ඒ අනුකරණය නොකර අප සංස්කෘතියට අවශෝෂණය කරන්නේ නම් මට ප්‍රශ්නයක් නැහැ.පසුගිය දා මියගිය මංගල ගැන ඔහුට විරුද්ධ දේශපාලන මත දැරූ අය පවා ගුණ කීවේ ඇයි ද යන්න මට ප්‍රශ්නයක් වූවා. පේරාදෙණියේ ඇත්තේ දර්ශන අධ්‍යයනංශයක් නොව ප්‍රදර්ශන අංශයක් යැයි කිව්වේ එහි මහාචාර්යවරයකු. අද මෙරට උගතුන් යැයි කියන්නන් සියල්ලන් ම පාහේ ප්‍රදර්ශකයන් වෙලා. තමන් කොහෙන් හරි අහුලාගත් දෙයක් අනෙක් අයට ප්‍රදර්ශනය කිරීම තමයි ඔවුන් කරන්නේ. අද සමාජයේ බටහිරට වඳින පුදන තත්වයක් ඇති වෙලා. බටහිර අනුකරණය කිරීම බටහිර දැනුම අවිචාරයෙන් පිළිගැනීම අද අනිවාර්ය වෙලා. අද මෙරට උගතුන් දහසයවැනි සියවසේ අපට ලැබෙන්න පටන් ගත් සංස්කෘතියේ හා චින්තනයේ සිරකරුවන් වෙලා. එහෙත් ඔවුනට එකී චින්තනයේ හිතන්න නම් බැහැ.උගතුන්ගේ පෞද්ගලික චින්තනය සිතුම් පැතුම් කුමක් වුවත් ඔවුන්ට තමන් බටහිර අනුකරණය කරන බව ප්‍රදර්ශනය කරන්න වෙලා. ඔවුන්ගේ පෞද්ගලික ජීවිත හා ප්‍රසිද්ධ ජීවිත අතර පරස්පරයක් තියෙනවා. එය දීන බවේ ලක්‍ෂණයක්. පේරාදෙණියේ දර්ශන අධ්‍යනංශයේ ම එක්තරා මහාචාර්යවරයෙක් තමන් බටහිර නූතනත්වයටත් එහා ගිය කතා දන්නා බව ප්‍රදර්ශනය කරන අතර ගෙදර පින්කමක් වූ විට ධාතු කරඬුව හිස මත තබාගෙන යන්නේ මහා ශ්‍රද්ධාවෙන්.මේ ප්‍රදර්ශනය තමයි මංගලගේ ගුණ වයන්නන් කරන්නෙත්. මංගල බටහිර ඊනියා දියුණු යැයි කියන සිතුම් පැතුම් අනුගමනය කළ අයෙක්. ඔහු ඒ නිසාමත් සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔහුට කිලී මහාරාජාට සුනිල් පෙරේරාට මෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමේ අවශ්‍යතාව තිබුණා. ඔහු බටහිර මත පුනරුච්චාරණය කළා. ඔහු ශාස්ත්‍රීය ව නව දැනුමක් තබා ශිල්පීය ව නව ඇඳුම් මෝස්තරයක්වත් නිර්මාණය කිරීමේ හැකියාවක් තිබූ අයෙක් නො වෙයි. ඔහු මෙරට මඩ දේශපාලනයේ නම් අවිවාදයෙන් ම නායකයා වූවා.මෙරට මුහුණු පොතේ සැරිසරන තරුණ තරුණියන්ට අවශ්‍ය තමන් බටහිර ඊනියා දියුණු මත දන්නේ යැයි අනුගමනය කරන්නේ යැයි ප්‍රදර්ශනය කිරීම. ඔවුන් පෞද්ගලික ජීවිතයේ පන්සල් යන දාන මාන පින්කම් කරන අය. එහෙත් ප්‍රසිද්ධ ජීවිතයේ ඔවුන්ට අවශ්‍ය වෙනවා තමන් ඊනියා ප්‍රබුද්ධයන් බව ප්‍රදර්ශනය කිරීමට. එබැවින් ඔවුන් බටහිර අනුකරණය කරමින් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට කටයුතු කළ මංගලගේ ගුණ ගයනවා. මෙහි දී හා පසුව පළවන ලිපිවල මට අවශ්‍ය වන්නේ බටහිර දැනුම් බැලුම පුපුරවන්න විතරයි. ඒ මිසක් ආගමික විශ්වාස ප්‍රශ්න කරන්න නො වෙයි. අද බටහිර දැනුම කොවිඩ් 19 හමුවේ අසරණ වෙලා.බටහිර චින්තනය නැත්නම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පදනම් වන්නේ චින්තන තුනක් මත. ඒ යුදෙව් චින්තනය, ග්‍රීක චින්තනය (ග්‍රීක පෞර රාජ්‍ය චින්තනය) හා ක්‍රිස්තියානි චින්තනය මත. ඒ නිසා මා බටහිර ක්‍රිස්තියානි නූතනත්ව චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වනවා. මෙහි ක්‍රිස්තියානි චින්තනය යනුවෙන් හැඳින්වෙන්නේ දහසයවැනි සියවසේ මාටින් ලූතර කතෝලික චින්තනයට එරෙහි ව ඉදරිපත් කළ පෞද්ගලිකත්වයේ නිදහස මත පදනම් වූ චින්තනයයි. අද එයත් ඔඩුදුවා ගොස්.කතෝලික චින්තනය මත පදනම් වූ දේශපාලනය අද ඉතාමත් දුර්වලයි. මුස්ලිම් චින්තනය මත පදනම් වූ දේශපාලනය නම් ශක්තිමත්. මේ චින්තන දෙක ම පදනම් වී ඇත්තේ යුදෙව් චින්තනයෙහි. කතෝලික චින්තනය ක්‍රිස්තියානි චින්තනයට පරාජය වී පසුබැස ගොස්. එහෙත් මුස්ලිම් චින්තනය තවමත් ශක්තිමත් ව ක්‍රියාත්මක වෙනවා. මුස්ලිම් චින්තනයත් අවසාන වශයෙන් යුදෙව් චින්තනය මත පදනම් වෙනවා. එහෙත් මුස්ලිම් චින්තනය ප්‍රශ්න කිරීම නවත්තලා. යුදෙව් චින්තනය එසේ නොවෙයි. ඔවුන් දෙවියන් වහන්සේ පවා ප්‍රශ්න කරනවා.බර්නාඩ් – හෙන්රි ලෙවි නම් ප්‍රංශ යුදෙව් දාර්ශනිකයා ලියා ඇති පොත් අතර (The genius of Judaism) යන්න ඉතා වැදගත් කෘතියක්. එහි ඔහු කියනවා ක්‍රිස්තියානින් හා යුදෙව්වන් අතර ඇති වෙනස නම් ක්‍රිස්තියානින් දෙවියන් වහන්සේ තමන්ගේ කර ගනිමින් පිළිගන්නා බවත් යුදෙව්වන් දෙවියන් වහන්සේ තේරුම් ගැනීමට උත්සාහ කරන බවත්. තේරුම් ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න නම් ප්‍රශ්නයක්. අප යමක් තේරුම් ගන්නවා කියන්නේ එය වෙනත් දෙයින් ප්‍රකාශ කිරීමක්. ඒ වෙනත් දේ තේරුම් ගන්නේ කෙසේ ද? එහි කෙළවරක් නැහැ. එය සාකච්ඡා කිරීම පසුවට තබා යුදෙව්වන්ගේ, ක්‍රිස්තියානින්ගේ හා මුස්ලිමුන්ගේ දෙවියන් වහන්සේ ගැන දැනට එක් කරුණක් පමණක් සාකච්ඡා කරමු. කතෝලිකයන්ගේ දෙවියන්වහන්සේ තරමක් වෙනස්. බ්‍රහ්මන් ඊටත් වෙනස්.මා දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ නැහැ. එහෙත් මා දෙවියන් වහන්සේට කැමතියි. මගේ ලෝකය මගේ සංස්කරණයක් මිස දෙවියන් වහන්සේගේ හරි වෙනත් කාගේවත් හරි නිර්මාණයක්වත් සංස්කරණයක්වත් නොවෙයි. ඔබේ ලෝකය මගේ ලෝකයෙන් වෙනස් වෙනවා. අප එකිනෙකා තම තමන්ගේ ලෝක සංස්කරණය කර ගන්නේ එකිනෙකාගේ චින්තනයෙහි එකිනෙකාගේ සංස්කෘතියට සාපේක්‍ෂ ව. දෙවියන් වහන්සේ යන්න ද බටහිර ආසියාවේ මිනිසුන්ගේ සංස්කරණයක්. ඔවුන් අතර යුදෙව්වන් ප්‍රධානයි.යුදෙව් චින්තනයේ වෙන කිසිම චින්තනයක නැති වියුක්ත බවක් තියෙනවා. වියුක්තය සිතින් මවා ගන්නවත් බැහැ. ස්ටීවන් වයින්බර්ග් ගැන සඳහන් ලිපියෙහි ඔහු රුප මගින් සිතුවේ නැති බව සඳහන් වුණා. යුදෙව් දෙවියන් වහන්සේ නැත්නම් යෙහෝවා කිසිවකුටවත් මවා ගන්නට බැහැ. දෙවියන් වහන්සේගේ රූප පිළිම නැත්තේ එබැවිනුයි. යුදෙව් හරි මුස්ලිම් හරි දේවස්ථානවල පිළිම නැහැ. එපමණක් නොව පරණ තෙස්තමේන්තුවට අනුව වෙනත් විශ්වාසවල දෙවියන්ගේ පිළිම කඩා දාන්න ඕන. බුදුහාමුදුරුවන් දෙවි කෙනකු ලෙස ගැනීම නිසා මුස්ලිමුන් පිරිසක් බාමියන් බුදු පිළිම විනාශ කළා.ඒ කෙසේ වෙතත් බටහිර ගණිතයෙහි රූප නැතිව කල්පනා කරන්න ඕන. බටහිර ජ්‍යාමිතියෙහි රූප අඳින්නේ නැහැ. සරල රේඛාවක් කියන්නේ දිගක් පමණක් ඇති පළලක් ඝනකමක් නැති අනන්තයට විහිදෙන දෙයක්. ගණිතමය භාෂාවෙන් කිව්වොත් භූතාර්ථයක්. සරල රේඛාවක්, වෙනත් ජ්‍යාමිතික වක්‍රයක්, වෘත්තයක් මේ කිසිවක් අඳින්න බැහැ. හිතෙන් මවා ගන්නවත් බැහැ. ඒ වියුක්ත සංකල්ප.යෙහෝවා දෙවියන් වහන්සේ ද එසේමයි. දෙවියන් වහන්සේගේ රූප අඳින්න බැහැ. පිළිම තනන්න බැහැ. හිතෙන් මවා ගන්නත් බැහැ. ලෙවි කුමක් කිව්වත් මට හිතෙන විධියට තේරුම් ගන්නත් බැහැ. යුදෙව්වන් හිතනවා තේරුම් ගන්න පුළුවන් කියා. ඔවුන් අවුරුදු දහස් ගණනක් තේරුම් ගන්න උත්සාහ කරනවා වෙනන පුළුවන්. එහෙත් ඒ කරන්න බැහැ.සරල රේඛාවක්, ලක්‍ෂ්‍යය දිග අනන්තය ආදී සංකල්ප යොදා ගෙන තේරුම් ගන්නවා කියනවා. ඒත් ලක්‍ෂ්‍යය තේරුම් ගන්නේ කෙසේ ද? තවත් සංකල්ප යොදා ගෙන ද? එය කෙළවරක් නැහැ. අවසානයේ දී කියනවා ලක්‍ෂ්‍යයක් යනු අර්ථ නොදක්වන ලද භූතාර්ථයක් කියා. කවුරුන්වත් අහන්න එපා අර්ථ දක්වනවා කියන්නෙ මොකක් ද භූතාර්ථයක් කියන්නෙ මොකක් ද කියල. අපට එක තැනකින් පටන් ගන්න බැහැ. දැනුම චක්‍රීයයි.කෙසේ වෙතත් දෙවියන් වහන්සේ කිසිම ආකාරයකින් අර්ථ දක්වන්න බැහැ. එසේ අර්ථදක්වන්න නම් වෙනත් සංකල්ප අවශ්‍ය වෙනවා. ඒත් දෙවියන් වහන්සේට කලින් සංකල්ප කොහෙන් ද? යුදෙව් චින්තනය රේඛීයයි. එහි මුලක් තියෙන්න ඕන. ඒ මුල තමයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමයි වියුක්ත යුදෙව් චින්තනයෙහි අග්‍ර ඵලය. මා විශ්වාස නොකළත් දෙවිියන් වහන්සේට කැමති එබැවිනුයි. එහෙත් ඒ චින්තනයෙහි කඩා වැටීම ඇත්තේත් එතැනයි.මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

ථෙරවාද බුදු සසුන වනසා මහායාන වජ්‍රයාන චීන ව්යාප්තකරණය ද විය යුතුය. චීනාගේ ඒ වැඩේට නම් ඉඩ නොදෙමු. අසපුවා නම් කරන්නේ ඉන්දියානු වයාප්තවාදය යි නිඝන්ටාරාම සහ පල්ලි කරණ යයි. එනිසා චීනෙට සම්බන්ධයක් නැතිව ඇමෙරිකන් සහ වතිකානු පල්ලි නම් එකතු ඇති.

Catholic Action by L H MettanandaBelow is the important and brave book, Catholic Action by L H Mettananda. A reply to the Catholic Union of Ceylon.e පොත ඩවුන්ලෝඩ් කරගන්න -1.38 MBhttps://yadi.sk/i/EXwSB4BSBXcQyAThe book was published by The Bauddha Jatika Balavegaya (BJB) in 1963. It has been transferred to digital format and edited by this (www.lhmettananda.com) sites administration.This has required some minor adjustment to its format and the diagrams have been re-created as closely as possible to the original but in a contemporary format.We would like to acknowledge some key people who contributed to the book during its writing. Gunaseela Vithanage, Founder and Secretary of the BJB, worked with L H Mettananda in creating the book while contributions were made by Nissanka Wijeyaratne, a Civil Servant and Historian, and Professor K.N. Jayatilleke.To read the book please click on the link below. You can also download it as a PDF file.Catholic Action by L H MettanandaLetters, Papers and Speeches by L H MettanandaBellow is a selection of important letters, speeches and papers by the late L. H. Mettananda. Click on the title to open the PDF file for reading and downloading. (Some scanned documents below may take longer to download)✔️Language Problem✔️The Ethics of the Language Problem✔️Sinhalese As The Only State Language Of Ceylon✔️Microscopic Minority Controls Ceylon’s Education✔️Microscopic Minority II✔️Letter to Esmond Wickramasinghe, Director of Lake House Groups of Newspapers✔️(Letter from Esmond Wickremasinghe, responded to above)✔️The Factors Detrimental to the Peace of Buddhism in Ceylon✔️Buddhists Wake Up!✔️A Conspiracy Against Buddhism✔️Racial Segregation✔️An Open Letter To The Prime Minister✔️What Is This Freedom?✔️Our Culture And Society✔️Pseudo Nationalists✔️Have Our Leaders Any Self Respect?✔️Wanted, a State University✔️Why Do We Need English?✔️Mother Tongue As Medium Of Education✔️Different Aspects of Educational Medium✔️The World Bank Mission Report On Education✔️The Drink Curse✔️A Tribute to the Late Mr F L Woodward✔️The Setting for a Dictatorship✔️The Battle of Vested Interests Against National Welfare✔️Are New Laws The Reply To Marxist Agitation?✔️Corruption vs Morality✔️Poson and its Meaning Today✔️Mettananda Critics✔️A Noble Service (SINHALA)✔️An Extract from the Diary of L H Mettananda 1915 (Sinhala)✔️Anagarika Dharmapala & Amadyapa (SINHALA)පොත ඩවුන්ලෝඩ් කරගන්න -1.38 MBhttps://yadi.sk/i/EXwSB4BSBXcQyAsoure : www.lhmettananda.com

සිංහ හම පොරවාගැනීම සහ සිංහල හම පොරවා ගැනීමනවසීලන්තයේ සුපිරි වෙළෙඳ සැලකට ඇතුළුවී එහි සිටි පිරිසකට පිහිප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාගේ නම ලෝක ජනමාධ්‍ය වලින් ප්‍රචාරය නොවූයේය. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු යයි නවසීලන්ත අගමැතිනිය කීවාය. ඈ කීවේ බාග ඇත්තකි. බාග ඇත්ත කීම බොරු කියනවාට වඩා බරපතල වරදකි.මෙහොමද් සම්සුදීන් අදිල් නමැති මෙම පුද්ගලයා, ලංකාවේ ත්‍රස්තවාදී මූල කඳවුරක් වශයෙන් ප්‍රසිද්ධ නැගෙනහිර පළාතේ කාතන්කුඩියේ උපත ලැබූ නමුදු, මීට කාලයකට පෙර නවසීලන්තයට ගොස් ලංකාවේ වැරදි කියා එහි සරණාගත අයිතිය ලබාගත්තෙකි. එනිසා ඔහු අයත්වන්නේ නවසීලන්තයට මිස ලංකාවට නොවේ. ඒ සත්‍යය අගමැතිනියගේ කතාව නිසා සැඟවුණි.ලංකාව ලෝකයේ ඇති අංක එකේ අනුකාරකයින්ගේ රටකි. ජනමාධ්‍ය ආයතන මෙන්ම බොහෝ ජනමාධ්‍යකරුවෝද අනුකාරකයෝය. එනිසා ජනමාධ්‍යවලින් ත්‍රස්තවාදියාගේ නම හෙළි නොකිරීම සහ නවසීලන්ත අගමැතිනියගේ කතාව විවේචනයට ලක් නොවීම පුදුම විය යුතු කාරණයක් නොවේ.පසුගිය සතියේ මියගිය කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද වෙනුවෙන් මුහුණු පොතේ සටහන් ලියූවන් සෑහෙන පිරිසක්ද කටයුතු කරන්නේ අනුකාරකයින් වශයෙනි. ඒ වැඩි දෙනෙකු කවුරුන් හෝ පැවසූ කතාවක් අල්ලාගෙන ශ්‍රී ප්‍රනාන්ද ගැන ලියා තිබුණි. එනිසා ශ්‍රී ප්‍රනාන්දට ‘ජාතික චින්තනයේ ආදී කර්තෘ’, ‘ලංකාවේ පැරණි වාරි තාක්ෂණයේ මහ දැනුමැත්තා’, ‘සිංහල ඉතිහාසය පිළිබඳ මහාප්‍රාඥයා’ ආදි ගරු තනතුරු රාශියක් ලැබුණි.කලක් කොළඹ මැගසින් බන්ධනාගාරයේ සී වාට්ටුවේ රඳවා සිටි කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද සහ ජයතිස්ස, ධර්මසේකර කල්ලියේ සාමාජිකයන් වශයෙන් වාට්ටුව තුළ ප්‍රසිද්ධව සිටියහ. එනිසා ජවිපෙ හිතවාදීහු ඔවුන් සමග කතාවට නොගියහ. ප්‍රනන්ද තමන් හා කතාකරන කිහිප දෙනා සමග ක්‍රිස්තියානි විමුක්ති දේවධර්මය සහ බුදුදහම සම්බන්ධ කරමින් අදහස් ප්‍රකාශ කළේය. පෝයට සිල්ගත් ඔහු බෝධිසත්ව චින්තනයක් ගැන කීවේය. ඒ චින්තනයට අනුව ක්‍රිස්තුස් වහන්සේ ලෝකවාසීන්ගේ ගැළවීම සඳහා පැමිණි බෝධිසත්වයෙකි.එම කාලයේ සී වාට්ටුව ඇතුළු වාට්ටු ගණනාවක කුමාර් රූපසිංහගේ ‘ජනවේගය’ වැඩපිළිවෙළ පැතිරිණි. රූපසිංහට බොහෝ දෙනෙක් පන්දම් ඇල්දූහ. ප්‍රනාන්දත් ඔවුන්ට සහාය දුන්නේය.ප්‍රනන්ද නමැති වාසගම ලංකාවට ලැබෙන්නේ පෘතුගීසි පාලනයෙන් පසුවය. අමුතු තර්කයක් ඉදිරිපත් කළ ඔහු, ප්‍රනන්ද පුද්ගල නමක් යයි කීවේය. ශ්‍රී යන සංස්කෘත වචනය නමට ඉදිරියෙන් යොදාගත් ඔහු කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද වූයේය. ප්‍රනන්ද නමක්ද වාසගමක්ද යන්න ශ්‍රී ප්‍රනන්දගේ පරපුර ගැන දන්නෝ දනිති.මැගසින් බන්ධනාගාරයේ සිටි කාලයේ ප්‍රනන්දගෙන් වැව හෝ සිංහල සංස්කෘතිය ගැන අදහස් ප්‍රකාශ නොවුණි. මැගසින් බන්ධනාගාරයෙන් එළියට පැමිණ කලකට පසු ඔහු ලංකා ඉතිහාසය ගැන අදහස් ප්‍රකාශ කළේය. මෙහිදී ඊට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් සඳහන් කළ යුතුය.වැව සහ සිංහල සංස්කෘතිය පිළිබඳ සංවාද පැවැත්වූ තැනක් ඔහු ජීවත් වූ පළාතේ තිබුණි. ඒ බිංගිරිය දේවගිරි රාජමහා විහාරයයි. අප්‍රියෙල් කැරැල්ල නිසා කලක් අත්අඩංගුවේ පසුවූ මුදියන්සේ තෙන්නකෝන් (අගමැති අයියා) මේ සංවාදවලට සහභාගිවූ අයෙකි. ‘දිවයින පත්‍රයේ බදාදා අතිරේකයෙහි’, තෙන්නකෝන් අයියා සමග කළ සංවාද කිහිපයක් පළ විය. ඒවා රටේ ජනප්‍රියවූ පසු බිංගිරිය පන්සලේ විහාරාධිපති මලගනේ අත්ථදස්සි හිමියන් සහ සිංහල වෛද්‍යවරයෙකු සමග කළ සංවාද ලිපි ගණනාවක්ද දිවයින බදාදා අතිරේකයේ පළ විය. මේ ලිපි කියවූ ‘පෙරදිග සුළං’ ව්‍යාපාරයේ නායක ගාමිණි යාපා ද බිංගිරිය පන්සලට පැමිණියේය. යාපා මාක්ස්වාදී දෘෂ්ඨියෙන් බලා ලංකාවේ කෘෂිකර්මය පිළිබඳ පොතක් ලියා තිබුණි.සිංහ හම පොරවාගත් බුරුවකු පිළිබඳ කතාවක් ඇත. දැන් බුරුවෝ සිංහ හම් පොරවා නොගනිති. මනුෂ්‍යයෝ වෙනත් උපක්‍රම භාවිතා කරමින් රූපය වෙනස්කර ගනිති. සිංහල (බෞද්ධ) හම් පොරවා ගැනීම එක් උපක්‍රමයකි.කොලට් නාරද මහත්වරු

ඒක බයිබල් මූලධර්මයක්. පුරාන හන්දි වල ‘ පන්සල් තිබුණ ඒවා අල්ලගත්තා.කඳු මුදුන් වල තිබුන පන්සල් අල්ලගත්තා. ඒ පෘතුගීසි කාලේ .මුස්ලිම් අයත් මේ වැඩේම කරනවා හන්දිවල තමයි පල්ලි හදන්නේ.මේක බෞද්ධයා මානසික ග්‍රහණයෙන් අල්ලාගන්න ආක්‍රමණයක්.ගමේ කතෝලිකයෝ එක්කෙනෙක් දෙන්නෙක් හිටියත් පල්ලියක් හදනවා.ඊට පස්සේ මංගල්‍යයක් කරලා මීගමු පැත්තේ කට්ටිය ඔක්කොම එක දවසකට එකතු වෙනවා. මංගල්‍යය කියලා.එකතුවෙලා අහිංසක බෞද්ධ ගැමියන්ට සද්දේ දාලා යනවා.දැන් අලුත්ම සෙල්ලම තමයි බෞද්ධ වෙස්මුහුණ දාගෙනමයි මර්මස්ථාන කැලෑ අල්ලන්නේ. මේක කතෝලික ක්‍රිස්තියානි ව්‍යාප්තවාදය යි.මේ ඊයේ පෙරේදා ආරණ්‍යයක් අස්සෙන් කොටි පල්ලියත් එක්ක එකතු වෙලා බෞද්ධ වෙස්මුහුණක් දාගෙන මතුවෙනවා වගෙත් පේනවා.සමන් ඒකනායක

වන භූමි කොල්ල කන අසපු හෝටල්සතර දෙසින් වටව ඇති මේ කුඩා දිවයිනේ ඉතිරිව ඇති අන්තිම වනාන්තර කැබලි කිහිපය තුලත් අසපුවාදීන් විසින් කොන්ක්‍රීට් අසපු, පිවිසුම් මාර්ග තනමින් කැලෑ සතුන්ගේ එකම වාසස්ථානයන් අහිමි කරමින් මහා පාප කර්මයෝ කරති.විවිධ දේශපාලුවන් , පල්ලි පිල්ලි ව්යාපරිකයන් සහ කූඨ ජාවාරම්කරුවන් ගේ කලු සල්ලි ශෝධනය කිරමින් මේවාට කෝටි ගණනින් මුදල් පොම්ප වේ. දැනට අභාවයට යමින් තිබෙන බෞද්ධ විහාරස්ථාන පිලිසකර කිරීමට මුදල් නොලැඹෙන මුත් මෙවන් අරුමෝසම්කාරී අසපු වලට මුදල් සහ අවසර ලැබෙති.ජාතික පාරිසරික පනත, වන ජීවි සංරක්ෂණ ආඥා පනත ආදී සියලු නීති අතික්‍රමණය කරමින් මේවා තනන්නේ දේශපාලන හයිය සහ ග්‍රාමීය තරුණ කොටස් මැර බලය යොදවමිනි.ඉතා හානිකර දෙයක් වන්නේ ඉතා සංවේදී වනාන්තර තුල හෝ කදු වල ඉදිකරණ මේවා වල නිකුත් වන අධි බල විදුලි ආලෝකය නිසා වනාන්තර පාරිසරික පද්ධතියේ ආහාර ජාලයේ තීරණාත්මක සංඝටක යක් වන කෘමින් එවා වෙතට ඇදී විශාල වශයෙන් මිය යෑම නිසා කෘමීන් මත යැපෙන සෙසු සත්ත්ව ශ්‍රේණි අනතුරට ලක් වීමය. මීට අමතරව මේ අසපු බොහෝමයක් විහාරස්ථාන සහ භාවනා යෝගී ස්ථාන ලෙස පිටතට කීවාට ඇතුලත නවාතැන් පලවල් වෙති. සමහර ඒවායේ කාන්තාවෝ සමග සහකරුවන් නැවතී සිටිති. මෙසේ එන පිරිස් විසින් ඉවත ලන ප්ලාස්ටික්, පොලිතින් සහ කසල වන භූමිය තුලට බැහැර කරයි.සමහර අසපු රක්ෂිත තුල දිය පහර වල් හරස් කර පොකුණු තනා ඇති අතර මේවා කෙලි බිම් බවට පත්ව ඇත. පොදු දිය ඇලි අසල අවිචාරී ගිහියන් ගේ ලිංගික ක්රියාකාරකම් ද සාධාරණය වන මේ කොදෙව්වේ ඒවා පෞද්ගලික දේ යයි බැහැර කරත් මෙසේ දිය පහරවල් හරස් කිරීම නිසා වන භූමියට වන හානිය මෙතෙකැයි කිව නොහැක. නීති විරෝධීව රක්ෂිතය තුල දොල පහරින් වැලි ගොඩ දාති..බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය විකෘති කරමින් දුස්සීලයන්ගේ සහ දේශපාලන පාතාල වල තෝතැනි වී වනාන්තර විනාශ කරන මෙවන් ස්ථාන සදාචාරාත්මක බෞද්ධ රටක නම් අවසර දිය යුත්තක් නොවේ..කීර්ති හේවාගොඩ

ගිනි නිවීමට ගිනි නිවන හමුදාව එන්නේ යයි බලා සිටින සේ කොලඹ පරිසරකාරයන් සහ ජනමාධ්‍ය එනකම් බලා නොසිට තම ප්රදේශයේ සිදුවන පරිසර විනාශ , වැව් හෑරීම් සහ වනාන්තර එලි කිරීම් මොන ලොක්කෙක් හෝ මැරයෙකු ගේ වුවත් එයට එරෙහිව නැගී සිටින්න. ඒ සමගම පරිසරකාරයන් සහ මාධ්‍යට දන්වන්න.ප්රාදේශීය දේශපාලුවා සහ සහචරයින් පසු පස යෑමට කලින් අපරාධය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය සහ පොලිසියේ මූලස්ථාන අංක වලට අමතා පැමිණිලි කරන්න. ඡායාරූප සාක්ෂි සහ දිනය කාලය වාර්තා කර ගන්න. සමාජ ජාල හරහා රටම දැනුවත් කරන්න.අසපු වල නව ගුන වැල් ගනිමින් කර්මයට සියල්ල බාර දී බියසුල්ලන් ව නොසිට මේ අපරාධ වලට එරෙහිව සාමූහිකව නැගී සිටින්න.ගම්බද ප්රදේශ වල අසපු බාර් සහ ගංජා ප්රචලිත කරන්නේ මේ දේශපාලන සහ කූඨ ව්යාපාර වලට එරෙහිව නැගී සිටීමට ඔබලාට ඇති ආත්ම ශක්තිය නැති කිරීමට බව බුද්ධියෙන් වටහා ගන්න. රට ජාතිය සතා සිව්පාවන් ගැන හිතෙන්නේ නැත්නම් අඩුම තරමේ තමන්ගේ දූ දරුවන් ගේ අනාගතය ගැන සිතා මේ අපරාධකරුවන් ට එරෙහි වන්න..🙏කීර්ති හේවාගොඩ

පල්ලි දෙකම එකතු වෙලා බොදු වෙස් ගත් ලිපි දාමින් අමුතුම ආක්‍රමණය ක්.බුඩිස්ට් බ්රදර්හුඩ් ලු පුදුම පව්කාරයො ඉස්ලාම් බ්රදර්හුඩ් වගේ අන්තවාදයක් ගේන්නේ අමා දහර නම් වූ ෆේක් බොදු පිටු කාරයෝ.ඒවා දාගන්නෙත් අපේ මහා සංඝරත්නය වන පල්ලි පණතට විරුද්ධ වු මහා සඟ රුවණ කගේ ආරණ්‍ය සේනාසන පිටුවෙන් දාන ලෙසට පෙන්වායි.පුදුම පව්කාරයො මුලාවෙන් මුසාවන් මොවුන්ගේ අපේක්ෂා වම මහා කාරුණික සම්බුද්ධ ශාසනය සහ එය දරන මහ සඟ රුවණ උපාසක උපාසිකාවන් නොමග යැවීමේ සාහසිකත්වයයි.නමුත් බුදු දහමට සම්බුද්ධ ශාසනය ට අත තියන්න ගොස් අත පුච්චා ගන්න බව ඔවුන්ට තවමත් නොතේරෙන තරමට නියත මිසදිටුයි

අපි ලැබූ අත්දැකීම් කියා දෙන දේවල් ඇහුවෙත් නෑ . දැන් රජයට වරද පටවනවා නොවේවා. කේවට්ටයන්ට එරෙහි විරෝධයක් පමණක් නම් හොඳයි.එංගලන්තෙ ලක්ෂ එක හමාරක් මැරුණා කවුරුවත් ඔහොම දේවල් කරේ නෑ අපටත් හැදි හැදී සේවය කරා සහ තවම කරනවා මිසක්.මැල්කම්ගේ උද්ඝෝෂණ වලට වක්‍ර ව සම්බන්ධ වන බටහිර වෙදමහත්හොරුන්ගේ මාර්ෆියාවත් නොවේවා.චන්න ජයසුමණ තක්කඩියා ත් දිලිත් ලා ඇතුලු මංකොල්ලකාරයින්ද සමග බටහිර එන්නත් මාර්ෆියාව උස්සන්න ටම සාදික්කා පැණිය විකුර්ති කර සිංහළේ මිනිසුන් ලබමින් සිටි සිංහල වෙදකමේ සැබෑ ඵලයට මඩ ගස්සවා නවතා දමා ඒ වෙනුවට බටහිරෙන් එන එන්නතක් ගැන බලාපොරොත්තු ඇති කර සහ කොරෝනා වයාපාරය කරගැනීමට රෝගය බෝ කිරීමට පසුබිම ඇති කරා බෑ සිල් සමග උදයංගලා දිලිත් ලා සමග.මේ දොස්තර මහතා සාමාන්‍යයෙන් කැප වී වැඩ කරපු කෙනෙකුත්. පළමු රෝගියාටත් හෙළ සුවය කැඳ කෝප්පේ හදාගෙන ගිය බවත් කිව්වා ඔහු සුව වුණා. ඒත් පසුව නම් බටහිර ෆාර්මා මාර්ෆියාව ට දිලිත් දිරිමත් කල එන්නතට යටත් වීමට සිදු වෙලා කරකියා ගන්න දෙයක් නැතුව ගිහින් වගේ.හරි නම් අපේ පාරම්පරික ඔසු දාගෙන ඊනියා clinical trial වත් කර රෝගීන්ට සේවය කරන්න ඕන. දේශීය දේට පහර දෙමින් බටහිර දේවල් නෑ කියමින් හූල්ලනවා. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕන. අනික සුද්දන්ට අපට ඇති අධ්‍යාත්මික ශක්තිය ගුණ ආහාර මොකුත් නැතුව තියෙන දේවල් වැලි අහුරු වගේ විසි කර බොරුවට හරි හුරේ කියන්නෙත්. ඒත් අපේ බහුතර දොස් තරයෝ ටත් ඕන ඒ බටහිර වස ඔසු.