ඌරන් මරාකමින් සීලවතී ඇමතීම
සිසිල් බී ද මෙල් නමැති යුදෙව් ඇමරිකානුවා නිපදවූ (1956) ‘ද ටෙන් කොමාන්ඩ්මන්ට්ස්’ ලෝකයේ බෙහෙවින් ජනප්‍රිය වූ හොලිවුඩ් චිත්‍රපටියකි. මෙය ‘දස පනත’ යනුවෙන් සිංහලට පරිවර්තනය වී ඇති නමුදු ‘කොමාන්ඩ්ස්’ යනු ‘ආඥා’ මිස පනත් නොවේ. අණදීම හමුදාවන්හි සිදුවන ක්‍රියාවකි. හමුදාවන්හි අණදෙන්නෝ ‘කොමාන්ඩර්වරු’ වෙති. ඇමරිකාවේ උපත ලැබූ ‘ගැලවීමේ හමුදාවේ’ත් කොමාන්ඩර්වරු සිටිති. පරණ බයිබලයේ සඳහන් කතාවට අනුව, ඊජිප්තුවෙන් ඊශ්‍රායල් වහලුන් පිටකරගත් මෝසස් පූජකයෙකු නොවේ. පාරාවෝ රජ ගෙදර හැදුන වැඩුන, ඊශ්‍රායල් ජාතික ‘කොමාන්ඩර්වරයෙකි’. ඔහු තරම් ප්‍රබල කොමාන්ඩර්වරයෙකු ගැන අපි නොදනිමු. යුරෝපීය ඉතිහාසකරුවන්ගේ මහත් ඇගයීමට ලක්වූ, මහා ඇලෙක්සැන්දර් සමග මෝසස් සංසන්දය කිරීම මේ කාරණය තේරුම් ගැනීමට මගකි. දැවැන්ත අශ්වාහරෝහක හමුදාවක් මෙහෙයවමින් ඉන්දු නදී ප්‍රදේශය ආක්‍රමණය කළ මෙම මැසිඩෝනියානු ග්‍රීක සෙනවියාට දිගු කලක් සිය හමුදාව මෙහෙයවීමට නොහැකිවිය. දෙවසරක් ගෙවීමට පෙර හමුදා සේනංක කිහිපයක්ම ආපසු ගම් රටවලට යා යුතු බව කියමින් කැරලි ගැසීමට සූදානම් වූහ. ගෝඨාභය රාජපක්ෂ රටේ අති විශාල ජන වරමකින් ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූ, කලක් යුද හමුදාවේ සේවය කළ නායකයෙකි. ඔහු යුද සේනාංකයක් පාලනය කරන ආකාරයෙන් රට පාලනය කරනු ඇතැයි බටහිර රටවල් මෙන්ම දෙමළ ඩයස්පෝරාවද සිතුහ. ඔවුන් සූදානම්ව සිටියේ ගෝඨාභය ආඥාදායකයෙකු යැයි ජාත්‍යන්තරයට කීමටය. ගෝඨාභය ජනාධිපතිවරයා ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි ආකාරයෙන් රට පාලනය නොකළේය. එවිට විරුද්ධ පාක්ෂිකයෝ, ජනාධිපතිවරයා හමුදා නිලධාරියෙකුගේ තත්වයට පත්කිරීමට උපක්‍රම භාවිත කරන්ට වූහ. ගුරු උද්ඝෝෂණ ඇතුළු උද්ඝෝෂණ බොහෝමයක් මෙහෙයවූන්ගේ යටි අරමුණ, ජනාධිපතිවරයා කුපිත කිරීමයි.
සජබ නායක සජිත් ප්‍රේමදාසගේ පියා ආර්. ප්‍රේමදාස රට පාලනය කරන සමයේ රටේ පැවති නිදහස ගැන නොදන්නා සහ අමතකකෙරුවෝ සිටිති. ඒ කාලයේ ප්‍රේමදාස පාලනයට අකමැතිවූ බොහෝ සිංහල බෞද්ධයෝ ටයර් මත පිලිස්සී මිය ගියහ. ඒ කාලයේ පැතිරුන, ‘ටයර් සෑය’, ‘ධර්මචක්‍රයේ දැමීම’ වැනි කතා පවා සිංහල බෞද්ධ විරෝධි නිෂ්පාදනයන්ය. මෝසස් අවුරුදු හතළිහක් තිස්සේ ඊශ්‍රායල් සේනාවට අණ දුන්නේය. මේ මුළු කාලයම කාන්තාරයේ සිටි ඊශ්‍රායල් වහල්ලු අප්‍රමාණ දුක් පීඩා ලැබූහ. රශ්නය, ශීතල, ආහාර සහ ජලය හිඟකම ඔවුන් දුකට පත්කළ කාරණා කිහිපයකි. මේ දුකින් කොතරම් පිරිසක් මියගියේ දැයි ‘ටෙන් කොමාන්ඩ්මන්ට්ස්’ චිත්‍රපටයේ සඳහන් නොවේ. රටින් පිට වන විට අවුරුදු පනහ ඉක්මවා සිටි කිසිවෙකු ගමන නිම වන විට ජීවත්වන්නට ඇතැයි සිතීමට නොහැකිය. ඊශ්‍රායල් වහලුන්, ‘දෙවියන් දෙන බව කී කිරියෙන් පැණියෙන් ඉතිරෙන දේශය’ ගැන මෝසස්ගෙන් ප්‍රශ්න කළ බවට නම් සාක්ෂ්‍ය තිබේ. තමා කෙරෙහි පවතින ජනතා විශ්වාසය පලුදුවීගෙන එන බව අවබෝධ කරගත් මෝසස්, දෙවියන් හමුවීමට කන්දකට නැග්ගේය. පෙරළා පැමිණි හෙතෙම, පොරොන්දු දේශය ලබාගන්නට නම් අඥා දහයක් පිළිපැදිය යුතු යැයි දෙවියන් කී බව’ වහලුන්ට කීවේය. ‘ටෙන් කොමාන්ඩ්මන්ටස්’ යනු ඒ ආඥා දහයයි. ‘හැම ආගමක්ම එක සමානය’ යන්න අමු පචයකි. බුද්ධාගම, යුදාගම හා සමාන නැත. දස පනතේ ’කාමමිථ්‍යාචාරය නොකරව’ යි යන්න ආඥාවකි. ඒ ආඥාව කඩන්නෝ දඬුවම් ලබති. ස්ත්‍රීන් ගල් ගසා මරා දැමේ. ‘කාමේසුමිච්චාචාරා වේරමණි සික්ඛාපදං සමාදියාමි’ සිල් පදයක් විනා ආඥාවක් නොවේ. මිසරයේ සිට කානානයට ඇත්තේ කි.මී. 850 තරම් දුරකි. එකල තවලමකට මෙය ලොකු දුරක් නොවේ. මෝසස්ට වහල් සේනාව ඒ අසලට ගෙනයාමට අවුරුදු හතළිහක් ගතවිය. මේ තොරතුරු අල්ලාගෙන ‘මෝසස් හොඳ කොමන්ඩර්වරයෙක’ නොවේ යැ’යි කී කෙනෙක් නැත. දෙවියන් වහන්සේ මෝසස්ට වැඩිය දක්ෂ කොමාන්ඩර්වරයෙකු තෝරා නොගත්තේ මන්දැයි අසන්නා උම්මන්තයෙකු බවට පත්කිරීමට යුදෙව් ක්‍රිස්තියානි මාධ්‍යකරුවන්ට පුළුවන. බෞද්ධ පාලන සම්ප්‍රදායයන් චොප්පකර වෙනත් ආගම් සහ නීති බලවත් වී ඇති ලංකාවේ එක නීතියක් පිහිටුවීම අතිශයින් දුෂ්කර ක්‍රියාවකි. එවැනි කටයුත්තකට තොරතුරු සෙවීමට පත්කරන ජනාධිපතිවරයා කොමිසමක නායකත්වයට පත්කිරීමට දැනුම මෙන්ම දැඩි ආත්ම ශක්තියක් ඇති බෞද්ධ නායකයෙකු පත්කිරීම අවශ්‍යම කටයුත්තකි. ඒ සුදුසුකම් ඇති භික්ෂූන් අතරින් ඉදිරියෙන්ම සිටින්නට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමත්ව ඇති බව ඉතිහාසය විමසන විට පැහැදිලි වේ. ඌරු පැටියෙකු ගෙනවිත් වැසිකිලිය අසල බැඳගෙන ඌට ඉඳුල් කන්නට දෙමින් හදා ලොකු කර නත්තලට මරා මස්කරන්නන්, ‘සීලවතී සිල් අරගෙන මකුණො මරනවෝ’ බයිලය කියමින් සිංහල බෞද්ධයින්ට ගරහන හැටි ‘අල්ලාහු අක්බර්’ ග්‍රන්ථයේ විස්තර කෙරේ. ඥානසාර හිමියන්ට අපහාස කරන බොහෝ දෙනකු සමාන වන්නේත් ඌරන් මරාගෙන කමින් සීලවතීට ඔම්පා කරන පිරිසටය.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක
