
භික්ෂූන් වහන්සේලා එදත් අදත් රජවරු සහ ජනතාවට මග පෙන්වූ ලෙසම දේශපාලුවන් අධාර්මික ජනතාවටද නිවැරදි මග පෙන්වා පෙරමුණ ගත යුතුමය
ලංකාව පූර්ණ බෞද්ධ රාජ්‍යයක් නොවන බැවින් භික්ෂූන් වහන්සේලා ශාසනය රැකගැනීම පිණිස දේශපාලනය කළ යුතුය.
පරියාප්ති ශාසනය නොරැකෙන කළ විදර්ශනාවෙන් වැඩක් නැත.
විදර්ශනාවෙන් නිවන ලබන්න නම් පූර්ණ බෞද්ධ රාජ්‍යයකට යන්න ඕන.
පූර්ණ බෞද්ධ රාජ්‍යයක් ලබා ගැනීම පිණිස භික්ෂු උපාසක උපාසිකා සාසනික දේශපාලනය කළ යුතුය. අනික
මානවයා යනු ම දේශපාලන සත්වයෙකි.
.

ෂාෆි අධ්‍යාපනය ජඩමාධ්‍ය හා විස්සේ විස – මහඇදුරු නලින් ද සිල්වා මහතා
මෙරට ප්‍රශ්නවලට වග කියන්න ඕන මූලික වශයෙන් සිංහලයන්. ඔවුන් දන්නෙ නැහැ ඔවුන් මේ රට මේ තත්වයෙන් තියා ගන්න අවුරුදු දෙදහසකට වැඩි කාලයක් කරල තියෙන දේ. අද විග්නේස්වරන් කියනවා මේ රටේ මුල් පදිංචිකාරයන් දෙමළ කියලා. විග්නේස්වරන්ගෙ පරම්පරාවත් මෙරටට ඇවිල්ල අවුරුදු තුන්සිය පනහක් නැහැ. මේ සම්බන්ධ තෝම්බු රාජ්‍ය ලේඛනාගාරයෙ තියෙන්න ඕන. අද එක් නිලධාරිනියක් ඒ තෝම්බු විනාශ කිරීමේ හා නෙදර්ලන්තයට (ඕලන්දයට) ලබා දීමේ කාර්යයෙහි යෙදී ඉන්නේ මේ ඉතිහාසය වසන් කිරීමටත්. පරීක්‍ෂණයකින් වැරදිකාර්ය වී ඇති ඇය ආරක්‍ෂා කරන්නේ ප්‍රධාන වශයෙන් ම හිටපු සිවිල් සේවකයකු බව දැන ගන්න ලැබිල තියෙනවා. ඒ වගේ ම ඇතැම් ජඩමාධ්‍යවේදීන් ඇය ආරක්‍ෂා කරනවා.
මෙරට මුල් පදිංචි කරුවන් වෙන කිසිවකු නොවෙයි යක්‍ෂ නාග දේව රාක්‍ෂස වැදි ජනතාව. ඒ අය අතරට අවුරුදු දෙදහස් හයසියකට පමණ පෙර කාලිංගයෙන් හා වංගයෙන් පැමිණි අය අර ජනතාවගෙන් වැදි ජනතාව හැර අනෙක් අය සමග මිශ්‍ර වී සිංහල ජාතිය ගොඩනගා ගෙන තියෙනවා. ඒ මිශ්‍ර වීමට සියවස් ගණනාවක් ගිහින් තියෙනවා. වැදි ජනතාව එදා එසේ මිශ්‍ර වීම නැත්නම් එකතු වීම ප්‍රතික්‍ෂෙප කර ඇති බව පැහැදිලියි. අවුරුදු දෙදහස් හයසියයකට පමණ පසුව අද වැදි ජනතාවත් සිංහල වෙමින් ඉන්නවා. අප විජය හා පිරිසගෙන් පමණක් පැවත එන බව කියන්නන් දෙමළ ජාතිවාදයට උඩගෙඩි දෙන අය.
සිංහලයන් ඉංගිරිසි අධ්‍යාපනය නිසා වල්මත් වෙලා. අධ්‍යාපනය පුළුල්වත් ම බිහිවෙලා ඉන්නෙ මුග්ධයන් පිරිසක්. අද මෙරට ඉන්න උගතුන් කියන්නන් කිසිම විචාරයක් නැති පිරිසක්. ඉංගිරිසි අධ්‍යාපනය කියන්නෙ ඉංගිරිසින්ගෙ අධ්‍යාපනය. එය සිංහල මාධ්‍යයෙනුත් දෙන්න පුළුවන්. අද ලෝකයේ ඊනියා ජාත්‍යන්තරවාදයක් කියන්නෙ ලොවට ම පටවපු ඉංගිරිසි ජාතිකවාදය. මෙරට උගතුන් ඉංගිරිසි ජාතිකවාදය බාගෙට වැළඳ ගෙන තියෙන්නෙ එය ඊනියා ජාත්‍යන්තරවාදයක් ලෙස සලකමින්. ඉංගිරිසි අධ්‍යාපනයෙන් කියා දෙන්නෙ ඉංගිරිසි ජාතිකවාදය ඊනියා ජාත්‍යන්තරවාදයක් ලෙස සැලකීමට. ඒත් මේ මුග්ධ උගතුන්ට ඉංගිරිසි ජාතිකවාදය මුළුමනින් වැළඳ ගන්නත් බැහැ. ඔවුන්ට ඉංගිරිසින් මෙන් හිතන්න බැහැ.
අද කතා බහට ලක්වෙන ප්‍රශ්න තුනක් ගනිමු. එකක් ෂාෆිගේ ප්‍රශ්නය, දෙවැන්න කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවය, තුන්වැන්න උප්පැන්න සහතිකයේ ප්‍රශ්නය. සිංහලයන් අතර ඉන්න කසිකබල් උගතුන් මේ ප්‍රශ්න තුනේ දී ම ඊනියා ප්‍රබුද්ධ මතයක් දරනවා. මෙහි දී අපි ෂාෆිගේ ප්‍රශ්නය ගනිමු. ෂාෆිට හිඟ වැටුප් ගෙවන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුරුණැගල රෝහල් අධිකාරියට දන්වලා. ප්‍රබුද්ධයන් උද්දාමයට පත් වෙලා. ඔවුන් කියන්නෙ ෂාෆි නිර්දෝෂි බව ද? ඔවුන් දන්නෙ නැහැ තමන් නිශ්චිත ව කියන්නෙ මොකක් ද කියලවත්. ඔවුන්ට නිශ්චිත දැනුමක් කිසිම අරුතකින් නැහැ. එහෙන් මෙහෙන් කෑලි අහුල ගන්න එක විතරයි ඔවුන් ඉංගිරිසි අධ්‍යාපනයෙන් ලබා ගෙන තියෙන්නෙ. ඔවුන් දන්නෙ මොකක් හරි අහුල ගෙන සිංහල ජාතිකත්වයට පහර දීමට. එ ඔවුන්ට ඊනියා ජාත්‍යන්තරවාදයක් බවට උගන්වා ඇති ඉංගිරිසි ජාතිකවාදය වෙනුවෙන්. සිංහල ජාතිකවාදය සමග ඇති කෝන්තරයක් පිරිමසා ගැනීමට ඔවුන් ඉංගිරිසි ජාතිකවාදය සමග එකතු වෙනවා.
ෂාෆිට හිඟ වැටුප් ගෙවන්න බැරි බව කුරුණෑගල ශික්‍ෂණ රෝහල් අධිකාරිය 2021 දෙසැම්බර් 10 දින දරණ ලිපියකින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට දන්නල තියෙනවා. ඒ ලිපියේ පැහැදිලි ව කියනව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත රෝහල් අධිකාරිය කරන ලද මූලික විමර්ශනයකින් පසුව ෂාෆි වැරදිකරුවකු බව ඔප්පු වී ඇති බව. මා ෂාෆි කළාය කියන වඳ සැත්කම් ගැන දන්නෙ නැහැ. ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශය අධිකරණ නියෝග පිළිපැදිය යුතු බව දන්නවා.
ජඩමාධ්‍ය සෞඛ්‍ය ලේකම් ෂාෆිට හිඟ වැටුප් ගෙවන ලෙසට කළ නියෝගයට විශාල ප්‍රචාරයක් ලබා දුන්නේ ෂාෆි නිවැරදිකරු බව ඇඟවෙන විධියට. ජඩමාධ්‍යවේදීන් ද මූලික වශයෙන් සිංහල විරෝධීන්. ඔවුන් ද ඊනියා ප්‍රබුද්ධයන්. ඔවුන්ට අවශ්‍ය ඊනියා නැගලා යන හිට් කතාවලට ප්‍රසිද්ධිය ලබා දී තම පෞද්ගලික ජනප්‍රියතාව වැඩි කර ගැනීමට හා තම මාධ්‍ය ආයතනයට අසන්නන් නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට. සිංහල විරෝධී පඬි නැට්ටන් ප්‍රබෝධයට පත් වුණෙ ඒ වාර්තා නිසා. එහෙත් ජඩමාධ්‍ය කුරුණෑගල රෝහල් අධිකාරිය සෞඛ්‍ය ලේකම්ට එවූ ලිපිය ගැන එතරම් ප්‍රචාරයක් දෙන්නෙ නැහැ. එය එතරම් හිට් නැති නිසා ද? කෙසේ වෙතත් මට ප්‍රශ්නය සෞඛ්‍ය ලේකම් එවැනි නියෝගයක් කෙළේ ඇයි ද යන්නයි. සියලු රාජ්‍ය පරිපාලන නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් ඔහු එසේ කෙළේ ඇයි?
මා හිතන්නේ මෙහි දේශපාලන බලපෑමක් තියෙන බව. මේ ආණ්ඩුවේ ප්‍රශ්න පටන් ගත්තේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සමග. විස්සට ජාතිකවාදීන් විරුද්ධ වුණා. විස්ස සම්මත කර ගත්තේ ජාතිකවාදීන්ගේ විරෝධය මැද. විස්සත් සමග බැසිල් රාජපක්‍ෂ නැවතත් බලවත් වුණා. මා කියන දේට ආණ්ඩු පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්, විශේෂයෙන් ම බැසිල් රාජපක්‍ෂ මගින් නාම යෝජනා ලැබූ අය විරුද්ධ වේවි. බැසිල් හදපු පක්‍ෂයක් නැහැ. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සත්තකින් ම පොදුජන පෙරමුණක්. එය පොදු ජනයාගේ නිර්මාණයක්. බැසිල් කෙළේ පක්‍ෂයට නමක් ලේකම් කෙනෙකු හා සභාපති කෙනෙකු දීපු එක පමණයි.
ගෝඨාභය රාජපක්‍ෂ සිංහල ජනතාවගේ ඡන්දයෙන් පත් වුණේ පොදුජන පෙරමුණක් නිසා නොවෙයි. ඔහු ඒ පක්‍ෂයේ සාමාජිකයකු ව සිටියා ද කියාවත් මා දන්නේ නැහැ. එහෙත් සිංහලයන් ඡන්දය දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂට මිස පොදුජන පෙරමුණකට නො වෙයි. කොටින් ම ගෝඨාභය රාජපක්‍ෂ පත්වූයේ බැසිල් නිසා නොව ජාතිකත්වය නිසා. එහෙත් පත් වූ පසු ඔහුට ප්‍රශ්න ඇති වුණා. ජනතාව ඔහු සමග සිටියත් ඒ සංවිධිත ව නො වෙයි. ඔහුට ජනතාව ඡනදය දුන්නත් ඔහුට වඩා මාධ්‍ය ආකර්ෂණයක් මහින්ද රාජපක්‍ෂට තිබුණා. ගෝඨාභය මාධ්‍ය සංදර්ශකයකු නොවෙයි. මහින්ද ඉහළ ම ගණයේ මාධ්‍ය සංදර්ශකයෙක්. ඔහු මාධ්‍ය යෙදා ගැනීම පිළිබඳ විශාරදයෙක්. ඔහුට මාධ්‍ය සම්බන්ධයෙන් අවුරුදු පනහකට වැඩි අත්දැකීම් තියෙනවා. ගෝඨාභය මාධ්‍ය සුරතලෙක් නො වෙයි.
එපමණක් නොවෙයි. පාර්ලිමේන්තුවේ බලය තිබුණේ බැසිල්ට. ඒ මන්ත්‍රිවරුන් හරහා. අදත් පසුපෙළ මන්ත්‍රීවරුන් ඉන්නේ බැසිල් සමග. ඔවුන්ට ලබන මැතිවරණයේදීත් නාම යෝජනා අවශ්‍යයයි. හැන්ද තියෙන්නේ බැසිල් අතේ. මට තේරෙන විධියට අමාත්‍යාංශ ලේකම්ලාට පමණක් නොව ජනාධිපති ලේකම්ටත් බලපෑම් කළ හැකි මට්ටමක බැසිල් ඉන්නවා. අද රටේ තියෙන ප්‍රශ්නවලට එක් අයකු පමණක් වැරදිකරුවකු කරන්න මට අවශ්‍ය නැහැ. එහෙම කරන එකත් වැරදියි.
අද ප්‍රශ්නවලට මූලික හේතුව අප ජාතියක් හැටියට ණයට කෑම. අපට කිසිම කළමනාකරණයක් බැහැ. විශේෂයෙන් ම මූල්‍ය කළමනාකරණය අපට බැහැ. එය මෙරට ඊනියා උගතුන්ගේ ප්‍රශ්නයක්. ඉංගිරිසි අධ්‍යාපනයෙන් ඔවුන් මොට කරලා. ඔවුන්ට හිතන්න බැහැ. හතළිස් අටේ ඉඳන් බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ හැර අප රටේ නිෂ්පාදනය වැඩි කර ගන්න හිතුවේ නැහැ. අප රටක් හැටියට දුක් විඳින්න පරිත්‍යාග කරන්න (කට්ට කන්න) සූදානම් නැහැ. දෙමවුපියන් තම දරුවන් වෙනුවෙන් අප මෙන් කැප කරන වෙනත් ජාතියක් ලොවේ නැහැ. එහෙත් රට වෙනුවෙන් අප මෙන් කැප නොකරන ජාතියකුත් ලොවේ නැහැ. අපේ ප්‍රශ්න ජාතියේ ප්‍රශ්න. බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රතිපත්ති සිංහලයන් ප්‍රතික්‍ෂෙප කෙළේ ජාතියක් ලෙස කැප කිරීමට එදත් සුදානම් නොවූ නිසා.
එහෙත් මා කියන්නේ ජාතියේ ප්‍රශ්න ගෑන නොවෙයි. ආණ්ඩුවේ ප්‍රශ්න ගැන. පොහොර ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, යුදගනවි ප්‍රශ්නය. මේ ප්‍රශ්නවලට වග කියන්න ඕන කවු ද? පුංචි බණ්ඩා ජයසුන්දර ද? ජයසුන්දර ගෙදර යන්නෙ නැත්තෙ ඇයි? ඔහුට හිරි ඔතප් නැති නිසා ද? නැත්නම් ඔහු ආරක්‍ෂා කරන අයකු ඉන්න නිසා ද? එවැන්නකු නැති වුණොත් ඔහු ගෙදර යාවි. ලංකාවෙ උගතුන් කියන අයට හිරි ඔතප් නැහැ. ඉංගිරිසි අධ්‍යාපනයෙන් ඔවුන්ගෙ හිරි ඔතප් නැති කරලා. ඔවුන් දන්නෙ නිවේදන කියවන්න පමණයි. එහෙත් ඔවුන් යන්නෙ නැත්තෙ ඒ හින්ද නොවෙයි. ඔවුන් ආරක්‍ෂා කරන දේශපාලනඥයන් ඉන්න නිසා.
ෂාෆිගේ ප්‍රශ්නය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් ෂාෆි වැරදි කළත් නැතත් ඔහු වැදගත්. ඒ ඔහු මුස්ලිම් නිසා. ඔහු ආරක්‍ෂා කිරීමෙන් පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීන්ගේ ඡන්ද ගන්න පුළුවන් නිසා. මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් නැහැ. එහෙත් ව්‍යවස්ථාව වෙනස් කර ජනාධිපති ධුරයට පත්කරන ක්‍රමය වෙනස් කරන්න තුනෙන් දෙකක් අවශ්‍යයි. ඒ ලබා ගත හැක්කේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ලබා ගත්තොත් පමණයි. ෂාෆි වැදගත් වන්නේ ඒ නිසයි. සිංහල ජාතිකත්වය පිළිගන්නා මුස්ලිමුන් ඉන්නවා. ඒත් ආණ්ඩුව ඔවුන් පිලිගන්නේ නැහැ.
මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙරත් මා කියා සිටියේ මේ පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් නොකළ යුතු බවයි. මා අදත් ඉන්නේ ඒ මතයේ. මේ පාර්ලිමේන්තුවේ බහුතරයකට ජාතිකත්වයක් නැහැ. අද ව්‍යවස්ථාවක් සම්මත කළොත් එය සිදු වන්නේ විස්ස සම්මත කළ ආකාරයට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්දවලින්. සමහර විට පළාත් සභා තවත් ශක්තිමත් වෙන්නත් පුළුවන්. ඉන්දියාවට 13+ අවශ්‍ය වෙිවි. විස්ස සම්මත කර ගත්තාට වැඩි විනාශයක් නව ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් වෙන බව මට හුන කියන්න වගේ කියන්න පුළුවන්. ජඩමාධ්‍යවේදීන් ඇතුළු ඊනියා ප්‍රබුද්ධයන් හුන විශ්වාස නොකරන බව මා දන්නවා. ඔවුන්ට අනුව මා මිථ්‍යා මත විශ්වාස කරන මැන්ටලයක් පමණයි. මා ඔවුන් මෙන් කළු කුහර හා මහා පිපිරුම විශ්වාස කරන්නේ නැහැ. ඒ මිථ්‍යා මත කියාත් මා කියන්නෙ නැහැ. ජඩමාධ්‍යවේදීන් විද්‍යාත්මක ක්‍රමය හරියට ම දන්නවා. ඔවුන් හැම දෙයක් ම කරන්නෙ විද්‍යානුකූල ව.

යන එන මං නැති වමාලාගෙ මුරුත්තේට්ටුවෙ හිමි වර්ජනය ගැන ආවර්ජනයක් – මහඇදුරු නලින් ද සිල්වා මහතා
අද වමාලාට යන එන මං නැතිව පිදුරු ගහක වුණත් එල්ලෙනවා. මුළු ලෝකය ම ආර්ථික අර්බුදයක. ඒ්ත් ධනවාදය පෙරළ ගන්න බැහැ. විප්ලවය පේන තෙක් මානෙක නැහැ. මාක්ස්ගෙ අනාවැකි බොරු වෙලා බොහොම කල්. බටහිර භෞතික විද්‍යාවත් පට්ටපල් බොරු තමයි. ඒ සියල්ල, සියලු දැනුම් බොරු කියන අරුතින්. බටහිර විද්‍යා පට්ටපල් බොරු වන්නෙ ඒ කතන්දර වියුක්ත නිසා. ඒත් බටහිර භෞතික විද්‍යාව ඇතුළු ඊනියා ස්වාභාවික විද්‍යාවන්හි සමහර හිතළු හරි යනවා, වැඩ කරනවා. හරි යනවා කියන්නෙ හරි බව නො වෙයි. හරි යන හිතළු කතන්දර වෙනවා. ඒ කතන්දර අපත් සමහරවිට යොදා ගන්නවා. මේ සරල කාරණය පඬි නැට්ටන් බොහෝ දෙනකුට තේරෙන්නෙ නැහැ.
බටහිර විිද්‍යාවන්හි සමහර කතන්දර හරියන බව පේන්න තියෙනවා. ඒත් ඒවා එහි මූලික කතන්දරවලට පටහැණි වෙනවා. එසේ පටහැණි වන බව දැන ගන්නට නොහැකි වුණා ම හරියන බව පේන්න තියෙන කතන්දර විශ්වාස කරනවා. කළු කුහර පිළිබඳ කතාව එවැන්නක්. අයින්ස්ටයින්ගෙ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙ විසඳුමක් තියෙනවා ෂ්වාර්ස්චයිල්ඩ් අභ්‍යන්තර විසඳුම කියලා. ඒ විසඳුමට අනුව වස්තුවක් දිගට ම කඩා වැටෙන්නෙ නැහැ. එක්තරා අවස්ථාවක දි ඒ කඩා වැටීම නැත්නම් කේන්ද්‍රය දෙසට ඇදී යැම නවතිනවා. එසේ වන්නේ අවකාශ කාලය විසින් ඇති කෙරෙන තෙරපුමකින් ආකර්ෂණය වෙනුවට විකර්ෂණයක් ඇති කෙරෙන නිසා.
ආකාශයත් පංච මහා භූතයන්ට අයත්. බටහිර ආකාස භූතය නැහැ. විශ්වය වුණත් සංකෝචනය වෙලා නැවත ප්‍රසාරණය වෙන්නෙ මේ ආකාස භූතය නිසා. ඒත් බටහිරයන් ඒ කතාව විශ්වාස කරන්නෙ නැහැ. ඒ ආකාස භූතය ඔවුන්ගෙ සංස්කෘතියෙ දැනට නැති නිසා. බටහිර භෞතික විිද්‍යාවෙ අඳුරු ද්‍රව්‍යය (dark matter) අඳුරු ශක්තිය (dark energy) කියන්නෙත් මේ ආකාස භූතයට බවයි මා හිතන්නෙ. වසන්ත කටුගම්පළ, ශෂිනිකා විමලධර්ම, කුමුදුමලී ජයකොඩි ඒ සම්බන්ධ පත්‍රිකාත් ලියල තියෙනවා.
බටහිර සමාජයීය විද්‍යාවන්හි ඒ කතා එහෙමවත් හරියන්නෙ නැහැ. එයට ප්‍රධාන හේතුව එහි විෂය වන කරුණු වියුක්තකරණයකට ලක්කිරීමට නොහැකි වීම. සියළු ගෙඩි පොළොවට වැටෙනව වගේ මනස් එක විධියට වැඩ කරන්නෙ නැහැ. අපේ විරසක බොහොමයකට හේතුව අපේ මනස් එක විධියකට වැඩ නොකිරීම. ඕනෑම පළල් සමාජයක නොව ගෙදරක වුණත් ඒ ප්‍රශ්නය තියෙනවා. ඔය බොහෝ දෙනා කියන්නෙ තමා තේරුම් ගැනීමට උත්සාහ කරන්න කියලා. ඒක කරන්න පුළුවන් නම් ප්‍රශ්න රාශියක් විසඳිලා.
අද ඇති ලෝක ආර්ථික අර්බුදයට ආර්ථික විද්‍යාඥයන්ට විසඳුම් නැහැ. ලංකාවෙත් කාණුවක් කාණුවක් ගානෙ ඊනියා ආර්ථික විද්‍යාඥයන් හිටියත් ඔවුන්ට කරන්න පුළුවන් රූපවාහිනියේ පඬි කතා කියන එක පමණයි. දේශපාලනයෙදි නැත්නම් සමාජ විකාශයෙදි මාක්ස්ට අනුව මෙළහට කිහිප සැරයක් ම විප්ලවය වෙලා තියෙන්න ඕන. ඒත් අවුරුදු දෙසියකට පමණ ඊනියා කම්කරු පංති විප්ලවය ඇවිල්ල නැහැ. අනෙක් කරුණ තමයි ඒ ඊනියා විප්ලවය මුලින් ම ඇතිවෙන්න ඕන දියුණුය කියන රටවල. ඒත් එහෙම විප්ලවයක් එන බවක් බටහිර රටකදි දැක ගන්න බැහැ.
මාක්ස්වාදීන්ට ඒකට උත්තරයක් තියෙනවා. විප්ලවයට ඊනියා විෂයමුල අවශ්‍යතා සම්පූර්ණ වුණත් මනෝමුල අවශ්‍යතාව සම්පූර්ණ වෙලා නැහැ කියනවා. ඒ කියන්නෙ ඊනියා කම්කරු පංති නායකත්වය බිහිවෙලා නැහැලු. හරි වැඩේ. අවුරුදු දෙසීයකටවත් ඒක ඇති වෙලා නැහැ. මට පොඩි යෝජනාවක් තියෙනවා. රනිල්දාස යටත්විජිත හේරත් ක්වොන්ටම් ජාගොඩ වගේ අය අයර්ලන්තයට එංගලන්තයට වේල්සයට ගිහින් බිරිතානියෙ කම්කරු පංති නායකත්වය බිහි කරනවා ද? ඉස්සෙල්ලා බිරිතානියෙ විප්ලවය කරල ඉන්න ඕන. මාක්ස්ට අනුව දෙයියනේ කියල ලංකාවෙ විප්ලවය සාක්‍ෂාත් කර ගන්න පුළුවන් ඊට පස්සෙ.
ඉතින් එතකන් මොක ද කරන්නෙ. කොළඹ විශ්වවිද්‍යාලෙ උපාධිලාභීන් මුරුත්තේට්ටුවෙ හාමුදුරුවන්ගෙන් උපාධි සහතිකය ලබා ගැනීම ප්‍රතික්‍ෂෙප කිරීම ගැන ඒ අයට විප්ලවීය ආචාරය පුදනවා ද? සකර්බර්ග් අනාථ කඳවුරෙ පඬි නැට්ටකුගෙ දුවත් උපාධි සහතිකය ලබා ගත්ත කියල ආරංචියි. මේ උපාධි සහතික හාමුදුරුවන්ගෙන් ලබා ගැනීම ප්‍රතික්‍ෂෙප කළාය කියන එක පට්ටපල් බොරුවක්. හාමුදුරුවොත් උපාධි ප්‍රදානොත්සවයෙ එක සැසිවාරයක දි සහතික හා පදක්කම් පිරිනමලා තියෙනවා. ඒ නැතත් හාමුදුරුවො තමයි සහතිකය වෙන අයකු ලවා ලබා දෙන්නෙ.
පේරාදෙණිය කොළඹ කැලණිය විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයකු ලෙසවත් ආචාර්යවරයකු ලෙසවත් පීඨාධිපතිවරයකු ලෙසවත් මා ඔය යුරෝපීය වැඩවසම් උත්සවයට සහභාගි වෙලා නැහැ. කැලණියෙ දි මා විද්‍යා පීඨාධිපති ලෙස කටයුතු කරද්දි මට තිබුණා විද්‍යා පීඨ උපාධිලාභීන්ගෙ නම් ලැයිස්තුව කියවන්න. මා එය ප්‍රතික්‍ෂෙප කළා. සුපුරුදු පරිදි ගාලගෝට්ටියක් ඇති වුණා. මා උපාධිලාභීන්ගේ අයිතිවාසිකම් පැහැර හරින බවට චෝදනාවක් ඉදිරිපත් වුණා. මා කිවුවා අවශ්‍ය නම් වෙනත් පීඨාධිපතිවරයකු පත්කර ගන්න කියා නැත්නම් කාට හරි කියල ලැයිස්තුව කියව ගන්න කියා. පීඨාධිපතිවරයකු අස්කිරීමේ ක්‍රමවේදයක් 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතෙ සඳහන් වෙන්නෙ නැහැ. පස්සෙ ඔවුන් වෙනත් පිඨයක පීඨාධිපතිවරයකු ලවා නම් ලැයිස්තුව කියන ගත්තා.
මා ලංකා විශ්වවිද්‍යාලයෙන් මෙන් ම සසෙක්ස් විශ්වවිද්‍යාලයෙනුත් උපාධි සහතික ලබා ගත්තෙ අනභිමුඛයෙ. ලංකා විශ්වවිද්‍යාලෙ මුල් කුලපතිවරු ආණ්ඩුකාරයන්, අග්‍රාණ්ඩුකාරයන්, ජනාධිපතිවරුන්. අපේ කාලෙ කුලපති විලියම් ගොපල්ලව. ඊට ඉස්සර කාලවල විප්ලවවාදීන් තම උපාධි සහතික ඉංගිරිසි ආණ්ඩුකාරයගෙන් හරි අග්‍රාණ්ඩුකාරයාගෙන් හරි ලබා ගෙන තියෙනවා. මාත් සුදු කමිසය කලිසම කබාය පාසල් ටයිපටය ඇඳ පැලඳ අග්‍රාණ්ඩුකාරයාගෙන් තෑගි ලබා ගෙන තියෙනවා. ඒ පාසලේ දී. පාසලේ තෑගි බෙදා දුන්නෙ ආණ්ඩුකාරයා අග්‍රාණ්ඩුකාරයා ජනාධිපති පමණයි.
උපාධිය අවසාන වශයෙන් සම්මත කෙරෙන්නෙ සනාතන සභාවෙන්. පාලක මණ්ඩලය එය අනුමත කළ පසු උපාධි සහතිකය ලබා දෙන්නෙ කුලපති. කාගෙ අතින් සහතිකය ලැබුණත් ඒ ලැබෙන්නෙ කුලපති වෙනුවෙන්. කුලපතිට පුළුවන් සහතික පත් බෙදා දීමේ කාර්යය වෙනත් අයකුට පවරන්න. ඒත් ඒ තැනැත්තා උපාධි සහතිකය දෙන්නෙ කුලපති වෙනුවෙන්. කිසිවකුට බැහැ අභිමුඛයෙ උපාධිය ලබා ගන්නවා නම් කුලපතිගෙන් ලබා ගැනීම ප්‍රතික්‍ෂෙප කිරීමට. පීඨාධිපතිවරයකුගෙන් සහතිකය ලබා ගත්තත් ඒ කුලපති වෙනුවෙන් දෙන සහතිකයක්.
මා අනභිමුඛයෙන් උපාධිය ලබා ගත්තෙ විලියම් ගොපල්ලව ප්‍රතික්‍ෂෙප කිරීමට නො වෙයි. මා ලෝගු ඇඳීම හා බටහිර නූතනත්වයටත් ලැබී ඇති බටහිර වැඩවසම් සංස්කෘතික උත්සවය ප්‍රතික්‍ෂෙප කරන නිසා. මා කිසි දිනෙක උපාධි ලෝගුවක් ඇඳ නැහැ. ලෝගු බටහිර වැඩවසම් විශ්වවිද්‍යාලවලට ආවෙ කතෝලික පල්ලියෙන්. උපාධිය අනුව විවිධ වර්ණ ලෝගු තියෙන්නෙ කතෝලික පල්ලියෙ පූජකවරුන්ගෙ තරාතිරම අනුව ලෝගුව වෙනස් වෙන ආකාරයට. ලංකාවෙ නම් කාදිනල්තුමන්ලා බීස්කුවරුන් පාදිලිවරුන් අඳින ලෝගු සහ විවිධ උපාධිධාරීන් අඳින ලෝගු සන්සන්දනය කරන්න.
කිසිම විශ්වවිිද්‍යාලයක් මට ඩී ලිට්, ඩී එස් සී වැනි ගෞරව උපාධියක් පිරිනමන එකක් නැහැ. බැරි වෙලාවත් පිරිනැමීමට තීරණය කළොත් කුලපතිට ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවේවි.

උපාධි කෝළම හා බම්බු මාන්නෙ – මහඇදුරු නලින් ද සිල්වා මහතා
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනකු පමණක් එහි උපාධි කෝළම බහු රූ කෝළමක් බවට පත් කර තියෙනවා. ඔවුන්ට කුලපති හාමුදුරුවන්ගෙන් උපාධි ලබා ගැනීම ප්‍රතික්‍ෂෙප කරන්න බැහැ. ඔවුන් එසේ කරලත් නැහැ. මට තේරෙන විධියට අර ලෝගුව අස්සේ බම්බු ගෙනා අයට උපාධිය හිමිවන්නේ නැහැ.
උපාධි ප්‍රදානොත්සවයක් කියන්නෙ කෝළමක්. ලෝගු ඇඳගෙන පෙරහැරේ ඇවිදින් සහතිකයක් ලබා ගෙන ඡායාරූප ලබා ගැනීම තමයි එහි දී කෙරෙන්නේ. මේ සඳහා වැය වෙන මුදල් භාණ්ඩාගාරයට ම ආපහු යවන එක හොඳයි. අද මුදල් අමාත්‍යාංශයේ ලේකම් කොළඹ විශ්වවිිද්‍යාලයේ ගණිත විශේෂ උපාධිධාරියෙක්. ඔහුට මුදල් අවශ්‍යයි. ඔහු උපාධි කෝළමේ හිටිය ද කියන්න මා දන්නේ නැහැ. හිටිය නම් මට කියන්න තියෙන්නෙ අපරාදෙ සල්ලි කියල විතරයි. උපාධි කෝළමට ඉංගිරිසියෙන් කියන්නෙ convocation කියල. එය con vocation කියල ලිවුවොත් ඉන් බොහෝ දේ ගම්‍ය වෙන්න පුළුවන්.
අපි 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතෙ උපාධි කෝළමට අදාළ වගන්ති ටිකක් සලකා බලමු. එහි 32 වගන්තිය මෙසේයි.
- The President shall nominate the Chancellor of each University. The Chancellor shall be the Head of the University, hold office for a period of five years reckoned from the date of his nomination, and shall, preside at any Convocation of the University.
මේ අනුව කුලපති නම්කෙරෙන්නේ ජනාධිපති විසින්. කුලපති තමයි විශ්වවිිද්‍යාලෙ ප්‍රධානියා. ඔහු අවුරුදු පහකට තනතුර උසුලන අතර ඕනෑම උපාධි ප්‍රදානොත්සවයක මුලසුන දැරිය යුතුයි. මේ වගන්තිය අනුව වෙන කිසිවකුට උපාධි ප්‍රදානොත්සවයක මුලසුන දැරිය නොහැකි ය. එහෙත් 53 වැනි වගන්තියෙන් වෙනත් දෙයක් කියැවෙනවා. මා එයත් සඳහන් කරන්නම්.
53
A University shall hold once in every year on such date or dates as may be approved by the Chancellor, a Convocation for the purpose of conferring degrees:
Provided that, a University may hold a Special Convocation at such other time as the Chancellor may determine:
Provided further that, first degrees may be conferred without the holding of a Convocation.
The Procedure of a Convocation shall be prescribed by By-law.
The President shall, when present, preside at a Convocation. In his absence, the Chancellor shall preside at such Convocation, and in the absence of both the President and the Chancellor, the Vice-Chancellor shall so preside.
ඒ අනුව උපාධි ප්‍රදානය කිරීම සඳහා කුලපති අනුමත කරන දිනයක දී හෝ දිනවල දී හෝ උපාධි ප්‍රදානෙත්සවයක් අවුරුද්දකට වරක් පවත්වන්න ඕන. උපාධි ප්‍රදානොත්සවයක ජනාධිපති ඉන්නව නම් ඔහු මුලසුන දරන්න ඕන. ජනාධිපතිත් කුලපතිත් නැති විට උප කුලපති මුලසුන දර්න ඕන. 32 හා 53 වගන්ති එක් කරල මීට වඩා සංගත ආකාරයකට එය කියන්න තිබුණා. පනත කෙටුම්පත් කළ අය අට සමත් අයකු කියා මා හිතන්නෙ නැහැ. ජනාධිපති තම දරුවකුගෙ උපාධි ප්‍රදානොත්සවයකට පැමිණ ඉන්නව නම් මුලසුන දැරිය යුතු ද? ඒකත් ටිකක් පැහැදිලි වුණා නම් හොඳයි.
අපි කොයි එකටත් උප කුලපති පත් කිරීම සම්බන්ධ වගන්තියත් සලකා බලමු.
34 (1) (a) The Vice-Chancellor of a University shall, subject to the provisions of paragraph (b), be appointed for a term of three years by the President, upon the recommendation of the Commission, from a panel of three names recommended by the Council of that University.
උප කුලපති පත් කරන්නෙත් ජනාධිපති විසින්. විශ්වවිිද්‍යාලයෙ පාලක මණ්ඩලය විසින් නිර්දේශ කෙරෙන නම් තුනකින් එක් අයකු උප කුලපති ලෙස පත් කෙරෙනවා. ඒ නම් තුනෙන් එක් අයකුවත් පත් නොකරපු අවස්ථා තියෙන බවත් මතක් කර ගන්න ඕන. කුලපති මෙන් ම උප කුලපතිත් දේශපාලන පත්වීම්. අග්නිදිග විශ්වවිිද්‍යාලෙ උප කුලපති පත් කෙරිල තියෙන්නෙ වහාබ්වාදී අවශ්‍යතා මත. මා දන්නා හඳුනන අයකුත් එහි කලක් උප කුලපති වුණා. ඔහු අපට වටලප්පම් නම් ගෙනත් දුන්නා.
මූරුත්තෙට්ටුවෙ හිමියන් කුලපති ලෙස පත් කිරීම මෙන් ම ඔස්වලඩ් ගෝමිස් පූජකවරයා කුලපති ලෙස පත් කිරීමත් දේශපාලන පත් කිරීම්. ඇතැම් සිසුන් කුමක් කීවත් ඔවුන්ගෙ ප්‍රශ්නය ඊනියා උගත් කම පිළිබඳ ප්‍රශ්නයක්. හාමුදුුරුවන් අටවැනි පන්තිය සමත් ද කියා මා දන්නේ නැහැ. එහෙත් ඔය ඊනියා විප්ලවවාදී සිසුන්ටත් අට පාස් ප්‍රශ්නය තදින් බලපානවා. ඔවුන් පොලිස් භටයන් හමුදා භටයන් හඳුන්වන්නෙ අට පාස් අය හැටියට. ඔය විප්ලවවාදී සිසුන් මොන කතා කිවුවත් ඔවුන්ගෙ කසිකබල් අධ්‍යාපනය ගැන ආඩම්බර වෙනවා. ඒ පුහු මාන්නය තමයි ඔය විරෝධයේ පසු බිම. ඒ අය හිතන්නෙ තමන් මහන්සි වෙලා ඉගෙන ගෙන පැමිණි විශ්වවිද්‍යාලයෙ ප්‍රධානියා ඊනියා උගතකු වෙන්න ඕන කියා. මා මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවන් හොඳින් දන්නවා. ඒ හාමුදුරුවන් අට පාස් ද කියල මා කිසි දිනෙක අහල නැහැ. මා ඔය උගත් ආචාර්ය මහාචාර්යවරුන් ද දන්නවා. මා දන්නවා මුරුත්තේට්ටුවෙ හාමුදුරුවන්ට බොහෝ ආචාර්ය මහාචාර්යවරුන්ට වඩා දැනුමක් තේරුමක් තියෙන බව. අර අට පාස් රණවිරුවන්ටත් තියෙනවා.
විශ්වවිිද්‍යාල උපාධියක් කියන්නෙ මහා දෙයක් නො වෙයි. මා නම් ලංකා විශ්වවිද්‍යාලයෙදි කිසිම දෙයක් ඉගෙන ගත්තෙ නැහැ. පාසලේ දී නම් මා බොහෝ දේ ඉගෙන ගත්තා. පසුව සසෙක්ස් විශ්වවිිශ්වවිිද්‍යාලෙදිත් යම් යම් දේ ඉගෙන ගත්තා. ඒත් ලංකා විශ්වවිිද්‍යාලෙන් ඉගෙන ගත්ත දෙයක් නැහැ. උපාධිය ගන්න කට්ට කන්න ඕන කියනවා. මා නම් කාපු කට්ටක් නැහැ. ඒ අවුරුදු හතර මට සිහි වෙන්නෙ මිතුරන් සමග ගත කරපු ජීවිතය නිසා මිස ඉගෙන ගත් දෙයක් නිසා නො වෙයි.
සිසුන් විශ්වවිද්‍යාලෙට එන්නෙත් ඉගෙන ගන්න නොවෙයි. විභාග සමත් වෙලා උපාධිය ගන්න. මා ගුරුවරයකු වූ පසු සිසුන්ට යමක් උගන්වන්න උත්සාහ කළා. එහෙත් ඔවුන් එයට අකමැති වුණා. බොහෝ ගුරුවරුත් අකමැති වුණා. ජී එල් පීරිස් මා උගන්වන්නෙ නැහැ කියන පදනමෙ හිටියෙ. ඔහුට මා අස් කිරීමට ලෙකු වුවමනාවක් තිබුණා. ඔහු මගේ වැඩ තහනම අනුමත කර ගැනීමට පාලක මණ්ඩලය සතියක් ඇතුළත දෙවරක් කැඳෙවුවා. සාමාන්‍යයෙන් පාලක මණ්ඩලය රැස්වෙන්නෙ මසකට එක් වතාවයි.
ඊයෙ පෙරේදා උපාධි ප්‍රදානොත්සවයට ගිය නීති උපාධිලාභීන්වත් විශ්වවිද්‍යාල පනත කියවල තියෙනව කියා මා හිතන්නෙ නැහැ. ඔවුන් එය කියවා තිබුණ නම් ඔය විධියට වැඩ කරන්නෙ නැහැ. උපාධිය කසිකබල් වුණත් එය ලබා ගැනීම සංකීර්ණ ක්‍රියාවලියක්. සිසුන් අදාළ පාඨමාලාවල ලියා පදිංචි වෙන්න ඕන. පරීක්‍ෂණවලට පෙනී සිිට සමත් වෙන්න ඕන. එය නම් එතරම් දෙයක් නො වෙයි. පාලක මණ්ඩලය සනාතන සභාව නිර්දේශ කරන පරීක්‍ෂක ලැයිස්තු අනුමත කරන්න ඕන. පරීක්‍ෂණවලින් සමත් වීමෙන් පසු අවශ්‍යතා සපුරාලී නම් සනාතන සභාව උපාධිය නිර්දේශ කරන්න ඕන. පාලක මණ්ඩලය එය අනුමත කරන්න ඕන. ඉන් පසු පාලක මණ්ඩලය අනුමත කරන ආකාරයට අභිමුඛයේ හරි අනභිමුඛයේ හරිි උපාධි සහතිකය ලබා ගන්න ඕන. මේ ක්‍රියාවලිය ඉතා සංක්‍ෂිප්ත ව ඉදිරිපත් කෙළෙ. එය වඩා සංකීර්ණයි.
බොහෝ දෙනා නොදන්නවාට උපාධි කෝළමේ දි ලැබෙන්න හිස් මංජුසාවක් පමණයි. නැත්නම් හිස් බම්බුවක් පමණයි. මා හිතනවා ඉන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ම සංකේතවත් වෙනවා කියලා. ඒ වුණත් හිස් බම්බුවෙන් සංකේතවත් වන්නෙ උපාධි සහතිකය. අභිමුඛයේ උපාධි ලබා ගන්න අය මේ හිස් බම්බුව කුලපති අතින් හරි නියෝජිතයකු අතින් හරි ලබා ගන්න ඕන. ජනාධිපති හිටියොත් ඔහුගෙ අතින් ද කියන එක පැහැදිලි නැහැ. ඒ කුමක් වුණත් විශ්වවිද්‍යාලෙ ප්‍රධානියා කුලපති. කුලපතිගෙ අතින් හරි කුලපතිගෙ නියෝජිතයකු අතින් හරි බම්බුව ගන්න ඕන.
සමහර උපාධිධාරීන් හාමුදුරුවන්ගෙ අතින් ගන්නෙ නැතුව උප කුලපතිනියගෙන් බම්බුව ගත්තා. උප කුලපතිනිය එහි දී ක්‍රියා කෙළෙ කුුලපතිගෙ නියෝජිතයා හැටියට. ඔය උප කුලපතිනියවත් වේදිකාවෙ හිටපු ආචාර්ය මහාචාරයවරූවත් දැනුමට අලුතෙන් යමක් එකතු කළ අය නො වෙයි. ඔවුන්ට පත්‍රිකා ඇති. ඒත් එකතු කළ සංකල්පයක් කතන්දරයක් නැහැ. ඒ කුමක් වුවත් උප කුලපතිනිය බම්බුව දුන්නෙ හාමුදුරුවන්ගෙන් අරගෙන. ඉන් හාමුදුරුවන් ප්‍රතික්‍ෂෙප වන්නේ නැහැ. ඒ උපාධිලාභීන්ට උපාධියත් හිමි වෙනවා. බම්බුව නෙ උපාධිය.
ඒත් අර කිහිප දෙනකු හිටිය බම්බුවක් ලෝගුව ඇතුළෙ දාගෙන ඇවිත් බමබුව එළියට අරන් උප කුලපතිනිය ළඟට ගිහින් පින්තුරයක් අරගෙන බම්බුවත් සමග බැහැල ගිය අය. ඔවුන් බම්බුව කොහෙන් ගෙනාවත් එය විශ්වවිද්‍යාලයෙන් දුන්නු බම්බුවක් නො වෙයි. ඒ නිසා ඔවුන්ට විශ්වවිද්‍යාලයෙන් ලැබුණු උපාධි සහතිකයක් නැහැ. මේ අයට සහතිකයක් ලබා ගන්න බැහැ. බම්බුව ලැබුණෙ කාගෙ අතින් වුණත් විශ්වවිද්‍යාලෙ බම්බුවක් ලබා ගත් අයට පමණයි උපාධි සහතිකය ලැබෙන්නෙ. ගෙදරින් බම්බු ගෙනැල්ල කැමරාවට බම්බුව පෙන්නල බැහැල ගිය අයට, විශ්වවිද්‍යාලෙ බම්බුවක් නැත්නම් එයින් සංකේතවත් වුණු උපාධි සහතිකය ඔවුන්ට හිමි නැහැ. ඔවුන්ට ගෙදරින් ම සහතිකයක් ලබා ගන්න පුළුවන්.
උපාධිය ගැන තියෙන පුහු මාන්නෙ තමයි මේ සියල්ලට මුල. ඇතැමුනට විශ්වවිිද්‍යාලෙ ප්‍රධානියා වෙන්න ඕනෙ උගතෙක්. ඒ කියන්නෙ කසිකබල් සහතික ලත් උගතෙක්. සහතික ලත් උගතුන් තමයි අද රාජ්‍ය නිලධාරීන්. ඔවුන් අවුරුදු හැත්තැවක් තිස්සෙ කළ කී දේවල ප්‍රතිඵලත් අද අපි භූක්ති විඳිනවා. එයට දේශපාලනඥයන්ට විතරක් වරද පටවන්න බැහැ. සහතික ලත් උගතුන්ට රටේ අනවශ්‍ය තැනක් ලැබිලා.
මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවන්ට සහතික නැතුව ඇති. ඒත් උන්වහන්සේට දැනුමක් තේරුමක් තියෙනවා. මා ජනාධිපති නම් කුලපතිවරුන් වශයෙන් පත් කරන්නෙ දැනුම් තේරුම් ඇති අය මිස සහතික ලත් උගතුන් නො වෙයි. අට පාස් රණවිරුවන් ද පත් කරනවා. ඔය ආචාර්ය මහාචර්යවරුන්ගෙන් නොව ඔවුන්ගෙන් රටට සේවයක් සිදු වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලවලින් බිහි වෙන්න ඕන දැනුමක් තේරුමක් ඇති නිර්මාණශීලී අය මිස අර පොතේ එහෙම තියෙනව මේ පොතේ මෙහෙම තියනව කියන්න පුළුවන් දත්ත ගබඩා නො වෙයි.

ඊනියා ඩයස්පෝරාව සමග මොන කතා ද? මහ ඇදුරු නලින් ද සිල්වා මහතා 21.09.2021
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්ට කියා තිබෙනවා දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව. මෙහි වැරදි ගණනාවක් ම තිබෙනවා. පළමුවෙන් ම ඩයස්පෝරාව කියන වචනය වැරදියි. මෙය බයිබලයේ, පරණ තෙස්තමේන්තුවේ එන වචනයක්. යුදෙවුවන් තම රටින් පිටුවහල් කිරීමෙන් පසුව ඔවුන්ට යොදා ගැණුනු වචනයක්. එහි තේරුම තම නිජබිමෙන් පිට කෙරුණු වැන්නක්. දෙමළ ඩයස්පෝරාව කියන්නේ තම නිජබිමෙන් පිටමංකෙරුණු දෙමළ ජනයා කියන එකයි.

මා මේ ගැන නොයෙකුත් වතාවල කියා ඇති මුත් ඒ ගැන සිංහලයන් එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. සිංහලයන් තරම් අවිචාර පුද්ගලයන් ලෝකයේ තවත් ඉන්නවා ද කියා මා දන්නේ නැහැ. අපේ ඉතිහාස කතාවේ හැටියටත් අප අපේ දැනුම ගිනිබත් කර ආන්ද්‍ර ප්‍රදේශ දැනුම පිළිගත් අය.
සංඛ්‍යාවල බිංදුව ලෝකෙට දුන්නේ අප ය කියා මා ටික කලකට පෙර කිවුවා. බිංදුව වෙනුවට අප ලිවුවේ හල්කිරීම. ඇතැම් ඉන්දියානු භාෂාවල හල්කිරීම වෙනුවට ලියන්නේ අදාළ අකුරට උඩින් බිංදුව. සංඛ්‍යාවල බිංදුව ලෝකෙට ගියේ එහෙමයි. අද ලෝකයා දන්නේ බිිංදුව හින්දු සංකල්පයක් ලෙස. එය සිංහල බෞද්ධ සංකල්පයක්.
බිංදුව යන සංකල්පයේ මුල ඇත්තේ අගයක් නැති එහෙත් අගයක් ඇති සංඛ්‍යාව යන්න. 0 ලෙස ලියූ විට අගයක් නැති වුවත් 105 ලෙස ලියූ විට බිංදුවට අගයක් තියෙනවා. අගයක් නැති එහෙත් අගයක් ඇති යන්න චතුස්කෝටික කතාවක්. සිංහලයන්ට සිංහලයන්ගේ වටිනාකම බිංදුව වෙලා. හල්කිරීමත් ශබ්දයක් නැති එහෙත් ශබ්දයක් ඇති සංකේතයක්. ක් කියා වෙනත් අකුරු නැතිව තනියම ලියූ විට ශබ්දයක් නැහැ. එහෙත් අක්කා කියා ලියූ විට ශබ්දයක් තියෙනවා. අප නිර්මාණය කළ ශාස්ත්‍රීය සංකල්ප සියල්ල ම පාහේ මකා දමා තියෙනවා කියන එකයි මගේ හැඟීම. සීගිරියේ බිංදුව කොහොම නමුත් ඉතිරි වී තිබෙනවා.
හල්කිරීම සීගිරියේ දක්නට ඇති බව මා දැන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශවල විජේවර්ධනගෙන්. ඔහු තවමත් එහි ඉන්නවා ද කියා මා දන්නේ නැහැ. මා හල් කිරීම ගැන සොයා බලන ලෙස පුරාවිද්‍යාඥයන් කිහිප දෙනකුට ම කී නමුත් ඔවුන් එය සතපහකට ගණන් ගත්තේ නැහැ. ඔවුන්ට බිංදුවේ වටිනාකම සත බිංදුවක් වන්න ඇති. හල්කිරීම ගැන මා කලින් ලියා ඇති. බිිංදුව සංකල්පය අප ආන්ද්‍ර බුද්ධාගම වැළඳ ගැනීමට පෙර සංස්කරණය කරන ලද්දක් වෙන්න ඕන.
කෙසේ වෙතත් සිංහලයන් තමන්ගේ දේ පහත දැමීමටත් අනුන්ගේ දේ වැළැඳ ගැනීමටත් සමතුන්. ඔය ඩයස්පෝරා වචනයත් එහෙමයි. ඒ වචනය යොදා ගැනීම ම සම්පූර්ණයෙන් ම වැරදියි. අනෙක් අතට ඊනියා ඩයස්පෝරාව හෙවත් විසිරුණු දෙමළ ජනයා අද නඩත්තු කෙරෙන්නේ එංගලන්තය මගින්. දෙමළ ජාතිවාදය ම ඉංගිරිසින්ගේ හා ලන්දේසීන්ගේ නිර්මාණයක්. එය සිංහල බෞද්ධත්වයට එරෙහි ව සකස් කරන ලද්දක්. ලන්දේසීන් ලංකාවෙන් ගිය පසු ඉංගිරිසින් දෙමළ ජාතිවාදය පෝෂණය කර රැකගත්තා. අවසානයේ දී එය දෙමළ ත්‍රස්තවාදය දක්වා විකාශය වුණා.
ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් ලෙස පරාජය කිරීම සැලසුම් කෙළේ එලෙස විකාශය වූ දෙමළ ජාතිවාදයයි. එදා නන්දිකඩාල් කලපුවේ දී පරාජය වුණේ ඒ සම්පූර්ණ කතාවයි. ඉන් පසු තවත් ඒ ගැන කතා නැහැ. දෙමළ ත්‍රස්තවාදය පරාජය වීමත් සමග දෙමළ ජාතිවාදයත් පරාජය වුණා. ඒ අදහස් මාලාව ම පරාජය වුණා. යුද්ධය හරි මෙහෙයුම් හරි කියන්නේ දේශපාලනය ඉදිරියට ගෙන යෑමක්. යුද්ධය කියන්නේ දේශපාලන තීන්දු ගන්නා එක් ක්‍රමයක්. ජ වි පෙ ආයුධ අතට ගත්තෙ දේශපාලන වැඩකට නො වේ ද? කොළඹ විශ්වවිද්‍යාලයේ සුවාදීන ශිෂ්‍ය සංගමය ආයුධ අතට ගත්තා ද කියා ලක්තිලකගෙන් අහන්න. සුවාදීන නායක ධර්මසිරි හා ප්‍රා අතර තිබූ සම්බන්ධය ගැන රාජිත දන්නවා ද කියා අහන්න.
නන්දිකඩාල් ජයග්‍රහණයේ දී දෙමළ ජාතිවාදී සංකල්ප රාමුව සම්පූර්ණයෙන් පරාජය කෙරුණා. ඒ ගැන නැවත සාකච්ඡා අවශ්‍ය නැහැ. ඒ ගැන විසිරුණු දෙමළ ජනයා හරි සම්බන්ධන්ලා එක්ක හරි සාකච්ඡා කරන්න පෙර බයිඩන්ටත් ජොන්සන්ටත් කියන්න නට්සීන් සමග සාකච්ඡා කරන්න කියා. නට්සීන් ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජය කෙරුණා. ඊනියා ඩයස්පෝරාවත් සමග මොන සාකචඡා ද?
අද විසිරුණු දෙමළ ජනයා මෙහෙයවෙන්නේ එංගලන්තයෙන්. පරාජය කෙරුණු දෙමළ ජාතිවාදය ලෝකයේ යම් අයුරකින් පවත්වාගෙන යනු ලබන්නේ එංගලන්තය විසිනුයි. අප සමහරුනට එංගලන්තයෙන් එන සුළඟත් සනීපයි. දැන් නම් සුළඟ ටිකක් හීතලයි. ඇතැමුන්ගේ මව්රට එංගලන්තයයි. ආන්ද්‍ර ප්‍රදේශ දැනුම වැළඳ ගත් සිංහලයන්ට ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් දැනුම මොන තරම් ඉහළ ද? අද සාකච්ඡා කරනවා නම් කළ යුත්තේ බොරිස් ජොන්සන් සමගයි. ඔහු ළඟ දි විවාහ වුණා. ඔහුට භාර්යාවගෙන් උපදෙස් ලැබේවි.
ඒත් ප්‍රශ්නයක් තියෙනවා. සාකච්ඡා කළ යුතු ප්‍රශ්නය කුමක් ද? මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද? ඒ ප්‍රශ්නය අසා දැන් අවුරුදු තිහක් පමණ වන නමුත් තවමත් පිළිතුරක් නැහැ. ශිෂ්‍යත්ව සමත් ශිෂ්‍යත්ව අසමත් උපාධිධාරී නිරූපාධිධාරී (උපාධිධාරී නොවන) කිසිවකුට ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න බැරි වෙලා. දෙමළ නායකයන්ටත් ඒ ප්‍රශ්නයට උත්තරයක් නැහැ. වරක් එස් එල් ගුණසේකර එවැනි ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ දී ඇසූ විට කුමාර් පොන්නම්බලම් කීවේ දෙමල ජනයාගේ අභිලාෂය කියායි. අභිලාෂය මොකක් ද කියා ඇසූ විට ඔහු කීවේ රජයේ ඇතැම් පෝර්ම දෙමළ භාෂාවෙන් නැති බවක්.
ඇතැම් සිංහල කතෝලිකයන් හා සිංහල ක්‍රිස්තියානීන් ද කුල භේදය නිසා යම් යම් ප්‍රශ්න ඇති වූ සිංහල බෞද්ධ පවුල්වල උපත ලත් ඇතැමුන් ද සිංහල බෞද්ධ සංස්කෘතියට හා ජාතිකත්වයට පහර දීමට දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන් බොහොමයක් නඩත්තු කෙරෙන්නේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන හරහා. මේ සංවිධාන නෝර්වේ ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවල් හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල විශ්වවිද්‍යාලවල රැකියා ලබා ගැනීමට ශිෂ්‍යත්ව ලබා ගැනීමටත් සිංහල බෞද්ධ විරෝධී මතධාරීන් වීම සුදුසුකමක් වෙනවා.
අද මෙරට දෙමළ පක්‍ෂ භේද භින්න වී ඇත්තේ. එයට ප්‍රධාන හේතුව දෙමළ ජාතිවාදී දේශපාලනය අසාර්ථක වීමයි. එසේ තිබිය දී අප ඊනියා ඩයස්පෝරාවක් සමග සාකච්ඡා කිරීම වැටි ඇති දෙමළ ජාතිවාදය නගා සිටුවීමක් පමණයි.
අනෙක් අතට අද බලලෝභී අවස්ථාවාදීන් බලයට ඒමට නැවතත් ජාතිකත්වය ගසා කෑමට අර අඳිනවා. ඔවුන් විවිධ සූම් හා අසූම් සාකච්ඡා මගින් සංවිධානය වෙනවා. ඊනියා දෙමළ ඩයස්පෝරාව සමග කෙරෙන සාකච්ඡා ඒ අවස්ථාවාදී පනින රිළවුන්ට ඉනිමං බැඳීමක් වෙනවා. ඇතැම් රිළවුන්ගේ අතීතය සිංහල බෞද්ධ විරෝධී මංගලලා සමගත් සම්බන්ධයි. අවශ්‍ය වුණොත් සියල්ල හෙළිදරවු කරන්නම්.
හෙළ හවුල යනු බෞද්ධකම නැති තුප්පහින්ට ඊනියා සිංහල ලෙස මතු කිරීමට ඇතිකල හවුලකි
හෙළ හවුල දේශපාලන සංවිධානයක් වුණේ නැහැ. එමෙන් ම එහි බෞද්ධකමට වඩා සිංහලකම තිබුණා. හෙළ හවුල කතෝලික ප්‍රදේශවල ජනප්‍රිය වීමටත් එය හේතුවක් වුණා. හෙළ හවුලේ ත්‍රිවිධ රත්නය වූයේ දෙස බස රැස යන්න යි. අයි එම් ආර් ඒ ඊරියගොල්ල මහතාගේ භාෂා පෙරමුණෙත් සිංහලකම තමයි ඉස්මතු වුණේ. ඒ මහතා බෞද්ධ පරම විඥානාර්ථ සමාගමත් සමග සම්බන්ධ වූ අතර ක්‍රිෂ්ණමූර්තිවාදියකු ලෙස ද ප්‍රසිද්ධියක් ලබා තිබුණා. බණ්ඩාරනායක මහතා අරුණාචලම් මහතාගේ හින්දු මහා සභාව අනුව යමින් සිංහල මහා සභාව පිහිටෙව්වත් එයට ජාතිකත්වයක් තිබුණේ නැහැ. 1946 දී සිංහල මහා සභාව තවත් සංවිධාන සමග එක්සත් ජාතික පක්‍ෂයට එකතු වුණා.
එහෙත් මෙරට සාමාන්‍ය සිංහල බෞද්ධ ජාතිකවාදීන්ට තමන්ගේ ම වූ දේශපාලන පක්‍ෂයක අවශ්‍යතාව තිබුණා. බණ්ඩාරනායක මහතාට එ ජා පක්‍ෂයෙන් කැඩෙන්න එයත් බල පෑවා. එහෙත් ශ්‍රී ල නි ප මුල දී ලිබරල් පක්‍ෂයක් වුණා. එය ජාතිකවාදී පක්‍ෂයක් බවට පත් වූයේ 1952 මින්නේරිය අතුරු මැතිවරණයත් සමග. මේ අතර පිලිප් ගුණවර්ධන මහතා ලංකා සමසමාජ පක්‍ෂයෙන් ඉවත් වී විප්ලවකාරී සමසමාජ පක්‍ෂය පිහිටුවා ගෙන තිබුණා. මෙරට මාක්ස්වාදයේ පියා ලෙස ප්‍රසිද්ධ වූ ඒ මහතා පුස් කෑ මාක්ස්වාදී පොත් ගැන කතා කළා.
1956 මැතිවරණයට සුළු කාලයකට පෙර ශ්‍රී ල නි ප, වි ල ස ස ප, භාෂා පෙරමුණ හා තවත් පක්‍ෂ කිහිපයක් එකතු වී මහජන එක්සත් පෙරමුණ පිහිටුවා ගත්තා. වම ඒ සමග නැති වුණා. ජාතිකත්ව පක්‍ෂයක් නොමැති වීම නිසා අධිරාජ්‍ය විරෝධී හැඟීම් ඇති ඇතැමුන් වාමාංශික පක්‍ෂ සමග සම්බන්ධ වී සිටියත් ශ්‍රි ල නි පක්‍ෂය හා පසුව ම එ පෙරමුණ පිහිටුවීමත් සමග වාමාංශික පක්‍ෂවලින් ඉවත් වුණා. වම නැති වීමෙන් පසු වමාලාගේ විකාශය පසුව සාකච්ඡා කරමු.

වස විෂ පිරි සුද්දගෙ එළවළු නෑ කියා නොහඬව් රස ගුණ පිරි සිය රට දේ කාපියව්
හැමෝම එළවළු මිළ ගණන් දාන හැටි දැක්කා. මම ලංකාවට විත් කෑවේ වැඩිපුරම කොස්, පොළොස්, කොස් ඇට, චව්චව්, මඤ්ඤොක්කා කොළ, ගොටුකොළ මුකුනුවැන්න මැල්ලුම් (ඒවා ගෙදර වත්තෙන්ම) , කරවිල, කඩල පරිප්පු, කුරක්කන් පිට්ටු රොටී සහ හෙළ සුවය කැඳ වර්ග. පළතුරු ගස් ඵල බර වෙලා අපේ ගෙදර තරුණ අලි ගැට පේර ගසකිනුත් ගෙඩි 180ක් කඩලා මල්ලිලා කොලොම්පුරේ සිට ඇවිත් අරන් ගිහින්. මගේ පියාණන් එකම කොස් ගහකින් කඩන කොස් පොළොස් ගෙදරට දුක සැප බැලීමට එන පින්වතුන්ටත් වැඩපලකට එන අයටත් දන් දී ඔවුන්ගේ බඩත් පුරවා සෝමනස්ස සහගත ඥානසම්ප්රයුක්ත අසංස්කාරික කුසල් යන් නිතර කරගත් හැටිද දැක සෝමනස්ස වුණෙමි මාත්. එම පින ගැන අගයන එළවළු ගැනීමට මුදල් නැති අයම කියනුත් ඇසී චක්ඛු සෝත විඥානය ටම ගොස් කුසල් සිත් ඇති වුණි.
විශ්‍රාම ගත් මගේ සොයුරා ද තවත් මහා කුසලයක් කරමින් සම්මා ව්‍යායාම සම්මා ආජීව ලෙස හතු වගාවද කර ගමටම උදව් කරමින් කරනා දානයද සෝ. ස. අස. කුසල් සිතින් ම දැක ගතිමි මා ද එම පෝෂණය ලදිමි.
කොවිඩ් මාෆියාව විසින් සියළු රටවල් වල දේශපාලකයන් ඊනියා විද්යාඥයින් නිලධාරීන් සහ අවුසදහාමිලා විසින් මිලට ගත් දොස් තරයෝත් මෙඩිකල් සේල්ස් රෙප්ලා වී, ජනතාවට භීතිකාව යවමින් රාජ්‍ය පාලකයින් ඊනියා එක්සත් ජාතීන්ගේ සංවිධාන වලින් අවි බලය වෙනුවට කොවිඩ් ත්‍රස්තවාදය ඇති කර ඇත. අපේ රටටද එයින්ම දරිද්‍රතාවය තවත් වැඩි කර ඇත. අමණ පාලකයින් සහ කූට නිලධාරින් විසින් වස විස නැති වගාව හයිජැක් කර තවදුරටත් ජනතාව බඩගින්නට පත් කිරීම අරභයා ම එය ක්‍රම ක්‍රමයෙන් නොව සෝඩා බෝතලය අරින ක්‍රමයට යොදවා ක්ෂණික නූඩ්ල්ස් කර තවත් විෂ කර හාමතටම ප්‍රයෝගයක් කර ඇත.
නමුත් අපේ පින් බිමේ පැගෙන්නෙත් විවිධ ගුණ ඇති මැල්ලුම්, ගමකටම කන්න දිය හැකි ගෙඩි පිරුණු කොස් නොහොත් බත් ගස. නිකමට අපේ කොස් ගෙඩියක මිළ ලන්ඩනයේ බැලුවෙමි. ගෙඩියක් පවුම් 109ක්. එය රුපියල් කලාම මට ලැබුණු පවුමේ මිළ අනුව නම් රුපියල් 29,975.00ක් ඒ කිව්වේ පවුම් 109×රුපියල් 275 =29, 975.00. එනිසා කාලකන්නි නායකයින්ට නිලධාරීන්ට අවුසදහාමිලා සහ දොස් තරයෝ ට බැණ බැණ සිටින වෙලේ ගමට ගොස් ඇති තරම් අපේම දේවල් කෑමට ගන්න. සුද්දන් පොහොර යොදා අපට හදන්න පුරුදු කල අර්තාපල් නුවර එළි එළවළු වලට වඩා ඉතා පෝෂ්‍ය දායී අපේම දේවල් ඔබගේ සෞඛ්‍ය ටද ඉතා වැදගත් වේවි.
තවදුරටත් රට ගොඩ ගැනීමටත්, තමන් ගොඩ ඒමටත් මූල්‍ය අරමුදල වැඩි කරගැනීමේ අරමුණු තිබේනම් අමණ කූට පාලකයින්ට සහ විපත්මග ට දොස් නොකියා ඔවුන්ටද පාඩම් ඉගැන්විය හැකි පින් බිමක් අපට ඇත. ගෑස් වලට ත් ආයුබෝවන් කියා ගම්වල නම් සුපුරුදු දර ලිප අගේටම ක්‍රියාත්මක වී තවත් රහටත් කෑම කා ජිව්හා විඥානය ද සොම්නස් කරගනිමින් නැවත සරල අල්පේච්ඡ සිංහළයන් පිනට දහමට ගෙදරදීම යොමු වී සිටින්නේ සමහරක් ආරණ්‍ය සහ පන්සල් කොටි සහ පල්ලියේ දුක් ගන්නා රාල ලා විසින් චීවරය දරන්නන්ගෙ කෙලෙස් අවුස්සා ඉලුම්නාටි බවුජ්ජයෝ කරමින්, සිංහළය බොදු රටක් නොව කොරියානු පල්ලි රටක් බවට පත් කරගෙන යමින් සිටින අතරතුරේය.
නාහෙන් නාඬා කල යුතු දේවල් අපමණයි අප පින් බිමේ බඩගින්න උරුම වන්නේම නැත. බුද්ධ අධිෂ්ඨානය ගැන නැනෝ කාල වලින් වත් සැක කරන්නෙ නම් එය විචිකිච්චාව ම වේ. අපේ රට පින් බිමමය ශ්‍රද්ධාවත් බොදුනුවන් විශේෂයෙන්ම බඩ පණුවන් ගැන වද නොවනු ඇත.
උගත් පඬි නැට්ටන් සහ නූගත් මා – මහඇදුරු නලින් ද සිල්වා මහතා
උත්සව සමය කාගෙ ද?
මේ උත්සව සමයයි. උත්සව සමයේ ජනතාවට හිරිහැර නොකරන්න වග බලාගන්න ඕන. මෙය මේ දිනවල නිතර රූපවාහිනියේ ඇහෙන කතාවක්. ඒ කතාව ඇහෙන හැම විටක ම මගේ හිතට එන්නෙ කාගෙ උත්සව සමය ද කියා. මෙය මගේ උත්සව සමයක් නම් නො වෙයි. අපේ ගෙදර උත්සවයක් සඳහා කිසිම ලක ලැහැස්තියක් නැහැ. ඒ අපි උගතුන් නොවන නිසා වෙන්න පුළුවන්. උගත් ජනමාධ්‍යවේදීන් උත්සව සමයට ගජරාමෙට ලැහැස්ති වෙනවා වෙන්න පුළුවන්.
කොළඹ විශ්වවිද්‍යාලයෙ උප කුලපතිනියටත් උත්සව සමය ද දන්නෙ නැහැ. හාමුදුරුවන් අතේ තිබුණු බම්බුව උදුරා ගත්ත එකට උත්සව පවත්වමු ද? ඒ මොකක් වුණත් උපාධි ප්‍රදානොත්සවයට අදාළ අතුරු නියම ප්‍රසිද්ධ කරනවා ද? අර ඇතැමුනට දෙවරක් එක ම උපාධිය පිරිනැමුවෙ කොහොම ද කියල කියනවා ද? උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ ගැන හොයලා බලනවා ද? උගත් ජනමාධ්‍යවේදීන්ට මේ උත්සව සමය නිසා ඒ ගැන හොයා බලන්න වෙලාවක් නැද්ද? ඔවුන් ජනතාව ඉදිරියෙ සිංහ වෙස් ගත්තත් එඩිටෝරියල් නැත්නම් සංස්කාරකලා ඉදිරියේ කැණහිලුන්. සංස්කාරකලාගෙන් අහන්නෙ නැතුව උප කුලපතිනියගෙන් ප්‍රශ්න කරන්නෙ නැහැ.
උප කුලපතිනිය ජනාධිපතිතුමා පත් කළ කුලපති හාමුදුරුවන්ට විරුද්ධ ද? මා නම් මෛත්‍රිපාල ජනාධිපති වුණු විගස ඔහුට විරුද්ධත්වය පාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අස් වුණා. උප කුලපතිනිය හාමුදුරුුවන් පත් කිරීමට විරුද්ධ නැතුව ඇති. ජඩමාධ්‍යවේදීන්ට හාමුදුරුවන් අට පාස් ද කියල හොයල බලන්න පුළුවන්. අට පාස් නැති ජනතාවගෙ මුදලින් ඉගෙන ගත්ත බටහිර වෙදමහත්තුරු අද අට පාස් නැති ජනතාවට තම උගත්කමේ මහිමය උත්සවාකාරයෙන් පෙන්වනවා. දවල් දනියෙල් රෑ මිගෙල් පාදෙණියට සෞඛ්‍ය ලේකම්කම දෙන්න හාමුදුරුවො නිර්දේශ කළෙ නැත්තෙ ඇයි?
උගත් ජනමාධ්‍යවේදීන් හිම කරත්ත ඇදීමට පිනිමුවන් හොයන්න ඩෙන්මාර්කයට උතුරින් තියෙන රටවලට යෑමට සූදානම් වෙනවා ඇති. ඩෙන්මාර්කය කියන්නෙ ලංකාවට වැදගත් රටක්. මා කලිනුත් කියා ඇති නෙදර්ලන්තය ඩෙන්මාර්කය, නෝර්වේ වගේ රටවල් තමයි දැන් ලංකාවට වඩාත් ම වැදගත් වෙන්නෙ. ඩෙන්මාර්කය වැදගත් වෙන්නෙ කෝපන්හේගන් විවරණය නිසා නොවෙයි. මෙහේ නීල්ස් බෝර්ට වඩා වැඩ කාරයො ඉන්නවා. ක්වොන්ටම් ජාගොඩගෙන් අහන්න. ඩෙන්මාර්කය වැදගත් වෙන්නෙ තාක්‍ෂණයේ ඉතිහාසයෙ ඉඳන් ඕනැම දෙයක ඉතිහාසය සඳහා ආචාර්ය උපාධියක් ලබා ගැනීමට සිංහල බෞද්ධ විරෝධී නිරාලාට (ඊනියා නිරාගාමිකයන්ට ම නොවෙයි) තියෙන හොඳ ම රට නිසා.
ඉතිහාසය ගැන කතා කළ නිසා මේ ඊනියා උත්සව සමයේ ඉතිහාසය ගැනත් කියන්න ඕනෙ. හුඟ දෙනෙක් හිතන්නෙ ඊනියා උත්සව සමය ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය හා සම්බන්ධයි කියල. මා වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට ගොඩ වෙලා නැහැ කිවුව ජෙප්පිය ඊනියා උත්සව සමයෙ ඉතිහාසය ගැන මොනව කියනවා ද දන්නෙ. වැස්සකට විශ්වවිද්‍යාලෙකට යන්න වෙන්නෙ ඒ අසළින් කුඩයක් නැතිව පයින් යනකොට වැස්සොත්. මා ඔය විශ්වවිද්‍යාල පැත්තෙ වැහි දවස්වල තියා අනෙක් දවස්වලවත් ඇවිදින්න ගිහින් නැහැ. ජෙප්පියන් නම් යනවා ඇති. ඔවුන්ට විප්ලවීය වැඩ කොටසක් කරන්න ඇති.
කාන්තාරෙ උපන් යේසුස් ක්‍රිස්තුස් වහන්සෙ හිම කරත්තවල ගියෙ නැහැ. පිනි මුවන් දකින්නත් නැතුව ඇති. නත්තල කියන්නෙ උත්පත්තිය හා සම්බන්ධ වචනයක්. මේ කාගෙ උත්පත්තිය ගැන ද කියන්නෙ. මිසරයෙ හිටියා මිත්‍ර කියල දෙවි කෙනෙක්. ඒ හිරු දෙවියන්. සමහර විට දෙවියන්ගෙ රජු හැටියටත් සැලකුණා. අපිත් හිරු දෙවියන්ට සලකනවා. අපට මිසරය නැත්නම් වත්මන් ඊජිප්තුව හා ඇමරිකාවෙ මායාවරුන් අතර සම්බන්ධකම් තිබිල තියෙනවා. මිසරය හා අප අතර තිබුණු සම්බන්ධය ගැන මා කෙටි නාට්‍යයක් රචනා කරල කැලණියෙ සිසුන් ලවා වේදිකාගත කෙරෙවුවා. මේ රටවල ඔරායන් ග්‍රහ මණ්ඩලයෙ තරු තුනක් පිහිටි ආකාරයට පිරමිඩ හදල තියෙනවා. අප බෞද්ධ වීමෙන් පසු මේ පිරමිඩ චෛත්‍ය වුණා. චෛත්‍යයක් කියන්නෙත් පිරමිඩයක් තමයි. මිසරයෙ පිරමිඩවල පාරාවො රජවරුන්ගෙ සිරුරු තැන්පත් කළා. අපේ චෛත්‍යවල බුදුහාමුදුරුවන්ගෙ ධාතුන්වහන්සේ නිධන් කළා. මා මේ සම්බන්ධය ගැන මියන්මාහි ඊජිප්තු තානාපතිතුමා සමග කතා කළා. එතුමා ඒ ගැන දැන සිටියේ නැහැ.
අපේ හිරුදෙවි මංගල්‍යය පවත්වන්නෙ බක්මහේ. මිසරයන් පැවැත්තුවෙ දෙසැම්බර් විසිපස්වැනි දා. ඒ මිත්‍ර දෙවියා නැත්නම් හිරු දකුණට ගොස් ආපසු උතුරට ඒමට හැරෙන දිනය එදා හැටියට ඔවුන් සලකපු නිසා. අද නම් බටහිර තාරකා විද්‍යාවට අනුව එය දෙසැම්බර් විසිඑක ලෙස සැලකෙන්නෙ. පඬි නැට්ටන්ට ජෙප්පන්ට ජෙප්පියන්ට නම් හිරු ගමන් කරන්නෙ නැහැ. මිසරයෙ නැත්නම් ඊජිප්තුවෙ තිබුණු දැනුමත් ග්‍රීකයන් හා පසුව රෝමකයන් (රෝම වැසියන්) ගත්තා. ග්‍රීකයන් කෙළෙ ඒ දිනවල ලංකාවෙ භාරතයෙ බැබිලෝනියාවෙ මිසරයෙ සහ තවත් එවැනි රටවල තිබුණු දැනුම ස්වසිද්ධාත්මක (axiomatic) ක්‍රමයකට අවශෝෂණය කිරීම. ඒ දැනුම අවශෝෂණය කර ගත්තට පස්සෙ ඔවුන්ට කරන්න දෙයක් තිබුණෙ නැහැ. ඒ ශිෂ්ඨාචාරය ම නැති වෙලා ගියා. අපි ඒ දවස්වල ග්‍රීකයන්ට කිවුවෙ යවනයන් කියලා. පණ්ඩුකාභය රජුටත් ග්‍රීක නැත්නම් යවන සමබන්ධකම් තිබුණා.
මිත්‍ර දෙවියනුත් ග්‍රීකයන් මිසරයෙන් ලබාගත් එකක්. එය රෝමයටත් ගියා. අද ඔවුන් කියන්නෙ මිත්‍ර දෙවියා ග්‍රීක රෝම දෙවියෙක් කියලා! කොහොම හරි දෙසැම්බර් විසිපස්වැනි දා මිසරයෙ මිත්‍ර දෙවියන්ගෙ උපන් දිනය ලෙස සැලකුණා. හිරු දෙවියන් ආපහු උතුරට එන්න පටන් ගන්න දවස නෙ. රෝමකයන් ද එය ඒ විධියට පිළිගත්තා. ඔවුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එදින උපන් දෙවියන් ලෙස සැලකුවා. උන්වහන්සෙගෙ උපන් දිනය පිළිබඳ ව ඓතිහාසික සාධක නැහැ.
නත්තල කියන වචනය උත්පත්තිය හා සම්බන්ධ ලතින් වචනයෙන් බිඳී එන්නක්. අප පාසලේ ලතින් ඉගෙන ගන්න කොට මිත්‍ර දෙවියන් ගැන නැතුව ඉතිරි කතාව ඉගෙන ගත්තා. රෝමය නැත්නම් ලෝකයට කතෝලික ආගමක් නැහැ. කතෝලික ආගම ඇති වුණෙ තුන්වැනි සියවසේ ක්‍රිස්තුස් වහන්සෙ ඉපදිලා සියවස දෙකක් ගියාට පස්සෙ. කාන්තාරයෙ උපන් ක්‍රිස්තුස් වහන්සේ සීතල යුරෝපයේ යළි උපතක් ලැබුවා. ඒකත් බෝන් අගේන් තමයි. හිම කරත්ත පිනිමුවන් නත්තල් ගස් ජනමාධ්‍යවේදීන්ට හා අනෙක් අයට අවශ්‍ය වුණා.
ග්‍රෙගරි දින දර්ශනය ඇති වුණාට පස්සෙ දෙසැම්බර් විසිපහ ජනවාරි හයට තල්ලු වුණා. ජුලියන් දින දර්ශනයට අනුව පවත්වපු රුසියාවෙ ඔක්තේම්බර් විප්ලවය නොවැම්බරයට, අපේ අවුරුද්ද අප්‍රේල් දහතුනට දහහතරට තල්ලු වුණා වගේ. රොබට් නොක්ස් හිටපු කාලෙ අපි අවුරුද්ද පවත්වල තියෙන්නෙ ජුලියන් දින දර්ශනය අනුව මාර්තු අග. ග්‍රීක ඔතොඩොක්ස් පල්ලිය ක්‍රිස්තු උපත පවත්වන්නෙ ජනවාරි හයවැනි දා. රුසියාවෙ හා නැගෙනහිර යුරෝපයෙ තියෙන්නෙ ග්‍රීක ඔතොඩොක්ස් ක්‍රිස්තියානිය. නැහැ එහි දයලෙක්තික භෞතිකවාදයක් දැන් නැහැ. ඒක තියෙන්නෙ රුසියාවෙ ඉගෙන ගත්ත පඬි නැට්ටන්ගෙ ඔළුවල විතරයි. පඬි නැට්ටකු මෙය වැරදියට වටහා ගනීවි. නත්තල කොහොම වෙතත් අලුත් අවුරුද්දට නිශ්චිත දිනයක් නැහැ කියාවි.
මිත්‍ර දෙවියන්ගෙ උපන් දිනය හා ආශිත සති දෙක බටහිර යුරෝපයෙ උත්සව සමය වුණෙ එහෙමයි. ඒ දිනවල එංගලන්තෙ ඇමරිකාවෙ කඩවල් වහලා. ඩෙන්මාර්කයෙ කොහොම ද දන්නෙ නැහැ. අපට ජඩමාධ්‍යවේදීන් නිසා උත්සව සමයක් එන්න හදනවා. මිත්‍ර කියන්නෙත් හිරු දෙවියන්ට. හින්දුන් මේ උත්සවය පවත්වන්නෙ ජනවාරි 14 වැනි දා. එ හිරු දෙවියන් මකර රාශියට යන දවස. නැත්නම් මකර සංක්‍රාන්තිය. ඉංගිරිසින් සිංහල අවුරුද්ද සිංහල හින්දු අවුරුද්දක් කළා. ඒ හින්දු අවුරුද්ද ජනවාරි 14 පටන් ගනිද්දි. හින්දු දින දර්ශනය අනුව බක් මාසෙ හතරවැනි මාසෙ. පඬි නැට්ටන් අපේ අවුරුද්ද සිංහල දෙමළ අවුරුද්ද කරලා. මියන්මා සිට නැගෙනහිරට මෙ සූර්ය උත්සවය අප්‍රේල් දහහතර පැවැත්වෙන්නෙ. එය ජල ක්‍රීඩා උත්සවයක් ලෙසයි පැවැත්වෙන්නෙ.
ඒත් අද බටහිරයන් මිත්‍ර ගැන දන්නෙ නැහැ. ඒ නිසා අප දන්නෙත් නැහැ. නන්දිමිත්‍ර ගැන දන්නවද දන්නෙ නැහැ. රෝහිණි කතාවෙ මිත්‍ර කියන්නෙ නන්දිමිත්‍රගෙ මාමා. එයා එළාරට සේවය කළා. අද නම් මෙරට උගතුන් බටහිරයන්ට සේවය කරනවා. කාණුවක් කාණුවක් ගානෙ ඉන්න ආර්ථික විද්‍යාඥයන් ජාමූලෙට (IMF) යන්න කියනවා. ඔවුන් හා රනිල් හිතන්නෙ මේ ආර්ථික අර්බුදයට හේතුව ජාමූලෙට නොයෑම කියලා. රොනී පනී තමයි ඉස්සෙල්ල ම ජාමූලෙට පැන්නෙ. ජාමූලෙට යෑමත් මේ අර්බුදයට එක හේතුවක්. මෙහෙ නිකම් කියව කියව ඉන්න රනිල්ට ජාමූලෙ රස්සාවක් අරන් දෙන්න පුළුවන් ද?
මේ උත්සව සමය කාගේද? මහ ඇදුරු නලින් ද සිල්වා මහතා
උත්සව සමය කාගෙ ද?
මේ උත්සව සමයයි. උත්සව සමයේ ජනතාවට හිරිහැර නොකරන්න වග බලාගන්න ඕන. මෙය මේ දිනවල නිතර රූපවාහිනියේ ඇහෙන කතාවක්. ඒ කතාව ඇහෙන හැම විටක ම මගේ හිතට එන්නෙ කාගෙ උත්සව සමය ද කියා. මෙය මගේ උත්සව සමයක් නම් නො වෙයි. අපේ ගෙදර උත්සවයක් සඳහා කිසිම ලක ලැහැස්තියක් නැහැ. ඒ අපි උගතුන් නොවන නිසා වෙන්න පුළුවන්. උගත් ජනමාධ්‍යවේදීන් උත්සව සමයට ගජරාමෙට ලැහැස්ති වෙනවා වෙන්න පුළුවන්.
කොළඹ විශ්වවිද්‍යාලයෙ උප කුලපතිනියටත් උත්සව සමය ද දන්නෙ නැහැ. හාමුදුරුවන් අතේ තිබුණු බම්බුව උදුරා ගත්ත එකට උත්සව පවත්වමු ද? ඒ මොකක් වුණත් උපාධි ප්‍රදානොත්සවයට අදාළ අතුරු නියම ප්‍රසිද්ධ කරනවා ද? අර ඇතැමුනට දෙවරක් එක ම උපාධිය පිරිනැමුවෙ කොහොම ද කියල කියනවා ද? උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ ගැන හොයලා බලනවා ද? උගත් ජනමාධ්‍යවේදීන්ට මේ උත්සව සමය නිසා ඒ ගැන හොයා බලන්න වෙලාවක් නැද්ද? ඔවුන් ජනතාව ඉදිරියෙ සිංහ වෙස් ගත්තත් එඩිටෝරියල් නැත්නම් සංස්කාරකලා ඉදිරියේ කැණහිලුන්. සංස්කාරකලාගෙන් අහන්නෙ නැතුව උප කුලපතිනියගෙන් ප්‍රශ්න කරන්නෙ නැහැ.
උප කුලපතිනිය ජනාධිපතිතුමා පත් කළ කුලපති හාමුදුරුවන්ට විරුද්ධ ද? මා නම් මෛත්‍රිපාල ජනාධිපති වුණු විගස ඔහුට විරුද්ධත්වය පාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අස් වුණා. උප කුලපතිනිය හාමුදුරුුවන් පත් කිරීමට විරුද්ධ නැතුව ඇති. ජඩමාධ්‍යවේදීන්ට හාමුදුරුවන් අට පාස් ද කියල හොයල බලන්න පුළුවන්. අට පාස් නැති ජනතාවගෙ මුදලින් ඉගෙන ගත්ත බටහිර වෙදමහත්තුරු අද අට පාස් නැති ජනතාවට තම උගත්කමේ මහිමය උත්සවාකාරයෙන් පෙන්වනවා. දවල් දනියෙල් රෑ මිගෙල් පාදෙණියට සෞඛ්‍ය ලේකම්කම දෙන්න හාමුදුරුවො නිර්දේශ කළෙ නැත්තෙ ඇයි?
උගත් ජනමාධ්‍යවේදීන් හිම කරත්ත ඇදීමට පිනිමුවන් හොයන්න ඩෙන්මාර්කයට උතුරින් තියෙන රටවලට යෑමට සූදානම් වෙනවා ඇති. ඩෙන්මාර්කය කියන්නෙ ලංකාවට වැදගත් රටක්. මා කලිනුත් කියා ඇති නෙදර්ලන්තය ඩෙන්මාර්කය, නෝර්වේ වගේ රටවල් තමයි දැන් ලංකාවට වඩාත් ම වැදගත් වෙන්නෙ. ඩෙන්මාර්කය වැදගත් වෙන්නෙ කෝපන්හේගන් විවරණය නිසා නොවෙයි. මෙහේ නීල්ස් බෝර්ට වඩා වැඩ කාරයො ඉන්නවා. ක්වොන්ටම් ජාගොඩගෙන් අහන්න. ඩෙන්මාර්කය වැදගත් වෙන්නෙ තාක්‍ෂණයේ ඉතිහාසයෙ ඉඳන් ඕනැම දෙයක ඉතිහාසය සඳහා ආචාර්ය උපාධියක් ලබා ගැනීමට සිංහල බෞද්ධ විරෝධී නිරාලාට (ඊනියා නිරාගාමිකයන්ට ම නොවෙයි) තියෙන හොඳ ම රට නිසා.
ඉතිහාසය ගැන කතා කළ නිසා මේ ඊනියා උත්සව සමයේ ඉතිහාසය ගැනත් කියන්න ඕනෙ. හුඟ දෙනෙක් හිතන්නෙ ඊනියා උත්සව සමය ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය හා සම්බන්ධයි කියල. මා වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට ගොඩ වෙලා නැහැ කිවුව ජෙප්පිය ඊනියා උත්සව සමයෙ ඉතිහාසය ගැන මොනව කියනවා ද දන්නෙ. වැස්සකට විශ්වවිද්‍යාලෙකට යන්න වෙන්නෙ ඒ අසළින් කුඩයක් නැතිව පයින් යනකොට වැස්සොත්. මා ඔය විශ්වවිද්‍යාල පැත්තෙ වැහි දවස්වල තියා අනෙක් දවස්වලවත් ඇවිදින්න ගිහින් නැහැ. ජෙප්පියන් නම් යනවා ඇති. ඔවුන්ට විප්ලවීය වැඩ කොටසක් කරන්න ඇති.
කාන්තාරෙ උපන් යේසුස් ක්‍රිස්තුස් වහන්සෙ හිම කරත්තවල ගියෙ නැහැ. පිනි මුවන් දකින්නත් නැතුව ඇති. නත්තල කියන්නෙ උත්පත්තිය හා සම්බන්ධ වචනයක්. මේ කාගෙ උත්පත්තිය ගැන ද කියන්නෙ. මිසරයෙ හිටියා මිත්‍ර කියල දෙවි කෙනෙක්. ඒ හිරු දෙවියන්. සමහර විට දෙවියන්ගෙ රජු හැටියටත් සැලකුණා. අපිත් හිරු දෙවියන්ට සලකනවා. අපට මිසරය නැත්නම් වත්මන් ඊජිප්තුව හා ඇමරිකාවෙ මායාවරුන් අතර සම්බන්ධකම් තිබිල තියෙනවා. මිසරය හා අප අතර තිබුණු සම්බන්ධය ගැන මා කෙටි නාට්‍යයක් රචනා කරල කැලණියෙ සිසුන් ලවා වේදිකාගත කෙරෙවුවා. මේ රටවල ඔරායන් ග්‍රහ මණ්ඩලයෙ තරු තුනක් පිහිටි ආකාරයට පිරමිඩ හදල තියෙනවා. අප බෞද්ධ වීමෙන් පසු මේ පිරමිඩ චෛත්‍ය වුණා. චෛත්‍යයක් කියන්නෙත් පිරමිඩයක් තමයි. මිසරයෙ පිරමිඩවල පාරාවො රජවරුන්ගෙ සිරුරු තැන්පත් කළා. අපේ චෛත්‍යවල බුදුහාමුදුරුවන්ගෙ ධාතුන්වහන්සේ නිධන් කළා. මා මේ සම්බන්ධය ගැන මියන්මාහි ඊජිප්තු තානාපතිතුමා සමග කතා කළා. එතුමා ඒ ගැන දැන සිටියේ නැහැ.
අපේ හිරුදෙවි මංගල්‍යය පවත්වන්නෙ බක්මහේ. මිසරයන් පැවැත්තුවෙ දෙසැම්බර් විසිපස්වැනි දා. ඒ මිත්‍ර දෙවියා නැත්නම් හිරු දකුණට ගොස් ආපසු උතුරට ඒමට හැරෙන දිනය එදා හැටියට ඔවුන් සලකපු නිසා. අද නම් බටහිර තාරකා විද්‍යාවට අනුව එය දෙසැම්බර් විසිඑක ලෙස සැලකෙන්නෙ. පඬි නැට්ටන්ට ජෙප්පන්ට ජෙප්පියන්ට නම් හිරු ගමන් කරන්නෙ නැහැ. මිසරයෙ නැත්නම් ඊජිප්තුවෙ තිබුණු දැනුමත් ග්‍රීකයන් හා පසුව රෝමකයන් (රෝම වැසියන්) ගත්තා. ග්‍රීකයන් කෙළෙ ඒ දිනවල ලංකාවෙ භාරතයෙ බැබිලෝනියාවෙ මිසරයෙ සහ තවත් එවැනි රටවල තිබුණු දැනුම ස්වසිද්ධාත්මක (axiomatic) ක්‍රමයකට අවශෝෂණය කිරීම. ඒ දැනුම අවශෝෂණය කර ගත්තට පස්සෙ ඔවුන්ට කරන්න දෙයක් තිබුණෙ නැහැ. ඒ ශිෂ්ඨාචාරය ම නැති වෙලා ගියා. අපි ඒ දවස්වල ග්‍රීකයන්ට කිවුවෙ යවනයන් කියලා. පණ්ඩුකාභය රජුටත් ග්‍රීක නැත්නම් යවන සමබන්ධකම් තිබුණා.
මිත්‍ර දෙවියනුත් ග්‍රීකයන් මිසරයෙන් ලබාගත් එකක්. එය රෝමයටත් ගියා. අද ඔවුන් කියන්නෙ මිත්‍ර දෙවියා ග්‍රීක රෝම දෙවියෙක් කියලා! කොහොම හරි දෙසැම්බර් විසිපස්වැනි දා මිසරයෙ මිත්‍ර දෙවියන්ගෙ උපන් දිනය ලෙස සැලකුණා. හිරු දෙවියන් ආපහු උතුරට එන්න පටන් ගන්න දවස නෙ. රෝමකයන් ද එය ඒ විධියට පිළිගත්තා. ඔවුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එදින උපන් දෙවියන් ලෙස සැලකුවා. උන්වහන්සෙගෙ උපන් දිනය පිළිබඳ ව ඓතිහාසික සාධක නැහැ.
නත්තල කියන වචනය උත්පත්තිය හා සම්බන්ධ ලතින් වචනයෙන් බිඳී එන්නක්. අප පාසලේ ලතින් ඉගෙන ගන්න කොට මිත්‍ර දෙවියන් ගැන නැතුව ඉතිරි කතාව ඉගෙන ගත්තා. රෝමය නැත්නම් ලෝකයට කතෝලික ආගමක් නැහැ. කතෝලික ආගම ඇති වුණෙ තුන්වැනි සියවසේ ක්‍රිස්තුස් වහන්සෙ ඉපදිලා සියවස දෙකක් ගියාට පස්සෙ. කාන්තාරයෙ උපන් ක්‍රිස්තුස් වහන්සේ සීතල යුරෝපයේ යළි උපතක් ලැබුවා. ඒකත් බෝන් අගේන් තමයි. හිම කරත්ත පිනිමුවන් නත්තල් ගස් ජනමාධ්‍යවේදීන්ට හා අනෙක් අයට අවශ්‍ය වුණා.
ග්‍රෙගරි දින දර්ශනය ඇති වුණාට පස්සෙ දෙසැම්බර් විසිපහ ජනවාරි හයට තල්ලු වුණා. ජුලියන් දින දර්ශනයට අනුව පවත්වපු රුසියාවෙ ඔක්තේම්බර් විප්ලවය නොවැම්බරයට, අපේ අවුරුද්ද අප්‍රේල් දහතුනට දහහතරට තල්ලු වුණා වගේ. රොබට් නොක්ස් හිටපු කාලෙ අපි අවුරුද්ද පවත්වල තියෙන්නෙ ජුලියන් දින දර්ශනය අනුව මාර්තු අග. ග්‍රීක ඔතොඩොක්ස් පල්ලිය ක්‍රිස්තු උපත පවත්වන්නෙ ජනවාරි හයවැනි දා. රුසියාවෙ හා නැගෙනහිර යුරෝපයෙ තියෙන්නෙ ග්‍රීක ඔතොඩොක්ස් ක්‍රිස්තියානිය. නැහැ එහි දයලෙක්තික භෞතිකවාදයක් දැන් නැහැ. ඒක තියෙන්නෙ රුසියාවෙ ඉගෙන ගත්ත පඬි නැට්ටන්ගෙ ඔළුවල විතරයි. පඬි නැට්ටකු මෙය වැරදියට වටහා ගනීවි. නත්තල කොහොම වෙතත් අලුත් අවුරුද්දට නිශ්චිත දිනයක් නැහැ කියාවි.
මිත්‍ර දෙවියන්ගෙ උපන් දිනය හා ආශිත සති දෙක බටහිර යුරෝපයෙ උත්සව සමය වුණෙ එහෙමයි. ඒ දිනවල එංගලන්තෙ ඇමරිකාවෙ කඩවල් වහලා. ඩෙන්මාර්කයෙ කොහොම ද දන්නෙ නැහැ. අපට ජඩමාධ්‍යවේදීන් නිසා උත්සව සමයක් එන්න හදනවා. මිත්‍ර කියන්නෙත් හිරු දෙවියන්ට. හින්දුන් මේ උත්සවය පවත්වන්නෙ ජනවාරි 14 වැනි දා. එ හිරු දෙවියන් මකර රාශියට යන දවස. නැත්නම් මකර සංක්‍රාන්තිය. ඉංගිරිසින් සිංහල අවුරුද්ද සිංහල හින්දු අවුරුද්දක් කළා. ඒ හින්දු අවුරුද්ද ජනවාරි 14 පටන් ගනිද්දි. හින්දු දින දර්ශනය අනුව බක් මාසෙ හතරවැනි මාසෙ. පඬි නැට්ටන් අපේ අවුරුද්ද සිංහල දෙමළ අවුරුද්ද කරලා. මියන්මා සිට නැගෙනහිරට මෙ සූර්ය උත්සවය අප්‍රේල් දහහතර පැවැත්වෙන්නෙ. එය ජල ක්‍රීඩා උත්සවයක් ලෙසයි පැවැත්වෙන්නෙ.
ඒත් අද බටහිරයන් මිත්‍ර ගැන දන්නෙ නැහැ. ඒ නිසා අප දන්නෙත් නැහැ. නන්දිමිත්‍ර ගැන දන්නවද දන්නෙ නැහැ. රෝහිණි කතාවෙ මිත්‍ර කියන්නෙ නන්දිමිත්‍රගෙ මාමා. එයා එළාරට සේවය කළා. අද නම් මෙරට උගතුන් බටහිරයන්ට සේවය කරනවා. කාණුවක් කාණුවක් ගානෙ ඉන්න ආර්ථික විද්‍යාඥයන් ජාමූලෙට (IMF) යන්න කියනවා. ඔවුන් හා රනිල් හිතන්නෙ මේ ආර්ථික අර්බුදයට හේතුව ජාමූලෙට නොයෑම කියලා. රොනී පනී තමයි ඉස්සෙල්ල ම ජාමූලෙට පැන්නෙ. ජාමූලෙට යෑමත් මේ අර්බුදයට එක හේතුවක්. මෙහෙ නිකම් කියව කියව ඉන්න රනිල්ට ජාමූලෙ රස්සාවක් අරන් දෙන්න පුළුවන් ද?

