




































































































කතෝලික සභාව පාස්කු ප්‍රහාරය ගැන උනන්දුවක් දැක්වීම තේරුම් ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයගෙන් අති විශාල බහුතරය කතෝලිකයන්. මගේ දැනුම අනුව එක් පල්ලියක් හැරෙන්න විනාශ වූ අනෙක් පල්ලි කතෝලික. පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තන් කවුදැයි දැන ගැනීමට හා ඔවුන්ට දඬුවම් කිරීමට කතෝලික සභාවට අවශ්‍ය වන්නේ නම් ඒ ගැන පුදුුම විය යුතු නැත.
පාස්කු ප්‍රහාරය ගැන මහත් උනන්දුවක් දක්වන සිරිල් ගාමිණී පූජකතුමා මෙරට බුද්ධි අංශ සහරාන්ට ආධාර කර ඇති බව සාකච්ඡාවක දී සඳහන් කර තියෙනවා. එය ඇත්තක් ද කියා මා දන්නේ නැහැ. සිරිල් ගාමිණී පූජකතුමාට ඒ ගැන සාක්‍ෂි ඇතැයි මා විශ්වාස කරනවා. පූජකතුමා සාක්‍ෂි නැතිව එවැනි ප්‍රකාශයක් කරන එකක් නැහැ කියා මා හිතනවා. එසේ වුණත් බුද්ධි අංශ ප්‍රධානි සලේ, පූජකතුමාගේ ප්‍රකාශය නිසා තමාට හා පවුලට තර්ජනයක් වී ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තියෙනවා.
මෙරට බුද්ධි අංශය දුර්වල කෙළේ කවුද කියන එක සිරිල් ගාමිණී පූජකතුමා සඳහන් කර නැහැ. ඒ මෛත්‍රිපාල ද රනිල් ද වෙනත් කවුරුන්වත් ද කියා හොයා බලනවා නම් හොඳයි. ඒ කුමක් වුණත් යමපාලන කාලෙ දි බුද්ධි අංශ දුර්වල වුණා. අප සොයා බලන්න ඕන යමපාලන ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන. යමපාලන ආණ්ඩුව ඇති කෙළේ කවුද කියන එකත් අද වැනි දිනක 2018 දී යමපාලන ආණ්ඩුව බිඳ දමා පිහිටුවා ගත් දින පනස්දෙකේ ආණ්ඩුව රැක ගැනීමට කටයුතු නොකෙළේ කවුද කියන එකත් හොයා බලන්න ඕන.
යම් විධියකින් දින පනස් දෙකේ ආණ්ඩුව රැක ගත්තා නම් පාස්කු ප්‍රහාරය සිදු වේවි ද? මේ ප්‍රශ්නය අහන්න අදට වඩා සුදුසු දිනයක් නැහැ. 2018 ඔක්තෝම්බර් 26 වැනි දාට මග පෑදුවේ නින්දා අපහාස මැද. මා එහි ගෞරවය ලබා ගැනීමට කටයුතු කරනවා නො වෙයි. ගෞරවයක් ලැබීමට තරම් දෙයක් මා මෙරටට කර නැති බව අමරසේකර ඇතුළු උගතුන් බුද්ධිමතුන් දන්නවා.
ඒ කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූල ව මහින්ද අගමැති පදවියට පත් කිරීමට හැකි බව අප පෙන්වා දුන්නා. ඒ සඳහා මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතු බව කී විට එක් බටහිර වෛද්‍ය මහාචාර්යවරයකු නියම කෙළේ මයිලෝ දෙන්න කියා. මා මේ සමග යමපාලන ආණාඩුව වෙනස් කළ යුතු බව හා කළ හැකි බව සඳහන් 2017 නොවැම්බර 25 ලියූ ලිපියක් ද පළ කරනවා.
එක් අතකින් පාස්කු ප්‍රහාරයට යමපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට ආධාර කළ බටහිරයන්, මෙරට ඊනියා රාජ්‍ය නොවන සංවිධාන (NGO) ඊනියා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (INGO) (මේ සංවිධාන බොහොමයක බලය ඇත්තේ කතෝලිකයනට හා ක්‍රිස්තියානින්ට), මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙන් එළවා ගත් අය, දින පනස් දෙකේ ආණ්ඩුව රැක නොගත් අය, එ ජා ප , ජ වි පෙ, ජාතික හෙළ උරුමය, දෙමළ පක්‍ෂවල හා මුස්ලිම් පක්‍ෂවල නායකයන් ආදීන් වග කියන්න ඕන.
බුද්ධි අංශ දුර්වල කිරීමට කටයුතු කෙළේ යමපාලනයේ මෛත්‍රිපාල ද රනිල් ද? ඒ තැනැත්තා කවුරුන් වුවත් පාස්කු ප්‍රහාරයට අවස්ථාව සලසා දුන්නා. ඔහු පාස්කු ප්‍රහාරය සැලසුම් කළ බවක් මෙයින් කියැවෙන්නේ නැහැ. බුද්ධි අංශ සහරාන්ට මූල්‍යමය වශයෙන් හරි වෙනත් ආකාරයකට හරි 2015ට පෙර ආධාර කර තිබුණි යැයි ඔප්පු කළත් ඒ පාස්කු ප්‍රහාරය සඳහා යැයි මා විශ්වාස කරන්නේ නැහැ. ඒ වුණත් සිරිල් ගාමිණී පූජකතුමා කියන දේ ගැන පරීක්‍ෂණයක් පවත්වන්න ඕන. මා හිතන්නේ නැහැ පූජකතුමාගේ ප්‍රකාශයෙන් සලේ සැලේ කියා.
ඒ කොහොම වුණත් ඉතිරි වී ඇති ප්‍රශ්නයක් තියෙනවා. ඒ කොටි ත්‍රස්තවාදය සම්බන්ධයෙන්. එහි දී ඇතැම් කතෝලික පූජකතුමන්ලා විවිධ ආකාරයෙන් කොටින්ට ආධාර කළා. කාදිනල්තුමා ද එකල කොටි සංවිධානය කෙරෙහි සානුකම්පික ආකල්පයක් ඇති ව හිටියේ. මෙරට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන පරීක්‍ෂණයක් කළ යුතු ය කියා මා හිතනවා. කොටි ත්‍රස්තවාදය වර්ධනය කිරීමෙහි ලා කතෝලික සභාවේ කිසියම් වූ දායකත්වයක් තිබුණේ ද? පාස්කු ප්‍රහාරය නිසා මෙන් ම කොටි ප්‍රහාර නිසා ද මිනිසුන් ඝාතනය වුණා. මා හිතන්නේ කොටි ප්‍රහාරවලින් ඝාතනය වූ වැඩි දෙනකු බෞද්ධ කියා. බෞද්ධයන් ඝාතනය කිරම නිසා අප නො සැලේ ද? සලේට ඒ ගැන යමක් කියන්න පුළුවන් ද?
——————————————————————————
ආණ්ඩුව වෙනස් කළ යුතුයි වෙනස් කළ හැකියි
දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිට අගමැති වෙනස් කිරීමට නොහැකි ය කියන මතය බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියන අර්ථයෙන් නොවූවත් පට්ටපල් බොරුවක්. අගමැති නොව අමාත්‍ය මණ්ඩලය ම වෙනස් කිරීමට ජනාධිපතිට පුළුවන්. මේ පිළිබඳ ව යමකුට දැන ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කියවීමයි. මෙකල එය අමාරු වැඩක් නොවෙයි. ඕනෑම අයකුට එක්කෝ ව්‍යවස්ථාව නැත්නම් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය බාගත කරන්න පුළුවන්. එහෙත් බොහෝ දෙනා එසේ කරන්නේ නැහැ. මුහුණුපොතේ අයත් පඬි කටකතා කිසිම ඉවක් බවක් නැතිව ප්‍රචාරය කරනවා. ඔවුන් කම්මැලිකමට ව්‍යවස්ථාව බාගත කරගෙන කියවන්නේ නැහැ.
දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ද සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් දිනාගත හැකි අය අගමැති වශයෙන් පත්කළ හැකියි. මෙහි වැදගත් වන්නේ තම මතය අනුව යන්නයි. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් ඇත් ද නැත් ද යන්න මෙහි දී බලපාන්නේ නැහැ.
43 (3) වගන්තියට අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා අමාත්‍යවරුන්ට භාර විෂය වෙනස් කළ හැකියි. 43 (1) හා 43 (2) වගන්ති අනුව ඇමතිවරුන් පත් කිරීමේ දී අගමැතිගේ අදහස් විමසිය යුතු බවට සඳහනක් ඇති නමුත් 43 (3) එවැනි සඳහනක් නැහැ. සමහරවිට මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පතේ අතපසු වීමක් වන්න පුළුවන්. එසේ වුවත් 43 (3) අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකියි. ඒ අගමැතිත් ඇතුළුව.
46 (2) හා 46 (3) වගන්ති අනුව අගමැති හා ඇමතිවරු ඉල්ලා අස් නොවුනහොත් හෝ අගමැතිගේ උපදෙස් මත ජනාධිපති අස් නොකළහොත්් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රින් ලෙස සිටින තාක්, යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද එතෙක් අගමැති හෝ ඇමතිවරුන් හෝ ලෙස කටයුතු කරනු ඇත. මෙහි දී වැදගත් වන්නේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද යන්නයි. 43 (3) වගන්තිය අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකි බැවින් සංයුතිය වෙනස් කිරීමත් සමග අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම නැති වන බැවින් 46 (2) හා 46 (3) වගන්ති ජනාධිපති 43 (3) වගන්තිය යටතේ ක්‍රියාත්මක වන විට අදාළ වන්නේ නැහැ. මේ වගන්ති සංගත නැහැ. එහෙත් 43 (3) පැහැදිලියි.
දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ ගෙන ආ එකක්. එහි පරස්පර සාමාන්‍ය ප්‍රමාණයට වඩා තියෙනවා. ජනාධිපතිට 42 (4) හා 43 (3) අනුව ක්‍රියා කර අගමැතිත් අමාත්‍ය මණ්ඩලයත් වෙනස් කළ හැකියි. ඒ සඳහා අගමැතිගේ හෝ වෙනත් කිසිවකුගේ හෝ අදහස් වීමසීමක් අවශ්‍ය වන්නේ නැහැ.
ඒකාබද්ධ විපක්‍ෂය කියන ආකාරයට මෛත්‍රිපාල කණ්ඩායමට ආණ්ඩුවෙන් අස් වී ඒමට හැකි නමුත් මෛත්‍රිපාලට ජනාධිපති ලෙස රැඳී සිටීමට සිදුවෙනවා. එසේ නොකළහොත් රනිල් පළමුව වැඩ බලන ජනාධිපති වී පසුව ජනාධිපති වෙන්න පුළුවන්. එය අන්තිම භයානකයි. මෛත්‍රිපාල ජනාධිපති ලෙස සිටින තාක් ඔහුගේ කණ්ඩායම ආණ්ඩුවේ සිටින බව පිළිගැනීමට සිදු වෙනවා. මෙය තරමක ප්‍රශ්නයක්. එබැවින් ජනාධිපති කළ යුත්තේ අගමැති ඉවත්කර අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කර මහින්ද අගමැති ලෙස පත්කර සුදුසු අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමයි. එහෙත් ඒ සියල්ල කළ යුත්තේ මැතිවරණ සඳහා නොව, නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම, දහතුන්වැනි සංශෝධනය ඉවත් කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම සඳහායි.
අද දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ජාතික කොඩිය හා ජාතික ගීය සම්බන්ධයෙන් වහසි බස් දොඩනවා. මේ රනිල් අගමැති ධුරයේ සිටින නිසයි. ඒ අතර මේ ඊනියා ජාතික ආණ්ඩුව මෙතෙක් ඇති වූ දුර්දාන්ත ම ආණ්ඩුව යි. මේ ඊනියා ජාතික ආණ්ඩුව වෙනස් කළ යුතුයි. වෙනස් කළ හැකියි. ඒ සඳහා 2020 තෙක් බලා ඉන්න අවශ්‍ය නැහැ. ව්‍යවස්ථානුකූල ව වෙනස් කළ හැකියි. ඉහත සඳහන් වගන්ති ගැන මා කලින් ද කියා තිබෙනවා. එහෙත් කිසිවකු ඒ ගණන් ගන්නේ නැහැ. 2020 තෙක් සිටිය යුතු ය කියන්නේ එ ජා ප හිතචතුන් දෙමළ ජාතිවාදීන් කසිකබල් මාක්ස්වාදීන් ඊනියා ලිබරලුන් පඬියන් සිවල් සාමාජිකයන් රාජ්‍ය නොවන ගැත්තන් ආදීන් බව පැහැදිලියි. අවාසනාව ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය ද මේ කතාව විශ්වාස කිරීමයි.

මෙරට තරම් බටහිර විද්‍යා වහල්ලු වෙනත් රටක, බටහිර රටවල් ද ඇතුළු ව, ඉන්නවා කියා මා හිතන්නේ නැහැ. මේ විද්‍යාත්මක ක්‍රමයට අමාත්‍ය මණ්ඩල හදන රටක්. මා හිතන්නෙ මිනිසුන් චන්දෙ දෙන්නෙත් විද්‍යාත්මක ක්‍රමයට කියා. උසස් පෙළට බටහිර විද්‍යා විෂය ඉගෙන ගන්නා සිසුන් විද්‍යාත්මක ක්‍රමය හදාරනවා ද කියා මා දන්නේ නැහැ. එහෙත් උසස් පෙළ ශාස්ත්‍ර මානව ශාස්ත්‍ර ධාරාවල නම් කර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය හදාරනවා. ඒ අය විද්‍යාව දන්නේ නැහැ. ඒත් විද්‍යාත්මක ක්‍රමය දන්නවා!
බටහිර විද්‍යාව වගේ ම විද්‍යාත්මක ක්‍රමයත් අපට ලැබෙන්නේ බටහිරින්. පස්වැනි සියවසේ පමණ සිට අප දන්නේ පිටින් එන ඕනෑම දෙයක් ගෙඩිය පිටින් ගිලීම. විද්‍යාත්මක ක්‍රමය මොකක් ද කියල ඇහුවොත් පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන කියා කියන අය ඉන්නවා. ඒ ක්‍රමය නම් අපේ ආච්චිලා සීයලත් දැන හිටියා. අපි කරල බලන ජාතියක්. කරල බලල හරියනවා නම් අපි ඒක කරනවා. ඒකෙ තියෙනවා පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කතන්දරේ. ඒත් අපි නිකමටවත් කියන්නෙ නැහැ ආච්චි විද්‍යාඥියක් කියල.
තවත් සමහරු අභ්‍යුහනය (induction) තමයි බටහිර විද්‍යාත්මක ක්‍රමය කියා කියනවා. එය බේකන්ගෙ ක්‍රමය කියාත් කියනවා. මෙය ගණිතයේ කියැවෙන අභ්‍යූහනයෙන් තරමක් වෙනස්. උසස් පෙළ ගණිතයට අභ්‍යුහනය උගන්වනවා. බොහෝ විට අභ්‍යුනයෙන් පද න සංඛ්‍යාවක එකතුවට සූත්‍රයක් සාධනය කරනවා. සූත්‍රය n = p ට වලංගු ලෙස සලකා n= p+1ට සාධනය කරනවා. n=1ටත් සූත්‍රය හරියනවා නම් එය වලංගු සූත්‍රයක් ලෙස ගැනෙනවා. උසස් පෙළට ප්‍රශ්නයක් දුන්නොත් අභ්‍යුහනයෙන් මේ සූත්‍රය වලංගු නොවන බව පෙන්වන්න කියා සිසුන් බන්දුල ගුණවර්ධන කියන්නා වගේ පරීක්‍ෂවරයාගේ දෙමව්පියන්ට බැණ බැණ යාවි. ගුරුබොරුවන් වර්ජනයක් ආරම්භ කරාවි.
බටහිර විද්‍යාවෙ තියෙන්නෙත් කතන්දර හැදීමක්. ඔය අභ්‍යුහනය කියා ලොකු නමක් දා ගත්තට එයින් කියන්නෙත් කතන්දරයක් ගෙතීම කියන එක. මේ කතා ලිඳ ළඟ කතාවලින් නැත්නම් කන්ද උඩ කතාවලින් වෙනස් වෙන්නෙ විද්‍යා කතා යම් සිද්ධි කුලකයක්, සමූහයක්, සඳහා හදන කතන්දරයක් වීමෙන්. ලිඳ ළඟ කතා කේවල සිද්ධි නැත්නම් තනි තනි සිද්ධි සඳහා හදන කතන්දර. බටහිර විද්‍යාවෙ සිද්ධි කුලකය යම් රටාවක වෙන්න ඕන. තරු පායන එකයි ළමයි පාසල් යෑමයි එක රටවාක නැහැ. රටාව හඳුනාගෙන ඒ රටාව ඇති කුලකය සඳහා කතන්දරයක් හැදීම තමයි බටහිර විද්‍යාවෙ කෙරෙන්නෙ. ඇපල් ගෙඩි වැටීම පෙයාර්ස් ගෙඩි වැටීම පමණක් නොව හඳ පොළොව වටේ යෑමත් එකම රටාවකට සිදුවන බව තේරුම් ගැනීම සහ ඉන් පසු එසේ වන්නේ ඇයි ද යන්නට කතාවක් හැදීම තමයි බටහිර විද්‍යාවෙ මෙතෙක් වුණෙ. ඒත් දැන් දැන් එහෙම වෙන්නෙ නැහැ.
බටහිර විද්‍යා කතාවක් අනිවාර්යයෙන් ම වියුක්ත කතාවක්. ඒ කියන්නෙ හිතෙන් මවා ගන්න බැරි සංකල්ප යොදා ගෙන හදන කතාවක්. සරල රේඛාව, දෙවියන් වහන්සේ හිතෙන් මවා ගන්න බැරි සංකල්ප. පොල් ගෙඩි දහයක් හිතෙන් මවා ගන්න පුළුවන් වුණත් දහය කියන සංඛ්‍යාව හිතෙන් මවා ගන්න බැහැ. පඬියකු 10 ලියල අහන්න බැරි නැහැ දහය හිතෙන් මවා ගන්න බැරි ද කියල.
සිංහල අකුරු බොහොම සංයුක්තයි. අපට සිංහල සංකේත හල් කිරීම හැරුණු විට, තනි තනිව ශබ්ද කරන්න පුළුවන්.අකුරු සමූහයක් ලිවුව ම එය ශබ්ද කරන හැටි කාගෙන්වත් අහන්න ඕන නැහැ. ඒත් ඉංගිරිසියෙහි එහෙම බැහැ. put හා but ශබ්ද කරන්නෙ එක විධියට නො වෙයි. අපට තියෙන්නෙ සංයුක්ත රටා.
ශූන්‍ය කියන්නෙ හිස් බව. සියලු සංස්කාර ශූන්‍යයි. ඒ හිස් බවට තමයි අපි සංකේතයක් හදා ගත්තෙ හල්කිරීම. ඒක පස්සෙ භාරතීය භාෂාවල බලපෑමෙන් බිංදුව බවට පත් වුණා. හල් කිරීම සංයුක්ත කතාවක්. පරම ශූන්‍යය කියා සංකල්පයක් සිංහල බුද්ධාගමේ නැහැ. එය බටහිර සංකල්පයක්. නිවන ශූන්‍ය නොවෙයි. එය ශූන්‍යත් නැහැ නිශ්ශූන්‍යත් නැහැ. එය තැනක්වත් බහාලුමක්වත් නොවෙයි. කොටින් ම නිවනට එය කියන එකත් වැරදියි.
සිංහලයන්ට වියුක්ත ව හිතන්න බැහැ. අපි සංයුක්ත චින්තනයක් ඇති අය. අවුරුදු දෙසීයකට කිට්ටු කාලයක් ලංකාවෙ බටහිර විද්‍යාව ඉගැන්නුවත් අපට තවමත් හරිහමන් ප්‍රවාදාත්මක විද්‍යාඥයකු බිහි කරගන්න බැරි වෙලා. ඒ ලංකාවේ පහසුකම් නැති නිසා කියා ඇඟ බේරාගන්න බැහැ. බටහිර පහසුකම් ඇති ආයතනවල සේවය කරන සිංහලයන් ඉන්නවා. ඔවුන් සංස්කරණය කර ඇති වියුක්ත සංකල්පයක් ප්‍රවාදයක් තියෙනවා ද?
සියලු කතා බොරු. වියුක්ත කතා පට්ටපල් බොරු. බටහිර විද්‍යාව පට්ටපල් බොරු. මෙය තවමත් තේරෙන්නෙ නැත්තෙ ඉන්ඩන්ගෙන් නැත්නම් සුවාදීනයන්ගෙන් පැවත එන හා ජ වි පෙ පඬි නැට්ටන්ට. කෙකරගාමින්ට නම් තේරෙනවා. ඔවුන් හයිසන්බර්ග් නිවැරදි කරනවා.
අභ්‍යුහනයෙ අනෙක් පැත්ත තමයි අපෝහනය (deduction). නිගමනය කියලත් කියනවා. ඒ අර දන්නවා යැයි කියන තැනකින් පටන් අරන් ඇරිස්ටෝටලීය න්‍යාය යොදා ගෙන යම් යම් නිගමනවලට පැමිණීම. සිංහලයන් සාමාන්‍යයෙන් නිගමනවලට එන්නෙ එහෙම නොවෙයි. සාදෘශ්‍යයෙන්. ඒක එහෙම නම් මේක මෙහෙමයි ක්‍රමයෙන්. ගණිතය හදාරන සිසුසිසුවියන් පවා ඉගෙන ගන්නෙ මූලධර්ම ඉගෙන ඒ නයින් ගැටලු විසඳන්න නොව මේ වගේ ගාණක් දුන්නොත් මෙහෙම හදන්න.
කොවිඩ් 19 බටහිර විද්‍යාවට අහුවෙන්නෙ නැහැ. එය වෙනත් වෛරස් රෝගයක් වගේ නො වෙයි. අදාළ වෛරසය වෛරස කුලකයට පිටින් තියෙන්නෙ. බටහිර වෙදකමේ වෛරස් රෝගවලට කොහොමටත් ප්‍රතිකාර නැහැ. ඒලියන්ත වයිට්ටත් තම වෛද්‍ය ක්‍රමයෙ ප්‍රතිකාරයක් නොතිබෙන්න ඇති. එහෙමත් නැත්නම් තමාට ම ප්‍රතිකාර නියම කර ගැනීමට බැරුව වෙන්න ඇති. කොහොමටත් ඔහු මිය ගියෙ බටහිර රෝහලක. බටහිර විද්‍යා වහලුන් දැන් ඒකට ලිඳ ළඟ කතා හදනවා. වයිට් එන්නත අරගෙන හිටියෙ නැහැලු. ඒ කතාවෙ තේරුම මොකක් ද? එන්නත ගත් අය රෝගයෙන් මැරෙන්නෙ නැද්ද? එන්නත නොගත් අය රෝගයෙන් මැරෙනවා ද?
මේ ක්‍රමය මා දැන් ග්‍රැමෆෝන් තර්කය කියා හඳුන්වනවා. ළඟ දී එක් පඬියකු නිගමනය කළා එකල ලංකාවෙ ග්‍රැමෆෝන් ඉතා අඩු සංඛ්‍යාවක් තිබුණ නිසා ග්‍රැමෆෝන් ගීත ඇසූ පිරිස ජනගහනයන් 0.00000001% ක් වගේ කියා. මෙය විශ්ලේෂණය කර එවන පළමු තැනැත්තාට ග්‍රැමෆෝනයක ඡායාරුපයක් තෑගි කරනව. අපේ ගෙදර ග්‍රැමෆෝනයක් තිබුණෙ නැහැ. ඒත් අපි ඔය ග්‍රැමෆෝන් ගීත එකල අහල තිබුණා.

ඊයේ (සැප් 21) ලිපියේ මූලික ව සඳහන් වූයේ දෙමළ විසුරුණු ජනයා සමග කිරීමට බලාපොරොත්තු වන සාකච්ඡා පිළිබඳ ව. ජනාධිපති ගෝඨාභය එවැනි බලාපොරොත්තුවක් ගැන කීම අප පුදුමයට පත් කළ දෙයක් නො වෙයි. මින් පෙර ද ඔහු අතින් එවැනි කතා කියැවී තියෙනවා. එහෙත් යමක් කී පමණින් ඒ කෙරෙයි ද කියා තීරණය වන්නේ නැහැ. එය සමාජ බලවේග විසින් තීරණය කෙරෙන්නක්. 13 + දෙන බව කී වතාවක් ඉන්දියාවට කී දෙනකු පොරොන්දු වී තියෙනවා ද?
ඊයේ ලිපියේ එයට අමතර ව වැදගත් කරුණු දෙකක් සඳහන් වුණා. එකක් ආන්ද්‍ර බුද්ධාගම ගැන. අනෙක බිිංදුව යන සංකල්පය සංස්කරණය කිරීම ගැන. ඇතැම් පාඨකයනට ඒ මග හැරී යන්න ඇති. ඒ මා නාභිගත නොවීම නිසා වෙන්න පුළුවන්. ඒ අතර බොහෝ පාඨකයන්ට ඒ වැදගත් වී නැහැ. එක් අයකු පමණක් අසා තිබුණා ආන්ද්‍ර බුද්ධාගමට පෙර මෙහි තිබූ බුද්ධාගම මොකක් ද කියා. මා හිතන්නේ එයට පෙර මෙහි බුදුහාමුදුරුවන් දෙසූ බුදුදහමත් අශෝක බුදුදහමත් තිබුණා ය කියා. අශෝක බුදුදහම කියා මා හඳුන්වන්නේ මිහිඳු හිමියන්ගෙන් ලැබුණු තුන්වැනි සංගායනාවේ බුදුදහම.
මෙවැනි දේ කියනවාට විරුද්ධ පිරිසක් රටේ ඉන්නවා. ඔවුන් මහාවංසය හා අටුවාව කිසිදු විවේචනයකින් තොරව පිළිගන්නවා. ඔවුන් මූලික වශයෙන් ජාතික මතධාරීන්. එහෙත් ඔවුන් සමහර දෙනකුට මා ද්‍රෝහියෙක්. එහෙම නැත්නම් නොමග ගිය අයෙක්. මා ඔවුන්ගෙන් හා වෙනත් අයගෙන් දැනගන්න කැමතියි වළගම්බා රජු දවස ධර්මය ග්‍රන්ථාරුඪ කෙළේ මොන භාෂාවෙන් ද කියාත් ඒ පෙතපත අද දකින්ට ඇත් ද කියාත්. ඒ ප්‍රශ්නය මෙතෙක් අසා නැත්නම් හරි ඒ ගැන හිතා නැත්නම් හරි මට කරන්න දෙයක් නැහැ.
බිංදුව ගැන නම් කිසිවකුට උනන්දුවක් ඇති වී නැහැ. එය තේරුම් ගන්න අපහසුවක් නෑහෑ. අප උනන්දුවන්නේ අපේ ජීවිතවලට සම්බන්ධ දේ ගැන. අප නිරෝධායනය වන හෝටලයේ සේවය කරන තරුණියකගේ ගම දිවුලපිටිය. මා ඇගෙන් ඇහුවා දිවුලපිටියේ කාලෝ ෆොන්සේකා දන්නවා ද කියා. ඇය දැන හිටියේ නැහැ. මා දෙවැනි දවසකත් ඇගෙන් ඇහුවා. ඇය අන්තර්ජාලය බලා ආපසු පැමිණ කීවේ ප්‍රොෆෙසර් කාලෝ ෆොන්සේකා ටීවී එකේ දැක ඇති බව. මා ඒගැන පුදුුම වූයේ නැහැ. මෙරට හේතුවාදයේ සුළුපියා වූ කාලෝ ෆොන්සේකා (පියා ඒබ්‍රහම් කොවූර්) ඇගේ ජීවිතයට කිසිසේත් සම්බන්ධ නැහැ. ඇය සමහර විට නළු නිළියන් ගායක ගායිකාවන් ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන දන්නවා ඇති. ඒත් තම ගමේ ම උපන් කාලෝ ෆොන්සේකා ගැන දන්නේ නැහැ.
කාලෝ ශිෂ්‍යත්වය (එකල ශිෂ්‍යත්වය නොවූ බව වෙන ම කරුණක්) සමත් ද, ඔහු ජ්‍යෙෂ්ඨ විභාගය පළමු වර සමත් ද, විශ්වවිද්‍යාල ප්‍රවේශයට කී වරක් පෙනී සිටියේ ද, විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට වයස විසිදෙකක් වන තුරු නොහැකි වූයේ ඇයි ද, ප්‍රවේශ විභාගයේ වැඩ හතරෙන් දෙකක් අසමත් ද, පසුව පාඩම් හා පාඩම් ම කර රන් පදක්කම් දිනා ගත්තේ ද, හේතුවාදියකු වූයේ කවදා ද, ගිනි පෑගීමේ අරමුණ ඔහු හිතා හිටි බුද්ධාගමට පහර ගැසීම ද, කොරුන් ඇුවිද්දවන කතෝලික පූජකවරුන්ට විරුද්ධ වීමට අතපසු වූයේ හේතුවාදය එයට බලනොපාන නිසා ද, ශිෂ්‍ය අවධියේ සමසමාජ කාරයකු නොවී කථිකාචාර්යවරයකු වීමෙන් පසුව සමසමාජ කාරයකු වූයේ ඔහුගේ මනස අවදිවන්නේ කාලයක් ගත වීමෙන් පසුව නිසා ද, ආදී කරුණු වැදගත් වන්නේ මට පමණක් වන්න පුළුවන්. ඒ ඔහු උගතකු බුද්ධිමතකු නොවන මගේ ජීවිතයට සම්බන්ධ වී ඇත්තේ උගතකු බුද්ධිමතකු ලෙස නිසා. උගතකු බුද්ධිමතකු නොවන මා උගතුන් බුද්ධිමතුන් ගැන දැනගන්න කැමතියි.
බොහෝ අයට බිංදුව ගැන සෙවීම තම ජීවිතයට සම්බන්ධ නැහැ. පුරා විද්‍යාඥයන්ටත් එහි වැදගත්කමක් නැහැ. ඔවුන්ට ඒ බිංදුව (හල් කිරීම) සඳහන් කැබලි පළමුවෙන් කියවන්න පුළුවන් වුණා නම් ඒ වැදගත් වන්න තිබුණා. එහෙත් දැන් එහි වැදගත්කම ගිහින්. එවැනි කැබලි සීගිරියේ තවත් තියෙනවා ද? එහි කාලය කුමක් ද? අපේ පැරණි ඉලක්කම් කවරේ ද (මියන්මාහි තවමත් ඔවුන්ගේ පැරණි ඉලක්කම් යොදා ගන්නවා, ඒත් ඒ සංකේත වත්මන් ක්‍රමය මත පදනම් වී තිබෙනවා. රූපයෙහි ඇත්තේ විවිධ අකුරුවලින් ලියැවුණු බුරුම ඉලක්කම්)? සීගිරියෙන් පිටත් හල්කිරීම සඳහන් ඵලක පුවරු සෙල්ලිපි ආදිය තියෙනවා ද? මේ ආදී පශ්න ඔවුන්ගේ ප්‍රබුද්ධ හිත්වල ඇති වන්නේ නැහැ.
මෙරට උගතුන් දන්නේ 1856 සිට 1888 දක්වා ලංකාවේ පැවති පරිපාලනය කුමක් ද, ඊනියා බෞද්ධ පුනර්ජීවනයේ විස්තර කවරේ ද ආදී ප්‍රශ්න ගැන හිත යොමු කරන්න. ඒ ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ කෙරී ඇත්තේ අධ්‍යාපනයෙන්. උසස් පෙළේ සිට අපට පුරුදු කරන්නේ එවැනි පරිධියේ ප්‍රශ්න ගැන හිත යොමු කරන්න. ඒ ප්‍රශ්න අපේ ජීවිතවලට සම්බන්ධ කෙරෙනවා. අර හෝටල් සේවිකාවට එවැනි අධ්‍යාපනයක් ලැබී නැහැ. අපේ ජීවිතවලට සම්බන්ධ ප්‍රශ්න අපේ පරිසරය විසින් සකස් කෙරෙන්න. ඒ දෙමව්පියන්, නෑයන්, මිතුරන්, ගුරුවරුන්, ජනමාධ්‍යවේදීන්, දේශපාලනඥයන් ආදීන් විසින් සකස් කෙරෙනවා වෙන්න පුළුවන්.
අප කේවල ප්‍රශ්න ගැන පමණක් හිත යොමු කරනවා. අධ්‍යාපනයෙන් ඊනියා විද්‍යා අධ්‍යාපනයෙනුත් කෙරෙන්නේ කේවල ප්‍රශ්න ජීවිතයට සම්බන්ධ කිරීමයි. අප දත්ත හා තොරතුරු ගබඩා පමණයි. අප කරන්නේ තව තවත් දත්ත හා තොරතුරු පසුපස යෑමයි. අඹ ගෙඩියක් වැටී තියෙනවා. ඒ ඇයි? කපුටෙක් කොටන්න ඇති, ලේනෙක් හපන්න ඇති, ඉදිල වැටෙන්න ඇති. අප ඉන් සෑහීමට පත් වෙනවා. එතකොට පොල් ගෙඩියක් වැටිල තියෙන්නෙ මොක ද? මොකක් හරි උත්තරයක් (හේතුවක්) කියන්න බැරියැ. එතකොට ගෙඩි වැටෙන්නෙ මොක ද? ගෙඩි වැටෙනවා කියන එක හිතේ මවා ගන්න පුළුවන් ද? මා අහන්නේ නැහැ ඔළු ගෙඩිය ගෙඩියක් ද කියා. කේවල ප්‍රශ්න වෙනුවට සාධාරණ (පොදු) ප්‍රශ්න අහන එක තමයි බටහිර විද්‍යාවෙ ලොක්කො කරන්නෙ. පොඩ්ඩො ඒ ප්‍රශ්නවලට ලොක්කො දෙන උත්තරේ මත පදනම් වෙලා පරිධියේ පොඩි පොඩි, බොහෝ විට කේවල ප්‍රශ්න විසඳනවා.
නිවුටන් ගෙඩි වැටෙන්නෙ මොකද කියන එකට උත්තරයක් හැදුව. ඒ තමයි ගුරුත්වාකර්ෂණය. බටහිර පොඩ්ඩො ඒක මත පදනම් වෙලා හඳට රොකට් අරිනවා. අපි සුද්දො හදපු රූපවාහිනියෙන් ඒක බලන් ඉන්නවා. බලන් ඉඳලා අර තරුණයන් කියන්න වගේ ලොරි, නැහැ කන්ටේනර් ටෝක් දෙනවා. ඉංගිරිසින් මුළු ලෝකෙට ම තමන්ගෙ ක්‍රමය පුරුදු කෙළෙ කොහොම ද කියන එක හිතන්න. ඒ හිතන්න පුළුවන් නම්. අද මධ්‍යම පංතිය කන්නෙ බොන්නෙ නිදාගන්නෙ පමණක් නොව වැසිකිළි යන්නෙත් ඉංගිරිසින්ට ඕන විධියට. ඊනියා ද්විභාෂික උගතුන් කියන්නෙ ඉංගිරිසියෙන් තියෙන දේ සිංහලෙන් කියන අයට. සංගීතයට ඒ මිශ්‍රණය ආවෙ ටික කලක් ගිහින්. සිංහල සංගීතයට බටහිර වාද්‍ය භාණ්ඩ එකතු වුණේ හෙමින් හෙමින් හීන් සැරෙන්. දේශපාලනයත් කෙරෙන්නෙ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට. ඒත් ඒ හැම තැනක ම අප අනාගන්නවා. හත්පොළේ ගාගන්නවා.
ඉංගිරිසිනුත් අද අමාරුවේ වැටිලා. කොවිඩ් 19 ඔවුන් දණ ගැස්සුවා. කොවිඩ් වෛරසය අද කේවල ප්‍රශ්නයක් වෙලා. බටහිර විද්‍යාවෙ ලොක්කන්ට ඒක පොදු වෛරසයක් ලෙස සලකා විසඳුම් හොයන්න බැරි වුණා. බටහිර විද්‍යාවේ දුර්වලකම අපට දැන් පේනවා. මෙරට ඉන්න බටහිර වෙදමහතුන්ට වෙද හාමිනේලාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊළඟ නිවේදනය එනකම් බලන් ඉන්නවා. ඔවුන් කියන දේ රවි කුමුදේශ්ටත් ශවේන්ද්‍ර සිල්වාටත් චතුර අල්විස්ටත් විතරක් නොවෙයි උගතකු බුද්ධිමතකු වියතකු නොවූ මටත් කියන්න පුළුවන්. නිවේදන කියවන්න එතරම් උගත් කමක් අවශ්‍ය නැහැ.
ලෝකෙ ප්‍රශ්න අපේ ප්‍රශ්න. ඒ සමහර ඒවා කේවල, සමහර ඒවා පොදුකරණයට ලක්කරන්න පුළුවන්. සමහර ඒව දෙකෙන් එකකටවත් අයත් නැති වෙන්න පුළුවන්. ඒ මොනව වුණත් අපි හිතන්නෙ නම් නැහැ. හිතන්නෙ නැති අපට බිංදුව

සුදත් බණ්ඩාරගේ මරණයෙන් පසු මට මරණ බය ඇති වුණා. සුදත් හිත හොඳ දොස්තර යනුවෙන් දැන් එක් එක් අය ලියනවා. බුලත් විට කෑ දොස්තර යන්න තවත් යෙදුමක්. ඊනියා විප්ලවවාදීන් ද ඔහුගේ හොඳ කියනවා. එක් පඬියකුට අනුව සුදත් තම හොඳ ම ප්‍රතිවාදියා. පඬියාගේ ලොක්කා මුකුත් කී බවක් දැන ගන්න නැහැ. අතන මෙතන පතන රතන හාමුදුරුවො මා දැනුවත් ව මොකුත් කියා නැහැ.
සුදත් බණ්ඩාර ගැන මා ලියු කෙටි සටහන ඇතැමකුට මගහැරිලා. ඒ මගේ ශෛලිය නිසාලු. මා නාභිගත නැහැ කියලයි ඒ අය කියන්නෙ. ඒක මගේ වැරැද්ද වෙන්න පුළුවන්. එහෙත් කියවන අයත් මගේ ශෛලියට පුරුදු වුණොත් නරක ද? හාමුදුරුවරුන් බණ කියන කොට විවිධ දේ දේශනා කරනවා. ශ්‍රාවකයන්ට ඉන් මතක හිටින්නේ ටික ද? මා දන්නේ නැහැ. උදයසිරි වික්‍රමරත්නගේ සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයේ ආකෘතියේ පසුබිමේ ඇත්තේ ධර්මදේශනා ශෛලිය. ඒ බව උදයසිරි කියා තියෙනවා ද කියා මා දන්නේ නැහැ.
සුදත් ගැන ජීවත් ව සිටිය දී කිසිවකු ලියූ බවක් මට මතක නැහැ. ඔහු විප්ලවාදියකු වූයේ ඇයි? වෛද්‍ය පීඨවල අය විිද්‍යා පීඨවල අය ඉංජිනේරු පීඨවල අය විප්ලවවාදීන් වන්නේ අයි? ශාස්ත්‍ර පීඨවල අය විප්ලවවාදීන් වන්නේ ඇයි? අප පාසලේ හිටියා රිචඩ් පීරිස් සමාගමට සම්බන්ධකම් තිබූ අයෙක්. ඔහු කොමියුනිස්ට්වාදියකු වුණා. පසුව රුසියාවේ ඉගෙනුම ද ලැබුවා. ඔහු වැනි අය විප්ලවවාදීන් වන්නේ ඇයි?
පිලිප් ගුණවර්ධන විප්ලවවාදියකු වූයේ ඇයි? ඔහුට තම පියාට ඉංගිරිසින් සැලකූ ආකාරය ගැන හැඟීමක් තියෙන්න ඇති. එන් එම් විප්ලවවාදියකු වූයේ ඇයි. ශාන්ත තෝමස් විද්‍යාලයේ ද ටික කාලයක් ඉගෙන, ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට ද ක්‍රීඩා කළ එන් එම්ට එංගලන්තයේ දී සමාජ අසාධරණය දැනෙන්න ඇති. එහෙත් කොල්වින් ආර් ද සිල්වා රාජකීය විදුහලේ ඉගෙනුම ලබා එංගලන්තයට ගොස් නීතිඥයකු වී ආපසු ලංකාවට පැමිණීමෙන් පසුවයි විප්ලවවාදියකු වුණේ. දොස්තර සයිමන් ගුණවර්ධනගේ පුතකු වූ ද ශාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ ද ලෙස්ලි ගුණවර්ධන විප්ලවවාදියකු වූයේ ඇයි.
මේ එක් එක් අය ගැන ලිඳ ළඟ කතා නැත්නම් කන්ද උඩ කතා කියන්න පුළුවන්. ඒත් ඒ සියල්ලන්ට පොදු වූ ලක්‍ෂණයක් ද තියෙනවා. ඒ සමාජ අසාධාරණයක් ඇති බව යම් කිසි ආකාරයකින් වැටහීම හා මාක්ස්වාදය පිහිටෙන් අසාධාරණය නැති කළ හැකිය යන විශ්වාසයයි. එකල සෝවියට් රුසියාව තිබූ කාලයෙහි නම් ඇතැමුනට මාක්ස්වාදයේ ඊනියා (ඊනියා කියන එකේ තේරුම එසේ නොවන කල එසේ යැයි කීම) සත්‍යතාව ගැන උදාහරණයක් තියෙන්න ඇති. දැන්නම් ඇත්තේ ඒ පිළිබඳ විශ්වාසයක් පමණයි.
මේ අතර සමහරු ප්‍රසිද්ධිය සඳහා සමාජ වැදගත්කමක් ලබා ගනීම සඳහාත් විප්ලවවාදීන් වෙනවා. සුදත් එවැන්නකු වූයේ නැහැ. ඔහුට සමාජ අසාධාරණයට පිළියමක් සෙවීමට අවශ්‍ය වුණා. ඔහු තමාට වඩා සමාජය ගැන කල්පනා කළ අයෙක්. මා හිතන්නේ නැහැ ඔහුට පෞද්ගලික ව සමාජ අසාධාරණයක් වුණා කියලා. ඒ නිසා මාක්ස්වාදය අත් හැර ජාතිකත්වය වැළැඳ ගැනීම ඔහුට ප්‍රශ්නයක් වුණේ නැහැ. කුල පීඩනය නිසා හෝ වෙනත් එවැනි පෞද්ගලික කරුණක් නිසා හෝ විප්ලවවාදීන් වන ඇතැමුන් සමාජ අසාධාරණය ධනපති පංතිය නිසා ඇතිවන්නක් වෙනුවට සිංහල බෞද්ධ සංස්කෘතියේ කුල භේදය නිසා ඇති වන්නක් ලෙස සිතා සිංහල බෞද්ධකමට විරුද්ධ ව සටන් කරන්න පටන් ගත්තා. ඇතැම් ප්‍රදේශවල එය ගොයිගම විරුද්ධත්වයක් බවට පත් වුණා. සිංහල බෞද්ධත්වයට විරුද්ධවන්නන්ට බටහිර රටවල සෘජු හෝ වක්‍ර හෝ ආධාරය ලැබෙනවා.
සුදත්ට මේ ප්‍රශ්න තිබුණේ නැහැ. හෙට දේශපාලන බලය ලබා ගැනීම සඳහා ඕනෑම අලුගුත්තේරු වැඩක් කරන්න ඔහු පෙළඹුණේ නැහැ. කෙක්කෙන් හරි කොක්කෙන් හරි බලය ලබා ගන්න ඔහු කටයුතු කෙළේ නැහැ. ඔහු අනුන් රැවටීමට මහණ වුණෙත් නැහැ ලෝගුව දාගත්තෙත් නැහැ. ඔහුට නායකයා වීමේ දොළදුකක් තිබුණෙත් නැහැ. ඔහුගේ වියෝවීම ජාතිකත්වයට පාඩුවක්.
සුදත්ගේ අභාවයෙන් පසු මට මරණ බය ඇති වුණේ ඔහු ගැන හොඳක් නොකී අය තරගයට ඔහු ගැන හොඳ කීමට ඉදිරිපත් වීම නිසා. මා මළ පසු උගතුන් බුද්ධිමතුන් වියතුන් මගේ හොඳ කියයි ද කියා හිතුණ නිසා. දැනට නම් ඔවුන්ට අනුව මා මිථ්‍යා මත ධාරියෙක්, බටහිර විද්‍යාව පට්ට පල් බොරු කියන පිස්සෙක්, මුග්ධයෙක්, මැන්ටලයක්, අන්තවාදියෙක්, ජාතිවාදියෙක්, ආගම්වාදියෙක්, සිංහල බෞද්ධ සුපිරිවාදියෙක්, සිසුන් නොමග යැවූවෙක්, දුර්වල ශිෂ්‍යකු වූ නිසා සසෙක්ස් විශ්වවිද්‍යාලය උපාධියක් ලබා දී ඉක්මණින් ලංකාවට පිටත් කර යැවුවෙක්.
මෙරට විශ්වවිද්‍යාල තුනක මා උගන්නල තියනවා. පේරාදෙණියට දෙවැනි වර එනවිට ගණිත අධ්‍යනාංශයේ කිහිප දෙනකු එයට විරුද්ධ වුණා. ඒ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හානියක් වේය කියා. පීඨාධිපති ඇතුළු තවත් අය ද විරුද්ධ වුණේ මා විප්ලවවාදියකු කියා. කොළඹ දී ඇතැම් කථිකාචාර්යවරුන් තමන්ට බැන්නා ය කියා මට විරුද්ධ ව චෝදනා කළා. ජී එල් පීරිස් හරිස් ද සිල්වාගේ සභාපතිත්වයෙන් ඒ චෝදනා විභාග කිරීමට පත් කළ ඊනියා අපක්‍ෂපාත කමිටුව මා වරදකරුවකු කළා. එය පීරිස්ගේ කමිටුවක්. කම්කරු උසාවිය මා නිදහස් කළා. අනෙක් විශ්වවිද්‍යාල මා බඳවා ගැනීම ප්‍රතික්‍ෂෙප කළා. මා නඩු කියා කැලණියට ගියා. කැලණියේ දී ආචාර්යවරු මට විරුද්ධව ශිෂ්‍යනට පත්‍රිකා බෙදුවා. විද්‍යා පීඨයේ මගේ මතවලට විරුද්ධව විශේෂ රැස්වීම් තියා ශිෂ්‍යනට කරුණු කියා දුන්නා. ඒ ආචාර්යවරු මා මෙන් නොව ශිෂ්‍යයන් යහමගට යවන අය.
මා නරක මිනිහෙක්. ඒ බව මා දන්නවා. මට ඇති බය මා මළ පසු මගේ හොඳ කියාවි ද කියා. කියන්න හොඳක් නැහැ. මා වෙනුවෙන් දුක් ගී ලියාවි ද කියා මට බයක් තියෙනවා. මගේ එක ම පැතුම මගේ මරණය ගැන උගතුන් බුද්ධිමතුන් වියතුන් ආදීන්ට දැන ගැනීමට ඉඩක් නොතැබීමයි.











මගේ අත තවමත් සම්පූර්ණයෙන් සුව වී නැහැ. එබැවින් දිර්ඝ ලිපියක් ලියන්න බැහැ. වෙද මහතා කියන විධියට තව දින කිහිපයක් පත්තුව බඳින්න වෙනවා. ලියන්න බොහෝ දේ තියෙනවා. ගුරුබොරුවන්ගේ බොරුව අද තවත් අදියරකට පත් වෙනවා. 2023 දක්වා අදියර කිහිපයක් තියේවි. ගුරුවරුන්ගේ වැටුප මදි. තවත් අයගේත් වැටුප් මදි. ගුරු වැටුප් ප්‍රශ්නයට අවුරුදු විසි හතරක් වෙනව කියනවා. ඒ කියන්නෙ 2015 දී අවුරුදු දහඅටක් වුණා කියන එක. ඒත් එදා සෙඩෙක් ආයතනයේ පුහුණුව ලැබූ ජෝසෆ් ස්ටැලින් (මට පුරුදු ස්ටාලින් නොව ස්ටැලින් කියන්න. ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් මට හිනහ වෙන්න පුළුවන්) හා යමපාලන ආණ්ඩුවට සහාය දුන් ජ වි පෙරමුණේ මහින්ද ජයසිංහ ප්‍රශ්නය අතට ගත්තෙ නැහැ. ඔවුන් යමපාලනයට ප්‍රශ්න ඇති කෙළේ නැහැ. එදා අධ්‍යාපන ඇමති වුණෙ රනිල්ගේ ගජ මිතුරු අකිල විරාජ්.
අද ප්‍රථමික පාසල් විවෘත වෙනවා. ඒත් ඔය අධ්‍යාපනයෙන් රටට වැඩක් වෙලා තියෙනවා ද? ඔය ළමයින්ට ගණිතය උගන්වනවාට වඩා ගුණ ධර්ම කියා දුන්නොත් නරක ද? දියව් දියව් කියන්න ද ගුරුවරුන් ළමයින්ට පුරුදු කරන්නෙ. එක අදියරෙන් ම දියව්. අද ගොවීනුත් බටහිර පොහොර දියව් දියව් කිය කිය පාරෙ ඇවිදිනවා. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් බටහිර දැනුම දියව් දියව් කියනවා. අපේ දැනුම මිථ්‍යා කියනවා.
මෙරට ඊනියා උගතුන්ගෙන් නිර්මාණාත්මක දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන් දන්නේ බටහිර පළවන සඟරාවක් පොතක් පතක් කියවල ඒක තමන්ට තේරෙන විධියට සිංහලෙන් කියන්න පමණයි. ඒ කොහොම වුණත් අද හැමෝ ම වගේ කියනවා දේශීය පොහොරවලට මාරු වෙන්න ඕන කියල. ඒත් ඒක ක්‍රමයෙන් කරන්න ඕන කියල. ඒකත් හොඳයි. අවුරුදු දහයකට දොළහකට ඉහත අප ආසනික් හා වස විස සහිත පොහොර කෘමි නාශක වල් නාශක ගැන කියද්දි අපට හැමෝ ම වගේ විරුද්ධ වුණා. නාථ දෙවියන්ට හිනහ වුණා. මට විද්‍යුත් මුද්‍රිත ජනමාධ්‍ය නැති වුණා. දෙරණ පළමු වතාවට මා 360ට ගෙන්වල මා දේශීයත්වයක් ගැන කතා කළාට මගේ ළමයින් ඉගෙන ගන්නෙ බටහිර කියන වැරදි මතය තහවුරු කරන්න උත්සාහ කළා. කාගෙ වුවමනවට ඒක කළා ද කියා මා දන්නේ නැහැ. එදා සිට අප බොහෝ දුරක් ඇවිත් තියෙනවා. දෙරණත් යම් දුරක් ඇවිත් තියෙනවා. දෙරණට තව හුඟක් දුර යන්න තියෙනවා.
අපේ අධ්‍යාපනයට භාවනාව එකතු කළොත් නරක ද? එක් පැත්තකින් නිවන් සම්මාබෝධයට එය උපකාර වේවි. අනෙක් පැත්තෙන් අභිඥා වැඩීමෙන් දැනුම ලබා ගැනීමට හැකි වේවි. අභිඥා කියන්නෙ බටහිර පාරමනෝවිද්‍යාව (parapsychology) නො වෙයි. මා කැලණිය විද්‍යා පීඨාධිපති ව ඉන්න විට විද්‍යා පීඨයේ භාවනාව සඳහා ඉඩකඩ ලබා දුන්නා. අපොයි එ පීඨයෙ ඊනියා විද්‍යාඥයො ඒකට දක්වපු විරුද්ධතාව. ඔවුන්ට නොබෙල් තෑග්ග හිමි නොවන්නෙ මොක ද කියන එකයි මට තියෙන ප්‍රශ්නය. ඒ මා නොබෙල් තෑග්ග වටිනව කියන නිසා නොවෙයි. මෙරට පඬි නැට්ටන්ට ඒක වටිනව නොවැ.
බටහිර ඊනියා විද්‍යාත්මක ක්‍රමය කඩා වැටිලා. කොවිඩ් 19 වෛරස් රෝගයක් ද? වෙනත් රෝගයක් ද? වෛරස් රෝගවලට බටහිර වෙදකමේ ප්‍රතිකාර තියෙනවා ද? කොවිඩ් 19ට ප්‍රතිකාර තියෙනවා ද? මා මෙරට උගතුන්ගෙන් උත්තර බැඳීමක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මට අද වැඩියෙන් ම කියන්න ඕන වුණෙ කාදිනල් මැල්කම් රංජිත් යහපත් එඬේරා ගැන. බෞද්ධයන් නම් බැටළුවන් නො වෙයි. බෞද්ධයන් අයත් වන්නෙ එව බලව සම්ප්‍රදායට. ඒත් කාදිනල්තුමාට බලා ගන්න බැටළුවන් ඇති. කාදිනල්තුමාට ඇති ප්‍රශ්නය පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රිපාල සිරිසේනට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් නොකිරීම බවයි මගේ වැටහීම. මා හිතන්නෙ නැහැ සිරිසේන ඔය ප්‍රහාරය සැලසුම් කළා ය කියා. ඔහු ගැන කාදිනල්තුමාට කියන්න තියෙන්නෙ මොකක් ද? අයහපත් කළු බැටළුවා කවුද? කාදිනල්තුමා සිරිසේන ගැන දන්න විස්තර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දන්නනවා ද? ඒ වගේ ම රනිල් වැරදි කාරයකු නොවී සිරිසේන වැරදි කරුවකු වේ නම් එයටත් සාධක දක්වනවා ද? කාදිනල්තුමාගෙන් තවත් දෙයක් දැන ගන්න තියෙනවා. අර කොටි සංවිධානයට ආධාර කළ කතෝලික පූජකවරු වැරදි කරුවන් ද නැත් ද? ඔවුන් එඬේරුන් ද කාගෙවත් බැටළුවන් ද?
සිංහළයෙක් නම් මරණින් පසු නිවන අපේක්ෂා කරනවා.
අසපුවන් ලෙස ආ කතෝලික නඩය ත් කඳුලත් අධර්මවාදීන් ත් අපේ හාමුදුරුවෝ ලගෙත් ඔලු කුරුවල් කර දිව්‍ය ලෝකෙට යාම අරමුණ කරවා ඇත.
යාග පවත්වමින්, තරඟෙට භාවනා කර්මස්ථාන ගනිමින්, යූ ටියුබ් හරහාත් යෝගාවචරයින් වෙමින් පල්ලි දෙයියාට වගේ භක්තිය පෙන්වමින්,
පූජා කඳු පෙන්වමින්, ප්රදර්ශක බවුද්ද වූ අයට සංසාරේ නවතින්න උවමනාවක් නැත.
භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාලේ චතුරාර්ය සත්‍යයයි. එය තව කවුරු හෝ අලුතින් අවබෝධ කරගන්නවා නම් මේ බුද්ධාන්තරයෙන් පසු පහළ වන මෙතේ බුදු රජාණන් වහන්සේ ම පමණයි. ඉදිරි වසර 2500ට අපට අවබෝධ කරගන්න දෙයක් නැත. කියා දුන් දෙය තේරුම් ගැනීම පමණයි ඇත්තේ. ඒත් පුදුමයි මහා බවුද්ධ කියා රඟන්නෝ සංසාරේ තව යන්න ඕනලු. සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමක් වත් නැති ඔවුන් මුසාව මුලාවට අනුබල දෙමින් දිව්‍ය ලෝකයේ යාමට මහායාන කාරයින් සුදු කලු කහලෝගු කාරයින්ට රැවටී ඇත.
සිංහළ බොදු යාන්ත්‍රණය ම ලෝගු කාරයින් විසින් මුලාවට පත් කර ඇත.
අපේ හිමිවරුන්ටත් සිංහළ බෞද්ධයන් වීම අමතක වී මුලාවෙ ගිලී ඇත. සිංහළය රැක, ශාසනය රැක දී, ගිහියන්ට ත් නිවන අරමුණු කරවීම නවතමින් සිටි.
ගමයි පන්සලයි ඈත් නොවී තියේවියෑ පල්ලියෙ අරමුණ පන්සලෙන් දෙනකොට සමහර සාදුලා.
අනේ කාලේ වනේ වාසේ කිව්වෙ එවන් කලෙක වෙන්න ඇති එකල. ඒත් දැන් වනේ වාසේත් අහිමි කරමින් කොටි ලෝගු කාරයෝ ලෙන් ආරාම වලටත් රිංගලා.
හැබැයි සැබෑ සිංහළයෝ සැබෑ බුදු පුතුන් බුදු මගේ ගොස් නිවන පමා වුවත් පරාර්ථකාමී ලෙස ශාසනය රකිමින් නිවන ලං කර ගනී.
හය හතර පසුපස යාම නොව ක්ෂණ සම්පත්තිය සැබෑවට දැන සිංහළ බොදු මිනිස් භවය ලබා ඉපදුණු අපට නොමැරී ඉන්න නම් උපරිම ඵලය විය යුත්තේ නිවනයි.
ඕල්කොට් ලා සහ අසපුවෝ විසින් සිංහළ බෞද්ධයන්ගේ නිවන අහිමි කරමින් සිටී මුලාවෙන් මිදෙන්න.
✔️ කටෝලිකයින් බැටලු වෙස් අරන් නව ගුන වැල අතේ තියන් කරන්නේ ආගමික ටරස්ට්වාදයයි.
✔️ඒ පැත්තෙන් චාන්ස් එකක් ආවොත් ඊලමෙන් රට අල්ලනවා.
✔️මේ පැත්තෙන් දුර්වල උනොත්, අවස්ථාව ආවොත්, සිංහල ආන්ඩුවෙන් වෙන දුර්වලම අවස්ථාවෙන් ආන්ඩුව පෙරලලා රට අල්ලනවා.
✔️ අන්න ඒ අරමුණ තුල තමයි කටෝලිකයෝ ආගමික ත්‍රස්ථවාදය සිතලට යටින් මෙහෙය වන්නේ. මෙය සම්ප්‍රධායික ටුරස්ථවාදය ම නොවේ.
සිතල හලාහල වරස්ථවාද යි. ලංකාවේ සියලු ප්‍රශ්න වලට මුල මෙතනයි. රට දියුනු නොවන ප්‍රධාන කාරනය ද මෙයයි. මොවුන්ගේ මෙම හලාහල ටරස්ථවාදය ය නොනවතින ගමනක. ලැබේ න දුර්වලම අවස්ථාව එනකන් ඉන්නේ ගොදුර ඩැහැ ගන්න.
✔️ එවිට බෞද්ධ 74% ට අබ සරණයි. ෂොට් එක වැදුනේ කොහෙන්ද කියලා හොයා ගන්න බැරිවෙය උබලා අපිට .
සාමන්ත ඒකනායක මහතා
ඉංග්‍රීසීහු කන්ද උඩරට ආක්‍රමණය කරති
ක්‍රි.ව 1803 දී යුද්ධ ප්‍රකාශ කරමින් නෝත් ආණ්ඩුකාරයා කන්ද උඩරටට හසුන් පතක් යැවුවේය. නැවතත් සාම ගිවිසුමකට එළඹීමේ වැදගත් කම රජතුමාට එම හසුන් පතින් ද පැහැදිලි කෙළේය. එම යෝජනාවට රජතුමා එකඟ වූයේ නම් ඉංග්‍රීසීන්ගේ කන්ද උඩරට ආක්‍රමණය වැළකී යාමට ඉඩ තිබුණි. ක්‍රි.ව 1803 ජනවාරි 31 දින ජනරාල් මැක්ඩෝවල් සෙනෙවියාගේ ප්‍රධානත්වයෙන් යුත් ස්නාකයක් කොළඹ සිට මහනුවර බලා පිටත් වූ අතර තවත් සේනාංකයක් ත්‍රිකුණාමලයෙත් පෙබරවාරි මස 4 දින පිටත් විය. මේ සේනාංක දෙක දින කීපයකට පසු මහවැලි ගං ඉවුරේ දී එකට සම්බන්ධව මහනුවර බලා ගමන් ගත්හ. මෙතෙක් කලක් ඉංග්‍රීසීන්ගේ රැකවරණ යටතේ යාපනයේ ජීවත්ව සිටි මුත්තුසාමි කුමරාද ත්‍රිකුණාමලයෙන් පැමිණි සේනාංකය සමග විය.
මුත්තුසාමි රජවෙයි
මහනුවර නගරයට ඇතුළුවූ පසු දැක ගන්නට ලැබුණේ මහ ජනයාගෙන් හිස් වූ ගිනි තබන ලද පාලු නගරයකි. දළදා වහන්සේ ඇතුළු අනෙකුත් වස්තුවද රැගෙන රජතුමා හඟුරන්කෙතට පලාගොස් තිබුණි. කිසිම සටනක් නොමැතිව නගරය අත් පත් කර ගත් ඉංග්‍රීසීහු ගිනි නිවා දමමින් කඩිනමින් බලකොටු තනවා එහිම වාඩිලා ගත්හ. අනතුරුව නෝත් ආණ්ඩුකාරයා දී තිබුණු උපදෙස් පරිදි ඉංග්‍රීසීන් යටතේ සිටි මුත්තුසාමී කුමාරයා සිංහාසනාරූඪ කරනු ලැබිණ. ඔහු විසින් ඉංග්‍රීසීන්ට උවමනා පරිදි සකස්කරන ලද ගිවිසුමකට ද අත්සන් කරන ලදී.
මෙම අවස්ථාව ක්‍රි.ව 1592 වර්ෂයේදී පෘතුගීසීන් විසින් දොන් පිලිප් කුමරා උඩරට රජු හැටියට පත්කිරීමට සමාන බැව් ඉතිහාසඥයෝ පෙන්වා දෙති. දොන් පිලිප්ට මෙන්ම උඩරැටියෝ මුත්තුසාමීට පක්ෂපාතීත්වයක් නොදැක්වූහ. විදේශිකයන් විසින් ඔහු සිහසුනේ හිදුවන ලද බැවින් මුත්තුසාමි කිසිසේත් ජනාදරයටපත් නොවීය. එබැවින් ඔහු එම තනතුරෙහි රදවා ගැනීම හා ආරක්ෂකර ගැනීම ඉංග්‍රීසින් සතු වගකීමක් විය.
පිළිමතලව්වේගේ ප්‍රයෝගයක්
තමා කෙරෙහි කිසිම සැලකිල්ලක් නොදක්වා මුත්තුසාමිට රජකම දීම පිළිබඳව පිළිමතලව්වේ කෝපාග්නියෙන් දැවෙන්නට විය. තමාට කළ අවනම්බුවට ඉංග්‍රීසීන්ට යස පාඩමක් ඉගැන්වීමට ඔහු තීරණය කළේය. ඔහු මේ පිළිබඳ කිසිවක් නොහගවා මැඩෝවල් සෙනෙවියා හමුවී සුහද සාකච්ඡාවක නිරත වෙමින් සිට පැවසුවේ දැනට රජතුමා හඟුරන්කෙත මාලිගාවෙහි සිටින බවත් සේනාංකයක් එවන්නේ නම් ඔහු ජීවග්‍රහයෙන් අල්ලා දිය හැකි බවත්ය. පිළිමතලව්වේගේ උගුලට අසු වූ මැන්ඩෝවල් කරල් මේ යටතේ සේනාංකයක් හගුරන්කෙත බලා පිටත් කළේය. ඔවුන්ට පහර දීමට අදාළ සියළු කටයුතු කවේලා ඇතිව සංවිධානය කර තිබුණි.
අතර මගදී එම සේනාංකයට සැගවී සිටි සිංහල භටයන්ගේ ප්‍රහාරවලට මුහුණ දීමට සිදු විය. එම ප්‍රහාරවලට ලක් වී හෙම්බත් වූ ඔවුහු මහත් ආයාසයකින් හගුරන්කෙතට ළගා වූහ. රජතුව? මාළිගාව හැර දමා ගොස් සිටි බැවින් ඔවුන් කළේ එය ගිනි තැබීමය. ආපසු එන අතර මග අද ඔවුන්ට ප්‍රහාරයන් ගණනාවකට ම මින් දීමට සිදු විය. ඉංග්‍රීසි හේවායෝ බොහෝ දෙනෙක් මළහ.
කාලාන්තරයක් තිස්සේ විදේශීය සතුරන් සමග සටන් වැදීම නිසා පරපුරෙන් පරපුරට අඛණ්ඩව පැවැත ගෙන ආ රණකාමිත්වය විදහා දැක්වූ සිංහල හේවායෝ ඉංග්‍රීසි සේනාංකයට කිසිදා අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළහ. යුද්ධ උපක්‍රමය නිපුනත්වය මැනවින් ප්‍රකට කළහ. අනතුරුව මහ අදිකාරමත්ම මැදිහත් වීමෙන් ඉංග්‍රීසීන් සමග සාම ගිවිසුමක් ඇති කර ගත් බැවින් සිදු වූ සටන් නතර විය. මේ ගිවිසුම සකස් කරන ලද්දේ මහ අදිකාරමටත් ඉංග්‍රීසීන්ටත් යන දෙපිරිසටම වාසිදායක වන අන්දමිනි. එයින් පිළිමතලව්වේට “උතුම් කුමාරයා” යන නමින් කිරුළ දැරීමටත් රට මැදින් කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා මාවතක් සෑදීමට ඉංග්‍රීසීන්ට ඉඩ දීමටත් ගිවිසුමට අන්තර්ගත වූ වැදගත් කොන්දේසි දෙකකි.
ඉංග්‍රීසීන්ට පහරදීම
ගිවිසුම ක්‍රියාත්මක වීමට පෙර සැගවී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ කලඑළි බසිමින් ඉංග්‍රීසීන්ගේ අමාරු කම් ඉවෙන් මෙන් දැනගෙන 1803 ජූනි විසි හතර වෙනි දින උඩරැටියන්ගේ ද සහාය ඇතිව ඔවුන්ට පහර දීමට පටන් ගත්තේය. මේ වන විට රෝගාතුරව යටි මැඩෝවල් හේත්ත්වයන්ගෙන් කොටසක් රැගෙන කොළඹ බලා යමින් සිටියේය. මේජර් ඩේවි ප්‍රධාන කොට වූ දහනව වැනි රෙජිමේන්තුවේ භටයන් දහසක් පමණ නතර කරන ලදී. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ලෙඩරෝග වලින් හා ආහාර හිග කමින් පෙළුණහ. .
මෙහිදී පිළිමතලව්වේ පැමිණ රජුට සහයෝගය දැක් වූයේ රජු තමා කෙරෙහි සැක උපදවා ගැනීම දුරු කරනු සදහාය. ලෙව්කේ, කැප්පෙටිපොළ, පලිපාන, වෑත්තෑවේ ආදී රණ ශූරයන් දැක්වූ දස්කම් වලින් මහනුවර සිටි ඉංග්‍රීසි හමුදාව අන්ත පරාජයට පත්වුනි. අනතුරුව පරාජය පිළිගත් ව් සමාදාන වීමේ ලකුණක් දැක්වීමක් වශයෙන් සුදු කොඩියක් ඔසවා යටත් විය. ඉන් පසු ඔහු නූදින් නැමති ජා කපිතාන් තැන සමග සිංහල හමුදා කදවුරට පැමිණ සමාදාන ගිවිසුමක් ඇති කර ගත්තේය.
මුත්තුසාමිගේ මරණය
ඉංග්‍රීසීන්ට අයත් යුධෝපකරනත් අනතුරට පත්වූ ඉංග්‍රීසි හේවායනුත් හැර මුත්තුසාමි ඇතුළු ඉතිරි හමුදා බලඇණිය මහනුවරින් පිටත් වීමට ඉඩ ලබා ගැනීම එම ගිවිසුමට අයත් විය. ඒ අනුව මේජර් ඩේවි තම සේනාවද මුත්තුසාමි කුමාරයා ද කැටුව ත්‍රිකුණාමලයට යාමට තීරණය කොට වටපුළුවේ තොටුපොළ අසලට ළගා විය. එහෙත් මහවැලිගඟ පිටාර ගලා තිබුණෙන් ඔවුන්ට එයින් එතෙර වීමට නොහැකි විය. එදින රාත්‍රිය එහි ගත කිරිමට ඔවුන්ට සිදුවුනි. රජතුමාගේ අනුදැනුමක් නොමැතිව මෙසේ මුත්තුසාමි ඇතුළු ඉංග්‍රීසි බල ඇණියට මහනුවරින් පිටත් වීමට ඉඩ සැලසීම කෙරෙහි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බලවත් කෝපයට පත්විය.
මුත්තුසාමි ඇතුළු ඔහුගේ පිරිස ආපසු කැඳවා ගෙන එන ලෙස ආඥාවක් නිකුත් කරමින් මිල්ලව දිසාව ඒ සදහා පිටත් කර හැරියේය එහි දී අකමැත්තෙන් වුව ද ඩේවිට මුත්තුසාමි ඇතුළු ඔහුගේ පිරිස සිංහලයන්ට පාවා දීමට සිදුවිය. සිර භාරයට ගත් මුත්තුසාමි ඇතුළු පිරිස රජු ඉදිරියට ගෙන එන ලදුව රාජ්‍ය පැහැර ගැනීමට අදාළ චෝදනා එල්ල කරමින් ඔවුන්ට මරණ දඬුවම නියම කෙරිණ.
වාගොල්ලේ ඝාතනය
හදිසියේම වාගේ කන්ද උඩරට සිට පැමිණි සේනාංකයක් ක්‍රි.ව 1803 දී ජුනි විසි හය වෙනි දින අළුයම් කාලයේ දී මේජර්
, හම්පි හා රලි යන කපිතාන්වරු අත් අඩංගුවට ගත්හ. මේ සේනාංකයට ජා සහ කාපිරි සොල්දාදුවෝද ඇතුළත් වූහ. අත් අඩංගුවට ගත් ඉංග්‍රීසි භටයින් මහනුවර දෙසට ගෙන යන අතරතුර වාගොල්ලේ දී ඔවුන් දෙදෙනා බැගින් ගෙන ගොස් කාපිරි සොල්දාදුවන් ලවා ජීවිතක්ෂයට පත් කරන ලදහ.
මෙය පිළිමතලව්වේ මහ අදිකාරමගේ නියෝගය මත කර වන ලද්දක් විය. රජතුමා කෙරෙහි ඉංග්‍රීසීන් ප්‍රකෝප කරවනු පිණිස ඔහු මෙය කර වන ලද්දේය. මහනුවර නේවාසිකව සිට රෝගීවූ ඉංග්‍රීසි සොල්දාදුවන්ද මෙලෙස ම මරණයට පත් කරන ලදී. මෙම ක්‍රියාව සදාචාරයට පට හැනි නීති විරෝදී ක්‍රියාවක් ලෙස ඉතිහාස ගතව ඇත. මෙම අමානුෂික ඝාතනය ගැන අසන්නට ලැබීමෙන් නෝත් ආණ්ඩුකාරයා බලවත් කම්පනයට පත් විය.
ඩේවි සිරගත වෙයි
වටපුළුවේ දී සිරභාරයට ගන්නා ලද මෞර් ඩේවි මහ වාසල ගබඩා නිලමේගේ රැකවල් ඇතිව මහනුවර ඉස්මතේ පිහිටි මීගොන් අරඹ නම් ස්ථානයේ ජීවත් විය. කලක් එහි සිටි ඔහු පසුව කලින් කලට කන්ද උඩරට විවිධ ප්‍රදේශවලට ගෙන යන ලදී. හුරිකඩුව නාපාන ගමේ නතරව සිටිය දී දිනක මෞර් ඩේව්වට නපුරු හීනයක් පෙනිණි.
රජතුමාගේ සැතපෙන ගේ ගිනි ගෙන දැවෙනු සිහිනෙන් දුටු ඔහු වහා පිබිදී ඒ බැව් දැන්වීම සඳහා මහ වාසලට දූතයකු යැවේය. ඔහු සිහිනෙන් දුටු පරිදිම පසු දින රජුගේ සැතපෙන
ගෙය ගි න්නෙන් දැවුනි. ඩේවි සිහිනෙන් දුටු පරිදිම එය සිදු වූ වැබින් ශ්‍රී වික්‍රමරාජසිංහ රජු මහත් පුදුමයට පත් විය. ඔහුගේ එම සත් ක්‍රියාවට කෘත ගුණ දැක්වීමක් වශයෙන් රජු විසින් ඩේවි නාපානෙන් ගෙන්වා පලේස්වාහල අසල නිවාසයක නතර කර වන ලදී.
ඩේවි මෙම නිවසෙහි කල් ගත කරන කාලයේ දී රහසිගත ව ඉංග්‍රීසීන් සමග රහස් ලිපි ගනුදෙනුවක නිරත වීම නිසා නැවතත් රාජ උදහසට ලක් විය. බලන කඩවතේ දී රාජ පුරුෂයන්ට අසු වූ ඩේවි විසින් යවන ලද සංදේශය අනුව රජතුමා දැඩි ලෙස ඔහු කෙරෙහි සැක පහළ කොට ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා ඔහුට මරණ දඬුවම නියම කළේය. එවකට ඉංග්‍රීසීන් අතර සිටි බුද්ධිමත් සිවිල් නිලධාරියෙකු වූත් ඔවුන්ගේ ඔත්තු සේවාවේ ප්‍රධානියා වූත් ජෝන් ඩොයිලි සමග ඔහු මෙම රහස් ලිපි ගනුදෙනුව පවත්වා ගෙන ගොස් තිබුණි.
ඩේවි මහනුවර ආසන්නයේ නැවතී සිටි අවදියේ මතු මහා විහාරයේ රාජගුරු කැස්බෑකඩුවේ නාහිමියන්ගේ සිත දිනාගෙන සිටියේය. මහ වාසල ගබඩා නිලමේ ද ඔහුගේ මිත්‍රයෙක් විය. ඔවුන් සමග ආචාර සම්පන්නව හැසිරුණු ඔහුට මරණ දඬුවම හිමි වීම කණගාටුදායක ප්‍රවෘත්තියක් වූයෙන් ඔවුහු ඩේවිට අභය දානය දෙන මෙන් රජුගෙන් ඉල්ලා සිටියේය.
රජු අකමැත්තෙන් වුව ද ඩේවිට අභය දානය දුන් නමුත් ජෝන් ඩොයිලිගේ ඔත්තුකරුවා වූ ලොන්ඩප්පුට ද ඩේවි නවාතැන් ගත් නිවාසයේ හිමිකරු වූ ගම්මෑහේ නැමැත්තාද රහස් සංදේශය පිළිබඳ පැවැත් වූ විනිශ්චයේ ලිපිය ගෙන ගිය ලාල නැමැත්තාද රාජ උදහසට ලක් වී දිවැස් හුලට කැප වූහ. රජුගේ සමාවට ලක් වූ ඩේවි ඉන් පසු රජුගේ හිතවතෙකු වූ මුද්දල් සාමි නැමැත්තා ළඟ දැඩි රැකවල් මධ්‍යයේ කෝරළවහකඩ විසීය.
ඉංග්‍රීසි විරෝධී කැරළි කෝලාහල
කන්ද උඩරට දී ඉංග්‍රීසීන්ට අත් වූ අන්ත පරාජයත් සමග බලවත් උද්දාමයට පත් වූ සිංහල හේවායෝ ඉංග්‍රීසීන්ට අයත් ව තිබුණු පහත රට ප්‍රදේශවලට ද පහර දෙමින් මහත් අලාභහානි සිදු කළහ. තත්වය කෙතරම් අවදානම් වී ද යත් ඉංග්‍රීසීන් සතු ව තිබූ ප්‍රදේශයන්හි යුද්ධ නීතිව පවා ප්‍රකාශ කිරීමට ඔවුන්ට සිදු විය.
ඉංග්‍රීසි විරෝධී කැරලි කෝලාහල මෙසේ උත්සන්න වෙමින් පවතිද්දී ඔවුන්ට ඉන්දියාවේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ආධාර ලැබුණි.
එයින් නැවතත් තරමක් ශක්තිමත් වූ ඔවුහු සතුරන් පලවා හර උඩරට රාජ්‍ය අවට ප්‍රදේශවලට පහර දෙමින් ගෙවල් දොරක කොල්ල කමින් ගම් වැසියන්ට නොයෙකුත් වද හිංසා පැමිණව මෙයින් ඉතා දරුණු අන්දමට අලාභ හානි සිදු වූයේ සබර.. පළාතට ය.
බලවත් සිංහල හමුදාවක්
කන්ද උඩරට ආක්‍රමණය කළ තම හමුදා සේනාංක නීති විරෝධී ලෙසත් යුද්ධ නීතියේ එන සදාචාර ධර්මවලට පටහැනි ලෙසත් අමානුෂික අන්දමින් ඝාතනය කර දැමීමේ සිද්ධිය පෙරික් නෝත් ආණ්ඩුකාරයාට ලෙහෙසියෙන් අමතක කළ නොහැක්කක් විය. කවදා හෝ එයට ඔවුන්ගේ ලේල පලිය ගැනීමට ඔහු මාන බැලුවේය. මේ අනුව ඔහු සේනාංකයක් උඩරටට යවා නැවතත් එහි ගම්බිම් පාලු කරන්නට විය. ඒ වන විට සාමකාමි ව රට පාලනය කරමින් සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙයින් බලවත් කෝපයට පත් විය.
– ඉංග්‍රීසීන්ගෙන් නිරන්තරයෙන් එල්ල වන මෙම තරජන වලින් නිදහස් වීමට නම් ඔවුන්ට පෙරලා පහර දීම යැයි සිතු එතුමා ඉතාමත් ශක්ති සම්පන්න යුද්ධ හමුදාවක් රැස්කිරීමට අවශ්‍යය. විධිවිධාන යෙදීය. මෙසේ සංවිධානය කරන ලද සේනාංකයට මුලදී ඉංග්‍රීසීන්ගෙන් අල්ලා ගන්නා ලද ජා, කාපිරි හා සිපයි යන කුලීකාර හේවායෝ ද ඇතුළත් වූහ.
හංවැල්ල කොටුවට පහරදීම
ඉංග්‍රීසිනුත් රජුත් කෙටවෙන අන්දමින් පසු බිම සකසා පිළිමතලව්වේ මහ අදිකාරම පසෙකට වී බලා ගෙන සිටියේය. එහෙත් තමා කෙරෙහි රජුගේ සැකයක් පහළ නොවීමට ඔහු ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීමට වග බලා ගන්න. මාතලේ ඌව වෙල්ලස්න්සේ ආදී පළාත්වලින් පැමිණි රණශුර සෙබළුන්ගෙන් සැදුම් ලත් සිංහල සේනාංකය ඉංග්‍රීසි බල ප්‍රදේශය ආක්‍රමණය කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ කැටුවය. ඔවුන්ගේ යුද සැලසුම අනුව පළමුවෙන් ම හංවැල්ල බලකොටුවට පහර දීමට නියම වී තිබුණි.
මෙම ස්තාවෙහි ප්‍රධානත්වය දරණ ලද්දේ එවකට කන්ද උඩරට රාජ්‍යයේ අග්‍රසේනාධිපති ධූරය හෙබවූ මහා රණ ශුරයෙක්ලෙස නම් දරා සිටි ලෙකේ දිසාවය. එතුමා හතර කෝරළේ දිසාව වශයෙන් ද කටයුතු කළේය. ජාතිකාභිමානයෙන් ඔද වැඩී ගිය සිංහල භටයෝ වැයෙන රණබෙර හඩින් තව තවත් සිත් දිරිමත් කර ගෙන වෙන ද නැති ධෛර්යයකින් යුතුව සටන් කරමින් බලකොටුව වෙත ලන් වී වෙඩි තැබූහ. සතුරු පක්ෂයද එකෙනෙහිම ක්‍රියාත්මක වූයෙන් හටගත් මාරාන්තික සටන අති බිහිසුනු බවක් ඉසිලීය. ගිගුම් දුන් වෙඩි හඩින් පෙදෙසම හෙල්ලුම්කෑවේය.
ජා හේවායෝ ඉංග්‍රීසීන්ට එක්වෙති
රජුත් ඇහැළේප්පොල ආදී නිලමේවරුත් ඊට නුදුරින් ආරක්ෂක ස්ථානයක ඉදි කරන ලද තාවකාලික යුද කඳවුරක නැවතී සිටියහ. මුල දී ඉංග්‍රීසීන් යටතේ සේවය කළ පසුව උඩරට රාජ්‍යයේදී සිංහලයන් අතට පත් වී එහි සේවයට බැඳී සිටි ජා හේවාපන්නය නැවතත් ඉංග්‍රීසීන්ට එකතු වීමට රහසිගතව තීරණය කර තිබුණි. එබැවින් ඔවුන් නිසි ලෙස සටන් කළේ නැත. අන්තිමේ දී ඔවුන් ඉංග්‍රීසීන්ට එකතු වූහ. එයින් පසු සිංහලයන්ට අත් වීමට තිබුණු ජයග්‍රහණය කෙමෙන් ගිලිහී යන්නට විය.
ලෙව්කේ දිසාවේගේ අභාවය
මේ අතර රජුත් යුද්ධ මුලාදෑනියනුත් අතර බේදයක් ඇති කිරිමේ රහසිගත කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙමින් තිබිණ.ලෙ කේ දිසාව පලිපාන ලේකම් ආදීන් හරියාකාර ව සේනා සංවිධානය නොකරන බවට පනිවුඩ රජුවෙත ආවේය. එබැවින් තමාට සතුරු පිරිසක් මෙහි ඇති බවට රජුට සැක සිතුනි. රජු මේ පිළිබඳව විමසීමට ගිය විට ලෝකේ දිසාව වෙල්යායකට වී කුරුම්බා ගෙඩියක් බොමින් සිටිනු රජුට පෙනිණ. එකෙනෙහිම අහම්බෙන් මෙන් වෙඩි උණ්ඩයක් තමාගේ කන අසලින් ගිය බැවින් රජුගේ සැකය තව තවත් දෙගුණ තෙගුණ විය. “දේවයන් වහන්ස, මිනිත්තු පහකින් කොටුව අල්ලා දෙන්නම් ” යනුවෙන් එහි දී ලෙව්කේ සේනාධිපති තිරවම පැවසුවත් රජු එය ගණන් ගත්තේ නැත. පිළිමතලව්වේගේ නායක්කර් විරෝධී වැඩ පිළිවෙලින් ඒ වන විටත්
මද කිපුණු ඇතෙකු මෙන් සිටි රජතුමා විසින් එතුමාගේත් පලිපාන මොහොට්ටාලගේත් හිස් සිඳීමට අන කරන ලදි. වල්මය කොටුවැලේ වෙල්යායක් මැදදී මෙය සිදු විය.)
ලෙව්කේ දිසාව
වසර දෙදහස් පන්සියයකට වැඩි කලක පටන් ස්වකීය මාතෘ භූමියත් ඒකීය ආගමත් රැක ගැනීමට පර සතුරන් හමුවේ අභීතව සටන් කළ තේජෝබල පරාක්‍රමයෙන් ද අනභිබවනීය රණශූර සිංහල වීරවරයන්ගේ ශ්‍රී නාමයන් අතරට ලෙව්කේ දිසාවගේ නාමය ද එක් වී ඇත. ත්‍රි සිංහලේ අග්‍ර සේනාධිපති මෙන් ම සතර කෝරළේ දිසාවේ පදවියෙන් පුද ලැබූ ලෙව්කේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේ නමින් හැදින්වූ මේ මහා යුග පුරුෂයා ළමා වියේ පටන් අවි සිප් පිළිබඳව දස්කම් විස්කම් පෑවෙක්විය.
මෙතුමා මුලින්ම මල්ලව පොර ශුරයෙක් හැටියට ශ්‍රී විජය රාජසිංහ රජු හමුවේ දස්කම් පෑවෙකි. අනතුරුව එම රජුටත් කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ යන නරේන්ද්‍රයන්ටත් රාජ්‍ය සේවයේයෙදුනි. මල්ලව පොර ශුරයෙක් ලෙස මෙතුමා කළ දස්කම් පිළිබඳ කථා අදත් කන්ද උඩරට ජනතාව අතර පරපුරෙන් පරපුරටනොමැකී පවතී. වසරක් පාසා රජ මාලිගය අසල මහ මළුවේ පැවැත්වුන මල්ලව පොර සදහා ඉදිරිපත් වීම මොවුන්ගේ සිරිතක් ව පැවතුනි. එවකට ලෙව්කේ රාළ නමින් ප්‍රකටව සිටි ඔහුට දඹදිව සිට පැමිණි මල්ලව පොර ශුරයෙක් සමග සටන් කිරීමට අවස්ථාව උදා විය.
සටනට නියමිත දිනයේ පෙරවරුවෙහි දී මහ මළුවට නුදුරින් පිහිටි කිතුල් ගස් දෙකකට පිට දී රැස් විහිදුවන රිවි මඩල දෙස බලා සිටින්නට දෙදෙනාට නියම විය. එවිට ලෙව්කේ රාළ පිට කරින් කිතුල් ගසක් උදුරා ඉදිරියට නවා ගෙන සෙවනෙහි සිටින්නට වූයේ තම ප්‍රතිමල්ලවයාට, භය සන්ත්‍රාසය පමුණුවමිනි. ලෝකේ රාලගේ කාය ශක්තිය දුටු ඔහු හොර රහසේම නැවතත් දඹදිවට පලා ගිය බව කියැවේ. තවත් අවස්ථාවකදී ඔහුට හා ප්‍රතිමල්ලවයාට කට්ට සහිත කොට්ට පොල් ගෙඩි දෙකකුත් සමග බත් පමණක් ආහාරයට ලැබුණි. ක්ලෙක් රාල කට්ට සහිත කොට්ට පොල් ගෙඩිය සුරකින්ලෙව්කේ දිසාව මිරිකා කිරි ගෙන ඒ සමගින් බත් අනුභව කළෙන් එය දුටු ප්‍රතිමල්ලවයා විස්මයට පත් විය. එවිට ලෙව්කේ රාළ ඔහුගේ පොල්ගෙඩියද තම වමතින් මිරිකා දුන්නේය. මෙවන් ශක්ති සම්පන්න කෙනෙකු සමග මොන සටනක් දැයි සිතූ ප්‍රතිමල්ලවයා බියෙන් පැන ගියේය.
– රාජ සේවයට බැදී කගේත් සිත් සතන් දිනා ගෙන කටයුතු කළ මොහු රාජාධි රාජසිංහ රජුගෙන් රටේ රාළ පදවිය ලැබ ක්‍රමයෙන් උසස් වී අනතුරුව සතර කෝරළේ දිසාපති පදවිය දක්වා උසස් විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ සභාවේ අග්‍ර
ස්නාධි පදවිය ලබා ගැනීමට ඔහුට හැකි වූයේ යුද්ධ කටයුතුවලදී දැක් වූ දස්කම් විස්කම් නිසාය.
දැඩි ආගමික භක්තියකින් යුක්තව සිටි ලෙකේ දිසාව දැලිවල, දඹුලු ලෙන හා දනකිරිගල ආදී විහාර කර්මාන්ත කිරීමට මුල් තැනක් ගෙන ක්‍රියා කළ අතර දනකිරිගල විහාරස්ථානයට නගින ගල් පඩිපෙළ එතුමාගේ කාය ශක්තිය යොදවා තනිවම කළ බව ජන ප්‍රවාදයේ එයි. ආරෝහ පරිනාහ දේහ සම්පතයෙන්ද යුත්තව සිටි මොහු එදා සතර කෝරළේ ප්‍රදේශවාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පත් විය. එතුමා පිළිබඳ ගෙතුණු ජනකවි රාශියකි.
ඉඳගත්තම පිළිමය තිබ්බාවාගෙයි
නැගිටපුවම වේත බැන්දාවාගෙයි.
යන එන ගමන් විදුලිය කෙටුවා වාගෙයි
ලෙව්කේ මැතිඳු ගල් අතරට කොත වාගෙයි
ලෙකේ දිසාව වාසය කළ සේකේ වලව මාවනැල්ලේ ගද්දීතර පාරේ සුදුගලේ බෝධිය අසළින් වමට හැරී ඉදිරියට ගිය විට අද ද දැක ගත හැකිය. අපක්ෂපාතී ලෙස තම රාජකාරිය අකුරට ම ඉටු කළ ලෝකේ දිසාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමග කළකිරි සිටියේ ඔහු විසින් තම ඥාතීන්වන නායක්කර් වංශිකයන්ට විශේෂ සැලකිලි දැක්වීමත් සිංහලයන් පෙළීමත් හේතු කොට ගෙනය. එහෙත් ඔහු රාජ්‍ය විරෝධී කටයුතුවලට අත ගැසුවේ නැත.
දේශීය නර්තන කලාව ඉතා අගේකොට සැලකූ මොහු වසරක් පාසා සිය වල වෙහි කොහොඹා කංකාරි උළෙලක් පැවැත්වූ අතර එහි පැමිණ සිය කුසලතා දැක්වූ ගල්අතර පරම්පරාවේ නර්තන ශිල්පීන්ට නොමසුරුව ත්‍යාග ප්‍රදානය කළේය. එවකට ලක්දිව සිටි ශ්‍රේෂ්ඨ පඬි රුවනක් වූ කරතොට ධර්මාරාම හිමි ලවා පිරුවානා පොත් වහන්සේ ලියවීම ලෙකේ දිසාව කළ එක් උදාර ශාසනික ක්‍රියාවකි. මීට ඉහත සදහන් කර ඇති පරිදි මොහු ඉංග්‍රීසීන් සමග කල හත්වැන්නේ සටනේ දී රාජ උදහසට ලක්ව හිස් ගැසුම් කෑවේය. එදා සිරිලක සිටි සියළුම දේශප්‍රේමී සිංහල ජනතාවට ශෝක දිනයක් විය. ඔහුට සිදුවූ විපත දුටු ජන කවියෙක් තම වේදනාව කවියකට මුසු කළේය.
පුන්සද සේම පායාලා රට මැද්දේ
රන් කෙදි සේ පීරාලා පිට මැද්දේ
මාර සෙනග වට කර ගෙන යම යුද්දේ
ලෙව් කේ මැතිඳු අද තනිවම වෙල මැද්දේ
සිහල සිහසුන හා නායක්කර් පෙළපත
ශ්‍රී ලංකාවේ කන්ද උඩරට රාජධානියේ කිරුළ දැරූ අන්තිම සිංහල රජු ලෙස සැලකෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාය. (කි.ව. 1707-1739) ඔහුට දරුවන් නොසිටි බැවින් ඔහුගේ අග මෙහෙසියගේ ඥාතීත්වය මත සිංහල සිහසුන නායක්කර් වංශිකයන්ට අයත්විය. මෙහි පළමුවැන්නා රේන්ද්‍රසිංහ රජුගේ මධුර අගමෙහෙසියන්ගේ සොහොයුරා වූ ශ්‍රී විජය රාජසිංහ (ක්‍රි.ව 1739-1747) රජුය. ඊට පසු පිළිවෙළින් කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව 1747-1781), රාජාධිරාජසිංහ (1781-1798) යන රජවරු කිරුළ දැරූහ. එවකට ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරමින් සිටියේ ලන්දේසීන්ය. රාජාධිරාජසිංහ රජු ක්‍රි.ව 1798 වර්ෂයේ අභාවප්‍රාප්ත විය.
ඉංග්‍රීසීන්ගේ පැමිණීම
බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් එම වසරේ දී ම ලන්දේසීන් සතුව තිබූ මෙරට මුහුදුබඩ පළාත් අල්ලා ගන්නා ලදහ. එහි ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූයේ පෙරික් නෝරන්ය. බ්‍රිතාන්‍යයන්
මෙම දිවයින කෙරෙහි දැඩි අවධානය යොමු කරන්නට වූයේ ක්‍රි.ව 1781 වර්ෂයේ පමණ සිටය. එයට හේතුව වූයේ එවකට ඔවුන් සමග මුහුදු සටනක යෙදී සිටිය ප්‍රංශ ජාතිකයන් පරාජය කිරීමට මහනුවර රාජධානිය ඇතුළත් මුලු දිවයින අල්ලා ගැනීම වැදගත් බැව් සිතූ හෙයිනි. එබැවින් එහි පළමු පියවර වශයෙන් ඔවුහු මෙරට මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගත්හ.
පළමු වැනි විමලධර්මසූරිය, දෙවැනි රාජසිංහ වැනි රජවරුත් කන්ද උඩරට රාජධානියේ ඇති කළ ශ්‍රී විභූතිය නරේන්ද්‍රසිංහ මෙන් ම ඊට පසුව පැමිණි නායක්කර් වංශික රජවරුන්ගේ සමයන්හි දී පරිහානියට ලක් විය. සිංහල සංස්කෘතියටත් බුදු දහමටත් නරේන්ද්‍රසිංහ රජුගේ සමයෙහි දී විවිධ අතවර සිදු විය. නායක්කර් වංශික රජවරුන් රට වැසියා සතුටු කිරීම සඳහා බුදු දහමේ විරස්ථිතියට සහයෝගය ලබා දුන් නමුදු වඩා බරපතල ව සනයක් බුදු දහමටත් සිංහල ජාතියටත් අත් විය. හින්දු ආගමික සංකල්ප ක්‍රමයෙන් දියුණු වූ අතර , දේවාල ද බහුල වශයෙන් ඉදිවුනි. නා යක්කර් වංශි ක ය ට එම. රජවරුගෙන් විශේෂ අනුග්‍රහය ලැබුණි. රාජ වරප්‍රසාද ලත් ඔවුහු සිංහලයන්ට බලවත් අභියෝගයක් විය. එබැවින් එම කාල වකවානුවේ දී කන්ද උඩරට සිංහල ජනතාව කල්. ගත කළේ බලවත් කලකිරීමකින් යුතු සිත් ඇතිවය. බොහෝ සිංහල ජන ප්‍රධානීහු මෙම ව්‍යසනයෙන් රාජ්‍ය නිදහස් කර ගැනීම සඳහා කාලය එළඹෙ නතෙක් ඇගිලි ගනිමින් සිටියහ. මේ තත්වය හොදින් දැන ගෙන සිටි ඉංග්‍රීසීහු කන්ද උඩරට අත් පත් කර ගැනීම සදහා පිඹුරු පත් සැකසූහ.
පිළිමතලව්වේගේ උපක්‍රම
ක්‍රි.ව 1798 වර්ෂයේ දී රාජාධි රාජසිංහ රජු රහසිගත අන්දමින් අභාවප්‍රාප්ත වීමත් සමගම උඩරට රාජ්‍ය තුළ පැවැති අවුල් වියවුල් තවත් උත්සන්න විය. ඔහුට දරුවන් සිටියේ නැත. එම අවස්ථාවේ රාජ්‍යයේ මුළු බර කරට ගෙන කටයුතු කළේ එවකට රජ වාසල මහ අදිකාරම් ධූරය හෙබවූ පිළිමතලවේවේය. නායක්කාර් වංශිකයන්ගේ බලයෙන් පීඩාවට පත්ව සිටි සිංහල ජනතාව එයින් මුදවා ගෙන සිංහල සංස්කෘතියත් පිවිතුරු බුදුදහමත් නගා සිටුවීමේ අදහස පෙර දැරි කර ගෙන කලක පටන් සිහින මැවූ මෙම ශූර වීර රාජතාන්ත්‍රිකයාට සිය අදහස මුදුන් පමුණුවා ගැනීමට මෙය කදිම අවස්ථාවක් විය. එහෙත් එකල උඩරට රදල නායකයන් අතර පැවති අසමගිය මෙහි දී ඉස්මතු විය.
ඇරැව්වල හා තඹගමුව යන ජන ප්‍රධානීන් ඇතුලු පිරිසක් ඔහුට විරුද්ධ වූහ. සූර්ය වංශයට ම අයත් කෙනෙක් සිංහල කිරුළ දැරිය යුතුය යන එකල ජනතාව අතර තිබුණු පිළිගැනීම ද පිළිමතලවෙගේ ගමට හරස් විය. එබැවින් තම අදහස ඉටු කර ගැනීම ටික කලකට අමතක කර දැමූ ඔහු අකමැත්තෙන් වුව ද නායක්කර් වංශිකයෙක් රජකමට පත්කර ගැනීමට කටයුතු කළේය. ඒ වන විටත් සූර්ය වංශයට අයත් සිංහලයෙකු නොසිටි බැවින් මේ තීරණය ගැනීමට ඔහුට සිදු විය. ඉන් අනතුරුව මල්වත්තේ පුෂ්පාරාම විහාරයේ වැඩ සිටි මොරතොට ධම්මක්ඛන්ධ අනුනායක හිමියන් බැහැදුටු පිළිමතලව්වේ අභිනව රජෙකු පත් කර ගැනීම සදහා රහසිගත සාකච්ඡාවක් පැවැත් විය.
තම අවවාද අනුශාසනා පිළිපදින රට විනාශයට පත් නොකරන කෙනෙක් රජකමට පත් කර ගත යුතු බව අනුනායක හිමිගේ උපදෙස විය. එසේ නොවුන හොත් මහ අධිකාරම බලාපොරොත්තු වන දේ නිෂ්ඵල විය හැකි බවත් රට විනාශයට පත්විය හැකි බවත් උන්වහන්සේ කියා සිටියහ. එවිට මහ අධිකාරමගේ සිත තුළ පැවැති අදහසක් නොදැනුවත්ව ම මුවගින් පිට වුනි. එසේ විපතක් සිදුවුව හොත් ඊට පිළියම් වශයෙන් බ්‍රිතාන්‍යයන්ගෙන් උදව් උපකාර ලැබ ගෙන රජු මෙල්ල කළ හැකි බව අදිකාරමගේ පිළිතුර විය. එය ඇසූ අනුනාහිමියෝ එක් වරම කියා සිටියේ ඇතාගෙන් පරිස්සම් වීමට ඇත්ගොව්වා විසින් වග බලා ගත යුතු බවය. එසේ නොවුන හොත් තමා පමණක් නොව අනුන්ගේ ජිවිත වලට පවා විපතක් සිදුවිය හැකි බව උන්වහන්සේ පැහැදිලි කළහ.
කන්නසාමි කුමාරයා
කන්ද උඩරට සිංහාසනයට උරුමකම් හිමිව තිබුණේ මහ වාසල ඈපා පදවිය දැරූ මුත්තුසාමි නම් කුමාරයාටය. මොහු රාජාධි රාජසිංහ රජුන්ගේ අගමෙහෙසියන්ගේ සහෝදරයෙකි. එහෙත් පිළිමතලව්වේගේ මොහු ගැන වැඩි පැහැදීමක් තිබුණේ නැත. එබැවින් ඔහු කන්නසාමි කුමාරයා රජකමට පත් කර ගැනීමට තීරණය කළේය. මෙම කන්නසාමි කුමරා උපන්නේ ක්‍රි.ව 1780 දී රා මේ ශ වරම් දිවයිනේදී ය. මොහුගේ මව රාජාධිරාජසිංහ රජුන්ගේ දෙවැනි බිසවගේ සොහොවුරියකි. තමා කුඩා අවදියේම පියා මියගිය බැවින් තම මාමා වූ කොණ්ඩසාමි නැමැත්තා සමඟ ඔහු ලක්දිවට පැමිණියේය. අටවැනි වියේ දී ලක්දිවට පැමිණි ඔහු එවක මහනුවර රාජධානියේ නායක්කාර වංශිකයන්ට ම වෙන්කොට තිබුණු කුමාරපේ වීදියේ වාසය කළේය.
රාජාධිරාජසිංහ රජු අභාවප්‍රාප්ත වන විට ඔහු දහඅට වෙනි වියට එළඹී සිටියේය. කුඩා වියේ සිට ම රජතුමාගේ ආරක්ෂාව හා සැලකිල්ල ලත් මෙම කන්නසාමි කුමරා එවකට ලක්දිව මහ පඬිරුවනක් ලෙස පතලා වූ මල්වතු විහාරයේ මොරතොට ධම්මක්ඛන්ධ අනුනායක හිමියන්ගෙන්ද කොස්බෑකඩුවේ සිරිනිවාස නාහිමියන්ගෙන් ද අක්ෂර ඥානයත් ධර්ම ශාස්ත්‍රාදිය පිළිබඳ දැනුමත් ලබා ගත්තේත්ය. දහඅට වෙනි වියට එළඹෙන විට ඔහු සිත් ගන්නා සුළු කඩවසම් පෙනුමැති දේහයකින් යුක්ත විය. දීප්තිමත් දෙනෙතක් ද සතුවිය.
කන්නසාමි කුමාරයාගේ රජවීම
කන්නසාමි කුමාරයා කෙසේ හෝ රජකමට පත් කොට තම අණසක යටතේ ඔහු රූකඩයක් බවට පත් කර ගෙන කෙසේ හෝ තම අභිමතාර්ථයන් ඉටු කර ගැනීමේ අදහස පෙරදැරි කර ගත්
පිළිම තිලව්වේ හදිසි යේම කුමාරප්පේ විදියට ගියේය. එහිදී කන්නසාමි කුමරා හමු වූ ඔහු රහසි ගතවී තම අදහස් ඔහුට පැවසීය. රාජාධිරාජසිංහ රජතුමා අභාවප්‍රාප්ත වූ බැවින් සිහසුන්ට නව රජෙකු පත් කර ගත යුතු බවත් තමාගේ උපදෙස් පරිදි රජ කිරීමට කැමති නම් රජකම කුමරාට ලබා දිය හැකි බවත් පිළිමතලව්වේ මහ අදිකාරම විසින් මෙහි දී දන්වා සිටින ලදී .
එය ඇසූ කන්නසාමි කුමරා පිනාගිය සිත් ඇත්තේ රජ පදවියට තමා පත් කර ගන්නේ නම් මහ අදිකාරම කියන ඕනෑම අදමකට රට පාලනය කරන බව දන්වා සිටියේය. ඉන් පසු අනුනාහිමියනුත් රජයේ උසස් නිළධාරින් හමුවී සාකච්ඡා කොට ඔවුන් කැමති කරවා ගෙන පුරාණයේ පටන් පැවත එන චාරිත්‍රාදිය අනුගමනය කරමින් කන්නසාමි කුමරා රජකමට පත්කර ගැනීමට පිළිමතලව්වේ යුහුසුලුව කටයුතු ඇරඹුවේය. ඒ වන විටත් රටේ කිසිවෙක් රාජාධිරාජසිංහ රජතුමා අභාවප්‍රාප්ත වූ බැව් දැන සිටියේ නැත. රජෙකු අභාවප්‍රාප්ත වූ විට ඊට වෙනත් සුදුස්සෙකු පත් කර ගන්නා තුරු එය හෙළි නොකිරීම පුරාණයේ පටන් පැවත එන නීතියක් විය. රජකමට සුදුස්සා වශයෙන් කන්නසාමි තෝරා ගැනීමෙන් අනතුරුව පිළමතලවේ රජුන්ගේ අභාවය රට පුරා ප්‍රසිද්ධ කර හැරියේය.
ඉන් කලබලයට පත් වූ අදිකාරම්වරු, දිසාවේවරු රටේ රාළවරු ඇතුළු අනෙකුත් නිලධාරීන්ද මහ ජනයාද රජ වාසලට ඇදී එන්නට වූහ. ඔවුන්ගේ රැස්වීමෙන් අනතුරුව සභාව ඇමතු පිළිමතලව්වේ මහ අදිකාරම අභාවප්‍රාප්ත රජතුමා වෙනුවට ඊ ළඟට රජකමට පත් කර ගැනීමට කන්නසාමි කුමාරයා සුදුසු බවත් ඒ සදහා සියළු ගුණාංගයන් ඔහුට පවතින බවත් පැහැදිලි කරමින් නිලධාරීන් ඇතුළු මහජනයාගෙන් අදහස් විමසා සිටියේය. දඹගමුවේ දිසාව විසින් අනෙකුත් නිලධාරින් හා සාකච්ඡා කොට තීරණයකට
එළඹ පිළිමතලව්වේගේ අදහසට එකග වූයෙන් කන්නසාමි කුමරා. රජ කමට පත්කර ගැනීමට තීරණය විය. අනතුරුව මහ අදිකාරම විසින් දිසාවේ වරුන් කුමාරපේ වීදියට කැඳවාගෙන ගොස් කන්නසාමි කුමරා හඳුන්වා දෙන ලදි.
ඉන්පසු දියවඩන නිලමේ මෙන්ම සළු වඩන නිලමේ ඇතුළු කාර්ය මණ්ඩලය කුමරාගේ නිවසට ගොස් ඔහු බැහැදැක පුරාණ චාරිත්‍රානුකූලව හදුකිරි පැනින් නානය කරවා රන් රිදී මත මැණික් ආදියෙන් මොනවට අලංකාර කරන ලද රාජාභරණයෙන් සැරසූහ. අනතුරුව විශේෂයෙන් පිළියෙල කරන ලද මනහර රන්සිවි
ගෙයක ඔහු සිදුවීමෙන් පසු කොඩි කුඩ සේක්සත් රැගත් මිනිසුන්ගෙන් යුක්ත වූ පංචතූර්ය නාදයෙන් සමන්විත දර්ශනීය පෙරහැරකින් මහ වාසල වෙත කැදවා ගෙන ඒමට කටයුතු යෙදින. මහ වාසල දොර අසලදී රන්සිවිගෙයින් බැස ගත් කුමරා දළදා මන්දිරයට පිවිස ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ ඉදිරිපිට දොහොත් මුදුන් තබා වැදගෙන තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටියේය.
ඉන්පසු දළදා වහන්සේ වැදපුදා අතිදක්ෂ කලා ශිල්පීන්ගේ මාලා කම ලතා කමාදියෙන් අලංකෘත වූ මඟුල් මඩුවට සම්ප්‍රප්තව දර්ශනීය තිරයකින් ආවරණය කරන ලද සිහසුන වෙත පැමිණ අසුන් ගත්තේත්ය. රජ දැක්මට නියමිත ශුභ මුහුර්තිය එළඹීමත් සමඟ මහ අදිකාරම් ඇතුළු අනිකුත් අදිකාරම්වරු විසින් තිරය ඉවත් කරන ලදහ. එකෙනෙහිම පැමිණ සිටි සියලු තරාතිරම්වල නිලධරයන්ද මහජනතාවද කළයුතු සියළු ගෞරවාචාර දක්වා අභිනව රජතුමා පිළිගත්හ. මෙපරිද්දෙන් කන්නසාමි කුමරා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් මහනුවර රාජ්‍යයේ සිහසුනට පත්විය. ඉන් අනතුරුව රාජාධිරාජසිංහ රජතුමාගේ ආදාහන කටයුතු පුරාණ චාරිත්‍රානුකූලව සිදුවුනි.
රාජාධිරාජසිංහ රජතුමා විසින් තමාගෙන් පසුව රාජ්‍ය උරුමකර දීමට නියමිතව සිටියේ අගමෙහෙසියගේ සොහොයුරෙකු වූ මුත්තුසාමිටය. ඔහු මහාවාසල ඈපා තනතුර ද දැරුවේය. එහෙත් මුත්තුසාමි දූෂිත චරිතයක් ඇත්තෙකු බවට ආරංචි කා අතරත් ප්‍රකටව තිබුණි. එහෙත් ඔහු සිහසුනට උරුමකම් කියමින් කටයුතු කරන්නට විය. තම වංශයට අයත් ඥාතිවරයෙකු වුවද නොසිතු අයුරකින් තමාට අත්වූ රජකම ඔහුට දීමට ශ්‍රී වික්‍රම රාජසිංහයන්
කැමතිවූයේ නැත. එබැවින් මුත්තුසාමි ඇතුළු නායක්කාර වංශික කුමාරවරුන් තම රාජ්‍යයෙන් වහාම පිටවිය යුතු බවට ඔහු ගෙන් ආඥාවක් නිකුත් විය. එසේනොගිය රාජවංශි කයන්ට පිළිමතලව්වේගේ මූලිකත්වයෙන් මරණ දඬුවම හිමිවිය.
රජුන්ගේ කරකාර බන්ධනය
මුත්තුසාමි ඇතුලු කුමාරවරු පිරිසක් පළාගොස් ඉංග්‍රීසීන්ගේ රැකවරණ පැතූහ. මෙම අවදියේ රාජ්‍ය වංශයට අයත් කොණ්ඩසාමි හෙවත් ගම්පොළ සාමි නැමැත්තෙක් ගම්පොල වාසය කළේය. ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කුළුපග මිත්‍රයෙක් විය. පිළිමතලව්වේගෙන් ඔහුටද චෝදනා එල්ලවූයෙන් ඔහුද හිර භාරයට ගන්නා ලදී. වෙන්කත රංගජමාල් හා වෙන ජම්මාල් නැමැති දූවරුන් දෙදෙනෙක් කොණ්ඩසාමිට සිටියහ. එම කුමාරිකාවන් ජීවත් වූයේ දක්ෂිණ භාරතයේ මධුරා පුරයෙහිය. කලක් ඇවෑමෙන් සිය පියාණන් දැක ගැනීමට කැමති වූයේ එම දෙදෙනා ත්‍රිකුණාමල වරායෙන් ලක්දිවට ගොඩ බැස්සාහ.
මෙසේ පැමිණි ඔවුන් දෙදෙනා මහනුවර දෙසට එමින් සිටියදී ගෝචනිය පුවතක් අසන්නට ලැබුණි. එනම් සිය පියාණන් වන කොණ්ඩසාමි හිර අඩස්සියේ පසුවන බවය. එයින් බලවත් චිත්ත පීඩාවට පත්වූ එම කුමරියන් ආපසු සියරට යාමට අදහස් කර ගෙන ත්‍රිකුණාමලය දෙසට ගමන් කිරීමට සූදානම් වෙද්දී එක් ජන ප්‍රධානියෙක් විසින් ඔවුන් නවතා මහනුවරට කැදවා ගෙන විත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට භාර කළේය. රජතුමා ඔවුන් සාදයන්ගෙන් පිළිගෙන වෙන්කත රංගජම්මල් කුමරිය අග මෙහෙසිය ලෙසත් වෙත්තක ජම්මාල් කුමරිය දෙවෙනි මෙහෙසිය ලෙස පත් කර ගත්තේය.
පිළිමතලව්වේගේ පළිගැනීම්
තමාගේ සිත තුළ පැවැති සැලැස්මෙහි මුල් පියවර වශයෙන් තම උපදෙස් මත ක්‍රියා කරන කුමරෙකු රජකමට පත් කර ගැනීමට
හැකි වීම ගැන පිළිමතලව්වේ ආඩම්බර විය. එයින් නොනැවතත. ඔහු මෙම අවස්ථාව තම පෞද්ගලික වෛරයන් පිරිමසා ගැනීමට ද පාවිච්චි කිරීමට පටන් ගත්තේය. රජතුමාගේ සිත සැනසෙන අයුරින් කටයුතු කරමින්ද ස්වකීය බලය තව තවත් තහවුරුවන අන්දමින් ජනතාව ඉදිරියේ හැසිරෙමින්ද ටික කලක් සිටි පිළිමතලව්වේ ඊළග පියවර ලෙස ආරම්භ කළේ තම පෞද්ගලික විරුද්ධවාදීන් ඝාතන කිරීමට පටන් ගැන්මයි. පිළිමතලව්ල අමතරව එවකට රාජසිංහ රජුගේ මෙන්ම මහ ජනතාවගේ සිත දිනා ගෙන සිටි ජනධානීන් කීප දෙනෙක් වූහ. ඇරැව්වාවල උප අදිකාරම් හා දඹගමුව දිසාව මේ අතර ප්‍රධාන තැනක් ග.
මේ දෙදෙනා විශේෂයෙන් පිළිමතලව්වේ සමග දැඩි ලෙස සතුරුව සිටියහ. එබැවින් මොවුන් තම ඉදිරි ගමනට බලවත් අවහිරයක් විය හැකි බව ඔහු සිතුවේය. එබැවින් රජතුමාත් ඔවුනුත් අතර ගැටුමක් ඇති වන පරිදි රජුට ඔවුන් පිළිබඳ බොරු චෝදනා එල්ල කරමින් රාජ ද්‍රෝහීන් හැටියට පෙන්වා දුන්නේය. එහෙත් විචක්ෂණ ඥානයෙන් හෙබි රජු එම චෝදනා සියල්ල බැහැර කිරීම පිළිමතලව් වේන්ගේ බලවත් සිත් තැවුලට හේතු විය. එයින් නොනැවතුණු ඔහු අත්තනෝමතිකව ක්‍රියා කරමින් විමසන බුද්ධියෙන් තොරව ඒ දෙදෙනා මරා දැමීමට කටයුතු කළේය.
මේ පුවත සැලවීමෙන් රජතුමා මෙන්ම රටවැසියෝ බලවත් ලෙස කම්ප වූ අතර මහ අදිකාරම කෙරෙහි අප්‍රසාදය පළ කර සිටියහ. රජුටත් රට වැසියන්ටත් පිළිමතලව් වේ අප්‍රසන්න වීමේ ආරම්භය මෙයින් ඇති වූ අතර ඔහුට හිතවත්ව සිටි රජයේ නිළධාරීන්ද ක්‍රමයෙන් ඈත් වෙන්නට පටන් ගන්න. ඔහු පිළිබඳව නිරන්තරයෙන් සැක පහළ කළහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුද එතැන් පටන් ඔහුගේ උපදෙස් පිළිපැදීම බැහැර කළ අතර ස්වතන්ත්‍ර ලෙස රට පාලනය කරමින් ජනතාවගේ සිත දිනා ගත්තේය. කුඩා අවදියේ මහ සඟරුවනේ ඇසුරෙන් ලද ධර්ම ශාස්ත්‍ර අධ්‍යයනයෙන් ලද පන්නරය හේතු කොට ගෙන ඔහු ආගම ධර්මයට ද ලැදියාවක් දැක්වූ අතර සාමකාමී පිළිවෙතක් අනුගමනය කරමින් රට පාලනය කළ බැවින් සියළුම රාජ්‍ය නිලධාරින්ගේත් රටවැසියාගේත් ප්‍රසාදයට ලක් විය.
ක්‍රමයෙන් වයස මුහුකුරා යත්ම බුද්ධිමත් විචක්ෂණශීලී පාලකයකු සතු ගුණාංග පෙන්නුම් කරන්නට විය. එහෙත් එය පිළිමතලව්වේ මහ අදිකාරමගේ පමණක් සතුටට හේතු වූ කරුණක් . නොවීය. රජතුමා සිතූ අන්දමේ බුද්ධි හීනයෙක් නොවන අන්දම ටික කලකින්ම ඔහුට වැටහුනි. අනාගතයේ දී ශ්‍රී ලංකාද්වීපයේ රජ පදවිය දැරීමටත් නායක්කර් වසංගතය රටින් දුරු කර ලීමත් යන තම බලවත් ආසාවන් මුදුන්පත් කර ගැනීමට තිබුණු ඉඩකඩ තමාගෙන් ටිකෙන් ටික දුරස් වන බැව් පිළිමයට දැනුණි. එබැවින් ඊට විසදුමක් වශයෙන් ඊළග තුරුම්පුව පාවිච්චි කිරීමට ඔහුට අවස්ථාව උදා විය. එනම් ඉංග්‍රීසීන්ගේ පිහිට පැතීමයි.
ඉංග්‍රීසීහු බලවත් වෙති
මේ අවදිය වන විට පහතරට ප්‍රදේශයේ ඉංග්‍රීසීන්ගේ බලය ක්‍රමයෙන් තහවුරු වෙමින් පැවතිණ. නුදුරු දිනක දී උඩරට අල්ලා ගැනීමට අවස්ථාවක් එළඹෙන තෙක් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. ක්‍රි.ව 1798 දී ලංදේසීන්ගෙන් අල්ලා ගන්නා ලද ප්‍රදේශ ආපසු ඔවුන්ට පවරා දීමට සිදුවේයැයි පැවති සැකය ද දුරු වීමෙන් ඔහු බලවත් සතුටට පත් විය. එයින්
නොනැවතුනු ඔහු මෙතෙක් ඉංග්‍රීසි වෙළද සමාගම සතුව තිබූ ලක්දිව මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටය යටතට පත් කිරිමට තීරණය කළේය.
එවැනි දෙයක් ඉංදියාවේවත් එතරම් කඩිනමින් සිදු නොවීය. මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත් පත් කර ගැනීම හා ඒවා සුරක්ෂිත කර ගැනීමට ඔවුන් තුළ පැවති දැඩි කැමැන්තයි. මුහුදුබඩ ප්‍රදේශවල අයිතිය ස්ථාවර වීමත් සමග එතෙක් ස්වාධීන රාජ්‍යයක් වශයෙන් පැවතුන උඩරට රාජ්‍ය අත් පත් කර ගැනීම කෙරෙහි ඉංග්‍රීසීන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු විය. මොවුන් මෙම කටයුත්ත සිදු කිරිමට අදහස් කළේ උපක්‍රම ශීලී පිළිවෙතක් අනුගමනය කරමිනි.
සාම ගිවිසුමක්
එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාව සිටි පෙරික් නෝත් ක්‍රි.ව 1798 සිට 1803 දක්වාම උත්සාහ දැරුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමග ස්ථිර සාම ගිවිසුමක් ඇති කර ගැනීමටය. මෙබදු ගිවිසුමක් ඇති කර ගැනීමට ඔහු උත්සාහ දැරුවේ කරුණු කීපයක් මුල් කර ගෙනය. එම ගිවිසුම සකස් කිරීමට බලාපොරොත්තු වූයේ ඉංග්‍රීසීන් විසින් ඉදිරිපත් කරන කොන්දේසි අනුවමය. එසේ නොහැකි නම් උපකාරක ගිවිසුමක් වශයෙන් එය සකස් කිරීමට තීරණය විය.
මෙම කාලයේ දී මෙබදු උපකාරක මිත්‍ර ගිවිසුම් මාර්ගයෙන් වෙලලි සාමිවරයා යටතේ ඉංදියානු රාජ්‍යවල ඉංග්‍රීසි බලය ශීඝ්‍රයෙන් පැතිර යමින් පැවතිණ. ඒ අයුරින්ම ශ්‍රී ලංකාවේද ඉංග්‍රීසි බලය පැතිර වීමේ අදහසින් උඩරට රජු අවනත කර ගැනීමට මෙබදු උපකාරක මිත්‍ර ගිවිසුමක් ඉදිරිපත් කිරිමට උත්සුක විය, උඩරට හරහා ත්‍රිකුණාමලයට මාර්ගයක් සැකසීම පිළිබඳවද මෙම ගිවිසුමට අන්තර්ගත වී තිබුණි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙම උපකාරක මිත්‍ර ගිවිසුම ප්‍රතිෂ්ප කළෙන් උඩරට සිංහල රාජධානිය අත් පත් කර ගැනීම සදහා අවස්ථාවක් එළඹෙන තෙක් තෝත් ආණ්ඩුකාරයා නිහඩ පිළිවෙතක් අනුගමනය කළේය. ඉන් පසු ඔහු රජුත් නිලමේවරුත් මෙහි මුලින් සදහන් කරන ලද ස්ථිර සාම ගිවිසුමකට පොළඹවා ගන්නට උත්සාහ දරුවේය. නමුත් රජුගේ හා පිළිමතලව්වේ වැනි ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ අපේක්ෂක්ෂාවන් එකිනෙකට විරුද්ධව පැවතුන බැවින් එබඳු ස්ථිරසාර ගිවිසුමක් තාවකාලිකව හෝ ඇති කර ගැනීමට අවශ්‍ය වාතාවරණයක් සකස් නොවීය.
පිළිමතලව්වේ ඉංග්‍රීසීන් හමුවීම
ක්‍රි.ව 1798 න් පසු කාල වකවානුවේ දී උඩරට රාජ්‍යයේ පැවැති දේශපාලනික හා ආර්ථික තත්වය එතරම් සතුටුදායක අඩියක නොතිබූ බැව් ඉංග්‍රීසීහු හොඳින් අවබෝධ කර ගෙන සිටියහ. රජුට රදලවරුන් සමහරක් විරුද්ධ බවත් රජු ඇතුළු තවත් රදලවරුන් පිරිසක් මහ අදිකාරම වන පිළිමතලව්වේ අවිශ්වාස කරමින් සිටි බවත් දැන ගන්න. මෙබදු අභ්‍යන්තර අවුල් වියවුල් නිසාත් ඊට පෙර අවදිවල දී නිරන්තරයෙන් පැවති යුද්ධ කෝලාහල නිසාත් කන්ද උඩරට රාජ්‍ය අසරණ වී තිබීම ඔවුනට රහසක් නොවීය. ඉංග්‍රීසි ඔත්තුකරුවන් මගිනුත් මහ අදිකාරම් හා ඔහුට හිතකාමී නිලම්වරුන් මගිනුත් ඉංග්‍රීසීහු මෙම තොරතුරු ලබා ගත්හ.
යුද්ධ කිරීම රැකියාව කොටගත් ස්වා පන්නයක් හෝ ස්ථාවර ශක්ති සම්පන්න ක්සෙස්නාවක් එහි නොමැති බවද ඔවුනට අවබෝධ විය. උඩරට රාජ්‍ය පිළිබඳව වැදගත් කාරණාවක් සාකච්ඡා කිරීමට නෝත් ආණ්ඩුකාරයා හමුවීමට අවශ්‍ය බැව් රහසින් දන්වා සිටියේ මේ අතරයි. නෝත් ආණ්ඩුකාරයාද පිළිමතලව්වේ හමුවීමට අදහසක් ඇති කර ගෙන සිටි අවස්ථාවක මෙම පණිවුඩය ලැබීම ඔහුගේ සතුටට හේතු විය. පිළිමතලව්වේ බලාපොරොත්තු වූයේ දැනටමත් තමාට අකීකරුව අත්තනෝමතිකව කටයුතු කරන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිහසුන්නෙන් නෙරපා දමා තමන්ගේ රජවීමට ඉංග්‍රීසීන්ගේ උදව් පැතීමය.
. එහෙත් නෝත් බලාපොරොත්තු වූයේ පිළිමතලව්වේගේ මාර්ගයෙන් රජතුමා සාම ගිවිසුමකට නමවා ගැනීමටය. ඔවුන් දෙදෙනා රහසිගත ව හමු වූයේ සීතාවක දීය. එම හමුවීමෙන් ස්ථිර තීරණයකට එළඹීමට නොහැකි වුවත් එකිනෙකාගේ අදහස් පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇති කර ගැනීමට ඔවුන් දෙදෙනාට හැකි විය.
නායක්කර් බලය පැතිරීම
පිළිමතලව්වේගේ තම නිල දිය කර ගෙන සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඔහුගේ උපදෙසක් ප්‍රතික්ෂේප කරමින් කමාගේ හි1කියාව ප්‍රයෝජනයට් ගනිමින් ද ල න ය නයන් වැඩි දෙනෙකු ත් ජනතs වෙන් කිරීමේ දින 5 හ ම අට) – නමින් නරිදි බාලන කටයුතු
කව කර ගෙන ශීල . මට දුන් නියරක්ෂාව දී රිජිරි පිත කටයුතු වලට ෂNe , ඉලඇණිය රාජ ඹයේ ඩn කින්) යුතු උසස් තනතුරු ඔවුන්ට ලැබුණි. එබැවින් පිළිමතලව්වේගේ සිත තුළ රජ කළලෙහි පැවැති මුවේරය දිනෙන් දින ලීලන්නට විය. එයින් ඉංග්‍රීසීහු බලවත් අමද නන්දයට පත් වුහ.
ඒ වන විටත් වැළමික විවේ 7 ත් අතර රහස් ලිපි ගනුදෙනුවක් පැවතිය ක්‍රියාශුරි උපක්‍රමශීලී කපටි බුද්ධියකින් හෙබි, පිළිමතලව්වේ එබඳුම කුට උපායෙහි දක්ෂ නෝන් හා එක්වීම කන්ද උඩරට රාජඣානියට පරිහානියේ මාවත සැකසීමට කපන ලද ප්‍රථම පස් පිඩැල්ල ඉමෙන් විය. ති .ව 1800 වර්ෂයේ දී. නැවත වරක් ඔවුහු හමු වුහ. රට වැසියන් රජතුමා කෙරෙහි කලකිරි සිටින බවත් පාලනයෙහි වෙනසක් ඇති වේයයි ඔවුන් අපේක්ෂා කරන බවත් මහ අදිකාරම නෝන්ට දැන්විය.
එහෙත් ඔහු පුල පුලා බලාපොරොත්තු වූ පිළිතුරක් නෙගෙන් ඔහුට නොලැබිණ. උඩරට රාජ්‍ය කෙසේ හෝ ඉංග්‍රීසීන් අතට පත් වේයයි නෙත් විශ්වාස කළේය. එම අදහස ඔහු මදුරාසියේ සිටි උසස් නිලධාරීන්ට ද දන්වා යවා තිබුණි. පිළිමතලව්වේට කෙළින් පිළිතුරක් නොදෙමින් නෝත් කටයුතු කළේ කෙසේ හෝ ඔහු තමාගේ දැලට හසු කර ගැනීමටය.
නෝගේ උපකුම
පිළිමතලව්වේ යෝජනා කළ පරිදි රජු සිහසුනෙත් නෙරපා දමා ඒ වෙනුවට ඔහු පත් කළ ද ඉංග්‍රීසීන්ට අවාසියක් නොවන බව ඉංග්‍රීසීහු දැන සිටියහ. එයට හේතුව වූයේ පිළිමතලව්වේට * විරුද්ධව විශාල බලවේගයක් කන්ද උඩරට ඒ වන විටත් ගොඩ නැගී තිබුණු බැවිනි. පිළිමතලව්වේ කෙබදු අයුරකින් පැවසුව ද රජතුමාට කන්ද උඩරට රදලවරුන්ගේ හා ජනතාවගේ පක්ෂපොන් බව තවමත් පවතින වග තෝත් දැන ගෙන සිටියේය. පිළිමතලව්වේ රජ කරවීමට කන්ද උඩරට රදලවරුන්ට උවමනාවක් තිබුණි නම් එය ඉටු කිරිමට අවස්ථා කීපයක්ම උදා විය.
එහෙත් එසේ සිදු නො වූයේ ඔවුන්ට පිළිමතලව්වේ පිළිබඳ ලැදියාවක් නොතිබූ බැවිනි. ක්‍රි.ව. 1800 වර්ෂයේ දී තෙවෙනි වතාවට ද නෝත් පිළිමතලව්වේ මුණ ගැසුනි. එයින් නෝත් බලාපොරොත්තු වුයේ ගිවිසුමක් ඇති කර ගැනීම සදහා කන්ද උඩරට රජු හමුවට දුතයෙක් පිටත් කර හැරීමටය.
මැඩෙවල් සෙනෙවියා මේ සදහා පිටත් කර හැරිමට තීරණය විය. මෙයින් නෝත් ප්‍රධාන වශයෙන් අපේක්ෂක්ෂා කළේ ද රජු රවටා ගැනීමයි. රජුගේ ආරක්ෂාව සඳහා ඉංග්‍රීසි සේනාංකයක් උඩරට නැවත්වීමටත් ඔහුගේ සියළුම විදේශීය සම්බන්ධතා ඉංග්‍රීසීන් මගින් පැවැත්වීමටත් අදහස් විම සීම මෙම දූත මෙහෙවරෙහි බලාපොරොත්තුව විය. මහ අදිකාරම සමග කථිකා කර ගත් පරිදි මැන්ඩෝවල් සෙනෙවියා මහනුවර බලා පිටත්විය.|
දූත මෙහෙවරක්
ඔහු ගියේ විශාල ස්නාවක් පිරිවරා ගෙනය. සාම ගිවිසුම පිළිබඳ විස්තර කල් ඇතිව රජුට නොදන්වා රජුගේ සිංහාසනාරූඪ වීමට ආශිර්වාද කිරීමේ මුවාවෙන් මෙම ගමන ඇරඹුනි. විශාල සේනාවක් කැටුව මැන්ඩෝවල් එන බව ඇසූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සැක පහල කරගත් සිතින් යුතුව මහනුවර හැර දමා පළා යාමට සූදානම් විය. ඒ අතර ඇතැම් නිලමේවරු ඉංග්‍රීසීන් සමග සටනට කටයුතු පිළියෙල කළහ. මේ බැව් දැන ගත් පිළිමතලව්වේ එම මහ සෙනග අතර මග නවත්වා සුළු භට පිරිසක් කැටුව මැන්ඩෝවට මහ නුවරට යාමට විදිවිධාන යෙදීය. රජුගේ නියෝජිතයන් පිරිසක් පෙර මගට විත් ගන්නොරුවේදී හමුවී රජතුමා සාම ගිවිසුමකට කැමති නැති බවත් උවමනා නම් රජතුමා බැහැ දැකීමට අවසර ඇති බවත් ඔහුට ඔවුහු දැන්වූහ.
මැඩෝවද බලාපොරොත්තු කඩ වූ සිතින් යුතුව මහනුවරට ගොස් රජතුමා බැහැ දැක රජුත් රාජ්‍යයේත් තත්ත්වය භාහිරව පෙනෙන තරමින් අධ්‍යයනය කොට ආපසු කොළඹට ගියේය. මේ ගමනින් ඉංග්‍රීසීන්ට දැන ගත හැකි වූ විශේෂ දෙය නම් රජතුමා හෝ රදලවරු බොහෝ දෙනෙක් පිළිමතලව්වේ මහ අදිකාරමට අවනත නොමැති බවය. රජතුමා උපකාර මිත්‍ර ගිවිසුමකට ද අකමැති බව පැහැදිලි විය.
එයින් පසුබට නොවුනු නෝත් ආණ්ඩුකාරයා රජතුමා කෙසේ හෝ ගිවිසුමකට නම්මවා ගැනීමට ඇති ඉඩකඩ පරීක්ෂා කර බැලීය. පිළිමතලව්වේ සම්බන්ධ කර නොගෙන කෙළින්ම රජු හා සමග සම්බන්ධකම් පැවැත් වීම සුදුසු බැව් ඔහුගේ තීරණය විය. එහෙත් එවැන්නකට පිළිමතලව්වේගේ විරෝධය මතුවුනි. ඔහුට උවමනා වූයේ කෙසේ හෝ ඉංග්‍රීසීන් තමා ණය ගැති තත්ත්වයක තබා ගැනීමටය. නෝත් හා රජු අතර සම්බන්ධයක් ඇතිවුවහොත් තමා බලාපොරොත්තු වන ලක් සිහසුන දැරීමේ සිහින බොඳවී යන බැව් සිතා ඒ ගැන බියට පත් කපටි බුද්ධියකින් හෙබි පිළිමතලව්වේ ඔවුන් දෙදෙනා අතර ගැටුමක් ඇති කිරීමට උපායක් යෙදීය. නෝත් හා රජතුමා කෙට වීමට ඔහුගෙන් පිඹුරු පත් සැකසිණ.
සාම ගිවිසුම් සදහා කීප වතාවක්ම උත්සාහ කළද ඒවා අසාර්ථක වූ බැවින් ඉංග්‍රීසීන් ද බලාපොරොත්තුව සිටියේ කන්ද උඩරට ආක්‍රමණය කිරිමට අවස්ථාවක් එළඹෙන තුරුය. එහෙත් ඒ සඳහා සුළු වශයෙන් හෝ හේතුවක් පැන නගින තුරු ඔවුහු නො ඉවසිල්ලෙන් පසු වූහ. එවැනි හේතුවක් සේ සැලකිය හැකි සිද්ධියක් ක්‍රි.ව. 1.802 දී සිදු විය. පුත්තලමේ සිට මහනුවරට වෙළඳාමේ ගිය මුස්ලිම් වෙළදුන් කිහිප දෙන්නෙකුට මහ අදිකාරමගේ අත වැසියන් විසින් කරන ලද අතවරය මේ සිද්ධියයි. මේ මුස්ලිම් වෙළඳුන් අතර ඔත්තුකරුවෙක්ද සිටියේය.
යුද්ධයක ආරම්භය
ඔවුන් උඩරට ප්‍රදේශයෙන් පුවක් මිලදී ගෙන ඒවා රැගෙන යන අතරතුරදී පිළිමතලව්වේගේ නියෝගය පරිදි රාජ පුරුෂයෝ එම පුවක් සහ තවලම්වලට අයත් ගවයන් පැහැර ගත්හ. කැකුණකැළේ නැමති ස්ථානයේදී පැහැර ගත් මේ පුවක් සහ ගවයන් පවුම් දාහකට රුවන් වැලේ දී අලෙවි කළහ. මරක්කල වෙළෙන්දෝ ඇතුලු චප්පුරුෂයෝ මහනුවර දී තමන්ට සිදුවූ ඇබැද්දිය කොළඹ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා බැහැ දැක සැලකළ සිටියහ.
එය ඇසූ ආණ්ඩුකාරයා මෙහි යුක්තිය විසදන ලෙසත් මෙම සිද්ධියට රජු සමාව ගතයුතු බවත් අලාභ හානි ගෙවිය යුතු බවත් ඒ සමගම ස්ථිර සාම ගිවිසුමකට එළඹිය යුතු බවත් තදින් කියා සිටියේය. ඒ අතරම ඉංග්‍රීසි හේවායන් රැස් කිරීම, බලකොටු තර කිරීම ආදියෙන් රජතුමා කුපිත වන අන්දමින් ක්‍රියා කර ඇති බවට උඩරටින් චෝදනා එල්ල වුනි. මෙම අවස්ථාවේ දී පිළිමතලව්වේ විසින් රජු හා ඉංග්‍රීසි අතර ගැටුමක් ඇති කිරිමට රහසිගතව කූට උපායන් යොදමින් ඇවිලී ගෙන එන ගින්නට පිදුරු දැමුවේය.