කාලිංගය (කලිඟු රට) පිළිබඳව ලංකාවේ ඉතිහාසය ලියූවන් අතර එකඟතාවක් නැත. ඉන්දියාවේ ඉතිහාසකරුවෝ එය ඩැකෑන් වෙරළ සමීපයේ පිහිටා තිබූ රටක් බව කීහ. මහාවංශයට අනුව සිංහල රජ පරපුර බිහිකළ සිංහයාගේ බිසව සුප්පාදේවී කාලිංග කුමාරිකාවකි. සිංහල ඉතිහාස කතාවලින් කියවෙන හැටියට එය ප්‍රබල බෞද්ධ රටක් වශයෙන් කීර්තිය දැරීය. බ්‍රාහ්මණාගම ඇදහූ රජවරු මෙහි රාජ්‍ය බලය අත්පත්කර ගත්හ. එවිට රට පාලනය කළ ගුහාශිව රජුගේ දියණිය (හේමමාලී කුමරිය) සහ බෑණා (දන්ත කුමරුන්) දන්තපුර නුවර වැඩ විසූ බුදුන්ගේ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරගෙන නැවක නැගී සිංහල දේශයේ ඔවුන්ගේ ඥාතීන් වෙත පැමිණියහ. දන්ත, අශෝක අධිරාජයා යුවරාජයෙකු වශයෙන් කටයුතු කළ අවන්ති රටේ කුමාරයෙකු බව පාලි දාඨාවංශයේ සඳහන් වේ. අශෝක අධිරාජයා ධර්මයට පිටුපා හැසිරුණ කාලිංගයට පහර දුන්නේය. එවිට ඇතිවූ බිහිසුණු යුද්ධය හේතුවෙන් අති විශාල ජීවිත හානියක් සිදුවිය.
යුද්ධයේදී මරාදැමුණු, මරණයට පත්වූ, සිරකරුවන්වූ සහ විපතට පත්වූ මනුෂ්‍ය ජීවිත ගැන මෙනෙහි කරන්ට ගත් අශෝක රජතුමාට බලවත් කම්පාවක් හා කනස්සල්ලක් ඇතිවිය. එතුමා කාලිංග පර්වතයේ පිහිටුවා ඇති ලිපියේ මේ සියලු විස්තර සඳහන්කර තිබේ. රජතුමා එමගින් තමන් පිළිපදින්නට තීරණය කළ, සියලුම රටවැසියන්ට තෘප්තිමත්ව ජීවත්වීමට මග පාදන ධර්ම මාර්ගයක් සඳහන් කරයි. දෙමව්පියන්ට කීකරුවීම, වැඩිහිටියන්ට ගරුකිරීම, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකීම, හිංසනයෙන් තොරව ජීවත්වීම ආදී කරුණු ගණනාවක් ඊට අයත් වේ. ලංකාවේ සමහර දේශපාලනඥයන් අවුරුද්දක් පාසා වන්දනාවේ යන පුරි දේවාලය පැරණි දන්ත පුරයේ දළදා මාලිගාවේ පාදම මත්තෙහි ඉදිකරන ලද්දකි. වර්තමානයේ එහි ඇති ශිව ලිංගය අශෝක ස්ථම්භයක් කඩා සකස් කරගන්නා ලද්දකි.
ඉන්දියාවේ ඉතිහාසය ලියූ යුරෝපා ජාතිකයින් අශෝක රජු කාලිංගය යටත් කිරීම ගැන නොයෙක් සාවද්‍ය මත ප්‍රකාශ කර තිබේ. සූක්ෂ්ම ක්‍රමවලට අශෝක අධිරාජයාට නිගරු කිරීම ඔවුන්ගේ සම්ප්‍රදායකි. ඊට ප්‍රධාන හේතුව එතුමා බෞද්ධයෙකු වීමයි. අශෝක අධිරාජයා යුරෝපයේ විසූ රාජ්‍ය පාලකයන් සමග තුලනය කිරීම ඔවුන් එතුමාට නිගරු කිරීමට භාවිත කරන උපායකි. ඒ ඇතැමුන් අශෝක අධිරාජයා හඳුන්වන්නේ ‘ඉන්දියාවේ කොන්ස්ටන්ටයින්’ වශයෙනි. කොන්ස්ටන්ටයින් රෝමයේ විසූ රජෙකි. ඔහු ක්‍රිස්තියානි අධිරාජ්‍යයක් ගොඩනැගුවේය. ඔහුගේ ජීවිත කතාව ලියූවන් සඳහන්කර ඇති ලෙසට යුදෙව් බයිබලයේ සඳහන් වන ලෝකය මැවූ දෙවියන් වහන්සේගේ උපකාරය කොන්ස්ටන්ටයින්ට ලැබුණි. සිංහාසනය ලබාගැනීම සඳහා යුද්ධය ඇරඹීමට පෙරදින රාත්‍රියේ ඔහුට දෘශ්‍යමාන වූ දෙවියෝ කුරුසය සලකුණු කළ කඩුවක් ප්‍රදානය කළහ.
ඉන්පසු කොන්ස්ටන්ටයින්ගේ පාර්ශ්වයේ සෙබළු ඔවුන්ගේ කඩුවල ඒ කුරුස ලකුණ සලකුණුකර ගත්හ. කුරුස ලකුණේ බලයෙන් සටන් බිමට ගිය සේනාව ඉතා පහසුවෙන් ජයග්‍රහණය කළේය. කොන්ස්ටන්ටයින්ව ආදර්ශයට ගත් ස්පාඤ්ඤය, පෘතුගාලය, ඕලන්දය, බිතාන්‍යය, ප්‍රංශය, බෙල්ජියම, ඩෙන්මාර්කය ආදී රටවල් කුරුසය පෙරමුණෙහි තබාගෙන රටවල් යටත් කරන්නට ගියහ. ඒ හැමෝම ජයග්‍රහණය කළහ. ජර්මානුවන් අනුගමනය කළේ ඊට වෙනස් මගකි. ඔවුහු නොපිටට කැරකෙන ස්වස්ථික ලාංඡනයක් ධජය කරගෙන කුරුසය පෙරටුකරගෙන සිටි යුරෝපීය රටවල් සමග යුද්ධ කළේය. ඒ යුද්ධයෙන් ජර්මනිය පරාජය විය. කලක් ඇමරිකාවේ බොස්ටන්හි පාස්ටර්වරයෙකුව සිටි ජේම්ස් කරෝල් (James Carrol) දීර්ඝ කාලයක් මුළුල්ලේ කළ ගවේෂණයකින් පසු, 2001 වසරේ කොන්ස්ටන්ටයින්ගේ කඩුව (Constantine’s Sword: The church and the Jews) මැයෙන් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළේය.
ඒ කතාව ඇසුරින් ඇමරිකාවේ චිත්‍රපටයක් නිපදවා තිබේ. කොන්ස්ටන්ටයින්ගේ කඩුව ග්‍රන්ථයට ඇමරිකානු සමාජයේ කිසියම් ආගමික සංවාදයක් ඇති කිරීමට හැකිවිය. ඊට හේතුව පැරණි කතෝලික හා ක්‍රිස්තියානි ආගම් සහ යාඥා ආගම් අතර මතභේද පැවතීමයි. කරෝල් පැහැදිලි කරන ලෙසට, රෝම සිංහාසනය හිමිකරගත් කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානි සහ යුදෙව් දේවගැතිවරුන් රැස්කර සම්මේලනයක් පැවැත්වීය. එය ප්‍රසිද්ධ වී ඇත්තේ ‘නිසියා කවුන්සලය’ නමිනි. නිදහස ලැබුණු මුල් කාලයේ ලංකාවේ පාර්ලිමේන්තුව කවුන්සලයක් වශයෙන් ප්‍රසිද්ධ වී තිබුණි. ලංකාවේ ඉහළම උසාවිය වූයේත් එංගලන්තයේ ‘ප්‍රිවි කවුන්සිලයයි’. කැරොල් පෙන්වා දෙන ලෙසට, නිසියා කවුන්සිලය යනු, යුදෙව්වන් සහ ක්‍රිස්තියානින් අතර පැවැති සංවාදයකි.
දෙවියන් සහ දේවපුත්‍රයා පිළිබඳ තීරණයක් ගැනීම ඊට සහභාගිවූවන්ගේ ප්‍රධාන කටයුත්ත වූයේය. යුදෙව්වන් සහ ක්‍රිස්තු භක්තිකයන් අතර පැවති ප්‍රධාන මතභේදය මෙය බව ඔහු කියයි. ක්‍රිස්තියානි බයිබලයේ සඳහන් වන්නේ කැරොල්ගේ අදහස නොවේ. ඊට අනුව යේසුස් වහන්සේට කුරුසියේ තබා ඇනගැසීම යුදෙව් රබ්බිවරුන්ගේ තීරණයකි. නිසියා සම්මේලනයට සහභාගිවූවෝ, ‘අරියස්’ සහ ‘අනෙන්සිස්’ දේවගැතිවරුන් දෙදෙනා යටතේ කොටස් දෙකකට බෙදී සිටියහ. දෙවියන් වහන්සේ සහ යේසුස් වහන්සේ දෙදෙනෙකි කියමින් අරියස් තර්ක ඉදිරිපත් කළේය.
දෙදෙනාම එක් අයෙකැයි අනෙන්සිස් තර්ක කළේය. ඇමරිකාවේ බිහිවූ නව ක්‍රිස්තියානි ‘සෙක්ට’ බොහෝමයක් අදටත් කියන්නේ දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ එකම කෙනෙකු බවයි. රටවල් යටත් කළ යුරෝපීයයෝ ඒ රටවල් යුදෙව් ක්‍රිස්තියානි ආගමික ආධිපත්‍යය යටතට පත්කළහ. මේ නිසා ලොවපුරා ක්‍රිස්තියානි ආධිපත්‍යයක් ඇතිවිය. චීන විප්ලවය මෙහෙයවූ මාඕ සේතුං ඒ ආධිපත්‍යයෙන් චීනය ගලවා ගත්තේය. බ්‍රිතාන්‍යයන්ගෙන් රට භාරගත් ලංකාවේ දේශපාලනඥයෝ පැවැති ආගමික ආධිපත්‍යය ආරක්ෂා කරමින් තහවුරු කළහ.
“නුඹේ දෙවි ස්වාමින් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි” යැයි දස පනතේ සඳහන් වේ.
ප්‍රතිවාදියා පමණක් නොව ප්‍රතිවාද නොඉවසීමත් යුදෙව් ක්‍රිස්තියානි අධිපතිවාදයේ අංගයකි.
ලංකාවේ කොවිඩ් 19 පැතිරයාම එය තේරුම් ගැනීමට හොඳ අවස්ථාවකි.
කොවිඩ් පළමුවෙනි රැල්ල නැගෙද්දී ආයුර්වේද වෛද්‍යවරු ඊට ප්‍රතිකාර සෙවීමට යුහුසුලු වූහ. ධම්මික පැණියත් එහි ප්‍රතිඵලයකි. එවැනි තවත් වෙද පිරිස් වෙති. ප්‍රසිද්ධ නොවූ, දේශීය ඖෂධ ආධාරයෙන් ප්‍රතිශක්තිකරණය හෝ සුවය හෝ ලැබූ රටවැසියෝ දහස් ගණනක් සිටිති. තවමත් රට වැසියන් වැඩි පිරිසක් කොවිඩ්වලින් ආරක්ෂා වී සිටින්නේ දේශීය ඖෂධවලින් මිස එන්නතක් ලබාගෙන නොවේ. නමුත් තුන්වැනි රැල්ල එනවිට ආයුර්වේද හා පාරම්පරික වෛද්‍යවරුන් දුර්වල කිරීමට සෞඛ්‍ය බලධරයන්ට හැකිවී තිබිණි. ධම්මික පැණිය නුසුදුසු යැයි තීරණය කිරීම නිදසුනකි.
‘ලොක්ඩවුන්’ කිරීම තවත් නිදසුනකි. දෙවන ලෝක යුද්ධය අවසන් වූ තැන් සිටම හදිසියේ ඇතිවන ආපදාවනට මුහුණදීමට ඇමරිකාවේ වැසියෝ පුරුදු වී සිටිති. මාසයකට දෙකකට ප්‍රමාණවත් ආහාර පාන නිවසේ රැස්කරගෙන සිටීම ඔවුන් බොහෝම දෙනෙකුගේ සාමාන්‍ය සිරිතයි. ලංකාවේ සිරිත එය නොවේ. රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට නිවෙස්වල ආහාර ගබඩා හදා ගැනීමට නොහැක. ඔවුන්ට විහාරස්ථාන නඩත්තු කිරීමට සිදුවේ. බෙදාහදා ගැනීම ඔවුන්ගේ සිරිතකි. කුසගින්නේ සිටින පුද්ගලයෙකු පැමිණිවිට තමන්ගේ බත්පත එම තැනැත්තාට දීමට තරම් කාරුණික පුද්ගලයෝ සිංහල සමාජයේ සිටිති.
ඇමරිකාවේ සිරගෙවල්වල පැවැති ලොක්ඩවුන් ක්‍රියාවලිය ඉන්දියාව ලංකාව වැනි රටවල් ක්‍රියාවට නංවන්නේ කොවිඩ් වසංගතයත් සමගිනි. මෙයින් කරන එක ක්‍රියාවක් වන්නේ, පුද්ගලයන් තමන් වසන නිවාසවලට සිරකිරීමයි. කොවිඩ් පැතිරෙන මුල් සමයේ මුළු රටම ලොක්ඩවුන් කරන්නැයි ඇතැම් සෞඛ්‍ය බලධරයෝ රජයෙන් ඉල්ලූහ. රජයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොමැති විට, කොවිඩ් ව්‍යාප්තිය ‘ලොක්ඩවුන්’ නීතිය ක්‍රියාත්මක නොකළ රජයේ වරදක් බව විරුද්ධ දේශපාලන පක්ෂ නායකයින්ගෙන් චෝදනා එල්ල විය. රජය රටම ‘ලොක්ඩවුන්’ කළ අතර කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් සිදුවිය. එවිට ඇතැම් සෞඛ්‍ය බලධරයෝ දින තුනක ‘ලොක්ඩවුන්’ කිරීමක් රටට අවශ්‍ය බව කීහ. එහෙත් කොවිඩ් පැතිරීමේ අඩුවක් නොවීය.
එනිසා දින හතක් රට ‘ලොක්ඩවුන්’ කරන්නැයි ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති. එයත් යම් තරමකට ක්‍රියාත්මක වේ. නමුත් කොඩිඩ් පැතිරීමේ අඩුවක් නැත. පසුගිය දිනක රූපවාහිනී නාළිකා මගින් අදහස් දැක්වූ බටහිර වෛද්‍යවරයෙක්, දින විසි එකක් රට ‘ලොක්ඩවුන්’ කිරීම, කොවිඩ් පාලනයට මග බව කීවේය. එයිනුත් කොවිඩ් වැළැක්වීමට නොහැකිවුණොත් අවුරුද්දක්ම රට ‘ලොක්ඩවුන්’ කරන්නැයි ඉල්ලීම් මොවුන්ගෙන් රජයට ඉදිරිපත් වනු ඇත.
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
සතිඅග අරුණ