ඇමෙරිකානු භූ දේශපාලනයට බැතිමතුන් බිලි දී ජාත්‍යන්තර දේශපාලනය කරන සියා ඒජන්තයන් කතෝලික සභාව මය

ඇමෙරිකානු භූ දේශපාලන යට තමා පාස්කු ඉරිදා සිදු වුණේ කාලයක්ම අරාබි වසන්තය අප රටේ ගෙන ඒමට සැලසුම් කරමින් .
කාඩිනල් ඒ ජාත්‍යන්තර භූ දේශපාලන යේ සිටිනවා ඒකයි ඔහු දොස් පවරන්න හදන්නේ සිංහළ බෞද්ධයන්ට.
කාඩිනල් හැම තර්ස්ත කොණකම සිටී. සීඅයිඒ යනු වතිකානුව තමා.
කමල් ගුණරත්න ත් ඇමෙරිකාවෙ හිටියානෙ ශවින්දර වගේම. ආසියානු රටවල ආමිකාරයෝම තමා සීඅයිඒ ඒජන්තයෝ.
කමල් කාඩිනල් ට තග දාලා වීරයෙක් වෙන්නෙත් නාඩගමක්.
බෑ සිල් සහ ශවීන්ද්‍ර ව ගෙන ඒවි ඊළඟට නෙල්ලිගල සාදු කුරගල හෙම හදලා සැරසෙන්නේ ඒකයි. නැත්නම් මොරගොඩවම ඇමෙරිකන් ශ්‍රී ලංකා කොලණියේ අග්‍රාණ්ඩුකාරවරයා කරාවී.
ඔවුන්ම පල්ලිවලට ගහලා සිංහළ බෞද්ධ යෝ ට ඇඟිලි දිගු කරනවා.
ඥාණසාර හාමුදුරුවනේ මොරගොඩලාගේ ගැටවලට හසුන්න නම් එපා එපාමයි.

රටවැසියන් ගේ අවධානය බිඳ බෙදා වෙන් කර පාලනයට ජඩ මාධ්‍යකරණයේ උපතත් එංගලන්තයේ

හිරු නොබසින අධිරාජ්‍ය කියා පුම්බා ගත් රටවල් සුරා කෑ මුලාව මුසාව යොදා බෙදා වෙන්කර අපේ රටවල් තවමත් පාලනය කරන එංගලන්තේ හිරු කලාතුරකින් පායා තිබූ දිනයක් අද එය බැස යද්දි හඳ පායලා.
අප රටේ වගේම තමා අවධානය බිඳින ජඩ මාධ්‍ය වල උපත එංගලන්තේ. යුදෙව් ව්යාප්රුතිය කරුවන් විසින් මෙහෙයවන තෙත් බවක් මෙත්තා කරුණා මුදිතා කොහෙත්ම නැති ජඩ මාධ්‍ය කරණයේත් නියමුවෝ ඔවුන්. අප රට ඉතින් කොපිකැට් ලා සහ බටහිරට නැටවෙන්නේ කොහොමත් වැඩිනේ.
කොරෝනා භිතිකාව එන්නත් තර්ජන අතරේ එංගලන්තේ සුව (මුසල්මානුවෙක් හොඳේ) ඇමතිට කට උත්තර නැති වෙන්න ට හෘද සාක්ෂිය ඇති සුදු වෙද මහතෙක් එන්නත ගන්නෙම නැහැ කිව්වෙ ස්වභාවික ප්‍රතිශක්තිය ඔහුට ඇති වුණේ රෝගීන්ට සේවය කර ඔවුන් දුන් ත්‍යාගය වන වයිරසය නිසා. සහ අනිත් සේවකයන්ට එන්නත නොගත්තොත් සේවයෙන් පහ කරවන තර්ජන ඇති නිසා ඔවුන් වෙනුවෙන්.
ඇන්ඩෘ වින්ඩ්සර් බාලාපරාධ කර රජ පවුලට කට උත්තර නැති වෙනකොට අවධානය බිඳින්න ට අගමැති ජොන්සන් වයිරසේ තුට්ටුවකට මායිම් නොකර ගෙදර පිරිස රැස් කලා කියා ඔහුට විශ්වාස භංග ගේන්නට සහ ගෙදර යවන්නට අඬ බෙර ගසති රජ පවුලේ වැරදි වැසිමට.
අපේ සිංහළයේ රජවරු නායකයෝ විනාශ කල සුද්දෝ රෙදි ගැලවී සිටින, සුදු කිව්වට සුද්දන්ගේ ත් නොවන ස්කොට්ලන්ත ජර්මන් කවලම් රජ පවුල තබා ගැනීමට මාධ්‍ය අපහරණය හොඳින් පෙනේ.
ත්රිලක්ෂණය කොහෙත්ම නොදන්නා ඔවුන් පව්. කල කම් ඵල දෙන හැටි ඒ මදිවට.

ඩොලර් අර්බුදය හා නාථ දෙවියෝ – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

ඩොලර අර්බුදයේ හොඳ පැති ගණනාවක් තියෙනවා. මේ අර්බුදයට හේතුව සංචාරකයන් නැති වීම නොවෙයි. මේ ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමණාකරණයක් නො වෙයි. ඒ එසේ නම් පසුගිය ජූලි මාසය වන තෙක් සාමාන්‍ය තත්වයෙන් ඩොලර් සංචිතයක් පවත්වාගෙන යන්න බැහැ. සාමාන්‍ය තත්වය කියන්නේ හොඳ තත්වයක් නො වෙයි. ඒ ණයට කෑම. අප ණය ගත්තා මිසක් රටට ඔබින සංවර්ධනයක් ගැන හිතුවේ නැහැ. මේ කසිකබල් අධ්‍යාපනයෙන් බිහිවෙන අයට අලුතෙන් දෙයක් හිතන්න බැහැ.

මීට පෙර මෙරට ඩොලර් අර්බුද ඇති වෙලා තියෙනවා. හැත්තෑවේ දශකයේ මුල ඩොලර් අර්බුදයක් ඇති වුණා. අර හාල් පොලු පාන් පෝලිම් වැඩිහිටියන්ට මතකයි. එකල පිටරට යන විට ගෙන යන්න විදේශ විනිමය ලෙස නිකුත් කෙළේ පවුම් දෙකක් වැනි සුළු මුදලක්. අද ඩොලර් පහක් පමණක් දුන්නොත් මොකක් වෙයි ද? කොහොම වෙතත් අප හැත්තෑහතේ දී පාන් පෝලිම් නැති කරන්න ජේ ආර්ට ඡන්දය දුන්නා. එදා පටන් අප ණයට අරන් කෑවා. හැම ආණ්ඩුවක් ම ණයට අරන් කන්න දුන්නා. හැත්තෑහතෙන් පසු අර රුසියාවෙන් දීපු කර්මාන්තශාලා ටිකත් වහල දැම්මා. අපි ඒ කාලෙ සොමියෙ හිටියා. දැන් ආතල් ගන්නවා.

කොහොමටත් හැත්තෑහත වෙන විට ගොවීන් විිද්‍යාඥයන් වෙලා. හැටේ දශකයේ ගොවීන් රසායනික පොහොර එපා කියද්දි බලහත්කාරයෙන් ඒ ඔවුන්ගේ ඇඟේ ගැහුවා. මෙරට උගතුන් ඊනියා විද්‍යාඥයන් බවට පත්කෙළෙත් බලහත්කාරයෙන්. ඔවුන් ඉන්පසු ධර්මයෙන් ඈත් වුණා. ධර්මයයි බටහිර විද්‍යාවයි යා දෙක නොරත රත බැවින් පෑහීමක් නැහැ. බටහිර සංචාරකයන්ට විවෘත කෙරුණු තායිලන්තය හැරෙන්න අනෙක් ථෙරවාද රටවල් බටහිර මිම්මෙන් දුප්පත්. තායිලන්තය නම් විමුක්ති මගක් හොයාගෙන. අපේ සමහර බෞද්ධයනුත් විමුක්තිය සොයා තායිලන්තයට යනවා.

අද ණය ගැනීම ප්‍රශ්නයක් වෙලා. මෙරට ඩොලර් සංචිතය මෙවර අඩුවෙන්න ප්‍රධාන හේතු පිටරට ගිය ශ්‍රමිකයන් බැංකුවලට මුදල් නොඑවීමත් අපනයනකරුවන් ලැබෙන මුදල් විදේශවල ම තැන්පත් කර ගණුදෙනු කිරීමත්. එයට හේතු වුණේ ඩොරල් සංචිතය අඩුය කියා ජනමාධ්‍ය හරහා ගෙන ගිය ප්‍රචාරය නිසා බැංකු ක්‍රමය ගැන ඇති කෙරුණු අවිශ්වාසය. දැන් ඒ නැති වූ විශ්වාසය නැවත ඇති කරන්න එක්කෝ ණය ගන්න ඕන. නැත්නම් ණය ගෙවීම කල්දාගන්න ඕන. ඒ කරන්නත් බාහිරින් පිහිටක් ඕන. ආණ්ඩුවට ඉන්දියාව තරහ කර ගන්නෙ නැතුව චීනය සමග මිත්‍රත්වයෙන් කටයුතු කර රටවල් දෙකෙන් ම ආධාර ගැනීමට ක්‍රමයක් යොදා ගන්න වෙනවා. එහෙත් විසඳුම ඇත්තේ දීර්ඝ කාලීනව අපේ සංවර්ධන මාවතකට යොමු වීමෙන්. ලෝක වෙළෙඳපොළට නිෂ්පාදනය කිරීම හා අනවශ්‍ය වියදම් කපා හැරීම එහි දී ප්‍රධාන වෙනවා.

ණය අරගෙන රටට ඔබින ඔරොත්තු දෙන සංවර්ධනයකට රට යොමු වුණා නම් පහුගිය අවුරුදු හතළිස්පහක පමණ කාලයෙහි අපට ණයත් ගෙවලා යම් ආකාරයක සංවර්ධනයක් අත්කර ගන්න තිබුණා. එහෙත් අප රටට ඔබින නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු වුණේ නැහැ. අපි ඊනියා විද්‍යාඥයන් වුණා පමණයි. මා හිතන විධියට මෙරට ජනගහණයෙන් සියයට අනූවකට වඩා බටහිර විද්‍යාව ගැන විශ්වාසය තබන්නවුන්. එයට ප්‍රධාන හේතුව මෙරට බෞද්ධයන් ගණන සියයට දහයකටත් අඩු වීම.

උදේ හවස බණ කිවුවත් බණ ඇහුවත් මෙරට බෞද්ධයන් ඇත්තේ සුළු සංඛ්‍යාවක්. බණ කියන හාමුදුරුවරුත් විද්‍යාඥයන් වෙලා. මා අවුරුදු තිස්පහක් පමණ කී දෙයින් එතරම් පළක් වී නැහැ. මා දන්නවා බටහිර විද්‍යාව සමග හැප්පීම ගලේ ඔළුව ගහගන්නවාට වඩා හපන් බව. බොහෝ කලකට පෙර කාලෝ ෆොන්සේකාට පිළිතුරක් ලෙස බුද්ධාගම විිද්‍යාත්මක කිරීම හෝ එවැන්නක් හෝ යන මැයෙන් මා ලිපියක් ලියා ඇති. ඉන්පසු ඒ සම්බන්ධ ලිපි ගණනනාවක් ම ලියා තියෙනවා. බටහිර විද්‍යාව ඒක හේතුවාදීයි. එහෙම නැත්නම් ඌනිතවාදීයි. බටහිර විද්‍යාව ඊනියා සත්‍යයක් සොයා යනවා. ඊනියා වාස්තවික වූ යථාර්ථයක් ගැන කියනවා. ඔය කතා බමුණන්ට හොඳයි. එහෙත් බුදුදහමේ ඒ එකක්වත් නැහැ. අපි කිං කුසල ගවේෂි මිස කිං සච්ච ගවේෂි නො වෙයි. සමහරු නම් හොයන්නේ කිං නැත්නම් රජු.

අද ජඩමාධ්‍යවේදීන් මෙන් ම ගොවීන් ද විිද්‍යාඥයන්. ගොවීන් රසායනික පොහොරවල රස විඳලා ජඩමාධ්‍යවේදීන්ට ගොයම් ගස් පෙන්නනවා. විද්‍යාඥයන් වූ ජඩමාධ්‍යවේදීන් අපට ඒ ගස් පෙන්නනවා. අපට එල්ලෙන්න තුත්තිරි ගහක්වත් නැහැ. බ්‍රාහ්මණ ඉන්දියාවට හා මහායාන රටවලට බටහිර විද්‍යාව හා තාක්‍ෂණය සමග පෑහෙන්න පුළුවන්. එහෙත් ථෙරවාදීන්ට එය අපහසුයි. අප බටහිර විද්‍යාව පසුපස ගියත් අපට ඒ සංස්කෘතිය සමග පෑහෙන්න බැහැ. අපට බටහිර විද්‍යාඥයන් මෙන් හිතන්න බැහැ. පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කියා ඊනියා විිද්‍යාත්මක ක්‍රමයක් ගැන කියන්නන් මෙන් ම බටහිර වෙදමහතුන් බටහිර කෘෂි විද්‍යාඥයන් බටහිර ආර්ථික විිද්‍යාඥයන් කරන්නේ බටහිරින් එන තොරතුරු සිංහලෙන් කීම පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානය තියෙනතාක් මෙරට වෛද්‍ය විශේෂඥයන් ඉන්නවා.

කොහොමටත් ඩොලර් අර්බුදය නිසා හොඳත් වෙනවා. පහුගිය අවුරුදුවල ආණ්ඩුව රසායනික පොහොර ගොවීන්ට නොමිළේ ලබා දුන්නා. ඩොලර් අර්බුදය නිසා දැන් රසායනික පොහොර ගෙන්නන්නේ නැහැ. එය යුක්ති යුක්ත කිරීමට දැන් කවුරුත් රසායනික පොහොර නිසා පස විස වෙන බව ආහාරවල විෂ ද්‍රව්‍ය ඇති බව කියන්න පටන් ගෙන. එය හොඳ දෙයක්. ඒ ඒ අය පොහොර නවත්තපු එක ගැන නොවෙයි ඒ කළ විධියෙ වැරැද්ද කියන්න පටන් ගෙන.

අපි පුදුම මිනිස්සු. කවුරුවත් අහන්නෙ නැහැ නොමිලේ රසායනික පොහොර දීමෙන් ගොවීන්ගෙ වකුගඩු නරක් කළා ද කියා. අපට සංගතවීම ගැන වගේ වගක් නැහැ. පේරාදෙණියේ සම්මානිත කෘෂි විද්‍යා මහාචාර්යවරයකු නම් අපට දොස් පවරල තිබුණ. මේ සියල්ල ආසනික්භීතිය නිසා ඇති වූවක් කියා ඔහු කියා තිබුණා. මේ සතපහකට වැඩක් නැති මහාචාර්යවරුන්ට ජලභීතිකාව වගේ ලෙඩක් තියෙනවා.

වකුගඩු රෝග කිහිපයක් තියෙනවා. පළමුව රජරට ඇති වී දැන් හැම තැන ම මෙන් පැතිරී ඇති වකුගඩු රෝගය අසාමාන්‍ය එකක්. බටහිර විද්‍යාව තවමත් එයට හේතුව දන්නෙ නැහැ. අපේ කණ්ඩායම තමයි එයට ප්‍රධාන හේතුව ආසනික් කියා කිවුවෙ. ඔය රසායනික පොහොරවල ආසනික් තිබෙනව බව අපට කිවුවෙ නාථ දෙවියන්. ඒ කියන්නෙ මතු බුදුවන මෛත්‍රී බුදුහාමුදුරුවන්. ඒත් අප දැන සිටියා ආසනික් අසාමාන්‍ය වකුගඩු රෝගයට එක ම හේතුව නොවන බව. අප බටහිර විද්‍යාඥයන් මෙන් ඒක හේතුවාදීන් නො වෙයි. කිවුල් ජලයත් එයට එක් හේතුවක්. පලිබෝධනාශකවල ග්ලයිෆොසේට් වෙන ආකරයකට හේතුවක් වෙනවා. ගැහැණු පිරිමි වශයෙනුත් එය බලපානවා. ජානත් හේතු වෙනවා. මෙරට ඉන්න කසිකබල් බටහිර ඒකහේතුවාදීන් අහනවා බංග්ලාදේශයේ ආසනික් තිබුණත් එහි අසාමාන්‍ය වකුගඩු රෝගයක් නැහැ කියා. ආසනික් තිබූ පමණින් වකුගඩු රෝගය හැදෙන්නෙ නැහැ. බංග්ලාදේශයේ ආසනික් නිසා හමේ රෝග ඇති වෙනවා. ඒකහේතුවාදීන්ට එය තේරෙන්නෙ නැහැ.

නාථ දෙවියන්ගෙන් අපට ආසනික් හේතුව දැන ගැනීමට ලැබුණු පසු අප ඒ පදනම් කරගෙන බටහිර විද්‍යාවට අනුව පර්යේෂණ කළා. ඒ පර්යේෂණ කෙළෙ මගේ ප්‍රධානත්වයෙන් මා විද්‍යා පීඨාධිපතිව සිටි කාලයේ කැලණිය විශ්වවිිිද්‍යාලයේ මූලික වශයෙන් රසායන විද්‍යා අධ්‍යනංශයේ. කිසිවක් නොතේරෙන පඬි නැට්ටන් අපෙන් අහන්න පුළුවන් බටහිර විද්‍යාවේ පරයේෂණ කරන්නෙ ඇයි කියලා. මා මේ නැට්ටන් අමතක කරල තියෙන්නෙ. ඔවුන් කිසිවක් නොතේරෙන කිසිවක් හිතන්න බැරි, සකර්බර්ගෙ අනාථකඳවුරෙ නිර්මාලාප කියවන අනාථයන් පමණයි. මේ බොහෝ දෙනකු විද්‍යාවට කඩේ යන්නෙ මෙරට සම්මතය අනුව ඉහළ තලයක ඇති බටහිර විද්‍යාව උසස් පෙළටවත් හැදෑරීමට දක්‍ෂතාවක් නොතිබීම නිසා ඇති වූ හීනමානයෙන්.

අපට කලින් වකුගඩු රෝගයට පොහොරවල පලිබෝධ නාශකවල දායකත්වය ගැන කිසිවකු පර්යේෂණ කරලා නැහැ. විවිධ මහාචාර්යවරුන් වරියන් අසාමාන්‍ය වකුගඩු රෝගයට හේතුව ෆ්ලෝරයිඩ් ය අරක ය මේකය ආදී වශයෙන් ඒක හේතු කියා තිබුණා. එහෙත් ඒ එකක්වත් වැඩ කෙළේ නැහැ. රසායනික පොහොර පලිබෝධනාශක ආනයනය කරන රෝග වෙළෙන්දන්ට ඔවුන්ගෙන් ප්‍රශ්නයක් වුණෙ නැහැ. දැන් වියත් මගේ ඉන්න ඔවුන්ගෙන් සමහරු කෙළෙ මට විරුද්ධ ව මහින්ද රාජපක්‍ෂට ගතු කීම පමණයි. ඩොලර් අර්බුදය නිසා අපට දැන් අපේ ගොවිතැනක් කරා යොමු වෙන්න පුළුවන්. වකුගඩුවත් බේරා ගන්න පුළුවන්. කාට කාටත් නාථ දෙවියන්ගෙ පිහිටයි.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

සිරිල් ගාමිණි පාදිලි තැනගේ එවූ චීවරධාරියා

https://m.facebook.com/groups/347159263247236/permalink/492567245373103/ කිරුලපන ධම්මවිජය හිමි යන් ථෙරවාදී සම්ප්‍රදාය තුළ මහන කළද මහණකම 4 ආකාරයකින් වලංගු වන්නේ නැත.
☑️පච්ච කෙට්ටු අය මහණ කිරීම.
☑️සොල්දාදුවන් මහණ කිරීම.
☑️සාමණේර සීලය පසු නොකල හිටි හැටියේ මහණ වීම.(බුද්ධ විනයට අයිති නොවුණත් සිංහල බෞද්ධ සම්ප්‍රදායට අයිති ය)
☑️ උපසම්පදාවේදී මේ කිසිත් විමසා නොබලා උපසම්පදාව පිරිනැමීම.
☑️2015දී පාරාජිකා වීම නිසා පන්සලෙන් පන්නා දැමුවා. ඒ සම්බන්ධව විනය කර්මයක් නොකිරීම.

දෙපත් නයි වැඩිපුරම ජනපතිට එරෙහිව ඉන්නේ ත්‍රිවිධ හමුදාවේ. නෙල්ලිගල ඊනියා ජාත්‍යන්තර බොදු මධ්‍යස්ථාන ය සහ ශවීන්ද්‍ර ගැන ජනපතිතුමා සහ සිංහළ බෞද්ධ යන් වහා අවබෝධ කරගත යුතුය. අපට කිසි සේත් එපා අසපු පන්නයේ කතෝලික කහලෝගු සහ කොරියාවක් හෝ මහායාන ජපානයක්. මේ රට ථෙරවාද සිංහළ බෞද්ධ රාජ්‍යයමයි. අත තියන්න හිතන්න වත් එපා පුතෝ.

කුරගල හයිජැක් කලේ තම්බි ගෙන් මුදවන බව පෙන්වා කතෝකිතුඑවන්ලික මිසදිටුවන්ට පැවරීමද

ඥාණසාර හාමුදුරුවෝ කුරගල වෙනුවෙන් කල සටන ඉරාජ් පද්දා උස්සගත්තා උදයශාන්ත ගුණසේකර ජෙපි ජනිපෙ යා සමග.

තම්බින් ගෙන් බේරුවා කියා උදම් අනමින් පරණ තෙස්තමේන්තු අන්තවාදීන්ගෙන් අලුත් තෙස්තමේන්තු අන්තවාදී බයිබල් කිතු කතොලිකයෝ සම්මාදම් කරගෙන විශ්ව පාරමී කලණ මිතුරෝ සමග කුරගල පින්බිම නැවත තුප්පහි මිසදිටු නඩයටම භාර දී සංචාරක මධ්‍යස්ථාන කර අපවිත්‍ර ම කරන එකට සතුටු ද විය හැකිද?

අපේ රට වේගයෙන් කොරියාවක් වෙනවා. බුද්ධ අධිෂ්ඨානය ම නිසා එය කරන්න බැරි බව පමණයි එකම සහණය.

ඔය තක්කඩි ව්යාප්රුති කාරයෝ ව වෙසමුණි දෙවියන්ට ජනවසභ දෙවියන්ට ම පෙනේවා තව තව ප්‍රකට වේවා. සම්බුද්ධ ශාසනය නිරුපද්‍රිතව ආරක්ෂා වේවා තව 2500ක්ම. බලෙන් විනාශ කරන අයට සම්මා දිට්ඨිය පහළ වේවා එම අරමුණු ව්‍යර්ථ වේවා.

ජෙප්පෝ ම කිතුකතො පද්දොම තමා ඔය වගේ ව්යාප්රුති වල ඉන්නේ බුදු සසුන විකුණගෙන කෑමට. ඒ බව තවමත් නොතේරීම හරි පුදුමයි.

පරංගි ශවීන්ද්‍ර සහ කහලෝගු නෙල්ලිගල

කඳුල පාදිලියා සහ ඥාණක්කා ලඟට ජනපතිව යැවූයේ පරංගි ශවීන්ද්‍ර වන අතර ඔහුව උස්සන නලුවා නෙල්ලිගල සාදු ය.

රාජ් සෝමදේව මලබාර කතෝලිකයා ශ්‍රී ලාංකික පජාතිය සහ ඊනියා හෙළයෝ ව්යාප්රුතිය හරහා ගෙන එන්නේද විග්නේෂ්වරන් ගෙ ඉලක්කයටමයි.

සිංහළය සිංහළ ජාතිය සමග ථේරවාද සම්බුද්ධ ශාසනය නසා සිංහළයෝ ත් හින්දු ජනවර්ගයක් කියා දෙමල රටක් බවට ගෝත්‍රික කර ජැක්සන් සෝමදේව සුමන්දිරන් ලාට දේවරාජ්ජෙ ගොඩ නැගීමයි.

අසපුවෝ නෙල්ලිගල ඊනියා ජාත්‍යන්තර බොදු මධ්‍යස්ථාන කාරයෝ එක රැයින් කොරියානු කිතුනු පල්ලි ලෙසටම වී අපේ මහා සංඝ රත්නයත් සිංහළ යනුත් පොළවෙන් යටට යවාවි. නමුත් ඒවා කල නොහැක්කේ බුද්ධ අධිෂ්ඨානය අනුව වන අතර ව්යාප්රුති කාරයෝ එක එකා ප්‍රකට වෙමින් පවති.

සිංහළේ ලේබලය ගහගත්තාට වැඩක් නෑ අපේ හාමුදුරුවනේ ඒ පාපතර ව්යාප්රුතිය කාරයින්ට හසු නොවී ඉන්න. ජෙප්පෝ ම තමා ඕවයේ යටින් ඉන්නෙත්. අප කුහක වී කියනවා නොවේ. නෙල්ලිගල වගේම කුරගලත් අසපුවෝ ලබුනොරුවෝ කිරුලපණ ලා සමග සිටින බව හොඳින් වටහා ගන්න. සැ

අසපු පන්නයේ පිළිම ත් හදවා ඊනියා ශාක්‍ය සිංහයා පෙන්වා සංචාරක මධ්‍යස්ථාන කරන්න එපා බුදු සසුන විකුණගෙන කාලා

සුසිල් පොලේ ගිහින් – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

සුසිල් පොළේ ගිහින්

සුසිල් ප්‍රේම් ජයන්ත කඩේ ගිහින්. නැහැ පොළේ ගිහින්. ඔහු දෙල්කඳ පොළේ නිතර දකින්න පුළුවන් කියල කියනවා. ඒත් සාමාන්‍යයෙන් පොළේ යන විට මාධ්‍ය යන්නේ නැහැ. ඒත් පසුගිය දා අහම්බෙන් ද කොහෙද සුසිල් ප්‍රේම් ජයන්ත ලොතරැයියක් ගන්න පොළට ගිය වෙලාවෙ මාධ්‍යවේදීන් ද ඇවිල්ල. අර ගොවීන් පොහොර විසිකරන විටත් මාධ්‍යවේදීන් එනවා. කොහොම එනවා ද දන්නෙ නැහැ. ගෑස් නැති වුණාමත් මාධ්‍යවේදීන් යනවා. ඒක නම් එච්චර ප්‍රශ්නයක් නො වෙයි. පාරෙ පෝලිම් දැක්කම යන්න පුළුවන්. ඒත් ගොවීන් පොහොර විසිකරන වෙලාවල් සුසිල් ප්‍රේම් ජයන්ත පොළේ යන වෙලාවල් දැන ගැනීමට මාධ්‍යවේදීන්ට පුදුම ඉවක් තියෙන්න ඕන.

පොළේ යන එක කඩේ යනවට වැඩිය බරපතල ද කියල පඬි නැට්ටකුගෙන් තමයි දැනගන්න වෙන්නෙ. දැන් ප්‍රශ්නය පොළේ ගියෙ කාට ද කියන එක. සුසිල් අමාත්‍යාංශයෙන් පිට වෙන විට ගියේ ත්‍රිරෝද රථයක. දුප්පතා ඔහුට මෝටර් රථයක්වත් නැහැ. සුසිල් ගිය ත්‍රිරෝද රථයෙ පිටිපස්සෙ සිරස කියල ලියල තිබුණා. මා කියන්නෙ නැහැ මේ සියල්ල සිරසෙ වැඩක් කියලා. ඔය ත්‍රිරෝද රියදුරන් රථය පිටුපස එක එක දේ ලියනවා. ඔවුන් නූගතුන් කියමු. උගතුනුත් ලියනවා. තමන් අහවල් වෘත්තීය කරන බවට ඒ අදාළ සංගමයක ප්‍රදර්ශක දැන්වීමක්, එහෙමත් නැත්නම් තමන් ඉගෙන ගත් පාසල ප්‍රදර්ශනය කිරීමට දැන්වීමක් අලවා ගෙන යනවා. පාසල, වෘත්තීය නැතිව ඔවුන්ට තනියම නැගී සිටින්න බැහැ කියල මා කියන්නෙ නැහැ. ඒ ඊනියා උගතුන්ගෙ සංස්කෘතිය, මේ ඊනියා නූගත් ත්‍රිරෝද රියැදුරන්ගෙ සංස්කෘතිය.

මට දැන් නම් මෝටර් රථයක් නැහැ. ඉස්සර තිබුණු කාලෙ මා හිතන්නෙ එයට පඬි නැට්ටන් ප්‍රචාරයක් දීල තිබුණා. මා යන එන තැන් නිකම් ම ප්‍රචාරය වෙලා. මාධ්‍යවේදීන් ඒ නිසා මගේ ගමන් බිමන් ප්‍රචාරය කෙළේ නැහැ. මා සිටි මාධ්‍ය සාකච්ඡාවක වුණත් මා කී දේ ප්‍රචාරය නොකිරීමට ඔවුන් කාරුණික වුණා. මගේ මෝටර් රථය තවමත් තියෙනවා. අදට අවුරුදු හතළිස් පහක් වෙනවා. එය දැන් මගේ ඥති පුත්‍රයෙක් පදවනවා. තවමත් එය දුවනවා.

සුසිල් ප්‍රේම් ජයන්ත ගැන මා කණගාටු වෙනවා. මට ඔහු කිහිප වතාවක් මුණ ගැසී තියෙනවා. ඔහු කියා තිබුණා ඔවුන්ට ලැබී තිබුණෙ බංකුව කියල. දැන් බංකුවත් නැහැ. බංකුව නැති වුණාට කමක් නැහැ බැංකුව තියෙනවා නම්. වඩා වැදහත් බැංකුවයි. මගෙන් කවුරුන්වත් අහන්න එන්නෙ නැහැ ඩොලර් තියෙන බැංකුවක් ද කියලා. කවරුන්වත් මගේ බැංකු ගිණුම් ගැන අහන්නෙ නැහැ. තානාපති කෙනකු වෙලා ඉඳලත් අහන්නෙ නැහැ. ඒක මට මදිකමක්.

සුසිල් ප්‍රේම් ජයන්ත හා වාසු විමල් උදය ත්‍රිත්වය අතරත් නිමල් ලන්සා වැන්නවුන් අතරත් වෙනසක් තියෙනවා. උගත් ජනමාධ්‍යවේදීන්ට වෙනස තේරෙන්නෙ නැහැ. සුසිල් යහපාලනයට ගිය අයෙක්. ආණ්ඩු පක්‍ෂයේ ඉදිරි පෙළ අසුන්වල ඉන්න අයගෙන් හුඟ දෙනෙක් තම දේශපාලන ජීවිතයේ පක්‍ෂ මාරු කළ අය. තම පක්‍ෂය මාරු නොකළ අය සිටින්නේ කිහිප දෙනයි. ඒ අතර මහින්ද රාජපක්‍ෂ හා දිනේෂ් ගුණවර්ධන කැපී පේනවා. පක්‍ෂ මාරු කිරීම පාපයක් වුණත් පංචානන්තරීය පාප කර්මයක් නො වෙයි. ඒත් යහපාලනයට යෑම පංචානන්තරීය පාප කර්මයක්. මෛත්‍රිපාලලා දයාසිරිලා සුසිල්ලා එය අවබෝධ කරගෙන නැහැ. යහපාලනයට ගිය කිහිප දෙනකුට ඇමතිකම් ලැබී තිබුණත් බොහෝ දෙනාට ලැබී තියෙන්නෙ බංකුව .එයට වරදක් කියන්න බැහැ. යහපාලනයට ගොස් 2015 දී මහින්ද පරාජය කිරීම වැරදි ම වැරදි දේශපාලන තීන්දුවක්. ඒ පාප කර්මයේ විපාක ජාති ජාති කොහොම වෙතත් පාර්ලිමේන්තු පාර්ලිමේන්තු ගෙවන්න වෙනවා.

යහපාලනයට යන්න නොයෙකුත් හේතු තියෙන්න ඇති. ඒත් ඒ එකක්වත් ගණන් ගත යුතුව තිබුණෙ නැහැ. අද කොහොම වෙතත් ධර්මය රජ කළ දවස දෙමවුපියන් වැරදි කළා කියා ඔවුන් ඝාතනය කෙරුණේ නැහැ. පඬි නැට්ටන් අහන්න පුළුවන් කාශ්‍යප කාලෙ සීතාවක රාජසිංහ කාලෙ ධර්මය රජ කෙළෙ නැද්ද කියලා. මගේ අධ්‍යයනයන් අනුව ඒ දෙදෙනාගෙන් කිසිවකු පීතෘ ඝාතකයකු නො වෙයි. මෛත්‍රිපාලලා කළෙ බලය ලබා ගැනීමට පියා දේශපාලනික ව ඝාතනය කිරීම.

බුදුදහමට අනුව කිසිවකු සදාකාලික අපායට යන්නේ නැහැ. අජාසත්තලා දේවදත්තලා දිනෙක නිවන සම්මාබෝධ කර ගන්නවා. අප උත්සාහ කෙළෙ මෛත්‍රිපාලලා නැවත මේ පැත්තට ගැනීමට. මේ පැත්ත සර්වතොභද්‍ර නැහැ. එහෙත් රට දැය සමයට ඒ පැත්තට වඩා හොඳයි. මෛත්‍රිපාල දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටුවීමෙන් යම් කූසලයක් අත්පත් කර ගත්තා. ඒත් මේ පැත්තෙ නිඝන්ටයන් ආජීවකයන් ආදීන් ඉන්නවා. පංචානන්තරීය පාප කර්මයක් කළත් මෛත්‍රිපාලලා දයාසිරිලා සුසිල්ලා නිඝන්ටයන් නො වෙයි. මගෙන් අහන්න එපා මේ පැත්තෙ ඉන්නෙ රෙදි අඳින නිඝන්ටයන් ද රෙදි නාඳින නිඝන්ටයන් ද කියලා.

නිඝන්ටයන් දින පනස්දෙකේ ආණ්ඩුව පවත්වා ගෙන ගියේ නැහැ. යටත්විජිතගෙ මීටර සිය දිවිල්ල හමුවේත් ඔවුන් නිහඬ වුණා. ජෙප්පන්ට මතක නැහැ ඔවුන් යහපාලනය ආරක්‍ෂා කළ දඩබල්ලන් බව. කසිකබල් මාක්ස්වාදීන් කිසි දිනෙක කිසිම රටක මින් මතු බලයට එන්නෙ නැහැ. ගුණදාස අමරසේකර කිසිම හැදැරීමක් නැතිව කිවුවත් මාක්ස්වාදය ගෑවිච්ච අයකුටවත් ලංකාවෙ බලයට එන්න බැහැ. ජෙප්පන් කියන්නෙ ලෝකයෙ කොහෙවත් නොතිබූ රාජ්‍යයක් තමන් නිර්මාණය කරන බව. පඬි නැට්ටන්ට, සියයට තුනට, සිහින දැකීමේ අයිතිය තියෙනවා. මාක්ස් අවසාන වශයෙන් පෙන්නල තියෙන්නෙ ධනවාදය ඇති නොවුණු රටවල (රාජ්‍ය) ධනවාදය ඇති කිරීමේ ක්‍රමයක් පමණයි. ලෙනින් ස්ටැලින් මාඕ ආදීන් ඒක යම් ආකාරයකට දැන ගත්තා. කස්ත්‍රෝ මාක්ස් නොකියවා ම ප්‍රායෝගික ව එය දැක්කා. ට්‍රොට්ස්කි සහෝදරයා ඒ බව තේරුම් ගන්නෙ නැතිව මැරුම් කෑව. ලෝකයට මින් මතු මාක්ස් අවශ්‍ය නැහැ. ලෝකය ධනවාදී වෙලා ලෙඩ වෙලා ඉවරයි. ලෝකයට අද ඕන මාස්ක්.

සුසිල්ට රට දැය සමය වෙනුවෙන් තව කලක් බංකුවේ ඉන්න තිබුණා. බංකුවේ නැගලා කෑ ගහලා වැඩක් නැහැ. මාධ්‍ය සංදර්ශන මාධ්‍යවේදීන්ට තම දිවි පැවැත්ම සඳහා හොඳයි. ඔවුනුත් ජීවත් වෙන්න එපායැ. රට දැය සමයට සංර්ශනවලින් සතපහක වැඩක් නැහැ. 2015 කළ වරද නැවතත් කිරීමෙන් රට ඉන්දියාවෙ කොළනියක් වෙනවා.

සුසිල් පොළේ ගිහින් තියෙන්නෙ රට දැය සමය වෙනුවෙන් නම් නො වෙයි. ඔහු පඬි නැට්ටන් මෙන් ඉංගිරිසි ජාතිකවාදයට කඩේ යනව කියලා මා කියන්නෙ නැහැ. ඒත් තම තමන්ට කඩේ යන මාධ්‍යවේදීන්ගෙ කැමරා ඔහු පසු පස එම තව සති දෙකකින් නවතිවි. දයාසිරිට නම් එතරම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔහු වකුගඩු රෝගයට හේතුව හොයා ගෙන. සමහර විට ඔහුට උපදෙස් දෙන බටහිර වෙද මහතකු වෙන්න බැරි නැහැ. ඔහු මහා විද්‍යාඥයෙක්. දෙදෙනාගෙන් කාට හරි නොබෙල් තෑග්ග හිමිවෙන්න පුළුවන්. මෛත්‍රිපාල නම අනුව නම් මෛත්‍රියෙහි ආරක්‍ෂකයා. නිකමටවත් මෛත්‍රියේ පාලකයා වෙන්න හදන්න එපා.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

කාලෝ කිලී අවමංගල ජිප්සි සුනිල් රායප්පු ඔස්වල්ඩ් වගේම චන්දන ගුණවර්ධන ත් ගිහින්. සම්බුද්ධ ශාසනය තව 2500ක් පැවතීම ධර්මතාවයකි.

අන්තවාදය කියන වචනය හැදුනේ බයිබලයේ පැරණි ගිවිසුම ඉවත් කර නව ගිවිසුම ආ විගස යි. පැරණි ගිවිසුම අදහන්නන් අන්තවාදීන් වුණා. දැන් ගිවිසුමේ අය දුක් ගන්නා රාල වෙස් ගත් මිෂනාරින් වුනා මුලාවෙන් රවටා ගන්නා අය ලෙස