බුදුදහමේ අගය නොදන්නා නාමික සිංහලයෝ සහ මොලේ ඇති බුදුදහමේ අගය ග්‍රහණයට ගන්නා සුද්දෝ

Brian Cox physicist star in UK ත් මහ පිපිරුම බොරු බව දැනී කොලේ වහලා විවට්ට සංවට්ටය ගැනයි කතා කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාල. ඔවුන් දැන් අග්ගඤ්ඤ සූත්‍රය ම සුද්දන්ගේ කරගෙන එංගලන්ත ආමිකාරයෝ ත් ගිරිමානන්ද සූත්‍රය ඉගෙන ගෙන විදර්ශනා වඩා නිරෝගීව ඉන්නත් බලනවා.

සිංහළ බොදු පවුලක බුදුසසුන දරාගනිමින් රැකපු සිංහළයන් ගෙ රටේ ඉපදුණු අය ඇරිස්ලා ගැලීලීයෝලා පස්සෙ යනවා ඉංග්‍රීසි ටිකක් කට ගාගත් විගස ඊනියා බටහිර විද්‍යාඥයෝ සහ බටහිර දාර්ශනිකයෝ හරි ලොකු වෙලා.

ඒ අතරේ අසිංහළ වූ අය බොදු වෙස් අරගෙන හෝ බුදුදහම අවබෝධ කරගන්න උත්සාහ ගන්නවා ඔවුන්ගේ බයිබලයට 3වෙනි තෙස්තමේන්තුව ත් හදමින් ඊනියා බවුද්ධ මනෝවිද්‍යාවකුත් පෙන්වමින්. ඔවුනුත් සිංහළ බෞද්ධ විරෝධීන් තමා ඊනියා ශ්‍රීලාංකික පජාතිය ගොඩ නගන.

බැරිවෙලාවත් සිංහළ බෞද්ධ එකම වර්තමාන දාර්ශනිකයා වන නලින් මහඇදුරු තුමාගේ ජාතිකත්ව දර්ශනය හෝ Physics වලින්ම සොයා ගත් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය ගැන නම් පැත්ත වත් බලන්නේ නෑ නම් නෑ ඇරිස්ලා ගැලීලියෝලා පසුපස යාමට අලුතෙන් පටන් ගත් අයත් අසිංහළ සහ සිංහළ බෞද්ධ විරෝධීනුත්.

ඇරිස්ලා ලොකු නමට බවුජ්ජ නමට සිංහලයෝ

ඇරිස්ලාත් ඉතින් යන්තම් ගෑවිලා යන්න දෙයක් කිව්වත් ඉංග්‍රීසියෙන් එය ලිව්වම තථාගත සර්වඥයන් වහන්සේ පාලියෙන් තුන් ලෝකෙටම කිව් සියල්ලම ලඝුකර වන්න බලනවා.
සුද්දෝ දැන් බුදුරජාණන් වහන්සේ දෙසූ පරමාර්ථ ධර්මයන් විදර්ශනාව සමථය ඔවුන්ගේ නම්වලින් දාගෙන ඔවුන්ගෙ කරගන්නවා. බ්‍රයන් කොක්ස් පවා දැන් මහ පිපිරුම් බොරු බව තේරී විවට්ට සංවට්ටය අග්ගඤ්ඤ සූත්‍රය ඉගෙන ගෙන ඒවායි ඉංග්‍රීසියෙන් කියන්නේ.
ඇරිස්ගේ කියමන් ඉංග්‍රීසි යෙන් ලියාගෙන ලොකු වෙන්නේ නම් සම්බුද්ධ ධර්මය මෙතෙක් දරාගෙන ආ සිංහළ ජාතිය නම් නොව ශ්‍රී ලාංකික පජාතිය බදාගත්තොත් තමා.

සත්‍ය යටපත් කිරීමට පෙල ගැසී ඇති මිෂනාරි අසිංහල මෙහෙයුම්

මෑත අතීතයේ මුහුණට මුහුණ මිත්‍යාවට සහ දේශඳ්‍රෝහීන් ට එරෙහිව සත්‍ය කතාකරන්න ගිය අයට වුන දෙය අපද හොදින් දනිමි….

රට ජාතිය ආගම ඉතිහාසය කාබාසිනියා කරන මිසදිටුවන් දැන් දැන් හදන්නේ පුද්ගලයින් යටපත් කොට සත්‍යය නිහඬ කරවීමටයි….

මක්නිසාද යත් අසත්පුරුෂ අවස්ථාවාදී මිත්‍යාදුෂ්ඨිකයන් සාසන භක්ෂක දේශඳ්‍රෝහීන් සත්‍යයට බියයි එවැනි පිරිසට සත්‍ය අභිමුව උත්තර නෑ.
එමනිසා ඔවුන් පුද්ගලයින් හා පුද්ගලිකත්වයම සොයයි…”නයි පෙනේ කරනකොට ගැරඬි වලං කටු වනනවා” වගේ

බංකොලොත් මතයන්ට ප්‍රභල අභියෝගයන් වන facebook profile report කිරීම ,පුද්ගලිකත්වයට මඩ ගැසීම,උන්මත්තක යැයි ලේබල් කිරීම හෝ මැර තර්ජන දක්වා සත්‍ය මැඬලීමේ මෙහෙයුම් දියත් වෙනව.

බටහිර සිට ක්‍රියාත්මක වන මිශනාරි වරදාන වලට,කොටි ඩයස්පෝරාවේ සහ ngo මුදලට බැලමෙහෙවර කිරීමට දිවා රාත්‍රි සැදී පැහැදී සිටින බක පඬි විශ්ව විද්වතුන් තමයි ඒවගේ පලවෙනි පේලියෙන්ම මුලට ඉන්නේ .

සම්පත් චමින්ද මහතා

කපන්න බැරි අත ඉඹීම.

බුදුදහම බාහිරයෙන් ඉදන් විනාස කරන්න හදපු බටහිර ක්‍රිස්තියානි/කතෝලික මූලධර්මවාදීන් ,ඉස්ලාම් අන්තවාදීන් සහ ⁣හින්දු මිත්‍යාදුෂ්ඨික ඇදහිලි කරුවන් හා මේ රටේ බෙදුම්වාදයට ඇද දමන්න මාන බලන දෙමල ඩයස්පෝරාව සහ වර්ථමානයේ බිහිවෙලා ඉන්න අදේවවාදීන් යැයි කියාගන්නා පිරිස් දැන් අන්ත අසරණ වෙලා ඉන්නවා බුදුදහමත් සිංහල ජාතියත් කියන ශක්තිමත් පවුර හමුවේ.රටේ ඉතිහාසය හා සම්බුද්ධ සාසනය විනාශ කිරීමෙහි ලා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාත්මක වන ද්‍රවිඩ ඊලාම් ඩයස්පෝරාවට සහය දෙන අති දැවැන්ත රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන සියලු යටිතල පහසුකම් සපයනවා …👆මේ සියල්ලට වඩා වසවර්ති මාර අනසක පෙරමුණේ ඉන්නව සෑම දෙනාම එකට සම්බන්ධීකරණය වී සෘජුවම හෝ වක්‍රාකාරව සහය දක්වන අතර සිංහල බෞද්ධ ජනතාව අති සියුම් අයුරින් මුලා කොට බුදු දහම මෙලොවින් තුරන් කිරීමට කුමන්ත්‍රණ සිදු කරන මෙකලත් ඉදිරි අනාගතයේත් සම්බුද්ධ සාසනයට ඇති බරපතලම අනතුර නම් මේ සම්බුද්ධ සාසනය අති සූක්ෂ්මව විනාශ කරන පුද්ගලයන් පෙනී සිටින්නේ බුදුන් වැඳගෙන, බුදු ගුණ කියාගෙනමය,බුදු බණ වැනි යමක් කියාගෙනය.. මේ නිසා ප්‍රශ්ණය ඉතාමත් බරපතලය..මතුපිටින් බැලූ බැල්මට කිසිවක් නොපෙනේ…

📯විජය එන්න කලිනුත් අපි අති දියුණු ජාතියක්

📯මහින්දාගමනයට පෙර බුදු දහම

📯තුන් ලොවක් පාලනය කල හෙල යක්ඛ මහා රාවනා

📯බුදුන් උපන් හෙලබිම

📯ජේසුස් වහන්සේලා වගේ බෝධිසත්වයන් වහන්සේලා

ලංකාවේ බුදුන්වහන්සේ පහල වූවේ යැයිද උන්වහන්සේ හෙලයෙක්‍ යැයිද අපි මහා සම්මත මනුපරපුරේ සක්විති රාවන ජාන යැයි කියමින් ඊනියා ජාති ආලයක් මවාපාමින් මහා මිත්‍යාවක් පතුරන දෙමල ඩයස්පෝරා NGO කළු බළල් හමුදාවේවට රැවටී ව්‍යාජ දේශප්‍රේමී දවටනයේ ඔතා එවන මේ බුදුන් උපන් හෙලය කියන ගුලිය ඔබත් කාලද? එහෙනම් මෙතනින් නවතින්න.

නැත්නම් කන්නට සිතෙනවාද?
එනෙම් පහලට කියවන්න👇

ලංකාවේ සිංහල ජනතාව බහුතරය මහින්දාගමනයේ පටන්ම බෞද්ධයෝය.. ක්‍රිස්තියානි සම්බවික සිංහලයන් යටත් විජිත ආක්‍රමණයෙන් පසු එම ආගම් වලට හැරුනු අයගෙන් පැවතෙන්නන් බව එම පරම්පරා වල අතීතය හාරා අවුස්සා බැලුවොත් පැහැදිලිය!

යටත් විජිත සමයේ ශ්‍රම හමුදාව ලෙස මෙරටට සංක්‍රමනය වූ දමිල ජනයා බහුතරය හින්දූන්ය.. ඉතිරි අය සිංහල සුළුතරය මෙන්ම ක්‍රිස්තියානි නිකායන් වලට යටත් විජිත යුගයේදී හැරුනු අයගෙන් පැවතෙන්නන්.

දැන් බුදුන්වහන්සේ දඹදිව පහල වන විටත් බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශය ශුද්‍ර යනුවෙන් එකල භාරතීය ජන සමාජය ඍග් ආදී වේදයන් මුල් කරගත් බ්‍රාහ්මණ ඉගැන්වීම් මූලික කරගෙන පැවති බව බුද්ධ දේශනා අනුවද තහවුරු වෙනවා.

මේවා කාලානුරූපීව පරිවර්තනය වී අවශේෂ වූ වර්තමාන හින්දු ආගමේ හා සංස්කෘතියේ මුලයි..
එසේනම් බුදුන්වහන්සේ පහල වන විටද මුල් හින්දු සංස්කෘතිය හෙවත් බ්‍රාහ්මණ ඉගැන්වීම් හා විශ්වාස තිබූ බැවින් බුදුන්වහන්සේ ලංකාවේ පහල වූවේයැයි යමෙකු කියනා විට මේ රටේ අතීත උරුමය නිරායාසයෙන්ම හින්දු දමිලයන්ට අපි අතින්ම ලියා දුන්නා හා සමාන වෙයි!!!

👉එසේම සිංහලයා යනු බුදු දහම සමග බද්ධවූ ජාතියක් නිසා සිංහලයා ඇති වී ඇත්තේ බුදුදහම වැළඳගෙන බෞද්ධයන් වූ මුල් හින්දූන්ගෙන් යැයි යන මතය තර්කයක් ලෙස ඕනෑම අයෙකුට ගොඩ නැගිය හැක..!!!
වෙනත් වචන වලින් අමුවෙන් කියනවා නම් ඒ තර්කයෙන් කියවෙන්නේ සිංහලයා පැවත එන්නේ වර්තමාන දමිලයන්ගෙන් වගයි!!!

සිද්ධාර්ථ මහබෝසතානන්වහන්සේගේ උපත මෙරට කියන සංකල්පය තුල අපේ වසර 2500 අඛණ්ඩ ලිඛිත ඉතිහාසය නිකම්ම නිකන් පුස්සක් බවට පත්වෙනවා.

එවිට
⛔විජයාවතරණයක් නෑ,
⛔මහින්දාගමනයක් නෑ,
⛔අනුරාධපුර පුජා භූමිය තුල ස්ථාපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිකම්ම නිකන් රුක්ෂයක් පමණයි,
⛔දේවානම්පියතිස්ස කාවන්තිස්ස දුටුගැමුණු සද්ධාතිස්ස වළගම්බා පැරකුම්බා මහසෙන් වගේ රජවරුන්ට කොහෙත්ම ඉඩක් නෑ, කොටින්ම මුලු සිංහල රාජාවලියම ප්‍රතික්ෂේප වෙනවා,
⛔මහාවංසය, දීපවංසය,පූජාවලිය ආදී සියළු ඵෛතිහාසික ග්‍රන්ථ වංශ කථා ප්‍රතික්ෂේප වෙනවා,
⛔බුදුන් උපන් හෙළදිව තුල එතකොට දුටුගැමුණු කියල තුන් සිංහලය එක්සේසත් කල සිංහල බෞද්ධ රජකෙනෙකුට ඉඩක් නෑ,
⛔රුවන්වැලි මහා සෑය ,ථූපාරාමය ,
ජේතවනාරාමය ,අභයගිරිය නිකම්ම නිකන් ගඩොල් ගොඩක් බවට පත්වෙනවා.
⛔වළගම්බා නමින් රජ සමයක් නොතිබුන ලංකා ඉතිහාසයේ ත්‍රිපිටකයක් ග්‍රන්ථාරෑඨ වීමකුත් නෑ

☝ඒ නිසා බුදුන් උපන්නේ ලංකාවේ, ශිව භක්තික මහා රාවනා වගේ ව්‍යාජ දේශප්‍රේමයක ඔතා දෙන සීනි බෝල කෑවොත් නැති වන්නේ සිංහලයාගේ අනන්‍යතාවය හා මහාවංශයෙන් සිංහලයාට උරුමකර දී ඇති මෙරට පිරිසිදු අයිතිය බව සියල්ලෝම තේරුම් ගත යුතුය..!!!

සිංහල බෞද්ධ බොහෝ දෙනා, ද්‍රවිඩ ඊළාම් ඩයස්පෝරාවට එරෙහිව හඬ නඟන නමුත් ඔවුනට නොපෙනෙන සත්‍ය නම්, ද්‍රවිඩ ඊළමේ නිජ බිම් සංකල්පයේ මුල් බීජ වපුන්න ngo,දෙමල ඩයස්පෝරාව රාවන ඇදහිල්ලත් බුදුන් උපන් හෙළබිම ප්‍රලාපය යොදාගන්නව.

දැන් රාවනත් ශිව භක්තිකයෙක්,පත්තිනිත් ඒකට සම්බන්ධයි,කන්දේ කුමාර රාවන වගේ ලණු දෙනවා මේ අපේම එවුන්දලට රාවන මාන්දමෙන් පෙලෙන…

ඒත් උන්ට නිකමටවත් හිතෙන්නේ නෑ සිංහලයගේ පිටේ තියලම සිංහලයගේ මාලු මුන් කපන බව.උතුරේ සිංහල බෞද්ධ නටබුන් විනාස කරමින් මුං මේ දත කන්නේ මේ රට අතීතයේ ඉදන් දෙමල නිජබිමක් බවට ඔප්පු කරන්න…
රාවනත් ශිව භක්තිකයි කිවුවම වැඩේ තවත් ලේසියි.

නවීන විද්‍යාත්මකවත් දවසින් දවස බටහිර රටවලින් බයිබලේ ප්‍රතික්ෂේප වෙනවා වතිකානුවෙන් පල්ලි වලින් මිනිස්සු ඈත් වෙනවා විශ්ව සත්‍යතාව මතුකරපු බුද්ධ⁣ දේශනාව ඒ සියල්ල අභිබවා බැබළෙනවා…පිරිසිදු ථේරවාද බුද්ධ⁣ වචනය අදටත් මේ සිරිලක තුල සුරක්ෂිතයි බටහිර ක්‍රිස්තියානි/කතෝලික මූලධර්මවාදීන් ,ඉස්ලාම් අන්තවාදීන් සහ ⁣හින්දු මිත්‍යාදුෂ්ඨික ඇදහිලි කරුවන්ට මේක මරු පහරක්.

යට යන බයිබල් දහම බේරගන්න බුදුදහම විනාශ කිරීමටත් මේ රට බෙදුම්වාදයට ඇද දමන්නටත් මාන බලන බටහිර රටවලින් දෙමල ඩයස්පෝරාවට උපරිම සහයෝගය හිමියි.

මොකද මේ හරහා උන් ථේරවාද සාසනයත් විනාස කරල මේ රටේ භෞමික අඛණ්ඩතාවයත් විනාස කරල එක ගලෙන් කුරුල්ලෝ දෙන්නවම මරාගගන්නව.

සම්පත් චමින්ද මහතා

ඌරන් මරාකමින් සීලවතී ඇමතීම

සිසිල් බී ද මෙල් නමැති යුදෙව් ඇමරිකානුවා නිපදවූ (1956) ‘ද ටෙන් කොමාන්ඩ්මන්ට්ස්’ ලෝකයේ බෙහෙවින් ජනප්‍රිය වූ හොලිවුඩ් චිත්‍රපටියකි. මෙය ‘දස පනත’ යනුවෙන් සිංහලට පරිවර්තනය වී ඇති නමුදු ‘කොමාන්ඩ්ස්’ යනු ‘ආඥා’ මිස පනත් නොවේ. අණදීම හමුදාවන්හි සිදුවන ක්‍රියාවකි. හමුදාවන්හි අණදෙන්නෝ ‘කොමාන්ඩර්වරු’ වෙති. ඇමරිකාවේ උපත ලැබූ ‘ගැලවීමේ හමුදාවේ’ත් කොමාන්ඩර්වරු සිටිති. පරණ බයිබලයේ සඳහන් කතාවට අනුව, ඊජිප්තුවෙන් ඊශ්‍රායල් වහලුන් පිටකරගත් මෝසස් පූජකයෙකු නොවේ. පාරාවෝ රජ ගෙදර හැදුන වැඩුන, ඊශ්‍රායල් ජාතික ‘කොමාන්ඩර්වරයෙකි’. ඔහු තරම් ප්‍රබල කොමාන්ඩර්වරයෙකු ගැන අපි නොදනිමු. යුරෝපීය ඉතිහාසකරුවන්ගේ මහත් ඇගයීමට ලක්වූ, මහා ඇලෙක්සැන්දර් සමග මෝසස් සංසන්දය කිරීම මේ කාරණය තේරුම් ගැනීමට මගකි. දැවැන්ත අශ්වාහරෝහක හමුදාවක් මෙහෙයවමින් ඉන්දු නදී ප්‍රදේශය ආක්‍රමණය කළ මෙම මැසිඩෝනියානු ග්‍රීක සෙනවියාට දිගු කලක් සිය හමුදාව මෙහෙයවීමට නොහැකිවිය. දෙවසරක් ගෙවීමට පෙර හමුදා සේනංක කිහිපයක්ම ආපසු ගම් රටවලට යා යුතු බව කියමින් කැරලි ගැසීමට සූදානම් වූහ. ගෝඨාභය රාජපක්ෂ රටේ අති විශාල ජන වරමකින් ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූ, කලක් යුද හමුදාවේ සේවය කළ නායකයෙකි. ඔහු යුද සේනාංකයක් පාලනය කරන ආකාරයෙන් රට පාලනය කරනු ඇතැයි බටහිර රටවල් මෙන්ම දෙමළ ඩයස්පෝරාවද සිතුහ. ඔවුන් සූදානම්ව සිටියේ ගෝඨාභය ආඥාදායකයෙකු යැයි ජාත්‍යන්තරයට කීමටය. ගෝඨාභය ජනාධිපතිවරයා ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි ආකාරයෙන් රට පාලනය නොකළේය. එවිට විරුද්ධ පාක්ෂිකයෝ, ජනාධිපතිවරයා හමුදා නිලධාරියෙකුගේ තත්වයට පත්කිරීමට උපක්‍රම භාවිත කරන්ට වූහ. ගුරු උද්ඝෝෂණ ඇතුළු උද්ඝෝෂණ බොහෝමයක් මෙහෙයවූන්ගේ යටි අරමුණ, ජනාධිපතිවරයා කුපිත කිරීමයි.

සජබ නායක සජිත් ප්‍රේමදාසගේ පියා ආර්. ප්‍රේමදාස රට පාලනය කරන සමයේ රටේ පැවති නිදහස ගැන නොදන්නා සහ අමතකකෙරුවෝ සිටිති. ඒ කාලයේ ප්‍රේමදාස පාලනයට අකමැතිවූ බොහෝ සිංහල බෞද්ධයෝ ටයර් මත පිලිස්සී මිය ගියහ. ඒ කාලයේ පැතිරුන, ‘ටයර් සෑය’, ‘ධර්මචක්‍රයේ දැමීම’ වැනි කතා පවා සිංහල බෞද්ධ විරෝධි නිෂ්පාදනයන්ය. මෝසස් අවුරුදු හතළිහක් තිස්සේ ඊශ්‍රායල් සේනාවට අණ දුන්නේය. මේ මුළු කාලයම කාන්තාරයේ සිටි ඊශ්‍රායල් වහල්ලු අප්‍රමාණ දුක් පීඩා ලැබූහ. රශ්නය, ශීතල, ආහාර සහ ජලය හිඟකම ඔවුන් දුකට පත්කළ කාරණා කිහිපයකි. මේ දුකින් කොතරම් පිරිසක් මියගියේ දැයි ‘ටෙන් කොමාන්ඩ්මන්ට්ස්’ චිත්‍රපටයේ සඳහන් නොවේ. රටින් පිට වන විට අවුරුදු පනහ ඉක්මවා සිටි කිසිවෙකු ගමන නිම වන විට ජීවත්වන්නට ඇතැයි සිතීමට නොහැකිය. ඊශ්‍රායල් වහලුන්, ‘දෙවියන් දෙන බව කී කිරියෙන් පැණියෙන් ඉතිරෙන දේශය’ ගැන මෝසස්ගෙන් ප්‍රශ්න කළ බවට නම් සාක්ෂ්‍ය තිබේ. තමා කෙරෙහි පවතින ජනතා විශ්වාසය පලුදුවීගෙන එන බව අවබෝධ කරගත් මෝසස්, දෙවියන් හමුවීමට කන්දකට නැග්ගේය. පෙරළා පැමිණි හෙතෙම, පොරොන්දු දේශය ලබාගන්නට නම් අඥා දහයක් පිළිපැදිය යුතු යැයි දෙවියන් කී බව’ වහලුන්ට කීවේය. ‘ටෙන් කොමාන්ඩ්මන්ටස්’ යනු ඒ ආඥා දහයයි. ‘හැම ආගමක්ම එක සමානය’ යන්න අමු පචයකි. බුද්ධාගම, යුදාගම හා සමාන නැත. දස පනතේ ’කාමමිථ්‍යාචාරය නොකරව’ යි යන්න ආඥාවකි. ඒ ආඥාව කඩන්නෝ දඬුවම් ලබති. ස්ත්‍රීන් ගල් ගසා මරා දැමේ. ‘කාමේසුමිච්චාචාරා වේරමණි සික්ඛාපදං සමාදියාමි’ සිල් පදයක් විනා ආඥාවක් නොවේ. මිසරයේ සිට කානානයට ඇත්තේ කි.මී. 850 තරම් දුරකි. එකල තවලමකට මෙය ලොකු දුරක් නොවේ. මෝසස්ට වහල් සේනාව ඒ අසලට ගෙනයාමට අවුරුදු හතළිහක් ගතවිය. මේ තොරතුරු අල්ලාගෙන ‘මෝසස් හොඳ කොමන්ඩර්වරයෙක’ නොවේ යැ’යි කී කෙනෙක් නැත. දෙවියන් වහන්සේ මෝසස්ට වැඩිය දක්ෂ කොමාන්ඩර්වරයෙකු තෝරා නොගත්තේ මන්දැයි අසන්නා උම්මන්තයෙකු බවට පත්කිරීමට යුදෙව් ක්‍රිස්තියානි මාධ්‍යකරුවන්ට පුළුවන. බෞද්ධ පාලන සම්ප්‍රදායයන් චොප්පකර වෙනත් ආගම් සහ නීති බලවත් වී ඇති ලංකාවේ එක නීතියක් පිහිටුවීම අතිශයින් දුෂ්කර ක්‍රියාවකි. එවැනි කටයුත්තකට තොරතුරු සෙවීමට පත්කරන ජනාධිපතිවරයා කොමිසමක නායකත්වයට පත්කිරීමට දැනුම මෙන්ම දැඩි ආත්ම ශක්තියක් ඇති බෞද්ධ නායකයෙකු පත්කිරීම අවශ්‍යම කටයුත්තකි. ඒ සුදුසුකම් ඇති භික්ෂූන් අතරින් ඉදිරියෙන්ම සිටින්නට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමත්ව ඇති බව ඉතිහාසය විමසන විට පැහැදිලි වේ. ඌරු පැටියෙකු ගෙනවිත් වැසිකිලිය අසල බැඳගෙන ඌට ඉඳුල් කන්නට දෙමින් හදා ලොකු කර නත්තලට මරා මස්කරන්නන්, ‘සීලවතී සිල් අරගෙන මකුණො මරනවෝ’ බයිලය කියමින් සිංහල බෞද්ධයින්ට ගරහන හැටි ‘අල්ලාහු අක්බර්’ ග්‍රන්ථයේ විස්තර කෙරේ. ඥානසාර හිමියන්ට අපහාස කරන බොහෝ දෙනකු සමාන වන්නේත් ඌරන් මරාගෙන කමින් සීලවතීට ඔම්පා කරන පිරිසටය.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

කොටි ඩයස්ප්රෝඩාව ගෙන යන හෙළ බුදුන් ප්රෝඩාව සහ ශාසන භක්ෂක තක්කඩින්

අරියමග්ග සහ කම්මට්ටාන නමින් සිටින කොටි චීවරධාරියා සහ නඩය ගැන දැන් නම් කාටත් පේන පාටයි. ඔවුන් පිටුපස සිටින මොසාඩ් ඒජන්තයෝත් දැන් වීරයෝ වෙලා ලිපි ලියනු පෙනේ.

නෝර්වේ ස්වීඩනය ස්විස්ටර්ලන්ත කැනඩාව ඩෙන්මාර්කය යනු එංගලන්තය සහ වතිකානු ව ම මෙහෙයවන කොටි විමාණයම තමා.
ඒ රටවලින් දෙන පඬුරු පාක්කුඩම් ඊනියා උපාධි කිසිවක් බලෙන් දුන්නත් ගන්නම එපා. කොටි සහ පල්ලියට රට දැය සමයත් පාවා දෙන පාපතර මිසදිටුවන් වී අවීචි මහා නරකාදියට කෙටි පාරෙන් යන්නෙ මොකටද? තව වසර වැඩිම වුණොත් දහයක් ජීවත් වී ඊනියා සැප හොයල සිංහළ කම ථේරවාද බොදුනු කම අත හරින හිඟන්නෝ වෙන්නේ ඇයි?
කිසිම ධනයක් බලයක් නැතත් සිංහළයෙක් ලෙස ථේරවාද බෞද්ධ යෙක් ලෙස ඉපදීම ටම අපේ පෙර මහා කුසල් විශාල ආයෝජනයක්. එය මේ භවය ඉවර වෙද්දි නිවන පිණිසම හදාගන්න වුණත් අප පින්වත් ඉතාම ධනවත්.
ඒ බව කවුරුත් ශ්‍රද්ධාව ඇතුව අවබෝධ කරගත යුතුයි.
අරියමග්ග නොහොත් කම්මට්ටාන නම්වූ චීවරධාරී කොටියාට මම කතා කලා 2018 පමණ. ඔහුගේ නොම්මරේ ගත්තෙත් සුද්දන්ට දුවන්න දීපු කොහුකුඹුරේ රටේරාල ට අවමන් කරන ස්වර්ණා රටේරාලගෙන් මයි. ඔහු මට කිව්වා බුදුහාමුදුරුවො ලංකාවෙ තමා පුරාවිද්‍යා අය එය හොයා බලනවා කියා. මම කිව්වා ලංකාවෙ නැති කෙනෙක් හොයන්නෙ කොහොමද කියා එතකොට කියපි නැත්නම් නෑ තමයිලු නැති කෙනෙක්ගෙ දහමක් පවා නෑ ලු. ඒ මිනිහා කියපි ලංකාවෙත් නෙවෙයි මෙසපොතේමියාවෙද කොහෙදලු බුදු හාමුදුරුවො ඉන්න ඇත්තෙ ඒකත් හොයනවලු. එංගලන්තෙ පමණලු ඔහුට අනුව ත්‍රිපිටකය තියෙන්නේ. ඒක ලෝකෙටම නිදහස් කර ඩිජිටල් කරන්නට නඩු කියනවාලු දකුණු අප්‍රිකානු නීතිඥයෝ උදව් කරනවාලු. අර නාවි පිල්ලි කොටි කතගෙ අයම විය හැකියි. මම ඉන්පසු ඔහු ගැන දිගටම හෙලි කරා මුහුණුපොතේ. ජවිපෙ සහ කතොලික පල්ලියට මාව හිසරදයක් වී මාව රිපෝට් කර නැවතුවා බටහිර පල්ලියේ මුහුණුපොත තුල. නැවත අලුත් ප්රොෆයිල් හදාගෙන ඒමට සිදුවුණේ ම කතොලික එවැන්ජලික කොටි, අසපුවන් සහ මීවන වහරක අධර්මවාදීන්ව නිරුවත් කරද්දීමයි.

සූරිය ගුණසේකර, රාජ් සෝමදේව සහ අර දීප්ති මදනායක නම් සිංහල නමක් දාගත් කොටි කතත් දැන් ඊනියා ආයුබෝවන් යූ ටියුබ් හරහා දේශීය සහ හෙළ වෙදකම ට ෆන්ඩ් කරන බවත් පේනවා. ඉන්න ටික දෙනා හෝ සිංහළ වෙද මහතුන් පවා කොටි දැලේ නලුවෝ වෙලා ඔවුන් දැන හෝ නොදැන. අමිල වෙදමහතා කියාගෙන එන කෙනා ඔවුන් එක්කම යූ ටියුබ් වල පිම්බෙන බව පේනවා. හෙළ රෝහල් ලෙස තරු හෝටල් පවා ඇර දීලා ගෝලීය සංසදෙන්. ගෝලීය සංසදය යනු කොටි සහ පල්ලියම බව ඔවුන්ටත් වැටහී ඉස්තාලෙ වහනකොට අස්සයා ගිහින් තියේවි.

රාවණා නඩයම නෙල්ලිගල සාදුත්, අසපූවන් කවුරුත් බොරු තරහ පෙන්වමින් එකම කොටි ව්යාප්රුතියම තමා.

නෙල්ලිගල සාදු අපෙ සුමන සමන් දෙවියන්ට අලි වාහනයක් හදා දී, ශ්‍රී පාදස්ථානය ම මලබාර් රාජ් සෝමදේවගේ හිතලු අනුව ආදම්ගේ ඇටකටු සහ වැලන්ටයින් කුරුස මැවීමට සර්වාගම් නඩේට භාර දී සම්යක් දේව මඩුල්ලේ සුමණ සමන් දෙවියන්වත් පහළට බැස්සුවා. රාවණා ධනූෂ් එක්ක, කතෝලික පල්ලියේ රාවණා කාරයෝ සමග, ඉතිහාසය අනන්ත බව පෙන්වා සිංහළ සහ ශාසනික ඉතිහාසයම විනාශ කිරීමටයි ඒ කවුරුත් රාජ්‍ය සහ හමුදා අනුග්‍රහය ඇතුව ම රඟ දෙන්නේ.

හෙළ බුදුන් බව අඟවමින් නවකතා ලියූ ග්‍රාමාරක්ෂක භටවරියක් වන චම්පා වයිද්යතිලකද එම ව්‍යාපෘතිය තුල සිටින අතර ඇයට සහායට දිරිමත් කිරීමට සරත් වීරසේකර ත් කමල් ගුණරත්න සහ ගොඩහේවා ත් ඇගේ පොත් හඳුන්වාදීමේ වැඩසටහනක සිටි අතර ඇය මාවද රැවටීමට තැත් කල අතර එය ඉතා කුඩා කලකට සීමා වූයේ ඇගේ වංචාකාරී බව ඉතා ඉක්මණින් හසු වූ බැවිනි. ඇයට සම්බන්ධ බොදුබලේ හිමිනමක් මතුගම ප්‍රදේශයේ ම සිටී.

ඉතාලියේ තුෂාරි ජයසේනද, හෙළයෙක් කියාගන්නා කතෝලික පියෙකු හෝ මවකගේ පවුලක සහ දැනට ඊශ්‍රායලය තුල සේවය කරන මාලදෙණි බුද්ධිකද තරංග ආරියරත්න නම් පොත් ලියන්නද එම හෙළ බුදු පචයේ තවත් පිරිසක් වන අතර චාමී හංසිකා නමින් සිටින නිරාගම් ජවිපෙ පිරිමියා ද ජයලාල් නම් ජඩ මාධ්‍යවේදියා සමග එම විකෘති ඉතිහාසය ම ගෙන යන ඊනියා රණවිරු බන්දු රත්නප්‍රිය ද ජාතිද්‍රෝහි ශාසන භක්ෂක ආමිකාරයෙක් වේ. ඔහුට මා තදින්ම විවේචන කරද්දි බොහෝ රිදුන බවද මතකයි.

ජනිපේ සාමාජික හෝ බෝන් අගේන් ක්‍රිස්තියානි ගොඩහේවාගෙ මුහුණුපොත් තරුවක් වන විශ්ව චින්තනත් දොස්තරයින් බහුතරයක් අතර විපුල බටුවන්තුඩාව වගේ නමක් ඇත්තෙක් ද සිසිර ජයකොඩි නමැත්තා ද, ආචාර්ය චන්දන ගුණවර්ධන කියා ගත් මැල්කම් රංජිත්ගේ අනුගාමිකයා ද කොටි ඩයස්ප්රෝඩාව ගෙන යන හෙළ බුදුන් නඩයේම වෙති.

ඔය මිනිස්සුන්ගෙ නරි නාටක වලින් තම තමන්ම කරගන්නා පව් නම් අපමණයි.

සිංහළයන් වී වැව්වේ බඩගින්න නිවන්නම නොවේ

සහල්වල රන් අඩංගු නොවේ. ‘හයිබ්‍රිඩ් වී’ නිපදවන සමාගමක් තම අලුත් සහල් විශේෂය ‘ගෝල්ඩන් රයිස්’ යයි නම් කිරීම වෙළෙඳ උපායකි. ඒ නම අසන සහල් පාරිභෝගිකයෝ අලුත් හාල් වර්ගය ගැන දැන ගැනීමට උනන්දු වෙති. සමාගම අලුත් සහල් පිළිබඳව කරන වෙළෙඳ ප්‍රචාරයේ තරමට පාරිභෝගිකයෝ ඒවා මිලයට ගැනීමට පෙලඹෙති.
ඉන්දු ගංගාව ආශ්‍රිත ප්‍රදේශයන්හි ගොවීන් වගා කළ සිය ගණනක් වී වර්ග වඳකර ‘බාස්මතී’ පැතිරවීමට හයිබ්‍රිඩ් සමාගම්වලට හැකිවිය. ‘හරිත විප්ලවය’ ඇරඹි කාලයේ නිපදවූ, වැඩි අස්වැන්න දෙන පෝෂණයෙන් පිරුණ සහලක් වශයෙන් කීර්තිය ලැබූ බාස්මතී කෑමෙන් දියවැඩියාව වැනි රෝග වැලඳෙන බව සඳහන් ලිපි දැන් පාකිස්තානය, ඉන්දියාව වැනි රටවල පුවත් පත්හි දක්නා ලැබේ. කීරි සම්බා මෑත කාලයේ ලංකාවේ ජනප්‍රිය වූ හයිබ්‍රිඩ් හාලකි. ඒවා කෑමෙන් දියවැඩියාව හැදෙන බව දැන් බොහෝ දෙනා කියති.
ඉන්ගෝ පෙට්රිකුස් සහ පෙටා බයර් නමැති අභිජනන විද්‍යාඥයන් දෙදෙනා ජාන තාක්ෂණය ආධාර කරගෙන 1990 වසරේ හයිබ්‍රිඩ් වී වර්ගයක් නිපදවූහ. ඊට මුදල් යෙදවූයේ, පිලිපීනයේ ජාත්‍යන්තර සහල් පර්‌යේෂණ ආයතනය පිහිටුවූ ඇමරිකාවේ රොක්පෙලර් ආයතනයයි. මෙම සහල් වර්ගයට ‘ගෝල්ඩන් රයිස්’ යන නම තබන ලදී. කැරටින් අඩංගුවීම සහ කහ වර්ණයෙන් යුක්තවීම නිසා සහලට ඒ නම හිමිවූ බව ඔවුන්ගේ වෙළෙඳ ප්‍රචාරණ ලිපි ගණනාවක සඳහන් වේ.
ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් කරන දේ අනුකරණය කිරීම යටත් විජිත වශයෙන් පැවති රටවල් බොහෝමයක පඬියන්ගේ සිරිතයි. ලෝකයේ සහල් නිපදවන රටවල අභිජනන විද්‍යාඥයන්ට ‘ගෝල්ඩන් රයිස්’ නිපදවීමේ උමතුව වැලඳීමට ප්‍රධාන හේතුව ඔවුන්ගේ බටහිර ගැතිකමයි. මෙවැන්නන් බොහෝ දෙනකුගේ මොළ, පිලිපීනයේ සහල් පර්‌යේෂණ ආයතනය -ඊරි- විසින් පිළියෙල කරන ලද්දේ වෙයි. ඒවායේ ජාතික හැඟීම් නූපදී.
වී ගසේ උපත පිළිබඳ කතාන්දර තිබේ. බටහිරුන් හදා ඇති කතාන්දරවල ස්වභාවය ඒවා විද්‍යාත්මක විවරණයන් වශයෙන් සැලකීමයි. වී පැළය චීනයේ හෝ ඉන්දියාවේ ගංගාශ්‍රිතව වැවුණු කතාව නිදසුනකි. බෞද්ධයන්ගේ කතාන්දර සැලකෙන්නේ මිථ්‍යා ප්‍රබන්ධ (මිත්ස්) වශයෙනි. දරුවන් කෙරෙහි ප්‍රේමය ඇති ‘ක්වාන්යින්’ බෝසත්වරිය වී ඇටය කිරෙන් පිරවූ කතාව නිදසුනකි. හයිබ්‍රිඩ් වී ජාන තාක්ෂණයේ හාස්කමක් බව කියන ඔවුහු බෞද්ධයන්ගේ විශ්වාසය මිථ්‍යා අදහසක් හැටියට සලකති.
ජාන සංයෝග කිරීමෙන් හයිබ්‍රිඩ් වී වර්ග නිපදවීම පිලිපීනයේ ඊරි මගින් කෙරෙන එක් ක්‍රියාවකි. හරිත විප්ලවය (ග්‍රීන් රෙවලූෂන්) නමින් ප්‍රසිද්ධ වූයේ මෙයයි. ලෝකයේ කුසගින්න නැති කිරීම සහ මන්දපෝෂණය නැති ලෝකයක් බිහිකිරීම තම පරමාර්ථය බව ඊරි සිය දහස් වාරයක් ලොවට කියා තිබේ. ‘අපි හාල් වර්ග හැදුවේ බෙහෙතට ගන්න නොවේ. මිනිසුන්ට බඩපුරා බත් කන්න’ යැයි ලංකාවේ ‘ගෝල්ඩන් රයිස්’ නිපදවූ ජ්‍යෙෂ්ඨ අභිජනන විද්‍යාඥයකු ගැඹුරු හඬින් ප්‍රකාශ කළ බව ලංකාවේ සති අන්ත පුවත්පතක පළවූ දිග ලිපියක සඳහන්ව තිබිණි.
සිංහලයන් වී වර්ග සිය ගණනක් නිපදවූයේ සාගින්න නිවීමට යයි කීම ඔවුන්ට කරන නින්දාවකි. ඔව්හු අම්මලාට කිරි එරවීම සඳහා වී නිපදවූහ. ඖෂධ වශයෙන් වී නිපදවූහ. ගව ආහාර පිණිස සහ පොහොර නිපදවීමට අවශ්‍ය පිදුරු ගැනීම, ඔවුන් මා වී වර්ග නිපදවන්නට එක් හේතුවකි. දෙමුහුන් වී මේ හැම වී වර්ගයක්ම වඳ කරගෙන පැතිරුණි. එය ආණ්ඩුව සහ කෘෂිකර්ම ඇමැතිවරයා යොදාගෙන පිහිටුවූ පලදා සංවර්ධන කමිටු මගින් සිදුකරන ලද ජාතික අපරාධයකි. මෙම ක්‍රියාවෙන් පසු ලංකාවේ ගොවියාගේ බිත්තර වී නිපදවීමේ බලය නැතිවිය. වර්තමාන ලංකාවේ සියයට අනූනවයක් ගොවියෝ කන්නයක් පාසා අනුන්ගේ බීජ ගබඩාවලින් බිත්තර වී මිලයට ගනිති. තමන් බීජ නිපදවන සමාගම් ඉදිරියේ අසරණ වී සිටින බව ඔවුන් බොහෝ දෙනෙක් නොදනිති. එය ඇමරිකාවේ සිටි වහලුන්ගෙන් විශාල පිරිසක් තමන් වහලුන් යැයි දැන නොසිටි බව කියවෙන කතාවට සමාන පුවතකි.
සිංහල ජාතිය ආරම්භ වූ පිළිවෙළ වංශ කතාවේ සඳහන් වේ. සිංහල ජාතියේ භාෂාව සිංහල වූයේය. සියලුම ලාංකික දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දිය යුතු යයි පවසමින් සිංහලයන්ගෙන් ඡන්දය ඉල්ලන අපේක්ෂකයෝ මැතිවරණයට ඉදිරිපත් වී සිටිති. මොවුන් තමන්ගේ යහපතට කටයුතු කරතැයි සිතන සිංහලයෝ සිටිති. සිංහල දේශයේ නිපදවූ සහල් ජාත්‍යන්තර වෙළෙඳ පොළට ඉදිරිපත් කළ වෙළෙඳුන් ගැන තොරතුරු තිබේ. සිංහල හාල් යන නම ඔවුන් ප්‍රබන්ධ කරන ලද්දකි. සුවඳැල් පර්සියානු වෙළෙඳ පොළේ ජනප්‍රිය ව පැවති සිංහල හාලකි. පර්සියානු කවියන්, සුවඳ හමන සිංහල හාල් ගැන සඳහන් කර තිබේ. දුක් මහන්සි වී වියදම් කර ‘ගෝල්ඩන් රයිස්’ නිපදවීමෙන්, ලංකාවට ලෝකයේ කීර්තියක් නොලැබේ.
හයිබ්‍රිඩ් වී වර්ග ප්‍රචාරය කරන්නන්ගේ එක් මූලික තර්කයක් වන්නේ දීර්ඝ කාලයක් වගා කිරීම නිසා පැරණි සිංහල වී වර්ගවලින් වැඩි අස්වැන්නක් ලබාගත නොහැකි බවයි. ලෝකයේ කුසගින්න අධික වේගයෙන් පැතිරෙන බව ඔවුන්ගේ තවත් පැහැදිලි කිරීමකි. මේ හැම තර්කයකින්ම සිදුකරන්නේ ජාතික උරුමය පාගා බටහිර මතය රජ කරවීමයි. මෙය ලංකාවේ පිහිටුවූ බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ විපාකයකි. මෙතෙක් අණ්ඩා දමා පිළිසකර කිරීම විනා ලංකාවේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවී නැත. එයින් කෙරෙන්නේම කළු සුද්දන් බිහිකිරීමයි.
අනාගාරික ධර්මපාලතුමාගේ එක් අරමුණක් වූයේ සිංහලයන් අතර පැතිරෙමින් පැවති පරගැති චින්තනය නැතිකර දැමීමයි. ඊට සුද්දන්ගෙන් මෙන්ම කළු සුද්දන්ගෙන් ද විරෝධය එල්ල විය. ලංකාව ප්‍රයෝජනය නොගෙන ඉන්දියාවට තල්ලු කළ ධර්මපාලතුමාගෙන් ලෝකයම ප්‍රයෝජන ගත් බවට සාක්ෂි තිබේ. මේ ඊට නිදසුනකි.
ධර්මපාලතුමා කොළඹ පරම විඥානාර්ථ සමාගම කුපිත කරමින්, ඇමරිකාවේ චිකාගෝහි පැවැති ආගමික පාර්ලිමේන්තුවේ ලංකා නියෝජිතයා බවට පත් වූයේය. එහිදී එතුමා පැවැත්වූ දේශනය සහ ඊට ඉදිරිපත් කළ පත්‍රිකාව ඇමරිකානුවන් පිරිසකගේ අවධානයට යොමුවිය. මහාචාර්ය විලියම් ජේම්ස් එතුමාට හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශනයකට ආරාධනා කිරීම එහි ප්‍රතිඵලයකි.
මහාචාර්ය විලියම් ජේම්ස් ඇමරිකානු මනෝ විද්‍යාවේ පියා (Father of American Psychology) වශයෙන් සැලකේ. ඔහු පිළිබඳ ලිපි රාශියක් අන්තර්ජාලයේ අඩංගු වේ. මෙතුමාගේ අරාධනා පරිදි ධර්මපාලතුමා හාවඩ් විශ්වවිද්‍යාලයට ගිය ගමන ගැන සඳහන් ලේඛන සඳහන් කරන ලෙසට, මහාචාර්යවරයා සිසු සිසුවියන් පිරිසකට දේශනයක් පවත්වමින් සිටියේය. ධර්මපාලතුමාව පිළිගත් මහාචාර්යවරයා, එතුමාව වේදිකාවට කැඳවාගෙන විත් තමාගේ ආසනය පිළිගන්වා බුදුදහම සහ මනෝ විද්‍යාව ගැන ඉගැන්වීමට තමාට වඩා සුදුස්සා ධර්මපාලතුමා බව ප්‍රකාශ කළේය. දේශනයෙන් පසු සභාව ඇමතු මහාචාර්ය විලියම් ජේම්ස් ඉදිරි විසිපස් අවුරුද්ද තුළ ඇමරිකාවේ මනෝවිද්‍යාව ගොඩනැගෙන්නේ ධර්මපාලතුමා පැහැදිලි කළ දැක්ම මත යැයි සිසු සිසුවියන්ට පැවසුවේය.
බටහිර අනුකාරකයන් කරන්නේ මීට වෙනස් ක්‍රියාවකි. ලංකාවේ ගෝල්ඩන් රයිස් නිපදවීම පිළිබඳව සඳහන් ඉහත කී පුවත් පත් ලිපියේ පාඨකයන්ගෙන් යට දැක්වෙන ප්‍රශ්න අසා තිබුණි.
‘‘දුටු ගැමුණු රාජ සමයේ තිබුණා යයි කියන දසමහා යෝධයන් කෑ බව කියන සහල් වර්ග අද තිබෙනා සාම්ප්‍රදායික සහල් වර්ගමය කියල සහතිකය දෙන්නට හැකියාවක් ඇත්තේ කාටද? ගොයම් ගසක් සියවස් ගණනක් තුළ පරිණාමයට හසුවෙන විට වෙනස්වීම්වලට හසු නොවන්නේද? අනෙක් අතට කණ්ඩුල ඇතුගේ දළවලින් අල්ලා පස්ස බිම ඇනපු නන්දමිත්‍ර හා පළමු සතුරාගේ ගසා දැමුණු හිස බිම වැටෙන්නටත් පෙරාතුව දස වෙනි සතුරාගේ හිස සිඳින තරමට වේගයක් හිමි සුරනිමල කෑ සහල් වර්ග නොවෙනස්ව අද දක්වා පවතින්නේ යයි පැවසීම මේ අනුව සාධාරණද?”
පැරණි සිංහල වී වර්ග ස්වල්පයක් තවමත් ලංකාවේ පවතී. ඒ වී වර්ග ජනප්‍රිය කරවීමට සහ පැරණි සිංහල වී ගොවිතැන යළි ගොඩනැංවීමට වෙහෙසෙන ස්වල්ප පිරිසක් හෝ ලංකාවේ සිටිති. හයිබ්‍රිඩ් වී ජනප්‍රිය කිරීම සඳහා කෙරෙන මෙබඳු ප්‍රශ්න කිරීම් නිසා සිදුවන්නේ ඒ වැඩපිළිවෙළට පහර වැදීමයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් බිහිවන අලුත් රජයක මූලික ප්‍රතිපත්තියක් විය යුත්තේ වී ගොවිතැන දියුණු කිරීමයි. පොහොර සහ බිත්තර වී නිපදවාගත හැකි ගොවි පරපුරක් බිහිකිරීම ඊට අයත් වැදගත්ම කටයුත්තකි. ගොවීන්ට බිත්තර වී නිෂ්පාදකයන් විය හැක්කේ ‘ ‘හයිබ්‍රිඩ් වී’ ගොවිතැනෙන් නොවේ. සම්ප්‍රදායික වී ජනප්‍රිය කිරීමෙනි. ලංකාවේ කෘෂිකර්ම විද්‍යාව නමින් කෙරෙනුයේ හයිබ්‍රිඩ් ගොවිතැනට රට බිලි දීමයි. ගොවියන් රසායනික නාශක සහ පොහොර වහලුන් බවට පත්කරනු ලැබ ඇත්තේ හයිබ්‍රිඩ් ගොවිතැන මගිනි.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

අපූරු ලිපියක්. වත්මනේ අපි වත්තේ පැල කරන්න පැල ගෙනල්ලා පිට එකෙක් හිටවන්න තැන කියනකන් ඉන්නවා වගේ නැත්නම් පැලත් තියාගෙන , ඉඩමත් තියාගෙන ,හැකීයාවත් තියාගෙන ලතවෙනවා. වී ගොවිතැන හරියට දියුණු කලොත් , බෙහෙත් මාෆියාව , ආහාර මාපියාව , යනාදියට විසදුමත් ඒ තුල තියෙනවා. ගල් සීයක් ගැහුවොත් එක ගලක් හරි වදියිනේ ඒ වගේ ලොකු තැන දැණුවත් කිරීම හා ඔහුව පෙළඹවීම දැනට පේන එකම විකල්පයයි.

ක්‍රිකට් මහින්ද සහ ආණ්ඩුව- මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

ලංකාව පරදවා ජයගැනීමෙන් පසු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක මෝගන් කියා තිබුණා තරගාවලියේ තමන්ට වැඩිම අභියෝගයක් එල්ල කෙළේ ලංකාව කියා. මට තේරෙන විධියට එංගලන්තය අවසානයේ දී ලෝක ශූරයා වුණත් නැතත් අද ඉන්න දක්‍ෂතම කණ්ඩායම. ඒ කණ්ඩායමේ නායකයා එහෙම කියන විට මට තව තවත් දේ මතක් වෙනවා. ලංකාව ඒ තරගය දිනුව නම් මෝගන් කුමක් කියාවි ද? ඔහු ලංකාවට විරුද්ධ වෙන එකක් නැහැ. විනිසුරුවන් හොර කරා කියන එකක් නැහැ. ලංකාවෙ අහවල් ක්‍රීඩකයා ශතයක් ගත්තට ඔහු හරි විධියට නම් බිංදුවේ දී දැවී ගියා කියන එකක් නැහැ. අඩු තරමෙන් ප්‍රසිද්ධියේ කියන එකක් නැහැ. එහෙම කියන එක ඊනියා ක්‍රීඩා ආචාර ධර්මවලට එකඟ නැහැ.

 ඒත් අවුරුදු දොළහකට ඉහත අප එංගලන්තයේ අනුග්‍රහය ආශිර්වාදය අනුබලය ලත් කොටි පරාජය කළා. එංගලන්තයට එය තදබල පහරක් වුණා. අප වැනි රටක් එංගලන්තය පරාජය කිරීම ඔවුන්ට මහා ප්‍රශ්නයක් වුණා. ඔවුන්ට එය දරා ගන්න බැරි වුණා. ඔවුන්ට අදත් එය දරා ගන්න බැහැ. ඊනියා අපක්‍ෂපාත බීබීසියේ චැනල් 4 ලංකාවට විරුද්ධව බොරු ප්‍රචාරය කළා. විවිධ වාර්තා මගින් පෙන්නන්න උත්සාහ කළා අපේ හමුදාවේ ජයග්‍රහණය හොර එකක් කියා. හමුදා ආචාර ධර්ම නොසැලකූ බවට චෝදනා ගෙතුවා. දෙමළ ජනයා සමූලඝාතනය කළ බව කිවුවා. එංගලන්තය ලෝකයක් පාලනය කෙළේ කෙසේ ද කියා කීවේ නම් නැහැ.

එංගලන්තය ප්‍රධාන වශයෙන් මැදිහත් වී මහින්ද රාජපක්‍ෂ පරාජය කළා. ඒ සඳහා මෛත්‍රිපාල යොදා ගැනීමට හැකි වන ආකාරයෙන් ශ්‍රී ල නි ප ඇතැමුන් ම ඔහුට පක්‍ෂයෙන් යන තැනට කටයුතු කර තිබුණා. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙන් ගියා නොවෙයි. යවනු ලැබුවා. ඒත් මෛත්‍රිපාලටත් මහින්දටත් සිදු වූ වරද තේරුම් ගියා. මෛත්‍රිපාල අර මහාචාර්යවරයකු කී පරිදි  මයිලෝ බීල හරි ශක්තිය ලබා ගෙන රනිල් පන්නා මහින්ද අගමැති කළා. දින පනස්දෙකේ ආණ්ඩුව පවත්වාගෙන යෑම ඇතැමුන් මගහැරියා. යටත්විජිතලා මහින්දගේ ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංගයක් ගෙනාවා. ඔවුන් එය දිනුවා. එදා පාර්ලිමේන්තුවට පැමිණි එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල තානාපති කාර්යාල නිලධාරීන් දින පනස් දෙකේ ආණ්ඩුව පැරදුනා ම ප්‍රීතිඝෝෂා නැගුවා. ඒ ක්‍රිකට් නොවේ කියා ඉංගිරිසි කියමනක් තියෙනවා.

 

මහින්දට මේ කාරණය ඊයේ (නොවැම්බර් 02) මතක් වෙලා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පස්වැනි සංවත්සරය කියන්නක් නිමිත්තෙන් පැවැත් වූ රැස්වීමක දී. අද මේ ආණ්ඩුවට විරුද්ධ ව රට විකිණීමට යන බවට චෝදනා තියෙනවා. මා ඒ චෝදනා ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. එසේ විකුණනවා නම් ඒ කරන්නේ කවුද යන්න හොයා බලන්න ඕන. ඒ වගේ ම විකිණීම නවත්වන්න ඕන. විවිධ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ තුවාල ඇති වෙලා. මා ඒ තුවාල පාරන්න සූදානම් නැහැ. ඊයේ මහින්ද  තුවාල සුව කිරීමට උත්සාහයක් ගත්තා.

 අද ආණ්ඩුව රට විකුණන්න යන බවට චෝදනා කරන සජිත් කිරිඇල්ල චම්පක ඇතුළු පිරිස් එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම් කර තිබුණා. දින පනස්දෙකේ ආණ්ඩුව නොවන්නට එය අත්සන් කෙරෙනවා. පසුව මේ ආණ්ඩුව එම්සීසී ගිවිසුම මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කළ බව ඊයේ මහින්ද මතක් කළා. එම්සීසී කියන නම ක්‍රිකට් ක්‍රීඩාවටත් සම්බන්ධයි. ඒත් එම්සීසී අත්සන් කරන්න තිබුණේ ක්‍රිකට් ක්‍රීඩා නොකරන එක්සත් ජනපද සමගයි.

2015 මහින්ද පැරදවීමෙන් පසු 2019 දී ගෝඨාභය බලයට පත් කිරීමට බොහෝ දෙනා කටයුතු කර තියෙනවා. දින පනස්දෙකේ ආණ්ඩුව ඒ ක්‍රියාදාමයේ එක් පියවරක් පමණයි. ශ්‍රී ල නි ප යමපාලනයට යැවීම නිසා 2015න් පසු දේශපාලනයේ රික්තයක් ඇති වී තිබුණා. ජාතියට ම පිළිගත හැකි ජාතිකත්ව පක්‍ෂයක් තිබුණේ නැහැ. එවැනි පක්‍ෂයක් පිහිටුවීමට කටයුතු කෙළේ ජනතාවයි. ඔවුන් මැදමූලන ගියා. මහින්ද සුළඟක් ඇති වුණා. නුගේගොඩ රැස්වීමට මහින්ද සුළඟ හැමුවා. ඒ රැස්වීමට සහභාගි වූ අද පොදු ජන පෙරමුණේ ඉන්න මන්න්්‍රීවරුන් දෙතුන් දෙනාට සතුටු වන්න පුළුවන්. පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරුන් ජනතාව. ඒ මහින්ද සුළඟ ඇති කළ ජනතාව. ඔවුන් අමතක කරන්න එපා. අර පොදු ජන පෙරමුණේ නිර්මාතෘට ප්‍රදානය කළ තිළිණය හිමි විය යුත්තේ කිසිම දේශපාලනඥයකුට නොව ජනතාවටයි.

 මා හිතන්නේ ජනතාව නියෝජනය කරමින් ඒ තිළිණය මහින්දට එකල තාවකාලික දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සැපයූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට ප්‍රදානය කරන්න තිබුණා කියා. උන්වහන්සේ මා ද කලක් වැඩ කළ එහෙත් ඇතැමුන් කියන විධියට ඉගැන්වීම හැර අන් දේ කළ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ගෞරවාන්විත ව හොබවාවි. අද ඒ විශ්වවිද්‍යාලය පාලනය කෙරෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ අය විසින්. ඇතැම් අධ්‍යනංශවලට නුසුදුස්සන් පත් කර ඇති බවට චෝදනා තියෙනවා. මා ඒ ගැන එතරම් සැලකිලිමත් වන්නේ නැහැ. එකලත් විශ්වවිද්‍යාලවල එවැන්නන් පත් කෙරුණා. අද ඒ නුසුදුස්සන් තමන් වැනි නුසුදුස්සන් පත් කරනවා.  ඔවුන්ගේ එකම සුදුසුකම සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වීමයි.

මුරුත්තෙට්ටවේ හාමුදුරුවන් ද මේ ආණ්ඩුව විවේචනය කරනවා. අප සියල්ලන් තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. මහින්ද හා ගෝඨාභය අතර වෙනස්කම් තියෙනවා. මහින්ද කළමනාකරන දේශපාලනයෙහි අති දක්‍ෂයෙක්. සමහර විට එවැන්නකු වෙනත් රටක නැති වෙන්නත් පුළුවන්. ගෝඨාභයට දැක්මක් තියෙනවා. ඇතැම් සුපිරි ජාතිකවාදීන් මා කියන දේට විරුද්ධ වන බව මා දන්නවා. මහින්ද ගෝඨාභය සුසංයෝගය රටට අත්‍යවශ්‍යයි.

 මේ ආණ්ඩුව පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් නො වෙයි. එදා ගෝඨාභය රාජපක්‍ෂ මුලසුනේ තබා ගනිමින් මට මතක හැටියට පදනම් ආයතනයේ දී පොදු ජන පෙරමුණ හා තවත් පක්‍ෂ ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම අදටත් වලංගුයි. මේ ආණ්ඩුව ඒ සියලු පක්‍ෂවල ආණ්ඩුවක්. පක්‍ෂ අතර පමණක් නොව පක්‍ෂ ඇතුලෙත් මත භේද තියෙනවා. එහෙත් ජනතාව ඡන්දය දී ඇත්තේ මතභේද  හදාගෙන ආණ්ඩුව දුර්වල කරන්න නො වෙයි. මහින්දගේ පණිවුඩයේ එය ද ගැබ් වී තියෙනවා.

 ඔහු සියල්ලන්ට හොඳ කතාවක් මතක් කර දුන්නා.   පොදු ජන පෙරමුණට ශ්‍රී ල නි පක්‍ෂයෙන් හිමි වූ උරුමයක් තියෙනවා. ඒ එක් අරමුණක් වෙනුවෙන් තවත් පක්‍ෂ සමග එකට වැඩ කිරීම. 1956 ශ්‍රී ල නි ප බලයට පත් වුණේ තවත් පක්‍ෂ සමග මහජන එක්සත් පෙරමුණ නමින් පක්‍ෂයක් තනා ගෙන. එදා සිට ශ්‍රී ල නි ප තනිව තරග කර නැහැ. පොදු ජන පෙරමුණත් අනෙක් පක්‍ෂ සමග එකතු වී තරග කළා.

 මේ සියල්ලන් ම තේරුම් ගත යුතු කරුණ නම් තනි තනි ව කිසිවකුට ජයග්‍රහණයක් නැති බව. ජනතාව විවිධ අදහස් දරණවා. ඒ ඒ අය ඒ ඒ පක්‍ෂවලට කැමැත්ත දක්වනවා. මේ විවිධ ජනතාව එකතු කරන්න අදාළ පක්‍ෂ අතර සමගියක් තියෙන්න ඕන. මහින්ද ඊයේ පොදු ජන පෙරමුණේ ඊනියා සංවත්සරයේ දී කීවේ එයයි.

අද අප කල්පනා කළ යුත්තේ ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කෙළේ කුමක් සඳහා ද යන්නයි. ඒ සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කිරීම සඳහා නම් නො වෙයි. අපට එය අවශ්‍ය වුවත් ජනතාවට තවමත් ඒ අවශ්‍ය නැහැ. මේ ආණ්ඩුවෙන් සිංහල බෞද්ධ රාජ්‍යයක් අප බලාපොරොත්තු නොවන බව එදා පදනම් ආයතනයේ දී පැවති රැස්වීමෙදිත් මා කියා ඇති. එසේ නම් ජනතාවට අවශ්‍ය කුමක් ද? ඔවුන් යමපාලන ආණ්ඩුවේ සිංහල විරෝධී වැඩවලින් බැට කා හිටියේ. රට විකිණීම, හම්බන්තොට වරාය අනූනව අවුරුද්දකට චීනයට බදු දීම, සිංහල අයිතිවාසිකම් නැති කිරීම, ජීවන බර, පාස්කු ප්‍රහාරය ආදිය ඔවුන්ගේ හිත්වල තිබුණා. එපමණක් නොව ඉන්දු ලංකා ගිවිසුම, රනිල් ප්‍රභාකරන් ගිවිසුම, නෝර්වේ ස්වීඩනය, නෙදර්ලන්තය, පින්ලන්තය වැනි රටවල් හරහා කෙරුණු එංගලන්තයේ සිංහල විරෝධී මැදිහත්වීම් සංකල්පීය ව නොවුණත් ජනතාවට අමතක වෙලා තිබුණේ නැහැ.

 

අද ආණ්ඩුව කල්පනා කළ යුත්තේ ජනතා අපේක්‍ෂා ඉටු කර ඇත්තේ ද යන්නයි. අද ඩොලර් හිඟයක් තියෙනවා. රනිල් සජිත් වැන්නන් හා ඊනියා ආර්ථික විද්‍යාඥයන් දන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තව තවත් ණය වීමයි. යමපාලන ආණ්ඩුව කොපමණ ණය අරගෙන තියෙනවා ද? රනිල්, සජිත් හා පිරිස ගන්නා ණය ගෙවීමට සිදු වන්නේ මහින්දලාට. යමපාලන ආණ්ඩුව ඩොලර් ඉපයීමට කළ ඉටිගෙඩියක් නැහැ. අප අනවශ්‍ය ප්‍රමාණයකට සංචාරකයන් මත යැපුණා. කොවිඩ් සමග අපනයන අඩපණ වුණා. සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. එන්නත්කරණයට ඩොලර් අවශ්‍ය වුණා. යමපාලන කාලයේ ගුරු වැටුපට  අත නොගැසූ ජෝසෆ් ස්ටැලින්ලාට මහින්ද ජයසිංහලාට ගුරු වැටුප් මතක් වුණා. ඔය ස්ටැලින්ලාත් ඉන්නේ රනිල්ලා එක්ක.

 පොහොර ප්‍රශ්නය ගොවීන්ට කියා දුන්නේ නැහැ. මෙහි සංකල්ප පටලවා ගැනීමක් තියෙනවා. කාබනික ගොවිතැන කියන්නෙ වැරදි සංකල්පයක්. ඒ ගැන පසුව කතා කරමු. සිංහල වෙදකමට යම් තැනක් ලැබුණත් එය ප්‍රමාණවත් වූයේ නැහැ. බටහිර වෙදකමේ ආධිපත්‍යය කඩන එක ලෙහෙසි වැඩක් නො වෙයි. පඬි නැට්ටන් ඊනියා දාර්ශනිකයන් වී ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය ඔවුන්ට ආරක්‍ෂාව සපයන බැවින්. නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන අසපුවාදීන්ගෙන් මෙන් ම අන්‍ය ආගමිකයන්ගෙන් ද බේරා ගැනීමට කළ යුතු දේ කෙරුණේ නැහැ. පනස්හයේ සඟ වෙද ගුරු ගොවි සංයුතිය ආණ්ඩුවෙන් ඈත් වුණා. ආණ්ඩුවේ දේශපාලනඥයන් කොළඹට සීමා වුණා. ඒ සමග ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් වුණා. බටහිර ගැති දේශපාලනඥයන් මෙන් ම රාජ්‍ය නොවන ගැත්තන් පඬියන් පඬිපෝතකයන් පඬිනැට්ටන් ආදී සිංහල බෞද්ධ විරෝධීන්ට ජනතාව අතරට යෑමට හැකි වුණා.

 මේ වැරදි හදාගන්න පුළුවන්.  මා කලින් කීවාක් මෙන් මට තුවාල පාරන්න ඕන නැහැ. ඒත් යම් ආකාරයකට ඇතැම් ආයතන විකිණීම පිටුපස ඉන්න අය හඳුනාගෙන ඒ නවත්තන්න ඕන. නැති වී ගිය සිංහල අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කරන්න ඕන. සිංහල මධ්‍යම පංතියට තම කිසි වැදගැම්මකට නැති අරමුණු ප්‍රාර්ථනා බලාපොරොත්තුවල නිස්සාරණත්වය ගැන කතා කරන්න ඕන. අද ඒ වැදගැම්මකට නැති දේ හාමුදුරුවරුන්ටත් වෙද මහතුන්ටත් ගුරුවරුන්ටත් ගොවීන්ටත් ගිහින්. දේශපාලනඥයන් ගැන කීම අනවශ්‍යයයි. ඩොලර් ප්‍රශ්නයට

 

අප එංගලන්තයට පැරදුණේ ඊයේ නො වෙයි – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

වමාලාට වම නැති වීම ගැන තවදුරටත් කතා කරන්න ඕන. ඒත් අද එයට වඩා වැදගත් දෙයක් කතා කරන්න අවශ්‍යයි. වමාලාට අද කරන්න පුළුවන් අනෙක් අයට නොදැනෙන්නට ධනවාදයට ආවැඩීමත් ජාතිකත්වයට විරෝධය දැක්වීමත් පමණයි. ඔවුන් කිහිප අතකින් හැටේ දශකයේ බිහි වූ විරෝධය කණ්ඩායමේ අනුප්‍රාප්තිකයන්. අද ඉන්න බොහෝ පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් විරෝධය කණ්ඩායම ගැන දන්නේ නැහැ. ඒත් කම්කරු මාවත එක්ස් කණ්ඩායම ආදිය එහි පුනරුත්පත්ති. එසේ කීම ගැන වමාලා විරුද්ධ වේවි. ඔවුන් ගුණදාස අමරසේකර ආදී ප්‍රබුද්ධයන් මෙන් ම පුනරුත්පත්තියක්, පුනබ්භවයක් පිළිගන්නේ නැහැ.  ඔවුන් හා අමරසේකර බටහිර දැනුම් ගණිකාවන් ඇසුරෙන් යළි යළි උපදින බව නම් මා හොඳින්  ම දන්නවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ස්කොට්ලන්තයේ (එංගලන්තයේ නොවන බව කීමට අවශ්‍ය ඇතැම් ජනමාධ්‍යවේදීන් එසේ කියන නිසා) ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන දේශගුණය වෙනස්වීම ජෛවවිවිධත්වය ආදිය  හා විසඳුම් යන තේමාවෙන් පැවැත්වෙන ඊනියා ජාත්‍යන්තර සම්මේලනයක දී වැදගත් කතාවක් කර තියෙනවා.  එතුමා කෘෂිකාර්මික විප්ලවයක අවශ්‍යතාව ගැනත්, හරිත කෘෂිකර්මයක් ගැනත්  ජනතාව ස්වභාව ධර්මය සමග එකට ජීවත් විය යුතු බවත් කියා තියෙනවා. මේ අදහස් අප දශක ගණනාවක් තිස්සේ කියා තියෙනවා. ඒ අදහස් ප්‍රකාශ කිරීම ගැන අප එතුමාට ස්තුතිවන්ත වෙනවා.

 

ඒත් ඔය සම්මේලනය නම් තවත් වැඩකට නැති සම්මේලනයක් පමණයි. මෙවැනි සම්මේලන පැවැත්වෙන්නේ ඔය කියන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නො වෙයි. සම්මේලන පැවැත්වෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පදනම් කරගෙන, ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ. ඒ ප්‍රශ්න ඇති කර තිබෙන්නේත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයමයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ඔය ප්‍රශ්නවලට විසඳුම් නැහැ. ඒ ප්‍රශ්නවලට වෙනත් චින්තනවල විසඳුම් නැතුවා නො වෙයි. එහෙත් ඒ විසඳුම් සමග බටහිර ක්‍රිස්තියානි නූතනත්වයත් අභාවයට යනවා. ඒ නිසා බටහිරයන් එවැනි විසඳුම්වලට හීන් නූලෙන් විරුද්ධ වෙනවා.

මේ සම්මේලන එක් අතකින් වරදකාරී විඥානයක් ඇතුව කෙරෙන දේ. තමන් දන්නවා තමන් වරදක් කර ඇති බව. එයින් ගැලවෙන්න මෙන් මෙවැනි සම්මේලන සංවිධානය කෙරෙනවා. එය එක් අතකින් පවු සමාකිරීමක්. අපේ චින්තනයේ පවු සමාකිරීමක් නැහැ. අපට වෙනත් අදහස් තියෙනවා. ඒත් ඒ අදහස්වලට බටහිර ක්‍රිස්තියානි නූතනත්වය එරෙහි ව ක්‍රියාත්මක වෙනවා. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය දන්නවා ඒ අදහස් ක්‍රියාත්මක කිරීම මගින් තමන් නැති වන බව. එබැවින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සියළු වෙර යොදා විවිධ ක්‍රමවලින් ඒ අදහස් ක්‍රියාවට නැංවීම වළක්වනවා.

 

මා මෙයින් අදහස් කරන්නේ ජනාධිපතිතුමාගේ කතාව අවතක්සේරු කිරීමට නො වෙයි. ඒ අදහස් දර්ශනීය ග්ලාස්ගෝ නුවර දී ම ප්‍රකාශ කිරීමත් වදගත්. ග්ලාස්ගෝ යන්න ඉංගිරිසි උච්චාරණය. එය ස්කොටිෂ් භාෂාවෙන් නම් ග්ලාස්ෂූ කියන්න පුළුවන්. එයට හයවැනි සියවසට දුවන ඉතිහාසයක් තියෙනවා. ඒ කාලය වන විට මහානාම හිමියන් හා බුද්ධඝෝෂ හිමියන් සිංහල බෞද්ධ සංස්කෘතිය හැඩගස්සවා ඉවරයි.  එහි අඩුපාඩු නැතුවා නො වෙයි. අපට අවශ්‍ය මහාවිහාර සම්ප්‍රදායේ ඌණතා  නැති කරන්න. අප විජයගේ මිනිසුන් නො වෙයි.

 

ග්ලාස්ගෝ රයිඩ් ගඟ ආශ්‍රිත ව බිහි වූ නගරයක්. ස්කොට්ලන්තය ඉංගිරිසි ආධිපත්‍යයට යට වුණා. එය එංගලන්තයේ යටත්විජිතයක්. අද ඔවුන් ඊනියා එක්සත් රාජධානියෙන් වෙන් වීමට උත්සාහ කරනවා. ජනාධිපතිතුමාගේ කතාව ස්කොටිෂ් භාෂාවට පරිවර්තනය කර ප්‍රසිද්ධ කරන්න පුළුවන් නම් වැදගත් වේවි. ක්‍රිස්තියානි ඉංගිරිිසින්ට වඩා කතෝලික ස්කොට්ලන්තවාසීන්ට එය තේරේවි. එය දේශපාලනිකවත් වැදගත්

අද ලංකාවේ ම සිදුවන ක්‍රියාදාමය විමසන්න. පොහොර ප්‍රශ්නය ගැනත් තවත් ලියන්න දේ තියෙනවා. ජනාධිපතිතුමාගේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියට තමයි වැඩියෙන් ම විරෝධය ඇත්තේ. ඒ ප්‍රතිපත්තිය පිටුපස ඉන්නේ කවුදැයි මා දන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී යම් අඩුපාඩුකම් සිදුවන්න ඇති. එහෙත් අද එයට විරුද්ධ වන්නේ ඒ අඩුපාඩුකම් නැති කර ගන්න නො වෙයි. ගොවීන් අද අපේ සංස්කෘතිය අනුව පොල් ගසන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතියේ පරිසර විරෝධී    ජීවීන්ට හානිකරන පොහොර, වල් නාශක හා කෘමිනාශක ලබා ගන්න!

 අද ඇතැම් ජනමාධ්‍යවේදීන් ද ඊනියා විද්‍යාත්මක කෘෂිකර්මයක් ගැන කියවනවා. බටහිර විද්‍යාව සමග පරිසරය රැකගන්න බැහැ. බටහිර විද්‍යාව බිහි වී ඇත්තේ ම ස්වභාව ධර්මය සමග එකට සහයෝ්ගයෙන් ජීවත් වීමට (සහජීවනය)  නොව ස්වභාව ධර්මය ගසා කෑමට. බටහිර විද්‍යාව පදනම් වී ඇති ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය අනුව ස්ත්‍රිය ද ඇතුළු ස්වභාව ධර්මය මවා හෝ මැවී ඇත්තේ පිරිමියාගේ අවශ්‍යතා සපුරා ලීම සඳහා. අද ඒ පිරිමියා යන්න සුදු පිරිමියා බවට පත් වී තියෙනවා. අද ස්ත්‍රීන් ඊනියා කාන්තා විමුක්තියක් නාමයෙන් හදන්නේ පිරිමින් වීමට. එහෙත් ඔවුන් හිතන පතන විධිය බටහිර විද්‍යාවේ හිතන පතන විධියට වෙනස්. ලංකාවේ නම් පිරිමින්ටත් බටහිර විද්‍යාවේ ක්‍රමයට හිතන්න බැහැ. ලංකාව ඇතුළු වෙනත් එවැනි රටවල පිරිමිත් සුදු පිරිමින්ගේ අවශ්‍යතා සපුරා ලීම සඳහා ඉන්නවා. මා කියන්නේ ලිංගික අවශ්‍යතා ගැන නො වෙයි. අද මෙරට පිරිමි ගොවීන් පෙළපාලි යන්නේ සුදු පිරිමින් වෙනුවෙන්. මෙරට පිරිමි හා ගැහැණු විද්‍යාඥයන් කියන අය ජනමාධ්‍යයට එන්නේ බටහිර පිරිමින් වෙනුවෙන්.

 මේ ගොවීන් උද්ඝෝෂණය කරන්නේ බටහිර පොහොර සමාගම් වෙනුවෙන්. ඔවුන් පොල් ගසන්නේත් බටහිර පොහොර සමාගම් වෙනුවෙන්. අප එංගලන්තයට පැරදිලා හුඟක් කල්. ඊයේ ක්‍රිකට් පරාජය ඉතා සුළු දෙයක්. මා ක්‍රිකට් පිති පන්දු හා අනෙක් මෙවලම් හදන්නේ කොහේ ද කියා අසන්නේවත් ක්‍රිකට් නවත්වන්න කියන්නේවත් නැහැ.  

 පොදු ජන පෙරමුණේ පස්වැනි සංවත්සරයේ දී අගමැති මහින්ද රාජපක්‍ෂ හොඳ කතාවක් කරල. ගුරු ප්‍රශ්න ගොවි ප්‍රශ්න ආදිය නිසා ආණ්ඩුව අද හෙට කඩා වැටේ කියා හිතන අයට ඒ කතාවෙන් රිදෙන්න ඇති. අගමැතිතුමා වටිනා අදහස් කිහිපයක් ප්‍රකාශ කරල. පොදු ජන පෙරමුණටත් පක්‍ෂ එකොළහටත් හිතන්න දේ ඒ කතාවේ තියෙනවා. ආණ්ඩුවේ ආධාර කරුවන් ගොවීන් අතර දේශපාලනය කරන්න ඕන. හැම දෙයක් ම නිලධාරීන්ට පවරල ඉන්න බැහැ. පොහොර ප්‍රශ්නය ගොවීන්ට තේරුම් කර නො දීම නිසා අද විපක්‍ෂය ගොවි ගැලවුම්කරුවන් බවට පත්වෙන්න හදනවා. මේ ගැලවුම්කරුවන් පෙනී සිටින්නේ ඔවුන්ගේ ස්වාමිවරුන් වූ බටහිර සමාගම් ගලවා ගන්න. ගොවීන් මේ රැවටිලිකාරයන්ගෙන් ගලවා ගන්න ඕන.  ගොවීන්ට හරිත කෘෂිකර්මය තේරෙන්නෙ නැහැ කියා හිතන්න එපා.

 

ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවය ජවිපෙ දපනේ දාගත් හැටි

ශ්‍රී ලංකාවේ විවිධාකාර රහස් ඔත්තු සේවාවන් වර්තමානයට වඩා අසූව දශකයේදී ක්‍රියාත්මක විය. ඒවා අතර මුල් තැනක්  ගත්තේ  ඉන්දියානු රෝ ආයතනය, ඇමරිකානු සී.අයි.ඒ, ඊශ්‍රාලයේ මොසාඩ් ඔත්තු සේවය, බ්‍රිතාන්‍යයේ එම්. අයි. 6 යන විදේශ රහස් ඔත්තු සේවාවන්ය. ශ්‍රී ලංකාවේ සිටින මෙම විදේශ ඔත්තු සේවාවන්හි නියෝජිතයෝ අනුයුක්තව සිටින්නේ මෙරට සිටින අදාල තානාපති කාර්යාල වල රාජ්‍ය තාන්ත්‍රික නිල නාමයන් යටතේය. ඔවුන්ගේ තානාපති නිලධාරි නිලය වූ කලී හුදු ආවරණයක් පමණි. මෙම චරපුරුෂ සේවාවන් ශ්‍රී ලංකාවේ වැදගත් තොරතුරු(මෙරට හමුදා කටයුතු, විශේෂ‍යෙන් පකිස්ථානය සහ චීනය සමඟ ජාත්‍යන්තර සබදතා, ඉරණවිල ඇමරිකානු හඬ, ත්‍රිකුණාමල වරාය තෙල් ටැංකි බදු ගිවිසුම්, දේශපාලන ක්ෂේත්‍රයේ චලනයන් වැනිදෑ) ලබාදීමට හැකි මෙරටෙහි ඉහළ පෙළේ පිරිස් යොදාගනු ලැබේ. රාජ්‍ය නායකයින්, ආරක්ෂක ප්‍රධානීන්, දේශපාලඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, මාධ්‍යවේදීන් ඇතුළු විවිධ පිරිස් එයට අයත් වෙති. ඔවුන් සඳහා විදේශ ශිෂ්‍යත්ව, චාරිකා, මුදල්, ත්‍යාගයන් ඇතුළු විවිධ වරදාන ප්‍රදානය කරනු ලබයි.

Dharman Wickremaratne2ධර්මන් වික්‍රමරත්න විසිනි

ජවිපෙ මගින් 1971 සිදුකරනු ලැබූ කැරැල්ල මර්ධනය කිරීමට සිරිමා බණ්ඩාරනායක රජයට යුධ උපදෙස් සැපයූයේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවය බව වෙහෙසකර පර්යේෂණයකින් පසු බ්‍රිතාන්‍යයේ ෆීල් මිලර් වසර 40කට පසු සිය පර්යේෂණය මගින් 2015 මුල්භාගයේදී අනාවරණය කළේය. ජවිපෙ නැගිටීම මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හමුදාව සහ පොලිසිය සන්නද්ධ කිරීමටද ඔවුන්ට උපදෙස් ලබාදීමද බ්‍රිතාන්‍ය මගින් ඉටුකල රහසිගත කාර්යභාරය එහිදී ඔහු හෙළි කළේය. ඉන්දියානු සාගරයේ වෙළෙඳ මුහුදු මාර්ග මැද ලංකාවේ භූ දේශපාලන පිහිටීම සහ ත්‍රිකුණාමලය වරායේ යුධමය වැදගත්කම නිසා බ්‍රිතාන්‍යයට ශ්‍රී ලංකාවේ මිත්‍රවය වැදගත් බව එහිදී අනාවරණය වී තිබේ.

DW261214

රෝ සංවිධානයේ සැලසුමක් අනුව අබ්දුල්ලා වෙනුවෙන් මාලදිවයින් රාජ්‍යයේ බලය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ ප්ලොට් සංවිධානය 1988 නොවැම්බර් 3 වැනිදා මාලදිවයිනට කල සංවිධානාත්මක ප්‍රහාරය පරාජය කල එහි පැමිණි ඉන්දීය හමුදාව ප්ලොට් කැරළිකරුවෙකු මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් අවස්ථාව.

ඊශ්‍රායලයේ ඔත්තු සේවය අසූව දශකය මුල් භා‍ගයේ ක්‍රියාත්මක වූයේ කොළඹ ඔබරෝයි හෝටලේ 9වැනි මහලේය. මොසාඩ් ඔත්තු සේවයේ නියෝජිතයෙකු වූ මටානි එම කාර්යාලයේදී ඝාතනය කිරීමට දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගින් 1984 ජනවාරි 21 ඔබරෝයි හෝටලයේ බෝම්බයක් පිපිරුවද එය අසාර්ථක විය. එහෙත් හෝටල් සේවිකාවක් මරමුවට පත්විය. පසුව ඊශ්‍රායල් ඔත්තු සේවා කාර්යාලය කොල්ලුපිටියේ ලිබර්ට් ප්ලාසා වෙත ගෙන ගිය අතර එහි සම්බන්ධකාරකවරිය ලෙස සේවය කළේ මොනිකාය. වික්ටර් ඔස්ට්‍රොව්ස්කි විසින් ලියන ලද වේ ඔප් ඩිසෙප්ෂන් ග්‍රන්ථයේදී ඊශ්‍රායල් රජය කිනිමිනි ඔත්තු සේවාව ශ්‍රී ලංකා හමුදා භටයින්ට මෙන්ම දෙමළ බෙදුම්වාදී සංවිධාන වන ඊ.පී.ආර්.එල්.එෆ් සහ කොටි සංවිධානයේ සාමාජිකයින්ටද ඊශ්‍රාලයේදී අවි පුහුණුව ලබාදුන් බවට චෝදනා කළේය.

DW261202

ජවිපෙ මගින් 1987 මුල්භාගයේදී රටපුරා අලවන ලද බිත්ති පෝස්ටර් කිහිපයක්

ඉන්දියානු රෝ සංවිධානය යනු රහසිගත මෙහෙයුම් වල නියැලුනු ඉන්දියානු බලගතුම ඔත්තු සේවාව ලෙස හදුන්වන පර්යේෂණ හා විමර්ෂන අංශය නම් වේ. රෝ යනු එහි කෙටි යෙදුමයි. ඉන්දියානු රෝ සංවිධානය යනු සෘජු ලෙසින්ම ඉන්දිය අගමැති කාර්යාල ලේකම්වරයා යටතේ ක්‍රියාත්මක වූවක් වන අතර අන් කිසිවෙකුට සහ කිසිවකට එහි බැදීමක් නැත. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ගනු ලබන තීරණ වහාම දැන ගැනීමට සහ එම තීරණ ඉන්දියාවට හිතවාදී නොවන අවස්ථාවන්හි මැදිහත්ව ක්‍රියාකිරීම රෝ සංවිධානයේ අරමුණ වේ.

DW261203

ඉන්දු ලංකා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතට 1987 ජුලි 29වැනිදා ගුවනින් පැමිණි ඉන්දීය හමුදාභට ප්‍රථම කණ්ඩායම රොයිටර් ඡායාරූප ශිල්පි ඇන්ඩෘ ටානෝස්කිගේ කැමරාවට හසුවූ අයුරු

ඉන්දු සෝවියට් මිත්‍රත්ව ගිවිසුම 1971 අත්සන් කිරීමෙන් පසු එක්සත් ජනපදයට ඉන්දියාවේ අසල්වැසි රටක සහාය අවශ්‍ය වූ අතර ශ්‍රී ලංකාව එයට බළල් අතක් සේ යොදා ගත්තේය. ශ්‍රී ලංකාවට සෘජුව අත පෙවීම ඇරඹුණේ ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව 1977 බලයට පත්වීමෙන් පසුවය. එයට හේතු වූයේ එතෙක් ශ්‍රී ලංකාවේ පැවති නොබැදි විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවද නොසලකා හරිමින් ඇමරිකාවට ගැති ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීම නිසා එය ඉන්දිරා ගාන්ධි අගමැතිනිය නොඉවසීමය.

දෙමළ බෙදුම්වාදී සංවිධාන වන ටෙලෝ සමඟ මුලින්ද පසුව ඊ.පී.ආර්.එල්.එෆ්, ඊරෝස් සහ එල්.ටී.ටී.ඊ සමඟද ඉන්දිය ඔත්තු සේවය සබඳතා ඇතිකර ගත්තහ. එම බෙදුම්වාදී දෙමළ සංවිධාන රෝ සරණ පතා ගියා නොව රෝ ඔවුන් සොයා ගෙන පැමිණි බව යථාර්ථය විය. ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව තමිල්නාඩුවේ රාමනාදන්පුරම් දිස්‌ත්‍රික්‌කයේ කීප පොළකම ලංකා බෙදුම්වාදීන් පුහුණු කරනු ලැබුවේ රෝ සංවිධානය මගිනි. මෙවැනි පුහුණු කඳවුරු මාකිලිපට්‌නම්, මන්දපාති, කුම්බකෝනම් වැනි ඉන්දියාවේ දකුණු පෙදෙසට අයත් ස්‌ථානයන්හිද පවත්වාගෙන ගියහ. පසුව ඒවා රට මැද වෙනත් ස්‌ථානවලද පිහිටවනු ලැබීය. ඒ අනුව උත්තර ප්‍රදේශ්හි වක්‍රතා කඳවුරද මධ්‍යම ප්‍රදේශ්හි හමුදා ඇකඩමියක්‌ද මේ සඳහා රෝ සංවිධානය විසින් යොදා ගැණුනි.

DW261204.

ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂව අටවාගත් ඉන්දීය කෙමනක්වූ එක්සත් සමාජවාදී පෙරමුණේ නිර්මාතෘ කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග(වයස 16දී තැපැල් හැඳුනුම්පත් ඡායාරූපය), ඉන්දීය පූර්ණ අනුග්‍රහයෙන් පළාත් සභාවට තරඟ කිරීමට රුපියල් ලක්ෂ 400ක් ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙනුවෙන් ලබාගත් එහි ජේෂ්ඨ උප සභාපති ඔසී අබේගුණසේකර, රුපියල් ලක්ෂ 200 මුස්ලීම් කොංග්‍රසය වෙනුවෙන් ලබාගත් එහි නායක ඒ.එච්.එම් අෂ්රොෆ් සහ සියයට සීයක් ඉන්දියාවෙන්ම යැපුණු ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නියෝජ්‍ය නායක සහ උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති තනතුරට තරඟ කල වර්ධරාජා පෙරුමාල් මෙහි වේ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට, ලංකා සමසමාජ පක්ෂයට සහ නව සම සමාජ පක්ෂයටද පළාත් සභාවට තරඟ කිරීමට වෙන් වෙන්ව රුපියල් ලක්ෂ 50 බැගින් අනුග්‍රාහක දායකත්වයක් ඉන්දියාවෙන් ලබාදී තිබිණි

බෙදුම්වාදීන්ට වෙඩි පුහුණුව ලබාදෙන ලද්දේ ඉන්දීය යුද හමුදාව මගිනි. ඒ දලායි හා අහමද්නගර් යන ප්‍රදේශ වලදීය. මධ්‍යම ප්‍රමාණයේ මැෂින් තුවක්‌කු, ස්‌වයංක්‍රීය රයිපල, පිස්‌තෝල හා ඒ.කේ. 47 රයිපල පරිහරණයද ඊට ඇතුළත් විය. තවද සිතියම් කියවීම, යුධෝපායයන්, යුද කටයුතු සැළසුම් කිරීම, කැලෑ සටන්, ගරිල්ලා උපක්‍රම යනාදී වශයෙන්වූ අංග සම්පූර්ණ පුහුණුවක්‌ එමගින් බෙදුවාදීන්ට ලැබිණ.ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ කලක් රහසිගතව කරගෙන ගිය කටයුතු පසුව විවෘත රහසක් බවට පත්විය. දෙමළ බෙදුම්වාදීන්  පුහුණුකල අය අතර ඉන්දීය බ්ලැක්‌ කැට්‌ කොමාන්ඩෝ ඒකකයේ ප්‍රධානියකු වන නග්රානි සහ ප්‍රති ඔත්තු සේවාවේ නියුතු ඉන්දීය පොලිස්‌ සේවයේ කටයුතු කරන ඒ. අර්ජුන්ද විය.

DW261205

අසූව දශකයේ අවසාන භාගයේදී ඉන්දියානු රූකඩයන් බවට පත්වූ දෙමළ බෙදුම්වාදී සංවිධානවන ප්ලොට් සංවිධානයේ නායක උමා මහේෂ්වරන් සහ ඊ.පී.ආර්.එල්.එෆ් නායක කේ. පද්මනාභ

ශ්‍රී ලංකාවේ 1983 කළු ජූලියේ කලබල වන විට ශ්‍රී ලංකාවේ රෝ සංවිධානයේ ප්‍රධානියා වූයේ මැතිව් ඒබ්‍රහම්ය. ඔහුගෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි රෝ නියෝජිතයා වූයේ රොමේෂ් ෂන්මුගම්ය. ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි 29වැනිදා බලහත්කාරයෙන් ශ්‍රී ලංකාව සමඟ අත්සන්කර ගැනීමෙන් පසු ඉන්දීය ‘සාම’ සාධක හමුදා භටයින් 90,000ක් පමණ මෙරටට ගොඩ බැස්සේය. ඉන්දියාවේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව රජීව් ගාන්ධිගේ තනි තීරණයකට ශ්‍රී ලංකාවට හමුදාව යැවූ බව ඉන්දීය විදේශ ඇමති වරයෙකු වූ නට්වාර් සිං 2014 අගෝස්තු 1වැනිදා නිකුත්කල සිය චරිතාපදානයේ සඳහන් කර තිබේ. ඉන්දීය හමුදා සහායට ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය හරහා ද්‍රවිඩ විමුක්ති හමුදාව නමින් 10,000ක් පමණ වූ දෙමළ පිරිසක් පුහුණු කරන ලද්දේද රෝ සංවිධානය මගිනි. මෙම කණ්ඩායම යටතේ ත්‍රී ස්ටාර් නමින් කණ්ඩායමක් පිහිටවූ අතර දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ තිප්පොලවල් සහ සාමාජිකයන් හඳුනා ගැනීමට එමගින් නායකත්වය දෙනු ලැබුවේද රෝ සංවිධානය මගිනි. මොරවැව සිංහල ගම්බිම්වලට පැන ඔවුන් සංහාරය කළේද මෙම ද්‍රවිඩ විමුක්ති හමුදාව මගිනි.

වඩමාරච්චි මෙහෙයුම අතරතුරදී තමිල්නාඩු රජය මගින් උතුරේ දෙමළ ජනයා සඳහා අතවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ රැගත් බෝට්ටු 19ක් සහනාධාර ලෙස 1987 ජුනි 2වැනිදා නීති විරෝධී ලෙස මුහුදෙන් එවීමට තැත් කරන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාව එම බෝට්ටු ශ්‍රී ලංකා මුහුදු සීමාවට 1987 ජුනි 3 වැනිදා පස්වරු 6ට පැමිණියද ඇතුල්වීම නවතනු ලැබීය. පසුව ඉන්දියාව 1987  ජුනි 4වැනිදා පස්වරු 3.15ට අනවසරයෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ ප්‍රවාහන යානා 5ක් ගුවන් මගින් පැමිණ උතුරට වියලි ආහාර සහ ඖෂධ ටොන් 25ක් හෙළුවේය. ජවිපෙ ආරම්භ කල 1965 මැයි 14වැනිදා සිටම ඉන්දීය ආක්‍රමණයක් පිළිබඳව අනතුරු ඇගවීමක් කර තිබිණි.  ජවිපෙ මගින් 1987 ජුනි 7වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලා‍නේ ආරක්ෂක පීඨයට කඩාවැද නවීනතම අවි ආයුධ පැහැර ගැනීමෙන් පසු නිවේදනය කළේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ 26වැනි ප්‍රාන්තය බවට පත්කිරීමට එරෙහිව සටන් කිරීමට එම ආයුධ ලබාගත් බවය. ඉන්දු ලංකා ගිවිසුමට දෙරටේ රාජ්‍ය නායකයෝ 1987 ජුලි 29වැනිදා පස්වරු 3.37ට අත්සන් කළේ ඇදිරි නීතියද කඩ කරමින් ලක්ෂ ගණන් ජනයා රටපුරා විරෝධතා පලකර සිටියදීය.

DW261206

ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ප්‍රථමයෙන් 1987 ජුලි 28වැනිදා දිවිපිදූ මොරටු සරසවියේ ඉංජිනේරු සිසු ක්ලිෆඩ් පෙරේරාගේ දේහය ජාඇල නිවසේ තැන්පත් කර තිබූ අයුරු. දේහය අසළ දකුණේ සිට පිළිවෙලින් සිටින්නේ පසුව ඝාතනයට ලක්වූ පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ සිසු ගිනිගත්හේනේ ධර්මප්‍රිය ජයනන්ද, කැළණියේ මානව සහ ශ්‍රාස්ත්‍ර පීඨයේ සිසු අනුරාධපුර බණ්ඩාගේ මච්චාගම සේනාරත්න, මොරටු ඉංජිනේරු පීඨයේ සිසු හෙට්ටිපොල නිමල් බාලසූරිය වේ. ඔහුට පසුව සිටින කොළඹ සරසවියේ නීති පීඨ සිසු ඩී.ජී.පී. කරුණාරත්න වර්තමානයේ කඩුවෙල උසාවියේ ප්‍රකට නීතිඥවරයෙකි

අවසානයේ ඉන්දීය හමුදාවට ශ්‍රී ලංකාවෙන් 1990 මාර්තු 24 වැනිදා මුළුමනින් පිටව යෑම සිදුවූ අතර රෝ සංවිධානයේ ශ්‍රී ලංකා මෙහෙයුම කොටි සංවිධානය හමුවේ අසාර්ථක විය. වර්තමාන ඉන්දීය යුධ හමාදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිංද ඉන්දීය හමුදාවේ පවන් මෙහෙයුම සඳහා 1987දී යාපනය ඇතුළු උතුරු නැගෙනහිර මෙහෙයුම්වලට එක්වූවෙකි. ඉන්දීය අගමැති රජිව් ගාන්ධි(46) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 1991 මැයි 21වැනිදා රාත්‍රියේ මදුරාසියේ පෙරුම්බුදුර්හි පැවති ඡන්ද රැස්වීමකදි ඝාතනය කිරීමටද කොටි සංවිධානයට හැකිවිය. ලෝකයේ හමුදා ශක්තිය අතින් සිව්වන ස්ථානය දරණ ඉන්දීය හමුදාවට පරාජය කිරීමට නොහැකිවූ කොටි සංවිධානය මුළිනුපුටා දැමීමට හැකිවූයේ 2009 මැයි 18වැනිදා ශ්‍රී ලංකා ආණ්ඩුවටය.

ඉකුත් ‍2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේදීද එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ඓරෙහිව මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් විපක්ෂය සංවිධානය කිරීමේහිලා ඉන්දියානු රෝ ආයතනය, ඇමරිකානු සී.අයි.ඒ. සහ බ්‍රිතාන්‍යයේ එම්. අයි.6 යන බටහිර රහස් ඔත්තු සේවාවන් කුමන්ත්‍රණය කල බවට චෝදනා ලැබිණි. එයට පෙර ඉන්දියානු රෝ කුමන්ත්‍රණයක් අනාවරණය වූ අතර ශ්‍රී ලංකාවේ නේවාසික රෝ ඔත්තු සේවා ප්‍රධානියාවූ කේ. ඉලගෝ ශ්‍රී ලංකාවෙන් ඉවත් කරන ලෙසට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කල  ඉල්ලීමටද අවසානයේ ඉන්දීය තානාපති කාර්යාලයට එකඟ වීමට සිදුවිය.

DW261207.

මව්බිමට පැමිණි අන්තිම ඉන්දිය හමුදා සෙබලා ශ්‍රී ලංකාවේ සිටින අන්තිම දේශදෝහියාගේ බඩවැලෙන් එල්ලා මරාදමන තුරු ඉන්දියන් ආක්‍රමණික වානර හමුදාවට එරෙහි සටන නතර නොකරන බවට රුහුණු සරසවියේ සිසුහු 1988 ජුනි 20වැනිදා අත් ඔසවා ප්‍රතිඥා දුන් අන්දම

අසූව දශකය අවසාන භාගයේදී ඉන්දීය තානාපති කාර්යාලය යටතේ රෝ සංවිධානය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ ගනුදෙනු කල නිලධාරින් වූයේ ගුරුජිත් සිං සහ  හර්දීප් ජූරිය. කුමන මතභේද ඉන්දියාව සමඟ තිබුණද ජවිපෙ සමඟ ඇයි හොදැයියක් පවත්වාගෙන යෑමට ඉන්දීය රෝ සංවිධානය 1989 මුල් භාගයේදී සමත් විය.ජවිපෙ වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා රෝ සංවිධාන නියෝජිතයින් සමඟ  සම්බන්ධකම් පැවැත්වූයේ දේශපාලන මණ්ඩල සභික ඩී.එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ සහ මධ්‍යම කාරක සභික උපාලි ජයවීරද, ජවිපෙ වෘත්තීය සමිති වෙනුවෙන් ජවිපෙ මධ්‍යම කාරක සභිකයින් වන සමස්ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ගාමිණී විජේගුණසේකර සහ සමස්ථ ලංකා සංස්ථා සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ගාමිණී ජයලත්ද, ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් වෙනුවෙන් අන්තරේ කැඳවුම්කරු මොරටු සරසවියේ ඉංජිනේරු සිසු නිමල් බාලසූරිය, දේශප්‍රේමී පොදු එක්සත් පෙරමුණක් ගොඩනැගීමේ සාකච්ඡාවලට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ගාමිණී මාලසිංහ, මානව හිමිකම් සුරකීමේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සම්බන්ධීකාරක වූ කැළණි සරසවියේ විද්‍යා පීඨ සිසු ගැමුණු යසස් සෙනෙවිරත්න ඇතුළු කිහිප දෙනෙකි. ඩී.එම් ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර පැවති එක් සාකච්ඡාවකට ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිංගේ නායකත්වය යටතේ සේවය කල බ්‍රිගේඩියර් ජේ.එස්. ඩිලෝන්ද සහභාගිවී තිබිණි.

ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂව පළාත් සභාවට තරඟ කිරීමට ඉන්දියාව මගින් රුපියල් ලක්ෂ 400ක් ශ්‍රී ලංකා මහජන පක්ෂයට දෙවරකට ලබා දුන්නේය.  පක්ෂය වෙනුවෙන් එය ලබා ගැනීමේ සාකච්ඡාවන්ට එක්වූයේ එහි ජේෂ්ඨ උප සභාපති ඔසී අබේගුණසේකර, ප්‍රධාන ලේකම් යකුපිටි පියසේන ද සිල්වා, ප්‍රේමසිරි පෙරේරා ඇතුළු කිහිප දෙනෙකි. එමෙන්ම රුපියල් ලක්ෂ 200 මුස්ලීම් කොංග්‍රසයටද වෙන් වෙන්ව රුපියල් ලක්ෂ 50 බැගින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට, ලංකා සමසමාජ පක්ෂයට සහ නව සම සමාජ පක්ෂයටද පළාත් සභාවට තරඟ කිරීමට  අනුග්‍රාහක දායකත්වයක් ඉන්දියාවෙන් ලැබිණි. ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ වීම සඳහා කොටි සංවිධානයට ඉන්දිය රුපියල් දශ ලක්ෂ 520ක්ද ලබාදී තිබිණි. මේ පිළිබදව 1987 සැප්තැම්බර් 28 වැනිදා රජීව් ගාන්ධි සහ ප්‍රභාකරන් අතර එකඟත්වයක් ඇතිවී තිබිණි.

DW261208.

ජවිපෙ වෙනුවෙන් ඉන්දියාව සමඟ සෘජු සම්බන්ධකම් පැවැත්වූ දේශපාලන මණ්ඩල සභික ඩී.එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ සහ මධ්‍යම කාරක සභික උපාලි ජයවීරද, ජවිපෙ වෘත්තීය සමිති වෙනුවෙන් ඉන්දියාව සමඟ ගණුදෙනු කල ජවිපෙ මධ්‍යම කාරක සභිකයින් වන සමස්ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ගාමිණී විජේගුණසේකර සහ සමස්ථ ලංකා සංස්ථා සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ගාමිණී ජයලත්ද, ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් වෙනුවෙන් ඉන්දියාව සමඟ සමීප සබදකම් පැවැත්වූ අන්තරේ කැඳවුම්කරු මොරටු සරසවියේ ඉංජිනේරු සිසු නිමල් බාලසූරිය, දේශප්‍රේමී පොදු එක්සත් පෙරමුණක් ගොඩනැගීමේ සාකච්ඡාවලටද එක්වූ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ගාමිණී මාලසිංහ, මානව හිමිකම් සුරකීමේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සම්බන්ධීකාරකවූ කැළණි සරසවියේ විද්‍යා පීඨ සිසු ගැමුණු යසස් සෙනෙවිරත්න.(ඉහළ වමේ සිට)

ඉන්දු ලංකා ගිවිසුමෙන් 1987 ජුලි මස ගිවිස ගත් පරිදි පාර්ලිමේන්තුව සම්මත කල 1987 අංක 42 දරණ පළාත් සභා පනතින් ලැබුණු බලතල ප්‍රකාර 1988 පෙබරවාරි 03 වැනිදා පළාත් සභා සංස්ථාපනය කරන ලදි. එජාප ආණ්ඩුව මගින් පළාත් සභා ඡන්දය පැවැත් වූයේ අවස්ථා 4කදීය. උතුරු මැද, ඌව, සබරගමුව සහ වයඹ පළාත් සභා ඡන්ද 1988 අප්‍රේල් 28වැනිදාද මධ්‍යම සහ බස්නාහිර පළාත් සභා ඡන්ද ජුනි 02වැනිදාද, දකුණු පළාතේ ඡන්දය ජුනි 09වැනිදාද, නැගෙනහිර පළාතේ ඡන්දය නොවැම්බර් 19වැනිදාද පැවැත්විණි. පළාත් සභා පනතට එරෙහිව වූ ජවිපෙ පළාත් සභා ඡන්දයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාර සංවිධානය කළේය. පිළිගත් දේශපාලන පක්ෂ වලින් ආණ්ඩු බලය හිමි එජාපය සමඟ තරඟ කළේ ඉන්දීය අනුග්‍රහය ලැබූ එක්සත් සමාජවාදී පෙරමුණ(කොප, සමසමාජ,නසසප සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය), ඊ. පී. ආර්. එල්. එෆ් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පමණි.

මේ අනුව ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ සියළුදෙනා ජවිපෙ මගින් දේශදෝහීන් ලෙස හඳුන්වනු ලැබීය. ශ්‍රී ලංකාවට පැමිණි අන්තිම ඉන්දියන් සෙබලා ශ්‍රී ලාංකික අන්තිම දේශදෝහීයාගේ බඩවැලෙන් එල්ලා මරාදමන බවට ජවිපෙ සපථ කළේය. මේ යටතේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නොහොත් කම්කරු මාවත කණ්ඩායමේ ක්‍රියාකාරිකයින් පවා ඝාතනයට ලක්විය. එක්සත් ඉන්දියානු සෝවියට් සමූහාණ්ඩුවක් තුළ ශ්‍රී ලංකාවක් ඇතැම් වාම කණ්ඩායම්වල දැක්ම විය. කම්කරු මාවතේ ක්‍රියාකාරිකයින්වූ වැලිමඩ පදිංචි පිටවලගේ, පේරාදෙණිය දුම්රිය ස්ථානයේ ගුණපාල, හලාවත ශ්‍රේෂන් ජවිපෙ මගින් ඝාතනයට පත්විය. 1971 කැරැල්ලේද කම්කරු මාවත ක්‍රියාකාරිකයින් දෙදෙනෙකුවූ පොරමඬුල්ලේ ගුණදාස සහ ලක්ෂ්මන්ද ඝාතනයට පත්වී තිබිණි.

DW261209.

ඉන්දියානු හමුදාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ලකලද ජවිපෙ ඉහළ පෙළේ නායකත්වයේ නියෝගය අනුව එය නතර කිරීමට සිදුවූ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සන්නද්ධ නායක ප්‍රේමකුමාර ගුණරත්නම් නොහොත් ගැමුණු, ජවිපෙ සහ ප්ලොට් අතර සම්බන්ධකම් මෙහෙයවූ ජවිපෙ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක, ගමනායකගේ මවගේ සොහොයුරියකගේ ප්‍රත්‍රයාවූ ප්ලොට් සන්නද්ධ නායකයෙකුවූ එන්. මාණික්කතාසන්, ජවිපෙ සහ ඉන්දීය රෝ සංවිධානය අතර කපුකම කල ‘වරදට’ ජනපති ප්‍රේමදාස ආණ්ඩුව මගින් ඝාතනය කල කීර්තිධර මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා සහ ඝාතනයට පත්වූ රිචඩ්ගේ අයිතින් වෙනුවෙන් අවසානය දක්වා සටන්කල ඔහුගේ සහායකයෙකු වන ඊලටියවිතානගේ කරුණාදාස(වමේ සිට)

ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව ශ්‍රී ලංකා මහජන පක්ෂයේම ආරක්ෂක වලල්ලක් විජය කුමාරතුංග විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව විජය කුමාරතුංග විසින් 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනයවීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් යවා තිබුණේද ඉන්දීය මැදිහත්වීමෙනි. උදෑසන හලාවතට ගොස් පැමිණ ආපසු නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු ටී 56 තුවක්කුවකින් විජයද 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20 ඝාතනය කළේය.

DW261210

ඉන්දියානු ආක්‍රමණිකයාගෙන් මව්බිම බේරා ගනිමු සහ ඉන්දීය භාණ්ඩ වර්ජනය කරමු යන තේමාව ඔස්සේ ජවිපෙ අදිසි නායකත්වය යටතේ අන්තරේ මගින් 1989 ජුනි 6වැනිදා නුගේගොඩදී 70,000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් දැවැන්ත රැළියේදී ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ නියෝජිතයෙකු ජනතාව අමතන අයුරු(ඉහළ) සහභාගිවූ පිරිසෙන් කොටසක්(පහළ)

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් 05දෙනෙක් ප්ලොට් සංවිධානයෙන් නැගෙනහිරදී අවි පුහුණුව ලබාගෙන තිබිණි. ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය ඉන්දිය රෝ සංවිධානයෙන් මුළුමනින් නඩත්තුවූ අතර එහි දකුණු දිග ශාඛාව වශයෙන් ක්‍රියාත්මක වූ විකල්ප කණ්ඩායමටද, ද්‍රවිඩ ඊළාම් මිත්‍රත්ව කොංග්‍රසයේ මහජන විමුක්ති ව්‍යාපාරයටද(එයට උඩුවගේ හෙන්ඩි පෙරේරාගේ රතු භටයෝ කණ්ඩායම, ජවිපෙ නව ප්‍රවණතාවය, ජනතා සංගමයේ කණ්ඩායමක් සහ සමාජවාදී ජනතා ව්‍යාපාරය අයත් විය) ඉන්දිය රෝ අනුග්‍රහය ආරම්භයේදී ලැබුණද පසුව ඒවා හුදු නාම පුවරු පමණක් බැවින් නතර විය.

ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව ඉන්දිය භාණ්ඩ වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජවිපෙ ශ්‍රී ලංකාවේ සිටින සියළුම ඉන්දීය ව්‍යාපාරිකයින්ට රටින් පිටවන ලෙස නියෝග කළේය. එය ප්‍රකාශයට පත්කළේ 1989 ජුනි 6 වැනිදා නුගේගොඩදී 70,000කින් පමණ සහභාගිවූ දැවැන්ත රැළියේදීය. එමෙන්ම ඉන්දියාවේ සිට ආනයනය කරන බොම්බයි ලුනු, මයිසූර් පරිප්පු වැනි පාරිභෝගික භාණ්ඩ වෙළෙඳ පොළේ අළෙවිය තහනම් කළේය. ඉන්පසු වෙළෙන්දෝ බොම්බයි ලූනු ලොකු ලුනූ ලෙසද, මයිසූර් පරිප්පු පොඩි පරිප්පු ලෙසද හැදින්වීය. ජංගම වෙළෙඳන්දෝ බොම්බයි මොටයි සීනුව ගසමින් අළෙවි කළේ නයිස් මොටයි කියාය. ජවිපෙ ඉන්දියන් විරෝධයෙන් ජනයා භීතියට පත්වී තිබුණේ එසේය. ඉන්දීය භාණ්ඩ ආනයන කරන ව්‍යාපාරිකයින් ඒවා නතර නොකල විට ඔවුන්වද ඝාතනයට ලක්විය.

DW261211


සෝමවංශ අමරසිංහ 1990 මාර්තු මස ශ්‍රී ලංකාවෙන් බෝට්ටුවකින් පලාගොස් කුලසේකරපට්නම් වෙරළ හරහා ඉන්දියාවේ රැකවරණය ලබාගත් අවස්ථාවේදී, සෝමවංශගේ බිරිද අයිරාංගනී මාලනී මුණසිංහ සිය දරුවා සමඟින් 1989 දෙසැම්බර් 25වැනිදා ඉන්දියාවේ තිවැන්ද්‍රම් නගරයේ රැකවරණය ලබාගත් අවස්ථාවේදී, සෝමවංශ සහ ඔහුගේ දරු පවුලට 1989 නොවැම්බර් මසදී ශ්‍රී ලංකාවේදී රැකවරණය ලබාදුන් දැනට කැනඩාවේ සිටින වික්‍රම නොහොත් ‘අම්පාරේ අයියා’, සෝමවංශ සහ දරු පවුලට ඉන්දියාවේ රැකවරණ කටයුතු සම්බන්ධීකරණය කල ජවිපෙ රියාද් කමිටුවේ ප්‍රධාන සංවිධායක කුරුණෑගල මැල්සිරිපුර ජයසිංහද වේ(වමේ සිට) ජයසිංහ ගමන් බලපත්‍රයක් සැදිමට 1990 මුල් භාගයේදී කටුනායකට යළි පැමි‍ණීමේදී උපැවිදිවූ අමරේගේ පවාදීමක් අනුව අත්අඩංගුවට පත්ව ඝාතනයට ලක්විය

ඒ අනුව ප්‍රකට ව්‍යාපාරිකයින් වන ෂන්මුගම් සහෝදරයෝහි ප්‍රධානියා 1989 පෙබරවාරි 6 වැනිදා කොටුවේදීද, පී.බී උම්බචි 1989 පෙබරවාරි 2වැනිදාද ඝාතනයට ලක්විය. කේ. ගුණරත්නම් 1989 අගෝස්තු 9 මරදානේදී, හෙප්තුල්ලාබොහී සමාගමේ අධ්‍යක්ෂ සබීර් හුසේන් 1989 අගෝස්තු 18 වැනිදා කොහුවලදීද ඝාතනය කරන ලදී. පැලවත්ත සීනි කම්හලේ සේවයකල ඉන්දීය ජාතික නිලධාරින් වූ බන්ෂෝල් අඹුසැමි යුවලද 1988 නොවැම්බර් 23වැනිදා සියඹලාආණ්ඩුවේදීද ඉන්දීය ව්‍යාපාරිකයින්වූ ඩී.කේ. සුන්දරම් සහ පී. නඩාර් වීරමුණි 1989 ජුනි 23 වැනිදා හලාවතදීද ඉන්දිය භාණ්ඩ තහනමට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පලකල කොරියානු ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රී ලංකාවේ සේවයේ නිරතවූ කොරියානු ඉංජිනේරු ආන් හෝචි 1989 නොවැම්බර් 23වැනිදා ගොකරැල්ලේදී  ඝාතනයට ලක්විය.

ජවිපෙ විසින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට තරඟ කිරීම වෙනුවෙන් 1988 දී ආරම්භ කරන ලද පක්ෂ 8 සාකච්ඡාව පිළිබදව උපක්‍රමික ක්‍රියාමාර්ගයන් පිළිබදවද රෝ සංවිධානය උනන්දුවක් දැක්වූහ.අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙයවීමෙන් පැවති එම පක්ෂ 8 සාකච්ඡාවලට සහභාගි වූයේ ශ්‍රිලනිප, ජවිපෙ, මහජන එක්සත් පෙරමුණ, අෂ්රොෆ්ගේ මුස්ලීම්‍ කොංග්‍රසය, පොන්නම්බලම්ගේ දෙමළ කොංග්‍රසය, ප්‍රජාත්‍රන්තවාදී වතු සංගමය, ලිබරල් පක්ෂය, එක්සත් ලංකා ජනතා පත්ෂය වේ. මව්බිම සුරකීමේ ව්‍යාපාරය ‍1986දී ගොඩනැගිමේදී අනුගමනය කරන ලද උපක්‍රමික ප්‍රවේශයේම දිගුවක් ලෙස ජාතික ගලවාගැනීමේ ආණ්ඩුවක් ‍ගොඩනැගීම මූලික කොටගත් සංවාදය අරමුණු කොටගෙන ජවිපෙ මගින් එය පවත්වන ලදී.

DW261212

දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ සරසවි ක්‍රියාකාරින්ව සිටියදී ඉන්දීය ඔත්තු සේවා ඉල්ලීම අනුව ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය මගින් 1988 දෙසැම්බර් 9වැනිදා රාසාමිනේතෝට්ටම්හි ඝාතනයකල පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ සිසු එස්. පරාපරන් සහ මඩකලපුවේදී 1989 පෙබරවාරි 2වැනිදා ඝාතනය කරන ලද පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසු ඒ. නිදිනාදන්(වමේ සිට). කොළඹ ඔබරෝයි හෝටලයේ 1984 ජනවාරි 21 ඊශ්‍රායල් නියෝජිතයෙකු ඝාතනය කිරීමට බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් පරාපරන් කලක් කොළඹ සහ බෝගම්බර බන්ධනාගාරයේ අත්අඩංගුවට ගෙන පසුව නිදහස් විය

ජනපතිවරණය සහ මහ මැතිවරණය ආණ්ඩුව විසුරුවා භාරකාර රජයක් යටතේ එකට පවත්වන ලෙස  ශ්‍රිලනිප ජවිපෙ ඇතුළු පිළිගත් දේශපාලන පක්ෂ පක්ෂ 8 විසින් 1988 ඔක්තෝබර් 18වැනිදා රජය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. පසුව එහිදී මුස්ලීම් කොංග්‍රසයේ නායක අෂ්රොෆ්, එක්සත් ලංකා ජනතා පක්ෂයේ ලේකම් වෛද්‍ය ගාමිණී විජේසේකර, ජවිපෙ උපාලි ජයවීර සහ අන්තරේ නියෝජිත ගාමිණී මාලසිංහ සමඟ ඉන්දීය රෝ නියෝජිතයෝ කොළඹදී සාකච්ඡාවන්ද පැවැත්වූහ. මුස්ලීම් කොංග්‍රසය මගින් නැගෙනහිර මුස්ලිම් කලාපීය පාලනයක් ඉල්ලමින් පක්ෂ 8 වෙත යෝජනාවක් ඉදිරිපත් කළේ ඉන් අනතුරුවය. සකච්ඡා බිඳවැටීමට එය ප්‍රබල එක් හේතුවක්වූ අතර ජනපතිවරණයට ශ්‍රිලනිපයෙන් සිරිමා බණ්ඩාරනායක තරඟ කිරීමත් සමඟම ශ්‍රිලනිපය දේශදෝහී අන්තයට උපක්‍රමික අවශ්‍යතාවයන් අනුව ජවිපෙට තල්ලු කිරීමට සිදුවූයේද එම ඉන්දීය සාකච්ඡාවෙන් පසුවය.

ජවිපෙ ප්‍රධාන ලේකම්වූ උපතිස්ස ගමනායකගේ මවගේ සොහොයුරියගේ පුතා ප්ලොට් සංවිධානයේ සන්නද්ධ නායකයෙකුවූ එන්. මාණික්කතාසන් වන අතර ඉන්දීය සබඳකම් ඔස්සේ ජවිපෙ සන්නද්ධ කැරළිකරුවන් පිරිසකට කණ්ඩායම් වශයෙන් නැගෙනහිර පළාතේ ප්ලොට් අවි පුහුණු කඳවුරුවලදී ඉන්දීය අනුග්‍රහයෙන් පුහුණුව ලබාදෙන ලදී. එමෙන් බිම්බෝම්බ තාක්ෂණය සහ සීමිත අවි ආයුධ කිහිපයක්ද ප්ලොට් සංවිධානය වෙතින් ලබාගත්තේ එම මැදිහත්වීමෙනි. ජවිපෙ මගින් ක්‍රියාත්මක කල රණහඬ ගුවන්විදුලිය සඳහා තාක්ෂණික දායකත්වය හිමිවූයේද ඒ යටතේය. රණහඬ ගුවන්විදුලි සේවය 1988 සහ 1989දී සෙනසුරාදා සහ ඉරිදා උදේ 7 සිට ක්‍රියාත්මකවූ අතර සඳුදා හැර අනෙක් සතියේ දින 4 රාත්‍රී 7 සිට මෙගා හර්ට්ස් 4.432 කෙටි තරංග 01 ඔස්සේ විකාශනය විය. අතිශයින් ජනප්‍රිය රණහඬ සේවය ඔස්සේ රෝහණ විජේවීරද ජනතාව අමතා කථා කළේය.

DW261213

දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ සාකච්ඡා වලින් දිරිමත්වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 1989 ජුනි 1වැනිදා කල නියෝගය අනුව ඉන්දීය ආක්‍රමණික හමුදාවේ අවසාන සේනාංකයද 1990 මාර්තු 24වැනිදා ත්‍රිකුණාමලයෙන් ඉන්දියාව බලා පිටත්වූ අවස්ථාව

ජවිපෙ විසින් මුල් කාලයේදී මාන්කුලමේ සිට මන්නාරම් පාරේ යනවිට හමුවන කුංජිකුලම් එල්.ටී.ටී.ඊ කඳවුරේදීද පුහුණුව ලබාගන්නා ලදී. එහි යුධ පුහුණුව ලැබූ 16 දෙනාගේ ජවිපෙ කණ්ඩායමට ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකුවූ ජැෆ්නා ජයා සහ අනුරාධපුර දිස්ත්‍රික් සන්නද්ධ නායකයෙකුවූ ෆොන්සේකාද ඇතුලත් විය. ඉන්දිය හමුදාවට එරෙහිව නැගෙනහිර ප්‍රහාරයන් නතර කිරීම සහ ඉන්දීය භාණ්ඩ වර්ජනය කිරීම කෙටි කලකින් නතර වූයේ එම ඉන්දීය අනුග්‍රාහකත්වය හේතුවෙනි. වසර 1989 මැදභාගය වනවිට ජවිපෙ පාලනය රෝහණ විජේවීර ගෙන් ගිලිහී තිබුණු අතර ඩී.එම් ආනන්ද ඉන්දියානු නිලධාරින් සමඟ ගනුදෙනු කළේ දේශපාලන මණ්ඩ‍ලයේ පූර්ණ අනුමැතියකින් තොරව බව කියති. මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානයේ කටයුතුවලට ඉන්දියාව මගින් සරසවි ආචාර්යවරියක් හරහා මුදල් පරිත්‍යාගයක්ද සිදුකර තිබිණි. එය සම්බන්ධීකරණය කරන ලද්දේ කැළණි සරසවි සිසු ගැමුණු යයස් සෙනෙවිරත්නය.

පල්ලකැලේ හමුදා කඳවුරට 1987 අප්‍රේල් 15 ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරයේ සිටි පේරාදෙණිය ඉංජි‍නේරු සිසු ප්‍රේමකුමාර් ගුණරත්නම් ඇතුළු ජවිපෙ සාමාජිකයින් 221 දෙනෙකු ජවිපෙ මගින් 1988 දෙසැම්බර් 13 වැනිදා මැගසින් බන්ධනාගාරයට කඩාවැදි නිදහස්කර කරගනු ලැබීය. අනතුරුව 1989 පෙබරවාරි සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජවිපෙ සන්නද්ධ නායකයා ලෙස සිටියේ ප්‍රේමකුමාර්ය. ඉන්දීය හමුදාව සහ ඔවුන්ගේ ආයුධ පැහැර ගැනීම ඉලක්ක කරගෙන ප්‍රහාර කිහිපයක් ප්‍රේමකුමාර්ගේ මෙහෙයවීමෙන් සරත් කුලේගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක විය. නුවර ත්‍රිකුණාමලය මාර්ගයේ කන්තලේ 93වැනි සැතපුම්  කනුව අසළදී ඉන්දීය හමුදාව විනාශ කිරීම සඳහා බිම් බෝම්බයක් ඇටවීමටද ප්‍රේමකුමාර්‍ ඇතුළු පිරිස සමත්වූහ. ඒ ඉන්දු ලංකා ගිවිසුමේ දෙවන සැමරුම පැවැත්වෙන 1989 ජුලි මසදීය. ත්‍රිමලේ ජැටියේද තවත් බෝම්බයක් සවි කරන ලදී. වසර 1989 ජුලි 25 වැනිදා මුල්ලිපතානයිදී බිම් බෝම්බයක් මගින් ඉන්දීය හමුදා ටක් රථයක් පුපුරුවා හැරීමෙන් ඉන්දීය සෙබළු 14ක් මරමුවට පත්විය. සියලු ආයුධ පැහැර ගැනීමට ඔවුහු සමත් විය.

ඉන්දීය රෝ නිලධාරින් එම ප්‍රහාරය ජවිපෙ කල බව දැනගත් වහාම එය නතර කරන ලෙසට ජවිපෙ ඉහළ නායකත්වයෙන් ඉල්ලා සිටි අතර ජවි‍පෙ එම ආයාචනයට අනුගත වෙමින් ඉන්දීය හමුදාවට එරෙහි නැගෙනහිර සියළු ප්‍රහාරයන් නතර කළේය. ඉන් පසු කිසිදිනක ඉන්දීය හමුදාවට එරෙහිව ජවිපෙ මගින් ශ්‍රී ලංකාව තුළ මෙහෙයුමක් සිදු නොකරන ලදී. ප්‍රේමකුමාර් 1989 සැප්තැම්බර් 24වැනිදා ශ්‍රී ලංකික හමුදා අත්අඩංගුවට පත් වන්නේ පාලම් පොට්ටවුර් හිදීය. එයට පෙර 1987 ඔක්තෝබර් 25වැනිදා ජවිපෙ මගින් මහනුවර පිහිටි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

ජවිපෙ සහ ඉන්දීය රෝ ඔත්තු සේවය අතර සම්බන්ධකම් ඇති කිරීමට කිහිප දෙනෙක්ම මුල්විය. අන්තරේ කටයුතු සම්බන්ධයෙන් නිමල් බාලසූරිය ආරක්ෂක රාජ්‍ය ඇමති ලලිත් ඇතුලත්මුදලි සමඟ නිල නොවන ඇයි හොදැයියක් ගෙන ගිය අතර ඒ මගින්ද ඉන්දීය සම්බන්ධකම් ගොඩනැගිණි. ඩී.එම් ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර ප්‍රධාන සම්බන්ධකම ගොඩනගන ලද්‍දේ කීර්තිධර මාධ්‍යවේදී රිචඩ් සොයිසාගේ මැදිහත්වීමෙනි. ජවිපෙ සන්නද්ධ නායක සමන් පියසිරි ප්‍රනාන්දු ආරක්ෂක හමුදා මගින් 1989 දෙසැම්බර් 27 රාත්‍රී නාවල කොස්වත්තේදී අත්අඩංගුවට ගනු ලැබුවේද රිචඩ් ද සොයිසා විසින් සොයාදුන් කුලී නිවසක සිටින විටය. සෝමවංශ අමරසිංහට සහ ඔහුගේ දරුපවුලට කැළණිය ප්‍රදේශයෙන් රහසිගතව ජීවත්වීමට 1989 අවසාන භාගයේදී නිවසක් සොයා දුන්නේද රිචඩ් ද සොයිසාය. ජවිපෙ-රෝ කපුකම කල වරදට අවසානයේදී 1990 පෙබරවාරි 18වැනිදා අලුයම 3.30ට නාවල වැලිකඩ වත්තේ නිවසින් රිචඩ් ද සොයියා රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව මගින් පැහැරගත් අතර ඔහුගේ සිරුර 1990 පෙබරවාරි 19වැනිදා පස්වරු 4ට මොරටුව  කොරළවැල්ල දුම්රිය ස්ථානය අසළ මුහුදු වෙරළින් මතුවිය.

ජවිපෙ දේශපාලන සභික සෝමවංශ අමරසිංහට ඉන්දියාවට යාමට වීසාද ඉන්දීය තානාපති කාර්යාලය මගින් 1989 දෙසැම්බර් මස ලබා දෙන ලදී. සෝමවංශ ඉන්දිය තානාපති කාර්යාලයට ඒ සඳහා ගියේ ඊශ්වර් බ්‍රදර්ස්හි තොග කලමණාකරුවෙකු වශයෙන් කලක් සේවය කල කොටහේන අල්විස් ඇවනිව්හි පදිංචි මාතලේ වික්‍රමසිංහම් නොහොත් සෙල්වා සමඟය. සෝමවංශ අමරසිංහ විසින් කුරුණෑගල ලිපිනයක පදිංචි මුදියන්සේලාගේ නිමල් බණ්ඩාර දිසානායක නමින් 1989 නොවැම්බර් 23 වැනිදා මෙම ගුවන් බලපත්‍රය සියළු රටවල්වලට වලංගු පරිදි ලබාගත්තේ හැදුනුම්පත් 470721049V මගිනි. එහෙත් ඉන්පසු ආරක්ෂිත පියවරයක් ලෙස ඉන්දියාවට බෝට්ටුවක් මගින් පලායන සෝමවංශට සෞදි අරාබියේ සේවය කරන ඉන්දියානුවෙකුගේ නිවසේ රැකවරණය දෙනුයේද ඉන්දියානු සහායෙනි. සෝමවංශගේ බිරිඳ සහ දරුවාද කලින් එහි ගොස් තිබිණි. ජවිපෙ දෙවනි කැරැල්ලේ පරාජයෙන් පසු 1989 දෙසැම්බර් සිට 1990 මාර්තු දක්වා ඉන්දියාවට ගිය ජවිපෙ ක්‍රියාකාරිකයින් 400කට ආසන්න පිරිසකට තාවකාලික දේශපාලන රැකවරණය ලබාදීමට මැදිහත්වූයේද ඉන්දියානු රෝ සංවිධානය වේ. එම ජවිපෙ ක්‍රියාකාරීන් පසුව යුරෝපයේ රටවල් වලට විවිධ මාර්ග වලින් සංක්‍රමණය විය. සෝමවංශ අමරසිංහට ඉන්දියාවේ සිට පසුව බ්‍රිතාන්‍යයට ආරක්ෂිතව යාමට පහසුකාරකයා වන්නේද ඉන්දියාවය.

අබ්දුල්ලා වෙනුවෙන් මාලදිවයිනේ බලය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ ප්ලොට් සංවිධානය 1988 නොවැම්බර් 3 වැනිදා මාලදිවයිනට කල සංවිධානාත්මක ප්‍රහාරය සිදු කළේද රෝ සංවිධානයේ සැලසුමක් අනුවය. ඒ සඳහා ප්ලොට් සංවිධානයට ගෙවන ලද මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි හයහාමාරකි. එය පරාජය කිරීමට අවසානයේ හැකිවූයේ එයට පසුදින ඉන්දියානු ගුවන්යානා වලින් මාලදිවයිනට පැමිණි ඉන්දිය පැරෆුට් භටයින් 150ක‍ගේ කණ්ඩායමකටය. එම ප්ලොට් සාමාජිකයින් මාලදිවයින ආක්‍රමණය සඳහා පිටත්ව ගොස් තිබුණේ කල්පිටිය සහ මන්නාරම මුහුදු තීරය ඔස්සේ බහුදින යාත්‍රා මගිනි. එකල ප්ලොට් සංවිධානයේ කඳවුරක් පිහිටා තිබුණේ පුත්තලම මන්නාරම පරණ පාරේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මරිච්චිකට්ටියේය. එකල මාලදිවයිනේ සිටියේ 1,200ක පමණ වූ සිවිල් ආරක්ෂක බලකායේ පිරිසකි.  දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියානු ‘රෝ’ භූමිකාව ‍කොතරම් සංකීර්ණදැයි මින් පැහැදිලිය.

ජගත් දේශපාලනයේ ප්‍රතිවිරෝධයන්ට අනුරූපීව කලාපීය දේශපාලනය තුළ බලවේගයන්ගේ හැසිරීම සිදුවේ. කලාපීය බලවතා වශයෙන් ඉන්දියාවේ බලහත්කාරී දේශපාලන භූමිකාව තහවුරු කරන බොහෝ සාධක ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබද ඉන්දියාව සිදුකල මැදිහත්වීම් තුළ ඉතා පැහැදිලිව විද්‍යාමාන විය. ඒ පිළිබදව ජවිපෙ දේශපාලන දැක්ම මෙසේ 2වැනි කැරැල්ල අවසාන භාගයේදී සිදුවූයේ විෂයමූල අවශ්‍යතාවයක් වෙනුවෙන්දැයි හෝ ජවිපෙ පාලනය විජේවීර අතින් අවසාන භාගයේදී ගිලිහීම නිසාදැයි නිවැරදි තක්සේරුවකට පැමිණීමට නොහැකිවීම විවාදාත්මකය.(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com