සිංහල බෞද්ධ ක්‍රමයට අනුව රජු පත් කරගන්නා ආකාරය.


බුද්ධාගම ආරක්ෂා කරගැනීම පිණිස ය කියා වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති මාරු කිරීම හිස රදයට කොට්ටය මාරු කිරීමක් පමණි. බුද්ධාගම ආරක්ෂා කිරීම පිණීස වර්ෂ 2500ක් ම සිංහල රාජධානියෙහි තිබුණු තත්ත්වයේ ආරම්භය මහාවංසයෙහි ද වංසත්තප්පකාසිනී තැමති මහාවංස අටුවාවේ විශේෂයන් ද සඳහන් කොට තිබේ. ඒ අනුව පළමුවෙන් ම කෙරෙන්නේ රජකමට සුදුසු බෞද්ධ කුමාරයකු තෝරා ගැනීමයි. එතුමා ඒ සඳහා විශේෂයෙන් තැන මඩපයක දී මහාසංඝයා ද රට කරවන නිලධාරීන් ද මහජනයා ද ඉදිරිපිට දී ,

“ත්වං රාජධම්මේසු ඨිතෝ ධම්මේන සමේත රජීජං කාරේහි” : කියා ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ සහ සේට්ඨි යන තුන් පිරිස අතිත් අහිශේක ලබයි. මෙහි අර්ථය නම් රාජ ධර්මයෙහි පිහිටා දැහැමින් සෙමෙන් රජකම කරනු යනුය.

අනතුරු ව එතුමා මම දැහැමින් සෙමත් ( ධමේ සමෙන) රජකම් කරමි, නොකළ හොත් මගේ හිස හත් කඩකට පැමයි ශාප කළා සේ පිළිගනී. මේ බව “වංසත්තප්පකාසිතීය” මෙසේ සඳහන් කරයි.

//තේ පන තස්ප සසු ඒවං වදත්තා, සවේ ත්වං අම්හාකං වචනානු රූපේන රජ්ජං කරිස්සසි, සාධු, න ඒවං, තව මුද්ධා සත්තධා ඵලතු ති ඒවං රඤ්ඤෝ අභිසපත්ති වීය දට්ඨබ්භා,// – ( වංසත්තප්පකාසිනි, පි. 306 )

මෙයින් කියවෙන් පත් වෙත පුද්ගලයා බෞද්ධයකු විය යුතුවා පමණක් ම නොව එකී රජ තනතුර ද රාජ සංකල්පය ද බෞද්ධ බවයි. රජ තනතුර බෞද්ධ හෙයුත් ඊට පත්විය හැක බෞද්ධයකුට පමණි. පත් වීමෙන් පසු තනතුර දරන තාක් රජතුමාට බුද්ධාගම අත්හළ නොහැක. ඒ නිසා රජතුමා පල්ලි, මරක්කල පලි සහ කෝවිල් ගානේ ගොස් පුද පුජා පවත්වා යාඥා නොකළ යුතු ය. අළු ගෑම්, පොටු තැබිම්, ඔරසන් ක්‍රීම් ආදිය නොකළ යුතු ය. පංචානන්තරීය නොකළ යුතු ය. පස් පව් නොකොට පංච ශීලයයහි පිහිටිය යුතු ය. රජතුමා ශාසන භාරධාරී වන්නේ එවිට ය. ආඥාවල් කඩ කළහොත් රජකම අහිමි වේ.

යම් හෙයකින් රජතුමා සිංහල බෞද්ධ නීතියට පටහැනිව අධාර්මිෂ්ටව පාලනය කරයිනම් , සිංහල නීතියේ අදමට එතුමා රාජත්වයෙන් ඉවත් කිරීම ඇමති මණ්ඩලය විසින් කළ හැකි ය. ඇමති මණ්ඩලයට රජතුමා ඉවත් කළ හැකි ය. එහෙත් රජතුමාට ඇමති මණ්ඩලය ඉවත් කළ නොහැකි ය. සිංහල නීතීය මෙයයි, මෙය ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම ය.

මෙහි දැහැමින් යනුවෙන් අදහස් වන්නේ බුදු රජාණන් වහන්සේ විසින් සාරතිදද විහාරයේ දී ලිවීඡවී රජදරුවන් අමතා වදාළ දසරාජ ධර්මයයි. සෙමෙන් යනු සමාන ලෙසයි.

තව ද රට ආණ්ඩු කිරීම පිණීස රජුන්ට පුරාණයේ පටන් පන්ගාාඩම් කර තිබෙන හෙවත් අණ කර තිබෙන ආඥාවල් 10කි. ඒවා මෙසේ ය:

1️⃣එයින් පළමු වැනි ආඥාව නම් බුද්ධාගම හැර වෙනත් ආගමක් 
නොගන්නා ආඥාව ය.
2️⃣මව් බිසවුන් වහන්සේ නොමරන දේ වෙනි ආඥාව ය.
3️⃣පිය රජ්ජුරුවන් වහන්සේ නොමරන තුති වෙනි ආඥාව ය.
4️⃣ යහපත් සංඝයා වහන්සේලා නොමරන හතර වෙනි ආඥාව ය.
5️⃣ බුද්ධ ධාතු පිළිම පවතින්නා වේර විහාර බෝධි වෘකය බිඳ
නොමරන පස් වෙනි ආඥාව ය.
6️⃣ප්‍රාණඝාත නොකරන සවෙනි ආඥාව ය..
7️⃣ සොරකම් නොකරන සත් වෙති ආඥාව ය.
8️⃣පරදාර නොකරන අට වෙනි ආඥාව ය.
9️⃣බොරු නොකියන නව වෙනි ආඥාව ය. 
🔟සුරාපාත නොකරන දස වෙනි ආඥාව ය.

මෙසේ ආඥාවල දහයක් රට ආණ්ඩු කිරීමට පළමු වලංගු කරන ලෙස පංගාඩම් කර තිබෙනවාය.

(ලංකාවේ රජ සිරිත හා ලෝක චාරිත්‍ර , අබය ආරයසිංහ, 1985, පි.33)