දරුගැබ විනාශකරන මෙන් පවසමින් විශේෂඥ වෛද්‍යවරයා තරුණ වෛද්‍යවරියට අමානුෂික ලෙස පහර දීලා

තමන් යටතේ සේවය කළ තරුණ වෛද්‍ය වරියක ගැබ්ගෙන සිටින බව ආරංචිවීමෙන් පසු ඇයට දරුගැබ ගබ්සා කරන ලෙස බල කරමින් ඇය එය ප්‍රතික්ශේප කළ විට අමානුෂික ලෙස ඇයට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව පසුගිය දිනෙක වෛද්‍යවරියක විසින් ගාල්ල ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

විශේෂඥ ක්‍රිෂාන්ත පෙරේරා

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ පිළිකා ශෛල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට එරෙහිව මෙලෙස පැමිණිල කර ඇත්තේ එම රෝහලේම සේවය කරන සාගරිකා දිලූෂානි සේනානයක නම් වෛද්‍යවරියයි.

මීට පෙරද වෛද්‍යවරුන්ට පහර දීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති මෙම විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව බලධාරීන් මෙතෙක් කල් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ ලේකම් වෛද්‍ය උභය භණ්ඩාර වරකාගොඩ මහතා පැවැසීය. එමෙනම තව දුරටත් මේ වෛද්‍යවරයාට මෙසේ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට ඉඩ නොතබා නීතියානුකූළව ගත හැකි ක්‍රියාමාර්ග උපරිමෙයෙන් ගන්නා බවත් හෙතෙම අවධාරණය කරයි.

Continue reading “දරුගැබ විනාශකරන මෙන් පවසමින් විශේෂඥ වෛද්‍යවරයා තරුණ වෛද්‍යවරියට අමානුෂික ලෙස පහර දීලා”