මේවා ඔක්කොම පල්ලියෙ බටහිර ම්ලේච්ඡ වැඩ තමා. දැන් ඒවා එන්නේ විහාර සංවර්ධනය ලෙසින් ත්‍රිපිටක රක්ෂක පණත් ලෙසින් කලුපාට සුදු ලෙස වර්ණ ගන්වා
ගොවීන් බහුජාතික සමාගම් වලින් බේරා ගනිමු මහ ඇදුරු නලින් ද සිල්වා මහතා 08.10.21
පැන්ඩෝරාට පැන් වැඩීම ලිපිය බොහෝ වමක් නැති දකුණේ වමාලාට තේරුම් ගන්න බැරි වෙලා. සමහරු ලිපියට කැමති වෙලා (ලයික් ලකුණු කර) . ඔවුන්ගෙන් ඇතැමුන් හිතා ඇත්තේ පැන් වැඩීම කියන්නේ ආ වැඩීම, සවුදිය පිරීම වැනි දේකට කියා. ඔවුන් සිංහල බෞද්ධ සම්ප්‍රදාය දන්නේ නැහැ. පැන් වඩන්නේ මිය ගිය අයට. මා පැන් වැඩීමේ ගාථාවේ මුල් වචන කිහිපයත් ලිවුවා. එහෙත් වමාලාට ඒ වචනවලින් කිසිවක් මතක් වන්නේ නැතිව ඇති. මට කියන්න ඕන වුණේ පැන්ඩෝරා මිය ගිහින් කියන එක පමණක් නොවෙයි පැන්ඩෝරා පත්‍රිකා ද මිය ගිහින් බව.
ලංකාවේ පමණක් නොව ලෝකයේ ද තතු එහෙමයි. හිතනවා ද පුටින්ට හරි බ්ලෙයාර්ට හරි යම් පාඩුවක් සිදු වේය කියා. ටික කලක් පැන්ඩෝරා ගැන කතා කරමු. ඊට පසු පැන්ඩෝරා නැවතත් මරා දමමු. ඒ අතර පැන්ඩෝරා ගැන ලියා ඇති දේ කියවමු. පැන්ඩෝරාගේ ස්වාමි පුරුෂයා, ගිනි හොරකම, සියුස් මහා දෙවියා ගැන දත්ත හා තොරතුරු මතක ගබඩාවේ තැන්පත් කර ගනිමු. වෙනත් මාතෘකාවකට යමු.
ගොවීන් හා පොහොර ප්‍රශ්නය ටික කලක් ඇදී යනවා. ගොවීන් පොහොර ඉල්ලනවා. ඔවුන් ඉල්ලන්නේ රසායනික පොහොර. ඇතැමකු ජීව පොහොර ගැන ද කතා කරනවා. ගොවීන් කියන්නේ රසායනික පොහොර නැතුව වගාව හරි නොයන බවයි. ඔවුන් සමහරකු අපට ජීව පොහොර යොදා ලබා ගත් අස්වැන්නේ නිසරු බව පෙන්වනවා. ඒ කියන්නේ ඔවුන් ජීව පොහොර යොදා ඒ වන විටත් ගොවිතැන් කළ බව ද?
ඒ කොහොම වුණත් මේ ගොවීන්ගේ සීයලා රසායනික පෙහොර එපා කියා හැටේ දශකයේ කී අය. සීයලා ඊනියා හරිත විප්ලවය වෙනුවෙන් ගෙනා රසායනික පොහොරවලට විරුද්ධ වුණා. මුණුබුරාලා පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරනවා. ඉතා කෙටියෙන් ඒක තමයි විප්ලවය. මේ විප්ලවය නිසා අප තව තවත් බටහිරට නතු වෙලා. අපේ සීයලාට වඩා අපි බටහිරට ගැතියි. බටහිර විද්‍යාවට ගැතියි.
ඊනියා හරිත විප්ලවය පනහේ දශකයේ ඇරඹී හැටේ දශකයේ අවසානය දක්වා ලෝකය පුරා පැතුරුණා. අපට ඒ විප්ලවය ආවේ හැටේ දශකයේ. මාක්ස්වාදී විප්ලවය නම් එන එකක් නො වෙයි. හරිත විප්ලවයෙන් කෙරුණේ අස්වැන්න වැඩි කිරීම. ඒ සඳහා හඳුන්වා දුන්නේ පොහොර පමණක් නො වෙයි. කෘමි නාශක, වල් නාශක, බීජ වර්ග ආදිය ද ඇතැම් විට ජල කළමනාකරණය ද විප්ලව පොදියේ (පැකේජයේ) තිබුණා. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි කීවාක් මෙන් ඒ ඒ බීජවලට ඒ ඒ පොහොර. බීජවලට අදාළ පොහොර, පොහොරවලට අදාළ බීජ. වෙනත් පොහොර බැහැ. වෙනත් බීජ බැහැ. ඒ දෙකට ම අදාළ වල් නාශක හා කෘමි නාශක.
හරිත විප්ලවයත් සමග අපේ ශරීරවලට වස විස ඇතුල් වුණා. කවුරු මොන කතා කීවත් රජරට වකුගඩු රෝගය ලෙස හැඳින්වුණු රෝගය මේ හරිත විප්ලවයේ ප්‍රතිඵලයක්. අද ඇතැමුන් එයට හේතුව කිවුල් ජලය කියන්න උත්සාහ ගන්නවා. කිවුල් ජලය අද ඊයේ ඒ ප්‍රදේශවලට ලැබුණු එකක් නම් එයටත් හේතුව හරිත විප්ලවයේ ජල කළමනාකරණය. එහෙත් කිවුල් ජලය එදත් ඒ ප්‍රදේශවල තිබුණා. ප්‍රශ්නය කිවුල් ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වීම. ඔව් නාථ දේව මණ්ඩලයෙන් තමයි අප ඒ පණිවුඩය ලබා ගත්තේ. ඉන්දීය දෙවිවරුන්ට මෙන් නොව නාථ දෙවියනට වාහනයක් නැහැ. සමන් දෙවියන්ටත් නැහැ. ඒ දෙවිවරුන් සතුන් පිට නැගලා යන්නේ නැහැ. සත්ව කරුණාව වෙනුවෙන් අලි ඇතුන් පමණක් නොව සත්තු වත්තේ සියලු සතුන් නිදහස් කරමු ද? එපමණක් නොව අර දෙවිවරුන්ගේ වාහන ද දෙව්සතු කරමු ද?
ගොවීන් තම නිෂ්පාදන සඳහා වැඩි මිලක් ඉල්ලීම තේරුම් ගන්න පුළුවන්. ඒත් ඔවුන් රසායනික පොහොර ඉල්ලන්නේ හාල් මෝලුන් වෙනුවෙන් පමණක් නොව බහු ජාතික සමාගම් වෙනුවෙන් ද බව ඔවුන්ට වැටහීමක් නැහැ. දකුණේ වමාලාට ඒ ගැන හාන්කවිසියක දැනුමක් නැතුවා ද නැත්නම් ඔවුනුත් බහු ජාතික සමාගම් පැත්තේ ද? වමක් නැති දකුණේ වමාලා බහු ජාතික සමාගම් වෙනුවෙන් පෙනී සිටිනවා නම් එහි පුදුම වෙන්න දෙයක් නැහැ. දකුණේ වමාලාට අවශ්‍ය අපේ ආනයන වැඩි කර පුළුවන් නම් රට බංකොළොත් කරන්න. විපක්‍ෂයට අවශ්‍ය වන්නේත් එයමයි.
බටහිර විද්‍යාව කියන තරම් දියුණු නැහැ. බටහිර වෙදකම ද එසේමයි. එහෙත් අපට බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය නිසා යම් යම් දේ කිරීමට බල කෙරෙනවා. අප බටහිර දැනුම හරි යන විට යොදා ගන්නවා. අප විරුද්ධ දැනුම් ආධිපත්‍යයට. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට හොඳ කළමනාකාරීත්වයක් තියෙනවා. එයට පුළුවන් ලංකාවේ ගොවීන් ද තම ආධිපත්‍යය පවත්වා ගෙන යෑමට යොදා ගන්න. බටහිරයන් මෙරට උගතුන් හා බුද්ධිමතුන් තමන් වෙනුවෙන් යොදා ගැනීම ප්‍රකට කරුණක්.
අද ඇතැම් බටහිරයන් ද තේරුම් ගනිමින් සිටිනවා බටහිර ඊනියා සංවර්ධනයේ විපාක මොනවා ද කියා. ඔවුන් යම් මිලක් ගෙවා කාබනික ආහාර (organic food) ලබා ගැනීමට කැමැත්තක් දක්වනවා. බටහිර ඔය කියන සංවර්ධනයට පරිසරය රැක ගන්න බැහැ. එමෙන් ම වස විස සිරුරට ඇතුල් වී අප රෝගීන් කිරීම ද වළක්වන්න බැහැ. රෝගීන් ඇති වුණා ම බටහිර විද්‍යාඥයන්ට වෙද මහතුනට ප්‍රතිකාර සොයා ගැනීමට මුදල් ලැබෙනවා. ඒත් කොවිඩ් 19 ගැන කියන්නේ වල් පල්. කොවිඩ් 19 පැතිරෙන්නේ වෛරසයකින් ද?
ගොවීන් බටහිර බහු ජාතික සමාගම්වලින් ගලවා ගැනීම පහසු වැඩක් නො වෙයි. එහෙත් අප ඒ සඳහා උත්සාහ කළ යුතුයි. ආරම්භයේ දී ම ඒ සාර්ථක වන එකක් නැහැ. එහෙත් එන ප්‍රශ්නවලට මුහුණ දෙමින් අප බහුජාතික සමාගම්වලින් නිදහස් වූ අපේ ගොවිතැනකට, වස විස නැති ගොවිතැනකට, සේන්දු වන්න ඕන. අමාරුවෙන් හරි එය කරන්න ඕන.

පැන්ඩෝරාට පැන් වඩමු – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා 07.10. 2021

පළමුව ඊයේ (ඔක් 06) ලිපියට පොඩි එකතු කිරීමක් කරන්න ඕන. මට පසුව ආරංචි වූ ආකාරයට ඉන්දීය විදේශ ලේකම් ජනාධිපතිතුමාට කරුණු කියනවාට වඩා අනෙක් පැත්තයි සිදු වී තිබෙන්නේ. ජනාධිපතිතුමා විදේශ ලේකම්ට කියා තියෙනවා ජනතා අභිලාෂයන්ට විරුද්ධ ව වැඩ කරන්න බැහැ කියන එක. විදේශ ලේකම් ඒ සියල්ල අසාගෙන ඉඳලා ගිහිල්ලා.
අප සියලු දෙනා ම එකතු වී මේ රට ගොඩ ගන්න ඕන. එහෙත් එය වෙන්නෙ නැති වැඩක්. ඒ කියන්නෙ රට ගොඩ ගන්න බැහැ එක නො වෙයි. සියලු දෙනා ම එකතු වෙන්නෙ නැති එක. අපට ඉන්දියාවටවත් චීනයටවත් බටහිරටවත් ගැති වීමට අවශ්‍යතාවක් නැහැ. ඒ කිසිවකු තරහා කර ගැනීමටත් අවශ්‍ය නැහැ. මෙරට ජනතා අභිලාෂය ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්පූර්ණයෙන් ම ලංකාව යටතට ගැනීමයි. ඇමති උදය ගම්මන්පිළ ඒ කරන්න උත්සාහ ගන්නවා නම් අප එයට සහාය දෙන්න ඕන. අද යම් ගිවිසුමක් යටතේ තෙල් ටැංකි, මා දන්නා තරමින් නම් අසූපහක්, ඉන්දියාවටත් ලංකාවටත් හවුලේ අයිතියි. එහෙත් එය අවිධිමත් ගිවිසුමක්. ඉන්දියාවට ඕන ඒ අවිධිමත් ගිවිසුම විධිමත් කිරීම. මෙරට ජනතා අභිලාෂය අවිධිමත් ගිවිසුමත් අවලංගු කිරීම.
යහපාලනයට හවුල් වූ අය කතා කරන්නේ අවිධිමත් ගිවිසුම එ ජා ප ආණ්ඩු කාලවල ඇති වූ බව අමතක කරමින්. තමන් වරදක් කර ඇත්නම් කළ යුත්තේ මේ ආණ්ඩුවත් සමග එකතු වී එය නිවැරදි කර ගැනීම මිස ආණ්ඩුව අරක කරන්න යනවා මේක කරන්න යනවා කියමින් ඡන්ද හිඟා කෑම නො වෙයි. අප අනුකරණය කරන්නේ ඉංගිරිසි ප්‍රජාතන්ත්‍රවාදය. ඉංගිරිසින් විරුද්ධ පක්‍ෂයට කියන්නේ රැජනගේ විරුද්ධ පක්‍ෂය කියා. ඔවුන් විරුද්ධ පක්‍ෂයෙන් බලාපොරොත්තු වන්නේ සාධනීය විවේචන මිස කඩාකප්පල්කාරී විවේචන නො වෙයි. එහෙත් අනුකාරක අප ලබා ගෙන ඇත්තේ වෙනින් මොකක්දෝ ප්‍රජාතන්ත්‍රවාදයක්.
ග්‍රීක කතාවක තියෙන පැන්ඩෝරා පෙට්ටිය දැන් තියෙන්නෙ ලංකාවෙ. මා හිතන්නෙ ග්‍රීකයන්ට වඩා මෙරට වැසියන් දැන් පැන්ඩෝරා ව දන්නවා කියා. ඒත් ඒ ලාංකික පැන්ඩෝරාවක්. ග්‍රීක පැන්ඩෝරා සියුස් කියන දෙවියන්ගේ ප්‍රධානියාගෙන් ලැබුණු භාජනයක් තම සැමියා භාරයේ තිබිය දී විවෘත කර තියෙනවා. සියුස් ඒ භාජනයේ සියළු නරක තැන්පත් කර තියෙනවා. සියුස් එසේ කර ඇත්තේත් තමාගෙන් ගින්දර හොරකම් කිරීම නිසා ඒ වෙනුවෙන් පළිගන්න. අපේ ශක්‍රයා නම් එහෙම කරන්නේ නැහැ. කොහොමටත් ග්‍රීක කතාව අනුව ලෝකයට නරක ලැබී ඇත්තේ ඒ අයුරෙන්. පැන්ඩෝරා තම සැමියා භාරයේ තිබූ භාජනය ඔහු නැති අතර අරින එක හොඳ ද නරක ද කියා කතාවේ කියන්නේ නැහැ. නරක ලැබුණේ භාජනය විවෘත කිරීමෙන් පසු නිසා සැමියා නැති අතර භාර්යාව ඔහුට අයත් දේ සොයා බැලීම හොඳ වැඩක් වෙන්න ඕන. භාජනය කල් යෑමේ දී පෙට්ටියක් බවට විකාශය වෙලා තියෙනවා.
ලාංකීය පැන්ඩෝරා ගැහැණු ද පිරිමි ද කියා කිසිවකු දන්නේ නැහැ. දැන ගන්න ඕනත් නැහැ. පැන්ඩෝරා පැන්ඩෝරා කිවුව පමණින් පඬි වෙනවා. පැන්ඩෝරා ගැහැණු ද පිරිමි ද යන්න ගැන වගේ වගක් නැති වුණත් පෙට්ටියෙන් ඇවිත් තියෙන්නේ නිරූපමා රාජපක්‍ෂ හා ඇගේ සැමියා තිරුකුමාර් නඩේසන්. නිරූපමා රාජකීය විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ව සිටි ජෝර්ජ් රාජපක්‍ෂගේ දියණිය. ජෝර්ජ් ක්‍රීඩා කරනු බැලීමට ඔහුගේ පියා ඩී එම් රාජපක්‍ෂ පැමිණි බව සෑම් විජේසිංහ කියා තිබුණා. සෑම් විජේසිංහ ගිරුවාපත්තුවේ ගැටමාන්නේ. මහින්දට මහේන්ද්‍ර කියල ඩී ඒ රාජපක්‍ෂට නම යෝජනා කරල තියෙන්නෙ සෑම් විජේසිිංහ. සෑම් විජේසිංහ රනිල්ගේ මාමා. මහින්ද රාජපක්‍ෂගේ පියා ඩී ඒ රාජපක්‍ෂ, ඩී එම්ගේ සොහොයුරා. නිරූපමා නෑකමට මහින්දගේ දුවක් වෙනවා. තිරුකුමාර් නඩේසන් ගැන සඳහන් වන්නේ ඔහු මහාරාජා සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ ලෙසයි. රාජපක්‍ෂ ගැන කතා කරන විපක්‍ෂය කිලී මහාරාජා ගැන කතා කරන්නේ නැහැ.
මේ සිද්ධිය ගැන අහන විට මෙරට කෙතරම් පිරිසිදු දේශපාලනඥයන් ඉන්නවා ද කියන එක වැටහෙනවා. නිරූපමාට හැරෙන්න මෙරට දේශපාලනඥයන් අතිවිශාල බහුතරයකට පිටරට බැංකුවල ගිණුම් නැහැ. පිටරට දේපොළ නැහැ. පිටරට රැකියා කළ අය ගැන මා දන්නේ නැහැ. එහෙත් පිටරට රැකියාවක් නොකළ මෙරට දේශපාලනඥයන්ගේ සියලු ගිණුම් ඇත්තේ මෙරට බැංකුවල. ඔවුන්ගේ දේපොළ සියල්ල ඇත්තේ මෙරට. මෙතරම් සුදනන් කපුරුහාමිලා දේශපාලනයේ ඉන්න රටක රටවැසියන් වීමට අප පින් කර තියෙන්න ඕන.
නිරූපමා හා තිරු නඩේසන් රටට එන්න තියෙන ධනය පිටරට තැන්පත් කරල තියෙනව නම් එය තදබල වරදක්. ඒත් මෙරට නීතිය අනුව අපට ඒ ධනය ලබා ගන්න පුළුවන් ද ඔවුන්ට දඬුවම් කරන්න පුළුවන් ද යන්න මා දන්නේ නැහැ. ඔවුන් තවත් වරදක් කර තියෙනවා. පිටරට දේපොළ තමන්ගේ නමින් තබා ගැනීම. ඔවුන්ට ඇත්තේ අවිද්‍යාවක්. විද්‍යා අමරලා ඔවුන්ට නැහැ. අමරලා ඉන්නේ පොත්වල. මා කියන්නේ පොත් පෙරළීම ගැන නො වෙයි.
මට මතක් වෙන්නේ ඉම්රාන් කියන කතාව. ඔහුට අනුව දුප්පත් පොහොසත් රටවල් නැහැ. මට තේරෙන විධියට ඔහු කියන්නේ අප වැනි කුඩා ආර්ථිකයක් තියෙන රටවලට මෙසේ ධනය පිටරට තැන්පත් කිරීම රටට බලවත් පාඩුවක් කියන එක. එංගලන්තයේ ටෝනි බ්ලෙයාර් රුසියාවේ පුටින් ආදීන් තම ධනය පිටරට තැන්පත් කර ඇති බව කියනවා. ඒ එසේ වුණත් ඉන් ඒ රටවලට වන පාඩුව ආර්ථිකයත් සමග සංසන්දනය කළ විට ලොකු නැහැ. එහෙත් අප වැනි රටවලට මේ ධනය අහිමි වීම නිසා නොලැබී යන්නේ බදු මුදල් පමණක් නො වෙයි. ඩොලර් සංචිතය ප්‍රාග්ධනය මේ සියල්ල අඩුවෙනවා.
මා හිතන්නේ නැහැ විද්වත් අමරලා නැති දේශපාලනඥයන් රාශියක් ලංකාවේ ඉන්නවා කියා. තමන්ගේ හරි තමන්ගේ පවුල්වල අයගේ හරි නමට ධනය ලියා ගැනීමට තරම් දේශපාලනඥයන් ආත්මාර්ථකාමී වන්නේ නැහැ. විද්වත් අමරලාට සියල්ල පැවරීමට ඔවුන් පරිත්‍යාගශීලි වෙනවා. නැහැ අනුරලාට නො වෙයි. අනුරලා හිඟන්නන් නො වෙයි. මට තේරුම් ගන්න බැරි පැන්ඩෝරා කියන විධියට නිරූපමා මෙතරම් ආත්මාර්ථකාමී වූයේ ඇයි ද යන්නයි. සියුස්ට වැරදිලා ද දන්නේ නැහැ. ශක්‍රයාගේ පුතා වයිමාටත් වැඩ වරදිනවා. ඒ දේශීය වශයෙන් ම. අර මේට්ලන්ඩ් නිවස ගැන අහන්න ඕන ප්‍රේමදාසගේ පුතාගෙන් ද ලේලිගෙන් ද?
කමක් නැහැ. තව ටික දිනකින් අපි පැන්ඩෝරාට පැන් වඩනවා. යථා වාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං…….. .
ලංකාව ඉන්දියානු විදේශ අමාත්‍යංශයේ දෙපාර්තමේන්තුවක් ද? – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා 05.10.2021
ඉන්දීය විදේශ ලේකම් තම ලංකා සංචාරය නිම කරලා. ඔහු ජනාධිපති අගමැති ආදීන් හමු වුණා. යාපනයට ගොස් දෙමළ දේශපාලන නායකයන් ද හමුවුණා විතරක් නොවෙයි ඔවුන්ට උපදෙස් ද දුන්නා එක්ව වැඩ කරන ලෙස. ඔහු ජනාධිපතිතුමාට දහතුන්වැනි සංශෝධනයේ යහපත්කමත් එය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමත් කියා තියෙනවා. ඒ මදිවාට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බලන්නත් ගිහින්. හරියට අම්ම අප්පගෙ බූදලේ බලන්න යනව වගේ. මේ සියල්ල කරන්න ඔහු කවුද? ඔහු රාජ්‍ය නිලධාරියකු පමණයි. ඔහු අමාත්‍යාංශයක ලේකම්වරයෙක් පමණයි.
ඉන්දියාව හිතනව ඇති ලංකාව ඔවුන්ගේ රටේ විදේශ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවක් පමණයි කියා. අමාත්‍යංශ ලේකම්වරු උපදෙස් දෙන්නෙ තම අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල ප්‍රධානීන්ට. මෙරට ජනාධිපති ඉන්දියාවේ දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක් ද? ඉන්දීය විදේශ ලේකම්ට ඇති අයිතිය මොකක් ද මෙරට ජනාධිපතිට අරක කළොත් හොඳයි මේක කළොත් හොඳයි කියන්න.
ඉන්දියාව ඉතා කෙටියෙන් කියනව නම් මහා කරදරයක්. අද නොවෙයි විජයගෙ කාලයෙ ඉඳන් අප පාලනය කරන්න උත්සාහ කරන පිරිසක් අද ඉන්දියාව කියන ප්‍රදේශයේ ඉඳලා තියෙනවා. එහෙත් මෙරට යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ (ඉංගිරිසි ට්‍රයිබ් නොවෙයි) සංස්කෘතික උරුමයන් මූලික කර ගන්නා අය හැමදාමත් එයට විරුද්ධ ව හිටියා. ඔවුන් අනෙක් සංස්කෘතීන්ගෙන් ද අවශෝෂණය කර ගන්නවා. ඔවුන් ඊනියා නිර්මල සංස්කෘතියක් පවත්වා ගෙන යන්නන් නො වෙයි. ඒත් අනුකාරකයන් නො වෙයි.
මෑත දී 1947න් පසු ඉන්දියාව ලංකාව තම ප්‍රාන්තයක් කරගැනීමට උත්සාහ කළා. ජවහර්ලාල් නේරුටත් ඒ අදහස තිබුණා. ජේ ආර් වැනි ඇතැමුන් ද ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙනවාට කැමැත්තක් දැක්වූවා. අප දඹදිවින් (භාරතයෙන්) විවිධ දේ අවශෝෂණය කරගෙන තියෙනවා. එහෙත් අද මෙන් ම එදා ද ඊනියා උගතුන්ට අවශෝෂණය කරන්න තේරෙන්නෙ නැහැ. සංස්කෘත කියන වචනය පවා අපට සඟිස්කුරුතය වුණා. ඒත් අපේ උගතුන්ට සිංහල භාෂාවේ ඊනියා ව්‍යාකරණය සංස්කෘත පාලි ව්‍යාකරණවල අනුකරණයක්. අද ඉන්න උගතුන් කර්ම කාරකය, ඔවුන් කියන විධියට නම්, පටලවා ගනු ලබනවා.
මෙරට දෙමළ ජනවාර්ගික කොටස් අවස්ථා තුනක දී බටහිරයන් ලංකාවට ගෙනා අය. පළමුව ලන්දේසීන් තම දුම්කොළ වගාවට වෙල්ලාලයන් ගෙනාවා. ඊට කලින් ද වෙල්ලාලයන් හා වෙනත් දකුණු ඉන්දියානුවන් (වේලක්කාරයන්) මෙරට සිටියා. එහෙත් ස්ථිර පදිංචිකරුවන් ලෙස නො වෙයි. ලන්දේසීන් ගෙනා වෙල්ලාලයන් ද අස්වැන්න නෙලා ගැනීමෙන් පසු ආපසු ඉන්දියාවට ගියා. එය වැළැක්වීමට ලන්දේසීන් තේසවලාමේ නීතිය පැනෙවුවා. එහෙත් එය සාර්ථක වුණේ නැහැ. පසු කලෙක ඉංගිරිසින් දෙවැනි වරටත් තේසවලාමෙයි නීතිය පනවලා තමයි වෙල්ලාලයන් මෙහි ස්ථිර පදිංචිකරුවන් කෙළේ. සුමන්තිරන්ගෙන් අහන්න.
ඉන්පසු ව දහනවවැනි සියවසේ ඉංගිරිසින් පාරවල් හැදීම වැනි කටයුතු සඳහා දකුණු ඉන්දියාවෙන් දෙමළ කතා කරන ජනයා ගෙනාවා. ඒ පිරිස පදිංචි කෙරුණේ නැගෙනහිර පළාතේ. ඒ අය වෙල්ලාලයන් විසින් අඩු කුලයක අය ලෙස සැලකෙනවා. ඊටත් පසුච ඉංගිරිසින් කෝපි හා තේ වගාව සඳහා දකුණු ඉන්දියාවෙන් දෙමළ කතා කරන ජනයා ගෙනාවා. ඔවුන් උඩරට වතුකරයේ පදිංචි ව සිටිනවා.
මේ ජනවාර්ගික කොටස් තුන එක ජනවර්ගයක් ලෙස සිතන්නේ නැහැ. ප්‍රභාකරන්ටවත් ඔවුන් එකතු කරන්න බැරි වුණා. අනෙක් ජනවර්ග කොටස් දෙක කෙසේ වෙතත් වෙල්ලාලයන්ට තමන්ට වත්මන් තමිල්නාඩුව සමග ඇති සම්බන්ධය අත්හැර ගන්න බැරි වෙලා. තමිල්නාඩුවත් සිතන්නේ වෙල්ලාලයන් තමන්ගේ ම කොටසක් ලෙස. පහසුව හා උපක්‍රමය සඳහා තමිල්නාඩුව (ඉන්දියාව) උතුරු හා නැගෙනහිර දෙමළ ජනයා කියා ව්‍යාජ සංකල්පයක් හදා ගෙන. එහෙත් ඔවුන් සියල්ලන්ට එක නායකයකු තබා නායකයන් සමූහයක්වත් නැහැ.
තමිල්නාඩුව මෙරට දෙමළ ජනවාර්ගික කොටස් දෙකක් තම තමන් ලෙස සැලකීම ඉන්දියාව ප්‍රයෝජනයට ගන්නවා. මෙරට දෙමළ ජනවාර්ගික වෙල්ලාලයන්ට ඇතැයි කියන ප්‍රශ්නයක් තමිල්නාඩුව තමන්ගේ ප්‍රශ්නයක් ලෙස සලකනවා. ඉන්දීය ආණ්ඩුව තමිල්නාඩු ජනයාගේ ඉල්ලීම යැයි කියමින් මෙරට නැති ප්‍රශ්නයකට අත දානවා. ඔවුන් ඒ සඳහා පරිප්පු දමා ජේ ආර් බය ගන්නලා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරවා ගත්තා. ඊනියා සාම සාධක හමුදාවක් එවුවා. ඒ හමුදාව එවීම වරදක් බව පසුගිය දා හිටපු ඉන්දීය හමුදා ප්‍රධානියකු පිළිගත්තා. ඉන්දියාව අප මත දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා පැටෙවුවා.
ඉන්දියාව තමිල්නාඩුවේ ප්‍රශ්නය විසඳා ගන්න ඕන ඉන්දියාවෙ මිසක් ලංකාවෙ නො වෙයි. සිංහලයන්ට කාලිංගය (ඔඩෙස්සා) හා වංගය (බෙංගාලය) සමග යම් නෑදෑකමක් තිබුණත් ඉන්දියාව සිංහලයන් තමන්ගේ කියා පිළිගන්නේ නැහැ. එමෙන් ම සිංහලයන් ද තමන් ඔඩෙස්සා හරි බෙංගාලයේ හරි කියා සලකන්නේ නැහැ. එතැන තමයි යක්‍ෂ බලපෑම ඇත්තේ. ඉන්දියාව සිතනවා නම් වෙල්ලාලයන් තමිල්නාඩුවේ කියා ඔවුන් ඉන්දියාවට ගෙන්වා ඉන්දීය පුරවැසියන් බවට පත්කරන්න ඕන. එහෙම නැත්නම් වෙල්ලාලයන් තමන්ගේ නොව ලංකාවේ පුරවැසියන් බව පිළිගෙන තමිල්නාඩුවට ඒ බව කියා දෙන්න ඕන.
ඉන්දීය රාජ්‍ය නිලධාරියකු පමණක් වූ විදේශ ලේකම් නොව ඉන්දීය අගමැති කිවුවත් අප පළාත් සභා ක්‍රියාත්මක කළ යුතු නැහැ. මෙරට ඉන්නා ඉන්දීය ගැත්තන් පළාත් සභා පවත්වාගෙන යන්න උත්සාහ ගන්නවා. ඒත් අප එයට ඉඩ දිය යුතු නැහැ. අප ඉන්දියාවේ ප්‍රාන්තයක්වත් විදේශ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවක්වත් නො වෙයි. අප රට සම්බන්ධ තීරණ ගත යුත්තේ මෙරට ජනමතයට අනුව මිස ඉන්දියාවේ හා ඉන්දීය ගැත්තන්ගේ වුවමනාවට නො වෙයි.
මෑතක සිට ඉන්දියාව චීනයට විරුද්ධ ව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව රටවල් සමග කටයුතු කිරීම නිසා අප රට සම්බන්ධයෙන් තවත් මානයක් එකතු වී තියෙනවා. අද ඉන්දියාවට චීන බලපෑම් ඉවත් කරන්න ඕන. ඉන්දියාවට දැන් වෙනදාටත් වඩා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අවශ්‍ය වෙනවා. කෙරවලපිටිය බලාගාරයට අත පොවන්න අවශ්‍ය වෙනවා.
අප අපේ ස්වාධීනත්වය රැක ගන්න ඕන. අප ඉන්දීය විදේශ අමාත්‍යංශයේ දෙපාර්තමේන්තුවක් නො වෙයි. අපට අපේ ස්වාධීනත්වය රැක ගන්න ඕන නම් යම් කැපකිරීමක් කරන්න ඕන. ඒත් මෙරට බටහිර ගැති පඬි නැට්ටන් අප තව තවත් බටහිර සංකල්පවල ප්‍රවාදවල හිර කරන්න හදනවා. ඊනියා භූ දේශපාලන යථාර්ථයත් බටහිර ආධිපත්‍යය පවත්වාගෙන යෑමට නිර්මාණය කර ඇති තවත් සංකල්පයක් පමණයි.
ඉන්දියාව තම ප්‍රාන්තයක් ලෙස ලංකාව සලකන්න උත්සාහ කළත් එය පහසු වැඩක් නො වෙයි. ගීතයක් රටේ ජනප්‍රිය වීමට පෙර ප්‍රාන්තයේ ජනප්‍රිය වෙන්න ඕන. එහෙත් මැණිකේ මගේ හිතේ ගීතය රටේ (ඉන්දියාවේ) ජනප්‍රිය කරවීමෙන් පසුවත් වෙන්න ප්‍රාන්තයේ (ලංකාවේ) ජනප්‍රිය වුණේ නැහැ. මා මේ ගැන කියන කතාව බොහෝ අයට රුචි නැති බව මා දන්නවා. එහෙත් මේ ගීතයේ ඇති දේශපාලනය අප තේරුම් ගන්න ඕන.

කාදිනල් රංජිත් ගෙන් අහමු- මහ ඇදුරු නලින් ද සිල්වා මහතා 05.10.2021
කාදිනල්තුමා නිතර කියන කතාවක් තමයි මේ රටේ නීතිය හැමට එක වගේ ක්‍රියාත්මක නොවන බව. ඒක ඇත්ත. එතුමා මේ කතාව කියන්නේ විශේෂයෙන් ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. පාස්කු ප්‍රහාරයේ දී මිය ගිය අයගෙන් විශාල පිරිසක් කතෝලිකයන්. ඒ නිසා ම කාදිනල්තුමාටත් මෙරට බිෂොප් සභාවටත් වගකීමක් තියෙනවා පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තන් සොයා ගෙන නීතිය ඉදිරියට පැමිණවීමට.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ අය විවිධ කතා කියනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතැමුන්ගෙන් ඒ සම්බන්ධ ව ප්‍රශ්න කර තියෙනවා. ඒ කළ යුතුයි. මා ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තියෙනවා. මා ඒ සෑම එකක් ම ප්‍රසිද්ධ ව කර තියෙන්නෙ. ඒත් මා ඒ අහවලා කළ බවක් හරි අහවලා වග කිව යුතු බවක් හරි කියා නැහැ. මගේ ප්‍රකාශ පළල් නැත්නම් සමූහ වශයෙන් කරන සාධාරණ (පොදු) ප්‍රකාශ.

ඒ සෑම එකක් ම නැවත කීමට බලාපොරොත්තු වන්නේ නැහැ. ඉතා කෙටියෙන් කියනවා නම් මෙහි මුල ඇත්තේ බටහිර ක්‍රිස්තියානි (කතෝලික නොවෙයි) නූතනත්වය. මෙහි ඇත්තේ එකී සභ්‍යත්වය හා මුස්ලිම් සභ්‍යත්වය අතර ගැටුමක්. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වය මුස්ලිම් වහාබ්වාදී අන්තවාදීන් කොටසක් ද තම වුවමනා වෙනුවෙන් යොදා ගන්නවා. ක්‍රිස්තියානි නුතනත්ව සභ්‍යත්වයට චීන සභ්‍යත්වය සමගත් ගැටුමක් තියෙනවා. එහි දී දකුණු හා අග්නිදිග ආසියාව අස්ථාවර කිරීමත් චීන වෙළෙඳාමට බාධක ඇති කිරීමත් බටහිර රටවල මෙන් ම ඉන්දියාවේ හා ජපානයේත් අවශ්‍යතාව.
බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මේ අස්ථාවර කිරීම සඳහා විශේෂයෙන් ම ආරක්‍ෂක කටයුතු දුර්වල රටවල් තෝරා ගන්නවා. යහපාලන සමයේ මෙරට ආරක්‍ෂාව බල්ලකුටවත් දී නොතිබුණු බව මා කියා ඇති. පාස්කු ප්‍රහාරය සිදු වුණේ ඒ පසුබිමේ. එහි වගකීමක් පවරන්නේ නම් ඒ සමස්ත යහපාලන ආණ්ඩුවටයි. එයින් අදහස් කරන්නේ ඇමතිවරුන් සිටි පක්‍ෂ පමණක් නොවෙයි. ආණ්ඩුවට සහාය දුන් ජ වි පෙරමුණත් එයට වග කියන්න ඕන. දින පනස් දෙකේ ආණ්ඩුව වට්ටවා නැවත රනිල් බලයට පත් කිරීමට ජ වි පෙ නායකයන් ගත් උත්සාහය හා යහපාලන ආණ්ඩුවට ඔවුන් දුන් සහාය අමතක කරන්න බැහැ. අද ජ වි පෙ නැවතත් ඔවුන්ගේ සුපුරුදු සිංදුව උනුත් එකයි මුනුත් එකයි ගායනා කරන්න පටන් අරන්. එහෙම නම් ජ වි පෙරමුණට තියෙන්නෙ මේ ආණ්ඩුවට සහාය දීම.
යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියා රනිල්. මෛත්‍රිපාල ජනාධිපති වුණත් ආණ්ඩුව ගෙන ගියේ රනිල්ගේ හා එකල එ ජා පක්‍ෂයේ අවශ්‍යතාව අනුව. ශ්‍රී ල නි පක්‍ෂයට වඩා ජ වි පෙ එහි දී වැදගත් වුණා. යහපාලන ආණ්ඩු කාලයේ රටේ ආරක්‍ෂාව බිඳ වැටීමට එ ජා ප, ජාතික හෙළ උරුමය, විවිධ මුස්ලිම් පක්‍ෂ, දෙමළ ජාතික සංධානය හා ජ වි පෙ වගකියන්න ඕන. ඒ අසික්කිත සංධානයේ නායකයා හැටියට රනිල් වගකියන්න ඕන. එමෙන් ම යහපාලන ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කළ බටහිරයන් හා ඉන්දියාව ද වග කියන්න ඕන.
කාදිනල්තුමා දන්නේ මෙයට වඩා වෙනස් දෙයක් වෙන්න ඕන. එතුමා නිතර මහා මොළකරුවකු ගැන කියනවා. මගේ කතාව අනුව නම් මහ මොළකරු එංගලන්තයේ ඔත්තු සේවාවන්හි ප්‍රධානියා. එහෙම නැත්නම් ඔහු වෙනුවෙන් දකුණු ආසියාව භාර ව කටයුතු කරන තැනැත්තා. මෙරට නම් මහා මොළකරුවකු මා දකින්නේ නැහැ. කොහොමටත් මෙරට මහා මොළකරුවන් නැහැ. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ.
අද වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් පිරිසකට විරුද්ධ ව නඩු පවරලා තියෙනවා. තවත් සමහරුන් ගැන තවමත් පරීක්‍ෂණ පැවැත්වෙනවා. මා හිතන්නේ හිටපු ඇමතිවරයකු වූ බද්‍යුද්දීන් ද අර ප්‍රභූ නීතිඥයා ද ඒ අතර වෙනවා. එහෙත් කාදිනල්තුමා කියන දෙයින් පැහැදිලි වන්නේ එතුමා එයින් සෑහීමකට පත් වී නැති බවයි. එතුමාට අනුව මියගිය අසරණ ජනතාවට තවම සාධාරණයක් ඉටු වෙලා නැහැ.
ඒ කියන්නේ එතුමා පාස්කු ප්‍රහාරය ගැන වෙනත් තොරතුරු දන්නා බවයි. ඒ තොරතුරු හංගාගෙන සිටීම වරදක්. කාදිනල්තුමා නොව අතිපූජ්‍ය මහානායක හාමුදුරුවන් වහන්සේ නමක් කළත් වරදක්. අවශ්‍ය නම් ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ගෙන් අහන්න. උන්වහන්සේ විිද්වත් භික්‍ෂු සංගමයක සාමාජික හාමුදුරුනමක්. ඇඹිලිපිටියේ වැඩවාසය කළත් උන්වහන්සේට දිගා මඩුල්ල කිට්ටුයි.
වරක් කාදිනල්තුමාගේ ප්‍රකාශයකින් කියැවුණේ මෛත්‍රිපාල සිරිසේන තම වගකීම පැහැර හැර ඇති බවක්. ඒ කෙසේ වෙතත් එතුමා මාධ්‍ය සංදර්ශන පවත්වන එක වෙනුවට තමන් දන්නා තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාරතමේන්තුවට හෙළිදරවු කරන්න ඕන. එසේ නොකිරීම නම් මා හිතන විධියට කතෝලික ජනතාවට කරන අසාධාරණයක්. මා ඉල්ලා සිටින්නේ නැහැ කාදිනල්තුමාගෙන් දෙමළ ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් බිෂොප්වරුන්ගේ නම් හෙළිදරවු කරන්න. සිංහල බෞද්ධයන් වශයෙන් අප ඒ වද වේදනා සියල්ල විඳ දරාගන්නම්. අපට ඒ සම්බන්ධ ඇති වෛරයක් නැහැ. අප ඇහැට ඇහැක් ඉල්ලන්නේ නැහැ. වෛරයෙන් වෛරය නොසංසිඳේ යන බුදු වදන අනුව අප ජීවිත හැඩ ගස්ස ගන්න උත්සාහ ගන්නවා.
මෙරට නීතිය එක් එක් පුද්ගලයාට එක් එක් අයුරින් ක්‍රියාත්මක වන බව ඇත්ත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අර අහිංසක මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමාගේ උපකල්පන ගැන ප්‍රශ්න කරනවා. මන්ත්‍රීතුමාට හොඳ බටහිර විද්‍යාඥයෙක් වෙන්න තිබුණා. බටහිර විද්‍යාඥයන් ද වැඩ කරන්නේ උපකල්පන මත. සමහර වෙලාවට ඔවුන්ගේ උපකල්පන වැඩ කරනවා. මන්ත්‍රීතුමාගේ උපකල්පනය නම් වැඩ කර නැහැ. එහෙත් මන්ත්‍රීතුමාට වියුක්ත උපකල්පන ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳ අනාගතයක් තියෙනවා.
අහිංසක මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කාදිනල්තුමාගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. නීතිය හැමෝට ම ක්‍රියාත්මක වෙන්න ඕන. කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය ගැන යම් තොරතුරු දන්නා බවයි එතුමාගේ ප්‍රකාශවලින් පෙනී යන්නේ. උසාවියට ඉදිරිපත් කෙරී ඇති අය ගැන එතුමා සෑහීමකට පත්වන්නේ නැහැ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කාදිනල්තුමාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නේ නැත්තේ ඇයි. එතුමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම නිලයට කරන අගෞරවයක් නම් අදාළ නිලධාරීන්ට කාදිනල් මාළිගාවට ගොස් ඒ ප්‍රකාශය සටහන් කර ගත හැකියි. එසේ නොකිරීම කාදිනල්තුමා කියන අයුරින් ම මිය ගිය කතෝලිකයන්ටත් ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ටත් කරන අසාධාරණයක්.
ඉන්දියාවේ මැදිහත් වීමෙන් මැණිකේට නිළමෙ කෙනෙක් – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා 04.10.21
එක් පැත්තකින් මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය කරලා. මා ජනප්‍රිය වෙලා යන්න වෙනුවට ජනප්‍රිය කරලා යන්න යොදා ගන්නවා. යොහානි ද සිල්වා මේ දිනවල ඉන්දියාවේ. තවත් පැත්තකින් ඉන්දියාවේ විදේශ ලේකම් මේ දිනවල ලංකාවේ. අපි ඔහුට ත්‍රිකුණාමලයට යාපනයට යන්න ගුවන් පහසුකම් සපයනවා. ඉන්දියාව මොකාට ද එන්නෙ කියන ප්‍රශ්නය නැවතත් අහන්න වෙනවා. පහතින් ඇති තරමක් දීර්ඝ ඉංගිරිසි ලිපිය පී කේ බාලචන්ද්‍රන්ගේ. ඔහු කියන්නේ ඉන්දියාවට නැවතත් ලංකාව තම පැත්තට ගන්න ඕන බවයි. එය තම පැත්තට වඩා තම ග්‍රහණයට ගැනීම ලෙස පරිවර්තනය කිරීම වඩා හොඳයි.
සිදුහත් කුමරු ඉපදුණේ අද කියන හැටියට නම් නේපාලයේ. එදා දඹදිව කියමු. අප දඹදිව කියන වචනය යොදා ගත්තොත් අපට කියන්න වෙන්නෙ දඹදිව උපන් අපේ මිතුරන් වන්නේ සිදුහත් කුමරු හා මිහිඳු හිමියන් පමණයි කියන එකයි. විජයගේ සිට වත්මන් ඉන්දීය පාලකයන් දක්වා අප යටත් කර ගැනීමට උත්සාහ දරණ පිරිස්. බොහෝ අවස්ථාවල ඔවුන් සාර්ථක වී තිබෙනවා. විජයගේ සිට ශ්‍රී වික්‍රම දක්වා, අවශ්‍ය නම් ජේ ආර් ජයවර්ධන දක්වා අප පාලනය කර ඇත්තන්ගෙන් යම් පිරිසක් භාරතීය සම්භවයක් ඇති අය. ඔවුන්ගේ ආදිතමයන් ලංකාවට පැමිණ වැඩිම වුවහොත් පරම්පරා තුන හතරක් ඇතුළත දරු මුණුබුරන් රාජ්‍යත්වයට පැමිණුනා.
ධාතුසේන මෞර්ය වූයේ කෙසේ ද කියා මා අසා ඇති. කිසිවකු ඒ ගැන හොයා බැලුවා ද? පළමුවැනි පරාක්‍රමබාහුගේ පමණක් නොව හයවැනි පරාක්‍රමබාහුගේ ද සම්භවය සොයා බලන්න. මහානාම හිමියන් ධාතුසේන රජුගේ මාමා කියනවා. පස්වැනි සියවසේ වැඩ විසූ උන්වන්සේ මහාවංසය තුන්වැනි සියවසෙන් නැවැත්වූයේ ඇයි? එය ඉතිහාසයේ අවසානය ද? අපේ යක්‍ෂයන්ට මොකද වුණේ? භාරතීීයයන් අපේ ඉතිහාසයෙන් යක්‍ෂයන් පන්නලා.
ඉන්දියාවට අද අවශ්‍ය වන්නේ ලංකාව තම ග්‍රහණයට හසුකර ගන්න. ඉන්දීය විදේශ ලේකම් කියන්නෙ රජයේ නිලධාරියෙක් පමණයි. ඔහු ඇමතිවරයකු නො වෙයි. එහෙත් අප ඔහුට සලකන්නේ අගමැතිවරයකුට වගේ. ඔහු මෙරට ඇමතිවරුන් පමණක් නොව අගමැති ජනාධිපති ආදීන් ද හමුවෙනවා. ඔහු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බලන්න යනවා. යාපනයට ගොස් දෙමළ ජනවාර්ගිකයන් හමුවෙනවා. අප ඔහුට ඒ සඳහා ගුවන් පහසුකම් සපයනවා. අපේ විදේශ ලේකම් හරි වෙනත් අමාත්‍යාංශයක ලේකම් හරි ඉන්දියාවට ගියොත් එවැනි සැලකිල්ලක් ලැබේවි ද?
අප අයිඕසී සමාගම සමග ගිවිසුම් අත්සන් කෙළේ අද ඊයේ නො වෙයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම් යහපාලන කාලයේ ඇති කළා. අද ඉන්දියාවට අවශ්‍ය ඒ ගිවිසුම් විධිමත් කරන්න. ඉන්දියාව අද ක්‍රියාත්මක වන්නේ බටහිර රටවල කොටස්කරුවකු ලෙස. මේ රටවල් චීනයට විරුද්ධ ව එක් කඳවුරකට ඇවිල්ලා. අර හතර දෙනාගේ කල්ලියත් එහි ප්‍රතිඵලයක්.
බාලචන්ද්‍රන් කියන විධියට ලංකාව ඉන්දියාව සමග ඇති කර ගත් ගිවිසුම් ක්‍රියාත්මක කර නැහැ. ඒක ඇත්ත. ගිවිසුම් අත්සන් කළත් ක්‍රියාත්මක කිරීමට යෑමේ දී සිංහලයන්ගේ විරෝධයක් මතු වෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඒ විරෝධය ඇති වුණා. තෙල් ටැංකි සම්බන්ධයෙන් ද කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් ද ඒ විරෝධය ඇති වෙලා.
ඉන්දියාව හා බටහිරයන් මේ ආණ්ඩුවට කැමති නැහැ. ඒ රාජපක්‍ෂලාට ඇති අකමැත්තකට වඩා මේ ආණ්ඩුව සිංහල මතයට කන්දෙන්නේ ය යන නිගමනය මත ඇති වූවක්. 2015 මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට ඔවුන් සිංහල ජාතිකත්ව නායකත්වයක් හෙවුවා. ශ්‍රී ල නි පක්‍ෂයෙන් යන තැනට කරුණු සලස්වා තිබූ මෛත්‍රිපාල සිිරිසේන මහින්දට විරුද්ධ ව යොදා ගත්තා. එහෙත් සිංහල ජාතිකත්වය මෛත්‍රිපාලට ශක්තිය (අර මහාචාර්යවරයාගේ අපහාසාත්මක මයිලෝ නොවෙයි) ලබා දුන්නා රනිල් පන්නා මහින්ද අගමැති කරන්න. එහෙත් බටහිරයන් හා ඉන්දියාව ඒ දින පනස්දෙකේ ආණ්ඩුවේ තම නියෝජිතයා ලවා ආණ්ඩුව බිඳ දැම්මෙවුවා. ආණ්ඩුව රැකගැනීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගෙන්වා ගනු වෙනුවට මක්කම ද කොහෙද යැවුවා.
සිංහලයන් ඒ සියල්ල හිතේ දරාගනිමින් 2019 දී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කළා. එහෙත් අද ආණ්ඩුව අවුල් කිරීමට අර නියෝජීයන් ම කටයුතු කරනවා. ලංකාව තම අපනයන වැඩිය යවන්නේ බටහිර රටවලට. චීනයට වඩා ප්‍රමාණයක් ඉන්දියාවටත් යවනවා. ඩොලර් අරබුදයක ඇති ආණ්ඩුවට අපනයන හරහා බලපෑම් දැමීමට බටහිරට හා ඉන්දියාවට පුළුවන්. එහෙත් හිතන්න එපා මොන දේ කළත් මොන ගිවිසුම් අත්සන් කළත් ඔවුන් මේ ආණ්ඩුව රැක ගනීවි කියා. ඔවුන් අද ක්‍රියා කරන්නේ ආණ්ඩුව ලවා විවිධ දේ කරවා ගැනීමට උත්සාහ දරමින් සිංහලයන් ආණ්ඩුව කෙරෙහි කළකරවීමට.
බටහිරයන් හා ඉන්දියාව ක්‍රියා කරන්නේ මේ ආණ්ඩුව පළවා හැර ඔවුන්ගේ ම වූ ආණ්ඩුවක් පිහිටුවීමට. ඒ සඳහා ඔවුන් සරත් ෆොන්සේකා හා මෛත්‍රිපාල සිරිසේන යොදාගත් පරිදි ම ජාතිකත්වයක් ගෑවුණු අයකු යොදා ගැනීමට ඉඩ තියෙනවා. ඒ සඳහා දැනටමත් ඔවුන් ක්‍රියාත්මක වෙනවා. යොහානි ද සිල්වා ඉන්දියාවේ ජනප්‍රිය කරන්නේ එහි මූලික පියවරක් ලෙස. ඇය අවුරුදු විසිඅටක පමණ කාන්තාවක්. ඇය කාන්තාවක් වුවත් මැණිකේ කෙනකු ගැන ගයනවා. ඇය මෙරට හමුදා නිලධාරියකුගේ දියණියක්. සිංහලයන් අතර ඇගේ ගීතය ජනප්‍රිය වුණේ නැහැ. එහෙත් ඇයට හමුදා නිලධාරියකුගේ දියණිය ලෙස සිංහලයන් කැමති වේවි. ඉන්දියාව කල් යල් බලා ඇය දේශපාලන අතකොළුවක් කර ගැනීමට ඉඩ තියෙනවා.
මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය කෙරෙව්වේ අමිතාබ් භච්චන් වැන්නන් ලවා. ඉන්දියාවේ වීරයන් වන්නේ නළු නිළියන් ගායක ගායිකාවන් හා ක්‍රිකට් ක්‍රීඩකයන්. කලකට ඉහත හොකී කණ්ඩායමත් වීරයන් වුණා. ඒ ඉන්දියාව ලෝක හොකී ශූරයන් ව සිටි අවධියේ. ලංකාවේ වීරයන් නැහැ. අපි ඔක්කො ම රජවරු ඔක්කොම වැසියෝ. මැණිකේ හරහා ඉන්දියාව තවත් සරත් ෆොන්සේකා කෙනකු මෛත්‍රිපාල සිරිසේන කෙනකු බිහි කිරීමට සූදානම් වෙනවා. අප පරෙස්සම් විය යුතුයි. විශේෂයෙන් ම ආණ්ඩුවත් සමග කළකිරී සිටින ආණ්ඩුවේ ඉන්න යම් ජාතිකත්වයක් ඇති පිරිස් පරෙස්සම් විය යුතුයි. ආණ්ඩුවේ ම ඇතැමුන්ගේ වැඩ නිසා ව්‍යාජ සිංහල නායකත්වයකට මතුවෙන්න පුළුවන්. අප මැණිකේට ඉන්දියාවට අවශ්‍ය නිළමෙ කෙනෙක් හොයා දෙන්න සූදානම් විය යුතු නැහැ.
Bringing Sri Lanka back into India’s fold1



By P.K.Balachandran Courtesy NewsIn.Asia
Colombo, October 1 (newsin.asia): The visit of the Indian Foreign Secretary Harsh Vardhan Shringla to Sri Lanka from October 2 to 5, will be taking place when the bilateral relationship is at the crossroads in a changing geopolitical context.
Though Chinese influence in Sri Lanka is hardly a new worry, the point is that China’s footprint and Beijing’ influence have been growing steadily and in significant ways, outstripping India’s. (See Anita Inder Singh’s article in Jamestown.org (https://jamestown.org/program/chinas-port-investments-in-sri-lanka-reflect-competition-with-india-in-the-indian-ocean/). India’s projects or MoUs for its projects have been languishing. This, despite Colombo’s expressions of appreciation for India’s prompt assistance to meet marine disasters, the prompt supply of COVID vaccines in the first phase of the pandemic, and its efforts to foster Buddhist links between the two countries.
In 2017, India and Sri Lanka had signed MoUs for projects covering a wide range, but none of them has been implemented, raising serious concerns in New Delhi. The Eastern Container Terminal at Colombo port was to be built by India, but at the last moment, Sri Lanka called it off. An LNG project in Kerawelapitiya and a coal-fired power plant in Sampur also fell by the wayside. Even the US$ 15 million set apart for promoting Buddhist links lies unused.
On the other hand, China has massively invested in ports, roads, railways and other civil works, and is significantly involved in urban private high-rise construction also. According to Anita Inder Singh, in 2019, the value of cumulative Chinese infrastructure investment in Sri Lanka was equivalent to 14% of its GDP. In October 2020, at the height of the pandemic, when President Gotabaya Rajapaksa asked Beijing for a US$ 90 million aid grant for rural development, it was personally delivered by Chinese Communist Party Politburo member Yang Jiechi, she notes. To date, China has supplied 26 million doses of Sinopharm vaccines to Sri Lanka, far outstripping the contribution of other countries.
While Sri Lanka has been finding it hard to sell tea to India, China’s Fujian Star China International Trade Company Ltd., has entered into a 15-year MoU to promote Pure Ceylon Tea in the Chinese market and purchase 4 million kg of tea annually.
China and Pak Eye Northern Province
China has also been trying to move into the Tamil-majority Northern Province, which in New Delhi’s view, falls within its sphere of influence geo-strategically. When the Lankan cabinet approved a proposal to let Sinosoar-Etechwin of China install ‘hybrid renewable energy systems’ in Nainativu, Delft or Neduntivu and Analaitivu islands off Jaffna, close to the Indian shore, India objected on security grounds. New Delhi offered Colombo US$ 12 million if the project was re-allocated to India. Colombo stopped the Chinese project alright, but India is still to secure it.
Earlier in April 2018, the China Railway Beijing Engineering Group Co Ltd had won a tender worth more than US$ 300 million to build 40,000 houses in Lanka’s north. However, the then Prime Minister, Ranil Wickremesinghe, cancelled the project in October ahead of his New Delhi visit. Government then said that 28,000 houses worth US$ 210 million would be built in the Tamil areas of the North and East by an Indian firm ND Enterprises jointly with two Sri Lankan firms.
Pakistan too has been making tentative attempts to tap the Northern and Eastern Provinces. The outgoing Pakistan High Commissioner in Sri Lanka, Maj.Gen.(Rtd) Muhammad Saad Khattak had alleged in his farewell statement that he visited these areas despite the opposition of a mutual neighbour.” The North and East have a sizeable Muslim population which Pakistan might want to woo.
In this context, it is significant that Foreign Secretary will be visiting Jaffna and Trincomalee besides Kandy.
China’s military ties with the Sri Lankan government have also grown. China has gifted a frigate to the Sri Lanka navy. It has also undertaken to supply counter-intelligence surveillance technologies in a U$ 14 million deal.
When India’s Foreign Minister S. Jaishankar met his Sri Lankan counterpart G.L.Peiris in New York on the sidelines of the 76th.session of the UN General Assembly, he stressed the need for implementing pending Indian projects on the grounds that doing so would give more confidence to New Delhi to move forward in enhancing relations,” thus subtly making it a condition for better ties.
Given the concerns in New Delhi and pressure from the US (which is eager to involve Sri Lanka in its anti-China Indo-Pacific strategy) ) Colombo has begun making amends. Due to the ongoing economic crisis and also due to pressure from the Western human rights lobby, Sri Lanka is now eager to build bridges with the West. It is trying to live down the accusation that it has become a client state of China.
Western Container Terminal
The pending Western Container Terminal project in Colombo port, earmarked for the Adanis of India, has suddenly seen the light of day. On September 30, the Adanis and Sri Lankan parties signed a 35-year U$ 650 million deal to Build, Own and Transfer (BOT) the West International Terminal (CWIT).
Significantly, the deal was signed two days ahead of the Indian Foreign Secretary’s visit to Sri Lanka.
The CEIT will have a length of 1,400 meters and an alongside depth of 20 meters. It will have an annual handling capacity of 3.2 million TEUs. The current capacity of Colombo port is 7 million TEUs. The Adanis will have 51% stake, Sri Lankan company John Keells will have 34% and the Sri Lanka Ports Authority (SLPA) 15%.
Earlier, India was to build the Eastern Container Terminal in Colombo port. But it was cancelled when Gotabaya Rajapaksa came to power. His government offered India the construction of the Western Container Terminal in lieu of the Eastern Terminal. An utterly disappointed India demurred, but finally accepted the offer, and the Adani group undertook to do the work.
US-Lanka Energy Deal
Apparently to please the US, the Lankan government has, without calling for a tender, entered into a major deal with the US company New Fortress Energy Inc., to build an LNG facility in Kerawelapitiya. The US company will have gas supply rights to the Kerawalapitya Power plant, where a 310 mw of power is operational today and an additional 350 mw is scheduled by 2023. New Fortress will initially provide the equivalent of an estimated 1.2 million gallons of LNG per day. New Fortress will also buy a 40% stake in the West Coast Power plant and build an offshore LNG receiving, storage and regasification terminal.
The Lankan opposition has lashed out at the opaque manner in which the deal was struck. But government has justified the deal on economic grounds while keeping the geopolitical aspect of it under wraps.
Role of Market Forces
Market forces have been a major factor in changing Sri Lanka’s policy. While China buys little from Sri Lanka, the US and EU are Sri Lanka’s biggest markets. India is also a big market – bigger than China at any rate. If Sri Lanka is to come out of its present dollar shortage, it has to export, but its markets are in the West (and India) and not in China. The EU has to be placated because it can deny Sri Lanka its GSP Plus duty concession on human rights counts. An EU inspection team is currently in Sri Lanka to assess its performance as per EU’s conditions for the GSP Plus concession. There is anxiety in Sri Lanka about its report as garment exports, running into billions of dollars, will be crippled if the report is adverse and GSP Plus is withdrawn.
Non-Alignment Provides Cover
However, Sri Lanka is not directly saying that it is cozying up to the West or India. It is portraying the change as a re-assertion of its traditional non-aligned policy. Foreign Minister G.L.Peiris has been touting the relevance of non-alignment in his recent speeches.
ගිම්හානයක අවසානය – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා 03.10.21
ගාල්ලේ ගිම්හාන් විමුක්ති මියගිහින්. සකර්බර්ග් මානව හිතවාදී පඬියන් ගිම්හාන්ගේ තාත්තා පතුරු ගහනවා. ඒත් ප්‍රශ්නයේ අගක් මුලක් හොයන්නේ නැහැ. ඔවුන් ද ගිම්හාන්ට මරණය ළඟාකර දුන් අධ්‍යාපනයේ ප්‍රතිඵල.
මේ මරණයෙන් මා බෙහෙවින් කම්පා වුණා. ඒ ගැන ලිවීම පවා මට වේදනාවක්. මාත් පුතෙක්, පියෙක්. ඒ වගේ ම දැන් නම් ගිම්හාන්ටත් වැඩුමල් මුණුබුරකු ඉන්න සීයා කෙනෙක්. ගිම්හාන්ගේ මරණයට අප සියලු දෙනා ම වග කියන්න ඕන. ඔහුගේ තාත්තා මේ විෂම සමාජ ක්‍රමයක අවාසනාවන්ත පුද්ගලයකු පමණයි. මා හිතන්නේ ගිම්හාන්ගේ මරණය ගැන අද වඩාත් ම පසුතැවිලි වන්නේ ඔහුගේ පියා කියා. ඔහු එය කෙසේ දරා ගන්නේ දැයි මට හිතා ගන්න බැහැ. මාත් මගේ පුතාලාට දඬුවම් කර තිබෙනවා. ඒ ඉගෙන ගැනීම සම්බන්ධයෙන් නම් නො වෙයි. එහෙත් ඒ හැම වතාවක ම මා පසුතැවිලි වුණා. දුවට නම් දඬුවම් කෙළේ නැහැ. මගේ පියාත් මට දඬුවම් කර තිබෙනවා. ඒත් ඉගෙනීම සම්බන්ධයෙන් නො වෙයි.
මේ අධ්‍යාපන ක්‍රමය අපට ලබා දුන්නේ ඉංගිරිසින්. එහෙත් ඔවුන්ගේ රටවල මෙවැනි සිද්ධි වාර්තා වන්නේ නැහැ. ඒ ඔවුන් අධ්‍යාපනයක් සකස්කර ගෙන ඇත්තේ ඔවුන්ගේ ම වූ ආර්ථික හා සමාජයීය ක්‍රමයක වීමයි. ඔවුන්ගේ රටවල අධ්‍යාපනය කියන්නේ ගොඩ එන මාර්ගයක් නො වෙයි. ඒ රටවලත් අධ්‍යාපනය ගැන වෙහෙසෙන්නේ ආසියාතික රටවලින් සංක්‍රමණය වූ දෙමවුපියන්. අපට ඇත්තේ අප මත පැටවූ අධ්‍යාපනයක්.
අපට දී ඇති එහෙමත් නැත්නම් අප අනුකාරික ව ලබා ගෙන ඇති අධ්‍යාපන ක්‍රමය රැකියාව හා සම්බන්ධයි. බටහිර රටවලත් අධ්‍යාපනය බොහෝ දුරට රැකියාව මුල් කරගත් එකක්. එහෙත් ඔවුන් හා අප අතර වෙනසක් තියෙනවා. අප රැකියා කරන්නේ ගොඩ ඒමට. සමාජයේ ඉහළට යෑමට. හොඳ රැකියාවකට තම දරුවන් යැවීම (දා ගැනීම) දෙමවුපියන්ගේ බලාපොරොත්තුවයි.
මේ ප්‍රශ්නය අප කාටත් පොදුයි. මා අපේ පවුලේ වැඩුමලා. සිංහල ව්‍යවහාරය අනුව ලොක්කා. අපේ දෙමවුපියන්ට අවශ්‍ය වූයේ ලොක්කාට හොඳ සමාජ තත්වයක් ලබා දීමට. මා බටහිර වෙද මහතකු වනු දැකීමට. ඔවුන් බටහිර විද්‍යාව ගැන මළපොතේ අකුරක්වත් දත් අය නො වෙයි. ඔවුන් සාමාන්‍ය සිංහල ගුරුවරුන්. ඔවුන්ට ඕනෑ කෙළේ මට ඔවුන්ට වඩා ඉහළ සමාජ තත්වයක් ලබා දීමට. එහෙත් එය එසේ සිදු වූයේ නැහැ. තාත්තා මිය ගියේ මගේ රැකියා විරහිත කාලයක දී.
බටහිර විද්‍යාව නොදැන හිටියත් මගේ දෙමවුපියන්ට අවශ්‍ය වූයේ මා විද්‍යා අධ්‍යාපනයක් ලබනු දැකීමට. ඔවුන්ට ඒ ගැන වරදක් කියන්න බැහැ. ඒ සමාජය ඇති කර තිබූ ආකල්ප. ඒත් මට ජීවවිද්‍යා විෂය අප්‍රිය වුණා. එබැවින් මා ඔවුන්ගෙන් අවසර ගත්තා ගණිත භෞතීය විද්‍යා හැදෑරීමට. ඔවුන් අවසානයේ දී එයට එකඟ වූයේ මා ඉංජිනේරුවකු වේය යන බලාපොරොත්තුවෙන්.
එකල විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට ඉල්ලුම් පත් යවන විට තමන් ඇතුලු වීමට බලාපොරොත්තුවන පීඨය සඳහන් කළ යුතුව තිබුණා. මා සඳහන් කෙළේ ඉංජිනේරු පීඨය නොව විද්‍යා පීඨයයි. ඒ එකල මට විද්‍යාඥයකු වීමට අවශ්‍ය වූ නිසා. මා තරමක හිතුවක්කාරයෙක්. ඉල්ලුම් පත් දැමීමෙන් පසුවයි මා දෙමවුපියන්ට මගේ කතාව කිවුවේ. එහෙත් විද්‍යාඥයකු වීමේ කතාව කිවුවේ නැහැ. විද්‍යාඥයකු යනු කවුදැයි ඔවුන් දැන සිටියේ නැහැ. ඒ ගැන පුදුම වෙන්න දේකුත් නහැ. අදත් මෙරට බොහෝ දෙනකු විද්‍යාඥයකු යනු කවුදැයි දන්නේ නැහැ. ලංකාවේ විශ්වවිද්‍යාලවල විද්‍යාඥයන් නැති බව නම් මා දන්නවා.
මා ඉංජිනේරුවකු වීමට අදහස් නොකරන බව දැනගත් තාත්තා කම්පා වුණා. එකල මට වයස අවුරුදු දහඅටක් පමණ. නාහෙට අහන්න නැති වයස. දැන් හැත්තැහතක් වෙනවා. ඒත් තාමත් එහෙමමයි. තාත්තා අවසාන වශයෙන් කිවුවේ එහෙනම් සිවිල් සේවකයකු (civil servant) වන්න කියා. එකල සිවිල් සේවයට අවුරුද්දකට උපරිම වශයෙන් හයදෙනකු පමණයි බඳවා ගත්තේ. සිවිල් සේවකයන්ට සමාජයේ වැදගත් තැනක් හිමිවුණා. ඔවුන් පරිපාලන සේවයේ ඉහළ ම අය.
මා උපාධිය ලබන විට ලංකා සිවිල් සේවය නැති කර ලංකා පරිපාලන සේවය ඇති කර තිබුණා. එය මගේ වාසියට හිටියා. තාත්තා ඉවෙන් මෙන් දැනගන්න ඇති පරිපාලන සේවයට සිවිල් සේවයට තිබූ තැන සමාජ තත්වය නැතිවන බව. කථිකාචාර්යවරයකුට පරිපාලන නිලධාරියකුට වඩා සමාජ තත්වයක් ඇතැයි ඔහු සිතන්න ඇති. එබැවින් ඒ අවුරුද්දේ ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය දිනා ගත් මට විද්‍යාඥයකු (කථිකාචාර්යවරයකු) වීමට එංගලන්තයට යෑම ප්‍රශ්නයක් වුණේ නැහැ.
පොඩි කොස්සකට තිබුණේ දෙමවුපියන්ට මා කේම්බ්‍රිජ් යැවීමට තිබූ ආශාවයි. එය මා හිතන්නේ අපේ විදුහල්පතිතුමාගේත් (එකල ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස සේවය කළා) කැමැත්ත වුණා. සාම්ප්‍රදායික කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය කියා සිටියේ මා 1969 අධ්‍යයන වර්ෂය් මුල, ඔක්තෝබරයේ පැමිණිය යුතු ය කියා. සසෙක්ස් විශ්වවිද්‍යාලය මට ඒ අවුරුද්දේ ජනවාරියේ ම ඇතුල් වීමට අවසර දුන්නා. එමෙන් ම මට මහාචාර්ය මැක්‍රේ යටතේ විශ්වවේදය (Cosmology) හැදෑරීමටත් අවස්ථාව ලබා දුන්නා. සසෙක්ස් ගිය මට විද්‍යාඥයකු වීමට නොහැකි බව තේරුණා. මා ආපසු ආවා. දෙමවුපියන්ට එය නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. විද්‍යාඥයකු යනු කවුදැයි ඔවුන් නොදැන සිටි නිසා. මා කථිකාචාර්යවරයකු වීම ඔවුන්ට ප්‍රමාණවත් වුණා.
මා මේ පෞද්ගලික කතාව කිවුවේ දෙමවුපියන්ගේ බලාපොරොත්තු ගැන සඳහන් කිරීමටයි. දෙමවුපියන්ට අවශ්‍ය තම දරුවන්ට තමන්ට නැති සමාජ තත්වයක් ලබා දීමට. විවාහයේදීත් බලපාන්නේ ඒ කරුණයි. අප ඉගෙන ගන්නේ ගොඩ ඒමට. ගොඩ ඒම තත්වය උසස්වීම ආදිය සමාජ ආකල්ප. මේ ආකල්ප වෙනස් කරන එක ලෙහෙසි නැහැ.
අප සමාජයේ ඇත්තේ අනිශ්චයභාවයක්. එය ක්වොන්ටම් භෞතිකයේ හයිසන්බර්ග් අනිශ්චතාවට වඩා භයානකයි. හයිසන්බර්ග්ට අනුව මිණුමකින් පසු මොකක් හරි අවස්ථාවක් ලැබෙන්න ඕන. දරුවන්ගේ අනාගතය අවිනිශ්චිතයි. දරුවන්ට අධ්‍යාපනයෙන් පසු කිසිම අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. දරුවන් ප්‍රභූ පාසල්වලට යවන්නේත් ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ විභාගයක් වී ඇත්තේත් මේ අවිනිශ්චතාව නිසයි. බොහෝ අය පදිංචියට පිටරට යන්නේත් මෙරට දරුවන්ගේ අනාගතය අවිනිශ්චිත නිසා. එහි බොහෝ විට හොඳ ම පාසල ළඟ ම පාසල. හොඳ පාසල් ඇති අධ්‍යාපන දිස්ත්‍රික්ක නැතුවා ම නො වෙයි. එහෙත් ඒ එතරම් වැදගත් නැහැ. .
අද ඒ මදිවාට සකර්බර්ග් ඇවිත්. ඇතැම් දරුවන් සාමාන්‍යයෙන් කැමති පාඩම් කිරීමට වඩා වෙන දේට. සකර්බර්ග් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දී තියෙනවා. බටහිර රටවල එය විශාල ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් ලංකාවේ සිසුන් පාඩම් නොකර සකර්බර්ග් එක්ක හිටියොත් ගොඩ එන්න බැහැ. කොවිඩ් හා වත්මන් ගුරුබොරුවන් තම වර්ජන මගින් තත්වය තවත් අවුල් කරලා. ගුරුබොරුවන් කොවිඩ් එනකන් හිටියා ඉල්ලීම් දිනා ගන්න. ඔවුන් ගුරුවරුන් නම් නො වෙයි.
මේ තත්වය, ආකල්ප වෙනස්කරන එක ලෙහෙසි නැහැ. මා අර පද්ධති වෙනස් කරන්න (සිස්ටම් චේන්ජ්) බලාපොරොත්තු වන ව්‍යාජ විප්ලවවාදියකු නොවෙයි. මූලික වශයෙන් වැටුප් පරතර අඩු කරන්න ඕන. බටහිර වෙද මහතුනට සමාන පහසුකම් හා පිළිගැනීම් පාරම්පරික හා වෙනත් වෙද මහතුනට දෙන්න ඕන. එවැනි වෙනස්කම් අනෙක් ක්‍ෂෙත්‍රවලත් සිදු කරන්න ඕන. මෙරට බටහිර දැනුම සම්බන්ධයෙන් ප්‍රාමාණික උගතුන් නැති බව මාධ්‍යවේදීන් හා අනෙක් අය දැන ගන්න ඕන. රජයේ හරි පෞද්ගලික ආයතනයක හරි මාසික වැටුපක් ලබා දෙන රැකියාවක් කිරීම වෙනුවට ස්වාධීන ව කටයුතු කරන්නට පෙළඹෙන අයට අත හිත දෙන්න ඕන. මෙහි දී අත වගේ ම හිතත් වැදගත්.
අධ්‍යාපනය නිර්මාණශීලිත්වය පැත්තට යොමු කරන්න ඕන. අද ඇවිදින දත්ත ගබඩා අවශ්‍ය නැහෑ. දත්ත හා තොරතුරු අධ්‍යාපනය වෙනුවට හිතන්න පුරුදු කරන අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන. සිසුන්ට ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න ඕන. පුරුදු කරන්න ඕන. අවුරුදු එක්දහස් පන්සීයකට අප හරි හමන් ප්‍රශ්න අහල නැහැ. අද අප ප්‍රශ්න අහනව කියල කරන්නෙත් බටහිර ඉංගිරිසියෙන් අහන ප්‍රශ්න අපට තේරෙන විධියට සිංහලෙන් ඇසීම.
ගිම්හාන්ගෙ මරණයට අප සියල්ලන් ම වග කියන්න ඕන. මේ කසිකබල් අධ්‍යාපන ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑම රටේ ම ගිම්හානය නැති කිරීමක්. අප අවුරුද්ද පුරා ගිම්හානය තියෙන රටක උපන් අය. ඒත් අප කටයුතු කරන්නේ සියලු ගිම්හාන නැති කර ගැනීමට

චීන පොහොර හා අපේ නොවන අපේ ම විද්‍යාඥයෝ – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා
මට නම් හිතෙන්නෙ අද රට ඉතා හොඳ තැනකට ඇවිත් කියා. මේ වාක්‍යය කියවපු ගමන් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කුලප්පු වෙනවා. ඔන්න ආණ්ඩුවට කහින වැඩේ දිගට ම කරන් යනවා, තව තානාපති කමක් හරි වෙනත් තනතුරක් හරිි ගන්න තමයි ඔය ලියන්නෙ ආදී වශයෙන් කියාවි ලියාවි. එය මට කිසිසේත් ම ප්‍රශ්නයක් නො වෙයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කියන කිසිවක් මා සත පහකට ගණන් ගන්නෙ නැහැ. කොවිඩ් 19 හැදෙන්න ඉස්සර පොඩි කාලෙ ඉඳල ම මට කැස්සක් තියෙනවා. (කොවිඩ් කියන එක බටහිරයන් හා ඔවුන්ගේ මෙරට ප්‍රබුද්ධ අනුකාරකයන් උච්චාරණය කරන්නෙ කෝවිඩ් කියල. ඒ ඇයි ද කියල දන්න කෙනෙක් කියනවා ද? )
අද රට අවුල් වෙලා. ඊනියා බුද්ධිමතුන් එක එක කතා කියනවා. ඔවුන්ට ම තේරුමක් නැහැ ඔවුන් කියන්නෙ මොකක් ද කියන එක ගැන. මා රට ඉතා හොඳ තැනකට ඇවිත් කියන්නෙ මේ අවුල නිසා. මේ ඊනියා බුද්ධිමතුන් අද මොන විධියකට හරි දේශප්‍රේමීන් වෙලා. ඔවුන් රටේ ස්වෛරීභාවය ගැන කතා කරනවා. මොන තරම් දෙයක් ද? කාදිනල්තුමාත් ඇල්ලෙ හාමුදුරුවොත් එක තැනකට ඇවිත්/වැඩලා. මා කියන්නෙ අධිකරණයට යෑම/වැඩීම ගැන ම නො වෙයි. මා හිතන්නෙ මෙරට ඊනියා බුද්ධිමතුන්ගෙ අවුල සකර්බර්ග් මගිනුත් දැන ගන්න පුළුවන්. අපට මේ අවුල අස්සෙන් ගොඩ එන්න පුළුවන්.
අවුල සඳහා උදාහරණයක් ලෙස පොහොර ගනිමු. ඉනුත් චීන පොහොර නැව ගනිමු. චීන පොහොරවල රටට අහිතකර බැක්ටීරියා තියෙනව කියනවා. ඒ මෙරට පර්යේෂණාගාරවල කරන ලද පරීක්‍ෂණවලින් පසු. චීනය කියනවා එහෙම බැක්ටීරියා නැහැ කියල. මේ සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 10 හා 11 දිනවල මා ලිපි ලියා තියෙනවා.
අද මෙරට ජනමාධ්‍යවේදීන් ඇතුළු ඊනියා බුද්ධිමතුන් චීනයට විරුද්ධයි. චීනයෙ Qingdao Seawin Biotech Group Co. Ltd සමාගම ලිපියක් එවලා. ඔවුන් තමන්ගේ කතාව කියනවා. ඔවුන් කියන්නේ ඔය කියන අහිතකර බැක්ටීරියා තම පොහොරෙහි නැති බවයි. පෙනී යන අන්දමට ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා තුන්වැනි පාර්ශ්වයක් මගින් පොහොර නියැදි පරීක්‍ෂා කරවන්න. ඊනියා බුද්ධිමතුන් එයට විරුද්ධයි. අපේ විිද්‍යාඥයන් දෙවතාවක් ම චීන පොහොරෙහි අහිතකර බැක්ටීරියා තියෙන බව කියද්දි අපි චීන සමාගමකට ඇහුම්කන් දෙන්නෙ ඇයි කියා ඔවුන් අහනවා. අපේ ස්වෛරීභාවයට මොකද වෙන්නෙ කියලත් ඔවුන් අහනවා. පඬියන් එසේ අසද්දී පඬි නැට්ටන් අහනව අපට චීන අශූචි කවන්න හදනවා ද කියල. කලක් චීන ලයින් දේශපාලනයක් කළ අයත් අද චීනයට විරුද්ධයි. චීනය කොහොමත් සමාජවාදී නොවන නිසා ඔවුන්ට ඊනියා නිර්ධන පංති ලංකා ලයින් හොඳ ඇති.
අපි දැන් චීන විරෝධියි. ඉන්දීය විරෝධියි. අපි දේශප්‍රේමින්. ඉතා හොඳයි. අපි දැන් ගෞතම්ල දෙන්නෙක් ගැන දන්නවා. එක් කෙනෙක් ගෞතම බුදුහාමුදුරුවො. ගෞතම් සිංහලට ගෞතම නැත්නම් ගෝතම වෙනවා. අනෙක් ගෞතම් තමයි අදානි. ඔහු පෞද්ගලික සංචාරයකට ලංකාවට ඇවිල්ල. ගෞතම බුදුහාමුදුරුවන් නම් ලංකාවට තුන්වරක් වැඩම කරල තියෙන්නෙ පෞද්ගලික සංචාරවලට නො වෙයි. ඒ කොහොම වෙතත් මෙරට තියෙන ප්‍රධාන ම ප්‍රශ්නය තමයි අපට අදානි ගණයේ ධන කුවේරයන් (පඬියන් කියයි හොරකම් කළ ධනය කියා) නැති වීමත් බෝධිලා හා බුද්ධිලා හිටියත් ඉහළ මට්ටමේ බුද්ධිමතුන් නැති වීමත්. බුදුහාමුදුරුවන් බුද්ධිමතකු නො වෙයි. උන්වහන්සේට බුද්ධිමතකු කියා නින්දා කිරීමට මා කැමති නැහැ.
ඒ කොහොම වුණත් බුදුහාමුදුරුවන් දෙසූ දහම මෙරට සංස්කෘතියට හොඳින් ගැලපුණා. මා නොවන මම ගැන මගේ නොවන මගේ ම ආදරයක් ගැන අපට කියන්න පුළුවන්. අපට යනඑන ගමන් ගෙවල්වලට ගොඩ වෙන්න පුළුවන්. නිදානොනිදා, ගුණාගුණ, ගණුදෙනු අපට පුරුදුයි. ටිකක් දුර ගියා ම පවතින හා නොපවතින ලෝකයක් ගැනත් කියන්න පුළුවන්. ඒ ගෞතම බුදුහාමුදුරුවන් හා අප අතර තියෙන සම්බන්ධය. න ච සො න ච අඤේඤො. මගේ මිතුරකු වූ ද රාජකීය විදුහලේ හිටපු ගුරුවරයකු වූ ද මාල් විජයරත්න තම චරිතාපදාන නවකතාව නම් කර ඇත්තේ එසේයි. ඔහු එකඟ වුණත් නැතත් ඒ අපේ සංස්කෘතියෙන් ලැබෙන කියුමක්. තමාත් නො වෙයි අන් අයකුත් නො වෙයි. බටහිරයන් හිතුවට ලෝකය ද්වෛතවලින් (dualities) නිර්මාණය කර ගන්න බැහැ.
එහෙත් බෝධිලාගේ හා බුද්ධිලාගේ බටහිර විද්‍යාව හා අප අතර එවැනි සම්බන්ධයක් තියෙනවා ද? අප තෝරා ගන්නේ විශ්වවේදයේ (cosmology) කියැවෙන මහා පිපුරුම (big bang) ද අග්ගඤ්ඤ සුත්‍රය ද? විද්‍යාඥයකු නොවූ මා නම් එක පයින් පිළිගන්නේ අග්ගඤ්ඤ සූත්‍රය. එක් බෝධි කෙනකු කියා තිබුණේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට වැඩ බැරි මා ඉක්මණින් යැවීමට තිබූ වුවමනාව නිසා අවුරුදු එකහමාරක දී විශ්වවේදයෙන් ආචාර්ය උපාධියක් දී මා පිටත්කර එවූ බවයි. විදුසර කතෘ ඒ බෝධිගේ ඒ ලිපිය පළ කෙළේ ඉරිදා දිවයිනට හතලිස් ඇඳිරිය ඇති වීමටත් පෙර.
අපට අපේ විද්‍යාඥයන් ඉන්නවා ද? අපට බටහිර විද්‍යාව මෙරට සංස්කෘතියට අවශෝෂණය කර ගන්න පුළුවන් වුණා ද? අප බටහිර විද්‍යාව අනුකරණය කරනවා පමණයි. ඊනියා බුද්ධිමතුන් කියන විධියට අප චීන සමාගමේ කතාවට නොව අපේ විද්‍යාඥයන්ගේ කතාවට සවන් දෙන්න ඕන. අපේ ස්වෛරීභාවය රැක ගන්න ඕන. ඒත් මට තියෙන ප්‍රශ්නය අපේ කියන විිද්‍යාඥයන් අපේ ද කියන එක. 1963 සිට මා ඔවුන් ගැන දන්නවා. 1970න් පමණ පසුව ඇතැමුන් ළඟින් ඇසුරු කර තියෙනවා. මා දන්නවා ඔවුන් හුදු අනුකාරකයන් පමණක් බව. ඔවුන් රකින ස්වෛරිභාවය කුමක් ද?
චීන පොහොර ගැන චීන සමාගම කතා කරන්නෙත් බටහිර විද්‍යාව ඇසුරෙන්. අපේ නොවන අපේ ම විද්‍යාඥයන් කතා කරන්නෙත් බටහිර විද්‍යාව ඇසුරෙන්. බටහිර විද්‍යාව ඇසුරෙන් තමයි අපේ ඊනියා ස්වෛරීභාවය තීරණය කරන්න කියන්නෙත්. අපි ඉක්මණින් අපේ අදානිලා හා අපේ බුද්ධිමතුන් බිහි කර ගැනීමට උත්සාහ කරමු. තවමත් දවල් හීන දකින පඬි නැට්ටන් කියාවි එය ධනවාදී කියමනක් කියා.
මා ඔක්තෝම්බර් 11 වැනි දා ලිපියේ මෙහෙම කිවුවා. “චීන ප්‍රකාශය මෙන් ම මෙරට විශ්වවිද්‍යාලවල හා ඊනියා පර්යේෂණ ආයතනවල උගතුන්ගේ ප්‍රකාශත් දේශපාලනිකයි. බටහිර විද්‍යාව දේශපාලනික බව පොහොර කතාවෙන් වුණත් පැහැදිලි වෙනවා. චීනයත් අපේ උගතුනුත් තම තම මත විද්‍යාත්මක බව කියනවා. බටහිර විද්‍යාවේ ඒ චින්තනයේ බිහිවන විවිධ මත ගැලීලියෝගේ නිවුටන්ගේ කාලයේ ඉඳල ම තියෙනවා. ගණිතය සම්බන්ධයෙනුත් එසේමයි. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය තමන්ට අවශ්‍ය මතය පමණක් ලෝකයට කියනවා. මෙරට ඊනියා උගතුන් තමන් ඉගෙන ඇති උගන්වන බටහිර ක්‍රිස්තියානි නූතනත්ව මතය අපට කියනවා. ජනමාධ්‍යකරුවන් පඬියන් වී ඒ මතවලට ප්‍රචාරය දෙනවා. අප අහගෙන ඉන්නවා. දැන් චීනය වෙනත් මතයක් කියනවා. අවසන් තීරණය ගැනෙන්නේ දේශපාලන මණ්ඩලවල.









