පෙරදිග ඉස්‌ලාම් ආධිපත්‍යයට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය

චාමින්ද සෙනෙවිරත්න



මහත් වූ උත්සව විලාශයෙන් ගාමා ඇතුළු නාවික පිරිස පෘතුගාල රජතුමා විසින් පිළිගන්නා ලද අතර ගාමාට ‘දොන්’ යන ගෞරව නාමය ප්‍රදානය කොට වාර්ෂික විශ්‍රාම වැටුපක්‌ ද ඉඩකඩම් ද ලබාදී තිබේ.

ලෝක ඉතිහාසය කණපිට පෙරළුE වස්‌කෝද ගාමාගේ භූමිකාව
මෙම ලිපියෙහි මුල්කොටස පසුගිය සතියේ පලවිය

මහත් වූ උත්සව විලාශයෙන් ගාමා ඇතුළු නාවික පිරිස පෘතුගාල රජතුමා විසින් පිළිගන්නා ලද අතර ගාමාට ‘දොන්’ යන ගෞරව නාමය ප්‍රදානය කොට වාර්ෂික විශ්‍රාම වැටුපක්‌ ද ඉඩකඩම් ද ලබාදී තිබේ.

ඉන්දීය ඉතිහාසඥ කේ. එම්. පනික්‌කාර් පෙන්වා දෙන අන්දමට වස්‌කෝද ගාමා කැලිකට්‌ නගරයට පැමිණීමත් සමඟ ආසියාවේ ආරම්භ වන යුරෝපා ආධිපත්‍යය අවසන් වන්නේ වසර 450 කින් පසුව 1947 වසරේ ඉන්දියාවෙන් බ්‍රිතාන්‍ය යුද හමුදා ඉවත්වීමෙන් සහ 1944 වසරේ චීනයෙන් යුරෝපීය නාවික හමුදාවන් ඉවත්ව යැමෙන් පසුවය.

Continue reading “පෙරදිග ඉස්‌ලාම් ආධිපත්‍යයට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය”

හයිටිය උන දේ අපට සිදුවීමට නියමිතයි .

රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම් ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර සෞඛ්‍ය සම්පන්න ව විසූවෝ වූහ. ආරෝහ පරිණාහ දේහ ලක්‌ෂණයන්ගෙන් ද පුෂ්ටිමත් හස්‌තපාදාදියෙන් ද යුත් ඔවුහු සතුට නඩත්තු කළ ජාතියක්‌ වූහ.

මේ රට කොල්ලකෑමට මාන බැලූ ධනවත් රටවල් පළමුවෙන් ම කළේ හයිටිය අත්පත් කර ගැනීමට පිඹුරුපත් සැකසීම ය. හයිටි නම් වූ මෙම කුඩා රාජ්‍යයට මෙපමණට ම කෑදරකම් කිරීමට හේතුව හයිටි භූමියේ පස්‌වල ටයිටේනියම් නැමැති වටිනා ලෝහය තිබීම ය.

ගුවන්යානා තැනීම වැනි කාර්යයන් සඳහා හයිටි පසේ පිහිටි එම ලෝහය ඉතා වටිනා බව ඔවුහු දැන සිටිය හ. දේශපාලනික වශයෙන් හයිටිය තමන්ගේ යටත් රාජ්‍යයක්‌ කර ගැනීමට ධනවත් රාජ්‍යන් දැරූ වෑයම හයිටියේ දේශප්‍රේමී ආණ්‌ඩුව විසින් පරාජය කරනු ලැබිණි. බල ලෝභීන්ගේ හා දුෂ්ට බලවත් රාජ්‍යයන්ගේ අත පෙවීමට එරෙහි වූ දේශප්‍රේමී හයිටි නායකයෝ තම රට රැක ගැනීමටත් රටේ ස්‌වාධීනතාවය පවත්වා ගැනීමටත් වෑයම් කළ හ.

Continue reading “හයිටිය උන දේ අපට සිදුවීමට නියමිතයි .”

වීර කැප්පෙටිපොළ දිසාවගේ මී මිනිබිරිය කියන කතාව

වීර කැප්පෙටිපොළ දිසාවගේ මී මිනිබිරිය කියන කතාව.

ඈත අතීතයේ සිට පාවාදීම් නිසා අපිට අහිමි වූ දේ, අතීත සිදුවීම් සහ පරම්පරාවන් පිළිබඳ තොරතුරු සොයා යාමට දැඩි වෙහෙසක් ගත යුතුව ඇත. එක්කෝ එවන් දේ සහ පරම්පරා සමාජයෙන් සැඟවී යාම නිසාය නැතිනම් සැඟව සිටින නිසාය. ඒ නිසා ඉතිහාසය සොයා යාමට දැඩි වෙහෙසක් දැරිය යුතුව ඇත. 
වර්ෂ 1818 සිංහලේ පළමු නිදහස් සටනේ පුරෝගාමියා වූ ඌව වෙල්ලස්ස කැරැල්ලේ නායක වීර කැප්පෙටිපොළ අදිකාරම්ගේ හතර (4) වැනි පරම්පරාවේ වයස්ගතම පුරුක සොයා යාමට ඉරිදා ලංකාදීපයට පසුගියදා හැකියාවක් ලැබිණි. කාන්තාවක වන ඇය මොණරවිල රාජපක්ෂ වික්‍රමසේකර අබේරත්න විජේකෝන් බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාලහාමිලාගේ ලොකු බණ්ඩා කැප්පිටිපොළ මොණරවිල කැප්පෙටිපොළ කුමාරිහාමි නම් වන්නීය. 
1924 නොවැම්බර් මස පළමු වැනිදා (1) මෙලොව එළිය දුටු ඇය මේ වනවිට අනූ පස් (95) වැනි වියෙහි පසු වෙයි. මාතලේ හුලංගමුව, කහද වලව්වේ ඉපදී 1947 දී විවාහයට පත්ව කුරුණෑගල, ඉබ්බාගමුව, තල්ගොඩපිටිය ප්‍රදේශයේ වසර හැත්තෑ එකක (71) කාලයක් පදිංචිව සිටින්නීය. 
හේරත් විජයපාල විජේසුන්දර මුදියන්සේ රාලහාමිලාගේ පුංචි බණ්ඩාර තල්ගොඩපිටිය මහතා සමඟ විවාහ වූ මොනරවිල කැප්පිටිපොළ චන්ද්‍රාවතී කුමාරිහාමි මහත්මිය දරුවන් පස් (5) දෙනකුගේ මවකි. 

Continue reading “වීර කැප්පෙටිපොළ දිසාවගේ මී මිනිබිරිය කියන කතාව”