මරුගේ යෝග සහිතව උදාවන අනාගත යුගයට මුහුණ දීමට දහම් අසිපත ශීල සන්නායකය සූදානම් කළ මිසදුටු මාර සේනාවෙන් රට දැය සසුන සුරකින්නට පෙරට ආ මහා යතිවරයාණෝ…!🙏ලංකාධි ලංකා මහා නායක,සිංහල සිංහ,කේෂර සිංහ ,විජය සිංහ බෝසත් සිරිගුනාලංකාර සමිඳුනේ වඩිනු මැන සුසිරිඹර තුසිත විමනින් තව එකම එක වරක් වත් අපේ මේ හෙළ දෙරණට..!🙏

🌟මේ අද දිනට වසර 108 පෙර මාතර කපුදූව සුන්දර ගම් පියසේ කේ. පී. එළියස් හා බී. හින්නිහාමි මව්පියන්ට දාව 1913 ජුනි මස 28 දින මහා ලාභී වූ සීවලී මහරහතුන්වහන්සේට සමකලහැකි යෝග පල අතින් අනූන මහේශාක්‍ය යෝගය උදාව පැවති සමයක බඹ මොහොතකට සමීප බ්‍රහ්ම මන්ඩලයේ කිරණ විහිදෙන සුබ නැකතක තුසිත දෙවු ලොවින් බැස මේ මනුලොව උපත ලද පින්වත් පුත් රුවනකි.

කල් යත්ම පෙර සසර කළ මහ පින් ඇතිව සිටි ඒ බෝසත් කුමරා පෙර පැතුම් බලයෙන් හා නොයෙක් ආත්ම වල මුලු රටේත් පලාත් වලත් රජ කිරුළ දරමින් ඉදිකල වෙහෙර විහාර,වැවු අමුණු,ලිවුව පත පොත ආදී පින් දහම් වල බලයෙන් පුරාකෘත බුදු සසුන් වලත් සම්මාසම්බුදුරජානන් වහන්සේලාගෙන් විවරණ ලබමින් බුදු සසුන වෙනුවෙන් කළ පැතුම් ඇති නිසාවෙන් හෙතෙම දොළොස් වස් ළමා වියෙහිදීම 1925 මාර්තු 12 දින එකල කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාමාධිපති ගැටමාන්නේ පඤ්ඤාජෝති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවිදි දිවියට පත්ව කපුදූවේ සිරිගුණාලංකාර නමින් සසුනට එක් විණ.

මනුලොවට පෙර පැතුමකට පැමිණ දියසේන නොව “දියසෙන්” ලෙස අප්‍රකටව නමුදු සිරිගුනාලංකාර ලෙස සුපතල පැවිදි ජිවිතයක් ගතකල අධ්‍යාත්මික ගුණ වගාවෙන්,ශීලයේ බලයෙන් හෙබි චින්තන ශක්තියෙන් “සිතේ” බලයෙන් දියසෙන් බලය විසුරුවා හැර මහා පිරිසක් මිසදුටු කමින් මුදවා සමිඳුටු කමට මාර්ගෝපදේශකත්වය දී රට, ජාතිය, ආගම සුරක්ෂිත කිරීමේ අති සූක්ෂම මිසදුටු බල නිවාරන ක්‍රමවේදයක් නිර්මාණයට 1959 සැප්තැම්බර් 20 වන දින සිට උන්වහන්සේ අනුබල දුන් සේක.🙏

රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ධර්මය කියන්නේ මෙයයි, විනය කියන්නේ මෙයයි මිසදුටු බව කියන්නේ මෙයයි මාරපාක්‍ෂික බලය මෙයයි කියා උතුම් සම්බුදු දහමම ගෞරව සත්කාර කරගෙන කියා දෙමින් ඒ අනුව ජීවිත හුරුකරවා ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තිය දියුණු කර පවුලේ යහපත උදාකර දුන් සේක..🙏

උන්වහන්සේ ආරම්භ කල ප්‍රදීපාලෝකය තුලින් මිථ්‍යා දෘෂ්ටිය බිඳහෙළ සම්‍යටික් දෘෂ්ටිය කරා ශ්‍රී ලාංකික බෞද්ධයා ගෙන යාමට සමත් වූහ.තුන්සරණ පංචශිල ප්‍රතිපත්ති බලය රට තුල පැතිරීමෙන් බෞද්ධ බලය ගොඩ නැගීම තුලින් නිතිපතා, බොදු දහමින්, පංචශීල ප්‍රතිපත්තියත් අනුගමනය කිරීමෙන් මනසේ ගොඩනැගෙන නිවැරදි අධ්‍යාත්මික ශක්තිය තුළ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි බව විශ්වාස කළ සිරිගුණාලංකාර නාහිමියන් ඒ අනුව යමින් ධාර්මිකව දෛනික කටයුතු සිදුකිරීමෙන් පවුල තුළත් සමාජයේත් එමගින් රටටත් යහපත උදාකරගත හැකි බව පසක් කරමින් පංචශීල ප්‍රතිපත්ති ක්‍රමය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට දැඩිවෙහෙසක් ගත්හ. මේ වන විට දිවයින පුරා මෙලෙස සැබවින්ම පන්සිල් රකින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිරිගුනාලංකාර මිණිපහන් ආලෝකයෙන් එළිපෙහෙළි කල පිළිවෙත අනුව යමින් සිය ජීවිත ආලෝකවත් කර ගෙන දෙලොව දියුණුව ලැබ සිටිති.
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
උන්වහන්සේ එකල ප්‍රකාශ කල හැටියට පෙර ඈත සසර කල පැතුමක් අනුව
🌟ද්වීප ඉන්ද්‍ර ,
🌟දිව්‍යනාග,
🌟හතරවන රාවණ,
🌟විජය කුමරු,
🌟පන්ඬුකාභය,
🌟කාවන්තිස්ස,
🌟වලගම් අබා වට්ඨ ගාමිණී නොහොත් වළගම්බා,
🌟දෙවෙනි දෙටුතිස්,
🌟දෙවෙනි අග්‍රබෝධි,
🌟දෙවෙනි පැරකුම්බා ,
🌟හතරවැනි පැරකුම්බා ,
🌟හයවෙනි පැරකුම්බා ,
🌟කීර්ති ශ්‍රී මේග වර්ණ,
🌟සිරිසඟබෝ,
🌟ධාතුසේන,
🌟කීර්ති කුමාර නොහොත් බෝසත් විජයබාහු,
🌟වෛද්‍ය බුද්ධදාස වැනි ආත්ම වලත් තවද නොයෙක් වර පැවිදි දිවියක් ගතකල ආත්ම ලබමින් මේ ලංකා ද්වීපයටත් උතුම් වූ ගෞතම බුද්ධ ශාසනයට අමිල සේවයක් කල පෙර සසරේ කල මහා පුන්‍යකර්මයන්ගේ බලය හා පැතුම් ඇති අනාගතයේ පහලවන මෛත්‍රී බුදුරදුන්ට පිය පදවියට පාරමිතා සම්පූර්ණ කල බෝධිසත්වයන් වහන්සේ නමකි.

අදට බුද්ධාංතර බොහෝ කලකට එපිට රජවරු දොලොස් දෙනෙකුගෙන් හෙබි පෙර මෙසිරිලක රජකම් කල රාවන රාජ වංශයේ පහලවුන පලවන රාවනයන්ව සිට පෙරුම්දම් සම්පූර්ණ කර මේ මහාබද්‍රකල්පයේ මතු අනාගතයෙහි මෛත්‍රිය නම් සර්වඥතා ඥානය ලබන්නාවූ දිව්‍යරාජයානන් වහන්සේ නමක් තුසිත දෙවුලොව වැඩවසන්නේය ඒ දිව්‍යරාජයානන්ගේ දෙටු සොහොයුරු කණිටු සොයුරු වශයෙන්ද පෙර එම රාවණ රාජවංශයේ හතරවන රාවණව ඉපිද සිටි ද්විපඉන්ඳ්‍ර තෙමේ එනම් අප(සිරිගුනාලංකාර යතීන්ඳ්‍රයන් වහන්සේ )ආත්මභාව තුන් සියයක් පමණ උපතලැබීය.

පැරණි දෑ විචාරණය කරන්නන් ඒවා අනුමත කරන්නන් හා විවේචනය කරන්නෝ කුමක් කීවද “යමක සාලානං අන්තරස්මිං තතාගතස්ස නිබ්බාතුං සයිත ථිරමති විජය නාමකෝ කුමාරෝ ලංකායං තම්බපණ්ණිදීපෙ ඔතිණ්ණො “

“මා සසුන මෙහි සුරැකෙන්නේ ය”
යැයි ලෝකශිවංකර දසබලධාරී සර්වඥරාජෝත්තම ශ්‍රීමත් සුගත තථාගත සිද්ධාර්ථ ගෞතම සම්බුද්ධ වීර භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේ පැතපී හොවා සිට අධිශ්ඨාන කරන ලද එදින මේ සිරිලක සම්බුදු සසුන සවිමත් කරනු වස්,මෙසිරිලක පෙර සිට පැවති රාවන රාජවංශය අභාවයට යාමෙන් තැනින් තැන අවශේෂව කුටි ගෙවල් තනාගෙන රජුන් නොමැතිව අරාජිකව උන් උන් විරසකව කල් ගෙවූ ජනයා විසූ ලක් මව රජුන් සහිතව විජය ලද්දියක් කිරීමට පෙර සසර කල පෙරුම් දම් පිරි ඒ මහා යුග පුරුෂයෝ එදා ජන්බුද්දීපයෙන් නැවු නැගී තම්බපණ්ණි ද්වීපයට ගොඩ බට විජය කුමරුගේ සිට පන්ඬුකාභය,කාවන්තිස්ස ,
වලගම්බා,පැරකුම්බා වැනි ආත්ම වාර විසිගනනක් මේ මුලු සිරිලකටත් වරින්වර ප්‍රදේශ වලටත් අධිපතිව රාජ කිරුළු පැලැඳ අවසන් වරට රට ජාතිය ආගම වෙනුවෙන් අතට ගත් අසිපත බිම තබා දෙවුලොව මහේශාක්‍ය බෞද්ධ දිව්‍යදේවථාවන්ගේ ආරාධනා ලැබ යතීන්ඳ්‍ර වෙස් ගෙන කපුදුවේ සිරිගුනාලංකාර නමින් යලි ලක් පොලොවේ පා තබා වැදගත් සාසනික සිදුවීම් රැසකට පසුබිම නිර්මාණය කල ඒ ජෝතිමත් මිණි පහන 1986 ජුනි 28 අද වැනි දිනක 73න් වසරක් ආයු වළඳා දිවංගත සයනයේදී සියලු කථා සලලප නිමවා “මම යම්හ නැවත එම්හ යි තෙපලා” නිවී නික්මී පෙර සිටි තුසිත භවනටම වැඩි සේක.🙏

අනාගතයේ පහලවන මරුගේ යෝග සහිත අදුරු යුගයේ සියළු බාධක ජයගෙත හැකි පන්සිල් රකින දැහැමි පිරිසක් බිහිකිරීම උන්වහන්සේගේ පරම පැතුම විය.පංච ශීල ප්‍රතිපදාවත් සමගම අභීතව බුදු වත් පිළිවෙත් කරනු විනා ඉන් ඔබ්බට නොගොස් නොයැද හා කන්නලව් නොකර සදෙවුලොව මහේශාක්‍ය දිව්‍ය දේව පෙළට පමණක්ම පින් අනුමෝදන් කරන්නට දායක කාරකාදීන් පෙළඹවූ උන්වහන්සේ කෙටි කාල සීමාවක් තුල කර්ම විපාක ආබාධ හැර සුවපත් නොකල හැකි යැයි වෛද්‍යවරුන් ඉවතලූ ලෙඩුන් බුදු පිළිවෙතින් සුවපත් කළේය, බොහෝ නිවාස හා පුද්ගලයන්ට තිබූ අමනුෂ්‍ය දොාස් දුරුකලේය.රට ජාතිය ආගම වනසන මිසදුටු වසවත් මාර පාක්ෂික බලයට එරෙහිව දේව,බ්‍රහ්ම ,නාග,මහිද්ධික සමිදිටු සේනාව සමග සිය දිවියම කැප කරමින දියසෙන් සටනට වීර උදානයට ආර්‍යය සක්සේනා සුර සංග්‍රාමයකට මාර්ගය පාදා දුන් සේක.🙏

ගරු ස්වාමින් වහන්සේගේ ප්‍රදිපාලෝක ක්‍රමයෙන් දෙවු,මිනිසුන් ,බඹුන් සහිත වූ ලෝක ධාතුවට සිදුවූයේ මහඟු සේවයකි. මිසදුටු මාරපාක්ෂික බලවේගයන්ගෙන් පිඩා විඳි ඇත්තවුන් උන්වහන්සේ සොයාගෙන අවුත් පිහිට පිළිසරණ ලබා ගත්තෝය පංචශීලයේ පිහිටා තිසරණ සරණ එකම පිහිට බැවු පසක් කොට ගත්තෝය.අදටත් අපද ඒ ප්‍රතිපත්ති ක්‍රමයෙන් දොලොව දියුණුව කෙරවල සසර ගමන නිමාවට වැඩ සලසා ගන්නෙමු.

✨මේ ලංකා ද්වීපයටත් උතුම් වූ ගෞතම බුද්ධ ශාසනයට අමිල සේවයක් කිරීමට පෙර සසරේ කල මහා පුන්‍යකර්මයන්ගේ බලය හා පැතුම් ඇතිව බුදු සසුනේ ඉදිරි චිරස්ථිතියට වැඩ පිණිස දෙවු ලොවින් බැස මනුලොව පහල වූ
බුද්ධාංකූර වූ සීලාදි ගුණයන්ට ආකරයක් වෙමින් ලෝකසාසනික සේවයක් කරමින් බෝධිසත්ව පාරමි පූර්ණය කරමින් වැඩ සිටි මහෝත්තමයන් වහන්ස.. ඔබවහන්සේ මේ ගෞතම බුදුසසුනත් තව වසර දෙදහස් පන්සීයයක් සුරක්ෂා කිරීමට හිතෛෂීව අනාගත මෛත්‍රී බුද්ධ රාජ්‍යත් ඒකාලෝක කර මතු පහලවන බුද්ධෝත්පාදයක තුන්ලොවට පිහිටවන්නට අති උතුම් ලොව්තුරා සම්මා සම්බුදු බවම ලබත්වා..!!!🙏

අද දිනට යෙදෙන උන්වහන්සේගේ 35 වන ගුනසමරුවට දෙස් විදෙස් සියලුතැන්වල සිදුකෙරෙන පිංකම් පුන්‍යාණුමෝදනා උන්වහන්සේ පතන්නාවූ ආකාරයට පස්වාන්දහසකට ගෞතම බුදුසසුන මෙසිරිලක සුරැකීමටත් අනාගත බුද්ධ⁣ රාජ්‍යකදී මතු ලොවුතුරා බුදුබවට හේතුවාසනා වේවා……!!

මිසදුටු බලය පරදවා තිසරන පංචශීල බලයෙන් ත්‍රිවිධරත්නයේ පහන ඒකාලෝක කල ඒ උතුම් බුද්ධ පුත්‍රයාණන්ට මාගේ නමස්කාර වේවා….!

ලෝකශිවංකර දසබලධාරී සර්වඥරාජෝත්තම ශ්‍රීමත් සුගත තථාගත සිද්ධාර්ථ ගෞතම සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ අති උත්තම ශ්‍රී සත්ධර්මය පරිනිර්වාණ මංචකයේ පටන් මෙසිරිලක ස්ථාපිත කිරීමට විජයාවතරණයේ සිට අප්‍රමාණ දුක් කම්කටොලු විදිමින් පර සතුරන් මෙල්ලකරමින් දිවි පරදුවට තබමින් නැවත නැවත සම්බුදු සසුන වෙනුවෙන් ඉපිද අප නිවා සනසමින් මෙකල ගෞතම සම්බුදු ශාසන⁣ය සුරක්ෂිතව ශෝභමාන කලාවූ ද ඒ පාරිශුද්ධ ආර්‍ය මාර්ග ප්‍රතිපදා ඤාණ දර්ශන විශුද්ධි ආලෝකයෙන් අප චිත්ත සන්තාන හේතු ඵල පාරමී මාවත මහේශාක්‍ය කලා වූද ඒ වීරෝදාර අප ගුරැදේවෝත්තම යුග පුරැෂයන් වහන්සේගේ පායුග වැද නමස්කාර කරමි..ඒ ශ්‍රී පා කමල් අභියස උන්වහන්සේගේ ඒ පෙර පැතුම් ඉටු කරදීමට සහය පිණිසම පෙර උරුමයට,පෙර පැතුමට මාගේ ජීවිතය පූජා වේවා…!!! 🙏🙏🙏

මේ නාම රෑපී හේතුඵලය මෙතේ බුදුන්ගේ බුද්ධ රාජ්‍යයේදී නැවත ලෝකය සමග එක් නොවන අවස්ථාව දක්වාම අසහාය අනුත්තර විජය සංග්‍රාම විජය ධම්සක උදෙසාම පූජාවේවා…
එය නිර්වාණය තෙක් ඇත්තාවූ එකම පරම සත්‍ය පාරමිතාව වේවා…!!!🙏🙏🙏

මේ සටහන තැබීමෙන් මා තුල ජනිත වූ කුසලානිසංස බලයෙනුත් අප සියළු දෙනා අනන්ත සසර පටන් ජනිත කරගන්නා ලද කුසලානිසංස බලයෙනුත් අපගේ ගුරුදේව උත්තමයන් වහන්සේ වන සිරිගුනාලංකාර මහනාහිමිපාණන් වහන්සේට අප වැනි අසරණ සත්වයින්ට අමාපැන් පොවමින් නිවන් පුර රුවන් දොරටු වීවෘත කරදීමට හැකිවන ලොව්තුරා බුද්ධ රාජ්ජයම අවබෝධ කර ගැනීමට සියළු කුසල් හේතු වාසනා වේවායි මෛත්‍රී සිතින් ආශිංසනය කරමු…
සාධූ සාධූ සාධූ….!!!🙏🙏🙏

චිරාත් කාලයක් මේ ලෝතලය මත සිරිගුනාලංකාර දියසෙන් ප්‍රදීපාලෝක පිලිවෙත ඒකාලෝක වේවා…!!

රට ජාතිය පිණිසයි.
ජාතිය ආගම පිණිසයි.
ආගම ප්‍රතිපත්තිය පිණිසයි.
ප්‍රතිපත්තිය රට පිණිසයි.

සංස්කාරක :
⚜️ දියසෙන් කාහළ නාදය ⚜️

ඔබ සැමට නිවන් සැප ලැබේවා!

🌸ඔබ සැමට නිවන් සැප ලැබේවා!🙏🏻

🍃ලෙස සුභ පැතිය නොහැකිද❓

🔵මේ ලෝකයේ විවිධාකාර සැප තිබේ. සියලුම සත්වයෝ ඒ සැප සම්පත් විඳින්නට දැඩි සේ කැමැත්ත දක්වයි. ඒ සියලුම සැප දෙයාකාරයකට බෙදිය හැකි ය.
🔰ඒ කාම සැපය සහ විමුක්ති සැපය ලෙසයි. කාම සැපය ලෞකික සැප වන අතර, විමුක්ති සැපය ලෝකෝත්තර සැපය වේ. ඉන් ඉහළම සැපය වන්නේ උතුම් ලෝකෝත්තර විමුක්ති සැපය යි. ඒ තරම් සැපයක් කොහේවත් නැත. ඒ සැපයට “නිවන” යැයි කියනු ලැබේ.

🔰මේ සියළුම සැප විවිධාකාරයෙන් විස්තර කළ හැකි ය. – ධම්මපදයේ නාග වර්ගයේ මෙසේ සඳහන් වේ.
“අත්ථම්හි ජාතම්හි සුඛා සහායා, තුට්ඨී සුඛා යා ඉතරීතරෙන;පුඤ්ඤං සුඛං ජීවිතසඞ්ඛයම්හි, සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං.”

“කිසියම් කටයුත්තක් ඇති විට යහළුවෝ සැපගෙන දේ, තමන් සන්තක සුළු දෙයින් හෝ සතුටුවීම සැපය යි, මරණාසන්නයේ දී පින සැපය යි. රහත් බව ඒකාන්ත සැපය යි.”

🌸සියලු සත්වයන් ගේ ඒකායන අරමුණ විය යුත්තේ සියලු සසර දුක් නසා නිවන් දැකීමයි. ඒ සුන්දර නිර්වාණ සුවය දකින්නට නුවණැති පින්වතුන් කටයුතු කර ගත යුතුමයි. එහෙත් වර්තමානයේ දී මිනිසුන් සිතන පතන දෘෂ්ඨියේ තිබෙන බොහෝ වැරදි අදහස් නිසා, නිවන් දැකීම පිළිබඳවද ඇති කරගෙන ඇත්තේ මිත්‍යා මත වේ.

🔴ඔබ ඉදිරියට ඔබේ හිතවතෙකු පැමිණෙන විට, ඔබේ හිතවතාට ඔබ ‘නිවන් සුව ලැබේවා!’ යැයි කිව හොත් කුමක් වේදැයි සිතන්න.
වර්තමානයේ මේ කාල සීමාවේදී නම්, ඔහු ඔබත් සමග ජීවිත කාලයටම අමනාප වනවා නො අනුමානයි. එයට හේතුව ඔහු ‘නිවන් සැප ලැබේවා!’ යැයි සිතා සිටින්නේ මිය යෑම නිසා ලැබෙන කාරණාවක් හෝ, මිය යෑමට අදාළ කුමන ආකාරයක ආශිර්වාදයක් හෝ, සුභ පැතීමක් හෝ, මරණයට අදාළ යම්කිසි කාාරණාවක් ලෙස සිතීමයි.

🛑මෙය සම්පූර්ණයෙන්ම වැරදි මිථ්‍යා අදහසකි.
මෙවැනි මිත්‍යා දෘෂ්ටියක් නිර්මාණය කරගෙන ඇත්තේ බෞද්ධ සමාජය තුළින්මයි. මේ මිථ්‍යා දෘෂ්ටිය වෙනස් කරගන්නට නුවණැති බෞද්ධ පින්වතුන් කටයුතු කරගත යුතුමයි. එය මහනීය පින්කමක් ද වේ.

🌸මේ ලෝකයේ යම්කිසි කෙනෙක් තවත් කෙනෙකුට සුබ පතනවා නම් “ඔබට නිවන් සැප ලැබේවා!” ලෙස සුබ පතන සුබ පැතීම හා සමාන උතුම් සුභ පැතීමක් තවත් නැත.🍃🙏🏻

🔴මේ ලෝකයේ කවුරුහරි මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම සතර අපා ආදී සත්වයෙක් උතුම් සැපයක් ලබන්නට කටයුතු කරනවානම් ඒ උතුම් සැපය නිවන් සැපයම වේ. ඒ හා සමාන සැපයක් තුන් ලෝකයේ කිසිම තැනක නැත.

නමුත් අවාසනාවකට නිවන් දැකීම ගැන බහුතරයක් දෙනා දන්නේ නැත. නමුත් ඔවුන් තමන් සිව්වනක් පිරිසට අයත් “බෞද්ධයෝ” යැයි හඬනගා කියයි. නමුත් ඔවුන් විසින්ම උතුම් වටිනා වචන අවභාවිතා කර ඇත.

නිවන් සුව ලබන්නේ ජීවත්ව සිටින මනුස්සයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, ආදී ජීවත්ව ඉන්න කෙනෙක් හැර මිය ගිය කෙනෙකුට නොවේ. මිය ගිය පසුව එසේ කීමෙන්, පැතීමෙන් ලැබෙන නිවනක් නැත. නිවන ප්‍රාර්ථනාවකින් ලැබෙන දෙයක් නොවේ.🍃

🛑”නිවන් සුව ලැබේවා!” යන්න පමණක් නොව, උතුම් බුදු දහමේ තවත් එවැනි උතුම් වචන රාශියක්ම බෞද්ධයින් විසින් ම අවභාවිතා කර ඇත.🔥

උතුම් “අරහං” බුදු ගුණය ද එවැනි වචනයකි.
බොහෝ දෙනා අද එය භාවිතා කරන්නේ “මට ඔය මනුස්සයා අරහං” ආදී ලෙස කෙනෙක් පෙන්වන්නට නොහැකි බව ඇඟවීමට යි.🔥

🛑”හයහතර නොදත් අය” ලෙස අද බොහෝ දෙනා හඳුන්වන්නේ දරුවන් සම්බන්ධව කතා කිරීමට ය. නමුත් එයින් කියවෙන්නේ දිව්‍යලෝක හය සහ සතර අපාය ගැනයි.

🛑”උපාසක මහතා, උපාසක අම්මා” යන මේ වචන අද භාවිතා කරන්නේ සිල් ගත් අය සඳහා පමණයි. නමුත් සිල් ගත් විටදී ද වැඩි වශයෙන් බොහෝ දෙනා කැමති, මැතිතුමා මැතිණිය කියන එකටයි. සිව්වනක් පිරිසට අයත් භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා හැර ඉතිරි සියලු දෙනාම අයත් වන්නේ උපාසක උපාසිකාවන් ටයි. වර්තමානයේ දී බෞද්ධ පින් පින්වතෙකු ට “උපාසක මහතා, උපාසක අම්මා” යැයි කීවිට ඇතමුන්ට ඉතා තදබල ලෙස කේන්ති යයි. සමහර විට එසේ කී ස්වාමින්වහන්සේ සමඟ ජීවිත කාලයටම කතා කරන්නේ ද නැත.🔥

🛑තවත් මේ ආකාරයට බෞද්ධයින් විසින් ම උතුම් ධර්මයේ අවභාවිතා කරන වචන රාශියක් පෙන්විය හැකි ය. ඒ සියලු අවභාවිතාවන් අතර ඉහළින්ම තිබෙන්නේ “නිවන් සුව ලැබේවා!” යන්නයි. සසර සැරි සරනා සත්වයින්, සසරින් එතෙර වන්නට “නිවන් සුව” දැකිය යුතුම ය.

🔵රහතන් වහන්සේලා හැර අන් සියලු දෙනා මිය යාමේදී වෙන්නේ මරණයත් සමගම නැවත පුනර්භවයට පැමිණීමයි. ඉපදීමයි. සෝවාන් ආදී අනෙක් උතුමන්ද රහත් නොවී සිටියහොත් මාර්ගඵලයට අනුරූප තැනක උපදී. රහත් වූ පසු එහි ආයු අනුව ආයුෂ විඳ අනුපාදිසේස පරිනිර්වාණයත් සමගම පිරිනිවන් පායි.

🌸”නිවන”
“නිවන” යැයි කියන්නේ මේ ලොව ඇති උසස්ම ප්‍රණීතම සැපය යි.🍃

🌸නිවන් දකින්නට කටයුතු කරන උත්තමයන් වහන්සේලා හඳුන්වන්නේ බෝධි බෝධිසත්වත්වයෝ කියා යි. “බෝධි” යන වචනයෙන් කියවෙන්නේ ලෝකෝත්තර වූ ආර්ය මාර්ගයත්, සර්වඥතා ඥානයත් වේ. බෝධි තුනක් තිබේ.

🌺1. සම්මා සම්බෝධිය
🌺2. පච්චේක සම්බෝධිය
🌺3. ශ්‍රාවක බෝධිය
මේවාට තුන්තරා බෝධිය යැයි කියනු ලැබේ.

🔵මේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිනෙන්නට, පිරිය යුතු ධර්ම වන්නේ පාරමිතා යි. පාරමිතා පිරූ බෝධිසත්වයන් වහන්සේලා, ලෝකෝත්තර ආර්ය මාර්ගය ඥානයෙන් කෙලෙසුන් නසා නිවන් දකී.

🔵 නිවන කියන්නේ…. මේ ලෝකයේ ඇති අති ප්‍ර‍ණීතම, වටිනාකම කිව නොහැකි, කවර කලෙකවත් නැති නොවන හැම කල්හි පවත්නා සැපයටයි. මේ නිවන දුක මිශ්‍ර‍ නැති ශුද්ධ වූ සුඛය වේ.

🔵නිවන පඤ්චේන්ද්‍රියයන්ට හා මන්දබුද්ධිකයින්ගේ මනින්ද්‍රියට ද විෂය නොවන පරම සූක්ෂ්ම ධර්මයක් වේ.

🔵නිවන් දැකීම නිසා නැතිව යන දුක් ලෙස සලකන විට අති විශාල ධර්මයක් වේ. ලෝකෝත්තර ධර්මයක් වේ. මහානුභාව සම්පන්න ධර්මයක් වේ. පිහිටි තැනක් නැතිව ඇති ධර්මයක් වේ. එක ද සත්ත්වයකුත් එහි නැත, එහෙත් සත්ත්වයින්ට පරම පිහිටක් වූ ධර්මයක් වේ.

නිවනට පැමිණීම අවස්ථා පහකින් ද, ඉතිරි වී ඇති ස්කන්ධ සහ ඉතිරි ස්කන්ධ කිසිවක් නැති බව දැක්වීම් ලෙස අවස්ථා දෙකකින් ද නිවන ගැන කිව හැකි වේ.

නිවනෙහි ස්කන්ධයන්ට අයත් දේවලින් කිසිවකුත් නැත. ඒ නිවනෙහි ඇති උතුම් ගුණය යි.

ලෝකයෙහි සැප වර්ග දෙකක් තිබේ.

🟢ඒ කාම සුඛය සහ විමුක්ති සුඛය යි. මෙයින් කාමනීය වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ෂ, ධර්ම නිසා උපදින සුඛය “කාම සුඛ” වේ.

🟢පැමිණ තිබෙන්නා වූ හෝ මතු පැමිණෙන්නට තිබෙන්නා වූ හෝ විපතකින් දුකකින් බේරීම වූ නිදහස “විමුක්ති සුඛ” වේ.

✅මේ සැප දෙකින් කාම සුඛය විඳින සැපයකි. එම නිසා එයට “වේදයිත සුඛය” කියා කියනු ලැබේ. විමුක්ති සුඛය නො විඳින සැපයකි. එයට “අවේදයිත සුඛය” කියා කියානු ලැබේ.

🌺”නිවනට පැමිණෙන ආකාරය
එක් පුද්ගලයකුට නිවනට පැමිණිය හැකි වනුයේ එක් වරක දී නො ව පස්වරක දී ය. නිවන් සොයා ක්‍රියා කරන්නා වූ යෝගාවචරයා සෝවාන් වන විට ඔහුට මතු සතර උපායෙහි උපදින්නට තිබෙන ස්කන්ධයන් හා ජාති සතකින් මතු සුගතියෙහි ද, උපදින්නට තිබෙන ස්කන්ධයෝ ද නිරුද්ධ වේ. ඉන් පසු ඔහු අපායෙහි නූපදී. සුගතියෙහි ද සත් වරකින් මතු නූපදී. සෝවාන් පුද්ගලයාට වන්නා වූ මේ දුඃඛ නිරෝධය පළමු වරට නිවනට පැමිණීම වේ.

🌺සෝවාන් ඵලයට පැමිණ සිටින ආර්‍ය්‍ය ශ්‍රාවකයා සකෘදාගාමි වන විට ඔහුට ඉතිරිව තුබූ ජාති සතකට අයත් ස්කන්ධයන්ගෙන් ජාති සයකට අයත් ස්කන්ධයෝ නිරුද්ධ වේ. ඉන් පසු ඔහු සසර උපදිතත් උපදින්නේ එක් වරක් පමණී. සකෘදාගාමි පුද්ගලයාගේ මේ ජාති සයකට අයත් දුඃඛයෙන් මිදීම දෙවෙනි වර නිවන් ලැබීම වේ.

🌺සකෘදාගාමි පුද්ගලයා අනාගාමි වන විට ඔහුට කාම භවයෙහි එක් වරක් ලබන්නට තුබූ ස්කන්ධ දුඃඛය ද නිරුද්ධ වේ. ඉන්පසු ඔහු කාම භවයෙහි නූපදී. අනාගාමි පුද්ගලයා ලබන මේ දුඃඛ නිරෝධය තුන්වෙනි වර නිවන් ලැබීම වේ.

🌺අනාගාමි පුද්ගලයා රහත් වන විට රූපාරූප භවයන්හි උපදින්නට තුබූ ස්කන්ධයෝ ද නිරුද්ධ වේ. ඉන්පසු ඒ රහතන් වහන්සේ කිසි කලෙක කොතැනක වත් නූපදී. රහතන් වහන්සේ ගේ ඒ දුඃඛ නිරෝධය සතරවැනි වරට නිවනට පැමිණීම වේ.

සතර වැනි වරටත් නිවනට පැමිණීමෙන් පසු රහතන් වහන්සේට ශේෂව ඇත්තේ අතීත හේතුවෙන් හටගන්නා වූ වර්තමාන ස්කන්ධ දුඃඛය පමණකි. පිරිනිවීමෙන් එය කෙළවර වන්නේ ය. එය පස්වෙනි වරට නිවනට පැමිණීම වේ.

🔵සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් පුද්ගලයන් හැම ආකාරයකින්ම දුකින් මිදී නැති නිසා, පිරිනිවීම තෙක් ස්කන්ධ පවතින නිසා ඔවුන්ගේ නිවනට ඉතිරිව තිබෙන ස්කන්ධයන් නිමිත්ත කොට “සෝපාදීශේෂ නිර්වාණය” කියා කියනු ලැබේ. පරිනිර්වාණයෙන් පසු ලබන නිවනට ඉතිරි ස්කන්ධ කිසිවක් නැති බව නිමිත්ත කොට “අනුපාදිශේෂ නිර්වාණය” යි ද කියනු ලැබේ.”

🔵ප්‍රාර්ථනා කළාට, ආශිර්වාද කළාට නිවන් දැකිය නොහැක. එසේ කිරීමෙන් කළ හැකි වන්නේ කල්‍යාණ මිතුරකු වී නිවන් දකින්නට අනිත් අයව උනන්දු කරවීම කි. එය මහනීය පිංකමකි.

නිවන් දකින්නට නම්, දුක්ඛ සත්‍යය යි, සමුදය සත්‍යය යයි යන දෙක නැති කළ යුතු ය. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදිය යුතු ය.

කරුණු මෙසේ හෙයින් නුවණැති පිංවතුන් දැන්වත් මේ සිදු කරන වරද නිවැරැදි කරගත යුතු ය. මියගිය පසු කියන වචනයක් ලෙස “නිවන් සුව ලැබේවා!” යැයි සමාජගත වී තිබෙන මතය වෙනස් කර, ඒ සඳහා සුදුසු ලෙස කටයුතු කිරීමට පෙළ ගැසිය යුතුය.

එය ඔබටද කළ හැකිය. “නිවන් සැප ලැබේවා”කියන වචනයම කිව නොහැකි නම්, පෙරළා ලැබෙන ප්‍රතිචාරයට ඔබ බය නම්, එය සමාජයට හුරුවන තෙක් ඔබට මෙසේ කිව හැකි ය.
🌸”මේ පින සසර දුක් නසා නිවන් දකින්නට හේතු වේවා! “🍃

🌸”ඔබට චතුරාර්ය සත්‍ය සත්‍යාවබෝධ ඤාණයෙන් නිවන් දකින්නට හැකි වේවා!”🍃

ආදී ලෙස කැමති ආකාරයකට ඔබගේ හිතවතාට සුදුසු ලෙස සුබ පැතිය හැකිය. ඒ කල්‍යාණ මිත්‍රත්වයෙන් ලැබෙන මගපෙන්වීම, ඔබටද මහානීය පුණ්‍යකර්මයක් වේ.

ඉතින් ඔබත් මේ පවතින මිථ්‍යා මතය වෙනස්කර, නුවණැත්තන්ට නිවන් දකින්නට මග පෙන්වන කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. එන්න අපි හැමෝම එකම අරමුණකට යන කල්‍යාණි මිතුරන් ලෙස ආශිර්වාද කරමු හැමෝටම

🌸”ඔබ සැමට නිවන් සුව ලැබේවා!🍃

උපුටා ගැනීම:
රත්නපුර දිශාවෙ ප්‍රධාන සංඝනායක,
සද්ධර්ම ශිරෝමණී,
ත්‍රිපිටක වාගීෂ්වර,
විපස්සනා කම්මට්ඨානාචාර්ය,
අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමීන්වහන්සේගෙ ලිපියකිනි

💫 තෙරුවන් සරණයි

මූලාශ්‍ර විකුර්ති කිරීම

මුල් මූලාශ්‍රය විකෘති කිරීම හෝ අවභාවිතා කිරීම නොකළ යුත්තක් යැයි අප ආචාර්යවරු නිරන්තරව සිහිකැදවූවෝ ය. හේතුව එයින් වන අගතිය හා හානිය මෙතෙක් යැයි කියා නිමකළ නොහැකි නිසා ය.

මුල් මූලාශ්‍රය වෙනස් වීම අප පැරණි ශ්‍රේෂ්ඨ යතිවරු ඉවසුවේ ම නැත. එවිට ඔවුන් එම අවස්ථාවන්ට සැරෙන් පිළිතුරු දී වැරෙන් පහර දුන් අවස්ථා අප අසා ඇත. බුදුහාමුදුරුවෝ ද තමන් වහන්සේ නොදෙසූ දෙයක් සිය ගෝලයන් කියා ඇති විටෙක ඔවුන්ට දෙසුවේ සැර භාෂාවකිනි. එව්වා විනය පිටකයෙන් දත හැකිය.

ත්‍රිපිටක සාහිත්‍යයට බුදුන්ට මෙන් සැලකූ යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවෝ ද උගත් කිරිඇල්ලේ ඥානවිමල පණ්ඩිත හාමුදුරුවන්ගේ ත්‍රිපිටක ශෝධක වැඩේට විරුද්ධව අවි අමෝරන්නේ ද මුලින් මං කිව්ව හේතුව නිසාය‍

මං විශ්වාස කරන්නේ විද්‍යාලංකාර මජ්ඣිමනිකාය සංස්කරණයක් එන්නේ ම ඒ යක්කඩුවේ හාමුදුරුවෝ මුල් මූලාශ්‍රය අවභාවිතා කිරීමට එරෛහි අවි එසවීමේ ප්‍රථිපලයක් ලෙසට ය. කිරිඇල්ලේ ඥානවිමල පණ්ඩිත හාමුදුරුවෝ ද දැන උගත් රාජකීය පණ්ඩිත මහතෙරනමකි. නමුත් උන්වහන්සේ කළ වැඩේ වැරදි ය. මජ්ඣිමනිකාය සංස්කරණයේ දී අමු අමුවේ වැරදි ක්‍රියා සිදුකළ බැවින් ත්‍රිපිටකයට ද බුදුන්ට මෙන් සැලකූ යක්කඩුවේ පණ්ඩිත හාමුදුරුවන්ට යකා නැග්ගේ ය. දීර් ඝ සමන්නේසනාවන් සහිතව අමු අමුවේ දොස් නගමින් යක්කඩුවේ හාමුදුරුවෝ මජ්ඣිමනිකාය යළි සංස්කරණය කරමින් කිරිඇල්ලේ පණ්ඩිත හාමුදුරුවන්ට තඩිබෑවේ ය. ඒ සංඝභේදයක් ඇතිකරනු පිණිස හෝ තවකෙකුට දෝෂාරෝපණය කරනු පිණිස නොවේ. බුදුන්ට මෙන් ආදරය කළ ගෞරවය කළ පණ වගේ රැක්ක ත්‍රිපිටක මූලාශ්‍රය ට කරන හානිය දරාගන්න බැරිව ය.

ඒ විතරක් නම් මැදෑ! හෙළයේ මහගත්කරු වූ මාර් ටින් වික්‍රමසිංහයන්ටත් ඔහුගේ භවතරණය අනුමත කළ ගුණදාස අමරසේකර, සරත්චන්ද්‍ර ආදීන්ටත් එළව එළවා පහර දුන්නේ ද මුල් මූලාශ්‍රයවල එන බුද්ධචරිතය අමු අමුවේ විකෘති කිරීම නිසා ය. යක්කඩුවේ හාමුදුරුවෝ යකා වෙන්නේ වෙන වෙන හේතු නිසාමත් නොවේ, මේ හැරෙන තැපෑලෙන් මුල් මූලාශ්‍රයන් විකෘති කරන්නවුන්ට බැටදුන් නිසාම වෙන්නත් හැකි ය.

යක්කඩුවේ හාමුදුරුවෝ පමණක් නෙවෙයි ඔය පංචමහාවාදය ම කරන්නේ මොහොට්ටිවත්තේ ආදී හාමුදුරුවරු මූලධර් මවාදීන්ගේ අර මං කිව්ව මුල් මූලාශ්‍රයන්ට අපහාස කිරීම නිසයි. ඒක මේ ශාසන වැටේ ලක්ෂණයක්. අපේ ලාංකික පරපුර මේ ත්‍රිපිටක සාහිත්‍ය රැක්කේ අපමණ ගෞරවයකින්. ඒ නිසා එයට අත තියන්න ඉඩ දුන්නේ ම නෑ. මෑතකාලීනව සැරෙන් පිළිතුරු දී වැරෙන් පහර දුන් එවැනි බුද්ධ පුත්‍රයෙක් ගැන මා අසා තියෙනවා. ඒ බත්තරමුල්ලේ සුභූති හාමුදුරුවෝ. උන්වහන්සේටත් අපගේ ත්‍රිපිටක මූලාශ්‍රයන්ට අත තිබ්බ මූලධර් මවාදීන්ගේ වැඩ ඉවසුවේ නෑ. ශාස්ත්‍රීය බවත් එක්ක කටවාචාල කමත් එමට ම පාවිච්චි කළා.

කොච්චර සම්භාවනාවට පාත්‍ර වුනත් කොච්චර වැදගත් පූජනීය චරිතයක් වුනත් ලෝවැඩසගරාව ලියූ වීදාගම මෛත්‍රී හාමුදුරුවන්ගේ ඇතැම් කවි මුල් බුද්ධවචනයට පටහැනි වූ තැන්වල ඒවා පෙන්වාදීමට මෑතකාලීන අපගේ පණ්ඩිත හාමුදුරුවෝ නමක් වෙච්ච රේරුකානේ චන්දවිමල මහතෙරුන් පෙළඹුනා. ඒ අර මුල් මූලාශ්‍රය විකෘති වුනාම වෙන හානියෙන් වලක්ව ගන්න. ඒවා බලන්න ඕන නම් කට්ටිය ධර් ම විනිශ්චය පොත බලන්න.

එහෙම විවේචන එල්ලකරපු ඕනතරම් තවත් අය හිටියා. බද්දේගම විමලවංස හාමුදුරුවොත් එහෙම කෙනෙක්. මක්ක කියනව ද? අච්චර සේවාවක් කරපු හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාට රටින් පැන දුවන්න තරම් ප්‍රහාරයක් එල්ල කලේ අපේ මොහොට්ටිවත්තේ හාමුදුරුවොත් ධර් මපාලතුමත් එකතු වෙලා දළදාව සම්බන්ධයෙන් කරපු කතාවක් නිසාලුනේ.

මූල් මූලාශ්‍රය විකෘති කරන්නවුන්ට මහාවිහාරය ටිකක් තදින් හිටියා. මෝඩ උද්දච්ඡ විදියට නෙවෙයි. හැබැයි කන හරහා ඔලුවට දැනෙන්න තමයි ඔවුහු උත්තර දුන්නේ. වැරදි මත දරන්නවුන්ට ඇතැම් වෙලාවට බුදු හාමුදුරුවොත් දුන්නේ රෙද්ද ගැලවෙන උත්තර. ඒවා පොලොව පලාගෙන අපායේ යන්න හිතෙන උත්තර. ඒක කලාවක්.
මේ මුල් මූලාශ්‍රය විකෘති කරන්නවුන්ට විරුද්ධව පිළිතුරු දෙන අය අදත් හෙටත් බිහිවේවි. මං නම් යක්කඩුවේ හාමුදුරුවෝ නමක් ප්‍රාර් ථනා කරන හිමිනමක්.

මෙහි දෙවැනි ලිපිය යක්කඩුවේ හාමුදුරුවෝ විසින් ලියා තැබූ ප්‍රාථමික මූලාශ්‍රය විකෘති කිරීමට එරෙහිව සටහන් ඉදිරිපත් කිරීමට වෙන් කරමි.

2009 වර්ෂයේ සිට මා දන්නා ආචාර් ය අරුණ ගමගේ ගුරුතුමා ද ත්‍රිපිටක සාහිත්‍ය විකෘති කරන්නවුන්ට එලව එලවා පහර දෙන්නෙකි. එය එතුමා විතරක් නෙවෙයි තවත් අය කරයි. නමුත් අරුණ ගමගේ ඇදුරුතුමන්ගේ පිලිතුරු රටාව අනෙක් අයට වඩා සැර ය. එය යක්කඩුවේ හිමි, බත්රමුල්ලේ සුභූති හිමි, මොහොට්ටිවත්තේ හිමි තරම් නම් නොවන බව නම් පැහැදිලි ය. නමුත් සැර ය. ආකර්ශනශීලිය. වැරදිකරුගේ රෙද්ද නම් ගැලවෙන්නේ ය. එය මට ද වැඩි ඈතක නොවන්නට මා වග බලා ගන්නට තීරණය කළෙමි.

මතු සම්බන්ධයි!

සූරියවැව සුමේධ හිමි

අපේ හාමුදුරුවන් වෙතටයි

අපේ හාමුදුරුවන් වෙතටයි

ඔබ වහන්සේ මා කියන දේ සතපහකටවත් ගණන් නොගන්නා බව මා දන්නවා. මා සමහර විට මහාවංසය සමග එහෙමත් නැත්නම් අටුවා ව සමග එකඟ නොවන දේ කියනවා වෙන්න පුළුවන්. එසේත් නැත්නම් මෙරට බොහෝ උගතුන් බුද්ධිමතුන් වියතුන් මෙන් ම ඔබ වහන්සේත් මා නූගතකු ලෙස සලකනවා වෙන්න පුළුවන්. මා ත්‍රිපිටකයේ දන්නේ සූත්‍ර දහයකටත් අඩු සංඛ්‍යාවක්. ත්‍රිපිටකය වනපොත් කළ අය සිය ගණනක් ඉන්න රටක මට බුදුදහම ගැන කියන්න තියෙන්නේ මොනවා ද කියා ඔබ වහන්සේ හිතනවා ඇති.

ඒත් අද පොසොන් පෝදා මට තේරෙන කරුණක් දෙකක් ඔබ වහන්සේගේ අවධානය පිණිස යොමු කිරීමට කැමතියි. එහෙත් එයට අත්වන ඉරණම මා නොදන්නවා නො වෙයි. දැනට අවුරුදු තිහකටත් එහා සුප්‍රසිද්ධ අඹ පැනය ගැන මා ලිපියක් ලිවුවා. ඔබ වහන්සේ ඒ ලිපිය කුණු කූඩයට දැම්මා. මා හිතන්නේ ඒ ලිපියෙහි කිසිම වැදගත්කමක් නොතිබෙන්න ඇති.

බුදුහාමුදුරුවන් දෙසූ ධර්මය ගැන අපට විවිධ අර්ථකථන තියෙනවා. ඒ අර්ථකථන විවිධයි. සංකාර ගැන පොදුවේ පටිච්චසමුප්පදාය ගැන මගේ අර්ථකථනයක් තියෙනවා. එහෙමත් නැත්තන් මට තේරෙන විධියක් තියෙනවා. මනස ගැන මගේ මනසින් හදාගත් අර්ථකථනයක් තියෙනවා. නැති මනස නැති මනසක් බව නැති මනසින් කෙරෙන සම්මාබෝධය නිවන කියා කිවුවෙත් ඔබ වහන්සේ පිළි ගන්නේ නැහැ. ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පා කරත්වා!

මා දැන් මියන්මාහි ලංකා තානාපති. ඔබ වහන්සේ එයට අකමැති බව මා දන්නවා. ඔබ වහන්සේ ජනාධිපතිතුමාට පවසා තිබුණේ බුදුදහම දන්නා ශාසන හිතකාමී අයකු මියන්මාහි තානාපති ලෙස පත් කරන ලෙසයි. මා බලාපොරතේතු වූ කිසිවක් මට තානාපති ලෙස කරන්න බැරි වුණා. ඒ සම්බන්ධයෙනුත් මා අසමත්. එහෙත් මා මියන්මාහි දී යම් යම් දේ ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා කියන්නේ මගේ අර්ථකථන සපයා ගත්තා කියන එකයි.

ලංකාවේ මෙන් බුදුදහම හරි බුදුසසුන හරි මුල් අල්ලාගත් එහෙමත් නැත්තන් හඳුන්වා දුන් දිනයක් මියන්මාහි නැහැ. ඔවුන්ට පොසොන් පෝය වැනි දිනයක් නැහැ. අශෝක රජු සෝණ හා උත්තර මහ රහතන් වහන්සේට ධර්මප්‍රචාරය සඳහා මියන්මා (ස්වර්ණභූමියට – – දකුණු මියන්මා තායිලන්තය ඔබ්බට විහිදෙන ප්‍රදේශයක්) වඩින ලෙස ආරාධනා කර ඇතත් ඒ පිළිබඳ ව මියන්මා ඉතිහාසයේ කියන්නේ කුමක් දැයි පැහැදලි නැහැ. මියන්මාහි බෞද්ධ ඉතිහාසය ඒක රේඛීය නැහැ. අඛණ්ඩත් නැහැ. උතුරට පැමිණි තන්ත්‍රයානයක් ගැන මෙන් ම දකුණට දකුණු ඉන්දියාවෙන් (ආන්ද්‍රයෙන්) පැමිණි බුද්ධාගමක් ගැනත් කියැවෙනවා. සිංහල දීපයෙන් බූද්ධාගම පැමිණ ඇත්තේ එකළොස්වැනි සියවසේ අපේ විජයබා ඔවුන්ගේ අනව්රත රජවරුන්ගේ කාලවල. එහෙත් එදා සිට අද දක්වා ම කැඩි කැඩී වුවත් දෙරට අතර සම්බන්ධකම් තියෙනවා.

මියන්මා දේශයට අපෙන් පොත්පත් රැගෙන ගොස් තියෙනවා. එමෙන් ම විජයබා රජු උපසම්පදාව මියන්මා දේශයෙන් (බුරුමයෙන්) ගෙනැවිත් තියෙනවා. ඒ පොතේ සඳහන් දේ. එහෙත් මට තේරෙන විධියට බුරුමයට ලංකාවෙන් බෞද්ධ සංස්කෘතියක් හා එයටත් වඩා බෞද්ධ රාජ්‍යය ලැබී තියෙනවා. අනව්රත රජු මියන්මා බෞද්ධ රාජ්‍යය පිහිටුවල තියෙනවා. මිහිඳු මහ රහතන් වහනසේ වඩින්නට පෙර මෙරට යම් බුදුදහමක් තිබුණු බවට සාක්‍ෂි තියෙනවා. මිහිඳු මහා රහතන් වහන්සේ අපට ලබා දුන්නේ බෞද්ධ ශාසනයක් බෞද්ධ සංස්කෘතියක් හා බෞද්ධ රාජ්‍යයක්.

උන්වහන්සේ අපට දේශනා කළ ප්‍රථම සූත්‍රය වූයේ චුල්ලහත්ථිපදොපම සූත්‍රයයි. ඒ සූත්‍රයෙන් ද අඹ පැනයෙන් ද පැහැදිලි වනනේ එදා රජු හා රාජසභාවේ අය බුදුදහම තේරුම් ගැනීමට තරම් මට්ටමක සිටි බව. ඔවුන් මා මෙන් නොව බුද්ධිමත් අය වෙන්න ඇති. අඹ පැනය ගැන මෙන් ම එකී සූත්‍රය ගැනත් මා ලියා තියෙනවා. ඔබ වහන්සේ එයත් කුණු කූඩයට දැම්මා. ඒ සියල්ල මා කොළඹ විශ්වවිද්‍යාලයේ දී ඉගැන්නුවා. ඒ අසා ලක්‍ෂමන් හා ලක්‍ෂමන් මා කුණු කූඩයටවත් නුසුදුසු ය කියා විශ්වවිද්‍යාලයෙන් ම පිට කෙරුවා. චුල්ලහත්ථිපදොපම සූත්‍රය බටහිර විද්‍යාවේ විධික්‍රමයට විරුද්ධ අතර අඹ පැනය බටහිර ගණිතයට විරුද්ධ බව පමණක් මා මෙහි සඳහන් කරනවා. එහෙත් ඔබ වහන්සේට අනුව බුදුදහම විද්‍යාත්මක තාර්කික වෙන්න පුළුවන්. ඔබ වහන්සේ මා කියන කිසිවක් පිළිගනීවි කියා හිතන්න බැහැ. එහෙත් මා හිතන විධියට මෙන් ම මට හිතෙන විධියට බුදුහාමුදුරුවන් අද වැඩ සිටියා නම් බටහිර විද්‍යාවත් ගණිතයත් බ්‍රහ්මජාල සූත්‍රයට ඇතුල් කරනවා.

බෞද්ධ රාජ්‍යය ගැන ටේ‍රවෝ ලිං ලියා තියෙනවා. ඔහුට අනුව බෞද්ධ රාජ්‍යය සංඝයා වහන්සේ රජු හා ජනතාව යන ගල් තුන මත රැඳී තියෙනවා. මාත් ඔහු අනුව මියන්මා එන තුරු එසේ සිතුවා. එහෙත් එය වැරදිය කියා මා දැන් හිතනවා. බෞද්ධ රාජ්‍යය සමන්විත වෙන්නෙ සංඝයා වහන්සේගෙන් හා රජුගෙන් (රාජ සභාවෙන්). ජනතාව වෙනුවෙන් සංඝයා වහන්සේ පෙනී සිටිනවා. රජු හා ජනතාව සංඝයා වහන්සේට සිවුපසයෙන් සංග්‍රහ කරනවා. අදත් මියන්මාහි ඒ බෞද්ධ රාජ්‍යය යම් පමණකට හරි ක්‍රියාත්මක වෙනවා. පඬි නැට්ටන් ඊනියා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරමින් හමුදා ආණ්ඩුව ගැන අහන මැටි ප්‍රශ්නවලට උත්තර දෙන්න අවශ්‍ය නැහැ.

මියන්මා දේශයට බෞද්ධ රාජ්‍යය ලැබුණේ අපෙන් වුවත් අවාසනාවකට අද අප රටේ බෞද්ධ රාජ්‍යය නැහැ. මා මෙහි දී බෞද්ධ රාජ්‍යය යනුවෙන් කියන්නේ එහි ව්‍යුහය ගැනයි. මියන්මා මෙන් නොව අප අවුරුදු හාරසිය පනහක සෘජු යටත්විජිතවාදයකටත් ඉන් පසු වක්‍ර යටත්විජිතවාදයකටත් හසු වෙලා. අද අපේ බෞද්ධ රාජ්‍යය නැත්තේ ඔබ වහන්සේ රාජ්‍යයට සම්බන්ධ නැති නිසා.

1762 සිට රජු සංඝයා වහන්සේ පාලනය කරනවා. රජවරු සංඝයා වහන්සේ සමග එක් වී ශාසන සංශෝධන කර තියෙනවා. එහෙත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු 1762 දී සියම් නිකායේ උපසම්පදාව ගැන රාජාඥාවක් නිකුත් කළේ කොහොම ද? ඔහුට ඒ සඳහා තිබූ අයිතිය කුමක් ද? ඒ ආඥාව පරිච්ඡින්න කරන්නේ කොහොමද? අද සේරුවිල රජ මහා විහාරයේ නායක පදවිය ගැන තීරණය කිරීම අදාළ පාර්ශ්වයෙන් රෝම ලන්දේසි නීතිය ඩැහැගෙන. නායක පදවි ඇති කෙළෙත් ඉංගිරිසින්ට ඕන විධියට බව අමතක කරන්න බැහැ.

මට ඔබ වහන්සේට දැනමුතුකම් කියන්න බැහැ. ඔබ වහන්සේත් හිතන පරිදි මා බුද්ධිමතකුවත් උගතකුවත් වියතකුවත් නො වෙයි. එහෙත් රුවන්වැලි සෑ මළුවේ හාමුදුරු නමක් රුපවාහීනී කැමරාවට බණ කියන විට හිතෙන්නේ මොකක් ද? අර උපාසක උපාසිකාවන් කෝ? අද රට ආධ්‍යාත්මික ව පිරිහිලා. ලෝකය ම පිරිහුණත් අප පිරිහුණේ ඇයි? කොවිඩ් ගැන කවුරු කාගෙන් ඇහුවත් ඔබ වහන්සේගෙන් අහන්නෙ නැහැ. හැමෝ ම හිතනවා ඇති ඔබ වහන්සේට ඒ ගැන කියන්න දෙයක් නැහැ කියා. කොවිඩ් වයිරසය වඩ වඩා භයානක විකෘතීන් (ප්‍රභේද) හදනවා නම් එන්නතට වයිරසය සමග තරග කිරීමට නොහැකි නම් කළ යුත්තේ කුමක් ද? රට ආධ්‍යාත්මික ව නගා සිටු වන්නේ කෙසේ ද?

අද ජනතාව නියෝජනය කිරීම බටහිර ප්‍රජාතන්ත්‍රවාදය යටතේ දේශපාලනඥයන් ඔබ වහන්සේගෙන් පැහැර ගෙන. ඔබ වහන්සේත් දේශපාලනඥයන් පසුපස වඩිනවා. අප අද නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගැන කතා කරන දවස. උන්වහන්සේ අසුන් ගත්තේ සිංහාසනේ. අශෝක රජුට සිංහාසනයක් තිබුණ ද කියා මා දන්නේ නැහැ. සිංහාසනය සිංහල රජුගෙ අසුන. සිංහාසනය සාධාරණීකරණයට ලක් කරන්න අවශ්‍ය නැහැ. අශෝක රජුට තිබුණෙ මයුරාසනයක් ද? රාජාසනය කියමු. ඒකෙන් කමක් නැහැ. බෞද්ධ රාජ්‍යයේ ඔබ වහන්සේ පාංශුකූලයට හා වොයිස් කට් දේශපාලනයට සීමා විය යුතු නැහැ.

මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

කතෝලික රසික ලියනගේ පාතාලයා අසපුවා වෙනුවෙන් කහින්න ඇවිත් මට පිස්සු ලේබලේ ගහලා යූ ටියුබ් වලත්. එනිසා මෙසෙ ලිවා.

. කතෝලික නඩේම වැස්සට වත් ගොඩ නොවෙන තැන පන්සල්. ඔවුන් දැමූ කහලෝගු තමා ජූඩ් කබ්රාල් කිරිබත්ගොඩ. කමක් නෑ ඔහුගෙ අසපු පල්ලියට යන පාතාලය අඩු ගානේ ඔහු කිව්ව හින්දා නිසා වත් පංච ශීලය මොකක්ද කියා තේරුම් අරගෙන ඒවා රකින්නකො. තිසරණ සරණ බුදුරදුන් සරණ අය නොවේනෙ නියත මිසදිටුවෝ. ඒත් පංචශීලය රැකීම ලෝකේටම හොඳ දෙයක්. අවවාදයට වඩා ආදර්ශය උතුම් එනිසා ජූඩ් කබ්රාල් ට කියන ප්රාණ ඝාතයේ ආනිශංස මතක් කරගන්න කියා ඔහු දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිතකින් ගලිගමුව ඥානදීප හිමිපාණන් වහන්සෙට වස දීපු එක සේරුවාවිල හිමිපාණන් සහ තරුණ කාලෙ කාන්තාවක් මැරුව ඒවා ට රෝම ලන්දේසි නීතියෙන් බේරුණා ට කර්මයෙන් බේරෙන්න නොහැකි බව ඔහුට මතක් කර දෙන්න. පාතාල තුප්පහින්ට බොදුනුවන්ව පේන්නෙ පිස්සො ලෙස තමා. ඔය නඩේම තමයි අනගාරික ධර්මපාල තුමාට නලින් මහ ඇදුරුතූමාට සිංහළ වෙද මහතුන් පවා පිස්සො කියන්නේ මඩ ගහන්නේත්

ණයක් වූ ණය ආර්ථිකය – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

ණයක් වූ ණය ආර්ථිකය

ආර්ථික අර්බුදයක් තියෙන බව ඇතැම් ඇමතිවරු පිළිගැනීම සුබ ලකුණක්. විවිධ සංස්ථා ණය බරින් මිරිකිලා. ඇතැම් සංස්ථා වෙනත් සංස්ථාවලට ණයයි. සියලු සංස්ථා රාජ්‍ය බැංකුවලට ණයයි. විපක්‍ෂයේ පඬියන් පඬි නැට්ටන් කියන්න පුළුවන් මේ සියල්ල වත්මන් ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිය නිසා වූවක් කියල. ඒත් ඔය ණය ගැනීම අද ඊයේ ආරම්භ වුණු එකක් නො වෙයි. යහපාලන කාලෙ කිසිම සංස්ථාවක් වෙනත් සංස්ථාවකට හරි රාජ්‍ය බැංකුවකට හරි ණය වෙලා තිබුණෙ නැද්ද?

මේ ධනේශ්වර ක්‍රමය යටතේ ව්‍යාපාර ආරම්භ කරන්නෙ ණය අරගෙන. ණය ගන්න කොට පොලියක් ගෙවන්න වෙනවා. බැංකුවල හිමිකරුවන් වෙස්සන්තර රජවරු නො වෙයි. පොලී අය නොකරන බැංකුවලට ලාබය ගෙවන්න ණය ගන්නන්ට සිද්ධ වෙනවා. බැංකුවත් ව්‍යාපාරයේ හිමිකරුවකු වෙනවා. සාමාන්‍ය අයකු ගෙයක් හදන කොට ණයක් ගන්නවා. ඒවාට බැඳුම්කර තියෙනවා. වාහන ගන්නත් ණය ගන්නවා. බදු ගෙවන්න වෙනවා. ඒ බදු ගෙවන්න බැරි වුණොත් සීසර්ලා එනවා. ජුලියස් හා ඔගස්ටස් නො වෙයි. මේ සීසර්ලා යන්නෙ මොන ක්ලියොපැට්රා ළඟට ද කියල දන්නෙ නැහැ. ඒත් සීසර් කියන වචනය නිර්මාණශීලී වචනයක්.

සංස්ථාවලට ණය ගෙවා ගන්න බෑරි වුණා ම සීසර්ලා එන්නෙ නැහැ. කරන එක ම දේ තව තවත් ණය ගන්න එක. සංස්ථාවලට ණය ගන්න බැඳුම්කර අත්සන් කරන්න ඕන නැද්ද? පොරෝන්දු නැද්ද? පොරොන්දුවලට මොක ද වෙන්නෙ. සමහර සංස්ථා පාඩු ලබන්නෙ නැහැ කියල පොතේ පෙන්නනවා. පොතේ මොනව ද කරන්න බැරි?

සංස්ථා පාඩු වින්දත් සේවකයන්ගෙ පඩි වැඩි කර ගන්නවා. ඒ සංස්ථා ප්‍රධානීන්ගෙත් එක්ක. සංස්ථා ප්‍රධානීන් බොහෝ විට දේශපාලන හිතවතුන්. සමහර විට පැරදුණු අපේක්‍ෂකයන් වෙන්නත් පුළුවන්. පඩි වැඩි කර ගන්නත් ණය ගන්නවා. යම් සංස්ථාවක හරි රජයේ ආයතනයක හරි ශුද්ධ ණය කියා සංකල්පයක් හදා ගන්න පුළුවන් ද? ශුද්ධ ලාබය කියන එක රජයේ ආයතනවලට හා සංස්ථාවලට ආගන්තුකයි.

යම් ආයතනයකට අනෙක් ආයතනවලින් ලැබිය යුතු ණය ඒ ආයතනය වෙනත් ආයතනවලට ගෙවිය යුතු ණයෙන් අඩු කළාම ශුද්ධ ණය ගණනය කරන්න පුළුවන්. මෙරට රාජ්‍ය ආයතනවල හා සංස්ථාවල ශුද්ධ ණය එකතු කළොත් ලැබෙන මුළු ශුද්ධ ණය කොපමණ ද?

රජයේ ආයතන විශේෂයෙන් ම සංස්ථා රැකීරක්‍ෂා සපයන්නන් බවට පත් වෙලා. දේශපාලනඥයන්ට තම හිතවතුන්ට රැකියා ලබා දෙන්න ඕන. රැකියා ඇබැර්තු නැතත් ඇබෑර්තු මවන්න ඕන. එහෙම නැත්නම් දේශපාලනඥයා ඊළඟ මැතිවරණෙ පරාදයි. ණය ගන්නෙ නැතිව රැකියාවලට ගත්ත අයට පඩි දෙන්නෙ කොහොමද?

අද කාලෙ හැමෝම වගේ ණයයි. කඩේ මුදලාලිට ණය අය ඉන්නවා. ඊනියා සමාජ තත්වය ඊට ටිකක් ඉහළට ගියා ම නිවාස ණය වාහන ණය ආදිය තියෙනවා. එ නැතත් දැන් බැංකුවල ණය පත් තියෙනවා. යම් සීමාවකට යටත් ව ඒ ණය පත් යොදා ගෙන භාණ්ඩ මිල දී ගන්න පුළුවන්. බොහෝ රටවල විශ්වවිද්‍යාලයට යන්න ණයක් ගන්න වෙනවා. අපේ රටේ එහෙම නැහැ. සමහරුනට මහපොළ ලැබෙනවා. විශ්වවිිද්‍යාලය දක්වා අධ්‍යාපනය වෙනුවෙන් ගෙවීමක් නොකරන රටවල් ස්වල්පයට ලංකාවත් අයිතියි.

1969ට පෙර වසරකට විශ්වවිද්‍යාල උපාධිධාරීන් හය දෙනකුට රජයේ ශිෂ්‍යත්ව ලැබුණා පිටරට විශේෂයෙන් ම එංගලන්තයට ගොස් පශ්චාත් උපාධි ලබා ගැනීමට. ඔවුන්ට අධ්‍යාපනයට පමණක් නොව ඉඳුම් හිටුම් ඇඳුම් පැලඳුම්, ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රය සඳහා ද රජය ගෙවුවා. මටත් 1967 දී ඉන් එක් ශිෂ්‍යත්වයක් ලැබුණා. මා මේ රටට ණයයි. මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් රජය ජනතාවගේ බදු මුදල් වියදම් කළේ. එය විදේශීය මුදලින් (පවුම්) ගෙවුණෙ. මෙරට බොහෝ උගතුන් හිතන්නෙ ඒ මුදලින් ජනතාවට පරිප්පු අරන් දුන්න නම් ඊට වඩා හොඳයි කියා. ඔවුන් හිතන්නෙ මා විශ්වවිද්‍යාල රැකියාවවත් හරියට කළේ නැහැ කියල. ලක්‍ෂමන්ගෙන් හා ලක්‍ෂමන්ගෙන් අහන්න.

ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අද අප බොහෝ දෙනා පෞද්ගලික ව ණයයි. රටක් හැටියටත් අප ණයයි. අපේ ආනයන වියදම අපනයන වියදමට වඩා වැඩියි. අපේ නිෂ්පාදන වියදම් අධිකයි. අපට මේ කලාපයේ බොහෝ රටවල් සමග තරග කරන්න බැහැ. ඒ අපේ නිෂ්පාදන වියදම අධික නිසා. චීනය අපට හිතවත් වෙන්න පුළුවන්. එහෙත් නිෂ්පාදනයේ දී අපට චීනය සමග තරග කරන්න පුළුවන් ද? චීනයේ නිෂ්පාදන වියදම අප නිෂ්පාදන වියදම සමග සසඳන්න පුළුවන් ද? චීනයේ කම්කරු නීති අපේ කම්කරු නීති සමග එකට ගන්න පුළුවන් ද? අපට වෙසක් කුඩුවත් ඉටි පන්දමත් බෞද්ධ කොඩියත් ජාතික කොඩියත් ගෙන්වන්න සිදු වන්නෙ චීනයෙන් නම් අපේ ඉරණම මොකක් ද? අපට චීනය එක්ක තබා බංග්ලාදේශය එක්කවත් මියන්මා එක්කවත් තරග කරන්න බැහැ.

අප විදේශීය සංචාරකයන් මත යැපුණා. අද ඔවුන් එන්නෙ නැහැ. මොන බුබුළු ක්‍රියාත්මක කළත් ඔවුන් දැන් ම එන්නෙ නැහැ. අපට ඩොලර් හොයා ගන්න ක්‍රමයක් අවශ්‍යයයි. විපක්‍ෂය විවිධ වාහනවල ගියාට ඩොලර් හොයන්න බැහැ. තෙල්වලට යන වියදම ටිකක් අඩු කර ගන්න පුළුවන්. ඔවුන් හැමදාමත් ඒ වාහනවල එනව නම් හොඳයි.

ණය ගන්න වෙන්නේ ව්‍යාපාරිකයන් නො වෙයි නම් තමන්ගෙ ආදායමට වඩා වියදම් කරන විට. නිවාස ණයක් වුණත් පොඩියට හදනව නම් ඒ තරම් වෙන්නෙ නැහැ. ඒත් අල්ලපු ගෙදරට වඩා ලොකු ගෙයක් හදන්න ඕන නම් ජීවිත කාලයක් ගෙවන්න ණයක් ගන්න පුළුවන්. අප ආනයනය කරන ප්‍රමාණය අපනයනය කරන ප්‍රමාණයට වඩා වටිනාකමින් ඉහළයි. වැඩි වෙන මධ්‍යම පංතියේ අවශ්‍යතාවන් සපුරාලන්නයි අප වෙහෙසෙන්නෙ. එයින් මධ්‍යම පංතියත් ඊටත් වඩා අසරණ අහිසක ජනතාවත් තැලෙනවා. වාහන ගෙන්වීම තහනම හොඳයි. ඒත් මන්ත්‍රීල ආදර්ශයක් වෙන්නෙ නැත්නම් ඒකෙන් වැඩක් නැහැ.

ණය ආර්ථිකය වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ණයක්. අපි විරුද්ධ පක්‍ෂය ආදර්ශයට ගනිමු. තෙල් පරිභෝජනය අඩු රියවල ගමන් කරමු. එක් පුද්ගලයකුට එක් කිලෝමීටරයක් ගමන් කිරීමට තෙල් සඳහා යන වියදම අවමයක් කර ගැනීමට වෙහෙසෙමු. හදිසියේ අපනයන වැඩි කරන්න බැහැ. එහෙත් ආනයන අඩු කරන්න හිතා බලන්න පුළුවන්.

රට දැය සමය පාවා දෙන සිංහළ සහ බොදුනුවීම හීනමාන කරගත් ඊනියා උගත් ගස් ගෙම්බෝ

කොළඹ පරණ මිනිස්සු කියන දෙයක් ගස් ගෙම්බන් කොළඹ ආවම තමා රට ජාතිය සසුන පාවා දෙන්නෙ කියා.
අපට නිදහස් අධ්‍යාපනය දුන් කොළඹ හාදයා නිහතමානී කන්නන්ගර මහතාට සම්බන්ධ පවුලේ අයම මට එසේ කියා ඇත.
ගමේ ගොඩේ මම ඉස්සර එයට විරෝධීය.
දැන් නම් හොඳටම එකඟයි අපේම සිංහළයෝ හීනමාන ඕල් කොට උගතුන් වී තමා සිංහළ බොදු සංස්කෘතිය ම බුදු සසුන පාවා දෙමින් බටහිර පල්ලියට ආක්‍රමණය පහසු කරන්නේම. ගොඩහේවා නුවරින් ආනන්දෙට ගොස් හීනමාන නිසා බෝර්න් අගේන් වෙලා, කපිල පෙරේරා පානදුර ශ්‍රී සුමංගල විදුහල න් ගොස් සිංහළ බසට ගහනවා කලුසුද්දො ගමට ගෙනවිත් දැණූම නැති පුස්සෝ හදන්න පාර කපනවා. කුරුණෑගල රනිල් මැ. ර. රදගුරු අත්තනගල්ල චන්දරිකා ගැන කුමට කියමුද? මැදමුලන නඩේම සිංහළය බුදු සසුන පාවා දෙන බයියෝ වෙනකොට.
ගමේ ගොඩයෝ දැන් වැලන්ටයින් සමරති නත්තල් සමරති පාරුවේ නැග ඉංගිරිසි කතා කරන ලෙස යෙහෝවා දෙයියාට වඳිති. ටියුෂන්
මුතුගල බාලයෝ අසපු නිඝන්ට සීඅයිඒ පූජකයා බුදු රජාණන් වහන්සේ ලෙස සළකති.
චන්දන ගුණවර්ධනලා ඔවුන්ට සහායට බුදුරදුන් ලංකාවේ කියති කලුතර රාජ් මලබාර් සෝමදේව සමග.

යන්නෙ කොහෙද මල්ලෙ පොල් හා කිඹුල්වත

යන්නෙ කොහෙද මල්ලෙ පොල් හා කිඹුල්වත

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ ඉතා වැදගත් ප්‍රකාශයක් කර තිබුණා. මා එය දැක්කේ එක්තරා වෙබ් අඩවියක. ඒ ප්‍රකාශයේ අදහස මගේ වචනවලින් නොකියා අදාළ කොටස වෙබ් අඩඩවියෙන් ම උපුටා දක්වන්නේ මහාචාර්යතුමාට අසාධාරණයක් නොවීම සඳහා. මා හිතනවා වෙබ් අඩවිය මහාචාර්යතුමාට අසාධාරණයක් කර නැහැ කියා. අදාළ කොටස මෙසේයි.

“මේ වනවිට ලොව පුරා ම සීඝ්‍රයෙන් පැතිරීගෙන යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බලපෑම් එලලවී තිබෙනවා. ඒ අනුව තම දරුවන් ජාත්‍යන්තර පාසල්වලට යවන දෙමාපියන්ගෙන් දිගින් දිගට ම ඉල්ලීම් ගලාගෙන එනවා මතුව තිබෙන ආර්ථික ගැටලු මත පාසල්වල මාසික ගාස්තු ගෙවාගැනීමට අපහසු නිසා රාජ්‍ය පාසල් පද්ධතියට එම දරුවන් ඇතුළත්කර ගැනීමට අවස්ථාව ලබා දෙන්නට කියා. මෙහිදී මතුවන ගැටලුව තමයි ඒ දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ම උසස් පෙළ දක්වා හදාරනු ලබන්නේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්. නමුත් රජයේ පාසල්වල ඉංග්‍රිසි මාධ්‍ය පාසල් තිබෙන්නේ ඉතා ම සුළු ප්‍රමාණයක්. ඒවායිනුත් ‘හර’ විෂයයන් පමණයි උගන්වන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙයට ස්ථිරසාර විසඳුමක් ලබාදිය යුතු බව. ඒ අනුව අධ්‍යාපන විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කරලා තිබෙනවා මෙම ගැටලුව විසඳීම සම්බන්ධ ව නිර්දේශ ඉදිරිපත් කිරීමට. ඒ අනුව කොළඹ ආශ්‍රිත කරගෙන මෙන් ම සෑම පළාතක ම එවැනි පාසලක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. එම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම එවැනි ඉංග්‍රිසි මාධ්‍ය පාසල් ලබා දිමට කටයුතු කරන්නට පුළුවන් වේවි.ජාතික පාසල් 1,000 වැඩසටහන, ත්‍රෛභාෂා පාසල් වැඩසටහනට සමගාමී ව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබේවි.” යනුවෙන් පවසා සිටියේය.”

මා මහාචාර්ය කපිල පෙරේරා මෙන් උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. ඒ නිසා ද කෙහෙ ද ඉහත සඳහන් පාඨය මට තේරුණේ නැහැ. කපිල පෙරේරා මොරටුව විශ්වවිද්‍යාලයේ කාර්මික ඉංජිනේරු අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්, හිටපු පීඨාධිපතිවරයෙක්, හිටපු උපකුලපතිවරයෙක්. ඔහුගේ ජීවදත්ත අනුව ඔහු පාණදුරේ ශ්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙක්.ඔහු මොරටුවෙන් උපාධි ලබාගෙන ඇත්තේ 1986 දී. ඔහු උපාධිය ලබා ගෙන තියෙන්නෙ මට වඩා අවුරුදු දහනවයකට පසුව. දළ වශයෙන් ඔහු මට වඩා අවුරුදු විස්සක් පමණ වයසින් බාල ඇති. ඔහුගේ දේශපාලනය ගැනත් තොරතුරු තියෙනවා. අවශ්‍ය වුවහොත් ඒ ඉදිරිපත් කරන්නම්. කපිල පෙරේරා පාසලේ දී ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් බවයි මා හිතන්නෙ. වැරදි නම් නිවැරදි කරන්න. මට කපිල පෙරේරා හමු වී නැහැ. ඔහුගේ ගරු ඇමතිතුමා නම් හමු වී තියෙනව.

ඉහත කී පාඨයෙන් කියන්නේ මෙවැන්නක්. කොවිඩ් නිසා ආර්ථික ගැටළු ඇති වී තියෙනවා. එය ජාත්‍යන්තර පාසල්වලට තම දරුවන් යවන දෙමව්පියන්ටත් බලපාල. ඔවුන්ට පාසල් ගාස්තු ගෙවන්න අපහසු වෙලා. ඒ නිසා ඔවුන් ඉල්ලා තිබෙනවා තම දරුවන් රජයේ පාසල්වලට ඇතුල් කරන්න අවස්ථාව දෙන්න කියා. නමුත් රජයේ පාසල්වල ඉංගිරිසි මාධ්‍ය පාසල් ඇත්තේ සුළු සංඛ්‍යාවක්. එහිත් ඊනියා හර විෂය පමණයි උගන්වන්නේ. මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන්න ඕන. ඒ පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන විශේෂඥයන්ගේ කමිටුවක් පත් කර තියෙනවා. ඒ වන තෙක් මගේ මහළු වියේ දී වුවත් තේරුම් ගන්න පුළුවන් වුණා. ජ වි පෙ හා වෙනත් මාක්ස්වාදී පශ්චාත් මාක්ස්වාදී තරුණයන් කියන අන්දමට මැන්ටලයක් වූ මටත් තේරුම් ගන්න පුළුවන් වුණා. එහෙත් එතනින් එහාට නම් තේරුණේ නැහැ.

විශේෂඥයන්ගේ කමිටුව තවම කිසිවක් නිර්දේශ කර නැති බවයි පෙනෙන්නෙ. එහෙත් මට තේරෙණ විධියට කමිටුවේ අවධානය යොමු වෙලා තියෙනවා දිවයිනේ සෑම පළාතක ම එවැනි පාසලක් නියමු ව්‍යාපෘතියක් ලෙස ඇති කිරීමේ හැකියාව ගැන. මේ එවැනි පාසලක් කියන්නෙ මොකක් ද කියල නම් මට තේරුම් ගන්න බැරි වුණා. එහෙත් ඊළඟ වාක්‍යයෙන් එවැනි පාසල් හඳුන්වල තිබුණ. ව්‍යාපෘතිය සාර්ථක වුණොත් එවැනි ඉංග්‍රීසි මාධ්‍ය පාසල් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම ලබා දෙන්න පුළුවන් වේවි කියා තිබුණා.

ප්‍රශ්නය ජාත්‍යන්තර පාසල්වලට දරුවන් යවන දෙමවුපියන්ට පාසල් ගාස්තු ගෙවීමට අපහසු වීම. දෙමවුපියන්ගෙ විසඳුම තම දරුවන් රජයේ පාසල්වලට ඇතුල් කිරීමට අවස්ථාව ලබා දීම. අමාත්‍යාංශයේ “බලාපොරොත්තුව” විශේෂඥයන් තවම නිර්දේශයක් කර නැතත් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම ඉංගිරිසි මාධ්‍ය පාසල් ලබා දීම. මට නම් මේ තර්කය තේරෙන්නෙ නැහැ. ජාත්‍යන්තර පාසල්වලට දරුවන් යවන දෙමවුපියන්ට පාසල් ගාස්තු ගෙවීමට අපහසු බැවින් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම ඉංගිරිසි මාධ්‍ය පාසල් ලබා දෙන්නෙ අහවල් දේකට ද? ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙන නොගත් ගැමියන් නම් මෙවැනි දේට කියා ඇත්තෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියල.

කාට හරි අවශ්‍යතාවක් තියෙනව නම් ඉංගිරිසි මාධ්‍ය පාසල් ලංකාවෙ හැම ප්‍රදේශයක ම ඇති කරන්න ඒක යුක්ති යුක්ත කරන්න වෙන විධියකට තර්ක කරන්න. ප්‍රස්තුතය වෙනස් කරල තර්ක කරන්න. එහෙම තර්ක ඉදිරිපත් කළොත් අපි ඒව සලකා බලමු. දැනට අර දෙමවුපියන්ට සහනයක් දෙන ක්‍රමයක් ගැන කල්පනා කරන්න. රජයේත් නොවන ජාත්‍යන්තරත් නොවන පාසලුත් ලංකාවෙ තියෙන බවත් කල්පනාවට ගන්න. ඒ සමහර පාසල්වලත් ඉංගිරිසි මාධ්‍යයෙනුත් ඉගැන්වෙනවා. අර දෙමවුපියන්ට ජාත්‍යන්තර පාසල්වලට දරුවන් ඇතුල් කරන්න සිදු වුණේ ඇයි ද කියාත් කල්පනා කරන්න. ලේකම්තුමා පුළුවන් නම් කල්පනා කරන්න පුළුවන් අය බිහි කර ගත හැකි අධ්‍යාපන ක්‍රමයක් ගැන කල්පනා කරන්න. අර විශේෂඥ කමිටුවට කල්පනා කරන්න පුළුවන් ද කියල අහන්නෙ නිකමට ම නො වෙයි.

මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

කල්පිටියේ සහජීවන ගම්මානය එක රැයින් “ක්‍රිස්තුරාජපුර” වූයේ කාගේ අනුහසින් ද?

කල්පිටියේ සහජීවන ගම්මානය එක රැයින් “ක්‍රිස්තුරාජපුර” වූයේ කාගේ අනුහසින් ද?

කල්පිටියේ “සහජීවන ගම්මානය (ග්‍රා.ව.605බී)” යනු නොරොච්චෝලෙ ලක්විජය බලාගාරය තනන විට එහි සිටි පවුල් අසූවක පමණ ජනතාව පදිංචි කරවූ ගම්මානය යි. එබැවින් එම ගම්මානයට “ගෙවල් අසූව” යයි ද කියති. මෙයට සහජීවන ගම්මානය යන නම වැටුණේ සියලු ආගම්වල ජනතාව එහි පදිංචි ව සිටින හෙයිනි. නමුත්, ගම්මානයේ පදිංචි ව සිටින බෞද්ධ පවුල් ගණන හතරක් පමණි. ඊයේ එනම් 2021.20.19 වන දින උදෑසන වන විට මේ ගම්මානය ඉදිරිපිට “ක්‍රිස්තුරාජපුර” නමින් නාමපුවරුවක් සවි කිරීමට ක්‍රියා කර තිබේ. සහජීවන ගම්මානය මෙසේ හිටි අඩියේ ම ක්‍රිස්තුරාජපුර බවට පත්වූයේ කෙසේ ද? කාගේ අනුහසින් ද? කාගේ අනුදැනුමකින් ද? මේ අන්තවාදී ක්‍රියාව පිටුපස මාම්පුරිය මීසම සිටින බවට තොරතුරු අනාවරණය වේ. සහජීවන ගම්මානයේ සහජීවනය බිඳ දැමීමට කතෝලික පල්ලිය කළ මේ ක්‍රියාව කෙසේ අනුමත කරමු ද? කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බුදි ද?

සහජීවන ගම්මානය ඉදි කරන විට සියලු ම ආගම්වල ජනතාව සඳහා සිද්ධස්ථාන ඉදිකරගැනීමට අක්කර භාගය බැඟින් අක්කර දෙකක භූමිභාගයක් වෙන් කර දී තිබේ. බෞද්ධයන්ට අයත් කොටසේ මේ වන විට කුඩා බුදුමැදුරක් තනා බෝධීන්වහන්සේනමක් රෝපණය කිරීමට කටයුතු කර තිබේ. නමුත්, ඒ බුදුමැදුර තුළත් වරින්වර සුරුවම් ගෙනැවිත් තැබීමට පල්ලිය ක්‍රියා කර තිබේ. හින්දු ජනයාට අයත් කෝවිල පිහිටි භූමියෙන් ද කොටසක් බලහත්කාරයෙන් අල්ලාගත් කතෝලික පල්ලිය ඉතා අසාධාරණ අන්දමින් අන්‍යාගමික ජනයා පෙළමින් සිය ආධිපත්‍යය පතුරුවමින් සිටී.

කතෝලික සභාවේ අයථා අන්‍යාගම්කරණය ඇතුළු අන්තවාදී ක්‍රියාකාරකම් හමුවේ බෞද්ධ හින්දු ජනයා බැට කන පළමු අවස්ථාව මෙය නො වේ. කුර්සිල්යෝ පෙරමුණ හරහා සිදුවන කතෝලික ආක්‍රමණය පිළිබඳ ව මීට පෙර ද අපි ඔබ ව දැනුම්වත් කළෙමු. අන්තර් ආගමික සංවාදය, සහජීවනය, සර්වාගමික සංකල්ප ආදි ඊනියා තේමාපාඨයන්ට මුවා වී සිදු කරන කතෝලික පල්ලියේ සූක්ෂ්ම ආගමික යාන්ත්‍රණය වහවහා පරාජය කළ යුත්තෙමු. ඒ පිළිබඳ ව ජනතාවගේත්, බලධාරීන්ගේත් ඇස් ඇරවිය යුත්තෙමු. කශේරුකාවක් නැති පාලකයෝ මේවා ඉදිරියේ සැම දා නිහඬ ය. මහ සෑ මළුවේ දිවුරුම් දී කාදිනල් මැල්කම්ගේ සහජීවන බෙට්ට තලු මරන නිවට පාලකයෝ කොයි? ක්‍රිස්තුරාජපුර වතිකානුව වී ලංකාද්වීපය ක්‍රිස්තු දේශය වන තෙක් බලා සිටිමු ද?

sorry.com ලියුම්කරු විසිනි.

ඕල්කොටා ලා එංගලන්තය සමග ම පහළ යාවි චීන මැන්ඩරින් උගතොත් සුද්දන්ගේ කෙරුම් ලොවටම හෙලිවේවි

යුරෝපා ජාතීන් අප්‍රිකානු මහාද්වීපය පිළිබඳව දැන ගැනීමට බොහෝ කාලයකට පෙර චීන සමුද්‍ර යාත්‍රිකයන් අප්‍රිකාව දැන සිටි බවට සාක්ෂ්‍ය ගැවින් මෙන්සිස් ගවේෂකයාගේ ‘1429 – චීනය ඇමරිකාව සොයාගත් වර්ෂය’ පොතේ අඩංගුවේ. එහි සඳහන් ලෙසට චීන අධිරාජයාගේ ඇරයුම් ලැබූ අප්‍රිකානු රටවල වෙළෙඳ දූතයෝ එතුමා බැහැදැකීමට චීනයේ අගනගරයට ගියහ. එංගලන්තය ප්‍රංශය ස්පාඤ්ඤය පෘතුගාලය ආදී යුරෝපා රටවලට චීන අධිරාජයාගෙන් එවැනි ආරාධනා ලැබී නැත. යටත් විජිත සමයේ ලාංකිකයන් යුරෝපා ජාතිකයන් ලියූ පොත පතේ අප්‍රිකාව සහ අප්‍රිකානුවන් ගැන සඳහන් වන්නේ මීට වෙනස් තොරතුරු සමූහයකි. ඒ පොත් බොහෝමයක අප්‍රිකාව අඳුරු මහාද්වීපයක් යැයි සඳහන් වේ.
අප්‍රිකාවේ කෙන්යාව, උගන්ඩාව ඇතුළු රටවල් ගණනාවක පාලකයන්, පාසල් දරුවන්ට ‘මැන්ඩරින්’ භාෂාව ඉගැන්වීමට පහසුකම් සලසා තිබේ. අනාගත ලෝකයේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සියල්ලකම ප්‍රමුඛත්වය චීනය විසින් හිමිකරගනු ඇතැයි ඔවුන් සිතීම ඊට හේතුවකි. එය ඇමරිකාවද දන්නා කාරණයකි. එනිසා චීනය සමග තරග කිරීමට පුරුදු වන ඇමරිකාවේ ළමයින්ට දෙවැනි බසක් වශයෙන් ‘මැන්ඩරින්’ ඉගෙනීමට අනිවාර්යයෙන්ම සිදුවේ. මුළු ලෝකයටම විශාල බලපෑමක් කිරීමට සමත් ‘ෆේස්බුක්’ (මුහුණුපොත) නිර්මාතෘ මාක් සකර්බර්ග්, පසුගිය වසරක චීනයට ගොස් ඉතා ව්‍යක්ත ලෙසින් පැය භාගයකට වැඩි කාලයක් ‘මැන්ඩරින්’ භාෂාවෙන් කතාවක් පැවැත්වූ බව බොහෝ ඇමරිකානුවෝ දනිති.
අප්‍රිකා ආසියා සහ දකුණු ඇමරිකානු රටවල් බාල පරපුරට මැන්ඩරින් ඉගැන්වීමට උනන්දුවීමට ප්‍රධාන හේතුව චීනය අධිරාජ්‍යයක් වශයෙන් ගොඩනැගීම පිළිබඳ පැහැදිලි වැටහීමක් ඔවුන්ට තිබීමයි. ඔවුන් දෙවැනි භාෂාව වශයෙන් ඉංග්‍රීසි ඉගෙනීම, ‘හිරු නොබසින අධිරාජ්‍යය’යැයි පුරසාරම් දෙඩූ බ්‍රිතාන්‍යය තවත් පහළට වැටීමකි. බ්‍රිතාන්‍යයන්ගේ වර්තමාන බලය සහ කීර්තිය, ඉංග්‍රීසි භාෂාව මත රැඳී පවතින්නකි. එය ඔවුන්ගේ හපන්කමක් නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කරගත් ඇමරිකාව ලෝක බලවතාවීමේ ප්‍රතිඵලයකි. ඉංග්‍රීසියේ තැන අනාගතයේ මැන්ඩරින් භාෂාවට හිමිවුවහොත්, බ්‍රිතාන්‍යයන්ගේ පෛරාති ක්‍රියා සහ මනුෂ්‍ය සංහාර පිළිබඳ සැඟවුණ තොරතුරු රාශියක් මැන්ඩරින් බසින් ලොවට ඉදිරිපත් වීම සිදු වේ. මේ සියලු කාරණා දන්නා බ්‍රිතාන්‍යයෝ ඉංග්‍රීසි භාෂා ආධිපත්‍යය ආරක්ෂා කරගැනීමට නොයෙක් උපක්‍රම භාවිත කරති.
‘මැන්ඩරින් භාෂාවට කවරදාකවත් ඉංග්‍රීසි භාෂාවේ තත්ත්වයට සමීපවන්නට නොහැකි බව’ කියන්නෝ ලංකාවේත් සිටිති. ඒ අතරින් සමහරු වෙනත් භාෂා ගැන දැනුමක් නැතිව, ඉංග්‍රීසි ව්‍යංජන ශක්තියෙන් අනූන අනෙක් භාෂාවලට වඩා විශේෂ සුකොමළ භාෂාවක් යැයි කියති. ඉංග්‍රීසි වනාහි කොල්ලකෑමෙන් හැදී වැඩී පොහොසත් වූ භාෂාවක් බව ඔවුහු නොකියති.
ඇමරිකානු ජාතික හෙන්රි ඕල්කොට් කොළඹ පරම විඥානාර්ථ සමාගම පිහිටුවා සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ගේ ළමයින්ට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබදීම උදෙසා කොළඹ කොටුවේ ඉංග්‍රීසි භාෂා පාසලක් පිහිටු වූයේය. මෙය, බ්‍රිතාන්‍යයන්ගේ වුවමනාවට සිදුවූ දෙයක් බව සිංහලයන්ට අවබෝධවීම වැළැක්වීමට බ්‍රිතාන්‍ය පාලකයන් නොයෙක් උපක්‍රම භාවිත කර තිබේ. ඇතැම් ලියන්නන් බොරු කතාන්දර ඉදිරිපත් කරමින් ඕල්කොට් බුදුසසුන බේරාගැනීමට ලංකාවට පැමිණියේ යැයි සඳහන් කරමින් පොතපත ලිවීම නිදසුනකි. සම්මාන පිට සම්මාන ලැබුණු, ‘යුරෝපීය චින්තනය බෞද්ධ පුනරුදය හා ඕල්කොට්’ එවැනි පොතකි. ඕල්කොට් වර්ණනා කෙරෙන පොතපත අගයන්නන් පිරිසක් ද ලංකාවේ සිටිති.
ඇමරිකාව වෙළෙඳ ආර්ථික ක්‍රමයක් ඇති රටකි. එහි වැසියකු වූ ඕල්කොට්ගේ බෞද්ධ පාසල් වැඩපිළිවෙළද වෙළෙඳ ව්‍යාපාරයක් සේ සැලකීමට සිදු වේ. ඔහු මෙම ව්‍යාපාරයෙන් කොතරම් මුදලක් ඉපයූවේ දැයි කිසිවෙක් නොදනිති. ඔහු ව්‍යාපාරයේ ආදායම් තොරතුරු පරමවිඥානාර්ථ සමාගමෙන් වසං කළේය. එනිසා මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාලතුමා වැනි බෞද්ධ නායකයන් පවා ඕල්කොට් ගැන සැක ඇතිකර ගත්හ. සමාගමේ ගනුදෙනු පෙන්වන්නැයි ගුණානන්ද හිමියන් ප්‍රශ්න කළ විට, පසු දිනෙක පිළිතුරු දෙන්නට පොරොන්දු වූ ඕල්කොට් රට හැර ගියේය.
ඕල්කොට්ගේ මග පෙන්වීම යටතේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් පිරිසක් කොළඹ කොටුවේ පිහිටුවූ ඉංග්‍රීසි බෞද්ධ පාසල පරණවාඩියට ගෙන ගිය පසු එහි නම ආනන්ද විදුහල වූයේය. මෙහි පළමුවැනි විදුහල්පති ලෙඩ් බිටර්, පූජක වේෂය සිංහල බෞද්ධයන්ට සැඟවූ එංගලන්තයේ බිෂොප් කෙනෙකි. ආනන්දයෙන් විශ්‍රාමගෙන පෙරළා එංගලන්තයට ගිය ඔහු නැවත බිෂොප්වරයකු වූයේය. අදටත් නිව්යෝක්හි ‘තියෝසොෆිකල්’ සමාගම තිබේ. ඊට ගොඩවන්නකුට, පරමවිඥානවාදය යනු බුද්ධාගම නොවන බව ස්වල්ප වේලාවකින් වටහා ගැනීමට පුළුවන.
ආනන්දය අනුකරණය කරමින් රටේ වෙනත් පළාත්වලත් ඉංග්‍රීසි උගන්වන බෞද්ධ පාසල් ඇරඹීමට ඇතැම් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ කටයුතු කළහ. භික්ෂුන් වහන්සේ කිහිප නමක් සමාජ සේවාවක් හැටියට පෙන්වමින් ආණ්ඩුවේ ආධාර ලබන සිංහල බෞද්ධ පාසල් ඇරඹූහ. ‘ක්‍රිස්තියන් මිෂන් පාසල්’ (සීඑම්එස්) අනුකරණය කරමින් මේ පාසල් හඳුන්වා ඇත්තේ බීඑම්එස් (බෞද්ධ මිශ්‍ර) පාසල් නමිනි. මේ ඉංග්‍රීසි සහ සිංහල බෞද්ධ පාසල් වලින් දහස් ගණනින් සිංහල කළු සුද්දෝ බිහි වූහ.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පරපුර ගැන ලියවුණ පොත් කිහිපයකම, සිංහල වනාහි, බණ්ඩාරනායක පවුල්වල මුළුතැන්ගෙවල හෙමිහිට කතා කළ භාෂාවක් බව සඳහන් කර තිබේ. අගමැති බණ්ඩාරනායක, සිංහල, ලංකාවේ රාජ්‍ය භාෂාව බවට පත්කිරීම මහා වීර ක්‍රියාවකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් කළු සුද්දන් යටකරගෙන ජාතික ඇඳුම් අඳින සිංහල පරපුරක් බිහිවිය. ඒ අවස්ථාවේ තාවකාලිකව යටගිය බටහිර බලවේගය සිංහල දරුවන්ට සිදු කළ විපත පැහැදිලි කරදෙන හොඳම සාක්ෂිය, ටයි පටියක් එල්ලාගන්නේ නැතිව රූපවාහිනී නාළිකා ඉදිරියට ඒමට ශක්තිය නැති ලංකාවේ නිලධර පරපුරයි. මොවුන්ගෙන් බහුතරයක් දෙනෙක් මහා විද්‍යාල හෝ මධ්‍ය මහා විද්‍යාලවලින් ඉගෙනුම ලැබූ ගොවි කම්කරුවන්ගේ දරුවෝ වෙති.
පානදුරේ සිරි සුමංගලයට ද ඉතිහාසයක් තිබේ. එය සිංහල බෞද්ධ පාසලකි. ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහැදුරු කපිල පෙරේරා එහි අධ්‍යාපනය ලැබූවෙකැයි අප දැන ගත්තේ මහාචාර්ය නලින් සිල්වා ‘කාලය’ වෙබ් අඩවියට ලියූ ලිපියකිනි.
“ජීවදත්ත අනුව ඔහු පාණදුරේ ශ්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. ඔහු මොරටුවෙන් උපාධි ලබාගෙන ඇත්තේ 1986 දී. ඔහු උපාධිය ලබාගෙන තියෙන්නෙ මට වඩා අවුරුදු දහ නවයකට පසුව. දළ වශයෙන් ඔහු මට වඩා අවුරුදු විස්සක් පමණ වයසින් බාල ඇති. ඔහුගේ දේශපාලනය ගැනත් තොරතුරු තියෙනව. අවශ්‍ය වුවොත් ඉදිරිපත් කරන්නම්. කපිල පෙරේරා පාසලේ දී ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් බවයි මා හිතන්නෙ. වැරදි නම් නිවැරැදි කරන්න.” යනුවෙන් ඔහු සඳහන් කරයි. (යන්නෙ කොහෙද මල්ලෙ පොල් සහා කිඹුල්වත. 2021 ජුනි 06)

සිංගප්පූරුව මලයාසියාව ආදි ආසියානු රටවල වැඩිහිටියන් ළමයින්ට මැන්ඩරින් ඉගැන්වීමට දක්වන කැමැත්ත දුර්වල කිරීමේ ප්‍රයත්නයන් ඇත. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන පෞද්ගලික පාසල්වලට යන ළමයින්ට සාධාරණයක් ඉටුකිරීමේ මුවාවෙන් රට පුරා ඉංග්‍රීසි පාසල් ඇරඹීමට කපිල පෙරේරාට වුවමනා වී තිබේ. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා සඳහන් කරන ලෙසට ළමයින්ට පළමුවෙනි ශ්‍රේණියේ සිට ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබාදීම කපිල පෙරේරාගේ පෞද්ගලික අදහසක් විය යුතුය. (දිවයින ජුනි 11) එය එසේ නම් ඔහු ගෝඨාභය රජයට කරන්නේ ලොකු හානියකි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ගොඩනැංවූ පිළිවෙළ ලංකාවේ ඉතිහාස පොත්වල නිවැරැදිව සඳහන් කර නැත. සිංහල භාෂාවෙන් පහළ පන්තිවලදී ඉතිහාසය උගත් ලංකාවේ උගතුන් වැඩි දෙනෙකුට ඉතිහාසය පිළිබඳ ඇත්තේ අහුලාගත් දැනුමකි. බ්‍රිතාන්‍යයන් මෙවැනි උගතුන් තනන අධ්‍යාපන ක්‍රමයකට සිංහලයන් කොටු කළේ අධිරාජ්‍යයේ යහපත වෙනුවෙනි.

බ්‍රිතාන්‍යයන් සාගරයේ ආධිපත්‍යය පතුරුවන්නේ ස්පාඤ්ඤයේ ‘ආමේඩාව’ විනාශ කිරීමෙන් පසුවය. ඒ ක්‍රියාවට නායකත්වය දුන් ප්‍රැන්සිස් ඩ්‍රේක්, ‘මුහුදු බල්ලෙකි’ (සී ඩෝග්).
රට වෙනුවෙන් කළ සේවය වෙනුවෙන්, එංගලන්තයේ රැජින, ‘මුහුදු බල්ලා’, නයිට්වරයකු කළාය. එතැන් සිට ඔහු සර් ප්‍රැන්සිස් ඩ්රේක් වූයේය.
ඉන්දියානු සාගරයේ පෛරාතින් සහ සාගර මංකොල්ල ගැන බොහෝ තොරතුරු මේ වන විට හෙළිවී තිබේ. අරාබීන් මේ ක්‍රියාවන් දෙකේම ආරම්භකයෝ වෙති. දිල්ලි සුල්තාන් රාජ්‍යය බිහිකළ පසු ඔවුහු දකුණු ඉන්දියාවේ හින්දු රජවරුන් රූකඩ කරගෙන මුහුදේ බලය පැතිර වූහ. කැලිකට්හි ‘සැමොරින්’ යනු පිරාති හමුදාවකට නායකත්වය දුන් හින්දු රජෙකි. සැමොරින් ප්‍රධාන ඉස්ලාම් පිරාති හමුදාව පරාජය කිරීමට පෘතුගීසින්ට හැකි විය. මලබාර් සාගරයේ බලධරයන් වූ ඔවුහු එහි ගමන් කරන යාත්‍රාවලට බලපත්‍ර නිකුත් කිරීම ඇරඹූහ. පෘතුගීසි ලේඛනවල මෙවැනි බලපත්‍ර හැඳිනුම් ලබන්නේ ‘කර්ටාස්’ (cartaz) නමිනි. පෘතුගීසින්, අරාබි ‘කිර්ටාස්’ (Qirtaz) තම භාෂාවට පෙරළාගෙන ඇත්තේ ‘කර්ටාස්’ යනුවෙන් බව මලබාර් වෙරළේ පිරාතින් ගැන විස්තර ඉදිරිපත් කරන එෆ්.එෆ්.ආර්. තෝමස් සඳහන් කරයි.
වහල් වෙළෙඳාම ද අරාබින්ගේ වෙළෙඳාමකි. පාප්තුමා වෙනුවෙන් රටවල් ඇල්ලීම ඇරඹූ කතෝලික රටවල්, වහල් වෙළෙඳාම පැහැර ගත්හ. ඔවුහු ඒ සඳහා අරාබින්ට වඩා අලුත් උපක්‍රම භාවිත කළහ. අප්‍රිකානුවන් යොදවා අප්‍රිකානුවන් ඇල්ලීම ඔවුන්ගේ උපක්‍රමයකි.
කඳවුරුවලට රැස්කරන ලද යුදෙව්වන්, යුදෙව්වන් යොදවා මැරවීම නාසි ජර්මානුවන් අනුගමනය කළ අලුත් ඝාතන ක්‍රියාවකි. ‘කැලේ ගහක් නසන්නට කැලේ ගහක් යොදා ගන්නවා’ යැයි කියන්නේ මෙවැනි උපක්‍රමවලටය.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

සතිඅග අරුණ